සමහර
අවැදගත් දේවල් වුණත් එදා වගේම අදත්, මේ නේත්තරා දෙකෙන්
එළියට ඇදගන්නට ඇහැකිය! |
“යමු, යමු. පරක්කු වෙන්න බෑ....” ආනන්ද අයියා කිව්වේය. ගුරුවර භූමිකාවට
පිවිසෙන්නට උදව්වක් විදිහටදෝ, ආනන්දයියා ඒ වාක්‍යයේ අග්ගිස්සට ‘ළමයි’ කියලාත් එකතු
කළේ කෝලකමකිනුත් එක්කය. පිරිමි ළමුන් 75 දෙනෙකු පෙළ ගැසෙද්දී, ගැහැනු ළමයි හැත්තෑපස්
දෙනෙක් වෙනම පෙළ ගැසෙන්නට වූහ.
ඒ අතරේ ඌව දිස්ත්‍රික්කයෙන් කොළඹට පැමිණ සිටි
සිසු-සිසුවියෝ 150 දෙනා විසිර ගියහ.
“අපිට නවාතැන් ගන්න වෙන්නේ බණ්ඩාරවෙල සීවලී එකේලු.... ගෑනු ළමයින්ට විශාඛා
එකද කොහෙද ලෑස්ති කරලා තියෙන බවකුත් කිව්වා....” ආනන්ද අයියා ගුරුවරුන් හා
සංවිධායකයන් එක්කලා කතාබහෙන් එකතු කරගත් තොරතුරු අපට ගෙනාවේය.
“මේ අයියේ...” රණවක කට වරද්දා ගන්නට ගිහින් සැණෙකින්ම නිහඬ වුණේය.
ආනන්දයියාටත් කලින් ඉස්සර වුණේ අපේ නඩේ අයයි. “ෂ් ෂ්....”
වටපිට බලා ඉවර වෙලාය, ආනන්ද අයියා කතා කළේ. ඒකත් දත් අස්සෙනි!
“ඔය කිව්වේ...! පුළුවන් නං අදම වැඩේ කාපියව්.”
අපි බිම බලා ගත්තෙමු.
“රණවක, මොකක්ද තමුසෙ කියන්න ගියේ?” ආනන්දයියාම ටිකකට පස්සේ නිහඬතාව
බින්දේය.
“සොරි ආනන්ද සර්... මම විහිළුවක් කරන්න ගියේ...” ඒ රණවකය.
“ඉතිං කියනවකො බලන්න... රණවකගෙ ලොකු විහිළුව...” දැන් ආනන්ද අයියා නියම ගුරුවර ලීලාවෙන්
අභිමානවත් හඬින් කතා කරයි.
“සොරි සර්!” රණවකත් නියම ගෝල සෙයියාවෙන් හිස නමමින් කිව්වේ, සේරම තේරුම් ගත්
විදිහටය.
සීවලිය
තියෙන්නේ බණ්ඩාරවෙල ටවුමේමය. වාහනයක යනවා නම් වටයක් ගහන්නට.... |
“අඩෝ මචං... මම අහන්න ගියෙ... අපිටත් විශාඛා එකේම නවතින්න බැරිද කියලා...”
“යකෝ... ඔහොම දේවල් සර්ලත් එක්ක කියනවද?” සුනිල් ඇසුවේය.
“ඒ හින්දනේ බං, මම කට වහ ගත්තේ... ඒ වුණාට මචං, කෝච්චියේ එද්දී දෙතුන් දෙනෙක්ම ඇහැ
දීගෙන හිටියා... සීරියස්ලි, තොලුත් ලෙව කෑවා....” රණවක එහෙමය.
“උන් බලන්න ඇති කොල්ලෝ ගොඩේ කොහෙන්ද කොලු තාත්තෙක් කියලා!”
ඇත්තය! රණවක වයසට වඩා මේරූ පාටය.
එතකොට නම් මා නොදැන සිටියත්, දැන් දන්නෙමි. රණවක කුඩා වියේදීම පුරුෂ ලිංගික හෝර්මෝන; ටෙස්ටස්ටරෝන් වහනය වීම
ඇරඹී තිබුණා විය යුතුය. ඒ වෙද්දීත් ඔහුගේ දත් දෙපා පුරා රෝම වැවීලාය- රැවුලත්
වැවීලාය.....
මට මතක විදිහට නම්, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට පා ගමනෙනි, අප සීවලී
විදුහලට ගියේ. සීවලිය තියෙන්නේ බණ්ඩාරවෙල ටවුමේමය. වාහනයක යනවා නම් වටයක් ගහන්නට
වෙයි. නමුත් ප්‍රධාන පාරේ කඩ පේළිය අතරින් පඩි පෙළක් නැඟ සීවලියට යන එක ඉක්මන්ය!
ළඟය!!
ඒ පඩිපෙළ නැඟ ගන්නටත් කලින් ආනන්ද සර්, තවත් ගුරුවරයෙක් අඳුනාගෙන ඉවරය.
“ළමයි, මේ මහත්තයාත් මහරගම බුවෙනකබා එකෙන්.... අපි දෙගොල්ලම එක ගමෙන්...
මහරගමින්....”
ඒ ගුරුතුමා පිටුපසින් උන් පිරිමි ළමයි හය දෙනාම අපට සුහද සිනා පෑහ.
“මචං.... උඹේ කොල්ලන්ටයි අපේ කොල්ලන්ටයි එක කිට්ටුවම ප්ලේසස් දෙකක් අල්ලා
ගම්මු...” ආනන්දයියා කිසිම පැකිළීමක් නැතිව බුවෙනකබා විදුහල් කණ්ඩායම භාර මැදි
වයසේ ආචාර්යවරයාට යෝජනා කරයි.
නැටුම්
කියලා දෙනවා... (මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සිසුවිය නටන්නට ඉගෙන ගන්නා කාලයේය.) |
පිළියෙලවී කිව්වාට ශාලාවන් හිස්කොට- අතුගා- තිබුණා විතරය. පැදුරු-කොට්ට ගොඩක් ඒ ශාලාවේ කොණක විය.
“ළමයි තුන්දෙනෙක් ගිහිල්ලා පැදුරු හයකුයි, කොට්ට හයකුයි ඉල්ලගෙන එනවලා...
ඔයාලත්... එතකොට එක ළඟින්ම අපේ ඉස්කෝල දෙකටම පැදුරු එළාගන්න පුළුවන්...”
බුවෙනකබාවේ ගුරුතුමා කීවේය. ආනන්ද සර් කැමැත්ත පෙන්නමින් ඔළුව හෙලෙව්වා විතරය.
මගෙත් එක්කම තව පස් දෙනෙක් ඒ රාජකාරියට....
“ඔයාලා විද්‍යාකරේනෙ... මං රාජා, මේ දීඝායුයි- ඩන්ස්ටනුයි. අපි බුවෙනකබාවේ....”
“විද්යාකරේට ගියාට, මාත් ඉඳහිට එනවා බුවෙනකබාවට....”
“ඒ මොකටද? අපේ කෙල්ලෙක්වත්ද මචං උඹ දාගෙන ඉන්නේ...”
“පව් රාජා! කොල්ලට ලජ්ජා හිතුණා.... බලපං මූණ රතු වෙච්චි විදිහ. නිමල් නේද
නම කිව්වේ... නිමල් මොකටද අපේ ඉස්කෝලෙට එන්නෙ?” දීඝායු ඇහුවේය.
දීඝායුගේ කටහඬ තියුණුය, ඍජුය, කාරුණිකය. පෙනුමෙනුත් දීඝායු සංවර පාටය. රාජා ටිකාක්
විතර සැර- දරදඬු විදිහේ කෙනෙකි.
“එඩ්වඩ් ලොකුලියනගේ සර්ව හම්බ වෙන්න එන්නෙ... සර් මට නැටුම් කියලා දෙනවා....” මම කීවෙමි. පැදුරු
ටික රැගෙන එනකොටත්, දීඝායුගෙයි මගෙයි කදේ ගැහිල්ල ඉවර නැත!
එහෙම එතැනින් පටන්ගත් අපේ මිතුරුකම සෑහෙන දුරක් ගියේය.... දීඝායුට කොහොම වෙතත් මගේ
ජීවිතයට නම් සෑහෙන බලපෑමකුත් කළේය.
....වන්දනාවේ
ගියාම වාගෙය. |
දීඝායු ඔහුගේ නම නොවේ! නමෙන් එක අකුරක් විතරක් අරගෙනය ‘දීඝායු’ හදා ගත්තේ. (‘තණමල්විල කොල්ලගෙ යටිබඩ’ පෝස්ටු ලියනකොට
‘දීප්ත’ නම මේ පෝස්ටුවලට පාවිච්චියට
ගත්තොත් හොඳ නේදැයි හිතුණේය. ඒත් හිතට දැනුණේ මදි-මදි වගෙය. මෙන්න දැන්
කුමාරයෙක්ගේ නමක්... කල්පනාවට ඇවිත්.... දීඝායු!
නම ගම්භීරය; ප්‍රතාපවත්ය; අභිමානවත්ය.... ඔහුටම ගැළපෙන්නේය.)
‘දාහතර වෙද්දී’ කියලා පෝස්ටු කිහිපයක් ලියන බව මගෙන්
කියැවුණේ 2019 දීය.
මේ postsවලට ‘දාහතර වෙද්දී’ කියන නම හිතට ඇවිත් තිබුණේ එච්චර කාලයකට කලින්ය.
1968 දීඝායුව මුණ ගැසී අවුරුදු දෙකකට පසු උපන් අපේ බඩා මල්ලාට ‘දීපාල්’ කියා නම තියන්නටත්, 1973දී උපන් චූටි
නංගිට ‘දීපානි’ කියලා නම් කරන්නටත් මේ ලියන්නා වග බලා ගත්තේ දීඝායුව සිහි වෙන්නටය!
(එහෙම කළේ ඇයිදැයි කියන්නට වෙන්නේ නං තව ඉස්සරහදීය.)
තවම trip එක පටන් ගත්තා විතරය.
දවස් දාහතරෙන් පළමු දවසවත් හමාරවී නැත!
අපේ පැදුරු එළා ගත්තේ එක පෙළටය; බිත්තිය අයිනට වෙන්නටය. කොට්ටය අද්දරින්ම
එකිනෙකාගේ ඇඳුම් බෑග් තියාගන්නට වුණේ වන්දනාවේ ගියාම වාගෙය. බුවෙනකබා- විද්‍යාකර
පැදුරු දොළහට කිට්ටුවෙන්ම පැදුරු එළමින් හිටි සීදේවී පාට ළමයෙකු මිතුරු හිනාවක් මට
තෑගි කළේ ඒ අතරේය.
මළ ගෙදරකට ගියත් ශෝක මූඩ් එකෙන් ඉන්නට මං කැමති නැත. මං ඕනෑම විටෙක ඉන්නේ
හිනාවෙන්න බලාගත් ගමන්ය. අනේ, මා මැරෙන මොහොතේත් මගේ මුවේ සිනාවක් තිබේවා!
අපේ
බඩා මල්ලියාට ‘දීපාල්’ නම තියද්දීත්, චූටි නංගීට ‘දීපානි’ නම තියද්දීත්... |
“මරදානේ...” ඒ ළමයා කිව්වේ මුස්ලිම් ඉස්කෝලයක නමකි. “මං වසන්ත...” පාසලේ නම කිව්වාට පස්සේ ඔහු කිව්වේ තමන්ගේ නමයි.
“මං නිමල්....” ඊළඟට අපේ විස්තර. එතකොටම දීඝායුත් එතනට ආවේය. “වසන්ත.
මෙයාත් මහරගම බුවෙනකබාවෙන්... මෙයා දීඝායු!” මට කියැවුණේ නිකම්මය. වසන්තගේ
විස්තරත්...
“හලෝ වසන්ත... Glad to meet you!”
අම්මට සිරිගජ! දීඝායු ඉංග්‍රීසිත් දන්නවා වගෙය. ඒ විතරයැ? වසන්තට කතා කළේ අතට-අතත්
දෙන ගමන්ය. එයා පෝසත් පවුලක කොල්ලෙක්ද?
දීඝායුගේ නම මුල් කොටගෙන අපේ පවුලේ බාලයන් දෙන්නා- දීපාල්, දීපානි වුණෝය. වසන්තත් එහෙම සදාතනික
මතකයක් වුණේය. ඒ දීඝායුටත්, මටත් රහස් භාෂාවක් උගැන්වීමෙනි.
එහෙම කළේ ඒ තකහනියෙම නොවේ. අපේ trip එක ඉවර වෙන්නට කලින්ය. ඒත් අදම මේ
තකහනියෙම ඒ විස්තර ලියන්නට හිතෙයි!
පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේ මුද්‍රණ කළමනාකරු ලෙසින් සේවය කරමින් හුන් අවදියේ, ගොඩගේ ආයතනය වෙනුවෙන් පළ කෙරුණු පොතකි ‘ලේඛන පුරාණය’.
ෆුල්ස්කැප් පිටු 500ක අත් අකුරින් ලියා තිබුණු ඒ පොත ‘රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ’
ඓතිහාසික අත් පිටපත් කමිටුවට බාර දීලා තියෙනවා.... පොත හොඳ එකක්ද කියලා බලන්නට
1973 දී අනුකමිටුවකට පැවරිලා.
දන්නවනේ සිරි ලංකාවේ හමස් පෙට්ටි ගැන..... ඒ පොතත් එයින් එකකට ගිහින්.
1992 දී ‘මේ වගේ ග්‍රන්ථයක් මුද්‍රණද්වාරයෙන් පළ නොවීම මදිකමක්’ය කියලා කියපු
ආචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමා ‘සංස්කෘතික අමාත්‍යාංශය’ට කියලා, ඒ පොත ඇමැතිතුමාටත්
යොමු කරලා. 2005 වෙනකලුත් වැඩේ කෙරිලා නෑ!
මම
කියල දෙන්නං රහස් භාෂාවක්... ඒක දන්නෙ අපි තුන් දෙනා විතරයි.... |
කියාගෙන යන 1968 trip එක ගැන අමතක වෙලා නන්දොඩවනවා නෙවෙයි, හොඳේ. එතනට එනවා. ඒත්
කිරිබුදු අප්පච්චියේ, ගන්දර පී.ඩී.ඇස්. වීරසූරිය මහත්තයාගේ ‘ලේඛන පුරාණය’ පොතේ
පෙරවදන කියවද්දී, කවදා හරි මේ විස්තර
ඔයාලටත් කියනවාමයි කියලා හිත හදාගෙනයි හිටියේ.
අනෙක, පොත් කරුමාන්තේ ගැන වගතුගත් කොහොමද අමතක කරන්නේ?
වීරසූරිය මහත්තයා නොඑන ගමන් ගිහිනුත් කාලෙකට පස්සේ, 2006 අවුරුද්දේ තමයි ඒ
පොත ‘ගොඩගේ ප්‍රකාශන’යක් විදිහට එළි දැක්වෙන්නේ.
ඒ පොතේ 71 වෙනි පිටුවේ මෙහෙම දෙයක් තියෙනවා.
‘ඉලක්කම් හෝඩිය
රහස් ලිපි ලිවීමට ‘ඉලක්කම් හෝඩිය” ප්‍රයෝජනවේ.’
“අපේ යාළුකම දිගටම තියෙන්න ඕනෑ. මාස දෙක-තුනකට සැරයක්වත් ලියුමක් ලියන්න
බැරි නං අපේ යාළුකමෙන් මොකක්ද ඇති වැඩේ?” වසන්ත අපෙන් ඇහුවේය.
“මම කියල දෙන්නං රහස් භාෂාවක්... ඔන්න ඒක දන්නෙ අපි තුන් දෙනා විතරයි.... හරිද....
වෙන කාටවත් කියල දෙන්න එපා.... එච්චර අමාරු නෑ, අපි ඒකෙන් ලියුම් ලියා ගනිමු!
එතකොට වෙන කාටවත් ඒවා කියෝගන්නත් බෑනෙ.”
‘දීඝායුත්, මමත් හොඳ ගෝලයෝ වීමු’ කියනවාට වඩා මෙතනට වඩාත් ගැළපෙන්නේ ‘වසන්ත
හොඳ ගුරුවරයෙක් වීය’ කියන එකය.
එතකොට වැඩිම වුණොත්, අවුරුදු පහළොවක- දාසයක හිටින්නට ඇති වසන්තට ඒ භාෂාව
ඉගෙන ගන්නට ලැබුණේ කොහෙන්ද? ඊටත් අවුරුදු පහකට පස්සේ ලියා හමාර වුණු පොතක කතුවර
වියතෙකුට මෙවැනි සිල්ලර බාසාවක් හමු වුණේ කොතනකදීද? කවුරුන් කාගෙන් දැන
ගත්තාද...... මට පුදුම හිතුණේ පොතේ 71 වෙනි පිටුවේ ඊළඟ ටික කියෙව්වාමය.
මෙවැනිම රහස් ලේඛනයක්; සඟවා ලියූ නමක් මගේ ඇහැ ගැටුණේය. ඒත් පොතකිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘මකරන්ද’ ගීත.... |
‘1=අ, 1ා=ආ, 1ැ=ඇ, 1ෑ=ඈ, 2=ඉ, 2ී=ඊ,
3=උ, 3ෟ=ඌ, 4=එ, 4්=ඒ, 4ෙ=ඓ, 5=ඔ, 5්=ඕ,
6=ක, 6ා=කා, 6ැ=කැ, 6ෑ=කෑ, 6ි=කි, 6ී=කී, 6ු=කු, 6ූ=කූ;
මේ නයින්
අක්ෂර යෙදිය යුතු පටිපාටිය අවබෝධ විය යුතුය. මහා ප්‍රාණාක්ෂර භාවිතය මෙහිදී අවිද්‍යාමානයි.
ණ- න- ළ- ල වෙසෙසෙක් නැති.’
මේ ලියන වහු පැටියා ඒ දවස්වලත්, අමුතු දේවල් පිළිගන්නට සැදී-පැහැදී හිටි එකෙකි.
ඒකා පැය කිහිපයකදීම වසන්ත ඉගැන්වූ අර ‘රහස් බස’ මනාව ලියන්නට ඉගෙන ගත්තේය.
“ෂා... මරුනෙ නිමල්! දීඝායුත් පමුණුවේම ඉන්න හින්දා ඔයාලා දෙන්නට නං ලියුම් මොකටද.
මීට පස්සේ හැම තිස්සෙම හම්බ වෙන්න පුළුවන්නෙ. මට තමයි ඉතිං.... ඔයාල මරදානට එනවා
නං මට කියලා එවන්න..... මම නොවැරදීම ඔයාලව හම්බ වෙනවා....
දීඝායු, ඔයාට නිමල්ගෙන් අහගෙන හරි තව ටිකක් මේ බාසාව ලියන්න පුරුදු වෙන්න වෙයි!”
පසු කලෙක මෙවැනිම රහස් ලේඛනයක් මගේ ඇහැ ගැටුණේය. ඒත් පොතකිනි. මහාචාර්ය
සුනිල් ආරියරත්නයන්ගේ ‘මකරන්ද’ ගීත පොතෙනි. හරියටම කියනවා නං, ඒ පොතේ පිදුමෙනි:
කවුද
උඹට කතා කළේ.... කණ පලා ගන්නෙ නැතිව පලයං xත්තො! |
“බට්ටො.. උඹ නිඳා ගන්න වරෙන් මගෙ ළඟට!” රණවක කෙළවරේම පැදුරක හාන්සිවී ඉඳිමින් මට කිව්වේය.
“මං නිඳා ගන්නේ මෙතැන... මෙයාලත් එක්ක.” මගේ ළඟින්ම හිටි දීඝායුත්, වසන්තත්
පෙන්නමින් මම රණවකට උත්තර බැන්දෙමි. (රණවකත් පියසිරි එක්කලා කැඩෙටින් කළ යහළුවෙකි.)
“එහෙමද? උඹ උන්ටද දෙන්න හදන්නේ....” රණවක අවලම් හිනාවක් මුහුණට එකතු කර ගනිමින්
කීවේය. “... ඔය කැහැට්ටාට අරූ ළඟ ඉන්න ඇරලා, උඹ මෙන්න මෙහෙට්ට වරෙන් බට්ටො!”
ඒකට නම් උත්තර දුන්නේ දීඝායුයි. “චී මචං... කැත කතා කියන්නෙපා....”
“කවුද උඹට කතා කළේ.... කණ පලා ගන්නෙ නැතිව පලයං xත්තො!” රණවක කිව්වේ රවා බලන
අතරතුරේය.
ඔහුගෙන් තවත් කුණුහරුප දෙක-තුනකුත් කියැවුණේය.
වසන්තත්, දීඝායුත්, මාත් සූදානම්වී හිටියේ එක ළඟ පැදුරු තුනක නිඳා ගන්නටය.
අපේ ඉස්කෝල තුනේ උදවියට පැදුරු එළලා තිබුණේ එක ළඟින්මය. ටක්කෙටම ඒ ඒ ඉස්කෝලවල
ළමයින් වෙන-වෙනම නිඳාගත යුතුම යැයි නීතියක් පනවා තිබුණෙත් නැත.
බුවෙනකබාවේ ළමෝ වසන්තටත් දීඝායු ළඟ පැදුරකට එන්නට ඉඩ සලසාදී තිබුණාහ.
ආ-ගිය
තැන්වලිනුත් තුන-හතරක් විතරය.... |
“පරයා! මං ඌව අල්ල ගන්නංකො පස්සෙ...”
‘තිත්තිර ජාතකයේ’ මහ විසල් නුගයක් ළඟ හිටි වටු, වඳුරු, ඇත් යහළුවන්
තිදෙනෙකු ගැන කියවෙයි.
අප තිදෙනාත් ඒ වගෙය. එක දවසෙන්ම; පැය
කීපයක් තුළදීම; මිතුරුවී හමාරය. දීඝායු අපේ නියමුවා බවට පත්ව තිබුණෙත් කිසිම
සම්මුතියකින් නොවේ, නිකම්මය. වයසෙන් වැඩිකමක් නොවේ, එදා අපට බල පාන්නට ඇත්තේ.
පෙනුමය!
දීඝායුත් එක්ක බලද්දී වසන්තත්, මාත් දෙන්නාම වටු කුරුල්ලන්ය!
රණවක නිහඬ වුණේය. අපේ ඉස්කෝලෙන් ගිහින් හිටි- අපේම පන්තියේ දෙතුන් දෙනා
රණවකට මොන-මොනවාදෝ කියනවාත් අපි දුටුවෙමු.
එදා රාත්‍රියේ අප තිදෙනාම නිඳා ගත්තේ එක ළඟ පැදුරු තුනක වැතිරීගෙනය. ගොඩ
වෙලාවක් තිස්සේ මුණු-මුණුවෙන් කොඳුරා ගනිමින් ඉඳලාය.
මෙච්චර දේවල් හිතේ කෙටී ඇතත් සමහර දේවල හාන්කවිසියක්වත් මට මතක නැත. ඒ දවස්
දාහතරේ ආහාර-පාන ගත්තු හැටි මට මතක නැත. ආ-ගිය තැන්වලිනුත් තුන-හතරක් විතරය මතක
තියෙන්නේ....
ඒ රාත්‍රිය රණවකට මතක තියෙනවා ඇත්තේ කොහොමද?
අහගන්නට ඉඩක් ලැබෙනවා නං....
අද කතාව එක දිගටම කියෙව්වා. කමෙන්ට් බලන්න ආයෙ එන්නම්. කියවගෙන යද්දි මොකක්ද අහන්න හිටියා, අගට යද්දි දැන් ඒක මතක නෑ නෙව? කතාවේ අවිලක් නොව, ඒ අපේ හැටිය.
ReplyDeleteඅනේ කමෙක් නෑ - සිරි සැප වේවා....
Deleteඅනගාරික ධර්මපාල බයොග්‍රෆි එකක් ලියලා ආපහු ඒක සංශෝධනයකලයි කියන්නෙ ආනන්ද ගුරුගේද?
ReplyDeleteඒ ගැන නම් මට දැනගැනීමට ලැබිලා නෑ Pra Jay මහත්තයෝ, බලමු- තව දන්නා අය ඇතිනේ.
Deleteමට තියන ප්‍රශ්නේ,
ReplyDeleteවිද්‍යාකරේ ළමයි බාරව ගිය ආනන්ද අයියා/සර් අනිකුත් ගුරුවරයින් සමග ජාම බේරා ගත්තේ කොහොමද??
ඒ කාලේ, ගුරුවරු දෙන්නෙක් හම්බ උනාම,
උගන්වන්නේ මොනවද?
ට්‍රේනිං ගියාද?
බැඳලද?
ළමයි ඉන්නවද?
ඊළඟට,
සිගරට් එකක් බොනවද?
තව ටිකක් වෙලා කතා බහ කරනකොට,
රෑට කන්න ඉස්සෙල්ලා මොනවා හරි කරනවද??
ඔතන තියෙන්නේ ප්‍රශ්න ලැයිස්තුවෙන් බොහොම ටිකයි. ගුරුවරයෙක් නොවෙන කෙනෙකුට, ඔය ටිකට උනත් පටලවා ගන්නේ නැතිව උත්තර දෙන එක ලේසි නැහැ.
ඇත්තමයි සෑම්, අද වෙනතුරු ඒ පැත්ත ගැන මට හිතිලා තිබුණේ නෑ. හැබැයි දැන්මම කිව්වට කමක් නෑ, ආනන්ද අයියා නියමෙට එයාගේ ගුරු භූමිකාව රැඟුව බවයි දැන් බලද්දී තේරෙන්නෙ.
Deleteඑයාගේ ගතිය නිසාද- පෙනුම නිසාද මන්දා අපි ආනන්ද අයියාට ටිකක් බයෙත් එක්ක හිටියේ. එයාගේ මල්ලී එක්ක තරම්වත් කතා කරලා නෑ; ඊට පස්සෙවත්. හැබැයි මිනිහා හෙණ මීටරයක් වෙන්නම ඇති තමයි....
උත්තරේ ලිව්වට පස්සේ මතක් වුණේ, අපේ සුනිලුයි මායි ගෙදරින් පැනලා ගිය වෙලාවේ-දුන්හිඳදී ගමේ මිනිසුන්ට අහුවෙලා ප්‍රශ්න අහද්දී මාත් ඒවාට උත්තර දීලා බේරුණේ....
Deletehttps://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_7.html
හැබැයි ඒ පැයක් විතර වෙලාවක්.
ආනන්ද අයියා දවස් දාහතරක්!
හ්ම්...
ReplyDeleteමොකෝ, දෙමුහුම් වෙලා වගේ?
Deleteවිභාගේ තමයි අපේ අභාගේ
Deleteදුක සැප නිති පෙරළේ -රිය සක ලෙස ලෝකේ....
Deleteමං හිතුවේ විභාගේ වැඩ ඉවරයි කියලා. ඒවා මතු වැඩ වෙන දේවල්නේ ඩ්රැකී.