li Item

Saturday, December 4, 2021

පහළොවේදී...- අටවෙනි කොටස

ප්‍රේමය කියන ප්‍රෙහේළිකාව හරියටම විසඳගන්න පුළුවන් වුණ කෙනෙක් නම්....

පුකේ ආදරේ, (කෝ යකෝ හිත්වල ආදරේ...) ඒ ප්‍රශ්නේ අහලා තිබ්බේ මාතලන්. 2021 මාර්තු හත්වෙනිදා. ප්‍රශ්නයටත් වැඩියෙන් මගේ හිත ඇදගත්තේ ඒ ලිපියට Anonymous කෙනෙකු ලියා තිබුණු දීර්ඝ කමෙන්ටුවක්.

‘... මෙහෙම දෙයක් තියෙනවා මාතලං, ආදරේ කියන්නෙ අපි කාටවත්ම මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න පුළුවන්කමක් නැති අතිශය මානුෂික හැඟීමක්....
ප්‍රේමය කියන ප්‍රෙහේළිකාව හරියටම විසඳගන්න පුළුවන් වුණ කෙනෙක් නම් මේ මිහිමත ඇත්තෙ නැහැ. ඇත්තටම ඒක එහෙමමද කියල ඇහුවොත් හුඟක් දෙනෙකුගෙන් අපිට ලැබෙන උත්තරේ තමයි ඔව් කියන එක. මොකද ආදරය කියල කිව්වම කාගෙත් ඔළුවට ඉස්සෙල්ලාම එන්නෙ යෞවන යෞවනියන් අතරේ ඇතිවෙන ශෘංගාරය පදනම් කරගත්ත ආදරයනේ. ඒත් ආදරය කියන්නෙ ඒකම විතරක් නම් නෙමෙයි.

එතකොට දෙමව්පියන්ගෙ හිතේ දරුවන්ට ඇතිවෙන අසීමිත ආදරේ, ළඟම මිතුරු මිතුරියන් ගැන දැනෙන ආදරේ වගේ හැඟීම්වලටත් ආදරේ කියන නමම තමයි තියෙන්නෙ.....

පුරාණ ග්‍රීක දර්ශනිකයෝ මේ ආදරේ වර්ග 7කට වෙන් කරල මේ විදිහට විස්තර කරලා තියෙනවා.

පළවෙනි එක ඊරෝස් කියලා කියන්නේම ශෘංගාරාත්මක ආදරය ගැනයි. හරියටම කිව්වොත් කාමය කෙරෙහි ඇතිවෙන තණ්හාව. මේක ටිකක් භයානක වර්ගයක ආදරයක්. මිනිස් හිතක ඇතිවෙන මේ වර්ගයේ ආදරය, හරියටම කිව්වොත් වෙන කෙනෙකුගේ භෞතික ශරීරයක් කෙරෙහි ඇතිවෙන ලිංගික ආකර්ෂණය නිසාම ඒ අවස්ථාවේ කරන කියන දේවල් ගැන පාලනයක් පවා නැති වෙන්න පුළුවන්.
මේ බාහිරින් ඇතිවෙන ලිංගික ආකර්ෂණය මතම පමණක් පදනම් වෙලා කෙනෙක් කෙරෙහි ඇතිවෙන
Eros කියන ආදරය සම්පූර්ණයෙන්ම තාවකාලික හැඟීමක්. එහෙම හැඟීමක් මත පදනම් වෙලා පටන් ගන්න ආදර සම්බන්ධතාවලටත් වැඩිදුර නම් ආයුෂ නැහැ.

දෙවැනි වර්ගය Philia කියන්නෙ කෙනෙකුට තමන්ගේ දෙමව්පියන්, සහෝදරයින්, ළඟම යහළු හිතමිත්‍රාදීන් වගේ අය ගැන ඇතිවෙන විදිහේ හරිම දයාබර හැඟීමකට. මේ ආදරේ හැම වෙලාවෙම ලෙන්ගතුයි, මිත්‍රශීලීයි ඒ වගේම විශ්වාසවන්තයි.

අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතේ ඇති කරගන්න ආදරය මොන තත්වයක්....

බොහෝවිට එක වගේම අත්දැකීම්, එක වගේ සිතුවිලි තියෙන අය අතරේ තමයි මේ වර්ගයේ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. මේක හරිම යහපත් චේතනාවන් පෙරදැරි කරගෙන ඇතිවෙන ආදරයක්. මූලිකව Eros කියන ආදරය ඇතුව පටන් ගන්න සම්බන්ධතාවයක් උනත් මේ Philia කියන හැඟීම එක්ක ඉස්සරහට ගෙනිච්චොත් බොහොම ශක්තිමත් සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්.

තුන්වෙනි එක තමයි ස්ටොරේජ්, ඒ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට දක්වන ආදරය.
ඒක ලෝකෙ කොයි කොනේ
, කොයි ජන වර්ගයේ, කොයි දේශ සීමාවේ ඉන්න කෙනෙක්ගේ හිතේ උනත් ඇතිවෙන කොන්දේසි විරහිත ආදරයක්. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතේ ඇති කරගන්න ආදරය මොන තත්වයක් යටතේ උනත් වෙනස් වෙන්නෙ නැහැ වගේම ඒ කරන කැප කිරීම්වලටත් කිසිම සීමාවක් නැහැ.
ඒ ආදරයෙන් ලැබෙන ශක්තිය
, ආරක්ෂාව නිසාම තමයි දරුවෙක් ජීවිත කාලෙ පුරාම ටිකෙන් ටික වර්ධනය වෙන්නෙත්....

සිව්වන වර්ගය Agape කියලා කියන්නේ ටිකක් වෙනස් විදිහක ආදරයක්. සමීප පුද්ගලයෙක් එහෙමත් නැත්තම් මොකක්ම හරි හේතුවකට තමන්ගේ හිතට දැනෙන කෙනෙක් වෙනුවෙන් ඇතිවෙන හැඟීමක් නම් නෙමෙයි මේක.
මේ ආදරය පොදුවේ ලෝකෙ හැම තැනම පැතිරිලා තියෙන ආදරයක්.
කෙනෙකුට අනිත් මනුස්ස වර්ගයා ගැන
, සොබාව ධර්මය ගැන ඇතිවෙන ආදරය තමයි මේ agape කියන එකෙන් විස්තර කෙරෙන්නෙ.

ලෝකේ අනික් මිනිස්සු වෙනුවෙන් සමාජ සත්කාර කරන්න, ඔවුන් ගැන වද වෙන්න කෙනෙක්ව පෙළඹවෙන්නෙත් මේ ආදරය නිසා තමයි. ග්‍රීක දාර්ශනිකයන් කියන විදිහට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ ජීව කාලය පුරාම මිනිසුන්ට කියල දෙන්න උත්සහ කරපු දෙයක් තමයි මේ ලෝකය වෙනුවෙන් කෙරෙන ආදරය. ආදරය ගැන කියවෙන වර්ග හතෙන් උසස්ම වර්ගය විදිහට සැලකෙන්නෙත් මේ agape කියන වර්ගය තමයි.

මේ සම්බන්ධතාවය ඇතුළේ වැඩිපුරම දකින්න තියෙන්නෙ එකිනෙකාව අවුස්සන.....

පස්වන වර්ගය Ludus කියන්නෙ සෙල්ලක්කාර ආදරයක් ගැන. කිසිම අන්‍යෝන්‍ය බැඳීමක්, එකිනෙකා කෙරෙහි වගකීමක්, කැප කිරීමක් නැතුව ඇතිවෙන, පවත්වාගෙන යන ආදරයක්. මේ සම්බන්ධතාවය ඇතුලෙ වැඩිපුරම දකින්න තියෙන්නෙ එකිනෙකාව අවුස්සන, විහිළු කරන, රවට්ටන ක්‍රියාකාරකම්. සමහර ආදර සම්බන්ධතාවල මුල්ම කාලෙ මේ ludus මට්ටමෙන් පටන් ගන්නත් පුළුවන්. හැබැයි මේ වර්ගය පසුකාලීනව ස්ථිර ආදර සම්බන්ධතාවයක් දක්වා දුරදිග යන්නත් බැරි නැහැ.

හයවෙනි එක තමයි Pragma. කාලයක් තිස්සේ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන යුවළක් අතරේ දකින්න පුළුවන් විදිහේ ශක්තිමත් ආදර බැඳීමකට තමයි මේ pragma කියන නම කියන්නෙ. එකට ඉන්න කාල සීමාව වැඩිවෙන්න වැඩිවෙන්න වර්ධනය වෙලා ශක්තිමත් වෙන මේ බැඳීම හරිම සමබර බැඳීමක්. දෙන්නෙක් අතරේ ඇතිවෙන මූලික මට්ටමේ සම්බන්ධයක් බොහොම කාලයක් තිස්සේ හොඳින් නඩත්තු කරලා රැක-බලාගැනීමෙන් තමයි මේ මට්ටමට වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නෙ.

හත්වන එක Philautia කියන කාණ්ඩයේ ආදරේ. කලින් කියපු ඔක්කෝම වර්ගවලට වඩා වෙනස්ම වර්ගයක් තමයි. මේ Philautia කියන්නෙ කෙනෙක් තමන් කෙරෙහිම දක්වන ආදරය.
තමන්ට නියම වටිනාකමක් ලබා දෙන්න
, ආත්ම විශ්වාසයක් ඇති කරගන්න නම් කෙනෙක් ළඟ තියෙන්නම ඕන ගුණාංගයක් තමයි මේ තමන් කෙරෙහිම ඇති ආදරය. මේ විදිහට තමන්ට අනවශ්‍ය විදිහට ආදරය කරන නිසාම කෙනෙක් ආත්මාර්ථකාමී අනවශ්‍ය අහංකාරයක් තියෙන කෙනෙක් වෙනව කියලා හිතෙන්නත් පුළුවන්.

හැබැයි ලෝකෙ ඕනම කෙනෙකුට ආදරය කරන්න කලින් තම තමන්ටම ආදරය කරලා ඉන්න ඕනනෙ. ඒ විදිහට බැලුවොත් මේ ආදරයේ කිසිම වරදක් නැහැ. ග්‍රීක දාර්ශනිකයෝ විශ්වාස කරපු විදිහට කෙනෙකුට ඇතුළාන්තයෙන්ම එන සැබෑ සතුට කියන එක විඳින්න නම් තමන්ටම ආදරය කරන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා.’

එයාට කොල්ලෙක් ඉන්නවයි කිව්වම දඩෝරියාට ඒක ඉවසගන්න බැරි වුණා.

Ano ඒ comment එක අවසන් කරලා තිබුණේ ‘ඒ ගැන මාතලන් හිතන්නේ මොකක්ද’ කියලා විමසමින්. එච්චර දිග කමෙන්ටුවකින් හොඳටම ටිකයි මම අඩු කළේ, ඒකත් හරිම අසීරුවෙන්. (ස්තුතියි Ano, පේනවනේ- ඔයාගෙ අපූරු comment එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නෙ මමයි!)

එදා ඒ විස්තරේ කියවූ බව මට මතක් වුණේ දඩෝරියාගෙ කෙරුවාවෙ  ඉතිරි හරිය ලියන්න යද්දී.
A එස්. එයාට කොල්ලෙක් ඉන්නවයි කිව්වම දඩෝරියාට ඒක ඉවසගන්න බැරි වුණා. අවුරුදු කිහිපයක් තිස්සේ තිබුණු අපේ මිතුරුකමටත් වඩා ඒ හාදයාගේ තරහව වැඩි වුණා. මට හිතෙන්නේ එයා ළඟ තියෙන්න ඇත්තේ Eros ගණයේ ආදරයක් වෙන්නැති.

එතකොට ‘ඉරෙන් හඳෙන් -එළිය අරං’ පෝස්ටුවෙන් කියැවුණේ Agape වර්ගයේ ආදරයක් ගැනද? 

අද කළ හැකි විග්‍රහයන් මොනවා වුණත්, ඒ දවස් ටිකේ නම් මට ඉන්න වුණේ පුදුමාකාර දුකකින්. පන්තියේ වැඩිම හරියක් හිටියේ රණවකලගේ පැත්තෙ. එහෙම නැත්තන් පෙන්නුවේ ඒ වගේ. කෙල්ලොත් ඒ වගේ.
පස් දෙනෙක් හිටිය අපේ set එකෙන් දඩෝරියා හැලුණා විතරක් නෙවෙයි, රණවකලට එකතුත් වුණානෙ. යහමින් අතේ සල්ලි ගැවසෙන දඩෝරියා වගේ කෙනෙකුව එයාලා පිළිගත්තේ සාදරයෙන්.
අපෙන්; එස්ලා දෙන්නයි, කොරල සුන්දරීයි තුන් දෙනාම ගත්තත් එච්චර සටන්කාමී සගයන් නෙවෙයි....
කොක්කටම ගියාට මාත් එහෙම නෝන්ජලයෙක්නෙ.....

මට මොකාද බය වෙන්නේ? පන්තියේ හිටි පොඩිම එකා මං. බට්ටා!
පොඩිම එකී බටු ස්වර්ණා; බට්ටී!!

ඒත් මේ අර්බුද එකක්වත් දීඝායුට කියන්නත් මට ඕනි වුණේ නෑ, අහංකාරකම නිසා. එහෙම කීම මගේ ලකුණු වැඩි කර ගන්නට හැදීමක් විදිහට එයා දකීවි කියලයි මං බය වුණේ.
A ස්වර්ණා ඒ විස්තර එයාගේ ලියුම්වලින් මුල් කාලයේදී දීඝායුට කිව්වද නැද්ද කියන එක අද වෙනකල් මං දන්නෙ නෑ.

රණවකලගේ; දඩොරියාලගේ තිබ්බෙත් එහෙන්-මෙහෙන් පුපුරණ; දිළිසෙන සටන් ගිනි පුලිඟු ටිකක් විතරයිනෙ.
එහෙම ගිහින් හරියටම ගින්න ඇවිළෙන්න යන බව දැනගන්න ලැබුණෙත් රණවකගේ පම්පෝරි කතාවක් හින්දයි. (ඊට පස්සෙත් රණවකලාගෙන් එහෙම කතා කියැවුණේ 71 කැරැල්ලට කලින්. ඒ ගැන නම් මම
ගොඩ කලකට කලින් ලිව්වා.) 

“ලැහැස්ති වෙලා හිටපන් බට්ටෝ.... බුවෙනකබාව ළඟටම ගිහිල්ලයි අර xත්තගේ මූණ-කට සමතලා කරන්නේ... වල් ඇඹලයා. බල්ල පිදුරු කන්නෙත් නෑ. කන එකෙකුට කන්න දෙන්නෙත් නැති බූරුවා... අම්මප ඌට නෙළනවා බට්ටෝ, තොට උණ ගැනෙන්න....” රණවක කිව්වේය.

“දීඝ, මෙච්චර දවස් නොකියා හිටියට දැන් එහෙම ඉඳල බෑ. අන්න රණවකලා ලැහැස්ති වෙනවා බුවෙනකබාව ළඟටම ඇවිත් ඔයාට ගහන්න.... මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියලා....”

අපිට ගහලා ඔයාගේ ඉස්කෝලේ කොල්ලන්ට යහතින් නං යන්ඩ දෙන්නෑ... 

“පිස්සුද නිමා. එහෙම කොහොමද ගහන්නේ.” කියලා මගෙන් ඇහුවත්, එයා ඒ විත්තිය රාජාටත් කියා තිබුණු බව පෙනුණි. පසුවදාම පාසල අවසන්ව එද්දී රාජා තවත් සිසුන් පිරිසක් එක්කලා මඟ බලා හිටියේය. මගෙන් විස්තරත් ඇහුවේය.

“ගණන් ගන්න එපා! අපිට ගහලා ඔයාගේ ඉස්කෝලේ කොල්ලන්ට යහතින් නං යන්ඩ දෙන්නෑ... එන්ඩයි කියන්නකො මහ ලොකු චණ්ඩින්ට.”

“ඔයා හිතන්නනෙ රාජා, උන් ඔයාලට ගහන්න එන්නේ මටත් කිය-කියා කියලද?”

එදා මම රාජාගෙන් ඇසුවෙමි. අසා දවස් දෙකක්වත් ගියේ නැත.
විද්‍යාකර විද්‍යාලයයේ මැර සිසු නඩය සටනට සැරසී බුවෙනකබා විදුහල අසලම තිබෙන බෝ ගස යටට ගිහින් තිබුණේ කල් තියාමය. එහෙම වෙලත් සටන නැවතුණේ බුවෙනකබාවේ මහරගේ ගුරුතුමා නිසාය.

ගමේ කවුරුනුත් එතුමාව දැනගෙන හිටියේ ‘මහරගේ සර්’ නමිනි. (එවකට එතුමා බුවෙනකබා විදුහලේ විදුහල්පති තනතුරට පත්වී සිටියාද කියන්නට නම් මට දැනීමක් නැත. කවුරුන් සිටියත්, බොහෝ කාලයක් බුවෙනකබාවේ නිල නොලත් විදුහල්පතිතුමා වුණේ මහරගේ මහත්මාය. පසු කලක මහරගේ මහත්මා එහි විදුහල්පති ධුරය හෙබවූයේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවියෙකුවූ එතුමාට මහරගමම ආදර- ගෞරව කළ බව නම් මට යස රඟේට මතකය.)

“කොහොමද දීඝ රණේ fight එක නැවතුණේ?”
“නිමල්... අපි කාගෙත් වෙලාවට එදා මහරගේ සර් ඔයාලගේ කට්ටිය බෝ ගහ යට ඉන්නවා දැකලා.... සර්ම එතනට ගිහින් කට්ටියට ඉස්කෝලෙට එන්න කියලා. යාළුවො ටිකත් ආවලු... සර් අහනකොට අහනකොට කියවිලා කතන්දරේ...” දීඝායු කියාගෙන යද්දී මටත් තරු විසි වුණේය.

(බුවෙනකබාවේ නැටුම් ගුරුතුමා ‘එඩ්වඩ් ලොකුලියනගේ’ සර් පාසලෙන් පස්සේ සමහර දවසක මට නැටුම් කියා දුන්නේ මහරගේ සර්ගෙනුත් අනුමැතිය ලබාගෙනය. මහරගේ මහතාත් මා හඳුනයි!) 

මේ හුටපටවල සුලමුල එළි වුණෝතින් මං කම්මුතුය. මහරගේ සර්ගෙන්- නැටුම් සර්ටත්- එතුමාගෙන් අපේ තාත්තාටත් කතන්දරේ යනවාමය. මට තරු පෙනුණේ එබැවිනි.

“මහරගේ සර් අපිවත් ගෙන්නුවාට එච්චර විස්තර ඇහුවේ නෑ.... ඇහුවත් සර්ට කියන්නයැ කෙල්ලෝ කතන්දර....
සර් අපි දෙගොල්ලටම අතට-අත දීලා සමාදාන කෙරෙව්වා. රණ්ඩුවක් වෙලා තිබ්බොත් මහරගේ සර්ම පොලීසියට ගිහින් දෙගොල්ලවම අල්ලලා දෙනවා කියලත් කිව්වා.” දීඝායු කිව්වේය.

කවුරු හරි පොළොන්නරුව පැත්තෙ ගියොත් හන්දියෙන් බැහැල...
එතකොට පාසල් සිසුන් වෙන ඉස්කෝලයක ගුරුවරයෙකුට වුවත් ගරු කරන තරමට ශිෂ්ට සම්පන්නය. ගුරුවරුත් ගරු-බුහුමනට නිස්සෝ වූහ.

කරුණාකර චූට්ටක් පීලි පනින්නට අවසර දෙන්න. පාසල්වල ශිෂ්‍ය කණ්ඩායම් අතරත්, පාසල් අතරත් ගුටි කෙළි ඒ කාලෙත් මදි නොකියන්නම තිබුණේය.

අද උදේ ‘අයිස්මෝල හන්දියේ අතුලයා’ අඩවියට ගියාම ‘ජුබිලි කණුව’ කියන රසවත් post එක දැකගන්නට ලැබිණි. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් රට-රටවලට ගිහින් ක්‍රිකට් ගැසූ ඇත්තෙක් මේ තරම්  අව්‍යාජව ලියනවා කියලා හිතන්නටවත් බැරිය... ඇයි රසවත්ව ලිවීම?
නෑ... නෑ... ගෙඩි පිටින් නෙවෙයි හොඳටෝම චුට්ටක් විතරයි අතුල මහත්තයාගෙ පෝස්ටුවෙන් ඉස්සුවේ. මෙන්න ඒ චුට්ට:

‘... හොඳ හැන්ඩිය කියල තමයි  හිතාගෙන ඉන්නෙ 😜
Sarath Wijerathna මගෙ පාසැල් මිත්‍රයා; ක්ලාස් මෙට්; ටීම් මේට්; එකට ගුටි කන මේට්...
කියලාාාා වැඩක් නෑෑෑහ්...

ඒකා ඒ දවස්වල මොබයිල් මැරීන් වැඩ කලෙ...
දැන් මින්නේරියෙ පෙට්රල් ෂෙඩ් එක කරනව...
කවුරුහරි පොළොන්නරුව පැත්තෙ ගියොත් හන්දියෙන් බැහැල මගෙ නම කියුවොත් තෙල් ටික නිකන් ගහගන්න පුළුවන්...
යනකොට ගාන ඉල්ලයි, අවුලක් නෑ හිමින් සැරේ ගෙවන එකයි තියෙන්නෙ....’

එකට ගුටි කන මේට්...!
දීඝායුලා- රාජලා නම් එදා එහෙම ‘ගුටි කන මේට්ස්ලා’ නොවී බේරිලාය. එසේ වීම ගැන
මම සැනසුම් සුසුම් හෙළුවෙමි.
ඒ තවත් අනතුරක් ළඟ-ළඟම මඟ එන බව නොදැන සිටි බැවිනි!

දහතුනේදී 4 පෝස්ටුවෙන් කියවුණු පරිදි අභී අයියාගේ සොහොයුරු භානු හිටියෙත් අපේ පන්තියේමය. A එස්. දීඝායුට ලියූ පෙම් හසුනක් මගේ අතේ තිබියදී භානු එය උදුරා ගත්තේය. එතැන් සිට විස්තරය ඒ පෝස්ටුවෙන්ම උපුටා දක්වන්නෙමි.

ඒ ගමන්ම තාත්තට කිව්වොත් තමුසෙට අපේ ලොකු අයියා කපපු.....
‘.... ඒ නොසිතූ වෙලාවක නොසිතූ විලසිනි.

හැඩිදැඩි භානුගෙන් එය උදුරා ගැනීම මට කළ හැකි දෙයක් නොවිණි. ගලිවර භානු ඉදිරියේ මා ලිලිපුට්ටෙකු වගෙය.

හොඳ හිතිං ඕක දෙනවා....!
දුන් නැත්තං?”

මගේ කටින් වචන පැන්නේ නොහිතූ විදිහටය. නොදුන්නොත්, මම අභී අයියට කියනවා!

භානු පෑවේ සමච්චල් හිනාවකි. එහෙමද?පොඩ්ඩක් ළඟට එනවා.... රහසක් කියන්න.ඒ ටික කියැවුණේ විහිළුවක් විදිහට නොවේ. සීරියස් විදිහටය.
බට්ටො මේ..... කොහොමද මම තමුසෙලා තාත්තට මේ ලියුම ගිහින් දුන්නොත්..... ඒ ගමන්ම තාත්තට කිව්වොත් තමුසෙට අපේ ලොකු අයියා කපපු.....

ඔබටම හිතා ගන්නට පුළුවන් නිසා, මා ඒ මොහොතේ මගේ හැඟීම් කියන්නට වෙහෙසෙන්නේ නැත.

පිං සිද්ද වෙයි භානු, ඕක දෙනවා. පව් වැඩ කරන්න එපා!
එක වතාවක් කුරුලු කූඩුවක් කඩා ඉහිරවන්නට සම්මාදම් වුණු පාපය, යළිත් කරගන්නට අකැමැත්තෙන් මම ආයාචනා කළෙමි!’

ඒ අයැදුමෙන් පලක් නොවිණි. මට භානුගේත්, භානු යාළු 1 ගේත් ලිංගික ආසාවන් සපුරා දෙන්නට සිදු විණි. එයින්වත් ඔලමොට්ටල මම පාඩමක් ඉගෙන නොගත්තෙමි. ඊළඟ විපත්තියෙනුත් බාගයක් අලුතින් අකුරු කරන්නට අවශ්‍ය නැත. ‘දහතුනේදී 6’ post එකෙනි මේ කොටස උපුටා ගත්තේ. 

‘... ඒ අකරතැබ්බයෙන්වත් මා පාඩමක් ඉගෙන ගත්තේ නැත. යළිත් වතාවක් පන්තියේදීම ලියුමක් ගෙනයාමට ඇගෙන් බාර ගත්තේ, කිසිම පරෙස්සමක් නැතිව- වටපිටවත් නොබලමිනි.

අත් යදම්වලින් වෙළී තිබුණා වැනිව දැනුණත්, මම ඒ බව නොතැකුවෙමි..... මගේ එල්ලය වැරදුණේ නැත.

මච්චාං අන්න නිමලයට අරකි ලියුමක් දුන්නා.....භානු යාළු-2 සිනාසෙමින් කෑ ගහනවිටය, මට තරු පෙනුණේ; ඉන්නේ කොතනදැයි සිහිපත් වුණේ. මං හැදුවේ හනික පන්තියෙන් එළියට ඉගිලෙන්නටය.

අල්ල ගනිං, අල්ලා ගනිං, බට්ටව අල්ල ගනිං...කියමින් භානු යාළු-2ට උඩගෙඩි දුන්නේ ඒ වෙලාවේ පන්තියේ හිටි රණවකයි. (එතකොට රණවකත් මාත් අතර කිසිම ඇයි-හොඳයියක් තිබුණේ නැත.) ඒ කීමෙන් වඩාත් එඩිතර වුණු භානු යාළු-2මගේ පැත්තට එන්නට වුණේය. මං කළේ ඉක්මනටම ලියුම යට ඇඳුම ඇතුළට ඔබා ගැනීමයි.

මචං රණේ, වැඩේ වැරදුණා!
භානු යාළු-2 රණවකට කියලා, එහෙම්ම මඟ නැවතුණේය.

පිස්සුද බං.... උඹ බට්ටව අල්ල ගනිං, මම අත දාලා ගන්නං ලියුම!රණවක කිව්වේය; ඒ විතරක් නොවේ පුටුවෙනුත් නැඟිට්ටේය. එහෙම කියන්නේ ඇත්තටම බවත් මට පෙනුණි. රණවක ඒක කරන එකත් කරනවා නිසැකය.

මං කළේ, desk එක උඩම තිබුණු කවකටු පෙට්ටියෙන් කවකටුව අතට ගැනීමයි.

ළඟට එන්නෙපා.... සත්තයි, අනින එක අනිනවා ළඟට ආවොත්!

අඩෝ..... xxxxx, ඔය කිව්වට ඕකා උඹට අනින්නෙ නෑ. හිටපංකෝ මාත් එන්නං....රණවක වහසි කියමින් කමිසයේ අතුත් උඩට අදිනවා පෙනුණි. ඒකෙන් භානු යාළු-2 අලුත් ජවයක් ලබා ගත්තා වගෙය; මගේ ළඟටම ආවේය; මාව අල්ලා ගන්නට අතක් දික් කළේය.

මගේ ඇස් දෙක පියවිණි; තද හුස්මක් ගැනුණි.

කවකටුව සහිත මගේ දකුණත දිග හැරුණේත්, ඉහළට ගත් හුස්ම මුදා හැරුණේත්, මගේ ඇස් දෙක වැසී තිබුණු ගමන්මය. මගේ අත යදම්වලින් වෙළී තිබුණා වැනිව දැනුණත්, මම ඒ බව නොතැකුවෙමි..... මගේ එල්ලය වැරදුණේ නැත.

වරින් වර, තැනින් තැන, ටිකෙන් ටික කියවුණු මගේ ජීවිත කතාවේ පූර්වාපර සන්ධි...

ඇස් ඇර බලද්දී, කවකටුවේ අඟල් දෙක තුනක් විතර දිග- උල් කොටස එහෙම පිටින්ම භානු යාළු-2 හාදයාගේ අත් ගොබයට කිඳා බැහැලාය....

කවුරුන් ප්‍රථමාධාර දුන්නාද- කොහොම ඒ තුවාලයෙන් ලේ ගැලීම නවත්තා ගත්තාද කියලා හොයන්නටවත් මට හැකි වුණේ නැත. මම ඩෙස්කුවට මුහුණ ඔබා ගත්තෙමි; ඒ දිගටම වැක්කෙරෙන්නට පටන් ගත් කඳුළු හංගා ගන්නටය.

මගේ පෙර වාසනාවකට වගේ ඒ සිදුවීම ගැන කිසිම ගුරුවරයෙකුට පැමිණිලි කෙරුණේ නැත. එදාම පාසල ඇරෙන්නට පෙර රණවක කවකටුව මට ගෙනත් දුන්නේ, මට රැවුමක් හෙළමිනි.

බට්ටො... උඹ එහෙනං දිනුවා...කියලාත් රණවක දත්මිටි කමින් කිව්වේය.

මං ඒවාට උත්තර දෙන්නට ගියේ නැත්තේ, ඒ වෙද්දීත් සෑහෙන බයකින් හිටි නිසාය!

මොකද වුණේ?”            

තුවාල අත වෙළුම් පටිවලින් වෙළාගෙන, ඒ ළඟම දවසක භානු යාළු-2 හාදයා අපේ ගෙදරට ආවාම අපේ තාත්තා ඇසුවේය.
පොඩි තුවාලයක් වුණා, ගුණපාල අයියේ...කියමින් මගේ දිහාවටත් හොර බැල්මක් දැමුවා මිස, මිනිහා මගේ හපන්කම ගැන තාත්තාට කීවේ නැත.’

වරින් වර, තැනින් තැන, ටිකෙන් ටික කියවුණු මගේ ජීවිත කතාවේ පූර්වාපර සන්ධි ගලපමිනි, දැන් මට ඉදිරියට යන්නට සිදුවී තිබෙන්නේ.
කැතම විදිහට; එක පිට එක ඒ ටික කරන්නට සිදු වෙන post එකකි මේ. භානු යාළු 2, නියම මිතුරෙකු ලෙසින් ‘කවකටුවෙන් ඇනීමේ වික්‍රමය’ ගැන අපේ තාත්තාට නොකියා ගත වුණේ දවස් කිහිපයක් විතරය.
බාස් උන්නැහේ අපේ තාත්තාට සේරම විස්තරය....

නිදිගෙ පංච තන්තරේට මා මේ ලියන්නේ 464 වෙනි පෝස්ටුවය.

බාස් උන්නැහේ ගැන ලිව්වේ අවුරුදු තුනහමාරකට විතර ඉස්සරින්, 35 වෙනි post එකේදීය; ‘අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති...’ පෝස්ටුවේදීය. ‘එල්’ගේත්, ‘සිරි’ගේත් පෙම් කූඩුව කඩා ඉහිරවන පාප කර්මයට මේ ලියන මටත් හවුල් වෙන්නට සිදු වුණු විත්තිය හෙළි කළේ එහිදීය.
බාස් උන්නැහේ නිසා සිද්ද වෙච්චි හරිය ඊළඟ කොටසින් කියන තුරු, ඉඩක් තිබේ නම්
‘අනේ කුරුලු කූඩු..’ පෝස්ටුවත් නැවත කියවලා ඉන්න.....

21 comments:

  1. https://fineartamerica.com/featured/kiss-in-the-light-suzann-sines.html

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඊදිරියෙදෙඑ ගත හැකි වෙන ෆොටෝස් කිහිපයක්ම එතනින් ලැබුණා. ස්තුතියි.

      Delete
  2. කියෙව්වා......ආදරය ගැන පැහැදිලි කරලා තියන කොටසනම් එල ද බ්‍රා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇනෝ කෙනෙකුගේ විග්‍රහයක් මෙන්ඩා!ඇත්තටම හරවත්....

      Delete
  3. හ්ම්....කියෙව්වා.🙏👌😊

    ReplyDelete
    Replies
    1. හ්ම් කියන එකත් ලේසි පාසු ක්‍රමයක් නෙවෙයි බකුසු මහත්තයෝ! කියවන අපිට..... දාහක් දේවල් හිතන්න එපැයි!

      Delete
    2. එච්චර අමාරුවක් නැතුව කියෙව්වා. ඒත් මගේ කමෙන්ට් කික් ස්ටාර්ට් වෙන්නෙ, අනිත් කමෙන්ට් වැටුනාමයි.😊

      Delete
    3. කවෘහරි මේ බස්සට කික් එකක් හොයල දෙනවද.

      Delete
    4. අර ඩ්‍රැකිය, කෑලි හයේ "කික්" එක අරං ඇවිත් "පතෑං" ගාලා නෙලුව නං හරි යනවා.😂

      Delete
    5. කෑලි හයත් මදි වෙයිද මන්දා. දැන් රා දවල් දෙකේම විදුලිය කප්පාදුව. උදේ 8.30 සිට 4.30 තෙක් අදවිදුලියනා. රෑටත් පැයක්ද කොහෙද කපනවලු..

      Delete
  4. මේකනං මාර කතාවක් නිදි.

    ReplyDelete
  5. නිමල් ඇනෝ කමෙන්ට් එක සංරක්ශණය කරගෙන ඉඳලා දාපු නිසා අපිටත් කියවන්න ලැබුනා. මම නම් හිතන්නෙ සම්පූර්නයෙන්ම කායික හෝ ලිංගික ආකර්ශණය නිසා ඇතිවෙලා කියලා බැලූ බල්මට පෙනෙන ආදරයක වුනත් ඉතාම සුලු ප්‍රමානයකින් හරි අනිත් ආදර ප්‍රභේදත් තියෙනවා කියලා.

    'ස්වර්ණා ඒ විස්තර එයාගේ ලියුම්වලින් මුල් කාලයේදී දීඝායුට කිව්වද නැද්ද කියන එක අද වෙනකල් මං දන්නෙ නෑ'. නිමල් මාර හොඳයිනෙ. සාමාන්‍යයෙන් ඔය 'උදව්කාරයින්' ඔක්කොම ඕප දූප හොයන අය නේද.

    ReplyDelete
    Replies
    1. ඒ වගේමයි Lotus.... ඔයාලා වගේ අයත් වරින් වර එවන විස්තර- comments එහෙමත් මාව තවත් කෝණයන්ගෙන් මෙ සිදුවීම් දිහාව බලන්න යොමු කරවනවා. ආදරය ගැන අර්ථ කථන නං කවරදාවත් ඉවර වෙන එකක් නෑ.

      මට තියෙන පුදුම පුරුද්දක් වගේ තමා වැඩිවිස්තර අහන්නේ නැති එක- තව අයගෙන්. එහෙම වෙනවා ඇත්තේ මාත් මගේ දේවල් වැඩිදුර නොකියන නිසා වෙන්නැති. ඒ වගේමයි හුඟ අය මං අහන්නත කලින් එයාලගේ විස්තර මාත්තෙක්ක කියනවනේ අහගෙන ඉන්න නිසා.

      Delete
  6. ජාතක අට්ඨකථාවේ නාලිනී ජාතකය සහ දරිමුඛ ජාතකය කියන ජාතක කථාවල සඳහන් දේවල් ඇත්ත බව වැටහුණේ ආදරය විභාගකර දැක්වූ විග්‍රහය කියවූ පසුවයි

    ReplyDelete
    Replies
    1. නලිනී ජාතකය වගේම අන්ධභූත ජාතකයත්, චුල්ලපදුම ජාතකයත්, අසනග ජාතකයත්, අසාත මන්ත ජාතකයත් මගේ හිතේ සනිටුහන්වී තියෙන හොඳ විග්‍රහයන් සහිත ඒවා. දරිමුඛ ජාතකය කියවා බලන්න ඔනි ආයෙත්.

      අනුරැ මහත්තයෝ, මම කාලෙක ඉඳලා හොයමින් ඉන්නේ 'පංච පාපාගේ කතා වස්තුව' ඔයාත් ක්යවල තියෙනවා වෙන්නොනි. ඒත් ඒක තිබුණු තැනක් හොයා ගන්න මතක නෑ. කියතහැක්ද තියෙන තැනක්?

      Delete
  7. ආදර විග්‍රහය මරු. බලාගෙන ගියහම නිදි කියන්නේ දාමරිකයෙක් වෙන්න ඔන්න මෙන්න තියල බේරුණු කෙනෙක් වගේ. අර කොල්ල මැරුණා නම් හෙම ..හේ හේ

    ReplyDelete
  8. අජිත්, ඒ විග්‍රහය ඉතාම හරවත්- බරසාර එකක් වගේ දැකපු නිසාම තමයි අරං තියාගෙන හිටියේ. ඒ ගැන 'මාතලන්' බ්ලොගයටත්, ඒ විග්‍රහය එවා තිබුණු ඇනෝටත් තමයි සම්පූර්ණ credit එකම යා යුතු!

    දාමරික නොවුණත්, ගෙදරින්ම බෝධිසත්ත්ව අහිංසක පෙනුමක් තිබුනත් මට පට්ට තද හිතක් තියෙන බවට විවරණ දුන්නෙත් අපේ තාත්තා. "රංජි, උඹ ටිකක් කල්පනා කරලම වැඩ කරන්න ඕනි එකෙක්. හොඳ පාටට හිටියට යකෝ, තොට තමයි මේ ගෙදර ඉන්න එවුන්ගෙන් මිනියක් වුණත් මරන්න හැකි." එහෙමයි එයා කිව්වේ.

    ReplyDelete
  9. Mummys Gold Casino Resort Tickets - JT Ticket Office
    Buy Mummys Gold Casino Resort tickets at JT Ticket Office. Find 안성 출장안마 Mummys Gold Casino 제주 출장샵 Resort venue concert and event schedules, venue information, directions, Jan 26, 2022Daniels Las VegasJan 29, 2022The Vivid 통영 출장마사지 Seats at 제주도 출장샵 The 아산 출장마사지 Vivid

    ReplyDelete
  10. ටිකක් කියෙව්වා.... දිග වැඩී වගේ😪

    ReplyDelete
  11. ඔයාට දැනෙන විදිහනේ නවීන්.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්