1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Monday, December 31, 2018

ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස

“උඹව සල්ලියක්වත් වටින්නේ නැහැ!” අපේ ආච්චී මුණුබුරු-මිණිබිරියන් හුරතල් කරන වෙලාවට කියන්නට පුරුදුව හිටියාය. 
ආච්චිලා කෙල්ල කාලයේ ලංකාවේ ගනුදෙනු සිද්ධ වුණේ පනම්වලිනි; සිලිම්වලිනි. ගෙඩි රුපියල් හා සතවලිනි. එතකොට රුපියලකට සත සීයකි.

සත පනහේ, විසිපහේ, දහයේ, සතයේ කොළත් සත බාගයේ (සල්ලියේ) කාසියකුත්...............
ඕකත් කියන්න දෙයක්දැයි ඔයාලා අහන්නට ඉඩ තියෙයි. ඒත් ඒක වෙනම පහදා කියන්නට හිතුණේ අපේ ආර්ථික විශ්ලේෂක මහත්තුරුන්ට තරම් බුද්ධිමය ප්‍රභාවක්; දැනීමක් මේ මැට්ටාට නැති නිසාය. 
තිලක් රත්නාකර විශේෂඥ මහත්තයා රත්න ආකරයක් වැනි කටකින් වරක් කිව්වේ “රුපියල බාල්දු වෙලා නැහැ. තවම රුපියලට සත සීයක් තියෙනවා.” කියලාය. එහෙම කියද්දී උන්නැහේ unp ආණ්ඩුවේ ‘ලොතරැයි මණ්ඩලයේ’ සභාපති තනතුර දැරීම එක්ක මෙතනට කිසිම link එකක් නොතිබුණු බවත් දිවුරලා කියත හැකිය.

ඉතින් සල්ලිය ගැන කියාගෙන ආවේ තවත් මා සතු වත්කමක් ගැන ‘නයෙක් එළවන්න’ටය.

ආච්චීගෙන් මට උරුම වුණු සල්ලියකුත්, ඩැඩාගෙන් ලැබුණු නෝට්ටු කීපයකුත් මගේ ‘පරම්පරා ගබඩාවේ’ තිබේ! 

ඒ නෝට්ටු දෙවෙනි ලෝක යුද්ධය කාලේ ඩැඩා ලංකාවට ආ වෙලේ අරන් තියාගත් එව්වාය. ඒවා අතර සත පනහේ, විසිපහේ, දහයේ විතරක් නොවේ සතයේ කොළයකුත් තිබේ! ආච්චී දුන් සල්ලිය කියන්නේ සත භාගයේ කාසියටය. මා ළඟ නැතත් ඒ කාලේ අලුක්කාල කිව්වේ සතයෙන් හතරෙන් පංගුවේ කාසියටය.

මා ඉඳියාප්ප මුලක් විකුණුවේත් රුපියලෙන් හතරෙන් පංගුවටය. වංගු නොගහා ඊ ගහ වගේ කියනවා නම් සත විසිපහකටය. දැන්නම් සත විසිපහකට ටොෆියක්වත් ගන්නට බැරිය. වේවැල් කූඩ දෙකක් පිරෙන්නට, බරට බරේ උස්සාගෙන ගිහිනුත් ඉඳියාප්ප මුල් 100ක්වත් වික්කාදැයි මට මතක නැත. හැබැයි එකක් නම් හොඳටම මතකය.

එහෙම විකුණා උපයාගත් ලාභය, අපේ පවුලේ උදවියට දෙවේලක් කන්නට, නොනැසී ඉන්නට, තාත්තාගේ සිගරැට් හා රේස්වලට සෑහුණු බවය. (දෙවේලක් කිව්වේ ඒ කාලය වෙද්දී දවල් වේලට වියදම අපේ අම්මාට පැවරී තිබුණු බැවිනි. ඒ විස්තර මතු වෙනම පෝස්ටුවලදී ලියවේවි.)
ඉඳියාප්ප තම්බන කාලයේ මං.........
මගේ පෙනීම යහපත් එකක්ද? පෙනීම කිව්වාම තේරුම් දෙකක්නේ. නේද? පළමුවෙනි එක මගේ ඇස් දෙකේ පෙනීම කොහොමද කියනේකය. දැන් නම් ඒක දුර්වලය; මා කාලයක සිට කන්නාඩි දාන්නේ ඒක හින්දාය. 
දෙවෙනි තේරුම ‘මා තවත් කෙනෙකුට පෙනෙන ආකාරය; මගේ රුව කොහොමද’ කියන එකය. ඒක ඉතින් තීරණය වෙන්නේ බලන කෙනාගේ කෝණය අනුවය. ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් දෙකේය.

එතැනදී නම් මා වාගේම රසික ඔයාලා හැමෝමත් වැටෙන්නේ එකම ගොඩකටය. පෙනුමින් පවා අප හැමෝම දෙබිඩ්ඩෝය! 

හැම කෙනෙකුගේම හොඳ පැත්තක් වාගේම නරක පැත්තකුත් තිබෙයි. එය දැන් විද්‍යානුකූලවත් සනාථ කර තිබෙන දෙයකි. මං නිකම්ම එහෙම කියනවා නොවේ. යටින් ඇති ඡායාරූපය බලන්න. ඒ හොඳම සාක්කියකි.

ඒ ෆොටෝ එකේ මැදින් තියෙන්නේ original-මුල්ම පින්තූරයයි. එය සමමතික foto එකකි.

ඊළඟට ඒ පින්තූරය හරි මැදින් දෙකට බෙදා වෙන් කර තිබේ. එවිට ලැබෙන, වම් පැත්තේ කොටසෙන් අනෙක් පැත්ත හරවා ලබාගත් පිටපතක් එක්ක වම් පැත්තේ කොටස යාකර හැදූ foto එකය වමේ තියෙන්නේ.

ඒ ක්‍රමයටම දකුණු පැත්තේ කොටසෙන් හැදුව පින්තූරයක් දකුණේ ඇත.

සමමිතික ඡායාරූපයක් හා.............
සමමිතික ෆොටෝ එකකින් ගත් කොටස්වලින් මේවා හැදූ නිසා මේ මුහුණු තුනම සමාන වෙන්න ඕනේ නේද? ඒත් එහෙම නොවී තියෙන්නේ ඇයි? 
විද්‍යාඥ මතය නම් අපේ මුහුණේ එක් අර්ධයකින් අපේ අඳුරු ස්වභාවයත් අනෙක් අර්ධයෙන් සොඳුරු ගතියත්  හෙළිකරනවාය යන්නයි. 
රසික ඔයාලාටම කොයි පැත්ත අඳුරුද, කොයි පැත්ත සොඳුරුද කියන නිගමනයට එළඹෙන්නට ඉඩ දිය යුතු නිසාය, අවසන් තීන්දුව නොකියා තියන්නේ.

ඉඳියාප්ප තම්බන කාලයේ මගේ ෆොටෝ කෑල්ලක් ඉහළින් එබුවෙමි. 
මේ සූජානම ඒ ඇයිදැයි කියන්නටය.

මගේ මුහුණ දකින හුඟ දෙනෙකු හිතන්නෙත් මා ඉතා ගුණ යහපත්, සෞම්‍ය, සාන්ත-දාන්ත එක්කෙනෙක් විදියටය. මගේ හැටි දන්නේ මමනේ. මටම පුදුමය. එයාලාට පෙනෙන්නේ මගේ මුහුණේ එක පැත්තක් විතරද?  

මහා ඉස්පිරිතාලේ වාට්ටු ගොඩක් තිබුණත්, ලෙඩුන් ගොඩාරියක් හිටියත් ඒ හැමෝටම ඉඳියාප්ප කන්නට ඕනෑ වුණත් මදිය, සල්ලිත් තියෙන්න ඕනිනේ. 
සල්ලි නැති අයත් හිඳිති. “අනේ දරුවෝ, අපිට සල්ලි තියෙන වෙලාවට අපි උඹෙන් ඉඳියාප්ප ගන්නම්. ඒත් නොගත්තාය කියලා වාට්ටුවට නෑවිදින් ඉන්න එපා. උදේ පාන්දරම උඹේ හිනාව දැක්කාම දවසම සිරියාවයි. ඇවිත් අපට හිනාවෙලා පලයන්.” 
සමහරුන් මට කිව්වේ ඔවුන් නිදාගෙන හිටියත් කූද්දා හෝ හිනාවී යන ලෙසටය. එයාලාත් අර වගේ මගේ මුහුණේ සොඳුරු පැත්තට රැවටෙන අයයි.

මට රූප සම්පත්තියත් ටිකක් පිහිටලා තියෙයි. ඒ කොටහ නම් මට දායාදවී තියෙන්නේ අපේ අම්මාගේ ජානවලිනි. හොඳ වෙලාවට අම්මාගේ සේරම ගති නම් මට උරුම වෙලා නැත. එහෙම වුණා නම් ‘නිදි’ මීටත් වඩා ගොන් හරකෙක්ම වෙනවා නිසැකය.

කුප්පි ලාම්පුවෙන් රෑ අඳුර මකාගත් කාලයේ..............
අම්මාගේ කියන විට 2018.11.11 හැන්දෑවේ දුටු දෙයක් කියන්නම ඕනෑය. 

කුප්පි ලාම්පු එළියෙන් ගෙයි වැඩි හරියකුත්, පැට්‍රොමැක්ස් ලාම්පුවෙන් අඩු හරියකුත් ඒකාලෝක වුණු ඒ සන්දියේ නම් අප‍ට මේ පහසුකම් තිබ්බේ නැත. මේ තරම් දේවල් දැනගැනීම, කඩිනමින් දැනගැනීම හීනයක්ම විණි. ඒකටත් එක්ක අද!

මේක තිබුණේ LankaHotNews.Net එකේය. ‘රනිල් කෝපයෙන්... කතානායකට, ජයම්පතිට ශුද්ද සිංහලෙන් අමතලා...?’ සිරසෙන් යුතු පුවතක් පළව තිබිණි. එයට දක්වා තිබුණු ප්‍රතිචාරයක් ‘මල් හතේ’ එකක් බව නම් නොකියාම බැරිය.

කමෙන්ට් එක දමා තිබ්බේ ‘AMTA HAM’ නමෙනි. නම ‘අම්ට හැම්’ වුණත් ඒ කමෙන්ට් එක ‘බේකන්’වලටත් වඩා රසය! සුප්පාය!! “අඩෝ... කරු... උඹලගෙ අම්මට හැම නියං කාලෙටම වතුර ලැබේවා!!!” මට නම් මෙහෙම නිර්මාණාත්මක දේවල් දැකීම මහත් ප්‍රමෝදයකි!

ප්‍රමෝදය කියා කියද්දී මට කියන්නට වෙන්නේ මං හැම දේකින්ම ප්‍රමෝදයක් ලබන හැටියි. කොච්චර දුක්බර; වේදනාකාරී දෙයක වුණත් සතුටටත් හේතුවක් හැංගී කොකම් පාන හැටි මට පෙනෙයි. එහෙම වුණාම පුංචි දේකිනුත් සතුටු විය හැකිය. ඕනෑම වෙලාවක හිනා වෙන්නටත් හැකිය. අදටත් මට මහා ලොකු ප්‍රාර්ථනා නැත. බලාපොරොත්තු නැත.

ඇත්තේ සිල්ලර; හින්නිකිතර; පොඩි බලාපොරොත්තු පමණකි. ඒවා ඉටු වුණොත් මට සතුටුය. ඉටු නොවුණත් මට සතුටුය. ඒ එතකොට හැමදාටම ඒවා මතකයේ රැඳෙන බැවිනි. ඉටු වුණු පැතුම් ඉක්මනින්ම අමතක වෙලත් යනවා නේද?

ඉඳියාප්ප තම්බන කාලයේත්, පේව්මන්ට් එකේ රජවෙන කාලයේත් මට තිබුණු සැහැල්ලුව ක්‍රමයෙන් නැතිව ගිය හැටි ගැන මටම පුදුමය. එහෙම වෙන්නේ අපේ බලාපොරොත්තු; අපේක්ෂා කන්දරාව වැඩි වෙනකොටද?

රනිල් තරහෙන්ද?
දැන් මේ ටික කොටද්දී නම් රනිල් මහත්තයා ආයෙමත් අරලියගහ මන්දිරයෙන් පිටවෙලා ගිහින්ය. දැන් උන්නැහේ අගමැතිය. වෙනදා සිද්දවෙන හැටියට නම් ආයෙමත් අගමැතිතුමා උඩින් යන්නට පටන් ගන්නවා ඇත. එයාලටත් මේ ‘නිදිට’ වාගේ අතීතය හොඳට මතක හිටිනවා නම්...... එහෙනම් වාසිය රටටය; පුරවැසියන්ටය; අපටය. අනේ, අපට කොහෙන්ද එච්චර පිනක්?

මුල ඉඳන්ම ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන මධුශංක විතානගේ (මද්දා) සහෘදයා ‘ඉඳියාප්ප ගන්නවද -1’ පෝස්ටුවට කමෙන්ට් එකක් දාද්දී ප්‍රශ්නයකුත් අසා තිබිණි. 

“මෙච්චර දේවල් කළ හැකිද තනි මිනිහෙකුට?”. එහෙම අහන්නට ඇත්තේ මෙතෙක් මා කී දේවල් අනුවය. තවමත් මා කියා ඇත්තේ ඩිංගකි. කියන්නට තියෙන දේවල් ගොඩකි. 
ඒ-මේ සියල්ල ගැනම ස්තුතිවන්ත විය යුත්තේ දෛවයටය. ඉරණම මට අභියෝග රැසක්ම ඉදිරිපත් කළේය. මා කළේ ඒවාට මුහුණ පෑම පමණි. මිනිහෙක් කළ යුත්තේ එය නේද?  

හැබැයි එහෙම අහන ‘මද්දා’ත් මේ ළඟදී ලොකු වැඩක් කරලා තිබුණු බව මුහුණු පොතේ තිබිණි. දෛවය මිනිසුන්ට අවස්ථා උදා කොට දෙයි. තවත් මිනිස්සු තමන් විහින්ම පොටවල් පාදා ගනිති. ජීවත් වෙනවාය කියා මා නම් කියන්නේ ඒකටය.

මධුශංඛලාත් එහෙමය. එයාලාම අවස්ථාවක් පාදා ගෙනය. දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල මහ විද්‍යාලයෙත්, දිඹුලාගල නිදන්වල කනිෂ්ඨ විද්‍යාලයේත් පොඩිත්තන්ට පොත් බෙදාදෙන සත්කාරයක් කරපු මධූලගේ ‘රෝද දෙකේ රස්තියාදුව’ කණ්ඩායමත් තමන්ගේ තරම නොදන්නා අලියා වගේද කොහෙදය. එයාලා යහපත් වැඩක් කරලා තිබුණේ වැඩිය සද්දේ නොදාය. කොතෙකුත් හොඳ වැඩ කරන මුහුණු පොතේ මෙවැනි උදවියව හුඟ දෙනාට පෙනෙන්නේ නැත. පෙනෙන්නේ වැරැදිම විතරය. හොඳ දෙයක් දකිද්දී ඇහේ කොරපොතුය.

මධුශංඛ විතානලාගේ 'රෝද දෙකේ රස්තියාදුව' කණ්ඩායමෙන්........

මෙහෙම කියන්නට හිතුණේ මගේ තලතුනා මිත්තරයෙක් මතකයට ආව හින්දාය. (තලතුනා කියන එකේ නියම තේරුම හුඟක් අය නොදන්නා බව දන්නා හින්දා කිව යුතුය. වචනය දෙකට කඩා තැන මාරු කරගන්න. බයවෙන්න එපා.  එහෙම කළාට මොකුත් තැලෙන්නේ නැත.) ඒ මිත්‍රයා නොදන්නා දෙයක් නැත. ඕනෑම දෙයක් ගැන දනියි. හැබැයි ටිකක් විතරක් දන්නේ නැතිය.

ලෝකය වෙනස්වී ඇති බව. අලුත් පරම්පරාව අප‍ට වඩා වෙනස් බව. එයාලාටත් අවස්ථාවක් දිය යුතු බව. කැමැති මතයක් දරන්නට අපට ඇති අයිතියම වෙනත් මතයක් දරන්නට වෙනත් කෙනෙකුටත් අයිතියක් ඇති බව. නව ලෝකය දෙස වෙනස් විදියකට බැලිය යුතු බව....... 

ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් එක්ක පැටලෙන්නට නොපැකිළෙන මේ දැනුමැත්තා වාදයකට ආවොත් කීයටවත් අතාරින්නේ නම් නැත. හැබැයි ලොකුම කරුමය එයාට ඕනෑ විදියට එයාගේ දරුවන්වත් හැදිලා නැති එකය! (ඒ මගේ නිරීක්ෂණයයි. මං වැරැදි වෙන්නත් ඇහැකිනේ.)

මොකුත් හිතන්න එපා, එයාට අලුත් පරම්පරාවේ අලුත් වැඩ සේරම වාගේ නිෂ්ප්‍රයෝජන ඒවාය. එහෙම කිව්වාට මාත් ටිකාක් විතර ගතානුගතිකය. සමහර අලුත් වැඩ නම් මටත් දිරවන්නේ නැති වෙලාවල් ඇති වෙතත් ඒවා ඉවසන්නට මට පුළුවන්ය. ඔයාලටත් අනුන්ගේ මත ඉවසන්නට පුළුවනි නේද? 
එහෙම පන්නරයක් මට ලැබෙන්නට ඇත්තේ එක-එක ජාතියේ මිනිසුන් ආස්සරයට ලැබුණු නිසා වෙන්නැතිය. 

ඉඳියාප්ප විකුණන්නට කොළඹ මහ ඉස්පිරිතාලයට ගිය මාස කිහිපයේදී විතරක් වුණත් සංසාරය ගැන ඉගෙන ගත්තු තරමක්!

ලෝකය දෙස බලන විදියත් වෙනස් වෙන්නට ඕනේ නේද?
තදින්ම මගේ හිතට වැදුණේ හැම මනුස්සයාටම එක දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්නට තියෙන ආසාව ගැනයි.

මටම පුදුමය. එයාලාට එහෙම හිතෙන්නේ එයාලා ජීවත් වුණු කාලයේ හරියට ජීවත් වෙලා නැති නිසාවත්ද? එහෙමත් නැති නම් තව ජීවිතයක්, උත්පත්තියක් ගැන විශ්වාස නොකරන හින්දාද? අනේ, මට නම් පුනරුත්පත්තිය හොඳටම විශ්වාසය.

ඒකට කියන්නේ ‘භව තණ්හාව’ කියලාද කොහෙදය. එච්චර පණ්ඩිතකම් දැන-දැනත් හිත හදාගන්න බැරි හැටි. මැරෙන්නටත් දුකක් නැති වුණත්...... අනේ මන්දා, මේවා ටිකක් විතර පරස්පර විරෝධී වගෙත් පෙනෙයි. සමහර විට එහෙම වෙන්නේ, එච්චර හරියක් තේරුම් ගන්නට තරම් ලොකු මොළයක් මට නැතිකම නිසා වෙන්නත් ඉඩ ඇත.

දැන්  නම් ඉඳියාප්පයක රැල් වාගේ මං පැටලිලාය.

මං සාමාන්‍ය පෙළට ලිව්වේ 1970 වසරේදීය. විභාගයකට යන්නට කලින් කොච්චර පාඩම් කරන්නට තියෙනවාද? මට නම් ඒකටවත් වේලාවක්; ඉඩක් ලැබුණේ නැත. හරියටම විභාගයට සති දෙකක් තියා ඉඳියාප්ප කරුමාන්තය තාවකාලිකව නැවැත්තුවෙමි. 

රෑ දහවල් නැතිව පාඩම් කෙරිල්ලට ඇරුණෙමි. මතක හැටියට නම් ප්‍රතිඵලය හතයි හතරකි. විභාගය ඉවර වුණා විතරය, ආයෙම පුරුදු සුමේට. කඩයප්පම් හැදිල්ල වෙහෙසකර වුණත් පවුලක් නඩත්තු කරන්නට තරම් ලාභදායීය. ඒක අතෑරලා කොහොමද?

ඒත්, එච්චර වාසි තිබිලාත් ඉඳියාප්ප රස්සාව අතාරින්නට වුණේ  හීනෙකින්වත් නොහිතූ මරාලයක් කඩං වැටුණු විටය.

71 කැරැල්ල හිංදා ................
1971 කැරැල්ල! ඒ දවස්වල ගැටවර වයසේ හිටි කාටවත් පාර තොටේ ගැවසීම නොව ගෙවල් ඇතුළේ ඉඳීම පවා ‘අපලයක්වී’ තිබුණු බව පලිප්පු දමා කියන්නට ඕනෑ නැත. ඊටත් ඇඳිරි නීතිය. හෙට උදේටත් ඇඳිරි නීතිය වැටී තියේදැයි නොදැන අද හවස ඉඳියාප්ප තම්බා තියන්නේ කොහොමද?

බිස්නස් එක හිට්ටේය! අපට ආයෙත් වාරකන්ය. 

ඉතින් ඊට පස්සේ පිහිටට ආවේ ‘පත්තෑයාට පෙත්ත’ය. අද ‘ඉඳියාප්ප ගන්නවාද පෝස්ටු පෙළ’ට සමුදී එව්වා ලියන්නේ ‘පත්තෑයාට පෙත්තෙන්’ පෝස්ටුවෙනි෴

Thursday, December 27, 2018

මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස

ගැටලුව ආවේ ආරාධනා කළ යුතු කට්ටිය තෝරන්නට යන වෙලාවේය. පළමුවෙනි කොටසේදීත් කිව්වා වගේ හැමෝම මේ ‘මරිසියට’ එකතු කර ගන්නට බැරිය. 
මේක sacred නොවුණත් ෆුල් secret මිෂන් එකකි. අප ඇසුරු කරන්නේ විවිධ මට්ටමේ අයයි. සමහරුන්ට රහසක් රකින්නට බැරිය, නිහඬව ඉඳිල්ල පුරුදුම නැත.

බුම්මාගෙන බකුසු පාට් දමා................
සමහරු එයාලාට මඟුල්-තුලා නොකියනවාට කැමැතිය. කිව්වොත් සුවල්ප වියදමක්ද? කරදරයක්ද? ඒත් එහෙම අයත් අනෙක් හැමෝම එක්ක කියන්නේ ‘හානේ, ඔයාලට කිව්වේ නැද්ද? අපිට නම් මංගල්ලේ කිව්වා කලින්ම’ කියලාය. 
ඒ විතරද? මඟුල් නොකිව්වත් පස්සේ නෝක්කාඩු කියති. බුම්මාගෙන ‘බකුසු පාට්’ දමති. 
“හා, හා. අපිට නොකියාමනේ ඕගොල්ලෝ මඟුල් කන්නෙ.” යාළු-හිත-මිත්‍රාදීන් වැඩිවෙන එකත් කරදරයක් වෙන්නේ එහෙම වෙලාවටය.

‘මගෙන් මංගල යෝජනාවක් - 2’ පෝස්ටුවේදී අපේ යහළුවන් ගැන වැදගත් කාරණයක් කිව්වා මට මතකය. කෙනෙකුට කොච්චර විතර මිතුරන් ප්‍රමාණයක් ඇසුරු කළ හැකියිද? (උත්තරය විස්තරාත්මකව මතක් කරගන්න නම් ආයෙමත් ඒ පෝස්ටුව බලන්නකෝ. කෙටියෙන් නම්) උත්තරය 150 කි. ඔය 150ත් එක-එක කැටගරිවල අයනේ. 

ඉතින් බොහොම අමාරුවෙන්; යුද්ධයක් කරලා, එහෙම දන්න-කියන උදවියගෙන්, අපේ කොල්ලාගේ වැඩේට මැච් වෙන; රහසිගත වැඩේකට ඔබින; එක-එක මට්ටමේ 50 ක් විතරය තෝරා-බේරා පෙරලා අරගත්තේ.

මෙහෙම එළිපිට කෙරෙන (හොර) මඟුලකට වුණත් ආරාධිතයන් තෝරාගන්න රාජකාරිය එච්චර අමාරු නම් ‘Orgy’ එකකට කට්ටිය තෝරාගැනීම කොහොම අමාරු වේවිද?

නැහැ, නැහැ, අපොයි නැහැ. මං ‘ඔර්ගි’ එහෙමත් නැති නම් විකිපීඩියා එකේ කියනවා වාගේ ‘sexual activityor group sex’ ඔර්ගනයිස් කරලා තියෙනවා හෙම නෙවෙයි. දන්නවනේ. මේ මනුස්සයා හම්බවෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු හොයන එකානේ. 

ඔර්ගි පාටිවලට සාහභාගී වෙන්නෙම ඇති-පැති අයලු. බොහෝවිට දන්නා-කියන උදවියලු. ඉතින් කණ්ඩායමක් විදියට එකට එකතු වෙලා, එකටම නිරුවත් වෙලා, එක පොකුරට එක එක්කෙනා එක්ක...... ගමේ භාෂාවෙන් කියනවා නම් ‘නිඳි වැදලා’ ඊට පස්සේ.....?

Orgy පාටි එකක සිත්තමක්........
මිනිසුන්ට වස්තුව-වලඳුව වැඩි වෙද්දී ‘තෙල් මන්ද ආරනවා’ කියලා ගමේ අය කිව්වේ මෙහෙම අය ගැනය. එදා වේල හරි කර ගන්නට දත කන උදවියට ඔහොම විවිධත්වය හොයන්නට වෙලාවක් නැත. නාස්ති කරන්නට කාසි පනම් ඇත්තෙත් නැත.

ඒත් එහෙම එව්වා එදාත් තිබුණේය. අදත් තියෙන්නේය. හෙටත් තියෙනු ඇත. උඩින් යෙදූ Edourad-Henri Avril ගේ සිත්තම මං කියන්නේ නැති ගොඩක් දේවල් ඔබට කියනවාට සැක නැත.

ඒත් එක කාරණාවක් නම් කියන්නම වෙනවාය. අපේ රටේ ගොඩක් දෙනාගේ ලිංගික මාත්සර්යය නම් හොඳටෝම වැඩියි වගේය. මේ තරම් ගහ-මරා ගැනිලි සිදු වෙන්නේ ඒ නිසා වගේය. ‘තොපට එපා නම් එක වාරයක් අපා - දහස් වාරයක් අපටත් එපා තොපා’ කියලා ඉවසා ගන්නට අපට බැරිද? 

තරගකාරයන් මරන්නට හෝ මරාගෙන මැරෙන්නට හෝ තමන්ගේ ජීවිතයම නැති කරගන්නට හෝ ඕනෑද?

ඔය ටික මගේ හඳුන්පොතට ආවේ එදා මංගල්ලයේ දර්ශන අද; මේ දැන් ඇහේ නටන්නට ගත් විටදීය. තමුන්ගේ පෙම්වතිය, තමුන්ගේ හොඳම යහළුවෙකු සමඟ මංගල පෝරු මස්තකාරූඪ වෙනවා දකිද්දී චානිට මොනවා හිතෙන්නට ඇතිද?

හිතුණු දේවල් කොහොම වෙතත් “වෙඩින් එක නියමෙටම කෙරෙනවා මචං. උඹලගේ ඇක්ටින් සුපර්බ්!” කියලා නම් එවෙලේම චානි අපේ කොල්ලාට කියා තිබිණි.

අන්ධ ගායක හෙන්රි කල්දේරා............
සිංදු අහන ඕනෑම කෙනෙකු අන්ධ ගායක හෙන්රි කල්දේරා ගැන නොදැන ඉන්නට බැරිය. මට අනුව නම් හෙන්රිගේ හඬ ‘හොඳම හඬ පෞරුෂයකි’. තත් තත් තත් තාර පැටිය, පෙනුණු සුව දසුන්, මිදුලේ සුදු වැලි තලයේ, කන විදින වෙලේ වැනි අපූරු ගී රැසක්ම ඔහු ගයා තිබෙයි.

ඒ අතරේම මෙතෙක් වෙන කිසිම ගීත රචකයෙකුට විෂය නොවුණු අත්දැකීමක් සහිත ගීතයකුත් හෙන්රි ගයයි.

“ඊයේ උදයේ ඔබ පෝරුව මත හිඳුවා  
- හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා හිටියා!” 
කවුරුන් ඒ ගීතය රචනා කළේදැයි හොයන්නට ජාලය පුරා සැරුවත් මම අසමත් වීමි. 

ඒ විදියට බලද්දී නම් දුකත් හිතෙයි. නිර්මාණකරුවෙකුගේ අනන්‍යතාව වැදගත් නැතිද? ඉස්සර නම් රේඩියෝවෙන් සිංදුවක් ප්‍රචාරය වෙද්දී ගායකයාගේ නම විතරක් කිව්වේ නැතිය. පද රචකයාගේත්, සංගීතඥයාගේත් නම් දෙකත් කියවුණේය. දැන් එහෙම කරන්නට බැරි ඇයි?

පෝස්ටුවේ තැනින්-තැන අපේ මේ මංගල්ලය හොර මඟුලක්; මරිසි මඟුලක් විදිහට මං කිව්වත් හරියටම බලද්දී ඒකේ කිසිම හොරයක්; මරිසියක් තිබ්බේ නැත. 

සේරම චාරිත්තර කෙරුණේය. වාරිත්තර අතහැර දැමුණේය. චාරිත්‍ර කියන්නේ ඉටු කළ යුතු ඒවාටය. වාරිත්‍ර කියන්නේ සිදු නොකළ යුතු දේවලටය. එහෙම අතහැර දැමූ එකම චාරිත්‍රය ‘නව යුවළ මංගල මධු සමය ගත කරන්නට යාම’ විතරය! 
වෙඩින් එක අහවරවී අපේ කොල්ලා අපත් එක්කම ආපහු ආවේ චානි කොල්ලාගේ අලුත් මනාලිය සුජාත් එක්ක පිටත් වෙද්දීය!! 

ඒත් පෙනුණු විදියට නම් අසරණ චානිටවත් එදා මධු සමයක් තිබුණා වෙන්නට බැරිය.

මඟුල තිබුණේ බොල්ගොඩ ගඟේ ................
මඟුල තිබුණේ බොල්ගොඩ නදිය අසබඩ හෝටලයකය. ඒකට යන්නට වුණෙත් බෝට්ටුවලිනි. අපේ ආරාධිත අමුත්තන් වැඩි දෙනෙකු ඊට කලින් එහාට ගිහින් තිබුණේ නැත. ඒ තියා මාත්!

දැන් මට හිතෙන්නේ එදා චානිට සෑහෙන මුදලක් වියදම් වෙන්නට ඇති බවයි. 

ඔහොම කසාද බඳින්නට උදවිය යුරෝපා රටවලදී හොයා ගන්නත් පුළුවනිය. හැබැයි නිකම්ම; පිනට නොවේ. සල්ලි ගෙවලාය. ඒත් ඒකේ ඊළඟ කටයුතුත් ලෙහෙසි නැතිය. 
දැන් හිටි ගමන් රජයේ නිලධාරීහු ගෙදරට කඩා පනිති. ගෙදර සෝදිසි කරති; ඇත්තටම ඒ ඉන්නේ කසාද බැන්ද ජෝඩුවක්ද කියලා හොයා බලති.

“ඒක තමයි ලොකයියේ අමාරුම වුණේ. චානි අතින් කුලිය ගෙවලා ෆ්ලැට් එකක් අරන් තිබුණා. කොයි වෙලාවේ හෝම් ඔෆිස් එකේ එවුන් පනියිද කියලා කවුද දන්නේ. 
ඉතින් මටයි සුජාටයි ඒ ගෙදර ඉන්න වුණා. විශේෂයෙන්ම රෑට. 
චානිත් හිටිය නම් තමා. මටයි කෙළවුණේ. හිරේ දාලා වගේ. එපා වුණා!” අපේ කොල්ලා තවත් විස්තර කියද්දී කියැවුණේය.

“දැන් ඔහොම සල්ලිවලට බඳින කොල්ලෙකුට හරි, කෙල්ලෙකුට හරිත් එහෙම එක ගෙදරම ඉන්න වෙනවද?”

“100% ක් නැති වුණත් එහෙම කරන්න වෙනවා. නැත්තං හෝම් ඔෆිස් එකේ අයව සැටිස් කරන්න තරම් දේවල් ප්‍රසන්ට් කරන්න වෙනවා. ඉස්සර නම් සුද්දොත් මෝඩයි...... 
ඒකටත් එක්ක දැන්. වෙඩින් ෆොටෝ එක ගහලා තිබුණත් මදි. 
වෙඩින් ඇල්බම් එක තිබුණත් මදි. බිල් ගෙවපුවා තිබුණත් මදි. ඩොකියුමන්ට්ස්වලින් විතරක් දැන් ඉන්න සුද්දන්ව රවට්ටන්න අමාරුයි, ලොකූ. 
උන් මෙහෙම ගේකට පැනපුවාම බාත් රූම් එකට ගිහින් ටූත් බ්‍රෂ් කීයක් තියෙනවද, ටවල්ස් කීයක් තියෙනවද වගේ පුංචි ඩීටේල්ස් හිටං බලනවා. අපේ උන්ගේ රැකට්ස්වලින්ම උනුත් ඉගෙනගෙන ඉන්නේ”

වෙඩින් ෆොටෝ එක තිබුණත් මදි ............
එහෙම වීසා හදාගන්නට; පුරවැසිකම ගන්නට විතරක් කසාද බැඳීමත් ලේසි වැඩක් නොවේ. ඒ රටවල බලධාරීනුත් දැන් මේ සටකපටකම් ගැන දැනුම්වත්ය. ඉස්සර වගේ ඉල්ලූ පලියටම දැන් පුරවැසිකම දෙන්නේත් නැත. හැම විටම බලන්නේ විදේශිකයන් උන්ගේ රටවලටම ආපහු දක්කන්නටය.

කසාදයෙන් පස්සේ අවුරුදු කීපයක් බලා ඉන්නත් වෙයි. දන්නවානේ, ඒ රටවල කසාදයක් අවුරුදු කිහිපයක් නොකැඩී-නොබිඳී තියෙනවා කියන එකත් ලොකු දෙයකි. 

අනෙක් අතට දික්කසාද වීමත් වියදම් වැඩි වැඩකි. ස්වාමි පුරුෂයාට; husband ට වැඩියෙන් හැම නීති වාසියක්ම තියෙන්නේ බිරින්දෑටය. කසාදයක් දික් කරගනිද්දී මහත්තයාගෙන් නෝනාට වන්දියක්, දේපලවලින් කොටහක් එහෙමත් ගෙවන්න වෙයි! 
ඔව්වා කියන්නේ තවමත් මේ පරණ උපක්‍රම පාවිච්චි කරන්නට හිතාගෙන ඉන්න උදවියගේ හිත සුව තකමිනි.

1996 දෙවෙනි වතාවට; සමන්ති නංගිගේත්-බිමල්ගේත් මංගල්ලයට මා එංගලන්තයට ගිය වෙලේ Mr. Aheer නම් පකිස්තානු ජාතිකයෙකු අඳුනා ගන්නට ලැබිණි. 

ඒකත් නීති විරෝධී වැඩක් කරන්නට ගිය විටෙකය. එයාගේ ගාමන්ට් එකක රෙදි මදින රස්සාවක්, තාවකාලිකව මට හොයා දුන්නෙත් යහළුවෙකි. ඒකේ වැඩ කරන තරමක් වැඩ කළේ ඉන්දියානුවන්ය. ඒත් අහීර් මහත්තයාගේ හිතට ඇල්ලුවේ නොරටේ මාවය.

“ඇයි උඹ ආයෙම ලංකාවට යන්න හදන්නේ? පිස්සුද? මෙහාට එන හැමෝම හදන්නේ කොහොම හරි මේ රටේ ඉන්න විදියක් හොයා ගන්නයි. මං උඹට හොඳ ඉන්දියන් ගර්ල් කෙනෙක් හොයලා දෙන්නම්, මැරි කරන්න. ටික දවසකට පස්සේ උඹට සිටිසන්ෂිප් එක අරගන්නත් උදවු කරන්නම්. මොකද කියන්නේ?”

මේ ඇත්තන් දිහා අප බලන්නේ පිටස්තරයන් විදියට නේද?
මොනවා කියන්නද? අකැමැත්ත මිස. 

හොර පාරෙන් එංගලන්තයට ආ ප්‍රසාද්, බන්ටි හා වික්‍රම් නම් ඉන්දියානු හාදයෝ තුන් දෙනෙකුත් ඒ ගාර්මන්ට් එකේම ඇඳුම් මදින්නට ආවෝය. IT උපාධිකාරයෙකුවූ ප්‍රසාද් එංගලන්තයට ඇවිත් තිබුණේ සෑහෙන කට්ටක් කාලා, ගොඩබිම් පාරෙන්ය. වාහනයක යට තට්ටුවේ හැංගිලාය. ට්‍රයි කළේ ඉන්දියන් කෙල්ලකු දැලේ දාගෙන කසාද බැඳගන්නටය. ෆැක්ටරියේ හැමෝටමත් ඒක රහසක් වුණේ නැතිය. ඒත් කිසිම කෙනෙකු ඔහුට උදව්වක් කරන්නට හිතුවේ නැත. අහීර් මහතාවත්! කොහේ උදව් කරයිද? ප්‍රසාද් ශරීර හොරෙකි. බැලුවෙම නිකං ඉඳන් පඩි කන්නටය.          

අනෙක් අයට නම් මා දන්නේ නැත. මට නම් ඒ රටේදී දැනුණේ මං ‘second class’ පුරවැසියෙකු විදියටය. 

කොච්චර කිව්වත්, ප්‍රගතිශීලී කෙනෙකුට වුණත් අපේ රටේදී දෙමළ ජාතිකයෙකු පෙනෙන්නෙත් දෙවෙනි පන්තියේ මිනිහෙකු විදියට නේද? 
ඉතින් මගේ මෝඩ අහංකාරකමටද නැතිනම් උද්ධච්චකමටද මන්දා උපන් රට දමා නොරටකට යන්නට; ගිහින් පැළපදියන් වෙන්නට මා නම් කැමැති නැත. මටම මං ගැන පුදුමය. මට එහෙම හිතුණේ අපේ අම්මාත්, නංගිලා මල්ලිලා හතර දෙනෙකුත් එහෙ හිටිද්දීත්ය!

“හරි. උඹ ගියත් ආයෙම වතාවක හරි එංගලන්තෙට ආවොත් මාව contact කරන්න අමතක කරන්න එපා. කවදා ආවත් උඹට මම job එකක් දෙනවා!” අහීර් මහත්තයා එහෙම කිව්වේ මට තිබුණු ආදරේකටත් වඩා, එයාට වෙන වාසිය සලකා බලලාය.

ඕනෑම කෙනෙකුට තමා උපන් රටේදී; මව්බිමේදී දැනෙන අභිමානය වෙන රටකදී දැනෙනවාය කියලා මට නම් හිතෙන්නෙම නැත!

“පුරුදු ලෙස මා ඔබ දකින්නට - පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවකු ඉබේවත් නැත - ඇසක් මා දෙස යොමා බැලුවේ
කිමද මේ අරුමේ - මට නොහැඟෙයි ප්‍රිය සොඳුරේ”
හෙන්රි කල්දේරාගේ සිංදුවේ අන්තරා කොටසෙන් කියන්නා වගේ එදා මංගල්ලයෙදීත් හැමෝම බලා උන්නේ අපේ කොල්ලාත්, සුජාත් දිහාවේය. 

මඟුලේ මහ මොළකාරයා වුණත්; රහසිගත ප්‍රධාන නළුවා වුණත්; සේරම විය-හියදම් දරන්නා වුණත් චානිට no place ය. ඇත්තටම එදා නම් චානිට දැනෙන්නට ඇත්තෙත් පුංචි පහේ මදිකමක් වගේය.

පුරුදු ලෙස මා ඔබ දකින්නට..............
එහෙම වෙන්නත් එපායෑ. පැය තුන හතරක් හිතින් විඳෙව්වත් මොකද, කරන බොරුව හරියටම කරන්න ඕනැනේ. ෆොටෝවලදීවත්, වීඩියෝවේදීවත් චානි කැපී පෙනුණේම නැත.

මේ ළඟදී දවසක, මේ සිද්ධියත් පෝස්ටුවකට හොඳ නිමිත්තක් හිංදා විස්තර මතක් කර ගන්නට හිතා, මම අපේ කොල්ලාට එන්නැයි කිව්වෙමි. අපරාදේ කියන්නට බැරිය. ඌත් ආවේය. “දැන් කොහොමද චානිලට?”

“දැන් හොඳයි ලොකූ. මං සුජාව ඩිවෝස් කළාට පස්සේ චානි එයාව මැරි කළා. දැන් එයාලගෙ ළමයිනුත් ලොකුයි.” කොල්ලා කිව්වේය.

“ඒ වගේම ලොකයියේ, ඔයා බ්ලොග් එක ලියනකොට කිසිම ඇත්ත නමක් එහෙම දාන්නත් එපා. කාට හරි ප්‍රශ්නයක් වුණොත්!” කොල්ලා එහෙම ඉල්ලා ඊට පස්සේ තවත් වැදගත් ඔත්තුවකුත් දුන්නේය. “ලොකූට හිතා ගන්නවත් පුළුවනිද මං චානිට උදව් කළේ ඔයාගෙයි, ඔයාලගේ අම්මගෙයි වැඩ දැකපු නිසා කියලා?”

“අපි හිංදා? අපේ වැඩ හිංදා? ඔන්න අම්මා නම් චානිව අඳුරනවා වෙන්නැති. ඒත් මං චානිව දැනගෙන හිටියේ නැහැනේ.”

අපෙන් උදව්වක් ගත්ත කෙනෙක් තව කෙනෙකුටත් උදව් කරයිනේ!
“හරි ලොකූ. ඒත් ඔයා තිස්සෙම කියනවා වගේ අපි තව කාට හරි උදව්වක් කළොත් ඒ මනුස්සයත් වෙන කෙනෙක්ට හරි උදව් කරයි. අන්න එක ගැන හිතලයි මං චානිට වැඩියත්ම උදව් කළේ!” 

සම්මානයක් දෙනවාට වඩා ඒ වචන කිහිපයෙන් කෙරුණු ඇගයීම මට වටියි. තව-තවත් අනුප්‍රාණය දෙයි! අප අනුන් වෙනුවෙන් පහනක් දැල්ලුවත් ඒ ආලෝකය අපේ මාර්ගයත් එළිය කරනවා නේද?

“ඒ වගේම ලොකූ, ඔය විදියට සල්ලිවලට බැඳපු කීප දෙනකුටම හරි කරදරත් වුණා.”
“ඒ මොකෝ?”
“උන් තව සල්ලි ඉල්ලලා ඩිමාන්ඩ් කරන්න අරන්. නැතිනම් ඩිවෝස් එක දෙන්න බැහැ කියපුවා, ඇත්ත එළියට දානවා කියලා ‘බ්ලැක් මේල්’ කරන්න හදපුවා එහෙමත් පස්සේ ආරංචි වුණා!”

“මිනිස්සු එහෙම තමයි .... තණ්හාව හිතුණාම නොකරන දෙයක් නැහැ. මොනවා වුණත් ඔයාට වගේම මටත් සතුටුයි පොඩියට හරි එහෙම දේකට සපෝට් කරන්න ලැබුණට. 
එහෙම කරන්න කියලා මගෙන් ඉල්ලලා මාවත් ඔයාලගේ මරිසියට හවුල් කර ගත්තට ඔයාටත් ගොඩක් ස්තුතියි.”

දැන් අපේ කොල්ලාත් දෙදරු පියෙකි. පුතාලාම දෙන්නෙකි. ලොක්කා එන අවුරුද්දේ ඕලෙවල් ලියන්නට සූදානම් වෙමින් හිඳියි.

කවුරුන් කොතැනින් කොහොම හරි පොටක් පාදා ගනීවිද..............
අප හැමෝම එකතුවී කළේ ‘මරිසියක්’ වුණත් හොඳ චේතනාවකින් කළ නිසාදෝ කිසි අවුලක් වුණේ නැත. හැබැයි ඔයාලාත් මෙහෙම මරිසි කරන්න ඉන්නවා නම් පරෙස්සමින්! 

දැන් නීති තදම තදය. කවුරුන් කොතැනින් කොහොම හරි වැරැදි පොටක් හොයා ගනීවිද කියා සැකයෙන් ඉන්න. එය ප්‍රවේසම් සහගතය. ඒ නිසාම මිෂන් එක කරන්නට වෙන්නේ අතිසූක්ෂ්ම විදියටය. 

කිසිම වැරැදි පොටක්; හෝඩුවාවක් ඉතිරි නොකරය෴

Tuesday, December 25, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - පහළොස්වෙනි කොටස


ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවේ ‘වසන්තාගේ වාසනාව’ ගැන කියූ තැනින්ය. ඇයි වසන්තාගේ වාසනාව විතරක්. රසික ඔයාලා?  

ඔයාලා හැමෝමත් වාසනාවන්තයෝය. මනුස්සාත්ම භවයක් ලැබීම වාසනාවකි. හොඳ සිහි බුද්ධිය ඇතිව, ඇසීම- දැකීම- කතාබහ කිරීම- අදහස් ප්‍රකාශ කිරීම වගේ හැම දෙයක්ම කළ හැකිව හිඳීම කොයි තරම් වාසනාවන්තකමක්ද? ඒ නිසා නේද මෙහෙම මා ලියන එව්වා කියවන්නට හැකිවී තියෙන්නෙත්.

කියවීම......
දැනට දෙතුන් වතාවක්ම මා එකම දෙයක් කියලා අහවරය. ‘අපේ ශරීර කූඩුව වැඩ කරන යාන්ත්‍රණය හරියටම තේරුම් ගැනීම හොඳය’. එහෙම තේරුම් ගත්තාමය අපට ඕනෑ හැටියට සෙල්ලම් දාන්නට පුළුවන් වෙන්නේ. (ඒ මං කරන හැටිය!).

හුඟ දෙනා සෙල්ලම් සේරම දාන්නට යන්නේ බාගෙට ඉගෙනගෙනය. එතකොට වැඩේ චොර වෙයි. 

සිංහල හරියට නොදන්නා අය භාෂාවකට වියරණ ඕනෑ නැතැයි කියමින් හඩු සිංහලෙන් ලියති; ලියන්නට ගිහින් නාගනිති. හොඳට බාසාව දන්නා උදවිය බස ලෙළවති; නළවති; ඇති පමණ ශිල්ප දක්වති! හැබැයි සිංහලයට නීති එපා කියන උදවිය අම්මෙ-මුත්තෙ කිව්වත් ඉංගිරිස් නම් වරද්දන්නේ නැත. ඒකට පස්ස ගහති.

මොකට පස්ස ගැහුවත් අප හැමෝම කන්නට- බොන්නට නම් පස්ස ගහන්නේ නැත. මිනිස්සු දෙවිදියකට ජීවත් වෙති. 1- පළමු කොටසේ අය කන්නටම ජීවත් වෙන අයයි. 2- දෙවන කොටසේ උදවිය ජීවත් වෙන්නට විතරක් කන ඇත්තන්ය. ඔබ අයිති කොයි කොටසටද? අද අප වටේ ඉන්නා උදවියට ඒ තියරිය දාලා බලන්නකෝ, කොහොමද  කියලා!

කන්නටම ජීවත් වෙන්නෝ...............
කොහොම කෑවත් ඒකෙන් වෙන්නේ සිරුර පවත්වාගෙන යාමට; අපේ වැඩපල කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමයි. (මං ‘කෑවත්’ කියන්නේ පිඟානකට බෙදාගෙන කන්නට පුළුවන් ජාතියේ ආහාර ගැනීම ගැනයි. ගල් පෙරේතයන් වාගේ බදාගෙනම රට, ජරාව කෑම ගැන හෙම නොවේ!) සාමාන්‍යයෙන් අප කන-බොන දේවල අඩංගු සියල්ල ප්‍රධාන වශයෙන් වර්ග හතරකට වැටෙයි.

1.    
පිෂ්ඨය - කාබෝහයිඩ්රේට කියලත් කියන්නේ මේකටමයි. බත්, පාන්, අල වර්ග, පිටි එළවලු, සීනි වගේ දේවල්...... 2. ප්‍රෝටීන - ධාන්‍ය වර්ග, මස්, මාළු, කරවල, බිත්තර වගේ දේවල්...... 3. මේදය - මස්, බටර්, තෙල් වර්ග ....  4. ඛනිජ වර්ග, විටමින් හා අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය

කන්න ගියාම ඉතින් මේ කොටස් ගැන නෙවෙයිනේ අපි හොයන්නේ. කාගෙන, කාගෙන යනවා මිසක්. පුදුමේ කියන්නේ කොයි ‘කන’ එකටත් ඒ තියරි එක පොදුයි කියලා මට නම් හිතෙන එක! කොහෙද, මගේ නුහුගුණ ගතියත් හිටි ගමන් මතු වෙනවා නේද? නැතිනම් මොකටද මෙතනට වෙන-වෙන ‘කන’ එව්වා ඇදගන්නේ.

අපේ කියමනක් තියෙනවානේ, ‘ඉස්සෙල්ලාම කන්නෙ ඇහෙන්!’. 

ලස්සනට, ප්‍රියමනාප විදියට තියෙනවා නම් ok. දෙවෙනියට කන්නෙ නහයෙන්. නෑ! එහෙම නැහැ කියලද හිතුවේ? නිකමට හිතන්නකෝ හොඳටම රොස් ගඳ ගහන කිරිබතක් ගැන. කත හැකිද? නියම ගණනට ලුණු-ඇඹුල් වැටිච්ච කිරි හොද්දක්.... සුවඳ මේ දැනුත් දැනෙනවා වගෙයිද?

කන්න ගියාම කොච්චර ජාති තියෙනවාද?
“ඉතින් නිමල් අයියේ, ඔය මොනවා කෑවත් එව්වා ජීර්ණය වෙලා අපේ ඇඟට උරාගෙන ලේවලට එකතු වෙනවා. එහෙම තමයි අපේ ඇඟ හැඩ ගැහිලා තියෙන්නේ. කන බොන ඒවා ජීර්ණය වෙලා ලේවලට උරා ගනිද්දී අර මුලින් කිව්ව සංඝටක හතර විදියට තමා ඇඟට උරා ගන්නේ. සීනි, ප්‍රෝටීන (ඇමයිනෝ ඇසිඩ්), මේදය, විටමින් ද්‍රව්‍ය......ඕවා විදියට. 
එහෙම ශරීරගත වෙන දේවල් සේරම ගබඩා කරන්නෙත්; ශරීරයට බෙදා හරින්නෙත් අක්මාවෙන්. එහෙම ලේවලට උරාගෙන ඇඟේම ගබඩා කරලා තියාගන්න සීනි දහනය කරලා තමයි ඇඟට ක්‍රියාකාරී වෙන්න ඕනේ කරන ශක්තිය ලබා ගන්නේ. 
ඒක දැන් හැමෝම දන්නවානේ. කොච්චරද කියනවා නම්, අපිට හුස්ම ගන්න වුණත් ශක්තියක් ඕනේ. ඇඟ පුරා රුධිරය දුවන්නෙත් යම්කිසි ශක්තියක් වැය කරමින්........” 
එදා පීරිස් මුල පිරුවේ ලොකු-දිග-බරපතළ කතාවකටය.

හිටි ගමන් කෙරෙන එහෙම මහ දිග සාකච්ඡා හිංදා මට මගේ බ්ලොගය කෙටීමේදී ‘වැඩ්ඩෙක්’ වෙන්නට මං පෑදෙයි. සජ්ජන ඇසුර කොහොමත් ඉතාම ඵලදායීනේ. ඉතින්, මේවා කියවන රසික ප්‍රජාව වෙනුවෙනුත් ගොඩක් ස්තුතියි දොස්තර මහත්තයෝ!   

“නිමල් අයියේ, මිනිස්සු බඩට දාගන්න දේවල් සේරම දිරවන නිසා වෙන්නැති ආහාර ගැන වැරැදි මත ගණනාවක්ම තදින්ම සමාජයේ මුල් බැහැගෙන තියෙනවා. -ඉස්සරත් අපි ඕනේ තරම් බත්, අල, බතල, කොස්, දෙල් කෑවා. සීනි එක්ක තේ බිව්වා. ඒ වුණාට අපේ උදවියට ලෙඩ හැදුණේ  නැහැනේ- ඒක තමයි වැඩිම දෙනෙක් නඟන තර්කය.”

“එතකොට අයස්මන්ත මහත්තයෝ, ඔයා කියන්නේ ඒක බොරුය කියලද?”
“හැබෑ බොරු තීරණය කරවාගන්න නම් ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වෙයි.”
මට එක වතාවටම හිතුණේ ‘මගේ අම්මෝ’ කියලාය.

නීතිය ගැන තිබුණු විශ්වාසය නම් නැත්තටම නැතිවී.....
ඇත්තම කිව්වොත් නීතිය ගැන මගේ හිතේ යාන්තමින්වත් ඉතිරිවී තුබුණු ගෞරවය; විශ්වාසය පහුගිය සති කීපයේදී නැත්තටම නැතිවී ගියේය. 
එහෙම වුණේ අපේ නීති පප්පලා දෙපිළට බෙදී ඉතාම හරබර විදියට දෙසා වදාළ අර්ථකථනවලට කන් දුන්නාමය. එකම නීතිය මෙච්චරටම වෙනස් විදියට තේරුම් කරන ඒ උත්තමයන් තරම් ‘උත්තම පුතාලා’ මළාම වළලන්න හොඳ නැතිය. 
අනාගත පරම්පරාවලටත් දැක බලාගන්නට හැකිවෙන්නට කරෝල කරලා තියන්නට වටිනවාය.   

“ හැබෑ බොරු කොහොම වුණත්, මට කියන්න පුළුවන් මං පිළිගන්න කාරණා ටිකක්. එක. ඉස්සර කාපු දේවල් නෙවෙයි අපි දැන් කන්නෙ. බත්ම ගනිමුකෝ. හීනටි, සුවඳැල්, කුරුලුතුඩ, මාවී වගේ හාල් ජාතිවලින්ද අපි අද බත් උයන්නේ? 
දැන් තියන වී ජාති සේරම දෙමුහුන් කරපුවා, ජාන වෙනස් කරපුවා. ඒ හාල් හොඳට පෑහැලා, ඒ මදිවට පොලිෂුත් කරලයි මාකට් එකට දාන්නේ. 
ඉස්සර මිනිස්සු කැකුළෙන් හාල් කෙටුවේ කලාතුරකින්. කෑවේ තම්බපු හාල්වලින් උයපු බත්. දැන් වගේ තේවලට සීනි පුරෝගෙනද තේ බිව්වේ? 
අල්ලට සීනි කැට දෙක-තුනක් අරන් කාලා. පිඟානේ බත් එක්කම එළවලු මාළුපිනිත් හරි-හරියට තිබුණා. අද?”

ඒකට විරුද්ධව නම් මටත් කියන්නට දේවල් තිබ්බේ නැත.

“නිමල් අයියේ, ඉස්සර මිනිස්සු කොච්චර මහන්සි වුණාද? 
ගෑනු කට්ටිය ගෙදර වංගෙඩියේ වී කෙටුවා. කුරහන් ගලේ කුරහන් ඇඹරුවා. දුරු-මිරිස් ටික මිරිස් ගලේ අඹරාගත්තා. ළිඳෙන් වතුර ඇද්දා. 
පිරිමිත් කුඹුරේ, ඕවිටේ, හේනේ කොයි තරම් වැඩ කළාද? 
දැන් කවුද ඒ වගේ ඇඟ වෙහෙසවලා වැඩ කරන්නේ? එහෙම මහන්සි වෙද්දී කෑව බිව්වෙත් ඔරොත්තු දෙන දේවල්. 
ඔයා දන්නවද? දැන් අපිට මුහුදු මාළු කන එකත් නවත්තන්න වේගෙනයි එන්නේ. දැන් උන්ගේ ඇඟේත් ප්ලාස්ටික් අංශු! 
එහෙන් කෘමිනාශක, මෙහෙන් ප්ලාස්ටික්. ඒ අතරට එක-එක කලරින්ස්, කෙමිකල්ස්.....” 

පීරිස් කියාගෙන ගියේ හරියට මං කරපු දෙයක් නිසා මේ විනම්බෑසි සේරම සිද්ධ වෙනවා වගේය.

කුරහන් ගලේ කුරහන් ඇඹරුවා............
මේ වගේ කාරණා දැනගන්නා එකේ තියෙන වැරැද්දත් එකය. ඒවා දකින විට අපට කේන්ති යයි. ‘මළ’ පනියි. ලේ පිච්චෙයි. හැබැයි, හොඳට හිතා බලද්දී ඒ වැරැදිවලින් වැඩිම හරියකට වග කිවයුත්තෝත් අපමය.

“ඒක නම් ඇත්තයි පීරිස්. ඒත් මිනිස්සු දැනුවත් වුණාමනෙ එයාලටම තීරණයක් ගන්න ලෙහෙසි. මං හිතුවේ අද ඉන්සියුලින් ගැන වැඩියෙන් කියන්න. 
මොකද, ඔයාම කියනවනේ කෑමක් ගැන හිතනකොටත් ඉන්සියුලින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා කියලා.” කතාව මට ඕනෑ පැත්තට හරවා ගන්නට හැකි වුණේ ඔන්න එහෙම ඇහුවාට පස්සෙය.      

“අපේ ඇඟ දන්නේ නැහැ අපි කන්නෙ ගැළපෙන දේවල් විතරද වගේ කිසිම දෙයක්. 
ආමාශය පුරුදු වෙලා තියෙන්නේ ඒකට වැටෙන ආහාර සේරම ජීර්ණය කරලා දෙන්න. 
එහෙම ජීරණය වෙවී ආහාරවල අඩංගු වෙලා තියෙන පෝෂක ද්‍රව්‍ය අපේ ලේවලට එකතුවෙනවා. ඉස්සෙල්ලාම එහෙම එකතු වෙන්නේ ග්ලූකෝස්. 
මොකද ඉක්මනින්ම දිරවන ආහාර කොටසට වැටෙන්නේ පිටි; පිෂ්ඨය; සීනි වැඩි කෑම වගේ ඒවා නිසා. ඔන්න එතකොට තමා ඉන්සියුලින් ඕනේ වෙන්නේ! 
මොකටද ඉන්සියුලින් ඕනේ? මොකක්ද ඉන්සියුලින්වලින් කෙරෙන්නේ?”

දැන් නම් මටත් ඔය ටික දොස්තර මහත්තයා තරම්ම අපූරුවට නැතත්, ඒ කිට්ටුවට පහදලා දෙන්නට හැකිය. 

දිගට කළේ නැතත් අපේ නෑදෑ-හිතමිතුරු, අසල්වැසි ගොඩ දෙනෙකුට පීරිස් තෙල බෙදුවේය. හුඟ වෙලාවට මාත් ඉස්සරහදීමය. මට හිතෙන්නේ දොස්තර මහත්තයා එහෙම කළේ මාව ඒ ගොඩට තල්ලු කරන්නටමය. 
තල්ලු වෙන්නට ඉස්සෙල්ලම මට එව්වා පාඩම් හිටලා වගේය.

ඉන්සියුලින්වලින් කෙරෙන්නේ...........


“.....ඉන්සියුලින්වලින් තමයි ලේවල තියෙන ග්ලූකෝස් සිරුරේ පටකවල සෛලවලට තල්ලු කරන්නේ. ඔන්න වැදගත්ම point එකක්. 
සීනි වැඩි ආහාර ගන්න තරමට ඉන්සියුලින් වැඩියෙන් නිපදවෙන්න ඕනේ එහෙම තල්ලු කරන්න! මොකද, එහෙම දිගින් දිගටම වැඩියෙන් ඉන්සියුලින් එකතු වෙද්දීත් ලොකු වෙනසක් වෙනවා. ඉන්සියුලින්වලට ඇති සංවේදී බව අඩුවෙන්න පටන් ගන්නවා. 
ඉතින් අග්න්‍යාශයට දිගටම බර වැඩ කරන්න වෙනවා. ඒක දිගටම කරන්න බැරි වුණොත්......?”

ඔච්චර සිම්පල් ප්‍රශ්නයක් අහද්දී නම් මගෙත් පඩික්කන් කට ටක් ගාලා ඇරෙයි. “දියවැඩියාවට මුල පිරෙනවා!”

“හරියටම කියනවා  නම් type 2 දියවැඩියාවට.”
“දැන් පැහැදිලියි!” මම කිව්වෙමි.

“ඒත් මැට්ටෝ, තමුසෙ ගිය සතියෙත් උඳු වළලුයි, රෝස් පානුයි, කිරිබතුයි..... ජාති තුනම කෙළලා ඇරියා නේද?”

“ඒකෙනුත් එකක් පැහැදිලි වෙනවානේ මහත්තයෝ........” මං බැරෑරුම් විදියට කියද්දී පීරිසුත් මට ඉඩ දුන්නේය. “අපේ නෙවිල් අනුරසිරි උන්නැහෙත් ඒකට සම්මාදම් වෙලා, කේළමත් කිව්වා කියලා.”

“මොනවා? ඌත් කෑවද?” දැන් දොස්තර මහත්තයාට මාව අමතකය. පරුෂ වචන මාලාවකින්ම ලෝබ නැතිව සංග්‍රහ කරන්නේ කොහේවත් ඉන්නා නෙවිල්ටය.

උඳු වළලුයි රෝස්පානුයි කිරිබතුයි ජාති තුනම..........
“ඔච්චර කේන්ති ගන්න එපා මහත්තයෝ. ටිකක් ඉවසලා කියන්නකෝ ටයිප් 2  දියවැඩියාව ගැන ඔයා කියන්න හදපු දේ.”

“මේකයි. දැන් තමුසේ බඩජහරිකමට ඉඳහිටලා ගිලිනවා වගේ නෙවෙයි, අපේ මිනිස්සු දිගට-හරහට කොච්චර නම් දිරවන්න ලේසි දේවල් දවසකදි ගිල දානවද? 
පාන්, බනිස්, කේක්, අයිස්ක්‍රීම්, බිස්කට්, චොක්ලට්, ආප්ප, පිට්ටු, තෝසේ, ස්වීට්ස්..... කෙළවරක් නැහැනේ. ඒ මදිවට තේ එකක්, කෝපි එකක් බොද්දිත් එකේ වැඩියෙන් තියෙන්නේ මොනවද? සීනි. 
පැණි බීම? බත් කනකොටත් කන්නෙ ඉක්මනින්ම දිරවන්න පුළුවන් විදියේ පෑහැපු- පොලිෂ් කරපු හාල්වලින් උයපු බත්. එහෙම කරනකොට කෑම ඉක්මනින් දිරවනවා. 
ලේවලට සීනි එකතු වීමත් ඉක්මනින් වෙනවා. 
එතකොට ලේවල සීනි ගබඩා කිරීමත් ඉක්මනින්ම කෙරෙන්න වෙනවා.”

හරියටම චක්‍රයක් වගේය.
“ඔව්, ඒක චක්‍රයක් වගේ තමයි. දිගටම වැඩියෙන් ඉන්සියුලින් වැඩියෙන් ලේවලට එකතු වෙද්දී අපේ ඇඟ ඒවාට ප්‍රතිචාර දක්වන එක slow වෙනවා. 
දිගටම දකින කුකුලාගේ කරමලේ සුදුවට පෙනෙන්න ගන්නවා වගේ. 
එතකොට මොකද වෙන්නේ? තව වැඩියෙන් ඉන්සියුලින් හදන්න වෙනවා...... ටයිප් 2 දියවැඩියාව හැදෙන්න තවත් හේතුවක්!”

දැන් ඔයාලට දැනෙන්නෙ කොහොමද? 

මං මේ බ්ලොගය කියවමින් ඉන්නවා නම් ඔන්න ටිකාක් හරි ඇති කියලා හිතනවාමය. 
ඒ මගේ හිත එක අරමුණක තියා ගැනීමේ හැකියාව චුට්ටං නිසා වෙන්නටත් හැකිය. 
මෙච්චර දවසක් මේ කාරණා මල්ල ලෙහන්නට පරක්කු කළෙත් මේ නිසාමය. 
ඇතා ලොකුය. එහෙව් සතා කොච්චර වැහැරුණත් කොරහේ දමා නාවන්නට බැරිය.

අනෙක මා මේ ලියන්නේ මට ලැබුණු ‘වැරැදි බෝනස් එක’ ගැනනේ. 
එහෙම වුණත් ඒක කාටවත් කියවන්නට එපා නොවෙන විදියට ලියන්නත් ඕනෑය.

ඇතා කොච්චර වැහරුණත් කොරහේ නාවන්නට බැරුවා වාගේ.......
අපේ පළමුවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කවියෙක්ද? 

මෙච්චර කාලෙකට නම් මං ඒ බවක් දැනගෙන හිටියේ නැත. ඒත් එතුමාත් කවියක් ලියා ඇත. සමහර විට එයා වෙනුවෙන් වෙන කවුරුන් හරි ඒක ලිව්වාත් විය හැකිය.

ලෝකයේ ඉන්නා ගොඩක් ලෝකයන්ට, ලෝක දේශපාලකයන්ට කතා ලියන්නට වෙනම පිරිසක් ඉඳිති. එහෙම නැති අයත් හිටිති. 
ඉතින් එහෙම අය අද එකක් කියා, ඒකෙ රස්නය යන්නටත් කලින් ඊට පටහැණි කතාවක් හෙට කියලා මදිය නොකියන්නම නාගනිති. 
ඒ මොට්ටකම ප්‍රදර්ශනය කරන්නට බය නැති නිසාය. අපේ රටේ නම් වැඩියෙන් කැමැතිත් එහෙම මරි-මෝඩ උදවියට මනාපය දෙන්නටය.

කැස්බෑව ආසනයෙන් පාර්ලිමේන්තුවට ගිය සෝමවීර චන්ද්‍රසිරි මහත්තයා හැබෑම කවියෙකි. තැනට ඔබින විදියට හිටිවන කවි කියන්නට හපනෙකි. 

දවසක් එතුමාට ‘හූ’ කියූ අයට කියූ කවියක අන්තිම පදයම වුණත් ඔහුගේ නිසග; මුඛරි කවීත්වයට සාක්කිය. “අම්මලට කියා මකවාගන් හූව!”

එහෙව් සෝමවීර චන්ද්‍රසිරි කවි පොතක් ලිව්වේය. ‘හිර ගෙදරින් පාර්ලිමේන්තුවට’. 
පොතක මිල රුපියලකි. (ඒ ඉස්සර ගණන්වල හැටියටය.) 
එයින් පිටපතක් ජේ.ආර්ටත් යැව්වේය. නිකම්ම නොවේ. කවියකුත් ලියලාය.

‘සිර ගෙදරින් පාර්ලිමේන්තුවට’              යන
මෙම පොත එවමි හිතවත්කම පෙරට    ගෙන
කියවා බලා මෙහි ඇති හොඳ නරක       ගැන
අදහස තිබේ නම් රුපියල එවනු             මැන

සෝමවීර චන්ද්‍රසිරි - ජේ.ආර්. දෙන්නාම...........
ජේ.ආර්. කවියෙක් වුණේ එතැනදීය. රුපියල් සීයක් එක්කය කවිය යැවුණේ!

ජීවිත කතාවක් පළ කර තිබුණු           පොත
කියවා බැලූවෙමි සතුටින් සුහද              මිත
වැදගත් කරුණු මිස කිසි අඩුලුහුඬු        නැත
රුපියල මොටද සියයක් මේ සමඟ        ඇත     

ජේ.ආර්. මහත්තයා වගේ කවියෙන් නොලිව්වත් මල්ටිපල් මයෙලොමාව ගැනත්, 
පිළිකාව ගැනත් මෙතෙක් මා කෙටූ පෝස්ටු කියැවූ රසික ඔයාලා 
යම් දැනුම්වත් වීමක් සිදු විණි නම් මගේ උත්සාහය සාර්ථකය. 
ඒ ගැන එහෙම; සුබවාදීව බලමින් ඉතිරි ටිකත් කොටන්නෙමි!

හැබැයි මේ දැන්ම නොවේ. ඊළඟ පියවරේදීය!