1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Sunday, March 31, 2019

යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස

හමුදාවේ කපිතාන්වරයෙකු වූ අජිත්ට අහම්බෙන් මුණ ගැහෙනවා ලස්සන තරුණියක්; කාමිනී. එතැන ඉඳන් ‘දුටුදා ඉඳලා ලුහු බැන්දා - දන්නවාද මම පෙම් බැන්දා’. ඒ අස්සේ අජිත්ගේ වැඩිහිටියන් මිනිහව එක්ක යනවා මනාලියක් බලන්න. මෙන්න වදේ අර කෙල්ල ! එයයි මනමාලි. එක පයින්ම අජිත් කැමැත්ත දෙනවා. මංගල්ලේ කෙරුණට පස්සෙයි අජිත්ට තේරෙන්නේ එයා විවාහ කරගෙන තියෙන්නේ කාමිනීගේ සර්වසම නිවුන් සහෝදරී කාන්චන් බව.
සමාජශීලී, සංකර, රැඩිකල් කෙල්ලෙක් - ලජ්ජාශීලී, ගුණවත් සාම්ප්‍රදායික කෙල්ලෙක්... හැබැයි මේ දෙන්නා සර්වසම නිවුන්නු.........
කාමිනී සෝෂල්, ෆොර්වර්ඩ්, සෙක්සි. කාන්චන් ඒකට සහමුලින්ම විරුද්ධ පැත්ත! ඔය ප්ලොට් එකෙන් ෆිලුමක්; හින්දි ෆිලුමක් හැදුවොත්?

1971 සුබෝධ් මුකර්ජි හැදුවනේ ‘ශර්මිලී’ කියලා හරිම ලස්සන චිත්‍රපටයක්. රඟපෑවේ ශෂී කපූර් එක්ක රාකී. එකිනෙකට සම්පූර්ණයෙන්ම විරුද්ධ ගති-පැවැතුම් ඇති යුවතියන් දෙන්නෙක් විදියට රාකී නියමෙට ඩබල් ඇක්ටින් කළා. ඒ චිත්‍රපටයේ ‘කූඨප්‍රාප්තිය’ එන්නේ අජිත්ට කාමිනී, කාන්චන් දෙන්නාව හඳුනාගන්න බැරි අවස්ථාවක් ආවාමයි. කපටි කාමිනී තමුන්ගෙම සහෝදරී බිල්ලට දීලා සදහටම කාන්චන් වෙන්නයි හදන්නේ. නමුත්, අජිත් හොරේ අල්ලාගන්නවා.

නරඹන්නන් full හොල්මන් කරවමින් රහස එළිවෙන්නේ කාමිනී තේ කෝප්පය අල්ලන විදිහ නිසා! එච්චර පුංචි කාරණයක් කොච්චර තීරණාත්මක වෙන්න පුළුවන්ද කියන එක මගේ බොක්කටම වැදුණා! එදා ඉඳලාම මගේ කටාක්ෂ නිරීක්ෂණ තවත් වැඩි වුණා. ඒකට හොඳම; නවතම සාක්කිය තමයි Blogger’s Eve එක.

කණ්ඩා, මාධව, ගවීන්, ප්‍රසන්න (නෙවිලුත් බාගෙට පෙනෙනවා) මොකටද මේ  හිනාවෙන්නේ?
ඇත්තමයි, ඒ ගැන ලියන්න හිතකවත් නොතිබ්බත්, හැමදේම මගේ මතක සංචිතයේ අපූරුවට ගබඩා වෙලා තිබ්බා. පෝස්ටු ලියන්න ගත්තාම ඒවා ආයෙමත් පිරික්සමින් තහවුරු කරගත්තා තමයි. පේනවද ‘Sharmilee’ උගන්නපු පාඩම මට කොච්චර බලපාල තියෙනවද කියලා?

ඉතින්, මුල ඉඳලම මට ඕනේ වුණා ‘කමෙන්ට් එකකින්’ මාව මෙතනට ඇදලා දැම්ම ‘සෑම් පෙරේරා’ මහත්තයාගේ ෆොටෝ එකක් මේකට ඔබාගන්න. ෆොටෝ එකක් එවන්නත් ලැහැස්තිවෙලා හිටි සෑම්, මගේ අභිලාශය දැනගත්තා විතරයි පස්ස ගැහුවා. බයකට නෙවෙයි, කැතකටත් නෙවෙයි! මෙන්න හේතුව. මේ පෝස්ටු මාලාවේම දෙවැන්නට දාපු කමෙන්ට් එකේ කොටසක්; සෑම්ගෙම වචනවලින්:

“හපොයි, මගේ පින්තුරයක් ඔයාගේ බ්ලොග් එකේ දාන්න එපා.මමත් ‘කවදා හරි’ බ්ලොග්  එකක් ලියන්න හිතාගෙන ඉන්නවානේ. ඒකේ ලියන්න තියෙන කතා බොහොමයක ඉන්නා පාත්‍ර වර්ගයාගේ ‘චරිත ඝාතන’ නොවෙන්න මම මගේ අනන්‍යතාවය සියලුම දෙනාට එළි කරගන්නේ නැතිව ඉන්නම්.............” කියලා විස්තර කියාගෙන යන සෑම්  “...... මගෙත්, මිතුරන්ගේත් පෙම් සබඳතා, හොරකොටු පැනපුවා, පිස්සු කෙළපුවා ආදිය තමයි තියෙන්නේ. දැන් හතර පෝයටම සිල් අරගෙන දරුමල්ලන් සමඟ යහතින් පවුල් ජීවිත ගත කරන මගෙත්....” කියලා කියද්දී කොහොමද බල කරන්නේ?

මාත් ඔයාගේ බ්ලොගය කියවන්නයි බලන් ඉන්නේ!
බොහොම ගොඩක් හුණු සෑම්ගේ කිල්ලෝටයේ තියෙනවා වගේනෙ. ඔන්න සෑම්, මාත් ඔයාගේ බ්ලොගය කියවන්න බලන් ඉන්නවා!

ගිය වතාවේ කිව්වනේ ජාත්‍යන්තර ඩිනර් එක හැදුණු හැටි. එදා තිබ්බ පොල් සම්බෝලේ ඉගෙන ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයාගෙන් හරි ධර්මසිරි ගමගේ මහත්තයාගෙන් හරි. ඔව්, ඔව්. එයාල චෙෆ්ලා නෙවෙයි තමයි. ලියාපු විස්තරෙකින් ඉගෙන ගත්තේ.

ඒ මහත්තුරු දෙන්නාත් කාලයක් ලංකාවෙ හැම අස්ස-මුල්ලකම රිංගුවානේ. ඒ මදිවාට ඒවා ගැන ගමගේ මහත්තයා පත්තරවලටත් ලිව්වා. මට මතක විදියට නම් මේ ගමනටත් ඒ දෙන්නම ගිහින් තිබ්බා. 

එක ගමක අම්මා කෙනෙක් තමයි පොල් සම්බෝලේ හදල තිබුණේ. 

කලටි පොල්; ළපටි පොල් නෙවෙයි අරන් තිබුණේ. පොල් බෑයවල් කීපෙක උඩ හරිය විතරක් ගාලා අරගෙන. ඒ හරියේ පොල්වල තෙතමනය වැඩියි; කිරි රස වැඩියි. කලටිවලින් හැදුවාම සම්බෝලේ ‘ලඩ’ වෙනවනේ, මෙහෙම හැදුවාම ඒ කරදරෙත් නැහැ.

සුනිල් ආරියරත්න මහත්තයාවත්, ධර්මසිරි ගමගේ මහත්තයාවත් චෙෆ්ලා නෙවෙයි තමා...........
ඔන්න රහස! එහෙම අරගෙන සම්බෝලය හදලා බලන්නකෝ රහ!! (ගිය වතාවේ මං ලියලා තිබ්බේ නම් ළපටි පොල් කියලයි. නැතිව ඉතින් එවෙලේම මේවාත් කියන්නයැ.)

ඒක නෙවෙයි! බ්ලොගර්ස් ඊව් එක නිසා සාහිත්‍ය වංශයට අලුත්ම ආප්තෝපදෙශයකුත් එකතු වුණා කියන එකත් කියන්නම ඕනේ. ඒක වුණේ ‘අපේ වීර අසංග’ අතින්. මිනිහා දත කෑවෙම මාර්තු 1 හවස කට්ටියත් එක්ක සෙට් වෙන්නයි. 

ඔන්න එදා වෙනකල්ම ඉස්පිරිතාලේ හිටියා නම් ටිකට් කප්පවාගෙන කෙලින්ම හරි මෙහෙ එන්නත් ඉඩ තිබ්බා. කොහෙද? කරුමෙට ඊට කලින් ටිකට් කැපුවනේ. 

ගෙදරදී නිසි බලධාරියා සත්තමක් දාන්න ඇති! අනේ ඉතින් කොයි හස්ති රාජයාත් දණ නමන්නේ එතැනදිනේ. අසංග ගෙදර නැවතුණේ ආප්පයක් කාලා, ‘ආප්තයකුත්’ කොටලා. අවවාදයයි: වැඩි උනන්දුව සරීර සවුක්කියට බරපතළ හානි ගෙන දිය හැකිය.

කොහොමද වැඩේ? අනාගතේදී කවුරු හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මේ ආප්තයත් ඉගෙන ගනීවී, නේද? ඒක කල්පනාවට ආවේ සුරෝචන ඉරංගගේ පෝස්ට් එකක් කියවද්දී. සුරෝචන තමයි ‘බ්ලොග් වසන්තය’ උදා කරවන්න මහන්සි වෙන්නේ. ඒ ගමන්ම ‘Iranga.net -නිදහස් සිතුවිලි අවකාශය’ට එයාගේ සිතුවිලි මුදා හරිනවා.

බ්ලොග්ස්වලින් කොහොමද වර්තමානය සංරක්ෂණය වෙන්නේ? fb එකෙයි blogs වලයි වෙනස මොකක්ද.... වගේ බොහොම කාලීන ප්‍රස්තුතයක් ගැන සුරෝචන ලියලා තිබ්බා; ‘නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන බ්ලොග්ස් මාතෘකාවෙන්. මටත් ගොඩක් හිතන්න දේවල් ඒ පෝස්ටුවේ තිබුණා! මේ පෝස්ට් එකේ තුන්වෙනියට තියෙන ෆොටෝ එක මං ‘ඉස්සුවෙත්’ ඒකෙන්.   

බ්ලොග් වසන්තයෙන් මං වගේ ගොඩක් බ්ලොග්කරුවන්ටත් උදව් කරනවා!
ගිය වතාවේ ‘ජීරා චිකන්’ ගැන කියවලා සුමිතුරු ශාන්ත කුමාර අපොන්සු අහනවා ‘මාරයිනෙ... මේ කියන chicken වර්ගය කොහෙද තියෙන්නේ?’ කියලා. එදා බ්ලොගර්ස් ඊව් එකට නොහැදුවත් මං අමුතු කෑමක් දැක්කොත් ඒකේ විස්තර හොයනවා.

ඒ අපොන්සුයි, බබියි දෙන්නාගේ වෙඩින් එකට ලැහැස්ති වෙද්දී. මටත් ඒකෙ මොනවදෝ රාජකාරි වගයක් තිබුණා,  සැරසිලි- සෙටි බෑක් හැදිලි වගේ. 

ඒ අස්සේ එයාලගෙ ආච්චී කෙනෙක් හිටු කියලා කට්ටිය පිරිවරාගෙන කුස්සියේ. ලොකු හට්ටියක, දුවන පුහුල්ලා ගොඩ දෙනෙක්  තටු හලලා, පරලොව ගිහිල්ලා, තැම්බිලා හිටියා. ආච්චිලා ටික උන් එක්ක කෝන්තරයක් පිරිමහනවා වගේ!

ඊටත් වැඩිය ගැළපෙන්නේ ‘උන්ට මැරිලාවත් ඉන්න නොදී, දස වද දෙනවා’ කියන එකයි. තම්බපු කුකුළු මස් හට්ටිය මැදින් තියාගෙන ආච්චිලා කට්ටිය ඒ මස් ‘ටුවයින් නූල්’ විතර මහතට තීරු-තීරු ඉරනවා. දන්නවනේ මගේ හැටි. ඇහුවා! දන්නවද ආච්චිගෙ උත්තරේ?

“මේ පැත්තේ මඟුල් මේසෙකට ‘කේඳි ලාපු මස්’ තියන්නේ නැතිනම් ඒක මඟුල් මේසයක් නෙවෙයි දරුවෝ!” ඒ රත්මලානේ, අවුරුදු විසිපහකට විතර කලින්.

අපොන්සුයි දෙවෙනි මනාලයා නිශාන්ත දෙන්නමත් අපේ ත.ජ.ක. කොල්ලෝ ඒ කාලේ......
අර විදියට තීරු ඉරපු මස් ගැඹුරු තෙලෙන් රන්වන් පාට වෙනතුරු බැදලා ළූණු, අමුමිරිස් එහෙමත් බැදලා අරන් හදන සම්බෝලෙකට කියන නම තමයි ඒ! අනේ, කොච්චර සීග්ගර වැඩ කළත් මේතාක් කල් මං ඒක නම් හදල නැහැ. 
ඔහොම කේඳි ලන්න මේ මං? මං තවමත් ‘මිස්ටර් කලබල’ම තමයි, අබල-දුබල වුණත්.

ඉතින්, පෙබරවාරි 28 හවස මෙන්න ප්‍රදීප් කතා කරනවා. 

“නිමල්, ඉයන්ගේ අඩවියේ ඉයනුත් හෙට එනවා. එයාටත් මොනවා හරි ගෙනෙන්නම ඕනෙලු. මං ඉයන්ටම ඔයාත් එක්ක කතා කරන්න කියන්නද?”

“සේරම හරි කිව්වට බැහැ, නිමල්. ම්ම්ම්ම්ම් ඔයා මොනවද ඩෙසර්ට්වලට හදන්නේ...... මං අයිස්ක්‍රීම් ගේන්නම්. නැතිනං ෆ්රුට්ස්?” මට කතා කරපු ඉයන් කීවා.

“මෙහෙමයි, මං හිතන් ඉන්නේ රුහුණේ; මාගම්පත්තුවේ අතුරුපසක් දෙන්නයි.” මං කිව්වා! ඒ අතුරුපස කොච්චර නැඟලා කියාද කියලා පහුගිය පෝස්ටුවලදියි,  කමෙන්ට්ස්වලදියි කියවුණා මතකයි නේද?

ඔකඳ දේවාලේ ඉඳලා කතරගමට කිලෝමීටර් 100ක් පා ගමනින්....
අපි හය දෙනෙක් පළමුවෙනි වතාවට ඔකඳ දේවාලයේ ඉඳලා කතරගමට ‘පාද යාත්‍රාවේ’ ආවා 2013 අවුරුද්දේ. කිලෝ මීටර් 100ක් පා ගමනින් ඇවිත්, ගමන ඉවර කරලා කොළඹට එන ගමනේ අපි පැය හත-අටක්ම rest කළේ; ඉසිඹු ලෑවේ හම්බන්තොටට ඇවිත්. 

අයස්මන්ත මහත්තයාගේ රාජධානියනේ. lunch එක බී.එන්. අසංකලගේ ගෙදරින්. dinner එක මවුලානාලගේ ගෙදරින්.

අසංකලගේ ගෙදර කෑම මේසෙ ඉඩ මදි, හදලා තිබ්බ ජාති ටික තියන්න. ජාති 24ක්. මෙන්න බොලේ ඒවා කාලා, අත හෝදන කොටම ගේනවා දුම් දාන ලොකු පලංගානක්. 

ඇත්තමයි, ලස්සනම ලස්සන රතු දුඹුරු පාටට හුරු කුරක්කන් පිට්ටු. කිව්වට විශ්වාස කරන එකක් නැහැ, ඒ පිට්ටු කැට අල්පෙනෙත්ති ඔළු විතර සයිස්. කොහොමද යකඩෝ මේවා මෙච්චර චුට්ටියට කැට කළේ? 26- 27- 28 නොම්මර විදියට මේසෙට ආවේ ඇම්බුං කෙසෙලුයි, කිතුල් පැණියි, මීකිරියි!

“අයියෝ අසංක. මේවාත් තියෙනවා කිව්වා නම් අඩුවෙන් කනවනේ!” අයස්මන්ත, මර්වින්, නෙවිල්, අපේ සුනිල් විතරක් නෙවෙයි මගෙත් අදහස වුණේ ඒක. එදා තමයි මං කන්න ලෝබකමේ, ලස්සන බල-බලා අර අතුරුපස භුක්ති වින්දේ. කවුරුවත් කෙසෙල් දිහාව බැලුවේවත් නැහැ.

රන්න, බටඅත කෘෂි උද්‍යානයේ අවන්හලට........
මං කුස්සියටම ගිහින් විපරමක් දැම්මා! “අපේ මෙයාල අම්මා තමයි පිට්ටු කැට කළේ. ඔය කුරහන් සූරියවැවෙන් ගෙන්නලා මෙහෙ කොටවලා ගත්තේ. අලුත්ම ඒවා.” අසංග කිව්වා. ගුරු මුෂ්ටි තියා නොගෙනම රහස කියා දුන්නේ අසංගගේ නැන්දම්මා.

“මීකිරි එක්ක කන්න හදද්දී පිට්ටු හදන්නේ පොල් නොදා. පිටිවලට උතුරන උණු වතුර ඉහ-ඉහ කැට කරන්නේ! හැබැයි, පොඩියටම කැට වෙන්නේ කුරක්කන් පිටිවලට මොකුත් කවලම් නැති නම් විතරයි!”

“හරි, නිමල් අයියලා ආයෙම හම්බන්තොට එන දවසක කලින් කියන්න. මං කුරහන් ගෙන්නලා, අම්මටත් එන්න කියලා ගෙන්නලා තියන්නම්. හදන හැටි ඔයාටම බලාගන්න.” මගේ උනන්දුව දැකලා දුක හිතිලද කොහෙද අසංග පොරොන්දුවක් දුන්නේය. ඒ විදියටම ඒක ඉටු කිරීමත් පස්සේ දවසක කළේය.

ඒ පමාවෙන්ම ‘දෙන්නම් බැටේ’ කියාගෙන මම පිට්ටු හැදිල්ල පටන් ගත්තෙමි. ඒත් අනේ, මොන හින්නි කැටද? හැදෙන්නෙම ලොකු කැටය. ඒ මදිවාට ටිකක් ඇලෙනවාත්ය. තව ඩිංගෙන් ‘ගැටෙත් ඇලවෙනවා’ය. 

ත්‍රෛලෝක විජයපත්‍රවලට ප්‍රසිද්ධ තණමල්විලින් ගත්තු කුරක්කන් පිටිත් කවලම් ඒවාය!
ගමනක්- බිමනක් යන ගානේ; හතරදික් භාගයේම කවලම් නැති කුරහන් පිටි හොයන්නට පටන් ගත්තේ ඊට පස්සෙය. ලංකාවෙන් බාගයකම ඉන්නා කුරහන් පිටි වෙළෙන්දන් මාත් එක්ක ඔරොප්පු වෙන්නේ මෙතනදී ඇත්ත කිව්වාමය.

මට නම් තණමල්විල පැත්තෙන් හම්බ වුණු කුරහන් පිටිත් කවලම් ඒවාය!!
ඔහොම යද්දීය රන්න, බටඅත ‘කෘෂි උද්‍යානයේ’ පොට් එකට අප ගොඩවැදුණේ. 

ලාබෙට දේශීය කෑම කාලා, තේත් බීලා කුරක්කන් දොදොලුත් ගනිද්දී මෙන්න තියෙනවා බඩු! “බය වෙන්න එපා සර්, මේවා පොඩ්ඩක්වත් කවලම් නැති කුරහන් පිටි.” අලෙවි කවුන්ටරයේ ලලනාව සහතිකයකුත් දුන්නාය. කතාව ඇත්තය. ඒවායින් නම් පුංචියට පිට්ටු කැට හදන්නට ඇහැකි විණි.

එතැනට තව කිහිප දෙනෙකුත් කුරහන් පිටි පැකට් විකිණීමට ගෙනෙයි. මා මුලදීම ගත් නිෂ්පාදනය අනර්ඝ නිසා දැන් හොයාලාම ගන්නේ ඒවාය. සමහර දවසට ඒවා නැත. 

දැන් මං කරන්නේ ලේබලයේ අංකයට කතා කොට, කල් තියා කීමය. එතැනත් පුංචි කොස්සක් හිට්ටේය. ඉතා විනීතව කතා කරන ‘රන්දීප නිෂ්පාදන’ හිමිකාරිය හිතාගෙන ඉන්නේ මාත් අංගනාවක් කියලාය.

නෝනාගම හිටි ගජමන් නෝනාට වුණත් මං රෙකමන් කරන්නේ 077 800 7405 ට කතා කරලා නියම කුරහන් පිටි ගෙන්නා ගන්නට කියලාය. 
“හොඳයි මිස්, මං පැකට් ටික එදාට ගෙනත් තියන්නම්.” එහෙම කියද්දී ඇයට වැරැදිලා යයි කියන්නට මට හිතෙන්නේ නැත. මගේ මොකෝ? ආදි එංගලන්තයේ හිටි ‘විලියම්’ උන්නැහෙත් කියලා තිබ්බා නේද ‘මොන නමකින් හැඳින්නුවත් රෝස මල රෝස මලමයිනෙ’ වගේ කතාවකුත්? 

(මේ පෝස්ට් එකම කෙටුවට පස්සේ මං ඇයට ටෙලිෆෝන් කළේ එයාලගෙ විස්තර මේකට දැම්මාට කමක් නැතිදැයි අහන්නටය. ‘අනේ, කමක් නැහැ මිස්’ කියලා උත්තර දුන්නාම, මට ඇත්ත කියැවිණි.) 

“අම්බලන්තොට බැරගමින්ම ගෙනාව කුරහන් පිටිවලින් මං හෙට පිට්ටු හදනවා, මීකිරිත් එක්ක කන්න. පැණිත් ගෙනල්ලා තියෙන්නේ.” මං ඉයන්ට කිව්වා විතරය. “මං ගේන්නම් මුදවපු කිරි.” ඉයන් කිව්වේය. ඒත් හිතට මදි නිසාද කොහෙද මීකිරි විතරක් නොව, ටේස්ට් ජාතිත් ගෙනත් තිබුණේය. ගෙනාවේ කවුද කියා නොදනිතත් පලතුරුත් වැඩම කරවා තිබිණි!

ඉතින් කාපු-බීපු වරුණේ නම් මං කියන්නට යන්නේ නැත. හැබැයි මේ හරිය කොටද්දී අද උදේ ‘ලංකා හොට් නිව්ස් අඩවියේ තිබුණු පෝස්ටුවක් දැක්කාම ‘අනේ සංදුක්කේ!’ කියලා හිතුණු විත්තිය කියමි. ADIC එහෙමත් නැතිනම් මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියන විදියට ‘අරක්කු සිගරැට් බොන්න දවසකට කෝටි 97ක්’ අපේ උදවිය වියදම් කරනවාලු! සැර බීමවලට කෝටි 50 යි, බියර්වලට කෝටි 9 යි, සිගරට්වලට කෝටි 38 යි. බැලන්ටයින් වගේ ඒවාත් අරක්කු ගොඩටම දාලා වෙන්නැති, මයෙ හිතේ.

කලින් පෝස්ටුවලදී විඩෙන්-විඩේ කියපු විදියට හිමිදිරි පාන්දර කොටුවෙ, මල්වත්ත පාරේ එහා කෙළවරට ගිහිං- වරායේ වැඩට යන අය ඉස්සරහ පේව්මන්ටෙකේ රජවෙලා- හම්බ කරපු පනම් අටෙන් උදේට කන්න පාන් ගෙනාව නිදි...... හුණ්ඩුවක් විතර වෙච්චි- තනි කෑල්ලේ දුප්පත් වරිච්චි ගෙදර එක බිත්තියක් ඔන්න වැටෙන්න-මෙන්න වැටෙන්න තියෙද්දී රෑ තිස්සේ ඉඳියාප්ප මුල් බැඳලා, මහ ඉස්පිරිතාලේ වාට්ටුවක්; වාට්ටුවක් ගානේ ඇවිදිමින් ඒවා වික්ක නිදි....

අපත් එක්ක වගේම අනෙක් අය එක්කත් වාසනාව හිනාවෙනවා නම්.........
අද තට්ටු දෙකේ ගෙදරක ඉඳන් හිතවතුන් එක්ක සාද පවත්වනවා. ඒ ගැන මං කනගාටු වෙනවා එහෙම නෙවෙයි, හොඳේ. මටත් වැඩියෙන් අසරණ වුණු තව කොච්චර ලෝකේ ඉන්නවද? කිසිම හව්හරණක් නැතිව. දෛවය මට උදව් වුණා වගේ, එයාලටත් වාසනාව උදා කරගන්න උදව් වෙයිද? ඒ ගැන නම් මට දුකයි! ඒත්....... හිතට එන සේරම කියන්න ගියොත් අද මේ පෝස්ටු මාලාව අවසන් නොකර ඉන්නයි වෙන්නේ......

ඉතින්, අන්තිමේදී හරි නොකියාම බැරිය! බ්ලොගර්ස් ඊව් එක නිසා මට නං සිද්ද වුණේ එසේ-මෙසේ විපත්තියක් නෙවෙයි. ඒක නං විහින් කරගත්තු එකක්. අතින් සල්ලි දීලා හූනියමක් කරවාගත්තා වගේ. 

චැට් එකේ ගිය කතාබහේදී පෙනුණා ගිටාර් එකකුත් වඩින බව. මාත් සිංදු කියනවා යන්තමට. හැබැයි වාදනේකුත් ඕනැනේ නැඟලා යන්න නං. අපේ කුණු අපට එපාවී 1 ලිපියේදී පට ඇරලාම, මං කියලා තියෙන්නේ නෙවිල්ටයි මටයි ගොඩක් ගමන්වලට ආරාධනා ලැබෙන හේතු; අපේ වත්-පොහොසත්කම්. ඉරිසියාවට සමහරුන් ඒවා ගැන කියන කඩුලු කතන්දර.

යා යුතු තැන්-පාරවල් හා පරණ සිංදු දැන සිටීම, ඉවුම්-පිහුම් වැඩවලදි උදව් වීම හා PR තමා නිදිගේ වටිනාකම්. 

වාදනයයි, ආමුඛ- අන්තරා සංගීත සේරම මුඛයෙන්ම සැපයීමේ හැකියාව නෙවිල්ගේ. මජ්ජපාන වැඩ සේරම ඔර්ගනයිස් කරන්නෙත් එයා. ඉතින් සාදයෙ සංවිධාන වැඩ පටන් ගනිද්දිම මං කණ්ඩාට කිව්වා මගේ මිතුරන් දෙදෙනෙක්; නෙවිලුයි ගවීනුයි එන බව. එහෙම ගෙන්නා ගත්තේ මගේ උදව්වටයි. හැබැයි මේ, අද වෙන තුරුත් මගේ බ්ලොගයේ එකම පෝස්ට් එකක්වත් කියවලා නැති ගොබිලෙක් තමා නෙවිල්.

අපේ බ්ලොගර්ස්ලට නෙවිල්ව එච්චරටම අල්ලලා ගියේ........
ඒත් බ්ලොගර්ස්ලට නෙවිලව එච්චරටම අල්ලලා ගියේ ඉවාන් පවුලූෂා, කමි, අටං, ඉයන් ප්‍රධාන ගායක වෘන්දය ගයපු ඕනෙම ගීතයකට තාලේ නොවරද්දා කොන්ගෝව ගහලා ‘මුඛ සංගීතය' දුන්නු නිසා.   

ඊට කලින්ම, සාදයට ආව අය නෙවිල්ව දැක්ක ගමන් එයා එක්ක පෑල් වෙලා කියන්න ගත්තෙ නැතැයි, මං මනුස්සයා ගැන ලියල තියෙන දේවල්. (තවම ලියල නැහැ, එහෙන්-මෙහෙන් කියලා විතරයි.) 

ඒකෙන් තමා විනේ කැටුණේ. දැන් නෙවිල් මට ඩිමාන්ඩ්ස් දානවා. “මීට පස්සේ මගේ ගැන ලියනවා නම් ඉස්සෙල්ලා මට ගානක් ගෙවලා ඉන්නවා!” මිනිහා නඩු යයිද මන්දා? මොකද එයා නඩු බැලවිල්ලත් පුරුදු කෙනෙක්! (ඒක නම් කියන්න නෙවෙයි හිටියේ, තරහටම ලිව්වා. මොකෝ මාව එල්ලන්නය.)  බයේ බැහැ. මිනිහා පාරක් ගැහුවොත් නම් මගේ ඇටකූඩුවම කඩා වැටෙනවා දිරලා ගිහින් හින්දම.෴ 



Thursday, March 28, 2019

පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස

“වමතින් කොහොමද තාත්තේ ලියන්නේ. මට හුරු දකුණනෙ.”

ලව් ලෙටර් එකක් නෙවෙයිනේ උඹට ලියන්න කිව්වේ!
“ඒක මං දන්නවා බූරුවෝ! තොට තියෙන්නේ මං කියන එක කරන්නයි. පුළුවන් විදියට ලියපං. ලව් ලෙටර් එකක් නෙවෙයිනේ උඹට ලියන්න කිව්වේ. යකෝ...... මේක රහසක්. කියවගන්න පුළුවන් වුණාම ඇති. ලස්සන ඕන්නෑ.” 

තාත්තාගේ ගෝරනාඩුව ඉස්සරහා මං තවත් මොකුත් අහන්නට ගියේ නැත; අසීරුවෙන් අකුරු ගැට ගැහුවා මිස. ඒ ලියුම..... නැත! එය ලිපියක් නොවේ; කැලෑ පත්තරයකි; ඔත්තුවකි; පොලිසියට දෙන ඔත්තුවකි.

එදා, 71 අවුරුද්ද වනවිට කේ.බී. සුගතදාස වියතාණන්ගේ ‘දේව හස්තය’ පොත පළවී අවුරුදු 17 කි. ගුණසේන එකෙන් මුල් වතාවට ඒ පොත මුද්‍රණයවී තියෙන්නේ 1954 දීලු. (මා ළඟ තියෙන්නේ 1964 මුද්‍රණයේ පිටපතකි.) 

ඒත් අපේ තාත්තා ඒ පොත කියෙව්වා වෙන්නට විදියක් නැත. එයා නවකතාවක් කියවනවා මං කවදාවත් දැකලා නැත.

‘දේව හස්තය’ අනුවාදයකි. මුල් පොත ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේය. Count of Monte Cristo! සිනමාවටත්, ටෙලි නාටකවලටත් නැඟී තියෙන රසවත් නවකතාවකි. 

අපේ තාත්තා ඒ ඉංගිරිසි පොත කියෙව්වා වෙන්නටත් බැරිය. එහෙනම්.....

අලිසන්දිරි දියුමා ඉතාම රසවත්ව, කුතුහලය රඳවමින් නව ප්‍රබන්ධ ලිව්වේය, ඔහු මියයන විට ඉතිරිව තිබුණු කටු සටහන් ගොන්න වුව  තවත් පොත් 500 කට සෑහෙතැයි කියැවේ ...........
“............. ‘කාරණය ඉර එළිය වගේ පැහැදිලියි’ යනු දෙවුර හකුළුවා සිනාසෙමින් කී පූජක තැන ‘අත් අකුරු කොහොමදැ?”යි ඇසීය.

“අත් අකුරු පැහැදිලියි. නමුත් නිකම් නුහුරට වගෙයි.”

“ඔහොම ඉන්න.” යයි කියමින් තමන්ගේ පෑන රැගෙන තීන්තෙහි බහා දනතිස්ස කියූ වචන මාලාවේ මුල් වචන කීපය රෙදි කඩක වම් අතින් ලියූ පූජක තැන එය දනතිස්ස අතට දුන්නේය.

“ඒ අකුරුත් මේ වගේමයි.” විස්මයෙන් පැවසූ දනතිස්ස පූජක තැන දෙස මුව හයා බලා සිටියේය.
“මේ පුදුමයක් නෙවෙයි. දකුණු අතින් ලියන අත් අකුරු වෙනස් වෙන නමුත් කාගෙත් වමත් අත් අකුරු එක වගෙයි........”  (72 පිටුව)

දනතිස්සට; මුල් පොතේ විදියට නම් එඩ්මන් දාන්තෙට විරුද්ධව නිර්නාමික පැමිණිල්ල ගැන රහස හෙළිවෙන තැනයි, ඒ. වමතින් ලියන අකුරු ගැන ඒ සත්‍යය අපේ තාත්තාත් කොහෙන් හෝ ඉගෙනගෙන තියෙන්නට ඇත! මටත් එහෙම වමතින් ලියන්නැයි කීවේ ඒ දැනුම පාවිච්චියට අරන් විය යුතුය.

ඒ බොරු පැමිණිල්ලෙන් කියවුණේ චේ ගුවේරාකාර තරුණියන් තිදෙනෙකු ගැනය. ‘මේ අක්ක-නඟාලා තුන් දෙනාම චේ ගුවේරාකාරියෝය. පන්තිවලටත් ගිහින් තිබේ. දැන් ගෙදර අස්සෙම ඉන්නේ පත්තිනි අම්මලා වගෙය.’ ලියුමේ සාරාංශය ඒකය. 

මේ අක්ක-නඟාලා තුන්දෙනාම චේ ගුවේරාකාරියෝය. දැන් එයාලා පත්තිනි අම්මලා............
(මේ අක්ක-නඟාලා තිදෙනාගෙ කැරැට්ටුව හොඳ නැති බව ඇත්තය. මඩ ගොහොරුවක පචවී 10 දී කියූ විදියටම තණ්හා-රතී-රඟා යයි ප්‍රසිද්ධවී හිටි බවත් ඇත්තය.) 

ඒත් මං දැන සිටි විදිහට නම්, එයාලා දේශපාලන අලකලංචිවලට මැදිහත් වෙන ජාතියේ අය නොවේ. තාත්තා කියවන විට, කීකරුවී ලියුම ලිව්වා විනා, එහෙම කළේ හිතකින් නම් නොවේ. මේ කියන්නේ පට්ට-පල් බේගල් බව මගේ හිත කිව්වේය.

මම බයගුල්ලෙක්මි. ඒ සමහර වෙලාවටය. එවෙලේත් තාත්තාට විරුද්ධ වෙන්නට මා එඩිතර වුණේ නැත. “රංජි, මේක මෙතනින් ඉවරයි. තේරුණා නේද. මෙහෙම දෙයක් කවදාවත්  වුණේ නැහැ... මොකද්ද?” 

තාත්තා ඇහිපිය නොහෙළා මගේ දිහා බලාගෙන හිටියේ තරහෙන් වගෙය.

“මොකුත්ම වුණේ නැහැ.” මම repeat කළෙමි.

පොඩි බරක්ද? අවුරුදු 48 ක් තිස්සේ මෙවැනි නින්දිත රහසක් හිතේ හිර කරගෙන හිඳීම කොච්චර බරක්ද? 

අපේ තාත්තා එදා කරන්නට හැදුවේ තුච්ඡ පළිගැනීමකි. අර තරුණියන්ගේ පියා සල්ලි පොලියට දීම කළ කෙනෙකි. අපේ තාත්තාත් ණයක් ඉල්ලලාය. ඒ මනුස්සයාත් ‘විශාඛා සිටු දුවගෙ තාත්තා; පූර්ණවර්ධන සිටුතුමා විවාහය දවසේ දෝණියන්දෑට දුන්නු උපදේශයක්’ පිළිපැදලාය. “නොදෙන්නන්ට නොදෙන්න!”

ඇත්තෙන්ම ජාතියක් වශයෙන් අප කෙතරම් කුහකයිද?

ණයට නොදීම නිසා උරණවූ අපේ තාත්තා එයාලට හොඳ පාඩමක් උගන්වන්නට හැදුවේ නින්දිත උගුලක් අටවලාය. 

අප කාගෙ-කාගෙත් වාසනාවට පොලිසියේ උදවිය ඒ නිර්නාමික ලිපිය කුණු කූඩයට දමන්නට ඇත. එහෙම නොවී, ඒ භීෂණ සමයේ විදියට අවිචාරයෙන් ඔවුන් අත්අඩංගුවට ගත්තා නම්..... සිද්ධ වෙන්නට තිබුණු අපරාධය හිතන්නටවත් බැරි එකකි. එහෙම වුණා නම් අද වනතුරුම මට ඉන්නට වෙන්නේ නරකාදියකය.

(එදා ඒ උගුලට බිලි නොවුණු ඒ ළමිස්සියන් තිදෙනාම දැන් ආච්චි අම්මලාය.)   

මට හිතෙන්නේ එහෙම වුණේ මගේම වාසනාවටය. ඇත්තටම ශ්‍රී ලංකාවේ අප අතරේ එවැනි නීච - කුහකකම් වැඩියිද?

මුහුණු පොතේ එහා-මෙහා සංසරණය වෙන පණිවිඩ අනුව නම් ඒ වාගෙය පෙනෙන්නේ.

මිතුරු ප්‍රසා මාපලගම ෂෙයාර් කරගෙන තිබුණු පෝස්ටුවකි උඩින් තියෙන්නේ. ඒවා ගැන විග්‍රහයක් මාත් අමුතුවෙන් කළ යුතු නැත. රසික ඔයාලත් මදු කිරි නොව මව් කිරි බී හැදුණු අයනේ. 

හැබැයි ඒ කවුරුන් කුහක වුවත් බ්ලොග්කාරයන් නම් එහෙම නෙවෙයි වගෙය. මං එහෙම කියන්නේ අවුරුද්දක අත්දැකීම් එක්කය. ‘නිදිගෙ පංච තන්තරේ’ට හෙටානිද්දා; මෝඩයාගේ දවසේ වසරක් සපිරෙයි.

කිසිදු අත්දැකීමක් නොමැතිව අපේ අකලංකගෙ උදව්වෙන් බ්ලොගය  දියත් කළේ මෙච්චර දෙයක් වෙතැයි කියා හිතාගෙන නොවේ. මෙච්චර දෙයක් කිව්වේ, ඊයේ (2019 මාර්තු 28 වෙනිදා) ගෙවෙද්දී ‘හිට් කවුන්ටරේ’ 41,444ක් හින්දාය. 

ඩියෝන් මිතිල ප්‍රනාන්දුගෙ බ්ලොග් අඩවිය............
හිතාදර පාඨක ඔබ සැමදෙනා වාගේම වටින්නේ සොහොයුරු බ්ලොග්කරුවන්, සින්ඩිකරුවන් සියලුම දෙනාත්ය. ඔවුන් අතර ඉන්නා තවත් එක්කෙනෙක් ගැන දැන් කියන්නට වෙයි. 

වාසිතය වැඩියෙන් කියන්නේ ඉතිහාස විත්තිය. උඩින්-පල්ලෙනුත් නොවේ. ගැඹුරටම කිඳා බැහැලාය! දිව්‍ය අංගනි සේ 6 පෝස්ටුවේදී ‘වජිරා චිත්‍රසේන’ ඉස්සෙල්ලාම රඟපෑවේ ‘විධුර’ නාටකයේ නාග කන්‍යාවක විදියට බව ලිව්වෙමි. ඒ තොරතුර මං දැක්කේ ‘වාසිතය’ අඩවියෙනි. ලිහන්නට තියෙන මල්ල ඔබන්නේ මොකටද? ඔයාලම ‘වාසිතය’ට ගිහින් බලන්නකෝ!

‘ගිහින් බලමුකෝ See හාමුලගේ ගෙදරටත්....’ කියලා අම්මා වද කළත්, ඒ දවස්වල තාත්තා මට ගෙයින් හෙල්ලෙන්නට දුන්නේ නැත. 

මං ඒ අතරවාරයේ ආච්චී කියා දුන් අත් රේන්ද ගෙතීමත් කළේ smock කිරීම ඇති වුණාමය. වෙනසක් ඕනෑ වුණාමය. “රංජි, පුතේ දම්වැල ගෙතුවට පස්සේ, පත්තෑයා ගොතන එක තමයි හොඳටම පුරුදු වෙන්න ඕනේ. ඒක හරියට කරපුවාම ‘පත්තෑයට පෙත්ත’ ගෙතුවැකි.” කියලාය ආච්චී කිව්වේ. 

ඉතින් මං සුදු නූල් බෝලයක් ඉවර වෙනතුරුම ‘පත්තෑයා’ ගෙතුවේ ආච්චීගෙන් විවරණ ලබන්නටය.

අන්නාසි මල හා හාවා මෝස්‌තර යොදා ගෙතූ අත් රේන්ද කෑලි දෙකක්...........

“රංජි, මේ ටික ගෙනිහින් මං ලොකු හාමුට පෙන්වන්නං. එයා හරි ආසා වෙයි.” අපේ අම්මා කිව්වාය. ලොකු හාමු කිව්වේ ‘ඊවා’ හාමුගේ අම්මාය. දැනටමත් ඒ දෙන්නා ඔයාලට මුණ ගැහිලාය. වස් කවි කීම 1 පෝස්ටුවේදී.

අම්මා කිව්වා හරියටම හරිය. “අනේ හරිම ලස්සනයිනේ ලීලා. පුතාට කියන්න එයා කොච්චර ගෙතුවත් මං ඒවා විකුණලා දෙනවයි කියලා.” ලොකු හාමු එහෙමත් කියලාය.

“ඔන්න, දැන් රංජිට ගෙදර ඉඳගෙනම හම්බ කරන පුළුවනිනේ!” අම්මා කිව්වේ මං ඒ හම්බෙන-හම්බෙන ඔක්කොම පොට්ටනි ගහගන්නවා වගේ හිතලා වෙන්නැතිය. ඒ කතාවට කේන්ති ගියත් මං උත්තර දෙන්න ගියේ නැත. ඒ කරුමාන්ත දෙකම දිගට කරන්නට අදහසක් මට තිබ්බේ නැත. 

මට ඕනෑ කළේ ඒ ඒකාකාරී වකවානුව ගෙවාගන්නට ක්‍රමයක් විතරය; සල්ලිත් ලැබෙන.

අත් රේන්ද ගෙතීම වෙලාව ගන්නා වැඩකි; අවධානය ඕනෑ කරන වැඩකි. ටිකක් හෙමත් නෙවේ; හුඟක්ම-හුඟක්ම සිහියෙන් කළ යුතු වැඩකි.

ඉහතින් පෙන්නා ඇත්තේ අන්නාසි මල යෙදූ රේන්දයකුත්, හාවෙකුගේ ගෙතුමකුත්ය. අන්නාසි මල මෝස්තර රේන්දයේ උඩින්ම ඇත්තේ පත්තෑයායි. ඒකම වඩාත් සංකීර්ණ කරමින් විවිධ මෝස්‌තර හදාගන්නට පුළුවන්ය. ඒවා කරන්නට නම් දෙපොට, තුන්පොට.... හත්පොට දක්වා පිරවිලිත් ඉගෙන ගන්න වෙයි. ඒ හැම විටෙකම ගොතන දම්වලට තොණ්ඩු කීයදැයි මතක තියාගන්නම ඕනෑය. 

හරවන්නේ, පුරවන්නේ, අමුණන්නේ කීයෙන් කීයටදැයි මතක තියාගන්නට වෙනවාය. රේන්දයේ ලස්සන රැඳෙන්නේ ගණන් නොවරද්දා රේන්දය ගොතාගෙන යද්දීය.

ඒ විදියට බලද්දී රේන්ද ගෙතිල්ලත් භාවනාවක් වගේමය; ධ්‍යානයකට සමවැදෙනවා වගේමය.

බදුල්ලේ ආච්චී ගෙඩි වෙදකමටයි, වින්නඹුකමටයි මිස........
මාවත් ගස්සලා යවන්න හැදූ බදුල්ලේ ආච්චී නම් ගෙඩි වෙදකමටයි වින්නඹුකමටයි මිස මැහුම්-ගෙතුම්, ඉවුම්-පිහුම් කිසිවකට නම් දැරූ ඇත්තියක් නොවේ.
  
අපේ ආච්චී; තාත්තාගේ අම්මා නම් දොර රෙදි, කනප්පු (ටීපෝ) කවර වගේ දේවල් පවා ගොතන්නට හපනියකි. 

නෝනා, බල්ලාත් එක්ක මල් වත්තේ ඉන්නා මෝස්තරයක් සහිත දොර රෙද්දක් ආච්චී අන්තරා වෙනතුරුම අපේ ගෙදර කෞතුක වස්තුවක්ව සුරැකී තිබිණි. (වැළලී තිබුණු තැනින් හාරා පොළොවෙන් ගොඩගත් වහාම කෞතුක වස්තු දිරායාම වේගවත් වෙනවාලු.) 

ආච්චිගේ ට්‍රන්ක පෙට්ටියෙන් ගොඩගත් පසු ඒ ‘රේන්ද දොර රෙද්දට’ත් සිද්ද වුණු දෙයක් නැත!

ආසාවට වගේ; කරන්නට දෙයක් නැතිකමට වගේ පටන් ගත්තත්, ටික කාලයකට හරි ඒ රේන්ද ගෙතිල්ලෙනුත් අපේ සාගත බඩවල් පුරවාගන්නට පුළුවන් වුණේය. ඊළඟ turn එකට පාරත් කැපුණේය.
 
කෞතුක වස්තු පොළොවේ වැළලී තියෙනතාක් කල් රැකුණත්.....
“දන්නවද වැඩක්, ලොකු හාමු ඔය දැන් රංජි ගොතන රේන්ද පෙන්නලා සුරංගනී හාමුට! එයාටත් ආසයිලු අපේ රංජිව බලන්න.” අම්මා එවර තවත් ආරංචියක් ගෙනැවිත්ය. 

ඒ වනවිට චේ ගුවේරා කැරැල්ලේ සැර බාල වෙලාය. ‘අරයා නැහැ - මෙයා නැහැ’ ‘අරහෙටත් ගහලා තිබුණලු - මෙහෙටත් ගහලා තිබුණලු’ වගේ ආරංචි නම් දිගටම ගැලුවේය.

“බොලා දන්නවද? ලොකු ගඟවල්වල කොල්ලො-කෙල්ලන්ගෙ මිනී පාවෙලා ගියාලු ඕසෙට.....” අන්ජිසාම් (පහේ) පැකට් විකුණන්නට ගිහින් ආ සීයා කිව්වේය. සීයාත් ආච්චීත් කළ ඒ ව්‍යාපාරය ගැනත්, අන්ජිසාම් පැකට් ගැනත් සිඳු දකින සඳ 2 පෝස්ටුවෙදී කිව්වෙමි.

“අනේ තාත්තේ, පින් සිද්ද වෙයි කට වහගෙන ඉන්න. ඔව්වා කටකතා වෙන්නැති. හොඳයි තාත්තා දැක්කද? වෙලාවක තාත්තාවත් අල්ලාගෙන යයි කටකතා පැතිරුවා කියලා.” අපේ තාත්තා සීයාව නිහඬ කෙරෙව්වේය.

ඒත් අපේ අම්මා නිහඬ වුණේ නැත. “මොකද කියන්නේ ඒයි? මං හෙට සුරංගනී හාමුලගේ ගෙදරයි වැඩ. රංජිව එක්කං යන්නද?”

අපේ තාත්තා ඒ විඩේ නං කට වහගත්තේය; දෛවෝපගත ගමනට කැමැත්ත දුන්නේය. මොකුත් පෙනිලා; දැනිලා හෙම නොවේ. ඉවකින්වත් නොවේ.

ඒ විඩේ නම් කට වහගෙන...............
මේ පෝස්ටු මාලාවේ මුලදී මං ‘කණ උන්දෑ’ කෙනෙක් ගැන යාන්තමින් වචනයක් කිව්වා මතකයිද? දැන් මට උන්දෑව සිහියට ආවේය. උන්දෑ නම් වැඩ-පළ කරගෙන තියෙන්නේ ඉවෙන් වෙන්නැති. 

අනේ! මට උන්දෑව දැක ගන්නට ලැබිලා නැත. ඒත් ඒ මහිලාව තවමත් මගේ සිහින විජිතයේ සැරිසරයි. ටිකක් ඉන්න. ඒ කතාවත් කියලා හිටින්නම්.

“ඉස්සර බදුල්ලේ සිරිතක් තමයි කසාදයක් කෙරිච්ච ගමන්ම වගේ යන්තමින් හරි ගෑවිච්ච නෑකමක් තියෙන ගෙදරකට වුණත් ගොඩ වැදෙන එක. ඉතින් ලීලයි මායි දෙන්නත් ඔය සවාරියේ ගියා......” අපේ තාත්තාගෙන් කියැවිණි. 

“එහෙම ගිය ගමනකදී තමයි කණ උන්දැගේ පැලටත් ගොඩවැදුණේ.” කතාව අහගෙන ඉඳිද්දී මගේ හිතේ චිත්‍රය ඇඳෙන්නට පටන් ගෙනය.

“අනේ මයෙ අම්මලා මේ කණ උන්දෑවත් බලන්න ආවාආආ? මයෙ රත්තරනේ, කිරිවන්තේ උන්දැගේ ලොකු බෑණන්ඩිව කොහොමද කියලා බලාගන්ඩ එපාය අම්මා..... කියලා මේ මනුස්සයා මගේ ළඟට ඇවිත් මූණ අතගාලා බැලුවා හරියට ඇඟිලිවල අග්ගිස්සේ ඇස් තියෙනවා වගේ. ඊළඟටනෙ බං අමතක නොවෙන වැඩේ වුණේ. 
අපි එහාට ගිය පයින්ම ආපහු එමු කියලා, ලීලයි මායි කතා වෙලාම ගියේ. මට වැඩට යන්නත් තිබ්බ නිසා..... ඒත් කොහෙද? අනේ, ගුණපාල පුතේ. මේ දුප්පතීගේ ගෙදරට ඉස්සෙල්ලාම ගොඩ වැදිච්ච දවසේ, එහෙම නිකම්ම යන්න දෙන්න බැහැ; කියලා ඒ මනුස්සයා වද කරන්න ගත්තා.”

“ඉතින් තාත්තල හිටියේ නැද්ද?”

එහෙම යන ගමන් තමා අපි ජෝඩුව ඒ පැලටත් ගොඩ වැදුණේ...........
“මොකද නැතිව. හිටියා. හිටියා විතරක් නෙවෙයි, ඒ වෙලාවෙම උන්දෑ හදලා දුන්නු රොටිත් කාලයි ආපහු ආවේ.”

“ඇස් පේන්නෙ නැතිව කොහොමද ඒ ආච්චී රොටි පිච්චුවේ?” මම ඇසුවෙමි. 

“ඒක තමයි රංජි මටත් තවම පුදුම. ඒ මනුස්සයට මුළු ගෙදරම තියෙන හැම දෙයක්ම මතකයි. පොල් බෑය තියෙන තැන, දුම්මැස්සේ පාන්පිටි මුට්ටිය තියෙන තැන, හිරමණේ - වතුර කළගෙඩිය - රොටි තැටිය විතරක් නෙවෙයි බං, ගිනිපෙට්ටියත් හොයාගත්තෙ කිසි-කිසි ගාලා. ඇස් පෙනෙන අපිටවත් ඒ වැඩ එච්චර පිළිවෙලට; එච්චර ඉක්මනට කරගන්න බැහැ. රොටිය පුච්චලා කිතුල් පැණි ටිහකුත් එක්ක දුන්නේ. ඇත්තමයි, අපි ගිය තැන්වලින් මට අමතක නොවෙන්නෙම උන්දැවයි....”

“ඒ මනුස්සයා ගත්ත හැම දෙයක්ම, ඒ වෙලාවේම ආයේ තිබ්බ තැනින්ම තිබ්බා. ඒක තමයි ඇස් පේන්නැති අයගෙ රහස!”

සත්තය, එදා කණ උන්දෑ ගැන අපේ තාත්තා ඒ කියූ කතාව අදත් මගේ ජීවිතයට ආලෝකය දෙයි. පිළිවෙල! ක්‍රමවත් බව!! මතකය!!! ඒවා අපේ ජීවන කටයුතු පහසු කරවයි; ඉක්මන් කරවයි.

කෙදිනක හෝ මා මිය යන තුරුම ‘කණ උන්දෑව දැකගන්නට නොලැබීමේ අවාසනාව’ මගේ හිතේ දැවෙමින් තියෙනවාට කිසිම සැකයක් නැත! එහෙත් ඒ ‘ශ්‍රියා කාන්තාව’ මගේ අවසානය දක්වාම මා හා සිටිමින් මගේ ජීවන ගමන පහසු කරවනු ඇත!!

ඒ අවාසනාව මා මියෙන තුරුම මසිතේ දැවෙමින්..........
දැන් ඉතින් සුරංගනී හාමුලගේ ගෙදරට ගිය ගමන.... ඒකට නම් බාධාවකි. බාධාව පෝස්ටුවේ දිග ප්‍රමාණයයි; වචන ගණනයි. ඒ අනුවය අදට සමුගන්නේ!

Tuesday, March 26, 2019

යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස

එදා එයාලට බැලන්ටයින් බෝතල හතරක් එක්ක, එච්චර කාලාවත් නොදැනුණු මත් ගතියක් මේවා ලියද්දී මට දැනෙයි.ඒ හින්දාය මං මේ විරාමයකුත් ගන්නේ! කියලයි ගිය වතාවේ නැවතුණේ.

එහෙම කිව්වට දිගම විරාමයක් ගන්නත් බැහැනේ. 
කන-බොන විස්තර; මෙවැනි විස්තර කියද්දී ‘කල් ඉකුත් වෙන්න කලින්- expire වෙන්න කලින් ඒවා කියලා දාන්න ඕනේ’ කියලා ‘කල්‍යාණ මිත්‍ර’ අඩවියේ හිතවත් ‘කමි’ තමයි මට උපදෙස් දුන්නේ.

ඔන්න අමු, බැදපු, බැදලා තලාගත්තු මයියොක්කා කෑලි විතරක් නෙවෙයි පොල්කටුවත් ........
ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මඤ්ඤොක්කා බයිට් එක හදාගන්න විදිහ. හරිම සිම්පල්. මයියොක්කා අල තරමක කෑලිවලට කපාගෙන හොඳට හෝදලා අමුවෙන්ම ගැඹුරු තෙලේ බැද ගන්නවා; රන්වන් පාට වෙනතුරු. 
තද ගින්දරේ බදින්න එපා. මඳ ගින්දරේ! 

මයියොක්කා කෑලි තෙලට දැම්මට පස්සේ අමතක නොකර ලුනුකුඩු ටිකක් තෙල් තාච්චිය පුරා විසිරෙන විදියට ඉහින්න.

මයියොක්කා බැදිලා තෙලෙන් ගොඩට ගත්තාම යාන්තමට තලලා; චප්ප කරගන්නවා. ලස්සන හැඩයකට ගන්න ඕනෙ නම් රෝලර් පින් එකකින් ඒ රාජකාරිය කරන්න එපා. ඔයාලා හිතයි ලස්සනත් ඕනෙද කියලා. දන්නවනේ, කටෙන්  කන්න ඉස්සෙල්ලා කන්නේ ඇහෙන් කියලා.

මොනවා හැදුවත් ඒක ලස්සනට තියෙන්නත් එපැයි! ඉතින් ‘නිදි’ නම් බැදපු මයියොක්කා කෑලි රවුමට- ලස්සනට හිටින්න තලාගන්නේ පොල්කටුවකින්. මං ඒ වැඩේටම ගන්න පොල්කටුවක් සුද්ද කරලා වෙනම තියාගෙන ඉන්නවා.

මයියොක්කා බදින්න කලින්ම දියාරුවට ලුණුමිරිස් ‘ඩිප්’ එකකුත් හදලා තියාගන්න අමතක කරන්න එපා. එදා හැඩේට තලාගත් බැදපු මඤ්ඤොක්කා කෑලි කැන්ද කොලයක තියලා, උඩින් ලුණුමිරිස් ටිකක් දාලා තමයි පිළිගැන්නුවේ. රස්නෙන්ම!! එතකොටයි ගොඩක් රහ!!!

රෝද දෙකේ රස්තියාදුවා; මද්දා; මට නම් මධු, මේ පෝස්ටු මාලාවේ තෙවැනි කොටසට කමෙන්ට් එකක් දමමින් ‘පොඩි මැසිවිල්ලක්’ කරනවා. // කැන්ද කොළවල තියලා ‘සර්ව්’ කළ ‘මඤ්ඤොක්කා’ බයිට් එක// මම එද්දි කැන්ද කොළත් නෑ. කියමින්.

පාන්දරම කණ්ඩා ගියා අපේ පිහි ඇනුම් කෑ වීර අසංගව බලන්න............
මධූ, ඔයා ඔහොමවත් ලකී වෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕනේ, තව ඩිංගෙන් පාටියට එන්න කියවෙන්නෙවත් නැහැ. දන්නවද, මෙහෙමයි වැඩේ පත්තු වුණේ!

මාර්තු පළමුවෙනිදා පාන්දරමනේ කණ්ඩා ලංකාවට ගොඩ බැස්සේ. ඉතින් ආ හැටියෙම හාමිනේව එයාලගෙ ගෙදරට ඇරලවලා කණ්ඩා ගියා ‘අපේ පිහි ඇනුම් කෑ අසංග වීරයාව’ බලන්න. ඊළඟට කෙලින්ම ආවේ මහරගමට. 
කිව්වේ නම් නිමල් අයියවත් ඉස්සෙල්ලම දැකගන්න ඕනේ කියලයි; කළේ නම් ඒක නෙවෙයි. මහාර්ඝ රුවන් කරඬුවක් වගේ, ඉස්මුදුනේ තියාගෙන බෝතල හතරක් පරෙස්සමට වඩම්මපු එකයි! එතකොටත් මං කුස්සියේ.

අපි දෙන්නාගේ කතාවේදී කියවුණා ‘රෝද දෙකේ කස්ටිය’ එක්ක මං ගිය කල්පිටි ගමන ගැන. “අම්මට සිරි, නිමල් අයියේ මට මද්දව අමතක වෙලාමනේ තිබ්බේ! ඔයා හරි එයාට කියන්නනේ තිබ්බේ.” එතකොට කණ්ඩා කියපි.

‘මගෙන් මංගල යෝජනාවක්’ ‘නැණ ලැබ ගත්තෙමි’ වගේ පෝස්ටුවලදී කිව්වනේ මං ‘ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ - තරුණ ජනගහණ කමිටුවේ’ හිටිද්දී ඉගෙනගත් දේවල් ගැන. ඒවාට අනුව නම් මෙතැනදී මාත් නායකයෙක් නෙවෙයි. අනුගාමිකයෙක් විතරයි. මගෙන් ඉල්ලන සහයෝගය විතරයි දෙන්න ඕනේ. (මේ ගැන පෝස්ටුවක් වෙනම ලියනවා, ලියනවාමයි.)

“අනේ කණ්ඩා, මං කොහොමද එහෙම කියන්නේ? ඔයාලානේ මේක ඔර්ගනයිස් කරන්නේ, මං සපෝර්ට් එකක් දෙනවා විතරනේ. ඉතින් දැන් හරි මධුට කියතහැකිනේ ඔයාටම.”

බ්ලොගර්ස් ඊව් එකට ආව එකම බවලත් ඇත්තියත් එක්ක.......
ඔන්න ඔහොමයි වැඩේ වුණේ. මධූ, හිමිදිරියේම කණ්ඩා ඔයාට කෝල් කළෙත් අපේ කුස්සියේ ඉඳන්! එහෙම කිව්වම, ඔයාත් යොදාගත් වැඩ හින්දා ‘පරක්කු වෙලා හරි එන්නං’ කිව්වේ.

කිව්වා වගේම, බ්ලොගර්ස් ඊව් එකට ආව එකම කාන්තා රත්නයත් කැන්දාගෙන ඔයා ආවේ පාටියේ පසු භාගයෙදිනේ. එතකොට උණු-උණු මයියොක්කා වැනිෂ්ඩ්! පස්සේ දවසක කමු. ආආආආ, ඔයාට නං ඇඹණියන්දාට කියලා හදවාගන්න හරි බැරියැයි, අදම වුණත්. 
එහෙම කරනවා නම් මෙන්න මධූ, warning එකක්. මයියොක්කා තම්බලා කනවට වැඩියෙන් කැවෙනවා මෙහෙම හදාගත්තාම!

ඉංගිරිසි කියමනක් තියෙනවා. ඒකෙ තේරුම මිස කියමන නම් දැන් හිතේ නැහැ. 
මං ඔහොම බරසාර ඒවායේ තේරුම තමා හිතේ ධාරණය කරගන්නේ. 
‘පමණට වැඩියෙන් වචන පාවිච්චි කළොත් අදහසේ ප්‍රාණ වායුව හිර වෙයි!’
මගේ පරිවර්තනය හරි නේද?

ගෙදරට එන පාරයි, ගෙදරයි ෆොටෝවලින්ම පෙන්වන්න ගියාම.............
ඒක තවත් හොඳට පැහැදිලි වුණේ අපේ ගෙදරට එන පාර කියන්න ගිහින්. 

ගූග්ල් එකෙන් ෆොටෝත් අරන් චැට් ග්රූප් එකට දැම්මා, දෙතුන් දෙනෙක්. ඒකේ තියෙන්නේ අවුරුද්දකට විතර කලින් ගත්තු, අපේ පාර ළඟ ෆොටෝ එකක්. ඒ මදිවාට, ගෙදර නොම්මරේ ගැහුවාම දෙන්නේ ‘දේවාල පාරේ’ ලොකේෂන් එකක්. 
කොහොමින් හරි මාත් දන්නා සේරම සෙල්ලන් දාලා ෆොටෝ දෙක-තුනක් අරන්  දැම්මා. ගූග්ල් එකෙන් හොයලා නෙවෙයි; මගේ I Pad එකෙන් අරගෙන.

ඒ අතරේ ‘අතැඹුලක් සේ’ ශිල්ප දන්නා මානවකයෙක්; කැලුම්, කැලුම් විහිදෙන නියමම ෆොටෝ එකක් අප්ලෝඩ් කළා. දැන් පාර වැරැදෙන්නේ පොට්ටයෙකුට විතරයි.

ඒ වැඩෙත් හරි. 

පෙනුණු විදියට නම්, ඒ මංසලකුණු ෆලෝ කරපු කාටවත් කිසිම කරදරයක් වුණේ නැහැ ‘අපේ බංගලාව’ හොයාගන්න. එහෙම ආපු ඇත්තන් කොච්චර දැනුම්-තේරුම් ඇති අයද කියලත් පළමුවෙනි පැය භාගේදීම මං තේරුම් ගත්තා, එක කාරණයකින්ම.

කැලුම් තමයි හරියටම හරි යන මංසලකුණු පෙන්නුවේ......
මට අපේ ගෙදර ෂෝ room එකක් නෙවෙයි. ගෙයක් විතරයි. මෙහාට එන හුඟක් අයට පෙනෙන්නේ ඉස්සරහ බිත්තියක තියෙන කුරුලෑ. 
“ඇයි නිමල් අයියේ මේ බිත්තිය ආයෙම කපරාරු කරවන්නේ නැත්තේ?” සමහරු අහනවා. “එහා පැත්තේ පුපුරලා තෙතමනේ බිත්තියට උරාගන්නවා වෙන්නැති.” ඔහොම අදහස් කෝටියයි! එන්නේ මාව හම්බ වෙන්නද, නැතිනම් ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් කරන්නද කියලත් හිතෙනවා ටික වෙලාවක් යද්දී.

ඉතින් එයාලට කියාපල්ලකෝ, බිත්ති හූරලා - කපරාරුව අයින් කරවලා වතාවක් අලුතින්ම ගස්සපු බව...... සතියෙන් කරනවා කිව්වට බාස්ලා කඩින්-කඩ එමින් මාසයක්ම මං දූවිලි ගොඩක ලැග්ග බව.... මොකට කියනවද ඔය කරච්චල්? අන්තිමටම මං රළු වුණත් ඍජු උත්තරේම දෙන්න පටන් ගත්තා. 
‘තව ටික කාලෙනේ, මං ගියාට පස්සේ මේවා අයිතිවෙන කෙනෙක් ඒවා කරවයි!’.

මෙන්න ඒකට බුවාලා. No questions! පොල් කඩන්න ආවා නම් වත්තේ හතර මායිම් බලන්න ඕනැයි?

මෙන්න ඒකට බුවාලා! මෙතැන නම් පෙනෙන්නේ ලක්මාල්, මද්දා, නයනජිත්, ප්‍රදීප් හතරදෙනා .......... 
සමහරවිට එහෙම වෙන්න ඇත්තේ, ජීවිත කාලෙකටම ඇතිවෙන්න චැට් ග්රූප් එකේදි මාස එකහමාරක් තිස්සේ කතා කරපු නිසා වෙන්නැති. මගේ අම්මෝ, එහෙම දම් සභා මණ්ඩපයක්..... වතාවක් ලක්මාල් කන්දෙවිදාන සහෘදයාට කොච්චර උදව් වුණාද එයාගෙ ව්‍යාපාරේ ඩිවලොප් කරන්න. මෙහෙමයි ලක්මාල් සහාය පැතුවේ.

“අනේ පිං කරන නෝනා, මහත්තයා....... ගැත්තාට අනුකම්පා කරලා මේ ලින්ක් එක ක්ලික් කළහම එන මැප් එකේ වම් පැත්තේ යටම තියෙන Review ක්ලික් කරලා තරු පහම දීලා, කමෙන්ට් එකක් එහෙම දාල, අසරණයට අන්තර්ජාලයෙන් බඩරස්සාවක් දෙකක් හොයාගන්ඩ උදව් කරන්ඩ............ මතු උපදින ආත්මයක මට වාගේ දුකක්  කරදරයක් ඔය ඇත්තන්ට නොවෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ අහක බලාගෙන යන්ඩ එපා, Review එකක් දීලා යන්ඩ. https://goo.gl/maps/putKYWLfFPn

ඕනෙම මහන මැෂිමක් රෙපෙයාර් කරන්ඩ දක්ෂ ලක්මාල් විශ්වකර්ම පුත්තරයාට, ඔයාලගෙ කැඩිච්ච මැෂින් වුණත් හදවාගන්න දෙතහැකි ඔන්න! 

අපරාදේ කියන්න බැහැ, ඒ පුතයා මුල ඉඳලාම මටත් කිව්වා ‘ඔයාට උදව්වට මාත් උදෙන්ම එන්නං’ කියලා. ජීවිතේට හම්බවෙලා නැති, දැකලා නැති මනුස්සයෙක් එක්ක එක පාරටම පැය ගණනක් කොහොමද වැඩ කරන්නේ? ඇත්තටම මං ඒකට බයයි.


ලක්මාල්ගේ පුංචි ව්‍යාපාරෙටත්  තල්ලුවක් දෙන්නයි කියලා..............
අපි ට්‍රිප් ගියාම උයනවනේ කට්ටියම එකතු වෙලා. හොඳට තිබ්බොත් උයපු අය ගොඩායි. නරක නම් උයපු කෙනෙක් නැහැ. ඉතින්, දැන් මං කරන්නේ එක-එක්කෙනාට වගකීම් දෙනවා වෙන-වෙනම.

‘ඔන්න පොල් සම්බෝලේ හදන ජොබ් එක සඳුන්ලගේ ශ්‍රියන්තිට...... වැව් මාළු ඉවිල්ල ඇඹිලිපිටියේ සුදු නංගිට.... කරවිල මාළුව තිත්ත නොහිටින්න උයාගන්න ඕනෙ නම් චමනිල අම්මා දයාට.... එළවලු කැපිල්ල මාලිකා, කැකුළි, උදේනි වගේ කාට හරි.... ’ ඔය හැමෝම හැම ගමනටම යන්නේ නැහැනෙ. තව ඉන්නවා... තව ඉන්නවා. 
එක-එක දේවලට හපන්නු. මං ලිව්වේ කීපදෙනෙක් ගැන විතරයි, මුලින්ම ඔළුවට ආව. එහෙම කියන්නේ මගේ ඔළුව බේරාගන්නත් ඕනේ නිසා! නැත්තං ඒකටත් ගෝළු ගනීවිනේ.

ලක්මාල් ආවාමත් එහෙම කරන්නයැ? ගම කෑවොත් මගේ සායමනේ යන්නේ.......

අපේ මිතුරු ඉංජිනේරු නඩයක් එක්ක ට්‍රිප් එකක් ගියා වස්ගමුවේ මැදපිටියට. එක ඉන්ජෙක් හිටියා මැදපෙරදිග කාලයක්ම හිටපු. "මං තමයි අයියේ චමරියේ ඉව්වේ. කොච්චර ඉව්වත් කට්ටිය කනවා...." පුරාජේරු වැස්සයි! ඔන්න මිනිහටත් වේලක් උයන්න ඕනෙයි කිව්වා.

"නිමල්, වේලම නම් උයන්න දෙන්න එපා. එක ජාතියක් විතරක් හදන්න දෙන්න." හිතවතෙක් කිව්වා; රහසෙන්. ඔන්න සැමන් සම්බෝලයක් හැදීම මිනිහට බාර කළා. "හරි, නිමල් අයියා මට ඕනේ කරන බඩු ටික විතරක් ළඟට දෙන්න." ඔන්න මිනිහා අවශ්‍ය කරන දේවල් කියන්න පටන් ගත්තා. 

"සැමන්, බී ළූණු, අමුමිරිස්, ලුණුකුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, ගොරකා, සියඹලා, දෙහි, විනාකිරි, තක්කාලි." ඒ විතරක් නෙවෙයි, උන්නැහේට උම්බලකඩ කුඩුත් ඕනෙ වුණා! 

පස්සෙනේ දන්නේ මේ ලක්මාල් කන්දෙවිදාන හාදයා නම් අර ඉන්ජා වගේ නෙවෙයි, නියම chef මහත්තයෙක් බව. හැබැයි, කුස්සියේ ඉඩ මදිකමත් මගේ කම්පනාවට ආවා.

අපේ සාලයේ ඉඩ තිබ්බට කුස්සියෙ තියෙන්නේ එක්කනෙකුට හැරෙන්න ඉඩක් විතරයි. තනිකඩයෙකුට හදාපු ගෙයක්නේ! හැබැයි ඊළඟ වතාවක නම් ලක්මාල්ටම වුණත් වගකීම බාර දෙතෑකි ‘ඕනේ අටම්පහුරක්’ කියලා හිත හදාගෙන.

ඕනේ අටම්පහුරක් කියලා හිත හදාගෙන............
එහෙම එක්ස්පර්ට් ලක්මාලුත් written සහතිකයක් දීලා තිබ්බා ‘නිමල් අයියගේ චිකන් එක නම් මරු’ කියලා. ඒක දුන්නේ ‘ජීරා චිකන්’ එකට. මට ඒ රෙසිපිය දුන්නේ අපේ සමන්ති නංගිගේ හබියා බිමල්. එයා එංගලන්තේ ඉපදුනාට; හිටියට, එයාලා ‘මහේන්ද්‍ර භායි පටෙල්’ ලා. හරිම ශෝක් මෂියා. වටේම ඉන්න අයට පොවලා වට්ටන්න දෙයියා. නෙවිල්ගේ 50 වෙනි උපන් දිනේට ලොකු පාටියක් දෙන්නම එයාලා ලංකාවට ආවා. බිමල් තමා ඒකට ජීරා චිකන් හැදුවේ.

එදා නම් මං හැදුවේ ‘නිදිකරණය’ කරගත්තු රෙසිපි එකට අනුවයි. ඒක හදද්දී මං නම් යහමින් සූදුරු දානවා. කුකුළු මස් කිලෝ එකකට සූදුරු ග්රෑම් 100 ක්වත්.

මස් කපලා හෝදලා දිය සීරෙන්න තියනවා. බටර් හරි තෙල් හරි මේස හැඳි දෙක-තුනක් රත් කරනවා. කපපු බී ළූණු ගෙඩි දෙකක් විතර ඒකට දාලා බැදෙන්න ඇරලා, තරමක කෑලිවලට තලාගත් සූදුරුත් ඒකට දාලා බදිනවා. 
ඒවා කරවෙන්න නොදී බැදගෙන, මසුත් එකතු කරනවා. කහකුඩු ටිකක්.... දියලුනුත් දාන්න පදමට. 
එච්චරයි, මඳගින්නේ පිසගන්න එකයි. තැම්බෙන්නේ ඒකෙන්ම උනන දියරෙන්. මදි වගේ පේනවා නම් විතරක් වතුර ටිකක් දාගන්න. 

අපේ අයට සැර ඕනේ නිසා මං නම් හෝමිරිස් හරි කොච්චි හරි කරල් ටිකකුත් කපලා ඒකට දමනවා.

සූදුරු චිකන් හදාගන්න එක සිම්පල්..........
හැබැයි, යාල රිලවුන්ගෙන් පූරිවලට ලැබුණා වගේම ප්‍රතිචාරයක් ලැබුණා මාස දෙකකට කලින් ජීරා චිකන්වලටත්; අපේ ගෙදරදීම. පැදුරකට එකතුවුණු වෙලාවේ උදේනි අල්විස් හිතවතාගෙන්.

නළුවෙක්, කැමරා ශිල්පියෙක් වුණත් උදේනිත් මං වගේම මතින්, දුමෙන් තොර එක්කෙනෙක්..... ඒ හින්දා එයා කියපු දේ අහකට දමන්නත් බැහැනෙ. හොඳ සිහියෙන් ඉන්න ගමන්නේ කිව්වේ. “චිකන් එක නම් මරු නිමල් අයියේ. තවත් මරු සූදුරු නැති නං.” කෙළපිය තාප්පෙටම කියලා මං හිතුවා විතරයි; කීවෙ නෑ.

මෙන්න මෙතැනදී වැඩියෙන් මගේ හිතට වැදිච්ච විශේෂ කාරණයක් තියෙනවා. ජාතීන් අතර සමඟියක් ඇති කරන්න නානාප්‍රකාර උප්පරවැට්ටි යොදනවානේ. ඇයි ඒකට කෑම-බීම උදව් කරගන්න බැරි? මට මේ කල්පනාව ආවේ මේ පෝස්ට්ස් ටික කොටාගෙන යද්දී.

පූරි පූනගල දමිළ හිතවතෙක්ගෙන් ඉගෙනගත් කෑමක්. 
බැදපු මයියොක්කා ඔට්ටමාවඩුවල මුස්ලිම් වෙළෙන්දෙක් මට කියා දුන්නේ. 
ජීරා චිකන් පන්ජාබයෙ වට්ටෝරුවක්.........
dip බටහිර ක්‍රමයක්. හැබැයි ලුණුමිරිස අපේ; දියාරුවට නෙවෙයිනේ ලුණුමිරිස හදන්නේ. කොත්තමල්ලි කොළ වැඩියෙන් දාලා හදන මිශ්‍ර කරියත් ඉන්දියානු කෑමක්.... තෝසේ සම්බෝලේ....! එදා හදපු; තවම නොකියූ මාළු බොකු කරිය, (සමහරුන් ඒ කරත්ත එන්ජින් මස් කියලා පටලවාගෙන.) ළපටි පොල්වලින්- යහමින් ඇඹුල් දමා හැදූ සම්බෝලේ Sri Lankan. 
ඇයි රුහුණේ කුරහන් පිට්ටුයි, මීකිරියි, පැණියි අතුරුපස..... 
ඒවා කොයි ජාතියෙන් ඉගෙනගත්තත් - කොහෙන් අහුලාගත්තත් මොකෝ? නියමෙට ගැළපෙනවා නම්; අපේ රස නහර පිනවනවා නම්.

සුරූපී සන්ධ්‍යා කුමාරි ධීවරියක් වගේ රඟපාමින්...........
ඒවා රස විඳිද්දී අපි ජාති-ජම්ම තකනවද?

කිසිම දැනුවත්කමක්; හැඟීමක් නැතිව මං එදා බ්ලොගර්ස් ඊව් එකට දීලා තියෙන්නේ ජාත්‍යන්තර කෑමක් බව දැනුයි තේරෙන්නේ. 

ඒ වගේමනේ එදා අපි කවුරු කවුරුනුත් එකතුවෙලා කිව්ව සිංදු. සමහර ඒවායේ තනු හින්දි. සමහර ඒවා දෙමළ. ජෝතිපාලගේ ‘නින්ද නේන රාත්‍රියේ’ හින්දි කොපියක් කියලා ඒක කියද්දී අපට  මතක් වෙනවද, නිකමටවත්.

සන්ධ්‍යා කුමාරි ධීවරියක විදියට ‘ධීවරයෝ’ ෆිල්ම් එකේ රඟපාමින්, සුජාතා අත්තනායකගේ හඬින් ‘මාළිගාවෙ මා රැජිණී - මුහුද යහන වේ’ කියද්දී පී. සුසිලා ‘කාට්ටුරානි’ දෙමළ ෆිලුමට කියපු සිංදුවක් කියලා හෙම කාටද මතක් වෙන්නේ?

අප හැමෝම එකතුවී, එකාවන්ව ‘මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් වීරයාට’ චියර් කළේ. 

එහෙනම් ඇයි සමහර වෙලාවට විතරක් භේද භින්න -ගිනි අවුළුවන කතා ? 
“...... මළ දා නිදන්නේ - එකටයි කනත්තේ, කුල-මල ජාතී භේදේ - එදා නෑ නැඟෙන්නේ....” කියලා ‘තනිවයි උපන්නේ....’ සිංදුව කියද්දී අපිත් ගිරවුන් වගේ ප්‍රතිරාව නැංවුවාට, තේරුම හිතට අරගෙන නැතිනම්........ අරුත නොසලකා හැමදාම කියන පන්සිල් පද වගේමයි නේද?

ඒ දවස්වල ලංකාවේ හැමෝම මුත්තයියා මුරලිදරන් වීරයාට චියර් කළේ............... 
ඔන්න, ඔන්න. පුරුද්ද මතු වුණා. අනේ සමාවෙන්න. පුළුවන් තරම් කෙටියෙන් බ්ලොග්කරුවන්ගේ හැන්දෑව ගැන ලියන්නයි හිතුවේ..... මොන, මට කොහෙද එහෙම පුරුද්දක්? 
ඉතින් තව එක කොටසක්වත් ලියන්නම වෙනවා. හිතවත්, සන්මිත්‍ර පාඨක ඔබ හැම ඒකත් කියවන බව නම් මට හොඳටම ෂුවර්! ඒ නිසා අදට නවතින්නම්, හොඳේ!