li Item

Saturday, May 7, 2022

උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස

Go home කිව්වත්, கோ ஹோம் කිව්වත්....
ඒ අලකලංචිය අහවර වෙලා, හුස්මක් ගන්නවත් වෙලාවක් හම්බ වුණේ නෑ.
ගෑනු ළමයෙක් ඊයක වේගයෙන් මගේ ළඟට ආවා. ළමයෙක් කිව්වට අවුරුදු දහ අටක- විස්සක විතර ළමිස්සියෙක්... ගහෙන් ගෙඩියක් එනවාටත් වැඩිය ඉක්මනින් එයා..... (එහෙම කියලනේ කලින් කොටස නැවැත්තුවේ. මතකයි නේද? ඉතිං ඊට පස්සේ....)

ගහෙන් ගෙඩියක් එනවාටත් වැඩිය ඉක්මනින් එයා මෙහෙම කියපි. “අංකල්, ඔය පුටුව දෙන්නකෝ.... මගේ කකුල් රිදෙනවා!”

අරගල භූමිය පුරා දිගටම ඇවිදගෙන යන එක; පැය ගණනාවක් තිස්සේ හිටගෙන ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි තමා. ඉතිං එහෙම අමාරු අය, ඉඩක් හම්බවෙච්චි ගමන්ම කොහේ හරි ‘පස්ස’ තියා ගන්නයි බලන්නේ.

උපවාසේ පළමුවෙනි දවසේ මට පුටුවක් හම්බ වුණාම මමත් ඒකෙ වාඩි වුණේ අපේ ජනපැති - අකැමැති උත්තමයන් වහන්සේලාව පූර්වාදර්ශයට ගනිමින්. මොක්කු ඇවිත්- කොච්චර කෑ ගහලා ‘පුටුවෙන් පලයං’ කිව්වත් නෑහුණා වගේ ඉන්නවා! Go home කිව්වත්, கோ ஹோம் කිව්වත් නොතේරුණා වගේ ඉන්නවා. (දෙමළ දන්නවා වගේ  கோ ஹோம் කියලා ලිව්වේ අපේ ‘චම්පික ප්‍රසන්න- නයා’ට කියල ලියවගෙනයි. ස්තුතියි ප්‍රසෝ!) ජාතික කොඩියේ සිංහයාට පණ ඇවිත් පලයාාාාාාාං!කිව්වත්, එච්චර තමයි මම කරන්නේ.

ඈ... ලජ්ජා නැද්ද ඇහුවා...

මොකට ලජ්ජා වෙනවද? xජ්ජ තිබ්බ නං මෙච්චර හරියක් කර ගන්න අපේ අකැමැතිතුමාට හම්බ වෙයිද. ලංකාවේ ලොකුම පෝසතා වෙන්න; ඇමෙරිකන් ඩොලර් බිලියන 1.8 ක පෝසතෙක් වෙන්න හම්බ වෙයි මෙන්න කියලා! ආන්න, ආදුරුසයක් ගන්නවා නං ගන්නෝනි එහෙම කෙනෙකුගෙන්...

ඉතිං බහිරවයා වගේ පුටුව බදා ගෙන හිටි මං වහන්සේ, අර ගෑනු දැරිවියට කටෙන් උත්තර දුන්නේ නෑ. අතෙන් උත්තර දුන්නේ. වමතේ ඇඟිලි හතරක් අකුළලා-  මහපටැඟිල්ල උරුක් කරලා මගේ පිටිපස්සෙන් එල්ලලා තිබ්බ බැනරය පෙන්නුවා.

උපවාසය පටන් ගනිද්දී අපේ කුටිය පාළු පාටටයි තිබුණේ. මගේ පුටුවට යටින්...

ඒ ළමය ඒක කියෙව්ව විතරයි, ‘හුඃ’ කියලා ගැස්සිල්ලක් දාපි. ඒ එක්කම මගේ උපවාසයට උදව්වක් කරන්නත් හිතිල වෙන්නැති, මට පස්ස හරෝලා- ඉස්සරහින්ම හිටගෙන සෙල්ෆියකුත් ගනිපි!

සමහරුන් කියනවානේ ‘ගෝඨා ගෝ ගම’ කානිවල් එකක් වෙලාය කියලා. එයාලට වැරදිලා. එහෙම කියන එක අසාධාරණයි. මගේ මතය අනුව නං කියන්න ඕනේ  ගෝඨා ගෝ ගම සෙල්ෆිලන්තයක් වෙලා’ කියලයි! එහෙම වෙලා හරි මේ තරං මහජන කන්දරාවක් මේ තරුණ අරගලය බලන්න එන එක වුණත් කොච්චර දෙයක්ද?
එහෙම එන ගොඩාරියක් දෙනා ආපහු යන්නෙ නිකම්ම නෙවෙයි! ආකල්ප වෙනසකුත් එක්ක!!

මම එහෙම කිව්වේ නියැදි සමීක්ෂණයකට අනුවයි.
උපවාසය කරන අතරේ; පුටුවේ වාඩිවෙලා ඉන්න ගමන්ම ඒ සමීක්ෂණය කරගන්න ඇහැක් වුණේ අපේ බඩා මල්ලියාගේ ස්ථානෝචිත ප්‍රඥාව හෙවත් තන්වැසි නුවණ නිසා. (ඌත් දිසානායක කෙනෙක්නෙ.
මිනිහගේ ‘ටිකිරි මොළේ’ත් දැන් නං මෝරලා වගෙයි.)

උපවාසය පටන් ගනිද්දී අපේ කුටිය පාළු පාටටයි තිබුණේ. මගේ පුටුවට යටින් ලොකු ලී පරාලයකුත් බිම වැටිලා තිබුණා; හයයි දෙකේ විතර. (ඔය ඉහළින් තියෙන foto කෑල්ල බැලුවහම පෙනෙයි මම කියන දේවල්.)
පෝර්ට් සිටිය මායිම් කරමින්, පදික වේදිකාවේ අයින දිගේම ගහලා තියෙන දැල රඳවන ආධාරකයත්- සිමෙන්ති ආධාරකයනුත් අතරේ අඟල් දෙකක විතර ඉඩක් තිබුණා.
අපේ බඩා මොකද කළේ, නෙවිල්වයි- ජයාවයි අල්ලගෙන අර ලී පරාලය ඒ ඉඩට රිංගෙව්වා. එහෙමයි මගේ දකුණත පැත්තෙන් දිග බංකුවක් හැදුණේ. එවෙලේ ඉඳන්, ඒ බංකුව කොයියම්ම වෙලාවකවත් සෙනඟින් හිස්ව තිබුණෙ නෑ!

වැඩියත්ම එතැන වාඩිවෙලා හිතේ හැටියට රෙදි ඇපිල්ලුවේ වැඩිහිටි ගෑනු උදවිය. එයාලගේ නිදහස් අදහස් දෝර ගැලුවේ, ඒවා ඇහිඳ ගන්න රබර් කන් දෙකක් ඊට ටිකාක් මෙහායින් පේවෙලා ඉන්න විත්තිය නොදැනයි!

ආණ්ඩුවේ පුක රත් වෙලා නැත්තං මෙච්චර ආරස්සාව දා ගනියිද?

“දුකත් හිතෙනවා බං...! උන්ගේ අප්පච්චියි- මායි එපා කියද්දින් අපේ කොල්ලත් මේ මංගල්ලෙට ආවට මම නං හිටියේ පුදුම තරමේ තරහෙන්. ඒත් ඇහෙන්ම දැක්කට පස්සේ තමයි තේරෙන්නේ... උන් හරි කියලා. උන්ගෙ යුද්දෙට ත්‍රිවිධ රත්නත්තරේ ආරස්සාව ලැබෙන්ඩ ඕනි.”

“පිස්සුද බං... කෝ, උන් බෙරිහන් දීගෙන ගිරිය කඩා ගෙන කෑ ගැහුවට ආණ්ඩුව ගියාද?”

“එහෙමමත් කියන්ඩ එපා අක්කේ... ආණ්ඩුවේ පුක රත් වෙලා නැත්තං මෙච්චර ආරස්සාව දා ගනියිද? ඇයි බං අක්කේ, ඔය ලොක්කො ඔක්කොම වගේ, මේ කිරිකජු කොල්ලන්ඩ බයේ- දැන් ඉන්න ඉන්න තැන්වලම හිර වෙලා වගෙයිනෙ ඉන්නෙත්....” එහෙම කතාවක් වුණේ වයසක අම්මලා නඩයක.

බයේ හිර වෙලා?
අනේ, නිදිගෙ පංච තන්තරේ කියවන ආයුබොවන්ලා මට දහස් වාරයක් සමාව දෙන්නෝනි, මෙහෙම අතුරු කතන්දරත් දොඩනවට.

අපේ 225+1 ම දැන් හොඳටෝම බය වෙලා වෙන්නෝනි තමා ඉන්නේ.

අන්තරේ කොල්ලො- කෙල්ලො ආණ්ඩුවේ යකඩ බටවලින්ම කූඩාරම් ගහගෙන; අට්ටාල ඉදි කරගෙන. ඌරු කොටුව පාරේ, ‘හොරු ගෝ ගමකියලා අලුත්ම ගමකුත් හදාගෙන!

ඒ බයේ තරම ලෝකෙටම පෙනුණා මැයි 4 වෙනිදා. දියවන්නා මන්දිරේට යන පාරවල් සේරම අවහිර කර-කර ගැල්වනයිස් බම්බුවලින් ගහපු වැටවල් තොගයෙන්. ආන්න දැන්; 6 වෙනිදා පාන්දර වෙද්දී අන්තරේ කොල්ලො- කෙල්ලො ආණ්ඩුවේ යකඩ බටවලින්ම කූඩාරම් ගහගෙන; අට්ටාල ඉදි කරගෙන. ඌරු කොටුව පාරේ, ‘හොරු ගෝ ගම’ කියලා අලුත්ම ගමකුත් හදාගෙන!

ඉතිං එව්වා එහෙම වෙද්දී, ආයෙමත් ගෝඨා ගෝ ගමේ අපි හදා ගත්තු ලී බංකුව උඩට යමුකෝ!

එතැන වාඩි වෙලා උන්නු, කන්නාඩි දෙකක් දාගෙන හිටිය වයසක මහත්තයෙක්, එයාම ඉදිරිපත් වෙලා මගෙන් උපවාසේ ගැන ඇහුවා; ටික වෙලාවක් මගේ දිහාවත් බලං ඉඳලා.
ඇත්තම කිව්වොත්, එහෙම කතාබහක් වෙද්දී ගිනි අව්වේ දාහයත් අමතක වෙලා යනවා. ඒ වගේමයි නොනවතින සටන් පාඨ කියවන සද්දෙත් නෑහී යනවා.

“මේ කොල්ලො කෙල්ලො දැනටමත් දිනලා ඉවරයි මිස්ටර් නිමල්. මීට පස්සේ රටේ සල්ලි වියදම් කරලා කරන වැඩවලට උන්ගේ පඩත්තල නම් දාගන්නවා බොරු. නැද්ද මං අහන්නේ... අපූරුවට උන් නැතිවත් දැන් ගොඩක් තැන් විවෘත කරන්නේ...” එයා කිව්වා. “ටිකක් අහගෙන ඉන්නකො, මේ කොල්ලො කියන සටන් පාඨ.... අපේ කාලෙ ඒවා වගේද? මේවනෙ කියුං...”

ඇත්ත නේන්නං!

Go ගෝඨා - ගෝ ගෝ, Go ගෝඨා - ගෝ home
  කපුටු කාක්- කාක් කාක්, බැසිල් බැසිල් - බැසිල් හොරා
අයිය සුනාමි - මල්ලි කොරෝනා
  රාජපක්ෂ සුද්දෝදන - සුද්ද කළා සද්ද නැතුව

කොච්චර වැඩිහිටියන් මේ තරුණ දූලා-පුතාලට දහිරිය දෙනවද?

තවත් එකක්!
ළිං ගෙම්බෙක් වගේ වැඩි කාලයක් ගෙදරම ඉන්න මං කොච්චර වැරදිද කියලත් මට තේරුණේ ගෝඨා ගෝ ගමට ඇවිත් පැය 24 ක් යන්නත් කලින්.

මම හිතාගෙන හිටියේ අරගලේට වැඩිහිටි සහාය හම්බ වෙන්නේ නැතිය කියලයි. කොච්චර වැඩිහිටියන් මේ තරුණ දූලා-පුතාලට දහිරිය දෙනවද? කතා පැවැත්තීමෙන්... බෝඩ් එල්ලගෙන හිටීමෙන්....

අනිත් වැදගත්ම කාරණේ ‘නායකයන් නැති හටන’ කියලා මේ උද්ඝෝෂණය බාල්දු කිරීම. අපේ නාකි පරම්පරාවට හිතා ගන්නත් අමාරුයි අප්පා මුන්ගෙ මොළේ! අනේ! ඇස්වහක් කටවහක් වදින්න එපා. ඒ තරං ඉස්තරං.

මට දවස තිස්සෙම පෙනිච්ච එක නිසයි මටත් තේරුණේ. නායකයෝ හිටියාය නැතිය කියලා මොකෝ, වැඩේ හරියට කෙරෙනවා නං. පේනවනේ, තුනෙන් දෙක තිබිලත්- විස්සම දීලත්- වියත් උපදේශකයන් වැහි වැහැල ඉඳලත් කරගත්ත අපූරුව! විස්ස පර වෙලා.... රිවර්ස් reverse, සේරම රිවර්ස්!

ඔය ගෝඨා ගෝ ගමේ අරගල භූමියට හැමදාම නවය - නවයමාර විතර වෙද්දී එන්න පටන් ගන්නවනෙ පෙළපාලි. එව්වා එන්නෙ එකෑවර නෙවෙයි. කඩින් කඩ...
ඔන්න එකක් එනවා. එයාලගේ නියෝජිතයෙක් හරි දෙන්නෙක් හරි කතා පවත්තනවත් එක්ක.

ඔන්න බොලේ ඒක ඉවර වෙනකොටම, ඈතින් තවත් පෙළපාලියක් මතු වෙනවා. දවස තිස්සේම ඔහොමයි. පෙළපාලි එකකට පස්සේ එකක්.... එහෙම දේවල් නිකම්ම නිකං; ඉබේ වෙන්ඩ නං විදිහක් නෑනෙ. හොඳට plan කරලයි වෙනවා ඇත්තෙ; හොඳ සංවිධානයකින් තමයි වෙනවා ඇත්තෙ.
වැදගත්ම දේ ඒවායේ නම්බුව ගන්නවත් මේ කොල්ලො- කෙල්ලො ඉස්සරහට පනින්නෙ නෑනෙ. මමයි කෙරුමා කියලා ඉස්මතු වෙන්ඩ තටමන්නෙ නෑනෙ! අන්න නියම නායකයෝ!!

උන් කොහොමද දන්නෙ නිදහසේ අගේ, උන් ඉන්නෙත් විහින් තනා ගත්තු හිර ගෙවල්වලකොට.

‘නොගලන ගඟ පල් වෙනව’යි කියනවනේ. තරුණ අරගලයත් දවසින් දවස- පැයෙන් පැය අලුත් වෙනවා, ඒ ඒ ‘අදිසි’ නායකයන් යටතේ.

සෙනසුරාදා දවාලෙත් එහෙම අලුත් වැඩක් සිද්ද වුණා.
මම හිටිය උපවාස කුටියට දකුණු පැත්තෙන් තිබ්බා බංගසාල කූඩාරමක්. සිකුරාදා උදේ හිටන්ම ඒ කූඩාරම ඇතුළේ ගිමන් හරින මිනිස්සුයි හිටියේ. හිටි ගමන් ඒ කූඩාරම අතු-පතු ගාලා සුද්ද කෙරුණා. වටේට නයිලෝන් ලණු ඇදලා සීමාවලුත් ලකුණු කෙරුණා.

ඊට ටිකකට පස්සේ පෙළපාලියක් ආවා. අනෙක් පෙළපාලි එනකොට වගේ සද්ද නෑ!
එහෙම ආවේ ශ්‍රවණාබාධිත උදවිය. එයාලා වෙනුවෙන් අරගල භූමියේ අට්ටාලයට නැංගේ තරුණියක්. එයා කියන දේවල් වචනවලට පෙරලුවේ නිවේදකයෙක්. ඒකනෙ කතාව.
හරිම උද්වේගකරයි. ඒ කට්ටිය ඉල්ලුවේ රට-රාජ්ජෙ දෙන්න කියලා නෙවෙයි. එයාලට නිදහසේ රස්සාවක් කරගෙන, කාලා-බීලා, හැබෑ මිනිසුන් වගේ ජීවත් වෙන්න පුළුවන් රටක්; සමාජයක් තනා දෙන්න කියලයි.

අනේ දරුවනේ, කාගෙන්ද ඔයාලා ඔහොම ඉල්ලන්නේ?

දැන් ඉන්න ලොක්කන්ට නිදහසේ මහිමය තේරෙන්නෙ නෑ. මහ පොළොවේ පය ගහගෙන ඉන්න මිනිසුන්නේ නාඩි වැටෙන හැටි තේරෙන්නෙ නෑ. උන් කොහොමද දන්නෙ නිදහසේ අගේ, උන් ඉන්නෙත් විහින් තනා ගත්තු හිර ගෙවල්වලකොට. උන්දැලට නිදහසේ කකුස්සියටවත් යන්ඩ බැරිව ඇත්තෙ.)

මේ යස අපූරු හිරිමල් කෙල්ලො- කොල්ලො රොත්තම කිසිම පැකිළීමක් නැතිව අර කූඩාරම අවටත්, අරගල බිමේත් එහා-මෙහා ගියේ ශ්‍රවණාබාධිත බව ගැන වගේ වගක් නැතිව; සාමාන්‍ය තරුණ තරුණියන් වගේ. ඉස්සර නං කොහොමද? මෙහෙම ආබාධිත අය කොච්චර කුලෑටි විදිහටද එළියට බැස්සේ....
එයාලා එයාලා අතරම සංඥා භාෂාව භාවිතයෙන් සංවාද කර ගන්නකොට, හිනා වෙවී රොක් වෙමින් තරගයට වගේ සෙල්ෆි ගහනකොට.... මට ඇස්දෙක අහකට ගන්න මතක නැතිවයි හිටියේ.

පීඩකයාගේ බලය රඳා පවතින්නේ, පීඩිතයන් තම ශක්තිය හඳුනා ගන්නා තුරු පමණිකියන්නේ නිකම්ම නෙවෙයිනේ.
හැබැයි, මොනවා මතක නැති වුණත් සැරෙන් සැරේ වතුර උගුරු දෙක තුනක් බොන්න නං මම අමතක කළේ නෑ. ඒත් මං අවශ්‍ය තරමට වතුර බොන්න ගියෙත් නෑ! එහෙම කළේ සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාව ඇති වෙයි කියල බයේ.

එහෙම උවමනාවක් ආවොත් ලොකු දුරක් යන්න වෙනවනෙ සෙනඟ පීරාගෙන. ඊටත් දැන් දැන් තනියම යන්නත් හිතට සැකයි. ඔයින්- මෙයින් වුණේ, එක වතාවකට වතුර උගුරු දෙකක් විතර බොන එකයි.

“ඇයි නිමල්, ඥානක්කගේ දේවාලය ළඟම තියෙන්නේ?” මුත්‍රා ප්‍රශ්නය ගැන අහපු Pra Jay මහත්තය විමසුවා.

පේව්මන්ට් එකේ එක හිඩැසක් ළඟ ‘ඥානක්කගේ දේවාලයට’ කියලා බැනරයක් නං මමත් දැක්ක තමයි. ඒ පැත්ත පලාතම ගන්ධකේ බැරි තරං හින්දා මට එතැනට යන්න හිත දුන්නේ නෑ.
ඊටත්, කවුද දන්නෙ දෙයියෝ- පෙරේතයෝ- යක්ෂයෝ පිරිවරාගෙන ඉන්න ඥානක්කා එතනට යන අයට වින කටින්න භූතයෙකුට හරි පවරලා තිබ්බොත්... දෙයියන්ට නං එහෙම රාජකාරි පවරන්න බැරි තරමට දෙයියා පල් වෙලා ඉන්න හින්දනේ පොලිසියෙන්- හමුදාවෙන් ඥානක්කට ආරස්සාව දෙනව ඇත්තෙත්.

‘පීඩකයාගේ බලය රඳා පවතින්නේ, පීඩිතයන් තම ශක්තිය හඳුනා ගන්නා තුරු පමණි’ කියන්නේ නිකම්ම නෙවෙයිනේ. දෙයියන්ගේ- බූතයන්ගේ- අදමිටු පාලකයන්ගේ බලයට වැඩිය බලයක් පොඩි මිනිසුන්ගේ ළඟ තියෙන විත්තිය එයාලා තේරුම් ගන්න පටන් ගෙන.

මේ අරගලයෙන් වෙච්චි ලොකුම වාසිය ඒක වගෙයි!     

අදත් පොඩි වැස්සක් වැස්සා.
ඒත් ඊයේ වගේ වැස්සෙන් නාගන්න ලැබුණේ නෑ, බඩා මල්ලා ලොකු tent රෙද්දක් ගෙනැත් අපේ කුටිය එහෙම පිටින්ම හරි ගස්සපු නිසා. එයින් වුණේ උපවාසය කරන මාව වැහෙන විදිහට ගොඩක් දෙනා හිටගෙන හිටිය එකයි. වැස්ස වෙලාවට වැස්සෙන් බේරෙන්න, අව්ව වෙලාවට අව්වෙන් බේරෙන්න ගොඩ දෙනා අපේ කුටිය ඇතුළටම රොක් වුණා.

අරගලයට සහාය දෙන්න ආවත් ගොඩක් දෙනාට අව්-වැසි පීඩා දරා ගන්න අමාරු ඇති. අනෙක දැන් පැනඩෝල් පෙත්තක්වත් නැතිව ගිහිල්ලනේ- සල්ලි දීලා ගන්නවත්!

අපි හැමදාම ඉන්න දත කෑවට වැඩක් වෙනවැයි- වෙලාව ආවම යන්න වෙනවා.

අද දවාලේ බොහොම නිවුණු පාට තරුණයෙක් ආවා, වීඩියෝ කැමරාවකුත් අරං. එයාට මගෙ ගැන කියන්න ඇහැකිද කියල ඇහුවා. බෑ කියන්නේ මක්කටෙයි. මගේ ගැන කියනවා කියන්නේ ‘උපවාසය’ ගැන කීමටයි. ඒ ගැන කියනවා කියන්නෙ ගෝඨා ගෝ ගමේ කෙරෙන ‘තරුණ අරගලය’ ගැන කීමක්....

අපි හැමදාම ඉන්න දත කෑවට වැඩක් වෙනවැයි- වෙලාව ආවම යන්න වෙනවා. ඉතිං ආත්ම ගාණකට ඇති වෙන්න හම්බ කර ගත්තට වැඩක් වෙනවද? කරන හොඳක් තමා ඉතිරි වෙතොත්......

එයා ප්‍රශ්න ඇහුවා. මම උත්තර දුන්නා.
ඒ හාදයා ගියාට පස්සෙයි මතක් වුණේ, මං එයාගේ නමවත් අහගත්තෙ නැහැනේ!

නම අහගන්න බැරි වුණු එක පුදුමෙකුත් නෙවෙයි. ගෝඨා ගෝ ගමේදී කිසිම කෙනෙකු ලොකුත් නෑ; පොඩිත් නෑ. එතනදී වැදගත් වෙන්නේ ඔබේ සහභාගිත්වය විතරයි. ජීවත් වෙන ටිකේ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් යුතුකමක් කරන්න තියෙනවා නේද කියන එකයි වැදගත්. අර හිතවතාත් ඉටු කරන්න ඇත්තේ එහෙම යුතුකමක්- අරගලයට ප්‍රචාරයක් දෙන්න!

අදත් ජනක ඉනිමංකඩ පවුලේ කට්ටිය මාව බලන්න ආවා. සිදු වුණු කතාබහ ජනක මහතා කෙටියෙන් සටහන් කරලා fb එකේ.

අප්‍රේල් 23 18.07

නිමල් දිසානායක මහතා දැනට පැය 36 ක් නිරාහාරව, පැය 68 ක් දක්වා ගෝඨා ගෙදර යනතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ. #gogotahome2022

පුටුවෙන් ඉවත්වී ඇඳක දිගාවී සිටීමටද ඔහු අකැමතිය.

දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳින ඔහු බෙහෙත් ගැනීමෙන්ද වැලකී සිටී.

මේ මොහොතේ ඔහුගේ සහයට ඔහු අසළ තරුරසී ද රැඳී සිටී.

අපේ රටේ වැඩි දෙනෙකුත් එහෙමනෙ, වැදගත් දේවල් ගණනකට ගන්නෙ නෑ!

තරූ වගේම තව ගොඩක් අයත් දවස තිස්සෙම කුටියට ආව. සැප දුක් හොයල බැලුව. ඊයෙත් එහෙමයි. ඊයේ රෑ නං මට ටිකක් ආඩම්බරත් හිතුණා. තලපත්පිටියේ චිත්තම්මාගේ නෑදෑ- හිතවතුන්- මිත්‍රයන් සේරම බස් එකක් පුරෝලා ගෝඨා ගෝ ගමට ආවා, මාව බලන්නත් එක්ක. ප්‍රියන්තලත්...

අනේ සමා වෙන්නෝනි. ඒ වෙලාවේ ගොඩක් දෙනා එක්ක හිනා වෙන්නවත් බැරි  වුණා, තදබදේ අස්සේ!

“අමාරුවක් නැහැනෙ නිමල්.”
“නෑ ප්‍රියන්ත. අද දවල් පෝලුත් ඇවිත් බැලුවා.....” මං කිව්වේ
වෛද්‍ය A.C. පෙරේරා හිතවතා ගැනයි. එයා; පෝල් ආවේ අවශ්‍ය උපකරණත් අරගෙනමයි. Blood ප්‍රෙෂර් එක බලලා, තව තව ප්‍රශ්න ගොඩකුත් අහලයි එයා ගියේ.

ආව-ගිය අය ගැන විඩෙන්-විඩේ ලියැවුණු නිසයි ආයේ-ආයේම නොලියන්නේ. කමක් නැහැනෙ?

රෑ දහයට විතර හිටි ගමන් රතු කුරුස වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයන් පස්-හය දෙනෙක් අපේ කුටිය ආක්‍රමණය කළා. විස්තර ඇහුවා. මගේ රුධිර පරීක්ෂාවක් කරන්නට ඉඩ දෙන්නැයි කිව්වා. ප්‍රතිඵලයත් මට පෙන්නුවා. “ ඔයාගේ සීනි මට්ටම 80ට බැහැලනෙ.”

ගොං පණ්ඩිතයා කියන නමට වුණත් මං වහන්සේ නොගැලපෙන්නේ මෙන්න මෙතනදී. පිළිකා රෝගය ගැන කෙරෙන පරීක්ෂණ- දියවැඩියා ගැන කෙරෙන පරීක්ෂණ වගේ එව්වා ගණනාවක් මාසයකදී මට කෙරෙනවා. ලේ ගන්නකල් අත දික් කරගෙන ඉන්න එක තමයි ඒ වෙලාවට මගෙන් කෙරෙන්නේ. කෙරෙන පරීක්ෂණවල නම් එකක්වත් මං දන්නෙ නෑ. එව්වයේ ප්‍රතිඵල ගැන මං හොයන්නෙත් නෑ.
(අපේ රටේ වැඩි දෙනෙකුත් එහෙමනෙ, වැදගත් දේවල් ගණනකට ගන්නෙ නෑ!)

හැබැයි, මට ප්‍රතිකාර කරන වෛද්‍යවරිය හෝ වෛද්‍යවරයා කියන දේවල්වලට නම් කන් දීගෙන ඉන්නවා.

ඊට පස්සේ අයස්මන්ත දොස්තර මහත්තය තමයි reports බලලා මට දෙහි කපන්නේ, වාර්තා නරකයි නම්. එතකොට කොන්දොස්තර නෙවිල් අනුරසිරිල, මර්වින්ලා එහෙමත් උඩගෙඩි දෙනවා, හිටු කියලා.

‘සීනි 80 ටත් අඩුයි’ කිව්වත් මට විශේෂයක් දැනුණේ නෑ. “මට කිසිම අමාරුවක් නෑ.” කියලා මං කිව්වේ ඇත්තටමයි. එතකොට දොස්තර මහත්තයයි, නෝනයි දෙන්නම ටිකක් එහාට ගිහින් අදහස් හුවමාරු කරගෙන ආයෙම මගේ ළඟට ආවා. “මිස්ටර් නිමල්, හිටිය ගමන් ඔයාට සිහිය නැතිව යන්න පුළුවනි....”
“මෙයා මගේ ළඟින්ම ඉන්නවා ඩොක්ටර්.” මම නෙවිල්ව පෙන්නලා කිව්වා.

හා හා ඔයාට ඇවිදින්න හොඳ නෑ.

දොස්තර නෝනා නෙවිල් දිහාවට හැරුණා. “ඔයා ළඟින් හිටියට වැඩක් නෑ. මෙයාට හිටිය ගමන් නින්ද යනවා වගේ පෙනෙයි. ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි මෙයා කෝමා එකක කියලා. නිමල්, ඔයාව කොමා එකෙන්ම මැරෙන්න වුණත් ඉඩ තියෙනවා.... Please... ඇයි එච්චර risk එකක් ගන්නෙ?”

“මං දන්නවා මගේ ගැන. මට ඕනි දිගටම පැය 68 fasting එක complete කර ගන්න. මම ඒ risk එක ගන්නම්.”

ආයෙමත් එයාලගේ සාකච්ඡාවක්. “මිස්ටර් නිමල්, ඔයා දැන් ඉන්න තත්ත්වයේ හැටියට ඉන්න ඕනි වෛද්‍ය අධීක්ෂණය යටතේ... අපි ඔයාව hospitle එකට ගෙනියලා චෙක් කරවලා ආයෙම මෙතනට එක්ක එන්නං. එතකොට safeනෙ.... ඔයා එංගලන්තේ ඉන්න ඩොක්ටර් බෝධිනී සමරතුංගව දන්නව නේද.... බෝධිනී ඔයා ගැන හරි කන්සර්න්....”

සමහරු හොඳ චේතනාවෙන් බොරු කියනවා. එයාලත් ‘...ආයෙම මෙතනට එක්ක එන්නං.’ කියපුවාම මං දැන ගන්නයි තිබ්බේ ඒ බොරුවක් බව. ඒත් ඒ වෙලාවේ මං ඒ කතාව විශ්වාස කළා. එච්චර කරුණාවෙන් ඉල්ලා හිටිද්දී එයාලටත් යම්කිසි ගෞරවයක් කරන්න ඕනි නේද?
“එහෙනං නෙවිල්, මං ගිහින් එනතුරු ඔයා මෙතන ඉන්න.... කවුරු හරි ඇහුවොත් කියන්න මං ඉක්මනට එනවයි කියලා.” මම නෙවිල්ට කිව්වා. “එහෙම නම් යං!” ඊළඟට මං කිව්වේ වෛද්‍ය කණ්ඩායමට.

“මොට්ට xකෝරිස්! දැන්වත් දැනගනින්- ඇම්බියුලන්ස් එකකින් ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ගෙනියනවා විතරයි. ආපහු ඒකෙන් ලෙඩෙක්ව ගේන්නෙ නෑ......” උපවාසය ඉවර කරලා ඇවිත් කෙරුණු කතාබහකදී කරුණු දන්නා කෙනෙක් ආදරණීය බාසාවෙන් මට කියා දුන්නා!
එතකොටයි මට තේරුණේ රතු කුරුස වෛද්‍ය කණ්ඩායම චේතනාන්විතවම ‘අල්ප සාවද්‍ය’ වැරද්දක් සිදු කළ විත්තිය.

එහෙම නම් යං! කිව්වා විතරයි.... ‘ඇම්බියුලන්ස් එකට කියන්න....’ කියනවා ඇහුණා. ඒත් එක්කම වගේ ‘අරගල භූමි’යෙ යකඩ කටෙනුත් ඇම්බියුලන්ස් එකක් වහාම ගෙනෙන්නයි කියනවා ඇහුණා.

එතකොටත් ඒ හරියේ සෙනඟ උතුරනවා. ‘හී හූ- හී හූ’ ඇම්බියුලන්ස් නළාව ළඟින්ම ඇහෙද්දී මම පුටුවෙන් නැඟිට්ටා. “හා හා ඔයාට ඇවිදින්න හොඳ නෑ.” / “කොහොමද ස්ට්‍රෙචර් එක....” / “මං මෙයාව උස්ස ගන්නන් අක්කේ.” දෙතුන් දෙනෙකුගේ කලබල ප්‍රකාශ..... ඒ අස්සේ ඇම්බියුලන්ස් එකක් ගේන්නැයි තවත් නිවේදනයක්...

ඒ පුතාටත් අරගල බිමේ උණුහුම කා වැදිලා!

වෛද්‍ය කණ්ඩායමේ ලාබාල තරුණ පුතෙක් මාව වඩා ගත්තා. හෙදියක් වෙන්නැති; තවත් තරුණ දියණියක් ඉස්සරහින් සෙනඟ පීරාගෙන යන්න පටන් ගත්තා. ඒ අතරේ ගිලන් රථ දෙකක්; දෙකක්ම ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුම අසල අට්ටාලය ඉස්සරහට ඇවිත්.... එකකට මාව දැම්මා. අම්මෝ, එතන තිබිච්ච කලබලේ!

එතකොටම මට පෙනුණා, තවත් ලෙඩෙකු උස්සාගෙන එන බව. මම එච්චර අමාරුවක් නැති මිනිහනේ. මං ගිලන් ඇඳේ වාඩි වෙන්න හැදුවා.
“හා හා අංකල්.... හාන්සි වෙන්න.... හාන්සි වෙන්න....” ඇම්බියුලන්ස් එකට නැඟලා හිටි අර තරුණ දුවයි- පුතයි මට කිව්වා.

එකම තැනකින් අපි දෙන්නෙක්; ලෙඩ්ඩු දෙන්නෙක් අරගෙන ගිලන් රථ දෙකක් මහ රෝහලට පිම්මේ ගියා....

“අංකල්... කවුද අර ස්ටෝල් එකේ ඔයා ළඟ හිටියේ?” තරුණ හෙදිය මගෙන් ඇහුවා. ඊළඟට නෙවිල්ගේ මොබයිල් නොම්මරෙත් ඉල්ලා ගත්තා. එතකොටම ඇම්බියුලන්ස් එක මහ රෝහලට.....
අපේ ගිලන් රියට ඉස්සර වෙලා අනෙක ඇවිල්ලත් එක්ක...

“ඔන්න බලන්න අක්කේ... අතන හතර දෙනෙක් වාඩි වෙලා ඉඳලත් එක්කෙනෙක්වත් නැඟිටින්නේ නැතිව ඉන්න හැටි....” මාව උස්සලා දමපු තරුණ පුතා හෙදියට කෙඳිරුවා. වැඩ සිද්ද වුණේත් ඒ විදිහටමයි. ඒ පුතාටත් අරගල බිමේ උණුහුම කා වැදිලා. “මේ පේෂන්ට්ව...” එයා පුළුවන් තරං විනීතව කිව්වා, ගිලන් රියේ දොර ඇරගෙන ඉන්න ගමන්..... ම්හු!
එයා එතන රාජකාරියේ හිටි ඒ ‘හතර දෙනෙක් සෙන්පතියෝ’ ළඟට ගිහින් මොනව කිව්වද මන්දා.

‘අගමැති බක්කට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය’ කියලා කොච්චර මොර දුන්නත් උන්නැහේට ඇහෙන්නෙ නෑ; දැනෙන්නෙ නෑ වගේමයි. අර හතර දෙනාත් නෑහුණ විදිහට හිටිය වගෙයි පෙනුණේ. ඒ සැරේ අපේ හාදයාම රෝද පුටුවක් තල්ලු කරගෙන ඇවිත්, මාව ඒකෙන් ඉන්දෙව්වා....

“උන් එක්ක පැටලිලා වැඩක් නෑ මල්ලී.”
හෙදියගේ කතාවෙන් තේරුණේ මීට පෙරත් එයාලා මුහුණ දුන් අත්දැකීම් මේ වගේම තමයි කියන එක.

උඩ තට්ටුවක තියෙන වාට්ටුවකටයි මාව අරං ගියේ.

දොස්තර මහත්තයාගේ මේසයට ටිකක් එහායින් තිබුණු පුටුවල තවත් හත්-අට දෙනෙක් වාඩි වෙලා හිටියා. ඒ ගොඩේම හිටි තරුණයෙක් දැක්කාම මං වහන්සේගේ කට ඇරුණේ අප්පල්ලයක් වගේ!

ඒ වගේම මගේ කට ඇරුණා ඊයෙත්. ඊයේ කිව්වේ 2022 මැයි 6 වෙනිදා හවස. කට ඇරුණා විතරක් නෙවෙයි, හීල්ලුණා; හොඳටම ඇඬුණා; පපුව පැලෙන තරමේ තරහකින් වෛරයකින් හිත පිරුණා....
දියත උයන කිට්ටුව, බත්තරමුල්ලේ පාර්ලිමේන්තු පිවිසුම අසල- ඌරු කොටුව පාරේ ‘හොරු ගෝ ගමේ’ උද්ඝෝෂණයට කෙරුණු පහර දීම් දකිද්දී...

කාගෙන් අණ ලැබුණත් මිනිස්සුන්ට පුළුවනිද මෙච්චරටම අමානුෂික වෙන්ඩ... කෘෘර වෙන්ඩ... මෙයාල පොඩි කාලේ අම්මලාගෙන් බීලා තියෙන්නේ කිරිද, රීරිද?

පෝස්ටු මාලාවේ ඊළඟ කොටස ලියනකල්, ඔයාලට පුළුවනිද මට මේ තත්ත්වේ තේරුම් කරලා දෙන්න?

25 comments:

  1. උද්ඝෝෂණය ගැන පිටතින් බලලා, එහෙම නැතිනම් වාර්තාකාරයෙකුගේ ඇසින් පෙනෙන දේවල් ගැන ඕනෑ තරම් තොරතුරු තියනවා. ඒ උනාට, උද්ඝෝෂණයට සක්‍රියව සහභාගී උන, තවත් පැහැදිලිව කියනවානම් එහිදී උපවාසයක යෙදුන කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම් ඒ හැටියෙන්ම ලියැවෙන්නේ මෙතැන විතරයි. එයින්, මේවාට සක්‍රියව සහභාගී වීමට නොහැකි අප වැන්නන්ට, මේ විරෝධතාවයේ ඇතුලාන්තය පිළිබඳව හොඳ චිත්‍රයක් මවා ගැනීමට අවස්තාව ලැබෙනවා.
    හොඳ සෞඛ්‍ය තත්වයක් නැතුවත්, හිතේ දහිරියෙන් (කොම්බු දෙකයි ධ යන්නයි ලියන්න බැහැනේ?) මේකට ඉදිරිපත් වෙච්ච් නි දී ට මගේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Sam,
      මගේ කෝණයෙන් අරගලය ගැන ලියලා තියන්න හිතුනේ සමහර තොරතුරු නොලියවෙන හැටි දැක්කමයි.

      Delete
  2. අරගලය ගැන අළුත් කියවීමක්! ඔබේ ධෛර්යයට නයගැතියි. ඊලඟ කොටස එනකල් නොඉවසිල්ලෙන්!

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ඒ විස්තරත් ලියනවා,Litseeker. කියවන්න ඇවිත් දිරි දෙනවාට ස්තුතියි!

      Delete
    2. අයින් වෙන්ඩ ලැහැත්ති වෙමින්.... අරගල ගල් කරන වැඩනෙව මේ මයින්ඩ මාතියා කරන්නෙ. මොක කරත් මිනිය බුදුන් වැඳලා තමයි හෙම වැඩේට එන්ටර් වෙන්නෙ.

      Delete
    3. එහෙම නේද අපේ හාමුදුරුවනේ!

      Delete
  3. මේ හොරු ටික එලවන්න ඔයා විතරක් නොවේ මුලු රටම උපවාසකලත් බැරිවෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. අඳුරන නයෙක් නං ඉන්නවා. නයාව ඇරියොත් වේට්ටිය.......🤔 මැදමූලන ටෝච් එහෙම තියනවද? ඕකා ටෝච් වලට බයයි.

      Delete
    2. னයි මෛනො එක්ක එච්චර ගැවසෙන් නෑ. වවුලෙක් හරි බස්සෙක් හරි උනානං සලකා බලන්න තිබ්බ.

      Delete
    3. https://www.behance.net/gallery/96441237/Great-horned-owl-Vs-king-cobra

      Delete
    4. ඔය රට්ටු මඩ ගැහැව්වට, අපි මිත්තරයො. ඒ බස්සෙක් , නයෙක්ට ලිෆ්ට් එකක් දෙන හැටි.🔭🦉😉

      Delete
    5. මදැයි, මං එනකොට පෙරහැර ගිහින්.
      අසංග- බස්සා- ප්‍රසන්න- Pra Jay මහත්තුරුනේ, ඔයාලා හොඳටම කරලා!

      Delete
    6. බස්සා නායාට ලිෆ්ට් දෙන එකත් දාලා තියෙන්නේ කපුටෙක් නේ

      Delete
  4. /ඇම්බියුලන්ස් එකකින් ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ගෙනියනවා විතරයි. ආපහු එක්කං එන්නෙ නෑ/ - නිදියව රතුකුරුසෙන් රවට්ටලා නෙව...
    අද රතුකුරුස දිනෙත් වෙච්චි

    ReplyDelete
    Replies
    1. නිදිය ආපහු ආවට පස්සෙ ඒ සෙට් එකව කුරුසෙට තියල ඇණ ගැහුවයි කියල තමයි ආරංචිය ආවෙ. හැක්..

      Delete
    2. ප්‍රසෝ! ජෙහාන් අප්පුහාමි කුරුසේ කරේ තියාගෙන ආවනේ ගෝඨා ගෝ ගමට... හැබැයි දර්ශන මාත්‍රයක්වත් ලබා ගන්න බැරි වුණා- සෙනඟ උතුරපු නිසා. අපේ තරුරසී ඒ පෙරහැර ගැන හොඳට දන්නා නිසා, එයාට කියමු ඒ ගැන ලියලා තියන්න!

      ඔව් නමී, මට හිතෙන්නේ රතු කුරුසේ අයගේ ඉලක්කය ජීව්ත බේරා ගැනීම නෙව.

      තට්ටයා මහත්තයා මේ ගැන විස්තරයක් ඊයේ පෙරේදා ලියා තිබ්බා. (තිලීපන් ගැන.) ඒ විස්තර ටික මෙතනටත් ලියන්නකෝ මහත්තයෝ තව ටිකක් දිගෑරලා.

      Delete
    3. තරූ නං කොළ එළියක් දැල්වූවා!
      තට්ටය මහතා තමා තවම නිඳි.

      Delete
  5. මොන සෞඛ්‍ය තත්වෙක හිටියත් වටේ පිටේ සිද්දවෙන හැම දෙයක්ම කැප්චරු කරගන්න පුලුවන් වෙන එක නිමල් අයියට උප්පත්තියෙන්ම ආපු හැකියාවක් වගෙයි. ඒ නිසානෙ අපි මේ දේවල් මෙතන කියවන්නෙ.

    අපේ පැත්තෙ ඉන්න ශ්‍රවණාබාධිත අය නං අපිට වැඩිය හොඳට ඉස්මාට් ෆෝං එකෙන් කෝල් ගන්නව කැමරා ඔන් කරල.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ප්‍රසන්න. ගොඩක් දේවල් මගේ ඇහැටත් එතැනින් මොළේටත් හදවතටත් යන්නෙ නිකම්ම වගේ. ඇත්තම කිව්වොත් මේ විස්තරත් posts දෙකකින් ව්තර ලියවෙයි කියලා හිතුවේ. දැන් මටම පුදුමයි මෙච්චර දේවල් මතකේ තිබිච්ච එක ගැන.

      Delete
  6. සෑම් සහ Praසන්ன කියල තියනව වගේ, මේක "උපවාසයක යෙදුන කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම් ඒ හැටියෙන්ම ලියැවීම" නිසා තමයි වටින්නෙ. ඔහොම යං.🙏👌

    ReplyDelete
  7. බස්සා මහත්තයෝ, මං කොහොමත් young තමා... අර කවුද වගේ ඇවිදගන්න බැරිවුනත් තරුණයො එක්ක දුවන්න වුණත් ඔට්ටුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. young නෙමෙයි නං අඞු කඩාගෙන, පත්ත පන්නගෙන ගිහින් වතුර වලවල් වලට පනීවියෑ.😉

      Delete
    2. තවම ලපටි වයසේ නිසා හිටි ගමන් දේවල් අමතක වෙනවද මන්දා ටොමී.

      Delete
  8. නිමල්‍යාට වැරදිලා. බසු ස' කියල තියෙන්නේ එයාගේ පළාතේ තියෙන Young Street එකේ ඔහොම Young කියලයි. I mean fly කියලයි.
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මල්ලී කියනකල් ඔහොම තැනක් තියෙය කියලා දැනන් උන්නෙ නැහැ නෙව. ස්තුතියි මලේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්