li Item

Saturday, October 2, 2021

පහළොවේදී...- පළමුවෙනි කොටස

එවකට සමලිංගිකත්වය යනු අපරාධයක් ලෙසයි....

‘... 1952දී ටියුරින්ව අත්අඩංගුවට පත්වුණේ සමලිංගික ක්‍රියාවල යෙදෙන්නෙක් බවට චෝදනා ලබමින්. එවකට සමලිංගිකත්වය යනු අපරාධයක් ලෙසයි බ්‍රිතාන්‍යය නීතිය පිළිගත්තේ. අධිකරණය ඔහුට විකල්ප දෙකක් ඉදිරිපත් කළා.

එකක්, ඔහුගේ සමලිංගිකත්ව ස්වභාවය අපරාධයක් ලෙස පිළිගෙන සිර දඬුවමකට යටත් වීමයි.
අනෙක නම් රසායනික අණ්ඩහරණය (නැතහොත් Chemical Castration) නම් ක්‍රියාවලියට මුහුණ දීමයි. බ්‍රිතාන්‍ය අධිකරණය තීරණය කළේ හෝර්මෝන ශරීරගත කිරීම මගින් ඔහුගේ ලිංගික ප්‍රාජකය (Sex Drive) නැති කර එයින් ඔහු සමලිංගික ඇසුරේ යෙදීම වැළැක්වීමයි.

සිරගත වීම දරාගත නොහැකි වූ ටියුරින් රසායනික අණ්ඩහරණය භාර ගත්තා.

ඒ අනුව ඔහුට වසරක් යනතුරු හෝමෝන චිකිත්සාවට (Hormone Therapy) ලක්වීමට සිදු වුණා. එම හේතුවෙන් ටියුරින් ලිංගික බෙලහීනතාවට (Impotent) ලක්වුණා සේ ම ඔහුගේ පියයුරු නෙරා එන්නටත් පටන් ගත්තා....

ඒ වාගේම අපරාධකාරයෙකු ලෙසට හංවඩු ගැසුණු නිසා ටියුරින්ට ඔහු කළ රජයේ රැකියාව අහිමි වුණා. ඉන්පසු මැන්චෙස්ටර් නගරයට ගිය ටියුරින් හුදෙකලාව පර්යේෂණ කරන්නට පටන් ගත්තා.
එලෙස අසමසම පර්යේෂණ කරමින් සිටි ටියුරින්ගේ මියගිය සිරුර 1954 වර්ෂයේ එක දිනෙක, ඔහුගේම ඇඳ මත තිබියදී ඔහුගේ නිවාස පිරිසිදු කරන්නාට හමු වුණා. සයනයිඩ් ශරීර ගත කරගෙන ටියුරින් සියදිවි නසාගෙන තිබුණා......’

ත්‍රාඩ භාෂාවෙන් කියනවා නං කරන්න ඕනි සේරම කෙළි කෙළලා ඉවර වුණාම...

වැරදි කාලයක, වැරදි දේශ-දීපංකරේක, වැරදි කුලයක විතරක් නෙවෙයි වැරදි පවුලකවත් නොඉපදෙන්නට බෝසතාණන් වහන්සේ වගබලා ගත්ත කියලයි බණේ කියන්නේ. පස් මහ බැලුම් බැලුවාය කියන්නේ ඒකටනෙ...

එහෙම බැලුම් හෙළීමේ වාසනාව පුහුදුන් අපට කොහෙන්ද? ඇලන් ටියුරින්ට වුණෙත් ඒක.

‘.... ඇඳ මතම ටියුරින්ගේ මළ සිරුර ළඟ, අඩක් කෑ ඇපල් ගෙඩියක් හමු වුණා.
සයනයිඩ් ශරීරගත වී තිබුණේ ඇපල් ගෙඩියෙන් බවට මරණ පරීක්ෂක තීන්දු කළා.

ලෝ සුප්‍රකට ඇපල් සමාගමේ ලාංඡනය ඇලන් ටියුරින්ට කළ ප්‍රණාමයක් ලෙස එක් ඉතිහාසඥයෙක් හුවා දැක්වූයේ, නූතන පරිගණක විද්‍යාවේ පියා ලෙස සැලකෙන ටියුරින් සයනයිඩ් පෙඟු ඇපල් ගෙඩියක් අනුභව කර සිය දිවි නසාගත් බැවින්, ඇපල් සමාගමේ ලාංඡනය ලෙස අඩක් කෑ ඇපල් ගෙඩියක් තෝරා ගත් බවයි...’

සිදුහතුන් වාසනාවන්ත වුණා- රජ පවුලක ඉපදිලා, රජ සැප විඳලා, පුත්‍ර රත්නයකුත් ජනිත කරවලා ඉවර වුණාම.... (ත්‍රාඩ භාෂාවෙන් කියනවා නං කරන්න ඕනි සේරම කෙළි කෙළලා ඉවර වුණාම...) අභිනිෂ්ක්‍රමණය කරලා බුද්ධත්වයට පත් වෙන්නටත්.
නමුත් ඇලන් ටියුරින් එතරම් වාසනාවන්තයෙක් වුණේ නෑ! 

පරිගණකය ළඟින් වාඩිවෙන වෙලාවට ‘ඇලන් ටියුරින් වීරයා; පරිගණක විද්‍යාවේ පියා’ ගැන මතක් වෙන්නේ කාටද? ඒ අසහාය බුද්ධිමතාණන් ලෝකයම වෙනස් කරවන්නට මුල පිරුවත්- වැරදි කාලයක ඉපදීම නිසා තමන්ගේ ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවූ අවාසනාවන්තයෙකු වුණාය කියලා මතක් වෙන්නේ කාටද?

මට මුලින්ම ඇලන් ටියුරින් විද්වතාණන් ගැන සවිස්තරව දැන ගන්නට ලැබුණේ 2015 වසරේදී.

ඇලන් ටියුරින් 1939දී දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟම...

හසිත් රාජපක්ෂ, ඒ අවුරුද්දේ මැයි 24 වෙනිදා බයිස්කෝප් සිංහලෙන් site එකට film එකක් දායාද කරලා තිබුණා සිංහල subs එක්ක. The Imitation Game! (දැනට ඒ film එක download කරගෙන තියෙනවා 18,852ක් චිත්‍රපටලෝලීන්. 2021 ජුනි 26 වෙනිදා වෙනකල් ඒ ගැන කමෙන්ටු 75යි පළවී තියෙන්නේ; ඒ 75නුත් එකක් මගෙන්.

ඒ කමෙන්ටුව කොටනකොටත් මට සිංහල අකුරු කොටන්න බෑ. දැනුත් සිංග්ලිෂ් තමා කොටන්නේ.)

ඒ ගැන අතුරු කතාවකුත් කිව්වේ මේ දවස්වල blog අඩවිවලට පාඨකයන් අඩුවීමක් ගැන; ඊටත් වඩා කමෙන්ට්ස් අඩු වීම ගැන තට්ටයාගේ කොළමේ ඉතා සාරවත් සංවාදයක් ඇති වෙලා තියෙන නිසයි. නිසි අගය කිරීමක් සිදු නොවීම විදිහටත් සමහරුන් එය දැක තිබුණා!

ඉතිං, අර film එක බලලා ඇතිවුණු උනන්දුව තවත් වැඩිවුණේ 2019 මාර්තු 22 රාවය පත්තරේ පළවුණු විශේෂාංග ලිපියකින්. දුෂ්‍යන්ත මහබදුගේ මහතා ලියා තිබුණු ඒ ලිපිය ‘අපරාධය හා ගණිතය’යි.
(මේ ලිපිය කියවන්නට ඉතා වටිනා එකක්. ඒත් දැන් එය ජාලයේ නෑ. මගේ ළඟ තිබෙන PDF පිටපත බලද්දී නම්
වැටහෙන්නේ විකිපීඩියා අඩවියෙන් ඒ ලිපිය ලියන්නට තොරතුරු ගොඩක් උකහාගෙන ඇති බවයි.)

‘... ටියුරින් 1939දී දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟම බ්‍රිතාන්‍ය රජයේ කේත සහ රහස් ලේඛන විධි පිළිබඳ පාසලට (Government Code and Cypher School) බැඳුණා. එහිදී ඔහු ජර්මානු හමුදා සන්නිවේදනය සඳහා භාවිත කරන ගුප්ත සංඥා (Code Breaking) බිඳ ලමින්, ඔවුනතර සිදුවූ රහස් පණිවිඩ නිරාකරණය (decipher) කරමින් ඒවා මිත්‍ර පාර්ශ්වයේ යුද වාසි සඳහා භාවිත කිරීමට අවස්ථාව සලසා දීමට මූලිකත්වය ගෙන කටයුතු කළා.

එම ආයතනය තුළදී ප්‍රමුඛතම ජර්මානු ගුප්ත සංඥා ප්‍රභේදය වූ එනිග්මා කෝඩ් (Enigma Code) එක බිඳ දැමීමට ටියුරින් සමත් වුණා. ඔහුගේ එම කර්තව්‍යය ජර්මානු පරාජයට කෙළින්ම බලපෑ ප්‍රමුඛතම සාධකය වූ අතර, ටියුරින්ගේ එම දස්කම දෙවන ලෝක යුද්ධය වසර 2කට කලින් අවසන් කළ බවද ඒ හේතුවෙන් මිනිස් ජීවිත මිලියන ගණනක් රැකුණු බවත් පිළිගැනෙනවා.’

ඔන්න ඒකටත් එක්ක අපේ රටේ!

එහෙම වුණයි කියලා ටියුරින්ට 1952දී එංගලන්තයේ එවකට පැවති නීතියෙන් ගැලවෙන්නට ලැබුණේ නෑ. (ඔන්න ඒකටත් එක්ක අපේ රටේ! හොරා කාලා  අතේ caught වුණත් නඩුවක්වත් නැතිව බේරෙන්න ඇහැකි.)

නමුත් පසු කාලයකදී ඇලන් ටියුරින් මියගොස් වසර දශක ගණනාවකට පස්සේ, ඔහුට හිමි ගෞරවය යළි ප්‍රතිෂ්ඨාපානය කෙරුණා.

ඉතිං, ඔච්චර අටුවාවක් කිව්වේ ‘පහළොවේදී’ පෝස්ටු මාලාව ලියන්නට තරම් නිදහසක් අද මට තිබෙන නිසයි!
මට පළමුවෙන්ම ලිංගික අත්දැකීමක්
ලැබෙන්නෙ අවූරුදු හයේදී.... පුදුමය තමයි, ඒ සිදුවීම් මාලාවම මගේ මතකයේ ඉතා පැහැදිලිව සනිටුහන් වී තිබීම. ඒ සමහරවිට මගේ මතකය තරමක් ප්‍රබල එකක් නිසා වෙන්නැති; හෝඩියේ පන්තියට යන්නත් කලින් 'ලංකාදීප' පත්තරේ හඬ නඟා කියෝපු එකේ ප්‍රතිඵලේ නිසා වෙන්නත් පුළුවන්!

එහෙමත් නැත්නම් මට මොළේ වැඩිවා වෙන්නත් ඇති. (මොළේ කොහොම වෙතත් මගේ ඔළුව නං පමණට වඩා ලොකුයිනෙ.)

ඊළඟට මං යෞවන වියට පා තියන්නට සැරසෙන කාලයේම, අවුරුදු දොළහේදී  තවත් අත්දැකීම්වලට මුහුණ පාන්නට පටන් ගන්නවා. ඒවා තරමක් අමුතුයි කියලයි මට හිතෙන්නේ.
ඒ වගේම අමුතුයි... මං මගේ සිතුම්-පැතුම්, රුචි-අරුචිකම්, ලැදියාවන් පිළිබඳව වෙනම විශ්ලේෂණය කරන්නට පුරුදු වීමත්.

මට ඒවා ගැන විවෘතව හෙළි කරන්නට හැකියාව ලැබෙන්නේ වර්තමානයේ බ්ලොගයක් වැනි වේදිකාවක් තිබෙන නිසයි. ඒ වේදිකාවේ මූලාරම්භය පටන් ගැනෙන්නේ නෑ, පරිගණකය නොතිබුණා නං.....
පරිගණකය නිසයි අන්තර්ජාලයට මඟ හෙළි වුණේ....
ඒකෙන් තමයි බ්ලොග් අඩවි බිහි වුණෙත්.

ඇලන් ටියුරින් ශ්‍රීමතාණන් නිසා; රහස්‍ය පණිවිඩ විකේතනය කිරීමේ ඒ රැල්ලෙන් බිහි වුණු කම්පියුටරය නිසා ලෝකය හැකිළිලා ගිහින් තියෙන තරම....! ලෝකය වෙනස් වී ඇති තරම!!

.... පුළුල් දැනුම් සම්භාරයක් දැන් 15ක් වෙන ගැටවරයෙකුට...

එච්චරකුත් නෙවෙයි. ලෝකයක දැනුම එකම තැනකට ගොනු වෙන්න පටන් අරං!!!

මට අවුරුදු පහළොවේදී තිබුණට වඩා පුළුල් දැනුම් සම්භාරයක් දැන් 15ක් වෙන ගැටවරයෙකුට තාක්ෂණික භාවිතයෙන්, නිකන්ම වගේ ලබා ගන්නට ඉඩ සැලසී තියෙන හැටි, ටියුරින් උන්නැහේට වුණත් අදහාගන්න බැරිවෙයි.

තව විච්චූරණ පස්සේ කියන්න ඇහැකියිනේ, ඔන්න බහිනවා ‘දීඝායු’ හමුවුණු කාලයට. මතකය අලුත් කර ගන්න කැමති කෙනෙක් නං ‘දාහතර වෙද්දී - 10’ පෝස්ටුව කියවලා බලලා ඉන්නටත් පුළුවනි. 

බණ්ඩාරවෙලදී දීඝායු හඳුනා ගත් විදිහත්, රණවකගේ අයුතු බලපෑම් මැද්දේ අපේ මිතුරු දම ගොඩනැඟුණු විදිහත් මං ඒ පෝස්ටු මාලාවේදී කිව්වා. ඒත් දීඝායු මා කෙරෙහි කිසිදු ලෛංගික ආකර්ෂණයක් ඇති බවක් නොපෙන්වූ කෙනෙකු වුණු බවත් මගෙන් කියවුණා ඔබට මතක ඇති. නමුත් හිටිහැටියේ; අකුණු සැරයක් පාත් වුණා වගෙයි ‘කැලණිවැලි කෝච්චියේදී’ දීඝායු අතිදීර්ඝ විදිහට මාව සිප ගත්තේ. 
ඒකත් බියගුළු විදිහට හැංගි-හොරා නෙවෙයි; මිතුරන්ට කියලා- ඔවුන් සිටියදීමයි.

එතැන ඉඳලාම, මාස කිහිපයක්ම මොට්ට මං බලා හිටියේ කොයියම් මොහොතක හෝ දීඝායු මගේ පහස ලබා ගන්නට ඉදිරිපත් වෙන තුරුය.

මම කියන්නං වැඩක්! අපේ අක්කා උදේට වැඩට යන දවසක් අල්ලලා, විභාගේ දවසක ඔයා එන්න අපේ ගෙදර....  දීඝායු කල්පනා භරිතව කිව්වේ එහෙම හිටිද්දීය.

එහෙම කියූ දීඝායු ඊළඟට මගේ කිට්ටුම පාසල් මිතුරන් වූ කොරල සුන්දරීත්, දඩෝරියාත් එක්කම එයාලගේ ගෙදර එන්නැයි ඌන පූරණයකුත් කළේය.
‘අර මොකෝ, මම තනියම ආවොත් ඔයාව ගිලියි කියලා බයයිද?’ වගේ කුප්පිදු ප්‍රශ්නයක් අහන්නට කටහැකර මට හිතුණේ නැත. ඒ තියා ‘එහෙම කිව්වේ ඇයි’ කියලාවත් අහන්නට තරම් එඩිතරකමක්වත් මට නොවීය.

නිමල් දිසානායක පෙනුමේ හැටියටම බෝ පැලයක් වෙන්නට ඇතිකියලා හිතාගෙන...
දීඝායුලාගේ ගෙදරට යන්නට පටන් ගත්තට පස්සේ බොහෝ දේවලට අවස්ථාව උදා වෙතැයි ‘වනචර සිතිවිල්ලක්’ මගේ හිත කොනක සැඟවී නළියමින් තිබුණා විය යුතුය. ඒ හැඟීම හොඳද, නරකද කියා විමසා බලන්නට මට උවමනාවක් නොවිණි. එලෙස වූයේ ඒ වෙනවිටත් මා ‘පාපයන්ට ගොදුරුවී’ සිටි බැවිනි.

මා සිතන- අදහන විදිය තරමක් හෝ වෙනස් වුවත්, මට ඒවා පැහැදිලි කරන්නට වෙන්නේ ‘පවත්නා සම්මත භාෂාව’ උපයෝගී කර ගනිමිනි. ‘පාපයන්ට ගොදුරුවී’ කියා ඉහතින් සඳහන් කළේ සමාජ සම්මතයට අනුගත වෙමින් පමණකි. එයින් මගේ ලියවිල්ල කියවන දයාබර ඔබට පටලැවිල්ලක් නොවෙතියි සිතමි.

‘හයටත් කලින්’ පෝස්ටුවලදී කියැවුණු ෂර්ලි,
‘පේව්මන්ට් එකේ රජවී - 8’ පෝස්ටුවෙදී
කියැවුණු බාබර් අජිත් අයියා,
‘දුන්හිඳ අද්දර මාරකය- 7’ පෝස්ටුවෙදී ඔබට හමු වුණු විලියම් මාමා,
පියසිරිගේ ‘ගහං xතේ’ කෝපාන්විත හරුපයේ අරුත හොයන්නට ගිය මට ප්‍රායෝගිකවම ඒ පාඩම් කියා දුන් සුදු මල්ලී හා,
‘දහතුනේදී’ postsවලින් කියැවුණු අභී අයියා, ඔහුගේ සොහොයුරා ඇතුළු කිහිප දෙනා සම්බන්ධ සිදුවීම්වලින් ඒ වෙනවිටත් මම වයසට වඩා මෝරා සිටියෙමි. 

එහෙත් ඒ හැම කෙනෙකුම රහසින් මගේ පහස පැතුවා විතරය.

දීඝායු එහෙම නොවේ; තමන් කිසිදු වරදක් නොකොට සිටියදීත් ආනන්දයියා අබියසදී නිහඬව සිටිමින්, මා වෙනුවෙන් පෙනී සිටියේය. රණවකගෙන් මා රැක ගන්නට වෙහෙස දැරුවේය.
ඒ අහිංසකයා එතරම් පරිත්‍යාගශීලී වෙන්නට ඇත්තේ ‘නිමල් දිසානායක පෙනුමේ හැටියටම බෝ පැලයක් වෙන්නට ඇති’ කියලා හිතාගෙන විය යුතුය.

පෞද්ගලික කරුණු ඔහේ ඕනෑම කෙනෙකුට හෙළිදරව් කිරීම...

කොතෙක් හිතවත් කෙනෙකුට වුණත් 100%ක්ම විවෘත වීමේ ගුණය අදටත් මට නැත.

(මගේ සමහර රහස් මා සමඟින්ම වැළලී යා යුතුය. කරුණාකර වැරදි වැටහීමක් ඇති කර නොගනු මැනවි. මගේ සත්‍ය ජීවිත කතාව ඔබට කියමින් සිටින බව ඇත්තය.
එහෙත් එසේ කරනවාය කියන්නේ හැමදේම 100%ක්ම හෙළි කරන බව නම් නොවේ. මගේ ජීවිතයට සම්බන්ධ වුණු පළියට හැම කෙනෙකුගේම පුද්ගලිකත්වය හෙළි කරන්නට මට අවසර නැත. ඒවා නොකියා ඉන්නවා විනා, මා බොරු කියන්නේ නැත.)
වසංගන්නට අවශ්‍ය නැති පෞද්ගලික කරුණු වුණත්, ඔහේ ඕනෑම කෙනෙකුට හෙළිදරව් කිරීම මගේ පුරුද්දක් නොවේ.

මට හිතෙන්නේ නිතර තමා සමඟම සංවාදයේ යෙදෙන්නන් එහෙම වෙන්නැති කියලාය.

ඉතිං, මගේ ඒ නසරානි ගතිය දීඝායු වෙනුවෙන්වත් වෙනස් නොවිණි.
හැබැයි ඒ හාදයා මගේ හදවතේ පදාසයක්ම වෙන් කරගෙන හිටියා වගෙය කියන කාරණයත් නොකියා සිටින්නට බැරි තරම් වැදගත් එකකි.

“මේ සිකුරාදාට එක පේපර් එකනෙ තියෙන්නේ. එදාට එහෙනං අපි යං දීඝායුලා ගෙදර.” දඩෝරියා කකුලක් උස්සාගත් ගමන්මය ගමන් යාමට සැරසී හිටියේ. “මට නං ප්‍රශ්නයක් නෑ... බට්ටට තමා...” කොරල සුන්දරීත් මාව බිත්තියටම හේත්තු කළේය.
“ඕනි මඟුලක්! යං...” මම කිව්වෙමි.

ඇත්තම කියතොත් මට ඒ ගමන ‘මියෙම්වා රැකෙම්වා’ කියා ගිය ගමනක් විණි.

අපේ තාත්තාගෙන් වරම් නොගෙන කිසිම අමතර ගමනක්-බිමනක් යාමට අපට අවසර තිබුණේ නැති නිසාය ඒ. ඒ මදිවාට දීඝායු හිටියෙත් පමුණුවේමය; එහාට යා යුත්තේ අපේ ගෙවල්වලට හැරෙන සුබසාධක මාවත පහුකොට ගිහින්ය.
නමුත් මම ඒ ගමන ගියෙමි!

එස්.එස්.සී. විභාගෙට වාඩි වෙනකං විතරයි...

“අපේ පොඩි මහත්තය පාර බල-බල හිටියේ නිමල් මහත්තයල එනකල්!” මිදුලේදීම අපට කියමින් හිනැහුණේ ‘සැමී’ය.

ළඟක සිට, එයාලගේ ගමෙන්ම සැමී නම් පිරිමි ළමයෙකු ගෙදර වැඩට ඇවිත් ඉන්නා බව දීඝායු කලින් දවසක මට පවසා තිබුණි. ඒත් සැමී එතරම් හිතෛෂී- ප්‍රියමනාප කෙනෙකු විත්තිය නම් එයාගෙන් කියැවී තිබුණේ නැත.

දැන් පෙනෙන්නේ දීඝායු කල් තියාම මා ගැන ගොඩාරියක් දේවලුත් සැමීට කියා ඇති විත්තියයි.

“මයෙත්තෙක්කත් ඔයාගේ පොඩි මහත්තයා කියල තිබුණේ සැමීගේ වරුණාව!”

“පොඩි මහත්තයා හින්දම තමයි, නිමල් මහත්තයෝ මං ආපහු ගමේ නොගිහිං ඉන්නෙත්... නෝනා එක්ක බෑ. ඉවරයක් නෑ.... ඒත් මම ගමේ ගියොත් මේ පොඩි මහත්තයට තමයි සේරම වැඩවලට කර ගහන්න වෙන්නේ.” සැමී මොහොතින් අපට ළෙන්ගතු වෙලාය.
“මේ පොඩි මහත්තයා එස්.එස්.සී. විභාගෙට වාඩි වෙනකං විතරයි මම මෙහෙ ඉන්නේ...”

“අන්න අරහෙට යනව සැමී.... ඒ මහත්තුරුන්ට ගෙටවත් ගොඩ වෙන්න නොදී තමුසෙ කයිවාරුවට අල්ල ගන්නේ... අදමයිනේ එයාලා මෙහාට ආවෙත්...” දීඝායු සැර වුණේ බොරුවට වගෙය.

වෙලාව ගත වුණා දැනුණේ නැත.
දීඝායු අපට උපරිමයෙන්ම සංග්‍රහ කෙළ්ය. සැමීත් ඒ වෙනුවෙන්ම සැදී-පැහැදී හිටියේ රාජකාරියක් ලෙස නොසිතමිනි.
“දන්නවනේ, මට ගොඩ වෙලාවක් ඉන්න නං විදිහක් නෑ. තාත්තට අහු වෙනවා වැඩිය පරක්කු වුණොත්...” සංග්‍රහයෙන් පස්සේ මට කියැවුණේ, දීඝායුලාගේ බිත්ති ඔරලෝසුවට එබුණාමය.

මට කැරම් සෙල්ලම් කරන්නට ඉඩක් ලැබුණේ අනුන්ගේ මළ ගෙදරකදී විතරක් නිසා....

“අයියෝ නිමල්... මම මේ ඔයාලගෙන් කැරම් අතක් සෙල්ලම් කරමුද කියලා අහන්න හැදුවා විතරයිනෙ!” මගේ කතාවට දීඝායු උත්තර දුන්නේ එහෙම කියමිනි.

“අඩේ... නියමයිනේ... බට්ටො, එක අතක්-දෙකක්වත් සෙල්ලම් කරමු බං. මං ආසම ගේමක්!” එතකොට දඩෝරියාත් උඩ පැන්නා මට මතකය. “ගෙදර මිනිස්සු එක්කලාම සෙල්ලං කරලා ඇතිවෙලා ඉන්නේ... හිටපංකෝ බට්ටො... අපි හතර දෙනෙකුත් ඉන්නවනේ... උඹ ගියාම කොහොමද?”

“නිමල්ට යන්නම ඕනි නං ඉඩ දෙමු.... සැමීයි මායි දෙන්නත් ගොඩ වෙලාවට කැරම් ගහනවා!” දීඝායුගේ කීමෙන් මට හොඳටම රිදුණේය.
ඒ කියන්නේ එයාගේ හිතේ මං ගැන තැකීමක් නැති විත්තිය නේද?
අනෙක් අතට මට කැරම් සෙල්ලම් කරන්නට ඉඩක් ලැබුණේ අනුන්ගේ මළ ගෙදරකදී විතරක් නිසා, ඒකට මං දක්ෂයෙකුත් නොවිණි. ඒත් මගේ නොහැකියාව තව කාටවත් කියන්නේ මොකටද?

හිනා වෙනවා නං හිනා වෙන්න. ඒ ගැන මගේ අමනාපයක් නැත. අද මමත් ‘එදා මට’ හිනා වෙන්නෙමි! මගේ බොළඳකමට හිනා වෙන්නෙමි. අපට මොළේ පෑදෙන්නේ, වළේ වැටී මොළේ තැලෙන තරමටය.
ඒත් එදා නම් මගේ හිත හොඳටම රිදුණේය... හොඳටම...

“ඔය කියවුණේ... මං නැතුවට මොකෝ.... සැමී ඉන්නේ!” මගේ මකර කටෙන් වචන පැන්නේ ගින්දරත් එක්කය.

“අම්මෝ... ඔයාගේ සැර! හා, හා. මට වැරදුණා කියල හිතන්නකො. ඔයා ගියොත් අපි අද කැරම් ගහන්නෙ නෑ!”

හොඳයි වගේම තමා, බට්ටා වෙලාවකට ගිනි බෝම්බේ!

දීඝායු එහෙම කිව්වාම නං මගේ නපුරුකම ටිකාක් විතර මෝදු වුණා වෙන්නැතිය. ඒත් මගේ ආඩම්බරය අඩු වුණේවත්; සිත් තැවුල අඩු වුණේවත් නැතිම තරම්ය. “කමක් නෑ... මම නැති වුණාට ඔයාලා සෙල්ලම් නොකර ඉන්න ඕනිය? සැමීත් ඉන්නවනේ... මං යනවා...”

කාටවත් විරුද්ධ වෙන්නටවත් ඉඩක් නොතියා, ඉක්මනින්ම මගේ පොත් ටිකත් අරගෙනය මං එළියට බැස්සේ.

“උගෙ හැටි ඔහොම තමයි දීඝ.... හොඳයි වගේම තමා, බට්ටා වෙලාවකට ගිනි බෝම්බේ!” දීඝායුලාගේ ගේට්ටුවේ කොක්ක පන්නද්දී දඩෝරියා කියනවා ඇහුණත් උත්තර දෙන්නට ගියේ මං නොවේ!

එහෙම තරහෙන්, කඩිනමින් ගසා-බසාගෙන පිටත්වී ආවත් පහුවදා උදෙන්ම.....

43 comments:

  1. +++++++++
    කියෙව්වා. කමෙන්ට් බලන්න ආයෙ එන්නම්. හැට්ටරේ කියල දීලා තියෙනවා, පලවෙනියට කමෙන්ට් කරන එක, නරක පුරුද්දක් කියලා. :)

    ReplyDelete
    Replies
    1. සුභ උපන් දිනයක් මහත්තයා. අසංකගෙන් තමා දැණගත්තෙ. එහෙම වෙලත්, නොවරදවා දාන පෝස්ට් එක දැම්මාට බොහොම ස්තූතියි.

      Delete
    2. ගොඩක් ස්තුතියි බකුසු මහතාණෙනි,
      මගේ උපන් දිනය හුඟ දෙනෙකුට මතක හිටිනවා, ලෝක අමද්‍යප දිනය නිසා. ඉතිං යාළු හිත මිත්රාදීන්ග්න් උදේ ඉඳලාම සුබ පැතුම් එහෙමත් ලැබෙනවා. එනවත් එක්ක... නංගිලා මල්ලිලාගෙනුත් එහෙමයි.

      සුමානේකටත් ඉස්සෙල්ලයි අපේ මානෙල් නංගී කිව්වේ කෑම හදාගෙන එනවා කියලා. එතකොටම මං හිතුවා මොකක් හරි plan එකක් තමා කියලා .

      එයාලා ආවා, කෑමත් හදාගෙන. යාලුවොත් කීප දෙනෙක් එක්ක.... මට හදලා දෙන්න වුණේ සෝයා සෝස්වලින් රට ඉඳි ටිකක් අඹරලා ගම්මිරිස් කුඩු ටිකක් දාලා, ඒකටම B ළූණු පෙති ගහලා දාන දුවන චට්නියක් විතරයි!

      ආව අයව එලවා ගන්න ඇහැක් වුණේ රෑ දහයට විතර. හෝදලා, අස්කරලා නිදා ගන්නකොට රෑ වෙලා. එකයි අද නැඟිටින්නත් පරක්කු වුණේ.

      ඔහොම වැඩ වෙන නිසා කලින්ම පොස්ට් එක අප්ලෝඩ් කරලා ෂෙඩූල් කරලයි තිබ්බේ.

      නිදිගෙ පංච තන්තරේට posts කියවන්නට එන දයාබර ඔයආලා හැම දෙනාම වෙනුවෙන් මට කරන්නට පුළුවන් උපරිම ගෞරවය තමා හැකිතාක් පිළිවෙත බිඳ නොදමා ඒවා පළ කිරීම. ඉතිං ඒ යුතුකම කරලා මගේම නීතියක් රැක ගැනීම තමා කළේ!

      අසංගත් ඒ අස්සේ කෙටි පොස්ටුවකිනුත් පබ්ලිසිටිය දීලා කියලා දන්නෙ දවල්!

      ඉතිං මේ විස්තර සේරම ලිව්වේ තොරතුරු යාවත්කාලීන කරන්නයි, ඔයාලා හැමෝටම ස්තුති කරන්නයි එක්ක.

      Delete
  2. බ්ලෙච්ලි පාර්ක් එක හුගක් ඉන්ටරෙස්ටින් මතක හිටින තැනක්. විශේෂයෙන්ම ඒකෙ තියන ඩිස්ප්ලේස් හා නැවත ගොඩනැගූ දර්ශන.

    ReplyDelete
    Replies
    1. ඇලන් ටියුරින් යනු අතිවිශිෂ්ට බුද්ධිමතෙක් බවත්, ඔහුට වෙච්ච අසාධාරණය ගැනත් ටිකක් දැණ සිටියත්, මෙච්චර විස්තර දැණන් හිටියේ නෑ. හ්ම්...කනගාටුදායක කතාවක්.

      Delete
    2. බසූ ඉමිටේෂන් ගේම් බැලුවෙ නැද්ද. 😃 ඒව මිස් වෙයිද නේහ්. 😃😃

      Delete
    3. ආං බසුමොටාගෙ කමෙන්ට් වැටෙන්නෙ නෑලු. මම තමයි වැඩ බලන්නෙ, ඈ?

      ඇත්තටම බැලුවෙ නෑ, කියන්න කිව්වා.

      Delete
    4. බස්තුමා බ්ලෙච්ලි පාර්ක් යන්නම ඕනෙ තැනක්. ලෝර්ඩ් බුර්නම් ගිහින් ඇතිනෙ.

      මට ලැබුන සීමිත අවස්ථාවලින් ගිය තැන්වලින් මතක හිටින තැන් Bletchley Park, ස්නෝඩ්‍රොප්ස් පාර්ක් , Pendon මොඩල් රේල්වේ කෞතුකාගාරය හා වෝල්ටර් ස්කොට්ගෙ Abbottsford මන්දිරය විශේෂයි.

      ලිව්වට පස්සෙ තේරුනේ මං වගේ anglophile සහ Caledonophile කෙනෙකුට එහෙ හුගාක් විශේෂ තැන් තියනව කියල. ඔය කිව්ව තැන් හැමෝම එන්ජෝයි කරයි.

      Delete
    5. මේ අලුත් ප්‍රොපයිල් එකක් ඈ?. පරණ එක ලෙඩ දෙන්න ගත්තා.

      වැඩේ කියන්නෙ මට දැන් ඇවිදින්න එච්චර ආසාවක් නෑ. ලෝකෙ රටවල් ගාණක කෑම නං හොයා ගත්තෑකි, ඩවුන් ටවුන් වලින්ම.

      Delete
    6. මම නං නොරට ගිහින් තියෙන්නේ ඉතාම සීමාසහිතවනේ. ඒත් ජාලයට පින්සිදු වෙන්න දැන් ගෙදරම ඉඳගෙනත් ඔය තැන්වල සැරිසරන්න පුළුවන් නිසා විස්තරවලට ස්තුතියි, හැමෝටම.

      එකම දුක ලංකාවේ තැන් ගොඩකටත් තවම යන්න බැරිව ඉන්නේ, plan කරගෙනත්.... කොරෝනා නිසා.

      Delete
  3. ඔය කතා කරල තියෙන මාතෘකාව දැක්කම මට මතක් වුණේ අද ජීවතුන් අතර නැති මගෙ මිත්‍රයෙකුව.
    ගෙදර එකම කොල්ල. අමිමයි තාත්තයි දෙන්නම වැඩට යනව . පොර විතරයි ගෙදර. ඉතිං පොරට ඕන දෙයක්. 😃😃
    අපේ සෙට් එකේ හුඟක් දේවල් ඉස්සරවම අත්හදා බලපු පොරක් තමා මෑන්. ඉතිං පොර ත් ඔය වගේ තමා. හැබැයි එකක් මං දන්න විදිහට මෑන් එක්ක වැඩිායන්ම සෙට් වෙලාාහිටියෙ පංසලේ හිටිය පොඩි සෙට් එක ඉස්කෝලෙ ආවහම කියනව මෙහෙමයි මෙහෙමයි කියල.
    අපිට ඒ පැත්ත ගැන තිබුණෙ අමුතු දුරස්ථ හැඟීමක්. හැබැයි මනුස්සය අපිට වඩා සෑහෙන්න ඉස්සරහින් හිටිය. සහ ඔය කාටවත් ලව් එකක් තිබ්බෙ නෑ උට ජීවිත කාාලටම තිබ්බ එකම ලව් එක උට බූට් එක තිබ්බට පස්සෙ ඌ සම්පූර්ණ දේව්දාස් වුණා. 😔😔😔😔😔
    උගෙ අවසානයටත් ඒක හේතුවක් කියල මට හිතෙනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්!

      තව ඉස්සරහට කියවන්නකෝ කියලා විතරයි කියන්නේ.... ලෙහන්න තියෙන මල්ල ඔබන්නේ නැතිව ඉන්න එක වඩා හොඳ හින්දයි එහෙම කරන්නේ... කමක් නෑනෙ?

      Delete
  4. කියෙව්වා.. සුභ උපන් දිනක්!

    ReplyDelete
  5. Replies
    1. අන්න එහෙම එකක් වුණා! ස්තුතියි ඩ්රැකී...

      Delete
  6. සුභ සහ නිරෝගී ජන්මෝත්සවයක් වේවා නිදි!

    ReplyDelete
    Replies
    1. හිතුවෙවත් නැති විදිහට ප්‍රීතිමත් උත්සවකාරයෙන්ම සැමරුවා අහස් යාත්රිකයාණෙනි.

      වැඩේ කියන්නේ නෙවිල්ලගේ ලොකු අයියගෙ ලොකු දෝණියන්දෑ පත කේක් ගෙඩියක් හදලා තිබුන අපූරුවට, නිදිගෙ පංච තන්තරේ lay ou t එකට. ඒක කැපුවේ දුකෙන්....

      Delete
  7. සුභ උපන් දිනයක් වේවා!

    ඒක දැනගත්තේ කොලොම්පුරේ ගිය වෙලාවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Sam මහත්තයෝ,
      අසංග අපි කට්ටිය එක්ක වස්ගමුවේ trip එකක් ගියා.... ඒ වෙලාවේ අපේ පවුලේ කට්ටියවත්, යාළුවන් කිහිප දෙනෙකුත් අඳුන ගත්තා.
      එවෙලෙ පොරොන්දුවකුත් වුණා නෙවිල්, මර්වින් වගේ කීප දෙනෙකුට. චීත්තවාහිනියට එයාලා ගැන ලියලා, මං හැමෝගෙම මාළු කනවය- මගේ මාළු කන්න එකෙක්වත් නැතිය කියලා.
      (ඔන්න අසංග මම පොල්මුඩු නම විතරක් දානවා.) ඉතිං trip එකේදී පොල්මුඩු විරුදාවලියෙන් අභිෂේක ලත් අසංග මහත්තය එවෙලෙ අරගොල්ලන්ට පොරොන්දු වුණා trip එක ගැන ලියන බවත්, ඒකට එයාලගෙනුත් උපදෙස් ගන්න බවත්. ලිව්වට කමක් නැද්ද කියලත් අසංග ඇහුවා. මම කැමැත්තත් දුන්නා. මගේ මොකෝ?
      අවුරුදු දෙකක් ගිහිනුත් ඒවා ලිව්වේ නැහැ කිය-කියා හිටින අස්සේ අසංග මට සලකලාය කියලා දැනටම දොස්මුරයකුත් දමමින් කට්ටිය ඉන්නේ!

      පොල්මුඩ්ඩාව හම්බ වෙද්දෙන්ය කියලාත් එයාලා කල් බලනවා...

      Delete
    2. අසංග මේ උඩින් තියෙන කමෙන්ට් එක අයින් කරන්න කිව්වොත් මං ඒක කරන්න සූදානමින් ඉන්නේ. මොකද අපේ ගෙදරදී බ්ලොගර්ස් ඊව් එකට එන්න හිටිද්දී පිහි ඇණුම් කාපු දවසේ හිට, අසංග මහත්තයා 'පිහියක් කකුලේ' බැඳගෙන ඉන්නවයි කියන නිසා!

      මොකටද ඉතිං මෙච්චර කල් ඉඳලා 'අකාල මරනෙකට' පත් වෙන්නේ? කාලම මැරෙනවා!

      Delete
    3. ඕව්වා මොනාද ලොක්කෝ.. ඔය ගමනේදි මරුවින් ලොක්කා අර රෝසිලා ඉස්සරා කොච්චර නම් මට දැම්මද. අපි සැලයි ඕවට..
      පිහිපාරක් නිකං දුන්නු හින්දා බාරගත්තා නැත්නම් උගේ හිත රිදෙයි නේ. මං මේ බලං ඉන්නේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඒ පිහිපාර කාට හරි දෙන්න. අර ඩ්‍රැකී හාමුයි කන්ඩා අප්පොයි දෙන්නම එකහෙලාම ඉල්ලනවා

      Delete
    4. කවුරු කිව්වත් පරෙස්සමෙන් ගොයියෝ, ඔව්වා කිරිමේල් වැඩ හොඳේ!

      Delete
  8. අැලන් ටියුරින් ගැන ආතර් සී ක්ලාක් ‌2001 හරි 2010 හරි කියල තියෙනව කියල මතකයි. ඔය කියපු සමරිසි සම්බන්ධය ගැන නං මොකුත් දැනං උන්නෙ නෑ, ඔය ලිපිය කියවනකං. ඔස්කා වයිල්ඩ් ත්, ඔය විදිහට සම්මත නීතියෙන් බැටකාපු සමරිසි කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්රැකී, මේ ගැන ගොඩක් තොරතුරු ලැබිල තියෙන්නේ.... සොක්‍රටීස් පවා... ඒ යුගයේ පවා... ප්‍රසිද්ධියේම මෙවන් සබඳතා දෙමාපියන්ගේ අනුදැනුම මතම තිබුණු බව කියවෙනවා.

      විසූවියස් ගිනි කන්ද පුපුරපු වෙලාවේ ලාවාවලට යටවී මියැදුණු අය අතරේ මෙවැනි සමරිසි යුවලකගේ යැයි සැක කෙරෙන foto පවා තියෙනවා. (මට මතක හැටියට එතනට යන්න link එක සපයා තිබුණේ අපේ Pra Jay මහත්තයා.)

      හැබෑ බොරු ගැන නම් මම දන්නෙ නෑ, ආතර් සී ක්ලාර්ක් මහතා ගැනත් එවැනි කතා තිබුණු බව මෙතැන සඳහන් කරන්නේ එතුමාට කරන අපහාසයක් විදිහට නෙවෙයි, තරමක් සුලභ ධර්මතාවක් බව පෙන්වන්නට විතරයි. (මොකද මට අනුව ඒවා පුද්ගලික දේවල්.)

      Delete
  9. https://icemola.blogspot.com/2021/10/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ලස්සනට ලියල තියනවා. කියවන්නත් හරිම පහසුයි - ගල් නෑ, වැලි නෑ , නියම රාත්තල.😊🙏🦉

      Delete
    2. Pra Jay මහත්තය මට විතරක් නෙවෙයි වැඩි දෙනෙකුටම දෙන තරමක් දෙන්නේ (දිරච්ච ලණු නෙවෙයි) solid gold links. මෙන බොලේ, ඒ අතරට අපූරු බ්ලොගයක් ගැන link එකක් දීලා! ස්තුතියි Pra Jay ට, විතරක් නෙවෙයි 'අයිස් මෝල හන්දියේ අතුලයා'ටත්!

      Delete
  10. ටියුරින් ගැන ෆිල්ම් එක නියමයි. ආ නිදි මහත්තයෝ උපන් දිනේ කවද්ද

    ReplyDelete
    Replies
    1. film එක බලලා තිබුණු එක ගැන හැබෑම සතුටුයි, අජිත් මහත්තයෝ.

      උපන් දිනේ ලෝක අමද්‍යප දිනය දවසේ. ලංකාවේ ලාල් හේවාපතිරණ මහත්තයා තමයි මේ දවස යෝජනා කරලා තිබුණේ.

      ඒත් ලාල් අයියා ඒක මගේ උපන් දවස බව සටහන් කර ගත්තේ ඊයේ රෑ. (ලාල් අයියා ගැන මං 2018 ලියපු විස්තර මේ:
      https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_1.html )

      අමද්‍යප දිනය ගැන කතා කරන්නට මට කෝල් එකක් ගන්නකොට අපේ ගෙදර හෙණ සද්දෙ... 'මොකද නිමල් මල්ලී මේ?' කියලා ඇහුවම මට විස්තර කියන්න වුණා. එතකොටයි ලාල් අයියා කිව්වේ ලියාගන්න බව.

      Delete
  11. ප්‍රමාද වූ උපන්දින සුබ පැතුම්. Hope you had a lovely day!

    අවුරුදු හැත්තෑවකට වගේ ඉහත කාලෙකත් මේ වගේ දඬුවම් දුන්න කිව්වම පුදුම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. Lotus, ප්‍රමාද නෑ- අදනේ උපන් දිනේ.. පරක්කු වුණත් මොකෝ... සුහදත්වයට කැලැන්ඩර් ඕනිමද? ස්තුතියි!

      අතීතයේ හිටි අය ගැන තොරතුරු වලින් මම හොඳටම සසල වුණු එක තැනක් ඇලන් ටියුරින් සිදුවීම.
      ඒ වගෙමයි යුරෝපා රටවල යක්දෙස්සියන් පිළිස්සීම.
      සොප්‍රාණෝ ගායකයන් කර ගන්නට බිලිඳු වියේදීම පිරිමි ළමුන් කැස්ට්‍රේට් කිරීම.
      අන්තඃපුර රැකවලුන් පිණිස යොදාගන්නත් මේ (ඇට තළා දැමීම) සිදුවී තිබෙනවා.

      තවමත් සමහර තැන්වල එරෙන ස්ත්‍රී ලිංග කප්පාදුවත් (සමා වෙන්න, මේ මොහොතේ මට නිසි වචනය කල්පනාවට එන්නෙ නෑ. නමුත් ඔබට මා කියන දේ වැටහෙතියි සිතනවා.) ඒ වගේ අතිඅමානුෂික ක්‍රියාවක්.

      මට විශ්වාසයි Pra jay මහත්තයා මේ උත්තරය කියෙව්වොත් links වැලක්ම දේවි කියලා.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Female_genital_mutilation

      Delete
    3. මම කිව්වේ.... ස්තුතියි Pra Jay!

      Delete
  12. Replies
    1. ගොඩාරියක් ස්තුතියි ඉකොනෝ මහත්තයා!

      Delete
  13. මමත් මේ කථාව මේ තරම් සවිස්තරව දැනගත්තේ අද! ඇත්තටම ඔය ගැන කථා කලයුතු හා කථා නොකල යුතු මාතෘකාවක්! කෙසේ වෙතත්; ජීවිතයට සුභ නව වසරක් වේවා!(එක තමයි ඊයේ කෑගැහිල්ල! මං ඒත් බැලුවා !?)

    ReplyDelete
    Replies
    1. දැක්ක නේද තට්ටයා මහත්තයෝ, මගේ හිතෛශිවන්තයන්ගේ හැදිච්චිකම!
      සුපැතුමට ස්තුතියි!

      Delete
  14. හැමදාම වගේ අදත් අලුත් යමක් දැනගත්තා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මාත් තවම ඉගෙන ගන්නවා චමී. කොහෙන් හරි, කොහොම හරි, මොනවා හරි ඉගෙන ගන්න කෙනෙකුව දකින එකත් හරි සතුටු හිතෙන දෙයක්!

      ඒක නෙවෙයි, ගිය සතියෙ දවසක තට්ටයාගේ කොළමේ 'තිසාහාමිගෙන්.." පොස්ට් එකට ඔයයි- අහස් යාත්රිකයායි එකතු කර තිබුණු comments දෙකට උත්තර දෙන්න දවස් දෙකක තිස්සේ try කළා. බැරිම තැන අල්ලලා දැම්මා. තට්ටයා මහතාටත් ඒ ගැන කිව්වා.
      කියලා කට්ටකාඩුවේ ලොකූගේ 'ඩෙන්මාර්ක් ඔපෙරාව' පොස්ට් එකේ
      ඔයාගේ කමෙන්ට් එක දැකලා උත්තර දුන්නා... ඔයාත් ඒක දැකලා තිබ්බනේ.

      ස්තුතියි චමී!

      Delete
    2. හුටා!
      චමී, අහස් යාත්‍රිකයෝ,
      දැන් උඩ උත්තරේ කොටහක් වලංගු නෑ. බුරටිනෝ කිව්වට පස්සේ ගිහින් බැලුවාම නෙව දැක්කේ. කමෙන්ට්ස් 200 පාන්නට පස්සේ load more එබුවමලුනේ එව්වා පෙන්වන්නේ...

      Delete
  15. රොන් රස සොය සොයා යනවද රන් සමනල්ලු
    ඒ හැඩ බල බලා පිපුනද මල් කොඳ කැකුළු
    පිබිදුනු මලේන් ලා පැහැයක් දැහැගත්තු
    කිසිම කෙනෙක් නෑ ඇයගේ අත ගත්තු

    ReplyDelete
    Replies
    1. රොන් ගත්තත් නැතත් සුපිපෙයි මල් රුවට
      සමනලයනුත් ඉන්නම ඕනෑ ලොවට
      ළා- තද නෙක පැහැති මල් පිපෙමින් අවට
      විවිධත්වයේ අසිරිය පෙන්වයි අපට!

      ස්තුතියි අහස් යාත්රිකයාණෙනි, ලියන blogs වගේම රසවත් කවියක් ලියලා මාවත් උත්තේජනය කිරීම වෙනුවෙන්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්