1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස

Tuesday, October 30, 2018

මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස


මම එක තීන්දුවක් නම් අරගෙන තිබුණෙමි.ආයෙමත් පේව්මන්ට් රස්සාවට යන්න නම් බැරිය’.
ඒ මොකෝ?” මගේ තීන්දුව කිව්වාම තාත්තා ඇසුවේය. “.... මොනවා හරි කරන්නත් එපායැ. නැති නම් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. ඇයි දැන් උඹට ලජ්ජයිද පාරේ කතා කරන්න?


තාත්තා එක්ක වුණත් මං ඇවිළුණේ ඔහොම වෙලාවටය. “කෙහෙල්මල් ලැජ්ජාවක් නෙවෙයි තාත්තේ. පේව්මන්ට් එකේ යන්නේ ඔක්කොම මිනිස්සු. හැම පක්ෂෙම අය. මං අලියගේ පැත්ත අරන්, unp ස්ටේජ්වලට නැඟලා දැන් කොහොමද අනිත් පැත්තේ මිනිස්සුන්ගෙනුත් උදව් ඉල්ලන්නේ?”

“අනේ යකෝ. මුගෙ උද්ධච්ඡකම. උඹ බය වෙන්න එපා. කවුරුවත් උඹට ආඩපාලි කියන්න එන්නේ නෑ.... මිනිස්සුන්ට වෙන වැඩ නැහැනේ උඹේ වැඩ ගැනම මතක තියාගෙන ඉන්න.” තාත්තා කොහොම කිව්වත් මගේ හිත හැදුණේ නැත. මට දැන් ඕනෑ වෙනින් මොකකට හරි බහින්නටය. ප්‍රශ්නය ‘මොකක්ද’ කියන එකය.

මගේ ජීවිත කාලය පුරාම මා එක රස්සාවකින් තව එකකට ගියේ පෙරුම් පුරාගෙන ඉඳලා නොවේ.1970වෙදී විතරක් නොවේ. ඊට පස්සෙත් එක තැනකින් අස්වෙන්නට හිතුණාම එය කළෙමි. එහෙම කළෙත් දුරට හිතමින් ඉඳලාත් නොවේ. නමුත් මොනවා හෝ කරන්නට පුළුවන් වෙතියි දැඩි විශ්වාසයක් නම් කවදාත් මට තිබිණි.

එදා තාත්තා කීවේ ඇත්තය. එවිට අපේ පවුලේ දරුවන් හත් දෙනෙකි. අම්මලාත් එක්කම නව දෙනෙකි. අපට නින්දගම් තියනවා නෙවෙයිනේ. මොකෝ අපි වත්තෙන් පොල්, කුඹුරෙන් හාල්, මොලෙන් තෙල් එන වස්තුකාරයෝයැ? තැන්පත් ධනයක් නැති, හෙට කන්නේ කොහොමදැයි දන්නේ නැති අපට ආදායමක් එන විදියක්...... ඉඩ-කඩම් ගන්නට නොවේ. එදා වේල සරි කර ගන්නට.....

කුඹුරෙන් හාල් එන.......
දහ අතේ හිතද්දී, වැඩි වෙලාවක් නොගොහින්ම අයිඩියාවක් ආවේය!

මීට කලිනුත් කිව්වෙමි. අපේ තාත්තා ත්‍රොම්බොසිස් අසනීපය හිංදා අවුරුද්දෙන් වැඩිම කාලයක් ගෙව්වේ කොළඹ මහා ඉස්පිරිතාලයේය. එහෙම හිටියත් දවසකට එක්කෙනෙක්වත් එයාව බලන්නට යා යුතුමය. කන-බොන දේවල් නොගෙනිච්චත් සිගරැට් අරගෙන යන්න එපායැ. ලේ කැටි ගැහෙන නිසා සිගරැට් නොබොන්නැයි දොස්තර මහත්තුරු අවාවාද කරලා තිබ්බත් තාත්තා එව්වා මායිම් කළෙත් නැත. ඔහොම ඉස්පිරිතාලයට යන වෙලාවල්වලදී මගේ ඇස ගැටුණු වෙළෙන්දෝ-වෙළෙන්දියෝ කිහිප දෙනෙකි. එයාලා වෙළඳාම් කළේ වාට්ටුවලදීය.

“තාත්තේ, මාත් එහෙම වෙළඳාමක් කරන්නම්!”
“මොනවද?”

එවිටත් මට අදහස පහළ වෙලාය. ලෙහෙසියෙන්ම උත්තරය දෙන්නට හැකි වුණේ එනිසාය. “ඉඳියාප්ප.”

ඉඳියාප්ප...........
“කවුද බං ඔව්වා හදන්නේ? දන්නවනේ අම්මා ඉවිලි-පෙවිලිවලට කැමැතිද කියලා.” තාත්තා මතක් කළේ ඇත්ත කතාවයි. අපේ අම්මා ඒ වැඩවලට කම්මැලිය. උකුණන් ලවා ගල් අද්දවන්නාසේ අපේ නංගිලා ලවා එව්වා කරවන්නට දත කයි. තාත්තා ගෙදර කාලයට නම් නංගිලාවත් උදව් කරගෙන උයයි. ඒ ගෘහස්ථ සාමය පවත්වා ගැනීම උදෙසාය. (එතනදී නම් තාත්තා හිතුවේ දූලා ගැන නොවේ. ඇඹේණිය ගැනය. මං දැක්කේ ඒ විදියටය.)
  
“මට පුළුවන් හදාගන්න. ආච්චිට කියලා පිටි ටික අනවාගන්න එකනේ.” 
මගේ අලුත් රස්සාව ගැන තීන්දු වුණේ එහෙමය. ඒක ගැන වෙනම කියන්නෙමි.

ඉලෙක්ෂන් එක ඉවරවී, පරාජයේ අවමානය ටිකක් තුනීවී යනතුරු unpයෙ අයව හම්බ වෙන්නට ගිහින් වැඩක් නැති බව තාත්තා කීවේය.  “ග්‍රහයෝ නීච වුණාම අපිට වැඩිය ලොකු මිනිසුන්ටත් වරදිනවා.” තාත්තා එහෙම කිව්වාට ග්‍රහයෝ හොඳ වෙනතුරු බඩගින්න ඉවසා හිඳිය නොහැකි බැවින් ‘ඉඳියාප්ප මෙහෙයුම’ පටන් ගත්තෙමි. ඒක ඊළඟ පෝස්ටුවකින් කියන්නේ, දේශපාලන ගොහොරුවේ කතාව ඉවර කරලා හිටංය. (2018.10.26 මේ පෝස්ටුව කොටා- සකසමින් තියෙද්දීත් එහෙම ග්‍රහ මාරුවක් වෙලා රටම තුෂ්ණිම්භූතවී සිටී.)

ග්‍රහයෝ නීචවී.....
මැතිවරණය ඉවරවී ටික දවසකට mpm මාමාත් මහරගමින් අතුරුදහන්වී වාගේ ඉඳලා ආයෙත් කල-එළියට ආවේය.

“රංජි. වෙලාවක අපි යං නියතපාල මහත්තයව හම්බ වෙන්න. ඊට පස්සේ බැරියැයි ..... ටිම්බර් එකේ ...... මහත්තයාව හම්බ වෙන්න.” ඔහු මට කීවේය. ඒ වෙද්දීත් ‘ශිෂ්‍යත්ව දායක මහත්තයා’ ගැන ගොඩක් දේවල් අපට ආරංචිවී තිබිණි. ඔහු පරම්පරා සල්ලිකාරයෙකි. අලි ඇතුන් පවා ඉන්නා කෙනෙකි.

“රංජියගේ වාසනාව තමයි. කොල්ලා ගැන විතරක් නෙවෙයි ලීලෝ, මුළු පවුලටම වියදමට මාසෙකට ගණනක් දෙන්න වුණත් ..... මහත්තයට පුළුවනි! දැකල නැද්ද නුගේගොඩ ලී ස්ටෝරුව? ලොකු වෙළෙඳාමක් එතන කෙරෙන්නේ. ගුණපාල අයියලාගේ වාසනාව” අපේ වැඩේට හොට දාන්නට ආ නුගේගොඩ ඇන්ටි කීවාය. අපටත් වඩා වෙන්නට යන්නේ මොනවාදැයි දැනගන්නට  ඕනෑකම තිබුණේ නුගේගොඩ ඇන්ටිටය.

අපි නියතපාල මහත්තයා හමුවෙන්නට ගියේ රාහු කාලයෙන් විය යුතුය. “අපි පරාද වෙච්ච එකේ තව කාලයක් යනකල් අපේ මිනිස්සු ඔළුව උස්සන එකක් නැහැ. ඒ වුණත් .... ටිම්බර් එකේ ....... උන්නැහෙව හම්බ වෙලා බලන්නකෝ!” අපට ලැබුණු උත්තරය දියාරු එකක් වුණේය. අම්මාත් මමත් දෙන්නාය ඒ ගමනට ගියේ.

ලක්ෂේට අරං තුට්ටුවට වික්කා වගේ........
උඩහමුල්ලේ ...... මහත්තයාගේ ගෙදරදී අපට ලැබුණේ අරිටත් වඩා ලාචෝරු පිළිගැනීමකි. ඒ මහත්තයා පෙන්නුවේම ලක්ෂෙට අරන් තුට්ටුවට වික්කා වගේ මුහුණකි. “මං ඇඹුල්දෙනියේ රැස්වීමේදී එහෙම කිව්වා තමයි. ඒත් කවුද හිතුවේ මේ වගේ අපි පරාද වෙයි කියලා. මං මේ බයේ ඉන්නේ මේ ආණ්ඩුව අපේ බිස්නස්වත් කරගෙන යන්න ඉඩ නොදෙයි කියලා. දැක්කනේ, දිනපු ගමන් තිබිච්ච පළිගැනිලි. ගම්ගොඩේ මිනිස්සු වගේ නෙවෙයි, ලොක්කෝ ගහන්නේ හිමීට.... නිවෙන්න ඇරලා.”

බස් එකට වියදම් වුණු රුපියලට සෑහෙන්නට එයාගේ කතා අහං ඉඳලා අපි හිස් අතින්ම ආපහු ආවෙමු!

“යකෝ මුන් රෙදි ඇඳගෙනද ඉන්නේ?” තාත්තා එහෙම ඇහුවෙත් අපෙන්ය. අනේ, අපේ තාත්තා දැන් ඉන්නවා නම්. අද දේශපාලුවන් කෙළින කෙප්ප, ඇදබාන ටොන් පච කොහොම දරා ගනීවිද? එකක් කියා, තව එකක් කරමින් රටම අගාධයට ඇද දමමින්, පිල් මාරු කරමින් පරම්පරා ගණනකට ඇතිවෙන්න ජරාව කන හැටි කොහොම උහුලා ගනීවිද?

අද 2018 ඔක්තෝබර් 25 වෙනිදාය. දැන් වෙලාව සවස 6.15 ය. උඩ කොටස කොටමින් ඉඳිද්දී ගුගුරමින් වහින්නට පටන් ගත්තේය. එහෙම වෙලාවට මා කරන්නේ කොම්පියුටරය ඕෆ් කර දමලා වෙන වැඩක් කිරීමය. කාලය අපතේ යවල බැහැනේ!

ඉතින් අද මා කළ වෙනින් වැඩය 21 වෙනි ඉරිදා ‘රාවය’ පත්තරේ කියවන එකය. හිතාදර ඔයාලාට කියන්නම ඕනෑ ජාතියේ ලිපියක් කියෙව්වේ එහි තිබිලාය. 07 වෙනි පිටුවේ ‘සම්බන්ධීකරණ ලේකම් කිව්වට කිසිම සම්බන්ධයක් නෑ- කිරාන් අතපත්තු- ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්’ යන හෙඩිමෙන්ය ලිපිය තිබුණේ. සම්මුඛ සාකච්ඡාව කර තිබුණේ ටිරාන් කුමාර බංගමආරච්චියි.

ඔක්තෝබර් 21 වෙනිදා 'රාවය' පත්තරේ..........
ඔබත්, මාත් දැනටම දන්නා කරුණු මෙන්ම නොදන්නා කරුණුත් ගොඩාරියක් එහි විණි. මා ලියන්නේ මගේ පෝස්ටුවට අදාළ බිඳක් විතරය. 2015 ජනවාරි අටවෙනිදා; ජනාධිපතිවරණය දවසේ රාත්තිරියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආරක්ෂාව පතමින් වසන්වී ඉන්නේ කිරාන්ගේ ගෙදරය. එතුමා පැරදුණා නම් ඉස්සෙල්ලාම බිල්ලට යන්නේ කිරාන්ය.

එහෙව් මනුස්සයාට ‘ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්’ පට්ටමක් තිබිලාත් දැන් ‘හදිසියකදීවත් ජනාධිපතිතුමාව හමුවෙන්නට බැරිය’. “(ජනාධිපතිවරණයට පෙර, නුවර ජනාධිපති මන්දිරයේදී) ...... ඇමතිවරු දහයක් විතර හිටියා. අද ඒ අය මෙතුමා එක්ක. තව කෙනෙක් එහෙදි මට ගහන්නම ආවා. අයින් වෙයන් කියලා. මම බොහොම අමාරුවෙන් ගුටි නොකා එදා ආවේ. එහෙම ගහන්න පැනපු මිනිහා අද ජනපති වෙනුවෙන් මැරෙන්න දඟලන මහ ඇමතියෙක්. මම දවසක් යනකොට මේ මහ ඇමතියා ජනාධිපති එක්ක තේ බොනවා. මම එළියේ. ළඟටවත් යන්න බැහැ. ඕකයි ඇත්ත තත්ත්වය.”   

මගේ හිතේ යාන්තමට ඡායාවක් වාගේ තිබුණු කොස්සත් ඔය කතාව කියෙව්වාට පස්සේ, දැන් අතුගෑවිලාම ගිහින් ඉවරය. ජීවිතය පරදුවට තියා කටයුතු කළ කෙනෙකුට ජනපතිතුමෙකු එහෙම සලකනවා නම්, ලී මුදලාලි කෙනෙකු හොඳටම චූන්වී කියූ දෙයක් නොසලකා හැරීමත් කජ්ජක්ද?

කොස්සක් හිටින්නට කරුණු යෙදුණේ තලගුණේ මහත්තයාත් කිසිම ගුණයක් නොපෙන්නා ඒ හැන්දෙන්ම මට බෙදූ හින්දාය. එතනට මාව ඇදලා දැම්මෙත් mpm මාමාය. අපේ තත්වය හොඳ හැටි දැනගෙන උන් ඒ මනුස්සයා හැදුවේ කොහොම හරි ඇති-පැති ඇත්තෙකු ලවා මට පිහිටක් වෙන්නටය. “රංජි. ඔව්වා ඔහොම තමයි. ඔයා අම්මයි, ලකීයි දෙන්නා එක්කම ගිහින් තලගුණේ මහත්තයවත් හම්බ වෙලා බලන්නකෝ. මොකද වෙන්නේ කියලා.” mpm මාමා කිව්වේය.
හැමදාමත් හුප්පේ වෙන්නේ..............
අපි ගියෙමු. නාරාහේන්පිට තට්ටු ගණනාවක් ඇති බිල්ඩිමකය එතුමා එවිට රැකියාව කරමින් උන්නේ. ගිය අපේ මෝඩකමට අපටම බැනගනිමින් අපි ආපහු ආවෙමු! පෙනුණු විදියට නම් එයාලගෙ ජාම කොහොමින් හරි බේරෙන්නට ඇත. හැමදාමත් ‘හුප්පේ’ වෙන්නේ අපේ ජුන්ඩයියලාටය.

(ඊයේ 2018 ඔක්තෝබර් 26 වෙනිදා දේශපාලන සත්වයන්ගේ තවත් රසාලිප්ත නාටකයක් රඟ දැක්විණි. එයිනුත් මට නම් පෙනෙනුයේ එක ජාතියක කුරුල්ලන් එක අත්තේ වහන බවය!)

තලගුණේ හමුවේදී එහෙම වෙලාත් මං පාඩමක් ඉගෙන ගත්තේ නැති පාටය කියා හිතෙන්නේ දැන්ය. නැත. ඉගෙන ගත්තෙමි. දේශපාලනය හැම දෙයකටම සම්බන්ධය. එයින් ගැලවීමක් නැත. 

“අනේ මට නම් ඕක එපාවෙලා ඉන්නේ. මගේ ඡන්දේ දාන්නේවත් නැහැ.” සමහරු කියති. අපේ මතයට ජය ලැබුණත්  නැතත් මා නම් ඡන්දය නොදා ඉන්නේ නැත. මා දරන මතය තවකෙකුට කියන්නට මැලි වෙන්නෙත් නැත.

ඒත් අන්තවාදී දේශපාලනය නිසා, අනවබෝධය නිසා, කොතෙක් නම් අගතීන් වෙනවාද? යම් මතයක් දරන්නට අපට ඇති අයිතියම, වෙනත් මතයක් දරන කෙනෙකුටත් නැතිද?

1977 මැතිවරණය තියන්නට සැරසෙද්දී සිරිකොතේ නියෝජිතයන් දෙන්නෙකුත් එක්ක පියදාස අයියාත්, සෝමවීර මල්ලිකාරච්චිත් මා හමුවෙන්නට ආවෝය. පියදාස කිව්වාට ඔහුගේ නම වී.ජී. පියදාසය. ජීවිතෙන් තුන්කාලක්ම දේශපාලනයට කැප කළා වෙන්නට ඇතිය. ඒ වෙද්දීත් කිහිප වතාවක්ම පියදාස අයියාත්, සෝමවීරත් මට ආපහු unp කොක්ක ගහන්නට හදලාත් තිබිණි.

බෙර ගහලා නොකිව්වාට.......
“දිසා, මේ සැරේ ඔයාට අතරමං වෙන්න දෙන්නේ නැහැ. මාව විශ්වාස කරන්න. ඕනෙම දේකට මං ඉන්නවා. අපරාදේ... මේ සැරේ මිනිස්සුන්ට ශ්‍රී ලංකා එක තිත්ත වෙලා ඉන්නේ. අපි උඩින්ම දිනනවා.... නඟිමු ස්ටේජ් එකට.” 

බෙර ගහලා හැමෝටම නොකිව්වාට, මටත් ඒ ආණ්ඩුව තිත්තවී තිබිණි. වැඩියත්ම ලොකු අයට එක හැන්දකිනුත්, පොඩි අයට තව හැන්දකිනුත් බෙදූ හින්දාය. එහෙත් unp එකේ වැඩත් ඊට වඩා ගොඩාක් හොඳ වෙන්නට බැරි බවය, මගේ හැඟීම වුණේ.

නියෝජිත පිරිස ආවේ හවස හතරට විතරය. අප කතා කරමින් ඉඳිද්දී වෙල් යායට උඩින්, දුම්රිය මාවත පැත්තෙන් ලවුඩ්ස්පීකරයක් හඬ දෙන්නට විණි. අපි කන් දුන්නෙමු.

“ඇහෙනවද එනවුන්ස් කරන එක?” මම කීවෙමි. කියමින් තිබුණේ unp රැස්වීමක් ගැනය. කිව්වේ මොනවාදැයි දින කිහිපයකින් කියන්නෙමි.

Sunday, October 28, 2018

අනේ පාලි, තව චුට්ටක්....

රේල් පාර අයිනේ..... 
එදා පාලි හිටියේ රේල්පාර අද්දර හිටගෙන.

පාලි කියලා විතරක් කිව්වම ඔයාල දන්නවයැ. ඔන්න ස්වර්ණපාලි කිව්වා නම් ඉතිහාසය කියවපු අය දන්නවා පණ්ඩුකාභයගේ පෙම්වතී බව. සංඛපාලි කිව්වා නම් චිත්‍රපට බලන ඇය දන්නවා සරත් රූපසිංහගේ චිත්‍රපටය බව. නිකම්ම පාලි කිව්වම? ඒ හිංදා චුට්ටක් විතර කියන්නම්කො විස්තර.

පාලි කියන්නේ මෙයාගේ නමෙන් කෑල්ලක් විතරයි. එයාව හරියටම අඳුනාගන්න විදියට වංහුං කියන එකත් හොඳ නැහැනේ. මගේ ඒ නිගමනය සාධාරණද කියලා කියන්නකෝ පෝස්ට් එක කියවලා අහවර වුණාම. මේ පාලි කෙල්ලෙක් නෙවෙයි. තරුණ හාදයෙක්, එතකොට නම්. ඉතින් එදා පාලි හිටියේ රේල්පාර අද්දර හිටගෙන.   

මාව දැක්ක ගමන් චූටි හිනාවක් ඒ  මුහුණේ ඇඳුණේ, හරියට මං එනතුරු බලා හිටියා වගෙයි. ගොම්මන් වෙලාව පහුවෙලා වුණත් මට ඒ හිනාව විශේෂ වුණේ පාලි වැඩියෙන් හිනා නොවෙන කෙනෙක් නිසා. හිනාව පෙනුණෙත් එතනම තිබ්බ ලයිට් කණුවේ පිහිටෙන්. ඒක නාඬා පාන හිනාවක් වගේ. “දිසානායක ගෙදරද යන්නේ?”

ඇත්තම කියන්න එපැයි! මං ඔළුව වැනුවේ ‘එපා වාහෙට හොදි බෙදන්නා වගේ’ ඕනවට-එපාවට. කරන්නං වාලේ. මොන? මගේ ඉඟිය ඒ හාදයාට තේරුණු පාටක් නෑ. පාලිත් මගෙත් එක්කම පියවර මනින්නට වුණා. “යං. මාත් මේ බල-බලා හිටියේ කතා කර-කර යන්න කවුරු හරි එනකල්!”

අහන් ඉන්න ඕනේ නම්......
දැන් මට තරහයි. දන්නවනේ, ඒ කාලේ මං මිස්ටර් කලබල. යන්නේ කඟවේනා වගේ, කඩාගෙන. හෙමින් ගමන් ‘වානා’. ඉතින් පලයල්ලකෝ මේ මනුස්සයාත් එක්ක එයාගේ වේගෙන්!

අනෙක කාටවත් තනි රකින්න.... පාලු කපන්න... කාගේවත් කතාවලට හූමිටි තියමින් කල් මරන්න ඒ දවස්වල නිමල් දිසානායක සූදානම් නැහැ. ඒකට ඉතින් බල්ලෙක්, බළලෙක් වගේ හුරතලෙක් අල්ලගන්න එපැයි. ඔහොම හිතුණට ඒවා හයියෙන් කියන්න තරමට මේ පුතයා එතකොටත් මෝඩ නැහැ.

අනෙක මට නම් පාලි හොඳ කොල්ලෙක්. මිනීමරුවෙකුත් වුණාට!

දවසක් තවත් එයාගෙම යාළුවො වගයක් සම්බන්ධ කාරණයකදී පාලි මට රහසක් කිව්වා. “දිසානායක, උන් මගෙත් යාළුවො නං තමයි. ඒ වුණාට අපතයෝ. අතේ දුරින් ආස්සරේ කරලා බලන්න. ඔයාටම තේරෙයි, එතකොට.” එහෙම කතා කරපු හින්දම නෙවෙයි, මං එහෙම කිව්වේ. පාලි අවංකවම මට හිතවත් බව එයා කරපු වැඩවලිනුත් පෙනුණු නිසයි.

පාලි මිනීමරුවෙක් වුණාට.......
මට වගේ නෙවෙයි, පාලිට අයියලා- අක්කලා- මල්ලිලා- නංගිලා හතර පංගුවම හිටියා, මදි නොකියන්නම.

එයයි, එයාලගෙ ලොකු අයියයි දෙන්නම එකතුවෙලා තමයි, එයාලගෙ ගෙවල් අසලම හිටිය පවුලක අයිය-මලෝ දෙන්නෙකුව පිහිවලින් ඇනලා මරලා තිබුණේ. පුංචි වචන හුටපටයක් දුරදිග ගිහින්. දෙන්නම අවුරුදු පහක්ද කොහෙද හිරෙත් හිටියා. ඊටත් ඒ දෙගොල්ල නෑදෑයෝ. ඉවසිල්ල නැති වුණාම ඔහොම තමා, නේද?

එහෙම වුණාට ඒ දෙන්නම දුෂ්ට, නපුරු, කුඩුකේඩු කොල්ලෝ නෙවෙයි කියලයි මට නම් තේරුණේ. (දැන් අපේ ගෙදර තියෙන්නේ ඒ දෙගොල්ලන්ගේ ගෙවල් තිබුණු හරියට මැද්දස්සේ).

එදා මං හිටියේ කොහෙ හරි ගමනක් ගිහින් එන ගමන්. එහෙම ගියාම මට ඉස්පාසුවක් නැහැ ආයෙම ගෙදර එනකල්. මගේ ඒ පුරුද්ද නම් තාමත් එහෙමමයි. අතහැරිලා නැහැ.

එන්ජෝයි කරනවා කියන්නේ...........
හම්බන්තොට ගියාමත්, හැමදාම වගේ නෙවිල් ඔය මගේ පුරුද්ද ගැන කියලා කන්කෙඳිරි ගෑවා. “බලපංකො පීරා, කොහේ හරි යන්න තියෙනවා නං මුගෙ වැඩේ යං-යං-යං පරක්කු වෙනවා නේද කියලා අඬනවා. ගිය මොහොතේ ඉඳලා මේකගෙ කල්පනාව කොයි මොහොතේද ආයේ යන්නේ කියන එක. ටිකක් රිලැක්ස් වෙලා, ගමනින් පොඩ්ඩක් එන්ජෝයි වෙන්නවත් මූ ඉඩක් දෙනවද බලපංකො, මචං.”

“බලපංකො, අපේම කරුමෙට අද මේකගෙ කට මැහුවෙත් නැහැනේ!” පීරිස් දොස්තර මහත්තයත් අලගු තිබ්බා. මට ඕනේ ආපහු ගෙදර ගිහින්, නිවිහැනේ ඇඳුම් මාරු කරලා, නා-කියාගෙන මගේම ලෝකේ රජවෙන්න. ඊට වැඩි සනීපයක් තියෙනවද?

හුඟක් අයට නම් සනීපයක් දැනිලා ජොලි කරනවා කියන්නෙ, එන්ජෝයි කරනවා කියන්නෙ මධුවිත එක්කම යන දෙයක්.

enjoy කොහොම වෙතත් 2016 අවුරුද්දේ විතරක් ලෝකයේ සිදු වුණු මරණවලින් මිලියන තුනකට (තිස් ලක්ෂයකට) හේතු වෙලා තියෙන්නෙ ඇල්කොහොල්ය කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවකින් කියනවා. දුක, සතුට, තනිය, එකමුතුකම, උපත, විපත, මඟුල, අවමඟුල, සීතල, උණුහුම සේරටම එකම බෝතලේ වෙනස්-වෙනස්ව ප්‍රතිචාර දක්වන විදිය ගැන නම්, තවමත් මට තර්කානුකූලව හිතාගන්න බැහැ. කවුරුන් හරි එහෙම වෙන ක්‍රමේ විදුහුරු විදියට පෙන්නලා දුන් දවසට තමයි මේ නිමලුත් ‘එයාලගෙ විදියට එන්ජෝයි’ වෙන්නේ! 

එයාට ඕනේ වෙලා තියෙන්න ඇත්තේ ..........
ඉතින් මං ඉක්මනට ගෙදර දුවන මානසිකත්වයෙන් බාගෙට දුව-දුවා ආවා. පාලිත් මගෙත් එක්කම..... මහරගම රේල් පාර ළඟ ඉඳන් එක්සත් සුබ සාධක මාවත ගාවට එතෑකි විනාඩි පහෙන්. පාලි මොනවා කියවමින් ආවද මන්දා. පස්සෙයි මට තේරුණේ, පාලිට ඕන වෙලා තියෙන්න ඇත්තෙ තනි නොවෙන්නයි. හුදෙකලා නොවෙන්නයි.

ඒකට එයා මට කියපු වචන හුළඟෙ යන්නැති. මගේ කනට නම් වැටුණේ නෑ. කල්පයක් වගේ දැනුණු වෙලාවක් ගෙවුණේ. අපි සුබ සාධක මාවත ළඟදි නැවතුණා. මං එතනින් වමට හැරෙන්න ඕනේ. පාලිල ගෙවල් තිබ්බේ ඊට චුට්ටකට එහායින්, පමුණුව පාර අයිනේම. ‘තීන්දු වචනේ’ පාලිගෙන් කියවුණේ එතකොට!

“දිසානායකට හදිස්සිද? පොඩ්ඩක් කතා කරලා යනවද?”

‘ඇයි මනුස්සයෝ කතා කරන්න ගෙදර අය ඕනේ තරම් ඉන්නේ’. මං හිතුවා.

පාලිලගේ දෙමව්පියො පවුල් සැලසුම් ක්‍රම ගැන අදෝසංසාරයක් දැනගෙන උන් අය නෙවෙයි. මං එහෙම කියන්නේ ඒ මිනිසුන්ගේ ඇඳ යට රිංගලා හිටි නිසා නෙවෙයි. පවුලේ දරු කැලත දිහා බලලා. කොටින්ම අපේ අම්ම-තාත්තා එයාලට පරාදයි!

ඒ දෙන්නා මාතෘ සායනවලට ගියේ................
ඊළඟ වැදගත් කාරණාව තමයි, ඒ ගෙදර අම්මයි-දුවලයි ලයින් හෝම් හරි කාසල් හරි ගිය හැටි. මං කිව්වේ එක්කෙනෙක්ගේ තනියට අනෙකා ගියා කියලා හෙම නෙවෙයි. දෙන්නම එකිනෙකාගේ තනිය මකන්නත් ඇති. හැබැයි, දෙන්නම ඉස්පිරිතාලේ ගියේ බඩේ ඩෝල බැඳන්. අපරාදෙ, ඒ කාලෙත් දැන් වගේ අනුන් ලවා ජාතිය වැඩි කරවන්න වලිකන උදවිය හිටියේ නැහැනේ. හිටියා නම් බුදු ෂුවර්, පාලිල අම්මටත් ‘වීර මාතා’ සම්මානයක් දෙනවා. (ඇයි, අපේ අම්මටත්!).

පාලිල තාත්තා හොඳ වැඩකාරයා වුණේ ගෙදරට-යහනට විතරක් නෙවෙයි. කරුමාන්තවලටත්. ‘මිනිහා හරිම සීග්ගර වැඩ කරන්නට හපනා’ කියලා පමුණුවේ කොච්චරවත් අය කියනවා මටම ඇහිලා තියෙනවා. ඇත්තම කියනවා නම් එතැනදී පොඩි ‘කුල’ කතන්දරයකුත් එයාලා එළියට ඇද්දා. ඉස්සර උදවිය එහෙමනේ.

අර පිහි ඇනුමට පාලිට හවුල් වුණේ එයාගෙම ලොකු අයියා. මං එයාගේ නම නොකියා u කියන්නම්. මොකද u තවමත් යහතින් මහරගම ත්‍රී වීල් එකක් එලවමින් ජීවිකාව කරගන්නවා. මනුස්සයා මගෙත් එක්කම, ‘ගැමුණු රිවිදින දහම් පාසලේ’ත් එකම පන්තියේ උන්නා. (මඩ ගොහොරුවක පචවී 4 පෝස්ටුවේ නන්දක්කා ගැන කියද්දී කීවේ ඒ ඉරිදා ඉස්කෝලේ ගැනයි.) හැබැයි මං වගේම uත් දිගට දහම් පාසල් ගියේ නැහැ.

පාලිලා පරම්පරාවම හොඳ වැඩකාරයෝ.....
ප්‍රමාණවත් පරතරයක් නැතිව දරුවන් බිහි කළාම අම්මාව දුර්වල වෙනවා. එහෙමයි අපි පවුල් සංවිධාන සංගමේ, තරුණ ජනගහන  කමිටුවේ වැඩ සටහන්වලදී කිව්වේ. ඒ වගේම දරුවන් ගැන නිසි අවධානයෙන් ඉන්නත්, ඔවුන් හොඳ පුරවැසියන් ලෙස හදන්නත් වෙලාව නැති වෙනවා නේද? අපි ඇහුවා.

එව්වයේ ඇත්ත-නැත්ත කොහොම වුණත් පාලිලගේ ගෙදර සියදිවි නසාගැනීම් හයයි! තුනක්ම සහෝදරයෝ. අනෙක් තුන්දෙනා එයාලගේ සොහොයුරියන් විවාහ කරගත් අය; මස්සිනාලා. පාලිගේ එක සහෝදරයෙකුගෙයි, සහෝදරියෙකුගෙයි විතරයි කසාද කඩාකප්පල් නොවී බේරුණේ. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම දේකුත් තියෙනවා. එහෙ එකම එක දරුවෙක්වත් ඉහළට ඉගෙන ගත්තෙත් නැහැ.

තව ඩිංගෙන් අමතක වෙනවා. එදා පාලි මාත් එක්ක බජනෙට එද්දී, එයාගේ මංගල්ලෙට තිබුණෙත් මාසයක් විතර. රජරට පැත්තේ ගෑනු ළමයෙක් එක්ක තමා කසාදෙ තීන්දු වෙලා තිබුණේ. ඒකත් ගමේ හැමෝම දැනගෙන හිටියා.

මංගල්ලේත් තීන්දු වෙලා..........
අනේ, ඒ වෙලාවේ මං පාලිට පොඩ්ඩක් හරි කරුණාවන්ත වුණා නම්.... චුට්ටක් හරි අනුන් වෙනුවෙන් ඉවසලා ඉන්න පුළුවන් වුණා නම්..... මේ පශ්චාත්තාපය, මේ වරදකාරී හැඟීම දරා ගන්න වෙන්නේ නැහැ නේද කියලා හිතෙද්දී..... මොනවා කරන්නද? පාලි, ඔයා මට කියා දුන්නේ අමතක නොවෙන පාඩමක්.

“දිසානායකට හදිස්සිද? පොඩ්ඩක් කතා කරලා යනවද?” පාලි ඇහුවා. තකතීරු මං. හිතක් පපුවක් නොතිබුණු මං. තව මනුස්සයෙකුගේ අසරණකම තේරුම් නොගත්ත මොට්ටම මොට්ට නිමල්!

“මං යන්නං පාලි.” කියාගෙනම මං පියවර එසෙව්වා. එහෙම වැඩ මගේ ළඟ එමටයි. ආයේ තව කෙනෙකුට තීන්දු ගන්න ඉඩ නොතියා මං ඉස්සර වෙනවා.

ගොඩ දෙනා නැහැ-බැහැ කියන්න අකැමැතියි. එපා කියන්න පැකිළෙනවා. ඉතින් ඔය සත්‍යය තේරුම් ගත්තාම, තමනුත් එඩිතර නම් හුඟ දෙනාව නටවන එක පුංචි දෙයක් කියලයි, මගේ අවබෝධය. ‘උපාය දන්නෝ අපායේ නොවැටෙති’ කියන්නේ ඔහොම වෙලාවට වෙන්නැති. ඒත්.....

වහ බීලා කියලා දැන ගත්තාම....
ඉතින් මං ගියා. ඊට පැය බාගෙකට පස්සේ ආරංචියක් ආවා. පාලි වහ බීලා!

වහ බීලා බව දැනගත්තු ගමන් ගෙදර අය ඉක්මනට පොල්කිරි මිරිකලා ගෙනත් පාලිට පොවන්න. ‘වහ බිව්වේ මැරෙන්නයි!’ කියලා පාලි පොල්කිරි කෝප්පෙට පයින් ගහලා.

අනේ පාලි, පාර ළඟදී තව චුට්ටක් බල කරලා මාව නවත්තාගෙන කතා කරන්නනේ තිබුණේ! හිතේ බර නිදහස් කර ගන්නනේ තිබුණේ. ඇයි එහෙම නොකළේ? ඉතින්.... පාලි මෙලොව අතෑරලා ගියා. ඇයි එයා වහ බීවේ කියලා කාටවත්ම කියලා තිබුණේ නැහැ. සටහනක්, ලියුමක් ලියලා තිබුණෙත් නැහැ. කසාද බඳින්න ඔන්න-මෙන්න තියෙද්දී, එහෙම වහ බොන්න තරම් හේතුවක් තිබුණය කියලා කාටවත්ම හිතා ගන්නවත් බැරි වුණා.

දැන් අවුරුදු තිහකටත් වැඩියි. තවමත් මට හිටිගමන් පෙනෙනවා, එදා පාලිගේ මුහුණ. දැනුයි මට පේන්නේ එදා එයා කොච්චර තනිකමකින් පීඩා විඳින්න ඇතිද කියලා. මේක මගේම හිතලුවක් වෙන්නත් පුළුවන්. ඒත් මට දැනෙනවා, හොඳටම දැනෙනවා; මං එදා චුට්ටක් නැවතිලා එයාට කන් දුන්නා නම්..... සමහර විට තරුණ ජීවිතයක් බේරෙන්නට ඉඩ තිබුණා කියලා.

ඔව් පාලි, ඔයා ගියේ මට ගොඩක් වටිනා පාඩමක් කියා දීලා. ඒ මෝඩකම මං ඊට පස්සේ කළේ නැහැ. තව ඒ වගේම පසුතැවෙන්න වෙන දෙකින් මං නූලෙන් බේරුණේත් මේ අත්දැකීම හින්දාමයි.

බුලත් දීලා ඉල්ලන්නේ..........
ඒක වෙනම පෝස්ටුවකින්.....

දැන් මං දයාබර ඔයාලට බුලත් අතක් දීලා ඉල්ලන්නේ ‘කවුරු හරි කතා කරන්න කෙනෙක්ව හොයමින් ඉන්නවාද?’ කියලා විමසිලිමත් වෙන්න! ඉන්නවා නම් අනේ please, ඉවසිල්ලෙන් එයාට කන්දෙන්න! කියාය.

පසු සටහන: පාලිගේ මළගමට රජරට ගැහැනු ළමයාත් ආවාය. 
මාස ගණනාවකට පසු පාලිගේ හොඳම යහළුවෙක් ඇයව විවාහ කර ගත්තේය. 
ඒ යුවළගේ පුතාත් දැන් මගේ යහළුවෙකි. ඔහුගේ බිරිය කුළුඳුල් දරුවා කුස දරන අවධියේ මම ඇයට බත් මුලකුත් සකසා යැව්වෙමි ෴

Friday, October 26, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - අටවෙනි කොටස

සුනිල්, බඩා මල්ලා දීපාල්, මල්ලිකා, රජිත්, උත්පලා සහ සිඟිති ඇනා
මං මුලදීත් කීවානේ, අපේ ලොකු නෑනණ්ඩි ජීවිතේට හරීම තණ්හාවෙන් උන්නේ. එයාට පිළිකාවක්ය කියලා, නව රෝහලෙන් පිළිකා රෝහලට මාරු කරලා යැව්වාමත් කතන්දර ගොඩාරියක් ගෙතුවා. 

‘දොස්තරලට වැරදිලා.’ ‘දැන් පිළිකා රෝහල නෙවෙයි. ඒකත් අනිත් එව්වා වගේම ඉස්පිරිතාලයක්. නමත් අපේක්ෂානේ.’ ඔහොමයි එයා කීවේ.

අපරාදෙ කියන්න බැහැ, එයාලගෙ ලොකු පුතා රජිත් එංගලන්තේ ඉඳගෙන හැම මාසෙම අපේ සුනිල්ට සල්ලි එව්වා. ටිකකුත් නෙවෙයි. හතලිස්දාහ ගානේ. මට වගේ නෙවෙයි, මල්ලිකාට හැම වෙලේම ආවතේවෙටත් කාව හරි ඕනෙ වුණා. 

ඉතින් සුනිල්ට රස්සාවක් කරන්න වෙලාවක් ඉතිරි වුණෙත් නෑ. රජිත් අම්මලාට එවූ සල්ලිවලින් බෙහෙත්වලට, ගෙදර-දොරේ වියදම්වලට සෑහෙන්න වියදම් වුණා.

වැඩිම වියදම ගියේ මල්ලිකා වටේ රොක් වුණු උපාසිකාවන් එක්කයි, දසසිල් මෑණිවරුන් එක්කයි දුරකථන සංවාදවලට. එයාලා ටෙලිෆෝන් එකෙන් ‘දම් සභා මණ්ඩප’ පැවැත්තුවා. ලෑන්ඩ් ෆෝන් එකේ මාසෙක ටෙලිෆෝන් බිල දහදාහ පැන්නුවයි කිව්වම තේරෙනවනේ!

ඊළඟට මල්ලිකාගේ දස පිං කිරියවත්වලටත්..... කරපු පින්කම්වල හැටියට නම් මල්ලිකා මහෝපාසිකාව දැන් සක්කර දෙයියන්ගේ මහේශිකාවක් වෙලා ඉන්නවා ඇති. එහෙට සිග්නල් නැතිව ඇති. නැත්තං මෙලහටත් අපේ නෑනා ඒක අපට කියලා!

පිළිකාවට කටුපිල........
මං මෙව්වා කීවේ එයාලගෙන් කාව හරි උඩ දාන්න නෙවෙයි. ලේසියෙන් හම්බවෙන සල්ලි ලේසියෙන් වියදම් කරන හැටි පෙන්වන්නයි.

ඔන්න කටුපිල පිළිකාවට හොඳයි කියලා ආරංචි වුණා විතරයි සුනිල්ට සිද්ධ වුණේ කටුපිල හොයන්න. මඤ්ඤොක්කා හොඳයි කීව ගමන් හැමදාම එව්වා තම්බන්න. ‘පොළොස් කැඳවලින් විතරක් ඔය ලෙඩේ සනීප කරන එක්කෙනෙක් ඉන්නවා’ කියපු ගමන් එහෙ යන්න. බලංගොඩ, නුවර, අනුරාධපුරේ... අවිස්සාවේල්ලේ.... මං හිතන්නේ එයාලා නොගිය තැනක් නැතිව ඇති. 

මගේ මල්ලි තමයි, හැබැයි සුනිලුත් ‘අඹුසොඬ බමුණා’ වගෙයි. නෝනා මහත්තයා කියන-කියන හැම තැනටම එක්කං ගියා. කියන-කියන බේත් හදලා දුන්නා. පුතා එවපු සල්ලි මාසේ ඉවර වෙන්නත් කලින්ම වියදම් වෙලා ඉවර වුණා.

එක සැරයක් මල්ලිකාගේ ඉඩමක් විකුණලා ලක්ෂ දොළහක්ද කොහෙද අතට ආව ගමන්ම එයින් අටක් විතරම වියදම් කළේ බෙහෙත් බෝතල් අටක් බොන්න. එකක් ලක්ෂේකටත් වැඩියි. ඔන්න එච්චර කරලත් උන්දෑට චිරජීවනේ ලැබුණද? නෑනේ! නෑනට යන්න වුණා.

මට මයෙලොමාව කියලා දැනගත්තේ එයා අන්තරා වෙලා මාස තුනෙන්. මුල ඉඳලාම මං තීරණේකට එළැඹිලා හිටියා.


නෑනේ. නෑනට යන්න වුණා!
තියෙන දේවල් ඔක්කොම විය පැහැදම් කරගෙන, අනෙක් මිනිස්සුත් හිඟමනට දාලා සනීප වෙන්න හදන්නේ නැහැ; යන්න තියෙනවා නම් යනවා මිස බලෙන් ඉන්න ඕනෙත් නැහැ; සදාකල්ම ඉන්නයැ? දුක් විඳ-විඳ ඉන්න ඕනෙත් නැහැ. මැරි-මැරී ජීවත් වෙන්නේ නැතිව ජීවත් වෙලා මැරුණාවේ! ඒ මගේ හිතිවිල්ල.

ඒත් හුඟක් අයට කොච්චර තිබ්බ්බත් මදි, මදි, මදි! සල්ලි, බලය, කීර්තිය කොයිවා ගැන වුණත් එහෙමයි. එහෙම ලෝකෙක මං දැක්ක ලොකුම පුදුමයක් තමා ‘කුමාර තිරිමාදුර’.

2018 ජුනි 27 දේශය පත්තරේට කියලා තිබුණු කතාවක් මේ මනුස්සයා ආයෙමත් 2018 ඔක්තෝබර් 14 වෙනිදත් කියා තිබුණා. “මට ඇති!”. ඒක තිබුණේ කුමාරගේ ජීවිත කතාවේ; ‘මගේ ජීවිතේ’ පොත ගැන තිබුණු ලිපියේ.

මොන මිනිහද ඔහොම ඇතියි කියන්නේ? ‘අත්තානං උපමං කත්වා’- තමන් උපමා කොට සිතන්න! ඒ පදනමේ ඉඳන් බලද්දී, සත්තකින්ම මේ කොටන මං වුණත්, තවමත් සමහර දේවලට පුදුම විදියට තණ්හාවයි. ඒක නිසාමද මන්දා මට තිරිමාදුරගේ මේ කතාව තදින්ම හිතට වැදුණේ. මෙහෙමයි කලින් වතාවේ එයා කියලා තිබ්බේ.

තිරිමාදුර කියලා තිබ්බේ....
“ඔව්... අද මට මගේ ජීවිතේ ගැන සතුටුයි. මම විශ්වාස කරන දෙයක් තමයි මේ සොබාදහම මට ඕන කරන හැම දේම මේ වෙද්දී දීලා ඉවරයි.මම සොබාදහමට ආදරේ කරන කෙනෙක්. ගොඩක් අය කියන දෙයක් තමයි මට නැහැ.... මට මොනවද ලැබුණේ කියලා. ඒත්.... මම කියන්නෙ නම් මට හැමදේම ලැබුණා කියලා. මට පිටකොටුවෙන් ගේ කෑල්ලක්වත්, නුගේගොඩින් ගෙයක්වත් ඕනේ නැහැ. මම මගේ ගේ ඉස්සරහ ළඟදීම දැන් මට ඇති කියලා තමයි ගහන්නේ. මේ රටේ බොහෝ ජනතාවක් දුක් විඳිනවා.ඒත්.... අද මට යමක් ලැබිලා තියෙනවා. ................. මම ලෝකාන්තයට ගිහින් තියෙන්නේ දෙපාරයි. හැබැයි ඔස්ට්‍රේලියාවට නවපාරක් ගිහින් තියෙනවා. ඉතින් මම මගේ රටත් දැක්කා. ලෝකෙත් දැක්කා......”

මට මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. කුමාරගේ ‘කරළියේ රසකතා’ පොත අච්චු ගැහුවෙත් මං වැඩ කළ මුද්‍රණාලයේ. ඒත් කුමාර ඒ ගැන හොයන්න එකම එක වතාවක්වත් ප්‍රෙස් එකට ආවේ නැහැ. සේරම හෙව්වේ මහින්ද කුමාර දළුපොත මහත්තයා. 

මට හිතෙන්නේ ඒක අනුන්ව විශ්වාස කිරීමේ ලකුණක් විදියටයි. එහෙම මිනිස්සුන්ගේ ඔළුව උඩ මුළු ලෝකෙම නෑ. කුමාරට කුමාරයෙකුටත් වැඩිය හොඳට නින්ද යනවත් ඇති, මගෙ හිතේ.

ප්‍රධාන කතාවෙන් පීලි පැනලා ගොඩ දුර ආවද මන්දා. 

අනේ සමාවෙන්නෝනේ. මං තවමත් ජීවිතේට යම්-යම් දේවල් එකතු කරගන්නේ කලින් කීවා වගේ අහන-දකින-කෙරෙන දේවල්වලින්. වටේ-පිටේ කාරණාවලින්. ඉතින් ඒවා සහෘද ඔයාලටත් කමක්-පලක් ඇති දෙයක් වේය කියලයි පෝස්ට් එකට එකතු කරන්නේ, මතකෙට ආවාම.

චතුර කනිෂ්ක ෂෙයාර් කරගෙන තිබුණු....
මෙන්න මට කෙලින්ම අදාළ වුණු; අදාළ වෙන දේකුත්. මල්ලිකාගෙ ලක්ස ගණන් වටිනා බෙහෙත් බෝතල් විත්තිය හින්දා විහිළුවක් වගේ පෙනුණත් කෑම-බීමෙන් ලෙඩවෙන එක කන්ට්‍රෝල් වෙනවය කියලා මං දැන් හොඳටම විශ්වාස කරනවා. 

ඒ වගේමයි අපේ ‘මිහිතල මාතාව’ අපට තිළිණ කරලා තියෙන දේශීය තුරුලතා. හැම එකක්ම බෙහෙතක්; ඖෂධයක්. එහෙම වෙද්දීත්, හෙළ වෙදකම ගැන අවිශ්වාසයකින් නෙවෙයි මං ඉංගිරිසි ප්‍රතිකාර තෝරාගත්තේ. අපේ අයගේ දැනීම යාවත්කාලීන; update වෙන්නේ හෙමින් නිසා.

“නිමල් අයියේ, ආයුර්වේදෙයි ඉංග්‍රීසි බෙහෙතුයි දෙකෙන් කොයි එකද ඔයා කරගන්න යන්නේ කියලා තීරණේ කරන්න ඉස්සෙල්ලම.” තරයේම මට උපදෙස් දුන්නේ ඩොක්ටර් ශිරන්තයි. එයාගේ FB එකේ ෂෙයාර් කරගෙන තිබුණු චතුර කනිෂ්කගේ පෝස්ට් එකක පින්තූරේ තමයි, කෑම-බීම ගැන අපූරු අදහසක් තිබුණේ! කාගෙන් වුණාම මොකද හොඳ දෙයක් නම්?

මං දැන් හැමදාම වගේ උදේට කොළකැඳ මග්ස් දෙකක් විතර බොනවා. “බිව්වට කමක් නැහැ නිමලෝ, බත් නොදා!” ඔහොමයි ඩොක්ටර් අයස්මන්ත නීතිය පැනෙව්වේ. මතකයිනේ? දිගටම සීනි- පිටි නැති කෑම-බීම ගනිද්දී පිළිකා සෛල අඩපණ වෙනවා. ඒවාට පැවතෙන්න නම්, ශක්තිය ලැබෙන්න නම් අපි අර වගේ ආහාර ගන්න ඕනෙමයි.

ඒත් දෙයියනේ නිකම්ම නිකම් කැඳ? ඔන්න දිසානායක පරම්පරාවේ ජාන උඩට ආවා.

(මතකයි නේද අප්‍රේල්, මැයි වගේ මාසවල ලියූ පෝස්ට්වලදී මං කිව්වනේ අපේ සීයාගේ, තාත්තගේ, මගේ අයිඩියානන්ද කෙරුවාවල්!) පීරිස් මහත්තයා කියලා තිබුණනෙ ‘පොල් කෑම ඔට්ටුයි’ කියලා. අනෙක ‘තන්තු වැඩි ජාති හොඳයි’. ඔන්න මං ‘ටක් ගාලා’ කොළ කැඳ රෙසිපිය වෙනස් කරගත්තා.

කොළ කැඳවලට අපේ ගේත් තියෙන, පර්චස් නවයහමාරේ වත්තෙන්.....
කොළ ජාතිය බ්ලෙන්ඩර් කරලා ඉස්ම ටික පෙරලා තියනවා. ගන්නවා පොල් ටිකකුයි, කොහිල අල කෑල්ලකුයි. ඒ දෙවගේ එකට, හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා. පෙරලා කුඩු අයින් කරන්නෙ නැහැ. කොළ යුෂත් එක්ක ඒවා කවලම් කරලමයි ළිපේ තියලා නටවා ගන්නේ. කැඳ එක උකුවටත් හැදෙනවා, යාන්තමට හැපෙන්න දේකුත් තියෙනවා. 

ළූණු, සුදුළූනුත් හීනියට කපලා, දියලුනුත්  දමාගන්නවා. ඒවා දාන්නේ ළිපෙන් බාලා ඉවර වෙලා. ටිකක් නිවෙන්න ඇරලා තමයි දෙහි බින්දු කීපය දාන්නේ. එතකොටනේ සිරුරට යකඩ උරාගැනීම පහසුවෙන්නේ.

තවත් වැදගත් කාරණයක්. අපේ ඉඩම පර්චස් නවයහමාරයි. ඉඩ නැහැ කියලා කන්කෙඳිරි නොගා මං ඉඩ තියෙන විදියට මට ඕනේ කරන කොළ පලා ජාති ටික ඒකේ වවාගන්නවා.

ෆොටෝ කෑල්ලේ දාලා තියෙන මොනර කුඩුම්බිය, පැණි තෝර, මුකුණුවැන්න, සුදු කටරොළු,කෝවක්කා, හාතාවාරිය, කරපිංචා සේරම දැනුයි වත්තෙන් කඩාගත්තේ. ඒ වගේම කුරිඤ්ඤං, අඟුණ, තෙබු, වැල් කොහිල, ගොඩ කොහිල, කර, හීන් බෝවිටියා, සිංගප්පූරු, ගොනිකා, ගැට තුඹ, හීන් නාරං, තිබ්බටු, තලන බටු, කොච්චි එහෙමත් තියෙනවා.

ලොකුවෙන්න නොදෙන මුරුංගා අතු ටිකකුත් තැනින් තැන වවනවා. ඒවා කඩෙන් ගන්නේ මොකටද වස-විස-බෙහෙතුත් එක්ක! සීනි බස්සන ‘කිරාත’ පැළත් අතරින් පතර.... ඕනේ වෙලාවට කඩාගන්න. හිත ඇති නම් පත කුඩාද?

ඔය ‘කොළ-පලා පරිභෝජන’ පුරුද්ද හින්දාද මන්දා දැන් මගේ blood count එක බහින්නේ නැහැ. ඉස්සර නම් තුන්-හතර වතාවක්ම මට ලේ දෙන්න වුණානේ. අනෙක යාන්තම් හරි හතිය, මහන්සිය, පණ නැති ගතිය එනකොටම දැන් මං දන්නවා, රතු රුධිරාණු අඩු වේගෙන එනවා තමයි කියලා.

සේරම බෙහෙත්වලටම බාර දීලා......
එතකොට ‘පීකුදු’ ටිකක් උයලා කනවා. දවස් දෙකෙන් සේරම හරි යනවා. බෙහෙත්-හේත්වලට විතරක් සේරම බාර දීලා හරි යනවයැ. අපිත් දැනගන්න ඕනේ පාවිච්චි වෙන විදිය.

එහෙම බෙහෙත් කරලා, පාවිච්චි වෙලා ඉන්න අතරේ මාසෙකට සැරයක් අපි ‘අපේක්ෂා රෝහලේ’ ක්ලිනික් එකටත් ගියා. එදා ආයෙමත් ‘ටර්නින් පොයින්ට්’ එකක් ආවා, දන්නෙම නැතිව. 2016 ජනවාරි අටවෙනිදා. ආආආ yes, yes. යසපාලනේට අවුරුද්ද පිරිච්ච දවසේ තමයි මේක වුණේ. (මේ පෝස්ට් එක  හදද්දී ආරංචිය ආවා, ඔන්න දැන් අංශක 360කම පෙරළියක් වේගෙන යනවා කියලා. 2018.10.26! දැන් එන්න යන්නේ වස පාලනයක්ද?)

හැම ක්ලිනික් දවසකම අපව මහේන්ද්‍ර පෙරේරා මහත්තයා ළඟට යවන්නේ නැහැ. වෙන දොස්තර කෙනෙක් ළඟට යවන්නේ. ඕනෙම නම් විතරයි, එයා තීරණය කළාට පස්සේ මහේන්ද්‍ර මහත්තයා ගාවට දාන්නේ. 

අපි පුරුදු වෙලා හිටියේ දොස්තර ජගත් ළඟට යන්නයි. එතන ඉන්න මිසීලාත් ඒ වෙද්දී අයස්මන්ත දොස්තර මහත්තයාව අඳුනාගෙනයි හිටියේ. “අනේ සර්, ජගත් මහත්තය ට්‍රාන්සර් වෙලා ගිහිල්ලනේ.” එදාත් අපි දෙන්නා ඇතුළට ගිය ගමන් මිසී කෙනෙක් කිව්වා.

මිසී කෙනෙක්......
“ඩොක්ටර් මටවත් කිව්වේ නැහැනේ!...” පීරිස්ට කියවුණා. “...එතකොට අද බෙහෙත් ගන්න වෙන්නේ.....” මට කල්පනා වුණේ පීරිස් නිවාඩුත් දාලා ආව එක ගැන. අපට ආයෙම දවසක එන්නද වෙන්නේ?

“ඩොක්ටර් ජගත් හදිසියේ ගියේ. ඒකට කමක් නැහැ සර්, බෙහෙත් ගන්න ලොකු මහත්තයා එනකල් ඉන්න ඕනේ නැතිනම් තව නෝනා කෙනෙක් ඉන්නවා. සර්ලව එයා ගාවට දාන්නං.” ඊළඟ විකල්පය යෝජනා වුණේ එහෙමයි.
“යමු!”

ගියා! අයස්මන්තව දැක්ක ගමන් අර දොස්තර නෝනා නැඟිට්ටා. “සර්.... මෙහෙ....?” එයාට කියවුණා! එයා පීරිස් මහත්තයාට වඩා කනිෂ්ට එක්කෙනෙක්. දෙන්නා ආගිය කතාවලට පස්සේ මගේ ළඟට ආවා. දොස්තර නෝනා මුල ඉඳලම මගේ වෛද්‍ය වාර්තා කියෙව්වා.

“සර්. දැන් සෑහෙන දවසක් මේ ට්‍රීට්මන්ට්ස්ම කන්ටිනිව් කරලා තියෙනවනෙ. මං හිතන්නේ දැන් බෝන් මැරෝ ටෙස්ට් එකක් කරලා බලන එක හොඳයි. මට ලියන්න නම් පුළුවනි.... හැබැයි වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා.”

“It’s OK. මෙහෙන්ම නේද බෝන් මැරෝ ටෙස්ට් එක කරවාගන්න වෙන්නේ?” පීරිස් ඇහුවා. ලේඩි ඩොක්ටර් විනීතව පීරිස්ට බාධා කළා. “මං හිතන්නේ එතන ඉන්චාර්ජ් ඩොක්ටර්ව ඩොක්ටර් අයස්මන්තත් දන්නවා!” එයා නමක් කිව්වා.

“මං දන්නවා නේන්නං. අපේ බබාලා එක්කමයි එයාගේ බබාලා ක්ලාසස් යන්නෙත්..... මටත් වඩා මගේ වයිෆ් එක්ක පෑල්.”

සෝප් ඔපෙරාවක වගෙයි දේවල්.............
දැන් නම් මට පෙනෙනවා තවත් මාරකයක් අත ළඟ වගේ. දේවල් සිද්ධ වෙන්නේ හරියට ඉංග්‍රීසි ‘සෝප් ඔපෙරාවක’ වගෙයි. ඉක්මනින්! 

ඉස්සරම යුරෝපා රටවල වැල් ඇදුණු ගුවන් විදුලි; ටෙලි නාටක එව්වායි. (අපි දැන් මෙගා කියන්නේ.) ඒ නාට්‍ය අතරේ වැඩියෙන්ම විකාශය වුණේ; ප්‍රදර්ශනය වුණේ සබන් වර්ගවල දැන්වීම්. ඉතින් ඒ නාට්‍ය නිකම්ම ‘soap opera’ වුණා. 

හැබැයි ඒවායේ ගලා යෑම වේගවත්. ආසියාවේ හැදෙන ‘බඩවැල් වගේ දිග’ ටෙලි ඇදෙන්නේ ඒ බොහොමයක තියෙන මන්දගාමී රිද්මය හින්දයි. සීන්ස්වල වැඩිකමක් නිසා නෙවෙයි. හරියට එඩිට් කළොත් එහෙම ඒවා ‘පත අට එකට හින්දවාගත් එකක්’ වගේ වෙනවාට මෙන්න කැට!

කලින් වතාවේ බෝන් මැරෝ ටෙස්ට් එක වෙලාවේ දැනුණු අතිශය වේදනාකාරී හිරිය එවේලේත් මගේ කොඳු නාරටිය දිගේ දිව්වා. ඇඟේ මයිල් ඉස්මයිල් වුණා! ඒක මතක් වෙද්දීත්.......

එව්වා ඊළඟ කෑල්ලේදීම කිව්වට කමක් නැහැනේ!  

Wednesday, October 24, 2018

විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස


ඛේමා බිසොවුන්නාන්සේ.....
ඛේමා බිසවුන්නාන්සේ හිටියේ රජගහ නුවර. ඒත් වැරදිලාවත් වේළුවනාරාමයට ගියේ නැහැ. කටකතාවලින් කියවිලා තිබුණනෙ, බුදුහාමුදුරුවෝ රූපයට ගරහනවයි කියලා. 

ඛේමාත් අතිශයින්ම රූමත් නිසා ලස්සන අගය නොකරන අයට ගරු කළේ  නැහැ. රජතුමාට මේ ගැන හරිම කනගාටුයි. එයා වේළුවනාරාමේ ගැනයි, දිවිය ලෝකේ අංගනාවන් ගැනයි සින්දු හදවලා, බිසවට ඇහෙන විදියට ගායනා කෙරෙව්වා. ඛේමා ඒවා රස විඳින ගමන් කල්පනා කළා ‘රූපෙට ගරහනවා නම් මෙහෙම ගීතවලින් කියන්නේ බොරුවක්ද?’ කියලත්. කොයිකටත් කියලා එයා එක දවසක් වේළුවනාරාමෙට ගියා.

හරි පුදුමයක්නේ. හිතාගන්නවත් බැරි තරමේ කාන්ති කඩා හැලෙන ගැටිස්සියෙක් බුදු සාදුට සෙමෙර සලනවා. දැන් ඛේමාවට වෙන මොනවාවත් පෙනෙන්නේ නැහැ. ඇස් දෙක තියෙන්නෙම අර රූමතිය ළඟ. මෙන්න වදේ අර රූමතිය බලාගෙන ඉඳිද්දී වයසට යනවා; වැහැරෙනවා; ජරාවට පත් වෙනවා. එතකොට තමා ඛේමාවට වැටහුණේ කවදා හරි මටත් වෙන්නේ මේ ටිකම නේද කියලා.

මාත් හිටියේ වියපත් වීම ගැන හොඳටම අකැමැත්තෙන්. මට ඕනේ වුණේ වයසට යන්න කලින්; වැහැරෙන්න කලින් යන්න. ඒත් මට බෝනසුත් ලැබුණා. ලෙඩකුත් ලැබුණා.

ඛේමාවන්ට සත්‍යය වැටහුණේ බුදු හිමියන්ගේ මවා පෙන්වීම නිසා. මට? උත්තරේ ‘අසනීප වීම නිසා’ කියන එකයි. අසනීපය ගැන ‘වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා’ පෝස්ට්වල ලියමින් ඉඳිද්දී මෙතනත් මොකටද කොටන්නේ. ඒත් ගිය මාසයේ බඩල්කුඹුරේදී ගත් ෆොටෝ එකක් මෙතනට යොදන්න හිතුණා. අභියෝගයක් ජය ගන්න ඕනේ නිසා.

කඩුගන්නාවේ රිලවෙක් වාගේ විරවිලා ඉන්න මං.....
“මුගේ හැටි විතරක්. බලපන්කො පීරා, අර කඩුගන්නාවේ රිලවු ඉන්නෙ, කන්ඩ දාපු ගමන් හක්කේ කෑම පුරෝගෙන ඉන්නෙ. ආං ඒ රිලවෙක් වගේ!” 

හම්බන්තොට රෝහලේ ඉඳන් එද්දී නෙවිල් මට කෝචෝක් කළේය. මා හිටියේ කෙඳිරි ගාගන්නටවත් බැරි ගාතේය. කටේ විදුරුමස් ඇද, ඒවායින් දකුණු පැත්තේ යටි හනුව වසා, මැහුම් දහයක් විතරත් දාලාය; පළමු දවසේ රෑ පුරාම විදුරුමස්වලින් ලේත් ගලන අතරේය; පැය 24කටත් වඩා කෑමක් නැතිව සාගින්දරේය. මට ඒ සේරම වින්නැහි කඩා පාත්වී තියෙද්දීත් නෙවිල්ගේ කට වැඩය.

“අපරාදේ මචං. ඊයෙයි මෙයාගේ ෆොටෝ එකක් ගන්න තිබුණේ, මූණ දෙක වෙලා තියෙද්දී. දැන් ඉදිමුම බාගයක් බැහැලා. ඔන්න තමුසේ චණ්ඩියා නම් දානවකෝ මේ ෆොටෝ එකත් බ්ලොග් එකට. අපේ රෙද්දවල්ම දාන්නේ.” අභියෝගය නෙවිල්ගෙනි.

“අන්න හරි මචං.” පීරිසුත් හූමිටි තිබ්බේය. ඇත්තය, මම ලස්සනට ප්‍රිය කරන්නෙක්මි. ඉතින්
තියෙන හැඩත් නැතිවී, කැතවී ඉඳිද්දී ගත්තු ෆොටෝ එකක් ඔයාලාට පෙන්වන්නේ මොකටද? චැලේන්ජ් එක දිනුවත්, මට දැනෙන්නෙ මොකක්දෝ වාගෙය. 

නතානියෙල් පවුලේ අයත් සමඟ.......
ඔගී නම් සිනමාවේ චරිතයකි. නතානියෙල් නිව්මාන් හැබෑ ලෝකයේ ජීවත් වෙයි. නතානියෙල් තමන්ගේ ගෙදර අයත් එක්ක මේ විදියේ පිංතූරයකට පෙනී ඉඳිද්දී ඔහුට  මොනවා හිතෙන්නට ඇද්ද.

දන්නවනේ, පැලැසියෝ ලියාපු ‘WONDER’ පොත අසීමිත විදියට ජනප්‍රිය වුණා. ඒ පොත පදනම් කරගෙනයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ.

හැබැයි හින්දි, දමිල, තෙලිඟු, සිංහල චිත්‍රපටවල වගේ මේකේ සීයට සීයක්ම දුෂ්ට දුර්ජනයෝ නැහැ. ටික කාලයක් එහෙම වෙන ජුලියන් වුණත් ඉක්මනින්ම ආයේ ඔගී එක්ක යාළු වෙනවා.

යුරෝපා රටවල නිර්මාණයක් කරද්දී හුඟාක් අධ්‍යයනය කරනවා. දඩිබිඩියේ ආප්ප බානවා වගේ කෙරෙන්නේ නැහැ. සිනමා නිර්මාණයක් විතරක් නෙවෙයි, නවකතාවක් වුණත් එහෙමයි. අනෙක බැරෑරුම් කාරණා වුණත් දිරවාගන්න පහසු විදියට, රසවත් විදියට ඉදිරිපත් කරන්න වග බලාගන්නවා.

“නිවැරදි භාවය හෝ කාරුණික භාවය හෝ යන දෙකින් එකක් තෝරාගැනීමේ ගැටලුව ඔබට ඇති වුණොත්... දෙවැන්න තෝරාගන්න. අනිවාර්යයෙන්ම එය වඩා සුදුස්ස වනු ඇත.” 

....කාරුණික භාවය තෝරාගන්න.
ටික කාලයකට ඉස්සෙල්ලා මිතුරෙක් මට එවූ ඊමේල් එකක් ඒ. කවුරු, ඒ අදහස  කොහෙන් අරගත්තද කියලා මං දන්නේ නැහැ. ඒත්, මෙන්න දෙයියනේ ඒකත් මේ ෆිල්ම් එකේ publicity වැඩවලට යොදාගෙන. ඒ අදහස ‘වොන්ඩර්’ පොතේ තියෙනවද මන්දා.

කොහොම වුණත් මොකද? හොඳ දෙයක් කොහේ තිබුණත්, කොච්චර ප්‍රයෝජනයට ගත්තත් වටිනාකම අඩු වෙන්නේ නැහැනේ!

    නි න්    පහන් සිය ගණනක්          ඇවිලුවද
    න්    සිලෙහි අලු අඩු නොව දිලෙන ලෙද
ලොවැ අන්    සතන් ගුණ පළ කරමින්      නොමද
සු    ස  න්   ගුණෙනි වැජඹෙති සුජනෝ     පබඳ - කියලා ‘සුභාෂිතයේත්’ කියන්නේ!

අපට ලෝකයක් වෙනස් කරන්න අමාරුයි. ඒත් අපට වෙනස් වෙන්න පුළුවනි. ඔගීටත් ඉස්කෝලේ යන්න කලින් ඒ ගැන අපූරු අවවාදයක් ලැබෙනවා! “ඔයා ඉන්න තැනට අකමැතියි නම්, ඔයාට ඉන්න ඕනේ තැන ඔයාගේ හිතේ මවාගන්න!”

ප්‍රිටි වුමන් චිත්‍රපටයේ.....
අර්ථවත්, සාර්ථක චිත්‍රපටයක් නරඹද්දී හොඳ දේවල් කොච්චරක් නම් අපට දැනගන්න පුළුවන්ද? මගේ ජීවිතේට නම් එහෙම දැකලා එකතු කරගත් දේවල් එමටයි. ඒක වෙන්නේ අපි ලබන අත්දැකීම් එක්ක.

වියපත් වීමත් සමඟ ‘රූපය දිරන බවට’ හොඳම සාක්කියකුත් වොන්ඩර් බලද්දී ඔයාලට ඉබේම ලැබෙයි. මට එහෙම දැනුණේ, 1990 දී  බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලාවේදී බැලූ ‘Pretty Woman’ මතක් වෙලා. 

එතකොට ජූලියා රොබට්ස්ගේ ලස්සන, රිචඩ් ජියර්ගේ කඩවසම රිදී තිරේ පුරාම දෝර ගැලුවා. (මට මතක හැටියට ඒ කාලේ දැවැන්තම තිරය තිබුණේ කොල්ලුපිටියේ ලිබර්ටි එකේ. මැජෙස්ටික් එකේ තිබුණේත් ලොකු තිරයක්. මං කියන්නේ මේ හෝල් නවීකරණය කරන්නට කලින් වකවානුව ගැනයි, හොඳේ.)

වොන්ඩර් එකේ ජූලියාගෙ දක්ෂකම මිසක් දිදුලනකම (glamour) පෙනුණේ නෑ, මට නම්. ඒකෙ පුදුමෙකුත් නැහැ. කොම්පියුටරෙන්නේ බැලුවේ. ෆිල්ම් එකක් බලන්න ඕනේ ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා. හැබැයි, තවම මේ කිට්ටුවත් තියෙන්නේ film hall නෙවෙයි, hole! සමහරක කොලිටිය ඒ තරම් අජූතයි.

වොන්ඩර් පොතේ කතුවරිය පැලැසියෝ පොතට වස්තු බීජය ලද අයිස්ක්‍රීම්හල ඉදිරියේ... 
වොන්ඩර් පොත ලියැවුණේ 2012  දී. චිත්‍රපටය නිපදවුණේ 2017 දී. ඉතින් පොතේ කතුවරියට නතානියෙල්වයි, ඔගීට රඟපෑ ජේකොබ්වයි දෙන්නාවම මුණ ගැහුණාම ඇගේ විශ්මය ඉහවහා ගිහින් “අනේ දෙයියනේ, මේ ඉන්නේ ඔගී පුල්මාන්මයි!” කියලා කියවුණාලු.

වොන්ඩර් හැම විදුහල්පතිවරයෙක්ම, හැම ගුරුවරයෙක්ම බැලිය යුතු ෆිල්ම් එකක් විදියටයි මට නම් තේරෙන්නේ. හැබැයි හොඳ විමසිල්ලෙන් නරඹන්නත් ඕනේ. මොකද, මේකේ ඉන්න ගුරුතුමා වගේම විදුහල්පතිතුමාත් ඒ රස්සාවට හොඳටම ගැළපෙන අය.

මට මතකයි එක ජනාධිපතිතුමෙක් සමෘධිය ලබන දුප්පත් තරුණ පිරිසකටත් ගුරු පත්වීම් දුන්නා. මට මතක හැටියට O/L හරි A/L හරි තියෙන අයට. ඉගෙනගත් පමණින් පුළුවන්ද උගන්වන්න? එහෙම ගුරුවරු යටතේ ඉගෙනගන්න ළමයින්ට මොකද වෙන්නේ?


මිස්ටර් බ්‍රව්නියි පන්තියේ ගෝලයෝ රොත්තයි....
බලන්නකෝ, ෆිල්ම් එකේ ඉන්න ප්‍රින්සිපල්. ඔගී ගැන කලින්ම දැනගෙන ඉන්න එතුමා ඔගීව පාසල වටේ එක්ක යන්නට බාර දෙන්නේ ළමුන් තිදෙනෙකුට. නිකන්ම නෙවෙයි ඒ ළමයින්ව තෝරාගෙන තියෙන්නේ කියලා ඔයාලටත් හිතේවි, චිත්‍රපටය බලද්දී.

ගුරුතුමාත් එහෙමයි. පන්තියේ ළමුන් ‘ඕවර්’ යන්න නොදී තියාගන්නේ, එයාලට රිද්දලා නෙවෙයි. උපායශීලීව. මං කලිනුත් කිව්වේ, මට නම් ඔහොම චූටි දේවල් පවා මහමෙරක් වටිනවා. අනේ, අපේ රටෙත් ඉන්න දූලා-පුතාලා හැමෝටම ඒ වගේ විදුහල්පති-ගුරු මව්පියන් ලැබේවා. (මගේ මේ ප්‍රාර්ථනාවෙන් සම+හරක් විදුහල්පති-ගුරු පිම්පියන්ට රිදෙයිද මන්දා?)

ජුලියන්, විදුහල්පති ටුෂ්මන් හා ඔලිවියා..........
කොහොමින් හරි ඔගීගේ අසාමාන්‍ය බුද්ධිමත්කම නිසාම එයා ටිකෙන් ටික කැපී පෙනෙන්න ගන්නවා. ඒ එක්කම එයාට වැටහෙනවා ජීවිතේට මුහුණ දෙන්න ඕනේ කරන විදිය ගැනත්. කතුවරිය ‘පැලැසියෝ’ ඔගීට එව්වා වැටහෙන්න දෙන්නේ අපටත් නොතේරෙන්නට ගොඩක් පාඩම් අපටත් උගන්වමින්....

කලින් සුමානේ දවසක ‘දිදුල මන්තුජ පබාත්’ චූටි පුතා මොන්ටිසෝරි ගිහින් ආවේ උඩ පැනගෙන. ‘නිමල් සීයේ, අපි නයිට් කෑම්ප් යනවා’. එයා හරිම සතුටෙන් උඩ පැන්නා! 

එයාලා ඉන්නේ අල්ලපු වැටේ. හැමදාම උදේ 7.45 වෙද්දී මං ඉන්නේ සූදානමින්. නිරෝෂා; දිදුලගේ අම්මා අපේ ගේට්ටුව අරිනකල්. දිදුල මොන්ටිසෝරි යන්නේ මටත් වැඳලා. ඔළුව අතගාලා, ආසිරි පතලා, හිසමුදුන ඉඹිනකල්ම වැඳගෙන ඉන්නවා.

දිදුල පුතයි මොන්ටිසෝරි දරුවොයි නයිට් කෑම්ප් එකේ.....
නිරෝෂාම තමයි විස්තරේ කිව්වේ. “නිමල් මාමෙ, මොන්ටිසෝරියෙන් මෙයාලට නයිට් කෑම්ප් එකක් තියනවා. හතරේ ඉඳලා අට විතර වෙනකල්. පිජාමා එකක් හිට ගේන්න කිව්වා....” කොච්චර එකක්ද? මට හිතුණා. 

අපි කෑම්පින් එකකට ගියේ විස්සත් පැන්නට පස්සෙනෙ. මං හිතන්නේ දැන් ලංකාවේ හැම  මොන්ටිසොරියේම මෙහෙම වෙන්නැති. ෂෝක් අත්දැකීමක්නේ පුංචි කාලෙදීම.

එහෙම දැනුම්වත්ව තියෙද්දී, WONDER බලන අතරේ මටම පුදුමයි. ඔගීත් කෑම්ප් එකකට යනවා! එතනදී තමයි ඔගීට තමන්ගේ බියගුළුකම, පසුබාන ගතිය පැත්තකට දාන්න වෙන්නේ. එයා එක්ක වැඩිය මිතුරු නැති පාසල් සගයින්ගේ උදව් එයාට ලැබෙන්නේ. 

‘වටු වැද්දගෙන් බේරෙන්න කුරුල්ලෝ රංචුවම එකතු වෙලා දැල උස්සගෙන ගියා’ කියලා ‘එකමුතුකම’ උගන්වනවට වැඩිය ප්‍රායෝගිකයි නේද කඳවුරු වැඩක නියැළෙද්දී ඒක උගන්වන එක.

වොන්ඩර් එකේදී ඔගීලාට ‘එකමුතු නැත්තං කම්මුතු’ වෙවී අම්බානක කන්න වෙනවයි කියලා පෙනෙද්දී අපිටත් එතනට දුවන්න හිතෙනවා. මට නම් එහෙම හිතුණා! ඇඟේ ලේ කකියලා ආවා. මාත් ඉතින් ෆිල්ම් එකේ අයත් එක්ක ජීවත් වෙන නිසාද මන්දා!

ඔගී බය පැත්තකට දාලා.......
මට තවම මතකයි ටයි මහත්තයාගේ ‘හඳයා’ බලන දවස. බම්බලපිටියේ මැජෙස්ටික් එකේ. හඳයා පෝනි රේස් එකෙන් දිනද්දී මුළු හෝල් එකම චියර් කළා. සමහරු විසිල් කළා. අත්පුඩි ගැහුවා. ඒ තරම් චියර් එකක් මං තවම දැකලා නෑ! (වොන්ඩර් හෝල්වල පෙන්වද්දී කොහොම තිබුණද දන්නේ නැහැ.)

සාමාන්‍යයෙන් චිත්‍රපටියක් විචාරය කරන්නේ ශිල්ප දක්වලා. එක-එක මිනුම් දඬු අනුව. න්‍යායයන් පාවිච්චියට අරන්. දැනුම්-තේරුම් ඇති විදග්ධ අය එහෙම කරපුවාවේ. 

මං ඔව්වා ඉගෙන ගෙන නැහැනේ. හැබැයි අහුවෙන විචාර සේරම කියවනවා. 

මට මතකයි ප්‍රසන්න විතානගේ හදපු ‘පවුරු වළලු’ ෆිල්ම් එක ගැන තිබුණු විවේචනයක්. පෞරාණික බව පෙන්නන්න කහපාට ගතිය වැඩි කරන්න විශේෂ ලෙන්ස් එකක් පාවිච්චි කළ බව. ඊට පස්සේ මං ෆිල්ම් එකක ඒ වගේ උපක්‍රම ගැනත් හෙවිල්ලෙන් බලනවා.

ඔය මොනවා තිබ්බත් මට නම් වැඩක් නැහැ චිත්‍රපටයෙ තෙතමනයක් නැති නම්. ඒක හිතට වදිනවා නම්, ෆිල්ම් එක බලා ඉවර වුණාමත් එයාලා එක්කම ඉන්නවා වගේ දැනෙනවා නම්, ලොකූඌඌඌවට හීල්ලෙනවානම්..... කඳුළු උනන, හිනා යන, දැනෙන ෆිල්ම්ස්වලට මං ආසයි. හීන වුණත් කමක් නැහැ, හරියට ඉදිරිපත් කෙරෙනවා නම්.

ෆිල්ම් එක සබ්ස් එක්ක ගෙනාවට ශාන්ටත්....
හරියට ඉදිරිපත් කරනවා කියද්දී මතක් වුණේ, අන්තිම මිනිත්තුව වෙනකල්ම මේ පෝස්ට් එකට ‘සිරසක්’ ඔළුවට ආවේ නැහැ. 

එතකොටයි ‘සමන් ද සිල්වා’ගෙ  ගීතය සිහි වුණේ. ඇත්තටම අපි ගොඩ දෙනා තවමත් සුරූපි කියලා රැවටෙන්නේ විරූපිලාට නේද? මනාප දෙන්නේ එහෙම වංචාකාරයන්ට නේද? (ඔන්න මාත් වංචාවක් කරමින් පෝස්ට් එකේ මාතෘකාව සින්දුවෙන් හොරාගත්තා!)

පෙනුමෙන්ම මිනිස්සු මනින්න එපා, මොට්ට නිමලෝ! ඔගී උඹට කියල දෙන්නේ ඒකයි!

ඉතින්, බයිස්කෝප් සිංහලෙන් සයිට් එකට මම නම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ආයෙමත්. හොඳ ෆිල්ම්ස් ගොඩක් රසික අපට දෙන නිසා. නිකම්මද, සිංහල උප සිරැසිත් එක්කමනෙ. 

ශාන් විමුක්ති, ඔයාටත් විශේෂෙන්; WONDER ගෙනාව නිසා. මාත් ආයෙම ඔගීලා එක්ක කෑම්පින් යන්නයි හදන්නේ- ‘තව මොනවා හරි ඉගෙන ගන්න’෴