1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Thursday, January 31, 2019

දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස


ප්‍රභාකරන්ගේ මරණය දවසේ ඩීන්ස්ටන් කඳවුරේදී හැදූ සුප් එකම බීලා උපන් සකුණි....
දොළදුක් ගාය හැදෙන්නේ දරුවෙකු පිළිසිඳ ගත්තායින් පස්සෙය. ඉස්සර නම් බඩ ගැබ්බර අම්මලා නිතර-නිතර වළන් කටු කැබැලි, හාල් ඇට හපමින් ඉන්නවාත් දැකගන්නට තිබිණි. දැන් නම් එහෙම කරන වගක් පෙනෙන්නේ නැතිය. ඒ අද්‍යතන ගැබිණියන් ‘විටමින් - ඛනිජ වර්ග’ අඩු නැතිව, නිරෝගීව හිටින නිසා වෙන්නට හැකිය. 

හැබැයි දුකේ නම් එහෙමට වෙනසක් වෙලා නැති බව සහතිකය. දැක්කනේ, සකුණි ඉපදෙන්නට හිටිද්දී අපේ ඉසංකාට හැදුණු ‘සුප්’ දුක!

2018 ජනවාරි 26 වෙනිදා සුරංගලා සකුණි දූට ‘මල්ලි බබෙක්’ ගෙනාවෝය! ඒ කියන්නේ මං තෙවෙනි වතාවටත් සීයා වුණු බවයි. ඒත් මේ මුනුබුරා ලැබෙන්න ඉඳිද්දී ඉසංකාට හැදුණේ වෙනස් දොළකි. 
පංජාබි අඹ අච්චාරුවක් කන්නටය. අපේ දීපාල් එහෙම අච්චාරු බෝතලයක්ම ඉසංකාට ගෙනිහින් දුන්නේය. දොළදුක් ගැහැනුන්ට හැම දෙනාම සලකන්නේ එහෙමය. ඒ උපදින බබාගේ කන් කුණු වේවි කියන බයටද? ඉස්සර උදවිය කිව්වේ එහෙමය.

“දොළ දුක සංහිඳුනේ නැති නම් බබාගේ කන් කුණු වෙනවා!” ඔහොම කියා තිබුණේ පවුලේ අනෙක් උදවිය බය කරවන්නට වෙන්නැති. 
වරුණ නාග රජ්ජුරුවොත් එහෙම හොඳටම බය වුණු එක්කෙනෙකි. විමලා දේවින්නාන්සේට හැදුණ දොළ ගැන හොඳටෝම වදවුණු එයා ඉන්නේ විධුර ජාතක කතාවේය. ජාතක කතාවල, බණ කතාවල ඔහොම දොළදුක හැදුණු අංගනාවන් කොතෙකුත් අපට හමු වෙයි.

අම්මගේ දොළ සංසිඳුනේ නැති නම් උපදින බබාගේ කන් කුණුවෙනවාද?
ඒත් අන්තිම පිළිකුල් සහගත, තිරශ්චීන වර්ගයේ දොළදුකක් හැදුණු උත්තමාවියක ගැන මතක් වෙනවාද? ඇය ගැන ඔයාලා හැමෝම අහලා හරි කියවලා හරි තිබෙන බව නම් මට හොඳටම විශ්වාසය. 
ඇයගේ දොළට වඩා පහත් යයි කියන්නට දුකක් ගැන මා නම් අහලාවත් නැත. ඒ ස්තිරියාව ගැන වගේම ඇයට ලැබුණු දරුවා ගැනත් ඔබ දන්නවා ඇත. ඒ කාන්තාව හමුවන්නේ අපේ ගරු-ගම්භීර ඉතිහාසය පෙරළද්දීය. වංශ කතා පිරික්සද්දීය.

ඇයට දොළක් උපන්නේ හතුරාගේ හිස කැපූ කඩුව සේදූ වතුර බොන්නටය.
නිකම්මත් නොවේ. හතුරාගේ ඔළුගෙඩිය පාගාගෙනය! තව තිබේ!! 
දැන්වත් සිහි වෙනවාද, ඒ උත්තමාවිය ගැන?

මට නම් හිතෙන්නේ වස ලජ්ජාවකි. අපේ ඉතිහාසය ලේඛනගත කළ මහානාම හාමුදුරුවන් වහන්සේ ඇතුළු හැම දෙනාම මේ කෝණයෙන් විහාර මහ දේවිය දිහා බලා නැත! 
සිංහලයෙකු වෙලාත් මෙහෙම කුණු ගොඩක් අවුස්සන්නට හිතෙන්නේ අපේ ඇති ‘වහල් හැඟීම්’ නිසාය. හරිහැටි කරුණු නොදැන හෙළා දැකිය යුතු දේත් පුම්බා උඩ දමන නිසාය.

ඇගේ කතාව පටන් ගන්නේ අපේ රටේ ඇතිවුණැයි කියවෙන පළමු සුනාමි උවදුරත් එක්කය.

මෑත ඉතිහාසයේ නම් සුනාමිය ඇති වුණේ සිරි ලංකාවේ බස්නාහිර පැත්තට බලපාන විදියට නොවේ. ඒත් ඉතිහාසය කියන විදියට නම් කලින් සුනාමිය වැඩියත්ම බලපා ඇත්තේ එහාටලු. එහෙම ඒ මහා විපත්තිය සිද්ධවෙලා තියෙන්නෙත් රජගෙදර හුටපටයක් නිසාලු. 
රජවරුන් කියන්නෙත් පුහුදුන් මිනිසුන්මය. එයාලත් හුස්ම ගන්නේ අප වගේමය; කන්නෙ-බොන්නේ අප වගේමය. මළ පහ කරන්නෙත් අප වගේමය. 
එකම වෙනස තියෙන්නේ එයාලා හිතන විදියේය; වැඩ කරන විදියේය!

ශ්‍රී ලංකාවේ පළමු සුනාමිය ආවාය කියන්නේ.............
බලය අතට ආ හැටියේම ඒ පාලකයන්ට; රජවරුන්ට මොළය අහිමිවී යයි. 

ඉතින් හිතන්නේ තමන් මේ ලෝකයට ඇවිත් තියෙන්නේත් මව් කෙනෙකුගේ යෝනි මාර්ගය දිගේ නොවේය කියලාය; මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලාය. 
එහෙම හිතා කරන්නේ අධෝ මුඛයකින්  බිහි වුණු අයවත් නොකරන පන්නයේ වැඩය. රජ්ජුරුවරුන් විතරක් නොවේ එහෙම දුස්සාධ්‍යව ලෙඩ වෙන්නේ. හතර වරිගේ අයත්ය; ගෑවිච්ච-නෑදෑ- හිතමිත්‍ර හැමෝමත්ය. උන්ගේ කෙළිවලට වන්දි ගෙවන්නට වෙන්නේ වන්දි භට්ටයන්ට විතරක් නොවේ. රටවැසි අපටත්ය.

කැලණිතිස්ස රජ්ජුරුවොන්ගේ බිසවුන්නාන්සේ රජතුමාගේ මල්ලී එක්කත් පැටලිලා හිටියාය. ඒ විත්තිය ‘අතේ කෝට්’ වුණාම රජ්ජුරුවන්ට මළ පැන්නේය. 
“..... රජ්ජුරුවෝ එපවත් දැන ඔහු අල්වා දඟගෙයි ලව යි අමාත්‍යයන්ට විධාන කළහ. එ කුමර එ පවත් අසා භයින් පලා ගොස් පාසල් දනව්වෙකැ වසනුයේ....” 
එහෙමයි ‘සද්ධර්මාලංකාරයේ’ කාකවර්ණතිස්සරාජ වස්තුවේ තියෙන්නේ.

හිරේට දානවට බයේ ඈත පළාතකට පැනලා ගිය රජ්ජුරුවන්ගේ මලයා; උත්තිය කුමාරයා පැනලා ගිහිනුත් නිකං හිටියේ නැහැ. රජ මාලිගයේදී කාපු ‘රජ කෑම’ මතක් වෙන්නැති දෙයියනේ! මිනිහා හරිම අපූරු වැඩකට මුල පිරුවා. 
“....... දවසෙකැ බිසවුන් සඳහන් කොට එක් ළදරුපුරුෂයකු කැඳවා සිවුරු පොරවා ඕහට පතක් ලියා දී මේ පත ගෙන ගොස් කිසි කෙනෙකුන්ට නො හඟවා බිසවුන් අතට දීපියව යි  යැවීය.”

ඇත්තටම ඔය වගේ කතාවක්; පොතක් කියවනකොට මං නම් චිත්ත රූප මවා ගන්නවා. චිත්‍රපටයක් වගේ. ඒ විතරය? අද කාලේ දේවල්ම නේද එදාත් සිද්ද වෙලා තියෙන්නේ කියලාත් සසඳන්න පටන් ගන්නවා. ඉතින් පොත කියවන්න දවස් ගාණක් යනවා.

වාසියම තකා මුඛයෙන් පමණක් නොව අධෝමුඛයෙන් වුව දෙසන ගණින්නාන්සෙලා..........
එදා උත්තිය කුමාරයා ‘ළදරු පුරුෂයකුට’ සිවුරු පෙරෙව්වලුනේ, එයා අතේ බිසවට හොර ලියුමක් යවන්න. 
අද? අදත් විරෝධතාවලට එක්කං යන්න හොරට සිවුරු පොරවන එක කෙරෙන්නේ නැතිද? ඒ එපා. සිවුරු පොරවාගෙන ඉන්න කීදෙනෙක් ඇත්තටම ‘සංඝ’ නාමය දරන්න සුදුසු අයද? පට්ටම්-පදවි-ඉඩකඩම්-තනතුරු-කාර්බාර් දෙනකොට මුඛයෙන් විතරක් නෙවෙයි අධෝමුඛයෙන් වුණත් දෙසන උන්නාන්සේලා මේ සිරිලංකාවේ අදත් කොච්චර ඉන්නවාද? මේවා එක්ක බලද්දී, අර මනුස්සයා අංගනාවකට හොර ලියුමක් ගෙනිච්ච එක nothing නේද?

මේ උන්නාන්සේලා වගේ නෙවෙයි, ඒ හොර උන්නාන්සේට වැඩේ හරියට කරගන්න බැරි වුණා. කැලණිතිස්ස හාමුදුරුවන් වහන්සෙගෙ පිටිපස්සෙන්  රජගෙට වැඩලා, දානෙත් වළඳලා ආපහු එද්දී, බිසවට පෙනෙන්න කියලා ‘තල්පත’ බිම දැම්මේ රජ්ජුරුවන්ටත් අහු වෙන්නයි.

බලන්නකෝ, එදා කැලණිතිස්ස රජ්ජුරුවොත් කිසිම ඉවක්-බවක්; විමසිල්ලක්; හෙවිල්ලක් නැතිවම කැලණිතිස් හාමුදුරුවන් තමයි මේක ගෙනාවේ කියලා තීන්දු කළා. 
“වහාම මොහු උතුරණ තෙල් කටාරමක බහා මරා පියනු!” 
එදාත් එක ඇමතිවරයෙක්වත් ඒ මොහොතේ ‘ පිස්සු නටන්න එපා’ කියලා රජ්ජුරුවන්ට කියන්න එඩිතර නොවී නිස්සද්දව හිටි හැටි!

රජතුමා ඒ සාපරාධය කළාම, දෙවි-දේවතාවනුත් වැඩ කරලා තියෙන්නේ අමු මෝඩයන් වගෙයි. “......ඉක්බිති තෙරුන්වහන්සේ කෙරෙහි ශොකයෙන් දෙවතාවෝ කිපී මේ රජහු හා සමඟ මොහුගේ රටත් නසම්හ යි සමුද්‍රය උත්පාතික කොට දිය උතුරුවන්ට පටන්ගත්තාහු ය. ...” ඔන්න ඔහොමයි වෙන්නේ! 
රජා වැරැද්දක් කළාම වැසියන්ටත් නහින්ට වෙනවා. ඇත්තනේ, රටවැස්සන් දැනගන්ට ඕනේ හරි-හමන් රජෙකුට බලේ දෙන්ට. නැතිනම් ඉතින් වන්දි ගෙවපියව් කරපු වැරැද්දට!

එදා නං මුහුද ගොඩ ගැලීම නැවතුණේ දේවී කුමරියව බිල්ලට..............
එදා නං රජ්ජුරුවෝ වැසියන්ව සනවන්න දූ කුමාරිව බිල්ලට දුන්නා. දහසය හැවිරිදි දේවී කුමරියව යාත්‍රාවකට නංවලා මුහුදට දැම්මා.

මං විශ්වාස කරන විදියට නම් ‘දේවී’ කුමරිය හිටපු යාත්‍රාව ගොඩ ගැහුවේ පොතුවිල් දිහාවට. දැන් මුහුදු මහා විහාරය තියෙන තැනට. මං එහෙම කියද්දී ‘කිරින්දේ’ උදවිය මොනවා හිතයිද මන්දා? ඒත් මොකද කරන්නේ, පොතුවිල්වල ඉඳලා ලාහුගලට ටික දුරයි තියෙන්නේ. 
ලාහුගල තමයි ‘මඟුල් මහා විහාරය’ තියෙන්නේ.

කාවන්තිස්ස රජතුමා දැනගෙන හරි, නොදැන හරි ‘බාල අපරාධයක්’ කරන්නට මුල පිරුවේ එහෙදියි. මඟුල් මහා විහාර භූමියේදී තමයි එතුමා මංගල පෝරු මස්තකාරූඪව දේවී කුමරියව කාර බැඳල තියන්නේ! 
දැන් කාලේ වගේ නම් ළමා කාර්යාංශයෙන් නඩු දානවා, වැඩිහිටි අවසරය මොකුත් නැතිව, 16 කෙල්ලෙකු (සමහර පොත්වල තියන්නේ කුමරිය ‘දොළොස් ඇවිරිදි’ කියලාලු!) අපහරණය කළාට!  ‘නිදි’ ගොන් මෝලෝ, උඹ ඇත්තටම නිදිද? රජවරු වැරැදි කළාට නඩු යනවද මෙහෙ? නීතිය තියන්නෙ පොදු වැසියන්ට විතරයිනේ.

සඳකඩ පහණ ලෝක ප්‍රසිද්ධයිනේ. ඒ ශෛලමය කැටයම. කළු ගලෙන් නිම කරලා තියෙන නිසයි, ‘පහණ’ කියලා මුර්ධජ ණ එක්ක ලියන්නේ. අපේ රටේ නම් ‘සඳකඩ පහණ’ කියනකොටම ඉතාම රසවත් ගීතයකුත් හිතට එනවාමයි.

වොලී, සුනිල්, සතිස්චන්ද්‍ර, වික්ටර් හතරදෙනාගේම හපන්කම් කුළුඳුලේ ...............
සුනිල් එදිරිසිංහගේ කුළුඳුල් සිනමාගමනය. වොලී නානායක්කාරගේ කුළුඳුල් ගී පද රචනය. මගේ මතකය හරි නම්, වික්ටර් රත්නායකයන් සංගීත අධ්‍යක්ෂණය කළ කුළුඳුල් චිත්‍රපටයත් මේකයි. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ කුළුඳුල් අධ්‍යක්ෂණය, 1973 තිරගත වුණු ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙයි ඒ ගීතය තිබ්බේ.

චලන රුවෙන් එහාට ගිහින් චලනය නොවෙන සඳකඩ පහණට ආයෙම ගියොත්..... 
ශ්‍රී ලංකාවේ දැක ගන්නට ලැබෙන එකම සුවිශේෂී සඳකඩ පහණ තියෙන්නෙත් ලාහුගල, මඟුල් මහා විහාර බිමේමයි.

අනෙක් හැම තැනම තියෙන ඒවායේ සත්ත්ව රූපවලට වඩා වෙනසක් මෙතැන සඳකඩ පහණේ තියෙනවා. මේකේ ඉන්න සමහර අලින්ගේ පිටේ නැඟුණු ඇත්ගොව්වනුත් ඉන්නවා! තිස්සෙම අලින්ව ආණ්ඩු-මට්ටු කරන්න හෙණ්ඩුව ළඟ-පාතක තියන්න ඕනේ බව කාවන්තිස්ස රජතුමාත් දැනගෙන හිටිය වගෙයි, නේද?

තවම මේ අරුමය දැකලා නැතිනම්, ඒ පැත්තෙන් යන වෙලාවක මඟුල් මහ විහාරයේ විතරක් තියෙන මේ සඳකඩ පහණ බලලා යන්න හොඳට මතක තියාගන්න!

ඇතාගේ පිටේ ඇත් ගොව්වෙකුත් ඉන්න මේ සඳකඩ පහණ තියෙන්නේ...........
මංගල පෝරුවෙන් බැහැලා අග මෙහෙසිය විදියට මාලිගාවට ගියත් දේවී කුමාරිකාවට දරු සම්පත් ලැබුණේ නැහැ. 
ඉතින්, තිස්ස මහ වෙහෙරේ, සල්වස පිරිවෙණේ හොඳටම අසනීපව, අපවත් වෙන්න ඔන්න-මෙන්න කියලා හිටි සාමනේර උන්නාන්සේ කෙනෙකුට ආරාධනා කළාම තමා එතුමා බිසවගෙ කුසෙන් බිහිවෙන්නට කැමැති වුණේ. 
එක පාරමත් නෙවෙයි, බිසොවුන්නාන්සේ බලය තියෙන රජෙකුට කරන්න පුළුවන් දේවල්වල මහිමය ‘ප්‍රැක්ටිකලිම’ පෙන්නා දුන්නට පස්සේ.

දරුවක් පිළිසිඳගන්නවා කියන්නේ පුරුෂ බීජයක් නොහොත් ශුක්‍රාණුවක්, ඩිම්බ සෛලයක් නොහොත් ස්ත්‍රී බීජයක් එක්ක එකතු වෙලා-සංසේචනය වෙලා, යුක්තාණුවක් බවට පත් වුණාට පස්සේ ගර්භාෂ බිත්තියේ තැන්පත් වීමට.

මේ සෛල දෙවර්ගයම මහා ලොකු එව්වා නෙවෙයි. පියවි ඇහෙන් බලාගන්න තරම් ලොකු නැහැ, අන්වීක්ෂයකින් විශාල කරලයි දැකගන්න පුළුවන්. එතකොට හිතාගත්තෑකිනෙ size එක. එතකොට බරත් මහා ලොකු එකක් වෙතෑකියැ?


එක පිරිමියෙක් එක වතාවක නිකුත් කරන ශුක්‍ර තරලයේ පිරිමි බීජවලින්................
එතකොට මතක් වෙනවා අහපු කාරනාවක්! පිරිමියෙක් එක වතාවකදී නිකුත් කරන ශුක්‍ර තරලයේ තියෙන ශුක්‍රාණු සේරටම ඩිම්බ සෛල හමුවෙනවා නම්? 
එහෙම වුණොත් ඇමෙරිකා මහාද්වීපයේ දැනට ඉන්න ජනගහනයට වඩා පිරිසක් ඉපදෙයිලු! බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්.

මොකද සාමාන්‍යයෙන් එක වතාවකදී; දවස් 28 කදී, ස්ත්‍රියකගෙන් නිකුත් වෙන්නේ එක ඩිම්බ සෛලයක් විතරයි! ඒ ඩිම්බ සෛලය ළඟට ශුක්‍රාණු දාහක් ළඟා වුණත්, ඒකට ඇතුළු වෙන්න වරම් ලබන්නේත් එකම පිරිමි බීජයක් විතරමයි. එහෙම එක ශුක්‍රාණුවක් ඩිම්බ සෛලයට ඇතුළු වුණු වහාම ඩිම්බය වටේම ශුක්‍රාණුවලට විනිවිද යන්න බැරි කබොලක් ඇති වෙනවා.

එහෙම නම් ඔය ටික ඔළුවේ තියාගෙන අපි ආයෙමත් 'සද්ධර්මාංකාරය' පෙරළමු!  

“...........එකල්හි බිසවුන් රජ්ජුරුවන් හා සමඟ රථයට නැඟී නික්මුණු වේලෙහි සාමණෙරයන් වහන්සේ චුතව බිසවුන් කුසැ පිළිසිඳගත්සේක. මෙසේ පිළිසිඳගත් උන්වහන්සේගේ කුශලානුභාවයෙන් බිසවුන් දිසාවෙහි රථ චක්‍රය නාභිය දක්වා පොළොවැ ගැලිණ. බිසවුන් කුස විදුරු පුරාපුවාක් මෙන් බර විය............”

සද්ධර්මාලංකාරය පොතේ, 14 වෙනි පරිච්ඡේදයේ ‘දුෂ්ටග්‍රාමණී වස්තුව’ කියවද්දී තමයි ඔය කෑල්ල අහුවෙන්නේ. 

පිළිසිඳගැනීමක් සිදුවන මොහොතේ ඒ යුක්තාණුවේ බර නිසා කරත්තේ රෝදයක් පාරේ ගිලා බහින එක ...
විහාර මහ දේවිය පන්සලේ ඉඳලා ආපහු එන අතරේ වෙච්ච අකරතැබ්බයක් වෙන්න ඇති කියලයි මට නම් හිතුණේ! රථයේ පැත්තක් පාරේ එරිලා. ඒක නම් වෙන්න ඇති; වෙන්න හැකි දෙයක්නේ. ඒත් මේ පොතේ විදියට නම් ඒක සිදු වෙලා තියෙන්නේ ගැමුණු කුමාරයා පිළිසිඳගත් නිසා; ඒ බරට! 
බිසවුන්නාන්සෙට දැනුණය කියන්නෙත් ‘කුසේ වීදුරු පිරෙව්වා වගේලු!’

සාමාන්‍ය ගැබිණියකටත් එහෙම දැනෙන්න ඉඩ තියෙනවද? ගැබ්බර අම්මා කෙනෙකුගෙන්ම තමයි අහන්න ඕනේ ගැබක බරේ තරම.

යාන්ස් අහන්න මං හරිම කැමැතියි, හොඳට හිනා වෙන්නත් ඇහැකියිනේ. මේක මං ඇහුවේ අවුරුදු තිහකටත් එහා දවසක. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවේ වැඩ සටහනක් පවත්වන්න යන අතරමඟදී; අනුර ජිනදාස හිතවතාගෙන්. 
ස්තුතියි අනුර! (ඔය ත.ජ.ක. වැඩ ගැන ‘මගෙන් මංගල යෝජනාවක්’ පොස්ටුවල හෙමත් මං ලිව්වා!) ඒ වගේම මේ කවිය මං හුඟක් මඟුල් ගෙවල්වල කතාවක් පවත්වද්දීත් යොදාගෙන තියෙනවා.

බරසාර, රසවත් කෑමකින්, අතුරුපසවලින් කුස පුරවාගෙන අඩ නිඳිමතෙන් ඉන්න මංගල සභාවකදී කරන කතාවේදී එයාලව හිනැස්සුවාම හරි. එතකොට නිඳිමත දුරුවෙලා සභාව ප්‍රබෝධවත් වෙනවනේ.

කවියෝ හතරදෙනාත් මෙයාලා වගේ සප්පායම් වෙලයි.....
ඔන්න කවියෝ හතර දෙනෙක් ගමනක් යනවා! (මේ ෆොටෝ එකේ, දෝතළුගල කඳවුරු බිමේ, වාඩිවෙලා ඉන්න හතර දෙනා වගෙයි.) ටිකක් සප්පායම් වෙලයි අර කවියන් එහෙම ගියේ. ඔහොම යද්දි මෙන්න බොලේ ඉස්සරහට එනවා ගැහැනු කෙනෙක්. ඒ අම්මණ්ඩිව දැකපු ගමන් එක කවියෙක් ගෙනාවා යෝජනාවක්! “අපි හතර දෙනා මේ මනුස්සයා ගැන කියමු කවියක්. එක්කෙනා එක පදය ගණනේ.”

“අම්මට සිරි! කියමු, කියමු....”  අනෙක් තුන්දෙනාත් එක පයින්!
ඉතින්.... ඉතින් කවිය කිව්වා. හැබැයි, එයාලා  කිව්ව කවිය මං ඔයාලට කියන්නේ ඊළඟ පෝස්ටුවෙන්!

Tuesday, January 29, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස

“බැහැ, බැහැ ගුණේ. ඔහොම කළු හාදයෙක්ව විධුර පණ්ඩිතයන්ට? ඒක හරියන්නෙ නැහැ බං. විධුර පණ්ඩිතයන් වහන්සේ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඒ කැරැක්ටර් එකට දාන්න ඕනේ පිං පාට උතුරණ හාදයෙක්ව බං. මේකා නිකං කාපිරි කුමාරයා වගේනේ.” අබරන් මාස්ටර් එහෙම කිව්වාම නම් අපේ තාත්තාටත් කේන්ති ගිහින්ය. ඒත් එව්වාට වග-උත්තර කිව්වේ මගෙත් එක්කය.

“එයා කියන විදියට නළුවෝ හොයන්න නම් ඉතින් අලුතින්ම ජාතක කරලා උපද්දන්නයි වෙන්නේ!
අලුතින්ම ජාතක කරලා උපද්දන්න..................
තාත්තා එදා කීවේය. එහෙත් එදා තබා අදවත්, තවම නම් එහෙම ක්‍රමයක් හොයාගෙන නැත. තමන්ට ඕනෑ කරන විදියේ දූ-දරුවන් ජනිත කරවාගන්නට හැකියාවක් මෙතරම් විද්‍යාව දියුණු යුගයක වුවත්, තවමත් ඇත්තේ නැත! 
එහෙම ක්‍රමයක් තියනවා නම් මෙලහකටත් අපේ 225 උදවියගේ දූලා-පුතාලටම මිස වෙනින් කිසිවෙකුටත් දියවන්නා මන්දිරය පැත්ත-පළාතේ පස් පාගන්නට බැරි තැනට වැඩ සිද්ධ වෙනවා සිකුරුය.

අනෙක තමුන්ට කැමැති විදියේ ළමයි උපද්දන්නට ඇහැකියි නම්, පිරිමි ගණන නහුතෙටම වැඩිවෙන එකත් ෂුවර්ය! 
තවමත් බොහෝ දෙනා හිතන්නේ ‘පිරිමි ජාතිය උතුම් ජාතිය - කන්ට දීලා මල් පුදාපිය - ගැහැනු ජාතිය ජරා ජාතිය - ගලේ ගහලා මරා දාපිය’ කියලා කියූ කාලයේ වගේමය. ඒ නිසාදෝ පුතාලා උපද්දා ගැනීමට එක්-එක් කෑම වර්ග ගන්නා සිරිත් සමහර රටවල ඇත.

පුතාලාටත් වැඩි දෙයක් වුණත් හදාගත හැකි පිළිවෙලක් ගැන පුවතක් 2018 ජනවාරි 26  වෙනිදා Lanka Hot News අඩවියේ තිබිණි.
ඒ නිවුන් දරුවන් උපද්දවා ගැනීම ගැනයි. කිරි ආහාර වැඩියෙන් ගත්තාම නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව 5 ගුණයකින් වැඩි වෙනවලු. “එමෙන්ම නොයෙකුත් කැලෑවල සෑදෙන අල වර්ග (අර්තාපල් හැර) පරිභෝජනය කිරීම නිසා ඩිම්බ කෝෂයේ සිදුවන උත්තේජනයන් ඉහළ යාම නිසාද නිවුන් දරුවන් බිහිවීම සිදුවිය හැකියි.” කියලාත් ඒ පුවත කියනවා.

යන්තර මන්තර, වත්-පිළිවෙත් ආදියෙන්ම සේරම ජයගන්නට...............
තවත් අය කියන්නේ කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රයේ යම්-යම් දවස්වල රමණයේ යෙදීම මඟින් අවශ්‍ය පිරිමි දරුවන් පිළිසිඳවාගත හැකි බවයි. එහෙම වත්-පිළිවෙත් ගැන කියද්දී, මා අසා ඇති හොඳම කතාව විහිළුවකටත් වඩා විහිළුවකි. 
ඒකට අනුව නම් නිශ්චිත දවසේ සංසර්ගය සඳහා ඇඳට නඟින්නට පැත්තක් ඇත! ඒ පොතේ ඒ පිළිවෙත පැදුරටත් වලංගුයිද කියලා නම් සඳහන් වෙලා තිබ්බේ නැතිකමය, ලොකුම අඩුව! අවිදු අඳුරක තරම.

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ එහෙම ‘අවිද්‍යාව’ රජ කරන්නේ  නැත්තං වාලම්පුරි, ගජමුතු වගේ විකෘතිවලට ලක්ෂ ගණන් වියදම් කරන්නට ඒකෙ ජහමනයන් අනුවණ වේවිද? වත්-පිළිවෙත්වලින්ම, යන්තර-මන්තරවලින්ම, හදි-හූනියම්වලින්ම ජය ගන්නට හිතාවිද?    

ඉතින්, එදා එහෙම ‘නොකෙරෙන කතන්දර’ කිව්වාට පහුවදා වෙනකොටම ඒ කතා අපේ තාත්තාට අමතකය. 

එයාට ඒවා අමතක කරන්නට ඕනෑ වුණත් එහෙම කරන්නට ඉඩ ලැබෙන්නෙත්  නැත. ගෙදරට එන කවුරුන්ම හරි නාට්‍ය කතාවක් ඇදලා ගනියි. එතකොට තාත්තාත් ‘ෆෝම්’ වෙයි. “බලනවකො, මේ සැරේ අපි නටන්න යන්නේ ලොකුම ජාතක කතාවක්; විධුර. මරුවට තියෙයි. ටවර් එකෙත් පෙන්නපු ටීටර් එකක්! මට නිකං මැවිලා පේනවා අපේ බන්දුල පූර්ණක යක්ෂ සේනාධිපතියා වෙලා ස්ටේජ් එක දෙදරවන හැටි!”

තාත්තා එහෙම කියන වෙලාවට නම් මටත් ඉරිසියාවක් නොහිතුණා නොවේ. ඇයි බන්දුල විතරක්? කොහොමත් අපේ තාත්තා පිට අයගේ ගුණ වැනුවත්; හොඳ කිව්වත් ගෙදර අපට නම් හොඳක් කිව්වෙම නැහැ වගේය.

අපේ බන්දුල පූර්ණක යක්ෂ සේනාධිපතියා වෙලා..........
ඒත් එව්වා සේරම පැත්තකින් තියා මාත් සිහින දකිමින් හිටියේ මහරගම පුරවරයේ දෙවෙනි වරටත් නාට්‍යයක් පෙන්වන්නටය. එහෙම හිතුවේ ආසාවට මිස ඒකෙන් අපට ලැබෙන නම්බුවක් ගැන හිතලා නම් නොවේ.

1966 දී පළමුවරට මහරගමදී නාට්‍යයක් පෙන්නුවේ අප වුණත් නාවින්නේ ඊටත් කලින්ම නාට්‍ය පෙන්නා තිබිණි. 

ඒ නාට්‍ය බලන්නට අපිත් ගියෙමු. ඒත් තාත්තාට එහෙම ගමන් බැරිය. අසනීප නිසාය. නැතිනම් ඒ කණ්ඩායම මෙහෙයෙව්වෙත් තාත්තාගේ යහළුවෙකු බව කලින්ම දැනගන්නට තිබිණි. තාත්තගෙ මිත්තරයා ලියනෝරිස් මාමාය! 
ඒ විස්තර දැනගන්නට ලැබුණේත් අහම්බෙනි. එතකොට අප ‘විධුර නාට්‍යයට’ ආධාර එකතු කිරීම පටන් ගෙනය.
  
ආධාර එකතු කරන්නට ගියේ දෙන්න-දෙන්නාය. වැඩිම දෙනෙකු කැමැති වුණේ මාත් එක්ක යන්නටය. එහෙම ගියාම වැඩිපුරම කතා කරන්නේ මාය. අනෙකාට කට මහන්සි කරවාගන්නටවත් වෙන්නේ නැත. හැරත් මගේ ඇඹිටිල්ලන්; අහිංසක පෙනුම හිංදා වැඩියෙන් ආධාරත් ලැබිණි. අපේ සුනිල් පවා මට වඩා වයසින් බාල වුණත් අහිංසක පාටක් නොවේ කොල්ලාටත් තිබුණේ. ඇට්ටර ගතියකි. ඉතින් ආධාර එකතු කෙරිල්ලට වැඩියත්ම එකට වැටුණු යුගලය මාත් සමරසිරිත්ය. (සමරේ එක්කය  නිදි ‘මීන සංහාරයකළේ.)

ඒ ගමන්වලදී අපට තේ එකක් බොන්නට, යමක්  කන්නට ලැබුණු සීමිත අවසරය ගැන ‘අජාසත්ත’ පෝස්ටුවලදී මම කිව්වෙමි.
එහෙම දවසක දවල්ට යමක් කාලා තේ බොන්නට මාත්, සමරෙත් ගොඩ වැදුණේ නාවින්නේ කන්ද උඩම තිබුණු තේ කඩයකටය. 

කඩය තිබුණේ රජමහ විහාර පාරට හැරෙනවාත් එක්කම වම් පැත්තේය. (දැන් ඒ තේ කඩය නැත. එහෙත් කඩ පේළියක්ම ඇත. ලියනෝරිස් මාමාගේ කඩය තිබුණේ ෆොටෝ එකේ මැද, නිල් පාට වහළයක් ඇති කඩය හරියේය!) අප හිටියේ තේ බොමින්ය. කවුදෝ කඩයට ගොඩ වැදුණේ අප දෙසත් බලමිනි.

ලියනෝරිස් මාමාගේ තේ කඩය තිබුණේ රජමහා විහාරයට............. 
“ලියනෝරිස් අයියේ, මෙයාලත් මහරගම ටීටර් එකක් නැටුවලු ගිය අවුරුද්දේ. මේ සැරෙත් විධුර නාට්ටිය නටනවලු පොසොන් පෝයට. මෙයාලා අපේ දිහාටත් ආවනේ ආධාර එකතු කරන්න. දන්නවද ළමයිනේ, මෙහෙම මුදලාලි වගේ හිටියට මේ ලියනෝරිස් අයියා තමා නාවින්නේ නම් දරාපු නාට්‍යකාරයා!” අමුත්තා කියාගෙන ගියේ විරාමයක්වත් නැතිවය.

ඉතින් ලියනෝරිස් මාමා අපෙන් තේවලට සල්ලි ගත්තේ නැත. ඒ හිලව්වට වගේ අපව නවත්තාගෙන සේරම විස්තර අහගත්තේය. 

“ඔය කියන ගුණපාල මගෙත් යාළුවෙක් නොවැ. පුතේ, උඹ තාත්තට කියහං නාවින්නේ ලියනොරිස් මාමා එයාව මතක් කළාය කියලත්. පුළුවන් නම් වෙලාවක මෙහාට ගොඩ වැදිලා යන්න කිව්වාය කියලත් කියාපං. පුළුවන්කමක් තියේ නං මං එනවා ගුණේව බලලා යන්න. කෝ ඒකට ඉඩක්. මේ කඩේ වහල දමලා ඒ පැතිවල යාම බොරුනේ.”

පූර්වාපර සන්ධි ගලපනවා නම් ලියනෝරිස් මාමලාගේ නාට්‍ය අපේ ඒවාට වඩා ගම්භීරය; විභූතිමත්ය; අලංකාරය. ඒවා පෙන්නුවේ නාවින්න දුම්රියපොළ අසල (දැන් සනාතන මන්දිරය ඇති හරියට පිටුපසින්) තිබුණු හිස් පිට්ටනියේය. 

නැති නම් මහරගම සිට නාවින්නට යන ගමනේදී; කන්ද පටන් ගන්නා ඉසව්වේම (දැන්) වදුල ගාර්ඩ්න් තිබෙන තැනම පාර අයිනේය.

දැන් 'වදුල ගාර්ඩ්න්' තියෙන හරියේ ...............
ලියනෝරිස් මාමලා stage එක ගහලා තිබුණේ ‘වදුල ගාර්ඩ්න්’ බෝඩ් එකට පිටුපාලාය. නාවින්න පැත්තට මුහුණ පාලා එදා වේදිකාව හදා තිබුණා නම් කියලා, අද මට හිතෙයි. එහෙනම් වැඩි පිරිසකට ඈතින් හිටගෙන වුණත්, පහසුවෙන් නාට්‍යය බලන්නට තිබිණි.

ඒ කාලේත් එතන තිබුණේ වදුලකි. ඒ හරියේ විශාල හබරල ගාලකුත්, එපිටින් පුවක් අරඹකුත් තිබුණේය. වදුල හැදී තිබ්බේ පුවක් අරඹත්, රූස්ස ගස් මණ්ඩියකුත් නිසාය. 

ඒ මදිවාට එතැනින් ලොකු කානුවකුත් ගලාගෙන ගියේය. 

ඒ කාලේ කුප්‍රසිද්ධ හයිලෙවල් රෙස්ට් හවුසිය තිබුණේ කන්ද උඩම සුදු අරලිය ගස්වලට මුවා වෙමිනි. (තවමත් විරාජමාන ඒ සුදු අරලිය ගොන්න, රජමහා විහාරයට ෆොටෝ එකේ වම් පැත්තෙන් පෙනෙනවා නේද?)     

නාවින්නේ හැම නාට්‍යයකම පාහේ ප්‍රධාන රජ චරිතයට ප්‍රේමදාස (මට නම මතක එහෙමය.) කියා කෙනෙක් රඟපෑවේය. ප්‍රධාන නිළිය වුණේ ‘සීතා’ය. (නාවින්න පැත්තේ විස්තර දන්නා කෙනෙක් වෙතොත් තවත් විස්තර එකතු කරනු මැනවි!) ඒ නාට්‍යවල තිබුණු ලොකුම දුර්වලකම ගැනත් මෙහිදී නොකියාම බැරිය!

ඒ නාට්‍යවල තිබුණු ලොකුම දුබලතාව........
ඒකේ එක ජවනිකාවක් අවසන්වී තිරය වැහුණාම ආපහු තිරය ඇරෙන්නේ කල්ප-කාලාන්තරයක් ගිහින්ය. එතකොට බලා ඉන්නා උදවිය ඉන්නේ හොඳටම කේන්තියෙනි. සෙනඟ අස්සේ පොදි කකා, තෙරපි-තෙරපී, හිටගෙන ඉඳිල්ල ලේසි වැඩක්ද? 
එහෙව් මිනිසුන් පස්-පඩංගුවේ බැණ වදින හැටි දැක තිබුණු නිසාම අජාසත්ත එකේදී අප ඒ මෝඩකම කළේ නැත. මට මතක හැටියට නම් පැයක් යද්දී අප අජාසත්ත එකේ නාට්‍ය දර්ශනයක් පෙන්නලාත් ඉවරය.

“නැහැනේ නිමල් ...... මට්ටකුණ්ඩලී එකෙන්ම මහරගම හන්දියේ තොරණ නැවතුණානේ. හැබැයි ඊට අවුරුදු දෙකකට පස්සේ මට මට්ටක්කුලියේ තොරණක් අඳින්න හම්බ වුණා!” ඩබ්ලිව්.ජේ. සෝමදාස ගෝමස් මහත්තයා කිව්වේය. ඒ ගිය සතියේ අපේ ගෙදරදීමය.

නුවන් නයනජිත් කුමාරගේ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’පොතේ 74 පිටුවේ උඩින්ම තියන්නේ අපේ 291 වෙනි චිත්‍රපටය ගැනයි. 

‘වස්තුව’. සිරි කුලරත්නගේ අධ්‍යක්ෂණයකි. ප්‍රධාන චරිත රඟපෑවේ නීටා ප්‍රනාන්දුත් වොලී නානායක්කාරත්ය. 
ජනකාන්ත ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යයේ ‘නාහෙට නාහන පෙම්වතා’ වුණේ වොලීය. පෙම්වතිය වුණේ වොලීගේ බිරින්දෑ නෙතලි නානායක්කාරය. 
හඬින් වැඩ පෙන්නුවාට වොලීට රිදී තිරය මත වැඩ පෙන්වීමට එතරම් අවස්ථා ලැබුණේ නැත. කලාතුරකින් වුවද එහෙම ලැබුණු chance එකකි; වස්තුව! මං කියන්නට හදන්නේ ඒ ෆිල්ම් එකේ තිබුණු ගීතයක් ගැනයි.

හඬින් වැඩ පෙන්නුවාට රිදී තිරය මතත් එතරම් වැඩ පෙන්නන්නට වොලීට.....
‘තට්ටු කළාමලු දොරත් ඇරෙන්නේ - ඇඬු ඇඬු තරමට කිරිත් එරෙන්නේ
ඇවිද්ද පා දෙක දහස් වටින්නේ - සොයන්නාට නෑ හම්බ නොවෙන්නේ’

ගීතය ලිව්වේ, ගීයට රැඟුවේ කවුද කියා නම්වලින් කියන්නට ඕනෑ නිසා හොයාගන්නට වලි කෑවෙමි. ම්හු, බැරි විණි. 
මතක හැටියට නම් ගායනයට රූපා ඉන්දුමතීත්, ෆ්‍රෙඩී සිල්වාත් හවුල් වුණෝය. 
ඒත් ජාලයේ කොහේවත් සින්දුව නැත. ඒත් මොකෝ? මගේ මතකයෙන් මං කියාගෙන ආවේ ‘සොයන්නාට නෑ හම්බ නොවෙන්නේ’ කෑල්ල ගැනයි.

‘මහරගම ඉතිහාසය ලියන්නැයි’ ප්‍රදීප්, අසංග, මධූ, ප්‍රසන්න, චමින්ද ඇතුළු රසිකයන් කිහිප පොළක්ම මට කියා තිබිණි. 

මමත් එයට උත්සාහ ගත්තෙමි. තකහනියේ ගිහිල්ලාම හම්බ වුණු හුඟක් වයසක අයට මහරගම ඉතිහාසය එහෙමට මතක නැත; නිච්චිත් නැත. ඒත් මං දඩයම් අතෑරියේ නැත. 

දෙසතියකට කලින් දවසක මහරගම පොළට ගිහින්, නවරෝහල බස් එකේ ඇවිත් පමුණුව දේවාල පාර ළඟින් බසයෙන් බහිද්දී ගෝමස් මහත්තයාත් බසයෙන් බැස්සේය. මං හිතා හිටියෙම එයාව අල්ලා ගන්නය. දේවාල පාරට හැරෙන්නට ඉඩ නොදී ඔහු නවත්තා ගන්නට මට ඉඩ ලැබිණි.

ඩබ්ලිව්.ජේ. සෝමදාස ගෝමස් මහත්තයාත් බසයෙන් බැස්සේය!
“මේ ගෝමස් මහත්තයා නේද?” ඔහු පුදුම වුණේය. මීට කලින් අප කතාකොට තිබුණේ නැත. යන්තම් හිනාවක් හුවමාරු කරගෙන තියෙනවා මිස. 

“කරදරයක් කරනවා නම් අනේ සමාවෙන්න. ඩිංගක් නවතින්න පුළුවන්ද? මට ගෝමස් මහත්තයාගෙන් තොරතුරක් දැනගන්නයි ඕනේ.....”
“ඒ මොකක්ද ඒ?”

“මං දන්න තරමට නං 1966 මහරගම තොරණ ඇන්දේ ගෝමස් මහත්තයයි. ඒ විස්තර......”
“ඔයාට තවම මතකයිද ඒක?” ලොකු හිනාවකින් මුහුණ පිබිදෙද්දී උත්තරයක් නොව ප්‍රශ්නයක්ම නැඟිණි. 
අපේ කතාවට මුල පිරුණේ එහෙමය. තමන්ගේ තරුණ කාලේ වික්‍රමයක් ගැන අවුරුදු 53 කට පස්සේ අහද්දී සතුටෙන් හිනහ නොයන්නේ කාටද?

අන්තිමේදී ගෝමස් මහත්තයා මට කොයි තරම් කරුණාවන්ත වුණාද කියනවා නම් ඊළඟ ඉරිදා හවස අපේ ගෙදරටම ඇවිත් විස්තර කියන්නට කැමැති වුණේය; එහෙම ආවේය. එද්දීත් හිස් අතින් නොවේ ආවේ. 
මගේ ඉල්ලීම ඉටු කරමින් සහතික-ලිපි ගොන්නක්මත් අරගෙනය. ගෝමස් මහතාත් ඉතිහාසයේ අගය දන්නා කෙනෙකි. මතක කෙනෙකි. පුංචි ඉඟියක් දුන්නාම, ප්‍රශ්නයක් ඇහුවාම ‘පටස්’ ගාලා එයාගේ මතක සංචිතයේ switch එක on වෙයි.

ඉතිහාසයේ අගය දන්නා කෙනෙකි. මතක...........
හැබැයි, ගෝමස් මහත්තයාගෙන් දැනගත් විස්තර සේරම එකෑවර, එකම තැන ඇදබාන්නට මං සූදානම් නැත. මගේ මතක ගබඩාවෙනුත් තුන්කාලක් විතර තවම ඉතිරිය. 
ඉතින් මහරගම ඉතිහාසය එහෙම එකවර කියන්නට ගියොත් පෝස්ටුව බෝරින් වෙයි. 

සමාවෙන්න ගෝමස් මහත්තයෝ, තැනින් තැන-ටිකෙන් ටිකය ඔබතුමාගෙන් අහගත් කරුණුත් ‘මගේ වගේ’ ලියන්නේ! පේනවා නේද? හොයන්නාට නෑ හම්බ නොවන්නේ!
හෙවූ නිසාය මට ඔබ වැනි ‘මහරගම ඉතිහාස කෝෂ්ඨාගාරයක් හම්බ වුණේ’.

දැනටමත් එහෙම දැන-කියාගත් තොරතුරක් මං රසික ඔබ හැමට හෙළිදරව් කරලාත් අහවරය. මහරගමට මුලින්ම කිව්වේ ‘හික්ගස් හන්දිය’ කියලා බව මං දැනගත්තේ ගෝමස් මහතාගෙනි! ඒ බව බ්ලොගය කියවන දයාබර රසික ඔබට හෙළි කළේ ‘දිව්‍ය අංගනි සේ - පළමු පොස්ටුවේ’දීය!
“එතකොට හැටහයේ තොරණ ගහන්න මුල් වුණේ සයිකල් වින්කලේ විල්මන් අයියා?” ඒ මං.

“එයාගේ තමයි සංකල්පේ. අදහස. තරුණ කට්ටිය උදව් වෙලා වැඩේ පටන් ගත්තා; දිගටම  ඇදගෙනත් ගියා.” මේ ගෝමස් මහත්තයා.

එහෙත් ඒ පිරිසගේ ව්‍යායාමය එකෙන්ම නැවතුණත්, පසුකාලීනව වෙනත් පිරිසක් මහරගම තොරණ ගහන්නට කර ගැහුවෝය. ඊට කලින් අපේ ‘විධුර නාට්‍යය’ට මුල් තැන දෙන්නට ඕනෑය.
මහරගම හතර දිග්-භාගයේම උදවියට අපේ අජාසත්තව .........
ගමේ-ගොඩේ කාටත් අපේ ‘අජාසත්ත’ව හොඳට මතක තිබිණි. හිතටත් අල්ලලා තිබිණි. ඒ නිසාම ඒ වාරයේ ආධාර වශයෙන් අපට රුපියල් තුන්සිය ගණනක් ලැබී තිබිණි. මුල් වතාවේ වගේ පස්ගුණයකට කිට්ටුය! එදා එහෙම ලැබුණත් මදැයි. ඉතින් අදටත් මේ මදැයි, නේද?

Sunday, January 27, 2019

සැවුළු සංහාරය - හතරවෙනි කොටස

ඒ වනවිට අප හිටියේ මානෙල් නංගිගේ මංගල්‍යයට ආරාධනා කරන්නට තිබෙන අයගේ ලැයිස්තු සකසමිනි. අම්මා වෙනමම ලැයිස්තුවකුත්, සුනිල් හා මල්ලිකා වෙනමම එකකුත්, මගෙන් එකකුත් හදන්නට ගත්තේ අත්‍යවශ්‍යම අය මඟ හැරෙතියි බියෙනි.
මගේ අමුත්තන්ගේ නම් අතර ලාල් අයියා, මර්වින්, උදේනි අල්විස්, ඉන්දිරා, ගීතා වැනි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ- තරුණ ජනගහණ කමිටුවේ හිතවතුන්ද, කළු අක්කලා වැනි මහරගම වාසී හිතවතුන්ද විණි.

මගේ ලැයිස්තුවේ මර්වින්, ඉන්දිරා, ගීතා වැනි..............
“මං කියන්නේ කළු අක්කලාට මඟුල කියන්න ඕනේ නැහැ කියලයි!” ඒ අතරේදී අම්මා පළමු විරෝධතා වෙඩි මුරය පත්තු කළාය. ආච්චිත් ඒ පැත්තටය.

මං දැම්මේ බබා පාට් එකකි. “ඇයි ඒ? එපා කියන්න හේතුවක් තියෙන්න එපැයි. මගේ හිතවත්ම උදවියනේ.”
“හේතුවක් ඕනේ නැහැ, එපා කිව්වම එපා! අපි කවුරුවත්ම එයාලට මඟුල් කියනවට කැමැති නෑ.” මගේ පැත්තට කතා කරන්නට කිසිවෙක් නැත. පෙනෙන්නේ කල් තියාම ගෙදර උදවිය මේ ගැන කතිකා කරලාත් තියෙන බවයි. මඟුල මගේ නොවේ. මගේ නංගිගේය; පවුලේම කටයුත්තකි.

මා සාධාරණ විය යුතුය. බලය තිබුණත් සාමූහික වැඩකදී තනි මතයට වැඩ කිරීම හොඳ නැත. “හරි, එයාලට නොකියා ඉන්නම්.” එහෙම කියන ගමන්ම මං ලියා තිබුණු ලැයිස්තුව ගුළි කර විසි කළේ එයාලගෙ මුහුණට ගහන්නා වගේය; මගේ තරහ එයාලට පෙනෙන්නටත් එක්කය.

“ඉතින් මුළු ලැයිස්තුවම විසි කරලා හරි යනවයැ? අනිත් අය.....?”

“ඒ මිනිස්සුන්ට නොකියා අනෙක් අයට විතරක් කියන එකට මං කැමැති නැහැ. මඟුල කරමු. හැබැයි මගෙන් කියලා කිසිම කෙනෙකුට ආරාධනා කරන්නේ නෑ. එච්චරයි!” මගේ මූණයි, වචනයි තිබුණේ ගැඹුරු මුහුදක් වගේය; අඳුරු පතුල හංගාගෙනය. ඒත් tone එකෙන් පිටවුණේ දැඩි හිරු රැසින් දැවෙන සහරා කාන්තාරයේ ගිනියමයි.

කතරක ගිනියම මගේ ටෝන් එකේ............
“එතකොට මර්වින් එහෙම? මඟුල් මේසෙ වැඩ සේරමත් මර්වින්ලට නේද පවරනවා කිව්වේ?”
මං ඒවා සැලසුම් කර තිබුණේ එහෙමය. ඒ වනවිටත් ඒ ගැන එයාලට කියලාත්ය. 

එයාලා කිව්වේ මර්වින්, උදේනි අල්විස්, කුරුණෑගල විජිත කිත්සිරි බණ්ඩාර හා කිංස්ලි පද්මලාල්ටය. “එව්වා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි, මං එයාලටත් කියනවා ‘උඹලට මංගල්ලෙට ආරාධනා කරනවා නෙවෙයි, උදව්වට එන්න කියනවා විතරයි’ කියලා. එහෙම කිව්වට පස්සේ එන-නොඑන එක එයාලම තීරණේ කරපුවාවේ!”

“එහෙනං ඔන්න ඔහේ කළු අක්කලාටත් කියමු!” කවුදෝ ප්‍රතියෝජනාවක් ගෙනාවේය.

“නෑ එපා! එක පාරම ඒ මිනිස්සු හොඳ වෙන්න යන්නේ මං කරන්න යන දේ නිසානේ. අපේ මඟුලට ආවයි කියලා ඒ මිනිස්සුන්ට හතරමහ නිධානෙ පහළ වෙනවය? මං ඒ මිනිස්සුන්ට මඟුල කියන්නේ නැහැ, නැහැමයි!” ඒ මගේ ප්‍රතිපත්තියයි.

මා ඇසුරු කරන හිතවතුන් වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැත්නම් එතැන ඇති හිතවත්කම මොකක්ද? හැබැයි, මං එහෙම කරන්නේ මගේ හිතට එකඟවය. අදාළ පාර්ශ්වය නිවැරැදි ආස්ථානයක ඉන්නවා නම් විතරය. ඒ අරුත වඩාත් පැහැදිලි වෙන්නේ මට හොඳින් පුරුදු මේ වචනවලින් කිව්වාමය. 
“අම්මගේ වාහේ වුණත් වැරැදියි නම් මං එයාගේ පැත්ත ගන්නෙ නැහැ!”

මගේ ඒ ගතිය හුඟක් අය දකින්නේ ‘මුරණ්ඩුකමක්’ විදියටය. ඒත් මොනවා කරන්නද? මා මුරණ්ඩුදැයි තීරණය කරන්නට තව කලක් ඉවසනු මැනවි. මං එවැනි ‘මුරණ්ඩුකම්’ කළ තැන් කිහිපයක්ම ඉදිරි පෝස්ටුවල ලිව්වාම; ඒවාත් කියවලාම ඔයාලගේ තීන්දුව දෙන්න!
දෙවෙනි ගමනටත් එන්නය කියලා ................
“නිමල් මල්ලී, ඔයාලගේ අම්මලා ඇවිත් අපිටත් බුලත් දුන්නා. මානෙල් නංගිගේ මංගල්ලෙට විතරක් නෙවෙයි, දෙවෙනි ගමනටත් එන්නය කියලා.” කළු අක්කා මට කිව්වාම, මගේ ඉස්මුදුනට නැංගේ ආලවකයාය.

ඒ කේන්තිය පිටින්ම මගෙන් අපේ ගෙදර උදවියගේ දෙපිටකාට්ටුකම කළු අක්කාට කියැවිණි. අනේ, කළු අක්කා දැන් එලොව ගිහිනුත් හුඟ කාලයකි. ඒත් මෙතැනදී එයා පෙන්නූ ගුණ-යහපත්කම තවමත් මට නම් අමතක නැත.

“ඒත් නිමල් මල්ලී අපි ආස්සරේ කරන්නේ ඔයාවනේ. ආරාධනා නොකළත් අපි එනවා, ඔයාගේ දේකදී. ඔයා අපට කරලා තියෙන දේවල හැටියට එහෙම නෑවිත් ඉන්න පුළුවන්ද? අපි එනවාමයි. ඒකනේ යාළුකම!”

“කළු අක්කලටත් හැබෑටම ලජ්ජා නැත්ද? ඔහොම බාල්දු කරපු අයගේ දේකට එන්න. මං වෙනුවෙන් කිව්වාට ඔයාලා ආවම වෙන්නේ අපේ ගෙදර අය උඩ යන එක නේද?”

කළු අක්කා ඇයගේ ලොකු දුවගේ මංගල්ලයේදී............
“එයාලා ඕනෙම දෙයක් හිතුවාවේ! අපි මඟුලට එනවා. හැබැයි ඔයා එපාම කියනවා නම්, අපි නෑවිත් ඉන්නම්!”

මගේ පුරුද්ද අනුන් කළ යුතුදේ තීරණය කිරීම නොවේ. මං කරන්නේ මගේ අදහස කීම විතරය. එතැනින් මගේ කොටස අහවරය. තීරණ ගැනීම එයාලාටම බාරය. 
“කළු අක්කලත් දන්නවනේ මගේ හැටි. එනවද නැද්ද කියන එක ඔයාලගේ වැඩක්. මං කියන්න ඕනෙ ටික කිව්වා!”.

2010 හෝ 11 විතර කාලයේ ජනක ඉණිමංකඩ මහත්තයා මට ආරාධනා කළේ ‘විදර්ශන ප්‍රකාශන ආයතනය’ට සේවය කරන්නට එන්නැයි කියලාය. 

එහෙම කරද්දී සෝදුපත් බලන්නටත්, සංස්කරණය කළ යුතු තැන් වෙතොත් පෙන්වා දෙන්නටත් මට විශේෂ පොතක් ලැබුණේය. පොතේ නම ‘ගොදුර අහිංසකයි’ය. “නිමල් අයියේ, ඔය පොත ඔයා බලන්න ලැහැස්ති වෙන බව මං ජයසේකර මහත්තයට කිව්වා. ඔයා ප්රූෆ් රීඩ් කරන්න කලින් ජයසේකර මහත්තයා ඔයාට කතා කරන්න ඕනේ කියලා කිව්වා.” ජනක කීවේය.

ඒ කිව්වා වගේම පී.බී. ජයසේකර මහත්තයා මට කතා කළේය!

“නිමල්..... මගේ පොතේ ප්රූෆ් බලද්දි එක දෙයක් නම් කරන්නම වෙනවා! ගොඩක් තැන්වල මං දෙබස් දාල තියෙන්නෙ කියවෙන විදියටමයි. මෙහෙමයි.... පිරිමි අය කතා කරද්දී වචන අදින්නේ අඩුවෙන්. ‘යාළුවා එක්ක ගියා’ වගේ තැනකදි කියන්නෙ ‘යාළුව එක්ක ගියා’ කියලයි. වැරැදීමක්ය කියල හිතල එහෙම තැන්වලට ‘දීර්ඝය’ දාන්න එහෙම එපා!”

මගේ පොතේ ප්රූෆ් බලද්දී නම්..........
‘ගොදුර අහිංසකයි’ කොහෙත්ම අහිංසක පොතක් නොවේ. මට අනුව නම් ඉතාම හරවත්, රසවත් ආන්දෝලනාත්මක කෙටි කතා පොතකි. ඒ වෙනුවෙන් විශේෂයෙන් වෙහෙසෙන්නට වුණත්, එය ඉවසීම අමාරු නොවිණි. 

එසේම මමත් එයින් ‘දෙයක්’ ඉගෙන ගත්තෙමි. උඩින් යෙදූ ජයසේකර මහතාගේ ‘දෙබස් ඡේදය’ උවමනාවෙන් කියෙව්වොත් ඒ වෙනස රසික ඔබටත් ‘අහුවෙනු’ ඇත!

“දැන් ඔහොම කිව්වට තමුසෙත් ඒ ගැන සැලකිලිමත් වෙනවද?” දැන් ඔබ අසනු නියතය. ‘වෙනවා’ මගේ උත්තරයයි, එහෙම පරෙස්සම් වෙන්නේ කථන රටාවන් ගැන විතරක් නොවේ. ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය වගේ ඒවා ගැනත්ය. හැබැයි 100% ක්ම නොවේ.

මං කොම්පියුටරේ අකුරක් හරි කොටන්නට ගත්තේ මේ බ්ලොගය ලියන්නට පටන් ගත්තාමය. එහෙම කොටන්නෙත් ‘සිංග්ලිෂ්වලින්ය’. හැකිතාක් නිවැරැදිව ලියනවා මිස කොම්පියුටරයෙන් එන සේරම නිවැරැදි කර-කර ඉන්නට ගියොත් සතියකට පෝස්ටු තුනක් ලියන්නට ඉඩ නැති වෙයි. ඒ නිසා සමහර වැරැදි තැන් දැක-දැකත් ඉවසන්නෙමි. සමාවෙන්න, හොඳේ.

ඒ වගේම ඉවසීමකි, මානෙල් නංගිගේ මංගල්ලයෙදීත් මට ඉවසන්නට වුණේ! 

හුඟක් දේවල්වලදී මගේ මතය වුණේ අනෙක් අයගේ අදහස නොවේ. කලිනුත් කිව්වා වගේම රෝහිණී අක්කා නම් මන්තරයක් 108 වතාව පුරනවා වගේ තිස්සෙම මැතිරුවේ ‘තව ටිකක් ඉවසලා ඉන්න, ලොකු මල්ලී.’ කියලය.

දවස් හැටේ කුකුල්ලු උයලා හරියන්නෙ නැහැ! ගං කුකුල්ලු..........
“මඟුල් දවසට ඔය දවස් හැටේ කුකුල්ලු උයලා හරි යන්නෙ නැහැ. ගං කුකුළෝ ටිකක් උයවමු!” කවුරුන් යෝජනාව ගෙනාවද කියලා නම් මට මතක නැතත් ගෙදර හැමෝම ඒකට පක්ෂව ඡන්දය දුන් බව නම් මට මතකය.

තවමත්, අදටත් මට අපේ අජිත් මල්ලී තේරුම් ගන්නට බැරිය. මට හිතුණේ ඒ යෝධයාගේ ‘මානසික සමබරතාව’ අප්සෙට් වෙලා වගේ කියලය! 
මිනිහා උදේ-හවස බුදුන් වඳියි. ඒ වැඳීමට වත්තේ තියන තරම් මල් පළිය; ගාථා පොතකින්වත් හොයා ගන්නට බැරි ගාථා උදව්වට ඕනෑය. ඒ යෝදයා එව්වා කියන්නෙත් නැති මහප්පරාණ එකතු කොට මහ සද්දෙන්ය. ආටානාටිය කියනවා වගේය!

ඔය සුමේ කරද්දී එයාගේ දවසේ පැය 24 න් පැයක් විතරත් ගත වෙයි! 
හැබැයි පන්සිල් සමාදන්වී, වැඳලා, පිරිත් සජ්ජායනා කරලා නැඟිටින පමාවෙන්ම හරි අතේ පත්තුවෙන බොරුවක් කියන්නට වුණත් අජිත් සූදානම්ය. දැනුත්, තවමත් මිනිහා එහෙමද කියලා නම් මට අදහසක් නැත. අජියා එංගලන්තෙට වෙලා දහ අවුරුද්දකටත් වැඩියි වගේනේ!

ඉතින් අර වැඳීම, සීලවන්තකම වගේ සේරම නම් අපේ ආච්චී මිනිහාට පුරුදු කරෝපුවාය. උන්දෑ මාළු, කරවල, බිත්තර පිළිහුඩු ජාති කෑවත්, මස් කෑවේ නැත.

අජිත් ඊටත් එහා ගියේය. ඒ මොනවාවත් නොකා ‘වෙජිටේරියන් කෙනෙක්’ වුණේය. හැබැයි, හිටි ගමන් නොකා හිටියේ මිනී මස් විතරය. කාලෙකින් ආයෙම එළවලුවලට...... ආයෙම සර්ව භක්ෂක වෘතයට......

දැන් අජිත් මල්ලි එංගලන්තයේදී ‘පස්වෙනි සිල් පදය’ තකන්නෙම නැතිලු. මස්, මාළු,බිත්තර එක්කත් වයිරයකින් ඉන්නවා වෙන්නැති! හොඳටම බීලා මිනිහා එහෙම පිටින්ම පිස්සෙක් වෙලා කියලය, මං නම් හිතන්නේ. බීමේ තරමක්! මනුස්සයා අකලට දිරා ගිහින්ය!! 

(යටින් දමා තිබෙන ෆොටෝ එකත්, ‘සැවුළු සංහාරය -දෙවෙනි කොටස’ පෝස්ටුවේ තියෙන ෆොටෝ එකත් සැසඳුවොත් දිරපු තරම පෙනෙනු ඇත.) ඒ හාදයාගේ ෆොටෝවලින් මට පෙනෙන්නේ ‘රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑව’මය; අපේ අම්මාගේ තාත්තාවය. හිතලුවක් කියනවා නොවේ. ඒ තරමටම දෙන්නා සමානය!!!

සමන්ති නංගි, රජිත්, චූටි නංගි දීපානි, උත්පලා හා අජිත් මල්ලී රජිත්-උත්පලා දෙන්නගේ දූ සිඟිත්ත ඇනා එක්කම ...
මුලින්ම අපේ සුනිල්වත් හදාගත්තේ ආච්චිලාය. ඊට පස්සේ අජිතුත් ඒ ගොඩට ගත්තෝය. තාත්තා බර-බරයක් දැම්මාම සුනිල්ගේ වගකීමෙන් නිදහස් වුණත් අජිත්ගෙන් මිදෙන්නට ආච්චිලා කැමැත්ත දුන්නෙම නැත. ඒත් අජිත්ගේ මේ විගඩම්වලට ආච්චිලා පළි නැත. තම-තමන්ම හැදෙන්නට ඕනෑය. අනුන්ට ඕනෑ විදියට රූකඩ වෙන්නේ ඇයි?

අනෙක් කාරණය ආස්සරයට වැටෙන අයයි. ‘අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා’ කියන බණ පදයේ තේරුම මොකට පහදන්නටද? ඒක හැමෝම දන්නා එකකි. 
ඒත් ප්‍රායෝගිකව පුහුණු නොකරන එකකි. ‘පණ්ඩිත මිතුරන්, සගයන්, දැනුමැත්තන් ඇසුරු කිරීමේ වාසනාව’ අපේ පවුලෙන් වැඩියත්ම උරුමවී තිබෙන්නේ මට වාගෙය! 
(කාටද ආඩම්බර? බ්ලොගය කියවන ඔයාලත් ඒ ගොඩේමනේ!)

බර්නාඩ් ෂෝ විද්වතා අගමැති වින්ස්ටන් චර්චිල්ට ඇරැයුම් පතක් යැව්වාලු! 
“මගේ නවතම වේදිකා නාට්‍යය ...... දවසේ වේදිකාගත කෙරෙනවා. ඔබතුමාටත් ආසන දෙකක්ම වෙන් කර තිබෙනවා. ඒ නිසා ඔබට යහළුවෙකු සිටිනවා නම් ඔහුවත් නාට්‍ය දර්ශනය නරඹන්නට කැටුව එන්න!”

අනුන්ට ඕනෑ විදිහට රූකඩ වෙන්නට...................
චර්චිල් උන්නැහේ  හදිසි කෝපය ගැන ඉතාම ප්‍රසිද්ධ කෙනෙක්. දරදඬු ඔහුට මිතුරන් හිටියේ නැතිද මන්දා. ඒත් තන්වැසි නුවණ ගැන ඉතාම ප්‍රසිද්ධ චර්චිල් අගමැතිතුමා බර්නාඩ් ෂෝගේ ‘වාගාලාපය’ සහසුද්දෙන්ම තේරුම් ගත්තා. නොපමාවම මෙහෙම ලියලත් යැව්වා.
“ඔබගේ නාටකයේ මංගල දර්ශනය නැරඹීමට ඇරැයුම් කිරීම ගැන ස්තුතියි! 
ඒත්, එදිනට පැමිණීමට නොහැකිවීම ගැන කමන්න. නමුත් ඔබේ නාට්‍යය නැවත වතාවක් පෙන්වීමට වාසනාව ලබන්නේ නම් එදිනට පැමිණ එය නරඹන්නෙමි!”

ඒ විද්වතුන් දෙන්නා තකට-තක සේ, ජාඩියට මූඩිය සේ ගැළපුණේ එහෙමය. 

නුවණැති හතුරෙකු වුණත් අනුවණ මිත්තරයෙකුට වඩා වටියි. මට අනුව නම් අජිත් මල්ලී තෝරා ගන්නෙම අනුවණ; හාල්පාරු මිත්‍රයන්ය. හොඳ මිතුරන් හිටියත් එහෙම අය වැඩිකල් ඇල්ලුවේ  නැතිය. වැරැද්ද කොතැනදැයි හිතීම අජිත් මල්ලිටම බාරය.  

ඉතින්, මතකයි නේද මේ පෝස්ටු මාලාවේ මුල් කොටසේදී මං ‘අපේ අජිත් මල්ලිට සත්තු යාදෙන හැටි’ කිව්වා! 
ගං කුකුළු මස් උයන යෝජනාව ආවාම මේ උපාසක යක්ෂයා කිව්වෙ නැතැයි ‘හොයන්න දෙයක් නැහැ. ගෙදර කුකුල්ලු විතරක් නෙවෙයි, කළුකුම්ලත් ඉන්නේ.’ කියලා.

තවමත් මට පුදුම ඒ යෝජනාවට කවුරුන්වත්ම විරුද්ධ නොවුණු හැටි ගැනයි. ඒ අපට තිබුණු හිඟ-පාඩු ගැන හිතුව නිසාද? එහෙමත් නැත්තං හිටි-හිටි ගමන් ගෙදර අයගේ පස්සෙනුත් කොටන්නට පන්නමින් හිටිය කළුකුම්ලා ගැන තරහෙන්ද? 
අනේ මන්දා. හැබැයි ඒ කවුරුන්වත්ම තාරාවෝ මරමුයි කිව්වේ නැහැ. ඇයි, ගිනි කුකුල්ලු? උන් ගැනත් සද්ද නැතිවයි හිටියේ.

මිනිස්සු ගිනි කුකුල්ලු එක්ක නැති තරහක් කළුකුම්ලා එක්කයි,දුවන පුහුල්ලා එක්කයි ............. 
ගිනි කුකුල්ලු අහිංසකයිද? ‘දුවන පුහුල්’ එක්කයි, කළුකුම්ලා එක්කයි විතරද මිනිස්සු වැඩියෙන්ම තරහ?

ඔන්න,ටික දවසක් තියෙනවා උත්තර හොයන්න.