1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Wednesday, August 29, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස




'කවුද යකෝ මේ අඟහරු ලොවින් ආ භූතයා?' මම මගෙන්ම අසාගතිමි.

60 දශකය අග භාගයේ මා 'ජනතා' පත්තරය ගත්තේ 'අඟහරු ලොවින් ආ මිනිහා' චිත්‍රකතාව කියවන්නටමය. නොයෙල් ලසන්ත එය ඇන්දේය. කතාව කේ.ඒ. ලයනල් පෙරේරාගේය. 

ඒ චිත්‍රකතාව මෙන්ම පසු කලෙක ස්ටීවන් ස්පීල්බර්ග්ගේ  'E.T.' චිත්‍රපටයත් තදින්ම මගේ හිතට කාවැදුණු නිර්මාණයන්ය. 

මගේ අබියස හිටගෙන හිටියෙත් ඊ.ටී. එකේ පිටසක්වළයාය. තට්ට ඔළු බක්කාය. ඇහිබැම- කෙස්- රෝම සියල්ලම හැලුණු, ඇටකෝට්ටාය. බඩ නම් මාන්දම් ලෙඩෙකුගේ වගේ ඉස්සරහට නෙරලාය.

අඟහරු ලොවින් ආ භූතයා මාය. මගේ හැටි පෙනී මගේම සියොලඟ කිලිපොලා ගියා මට හොඳට මතකය.

බෙහෙවින් කම්පාවට පත් වුණත් මා බිය වූයේ නැත. බොහෝ දෙනා කියන ලෙසින් රෝගයට එරෙහිව සටන් කරන්නටත් අද වෙන තුරුත් මට නම් හිතිලා නැත. ඒ හැම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකුත් ඇතැයි මා විශ්වාස කරන බැවිනි. ඔව්! මල්ටිපල් මයෙලෝමාවට ඕනේ නම් එයත් ඔහේ හිටපුදෙන්. හැබැයි මාත් මට ඕනේ විදියට ඉන්නෙමි. මයෙලෝමාව නොතකා හැර.... නොපවතිනවා වගේ.... අමතක කර!


'ෆීනික්ස්' පක්ෂියෙකි. ඉන්නේ ග්‍රීක් මිත්‍යා කතන්දරවලය. ෆීනික්ස් උපදින්නේ තමන්ම දැවී මිය යන ගින්නෙනි! ඇයි, මටත් එහෙම වෙන්නට බැරිද? විනාශය මතින් නැඟී හිටින්නට.

කලින් දවසක අපි මහේන්ද්‍ර පෙරේරා මහත්තයාව චැනල් කරලා හමු වුණාම තමයි මට පිළිකාවක් බව කියලා, අපේක්ෂා රෝහලට එන්න දවසත් කිව්වේ. මගෙත් එක්ක හිතවතුන් රොත්තක් ආවත් ඇතුළට යන්න ඉඩ දෙන්නේ තව එක්කෙනකුට විතරයිලු.

ලෙඩා මමනෙ. ඒ වුණාට අපේ යාළුවො එක එක්කෙනා මං ගැන ඇසිය යුතු ප‍්‍රශ්න පෝල්ට කිව්වා. (දොස්තර මහත්වරු තුන් දෙනාගෙන් පෝල්ව තමයි තෝරාගත්තේ ඇතුළට යවන්න. පෝල් කියන්නේ නික් නේම් එක.) එම්.ආර්.සී. පෙරේරා තමයි නියම නම. මතකද එයාව ‘අකල් මරණෙකට හවුල් වී’ පෝස්ටුවලදී හමු වුණා? අනෙක් දොස්තර මහත්වරුන් වුණේ ශිරන්තයි, අයස්මන්තයි.

"පෝල්.....අනේ මහත්තයෝ, එහෙනම් ඔයාම මගේ ප‍්‍රශ්නත් අහන්නකෝ." මමත් වගකීම පෝල්ට පැවරුවා. අනෙක් අය අහන්න කියූ දේවල්වලින් ප‍්‍රියන්ත කියාපු දේ විතරයි මට හොඳටම මතක.

 "පෝල්, අහපං මචං මේ ලෙඩේට ලංකාවෙ නැති නම් පිටරට හරි හොඳම බෙහෙතක් තියෙනවා ද කියලා. එහෙම තියෙනවා නම් මම ගෙන්නලා දෙන්නම් කීය ගියත්."

තෙරුවන් සරණින්- දෙයියන්ගේ පිහිටෙන් ප‍්‍රියන්තට ආර්ථික ශක්තිය තිබෙනවා එහෙම උදවු කරන්න. එයා ඒක කීවෙත් අවශ්‍ය නම් ඒක කරන්නම බලාගෙන. "හරි අයියේ. මම අහන්නම්.'' පෝල් කියුවා. කියලා හැරුණේ මගේ පැත්තට. "නිමල් අයියාට මොනව ද අහගන්න තියෙන්නේ? ඇයි මචන්ලා, මේකාට අහගන්න තියෙන එව්වට එපායැ ප්‍රයෝරිටි එක දෙන්න ඕන."

"මට දැනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එක, මට තව කොච්චර විතර කාලයක් තියෙනවා ද? දෙක. බෙහෙත් කරන කාලයෙත් මට ට්‍රිප් යන්න පුළුවන් ද?........"

වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා
දොස්තර මහත්වරු දැම්මේ වෛද්‍ය ප‍්‍රශ්නය. ඒවා කොහොමද දෙයියනේ මම වගේ මොට්ටයෙක් මතක තියාගන්නේ. හැබැයි එකක් හොඳටම මතකය.....පෝල් ඒ ප‍්‍රශ්න ඔක්කොමත් ඇහුවේය. මහේන්ද්‍ර මහත්තයා ඒවා සේරටම උත්තරත් දුන්නේය. 

එහෙම කළේ පෝලුත් වෛද්‍ය වෘත්තිකයෙක් වුණ නිසාම වෙන්නැති කියලායි මට හිතුණේ. එතැනදී රටේ අභිමානය ගැන කියැවුණ එක කොටසක් මෙතැන සහන් නොකරම බැහැ.

"පිටරටින් ඔයාලා කිසිම ඩ‍්‍රග් එකක් ගෙන්වන්න  ඕනේ නැහැ.  ඕනැ වුණත් මේ බෙහෙත් එහෙම ගෙනෙන්නත් බැහැ. බොහොම ආරක්ෂිතව, ප්‍රොසීඩියර් එකක් අනුවයි ඒවා ගෙන්වන්නේ. ඒ වගේම දැන් අවශ්‍ය හැම බෙහෙතක්ම අපි රෝහලෙන්ම ලෙඩ්ඩුන්ට සපයනවා. ඒවා සේරම හොඳම ස්ටෑන්ඩඩ් එක තියන ඩ්‍රග්ස්."

ඇත්තටම මට නම් මහේන්ද්‍ර මහත්තයාගෙ ඒ කතාව ඇහුණාම ඇති වුණේ ලොකු ආඩම්බරයකි. පස්සේ තමයි මගේ චූටි මොළයටත් වැටහුණේ එහෙනම් මොන ලබු ගෙඩියටද රටේ ඉහළම පුරවැසියෝ ලෙඩ වුණාම ප‍්‍රතිකාර ගන්න පිටරටම ගාටන්නේ කියලා. ඊටත් ඒවාට වැය වෙන්නෙත් අපේ සල්ලි හරි, අපෙන්ම හොරා කාපු සල්ලි හරිනේ.

ඔය සේරටම වැඩිය වෙනස් කාරණයකුත් තියේවි කියලත් හිතෙනවා. ඒ උත්තම පුතාලා මවගේ යෝනි මාර්ගයෙන් නැතිව වෙන කොහෙන් හරි බිහි වෙච්ච අයද කියන්නත් බැහැනෙ, නේද?



සමහර ලෙඩ තියෙනවනේ පරම්පරාවෙන් උරුම වෙන. මල්ටිපල් මයෙලෝමා ඒ විදියට එන අසනීපයක් නෙවෙයි! මේකෙදී අපේ කොඳු නාරටියේ මැද තියෙන ස්පොන්ජ් එකක් වගේ කොටස ඇතුළේ පිළිකාමය සෛල වර්ධනය වෙන්න ගන්නවා. එතකොට 'ස්ටෙම් (පූර්වජ) සෛලවලට' බෙදෙමින් වැඩෙන්නට තියෙන ඉඩ අඩු වෙනවා. ස්ටෙම් සෛල සීග්‍රයෙන් බෙදෙමින් වැඩෙන අතරේ කොටසක් රතු රුධිරාණු බවට හැරෙනවා. මේක කොයි තරම් කාර්යක්ෂමව සිදුවෙන්න ඕනෙද කියලා වැටහෙයි මේ කාරණාව දැක්කම.

දවසකදී අපේ සිරුර ඇතුළේ රතු රුධිරාණු මිලියන ගණනින් විනාශ වෙනවා. එව්වායේ අඩුවක් නොදැනෙන්න විනාශ වෙනවාට සමාන ගණනක් අලුතිනුත් නිපදවෙනවා. එහෙමයි සිරුරේ රක්තාණු මට්ටම සමබරව පවත්වා ගන්නේ.  ඉතින් පිළිකා රෝගය මැඬලන්නේ අර සෛල නිපදවීම වළක්වන බෙහෙත් දීම මඟින්. තවම වෛද්‍ය විද්‍යාවට නැහැ, පිළිකා සෛලවලට විතරක් බලපාන බෙහෙත්. ඒ සැරම සැර බෙහෙත්වලින් මිනිස් සිරුරක් තුළ අලුතින් හැදෙන සියලුම සෛලත් විනාශ කෙරෙනවා. එතකොට.....  

එතකොට තමා වයසට වැඩිය වියපත් වෙන්නේ. වචනවලින් කියනවාට වඩා හොඳයි මං එහෙම තත්වයකට පැමිණිලා ආයෙමත් යථා තත්වයට එමින් ඉඳිද්දී ගත් පින්තුරයක් දාන එක.

බෙහෙත්වලින් නාකිවුණු මං අයස්මන්ත පවුලේ අය එක්ක...
'සංසාර විෂවෘක්ෂස්‍ය - ද්වෙඵලෙ හ්යමෘතොපමෙ
සුභාෂිත රසාස්වාදඃ - සජ්ජනෙෂු ච සංගමඃ'

සංසාරය විෂ වෘක්ෂයකි. එහි අමාව වන් ඵල දෙකකි. එකක් දැහැමි කතාවල රස විඳීමයි. දෙවැන්න සත් පුරුෂ ආශ්‍රය ලැබීමයි. 

මගේ පැත්තෙන් බලද්දී මට මේ දෙකම පමණටත් වඩා වැඩියෙන් ලැබේ! බොහෝ මිතුරෝ විපතකදී හැර යති. මගේ මිතුරන්ගෙන් කිසිවෙක් එසේ නොකළහ. මට සියල්ල හැර දමා යන්නට ඕනෑ වුණත් ඔවුහු යන්නට නොදෙති. මට දිරියක්ව මා අල්ලාගෙන හිඳිති. ඔවුන් එක පැත්තකය. 

මගේ නංගිලා-මල්ලිලාත්, ඔවුන්ගේ දූලා පුතාලාත්, අපේ අම්මාත් අනෙක් පැත්තේය. නොයාම බැරි තත්වයක් ආවොත් උදව් කරනවා යැයි මට පොරොන්දුවක්දී ඇත්තේ බඩා මල්ලා; දීපාල් විතරය.

ඒත් ලංකාවේ 'මර්සි කිලින්'වලට ඉඩක් නැත. 

ලංකාවේ තියා බොහොමයක් යුරෝපා රටවලවත් එයට ඉඩ නොදේ. කීර්තිමත් ඕස්ට්‍රේලියානු විද්‍යාඥක්වූ ඩේවිඩ් ගොඩාල් මේ වසරේ මැයි මාසයේදී ස්විස්ටර්ලන්තයට ගියේය. අවුරුදු 104 ක් ජීවත් වුණු ඔහුට අබල-දුබලව ජීවත් වීම තිත්තවී තිබුණේලු. අභිමානයෙන් යුතුව, සාමකාමීව සදා සැතපෙන්නට ඔහුට අවැසි වුණත් 'ඔසී' නීතිය එයට ඉඩ දුන්නේ නැත. එයට ඉඩ ඇති රටකට ගුවනින් ගිය ඩේවිඩ් 'දයාවන්ත මරණයක්' වැළඳගත්තේය. 

ඩේවිඩ් ගොඩාල් 
සතුට රැඳී ඇත්තේ ගමනාන්තයේ නොවේ. යන මඟ දෙපසය. ඉතින් මටත් තව දුර යන්නට තියෙනවා වගේය.

මා අසනීපයෙන් බව දැනගත් විගස මිතුරු ප්‍රියන්තලාගේ නෑදෑ කැලම එකට එකතුවී තලපත්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම පන්සලේදී මහා බෝධි පූජාවක් පැවැත්වූහ. අපේ පවුලෙන් එයට සහභාගී වුණේ හත් අට දෙනෙකි. නෑයන් සේ අදත් ඉන්නා නොනෑයෝ සීයක් විතර ඊට හවුල්වී මට සෙත් පැතූහ.

මර්වින්ලා, ඉන්දිරාලා, අයස්මන්තලා එහෙමත් බෝධි පූජා තියන අතරේ අයස්මන්ත දොස්තර මහත්තයා එක්තරා ආයතනයකින් කෙරෙන උපදේශන සේවාවකටත් මා පිළිබඳව දන්වලාය. එතන නෝනා මහත්මියක් මට දුරකතනයෙන් කතා කළාය. නම-ගම වැනි මුල්ම තොරතුරුවලින් පස්සේ කියැවුණේ ලස්සනම ලස්සන කතාවකි. "මිස්ටර් නිමල්, වැදගත්ම දේ තමයි ඔයා බය වෙන්න නම් හොඳ නැහැ."

"මොකටද මං බය වෙන්නේ?" මං ඇහුවේ ඇත්තටමය.

"ඇයි, පිළිකාවට?”

"අනේ, මට තවම නම් ඒකට බය වෙන්න ඕනි කියලා මතක් වුණේම නැහැනේ!" ඇත්තම ඇත්තය මා කිව්වේ. කවුන්සිලින් කරන්නට කතා කළ ඒ නෝනා මහත්තයා ඊට පස්සෙම මට කතා කළේ නැත!
  
2004 සුනාමිය .....
 2004 සුනාමිය ආ වෙලාවේ සිදු වුණු දෙයක් මට මතක් වෙයි. සුනාමියෙන් විපතට පත් වුණු අයට සැනසුම් මඟක් පෙන්වීමේ අභිලාෂයෙන් පැවැත්වෙන වැඩ සටහන් වගයකට ස්වේච්චා සේවීන් පිරිසක් අවශ්‍යවී ඇතැයි පත්තරයක තිබිණි. 

මමත් ඊට ඉල්ලුම් කළෙමි. තෝරා ගැනිණි. සති අන්ත කීපයක් අපව පුහුණු කෙරිණි. පුහුණුව ලබන්නට ආ අයගෙන් 95% කටත් වඩා පිරිසක් සැරසී හිටියේ විපතට පත් අයට හිටු කියලා උපදෙස් දෙන්නටය. කටින් බතල හිටවන්නටය.

ඉදිරියේදී එව්වා සංවිධානය කරනවා කියා සංවිධායකයෝ අපට සහතික පතුත් ප්‍රදානය කළහ. හැබැයි ඒ ඉදිරිය අද වෙනතුරුත් ආවේ නැත. අරගොල්ලන්ට-මේගොල්ලන්ට උපදේශන සපයන්නට ඉදිරිපත් වෙන අයට 'කාසි වඳ වෙනවා' විය යුතුය.

උපදේශන සේවා පැවැත්විය යුත්තේ ඒ සඳහා නිසි පුහුණුවක් ලද්දවුන් පමණක් යොදාගෙනය. ආශාව තිබීම පමණක් මදිය.

දැන් නම් ලෙඩක් කියන්නේ ගොඩාක් අයට සල්ලි ඉල්ලමකි. මහරගමට ආසන්නයෙන්ම තියෙන උප නගරයක පෞද්ගලික ‘මෙඩි කෙයාර්’ එකක් තිබෙයි. එතනට යන ඕනෑම ලෙඩෙකුට ඉස්-ඉස්සෙල්ලාම සේලයින් එකක් දෙයි. බෙහෙත් දෙන්නේ ඊට පස්සෙන් පහුය. බිල දෙතුන්-දාහ පනිනවාමය!

2012 දෙසැම්බරයේ දවසක මා ගමනක් ගිහින් ආවේ සක්කරයාගේ ඩ්‍රයිවර් මාතලීත් පරද්දන රියදුරකු එලවූ ප්‍රයිවට් බසයකය. මදුරන්කුලියේ විතරද එහෙම මාතලීලා ඉන්නේ?

වෙට්ටුව වැරැදුණු මදුරන්කුලියේ බස් එක
පාර උන්ටම ගිහින්ය. අහිංසක මඟියකුවූ මං හිටියේ හිටගෙනය. පාරේ දුවන ලොකු-කුඩා සේරම වාහනවලට වෙට්ටු දමමින් ආ ‘රථාචාරියා’ හිටි ගමන් ‘බ්රේක් පාරක්’ ගැහුවේ අනතුරක් වළක්වා ගන්නටය. හිටගෙන හිටි මඟීන් දෙන්නෙක්ම ඉස්සරහටම විසිවී ගොස් වැටුණත් එක්කය. නොවැටී බේරුණත් මට දැනුණේ වමත ගැලවුණා වගේය.

ඊට දවස් කීපයකට පසුව අත උස්සන්නට අමාරු බව දැනිණි. බෙහෙත් ගන්නට ගියේ ඒ අමාරුවටය. බෙහෙත් කළෙත් ඒකටය. ඒත් සනීපයක් නැති තැනය, තව තව පරීක්ෂණ කෙරුණේ. අන්තිමටම මට යන්නට වුණේ ශ්‍රී ජයවර්ධනපුර නව රෝහලටය. එතනදී කෙරුණු පරීක්ෂණ කිහිපයකට පසු ‘එන පොට හොඳ නැති බව’ පෙනිණි.

“නිමල් අයියේ, කොයිකටත් බෝන් මැරෝ ටෙස්ට් එකකුත් කරලම බලන්න වෙයි වගේ.” දොස්තර ශිරන්ත කිව්වේ එවිටය. ඔහු මාව යොමු කළේ අපට ආසිරි පතන රෝහලකටය.

එතැන දොස්තර මහතා, තවත් ඉසිවර වෛද්‍යවරියක හමුවන්නැයි උපදෙස් දුන්නේය. කොතරම් කාරුණිකදැයි කියතොත් එතුමාම ඇයට කතා කොට පසුවදා පාන්දරම ඇයව හමු විය හැකි බවත්, නොපමාව ඇපොයින්ට්මන්ට් දමා ගන්නා  ලෙසත් මට කිව්වේය. අප එතනින් ආවේ ඒ ටිකත් කරගෙන, පහුවදා පාන්දර එහි යන්නටය.

ඉතින් උදෙන්ම අපි එහි ගියෙමු. “මිස්ටර් නිමල්. ඔයාට බෝන් මැරෝ ටෙස්ට් එකක් කරන්නම වෙනවා. ටිකාක් රිදෙනවා. ඒ වගේම ඔයාගේ ලේ කැටි නොගැහෙන ගතියක් තියෙන නිසා තව ටෙස්ට් ටිකකුත් කරලා ඉන්න වෙනවා. ඉන්ටර්නල් බ්ලීඩින් එකක් වෙයිද කියලා පරෙස්සම් වෙන්න ඕනි නිසා!” වෛද්‍යවරිය කීවේ සැබෑවකි. අවුරුදු විසිපහක්-තිහක් තිස්සෙම මට රුධිරය කැටි ගැසීමේ අඩුවක් පවතින බව පසක් වී තිබිණි.

කොළ කන එළුවා
“මොකක්ද නිමල් අයියේ? තවම රැවුල කපාගන්න දන්නේ නැද්ද, මූණ කපා ගන්නේ නැතිව.” බොහොමයක් දෙනා මගෙන් අසා තිබුණේ ඒ නිසාය. රැවුල කැපුවාම මගේ මුහුණ යුද්දෙකට ගිහින් ආවා වගේය. තැනින් තැන ලේ ගලයි. මමත් නොදන්නා මඟුලක් නැහැනේ. ලේ කැටි ගැහෙන්නෙ නැත්තේ ‘විටමින් කේ’ අඩු වුණාමය. ඉතින් මා කළේ යහමින් පලා වර්ග කෑමට එකතු කරගැනීමය. නෙවිල් ඒකට කිව්වේ ‘මේකා එළුවොන්ටත් වැඩියෙන් කොළ කනවා!’ කියලාය.

ඒ දොස්තර නෝනා දොස් තර කරනවා විතරක් නෙවෙයි, දෝස්මුරත් දමන පාටටය මට පෙනුණේ! “මිස්ටර් නිමල්, පල්ලෙහාට ගිහින් මේ ටෙස්ට්වලට සල්ලි බැඳලා එන්නකෝ ඉස්සෙල්ලා....ම් ම් ම් එක්කෝ මම නර්ස් කෙනෙක්ව එවන්නම් පල්ලෙහාට. එයා ආවට පස්සේ සල්ලි බඳින්න.”

මොකක්දෝ හරි නැතිවා වගේ පෙනිණි. ඒත් මොනවා කරන්නද? සුනිලුත්, මාත් ගෙවීම් කවුන්ටරයට යන්නත් කලින් ‘අර එවනවා කී මිසී’ එතනය. හරිම ‘ක්වික්’ය. අපි මුදල් ගෙව්වෙමු. ඒ අසලම තිබුණු පරීක්ෂණාගාරයට අප කැටුව ගිය මිසී ටෙස්ට්ස් කීපය කරවා ගත්තේ ‘ඩොක්ටර් යන්න කලින් තව එකක් කරගන්න තියෙනවා’ කියමිනි.

ඒ අතරෙත් ශිරන්ත දොස්තර මහත්තයා විඩෙන්-විඩේ ටෙලිෆෝන් කර-කර විස්තර ඇහුවේය.

වෛද්‍ය ශිරන්ත දෙපුතුන් සමඟ....
හරිය! හරියටම හරිය!! ආප්පයක් උයන්න යන වෙලාවටත් කලින් සේරෝම ලෑස්තිය.

දොස්තර නෝනා ලෙඩුන් බලන කාමරයේදීම මාව හිරි වට්ටා, මගේ කොඳු නාරටිය සිදුරු කර ‘බෝන් මැරෝ’ ටෙස්ට් එකට ලේ ගත්තාය. 

“මිස්ටර් නිමල්, මං දැන් යන්න ඕනේ, හොස්පිට්ල් එකට. කොහෙවත් යන්න එපා. පහළින් කරපු ටෙස්ට්ස්වල රිසල්ට්ස් අපේ එක්කෙනෙක් මෙතනටම ගෙනත් දෙයි. එයාට මම කියලයි තියෙන්නේ එව්වා ලැබුණාම මටත් කියන්න. එතකොට මං ඇඩ්වයිස් කරන්නම්කො, මොනවද කරන්න ඕනි කියලා!”

රිසල්ට්ස් ආවාමය මට තරු පෙනුණේ! පෙනුණු තරු ගැන ඊළඟ පෝස්ටුවෙන්......

Sunday, August 26, 2018

සිඳු දකින සඳ - දෙවෙනි කොටස

ඩැඩාගේ කතාවෙන් මම ගල්බීතවී ගියෙමි. අපි එව්වාට කියන්නේ කුණුහරුප කියලානේ!


යෞවනොද්ගමනයේදී.....
මට කියවුණේ ‘උඹම කියා දියං’ කියලාය. ඇත්තටම දැනගෙන ‘කතරගං යාම’ නොදැන යනවාට වඩා හැම අතින්ම හොඳය! හුදු කුතුහලය නිසාම තවත් නොදන්නා කෙනෙකුගෙන් උපදෙස් ගැනීම හරිම විපත්තිදායකය! දැන් නම් ඇටෙන්- පොත්තෙන් පැහෙන කොටම එයාලා ඒ සේරම ඉගෙනගෙන අහවරය.

පිරිමි ළමයෙකුගේ ‘යෞවනෝද්ගමනයෙදී; ටෙස්ටෙස්ටරෝන් ලිංගික හෝමෝනය වෑහෙන සමයේදී’ ඔහුට ලිංගික හැඟීම් පහළ වෙයි. සමහර විටෙක ශිෂ්ණය ප්‍රාණවත් වෙයි. ශුක්‍ර මෝචනය කිරීමට සිතෙයි. විටෙක සිහිනයෙන්, තමා නොදැනුවත්වම ශුක්‍ර පිටවෙයි. මේවා ‘ලෙඩ’ නොවේ. ස්වාභාවික දේවල්ය. 

එහෙම නොවෙනවා නම් ඒක ලෙඩකි! විටෙක ස්වයංවින්දනයක් මඟින් හෝ ආස්වාදයක් ලබන්නට පෙළඹීමත් අමුත්තක් නොවේ. අමුත්ත ඉව-බව නැතිව, අසීමාන්තිකව ඒවාට පෙළඹීමය.

අරාබිකරයේ.......
එව්වා ගැන දැනුම්වත්ව හිඳීම වැදගත් වන්නේ එබැවිනි. අරාබිකරයේ වැඩිහිටි ගැහැනුන් පවා මේ ඇත්ත දන්නවා වාගෙය.
    
පිටස්තර පිරිමින්ට මුහුණවත් පෙන්වන්නට නොදෙන අරාබි රටවල කෙරෙන ‘සච්චරිතයක්’ ගැනය, මේ. ඒ හුඟක් රටවල තරුණ ‘හවුස් මේඩ්ස්ලාට’ රාත්තිරියට o.t. කරන්නටවී තිබේලු. ඒ, ඒ ගෙදර ඉන්නා යොවුන් වියේ පුතාලාගේ ‘කාම දාහය’ නිවන්නටය. සමහර විටෙක ‘මදන විසේ - ගෙටත් උසේ’ ඇති තාත්තලාටත් ගොදුරු වෙන්නටය. එව්වා කෙරෙන්නේ ගෙදර වැඩිහිටි කාන්තාවන්ගේ අනුමැතියට යටත්වය.

මදැයි වටේ ගියා, ඕං ආයෙම එනවා ‘සිලිලාර’ ගමනට.
  
සිලිලාරේ......
ආච්චී පාන්දරින්ම නැඟිටලා ඉව්වා. එයා අපි ලව්වා ලූණු ගෙඩියක් සුද්ද කරන තරමේ දෙයක්වත් කරවාගත් බවට නම් මතකයක් මට නෑ. ආච්චී තනියම, හරිම කඩිසරව, හරිම රසට උයපු බව විතරයි මතක.

සීයා කළේ ඉරිලා රැල් නොවිච්ච ලොකූ කෙසෙල් අත්තක්ම කපලා ගෙනත් දෙන රාජකාරිය.

ඔන්න ආච්චී කෙසෙල් අත්ත නොපිට හරවලා සීරුවට ඒකේ නාරටිය රහිනවා. ඊට පස්සේ ඕනි කරන තරමේ කෑලිවලට කපනවා. තව ඉතිරි ළිපේ ගිනි අඟුරුවලට උඩින් කෙහෙල් අතු කෑලි අල්ලලා තව් මරාගන්න එක. එහෙම හරි ගණනට තව් මරලා ගත්තම තමයි කෑමවලට කෙසෙල් කොළේ සුවඳ කාවදින්නේ.

ඉස්සර ඉතින් සිලි බෑග් නැහැනේ. තරමක පන් මල්ලක තමයි අපි කෑම ගෙනිච්චේ. ඒකෙ වටේට; ඇතුළට කෙසෙල් කොළ දාලා උණු බත් පුරවනවා. එතකොට විහිදෙන සුවඳ දැන්-දැනුත් දැනෙනවා නේද?. චුට්ටක් ඉව කරලා බලන්නකො!

“ඒයි, බත් ටිකක් වැඩියෙන් දාපල්ලා. මුහුදෙ නාලා කනකොට වැඩියෙන් බඩගිනි වෙනවනේ. කොල්ලොන්ට මදි වෙයි.” සීයා කියනවා. ඒක නොකියවුණත් ආච්චී ඒකම තමයි කරන්නේ.

හිඳෙන්න කිරට උයපු පරිප්පුයි, තෙල් දමපු තක්කාලි- ලූණු බැදුමයි, පොල් මැල්ලුමයි වෙන-වෙනම කෙසෙල් කොළවල ඔතලා කෙසෙල් පට්ටවලින්ම තමා ගැට ගහන්නෙත්. අන්තිමට එව්වාත් පන් මල්ලේ උඩට වඩම්මනවා! 

ඒක බස් එකේ අරන් යනකොට සුවඳට මිනිස්සු කෙළ ගිලිනවනේ. ඉතින් පෙරේත බැල්මක් වැටෙයි කියන බයට අපේ ආච්චී නොවරදවාම ඒ මල්ලට දෙහි බෑයකුයි, අඟුරු කෑල්ලකුයි දමනවා.
 කෙසෙල් කොළයේ එතූ.....
මේක කොටද්දී මං ආයෙමත් ගිහින් ඉන්නේ සිල්ලප්පුවත්තේ උඩ හරියේ තිබුණු ගෙදරට. 

වරිච්චි බිත්ති, මැටියෙන් කපරාරු කරලා, මකුළු දිය කරලා ගාලා! පස්සේ තමයි හුණු ගෑවේ. ඉස්තෝප්පුව වටේ කණු විතරයි, බිත්ති නැහැ. අනෙක් පැත්තෙත් අමතර පලයක් බාලා, වටේ බිත්ති නැති කොටහක්. වහලෙට පොල්ලතු හෙවිලි කරලා. 

ඒකෙන් අමතර වාසියකුත් වුණා. හිටි ගමන් වහලෙන් වැටෙන ගෝනුස්සන්ව ‘නොමිලේම’ බලාගන්න ඇහැක් වීම! පත්තෑයෝ නම් හිටි ගමන් මතුවෙලා නළියන ගමනින් ආවේ හරි කලබලෙන්, දුවන ගමන්.

ආච්චී පොල්කොළ වේලලා අරං, ඇතුල්පතක් එහෙම වියුවේ අර කුස්සිය පැත්තේ තිබ්බ පිලේ ඉඳන්. ඒක නම් අපි කාටවත් උගන්නාගන්න එයාට ඉඩක් ලැබුණේ නෑ. හැබැයි පොල් අතු වියන එක නම් සුනිල්ටයි මටයි කියලා දුන්නා. මට අදටත් පොල් අතු වියන්නත් පුළුවන්, මෝවිට දමන්නත් පුළුවන්.

කොච්චරද කියනවා නම් ලීලක්කාගේ ‘ස්වර්ණ ළමා සමාජය’ මඟින් කරපු ‘අවුරුදු උත්සවයකදී’ පොල් අතු විවීමේ තරගයකිනුත් දිනුවා, ගෑනු අයවත් පරද්දලා. 

(අජාසත්ත පෝස්ටුවලදී කිව්වා වගේ දැනුත් කියනවා- අපේ ආච්චී, ලීලක්කා වගේ අයට ‘නිවන් පුරේ රුවන් දොර’ ඇරෙන්නම ඕනේ! මාව හැඩ ගැස්සුවාට.)

පොල් අතු විවීම
ඒත් ආච්චී පන් මලු නම් වියව්වේ නැහැ. කොහේ වියන්නද? මහරගම කොහෙන්ද පන්? හැබැයි දසනායක රත්නවතී රත්නපුරේ ඉඳිද්දී නම් පන් පැදුරුත් වියාගත්තලු. විකුණන්න නෙවෙයි, ගෙදරට. ඒත් එහෙම පන් වියන එක ගැන කියපු කතාවකුත් මට තාම මතකය.

එක ගමක නැන්දම්මා කෙනෙකුයි ලේලියෙකුයි හිටියලු. දන්නවනේ, ඔය දෙන්නා නයයි, මුගටියයි වගේලු. ජන්මන්තයිලු. පැදුරු වියද්දී වුනත් දෙන්නගේ තරහ පෙන්නනවලු.

පා සතරකි කුර අටකුත් ඉඳ          වියනා
දෙබල කුරකි පෙති ගෝමර වට  දිලෙනා
සිරස උඩින් අං දළු දෙකකුත්       වියනා
මුවා රුවැති ලේලිය පෙනුමට      වියනා

“ඉතින් පුතේ ලේලි ඔය විදියට ලස්සන මුවෙක්ගෙ රටාවක් දමලා පැදුර වියද්දී නැන්දම්මාත් ඔන්න පැදුරක් පුරනවා....”

අපට තියෙන්නේ අහගෙන ඉඳිල්ල විතරය. හූමිටි තියන්නවත් ඕනෑ නැත. අපේ කන් පෙති දික්වෙලා තියෙන තරම දකිද්දී, ආච්චී ‘satisfy’ වෙන්නට ඇත.

“.... ඒකටත් තියෙනවා කවියක්! මෙහෙම-

පා සතරකි නියපොතු විස්සකි      පුරනා
වල්ගය අතර පෙති ගෝමර වට දිලෙනා
රකුසු මූණ ඒ වට රැවුලක්        තිබෙනා
මුවා කන්න දිවියෙක් නැන්දා     වියනා”

ඔහොම කතාන්දරවලින් ගෙවුණු අපේ ළමා විය දැන් දරුවන්ට අහිමිය. දැන් ආච්චිලාට මෙගා බලනවාට වඩා දේකට වෙලාවක් නැහැ වාගෙය. ඉතින් මොන පන් වියමන්ද?

.... මොන පන් වියමන්ද?
අගෝස්තු 18 වෙනිදා උදෙන් පිටත්වුණු අපි දෙකහමාර වෙද්දී හිටියේ අරුගම්බේය. 

ගමන ලෑස්ති කළෙත්, වැඩිම වැය බරක් දැරුවෙත් මිතුරු ‘වල් ප්‍රියන්ත’ය. W. A. L. Construction අධිපතිය. ප්‍රියන්තගේ නමත් ඩබ්ලිව්.ඒ.එල්. ප්‍රියන්තය. ඒ හින්දාය එයා ‘වල්’ වී තියෙන්නේ! එයාලාගේ පවුලේ සහෝදර සහෝදරියෝ සහ ඒ පවුල්වල අයගේ චාරිකාවලටත් නෙවිල්ට හා මට අඬ ගහන බව මෙයිට ඉස්සෙල්ලාත් කියා ඇත. 18, 19 දෙදින එහෙ නැවතී ඉඳලා, කුඩුම්බිගලටත් ඔකඳ දේවාලයටත් ගියෙමු.

20, 21 දවස් දෙකේ අපි හිටියේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල බංගලාවේය. අපේ ‘නේවි හරිශ්චන්ද්‍ර’ හිතවතා ගෙදරින් පුරවාගෙන ආ දේවල් අතර ලොකූ කරපිංචා මල්ලක්ද විය. “නිමල් අයියට කැඳ හදන්න ගෙනාවේ!”

වෙහෙරගල බංගලාවට ගොඩවෙන විටම එරංග ඉස්සරහට ආවේ ‘මේ සැරේ නම් නිමල් මහත්තයට කොළ කැඳවලට මොකුත් වටේ නැහැ, සේරම වේලිලා’ කියාගෙනය. එරංගත්, මාධවත් දෙන්නාම පහුගිය වතාවෙත් අපට හමුවුණු අයය. එරංග බංගලාවේ සේවයේය. මාධව ‘ට්‍රැකර්’ය.

එරංගයි  මාධවයි...
ගිය වසරේ එහි සිටියදී මට ඉවසිල්ලක් නැති වුණේ, ඕසෙට වැවී තිබුණු පැණි තෝර හා ගැට තුඹ යාය දකිද්දීය. ඔවැනි කෑමවලට ළැදි සාන්ත, සරත්, හරිශ් තුන්දෙනාම එකතුවී එව්වා නෙළා දුන්හ. 

එක දවසක උදේට පැණි තෝර කැඳ හැදූ මම අනෙක් දවසේ දවල්ට ගැට තුඹ මැල්ලුම් හැදුවෙමි. මේ වතාවේ ඉඩෝරය නිසා වටපිටාවේ තිබුණේ රණවරා විතරය. සමහර අයට ඒකෙන් ‘බඩ විරේක වෙන්නට හැකි නිසා’ මං ඒ ‘risk’ එක නම් ගත්තේ නැත. දවස් තුනක් වේලුනු කරපිංචාවලින් කොහේ කැඳ හදන්නද?

“නිමල් තමයි මෙයාලව නරක් කරන්නේ. එක්කෝ මෙයාලට බයිට් හදල දෙනවා. නැත්තං රෑ තිස්සේ බීපු එව්වයේ සැර මැකෙන්න කැඳ හදල දෙනවා.” කියා ප්‍රියන්තලගේ අම්මා නෝක්කාඩු කියද්දී මම ‘පොල්කිරි කැඳ’ හැදුවෙමි. ඒ උළුහාල්, ගම්මිරිස් ඇට හා යහමින් සුදුළුෑනුත් දමලාය. හැමෝම එව්වා බොද්දී කියවුණු දෙයක් කියන්නටය මෙච්චර දුරක් ආවේ!

“මං කිරි කැඳ බීලම නැහැ!” පනහටත් කිට්ටු කෙනෙක් කිව්වේය. ඔන්න හැටි! කිරි කැඳවලත්, පොල්කිරි කැඳවලත් තියෙන වෙනසත් එයාලට කියාදෙන්න වුණේ ඊටත් පස්සේය.  
  
අපේ නඩේ කුඩුම්බිගලදී
මං ඔය වාගේ වැඩ පෙන්වන්නේ  අපේ ආච්චී ගුරු මුෂ්ටි නැතිවම ලොකු මුණුබුරාට ශිල්ප දායාද කළ හින්දාය! නරක නැහැ නේද පන් මල්ලෙන් හැරිලා ආව දුර?

බත් මල්ලට අමතරව ආච්චී තවත් බෑග් එකක් හරි ගස්සනවාය. ඒක ගනකම කඩදාසි බෑග් එකක්. සීයාගේ සරමකුයි, අපේ ජංගි දෙකකුයි, තුවායකුයි තමා සිමෙන්ති කවර කොළවලින් හදපු ඒ බෑග් එකට දාගන්නේ. සුනිලා හරි, මං හරි තමා ඒක උස්සාගෙන යන්නේ හරි ආඩම්බරෙන්. බත් මල්ල සීයාගේ අතේ. ඔහොම යනවයි කියමුකෝ......

“චෙම්බආස්සලපීඑයා.... ජලා හුකා හුකා පරියා....” 

දෙහිවල කඩේ හරියේදී අපේ සීයගේ කටෙන් ඔහොම කියවෙනවාමයි. ඒ පාර අයිනේ ඉන්න මුස්ලිම් ගැටයෙක් දෙන්නෙක් මොකක් හරි කිව්වාම. (දෙහිවල කඩේ තිබ්බෙ පමුණුව පාරෙමයි. මුස්ලිම් පල්ලිය ළඟ. දැන් එතන තියෙන්නේ ‘කොහිලකොටුව ටෙක්ස්’ ඇඳුම් කඩේ.


අරාබි ඉස්කෝලේ.....
මහරගම ඉඳලා පමුණුව පාරේ ටික දුරක් එද්දීම (දකුණු පැත්තේ) ලොකූ තාප්පයක් ඔයාලට දැකගන්න පුළුවන්. ඒකට ගමේ අය නම් කියන්නේ ‘මුස්ලිම් පල්ලිය’ හරි ‘අරාබි ඉස්කෝලේ’ හරි කියලයි. ඒ ආසන්නයේම වම් පැත්තේ අඩි පාරක තිබුණු වත්තක සේරම හිටියේ මුස්ලිම් අය. 

(මතකද ‘අජාසත්ත’ පෝස්ටුවලදී කිව්වා නොනවත්තා සර්පිනාව ගහලා මාව නටවපු ‘පවුසි මාස්ටර්’ ගැන. එයා හිටියෙත් මේ වත්තේ. මට කොණ්ඩ මෝස්‌තර කියා දුන් ‘ෆරානා’ හිටියෙත් එහෙ.)

මුලදී නම් සීයා කිව්වේ ඒ අරාබි බාසාව කියලයි. ඒත් එයා එව්වා කියනකොට අර ගැටවු හිනාවෙන විදියෙන් නම් පෙනුණේ කුණුහරුප කියන බවක්. 

පස්සෙයි දැනගත්තේ, සීයා එහෙම කියමින්, මිනිස්සු හිනස්සමින් තමයි එයාගේ ‘බිස්නස් එක’ කරගෙන ගියේ. ‘අන්ජිසාම් පැකට්’. සත පහේ පැකට් කියන එකලු ඒ! ඒක ගැන වෙනම කියන්නම්කෝ, එච්චරට තියෙනවා ඒකේ වගතුග.

සීයාට මිනිස්සු හිනාවෙනකොටයි, සීයා ඔහොම අපබ්බ්‍රංශ කියනකොටයි නම් මට එයත් එක්ක ගමන් යන්න එපා වෙනවා. ලජ්ජා නැත්ද මන්දා. ඒත් ඉතින් තාත්තා අපිව එක්ක යන එකක්යැ? හැබැයි හුඟ වෙලාවට මම නම් සීයාට කෙඳිරි ගෑවා. “කට පියාගෙන යංකො සීයේ! ලජ්ජා නැද්ද?”

 මොට්ටක්කිළියෙන්.......
“ආ චාලි නානා, කොහෙද යන්නේ අද මුනුපුරාල දෙන්නවත් එක්කං.” කියලා මොට්ටක්කිළියෙන් ඔළුවේ බාගයක් වහගෙන හිටි ගෑනු කෙනෙක් ඇහුවත් සීයා උත්තර බැන්දේ හරුපෙකින් පටන් අරන්. 

දැනුයි ඒකෙ අරුමය මට තේරෙන්නේ. අපේ සීයා මුස්ලිම් නොවුණත් එයාලට නම්  ‘නානා’ වුණා. එහෙම අයට පන්සලෙයි, පල්ලියෙයි, කෝවිලෙයි පත්තු වෙන්නේ එකම පහනයි කියලා කියා දෙන්න වෙනමම ‘project’ ඕනෑ වෙන්නේ නැහැ!

දන්නවද? ඒ දවස්වල දෙහිවල බස් නවත්තපු තැන දැන් මහපාර කියලා! 

හෝමාගම පැත්තේ ඉඳන් හයිලෙවල් පාර දිගේ එද්දී මහරගම හන්දියෙන් වමට හැරෙන්න තියෙන පාර තමයි තැන. හරියටම ජාතික තරුණ සේවා සභාව ඉස්සරහින්. 

ජාතසේ මායිමේම වගේ තිබ්බ මහරගම අම්බලම මළගං ගියාද කියලවත් මතක් වෙන්නේ මේ වගේ කොටද්දී විතරයි. ඒත් ප්‍රසිද්ධ වැසිකිළිය නම් තවම විතැන් වෙලා නෑ!

නුගේගොඩින් පටන් ගන්න නුගේගොඩ-දෙහිවල 119 බස් එක ආවම අපි තුන්දෙනා ඒකේ. බොරලැස්ගමුව, බෙල්ලන්විල තිබ්බෙ පැය ගණනාවක දුරින් වගෙයි. කොහොමද මන්දා එව්වා දැන් ළඟට-ළඟට ඇවිත් තියෙන්නේ? හරිම පුදුමයි. 

දෙහිවලට කිට්ටු වෙද්දී, කන්ද උඩදීම ඈතින්-ඈතට නිල්ම-නිල් පාටට මුහුද පේනකොට තමයි අපට ඉස්පාසු නැතිව යන්නේ.

“ළමයෝ ටිකක් ඉන්නවා, දෙන්නම. බස් එක ස්ටේසම ළඟටම ගියාමයි අපි බහින්නේ.” සීයා කියන්නේ අපිව ආයෙමත් වාඩි කරවන ගමන්.

දෙහිවල
වාඩිවෙන එක සැපක් වෙන්නේ හිටගෙන හිටින වෙලාව වැඩි වුණොත්. හිටගෙන ඉන්න එක සැපක් වෙන්නේ ඉඳගෙන ඉන්න වෙලාව දිගු වුණොත්. 

ඒකනෙ බණේ කියන්නේ ‘යම් කිසි වින්දනයක් දිගටම ලබද්දී එය තෘප්තියක් නොවෙන බව හැඟෙයිද, එසේ නම් එය සැපතක් නොවේ. සැපතක් යයි හැඟෙන මායාවක් පමණි.’ කියලා.

ඒ වගේ මේ පෝස්ට් එකත් පමණට වඩා දිගු වුණොත්..... ඔන්න මං නවත්තනවා. තව දවසක් උදා වෙන තුරු!

Wednesday, August 22, 2018

පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස

ගිනිකූරක් ගහනවාත්, එළියෙන් කාමරය පිරෙනවාත් එක්කමය මට හුස්ම වැටුණේ. “ඇයි, ඔයා හීනෙන් බය වුණාද?” අජිත් අයියා ඇහුවේය. ඒ ඇස් පොඩි කරමිනි. කෙතරම් බීතවී හිටියත් මට කෙළින්ම බැලුණේ ඔහුගේ මුහුණයි.

අජිත් අයියාගෙ මුහුණෙන් නම් නින්දෙන් ඇහැරුණු පාටක් පෙනුණේ නැත. එය මට වැටහුණු බවක් මොකට කියනවාද? 

මා උන්නේ ඒ තරමටම තරහෙනි. අනේ, මේක කිව්වාම හිනාවෙන්න එපා. මට ලොකුවටම, හොඳටම තරහා ගිහින් තිබුණේ මා සිපගත් එකට හෝ මා අපයෝජනය කරන්නට සැරසුණු එකට හෝ නොවේ. මගේ නින්ද කැඩූ එකටය! මාව අඩ නින්දෙන් ඇහැරවූ එකටය!!

අජිත් අයියා අත් ඔරලෝසුවට එබුණේය. “තව පැය බාගෙකින් බස් එක තියෙන්නේ. තවම රෑනේ. නිදාගන්න. උදේට යන්න පුළුවනිනේ....”

නිදාගන්නම දෙයි! මට හිතුණේ එහෙමය. දැන් මට ඕනෑ කරන්නේ හිතේ හැටියට නිදා ගන්නටය. වෙන මොනවාවත්ම නොවේ. වැඩිය හොඳ ගෙදරම ගිහින් නිදාගන්න එකය! නිහඬවම, දඩිබිඩියේම කලිසම හා කමිසය අඳින මා දිහා බලා උන් අජිත් අයියා හිටියේ බර කල්පනාවකය.

මට හොඳට මතකය. ඔරුවල-අතුරුගිරියේ සිට පාන්දරින් එන පළමු බසයටය මා නැංගේ. ඒකත් තට්ටු දෙකේ බසයකි. මා නතර වුණේ උඩ තට්ටුවේය.

බස් එකේ එතරම් සෙනඟ හිටියේ නැත. හිටි එකා-දෙන්නාත් මගේ මූණ දිහා බලන බැල්ම මට ඇල්ලුවේ නැත! ඊටත් හපන් ඔවුන්ගේ හැංගුණු හොර හිනාවය. මොකෝ, මං විගඩමෙක්ද? කෙළින්ම ඔවුන්ගෙන් එහෙම අහන තරමේ තරහකින්; මුළු ලොවත් එක්කම තරහකින් දැවෙමිනි මා උන්නේ.

 
මොකෝ, මං විගඩමෙක්ද?
දෙයියෝ සාක්කි! එතකොටය මට මතක් වුණේ. පන්සලේ නාට්ටියට ඇන්ද ඇඳුම් ගැලෙව්වාට මුහුණේ උලාගත් සායම් තවමත් එහෙමමය. 

නිදි මරගාතේ 'නිදි' මුහුණ සෝදාගත්තෙත් නැහැ නෙවැ. තෙත ලේන්සුවක්වත් නැතිව එව්වා මකා ගන්නේ කොහොමද? ඉතින් මිනිස්සු හිනා නොවී ඉඳීවිද? එතන ඉඳන් මුහුණ බිමට ඔබාගෙනය මා මහරගම තෙක්ම ආවේ.

එහෙම එද්දී වුණත් මගේ ඔළුවේ විදුලියක් කෙටුවේය. ඒ ඔහුය, ඔහුමය. මා සිප ගත්තේ අජිත් අයියාමය. 

පන්සලේදී අජිත් අයියා දැහැත් වට්ටියක්ම ළඟට කරගෙන සුවඳ ගහන බුලත් විට කිහිපයක්ම කෑවේය. තද අඳුරේ වුවද මට ඒ සුවඳ දැනුණු බව සිහි වුණේ බස් එකේදීය.

වෛතාලයෙන්ම ගෙදර ආවාම තාත්තාගෙන් හරස් ප්‍රශ්නය.

“මෙන්න වැන්දා, මට නිදාගන්න දෙන්න, ඊට පස්සේ ඕනේ නම් මාව මරාගෙන කන්න!” මගේ සේරම තරහ තාත්තා පිටින් යවා නිදාගත් එකය මා කළේ. මගේ කේන්තිය ගැන දන්නා නිසාමද කොහෙද කවුරුන්වත් එදා මගේ නින්දට බාධා කළේ නැත.

ඉතින් එදා සිදු වුණු සියලුම දේ අද වනතුරුම; මේ වෙනතුරුම තිබුණේ මගේ හිත පතුළේය. කාට කියන්නද? දැන් වුණත්, රහස හෙළි කළත් මගේ හිතේ කහටක් ඉතිරිය. ඒකත් කියලා දාන්නමය හිත. ‘භාව විරේකය’ සිදුවන්නේ එතකොටය.

ඉන් පසුවත් අජිත් අයියා මට කිසිම වෙනසක් පෙන්නුවේ නැත. මා කිසිවක් හෙළිදරව් නොකළ බව තාත්තාගේ හැසිරීමෙන් ඔහු වටහාගන්නට ඇත. මා තාත්තාට ඒ බව නොකිව්වේ ඇට්ටරකමටමද? එදා පාන්දර එසේ පලා ඒම ගැන විටෙක මට ඇති වුණේ කනස්සල්ලක්ද? නිකම්ම කුතුහලයක්ද? නැත්තං අලුත් අත්දැකීමක් ලැබීමේ අවස්ථාව මඟ හැරී ගිය බවට හැඟීමක්ද?

දැන් මා කියන්නට යන දෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වගකීමකි. ඇත්තම කීම මගේ වගකීමයි.
  
යළිත් ඔහු හා හුදෙකලා වීමේ ආසාවක්ද....
එදා වෙන්නට ගියේ මොකක්දැයි අජිත් අයියාගෙන්ම, ඔහුගේ මුවෙන්ම අසා ගන්නට නොතිත් ආසාවක් මට තිබිණි. ඒ මුවාවෙන් යළිත් ඔහු හා හුදෙකලා වීමේ ආසාවක්ද හිතේ කොනක තිබුණා වාගෙය. 

සිහිනෙන් ගෑ සුවඳක් ලෙස අර කළුවර උණුසුම්; හුස්මේ සංවේදනයත් මට වරින්-වර දැනෙමින්, මා උණුසුම් කරමින් තිබිණි. එදා මා කලබල නොවුණා නම් යන හිතිවිල්ලකුත් මට වද දෙමින් තිබුණු බවත් මෙතැනදී සැඟවිය යුතු නැත. මගේ හිත චංචලය; අසංවරය, ජාගරය. සමහර විටක අශික්ෂිතත් එක්කය.

ඉතින් යළිත් අජිත් අයියා හමු වීමේ නොතිත් කුතුහලාත්මක ආසාවකින් දැවුණද, එයට තරම් දහිරියක් මට ආවේ ඊට අවුරුදු දෙක තුනකට විතර පස්සේය. දහිරිය තිබ්බත් ඒ ගමන යන්නට ඉස්පාසුවක් හොයා ගැනීම පහසු වුණේ නැත. විශේෂයෙන්ම, තාත්තාට හොරෙන් එහෙම යන්නට ඉඩක් හොයා ගැනීම කොහොමත් ලේසි වුණේ නැත.

ඒ වෙද්දී අජිත් අයියා හිටියෙත්, පස්වෙනි හරස් වීදියෙන් ගිහින් ගමේම සැලූන් එකක් දමාගෙනය. මං ඔහු සොයාගෙන එහෙට ගිහිල්ලාත් වුණු දෙයක හැටි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූ දා ඇත්තටම අමාවක දවසක් වුණේය.
  
පන්සලේ නටපු පුතා
“අනේ, මේ අර පන්සලේ පිංකම දවසේ නටපු පුතා නේද? ඇයි, අජිත් පුතා කිව්වේ නැත්ද? දැන් එයා ඉන්නේ ගොඩක් ඈත. පවුලගේ ගෙදර! තවම මෙහෙ සැලූන් එක කුලියට දෙන්න කෙනෙක් හම්බ වෙලාත් නැහැනේ ළමයෝ.” අජිත් අයියාගේ ගෙදර හිටි කවුදෝ ගෑනු කෙනෙක් කීවාය. අජිත් පිළිබඳ පරිච්ඡේදයට ‘කුණ්ඩලිය’ වැටුණේ එහෙමය.

මෙහෙම දේවල් වෙන්නේ උදාවන අවස්ථා අනුවද? එහෙමත් නැත්නම් ඉරණමේ ලියැවී තිබෙන විදියද මේ? කොහොම වුණත්, මට නම් ඒ හැමෙකක්ම රසබර අත්දැකීමකි. බාධක, අවහිර, ප්‍රශ්න සියල්ල අපේ ජීවිතය රසවත් කරන්නේ නැත්ද?

හිරිමල් සිනා රැළි පෙණ පිඬු       මිහිරිතම
ගල්පරවලම හැපි හැපි බිහි කරමි        මම
සම තැනිතලාවල මතු වෙයි       අලසකම
නිරසයි අතරමඟ අවහිර නොදුටු         බිම

එහෙම කියා තිබෙන්නේ එච්.එම්. කුඩලිගම කිවිඳුන්ය. ‘ගංගාවේ ගීතය’ පැදි පෙළෙහිය. ඒක කොච්චර නම් හැබෑවක්ද?

දැන් මගේ අතේ දසක හයකටත් වඩා පැරැණි ආරාධනා පත්‍රයක් තිබෙයි. ඒක හොඳටම දිරාපත් වෙලාය. ඒත් තවමත් කියවාගන්නට, ෆොටෝ එකක් ගන්නට තරම් සවිමත්ය. ඉතින් මට කරන්නට තිබෙන්නේ එහි පිටපතක් මෙහි බහා ලන එකය.

  
 ඒ දවස්වල අපි සෞභාග්‍යවත් පවුලක් වීමු. තාත්තාට හරක් පට්ටියක් තිබිණි. සල්ලි පොලියට දෙන එකෙනුත් තව ආදායමක් ලැබිණි. කනකර බඩුත් උගසට ගත්තේය. ඒ අතරේය රේල්ලුවේ ‘ෆයර්මෑන්’ රස්සාවත් කළේ. තාත්තාට එව්වායින් සරු නැතිනම් ලොකු පුතාගේ ඉඳුල් කට ගෑම වෙනුවෙනුත් උත්සවයක් ගනීවිද?

එතන සිට අවුරුදු දහයක් ගතවෙද්දී සේරෝම නැති භංගස්ථානවී, නැත්තටම නැතිවී ගිය හැටි කියන්නට අද තාත්තා නැත. එව්වා සහසුද්දෙන් දැන හිටියේ ආච්චිලා, සීයලා, තාත්තා හා අම්මාය. මා දන්නෙත් ඒ දිනවල කියවුණු අංකොන් විතරය. එහෙම දැනුම්වත් අයගෙන් අද ඉතිරිව ඉන්නේ අපේ අම්මාය.

අපේ අම්මා මට නම් විශ්වාසවන්ත මූලාශ්‍රයක් නොවේ. අම්මා කියන්නේ තමුන්දෑව ‘up’ කරගනිමිනි. ඒ හින්දාම මා කියන්නේ පරම්පරාවේ කතාව නොවේ. මගේ කතාවය. නිදිගේ කතාවය. එහෙම කරන්නේ මට ඇති සම්පත් භාවිතයට ගනිමිනි.

ඒකට අනුව නම් ඊළඟට තවත් අත් පත්‍රිකාවක්; hand bill එකක් මෙතනට දාන්න වෙයි. ඒක මං අච්චු ගැස්වූ එකක් නොවේ. වත්තේගෙදර සුචරිතවර්ධන ළමා සමිතිය ‘මුද්‍රණද්වාරයෙන් පැහැරවූ’ එකකි. 

ටක්කෙටම කියනවා නම් අමරදාස ඩී. ප්‍රේමසිරි අච්චු ගැස්වූ එකකි. ඒ පැත්තේ අය නම් ඔහුට කිව්වේ ‘ෂෙල්ටන්’ කියලාය. ෂෙල්ටන් අපේ ගෙදරට ආවේ ‘අජාසත්ත’ පෙන්නුවාට පස්සේය. ‘විධුර’ට ඉස්සෙල්ලාය. ඔහුත් නාට්‍යකාරයෙකි. මගේ පේව්මන්ට් රස්සාව දැනගත් පසු ෂෙල්ටනුත් එයාලගේ ගෙවල් පැත්තෙන් මට ‘නටන්නට’ ඉඩ හදා දුන්නේය. මේ එහෙම දේකට පළ කළ පත්‍රිකාවකි.


ඉතින් ඒ ‘මුද්‍රිත සාක්ෂි’ දෙක මට ඔච්චම් කරයි; කොකම් පායි. 

‘නිමල්ලගේ ගෙදරට අවුරුදු දහයක-දොළහක කාලයකදී වෙච්ච වෙනසක්!’ සහතික ඇත්තය. බදුල්ලේදී ඉඳුල් කටගාන එකත් මහ ඉහළින් සැමරූ ‘ගුණපාලගේ’ ලොකු කොල්ලා දැන් පන්සල්වල නටයි. සමිතිවල, ඉස්කෝලවල නටයි. ගෙන්දගම් පොළොවේත් හැමදාම ‘නටයි’.

එහෙම නිතිපතා කොළඹ ගෙන්දගම් පොළොව පාගන්නට ගියත්, ඒ මරිසි පුරවරයේ හක්කලං කළත්, නානාප්‍රකාර උගුල්-අංචි අස්සෙන් රිංගුවත් ගුණපාලගේ ලොකු පුතා; නිමල් දිසානායක වෙනස් වුණේ නැත.

එතෙක්- මෙතෙක් මා මත්පැන් බිඳක් කට ගා නැත. දුම් වැටියක් උරා නැත. මා ඒ බව කියන්නේ සාඩම්බරයෙනි. 

හැබැයි අද දක්වාමත් හොඳට කන-බොන අය මගේ මිතුරන්ය. සුචරිතවත් මෙන්ම දුශ්චරිතවත් අයත් මගේ මිතුරන් අතර ඇත. ‘හිත හොඳ පපුවෝ’ වැඩියෙන්ම ඉන්නේ දෙවනු කී ගොඩේ වීමය පුදුමය! මහරගම පළමු කුඩ්ඩෝ කිහිප දෙනාමත් මා විවිධ මට්ටමින් ඇසුරු කළ අයයි. එහෙත් ඒ කිසිවෙක් කිසි විටෙක මට ඒවා පිරිනමා නැත. ‘යාලු ෆිට් එකටවත් සිප් එකක් ගන්නැයි - දුම් උගුරක් අදින්නැයි’ කියන්නේ නැත. හැබැයි ඒ මට ඇති බයකට නොවේ. කිව්වාට මා නොඅසන බව දන්නා හෙයිනි.

මහරගම පළමු කුඩ්ඩෝ.....
අපේ ඇසුරට වැටෙන අය, අපට ඇසුරට ලැබෙන අය වෙනස් අය වන්නට තිබෙන ඉඩ වැඩිය. මොන මට්ටමේ අය ඇසුරු කළත් තමා තමන් ලෙසම ඉන්නට නම් කෙනෙකුට ‘තද ගටක්’ තිබිය යුතුමය. මා හිතන්නේ මට ඒක නම් අඩු නැතිව තිබෙන බවයි! (පම්පෝරියක්, හොඳේ!) ඒ ශක්තිය නිසාමද කොහෙද මා කවදාවත් කෙනෙකුගේ දුප්පත්කම, කුලහීනකම හෝ පහත් යයි සම්මත රැකියා කිරීම ගැන තැකුවේ නැත!

එවන් මිනිහෙකි; සැබෑ මිනිසෙකි විජේ මාමා! රත්තරන් හදවතක් තිබුණු, අනුනට නොව තමන්ටම වැරැදි කරගත් මනුස්සයෙක්.... ඔහු මට එළියක් දුන්නේය.

ඒ කාලයේ පමුණුව පාරෙන් කාලකටවත් විදුලිය තිබුණේ නැත. 

මුලදි-මුලදී නම් මා රෑ බෝවී එනවිට තාත්තා හෝ සීයා හෝ මඟට ඇවිත් හිටියත් ටිකෙන්-ටික එය නැවතිණි. තාත්තා කියූ විදියට නම් ඒකේ වැරැද්දත් පැටවුණේ මගේ පිටටමය. “උඹත් දැන් හෙටානිද්දා ඉලන්දාරියෙක් වෙන්න කිට්ටු එකේ කළුවරට බය වෙලා බෑනේ. දැන් තියාම පුරුදු වුණාම හරි”.

තමන්ගේම ලෙයින් සහජාත පුතා ගැන අපේ තාත්තාට උණු වුණේ නැතත් විජේ මාමාට උණු වුණේය. විජේ මාමා කළේ හන්දියේ මුට්ට කර ගැසීමය. 

උදේ ඉඳන් රෑ වෙනතුරු අනුන්ගේ බර උස්සන විජේ මාමා, හැන්දෑවට තමන්ගේ බර අමතක කරගන්නට කසිප්පු බොයි. ටිකක් හෙමත් නොවේ. කරටිය කැඩෙන්නමය.

මුට්ට කර ගැසූ.....
විජේ මාමාටත් දරු කැලතක්ම හිටියේය. බිරියත් ‘හිත හොඳ අම්මණ්ඩියෙකි’. හිත හොඳ වුණාට ඒ අම්මණ්ඩිත් දරුවන් ගැන තැකීමක් කළේම නැති ගානය. 

මං එහෙම කිව්වේ ඒ ගෙදර ගැහැණු ළමයි සේරගේම ඔළුවේ රොතු පිටින් උකුණෝ නලියාපු හැටි තවමත් මතක හින්දය. එයාලාගෙ ලොකු දූ මල්ලිකාත් අපේ නාට්‍යවලට ආවාය. ඒ අවශේෂ චරිතවලටය. අපේ තාත්තා එව්වා දුන්නේ රඟපාන්නට බැරි ළමුන්ටය. රඟපාන්නට බැරි වුණත් මල්ලිකා එකම-එක සින්දුවක් හොඳටම ගයන්නට දැනගෙන උන්නාය.

‘නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා...” එතකොටත් අපේ ගෙදර රේඩියෝවක් තිබුණේ නැත. මඟ තොටේ යද්දී ඇහෙන එව්වා විතරය, මා දැනගෙන උන්නේ. ඒකෙත් හොඳක් තිබිණි. සැරයක් දෙකක් ඇහෙනකොටම සිංදුව පාඩම්ය.

“දරුවෝ, ඔය ළමයා කොහොමද රෑ වෙලා කළුවරේ තනියම ගෙදර යන්නේ? මං ඕකට හොඳ බඩුවක් හදල දෙන්නම්කො!” විජේ මාමා දවසක් කිව්වේය. 

ඔහු දේශපාලන+අඥයෙක් නොවේ. ඒ හින්දා මට දුන් පොරොන්දුව ඉටු කළේය.

........හරියටම මල් බාල්දියක් වගෙය
විජේ මාමා සාදවා දුන් බෙලෙක් ලාම්පුව හරියටම කුඩා මල් බාල්දියක් වාගෙය. ඒකට භූමිතෙල් පිරවිය යුතුය. දිගු නටුවේ කටට ලොකූ පාන්කඩයක් ගැසීමෙන් පස්සේ පත්තු කරන්නට හැකිය.

“පුතේ, ඔයා රස්සාවට යනකොට මේක අරන් ඇවිත් පාර කෙලවරේ අකුලක් යටං හංගලා යන්න, ගිනි පෙට්ටියකුත් එක්ක. රෑ වෙලා යනකොට මේක පත්තු කරන් යන්න.” විජේ මාමා මට කිව්වේය.

විජේ මාමේ, ඔයාට නිවන් සැපම ලැබෙන්න ඕනේ කියලා මං විතරක් නෙවෙයි, මේක කියවන සංවේදී හදවත් තියෙන හැමෝම මාත් එක්ක ප්‍රාර්ථනා කරාවි. (ඒ හිත හොඳ මනුස්සයා විතරක් නොවේ, ඔහුගේ එකම පුතාත් තාත්තාගේ රස්සාවේම නියැළී හිඳ අකල් මරණයකට ගොදුරු වුණු බවයි ආරංචිය.)

ඉතින්, අපි දැනට පිල්ලුම් (දියවිනි ඉනාවෙදී මං පිල්ලුම් ගැන කිව්වේ.) නවයක් ආවා. දිගයි නේද? බලමු, දහයෙන්වත් නවත්තාගන්න, ලබන සැරේ!