li Item

Monday, August 2, 2021

දාහතර වෙද්දී... - හත්වෙනි කොටස

කරන්නට බැරි දෙයක් නොකියන්න!

ඒ වෙළෙඳ ව්‍යාපාරය තිබ්බොත්, රාජා හමු වුණොත්.... ඒ දෙකම වැටෙන්නේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාගණයටය. ඒවා හරි ගියොත්, මේ විස්තර ලියන මගෙත්- කියවන හිතාදර පාඨක ඔබෙත් වාසනාවය!

මං පසුගිය පෝස්ටුව ඉවර කළේ එහෙම කියලාය. 

මං පුංචි කාලයේදීම අපේ තාත්තා නිත්ත-නිරන්තරයෙන්ම අපට කියන්නට පුරුදුවී හිටියේ ‘අම්මව දෙනවයි කිව්වා නං, 'තාත්තව ගස් බැඳලා හරි දීපල්ලා’ කියලාය. ඔය කතන්දරේ කොච්චර වටිනවාදැයි හිතෙන්නේ අදය. සමහරෙකුට නං ඕක කුණුහරුප කතාවක් වගෙය!

‘කරන්නට බැරි දෙයක් නොකියන්න!’ කියන පාඩම අපේ තාත්තා අපට ඉගැන්නුවේ එහෙමය.

‘මං මළත් පෙට්ටිය ගෙදර තියෙද්දී හරි වෙලාවට නාට්‍යය පෙන්නපල්ලා.’
1966දී; මට අවුරුදු දොළහේදී;
අපේ ‘අජාසත්ත’ නාට්‍යය පුහුණුවෙන කාලයේදී ඔය වගේ පාඩම් ගොඩක්ම අපේ තාත්තා කියා දුන් හැටි මට තවම මතකය. ඒ දේවල් වැඩියත්ම කියැවුණේ මටමය. අපේ සුනිල් ඔහොම දේවල් අහගෙන ඉන්නා ජාතියේ කොල්ලෙක් නොවීය.    

ඒ අතින් බැලුවාම අපේ තාත්තා දඹ රත්තරන් කඳකි.
අද කාලේ සුදු රෙදි ඇඳගෙන හෙළුවෙන් ඉන්නා ගරු කටයුතු බොහොමයක් දෙනාගේ තාත්තලාත් එහෙම ප්‍රතිපත්ති ගැන දැනගෙන ඉඳලා නැති පාටය. එයාලා මොනවා හිතාගෙන පුතාලා ජාතක කළත්, දරුවන්ට එහෙම ගුරු-හරුකම් දීලා නැති එක රටේම අවාසනාව වී තිබේ!

.... සාප්පුව තිබුණේ උඩු මහලකය. බිම් මහලේ චීන දත් බැඳුම්කරුවෙක්හිටියේය.

“මොකඩ්ඩ ටාට්ටේ....”  වගේ විහිළුත් ඉඳහිට කළ ඔයා
‘වගකිව යුතු මව්පිය භාවය නොදත් කෙනෙකි’යැයි මට කියැවුණත්, ඔබට නිවන් දකින්නට මෙහෙම දේවල් අපට ඉගැන්වූ පිනම ඇතිය!   

එහෙම ඉගෙනගත් පුරුදු ඇඟටම පත්තියන් වෙලා තියෙන හින්දාත්, මට මාවම රවට්ටා ගන්නට බැරි හින්දාත් අද; අගෝස්තු පළමුවෙනිදා උදේ වෙනකල්ම මේ පෝස්ටුව ලියන්නට අත තිබ්බේ නැතිය.
එහෙම කළේ ‘ආර්වින්ස් ටේලර්ස්’ ආයතනයට ගිහින් ඇවිත් මිස post එක නොලියන්නට තරයේම හිත හදාගෙන හිටි බැවිනි.

ආර්වින්ස් ටේලර්ස් ආයතනය තිබ්බේ මහරගම සරසවි පොත් සාප්පුවට යාබදවය. (එදා සරසවි පොත්හල තිබුණු තැන දැන් තියෙන්නේ ‘සසිරි පොත්හල’ය. ඒ සරසවිය දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශන ආයතනයක් දක්වා දිගු ගමනක් ඇවිදින්ය.) 

ඉතාම කණගාටුවෙන් කියන්නට වෙන්නේ දැන් ඒ ආර්වින්ස් ආයතනය එතැන නැති බව අද උදේ මං දැකගත් බවයි. ඒ නිසා රාජා සොයා ගන්නට විදිහක්- ඉඩක් නැත. මගේ මතකය විතරක් පහුරු ගාමින්ය දැන් ලියන්නේ.

ආර්වින්ස් ටේලර්ස් සාප්පුව තිබුණේ උඩු මහලකය. බිම් මහලේ ‘චීන දත් බැඳුම්කරුවෙක්’ හිටියේය.

මං පේමන්ට් රස්සාව කරන සංදියේම, අපේ අම්මාත් මාස කිහිපයක් ආර්වින්ස් එකේ ඇඳුම් මහන්නට ගියාය. එතකොට කිහිප සැරයක් එහාට ගොඩ වැදී තිබුණත් මට ‘රාජා’ව මුණගැසී තිබුණේ නැත. රාජාව මට මීටර් වුණේ බණ්ඩාරවෙලට ගිය පළමු දවසේ රාත්‍රියේය!
ඒ මොකටද? අපේ කෙල්ලෙක්වත්ද මචං උඹ දාගෙන ඉන්නේ... 
කියලා රාජා මගෙන් ඇහුවාමය. එවෙලෙ ලජ්ජාවෙන් රතු වුණත්, පස්සේ වෙලාවල හමු වුණාම රාජා එක්ක කතා කරන්නට මා පැකිළුණේ නැත.

සති දෙකෙන් මේ trip එක ඉවර වෙන දවසේ....

එහෙම වෙලාවකය රාජා කාගෙ කවුරුන්දැයි කියලා හෙළි වුණේ.

“අපේ අම්මත් ඔයාලගේ තාත්තා ළඟ මහන්න ආවනෙ ටික කාලයක්...” මම කීවෙමි.
“තාත්තා එක්ක ඔළුව ගහගෙන ඉන්න බැරිව, නවතින්න ඇති!” රාජා හිනා වෙමින් කිව්වේය. ‘එහෙම පාටක් නං මං දැක්කේ නැහැනෙ.’ එදා මා කීවේ ඇත්තටමය.

වඩා උසත් නැති, මිටිත් නැති, එතරම් මහත දෙහෙතකුත් නැතිව හිටි ‘ආර්වින්ස් මුදලාලි මහත්තයා’ තවමත් මගේ හිතේ රැඳී සිටියි.
ඒ ඔහුගේ සුදු සරමත්, කමිසයත්, තට්ටයත් හින්දාය;
‘මේ මගේ ලොකු පුතා’ යැයි අපේ අම්මා මාව මුදලාලිට පෙන්නුවාම, හිනාවී මගේ ඔළුවත් අතගෑ හින්දාය.

රාජාත් කෙට්ටුය. තළෙළුය. හීනි ගිනිකූරු cut රැවුලකුත් තිබ්බේය.
මේ තරමටම රාජා මගේ මතකයේ ඉන්නේ, එයා දීඝායුගේ මිතුරෙකු වුණු නිසා නොවේ.... මට කිසිදා අමතක නොවන; එක සොඳුරු- විසිතුරු- අපූරු රාත්‍රියක එයා ‘විජය’ වුණු නිසාය.
මේ කියන්නට යන්නේ ඒ කතන්දරයයි!

බුවෙනකබාවේ සිසුන් බාරව ගිහින් හිටි ගුරුතුමාත්, අපේ ‘ආනන්ද සරුත්’ අප දොළොස් දෙනාවම ගෙන්නාගෙන වැදගත් කාරණයක් දැනුම් දුන්නෝය.

“සති දෙකෙන් මේ trip එක ඉවර වෙන දවසේ ලොකු උත්සවයක් තියන්න දැන් ලැහැස්ති වෙනවා..... බණ්ඩාරවෙල Town Hall එකේ.... මතකයි නේද... මෙහෙ ළමයිනුත් අන්තිම දවසේ නාලන්දෙදී එහෙම කොන්සර්ට් එකක් කළා.... අපිටත් ඒ වගේ එකක් කරන්න වෙනවා. මොකද කියන්නේ?”

ඒ කතාවට මුල පිරුණේ එහෙමය.

“මචං... මේ බට්ටලා තමයි හැම අවුරුද්දෙම පොසොන් එකට මහරගම හන්දියේ නාට්‍යයක් පෙන්වන්නේ.... මිනිහා කලාකාරයා... නිමල්, මේ ප්‍රසංගයටත් කරමු පුංචි නාට්‍යයක්....” ආනන්දයියා කිව්වේ බුවෙනකබාවේ සර්ට මාව පෙන්වමිනි.

නාට්‍යයක්... නිකම්ම නාට්‍යයක් කළාට මදිය. කරනවා නං...

“එහෙනං නිමල්... අපේ ඉස්කෝල දෙකෙන්ම කට්ටිය එකතු කරලා මේක කරන්න පුළුවන් වෙයි නේද?” ඒ ගුරුතුමා කලින්ම ආනන්දයියාට ඒ අදහස කියලා තිබ්බා වෙන්නැති. ආනන්දයියා ඔළුව හෙලෙව්වේය.

‘නාට්‍යයක්... නිකම්ම නාට්‍යයක් කළාට මදිය. කරනවා නං වඩාත් ලස්සනට- පිළිවෙලට....’ මගේ හිතාතුළේ විදුලියක් කොටාගෙන යද්දී, ඒ මොහොතේ මට මතක් වුණේ වසන්තවයි. එයාලවත් උදව්වට ගත්තොත්.......
වැඩි දෙනෙකුගේ උදව් ගත හැකි නම් වැඩක් කිරීම පහසුය. එකම ප්‍රශ්නය ඒ හැම දෙනෙකුම නිසියාකාරව මෙහෙයවීමට දැනගෙන සිටිය යුතු වීමයි...

දරු කැලතක්ම ඉන්නා පවුලක වැඩුමලා වීමේ වාසිය, ඒ මෙහෙයවීමේ පුරුද්ද අත්දැකීමෙන්ම මට ලැබී තිබීමය. එච්චරකුත් නොවේ. දිසානායක ජානවලිනුත් ඒ හැකියාවන් මට උරුම වෙලාය.
“සර්, අපි මේකට වසන්තලා කට්ටියවත් එකතු කර ගම්මුද?” මම ඇසුවෙමි.
 

එතකොට නං රණවක නළියව්වේය. එයා මොකුත් කියන්නට කලින්ම ප්‍රශ්නයක් ඇහුවේ ආනන්දයියාය. “නිමල්ගේ තව යාළුවො ඉන්නවද හවුල් කර ගන්න ඕනි?”
ආනන්දයියාගේ ඇණුම් පදය බුවෙනකබාවේ සර්ට වැටහුණේ නැති පාටය.

“නෑ මචං, අපි එයාගෙන්ම අහමුකෝ නිමල් එහෙම යෝජනා කළේ ඇයි කියලා...” බුවෙනකබාවේ සර් කිව්වේය.

“සර්.... යාළුකමක් නිසා නෙවෙයි. වසන්තලගේ ඉස්කෝලෙත් එකතු කර ගත්තොත්, නාට්‍යයට සංගීතෙත් දාගන්න පුළුවන්...” බොන්ගොස්පෙයාර් එකත්, මවුත්ඔර්ගන් එකත් සිහිපත් කරමින් මට කියැවිණි. 

එතකොට නම්, මගේ යෝජනාව සම්මත වුණේය. මට පැසසුමකුත් ලැබුණේය. “ආනන්ද... ඔයා කිව්වා හරි. කොල්ලා කල්පනාකාරයා... මිනිහා වැඩේ නූලට කරයි වගේ...”

සර්ලා දෙන්නා ඒ වෙලාවේම වසන්තලාගේ ගුරුතුමාවත් හමු වෙන්නට ගියහ. ඒ විවිධ ප්‍රසංගයට පාසල් තුනක්ම එකට එකතුවී, එක පරිපූර්ණ අංගයක් ඉදිරිපත් කරන්නට මුල පිරුණේ ඔවුන්ගේ එකඟත්වයෙනි.

... පුංචි රාහුල හාමුදුරුවෝ. උදේට වැලි මිටක් අතට අරගෙන...

කෙනෙකුගේ ජීවිත කතාවක් කියවීමෙන් තවත් කෙනෙකුට සතුටක් විතරක් ලැබිලා මදි බව මගේ හැඟීමයි. මට නම් එහෙමය.

පොතක් කියෙව්වත්, චිත්‍රපටයක්- නාට්‍යයක් බැලුවත් එයින් රසයක් වගේම ජීවිතයට පාඩමකුත් ගන්නට ඇහැකි නං මං සතුටුය. අහලා ඇති නෙව පුංචි රාහුල හාමුදුරුවෝ. උදේට වැලි මිටක් අතට අරගෙන පැතුවාලු ‘මේ වැලි ඇට තරම් ගණනක් අවවාද, අද මට ලැබේවා!’ කියලා.

ඉතිං, හිතාදර ඔයාලගේ data පුච්චාගෙන- වටිනා කාලය වැය කරගෙන මේ මැටිමෝල් වහන්සේගේ ජීවනාන්දරය කියවීමෙනුත් ඔයාලට පාඩම් දෙකක් ඉගෙන ගන්නට පුළුවන් වෙතැයි සිතමි;
යමක් කළ යුතු විදිය
යමක් නොකළ යුතු විදිය කියලා, ඉතාම කෙටියෙන් ඒ ක්‍රම දෙක උලුප්පා පෙන්නුවාම බුද්ධිමත් ඔයාලාට ඇති නේ?

අවුරුදු දාහතරේදී විතරක් නොවේ, අදත් යම් වැඩක් කරනකොට, පුළුවන් තරම් පිරිසක් එයට සම්මාදම් කර ගන්නට මං කැමැතිය. ඒ වගේම අනෙක් අයට දිය යුතු ගෞරවය දෙන්නටත් කිසිම ලෝබකමක් මට නැත. එහෙම කරන නිසාදෝ, මට උදව් කරන්නට හිතවත් අය එමටය!

මා දන්නා ඉතාම දක්ෂ මහත්තයෙකු දවසෙන් දවසම පිරිස් බලයෙන් හීන වෙමින් යන හැටි කාලයකට පෙර සිටම මට පෙනෙයි. ඔහු සමඟ ගමනක් යාමට; වැඩක් කිරීමට අකමැති බොහෝ දෙනා, ඒ බව එයාට කියන්නට මැලි වෙති;
ඔහු නැති තැන; අනභිමුඛයේ ඇති තරම් විවේචනය කරති. මුලින්-මුලින් මට හිතුණේ ඒක දුෂ්ටකමක් කියලාය.
කිව්වාට වැඩක් නැත්තං; අහන්නෙත් නැත්තං; පිළිගන්නෙත් නැත්තං..... වෙන මොනවා කරන්නද කියලා මටත් තේරුණේ පසුවය.
දේශපාලනයටත් බැහැලා හිටි ඒ මහත්තයාට, සුදුසුකම් තිබිලාත් ඉහළට යන්නට බැරි වුණේ ‘පිරිසක් එක්ක වැඩ කරන කලාව නොදත්කමත්- අනුන්ට credit දෙන්නට තියෙන මසුරුකමත්’ හින්දා බව මගේ නිගමනයයි.

නැටුම්වලින්? අපි දන්න නැටුමක් තියෙනවද.... (foto- හෙන්රි රාජකරුණා)

මදැයි, මටම සම්මානයක් දීගන්න ගිහින් කියන්න වුණු විස්තර තොගේ!

වසන්තලාගේ පාසලේ කණ්ඩායමත් අපට එකතු වුණාම දහ අට දෙනෙකි. “කොහොමද නිමල් දහ අට දෙනාම එකතු කරගෙන මේ වැඩේ කරන්නේ?” බුවෙනකබාවේ සර් ඇසුවේය. බුවෙනකබාවෙන්ම උත්තරයක් මගේ ඔළුවට ආවේ එතකොටය.

හිතවත් සුමිතුරු උදේනි අල්විස්ගේ ‘නැටුම් බාප්පා’; බුවෙනකබාවේ නැටුම් ගුරුවරයා; එඩ්වඩ් ලොකුලියනගේ මහත්තයා! 
මට කල්පනා වුණේ එතුමාගේ ‘මැණික්පාලි නාට්‍යය’යි.

“අපිත් නැටුම්වලින් නාට්‍යයක් කරමු!” මම යෝජනා කළෙමි.

“නැටුම්වලින්? අපි දන්න නැටුමක් තියෙනවද.... නිමල්, අපෙන් කීයෙන් කී දෙනාද නැටුම් කරලා තියෙන්නේ....?” මූලික සාකච්ඡාවේදීම රාජා ඇසුවේය.
ඒ සාකච්ඡාවට දහ අට දෙනාම එකතු කරවා ගත්තේ නැත. ඕනාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට ගියාමත් බැරිය. එතකොට කතාව මිස වැඩක් කරන්නට බැරි වෙයි!
ඉස්කෝල තුනෙන්ම දෙතුන් දෙනා බැගින්... කැපී පෙනෙමින් හුන් නායකයන් විතරක්ය, එදා කතාවට එකතු වුණේ.

එදාට වඩා ගොඩ කාලයකට පස්සේ මට ඉගෙන ගන්නට ලැබුණු අපූරු පාඩමක් මං ඔයාලාට කිව්වා මතකය. සත්ත්ව ප්‍රජාවක උපදින පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් නායකත්ව ලක්ෂණ දරයි. ඔබට ඔවුන්ව හඳුනාගත හැකි නම්, ඔවුන්ගේ සහාය ලබාගත හැකි නම්.... ගණන් හදා බැලීම හරි ලේසිය!

ඉතිං, අර සාකච්ඡාවට සහභාගී වුණු ගොඩේ රණවකත් හිටියේය.

ඒ කරුණාව දරා ගන්නට තරම් අසීරු එකක්...

රණවක?

ඔව්, රණවකත් සිටියේය... මට පෙන්වන්නට බැරි අයගේ ගොඩේ හිටියත් රණවකගේ එඩිතර ගතියක්; පෙරට එන ගතියක් තිබුණේය. අපේ ඉස්කෝලේ කැඩෙටින් ටීම් එකෙත් හිටි රණවක, අණ දෙන්නටත් හපනෙකි.
“නිමල්, මේ වෙලාවේ රණවකවත් ළඟින් තියා ගන්න... නැත්තං ඒ මනුස්සයා පස්සෙන් ඉඳගෙන මොන මොන අංචි අදියිද කියන්න බෑ!”

දීඝායුගේ අවවාදයත්, ඒ පියවර ගැනීමේදී මට අමතර සවියක් විණි.

මට ඒ අදහස දීමෙන් වුණේ, දීඝායු කෙරෙහි වූ ළබැඳි හැඟීම තවත් වැඩි වීමයි. ඒ වෙනවිටත් දෙතුන් වතාවක්ම, උදේ පාන්දරින් මගේ සුදු සරම හෝදන්නට සිදුවී තිබිණි.
දත් මිටි කෑවත්, මගේ මර නින්ද ගැන චෝදනා කළත්, එතැනදී දීඝායු පරිණත වැඩිහිටියෙකුසේ මට තව-තවත් කරුණාවන්ත වුණේය; අනුකම්පා සහගත වුණේය.
වතාවක් හෝ දෙකක් උදෙන්ම මගේ සුදු සරම සෝදා දුන්නෙත් දීඝායුමය!

අපේ ඇඳුම් අපම සෝදා ගන්නට පුරුදුවී හිටි මට, දීඝායුගේ ඒ කරුණාව දරා ගන්නට තරම් අසීරු එකක් විණි.

අනෙක් අතට.... ඔව්! ඇත්තම කියමි.
එතනට අපව තල්ලු කළ; අපව ඇද දැමූ රණවක කෙරෙහි පවා මගේ සිතේ පහන් හැඟීමක් ඇති වෙමින් තිබුණේය. රණවකගේ නොපනත්කම් නොවන්නට දීඝායු මට මේ තරම් සමීප වන්නේ නැත. සමහර නරකකිනුත් යහපතක් වෙනවා නේද?

ඉතිං, නැටුම් නොදන්නා අය වැඩිය කියා රාජා කියූ තැනට....

තුට්ටු දෙකේ අශ්වයා වැටට උඩින් පන්නවනවා වගේම උගෙ කකුල් දෙක නොකැඩෙන්නත් පරිස්සං වෙනවා!

“මෙහෙමයි රාජා.... අපි නැටුම් සංදර්ශනයක් පවත්වන්න යනවා නෙවෙයිනේ. ඔයාට මතකයිද බුවෙනකබාවෙන්ම කරපු ‘මැණික්පාලි’..... ලොකුලියනගේ සර් කළේ...”

“මොකද මතක නැත්තේ... හැබැයි නිමල්... නැටුම් සර්ලා ඒ නාට්‍යයට මාස ගාණක් තිස්සේ පුරුදු වුණානේ... අපිට කොහෙන්ද එච්චර පුරුදු වෙන්න වෙලාවක්...” රාජාත් දීඝායුත් එක හඬින්ම කීවෝහ.

මැණික්පාලි සාමාන්‍ය වේදිකා නාට්‍යයක්; නාට්‍ය ධර්මී ගණයේ නාටකයක් නොවීය.
මගේ මතකය නිවැරදි නම් එය අර්ධ ශෛලිගත නාට්‍යයකි.
එහි ප්‍රධාන චරිතය වන මැණික්පාලි බිසවුන් වහන්සේගේ චරිතය නිරූපණය කළේ ‘බියට්‍රිස් බටගොඩ’ මෙනෙවියයි. (සම්මානනීය සංගීතඥ
රෝහණ වීරසිංහයන්ගේ ප්‍රියම්බිකාව වූයේ ඇයයි.) 

“මෙහෙමයි... තුට්ටු දෙකේ අශ්වයා වැටට උඩින් පන්නවනවා වගේම උගෙ කකුල් දෙක නොකැඩෙන්නත් පරිස්සං වෙනවා වගෙයි අපිට මේ නාට්‍යය කරන්න වෙන්නේ...” මම කිව්වෙමි. (ඒ උපමාවත් අපේ තාත්තාගේ කටේ නිතරම රැඳී තිබුණු එකකි.)
“නාට්‍යයක් කිව්වට විනාඩි පහ-හයක්වත් දිග එකක් නොකරන්නයි මට හිතෙන්නේ.....”

“එච්චර කොටට....” රණවකටත් කියවුණේය.

“ඒක තමයි නුවණක්කාර විදිහට නං අපට කරන්න තියෙන්නේ.... දිග වෙන්න වෙන්න තමයි අඩුපාඩු පෙනෙන්න ගන්නේ.... මැජික් එකක් වගේ කොට වෙච්ච තරමට ලස්සනයි... ගොඩින්ම අපේ ජාම බේරා ගන්නත් පුළුවන්....”

Short & sweet- කතන්දර ඒ කාලේ මං දැනගෙන හිටියේ නැත.

Short & sweet- කතන්දර ඒ කාලේ මං දැනගෙන හිටියේ නැත. එහෙම වුණත් මේ තරමට ‘සම්‍යක් ප්‍රයෝග- පැහිච්චිකම්’ ඒ වයසේදී මං දැනගෙන හිටියාය කියලා හිතද්දී නම්, මටම පුදුම හිතෙයි.

“ඔයාලා බය වෙන්න එපා.... හැබැයි ඒ ඒ වැඩේට හොඳටම ගැළපෙන කෙනා ගන්න මට ඉඩ දෙන්න ඕනි.... මට ඕනි විදිහට වැඩේ කරගන්න ඔයාලා උපරිමෙන්ම උදව් වෙන්නත් ඕනි. නැතිනං සවුත්තු වෙන්නේ අපේ ඉස්කෝල තුනමයිනේ.... ඔට්ටුද?”

වාසනාවට වාගේ කවුරුන්වත් ‘බැහැ’යි කිව්වේ නැත.

ඒ වෙද්දීත් මගේ මනසේ විචිත්‍ර නාට්‍යයක් වේදිකාගත වෙමින් තිබිණි! එයට අනුප්‍රාණය දුන්නේ එඩ්වඩ් ලොකුලියනයන්ගේ මැණික්පාලි අර්ධ ශෛලිගත වේදිකා නාට්‍යයයි. ශෛලිගත.... අර්ධ ශෛලිගත...?

ඒවාට මගේ අර්ථ කථන සපයනවාට වඩා සුදුසු දැනුමැතියෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක්වීමයි.

‘... අපේ ශෛලිගත නාට්‍ය දළ වශයෙන් දෙකොටසකට බෙදී යයි. එනම් පූර්ණ ශෛලිගත නාට්‍ය හා අර්ධ ශෛලිගත නාට්‍ය වශයෙනි. මනමේ, එලොව ගිහින් මෙලොව ආවා, සිංහබාහු, බෙර හඬ, සඳ කිඳුරු ආදී නාට්‍යවල ශෛලීගත භාවය අබණ්ඩව පවතී. එම නාට්‍යවල භාෂාව සම්පූර්ණයෙන්ම කාව්‍යමය වේ. අංගචලන හා අවස්ථා නිරූපනයද එලෙසින්ම නැටුමින් දැක්වේ. නමුත් කදා වළලු, රත්තරං, මැටි කරත්තය හෝ මා විසින් නිපද වූ පරාස්සයා, පිංගුත්තර වැනි නාට්‍යවල එලෙස ශෛලිගත ස්වරූපයේ අබණ්ඩ භාවයක් දක්නට නැත. භාෂාව සමහර තැන්වල ශෛලිගත වන නමුදු සමහර තැන්වල ස්වාභාවික වේ. අනෙක් අංගද එලෙසය. ´´නරිබෑනා´´ ද මේ ගණයට වැටේ...’

ඔව්! අපේ මේ නාට්ටියට සිංදු- දෙබස් නැතිම තරම් වෙන්න ඕනි... හැමෝටම තේරුම් ගන්න ලේසි එකක් වෙන්නත් ඕනි... ඇයි ලස්සන.... හරිහමං නැටුම්ම නොවුණත් නැටුම් තියෙන්නත් ඕනි.... (එහෙම හිතුවේ අද වගේම එදාත්. මං දන්නා නැටුම් ශාස්ත්‍රයක් නොතිබුණු හින්දයි!)

බලාගෙන යද්දී මටත් දේශපාලනයට ගෑවෙන්නටය තිබුණේ... අද දේශපාලකයන් වැඩි දෙනෙකු කරන්නේත් ඔවුන් මෙලෝ හසරක් නොදන්නා දෙයකි.
එදා මාත් කළේ ඒකය!
......

122 comments:

  1. Replies
    1. එකායි.. රෙජිස්ටරේ මාක් කළා..

      Delete
  2. Replies
    1. දෙකායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
  3. Replies
    1. තුනායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
  4. Replies
    1. හතරායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
    2. කඩේ යනව කියල තැන තැන රස්තියාදු ගහන්නෙ? ඉක්මණට ගෙදර එනව!

      Delete
    3. මේං ආව.

      ඔයා දන්නවද වැඩක්? දැන් ලෙස්ට පිගොට් නෑලු...

      Delete
    4. ලෙස්ට පිගොට් කියන්නෙ කවුද? බේකරියෙ මුදලාලිද?

      Delete
    5. මුදලාලිගෙ තාත්තා. අර අස්ස රේස් දිව්වෙ. ආං එයා.

      Delete
    6. නැපෝලියන් අස්සයත් කාවද මනුස්සයෙක්ව පිටේ තියාන ඉන්න කතාවක් තිබුණනේ...ඇඩම්!
      ඉස්සර ගෑල්ළමයින්ට තිබුණා කුදිර වලිප්පුව කියලා එකකුත්. බලාගෙනයි තාරා.......

      Delete
    7. මොකද්ද ඒ වදිර කුළප්පුව?

      Delete
    8. එක ටක්කෙටම කියයි 'කුදිරකාර මාමා'.

      Delete
    9. අග්නි තාරා, ඔයා කුදිර වලිප්පුව වචනය ඔස්සේ 'මඩ ගොහොරුවක පච වී 1' පොස්ටුවත් හොයාගෙන ගිහින්. මං හරිම කැමතියි, ඔහොම පිස්සු තියෙන අයට.
      එතනට ගිහින් ඔයාගේ ප්‍රශ්නයට උත්තර දුන්නා ඔන්න.

      Delete
    10. ගොඩක් ස්තූතියි. මම ඔය වචන දෙක ගහල ගූගල් එකේ හෙව්වම පෙන්නුවෙ ඔයාගෙ මඩ ගොහොරුව විතරයි. ඉතිං එකපයින් ම ගිහිං කියෙව්වා. වෙන කිසිම තැනක් හොයාගන්න බැරු වුණු නිසයි ඇහුවෙ.

      Delete
  5. මාත් ආවා. ටිකක් පරක්කු වුණා...

    ReplyDelete
    Replies
    1. බස්සෙක්ගෙ යාලු තාරාවෙක් වෙන්න ඇති

      Delete
    2. අංගනාවුන්ට තරහ ගියාම අපි නෑ ඕං...

      Delete
    3. මගේ නෙමෙයි ඇඩමගෙ. ආං වැස්ලින් තියාගෙන බලා ඉන්නව.

      Delete
    4. http://madhumadhavi135.blogspot.com/2015/07/blog-post_6.html

      Delete
    5. https://modernfarmer.com/2014/02/fascinating-nature-duck-sex/

      Delete
    6. අග්නි (ගින්දර) අඩුවෙන් දාලා රෝස් කරපු තාරා මස් හොදායී. ..

      Delete
    7. පහායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
    8. තමුන්නාන්සේලා දෙන උදව්වලින් හොඳ පොරෝජන් ගන්නවා ඔන්න. ඉස්සරහට සකුණ සංසර්ගයක foto එකක් හම්බ වුණා!
      ස්තුතියි!

      Delete
    9. සකුණ සංසර්ග?

      වල් කතා පොත් දෙකක් ගැහුව මදිවට මේ උන්දැ නරක පින්තූරත් එකතු කරනව. අජිත් රෝහණ මහත්තැන්ට කිව්වනං ගෙදෙට්ටම හොයාගෙන එයි. මේ දවස්වල රෙදි වැලක් දිහාවත් බලන්ඩ බෑ...

      Delete
    10. ජයසේන, මොකද? (ගස්සමින්)

      බෙල්ලෙන් එල්ලිලා, ඉහේ ඉඳං ගිණි ගන්න ආසයිද?

      Delete
    11. https://houseofnasheats.com/honey-roast-duck-recipe/

      Delete
    12. ගින්න ගිණි තියන්න පුළුවන් කියල ද හිතන්නෙ?

      දෙන්නෙ ඔය තාරා කතාව උගුරෙ හිරවෙන්න.!

      Delete
    13. මේ ලොකු අයියෙ, ටිකිලා ෂොට් එකක් දාලා ආතල් එකේ ඉදින්... මාත් ඔය ලලනාව එක්ක ඉහ ගහගන්නෙ බොහොම අමාරුවෙන්.

      Delete
    14. ඩ්‍රේක්, ආවද මෙතන උල්පන්දම් දෙන්න? අර පොල් ටික ගෑවද? ගෙදර හරියෙ කහ කුඩු ඇබින්දක්වත් නෑ. අද උදේට කන්නෙ කීයටද? අර කිළුටු රෙදි ටික හෝදල දානව වැලට, අව්ව තියෙන වෙලේ වේලගන්න. යනව යනව... හ්ම්!

      Delete
    15. https://www.thecut.com/2018/11/everyone-loves-the-hot-duck.html

      Delete
    16. හොද්දක් නේද? දෙන්නං බොට! අහුවෙයකො තනියම!

      Delete
    17. https://www.scmp.com/magazines/style/leisure/article/3051542/would-you-eat-duck-embryo-better-sex-life-or-hangover-cure

      Delete
    18. https://en.wikipedia.org/wiki/Death_by_burning

      Delete
    19. තාරා, මැණික, අපි යං උදේට කන්න. යං යං... ආං මම සෝක්, ලස්සන රවුම් රොටි දෙකක් පිච්චුව ඔයාටයි මටයි කන්න.

      (ආපසු හැරී) ඔව්ව ගණං ගන්ඩෙපා ජයසේන... මුන්දැගෙ හැටි මෙහෙමිමමයි. උදේ පාන්දරිම්ම කාත් එක්ක හරි රණ්ඩු වෙන්න ලැබුන් නැත්තං හරියට පාං කෑව වගේ.

      Delete
    20. අනේ අසරණ ජයසේන!( බොක්සර් ඇස් දල්වා, අහිංසක බැල්මක් හෙලමින්)

      Delete
    21. ආයෙ අවුස්සගන්න එපා බකමූණො! උඹත් අල්ලල රෝස්ට් කරල, ජයසේනට දෙයි බයිට් එකට ගන්න

      Delete
    22. අහුවෙද්දෙංකො ඔය බකමූණයි මහසෝණයි... දෙන්න එකට මිටි බැඳලා බාබකිව් කරනව. (හබුං)(රොටි ගිලිමින්)

      Delete
    23. ආාා නෙංගීඊඊඊඊ.... උයා හබුං කනකොට හරි හුරතල් අනී...

      (අපිත් ටෝක් කරල බලමු. ටෝක් කරල රෝස්ට් උනත් කමක් නෑ එක අතකට..)

      Delete
    24. පැත්තකට යන්ඩ කිව්වෙ. දෙනව දෙකක් ඔය අනිප්පැත්ත හැරිච්ච මූණ හරි පැත්තට හැරෙන්ඩ.
      ඩිෂුම්!

      Delete
    25. බුදු අම්මෝ! මං දුවනෝ...! ඕං 99 ක් දැම්ම, සියවෙනි එක නිදි ම දාගනියෝ! අපි නැතෝ!!!

      Delete
    26. duck ලට පොඩ්+ඩක් ගරු කළාම හරි, ගො+ඩක් කළොත් ලෙ+ඩක්!

      Delete
    27. මොකද ඩක් ඩක් ගාන්නෙ? මෙහෙම කෝළමක් කියල දන්නවනං අම්මප එදා අර කාර් එකට යට කරල දානව. පුවක් කෑල්ල කටේ දාගෙන පාරට බැස්ස වෙලේ.

      Delete
    28. ගො+ඩක් තරා ගන්ඩ එපා තාරා, ලෙ+ඩක් හැදුණොත් වැ+ඩක් නැහැනෙ...

      Delete
    29. මළ කෝළං! මං යනව යන්න!

      Delete
  6. හපොයි! තව කවුරු කවුරු එයිද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. මාත් ආව කියලම දාගන්ට

      Delete
    2. නම ලකුණු කරන්ඩ ම කමෙන්ට් විස්සක් ඉවරයි... අර පිරිමැස්මෙං වැඩ කරහල්ලා

      Delete
    3. රෙජිස්ටරේට මාත් ආව කීලා දාගන්ඩ.

      Delete
    4. බකුසුහාමි හයායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
    5. ඩ්‍රේක්,

      තේරෙන්නැද්ද බූරුවො! මං තොට ආදරෙයි කියල?

      Delete
    6. යකඩො මං එද්දි මෙතන හරි හරි නාඩගං නෙව...

      Delete
    7. https://blogs.unimelb.edu.au/sciencecommunication/2014/10/13/the-twisted-sex-lives-of-ducks/

      Delete
    8. ට්විස්ට් කියන්නෙ නැටුමක් නේ...?

      Delete
    9. ඇඩමෝ, උඹැහෙ කුම්බලා මාලු කෑවෙම නැහ්ද?

      Delete
    10. (රහසින්) කුම්බලා නෙමෙයි බකුස්, එතන, අදාළ වෙලාවට සපුමල් සුවඳයි...

      Delete
    11. මට ඇහුන්නෑ. මොකද්ද කිව්වෙ?

      Delete
    12. නෑ මේ... මේ... මේ... බස්ස අහනවනෙ කරෝල කඩේ මුදලාලි කවුද කියල. මං කිව්වෙ අර අපේ සපුමල් මල්ලි ඉන්නෙ කියල.

      Delete
    13. එතකොට අදාළ තැනයි අදාළ වෙලාවයි මොකද්ද?

      Delete
    14. හෑ...! යකෝ...! පොඩ්ඩක් ඉදහං මේ රොටි කෑල්ල පල්ලම් බස්ස ගන්නකංවත්... මට ඉන්ඩ බැරි කරන්ඩද හදන්නෙ?

      Delete
    15. https://www.quora.com/Fiendishly-ugly-and-pungently-smelly-Bombay-duck-can-be-quite-off-putting-So-why-is-it-so-beloved-throughout-Mumbai

      Delete
    16. කලිං වංගියෙ ජයසේන මැතිඳුගෙ ඔලුව ගියේ, ලින්ක් එකක් නිසාද?

      Delete
    17. නෑ නෑ... ඔලුව ගියාට පස්සෙ වළස් ඔලුවක් වැරදි ලිංක් එකකින් හයි කළා... එදා ඉඳං ජයසේනයියා ඔය විදිහයි.

      Delete
    18. https://www.vitalessentialsraw.com/product/ve-raw-bar-freeze-dried-duck-heads/#:~:text=Dogs%20love%20the%20taste%20of,dog%20snack%20that%20pups%20love!

      Delete
    19. කොල්ලො නේ
      ගමේ නේ
      නැචුරල් ටූත් බ්‍රෂ් නේ

      ඕං අරකි එනව... මං ගියා!

      Delete
    20. යකඩො! අපි නැති ටිකට මුං මෙතන පවුල් කාල නෙව. public කැටගරිය යටතෙ ද මංදා?

      Delete
    21. මගේ දවසට පැය 24 මදියෝ...

      Delete
    22. ඒකට බෙහෙතක් දීල තිබුණෙ දවසක්, ඩොක්ටර් පීරිස්

      Delete
    23. 2020 දෙසැම්බර් 31 ... මට එක කල්පනාවට ආවේ දැනුයි ඩ්රැකී... බලාගෙන ගියාම දැන් මටත් වැඩ ඔයාලා මං ගැන දන්නවනේ. අහෝ... මගේ පෞද්ගලිකත්වය...!

      Delete
    24. අහෝ! අහෝ! තිතකි! ඉරකි!

      Delete
  7. මාත් ආවා. පරක්කු වැඩි නැහැනේ!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මං තරම් පරක්කු නෑ.

      Delete
    2. හතායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
  8. බස් පාත් වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බස් එක පරක්කුයි වගේ.

      Delete
    2. මිනිහ එන්නෙ ජනෙල් 11 තියෙන ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වලින්ලු.

      Delete
    3. ආවා,ආව. හප්පේ ඉන්ටනැට්ටෙ ට්‍රැෆ්ක්. එද්දි මඟදිම නින්ද ගියා, මේ දැන් තමා ඇහැරුනෙ,

      Delete
    4. වැම්පයර්ලට දෙවනි වෙන්න එපා කුරුල්ලො. දැනට බස්සො හා තාරාවො ඉන්නව. තව කොකටුවෙක් , මලා ගිරවෙක් එහෙම ඇහැරවාගෙන එන්න

      Delete
    5. අනේ අද එපා! Duck කෙනෙක් ආවාම දුන්නු link ටිකම මදැයි අදට....

      Delete
  9. Replies
    1. අටායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
    2. 'මං ආවා- මං ආවා ලකප් එකෙන් රිංගලා' එහෙම නෙවෙයි නේද?

      දැන් ඉල්ලන්කාවේ නීති හරී තදායි.... බටර් කාලක් හොරකන් කරත් වෙඩි තියනවා.......
      ඉතිං එන-යන අයත් කොහේ ඉඳලද එන්නෙ කියලා දැනගෙන ඉන්න එපැයි.

      Delete
    3. අඩෙඃ! කකුලට වෙඩි තියල නේද, එක්දාස් ගාණක බටර් වගේකට? හවස දැක්කෙ.

      Delete
  10. නිදි හොඳ අඩව්වක් අල්ලන්න වගෙයි යන්නෙ මට පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියන්නත් ලජ්ජයි ප්‍රසන්න මහත්තයෝ. සුර දූතයෝ පය තියන්න බය වෙන තැන මෝඩයො පිනුම් ගහනවලුනේ....
      මණ්ඩිය විතරක් පාගපු මං.... කස්තිරම් අල්ලන්න ගිය හැටි!

      Delete
    2. මාමණ්ඩියගෙ මොකද්ද පෑගුවෙ?

      Delete
    3. ඇල්. ඇම්. පෙරේරා සිංදුවක් කිව්වා... 'අපි පාගල යාමුකො හැටේ' කියලා.

      Delete
    4. හැටේ පාගල, මාමණ්ඩිය නැන්ද-මාම කළාද?

      Delete
  11. //වැඩි දෙනෙකුගේ උදව් ගත හැකි නම් වැඩක් කිරීම පහසුය//

    මේ නු.ප.පා.ස.කො. ඩ්‍රැකියට ඕක තේරෙන්නෙ නෑනෙ.
    නැත්තං අර අනික් ඩ්‍රැකියො ටික එක්ක එකතුවෙලා හොඳ ගේමක් ගහන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. ඒ ගමන බෝත් ආවද?

      Delete
    2. තාම පෝස්ට් එක කියෙව්වෙ නෑ. රිටිගල උන්නාන්සෙ තමා දේශනා කලේ, කමෙන්ට් කරන්න පෝස්ට් කියවන්න ඕනෙ නෑ කියල.

      ඉස්සෙල්ල කමෙන්ට් කරල, පස්සෙ හෙමීට කියවන්නම්, නිදි.

      Delete
    3. නින්දෙං කියවනවයි කියන්නෙ?

      Delete
    4. හප්පේ දැන් තමා පෝස්ට් එක කියවල ඉවර කලේ. ඇත්තටම යමක් හිතන්න උපදෙස් එහෙමත් තිබ්බා. නාට්‍ය ගැන මෙතෙක් හිතපු නැති පැත්තක්.

      පෝස්ට් එක බොහොම හොඳයි, නිදි.

      Delete
    5. කමෙන්ට් එක බොහොම හොදයි බස්

      Delete
    6. Pra Jay නමයායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
    7. ඔබතුමන්ලා ඇවිත් තියෙනවා බලන්න ආවේ සුනංගු වෙලා....... ඒත් සන්තෝසයි හොඳේ!

      Delete
  12. උඹලට පේන්නැද්ද නිදිය හයවෙනි කොටස දෙකක් කරල කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. දොළොස්බාගෙ වෙන්ඩැති උපන්නෙ

      Delete
    2. හරියට හරි. උඹ කෝමැයි දන්නේ?

      Delete
    3. ඊයේ හැන්දෑවේ තවත් හිතවතෙක් ෆෝන් කරලත් මේ දෝෂය වාර්තා කළ ගමන් තකහනියක් ඇවිත් හැදුවා.
      ඔන්නොහොම තමයි ඉන්න ඕනි. පොඩි වැරැද්දක් වුණත් අහු වෙනවට මම හරි සතුටුයි ප්‍රසන්න මහත්තයෝ. එහෙම වෙනවා කියන්නෙම, හරිම සිහියෙන් කියෙව්වා කියන එකනෙ...

      සෝදුපත් බලලා පුරුද්ද හින්දා, වෙනදාට දෙතුන් විදයක් කියවලා බලනවා publish කරන්න කලින්. ආර්වින්ස් ටේලර්ස් හොයාන්න ගිය නිසා මේ වතාවේ ලියාගන්න පරක්කු වුණා... ඉතිං ඊයේ හරිම කලබලෙන් වැඩේ ඉවර කළේ...
      ඒ එක්කම බ්ලොග් හිතවතෙක් හදිසියේම පළමු වතාවට අපේ දිහාට කඩා පාත් වුණා. ඉතිං, සිංහාවලෝකනය කරන්න බැරි වුණා.

      Delete
    4. තට්ටාවලෝකනය කරන්ඩ සිද්ද වෙන්ඩැති.

      Delete
  13. Replies
    1. දායායි.. රෙජිස්ටරේ මාක් කළා.

      Delete
    2. ගණන් හරි නේද මල්ලියේ...

      Delete
    3. බලාගෙනයි, count down රාජකාරිය කරන්න ගිය මහත්තයෙක් පිහි ඇනුං කාලා ඉස්පිටිතාලෙත් හිටියා..

      Delete
  14. ඉස්කොලේ බාලදක්ෂ කන්ඩායමේන් කරපු (Campfire) ගිනිමැල සංදර්ශණයක රගපාපු චරිතයක් හින්දා වැටුනු නම තාම රෙජිස්ටරෙන් මකාගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. මකවාගන්න යන්නේ පරෙස්සමෙන්... අසංග!
      මතකනේ සෝමවීර චන්ද්‍රසිරි මහත්තයාට හූ කිව්ව්ව කොල්ලන්ට කියපු කවියක අන්තිම පදේ...
      "තොපෙ අම්මට කියා මකවාගන් හූව"

      Delete
  15. අර කොමිටලෙයට පන්ති භාර ගුරු භවතා පට්ටම දුන්නෙ කවුද නම ලකුණු කරන්ඩ?

    ReplyDelete
    Replies
    1. කවු රුවත්දීලා නෙවෙයි, ස්වයං පත්වීමක්.

      Delete
    2. ඔව්. ඌ ඒකෙන් වින්දනයක් ලබනව කියල පේනව

      Delete
    3. උන්දැට අත දෙන්නවත් කවුරුවත් නෑනෙව.

      Delete
    4. ඇයි උගේ අතට මක්වෙලාද?

      Delete
  16. මාත් ආව... මං එනකොට නං සෑහෙන දේවල් සිද්ධ වෙලා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ....
      ඩ්රැකී උන්නැහේ... හෙටානිද්දට මොකෙන්-මොක වෙලා නවතීද මන්දා...

      Delete
  17. නිමල්ට තාත්තා ගැන soft spot එකක් තියෙනවා වගේ දැන්නම්. කලින් පෝස්ට් වල තාත්තා ගැන මේ වගේ tone එකකින් ලියලා නෑ නේද.

    ReplyDelete
    Replies
    1. අම්මපා Lotus, ඔයා මනෝ ව්ශ්ලේෂක කෙනෙක්ද?

      ඔයා හරි, හිත ඇතුලට හැරිලා බලද්දී දැන්-දැන් මං ඩිපොසිට් වේගෙන එනවද කියලත් හිතෙනවා. බ්ලොගය ලිවීමෙන් එක්තරා විදිහක භාව විරේචනයක් සිදු වෙන පාටයි. මගේ හිත ඇතුළේ තෙරපෙමින් තිබුණු හුඟක් දේවල් දැනටමත් කියල ඉවර නිසා දැනෙන සහනය වැඩියි.

      හැබැයි, මගේ තියුණුය කියලා මට හිතෙන මතකය නිසා තාත්තා ගැන වුණත් තියෙන විවේචනය නං එහෙමමයි. ඒත් කවදත් මම එයාට දිය යුතු ගෞරවය දුන්නා.... හැබැයි මදි වෙන්නැති! දැන් tone එක ටිකක් soft වෙන්න 'ස්තුති භාවනාව'ත් හේතුවක්!

      ම්... Hey Jude බැලුවා. Queen බාගත්තා, බලන්න තියෙන්නේ. ස්තුතියි! ඒකත් හොඳ පාටයි!

      Delete
  18. “කෙනෙකුගේ ජීවිත කතාවක් කියවීමෙන් තවත් කෙනෙකුට සතුටක් විතරක් ලැබිලා මදි බව මගේ හැඟීමයි. මට නම් එහෙමය.” - සහතික ඇත්ත. නිමල් මෙතෙක් ලියූ දෙයින් මම ලබාගත් දේ බොහොමයි. ඉදිරියටත් හරවත් දේ උකහා ගන්නට ලැබෙන බව විශ්වාසයි.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්