li Item

Saturday, March 12, 2022

නාමල් බේබිට නිදිගෙන්...

අඩ අඳුර උන්ට පොංගල්ය...

ඊයේ; 2022 මාර්තු 8 වෙනිදා විතරක් මහරගම, පමුණුවට පස් වතාවක් විදුලිය විසන්ධි වුණේය! දහවල් කාලයේ (ආසන්න වශයෙන්) පැය දෙකේ එව්වා දෙකකුත්, විනාඩි පහ-දහයේ එව්වා දෙකකුත්, රාත්තිරියේ පැයක් විතරත්....

රෑට ලයිට් කැපුවාම නං, මේ ලියන හාදයා වැටෙන්නේ සකල අමාරුවකටය. ඉටිපන්දමකින්, පහනකින් ඒ වෙලාවේ කළුවර මකා ගන්නට හැකිය. ඒත් මදුරුවෝ! අඩ අඳුර උන්ට පොංගල්ය... එන්නේ සිය පවුල් පිටින්ය. (අපේ රටේ අලුතින් දේශපාලනයට එන අය වගෙය. එයාලා නං එන්නේ අපේ රීරි උරා බොන්නට නෙවේ, රට හදන උදාර මෙහෙවරටය.)

ඉතිං මදුරුවන්ගෙන් බේරෙන්නට මං කරන්නේ මදුරු දැල ඇතුළට රිංගා ගැනීමය. ඒක දාලා තියෙන්නේ ඇඳටය. එතැනට ඉටිපන්දම් පත්තු කරගෙන යන්නද; ගියොත් ස්වයං ආදාහනයක් තමා!
කරන්නට පුළුවන් නිඳා ගැනීම විතරය. අදත්, එහෙම නිඳාගෙන නැඟිටලාය- රටේ තත්ත්වය ගැන තොරතුරු හොයා බැලුවේ.

අම්මට සිරි!
මාව චූන් වුණු තරම කියනවා නං... මම විතරක් නෙවෙයි, මේ ප්‍රවෘත්තිය දැක්කාම හැට නව ලක්ෂයත්- අනෙක් කට්ටියත් චූන් වුණා වෙන්නට ඇති.

‘කපන්නේ නෑ කියල කැපීම පිටුපස කුමන්ත්‍රණයක්’

“විදුලිය කප්පාදු නොකරන බවට වචනයක් දී තිබිය දී එය සිදුවන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්, ඒ ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

මාර්තු 05 වැනිදායින් පසු විදුලිය කප්පාදු නොකරන බවට ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී විදුලිබල නිලධාරීන් පවසා ඇති පසුබිමක විදුලිය තව දුරටත් කප්පාදු වීම ප්‍රශ්නයක් බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එතන යම්කිසි සැඟවෙච්ච කුමන්ත්‍රණයක් තියෙනවා. මේ පිළිබඳව දැඩි තීන්දු...

“විදුලිය කප්පාදු කරන්න එපා කියල අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් නිලධාරීන්ගේ රැස්වීමේදී වචනයක් දුන්නා. දැන් කැපෙන්නේ ඇයි කියල හොයන්න ඕනේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

මොකද මිටීමකට ඇවිල්ලා අපි විදුලිය කප්පාදු කරන්නේ නැහැ අවශ්‍ය දේවල් තියෙනවා අපිට තෙල් ටික දුන්නම ඇති කියල, පහුවදාට ගිහින් විදුලිය කපනවා නම් එතන ගැටළුවක් තිබෙනවා. එතන යම්කිසි සැඟවෙච්ච කුමන්ත්‍රණයක් තියෙනවා. මේ පිළිබඳව දැඩි තීන්දු ගත යුතුයි.....”

2022 මාර්තු 8 වෙනිදා, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහෙම කියලා තිබ්බේ එසේ-මෙසේ කෙනෙක් නෙවෙයි.
රටේ ජනාධිපතිතුමාගේ ඥාති පුත්‍රයා; රටේ අගමැතිතුමාගේ වැඩිමහල් පුත්‍රයා; අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමායි.

එතකොට අපිද ඕවා ගැන තීන්දු-තීරණ ගන්න ඕනි; එහෙම බලේ අතට අරගෙන අපරාධකාරයන්ට බිත්තර ගහන එකද කෙරෙන්න ඕනි?

දැන් නං බකංනිලං ඉඳල බෑ. නාමල් රාජපක්ෂ මහත්තයටම ලියුමක්වත් ලියන්න ඕනි. මෙන්න මං කටු සටහනක් ගහන්න පටන් ගත්තා:

ගරුතර නාමල් මහත්තයෝ, ඔබතුමාගේ කතාව මල් හතයි- තව ටිකකුයි වටිනවා. තමුන්නාන්සේටම මේ කුමන්තරණේ පෙනිච්චි එක හොඳා. ඔන්න මේ වතාවේ නං සද්ද වහලා ‘මට නෙවෙයි වගේ’ ඉන්න එපා, හොඳේ. එහෙම කියව්වේ මීට මාස දෙකමාරකට විතර ඉස්සෙල්ල තමුන්නාන්සේව කිච කරන්නත් (තම-තමන්ගේම ඈයො) උත්සාහයක් ගත්ත වගේ මට පෙනුණු නිසා. ඒ වෙලාවෙත් තමුන්නැහේ කටක් ඇරියෙ නැතිව හිටියනේ.

එහෙමත් නැත්තං වැඩිහිටිකමට සලකල...

මතකයි නේද, තමුන්නාන්සේ අප්පච්චිත් එක්ක ඉස්පිටිතාලෙකට ගියා. ඔව්, ඔව් ජනවාරියේ තමයි... පවුද්ගලික එහෙකට තමා... තමුන්නැහෙගේ මෑණියන් වහන්සෙගෙ උපන් දිනේ දවසේද කොහෙද... එදා අප්පච්චිට ඔපරේසොන් එකක් කළේ නැතිය කියලා ඔබතුමා ප්‍රකාශයකුත් කළේ.

ඒ අස්සෙම මං දැක්කනේ මෙහෙම පරවුර්ත්තියකුත්.
‘අගමැතිට හදිසි ශල්‍ය කර්මයක් කළේ නෑ කියා නාමල් කියද්දී
චමල් කළා කියයි... 

අද (27) ගම්පොළ ඉහළවෙල නාරාවිට ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරයේ අභිනව බුදු පිළිරුව විවෘත කිරීමේ උත්සවයට එක්වූ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා මෙකී උත්සවයට පැමිණෙන්නට නියමිතව සිටි සිය සොයුරු අගමැති මහින්ද රාජපක්ෂට අද දින එහි නොපැමිණෙන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් මෙසේ කීවේය.

අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සම්බන්ධ කරගන්න බැරි වුනේ එතුමා හදිසි ශල්‍ය කර්මයකට භාජනය වෙච්ච නිසා.... එතුමාට අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරිවුණත් සමරු කලාපයට එතුමාගේ සුභාශිංෂන පණිවිඩය ඉදිරිපත් කරලා තියෙනවා....’

ඒ විත්තිය නාමල් මහත්තයා දකින්ඩ නැතිව ඇති! එහෙමත් නැත්තං වැඩිහිටිකමට සලකල, මහප්පච්චිගේ කතාව බොරුයි කියලා නොකියන්ඩ හිතා ගන්න ඇති!! (එහෙමත් නැත්තං අපට ඔව්වා අමතක වෙලයි කියල; සංසන්දනේ කරන එකක් නෑ කියලා ඔහෙ නිස්සද්ද වුණාවත්ද?)
ඒ වෙලාවේ එහෙම නිස්සද්ද වුණාට, මේ වතාවේ එහෙම කරන්ඩ එපා, රත්තරං මහත්තයෝ. මොකද කියනවා නං, තමුන්නැහැගෙ කතාවේ ඌස්නේ යන්ඩත් කලින් එක-එක ‘කඩප්පුලි කතන්දර’ කියවෙන්ඩ පටන් අරං.

මේං, බලන්නකො- තවත් කුමන්තරණ කතාවක්!
මෙව්වා නොසලකා උන්නොත් තමුන්නැහෙගේ අනාගතේට හොඳ නෑ නොවැ. ඒකයි මේවා කියන්නේ.

ඡන්දදායක අපට උත්තරීතර ඡන්ද බලේ ලැබෙන්නෙත් ඉඳ-හිට...

‘ඉදිරි සති කිහිපය තුල ගල් අඟුරු නාවොත් රට පැය 15ක් අඳුරේ... 

ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනය කිරීමට යොදා ගැනීමේ සූදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. මේ හේතුවෙන් ගල් අඟුරු හිඟයක් ඇති වීමේ අවදානමක් උද්ගත වෙමින් ඇති බවත්,  එසේ වුවහොත් පැය 15කට අධික කාලයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග අනතුරු  අඟවයි.

රටේ බලශක්ති නිෂ්පාදනයේ වැඩිම කොටස සිදු කරන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මගිනි.  පවතින අර්බුදය හමුවේ නිසි කළමනාකරණයක් කර ගැනීමට නොහැකි වුවහොත් රටේ  ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට යෑමට සිදුවිය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි....’

අපිට මේවා කියව-කියවා ඉන්නවට වැඩිය දෙයක් කරන්ඩ බලයක් නැහැ නෙව. ඡන්දදායක අපට උත්තරීතර ඡන්ද බලේ ලැබෙන්නෙත් ඉඳ-හිට ඡන්දයක් තියෙන වෙලාවක විතරයිනේ. ඔබතුමන්ලට එහෙම නෙවෙයිනේ... ‘අලේ බතේ’ තියෙනවනේ!

‘තෙල් අර්බුදයක් නෑ’ කියලා ඔබතුමාගේ අප්පච්චි කිව්වේ ගිය සුමානේ. මෙන්න බලන්ඩකො දෙයියනේ, ඒ එක්කම මුන්දැල කෙළින පච; නිකම්ම නිකං පච නෙවෙයි, ගල් පැලෙන පච:

‘ඩීසල් නෑ! කන්ටේනර් රථ 4,000ක් නවත්වයි. ආහාර, ඖෂධ ප්‍රවාහනය අර්බුදයක! 

බහාලුම් ප්‍රවාහනය කරන කන්ටේනර් රථ හාරදහසක් පමණ ඩීසල් නොමැති වීම මත ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත එදිනෙදා අවශ්‍ය ආහාර, ඖෂධ ආදී භාණ්ඩ ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි.

දැන් ඉන් ධාවනය වන්නේ 2,000 කට ආසන්න ප්‍රමාණයක් පමණක් යැයිද...

මෙරට බහාලුම් ප්‍රවාහන රථ 6,000කට ආසන්න ප්‍රමාණයක් ඇතත් දැන් ඉන් ධාවනය වන්නේ 2,000 කට ආසන්න ප්‍රමාණයක් පමණක් යැයිද ඔහු පැවසීය.

දැනට ධාවනය වන බහාලුම් රථ ධාවනය වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් බවත් පිට පළාත් සඳහා භාණ්ඩ ප්‍රවාහනය ගැටළුවක් වී ඇති බවත් හෙතෙම පැවසීය....

... බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඇතැම් ඉන්ධන හල්වලින් රුපියල් 3000ක පමණක් ඉන්ධන නිකුත් කළ ද එම ප‍්‍රමාණය වරාය පරිශ්‍රය තුළ ධාවනයටවත් ප්‍රමාණවත් නැතැයි ද හෙතෙම පැවසීය.’

නාමල් මහත්තයෝ, මේ කඩාකප්පල්කාරයන්ට මෙහෙම නිදහසේ කරණම් ගහන්න දීලා බෑ. අල්ලලා නඩු දාන්නයි ඕනේ. ඒකට ඉන්න එකම සුදුස්සා තමුන්නැහේ මිස වෙන කවුද? තමුන්නැහේ නිහතමානී විදිහට කර බාගෙන; සද්ද නොකර හිටියට මොකක්දෝ නීති විභාගේකිනුත් ලංකාවේ පළමුවෙනියා වුණාලු නේද.

ඉතිං තමුන්නැහෙම වැඩට බහින්නකො. යුද්දෙට නැති කඩුවෙන් කොස් කොටන්නෙයි?
හැබැයි, කීයටවත් අපේ රටේ නඩු දාන්නම ඉන්න දෙපාර්තමේන්තුවට හෙම ඔය වැඩ පවරන්න එපා. පේනවනේ, එයාලා දාන-දාන නඩු පරාදයි!

එයාලා අපේ සල්ලිවලින් පඩි කකා ඉන්නේ නඩු බලවන්න කියලයි, රට්ටු කතා වෙනවා ඇහෙන්නෙ. හොඳ වෙලාවට තවම අපේ රටේ එකම නීතියක් ආරස්සා වෙලා තියෙන්නේ. මෙහෙම යන්න දුන්නොත් නං, ඒකත් ‘දෙකට-තුනට නැමිලා යන එකම තමා’ වගේ වේවි.

මෙච්චර මාන්සි වෙලා, මේවා ලියන්න plan කළත්.... හිත කියනවා වැඩක් නෑ කියලත්!

වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය!

තමුන්නාන්සේගේ කතා විතරයිලු; පෙර වැරදි ඕසෙට තියේලු.

‘කියාපන් බලන්න එක-දෙකක්. මම කියන්නේ අපෙ හාමුදුරුවනේ... මම ඔය නිකම්ම නිකං දේවල් පිළිගන්නෙ නැහැනෙ. සාක්ෂි සාධක සේරම එක්ක මිස.’ කියලා මං යටි හිතට කිව්වා, පපුවට හෙම අත තියල. චිත්තයා කට උත්තර නැති වෙන්නම මට දුන්නා කිව්වම. ඔව් ආයුබෝවං, පරණ පරවුර්ත්ති දෙකක්ම උස්සන් ඇවිදිල්ල, ඒවයෙන් මූණටම ඇනපි!

මේං මේව්වයින් තමා රත්තරනේ, මගේ මූණට ඇන්නේ:

‘බාර් අරින්න ආණ්ඩුවෙන් තීන්දු කළේ නෑ... කවුද අවසර දුන්නේ? 

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා.... තංගල්ලේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

‘සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ. කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගන්නවා නම් එය ගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයට අනුකූලව ව්‍යාප්තිය අවම කර ගැනීමටයි. බාර් ඇරපු එක ගැන කොවිඩ් කමිටුවේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. හැබැයි බාර් ඇරපු එකෙන් දැකපු දර්ශනය අනුව හිතන්න දෙයක් තිබෙනවා.

කොච්චර ආර්ථික අපහසුතා තියෙනවා කිව්වත්, කුලී වැඩ නෑ කිව්වත්, සංචරණ සීමා දාල තිබුණත් බාර් ඇරියාම පෝලිම නම් තියෙනවා. බාර් ඇරපු එක කෙසේ වෙතත්, එයින් ලැබුණ පණිවුඩය නම් මේ රටේ ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදීව වැඩපිළිවෙලක් එක්ක බැලිය යුතුයි. මොකද රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම්, එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ’ යැයිද කීවේය.’

මම ඉතිං අමද්යපිකය නෙව. බොන ඒවා ගැන වැඩිය උනන්දු නෑ. එව්වා මතකෙ තියා ගන්නෙත් නෑ.

ඒත් දැන් තමයි කල්පනා වෙන්නේ ‘ආණ්ඩුව බාර් අරින්න තීරණේ කරලා නැතුව තියෙද්දී බාර්කාරයෝ කොහොමෙයි බාර් ඇරියෙ? ඒක කිරිමිනල් case එකක් තරං බරපතළ නැද්ද?’. අනෙක් අතට මහත්තයෝ, (තමුන්නැහෙත් නොදන්නවා වුණාට) ආණ්ඩුව කියන්නේ බාර්කාරයන්ට වෙන්නත් ඇහැකියි නේද?

එහාට ගිහින් ඉන්න ඇත්තන්ගෙනුත් සෑහෙන දෙනෙක් මේ සාමාන්නිය අපි තරම්වත්...
ඒක පැත්තකින් තියලා අර මූණටම දමල ගහපු දෙවෙනි පරවුර්තියත් කියල ඉන්නංකෝ.

‘කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ!

සුරාසැල් වසා දමා තිබෙන විට මහජනයා විවිධ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන හෙයින් සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය දිනවලදී නිරෝධායන ඇඳිරි නීතිය පනවා සුරාසැල් ද වසා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම මෙහි මූලික අරමුණ වූ බවයි.

කොවිඩ් තත්වය හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් වැටලීමද අසීරු බැවින් සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුරුන්ද යන්න‍ සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මතද යන්න වටහා ගැනීමට උත්සුක විය යුතු බවද ඔහු අවධාරණය කළේය....’

දියවන්නා මන්දිරය ඇතුළේ කෙරෙන දේවල් ගැන මටත් දැනීමක් ඇත්තෙම නැති විත්තිය මෙහෙම වෙලාවකවත් කියන්ඩ ඕනිනේ මහත්තයෝ. ඒකට මක්කා වෙනවද... එහාට ගිහින් ඉන්න ඇත්තන්ගෙනුත් සෑහෙන දෙනෙක් මේ සාමාන්නිය අපි තරම්වත් හැදියාවක්- උගත්කමක් නැති ඇත්තන්ලු නේද?

අනේ මන්දා, මම නං ඉන්නේ හොඳටම මඤ්ඤං වෙලා....!

මගේ නං මොළේ කචල්!

නාමල් මහත්තයා වගේ ලොකු උදවියට ලියුං කරදහියක් යවල මේ ගොබ්බයට පුරුද්දක් නෑ. ඒකයි හිතුවේ, කුරුටු ගාපු ලියුම ‘පංච තන්තරේ’ කියවන්ඩ එන දැනුම්-තේරුම් ඇති කට්ටියටවත් පෙන්නලා ගුණදොස් අහගන්ඩ.

ඒ- විසේසෙන් මෙහෙම අර්බුදයක් තියෙනවා නං, ඒක අපටත් බලපාන හින්දා. දැන් බලන්නකෝ, දවසකට පැය පහ-හය ලයිට් නැතුව හිටිද්දී මේ මම වුණත් කොහොමද තමුන්නාන්සේලා වෙනුවෙන් blog post ලියන්නෙ? ලිව්වත් ඔබතුමන්ලා කොහොමද ඒවා කියවන්නේ....
ඇත්තම කියනවා නං මේ දවස්වල blog එක කියවන්න එන ගණනත් අඩු වෙලා!

‘ඩීසල් නැතිව දුරකථන සංඥා කුලුණු, රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා බරපතළ අර්බුදයක’ කියලා ‘ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක’ නුවන් ජූඩ් ලියනගේ මහතා ප්‍රකාශයකුත් කරල තිබ්බා. 

කරන්ට් නැති වෙලාවල විකාශ කටයුතු කෙරෙන්නේ ජෙනරේටර්වලින්ලු. ඩීසල් නැති හින්දා පැය 24 පුරාම විකාශය කෙරුණු සමහර නාලිකා දැන් රෑ 9-10 වෙනවිට නවත්තනවලු.

මගේ නං මොළේ කචල්!
මේ ලියාගෙන යන්නෙත් කොයි මොහොතේ විදුලිය කප්පාදුව කෙරෙයිද කියලා හිත-හිතා. කියලා තියෙන වෙලාවට නෙවෙයිනේ වැඩ කෙරෙන්නෙ.
කියන විදිහටම කෙරනවා නං ඒ ලංකාව වෙන්නත් බැහැ නෙව.

අනේ, තමුන්නැහැලට පිං අත් වෙයි!
නාමල් බේබිට යවන්න තියෙන මේ ලියුමේ හරි වැරදි මට කියලා එවන්න, හොඳේ෴

46 comments:

  1. සුප්‍රකට ඇස්.ඒ. දිසානායක චිත්‍ර ශිල්පියා එවකට නවයුගයට ඇන්දා "අනාගත්ත රජ්ජුරුවන්ගේ විත්ති" කියලා කාටූන් කතාවක්!ඒකෙන් පිටපතක් යවන එක මීට වැඩිය ප්‍රතිඵලදායකයි. කාලයයි ඉඩයි දෙකම ඉතිරි වෙනවා!

    ReplyDelete
    Replies
    1. අනේ, ඒ පිටපතක් කොහෙද තියෙන්නේ? කියවන්න ආසා හිතුනා.....

      Delete
    2. පරණ සඟරාවල තමයි. ආසම නං බ්ලොග් එකේ දාන්නත් පුළුවන්.

      Delete
    3. තියනවා නං දාන්න.🙏

      Delete
    4. අපි කියවන්න බලා ඉන්නවා!

      Delete
    5. මෙන්න දාලා. 🙏👌😊

      https://www.youtube.com/watch?v=_94viw75ulc

      Delete
    6. ඒ නැටුමක් නෙව බස්සා මහත්තයෝ. හැබැයි ඒකත් නියමයි. අපේ ලොකු තැන්වළ ඉන්න ඇත්තොත් දැන් නටනවා හිටු කියලා ඔයිටත් වැඩිය වේගයෙන්...

      Delete
  2. ++++++++++🙏👌

    ආයෙ පස්සෙ එන්නං ඈ?

    ReplyDelete
    Replies
    1. ඇවිත් නේන්නං! ස්තුතියි බස්සා මහත්තයෝ.

      Delete
  3. බීරි අලින්ට වීණා ගහනවා වගේ කියන එක මුන්ට හරියන්නෙ නැතිනිසා අලුත් ප්‍රස්තාව පිරුලක් හදලා දෙනවද නිදි.

    ReplyDelete
    Replies
    1. චමී, නරකද ඔයාලා එහෙම පිරුළු ටිකක් හැදුවොත්?

      Delete
  4. ගෑස්, කිරිපිටි, එතකොට ඩීසල්, පෙට්‍රල් එහෙම ගෙදරටම ඩිලිව' කරනවා කියලා තියෙද්දිත් මිනිස්සු පෝලිම් වල ඉඳගෙන සතුටු සාමීචියේ ඉන්න එක කුමන්ත්‍රණයක් නෙවෙයිද, නිමල්. මම හිතන්නෙ අර 'නෝනා මට අතවනනවා- අපි ඔක්කොම එයාට බෑ' කියනවා වගේ සිංදු අහලා මිනිස්සු තරමක් ඇට්ටර වෙලා ඉන්නෙ. පාලකයින් කොච්චර ෂැප දෙන්න හැදුවත් එපා එපා කියනවනෙ. අපරාදෙ ස මෙච්චර ප්‍රජාතන්ත්‍රවාදී වුනේ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං Lotus, ස' දීලා තියෙන සැප තව මදි. ම්නිස්සු දැන් විවෘතවම ඉල්ලන්න පටන් අරං.

      ඉරිදට කපන්නේ නෑ කිව්වට අපිට ඊයේ රෑත් ලයිට් නෑ!

      Delete
    2. රෑට වේලපහ නිදිකොරවල උදාහනීන් නැගිටවන්නයි ඕනෑ.... වැඩකරන අපේ විරුවට😄

      Delete
  5. එයැයිට මේවා කියලා දැනුවත් කරලා තියන එක හොදා. එතකොට ඊළගට එයැයි රටේ ලොක්කා උනාම මේ ඔක්කොම ප්‍රස්න සුටුස් ගාලා විසදලා දායි

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ගොඩාරියක් ස්තුතියි දිනුක!
      ඔයා කියන දේ නම් ඇත්තයි, හැබැයි එහෙම ලොක්කා වෙන්න රටක් ඉතිරි වෙලා තියෙයිද...

      Delete
  6. නාමල් බේබි. හැහ්.. නාමල් ෂර් නැහ්නන් නාමල් මැතිඳා කියල අමතන්න නිදි. රාජපශ්සක් නෙව

    ReplyDelete
    Replies
    1. ඒ කාරණේ මට මතක නැති වෙලා නමී. ස්තුතියි පෙන්නලා දුන්නාට. ජරාපස්ස උදව්යට වාගේ නෙවෙයි- රාජපස්ස උදවියට සලකන්න ඕනි නේන්නං.

      Delete
  7. "සන්ධි, විසන්ධි විභක්ති ක්‍රියාපද" කියලා සිංදුවක තිබ්බා මතකයි. මොනවා හරි වැඩක් කර, කර ඉන්න කොට හුටස් ගාලා විසන්ධි වුනාම " මුඃගෙ......හුරුල්ලො.." වගේ ක්‍රියාපද/නිබ්බුත පද කියවෙනවද?

    ඉස්සර ඔහොම හිරිකිතයක් නැතුව දිව්රලා ඇත්ත කියන කලාවෙ ඔස්තාර්ලා වුනේ සහෝදරවරු විතරයි. ඒත් දැන් අලුත් ක්‍රීඩකයො ඉන්න පාටයි.

    https://youtu.be/xEv1R0ww6KU?t=9
    මෙහෙම "පිං කඳන්" ඉන්න රටක්නෙ මේක. මම දැක්කා පොල් සංවර්ධනයට, කෝටි ගාණක පිටරට ප්‍රදර්ශණ තියලා කියලත්.

    ReplyDelete
    Replies
    1. සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද- තියෙන්නේ වික්ටර්- සුජාතා ගයන සාස තද්ධිත ගීතයේ.

      අලුත් ක්‍රීඩකයෝ වුණත් දියුණුයි තමා. මෙලහට සාටකත් දාල ඉඩ දෙනවා නං..
      link එකට ගියාම කවියකුත් ලියවුනා මෙහෙම.

      දෙසිය විසි හයම තැනකට රැස් කරලා
      මේ විදිහටම පොල් ගස්වල නංවාලා
      ගත්තම තල+තුනා ගත්තන් කරවාලා
      පෑදෙනු ඇත මොළේ 'පස්සේ ඇති' තැලිලා!

      Delete
    2. වැරද්දක් වෙලා. සාස නෙවෙයි ගීතයේ මුල් පදය සමාස වෙන්න ඕනි.

      Delete
  8. කපනවා කියන්නෙම් කුමන්ත්‍රණයක් තමයි හේ හේ. ඔය නාමලය ට මොලයක් තිබ්බනම් දැන් ටිකක් ඉදිරියට පැනල මිනිසුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න තිබ්බ ඔයිට වැඩිය. එයත් අර සජි සර් වගේම බලන් ඉන්නව ඔකුල උඩට වැටෙනකන්. ඉඳල හිටලා සවුන්ඩ් බයිට් දෙනවා. වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. දැනෙන පෙනෙන විදිහට නං අජිත් මහත්තයෝ, වැඩියත්ම දෙගිඩියාවෙන් ඉන්නේ නාමල් බේබි වෙන්ඩ ඕනි.
      කවදාවත් මහා වනස්පතියක් යට තව රූස්ස ගහක් හැදෙන්නේ නෑ කියනවනේ.

      Delete
    2. ඔය කතාව සන්නා දීලා තියෙනවා දොඹෙංම

      Delete
    3. පියානෝ/ පියාණෝ එකට පියා+no එකත් එකතු කරමු!

      Delete
  9. මම එනකොට පෙරහැර ගිහිං!

    මෙතන වෙලා තියෙන්නේ මේකයි. හැම දෙයක්ම රිවස් කරන හින්දා, ලයිට් කපන එක නවත්තපු එකත් රිවස් කරලා.

    ඒක, ලයිට් කපන එක නවත්තපු එක රිවස් කළා මිසක්, ලයිට් කපනවා නොවෙයි. මේවා තේරුම් යන්නේ අපි වගේ පොහොට්ටුවට චන්දෙ දීපු බයියන්ට මිසක් නිදි මහත්තයා වාගේ ටොයියන්ට නොවෙයි.

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට, Sam කියනකල් ඔය පොඩ්ඩ තේරුණේ නැහැනේ. රිවස් නේන්නං....
      ජන්මෙටත් වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ.

      Delete
  10. සමහරවිට ඩයිනමෝ එකටම හිතිල ඕක ඉබේ කැපෙනව වෙන්න බැරිද? එහෙම නැත්තං ඔය බලාගාර වල තියෙන කොම්පීටර වලට හිතිල ඕක කරනව වෙන්න බැරිද? නැත්තං ඉතිං කවුද ලොක්කට උඩිං ගිහිල්ල ලයිට් කපන්න ඉන්නෙ මේ රටේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, අහල තියෙනවද ෆ්‍රෙඩී සිල්වා කියනවා සිංදුවක්.
      https://www.youtube.com/watch?v=eQtYw7nX1GI

      ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා නියමෙට ලියලා තියෙන්නේ.
      එයා නූල නටවනකොට මෙයත් නටනවා!

      Delete
  11. බුද්ධ ධර්මයේ සඳහන්වන පරිදි අල්පේච්ඡ ජීවිතයකට පුරුදු පුහුණු කිරීමයි ගෝටා මාත්තය මේ කරන්නෙ මචං...

    ReplyDelete
  12. https://vihindi.blogspot.com/2022/03/blog-post.html?showComment=1647287176477#c3537987434375985546

    ReplyDelete
    Replies
    1. නමී ඉතිං හොඳම තැනක් නෙව පෙන්වන්නේ. ගිහින් බැලුවා. මෙහෙම ලියලා ආවේ.

      //මං ඡායාරූප ශිල්පියෙක් නෙවෙයි, මහා නසරානියෙක්. හැබැයි ලක්ෂ්මන් මහත්තයො - අරං තියෙන ෆොටෝවලට හරීම කැමතියි. විශේෂයෙන්ම අන්තිම එකට..

      ආඩම්බරෙන් විහිදනකොට ලස්සන පිල්
      මොනරු දන්නෙ නෑ 'පස්සේ' වෙන දේවල්
      රාජ පස්සවල් තියෙනා අයගෙ කචල්
      එකත් ඕක නිතරම විහිදනවනෙ පිල්//

      ස්තුතියි නමී!

      Delete
    2. හෙහ්, හෙහ් අර පස්සා පැත්තෙ පිංතූරෙ වගේම, මේ කවියත් නියමෙට ගැලපෙනවා.🙏👌

      Delete
    3. සාමාන්‍යයෙන් පිටුපහ හිටින විදිහට පොටෝ ගහන්නෙ නෑ.. ඒත් සම්ප්‍රධායෙන් ඔබ්බට යාමක් විදිහට එකත් නාක නෑ.. 😄😄

      Delete
  13. බ්ලොග් ලෝකෙ අබිලිං වන නමියාටත් මිස් වෙච්ච එකක්:

    https://kavisandalla.blogspot.com/2022/03/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං, බකුසුතුමෝ!
      සඳවතීටත් සටහනක් දාලයි ආවේ මෙහෙම:

      බස්සා හරිය; හිත ගැස්සිණි, දෙකක් නැත
      අදත් සිදුහත්ල රටතොට එමට ඇත!

      Delete
    2. බෂ්.... බැලුවා. මුකුක් කියන්ට බැරිකොමට නිකාහිටිනව

      Delete
    3. මක්කටෙයි නිදියො....

      Delete
    4. එහෙම කිව්වෙ වැරැද්දක් නිසා නෙමෙයි, මේකා නොරිංගන තැනක් නැති නිසයි. එහෙම ගිහින් ඇවිත්, අපි නොදැක්ක අලුත් පෝස්ට් ගැනත් කියනවා.🙏👌😊

      Delete
    5. බෂ්... පොඩි අකමැති ගතියක් නිසයි මුකුත් නොකියා හිටයෙ. පස්සෙ වැටක් ගැහුවෙ.

      ශර්ලයෙ ලයිට් කපන වැඩ නිසා ඔන්ට දැන් lapත් පිස්ෂු නටන් එනවා. 😄😄😄

      Delete
    6. නමී, ඔයා කේන්ති ගත්තා වගේ හිතුණේ 'මොකුත් කියන්ට බැරි කමට නිකා හිටිනවා' කියල ලියා තියෙනවා දැක්කම.
      ඊයේ දවසෙන් කාලකම අපටත් කරන්ට් කපලා...

      Delete
    7. //..පොඩි අකමැති ගතියක්...//

      ඔහොම බාගෙට කිව්වාම, අපේ "ඕපා" ඇන්ටෙනාව ටිං,ටිං ගානවනෙ? ඇයි මොකක් හරි අදාල සිදුවීමක් අත්විඳලා තියේද?🤔

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්