li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, November 15, 2023

තිස් එකේදී... තිස්දෙවෙනි කොටස

මගේ ඇසින් බලන විට අජිත් මල්ලී අමු බේබද්දෙකු වී හමාරය. එහි අතුරු ඵලයක් ලෙසින් හොඳටම දිරාපත් වී; වැහැරී; සුනිල්ටත් මටත් වඩා වියපත් පෙනුමක් උරුම කර ගෙනය. (මගේ මතකයේ හැටියට නම්, එයා දැන් හරියටම අපේ බදුල්ලේ සීයා වගේය!)

අපේ තාත්තගේ මොන වැරදි තිබ්බත්, එයාමයි අපට ඉගැන්නුවේ ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපාකියන එකත්. ඒ හින්දා මම හැදුණෙම ගොඩාරියක් දේවල් දිහා විවෘතව බලන ගමන්...
අජිත් මල්ලීට එහෙම වුණේ එයාගේ පෞරුෂත්වයේ දුබලකම නිසා බව මගේ හැඟීමයි; එලෙස අජිත්ගේ පෞරුෂත්ව වර්ධනය අඩාල වන්නට ඇත්තේ නිකම්ම නොවේ යැයි මගේ සිත මුර ගා කියයි.

අපේ තාත්තාගේ දුර්දාන්තකමත්- අපේ අම්මාගේ අතිශයින්ම කෙටි හැඳි මිටේ නුවණත් එකට එක්වී රහසේ දියත් වුණු ක්‍රියාවක්එයට හේතු වන්නට ඇති බව මගේ විශ්වාසයයි...

“නිමල්, ඔය ලියන සමහර දේවල් සැර වැඩියි නේද?” ‘තිස් එකේදී- 31 කොටස’ කියවපු හිතවතෙක් මට කතා කරලා ඇහුවා; ටෙලිෆෝන් එකෙන්. “ඒ කිව්වේ මහත්තයෝ...”
“ඔයා තමන්ගේ අම්මා තාත්තා ගැන වුණත් බොහොම තදට විවේචනේ කරනවනේ. තාත්තට අඹු සොඬෙක්ලු; අම්මයි තාත්තයි දෙන්නම වගකිව යුතු මව්පියන් වෙන්න හොඳ අය නෙවෙයිලු... Post එකේ අන්තිම මතකද? ‘අන්ත නීච
; නින්දිත; අනුකම්පා විරහිත’ වගේ විශේෂණ එක්ක දෙමවුපියන්ගේ වැඩ ගැන ලියන එක හොඳ මදි නේද? මොනවා වුණත් ඔයාගේ දෙමවුපියන් නේද?” එයා ඇහුවා.

“කීකරු-එහෙයියෙක් වගේ පුත්තරයෙකුට නම් ඔය කතාව හරි යයි... ඒත් මං එහෙම පුතෙක් නෙවෙයිනේ.
අනෙක මහත්තයෝ, අපේ තාත්තගේ මොන වැරදි තිබ්බත්, එයාමයි අපට ඉගැන්නුවේ ‘ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ කියන එකත්. ඒ හින්දා මම හැදුණෙම ගොඩාරියක් දේවල් දිහා විවෘතව බලන ගමන්. ටිකක් දුරට හරි- මට පුළුවන් විදිහට එව්වා ඇනලයිස් කරලත් බලන ගමන්. මගේ හිතට එකඟව වැඩ කරමින්...” මම කියාගෙන යනකොට ඒ උගත් පාඨක මහත්තයත් උදැල්ල නොදා අහගෙන හිටියා.

“අනේ මහත්තයෝ, සමාවෙන්න ඕනි මම කියන දේවල්වලින් ඔයාගේ හිත රිදෙනවා නං. ඒත් කියන්න ඕනි වෙලාවේ කියන්නම ඕනිනෙ.
පිටස්තර කෙනෙක් අපේ තාත්තලව විවේචනේ කරනවට වැඩිය හොඳයිනෙ එයාලගෙ පුතෙක්ම එහෙම කරන එක.” මට කියැවුණේ නිකම්මයි.

“මම මෙහෙම ඇහුවොත්...
නිමල්ගේ හිතේ අම්මයි තාත්තයි ගැන තරහක් එහෙම තියෙනවද?” ඒ හිතවතා කෙලින්ම ඇහුවා.

“තරහක්? අනේ නෑ.
හැබැයි අමනාපයක්; දුකක් නං තියෙනවා. වැරැද්දට වැරදියි කියන ගමන්ම වැරැද්ද කළ කෙනා දිහා අනුකම්පාවෙන් බලන්න මට පුළුවන්- වෛරයක්; තරහක් හිතේ නැතිව... අපේ තාත්තලා ගොඩක් අමනකම් නොකර හිටිය නං හොඳයි! ඒත් ඉතිං දැන් එව්වා වෙලා ඉවරයිනෙ. ඒ එයාලාගේ විදිහනේ...”

ලියවිල්ලක උඩු පෙළපමණක් නොව යටි පෙළත් කියවා; ග්‍රහණය කරගෙන ප්‍රතිචාර දක්වන...

ඒ ලිව්වේ අපේ දිගු සංවාදයකින් චුට්ටක් විතරය. පසුගිය කොටස publish කරද්දී මෙවන් කතාබහක් ඇති වෙතියි මා සිතුවේ නැත. එයින් කොටසක් මේ පෝස්ටුවේ ආරම්භයේදීම යෙදේවි යැයි සිතුවෙත් නැත... එහෙම කළත්, දැන් ලොකු විචිකිච්ඡාවකුත් මගේ සිතට වද දෙයි.

‘තමුසේ මැරෙනකල්ම මේ සීරීස් එක ලියන්නද හදන්නේ... දැනටමත් කොටස් තිස් දෙකක්. ඔහොම වෙන-වෙන දේවලුත් මෙතනම ලියන්න ගත්තම කොටස් කීයක් වෙයිද මනුස්සයෝ?’

මෙතනට එනතුරු ලිව්වේ නොවැම්බර් 10 වෙනිදා පාන්දරින්ය; තිස් එකේදී 31 කොටස publish කරලා ඉවර වෙලාය.

මේ ලියන්නේ ඊට පසුවදා පාන්දරය.
මා මීට කලිනුත් කියා ඇති පරිද්දෙන්ම ලියවිල්ලක ‘උඩු පෙළ’ පමණක් නොව ‘යටි පෙළ’ත් කියවා; ග්‍රහණය කරගෙන ප්‍රතිචාර දක්වන හිතවත් පාඨකයන්ගෙන් කෙනෙකු වෙන Lotus ඊයේ මෙහෙම ප්‍රතිචාරයක් දක්වලාය.

//"ඒත් මා තවමත් කරන්නේ සිද්ද වුණු දේ හා සිද්ද වෙන දේ ඇසුරෙන් යමක් තේරුම් ගන්නට වෙර දැරීමයි".//
නිමල් ලියන විදිහට මම කැමති එක ලොකු හේතුවක් තමයි ඒ. හැම අත්දැකීමකින්ම තමන්ට ගන්න පුලුවන් දෙයක් අරගෙන
, අනිත් අයටත් යමක් හිතන්න මෙහෙයවීම. නිමල් ලියන විදිහ හරිම reflective.

අද කොටසේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන පොඩි අය වගේම ලොකු අය ගැනත් ලොකු දුකක් දැනෙනවා නේද.

යකාගේ මීටරයක්!! 😃

Reflective...! මගේ ලිවීමේ රටාව කියවන්නන් ‘චින්තාපර’ කරවනවද?
මේ එයට මා යැවූ පිළිතුරයි.

‘ඇත්තම කියනවා නං Lotus, ඔයාගේ comment එක කියවල චුට්ටක් විතර ආඩම්බරත් හිතුන. ස්තුතියි!
මගේ ජීවිත කතාව ලියන්නෙත් හැකිතාක් පිරිසකට යමක් දීම සඳහාත්- මට තවමත් ලැබෙන; ඒත් මට හිමි නැති වැඩි ගෞරවය නිසා හිතේ තියෙන බර නිදහස් කර ගැනීම සඳහාත්.

මේ අත්දැකීම් ඕනෑම කෙනෙකුට කොච්චර ලොකු පීඩනයක් වෙනවාදැයි වචනයෙන් කියන්නට බෑ.
අපට ඒවා බලපාපු හැටිත් ලියන නිසා දැනට නවතින්නං.

යකාගේ මීටරයක් කිව්වේ වැරදිලා, සමාවෙන්න. යක් රජෙකුගේ මීටරයක් කියලයි කියන්න තිබ්බේ.’

ඊට පස්සේ බස්සා මහත්තයාත් ‘නිදිගෙ ලිවීම්’ ගැන එතුමාගේ අවංක අදහස හෙළිදරව් කර තිබිණි.
පෝස්ට් දෙකම බැලුවා. ඇත්තම කියන්න
, ඉස්සර මම නිදිගෙ කතා මෙච්චර කැමැත්තෙන් බැලුවෙ නැහැ. නිදිගෙ කතන්දරත් කරවිල වගේ. පුරුදු පුහුනුවෙන් මතු කරගතයුතු රසයක් තමයි, ඒවා වල තියෙන්නෙ.😉’

තාත්තා අසනීපය පිට දමා දිගින්-දිගටම වැඩට නොයා හිටි හින්දා එයාගේ fireman- ගිනි භටයා රස්සාව නැති විණි. ඉක්මනින්ම අපට වැලේ-වැල් නැතිව...

මේවා ඕනෑම පුහුදුන් බ්ලොග්‍ රචකයෙකුගේ දිරිය- විරිය- උනන්දුව වර්ධනය කරවන වර්ගයේ ප්‍රතිචාරය.

හිතාදර Lotus, බස්සා දෙන්නාටම ගොඩක් ස්තුතියි, හොඳේ!!
මයියා, තමුන්නැහේටත් ගොඩක් ස්තුතියි!!!

අජිත් මල්ලී ගැන කියවෙන ‘මයියා’ගේ මේ විග්‍රහාත්මක comment එකත් එවලා තිබ්බේ පසුගිය කොටසටය.
‘අජිත් මල්ලිගේ ප්‍රශ්ණ වලට හේතුව නම් හිතා ගන්න පුලුවන්. තමන්ව මෙලොව එලිය දකිනවට අකමැත්තක් තිබ්බයි කියන එක ලමයෙකුට පොඩි කාලෙම දැන ගන්න ලැබෙනවයි කියන එක
, ඒ ලමා වයසට දරා ගන්න අමාරුයි.’

අනේ මයියා, අපේ තාත්තත් අම්මත් දෙන්නා කරලා තිබුණු අන්ත නීච; නින්දිත; අනුකම්පා විරහිත ක්‍රියාව ඊටත් වැඩිය දරුණුයි. ඒක අජිත් මල්ලීට අවුරුදු පහක්  විතර වෙනතුරු; රහසක් ලෙසින්ම හැංගිලයි තිබුණේ. ඉන්නකො, කාලානුක්‍රමයෙන්ම කියන්නංකො සිද්ද වෙච්චි දේවල්.

අපි මහරගමට ආවාට පස්සේ සුනිලුත් මාත් මහරගම විද්‍යාකර විද්‍යාලෙට දැම්මා.
1963 අජිත් මල්ලී ඉපදුණා. ඒ වෙනකොට තාත්තා
ත්‍රොම්බෝසිස් රෝගයට ගොදුරු වී තිබුණත්, කාටවත් ඒ විත්තිය පැහැදිලි වී තිබ්බේ නෑ.

“උඹලගෙ තාත්තගේ හොර ලෙඩ බං. දැනුයි මිනිහට ලෝකයාට මූණ දෙන්න බැරි වෙලා තියෙන්නේ. බදුල්ලේ හුටපට දෙමටගොඩ රේල්ලුවටත් ආරංචි වෙන්න පටන් අරං වගෙයි පෙනෙන්නේ. කොටුවේ ආච්චිගේ බෑනෙකුත් රේල්ලුවෙ ඉන්නවනෙ. මිනිහා සොපිහාමිට සේරම පට්ටන්දර කියලා... ඒ ගෑනි මගෙන් විස්තර ඇහුවනේ පුතේ කිසි බයක්-හැකක් නැතුව.
කොටුවෙ වැඩවලට
උදව්වට ගියාම උඹෙනුත් අහයි. කියනවා හෙම නෙවෙයි, උන්දැට මොකවත්!” ආච්චී මටත් තහංචියක් දැම්මාය.

තාත්තා අසනීපය පිට දමා දිගින්-දිගටම වැඩට නොයා හිටි හින්දා එයාගේ fireman- ගිනි භටයා රස්සාව නැති විණි. ඉක්මනින්ම අපට වැලේ-වැල් නැතිව ගියේය. 1966දී; මට අවුරුදු දොළහේදී පේව්මන්ට් එකේ රජ වෙන්න යන්නට සිද්ද වුණේ පවුලේ බඩගින්න නිවන්නටය.

ත්‍රොම්බෝසිස් අසනීපය පුරුෂ ලිංගික හෝමෝන නිෂ්පාදනයට කිසිම බලපෑමක් නොකරන විත්තිය ඊළඟ අවුරුදු ගණනාවෙදී මොනොවට පැහැදිලි විය. අපේ පවුලේ දරුවන් සංඛ්‍යාව 1975 තෙක්ම වැඩි වර්ධනය වුණේය. එලෙසින්ම අපේ තාත්තාත් අම්මාත් අතර අඬදබරත් වැඩි වර්ධනය වුණේය. අප කව්රුනුත් ඒ වෙලාවට කළේ නිහඬව අහුමුළුවල ගුළි වී අඬා වැලපීමයි.
එහෙම දබරයක් වෙලාවේ සුනිල් මල්ලී තාත්තාගේ කකුලක් හැපුව වෙලාවේ, සුන්නාව ඈතට වීසි වෙන්නට
තාත්තා පයින් ගැසුවාට පස්සේ එයාලා ළඟට නොයන්නට අපි වගබලා ගත්තෙමු.

මේක ගෑනිගෙයි මිනිහගෙයි කතාවක්. අම්මට වැඩක් නෑ ඒකෙන්!

රණ්ඩුව හොඳටම වැඩි වෙනවා නං අප කළේ...
(මේ උපුටා ගැනීම
 හැත්තෑවෙනි post එකෙනි.)

'අම්මයි තාත්තයි රණ්ඩු වෙන වෙලාවක වුණත් අපි හයියෙන් අඬන්නේ ආච්චිව ගෙන්නා ගන්නටය. එතකොට ආච්චි එන්නේ ගිනි පිම්මේය. 

ගුණේ, තෝ මේ ගෑනිව ගත්තේ තොට ඕනේ නිසා නේද, අපි එපා කියද්දීත්. දැන් මරාගන්න හදන්නේ? මේ පොඩි එවුන්ව අඬවන්නේ තොපි දෙන්නම ගොන්නුද බොලව්? ඕනෙමයි කියලා කරගත්ත මඟුල කාපියව්කො ඉතිං, අපට සැනසිල්ලෙ ඉන්න ඇරලා”.

99%ක් වෙලාවකම ගෝරිය එතනින් ඉවරය. ඉතාම අහම්බෙන් විතරක් තාත්තා ආච්චීගේ ඇඟටත් ගොඩවෙයි. මේක ගෑනිගෙයි මිනිහගෙයි කතාවක්. අම්මට වැඩක් නෑ ඒකෙන්”.

තොපි දෙන්නා හැඳිගෑවිලා ගියත් මට වැඩක් නැහැ තමයි බොලව්. හැබැයි මේ කිරි සප්පයෝ ගැන බලන්න ඕන නේද මනුස්සයෙක් හැටියට. වරෙන් ළමයිනේ අපේ දිහාට.... කාලකණ්ණි! .... පව් ගෙවනවා මෙතන...ආච්චී අපවත් ඇදගෙන එයාලාගේ ගෙදරට යයි.

හැබැයි අර රණ්ඩුවත් එතනින් ඉවර වෙයි. ඔහොම හින්දා ආච්චීගේ මැදිහත්වීම් මැදහත් හිතින් ඉවසන්නට අපට සිද්දවී තිබිණි’

සීයා හඳුනන රේල්ලුවේ ලොකු මහත්වරුන් ගණනාවකගේ උදව්වෙන් අපේ තාත්තා විශ්‍රාම ගන්වා ගැනීමට මේ අතරවාරයේ වාසනාව ලැබිණි. නමුත් එයින්වත් පවුලේ ආර්ථිකයට උදව්වක් නොලැබුණේය. ඒ, ඒ වෙද්දී අපේ තාත්තාත්- සීයාත්- ආච්චීත් රේස් සූදුවට ඇබ්බැහි වී හිටි හින්දාය.

ඔන්න ඔය අතරේය දවසක් අපේ ආච්චී හොඳටම පරල වුණේ. ඒ ආච්චිලගේ ගෙදරදීය. අපේ අම්මා මොකක්දෝ මුණු-මුණුවෙන් ආච්චීට කීවාමය.
“ඇයි බොල බොන්ඩියෙ දැන්ද තෝ ඔව්වා මට කියන්නේ. එතකොටම නේද බොල ඔව්වා මට කියන්න තිබ්බේ. අපොයි දෙයි හාමුදුරුවනේ, මේ නොදරුවට තොපි කරලා තියෙන අපරාදේ...  තොපිට සහගහනවා යකෝ.”
සිඟිති අජිත් මල්ලීවත් තුරුලු කරගෙන හිටි ආච්චී ආඩපාලි කිව්වේ හඬමිනි. “තොටත් මොකෝ. තොගේ වාහෙ කියන දේ විතරයිනේ වටින්නේ... යකෝ, මිනිහට වැඩිය තමුන්නෙ කුසෙන් වදපු දරුවෝ වටින්නේ නැද්ද බොල අම්මෙකුට?”

“වර... කිව්වම අහල වර යන්න මගෙත්තෙක්ක අර වේසිගෙ පුතාට දෙකක් කියන්න...” ආච්චී අම්මාවත් ඇදගෙන ගියේ අපේ තාත්තා ළඟටය.

(ඒ වෙද්දීත් අජිත් මල්ලී ආච්චිගේ බාරයට අරගෙන ඉවරය. බාරයට අර ගත්තා කිව්වේ ආච්චිලගේ ගෙදරම නවත්තා ගෙන කවා-පොවා, නහවා, ඇතිදැඩි කරමින් රැකබලා ගැනිල්ලටය.)

සැමියාගේ ඒ තිරශ්චීන යෝජනාවට, බිරිය එකඟ වී තියෙන්නේ කෙඳිරියක් නඟන තරමේ විරුද්ධත්වයක්වත් නොපාමිනි.

“ඈ බොල පර බල්ලෝ. තොපි දෙන්න එකතු වෙලා මොකක්ද යකෝ මේ නොදරුවට කරලා තියෙන්නේ? තෝත් තාත්තෙක්ද... දැන් කොහොමද යකෝ අපි මේ දරුවව ඉස්කොලෙකටවත් දාන්නේ?”

අපේ පවුලේ අනිත් කතන්දර වගේ නොවේ, මේ කතන්දරයේ සියලුම කොටස් හෙළිදරව් වුණේ ඉතා මන්දගාමී වේගයකිනි.

බදුල්ලේදී ගෙදරින් පිටමං කර සිටි අපේ අම්මාව යළි ගෙදරට වැද්ද ගැනීමේ අවසන් සාම සාකච්ඡාවේදී තාත්තා රහසිගත; අන්තරායකර කොන්දේසියක් දමලාය. ‘කොච්චර නෑ කිව්වත්, මට උඹව විශ්වාස නෑ ලීලා...  උඹට ආයේ මගේ ළඟට එන්න ඕනි නං අපි මහරගමට ගිය ගමන් උඹේ බඩ හෝදලා යවාගන්න කැමති වෙන්න ඕනි.’ සැමියාගේ ඒ තිරශ්චීන යෝජනාවට, බිරිය එකඟ වී තියෙන්නේ කෙඳිරියක් නඟන තරමේ විරුද්ධත්වයක්වත් නොපාමිනි.

ආච්චිගේ මැදිහත් වීම නිසා ඒ පාප කර්මය නොකෙරිණි.
තාත්තා ඒ වෙනුවට වෙනත් විකල්පයක් තෝරා ගෙනය.

“උඹ දරුවගෙ තාත්ත මමය කියලා හෙම උප්පැන්නෙට දානවා නෙවෙයි ඔන්න!” තර්ජනාංගුලිය ඔසොවා තාත්තා කීවේල. “ලීලා, පොඩ්ඩක්වත් බය වෙන්ඩ දෙයක් නෑ. අපේ අම්මලා උප්පැන්න සහතික බලන්න එනවැයි කියලයැ.” එහෙමය, අජිත් මල්ලිගේ උප්පැන්න සහතිකයේ ‘පියාගේ නම තීරුව හිස්ව තියන්නට’ අම්මාව එකඟ කරගෙන තියෙන්නේ.
මගේ තීන්දුව නම්- අම්මත් තාත්තාත් දෙන්නාම හරි-හරියට ඒ තිරශ්චීන තීන්දුවේ වගකීම බාරගත යුතු බවයි.

තිරිසන් සතුන්ගෙන් මනුසතා වෙනස් වෙන්නේ මිනිහාට හිතන්නට පුළුවන් හින්දා නේද? දියුණු මනසක් තියෙන හින්දා නේද?
අපේ තාත්තාටත්, අම්මාටත් අජිත් මල්ලීගේ අනාගතය ගැන හිතන්නට බැරි වුණේ ඇයි...
“ඇයි බොල පර බල්ලෝ... දැන් මේ නොදරුවා අවජාතකයෙක් කියල නේද හංවඩු ගැහෙන්නේ... ඉස්කොලේකට යන්නද- රස්සාවකට යන්නද- සමාජෙට මූණ දෙන්නද...” ආච්චී දිගටම බැණ වදිද්දී තාත්තා කරබාගෙන උන්නා මිස උත්තර දුන්නේ නැත.

රසික සූරිආරච්චි සහෘදයා සංස්කරණය කර, නොමිලයේම බෙදා හරින ‘සිසිල’ සඟරාවේ ඔක්තෝබර් කලාපය කියවද්දීය, මට මෙහෙම හිතුණේ. “මිනිස්සුත් මී මැස්සෝ වගේ වුණා නං?” එහෙම හිතුණේ  ‘මාලිනී ගනේවත්ත’ ලියා තිබ්බ ‘තාත්තෙක් නැති (ඒත් සීයෙක් ඉන්නා) පිරිමි මී මැස්සා’ ලිපිය කියවද්දියි. මී මැස්සියන්ට තියෙන වර්ණදේහ 32න් බාගයයිලු- ඒ කියන්නේ වර්ණදේහ 16ලු පිරිමි මී මැස්සන්ට තියෙන්නේ. උන් උපදින්නේත් සංසේචනය නොවුණු බිත්තරවලින්ලු!

පින්තූරෙන් කියන ගණන් හිලවු හරි නම්... ඔබ උප්පත්තිය ලැබීමේ සම්භාවිතාවය ට්‍රිලියන 400 කින් එකකි’.

ඒ ලිපියේ මෙහෙමත් තියෙනවා.

“... හැබැයි මෙයාලා ජීවත් වෙන්නේ අර ගෑනු මැස්සියෝ ගේන මල් පැණිවලින්. පිරිමි මී මැස්සන් මහ කම්මැලියෝ නිසා ‘Lazy Willi’ කියලා නමකුත් පට බැඳිලා තියෙනවා...’ ඒ කම්මැලියො පැටවුන්ගේ සුජාතකම්- අවජාතකකම් හොයන්නෙ නැතිව ඇති...

මනුස්ස දරුවෙක් උපදින්න නං ශුක්‍රාණුවක් හා ඩිම්බයක් කියන දෙකම ඕනිනෙ. එහෙම නැතිව; සංසේචනයක් නොවී දරුවෙකු පිළිසිඳ ගන්නේ නැහැනේ. එතකොට කොහොමද දරුවෙකු අවජාතකයෙකු වෙන්නේ... ශුක්‍රාණුවක්වත්, ඩිම්බයක්වත් දන්න එකක්යැ ඒවායේ අයිතිකාරයෝ කසාදෙ රෙජිස්ටර් කරලද නැද්ද කියලා...

ඒ වගෙමයි, ගොඩාරියක් මිනිසුන් කල්පනාවට නොගත්තට ‘මනුස්සාත්මයක් හිමි වෙන්නේ කොච්චර දුර්ලභවද?’
ඉහතින් තියෙන පින්තූරෙන් කියන ගණන් හිලවු හරි නම්... ‘ඔබ උප්පත්තිය ලැබීමේ සම්භාවිතාවය ට්‍රිලියන 400 කින් එකකි’. ඔය බණේම ‘ලෝ වැඩ සඟරාව’ පොතේ කවියකත් කියල තියෙනවනේ. ‘දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ’ කියලා. ඒවාට වැඩිය කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද දැන් කාලේ...

අපේ අම්මයි, තාත්තයි දෙන්නගෙ පවුකාර පටු කල්පනාවේ මහිමයෙන් ‘පියා නොදනී’ පට්ටම ඇතිව උපන් අජිත් මල්ලීව, නිසි වයසේදී ඉස්කෝලෙට දාගන්න නං පුළුවන් වුණා. ඒ බුවෙනකබා ලොකු ඉස්කෝලේ මහරගේ සර්ට පින් සිද්ද වෙන්නයි. ‘හැබැයි ආච්චියෙ, වැඩි දවසක් යන්න නොදී දරුවගෙ උප්පැන්නේ හරි ගස්සා ගන්න වෙයි. දරුවා ලොකු වෙනකල් හිටියොත්, එයාගේ හිත තැලෙයි...’ මහරගේ සර් අපේ ආච්චිට අවවාද කරලත් තිබ්බා.
ඒත් ඒ රජකාරිය කෙරුණෙත් හුඟක් පහු වෙලා. පියාගේ නම තීරුවට ඩී. එච්. ගුණපාල කියලම දාන්න තීන්දු වුණා කියලයි, මට ඇහුණේ.

ඔයින්-මෙයින් සිද්ද වුණේ අජිත් මල්ලී අපෙන් ගොඩක් ඈත් වෙච්ච එකයි.
හීනමානයකින් පෙළෙන- වැඩිපුර බොරු කියන- එක විදිහක ගුප්ත මිනිහෙක් වෙච්ච එකයි.

අජිත්ගේ ආදරේ වැඩි කර ගන්න හිතාගෙන- අපේ ආච්චිත් පරණ කතන්දර එයාට කියලා වගෙයි මං දැක්කේ! එතකොට එයා කොයි තරං කම්පනයකට පත් වෙන්න ඇත්ද?
ඒත් අපි හැමෝම අජිත්ට සැලකුවේ කිසිම වෙනස්කමක් නැතිව. ඇත්තම කියනවා නං, එහෙම කෙරුණෙත් අවබෝධයකින් නෙවෙයි; නිකම්මයි.

හැබැයි- එයාගේ නමෙන්මත් එයාට වෙනස්කමක් කෙරිලනෙ තිබ්බේ... ඒවා අජිත්ට තේරෙන්න ඇති. නිමල්, සුනිල්, අනිල්, දීපාල් වගේ නම් අතරට අජිත් කිව්වම...     
 
à ඊළඟ කොටසට...

Thursday, November 9, 2023

තිස් එකේදී... තිස්එක්වෙනි කොටස

 “යකෝ ගුණේ. ගෑනිටම කතන්දර කියන්නේ තෝ සුද්දවන්තයෙක්ද? ඇටෙන්-පොත්තෙන් පැහෙන සන්දියේ හිටම උඹ නටපු නෙයියාඩම් මේ රත්නවතී නොදන්නවයි කියලද ගුණේ, උඹ හිතුවේ. උඹට වැරදිලා පුතේ. උ..ඹ..ට වැරදිලා. වරදින්නේ නැතිව තියේයැ. එදා ඉඳලම කළේ හිතුවක්කාරකම්. මේ අහපං පුතේ.

කිව්වම අහලා, ලීලාත් උඹේ විදිහමයි කියල හිතන එක නවත්තපං රත්තරනේ...
කාලෙකට ඉස්සෙල්ලා උඹම නේද මේ ගෑනිව ගන්න ඉඩ දුන්නේ නැත්තං මැරෙනවයි කිව්වෙත්. ඒවා ඔක්කොම අමතක කළත්...
ගුණේ, දැනටමත් මේ ගෑනි උඹම ජාතක කරපු දරුවෝ හතර දෙනෙක් වදලා නේද ඉන්නෙ...  ඒ මදිවට තව එකෙකුත් කුසේ දරාගෙන...”

ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් (හෙවත් මෛත්‍රී කිරීමෙන්) දිනිය යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුය. මසුරා දීමෙන් - ත්‍යාගයෙන් දිනිය යුතුය. බොරු කියන්නා...

ආච්චීගේ කටෙන් ඒ වචන ටික එළියට පැන්නා විතරකි.
තාත්තා තිත්ත කුණුහරුප වැලක්ම වමාරන්නට පටන් ගත්තේය... “#*## @~#^$#!”

‘අක්කොධෙන ජිනේ කොධං - අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානෙන - සච්චේන අලිකවාදිනං’
කියලාය ධම්ම පදයේ ‘කොධ වග්ග’යේ ගාථාවක තියෙන්නේ. ඒ දවස්වල අපේ තාත්තා නිතරම පෙරළුවේ ‘ධම්ම පදයේ’ පිටු නොවේ.
බූරු කුට්ටමේ කොළය. (කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා අපේ අම්මාව බදුල්ලේ ඉස්පිරිතාලයට ඇතුළු කරද්දීත් තාත්තා ඉඳලා තියෙන්නේ බූරු පිටියකය.)
ඒ හින්දා ‘ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් (හෙවත් මෛත්‍රී කිරීමෙන්) දිනිය යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුය. මසුරා දීමෙන් - ත්‍යාගයෙන් දිනිය යුතුය. බොරු කියන්නා සත්‍යයෙන් දිනිය යුතුය.’ කියන අර ගාථාවේ තේරුමත් දැනගෙන නොහිටියේය.

“නොදකිං වලත්තයා... තෝ ඔය කුණුහරුප වපුරන්නේ කව්රු ඉස්සරහද බොල... අනේ, මාත් වැදුවනේ දෙයි හාමුදුරුවනේ... මේ වගේ නොසණ්ඩාලයෙක්!
යකෝ, තරහ ගිය පලියට කතා කරන්න ඉස්සෙල්ලා බලහං- කවුද ළඟපාත ඉන්නෙ කියලා. මේ පොඩි එවුනුත් ඉස්සරහ....”

“අම්මත් කට තිබ්බ පලියට කතා කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොනවද කතා කරන්නෙ කියලා. මාව අවුස්සන්න කලින්. අම්ම දන්නවද, ඔය ලීලගෙ බඩේ ඉන්න එකා මගේ නෙවෙයි කියලා...” තාත්තා ආච්චීට කිව්වේ හෙමින් නොවේ. සද්දෙනි. එතකොටම අපේ අම්මා අඬාගෙන එතැනට ආවාය.
“බලන්නකො අම්මේ... මේ සහගහන කතා...”

“බොල මී හරකියේ... අපිට මේක බේරුමක් කර ගන්න දීලා අන්නරහෙට වෙලා හිටු!” ආච්චී එයාගේ තරහ එළියට දැම්මේ එහෙමය. “ගෑනියෙක් වුණාම දැන ගන්න ඕනේ හැම මඟුලටම කට නොදා ඉන්න- විසේසෙන්ම තමන්ගේ ස්වාමි පුරුෂයාට කේන්ති ගියාම...  එහෙම වෙලාවට උඹත් මිනිහට ඉහළින් යන්න ගියාම හරි යනවද බොන්ඩියේ?”
ආච්චිගේ කතාව තාත්තාවත් සරෙන්ඩර් කරවන එකකි.

“ගුණේ, මං කියන දේ අහපං. උඹලගේ තාත්තයි මමයි දෙන්න තනියෙන්ම මෙච්චර කල් මහරගම හිටිය මදැයි. දැන් උඹලත් වරෙල්ලා එහාට. අර මනුස්සයා උඹට ට්‍රාන්සර් එකක් හදවල දෙයි. එතකොට මේ අලකලංචිවලින් බේරිලා හිටිය හැකි නෙව.”
තාත්තා ඒ යෝජනාවට කැමතියි වගේය. “හරි... මං ටිකක් හිතල බලන්නංකො...”

එවෙලේ ආච්චීට එහෙම කිව්වත්, අපේ තාත්තා චුට්ටක්වත් හිතා බලලා තිබ්බේ නැත!
එහෙම හිතා බැලුවා නං එයා ‘තමන්ගේ බිරියට විරුද්ධව’ පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ නැත; අනාචාර චෝදනාවක් නඟන්නේ නැත; බිරිඳව දික්කසාද කරනවා යැයිද- එතෙක්වත් ඇයව නිවසේ තබාගත නොහැකි යැයිද පොලිසියේදී කියන්නේ නැත.

වැඩියත්ම විසුළු කළේ...

“මේ බොන්ඩිගේ පුතා මෙහෙම දෙයක් කරන්න යන බව දන්නවා නං මම කීයටවත් පොලිසියට යන්නෑ රත්තරනේ... මූ මාවත් රවට්ටලයි පොලිසියට එක්ක ගියේ. කොහෙද, උඹලගේ බදුල්ලේ සීයලා නිවට වැඩියිනෙ...
උන්ට කියන්න තිබ්බේ දික්කසාද කෙරෙනකල් ලීලාව බාර ගන්න බෑ කියලා. මුගේ මරුමුසුකමට බයේ වෙන්නැති. උඹලව ගුණේටම බාර දෙන්න ඕනි කිව්වමත් ‘හා’ කිව්වා. අනේ, මටත් මේ කරුමයකට කර ගහන්න වුණානෙ.

-හැබැයි උඹලගේ අම්ම තමයි අම්මා. යකඩෝ, මව්වත් ගෑනියෙක්ට පුළුවන්ද තමන්ගේ කුසෙන් වදාපු කිරි සප්පයෝ තුන් දෙනෙක්ව දාලා යන්න. මම වගේ නං මාව මරණවයි කිව්වත්, පොළොවේ හැපෙනවා දරුවොන්ව ඉල්ලලා. බදුල්ලේ ගෑනුන්ට දරුවෝ අගේ නෑ වෙන්නැති... උඹලගෙ තාත්තටම හරි යන අම්මණ්ඩි.”

තාත්තා අම්මාව ගෙදරින් පිටමං කළාට පස්සේ...
අම්මා රෙදි-පෙරෙදිත් පොදි බැඳගෙන, අඬ-අඬා බදුල්ලේ සීයලත් එක්ක පිටත්ව ගියාට පස්සේ... මහරගම ආච්චී එයාගේ හිත නිදහස් කර ගන්නට මෙව්වා කියෙව්වේ මගෙත්තෙක්කය. (එතකොට මට අවුරුදු අටකි. උන්නේ තුනේ පංතියේය. ඉස්කෝලේ ‘ධර්මදූත විද්‍යාලය’ය.)

“විනාශයි! උඹ මේක දැක්කද ගුණේ?” උදේ පාන්දරින්ම ටිකිරි මාමා අපේ ගෙදරට කඩා වැදුණේ ‘ලංකාදීප’ පත්තරයකුත් උස්සා ගෙනය. එතකොටත් තාත්තා නින්දේය.
“මොකද්ද ටිකිරි පුතේ, පත්තරේ තියෙන්නේ?”
ටිකිරි මාමා උත්තර දුන්නේ ආච්චීට විතරක් ඇහෙන්නටය. “දෙයි හාමුදුරුවනේ. අපිටත් ගේ අස්සටම වෙලා හැංගිලා ඉන්නයි වෙන්නේ. චී චී චී, අපේ බූරුවා රටම ගඳ ගැස්සුවා එහෙනං...”

ආච්චී පත්තරයක් ගැන ඔච්චර කලබල වෙන්නේ ඇයි? මට ඒ වෙලාවේ නං ඒ කාරණාවල බරක්-පතලක් තේරුණේ නැත. ඒත්, දවස් දෙක-තුනකට පස්සේ ඉස්කෝලේ ගියාම නං තේරුණේය.

“ඇත්තද නිමල්ලගේ අම්මා හොර මිනිහෙක් එක්ක හිටියයි කියන්නේ?” /  “බොරු නං පත්තරේ දායිද බං.” / “ඒයි, උඹලයි තාත්තා අම්මව ගෙදරින් එලෙව්වද...” / “දැන් නිමල්ලට අම්මෙක් නැහැල්ලු.” වගේ කතන්දර කියවෙද්දී මට කරන්න පුළුවන් වුණේ ඩෙස්කුවට ඔළුව ඔබාගෙන හැඬීම විතරකි. එවෙලේ කවුරුන්වත් මා සනසවන්නට හිටියේ නැත. මගේ හොඳම මිතුරා; ගංගානන්ද පවා හිටියේ මා නාඳුනන්නෙකු විදිහටය.

පාසලේදී මට වැඩියත්ම විසුළු කළේ තුනේ පන්තිවල ළමුන් නොවේ. ඉහළ පන්තිවල ළමුන්ය.

දැන් ඉන්නෙ කොල්ලෝ නෙවෙයි කොලු තාත්තලා. හිටිංකො, බොලැයි තාත්තා ගෙදර ආවම...

එදා මා ගෙදර ආවේ අඬාගත් ගමන්මය.

“ඉහි, ඉහි... අනේ ආච්චියෙ, මට ආයෙමත් ඉස්කෝලේ යන්න නං කියන්නෙපා...”
“එහෙම කොහොමද පුතේ. මොකද  රංජියෝ උඹට මේ හදිස්සියේම ඉස්කෝලේ එපා වුණේ?” ආච්චී ඇසුවාය. මම සේරම විස්තර ආච්චීට කිව්වෙමි.

“දැන් ඉන්නෙ කොල්ලෝ නෙවෙයි කොලු තාත්තලා. හිටිංකො, බොලැයි තාත්තා ගෙදර ආවම මම එයාට කියන්න...”
“අනේ... ආච්චියෙ ඉ..හි ඉ..හි. තාත්තට නං කියන්න එපා. තාත්තා ඉස්කෝලෙට ඇවිත් රණ්ඩු කරයි!” මම බැගෑපත් වීමි.

“උඹ බය නැතිව හිටිං පුතේ. එයා රණ්ඩු කරගෙන කරගත්තු හරිය මදැයි! නිකං රට්ටු හිනැස්සුවා!!”

අපේ තාත්තා අඹුසොඬෙකියි කියා මං මේ වන විටත් ලියා තිබේ.
මගේ හැඟීමට අනුව, අපේ අම්මාත් තාත්තත් දෙදෙනාම
වගකිව යුතු මව්පියන් නොවන විත්තියත් එලෙසින්ම ලියා තිබේ. ඒ දිනවල සිද්ද වුණෙත් ඒ දෙකරුණම තව-තවත් තහවුරු කෙරෙන දේවල්ය.

එහා-මෙහා ගිය  සාම නියෝජිතයන්ට කීකරු වෙලා, අපේ තාත්තා ‘නැවත සමාදාන’යකට සැරසුණේය. ඒ දෙසතියක් යන්නටත් කලින්ය.

“රෙද්දක් ඇඳගෙන පාරට බැස්සැකිද යකෝ,  උඹට එපැයි කියලා ගෙදරින් එලවපු ගෑනිව ආයෙම ගෙදරට වැද්ද ගන්න යන්නෙ. මිනිස්සු පුකෙනුත් හිනා වෙයි බොල... උඹ පිරිමියෙක්ද බං. තොට ඔව්වා හිතන්න තිබ්බේ ලීලාව ගෙදරින් එලවන්න කලින්නෙ.” ආච්චී කඩා පැන්නාය. “තොටත් ලීලා නැතිව බෑ. තෙපර බාන්නේ නැතිව අන්න ඒක කෙලින්ම කියපං.”
“හොඳයි, අම්මට පුළුවන්ද දිගටම අපේ ළඟ ඉන්න... මගේ ළමයි බලා ගන්න. මට හොඳට තේරෙනවා, අම්මත් බලාගෙන ඉන්නෙ කොයි වෙලාවේ මේ උගුලෙන් ගැලවිලා  ආපහු කොළඹ දුවන්නද කියලා.” තාත්තා ආච්චීට ප්‍රතිඋත්තර දුන්නේ එහෙම කියමිනි. “තාත්තාව එහෙ තනියම දාලා දිගටම මෙහෙ ඉන්න අම්මත් ලෑස්ති නැහැනෙ...”

“ඔව් යකෝ, තොපි වගේ නෙවෙයි. මම එහෙම තමා. ගෑනියෙක් ඉන්න ඕනි තමන්ගෙ මිනිහා ළඟ. තමුන්ගේ මිනිහට කෑම ටික උයල-පිහල දෙන්න, තේ එකක් හදල දෙන්න, රෙද්දක් හෝදලා දෙන්න බැරි ගෑනියෙකුගෙන් මොකක්ද මිනිහෙකුට ඇති පලේ?
තොට නං මොකෝ. තොගේ වාසියට මං මෙහෙ ඉන්නවා නං ඒ මදෑ.
අර මනුස්සය හරියකට කන්න-බොන්නවත් නැතිව...”

උවමනා නැති විදියට දරු පිළිසිඳ ගැනීමක් සිද්ද වුණාම එයාලා බඩ හෝදලා අරින්න ලැහැස්ති වෙලා!

“මම පොඩි කලේ ඒ මනුස්සයා කරපු කෙළි සේරම මාත් දන්නවා අම්මේ, අම්මා දිගටම එයාට කැඹුරුවා වුණාට.”

“කාගෙ ළඟද බං වැරදි නැත්තේ... හැබැයි පුතේ, මෙතුවක් කාලෙකට උඹලගේ තාත්තා මට නිය පිටින් පාරක් ගහල නෑ; එක දවසක්වත් කුණුහරුපෙන් බැණල නෑ. මාව බඩගින්නෙ තියලත් නෑ බොල. ඒකටත් එක්ක තෝ... පෙළක් වෙලාවට උඹ ගෑනිට සලකන්නේ තිරිසනෙක් වගෙයි බොල. අන්න ඒක දැන ගනිං!
මම ඒකිගෙ ඉස්සරහපිට නොකිය හිටියට යකෝ, මම ලීලා වුණා නං මෙලහකටත් තොගේ බෙල්ල කපල මරල.”

“ලීලාත් අම්ම වගේ මරුමුසු ගෑනියෙක් වුණා නං මාත් මෙලහකට මිනීමරුවෙක් වෙලා එල්ලුම් ගස් ගිහිං.”

ඔහොම අතුරු වාද-විවාදවලට පැටලුණත්, ඒ අම්මත් පුතාත් දෙන්නා දවස් දෙක තුනක් ඇතුළතදී තීරණ කිහිපයකටම එළඹුණහ. ඒ අනුව...
අපේ අම්මාව ආපසු පවුලට වැද්ද ගත යුතුය. / ඒත් මින් පසුව අම්මාගේ පැත්තේ කිසිම නෑදෑයෙකු සමඟ පයුරු-පාසන නොපැවැත්විය යුතුය. / අපේ සිය පවුලම මහරගම පමුණුව පාරේ- සිල්ලප්පු වත්තේ, ආච්චිලාගේ ගෙදරට සංක්‍රමණය විය යුතුය. / හැකි ඉක්මනින්ම තාත්තා කොළඹට ස්ථාන මාරුවක් ලැබ ගත යුතුය. (සීයා එයට උදව් කරනු ඇත.)

ඒ අතරවාරයේ අපේ තාත්තාත් අම්මාත් දෙන්නා සමාදාන වී තියෙන්නේ තවත් රහසිගත කොන්දේසියකට එකඟ වෙමිනි. ඒ බව හෙළිදරව් වුණේ මාස කීපයකට පසුවය.
මං වහන්සේ ඒ පිළිබඳව 'ගස්සලා
 යවමුද -2පෝස්ටුවට ලිව්වේ මීට අවුරුදු පහකට කලින්ය. 
‘දෙවෙනි ගබ්සා කතාවටත් සම්බන්ද අපේ උත්තම මව්-පිය දෙපළමයි. ඒ දෙන්නාටම උවමනා නැති විදියට දරු පිළිසිඳ ගැනීමක් සිද්ද වුණාම එයාලා බඩ හෝදලා අරින්න ලැහැස්ති වෙලා. ඕක අපේ ආච්චිට; රත්නවතීට ආරංචි වෙලා. ආච්චී හෙණ සැදැහැවන්ති.

ඉත්තිං- ඉත්තිං, ඩී. රත්නවතී උපාසිකා මාතාව පරල වුණා අර රහස දැනගත් ගමන්. "ගුණේ, උඹලට ඔය දරුවා එපා නම් මට දීපල්ලා. මං හදාගන්නම්. ඔන්න ලීලා, මං උඹටත් නොකිව්වයි කියන්න එපා. ඔය පවුකාර වැඩේ කරලා එහෙම අපේ ගෙදර පස් පාගන්න නම් හිතන්න එපා, ඕං!"

ආච්චිගේ තග දැමිල්ලට අපේ අම්මයි තාත්තයි දෙන්නම සරෙන්ඩර් වෙලා. ඒක එතැනින්ම කොලොස් වෙලා; ලත් තැනම ලොප් වෙලා.’

ලීලාත් අම්ම වගේ මරුමුසු ගෑනියෙක් වුණා නං මාත් මෙලහකට මිනීමරුවෙක් වෙලා එල්ලුම් ගස් ගිහිං!

දැන් පූර්වාපර සන්ධි ගලපමින් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර රසික-රසිකාවියනට හෙළි කළ හැකිය. එදා ‘උවමනා නැති දරු පිළිසිඳ ගැනීමක්’ විදිහට හැඳින්වුණේ ‘අජිත් මල්ලීගේ පිළිසිඳ ගැනීම’ය.

මේ විස්තර ලියාගෙන යනකොට නම් මටමත් පුදුමය.
අපේ ගෙදර රහස් කියා දෙයක් තිබිලා නැතිම තරම්ය. සිද්ද වෙන හැම අටමඟලයක්ම කල් ඉකුත් වුණු පසුව හෝ ගෙදර කතාබහට ලක් වී තිබේ!
විශේෂයෙන්ම ආච්චී හා තාත්තා අතර. ඊළඟට ආච්චී හා මං වහන්සේ අතර... එතැනදී නං මගෙන් කෙරුණේ සාවධානව අහගෙන ඉඳිල්ලත්, හූමිටි තියමින් ආච්චීව දිරි ගැන්වීමත් විතරකි. (ඒත් ඒ කතාවලට අපේ අනෙක් නංගිලා මල්ලිලා නම් එකතු කර ගැනුණේ නැතිම තරම්ය.)

ඒ අතරවාරයේ කව්රුන්වත් නොසිතූ දෙයකුත් සිද්ද වෙලාය...
ඒ වරිග සභාවේ නිත්‍ය  සාමාජිකයෙකු වුණු නිමල් දිසානායකයාටත් හොරෙන් ඒ යක්ෂයාගේ මතක ගබඩාවේ ‘අර සාකච්ඡාවල් ගෙඩි පිටින්ම වාගේ’ තැන්පත් වෙලාය.

තවමත් ඒ වැඩේ ඒ විදිහටම සිද්ද වෙයි. මං හිතන්නේ, ඒ වෙනුවෙන් නං ‘පූර්ණ ගෞරවය’ හිමි විය යුත්තේ අපේ ආච්චීටය.

“කොල්ලගෙ මතක තියා ගැනිල්ල වැඩි වෙනවා- මෙව්වා කෑවම.” කියමින් මගේ හැම කෑම වේලකටම පලා වර්ගයක් උයාදී තිබෙන්නේ උන්දෑය. පලා වර්ග කිව්වාම අද කාලේ ඇත්තන් දන්නේ හරිම සීමිත වර්ග කිහිපයක් පමණි. අපේ ආච්චී එහෙම නොවේ.
මොනර කුඩුම්බිය, කැබැල්ල දලු, ගිරාපලා, මුස්සැන්ද, ගැට තුඹ, කඩුපහර, දිය බෙරලිය වගේ කොච්චර ජාති වටපිටාවෙන් එකතු කර ගත්තාද? මැල්ලුම්- සම්බෝල- තෙල් දැමුම්- කොළ කැඳ වගේ එකේක විදිහට හදමින් ඒවා මට ගිල්ලෙව්වාද? ආච්චියෙ, ඔයාට ගොඩාරියක් පිං! ඔයා නිවන් දකින්න මේ පිනම ඇති ආච්චියේ!!   

දසනායක රත්නවතීගේ මැදිහත් වීමෙනි, අජිත් මල්ලී නොමේරූ කලලයක් ලෙසින් මෙලොවට බිහි නොවී බේරුණේ.
ඒත්, එහෙම ඉපිද තිබුණේ තවත් අවාසනාවක් උරුම කර ගනිමිනි.

පසුගිය සතියේ අපේ අම්මාව බලන්නට Pra Jay යුවලත්, සිරිබිරිස් උන්නැහෙත් මානෙල් නංගිලාගේ ගෙදරට පැමිණියහ. (මේ තිදෙනාම බ්ලොගය හරහා මගේ හිතවතුන් වුණු උදවියයි.) ‘අම්මව වගේම ඔයාගේ මානෙල් නංගිවත් දකින්න ආසාවෙන් අපි ආවේ. එයා නං පොඩි වැඩක් නෙවෙයි කරන්නෙ- අම්මවයි, නැන්දම්මවයි දෙන්නෙක්ව බලා ගනිමින්.’ ඔවුහු කීහ. අප, පවුලේ තොරතුරු කතා කරමින් සිටියදී අජිත් මල්ලීගේ නමත් මතුව ආයේය.
“නිමල්  blog එකේ අජිත් මල්ලී ගැන ලියල තියෙන්නේ බොහොම අඩුවෙන් නේද?” Pra Jay ඇසුවේය.

“මේ දවස්වල ලියවෙයි!” මම කීවෙමි.

මගේ ඇසින් බලන විට අජිත් මල්ලී අමු බේබද්දෙකු වී හමාරය. එහි අතුරු ඵලයක් ලෙසින් හොඳටම දිරාපත් වී; වැහැරී... (අජිත් හා මානෙල් කලකට පෙර)

ඒ විස්තර ලියවෙන්නට පටන් ගත්තා විතරකි. ‘යකාගේ මීටරය’ක් වෙන Lotusටත් වෙනස තේරිලාය. පසුගිය කොටසට comment කරමින් Lotus මෙසේ පවසා තිබිණි. 

"අජිත් මල්ලී ගැන මා ලියා ඇත්තේ ඉතා අඩුවෙනි". නිමල්ගෙ අජිත් මල්ලි ගැන මුකුත් ලියවිලාම නෑ නේද කියලා මම හිත හිතා හිටියෙ. නමුත් ඕප දූප නිසා ඇහුවෙ නෑ..

එයා ගැන කියනවා නම්- කියන්නට වෙන්නේ අජිත් මෙලොවට ඇවිත් තියෙන්නේ පෙර කළ අකුසලයකට වන්දි ගෙවන්නට වගේයකියලාය“. සමහර විට අනිත් අයටත්, එයාටත් මොනවා හරි ඉගෙන ගන්න දෙයක් ඒ අත්දැකීම් හරහා දුන්නද දන්නෙ නෑනෙ.

අවිවාදයෙන්ම පිළිගනිමි. මට හිතෙන්නෙත් එහෙමමය.

අජිත් මල්ලී නිසා මගේ දැනුමටත් බොහෝ දේ එකතු වී තිබෙයි; සමහර විටෙක මා ඒවා තේරුම් ගෙන- වටහා ගෙන- ග්‍රහණය කරගෙන තිබෙන විදිහ වැරදි වෙන්නටත් ඉඩ තිබේ. ඒත් මා තවමත් කරන්නේ සිද්ද වුණු දේ හා සිද්ද වෙන දේ ඇසුරෙන් යමක් තේරුම් ගන්නට වෙර දැරීමයි.
මා මීට කලින් අජිත් මල්ලී ගැන ලිවීම පමා කළේ සහේතුකවය. ඒ එයින් අජිත්ට හිත රිදීමක් වෙතැයි සැකයෙනි. දැන් පෙනෙන විදිහට අජිත් ඉන්නේ මෙවන් දේවල් ගැන කරදර වෙන තත්ත්වයක නොවේ.
අම්මාත් එහෙමය, දැන් ඇය ඉන්නේ මෙලොවට වඩා එලොවට ආසන්නයෙනි.

මගේ ඇසින් බලන විට ‘අජිත් මල්ලී අමු බේබද්දෙකු වී හමාරය. එහි අතුරු ඵලයක් ලෙසින් හොඳටම දිරාපත් වී; වැහැරී; සුනිල්ටත් මටත් වඩා වියපත් පෙනුමක් උරුම කර ගෙනය. (මගේ මතකයේ හැටියට නම්, එයා දැන් හරියටම අපේ බදුල්ලේ සීයා වගේය!)’

අජිත් මල්ලීට එහෙම වුණේ එයාගේ පෞරුෂත්වයේ දුබලකම නිසා බව මගේ හැඟීමයි; එලෙස අජිත්ගේ පෞරුෂත්ව වර්ධනය අඩාල වන්නට ඇත්තේ නිකම්ම නොවේ යැයි මගේ සිත මුර ගා කියයි.
‘අපේ තාත්තාගේ දුර්දාන්තකමත්- අපේ අම්මාගේ අතිශයින්ම කෙටි හැඳි මිටේ නුවණත් එකට එක්වී රහසේ දියත් වුණු ‘අන්ත නීච; නින්දිත; අනුකම්පා විරහිත ක්‍රියාවක්’ එයට හේතු වන්නට ඇති බව මගේ විශ්වාසයයි...
à ඊළඟ කොටසට..

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්