li Item

Friday, October 7, 2022

‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!

අසන්න වියතුනි, නෝනා මහතුනි කියන්න තියෙනව නියම  කතා
රහට කියන්නයි මේ සූදානම, එව්වා හරි ලස්සනට            ගොතා
ඉස්සර නං අපි කියවනවා කවි, අපූරුවට තාලෙකට             ලතා
තාලේ තිබ්බත්, ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම  සිතා!

දේශපාලනේ අන්තිම තිත්තයි- උලා කාල ජීවත් වෙන්නේ

අනේ ඔන්න ඔහෙ සිදු වෙද්දෙන් වෙන
            දෙයක්, අපට නැහැ තේරෙන්නේ
දේශපාලනේ අන්තිම තිත්තයි-
            උලා කාල ජීවත්          වෙන්නේ
ඒක කෙරෙන්නෙත්, අපේම දහිරිය
           දාලා හොඳටම     නැහුනොත්නේ
කියනව ‘සමහරු කරුණු නොදන්නා’,
           වෙන දේ විමසනු මැනවි    පණේ

හම්බ කරන්නට ලේසිම කෙරේමෙ,
                  රජෙකුට පන්දම්           ඇල්ලීමයි
හොඳට ඇල්ලුවම, බාර් ලයිසමක්
                  වගේ දෙයක් ගන්නට      ඇහැකියි
එහෙමත් නැත්තං, රජයේ කොන්ත්‍රත් එකක්
                  වුණත් ‘දානය’            කෙරෙතියි
‘කල්ල මරේ’ වෙන්නේ කොමිසං සා-
                  මාජික තනතුර        දුන්නොතිනුයි

පහුගිය අවුරුදු දෙකේ පත් කරපු
                              කොමිෂන් සභාම පහකි අනේ
හොරු අල්ලන්නය කියලයි එව්වට
                                  රාජකාරියක් පැවරෙන්නේ
අල්ලපු හොරු නැත, ගහ මුල වළල්ල
                              හොයාගත්ත එක මතකයිනේ
ලක්ෂ තුන්දහස් තුන්සිය හැත්තෑවක්
                                         සභාවලින් ගිලලානේ   

සමහරු බය වෙනවාලු හීනෙනුත්, උන් කළ පව් කඳු මතක් වෙලා

කියවෙන- වෙන සමහර දේ අම්මප,
               මහදැනමුත්තගෙ කාලෙ වගෙයි
කැකිල්ලෙ රජ්ජුරුවොත් ආයෙම ඉප-
              දිලාද කියලත් විටෙක     හිතෙයි
රට කරවන අය හිතන්නෙ රටුන්ට
             කඳුළක මොළයක් නැත  කියලයි
උන්ට වැරදිලා! හීන් සැරේ බල-
             ගතුය රාම සැරයත්           පරදයි

අපූරු ලස්සන මාලා නාටක බලන දනෝ දැන්
                                                    දනිති රසේ
රටේ පොලෝසියෙ ඇත්තොත් ලියනව
                   ‘මරු තිර නාටක’ හොර  රහසේ
අයිතිකාරයෝ නැති බව කියවෙන
                                 මල්වානේ මැඳුරක් 
අස්සේ
Shoot කරන්නද හැදුවේ ටෙලියක්
                         ‘වසන්ත කෙළියක්’  පිටිපස්සේ?

නීතිය නැවෙනව; හොඳටම නැවෙනව
                        ලොක්කො ඉදිරිපිට බලු   වීලා
නීති තියෙන්නේ නවන්න නෙන්නං,
                        බලය ඇති අයට එකතු   වෙලා
එයත් ලේසි නැත, දැන් කාලේ young
                        ජෙනරේෂන් එක form  වෙලා
සමහරු බය වෙනවාලු හීනෙනුත්,
                        උන් කළ පව් කඳු මතක් වෙලා

කිව්වට වස් නැත, හැදෙනව වාගෙයි...

කොට්ටෝරුවො හැම ගහටම කොටනව
             හොට පැටලෙනකං කෙහෙල්  ගසේ
මෙදා පොටේ පොට වරද්ද ගත්තද,
             කොටුවේ පැත්තෙන් අපට      ඇසේ
අධි ආරක්‍ෂිත කලාප නීතිය
            ‘රිවර්ස්’ කෙරෙයි ඒ         අව්වස්සේ
කටේ නරි වදන් පෙරෙන්න ඇරඹිල
            තියෙන විත්තියක් ලොවට        දිසේ

අනේ පණේ රත්තරනෙ වස්තුවේ-
              මහ විනාශයක් කරල       තියේ
පොත් දහ දාහක පුස්තකාලයක්
              එක්කල ගෙයකුත්    විනාශයේ
ඇට නැති දිව ලෙලවලා කියන්නේ
              ඇත්තටමද ‘බොරු මේ විදියේ’
කිව්වට වස් නැත, හැදෙනව වාගෙයි
              ‘වන්දියෙ පූජා’        හදිස්සියේ

බුදුවරු දහසක් බුදු වෙන වෙලාවෙ
                මහා පාන්දර අවදි            වෙලා
පොත් කියවන ඒ මැතිඳුගෙ දුක් කඳ
                සක්කරයටවත් නැත      පෙනිලා
පෙරළුවාට පොත් දැනුම ලැබෙනවද
                කියන්න සුදනෙනි හොයා   බලා
‘O
2 කන්නද’ අහයිද, තියෙ නං
                උකුණු පුකක මොළයක් ලැබිලා

මන්ද පෝෂණෙනි දරු කැල අසරණය

පුංචි සිඤ්ඤොලට මක්කා වෙන්නද,
            දැනටම හෙණ ගහලා       
 වාගෙයි

දෙසිය විසි පහට එහෙමද දෙයියෝ,
          උන් නැත්තං රට     අගාදෙමයි
උන්මය කියන්නෙ- අපිය අහන්නේ,
            තොත්ත බබාලා අපිම           තමයි
වතුර පැහෙනතුරු වතුර හැළියෙ හිඳ
           ‘කටක රොත්ත’ දිය කෙළිනු වගෙයි

ගොඩ මඩ දෙකම අවසානය       කම්මුතුය
හැම පැත්තේම වපුරාලා             අහේනිය
හෙට පරපුරට අද නැත නිසි       පෝෂණය
මන්ද පෝෂණෙනි දරු කැල   අසරණය

අනේ සාදු ඒකට නං කමක්                  නැත
එතකොට උන්ට අරගලයට වාරු           නැත
රජ පැටවුන්ට ඒ වාගේ විපත්               නැත
කලබල වෙනකොටම උන් හැම රටෙත්  නැත

දඬුවම් කළ යුතුය            අරගලකරුවන්ට
ලොකු
රජ පුතා පවසා ඇත ගෙන  හිතට
අරලිය මැඳුරෙ සිට පොලු ගෙන   ගියවුන්ට
මොනවා කරන්නද කියලත්         පවසන්ට

ගෙවුණු මාසයේ සීයට පහකින් උද්ධමනය ඉහළටම ගිහිං

අනුන් ඇස රොඩ්ඩ දකිනා        මහත්තුරූ
තමන් ඇස පරාලය නොදකිනා         තුරූ
අපට සෙතක් කරතියි හිතුවොතින්  බොරූ
අනෙ අම්මපල් සේරම කම්බ         හොරූ   

ගෙවුණු මාසයේ සීයට පහකින්
               උද්ධමනය ඉහළටම     ගිහිං
ළඟදි බහින්නෑ දිගටම තියේවි,
                එන අවුරුද්දේ මුල        වෙනකං
පුරෝකතනෙකින් එව්ව කියන්නේ
                යමක්-කමක් දන්නා       ඇත්තන්
ලෙඩා මළත් මොක? මැරෙන්න
                වෙන්නේ බඩ              සුද්දෙන්!

ලෝකෙට පෙනුණත් ලෝකෙම කිව්වත් හොරාට එය ගණනක් නැතිය

කරාපු තරමක් කළේ අපේ ලොකු
            උදවිය ලොකු ලොකු  දේවල්ය
ලොකුම පාරවල්, ලොකු වරායවල්,
            නෙළුම් කුලුන        ආඩම්බරය
වරාය නගරය ඊටත් හපන්ය
            එන ආරංචිය මල්           පහය
ආයෝජකයන් තවම ඇවිත් නැත;
            ඉඩම් කට්ටි   වේළෙනවාය            

ලොකු ණය ගත්තම එව්වා අස්සේ
              ලොකු ගැහිලිත්            ගහගත්තැකිය
පරම්පරා හත-අටකට ඇතිවෙන
              තරමට ජරාව කෑ                    හැකිය
ලෝකෙට පෙනුණත්
ලෝකෙම කිව්වත්
              හොරාට එය ගණනක්             නැතිය
ඇත්තමයි බොලේ, ලජ්ජා නැතිකම
              මහා මුදලිකමටත්                ලොකුය!

ඔක්කෝමත් හරි අපෙ මහ ඇත්තන් ගන්නා තීන්දු ලස්සනය

අප්ප කරපු කෙළි කරන්න පුතාල
                  දැන්මම හිතටත් අර    ගෙනය
නීතිය උන්ගෙයි, දවසක්වත් නැත
                  උන්ට ඇපත් දී         අහවරය
මෙහෙව් පුතාලට බලයට එන්නට
                  පාර කපන්නෙත් අපි  තොපිය
එක බූවල්ලක් මදිය; හතක් ගෙන
                  තෙමලා අපටම        තලාපිය
   

   
ඔක්කෝමත් හරි අපෙ මහ ඇත්තන්
               ගන්නා තීන්දු            ලස්සනය
හැට පැන්නම රජයේ සේවකයන්
                 ‘අනිවා’ පෙන්ෂන් ගත යුතුය
අපේ රටේ දැන් තියෙන්නෙ ‘හැමටම
              එකම නීතියකි’           මනරම්ය
ඒකට ගරු කොට ‘නාකි පාලකයො’
              ඔක්කොම පෙන්ෂන් යා   යුතුය!

රකින්න වියවස්තාවේ වගන්ති පණ පුදන්න වුව ලැහැස්තිය

‘හක්කේ බුදු රැස් - බොක්කේ දඩ මස්’
                              කතන්දරේ මතකෙට       ඒය
රකින්න වියවස්තාවේ වගන්ති
                              පණ පුදන්න වුව   ලැහැස්තිය
වියවස්තාවෙන් රටම වැටෙනකොට
                              දෙගොල්ලෝම මර නින්දේය
උනුත් රකිති මුන් - මුනුත් රකිති උන්,
                              කිසිම භේදයක්    නැත්තේය

අපේ පණ ගියත් උන්ට කමක් නැත-
                        බොරුවට රඟමින් රණ්ඩු වෙතී
උන්ගෙ නඩත්තුව වෙනුවෙන් ගෙවමින්
                        ‘ජහමනයා හොම්බෙන්ම  යතී’
තව මදි කියමින් ලොකුම හැඳිවලින්
                        උන්ගේ පතටම බෙදන     ගතී
දෙයියොම බලපං! හෙණ හත එවපං!!
                         එතකොට ඒවා යයි     නැවතී෴0෴

28 comments:

  1. පාස්කු ප්‍රහාර වඳ බ්රා කොත්තු ද ජනයා උසිගන්නපු ටූල් ය
    යහපාලනයත් රාජපක්ෂවරු රැක්කා මිස කළ දෙයක් නැ ය
    හැමදාමත් බේරී වැජඹෙන්නේ එකම කාසියේ දෙපැත්ත ය
    අරගලයත් අන්තිමේ බලන කල පාලකයන්ගේ ගේමක් ය

    ReplyDelete
    Replies
    1. අරගලේ හයි ජැක් කොලාලු නේ

      Delete
    2. එක එක පැත්තෙන් බලද්දි පෙනෙනව-
      එක එක විදිහට දිස්නෙ දිදී
      ඒ වගේමමයි පෙනෙන්නෙ දාගෙන-
      නං නෙක පාටැති කන්නාඩි
      පාලක රොත්තත්, අරගලකරුවොත්
      ඉන්නේ අපි අතරමය රැඳී
      සේරම ගේම්ය, අයිතිකාරයෝ
      හෙළි වෙන්නේ මතු මත්තේදී!

      Delete
    3. අජිත්, මට හිතෙන්නේ ඒ කතාව තරමක් දුරට ඇත්තය කියලයි! තරමක් දුරට....
      අපේ ප්‍රෞඪ ඉතිහාසයේත් කුමන්ත්‍රණ කොච්චර තියෙද? තාත්තව මරලා- සහෝදරයෙක්ව මරලා- ඥාතියෙකුව මරලා- කුමන්ත්‍රණ කරලා- යටිකූට්ටු උගුල් අටවලා බලය ගත්තු රජවරු නේද අපේ රටේ වැඩියෙන් ඉන්නේ....

      Delete
  2. අගේ ඇති කයි පද ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසෝ. කද බර වැඩි නැහැනේ....

      Delete
  3. පංකාදු කයි ටික... වෙනසකටත් එක්කලා මේ පොස්ටුව නියමයි

    ReplyDelete
    Replies
    1. කවි කොළේ හොඳයි නං නමී උන්නැහේ, වැඩියෙන්ම සතුටු වෙන්න ඇහැකියි ඔහෙටත්. කවි කොළයක් ලියන්නැයි කියල ඔයා මට අදහස දුන්න නිසානේ මගෙ මුල්ම කවි කොළේ ලියවුණෙත්...මතකයි නේද?

      ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
      https://nidigepanchathanthare.blogspot.com/2022/01/blog-post_25.html

      Delete
    2. මට මතක නැත්තෙ මොකදෑ... ඒ විතරක් ඈ තවත් දේවල් කිව්ව නෙව. අර කොලොම්පුරවාසියත් මොකක්ද කීව නෙව.

      Delete
  4. මෙහෙව් පුතාලට බලයට එන්නට - පාර කපන්නෙත් අපි තොපිය // මේ සැරේවත් සිහිබුද්ධියෙන් ඡන්දය පාවිච්චි කරොත් හීන් හීනයක්වත් තියා ගතහැකි... සුබ අනාගතයක් ගැන බලාපොරොත්තු.

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් බර සුබවාදී පැත්තට නෙව.

      Delete
  5. https://malsithroo.blogspot.com/2022/10/blog-post.html

    ReplyDelete
  6. මේවා සතියකට වරක් වත් මතක් කරලා දෙන්න ඕනේ,
    නැත්නම් අපේ මිනිස්සුන්ට අමතක වෙනවා..

    ReplyDelete
    Replies
    1. ලලිත්, අපේ ජාතික කරුමය තමයි අපට උරුම වෙලා තියෙන කෙටිකාලීන මතකෙ!

      Delete
  7. https://lakshmanillangakoon.blogspot.com/2022/10/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. එහාට ගියා. එතැන කියවෙන්නේ සිංහල පොත් ගැන නම්, එව්වා print කරන වැඩේට මාත් සම්බන්ධයි... ඩ්රැකී!

      Delete
  8. ලංකාවට ආවට පස්සේ අද තමයි බ්ලොගක් බැලුවේ. කවි කොලයකුත් ගහල ඒ ටිකට

    ReplyDelete
    Replies
    1. අපි මොනවා කළත් ලෝකේ කැරකෙන එක නොනැවතී වෙනවනේ මහත්තයෝ!

      Delete
  9. මගේ සත පහ,

    1) අරගලයෙන් උන සෙතක් නැත (බොහෝ දෙනෙකුට විසා එකක් ගන්න බැරි වේයි)
    2) ප්‍රජාතන්ත්‍රයට විකල්ප නැත
    3) දැනට දේශපානයේ ඉන්නා අය මහජන චන්දයෙන් පත්උන අය වේ (මහජන චන්දයෙන් ගෙදර යා යුතුයි)
    4) දේපල ගිනිතැබීමෙන් උගත් බුද්දීමතුන් දේශපානයට එන්නේ නැත
    5) ජවිපෙ සහ පෙරටු එදත් අදත් රට විනාස කරන බලවේග වලට කත් අදින්නන්ය
    6) අපිට ඉදිරියට යාමට තිබු අවසාන බලපොරෝත්තූව ගෝටාය (මැන් වැඩේ නා ගත්තේය)
    7) එදා ලලිත් ගාමිණී වැනි අය අද පේනේ මානයේ වත් නැත

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහතා දරණ අදහස්වලට විරුද්ධ නොවෙමි.
      ඒ ආතරේම මගෙ හිත දවන තුට්ටුවක් නොවටින අදහස් කිහිපයක්ද ලියන්නට අවසර.
      1. සර්වජන ඡන්දය පාවිච්චි කරන්නෝ සබුද්ධික අයද?
      2. රටේ අභ්‍යුදය තකා සේවය කරමුයි, නෙක පොරොන්දු දී ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වෙන පිරිස පොරොන්දු ප්‍රකාර වැඩ නොකර වැරදි කරනවාට දඬුවම් දීමට ක්‍රමයක් තිබේද?
      3. රටක වියතුන්, බුද්ධිමතුන් හිඟවීම කෙරෙහි වගකිව යුත්තේ ඒ රටේ ප්‍රතිපත්ති- සැලසුම් හදන්නන් හා පාලකයන් නේද?

      Delete
    2. නිදි.
      1) චන්දය කාගේත් අයිතියනේ, බුද්දිය බලෙන් දෙන්න බැනේ
      2) වැරදි වලට දඬුවම උසාවීයෙන් දෙන්න ඕන, ගෙට බලෙන් පැනලා පූල් එකේ සබන් ගාල නාලා හරියන්නේ නැනේ
      3) ඔව්, පාලකයන් තෝරන්නේ අපි නේද?

      මම විජේබාහු

      Delete
    3. විජේබාහු මහත්තයෝ, ඔයා කියන කාරණය හරි-
      හැම දේම හරියට, නීතියට, අපක්ෂපාතීව සිද්ධ වෙන රටක නං. එහෙම නොවෙන විට....?

      Delete
  10. අපූරු කාලීන කවි ටිකක්. පරණ කවි කොලයක් සිහි වුණා. නමියා බොහොම ස්තුතියි ඔත්තුව දුන්නාට.

    ReplyDelete
  11. අනුරුද්ධ මහත්තයාට ස්තුතියි කාලෙකින් මේ පැත්තට ආවට! තමුන්නැහැ වගේ කෙනෙක්ට සිහි කැඳෙව්ව එක ගැන නමී, ඔයාටත් ස්තුතියි.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්