1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Friday, June 29, 2018

නැණ ලැබ ගත්තෙමි - ඔහු සෙවණේ හිඳ - තෙවෙනි කොටස


"පල් වැඩේ!"ට පස්සේ......

ඒ දවස්වල ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් කුඩා පුවත් ලිපියක් පළ කෙරෙමින් තිබිණි. "සැළසුම". ලාල් අයියාම තෝරාගත් කුඩා පුවත් කිහිපයක් ගළපා ලියන්නැයි වරක් මට දුන්නේය. ඔහුගේ සිංහල දැනුම මෙන්ම ඉංග්‍රීසි දැනුමත් ඉතා ඉහළ බව අප කාටත් රහසක් නොවිණි. හැමෝම දැන සිටි අනෙක් රහස ඔහුගෙන් 'හොඳක්' අහගැනීම අමාරු බවයි. 

මගේ ලිපි කියවා ලාල් අයියා කිව්වේ 'මං තව ටිකක් දෙන්නම්' කියා පමණි. එම ව්‍යංග්‍යයෙන් පැවසීම මට ප්‍රමාණවත්ය. ඇත්තම කියමි. පොඩ්ඩක් විතර ආඩම්බර නොහිතුණාමත් නොවේ.

'නොහිතුණාමත් නොවේ' කියා කොටද්දී ලියන්නට සිහිනෙකින්වත් හිතක නොතිබුණු කාරණාවක් කොටන්නට ඕනෑ යැයි හිතුණි. එවැනි යෙදුම් මගේ ලියවිලිවල වැඩියෙන් තිබිණි. "ඇයි නිමල් මේ?" ලාල් අයියා වරක් ඇසීය. 
"ඔයා පොසිටිව් පැත්තෙන් හිතනවා වගේම, ඒ විදියට ලියන්න. රීඩර්ස්ලා වුණත් කැමැතියි පොසිටිව් දේවල්වලට!". ඒ අදහස මසුරං වටින බව මට එවෙලේ නම් වැටහිණි. 
මං ඒක භාවිත කරනවාද කියා නම් විමසා බලන්නට වටියි.

මගේ පෝස්ටුවලට මාතෘකා යොදද්දී මං ටිකක් උපක්‍රමශීලිය. එතැනින්ම පාඨක තමුන්නාන්සේලා අල්ලා ගන්නට ඕනෑ නිසාය. ඒ අස්සේ අපේ අකලංක පුත්තරයාත් 
'මහප්පේ, දිග එව්වා නම් එපා.' කියා නහයෙන් අඬයි. ඒ ලේ අවුට් එක පැත්තෙන් හිතලාය. ඔහොම පස්-මහ බැලුම් පුම්බාලා වුණත්, මගේ හිතට හරියන එකක් හොයා ගැනීම පුංචි යුද්දයකි. මේ පෝස්ටුවේදී වුණත් වුණේ ඒකමය. 
එහෙත් එය කෙතරම් අර්ථාන්විතද කියා හිතෙන්නේ දැන්ය.

වචන තෝරන්නට නම් මා එතරම් පරෙස්සම් වන්නේ නැත. 
එහෙත් වදන් තේරීමේදී ගුණදාස අමරසේකර මහත්තයා තරම් පරෙස්සම් වෙන කෙනෙක් මා මෙතුවක් දැක නැත.


ගුණදාස අමරසේකර සූරීන්
එතුමාත් මට මුණ ගැසෙන්නේ 'ගල් පිළිමය හා බොල් පිළිමය' ඉස්-ඉස්සෙල්ලාම අච්චු ගහන විටය. ඒ ඕෆ්සෙට් යුගයට ඉස්සරය. ලෙටර් ප්‍රෙස් සමයේදීය.

අකුරු අමුණා; මුද්‍රණ භාෂාවෙන් කියනවා නම් 'කොම්පෝස් කර'- මැටර් හදා ගැනිල්ල පළමුවෙන්ම කෙරෙයි. එව්වායෙන් ගල් අච්චුවේ 'ප්‍රින්ට්ස්' අරගෙන සෝදුපත් බලයි. 
වැරැදි නිවැරැදි කර ආයෙමත් දෙවෙනි සෝදුපතට.... 
මොන තරම් ලොකු අච්චු කන්තෝරුවක වුණත් 'අකුරු කේස්' තියෙන්නේ ටිකකි. ඊයම් අකුරුත් එහෙමය. ප්රූෆ් ඇප්රූ වුණු ගමන් 
ඒවා ප්‍රින්ට් කරලා අහවර කෙරෙයි. එහෙම කෙරෙන්නේ අර ඊයම් අකුරු, නැවත අකුරු කේස්වල නියමිත තැන්වලටම දමා ගැනීමටය. ප්‍රින්ටින් බාසාවෙන් නම් 'ඩිෂ්' කර ගන්නටය. එවිට අර අකුරු නැවත 'කොම්පෝස් කරන්නට'; පාවිච්චියට ගැනීමට හැකිය. 

අපේ මැෂිමේ වරකට ප්‍රින්ට් කරන්නට පුළුවන්කම තිබුණේ ඩිමයි අටේ පිටු අටකි.

ඔහොම පසුබිමක, සම්පත් සොච්චමක් තියෙද්දී; ගල් පිළිමයේ පිටු 64 ක් අමුණා, දෙවෙනි සෝදුපතත් අනුමතවී තියෙද්දීත් ගුණදාස මහත්තයා ඒවා ප්‍රින්ට් කරවන්නට එපා යැයි මට කිව්වේය. "මහත්තයෝ, මෙව්වා ප්‍රින්ට් කළේ නැති නම්, අපිට ඉතිරි පිටු කොම්පෝස් කරන්න අකුරු නැති වෙනවා. කොම්පෝසින් කරන අයට වැඩ කරන්නත් නැති වෙනවා. එයාලට නිකම් ඉන්නයි වෙන්නේ. ඇයි මේවා ප්‍රින්ට් කරන්න බැරි?"

රහස හෙළි වුණේ එවිටය.

"නිමල්, එක පිටුවක...... මේං මෙතන මේ වචන හත-අට මගේ හිතට හරි යන්නේ නෑ. තවම එතනට ගැළපෙන වචන ටික මගේ ඔළුවට ආවේ නැහැනේ!". 
ඇත්තමයි, එහෙම වෙලාවට මගේ ඔළුවට එන වචන නම් මා තෙපලන්නේ නැත.

ප්‍රෙස් එකේ වැඩ දින දෙක-තුනක්ම අඩාලත් වුණේය. මට ඉවසාගෙන බලා හිඳින්නට විණි. හැබැයි අදටත් එතුමාගේ ඒ වෙහෙස ගැන මට ඇත්තේ අසීමිත ගෞරවයකි. 
දුකකට ඇත්තේ 'ගල් පිළිමයේ' ඒ වචන තිබුණු තැන මා සටහන් කරගෙන නොතිබීමයි.


පොතේ කවරය පිළිබඳවත් එවැනිම ගැටලුවක් මතු විණි. 
එම සුප්‍රසිද්ධ ඡායාරූපය ගත් ශිල්පියා හිටියේ ලංකාවේ නොවේ. ඒ වන විට බොල් පිළිමය පුපුරුවා හැරලාත් ඉවරය. මට මතක හැටියට නම් ඒ පිංතූරය පොතේ කවරයට යොදා ගත්තේ රුපියල් පහළොස් දාහක්ද කොහෙද ගෙවලාය. 
ඒ ගනු-දෙනු අවසන් වෙනතුරුත් පොතේ වැඩ ඇන හිටියේය.

එහෙම බලද්දී මගේ වැඩේ කොච්චර පල්ද?  
මගේ පෝස්ටු හැඩ කරන්නට බොහොමයක් ඡායාරූප මා බාගන්නේ අන්තර්ජාලයෙනි. 
වැය වන්නේ මගේ G.B.වලින් ටිකක් විතරය. 
ඡායාරූප ගත්, සැපයූ ශිල්පීන්ට මගේ හිතේ ඇති ගෞරවය මා පිටතට පෙන්වා නැත. 
පල් වැඩේ නිමල්! පමාවී වුණත් දැන් මම 
ඒ ශිල්පීන් හැම දෙනාටම ස්තුතිවන්ත වන්නෙමි!

එවිටම... මගේ පරණ පින්තූර නොමිලේම ස්කෑන් කර උදව් කරන සංජීව... ඔයාටත් ස්තුතියි. ලෝබ නැතිව අද මා පාවිච්චි කරන foto සමහරක් මා ගත් එව්වා නොවේ. 
ඒ-ඒ ගමන් යද්දී එක-එක්කෙනා ගත් ඒවාය. මෙහෙම දෙයක්; බ්ලොග් එකක වගක් හීනෙකවත් නොතිබෙද්දී කවුද ඔව්වා කාගෙ-කාගේද කියලා වග-වාසගම් ලියලා තියන්නේ. 
ඒ නිසා නම් නොකියා ඒ ෆොටෝකාරයන් හැමෝටමත් මෙතනදීම 
තුති මල් කළඹක් පිරිනමමි.

අප රජගල ගිය ගමනේදී. වමේ සිට- මීෂාන්, ගවීන්, සංජීව, අසංක, පාලිත, නෙවිල් - (හිඳගෙන) රාජිත, ජනක හා මං
හැරිලා ආ මඟ හොඳටම දුරය. මම ආපසු යන්නෙමි. ඉතින් ලාල් අයියා ....

..... ඒ අතරතුරම දිනක ඔහු මාත් නංවාගෙන මරදානේ තැනකට ගියේය. ඒ ඉසව්ව මට හොඳින් පුරුදුය. (පේව්මන්ට් එකේ රජ වී- පෝස්ටු කියෙව්වා නම් ඔබට මතක ඇති, මරදානේ කැප්ටන් මුද්‍රණාලය.) එදා අප ගියේ එය ඉදිරිපිටම තිබුණු තවත් ප්‍රෙස් එකකටය.

International Publication Bureau එකටය. 
ඔහොම මහප්ප්‍රාණවලින් නොකියා 'අයි.පී.බී.' හෝ 'ඉන්න පොඩ්ඩක් බලන්න' කිව්වා නම් 
හැම දෙනාම තැන දැනගනු ඇත. 
අයි.පී.බී. ප්‍රෙස් එක යාන්තමින් හෝ කලාවට බර- කලාබර කවුරුත් දන්නා තැනකි. 
'සැළසුම' අච්චු ගැහුණේ එහිදීය.


"ඔහේ කියපු වෙලාවටම ආවා එහෙනම්." කියාගෙන ඉස්සරහට ආවේ සෝමපාල හේවාකපුගේ මහතාය. අයි.පී.බී. සෝමේ! ඔහු ගැන එමට ලියැවී-කියැවී තිබෙයි. 
මාත් දෙකක් විතරක් මතක් කරන්නෙමි, මා දැනගෙන තියෙන විදියට. නළුකමට සපැමිණි බොනිෆස් පෙරේරාගේ නම නළුවෙකුට නොගැළපෙතියි කියා ඔහු 'රවීන්ද්‍ර රන්දෙණිය' බවට 
කුලවැද්දුවේ ඔහුය. තම විවාහ මංගල්‍යයේදී දෙවෙනි මනමාලයා වශයෙන් 
'සුනිල් ආරියරත්න' තරුණයා තෝරා ගත්තෙත් ඔහුය.

ඔහු ලාල් අයියාට කඩදාසි තීරු කිහිපයක් ගෙනැවිත් දුන්නේය. ඒ 'සැළසුම' පත්තරයට 
අකුරු අමුණා ලබාගත් ප්රූෆ්ය. ඊළඟට පාඩමක්. මට. "මෙහෙමයි මේකේ හරි-වැරැදි බලන්නේ. මෙහෙමයි එව්වා ලකුණු කරන්නේ. මට තව පොඩි වැඩක් තියෙනවා. ඒකට ගිහින් එනතුරු ඔයාට පුළුවන් මේකේ ප්රූෆ් ටික බලන්න." 
මට එහෙම කියා ලාල් අයියා පිටවුණේ හේවාකපුගේ මහතාටත් මා ගැන බලන්නට කියලාය. මම මගේ පාඩුවේ සෝදුපත් බලද්දී සෝමපාල මහතාත් එබිකම් කර බලා හිඳ 
නිසොල්මනේම පැත්තකට ගියේය. ලාල් අයියා ආවාමය ඔහුගේ සහතිකය මට ඇහුණේ.

"මචං ලාල්, ඔහෙට මරු කොල්ලෙක්නේ හම්බවෙලා තියෙන්නේ. මේකාව අපිට දීපන්කො." ලාල් අයියා ඔහුට කී දෙය නම් මට ඇහුණේ නැත.

ඒ දිනවල ලාල් අයියා 'සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය' (සලඅතසය) ට 
බැඳෙන්නැයි මට කිව්වේය. ඒ සඳහා මට අමුතුවෙන් කරන්නට දෙයක් තිබ්බේ නැත. 
අපේ තාත්තාට වුණු වින්නැහිය නිසාම මට මත්පැන්, දුම්වැටි දෙකම අරහං වී තිබිණි. 

දෙවරක් නොහිතාම මම ඒ සංවිධානයට බැඳුණෙමි. එහි මූලස්ථානය තිබුණේ 
කෝට්ටේ, ශ්‍රී නාග විහාරස්ථානයේය. තවත් විදියකට කියනවා නම් 
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පන්සලේය.

සලඅතසයේ ගරු සභාපති උන්වහන්සේය. ගරු ප්‍රධාන ලේකම් ලාල් හේවාපතිරණය. එතකොට අනුර ජිනදාස එහි භාණ්ඩාගාරික ධුරය දැරුවේය. 
ඔය තුන් කට්ටුවම හිඳිද්දීත් පසිඳු 'ගණිතාචාර්යවරයෙකුගේ ගැටයකට' 
අප අසුවුණු හැටි වෙනම ලියන්නට ඕනෑ යැයි මේ දැන් මට හිතුණි. අපය කිව්වාට 
ඒකට බිලි වුණේ සෝභිත හිමියන්ය. ඒ කතාවේ center එකේ; හරි මැදම හිටියේ 
මේ ලියන මොට්ටයාය!

මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ
ඒ සංවිධානයෙන් යලට-මහට අච්චු ගැහුණු 'අමද්‍යප හඬ' කුඩා පත්තරයට ලියන්නටය 
ලාල් අයියා මට මුලින්ම පැවරුවේ. මා එහි වැඩවලට ඇදී ගියේ හෙමිහිටය, එහෙමය.

ලාල් අයියා නොවන්නට මා අමද්‍යපයට සම්බන්ධ වන්නේ නැත; 
මා මුද්‍රණ ක්ෂේත්‍රයට වැටෙන්නේ නැත. මගේ ජීවිතයේ මෑත අවුරුදු තිස්පහේ 
ගමන් මඟ ඔහු නිසා වෙනස්ම අතකට හැරුණි. ඒ  කතා - ලින්ක්ස් මහා ගොඩකි. 
ඒවා වෙන-වෙනම පෝස්ටුවලදී වරින්-වර ලියැවේවි, එතෙක් මගේ දිවි රැකුණොත්!

බලමු නේද ඊළඟ පෝස්ටුව ලියවෙන්න......

Tuesday, June 26, 2018

පේව්මන්ට් එකේ රජ වී - දෙවෙනි කොටස


ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවේ කවුද ඇවිත් මගේ සූට්කේස් එක ළඟින් හම්බෑග් එකක් තියලා පැත්තකට වුණු තැනින්.

කුතුහලයෙන් දැවි-දැවී මං අජාසත්ත ඉවර කළා. එතකොටම අර මනුස්සයා ඇවිත් "බොහෝම ස්තුතියි මල්ලී" කියලා හයියෙන් කියලා කතාවක් පටන් ගත්තා. පස්සෙයි මං දැනගත්තේ. 

ඒක තමයි පේව්මන්ට් එකේ සිරිත; චාරිත්‍රය. කවුරු හරි, කොතැන හරි දේශනාවක් පවත්තනවා නම් එතැන ඊළඟ දේශනය කරන්න ඕනේ කෙනා තමන්ගේ බෑග් එක වගේ ලකුණක් කාටත් පෙනෙන්න මැදින් තියනවා. ඒත් මම ඇඳුම් මාරු කරලා ඉවර වෙනකොටත් සෑහෙන දෙනෙක් එතැනින් පිටත් වෙලා. මං සූට්කේස් එක අතට ගනිද්දිම අර මනුස්සයා මගේ ළඟට ආවා. 
ඇවිත් හෙමිහිට කතා කළා. "මල්ලී හෙටත් එනවනේ. මං වේලාසන ඇවිත් මල්ලිට  මෙතන අල්ලලා තියන්නම්."

මං ඈතින් ඉන්න තාත්තා දිහා බැලුවා. තාත්තා ඔළුවෙන් සංඥාව දුන්නා. 'එන්න'.

මං අර මනුස්සයාට උත්තර නොදීම පිටත් වුණා, තාත්තා ඉස්සරහින් යද්දී මං පිටිපස්සෙන්. හැබැයි නන්නාඳුනන දෙන්නෙක් වගේ. පල්ලිය පහු කරලා බෝ ගහ පැත්තට යද්දී හමුවෙන පළමුවෙනි හෝටලේ (සියරට වගෙයි නම, මයෙ හිතේ) ඇතුළට තාත්තා ගියා. මාත්.... තාත්තා මාවත් ඒ මේසයෙන්ම වාඩි කරවාගත්තා. වැඩි කතාබහක් නැතුවම තාත්තා මටත් එක්කම තේ ගෙන්නුවා. "මහන්සිද?"

මං ඔළුව දෙපැත්තට වැනුවා.

ඔය ඔළුව වනන භාෂාව අපට පුරුදු වුණාට හුඟක් විදේශිකයන්ට බෑ. 1985 මං ඉස්සෙල්ලාම එංගලන්තයට ගියාම අපේ ඩැඩාටත් ඕක හරිම ප්‍රශ්නයක් වුණා. "කොහොමද නිමොල් 
එක-එක තේරුම් දෙන්න උඹ ඔළුව හොලවන්නේ?" එහෙදි ගොඩ දෙනෙකුට මගේ නම 'නිමොල්' වුණා. කොච්චර කිව්වත් 'නිමල්' කියලා කිව්වේ එහෙමත් කෙනෙක් විතරයි.

ඩැඩායි අම්මයි
මාත් ඔළු භාෂාව ඩැඩාට කියා දුන්නා. "ඔළුව කෙලින්ම තියාගෙන දෙපැත්තට වනන්නේ 'එපා' කියන්න. 'හා' කියන්න නම් ඔළුව උඩටයි, යටටයි වනනවා. 'කැමැතියි' කියන්න ඕනේ වුණාම නිකට ටිකක් යටට කරලා ඔළුව වමටයි දකුණටයි යාන්තම් හොලවනවා...." දිගටම ටියුෂන් දුන්නත් ඩැඩී නෙවෙයි එකක්වත් ඉගෙන ගත්තේ. ඉතින් කොහෙද තව ප්‍රභේද එයාට උගන්නන්නේ? (ඩැඩී ගැන වෙනම කියන්නම් පස්සේ.)

"එහෙනම් තව තැනකට යං!" තාත්තා කිව්වා.

ඊළඟට අපි ගියේ බෝධිය ළඟ ඉඳලා ගෑස්පහ හන්දිය පැත්තට යන පස්වෙනි හරස් වීදියට. 
දැන් නම් මන්දා, ඒ දවස්වල නම් ඒ හරියේ තිබ්බෙ තොග කඩ. පාර අයිනේ දිගටම බඩු පටවාගෙන, තල්ලු කරන් යන රෝද දෙකේ අත් කරත්ත පේළියක්ම තිබුණා. ඒවාට කියන්නේ අත් කරත්ත කියලාද? වැඩක් හම්බවෙනකල් නාටාමිලා ඒ කරත්තේම දිගාවෙලා විවේක ගනිමිනුත් හිටියා මට හොඳටම මතකයි.

අත් කරත්තයක්
තාත්තා මට පොඩි ඉඩක් පෙන්නුවා. මං එතනට ගිහින් 'රජ වෙන්න' මුල පිරුවා. රජ වුණා!
ඊට පස්සෙයි අපි ගෙදර ආවේ. 

මහරගමින් බැහැගත්තාට පස්සේ පමුණුව පාරට එක එල්ලේ පෙනෙන තැන තිබුණු 'ප්‍රනාන්දු මහත්තයාගේ' කඩෙන් අත-කට පිරෙන තරමට හාල්-තුනපහත් අරගෙනයි අපි ආවේ. 
ඇයි තාත්තාට ත්‍රී රෝසස් සිගරැට්. ඒවාත් පැකට් එකක්ම ගත්තා. ඇත්තමයි, එදා අපට 
රජ මඟුල්! මමත් හිටියේ කියාගන්න බැරි තරම් සන්තෝසයකින්.

පොසොන් පෝයට තිබ්බෙ දවස් කීපයක් නිසා තාත්තා මාව කොළඹ යැව්වේ සීයාත් එක්ක. දැන් මට තැන් දෙකක්ම පුරුදුයිනේ. සීයාට තිබ්බෙ මගේ තනියට එන එක විතරයි.

දෙවෙනි දවසේ අපි පල්ලිය ළඟට යනකොටත් අර මනුස්සයා එතැනින් පකිස් පෙට්ටියක් තියලා, ඒකට උඩින් එයාගෙ බෑග් එකත් තැන්පත් කරලා. මාව දැක්කා විතරයි මනුස්සයාට 
හරි සතුටුයි. මං හිතන්නේ එතකොට එයාට අවුරුදු තිහක්-තිස්පහක් විතර ඇති. ජාතික ඇඳුමට හුරු ඇඳුමක් ඇඳලා හිටියේ. හැබැයි ඒක  බොර දිය පොකුණෙන් හෝදලාද මන්දා, බොර පාට වෙලා. "මොකද්ද මල්ලිගේ නම? කොහෙද ඉන්නේ?" එයා ප්‍රශ්න වැලක පැටලුම් දිග ඇරියා. එයාගෙ නම සිරිපාල. එයා තමයි මට පේව්මන්ට් එක ගැන ගොඩාරියක් දේවල් කියලා දුන්නේ.

"මල්ලී, මේ රස්සාව කරනවා නම් ඕනෙවට වඩා නෝන්ජල් වෙන්න යන්නෙපා. ටිකක් ටෆ් විදියට ඉන්න ඕනේ. පේනවානේ මං....." ඇත්තම කිව්වොත් මට නම් එයාගෙ ටෆ් ගතියක් පෙනුණේ නෑ. ඒත් හිතවත් පාටක් නම් තිබුණා.

ඊටත් අවුරුදු හතරකට පස්සේ  මං
"අපේ පුරුද්ද තමයි එක්කෙනෙක් කතා කරලා ඉවර වුණාම ඊළඟ කෙනාව අඳුන්නලා දීලා, එයාට සභාව බාරදෙන එක. නිකම්ම කතාව නවත්තන්නේ නෑ. පෝලිමේ ඉඳලා තව අයට කතා කරන්නත් පුළුවන්. සමහරු ඉන්නවා තැන තැන නොයා එකම තැනකට පුරුදු වුණු අය. මල්ලිට සල්ලිනෙ ඕනේ. මං ඔයාව එක්කං යන්නම් හොඳ පොට් කීපෙකටම. හැබැයි මල්ලී, මාවත් අමතක කරන්නෙපා, මොකද තව එවුන් එයි මල්ලිට උදව් කරන්න. සමහරුන්ට පස්සේ එන අඟ ලොකු වෙනවනේ ඉස්සෙල්ලා එන කණට වඩා..." සිරිපාල එක සැරෙන්ම සතියකට ඇති තරම් දේවල් කියෙව්වා.

මට වැටහුණු විදියට නම් එයාට මගෙන් ඕනේ කරලා තිබුණු ලොකුම උදව්ව සෙනඟ රැස් කරවාගැනිල්ල. මගෙ මොකෝ? ඊටත් අපි යනකොට තැන වෙන්කරලා තියාගෙන 
ඉන්න එකම වුණත් කොයි තරම් වාසියක්ද. කීර්තිලතාගේ අත්දැකීම එක්ක බලද්දී 
මේක කොච්චර ෂෝක්ද?

1966 පොසොන් පෝයදා අජාසත්ත වේදිකාගත කළාට පස්සේ මට දිගටම පදික වේදිකාවේ ඒක තනියම රඟ දක්වන්න වුණා. උදේට ඉස්කෝලේ යනවා. ගෙදර ඇවිත් දවල්ට කාලා 
හවස තුන විතර වෙද්දී ආයෙම ඉස්කෝල ඇඳුමම ඇඳගෙන, සූට්කේස් එකත් අරන් පිටත් වෙනවා. ටික දවසක් යනතුරු සීයා හරි තාත්තා හරි නොවරදවාම මාත් එක්ක ආවා. ඒ දවස්වල නංගිලා, මල්ලිලා, මං කවුරු- කවුරුත් ගඩා-ගෙඩි, ගස්වල දලු, බිම්පොල් අඳුනන්නෙවත් 
නැති ගානට වැටුණා.

මම හැමදාම කීයක් හොයාගෙන එනවද කියලා මංවත් දැනගෙන හිටියේ නෑ. අතට සල්ලි ලැබෙනවා කියලා ඒවා මට ඕනෑ විදියට වියදම් කළෙත් නෑ. හැබැයි මං පත්තර කීපයක් නම් ගත්තා. ගෙදරටත් ගෙනාවා. දිනමිණ, ලංකාදීප, ජනතා, සවස, රසකතා, සුරතුර, සරසවිය, සිළුමිණ, රිවිරැස විතරක් නෙවෙයි, ඉඳහිට දකින්න ලැබුණු කවට මුත්තා, රසවාහිනි, නවයුගය, ශ්‍රී වගේ සඟරාත් මගෙන් මඟෑරුණේ නෑ. මං එව්වා ගත්තේ පිටකොටුවේ බෝධියට එහා පැත්තේ තිබ්බ පත්තර ලෑල්ලෙන්.

පිටකොටුවේ බෝධිය
ඔයාලා දන්නවද, මට අවුරුදු හතරක් වෙනකොටම පත්තර කියවන්න පුළුවන්. අපේ ආච්චි හැමදාම වගේ හිනාවෙවී කියාපු කතාවක් මේ. "උදේට ලංකාදීපේ ගෙනාවාම අපි ගෙදර වැඩ කරගන්නකල් අපි සේරටම ඇහෙන්න පත්තරේ කියවන්න දෙන්නේ රංජිට. අපි පත්තරේ ගත්තෙම කුමන්ත්‍රණ නඩුව ගැන දැනගන්න. රංජියා හාන්සි පුටුව උඩට වෙලා, මුළු ගෙදරටම ඇහෙන්න මුල පිටුවේ ඉඳලා අග පිටුවට යනකල්ම කියෝනවා. අන්තිම පිටුවේ තියෙන ටෛම්ස් අච්චු කන්තෝරුවේ අච්චු ගැහුවා කියන එකත් කියවලයි මේකා නවත්තන්නේ."


ආච්චිලා ගෙනාවේ ලංකාදීප පත්තරේ. මං හිතන්නේ එයාලා උනන්දු වුණේ '1962- ඔපරේෂන් හෝල්ඩ් පාස්ට් 'රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය' පිළිබඳ නඩු විභාගය ගැනයි. ඒ පත්තරේ ගිය 'මායාකාරී' චිත්‍රකතාව මට තවම පේනව-පේනවා වාගෙයි.

මං හිතන්නේ ඒ කියවන පුරුද්ද නිසාමයි මං සිංහල ඉගෙන ගන්න ඇත්තේ. අදටත් මට හරිම තරහක් එන්නේ පත්තරවලින් සිංහල භාෂාව වරද්දනකොට. හැබැයි එහෙම සිංහල වරද්දන අය වුණත් ඉංග්‍රීසි නම් වරද්දන්නෙ නෑ. මේ ගැන ටිකක් මං "නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්" පෝස්ටුවෙත් ලිව්වා, මතක ඇතිනේ. කොහොම වුණත් මට සිංහල ඉගෙන ගන්න උදව්-උපකාරී වුණු ඒ ලියාපු ඇත්තෝ කාට-කාටත් නිවන් සුවයම අත්වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා, මතක් වෙන වාරයක් ගානේ. මං වගේ හිච්චෙකුට කරන්න පුළුවන් එච්චරයිනෙ.

මගේ පත්තර ගෙනෙන පුරුද්දෙන් අපේ නංගිලා-මල්ලිලා සේරටමත් කියවන පුරුද්ද බෝවුණා. දැනුත් අපේ ගෙදරට ගොඩවදින බොහෝම උගතුනුත් අපි වගේ පත්තර කියවන අය නම් වෙන්න බෑ. ඒ ගොල්ලෝ පත්තර පෙරළාගෙන-පෙරළාගෙන යනවා. පත්තරේ මස් කරනවා. හැබැයි කියවන්නේ නෑ. පෙරළලා, මස් කරලා ඉවර වුණාම ආපහු පත්තරය ලස්සණට නවන පුරුද්දකුත් ඒ වැඩි දෙනෙකුට නෑ. පව්! පුංචි කාලේ ඉඳලා පුරුදු කරවන්න නැතුව ඇති.  

අපේ තාත්තාත් මං පත්තර ගෙනාවාට මොකුත් කිව්වේ නෑ. හැබැයි 'සවස' පත්තරේ නම් පුංචි එවුන්ට හොඳ මදි නේද කියලා ව්‍යංග්‍යයෙන් 'එපා' කිව්වා. තාත්තයි, සීයයි, ආච්චියි නම් ඒ පත්තර කියෙව්වෙම නැති තරම්. රේස් කොළේ අකුරක් ගානේ කියවලා ඉවර වෙද්දී එයාලට ඒකට වෙලාවක් තිබුන්නෑ වෙන්නැති.

ඉතින් මගේ රස්සාවට මුලින්ම බාධාවක් වුණේ වැස්සෙන්. ශ්‍රී ලංකාද්වීපයේ වැසියෝ වැඩි හරියක් වැස්සට නම් පුදුම බයයි, නේද? වැඩි දෙනා වැස්සට ආසා වෙලාවලුත් තියෙනවා. "වැස්සට තෙමි- තෙමි - මා යන ලස්සන - කවුළු දොරින් කවුදෝ බලනවා" කියලත් සුජාතා අත්තනායක ගයන්නේ. මට මෙතැනදී මතක් වුණු පරණ කතාවකුත් නොකියා බැහැ.

ප්‍රේමකීර්ති, වික්ටර් හා සුජාතා
ඉස්සර ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය කරද්දී ඒක ලිව්වේ කවුද, තනුව- සංගීතය කාගේද, ගයන්නේ කවුද වගේ විස්තර සේරම කියනවා. ඔන්න 'සඳට අහස ආදරේදෝ' ගීතය යවන්න ලැහැස්ති වෙලා එක්තරා නිවේදක මහත්තයෙකුට අලුත් සිතුවිල්ලක් ඇවිත්. අහල ඇතිනේ ඒ සින්දුව. ප්‍රේමාවනද්ධ තරුණයෙක් ප්‍රේමවන්තියට කියලා 'මම ආදරෙයි' කියන වදන් ටික කියවාගන්න දාන දඟ- දාන වීරිය තමා ගීතයේ තේමාව. ඉතින් ඔන්න නිවේදකයා පටන් ගත්තාලු. 'මේ ගීතය රචනා කළේ ආමකීර්ති ද ප්රෙල්විස්. සංගීතවත් කොට ගයන්නේ රක්ටර් විත්නායක. යුග ගායනය අජාතා....." එතකොටයි මිනිහට මතක් වෙලා තියෙන්නේ ඊළඟ වචනය කිව්වොත් මොකද වෙන්නේ කියලා!

වැස්සට බයේ කවුරුවත් පේව්මන්ට් එකේ කතා අහන්න නවතින්නේ නෑ. ඉක්-ඉක්මන් කරලා ගෙදර යනවා මිස. ඔන්න එහෙව් දවසට ආයෙමත් අපිට කෝඩේ! අපේ තාත්තා හෙට ගැන හිතපු කෙනෙක් නෙවෙයි. අද ලැබෙන ඔක්කොම අදම වියදම් කරලා ඉවර කරනවා. දවස් දෙක තුනක් පිට-පිටම වහිද්දි තමා රඟේ තේරුණේ. ඉතින් වැස්සේම වුණත් රජ වෙන්න ගිය මං, හොයං ආව සොච්චමෙන් කාලා නෙවෙයි උලා කාලයි අපි එහෙම දවස් ගෙව්වේ.

"මල්ලී, හවසට විතරනෙ එන්නේ.... නරකයිද පාන්දරින් ඇවිත් ගතමනාවක් හොයා ගත්තොත්? හවසටනේ වහින්නේ..." ඔහොම වැස්ස දවසක සිරිපාල ඇහුවා. "පාන්දර?"

මහා පාන්දර කොහේද එච්චර මිනිස්සු ගැවසෙන තැනක්? මට හිතුණා. "මල්ලී එන්නකෝ. මං තැනක් පෙන්නන්නම්. මුළු හවසම මහන්සි වෙලා හම්බ කරනවාට වැඩි ගානක් හොයා ගත්තෑකි එතැනට ආවොත්... හැබැයි එළිය වැටෙනකොටම එතැන ඉන්න ඕනේ. පරක්කු වුණොත් හුළං!"

සිරිපාල අයියාගේ යෝජනාව මං තාත්තාට කිව්වා. ඒ වෙද්දී මං තනියමයි කොළඹ යන්නේ. "අපරාදෙනේ තව ලොකු එක්කෙනෙකුට බස් එකටත් වියදම් කරන්නේ. උඹ එනකොට කාට හරි හන්දියට ඇවිත් ඉන්න පුළුවන්නේ, තනියට."

ඒ දවස්වල මහරගම ඉඳන් පිටකොටුවට ලොකු කෙනෙකුට ටිකට් එක සත තිහක් හෝ පහළොවක්. මට නම් බාගේ. අර ගණන් දෙක තමා මගේ ඔළුවේ තියෙන්නේ. ඒ සත තිහ ඉතුරු කරන්න මාව තනියම කොළඹ යවපු තාත්තා දවසකට රුපියල් දෙක-තුනක රේස් දාන්න ලෝබ වුණේ නෑ. ඇත්තමයි, ඇයි තාත්තා ඒ තරම් අකරුණාවන්ත වුණේ කියලා හිතෙද්දි නම් මගේ ඇස්දෙකට තවම; මේ මොහොතේත් කඳුළු උනනවා!

තාත්තාගෙ රේස් තුණ්ඩු ලියනගේ  මාමා ළඟට අරන් ගියේ අපේ සුනිල් මල්ලී. (ලියනගේ මාමාගෙ රේස් තිප්පොළ ගැන තමයි මං අජාසත්ත -2-3 පෝස්ටුවල එහෙම ලිව්වේ.) ඉතින් සුනිලා මට රහසෙන් කියනවා තාත්තගේ රේස් තුණ්ඩු ගැන. සුනිල් තමයි එතකොට ගෙදරට බඩු-මුට්ටු ගෙනෙන්න හන්දියට යන්නේ. මස්- මාළු ගේන්න නම් මහරගම හන්දියටම යන්න එපැයි! දවසක් සුනිල් ගෙනාව මාළු වගයක් කුණුවෙලයි කියලා තාත්තා එයාව ආපහු යැව්වා මාරු කරගෙන එන්න. මතකද සුනිල්, ඔයා එදා හන්දියට ගියේ හොඳටම අඬ-අඬා.

කටුක වුණත් එව්වයේත් යමක් තිබුණා. සුනිල්ට මස්- මාළු ගන්න, කපන්න, ශුද්ධ කරන්න හොඳට පුළුවන්. මං.... අදත් අඳුනන්නේ ඉස්සොයි, කකුළුවොයි, හාල්මැස්සොයි, කාරැල්ලොයි, පියාමැස්සොයි විතරමයි. උයන්න දන්නවා වුණත් කපාගන්න දන්නේ නෑ.

ඉතින් සිරිපාල අයියගේ යෝජනාව ගැන මං තාත්තාට කිව්වාම එයා කිව්වේ දවසක් ගිහින් බලපන්කො කියලයි. මං විස්තර අහගත්තා.

"හෙට සෙනසුරාදානේ. ඔයාට ඉස්කෝලෙත් නැහැනේ. ඔන්න මං උදේ පහමාර වෙද්දී මේ බස් හෝල්ට් එකේ ඉන්නවා. මාවත් රස්තියාදු කරවන්න හෙම එපා, නෑවිත් ඉඳලා." සිරිපාල අයියා කොටුව ස්ටේසම ඉස්සරහ, මල්වත්ත පාරට හැරෙන තැන බස් නැවතුම පෙන්නලා මට කිව්වා.

ඔන්න මං නවත්තන කඩඉමකට ආවා. නවත්තන්නම්! මට කොටන්න වෙලාව තිබ්බත් ඔයාලට කියවන්නත් ඉඩක් දෙන්න ඕනනේ! ඔයාලනේ මෙතැන වැදගත්ම කට්ටිය!  



Sunday, June 24, 2018

දියවිනි ඉනාව - පළමුවෙනි කොටස



"දියවිනි ඇල්ලෙන් වතුර උගුරක් හරි බීපු කෙනෙක් දියවින්න දාලා යන්නේ නෑ කියලා මෙහෙ ජනප්‍රවාදයකුත් තියෙනවා." මා අන්තිමට බස් එකට නඟිද්දී විමලසේන කිව්වේය. මුළු නමම පට්ටම් එක්කම කියනවා නම් 'එච්.එන්. විමලසේන දිසානායක - දියවින්න ඓතිහාසික පුරාණ ශ්‍රී දේවගිරි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති' ඔහුය; මා කියූ විමලසේනය. විමලේ එහෙම කිව්වේ ඊයේ; 2018 ජුනි 10 වෙනිදා හවස දෙකයි කාලටය.


එතකොටත් අපේ නඩයේ අනෙක් විසි දෙදෙනාම බස් එකට නැඟලා ඉවරය. 
"අනේ නිමල් අයියේ . ආයෙත් මෙහෙට එමු!" 
"හරිම ෂෝක්. ආයේ එන්නම හිතෙනවා!" වගේ කතන්දර ගොඩක් එක-එක්කෙනාගෙන් කියවී තිබුණු නිසා මම බස් එකේ එක පඩියකට ගොඩවී මෙහෙම කිව්වෙමි. 'මේ විමලෙ මහත්තයා කියනවා දියවින්නෙන් වතුර උගුරක් බීපු කෙනෙක් දියවින්න දාලා යන්නේ නෑය කියලා. හැබැයි ඒක කියන්නේ මට නෙවෙයි වගේ. ඔයාලටයි."


මා දියවින්නෙන් පළමුවරට වතුර උගුරක් බීවේ මීට අවුරුදු 40 කට ඉස්සරය. ඒ වතාවේ වරින්-වර කොළඹ යමින්-එමින් අවුරුද්දකට කිට්ටු කාලයක් වාසනාව හෙව්වෙමි. ඒ සංදියේ විමලසේන පුංචි කොලු පැංචෙකි. මා දියවින්න ගමට ආවේ විමලේලාගේ තාත්තා; 
අරනෝලිස් මුදලාලි හොයාගෙනය.

ඒ දවස්වල මට තිබුණු සමීප සබඳතාවකි. එය දුර-දිග ගෙනයාම අප දෙන්නාටම අහිතකර බව අපි තීරණය කළෙමු. විප්‍රයෝගයේ දුඃඛස්කන්ධය විප්‍රවාසයෙන් විඳ ගන්නට මම තීරණය කළෙමි. මහරගමින් සෑහෙන දුරකට, ලෙහෙසියෙන් යෑම්-ඊම් කළ නොහැකි තැනකට යන්නට මට ඕනෑ විය.

තායි මැණික්කාරයන් ලංකාවට ගොඩ බැහැලා 'හිටු කියා ගෙවුඩ මිලදී ගන්නට පටන් ගත්තේ' ඒ කාලයේය. (ඒ විස්තර ඩිංගක් - නැණ ලැබ ගත්තෙමි 2 - පෝස්ටුවේදිත් ලීවෙමි.) 
කළු අක්කලාගේ ගෙදරදී අප කීප දෙනෙකු කළ සල්ලාපයකදී ගෙවුඩ ගැන කතාවකුත් ඈඳිණි. "මහත්තයෝ, මේ ළඟදී අපේ පින්නවල නෑයෙක්ගේ දුවෙක් දියවින්න කියලා ගමකට කැන්දන් ගියා. ඒ ගමේ සේරම දැන් හේන්-කුඹුරු වැඩ නවත්තලා ගරනවා, 
ගෙවුඩ හොය-හොයා." ධර්මේ අයියා කිව්වේය. 
මට පොටක් පෑදුනේ එහෙමය!


පස්සෙ වෙලාවක මම .........ධර්මේ අයියා හමුවී විස්තර ඇහුවෙමි. ඒ බොහෝම සීරුවෙන්ය. ධර්මේ අයියාට ඔහුගේම ධර්මතා තිබිණි. කාල වර්ණ, නැඬ පුරුෂයෙක්වූ ධර්මේ අයියා 
සූක්ෂ්ම කර්මාන්තකාරයෙකි. ඔහුගේ නමට මුලින් ඇති විශේෂණය කවුරුනුත් කිව්වේ ඔහුගේ අනභිමුඛයේදීය. ඒ ධර්මේ අයියා කුකුල් කේන්තිකාරයෙකුත්වූ බැවිනි. 

දවසක් ධර්මේ අයියාගේ සයිකල් වින්කලයට කවුදෝ පාපැදියක් තල්ලු  කරගෙන ආවේය.

"මේක ඉක්මනට හදල දෙන්න පුළුවන්ද?" ධර්මේ අයියා උත්තරයක් දුන්නේ නැත. 
අර මනුස්සයා තව හයියෙන් අර ප්‍රශ්නයම ඇහුවේය. ධර්මේ අයියා උන්නේ මොකක්දෝ එකකට නප්පියටම තද වෙලාය. තවත් තරහ ගිය ධර්මේ අයියා ඉද්ද ගැහුවා වගේ නැඟිට්ටේය, සයිකලය තිබුණු තැනට ආවේය. " ඉක්මනට හදන්න..... උඹේ අම්මට......" කියා, දෑතින්ම බයිසිකලය උස්සා පොළොවේ ගැහුවේය. ඊළඟට අර මනුස්සයා දිහාට හැරුණත්, ඔහු එතැන උන්නේ නැත. ඒ වනවිටත් ඔහු හිටියේ, ඒ හතර මායිමත් පන්නලා මැරතන් ධාවනයකය.

ඊට පහුවදා ධර්මේ අයියා අර සයිකලය තිබුණා වගේ දහපූරුවක් අපූරුවට හදලා කාගේදෝ අතේ අර මනුස්සයාගේ ගෙදරටම යැව්වේය. "සල්ලි දුන්නාට ගන්න හෙම එපා!" 
දූතයාත් ධර්මේ අයියාගේ බහට පිටින් ගියේ නැත.

ලොකුකමකට කියනවා නොවේ. එහෙව් ධර්මේ අයියා මට කටපුරා මහත්තයා කියා කිව්වා මිස නමින් කතා කළේ නැත, මාත් ඔහුගේ ලොකු පුතාත් එක වයසේකොටත්.

ලොකු දුවගේ මංගල්ලය දවසේ කළු අක්කාගෙන් බෑණන්ඩිට බත් කටක්.....
"යං, යං. මහත්තයට යන්න ඕනේ නං අපායට වුණත් පාර පෙන්නන්නම්කෝ! නැද්ද කළු අක්කේ?" ඉතා කලාතුරකින් හිනාවෙන ධර්මේ අයියා මුව පුරා හිනාවී අපට කීවේය. අපය කිව්වේ කළු අක්කාටත් මටත්ය. කළු අක්කාට මා නිමල් මල්ලීය. කළු අක්කාගේ මල්ලිලාටත්, දූ-පුතුන් හතරදෙනාටත් මා නිමල් අයියාය. කළු අක්කාගේ ලොකු බෑනා; හේමලාල් ජයසිරිටත්, කළු අක්කාගේ සැමියා 'සෝමේ අයියාටත්' පමණි මා 'නිමල්' වුණේ!

"මොනවද කියන්නේ ධර්මේ අයියා. මටත් ආසයි ඔය ගමට ගිහින් බලන්න. යමු නිමල් මල්ලී."

කළු අක්කාගේ කතාව මට තවත් දහිරියකි. අපි බලංගොඩට ගිහින්, අර නෑයාගේ පින්නවල ගෙදරට ගියෙමු. එහෙන් එක්කෙනෙක් අපත් එක්ක දියවින්නට...... අනේ, අප කවුරුත් යහමින් ඇති-පැති අය නොවුනෙන් ඔය ගමන් සේරම ගියේ ලංගම බස්වලිනි!

අරනෝලිස් මුදලාලිත්, ලොකු පුතා කරුණේත් අපව සාදරයෙන් පිළිගත්හ. සංග්‍රහ කළහ. 
"මේ ගොල්ලෝ මෙහාට එනවානම්, වෙනම ඉන්නත් ඕනේ නම්.... ආං අපේ මහගෙදර තියෙනවා පන්සලට අල්ලපු වත්තේ. ඕනේ විදියකට ඉන්න එකයි ඇත්තේ. 
අපටත් ලොකු දෙයක් ඒක පාළුවෙලා යන එක වුණත් නැවතෙනවනේ කවුරු හරි ඒකේ ඉන්නවානම්." අරනෝලිස් මුදලාලි අපට කිව්වේය. අපි ඒ ප්‍රදානය බැතියෙන් පිළිගත්තෙමු.

එතකොටත් මුදලාලිගේ ලොකු පුතුන් තිදෙනාම; කරුණේ, සෝමේ හා ගුණසිංහ පතල් කරුමාන්තේ කෙරුමෝය. කවුරු කිව්වාදැයි මට මතක නැතත් සෝමේ මල්ලී අප එක්ක පතල් වැඩට පන්ගාර්තු කෙරිණි. අප දන්නා පතල් වැඩක් තියා මැණිකක්වත් නැති එකේ සෝමේ මල්ලී අපට හැබෑම උපදේශකයෙක් වුණේය.

පෙරහරේ ඉදිරියෙන්ම ඉන්නේ සෝමේ මල්ලී නොහොත් එච්.එන්. සෝමපාලය.
මුලින්ම අපේ පතල් කෙරුවාවට කරු හවුල්කාරයෝ දෙන්නෙකි. කළු අක්කාත් මාත්. 
වැඩට පස් දෙනෙකි. කළු අයියා, අපේ සුනිල්, නන්දසේන හා මා. හතර දෙනා කොළඹිනි. දියවින්නෙන් සෝමේ මල්ලිය. පතලක වැඩ කරන්නේ ඔත්තේ ගණනක් බවයි මගේ මතකය. මුල්ම වතාවේ සුමාන දෙකකට හරියන්නට හාල්, පොල්, පරිප්පු, කරවල, තුනපහ, සීනි-තේකොළ කරගසාගෙන අපි දියවින්නේ ගියෙමු. අපව ඇරලවන්නට කළු අක්කාත්, 
ඇයගේ සැමියා සෝමේ අයියාත්, ධර්මේ අයියාත් ආවෝය.

පිටකොටුවෙන් මධ්‍යම රාත්තිරියේ දොළහකුත් ගණනකට යන බලංගොඩ බස් එකේය අප ගියේ. උදේ පහට විතර එය බලංගොඩට යයි. දියවින්නට යන බස් එක හයටද කොහෙදය, තිබ්බේ. ඒ ගමනටත් පැය තුනක් විතර අල්ලයි. අරනෝලිස් මුදලාලිලාගේ ගෙදරින්ම 
උදේට සප්පායම් වීලා අපි පන්සල ගාව ගෙදරට පිටත් වුණෙමු. එතකොට වතු උඩින්, 
වෙල් මැදින්, දිය කඳුරු අස්සෙන්ය අපට යන්නට වුණේ.


"මහත්තයට ඔය විස්තර තවම හොඳට මතක තියෙන එකනේ පුදුමේ!" 
2018 මාර්තු මාසයේ  8 වෙනිදා විජිත නන්දරතන හාමුදුරුවෝ මගෙන් ඇසූහ. 
ඒ අපි හතරදෙනාට කැවුම්, කෙසෙල් ගෙඩි, අලුවා වාගේ දේවල්වලිනුත් කිරි තේවලිනුත් ඉස්තරම් ලෙස සංග්‍රහ කිරීමෙන් පස්සේ කෙරුණු කතාබහේදීය. අපි කිව්වේ 
අයස්මන්ත දොස්තර මහත්තයාත්, නෙවිලුත්, ගවීනුත්, මාත්ය. "මම මේ පන්සල බාර අරන් තවම අවුරුදු දෙකක්වත් නෑ. ඒ දවස්වල අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ තමයි 
මෙහෙ වැඩ ඉන්න ඇත්තේ."

මගේ ගණන් හිලවුවලට අනුව එතකොට විජිත හාමුදුරුවන් ඉන්නට ඇත්තේ නම් ගන්ධබ්බ අවදියේ වෙන්නට ඇත.

"මට හරිම සතුටුයි ඉස්සර මේ පන්සල ගැන දන්නා මහත්තයා වගේ කෙනෙක් මුණ ගැහුණට." උන්වහන්සේගේ ඒ සතුට මේ 'චේගුරා' මිත්‍යාදෘෂ්ටිකයා එක්ක දිගට කතා කරද්දී නැති වුණාදැයි විජිත හාමුදුරුවන් හෙළි කළේ නැත. "අනේ හාමුදුරුවනේ, මං එච්චර පන්සල් යන ජාතියේ උපාසකයෙක් නෙවෙයි. අවුරුද්දක් විතර අල්ලපු වත්තේ හිටියත් පන්සලට ආවේ නෑ. ගමේ මිනිස්සු වුණත් එහෙමට පන්සලට ආව වගකුත් මට මතක නෑ. හැබැයි පන්සලේ ගල්ලෙනේ පතල් රස්සාව කරන කට්ටියක් නැවතිලා හිටි බව නම් මතකයි."

ඒ කට්ටිය බාරව උන්නේ ලලිත්ය. කරන්නට දෙයක් නැතිකමට ඒ වගකීම බාර අරන් හිටියා මිස ලලිත්ට ඕනෑ කළ මැණිකක් නොවීය. ඒත් අප මිතුරන් බවට පත්වූ පසු නම් මිනිහාටත් දියවින්න ඒ තරම්ම පාළු කතරක් නොවුණා වගෙය. අපි මිතුරෝ වීමු. ඒත් දියවින්නෙන් ආවාට පසු ලිපි දෙක තුනක් හුවමාරු වුණා විතරය. 
මගේ මිතුරෙක් කලකට පසු ලලිත් මා මතක් කරන්නට කිව්වා යැයි කීවේය. "කොහෙදිද කමල් ඔයාට ලලිත්ව හම්බ වුණේ? කොහොමද එයා මාව අඳුනන බව දැනගත්තේ?" මං ඉවසිලි නැතිව ඇහුවා මට හොඳට මතකය.

ලලිත්
උත්තරය නම් මගේ සිත් ගත් එකක් නොවීය. " වැලිකඩ රිමාන්ඩ් එකේදී...." මට වැටහෙන්නේ දැන්ය. ලලිත් පොලිසියට බැඳෙන්නට ආසාවෙන් හිටියේය. සමහර විට ඔහු බන්ධනාගාර සේවාවට බැඳෙන්නට ඇත. මගේ හිතට වැදුනේ ඔහු රිමාන්ඩ් එකේ හිරකාරයෙක් බවය. එහෙම වුණත් මා කළ යුතුව තිබුණේ ටිකක් හොයා බැලීමය. 
මොන දුෂ්ටකමක්ද? මම කමල්ගෙන් විස්තරවත් නෑසුවෙමි. අනේ ලලිත්, දැන් සමාව ඉල්ලන්නේ නැත. ඉල්ලා පලක් නැත. ඒත් මම දැන් ඒ ගැන ගොඩක්-ගොඩාරියක් පසුතැවෙන බව නම් කියන්නෙමි!

මිනිස්සු වැඩි දෙනෙක් අතීතකාමියෝ වෙති. මොන පණ්ඩිතකම් දෙඩුවත් මේ මාත් ඒ ගොල්ලේමය. විජිත හාමුදුරුවන් වහන්සේ ගැඹුර දෙද්දී මම අතීත සයුරු ගැඹරේ කිමිදුනෙමි.

ලස්සනම හරිය ආවේ පන්සල ගාව ගෙදරට යන ගමනේ අන්තිම හරියේදීය. 
ඒ කොටස යන්නට වුණේ පුංචි-පටු නියරවල් උඩින්ය. කඳුකරයේ තරම්ම නොවුණත් දියවින්නේ කුඹුරුත් හෙල්මැලි කුඹුරු වාගෙමය. ලියැදි කුඩාය. නියරවලුත් පටුය. අපෙන් වැඩි දෙනෙක් තුන් හතර වතාවක්වත් නියරෙන් කුඹුරට නොවැටී බේරුනේ නැත. මුලින්ම කුඹුරට වැටුණේ කළු අක්කාය. ඒ සමඟම සිහින් නාදයකුත් ඇසිණි. ඊළඟට ධර්මේ අයියාය. 
දෙවෙනි වන්නට අකැමැත්තෙන් මෙනි! සද්දය අරිට වැඩිය. මෙන්න බොලේ, ඒ දෙන්නා තරගයට වාගේ වෙඩි පුපුරවමින්, වෙලට වැටෙමින් ලෙෆ්ට්-රයිට්...... මෙතැනදී මට මතක් වුණේ ළඟදී දිනෙක මා දුටු අපූරු ඡායාරූපයකි.


දැන් වුණත් දියවින්නට යන කෙනෙකුට අර පටු නියරවල් එහෙමම දැකගන්නට හැකිය. ඒත්, මගේ පපුව කඩා වැටුණේ පන්සල් වත්තට යාබදව, අප නිවැසූ අර ගෙදර ලකුණක්වත් ඉතිරි නොකොට සදහටම ගිහින් තිබුණා දුටු විටය. ඒ වත්තට පිවිසෙන කඩුල්ල ළඟ තිබුණු මී ගහ විතරක් මා දෙසට හොර බැල්මක් දැම්මේය. "මතකද එදා පුරා පසළොස්වක හඳපානේ ......
මඳ අඳුරේ.....  මං හඳ එළිය මුවා කරලා ඔයාලට......" මී ගහ කෙඳිරුවේය. 
මම දෙතොලට ඇඟිල්ල තියා නිහඬ වන්නැයි මී ගහට කිව්වෙමි.

"එච්චර මිහිරි රාත්තිරියක් කොහොමද දෙයියනේ අමතක වෙන්නේ? මං තවම ඒ ගැන කටේ කෙළ බිම හළලා නෑ. එහෙම කරන්නේ හිතේ නිධන් වෙලා තියෙන ඒ රහ- ඒ සුවඳ- ඒ මිහිර අඩුවේවි කියන බයට; ලෝබකමට...... එව්වා ඔහේ තිබිච්චාවේ නේද. හොඳේ!" කොළ සේරම හළා දමා, අලුතින් දලු පුබුදන්නට සැරසෙන මී ගහ  මගේ හීන් කෙඳිරිය අහලා, හිනාවෙලා  නිහඬ වුණේ ඒකය.
 
රූස්ස මී ගහ
"මහත්තයෝ, මුලින්ම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මං මේ පන්සල බාරගන්නකොට බොහෝම දෙනෙක් ආවා, මාව හම්බ වෙන්න. පන්සලේ ඉඩම් මැණික් ගරන්න ඉල්ලා ගන්න. මං පළමුවෙනියට කළේ අපේ ඉඩම්වල මැණික් ගරන එක නවත්තපු එක. අර හැම දෙනාටම මං කිව්වේ අපි ඉස්සෙල්ලාම පන්සල හදලා ඉවරවෙලා පස්සේ මැණික් ගරමු කියලයි." විජිත හාමුදුරුවන්ගේ හඬින් මම වර්තමානයට ආවෙමි.

තවම හදාගෙන යන පන්සල
උන්වහන්සේගේ කතාව ඇත්තය.
"හවස හයෙන් පස්සේ පන්සලට එන්න එපා කියල බෝඩ් එකක් එල්ලල තියෙද්දී ගමේ අය පන්සලට එයිද? මුලින් විජිත හාමුදුරුවෝ කරන දේවල් දිහා වපරෙට බලපු අයත් දැන් පන්සලේ දායකයෝ. මහත්තයලටම පේනවනෙ දැන් විදිය?" හැම සෙනසුරාදාවකම 
දියවින්න දේවගිරි රජමහ විහාරස්ථානයේ පැවැත්වෙන 'අශ්ඨපාන ගිලන්පස ඖෂධ පූජාව' අතරතුරේ උපාසක මහත්තයෙක් මට කිව්වේය.

හිතා-මතා නොකළත් විජිත හාමුදුරුවෝ හමුවෙන කාටත් ඉනා බේත් දෙයි. "සර්වජන වශීය" පැළඳගෙන ඉන්නවා වෙන්නටත් පුළුවනිය. තවමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගන්නා උන්නාන්සේ 'තෙල බෙදිල්ල' අඩු නැතිවම ප්‍රගුණ කරන්නට ඇත!

ඒකෙ අනුහස කොච්චරද කියනවා නම් මාර්තු අටවෙනිදා අප පිටත්ව එද්දී, පන්සල් වත්ත මායිමේදීම අයස්මන්ත දොස්තර මහතා කීවේ "අයියේ, අපි ආපහු මෙහෙට එමු. 
මං විසිපන්දාහක් දෙන්නම් මෙහෙ මොනව හරි කරනවා නං." කියලාය. නෙවිලුත් 
දෙවෙනි වුණේ නැත. "මාත් දෙන්නම් පන්දාහක්". 

මගෙත් එක්කලා දෙයක් කියා කෙනෙකුට බේරෙන්නට නං ලෙහෙසි නැත. 
ලොකුම පුදුමය නෙවිල්ගේ සර්ධාවය. 
සල්ලිත් දුන්නේය කියනවාට වඩා හොඳ මං බලෙන්ම කඩාගත්තාය කියන එකයි. 
ඒත් පූජාවල් උස්සාගෙන පෙරහරේ යන්න? 

මා හදන්නේ මෙවන් ඡායාරූප පෙන්නා 
නෙවිල්ව black mail කරන්නය.


නෙවිල් ඇතුළු අපේ ඈයෝ එච්චර සර්දාවන්ත වුණේ මොකද කියලා හිතද්දී නම්..... 
කමක් නෑනේ ඒ ටික ඊළඟ පෝස්ටුවේදී කෙටුවට?

Friday, June 22, 2018

ආවොත් නොයා බැරිය! - පළමු කොටස


කිත්සිරි හෙට්ටිහේවා මහත්තය ආවේ තග දාගෙන වාගෙයි. "මට නම් දොස් කියන්න එපා! මට කරන්න දෙයක් නෑ."

කිත්සිරි මහත්තයා පාතාලයෙක් නෙවෙයි. ඒත් කුරුප්පු මහත්තයා මගෙත් එක්ක ඩීල් එක කිරීම බාර දීලා තිබ්බෙ එයාට. ඒ දවස්වල කුරුප්පු මහත්තයා හිටියේ කිත්සිරි මහත්තයලගෙ ගෙදර. කුරුප්පු මහත්තයාම මට කියලත් තිබුණා 'කිත්සිරිලා මට සලකන්නේ එයාලගෙම කෙනෙක් විදියට' කියලත්.

"ඇයි නිමල් ඉන්දියාවෙ  යන්න බැහැ කිව්වේ?"

"මට ඒකට හිතක් නැහැ කිත්සිරි මහත්තයා. අපේ අම්මත් මේ ළඟදී ඉන්දියාවේ ගියා. මටත් අඬ ගැහුවත් එක්ක. ඒත් මට හිතුන්නෑ." මා කීවේ සම්පූර්ණ ඇත්තය. අපේ අම්මා එක්කලා නම් දිවිය ලෝකයට යන්න chance එකක් ලැබුණත් දෙපාරක් හිතන්නට ඕනෑය. අප දෙන්නා ඒ තරමටම නොපෑහෙන බැවිනි. කුරුප්පු මහත්තයා මට කතා කළේ ඉන්දියාවේ ඉඳිද්දීමය. "ළමයෝ, මෙහෙ ඇවිත් බලන්නම වටිනවා! මං ඔක්කොම විය-පැහැදම් දරන්නම්. යන්න විතරයි තියෙන්නේ." මා හා කිව්වේ නැත.

ඊළඟ වටය වෙනත් මුහුණුවරක එකකි. "නිමල්ට කොම්පියුටරයක් නැහැ නේද? නරකද අරගත්තොත්?" ඒකටත් මගෙන් සුබදායක ප්‍රතිචාරයක් නොවේ ලැබුණේ.




ඩී.බී. කුරුප්පු මහතා 2017 ජුනි 23 වැනිදා අභාවප්‍රාප්ත වුණේය. අදට වසරකට කලින්ය!

අනේ, බ්ලොග් එකක් ලියන හිතක් කුරුප්පු මහත්තයා යන්න කලින් මට ආවා නම්. මා බ්ලොගයේ ලියන්නේ මගේ ජීවිත කතාවය. ඒකෙන් අංශු මාත්තරයක් විතරක් දැනගෙන උන් කුරුප්පු මහත්තයා එය ලියන්නැයි මට කොච්චරවත් බල කළේය. ම්හු! මට හිත දුන්නේ නැත. "ළමයෝ, කොම්පියුටරෙන් ලියන එක හරි ලේසියි. ඉක්මනට හුරු වෙයි." ඒත් මට මොකුත් හිතුණේ නැත. "හා, බැරිම නං මට ටික-ටික කතාව කියන්න. මං ලියන්නම්!" ඒකවත් වැඩ කළේ නැත.

මේ කණගාටුව, මේ පසුතැවිල්ල මගේ මරණය තෙක්ම මා හඹා එනවා නිසැකය!  

මේ කතාව පටන් ගන්නට වෙන්නේ සෑහෙන කාලයක් එහාට ගිහින්ය.
අවුරුදු පනහකටත් එහා පැත්තේදී අපේ ගෙවල් ළඟ උන්නා, මල්ලිකා අක්කා කියලා එක්කෙනෙක්. 'අජාසත්ත පෝස්ටුවේදී' කියවුණු 'නුගේගොඩ ඇන්ටිගේ' දෝණියන්දෑ. එයාලා ඒ දවස්වල යහමින් යමක්-කමක් තිබුණු අය. අපි ඒ දවස්වල අන්ත ප්‍රපාතේ.
 
මල්ලිකා අක්කා ළඟ තිබුණා 'උදය' කියලා සඟරා වගයක්! හරිම ලස්සනයි. මහරගම 'සමන් ප්‍රකාශකයෝ' තමයි ඒක පළ කළේ. මං ඉතින් මල්ලිකාක්කාට කනිපින්දන් කියල-කියලා අර සඟරාවක් ඉල්ලගන්නවා, කියවන්න. ඇත්තම කියන්න එපැයි. එයා හෙණ ලෝබයි. "ඔන්න රංජි මල්ලී, පොඩ්ඩක් හරි කුණු ගෑවිලා තිබ්බොත් නම් බලාගෙන". ඒ දවස්වල ඉඳලාම මං පොත-පතට ගරු කරන එකා වෙලත් එයා එහෙම කිව්වේ පුරුද්දට. හැබැයි, හොඳේ කියන්නේ ටිකක් පෙරැත්ත කළාම පොතක් ඉල්ලා ගන්න පුළුවන්.

දවසක් මං දැක්කා ලස්සනේ බැරි හුරුබුහුටි පොතක්. වැඩේ කියන්නේ, ඒකත් සමන් පොතක්.


ඒකට මං වහ වැටිච්ච තරමක්!  
ඇත්තමයි. ඒ දවස්වල පොතක් කියෙව්වාම මං වැඩිය හොයන්නේ නෑ කතුවරයා කවුද කින්ද-මන්ද කියලා. පොත අමතක නොවී මතකේ තිබුණට ඩී.බී. කුරුප්පු නම නං කිසිම ගනිච්චියක් තිබ්බෙ නැහැ.

මං සමහර නම්වලට ආසයි. මෝඩකමනේ, නැත්තං වෙන මොකක්ද? නමක් කියන්නේ කෙනෙක්ව හඳුන්නලා දෙන දෙයක් විතරයි. ඒත් ඒක දැන-දැනත්; අදත් සමහර නමක් ඇහුණාම- ඒක හිතට වැදුණාම මං නමේ අයිතිකාරයාටත් ලකුණු දෙනවා. කුරුප්පු නම නං මොකක්ද, ඉස්කුරුප්පු වගේ. මෙලෝ ලස්සනක් නෑනේ. (පස්සෙයි දන්නේ, බී. කියන්නේ 'බෝල්ඩ්වින්' කියන එකටය කියලත්. ඒක අරිට හපන්. තට්ටේ මොනවද දිනන්න තියෙන්නේ?) දොන් බෝල්ඩ්වින් කුරුප්පු..... විකාරයි වගෙනෙ.

ඊළඟ එපිසෝඩ් එකට එනකොට මගෙත් පිටිපස්සෙන් තට්ටේ එන ලකුණු එක-දෙක පහළවෙමින් තිබ්බ සමය. 2000. මතකයිනේ ලොකූඌඌඌඋ කලබැගෑනියක් තිබුණේ, දිනය ලියන විදිය ගැන. පරිගණක අවුල් වේවි කියලත් අනාවැකි කියවිලා තිබ්බෙ. ඔන්න ඒ දවස්වල තමයි උසට උසේ, සුදුම සුදු, මෝල් ගස් ගිල්ල පිඹුරෙක් ප්‍රෙස් එකට ආවේ. 
එන්න කලින්ම අපේ බොස්ගෙන් කියවුණා 'මිනිහත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි' කියලාත්. පෙනුමෙනුත් එහෙමයි. මහා ආඩම්බරකාරයෙක් වගේ, හිනාවෙන්නවත් දන්නේ නෑ කියලයි මට හිතුණේ. දැක්ක ගමන් එපා වුණා!

ප්‍රෙස් එකේ මුද්‍රණ වැඩවලදී, විශේෂයෙන් පොත් ගැහිල්ලේදී මුළුමනින්ම වගකීම් පැවරුනේ මට. ඉතින් මගේ හිතට නාල්ලන අය එක්ක වුණත් වැඩ කරන්න වුණා. කුරුප්පු මහත්තයා හෙණ නීතිකාරයා. පොඩ්ඩ ඇත්නම් තද වෙනවා. එහෙම වුණාම තඩි පොල්ලකින් ඉස්මුදුනටම කෙළලා අරිනවා වගේ කියල දානවා. ඒ වගේ කෙනෙක් එක්ක වුණත් බාරගන්න වැඩේ හරියට කරනවා නම් ඉහ ගහගෙන ඉන්න ලේසියි. මට කවදාවත් කුරුප්පු මහත්තයා ප්‍රශ්නයක් වුන්නෑ.



ඒ දවස්වල මං දන්නවයැ මේ 'දඬුමානා' තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුනන්ද මහේන්ද්‍ර, ජේ.බී. දිසානායක, වික්‍රමබාහු කරුණාරත්න, ඩී.බී.නිහාල්සිංහ, කරු ජයසූරිය, විජේරත්න වරකාගොඩ වගේ අටෝරාශියක් දෙනාට උගන්නලා තියෙන බව? තම්මැන්නා සිමෙන්ති කියලා නම දැම්මේ මෙයා බව? හැබැයි දැනගෙන හිටියා නම් වෙන්න තිබ්බේ එකම වෙනසයි. කුරුප්පු මහත්තයා කියන්නේ නැතිව 'සර්' කියලා කියවෙයි. මං එහෙමයි. අදත් උගත් අය කෙරෙහි මගේ තියෙන්නේ ලොකු ගෞරවයක්. මං සාපෙ විතරනෙ පාස්!

ප්‍රත්‍ය ශතකයේ මෙහෙම කියලා තියෙනවා...... 86 වෙනි ශ්ලෝකයෙ.
ගගනේ රවි රත්නන්තු - ගෘහරත්නානි බාලකාඃ
ශයනේච ස්ත්‍රී රත්නානි - සභාරත්නානි පණ්ඩිතා

ආකාශයට සූර්යයා ද, ගෘහයට ළදරුවෝ ද, සයනෙහි ස්ත්‍රීහු ද, සභාවට පණ්ඩිතයෝ ද රත්න වන්නහු යැයි දත යුතුය. එහෙව් එකේ උගතුන්ට ගරු කිරීමේ වරදක් තියෙයි?

ගෘහයට ළදරුවෝද.......
කුරුප්පු මහත්තයා තමයි 'මැංචෝසන් චාරිකා' අනුවාදය කළේ කිව්වාම මගෙන් additional points ගොඩකුත් එයාට වැටුණා. මං කුරුප්පු මහත්තයා එක්ක මුලින්ම වැඩකට වැටුණේ අන්තිම උපන් දින සාදයේදී. එහෙම කිව්වාම හිතුවේ 'පාටි' එකක් කියලද? (අකල් මරණෙකට හවුල් වී, වගේ?) නෑ, නෑ. පොතක්. කෙටිකතා පොතක්. එතකොටයි මං දැනගත්තේ එයා ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් බව. ඊළඟට ගැහුවේ මළගමක්. 'සංගම්කාරයාගේ මළගම'.

කුරුප්පු මහත්තයා ලංකාවට ආවේම පොතක් දෙකක් අච්චු ගස්වන්න බලාගෙනමයි. ඔහොම යද්දී-එද්දී තමයි මං දැනගත්තේ එයා කිත්සිරි මහත්තයලගෙ ගෙදර කාමරයක නැවතිලා ඉන්න, නීත්‍යානුකූල තනිකඩයෙක් බව. දූල දෙන්නයි, බිරියයි වෙනම.

පිටරටවලදී නිතරෝම රැකියා අවස්ථා ලැබෙන්නේ වයසින් අඩු, දැනීම හා දක්ෂතා වැඩි තරුණ අයටනේ. කුරුප්පු මහත්තයා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තිබ්බෙ කෙස්ස පැහීගෙන එද්දී. ඒ නිසා එයාටත් වෙලා තිබුණේ 'ඩෝල්' එකෙන් පිරිමහගන්න.
එහෙම කරන ගමන්, හිතවතුන් ගොඩකගේ උදව් ඇතිව තමා අර විදියට ලියන-ලියන පොත් මුද්‍රණයෙන් 'පැහැරෙව්වේ'. ලියන්නත් ඇහැකි. ගස්සවාගන්නත් ඇහැකි, සල්ලි තියෙනවා නම්. ඒත් මොන අප්පුහාමිද එව්වා විකුණලා දෙන්නේ?
මං කිව්වේ විකුණුවත් ඒවාගේ සල්ලි හරියට බේරන්නේ කවුද. බාරගන්නකොට නම් 
කියනවා කොමිස් එක අරන් විකිණෙන පොත්වල ගණන් බේරන හැටි. 
'උඩට උඩු වියන් - පයට පාවාඩ දාලා රජ්ජුරුවොන්ට සුදු හකුරු හදපු කතාවේ වගේ' තමා. කටින් බතල!
කිත්සිරි හෙට්ටිහේවා - කෝකිලා හෙට්ටිහේවා යුවල
කුරුප්පු මහත්තයා 'අතින් කකා හරක් බලන බව' දැනගත්තාම මට හරියට දුක හිතුණා. මහන්සිවෙලා ලියන හැම දෙයක්ම අච්චු ගැහිලා තියෙනවා දකින්නට ආසාවෙන් මේ මනුස්සයා කන පරිප්පුවක තරම.

ඔය කාලේ වෙද්දී මහින්ද කුමාර දළුපොත මහත්තයා 'ගොඩගේ' ආයතනය වෙනුවෙන් පොත් ගොඩක් මුද්‍රණයට අරගෙන ආවා, වරින් වර. අප අතරේ සෑහෙන හිතවත්කමකුත් ගොඩනැඟිලා තිබුණා. සතියකට ගොඩගේ පොත් පහ-හයක් ප්‍රින්ට් කරලා දෙන අවස්ථාවලුත් තිබුණා කිව්වම හිතාගන්නකෝ තරම. කොච්චරද කියනවා නම් 'ගොඩගේ' එකේ ගංගා මෙනෙවියත්, වැල්ලම්පිටිය ගබඩාවේ 'සන්ධ්‍යාත්' දෙන්නා ඇතුළු තව ගොඩ දෙනා මාව නොදැකම වුණත් හොඳටම හිතවත් වුණා.

මෙතැනදී නම් පොඩි පම්පෝරියක් නොගහ බෑ. සමහර වෙලාවට ගොඩගේ ආයතනයේ .............. මගෙන් අහනවා "නිමල් අයියේ, .......... පොත අපි අච්චු ගහපු එකක්ද'' කියලත්. ඒ වගේමයි, වෙන ප්‍රකාශන ආයතනවලින් මුද්‍රිත පොත් ගැන වුණත් මගෙන් තොරතුරු දැනගත්තා. තොරතුරු හොඳේ, රහස් නෙවෙයි!

මහින්ද කුමාර දළුපොත
ඉතින් මං කුරුප්පු මහත්තයා ගැන දළුපොත මහත්තයට කිව්වා. "ඇත්තටම පව්. දැනටත් ගහපු පොත් ගානක්ම එක-එක්කෙනාට දීලා තියෙනවා වුණත් එක සතයක්වත් ලැබිලා නෑ. බැරිද ගොඩගේ මහත්තයට කියලා මේ මනුස්සයාගේ පොත් කිහිපයක් ගස්සලා දෙන්න, ගොඩගේ ප්‍රකාශන විදිහට."

විස්තර අහපු දළුපොත මහත්තයාටත් උණුවුණා. යෝජනාවක් දාලා බලන්න කැමැති වුණා.ඔය විස්තරේ කුරුප්පු මහත්තයට කිව්වා විතරයි එයා අත් දෙක ඔළුවේ ගහගත්තා.
"එයා කොහේ ගහනවද නිමල්? මං එයාට පොතක් දීලා දැන් අවුරුදු හයක්. අන්න පුළුවන් නම් හොයලා බලන්නකෝ, ඉස්සෙල්ලාම." මං අභියෝගය බාරගත්තා. වෙනම මෙහෙයුමක් කරන්න වුණා 'එක්තරා ප්‍රේම කතාවක්' හොයාගන්න.

ගොඩගේ ආයතනය පෞද්ගලික එකක් වෙච්චි හින්දා හොඳයි. 

පේනවනෙ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ගෙන් කෝටි 136 ක් පිනට ගත්තු 'උත්තම පුතාලා' 118 දෙනාගේ නම් එළි කරවාගන්න ගියාම වෙලා තියෙනදේ. ජනාධිපති ලේකම් කියනවා ඒ විස්තර රාජ්‍ය ලේඛනාගාරයට දීලය කියලා. ලේඛනාගාරයෙන් කියනවා එව්වා හෙළි කරන්න වෙන්නේ අවුරුදු තිහක් ගියාට පස්සෙයි කියලා. 'කොහොමද වැඩේ?' 'ලෝක හොරු' එකතුවෙලා 'නිධානය'ට විදලා 'වස්තුව' අරන් දැන් 'ඔක්කොම කණපිට' පෙන්වනවා! ගොඩගේ මහත්තයා නම් නෑ, බෑ නොකියා මැදිහත් වෙලා කබඩ් ලාච්චුවක හිරවෙලා තිබ්බ 'ප්‍රේම කතාවක්' එළියට ගත්තා.

 
අර්ජුන් ඇලෝසියස්
'එක්තරා ප්‍රේම කතාවක්' 'ගොළු හදවත'ට ඌන පූරණයක් - එහෙමත් නැත්තං ඒකෙම දිගුවකුත් වගේ දැනෙනවා කියවද්දී. ඒකයි 'හැන්දෑවට පායන හිරු'යි එක ළඟමයි පළ කෙරුණේ, 2006 අවුරුද්දේ.

කුරුප්පු මහත්තයාගේ අකුරු නිකං හකුරු වගේ නෙවෙයි, උක් හකුරු වගේ කියලයි කියන්න ඕනේ. අදහස් රහයි. හැබැයි ටිකක් ඍජු වැඩියිත් වගේ. උක් හකුරුවල තියෙන පොඩි කට කාරවන ගතිය වගේ. අනෙක ඒ අකුරු මෙලෝ කෙනෙකුට කියවන්න අමාරුයි වගෙත්. කුරුප්පු මහත්තයා ලියලා එවපු දේවල් තිබ්බත් මං මෙතන ඒවා උපුටන්නේ නැත්තේ එතුමා ලියූ අවසන් ලිපිය ජගත් එදිරිසිංහ සහෘදයාගෙ 'මානව' බ්ලොග් එකේ
'ඩී.බී.සහ මම - වේගයෙන් ලියූ ලේඛකයා' බ්ලොගයේ දාලා තියෙන නිසා.

මෙතැනදී තව දෙන්නෙක්ව මට මතක් වෙනවා.

'රාවයේ' ධම්මිකා සිරිවර්ධන කියපු විදියට නම් වික්ටර් අයිවන් මහත්තයාගේ අකුරු කියවාගැනීමට  ධම්මිකා පුරුදුවෙලා තියෙන්නේ සතතාභ්‍යාසයෙන්.

දෙවැනියා චූලානන්ද සමරනායක. හරි! ප්‍රවීණ පරිවර්තකයා තමයි. ජවිපෙ කැරැල්ලේදී සිරගතවෙලා ඉන්දදී ලබපු අත්දැකීමක් නිසා ලියැවෙන්නේ 'නාගර'. 
"නිමල්, අපිට ගැහුවේ ඇඟිලිවලින් එල්ලලා. අදටත් මගේ ඇඟිලි හරියට නවලා ලියන්න අමාරුයි. ඒකමයි මං ලියන ඒවා මේනක ලවාම ටයිප් සෙටින් කරවාගන්නේ. මිනිහට දැන් මගෙ අකුරු පුරුදුයි." දවසක් සල්ලාපයේදී චූලා කිව්වා.
චූලානන්ද සමරනායක
චූලාව මට හමුවුණේ 'විදර්ශන ප්‍රකාශන' එකේ අධිපති ජනක ඉනිමංකඩ මහත්තයා හරහා. මට හිතෙන්නේ චූලාගේ හොඳම පරිවර්තන වැඩිම හරියක් විදර්ශන ප්‍රකාශන. 'සමුගනිමු ගුල්සාරි' වගේ!


චූලාගේ අකුරුවලට හුරුවුණු වාසිය නිසාමද මන්දා, මේනකත් දැන් 'සුභාවි' කියලා ප්‍රකාශන ආයතනයක් කරනවා. එයාගෙ අයියාත් උසස්, 'එහෙත් වැඩි දෙනෙකුට නාල්ලන' වර්ගයේ නාට්‍ය හදන කෙනෙක්. බුද්ධික දමයන්ත! මට හිතුණේ බුද්ධිකට ටිකක් හිනාවෙන්න කියලා දෙන්න පුළුවනි නම් කියලයි. ඔන්න බුද්ධික, හමුවී කතාබහ කරලා නැතත් ඔයාගේ නාට්‍ය බලන්න ආවම නිරීක්ෂණය කරපු බාහිර දේකුත් කිව්වා. තරහ වෙන්න එපා, මගේ මතය වැරැදි වෙන්නත්  ඇහැකිනේ.

පරීක්ෂණ- නිරීක්ෂණ- නිගමන ඔක්කොම අදට මෙච්චරයි. අනෙක් හරිය ඊළඟට.