සැමී දීඝායුට ගොඩාරියක් ලැදිව සිටීම මට රිස්සුවේ නැත. ඒ ඉරිසියාවක්ද? |
එහෙම
තරහෙන්, කඩිනමින් ගසා-බසාගෙන මා පිටත්වී ආවත් පහුවදා උදෙන්ම..... ඔව්! පසුවදා
උදෙන්ම දීඝායු මඟ රැකගෙන හිටියේය. ඒ මං එනතුරුය.... ඉස්කෝලේ යන්නට කලින් මාව
අල්ලා ගන්නටය. “ඔයා එනකං බලාගෙන හිටියේ.” සුබසාධක මාවතට හැරෙන තැනටවී හිටි දීඝායු,
හිනාවීගෙනම එසේ කියමින් මගේ පෙළට වැටුණේය.
ඒ
ළගන්නා හිනාව! එය මගේ හිතේ තිබුණු සේරම ‘කහට’ සෝදා හළ වැස්සක් විණි.
“....
මට හිතුණා අද උදෙන්ම ඔයාව හම්බ වෙන්න ඕනියි කියලා.” දීඝායුගේ වචනත් සැනසුම දනවන
ඒවාය. “ඒ මොකෝ විශේෂත්වයක්?” මං ඇහුවේ තරහෙන් නෙවේ.
“අපරාදෙනේ
නිමල්, ඊයේ ඔයාට තව ටිකක් වෙලා ඉන්න තිබ්බා නං කොච්චර එකක්ද? ඔයා ගියාට පස්සෙයි
මටත් ගොඩක් දුක හිතුණේ... ඔයාගේ යාළුවො දෙන්නටත් එහෙමයි...”
දීඝායු
එහෙම කියද්දී නම් මගේ හිතේ ආයෙමත් නොරිස්සීමක් මතු වෙන්නට ගත්තේය. “ඇයි... කැරම්
ගහන්න ඔයාලා හතර දෙනෙක් හිටියේ... සැමීත් එක්ක.”
සැමී දීඝායුට ගොඩාරියක් ලැදිව සිටීම මට රිස්සුවේ නැත. ඒ ඉරිසියාවක්ද?
හරි විදිහට නම් මා ඒ ගැන සතුටු විය යුතුව තිබිණි. මා අවංකවම දීඝායුට හිතවත් විණි
නම් ඔහුගේ කෝණයෙන් බැලිය යුතුව තිබුණා නේද? මුලින්ම දීඝායුට ඒ ගෙදර තිබී ඇත්තේ
මෙහෙකරුවෙකුගේ ස්ථානයයි. පාසල් වැඩ ටිකවත් හරි හැටියට කර ගන්නට එයාට ඉඩ ලැබී
තිබුණේ නැතිය.
සැමීගේ පැමිණීම ඔහුට ලොකුම සහනයක් වුණේල.
හයසින්ත් උමතුවෙන් වගේ ඇපොලෝට පෙම් බැන්දා පමණක් නොව ඔහු වෙතම ආසක්තව... |
කෙනෙකු
බොහෝ විට අනුන්ව මනින්නේ තමන්ට සාපේක්ෂවය.
දීඝායුව
හඳුනා ගන්නා අවදියෙදී, මා අභී අයියාගේ පාශයේ බැඳීම පටන් ගෙන අහවරය. එසේම තවත්
කිහිප දෙනෙකු හා ලිංගික අත්දැකීම් ලබා යම්කිසි ‘පරිණත වීමකුත්’ සිදු වෙලාය. ඒ
දැනීම අනුව, මා දීඝායුව දැක්කේත් කුමන මොහොතක හෝ මගෙන් තෘප්තියක් ලබා ගන්නට කල්
බලමින් සිටින්නෙකු විදිහටය.
තිබුණු එකම විශේෂත්වය වුණේ, මාත් නොදැනුවත්වම ඔහුට වසඟවී සිටීමය.
අදටත් එක එල්ලේම කිව හැකි අරුමය නම්, එදා මගේ ඒ වසඟය ‘රාගය’ මතම පදනම්ව නොතිබුණු
බවය.
මමත්
ග්‍රීක පුරාණෝක්තියක කියවෙන පරිද්දෙන් හයසින්ත් කෙනෙක්වී සිටියෙම්ද?
හයසින්ත් උමතුවෙන් වගේ ඇපොලෝට පෙම් බැන්දා පමණක් නොව ඔහු වෙතම ආසක්තව හිටියේය. හයසින්ත් කෙරෙහි වසඟව හිටි Zephyr, අර සමරිසි යුවලගේ ආදරයට ඊර්ෂ්‍යා කළේය. ඒ නිසාම හයසින්ත්ව මරු වසඟයට යැව්වේය.
හයසින්ත්
වෙතවූ ප්‍රේමය අමරණීය කරවනු වස්, ආදරයෙන් මුසපත්ව සිටි ඇපොලෝ හයසින්ත්ව පුෂ්පයක්
බවට පත්කොට අමරණීය කළේල!
මට දසසිල් මෑණි කෙනෙක් වෙන්න ආසයි අයියේ. |
ඒ නිසාමදෝ සැමී වැන්නෙකු වුවත් ඔහුට සමීප වෙනවා දකින්නට මා උවමනා නොවීය.
“අයියේ,
අපේ මල්ලිකාගේ ආදරේත් හරියට ගෝරිල්ලෙකුගේ ආදරේ වගේ!” විවාහයෙන් අවුරුදු කිහිපයකට
පස්සේ අපේ සුනිල් මල්ලී කිව්වේය.
“ඒ
මොකද සුනිල්?”
“ගෝරිල්ලා මොකෙකුට හරි ආදරේ කරනකොට කරනවය කියන්නේ ඌව පුළුවන් තරං හිර කරගෙන තදෙන්
බදා ගැනිල්ල. ගෝරිල්ලා දන්නෙ නෑනෙ, උගෙ හයිය අර අසරණ සතාට කරදරයක් වෙන විත්තිය. සමහර
වෙලාවට අර තදෙන් බදා ගැනිල්ල නිසා ඒ සතාගේ ඇටකටු කැඩිලා ඌ මැරෙනවත්ලු.”
මට
අපේ සුන්නාගේ කතාව ‘හරියටම’ තේරෙන්නට තවත් අවුරුදු කීපයක්ම උවමනා වුණේය. “මට
දසසිල් මෑණි කෙනෙක් වෙන්න ආසයි අයියේ...” මල්ලිකා; අපේ නෑනා කිව්වාය. එහෙම කිව්වේ අපේ පවුලේ
එකමුතුවකදීය.
“පුතාලා දෙන්නා ඉඳිද්දී?” ප්‍රශ්නය මගෙන්ය.
“හොඳ වැඩක්නේ අය්යේ.... මම නං අවසරේ දීලා තියෙන්නේ. පුතාලා දෙන්නා දැන් ටිකක්
ලොකුයිනෙ. මට පුළුවන් ෂේප් කර ගන්න....” සුනිලුත් එතකොට සිනා මුසුව කිව්වේය.
“එහෙනං
ඉතිං හරිනෙ!” මම කිව්වෙමි. “...මල්ලිකාට දසසිල් වෙන්න පුළුවනිනේ!”
“මොන
හරියක්ද අයියේ...” සුනිල් හක-හක ගා හිනා පැලුවේය. “...ගල් ගිලලා වගේ ඉන්නේ- තමුසෙම
කියනවකො ඉතිං අයියලට...” කියලාත් මල්ලිකාට කිව්වේය.
සසර කෙටි කර ගන්නට හිතන අස්සෙත් ඒ අම්මණ්ඩිට..... |
ඊට
පස්සෙත් ඔය කතාව ඔය විදිහටම සිද්ද වුණේය. (මල්ලිකාට පිළිකාව වැළඳී අවුරුදු 7ක්
පීඩා විඳ 2013 දී මිය යන තෙක්මත්....)
සුනිල්
ඒ කතාව කියද්දීය මට මතක් වුණේ, මට අවුරුදු පහළොවේදී මාත් එවැනි පටු මානසිකත්වයක
හිටි බව; දීඝායු අරභයා....!
සැබෑය; අද මේවා මෙහෙම ලියන්නට හැකි වුණත් එදවස ඒ හැඟීම් දරාගෙන ඉවසා සිටීම මට
එච්චර ලෙහෙසි වුණේ නැත. වෙසෙසින්ම එහෙම වුණේ, මා අවංක නොවීම නිසා වෙන්නැති; හැබෑ
සිල්වතෙකු වාගේ ‘ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්
සිටි නිසා’ වෙන්නැති;
කොටින්ම කියතොත්, මේ ලියන්නා එතකොට සුපිරි දෙබිඩ්ඩෙකි.
“දැන්
නිමල්, ඔයා අපේ ගෙදර දන්නවනේ... ඉඩක් තියෙන ඕනිම වෙලාවක ඔයා එහාට එන්න.... අපේ
අයියගෙ නෝනගෙන් වුණත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තව ටික දවසක් ගියාම....” දීඝායු කිව්වේ
අලුත් ආරංචියකි.
“ඒ
කිව්වේ?”
“කොහෙද
ඊයේ ඔයා ගාල කඩාගෙන ආපහු දුවගෙන ආවනේ.... අපේ ගෙදරට ඉස්සරහින්ම පාරෙන් අනිත් පැත්තේ
පරණ- පොඩි මැටි ගෙයක් තිබ්බ ඔයා දැක්කද? පාළුවට ඇරිච්චි ගෙයක් තිබ්බේ... අපේ
අයියලා ඒ ඉඩම් කෑල්ලත් සල්ලිවලට ගත්තා... පාඩම් වැඩ කර ගන්නත් ලේසි නිසා, මම ඒ
ගෙදරට යන්නයි හදන්නේ... අක්කටත් කිව්වා.”
“එතකොට?”
අඩෝ, නියම කැරම් බෝඩ් එකක් එහෙ තියෙන්නේ.... ආසාවේ බෑ! |
මටම
ටොක්කක් ඇන ගන්නටය, එතකොට නං මට හිතුණේ.
තවමත් ඉඳහිට මම මටම දඬුවම් කර ගනිමි. ඒ මගේ මෝඩකම් මටම තේරුම් ගියාමය. ‘අපරාදේ...
ඊයේ කලබල වෙන්නැතිව හිටිය නං උඹ මේවා දැන ගන්නෙ ඊයෙමනේ.’ යටි හිත දිගටම දොස්
කීවේය.
ඉතිං, එදා මහරගම හන්දියෙදී දීඝායු බුවෙනකබාව පැත්තට හැරුණාම මම විද්‍යාකරයට ගියෙමි.
ඒ යනකොටත් දඩෝරියා මඟ බලාගෙනය.
“මොකද
බූරුවො පරක්කු වුණේ.... මොකක්ද උඹට ඊයේ හැදිච්ච පිස්සුව... මේ, ආයෙ පස්ස ගහන්න
හදන්න නං එපා... මේ විභාගේ දවස් ටිකේ විතරයි උඹට කොහේ හරි යන්න චාන්ස් එකක් හම්බ
වෙන්නේ.... ආපහු යං අරුංගේ ගෙදර.” මිනිහා දිගටම කියවාගෙන ගියේය.
“අඩෝ, නියම කැරම් බෝඩ් එකක් එහෙ තියෙන්නේ.... ආසාවේ බෑ!”
මම
විරුද්ධ නොවීමි!
මවිසින් මගේ ජීවිතාන්තය දක්වා, මටම පනවාගත් ‘කැරම් බෝඩ් එකකට අතවත් නොතැබීමේ’ ස්වයං දණ්ඩන තීරණය ගන්නට මඟ පෑදුණේ එහෙමය. එදායින්; 1968 අග හෝ 1969 මුල්ම හෝ දවසකින් පසු අද වෙනතුරාවට මා කැරම් සෙල්ලම් කොට නැත!
එතකොටත්
‘අමු
කැලේගේ පරම්පරාවෙන්’ උරුම වුණු මගේ
‘අයිඩියානන්ද මොළය’ හොඳට වැඩය.
මතකයිනෙ, කළුබෝවිල රෝහල අසලදී හමු වුණු ලින්ටන් දිනපතා මට දුන් ‘චෝකෝ නට්’වලට වශී
බෙහෙත් දාලාය කියන සැකය මත, මං කළ කැත වැඩේ! එහෙම වශී කරගෙන කරවල වාඩියකට ගෙනියනවා
නම් ‘තනියම නොවේ’ කියලා හිතාගෙන අපේ සුනිල් හා ටැයියා දෙන්නාවත්
චොක්ලට්
කන්නට හවුල් කර ගත් හැටි...
මේ වතාවෙත් මං වහන්සේ දඩෝරියා, කොරල සුන්දරී දෙන්නා කැටුවම දීඝායුලා ගෙදර ගියේ හිතාමතාමය.
මිනිසුන්ට වඩාත් තරහ යන්නේ තමන් ගැන බොරු කියවෙනකොට නෙවෙයිලු; |
දඩෝරියාගේ
කැරම් ආසාව නිසා කීප දවසක්ම අපට එහාට යන්නට වුණා මතකය; කැරම් සෙල්ලම් කළාත් මතකය;
ඒ හැම විටෙකම පාහේ දීඝායුත්, දඩෝරියාත් එක පිලකටවී සෙල්ලම් කළ බව ඊටත් වැඩියෙන් මට
මතකය; සැමීත් ඒ දෙන්නාටම චියර් කරමින් ඔවුන් සමීපයෙන්ම හිටි බවත් මට තවම මතකය.
හංගන්නට
ඕනෑ නැත. ඒ දවස්වල මම කිසි විටෙකත් පරාජය බාර ගන්නට සූදානම් කෙනෙක් නොවීමි. අපේ
පිල පරාජය වෙද්දී මට ඉහිලුම් දුන්නේ නැත.
හැම විටම අපේ පිලට ඇතුළත් වුණේ කොරල සුන්දරීත් මාත්ය.
එදා
හොඳටම තරහෙන් හිටි මම දෙපිලකට බෙදෙන අයුරු ගැන වාදයකට පැටලුනෙමි.
“ඔයාලා හොඳටම අසාධාරණයි! අපි දෙන්නටම කැරම් බැහැයි කියමුකෝ.... එහෙනං ඔයාලා දෙන්නම
හැම වෙලේම එකට සෙල්ලම් කරන්නේ ඇයි... ඔයාලගෙන් කෙනෙකුයි අපෙන් එක්කෙනෙකුයි දාමුකෝ
එක පැත්තකට.....” මගේ යෝජනාවට දඩෝරියාවත්, දීඝායුවත් කැමති වුණේ නැත.
“දිගටම
පරදිනකොටද නිමල්ට ඔය ඔක්කොම මතක් වෙන්නේ?” දීඝායු ඇසුවේය.
සැමීත්
කට දැම්මේය. “නෑ නෑ. පොඩි මහත්තයා.... ඔය කියන්නේ නිමල් මහත්තයටත් ඔයාගේ පැත්තට
ඇවිත් සෙල්ලම් කරන්න ඕනි කියන එකනෙ!”
මිනිසුන්ට
වඩාත් තරහ යන්නේ තමන් ගැන බොරු කියවෙනකොට නෙවෙයිලු; සත්තක ඇත්ත කියවෙන විටදීලු.
එදා නම් මටත් වුණේ ඒකය.
දිනුවත්, පැරදුණත් ඒ දෙකම සතුටෙන් දරා ගන්නට තිබුණි; දීඝායුත් මාත් එක පිලක හිටියා
නම්!
ඒ සත්‍යය සැමීගේ මුවෙන් පිට වෙද්දී, මට දැනුණේ උස්සලා පොළොවේ ගහනවා වගෙය.
මොළයේ සන්නිවේදන ජාලා සියල්ලම ඒවායේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වුණා..... |
ඊළඟ
තත්ත්පර කිහිපයේදී මගේ මොළයේ සන්නිවේදන ජාලා සියල්ලම ඒවායේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක
වුණා විය යුතුය. කලින් වතාවේදී වගේ හදිසි වෙන එක මොට්ටකමකි.
-බණ්ඩාරවෙලදී දීඝායු කරපු උදව්ව මතකද? වැරැද්දක් කළාය කියලා නිස්කාරණේ තමන්ගේ නම
නරක් වෙද්දීත් එයා සද්ද නැතිව හිටියා නේද.... වෙන කවුද උඹට එහෙම දෙයක් කරල තියෙන්නේ...
-මතක නැද්ද, පුංචි කෝච්චියේ එද්දී කිසි හැංගිල්ලක් නැතිව අනිත් අයටත් කියලම උඹව ඉඹ
ගත්තු හැටි...
ඔව්!
ඒ කරුණු දෙක මත විතරක් වුවද දීඝායුගේ මිත්‍රත්වය ආරක්ෂා කර ගන්නට වටියි! මගේ හිතත් මුර ගෑවේය.
එසේම මගේ ආඩම්බරයටත් පලුද්දක් වෙන්නට නොදී, එය බේරා ගත යුතු වෙයි!!
මම
නැඟිට්ටෙමි. මගේ මුවෙන් වචන පිට වෙන්නටත් කලින් නේත්තරාවලින් කඳුළු බේරෙන්නට පටන්
ගෙනය.
“කෙහෙල්මල්
කැරමක් හින්දා මට ඔයා එක්ක රණ්ඩු වෙන්නවත් තරහ වෙන්නවත් ඕනි නෑ දීඝ.... අපි ඒ කතාව
මෙතැනින් ඉවර කරමු....
හැබැයි මම පණ පිටින් ඉන්නකල් ආයෙ කවදාවත් කැරම් බෝඩ් එකකට අතවත් තියන්නෙ නෑ නෑ
නෑමයි! එච්චරයි!!”
ඉන්පසු
බොහෝ අවස්ථාවන්වලදී කැරම් සෙල්ලම් කරන්නට එන්නැයි මට අනන්තවත් ඇරයුම් කෙරී තිබේ.
විශේෂයෙන් තිදෙනෙකු විතරක් ඉන්නා විටෙක....
“තමුසෙට අඬ ගහන්නේ හතර දෙනෙක් වෙන්න තව එකෙක් මෙතැන නැති හින්දා...” එහෙම තියා
කොහොම කිව්වත්, මේ තාක් කාලයකට මගේ හිත වෙනස්වී නැත. අවුරුදු පනහකටත් වඩා කාලයක්
සුරැකි පොරොන්දුවක් මගේ ඉතිරි සුළු ජීවිත කාලයේදී නම් කඩ නොකෙරෙනු ඇත.
එසේ
වනු ඇත්තේ අපට ජානවලින්ම උරුමවී ඇති දඩබ්බර ගතිය හින්දාය.පව් විකිණීමට අකමැති නිසා....
ලොකු නංගී; පුෂ්පා අපේ ආච්චී හා දබර කරගෙන
‘බ්‍රහ්ම
දණ්ඩය’ පනවාගෙන හිටි හැටි මම කලින් කිව්වෙමි. සමන්ති නංගීගේ යකඩ ගතිය
ගැනත්
නොබෝදා කීවෙමි.
මා ගැනත් කිව යුත්තේ ඒ ටිකමය.
රාජකාරි
කිරීමේදී පමණක් නොව ජීවත් වීමෙහිදීද මට මගේම නීති තිබේ. බොරු නොකීම ඊට හොඳම උදාහරණයයි. (මා බොරු
නොකියන්නේ බියගුල්ලෙකු වීමට ඇති අකමැත්ත නිසා මිස සුචරිතවත් වීමට නොවේ.)
මෑත දිනෙක කමෙන්ටුවකදීත් සිහිපත් කළ පරිද්දෙන්ම සාහසික අයුරින් ‘මීන සංහාරය’ක නියැලුණාට පසුව මා මාළු බාන්නට
ගිහින් නැත.
මගේ පව් අනුන්ට විකිණීමට අකමැති නිසාය සම්පූර්ණ සත්ත්ව ඝාතන පාපයම මා පිටම
පැටවෙනසේ, ‘සැවුළු සංහාරය’ක යෙදී
අඩ
සියයක් විතර කුකුළන්ගේ බෙලි කැපුවේ!
මේවා
නැවත- නැවතත් මතක් කරන්නේ නිකම්ම නොවේ. මොන තරම් නසරානි වැඩ කළත් මා ඒවා කළේ ‘මගේම
නීති-රීති සමුදායකට යටත්ව’ බව තහවුරු කරන්නටය.
පැටි වයසේදීම මා ඉගෙනගත් හැටියට ‘හොරෙකුට වුණත් ප්‍රතිපත්තියක් තිබිය
යුතුය’.
ඉතිං... එවන් පසුබිමක සිටි මගේ උමතු ආදර කතාවක ඊළඟ කොටස ඉක්මනින්ම ලියනතුරු, ඔබෙනුත් වටිනා උදව්වක් ඉල්ලමි!
බ්ලොග් ලියන අප වෙනුවෙන් ඒ අගනා සහාය දිය හැක්කේ හිතාදර පාඨක ඔබ වැනි උදවියටම පමණකි!
++++++++ ආවා කියන්න වැට. කියවන්නෙ, බත් කාල රෑට. ආයෙ එන්නම්.😊
ReplyDeleteහොඳා හොඳා බකුසුතුමෝ. මං මේ කල්පනා කොළේ වැට පරිණාමය වෙන විදිහ ගැන.
Deleteහ්ම්ම්... අද කොටහ ගැන නං කියන්ට වචන නෑ. පංකාදුයි..
ReplyDeleteදැං එතෝට ඇත්තටම අද වෙනකං එදා ඉදල කැරමක් ගහල නැද්ද..
සැක්කේ..
ඊට වඩා නාකද දීගායුවට යන්න කිව්ව නං 😃😃😃
මේ තියෙන්නෙත් කැරම් කතාවක්
http://awidda-paya.blogspot.com/2021/10/blog-post_9.html?
මහේෂ්, ඔන්න දැනුයි සුදීක නමෙන් 'ඇවිද්ද පය' ලියන්නේ ඔයයි කියලා දැන ගත්තේ.
Deleteඑහාට ගිහින් කැරම් පෝස්ටුව කියවලා, බෙන්තොට පැරැණි කට්ටියක් ගැනත් ප්‍රශ්නයක් තියලා ඇවිත් තමා මේ ටික ලියන්නේ.
පලවෙනි ප්‍රශ්නයට තනි වචනෙකින් උත්තර දෙතාකි. නෑ!
විස්තරත් කිව්වොත්- අපේ තාත්තා අපිට උගන්නලා තියෙන්නේ 'අම්මව දෙනවයි කිව්වොත් පුතේ, තාත්තව ගස් බැඳලා හරි දීපන් පුතේ' කියලයි.
මං මගේ වචනයක් දුන්නොත් ඒක රකින්න පුරුදු වෙලා හිටි නිසාමයි 1971දී ගෙදරින් පැනලා ගියෙත්.
ඉන්නකෝ, ඒ විස්තර තියෙන links දෙකක් දෙන්න.
http://nidigepanchathanthare.blogspot.com/2018/11/blog-post_25.html
http://nidigepanchathanthare.blogspot.com/2019/05/blog-post_28.html
නෑනෑ. ඒක ලියන්නෙ මම නෙවී. ඒක ලියන්නෙ අපිට වඩා ජේෂ්ඨ බ්ලොග් කරුවෙක් වන සුදිකම තමයි. 😃😃
Deleteමේ මගෙ බ්ලොග් එක.
awanhala.blogspot.com
ලිංකු දෙකත් පෙරලල එන්නංකොා😃😃
යහපති!
Deleteඊළඟ පාර එනකොට නිදි ලගේ ගෙදරට කැරම් බෝඩ් එකක් අරන් ඇවිත් කැරම් ගහල යන්න ඕනේ
Deleteඒකට මොකෝ, කලින් සැරේ අජිත්ලා අපෙ දිහා ඇවිත් මදුවිතත් ඇතිව සතුටු වෙද්දී මාත් සතුටු වුණේ, නොබී ඉන්න ගමන්.
Deleteහ්ම්ම්... කතාව කියවාගෙන අගට ආවම, එතන තිබුණු රෝසමල දැකල එහෙම්පිටිම්ම හිතේ තිබුණු දේවල්ටික වෙනස් වුණා. ඇත්තටම ඒක නම් බොහොම අගෙයි නිදි. බ්ලොග් ප්‍රවර්ධනයට ගත්ත ඒ උත්සාහය මාර ම දෙයක්...
ReplyDeleteස්තුතියි ඩ්රැකී, ඒ වගේ ප්‍රවර්ධන සටහන් මේ මාසය පුරාවටම ලිපිවල අගට දාන්නයි හිතාගෙන ඉන්නේ. එකක් බ්ලොග් කියවන්නන් වැඩි කර ගැනීමේ උත්සාහය නිසා- අනෙක ඔක්තෝබරය කියවීමේ මාසය නිසා.
Deleteඒ උනාට හිතේ තිබුණු දේ කියන්ඩෙපැයි. දීඝ - නිදි ප්‍රේමය ගැන මම කවදාවත් ම කමෙන්ට් කරල නෑ. නමුත් ඒක හරිම අපූරු චමත්කාරජනක ප්‍රේම කතාවක්. නවකතාවක් ලියන්න සුදුසු ප්ලොට් එකක් තියෙනව කියල දැනෙනව.
ReplyDeleteඔක්කොම ලියලා ඉවර වුණාම තීරණේ කරමුකෝ, නේද?
Deleteකියෙව්වා. සුනිල්-මල්ලිකා කතාව ගැන නම් කනගාටු හිතුනා.
ReplyDeleteඩ්‍රැකී කිව්ව වගේ අර අගට දාලා තියෙන දැන්වීම නම් බොහොම හොඳයි නිදි.👌🙏😊
මල්ලිකා දසසිල් නොවුනත් දන්-පිං කළා. අසනීපය නිසා ගෙදරටම කොටුවී හිටි කාලේ ටෙලිෆෝන් එකෙන්ම කොච්චර පිං කලාද කිව්වොත්, මාසෙක ටෙලිෆෝන් බිල දහ-පහළොස් දාහක් වෙවී තිබ්බා. හැබැයි එයාට යතාර්තයට මුහුණ දෙන්න දහිරිය තිබ්බේ නෑ, බස්සෝ හුඟ දෙනෙකුට වගේ.
Deletehttps://www.advocate.com/arts-entertainment/art/2013/08/14/golden-age-denial-hercules-bisexual-demigod?pg=8
ReplyDeleteස්තුතියි Pra Jay මහත්තයෝ, දත්ත ගබඩාවට තවත් ටිකක් එකතු වුණා.
Deletehttps://www.psychmechanics.com/why-are-people-stubborn/#:~:text=Stubbornness%20is%20a%20personality%20trait,their%20own%20ideas%20and%20opinions.&text=A%20stubborn%20person%20has%20the,'t%20make%20me%E2%80%9D%20attitude.
ReplyDeletePra Jay, ඒ link එකටත් ගියා, කියෙව්වා.
DeleteStubborn people are rigidly attached to their beliefs, opinions, ideas, and tastes. ඒ කාරනේට නං එකඟයි. ඒත්..
... They can’t stand anyone disagreeing with them because disagreeing with them means disagreeing with who they are.
මාත් එහෙමද?
ස්ටබර්න් ඔක්කොම එකවගේ නෑ. ඔය සාමාන්‍යයෙන් විතරයි
Deleteඒක කල්පනාවට ආවේ දැන් මහත්තයෝ.
Deleteහොඳම කොටස- “මං දසසිල් වෙන්නෙ කොහොමද... මෙයා ඒ එක්කම වෙනින් කසාදයක් කර ගන්නවලුනෙ, ලොකූ.”
ReplyDeleteඅහලා තියෙනව නේද Jolene සිංදුව, Dolly Partonගෙ. "Jolene, Jolene, Jolene, Jolene-I'm begging of you please don't take my man". වාහනේ යනකොට ඒ සිංදුව රේඩියෝ එකේ ඇහුනොත් මම ඉක්මනට වොලියුම් අඩු කරනවා, තමන්ගෙ මනුස්සයව උදුරා ගන්න එපා කියලා කාන්තාවක් තවත් කාන්තාවකට ඔය තරම් බැගෑපත්වෙන්නෙ මොන විකාරයකටද කියලා හිතලා. නමුත් ඒ සිංදුවෙ ලස්සන හා සංවේදි තැනක් තියෙනවා "You could have your choice of men-But I could never love again-He's the only one for me". අන්න ඒ වගේ නිමල්ට දීඝායු ඒ දවස්වල He's the only one for me නේ! (මල්ලිකාට සුනිලුත් එහෙම වෙන්න ඇති).
නිමල්ගෙ ඉල්ලීම අනුව මම නමියාගෙ වීදිය බ්ලොග් එකට ගිහිල්ල කමෙන්ට් එකක් දැම්ම. බස්සගෙ බ්ලොග් එක හරහා ගියෙ.
ස්තුතියි Lotus.
Deleteමගේ කෝණයෙන් බලද්දී මල්ලිකා ලැබෙන දෙයකින් සතුටු වෙන ගතිය ටිකක් මදි, තන්හාබර කෙනෙක්. මම හිතන විදිහට එයා පිං කළෙත් දිවිය ලෝකේ ලොකු කෑල්ලක් අල්ලා ගන්න.
ඔයාත් films බලන නිසා කියන්නේ, දවස් දෙක තුනකට කලින් මං බැලුවා Kalank කියලා හින්දි film එකක්. ඒකෙ කතාව ගෙතෙන්නෙ පිළිකාවෙන් මියෙන්නට සිටින බිරියක්, මැරෙන්නට කලින්ම තමන්ගේ සැමියාට සුදුසු තවත් බිරියක් සොයා ගන්නට කරන වෑයමකින්. මධුරි ඩික්සිතුත් එහි වැදගත් චරිතයක් රඟපානවා. ඒක බලද්දී නං පුදුමත් හිතුණා- එච්චර පරාර්ථකාමී ආදරයක් තිබිය හැකිද කියලත්.
// අන්න ඒ වගේ නිමල්ට දීඝායු ඒ දවස්වල He's the only one for me නේ!// එකඟයි Lotus!
මං එහෙම හිතන අතරේ, 'මමත් ඔහුට පමණක් වෙමි!'කියලා නොහිතුව එකයි වැරැද්ද.
මගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ගැන ගොඩක් සතුටුයි!
https://balunakuta.blogspot.com/
ReplyDeleteස්තූතියි ප්‍රාජේ සෑර්. අලුත් පෝස්ට් එකක් ලිව්වා.😊
Deleteමේ නිදි මහත්තයො. මාවත් එල්ලනවද, බොග් රෝලෙ? 😂
Pra Jay මහත්තයෝ, බල අකුට බලලා මෙන්න මෙහෙම කවියකුත් කොටලා ආවේ.
Deleteකුක්කුර ගති අගෙයි අපෙ මිනිසුන් වගෙද
වලිගෙ ඇදේ තිබ්බම මක් වෙනවාද
ටොමියා ලියන්නේ කොයි කාලෙක හිටද
රචනය මල් හතයි තව-තව තියෙනවද?
බස්සා මහත්තයෝ, බ්ලොග් රෝලය කිව්වේ මගේ site එකේ 'මට උදව් කරන අය' යටතේ තියෙන ටිකට නේද? එතැන නං ඔයා ඉන්නවා. ළඟකදී එතැනින් වැඩ නොකරන links කීපයක් ඉවත් කෙරෙව්වා. එදා ඉඳල එක සැරේම පෙන්වන්නේ ටිකයි. Show all එබුවාමයි සේරම් පෙන්වන්නේ. ඉස්සර ඒ තත්ත්වේ තිබ්බේ නෑ, හදා ගන්න උපදෙසක් දෙනවා නං මල්!
Deleteඉස්සර තිබ්බ ඔක්කොම පෙන්නන එක දැන් අයින් කරලා, නිදි. ඒත් උපරිම 10 පේන්න නං හදා ගත්තෑකි.
Deleteසෙටිං වල layout---> "මට උදව් කරන අය" ගැජට් එකේ, "Edit" එබුවාම බොක්ස් එකක් එනවා.
එතන තියනවා,"Show blogs" කියල එකක්. අන්න ඒකෙන් උපරිම 10 සිලෙක්ට් කලෑකි. තව ඊට උඩින් තියන කොටසේ මම නං "Most recently updated" තමයි සිලෙක්ට් කරන්නෙ. එතකොට අලුත් පෝස්ට් උඩින්ම එනවා.
ඒ ටික කරලා, මතක ඇතුව "save" ඔබන්න ඕනෙ. හරියට කලාම බොක්ස් එක ඉබේ වැහෙනවා. ඊළඟට පිටුවෙ පහල දකුණු කෙරවලේ තියෙන "ඩිස්කට්" අයිකන් එක එබුවා හරි.
තේරුනා නේද, දෙතැනක "Save" කරන්න තියෙනවා.
තේරුණා, ලෙසටම ලියා තිබුණු නිසා.
Deleteඋපදෙස් අනුවම වැඩේ කලා, අවුලක් නෑ. ගොඩාක් ස්තුතියි බස්සා මහත්තයෝ, හැරෙන තැපෑලෙන්ම උත්තර දුන්නාට.
👌🙏😊
Deleteමීට කලින් දැනගෙන හිටියෙ හයසින්ත් විජේරත්න මහත්මිය ගැන විතරයි. අලුත් යමක් කියාදුන්නාට ස්තූතියි.
ReplyDeleteචමී, හයසින්ත් මහත්මියත් ආගමික ජීවිතයකද හිටියේ?
Deleteඒගැන කියන්න නම් දන්නේ නෑ. ඇය නිලියක් බව පමනයි දන්නේ. මෑතකදී ඇය රිය අනතුරකින් මියගිය බව පත්තරවලින් දැනගත්තා.
Deleteචමී, මොකද මොට්ට මං පොට පටලවාගෙන කියලා නොකිව්වේ. මං හිතුවේ හයසින්ත් මහත්මියත් අපෙ මල්ලිකා වගේ උපාසිකාවක්ය කිව්වා කියලයි. පස්සේ මීටර් වුණේ, ඔයා අදහස් කළේ හයසින්ත් මල ගැන කියල!
Deleteආව පොත මාක් කොරා . පසුව කියවන්ටම්
ReplyDeleteහොඳා නමී!
Deleteමේ හැලප කඩේ ආයෙ ඇරලා. ගිහින් හැලපයක් කොටාබෑව නං.😊
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තූතියි ප්‍රාජේ මහත්තයා.🙏😊
Deleteඅලුත් පෝස්ට් එකක් ලිව්වා. ඒ පැත්තෙ එන්න,ඈ?
https://balunakuta.blogspot.com/2021/10/blog-post_11.html
මේ නිදි මහත්තයා මාවත් එල්ලනවද රෝලෙ.
https://balunakuta.blogspot.com
හැලප කඩේට ගොඩ වැදුණා ඊයේ. මඟුල අපටත් කියයිද කියලයි බලං ඉන්නේ.
Deleteටොමී, එල්ලුවා දන්නා විදිහට වලි කාලා. හරිද බලන්නොනි.
ටොමියගේ වාසනාව, වැඩේ හරි ගිහින්!
Deleteඅල වගේද ගෝවා කීවලු, ඔය ඉන්නෙ බැබලි බැබලි. ස්තූතියි නිදි.🙏👌😊
Deleteසන්තෝසයි! ටොමී, ඒකෙ පරණ ව්ස්තර එහෙම කොහේද තියෙන්නේ?
Deleteමම දැන් "මම ලියපු ලිපි" කියල වෙනස් කලා. කලින් ලිපි ලිව්වෙ නෑ, නිදි.😂🤣
Deleteමදැයි... දැන් ඉතිං මහත්තයෝ කොටි වලිගෙ අල්ලා ගත්තා වගේ තමා.
Deleteනිදි... අනේ මන්ද මොනවා කියන්නද කියල. මන් සිතිවිලි ගොඩක පැටලිලා
ReplyDeleteමට හිතා ගත්තහැකි, නමී. සමහර වෙලාවට මාත් ඔහොම පැටලෙනවා, ඒකයි.
Deleteඒත් දිගටම කියවන්න එනවනේ.
නැතුව නිදි...........
Deleteදසසිල් වෙන්න කලියෙන් එහෙම තමා. බුදුන් දවස කිසාගෝතමී රෙදි නැතිව දිව්වෙ පස්සෙන් පහු කී දෙනෙක්ට පාර පෙන්නුවද
ReplyDeleteඉතිං ඉතිං.... නවකතාව නම් තවම කියවන්න ගත්තේ නෑ මහත්තයෝ.
Deleteඒ කට මක් වෙනවද. මේ comment ගොඩේ යන ඇසුරත් මසුරන් නෙව
Deleteඅපරාදේ ලංකාවට karram champion කෙනෙක් නැති උනේ
ReplyDeleteසත්තකට? විජේබාහු මහත්තයෝ, මං හනික මේ හීනිම හීනි මුරුංගා අත්තෙන් බහින්නෙයි, ජිරි-බිරි ගාන සද්දයක් එනවා.
DeleteThis comment has been removed by the author.
Deleteපළ්වෙනි පොස්ට් එක නොකියවා කමෙන්ට් කරන්නේ. හිත ගිය තැන මාලිගා කියනවලු නේ. ඔහොම දේවල් සමාජයේ ඕනෑතරම් තියෙනවා.
ReplyDeleteස්තුතියි සුදීක!
Deletehttps://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html
ReplyDeleteමේ පැත්තත් බැලුව නං
https://kalplanthaya.wordpress.com/2021/10/11/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%83-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f/comment-page-1/#comment-84
Deleteගියා.🙏👌😊
Deleteනියමයි. එහෙම පිටින්ම සිංදු කටුගෙයක්, වටිනා වැඩක්.
ප්‍රාජේ දීලා තියෙන එකටත් ගියා, ඉතිහාස කතා, කවි වගේ ඒව තියෙනවා. ඒත් "වදන්-ඔබන්" බ්ලොග් එකේ, නැවිගේට් කරන්න ගියාම නං, ආතල් කැඩෙනවා.😒
Deleteතව එකක්
Deletehttps://dayawee2.blogspot.com/2021/10/blog-post.html
එකත් හරි.🙏😊
Deleteස්තුතියි මහේෂ්!
Deleteබස්සා කියලා තියෙනවා හරියටම හරි. සිංදු කටු ගෙයක් නේන්නං.
ඔන්න මගෙන් කෙරෙන්න ඕනි යුතුකම උපරිමයෙන් ඉටු කළා!
Pra Jay මහතා දුන්නු link එකට ගියත් කමෙන්ට් කරන්න ගියාම බැරි වුණා. කණ්ඩාගේ කොලමටත් ඒ වැඩේමයි වෙන්නේ..
Deleteමහේෂ්, දෙවෙනි link එකට ගියා. දැන් එහෙ බුක් මාර්ක් කරගෙන ඉන්නේ, නොත්‍රදාමයේ කතන්දරේ කියවන්න ගිය වෙලාවේ.
//මිනිසුන්ට වඩාත් තරහ යන්නේ තමන් ගැන බොරු කියවෙනකොට නෙවෙයිලු; සත්තක ඇත්ත කියවෙන විටදීලු. එදා නම් මටත් වුණේ ඒකය.// වෙන්න බෑ බං . මම නම ඇත්ත කියන්න බැරිනම් සද්ද නැතිව ඉනන්ව. කවුරුහරි බොරු කියනකොට අම්බානක තද වෙනවා.
ReplyDeleteමම කිව්වේ වැඩි දෙනෙකුගේ විදිහයි, මට වුණත් දැන් කවුරු හරි මගේ ගැන ඇත්තම ඇත්ත කියද්දී විතරක් නෙවෙයි, බොරු කියද්දී වුණත් තරහ යන්නෙම නැති තරං...... අජිත්. හැබැයි එහෙම නොවෙන වෙලාවල් තියෙනවාත් එක්ක.
ReplyDeleteහ්ම්.. ආදරේ ගැන කතා කොරන එකේ මගේ එකටත් අදහසක් දෙන්නකෝ නිදි.... https://namiyageweediya.blogspot.com/2021/10/blog-post_18.html
Deleteමගේ අදහස නං නමී අපි කරපු දේවල් ඒ ඒ යුගෙට- ඒ ඒ වයසට- ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහටයි වෙන්නේ කියන එකයි. ඉතිං මොකටද ඒ ගැන ලියන්න ටිකක්වත් අදි-මදි කරන්නේ? කීයටවත් ලියපු දේවල් අයින් කරන්න එපා- කල් ගිහිල්ලවත්.
Deleteඑහෙදී මං ඔය ටික ලිව්වේ නෑ. මේ කවි දෙක විතරයි ලිව්වේ.
පිවිතුරු හැඟුම් උපදින විට කුළුඳුල් ව
සටහන් වෙයි හදේ 'ගල කෙටු අකුරක්'ව
අගෙයි නමියො ඒවා ගැන එක ලිව්ව
හිනා වෙන්න කියහං මිතුරන්ට තව!
බොළඳ නොමැති ආදරයක කොහෙද රහක්
එහෙව් දේට සම්මතයෙන් නොමැත වැඩක්
තනියම පෙම් කළත් ඒකත් ආදරයක්
පස්සේ හිතනකොට වගෙයිනෙ මහාමෙරක්
නෑ නිදි මන් කැමති නෑ එක මාව දන්න අය දැන ගන්නවට. ඔයාගෙත් එහෙම සිදුවීම් ඇතිනෙ. ඒකයි අයින් කරනවා කීවේ පස්සෙ පහු.
Deleteනිදිගෙ කවි හැකියාව මටත් තිබුණ නම්...
නමී, මම මගේ අදහස කිව්වා විතරයි. හිතා බලලා, ඔයා කරන්න ඕනි ඔයාට හිතෙන දේ. මම නං එහෙමයි.
Deleteකවි ලියන එක අභ්‍යාසයෙන් පුරුදු කර ගන්න පුළුවන් බවයි මගේ අත්දැකීම. මුලින් වෙලාව යනවා. පස්සේ සිම්පල්.
හ්ම්... එහෙමද නිදි. /ඔව් ඉතින් හැමෝටම ඉපදුනු ගමන් ඇවිදින්න පුළුවන් ඈ නෙ.. ස්තූතියි ඔත්තුවට
Deleteළඟදීම නමීගේ කවියක් දකින්නට ලැබේවා!
Deleteහ්ම්.... බලමුකෝ නෙ.
Delete