li Item

Tuesday, August 17, 2021

දාහතර වෙද්දී... - නවවෙනි කොටස

ඒ පළාත්වල ජන ජීවිතත් වෙනස් වෙලාය! 

“අයියෝ! අරී ෂෝක්.... නිමාල්... ඔයා princess කෙනෙක් වෙන්න යනවා..... අරි ලස්සනට හිටියි..... අපි full සපෝර්ට් දෙනවා.... අපේ ඔක්කොම ෂෝල්ස් දෙන්නං....” මුස්ලිම් සිසුවියෝ රොත්තක්ම කීහ.

“එච්චර විතරක් නෙවෙයි නිමාල්.... ඔයාලගේ ලන්ග make-up බඩු මොකුත් නැහැනෙ... කමාක් නැද්ද අපි එදාට ඔයාලව මේකප් කරලා දුන්නට?”

ගොරක යකාගෙන් ‘මල්ලට දෙමල්ලක් දෙන්නද’ කියලා ඇහුවා වගේ වැඩකි ඒ.
“කවුද දන්නෙ, ඔයාලා ඒවා මෙහාටත් ගෙනත් තියනවයි කියලා.... කොච්චර එකක්ද, එහෙම උදව්වක් හම්බ වෙනවා නං.... එහෙනං, ඔන්න ඔයාලට බාරයි, අපිට මේකප් දාන ජොබ් එක!”

ඒ සිසුවියන් අත්පොඩිත් තලලාය, මගේ උත්තරය බාර ගත්තේ!
තේ ෆැක්ටරිය බලන අතරෙත් ඒ කෙල්ලන් අප ළඟම දැවටෙමින්තොරතෝංචියක් නැතිව ඇහුවේ කරන්නට සැරසෙන නාට්‍යය ගැන විස්තරය; නළු-නිළියන් ගැන විස්තරය...... 

තේ ෆැක්ටරිය බලනවාටත් වැඩියෙන් මට කරන්නට වුණේ, අර මුස්ලිම් යුවතියන්ට උත්තර බඳිමින් ඉන්න එකය.

මගේ මතකය නිවැරදි නම්, එදාම හෝ ඊට පසුවදා හෝ අපි දිය ඇල්ලක් බලන්නටත් ගියෙමු. (රාවණා ඇල්ල වගෙය මතක. ඒ කාලයේ ඒ තැන්වලට ගිය කෙනෙකුට වුණත් දැන් ඒ තැන්වලට ගියාට හඳුනා ගන්නට බැරි තරම්ය. විශේෂයෙන්ම යන්නට තිබුණු මං-මාවත්.

එදා නම් අපට පා ගමනින් සෑහෙන දුරක් යන්නට තිබිණි. 

-සංචාරයේ යෙදෙන්නන් වැඩි වීම නිසා; ඒ ඒ පළාත් පාලන ආයතනවලට ආදායම් ලබා ගන්නට හැකි බැවින්, මෙවැනි තැන්- ඒවාට යනෙන පාරවල් හෙම සංවර්ධනය කෙරිලාය. ඒ නිසාම ඒ පළාත්වල ජන ජීවිතත් වෙනස් වෙලාය.)
මොක වුණත්, එදා නම් අපට පා ගමනින් සෑහෙන දුරක් යන්නට තිබිණි.

“ළමයි, මේ දිය ඇල්ල බලන්න යන්න plan කරලා තිබ්බ නිසා අපි මෙහෙට ආවා තමයි. ඒත්, ඔයාලටත් පේනවානේ.... කවුද මිනිස්සු වගයක් මේ හරියේ මානා පඳුරුවලට ගිනි තියලා. ඒ නිසා එතනට යනවා නං යන්න වෙන්නේ දැලි නාගෙන. ඒ හින්දා....”
සංවිධායක මණ්ඩලයේ මහත්මයෙක් කියන්නට පටන් ගත්තේය. ඒත් එයාට ඒ කතාව ඉවර කර ගන්නට බැරි වුණේය.
එන පොට හොඳ නැති බව කාටත් පෙනිලාය.
සිසුන් අතරින් මුණු-මුණුවක් නැඟුණේය.
ඊළඟ විනාඩියෙදී එය මහ කරච්චල්කාරී ඝෝෂාවක් වුණේය.

“අනේ සර්- අපි යන්නං- සර්ලානේ දැලි ගෑවෙනවට බය. අපේ දැලි ගෑවුණට කමක් නෑ- යන්න බැරි නං සර්ලා ඉන්න- අපිට ඇල්ල බලන්න ඕනෑ.”
එදා අපේ කෑගැසීම අද වාගේ සංවිධානාත්මකව කෙරුණු උද්ඝෝෂණයක් නොවිණි. හැම කෙනාටම ඕනෑවී තිබුණේ මොකක් හෝ කියන්නටය. එහෙම එක-එක්කෙනා එක-එක දේවල් කියන්නට වුණායින් සද්දෙ තවත් වැඩි විය.

‘සන්සුන් වෙන්නැ’යි......
‘මොකා කිව්වත් අපි කරන්නේ අපට ඕනි දේ’ කියලා එදා අපේ සර්ලා ඔළුව උදුම්මවාගෙන කිව්වේ නැත.

අද නම් එහෙම නොවේ. සෑහෙන දෙනෙකු තදබල සීමා පනවන්නැයි කියද්දීත්, ‘රට වහන්නේ නෑ’ කිය-කියා හොරගල් අහුලමින් හිටි ආණ්ඩුව ‘16 සඳුදා සිට රාත්‍රී ඇඳිරි නීතියත්- 17 අඟහරුවාදා සිට මංගල උත්සව පැවැත්වීම එහෙමත් තහනම් කරලාය. (මේවා කොටන්නේ 2021.8.16 උදෙන්ය.)
‘කබරාල් පුතාගෙ මඟුල සඳුදා. ඒකයි තහනං කෙරිල්ල මෙච්චර කල් පරක්කු කළේ!’කියලා fb එකේ හැච්චෝ-බැච්චෝ  කියන කතාවල ඇත්තක් තියෙනවා වෙන්නට බැරිය.
රට කරවන ඇත්තන් එච්චරට මෝඩයන් වෙන්නට කොහෙත්ම ඉඩක් නැත.

අපේ ඝෝෂාව අස්සෙම සංවිධායක මණ්ඩලයේ කට්ටියත්, ගුරුවරුන් හා ගුරුවරියන් කට්ටියත් හදිසියෙන්ම එකතුවී කතා කරනවා පෙනිණි. අන්තිමේදී ...

සර් කෙනෙක් අත් දෙකම උස්සලා ‘සන්සුන් වෙන්නැ’යි අපට සන් කළේය. එයා අත් ඔසවලාත් විනාඩි ගණනාවක් යන තුරුම සද්දෙ තිබ්බේය. ළමුන් නිහඬ වුණාමය සර්ලා කතා කළේ.

“ළමයි, එහෙනං මෙහෙම කරමු!
දැලි නාගෙන හරි දිය ඇල්ල බලන්න යන්න කැමති අයට මේ සර්ලා කීප දෙනා එක්ක එහාට යන්න පුළුවන්.
අපේ සර්ලා- ටීචර්ලා ඔක්කොම ඔයාලත් එක්ක එහාට යන්න එන්නෙ නෑ. ඒ නිසා එහාට යන අය වෙනදටත් වඩා කීකරුව, සංවරව යන්න ඕනෑ. යන්න අකමැති ළමයින්ට නොයා ඉන්නත් අවසර ලැබෙනවා, ආචාර්ය මණ්ඩලයෙන් පිරිසක් එක්ක....”

මං කලිනුත් මෙහාට ඇවිත් තියෙනවා.... අදත් යන්නෙ තමුසෙලව විතරක්...

එහෙම කරන්නට ගියාම සෑහෙන සිසු-සිසුවියන් පිරිසක් ගමන් යාමේ අදහස අත්හැර දමනු ඇතැයි එයාලා හිතන්නට ඇත. නමුත්, අපේ කොල්ලො-කෙල්ලො 150න් එක්කෙනෙකුටවත් නැවතී සිටින්නට උවමනා වුණේ නැත.

ඒ නිසා සර්ලා සේරටම අපත් එක්ක යන්නට වුණේය.
ගුරුවරියෝ කිහිප දෙනෙක් විතරක් අතරමඟ නතර වූහ. (ගුරු මහත්මීන් සියලු දෙනාම ඇඳගෙන හිටියේ සාරි- ඔසරි බව මතක් වෙද්දී, එදා ඔවුන් පස්ස ගැහීම ගැන යමක් වටහා ගත හැකිය.)

“මං කලිනුත් මෙහාට ඇවිත් තියෙනවා.... අදත් යන්නෙ තමුසෙලව විතරක් යවලා බැරි නිසා. කොල්ලන්ගේ විසේ වැඩිනේ.... නැත්තං මාත් නවතිනවා.” ආනන්දයියා අපට කිව්වේ ඇල්ලට යන අතරමඟදීය.

දැලි නාගෙන පා ගමනින් යන අතරේය, දීඝායුත් මට කතා කළේ.

“නිමල්, මං අහන්නමයි හිටියේ... ඔයාට හොඳටම විශ්වාසයිද, අර මුස්ලිම් ළමයි එයාලගේ ඇඳුම් අපට දෙයි කියලා... නොදුන්නොත්?”

“මුල ඉඳලාම මං ඕක ගණන් තියාගෙන හිටියෙ දීඝ. බලන්නකො, ආගම වෙනස් වුණාට ඒ ළමයි අපට කොච්චර හිතවත්ද කියලා. බලන්නකො, මරදානෙන් ආව හින්දම වසන්තලාට වුණත් කොච්චර සලකනවද කියලා... එයාලගෙන් එහෙම ඇඳුම් ඉල්ලගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබුණෙ නැති නං, මං රජ කතාවක් තෝර ගන්නෙත් නෑ.” මම කීවෙමි.

නාවින්නේ ලියනෝරිස් මාමලාගේ වෙසක්- පොසොන් නාට්‍ය විතරක් නරඹා තිබුණු, අපේ ඉස්කෝලේ සත්‍යවාන්- සාවිත්‍රී’ විතරක් බලලා තිබුණු අත්දැකීම්ය මට තිබ්බේ. එව්වායේ රජවරුන්- රැජිනියන් විතරක් නොවේ රාජ සේවක-සේවිකාවන් පවා ඇඳගෙන හිටියේ ‘රජ ඇඳුම්’ය. දිලිසෙන අබරණ හා රෙදි-පෙරෙදිය. එවැනි ‘ෂෝල්ස්’ සෑහෙන තරමක් ඒ සිසුවියන් අතර තිබුණු බව මට හොඳටෝම ‘මීටර්වී’ තිබිණි.
ඒවා ඉල්ලාගත හැකි වෙතියි විශ්වාසයකුත්....
 

එතකොට තමුසෙ හඳ අතට ගන්න පුළුවන්ය කියලා.....

‘විශ්වාසය කඳු සොලවයි’ ඒ කියමන මගේ හිතට තදින්ම කාවැදුණේ කවරදාදැයි නිච්චි නැතත් මගේ ජීවිතය පුරාම අනන්තවත් වාර ගණනාවක් එය අත්දැක ඇත්තෙමි. වරෙක ඒ ගැන මිතුරෙකුට කියද්දී, ඒ කුශාග්‍ර බුද්ධිමත් පඬිතුමා නුවණැති පැනයකුත් ඇසුවා මතකය.

“එතකොට තමුසෙ හඳ අතට ගන්න පුළුවන්ය කියලා විශ්වාස කළොත් ඒකත් සිද්ද වෙනවද?”
“ඒක කියන්නං, තමුන්නාන්සේ මේකට උත්තර දුන්නට පස්සේ.... මම මෝඩයි තමා. ඒත් ඔයා හිතනවද මම එච්චරටම මෝඩයෙක් කියලා.”

මගේ විශ්වාසය කඳු සොලවනවා වුණත් එය ‘භූමි කම්පාවක් තරම් බලවත් වෙතැ’යි මා සිතුවේ නැත.

බණ්ඩාරවෙල පුරහල් ශාලාවේ වේදිකාව පිටුපසදී කණ්නාඩියට එබුණු මම පුදුමයෙන් ගල් ගැසී ගියෙමි! බිම්බිසාර දේවියට හෝ එරන්දතියට හෝ වඩා සුන්දර පෙනුමෙන් යුතු රූමත් කුවේණියකි, කැඩපතේ හිටියේ.
එහෙම වුණේ අර මුසල්මානු ගෑනු ළමයින්ට පිං සිදු වෙන්නටය;
ඒ හපන්කම කළේ ඒ දැරිවියන් ටික එකතු වෙලාය; මාව ඔවුන්ගේ අත්අඩංගුවට අරගෙනය.
 

“නිමාල්, ඔයා රෙද්ද විතරක් ඇඳගෙන මෙතනිං වාඩි වෙන්න, ඉස්සෙල්ලා අනිත් කට්ටියට අන්දවලා.... ඊට පස්සේ අප්පි තමායි ඔයාව ප්‍රින්සස් කරවල ගන්නේ....” ඔවුහු නිවේදනය කළහ.

“ඇයි, අපි කළුද නංගි.... නිමල්ගේ රෙද්ද එයා ඇඳ ගත්තාවේ ඕනි නං. අපේ ඒවා ඔයාලම අපිට අන්දවන්නකො නංගිලා!” රණවකලා කිව්වත් ඒ යුවතියන් එහෙම කළේ නැත; පසුබෑවෝහ.
“No අයිඩියා! අප්පි drama බලල නේ... නිමාල් තමා ඔයියලට අන්දවන්න දන්නවා...” කියලාත් කටකාර එකියක් කීවාය.

රාජාට විතරක් කොට කලිසමට උඩින්....

විජය කුමාරයාත්, පිරිවරත්, මාත් අපේ කමිස ගලවා ඉවත් කළෙමු. කොට කලිසම් උඩින්මය රෙදි ඇන්දෙව්වේ. ගායක කණ්ඩායමට ඇන්දෙව්වේ පාට සරොම්ය. උඩට අත් නැති බැනියම්ය.

රාජාට විතරක් කොට කලිසමට උඩින් දිලිසෙන; වර්ණවත්- දුහුල් ෂෝල් එකක් ඇන්දෙව්වෙමි. පපුව හරහට තවත් දිලිසෙන ෂෝල් එකක්, ඉණ හරියෙන් හිටින විදිහට ගැට ගහලා.... පිරිවරට නම් අන්දවන්නට වුණේ දුහුල් සළු නොවේ. වැඩියෙන් තිබුණු කළු පරදාවන්ය.

“මාව විතරක් ලස්සන කරලා නං හරි යන්නෙ නෑ.... විජය කුමාරයාවයි, පිරිසේ කට්ටියයි දෙගොල්ලවත් මේකප් කරන්න ඕනි.” සේරම කෙල්ලන් එක පොකුරට මගේ වටේ රොක් වෙද්දී, මට කියන්නට සිදු විණි.

අනේ එදාට ආයෙමත් යන්නට හැකි නම්!
වනචරකමකට හෙම කියනවා නොවේ. එතරම්ම සුන්දර සහෝදරත්වයකි එදා නේපථ්යාගාරයේ තිබුණේ!
එතැන කොලු-කෙලි වෙනසක් තිබුණේ නැත; සිංහල- මුස්ලිම් ජාති භේද තිබුණේ නැත; ආගම් භේද තිබුණෙත් නැත; කොටින්ම නගරයේ ඉස්කෝල- ගමේ ඉස්කෝල... දුප්පත්- පොහොසත් කිසිම භේදයක් තිබුණේ නැත.

රණවකලා කොලුකමට කටේ-තොලේ නොගෑවී විහිළු-තහළුවෙන් කට කැඩුණු කතන්දර කිව්වත් හොඳටම අවිනීත නොවූහ! කෙල්ලොත් ඒවා සිනාවෙන් ඉවසුවා මිස තරහෙන් රවා බැලීමක්වත් නොකළහ.

මගේ ජීවිත කාලයටම එතරම් සොඳුරු වෙනත් දවසක් තිබිණැයි, මට සිහිපත් නොවේ!

“අයියයියෝ.... එක්කාක් ලොක්කුයි අප්පා!” 
කෙල්ලන්ගෙන් වැඩිම කිචි-කිචිය නැඟූණේ කුවේණියගේ ‘ළමැද හංසයන්’ හදන්නට ගිය තැනදීය.

කෙල්ලෝ අතින් කට වසාගෙන, හිකි-හිකි ගාමින් මට තනපටයක් බැන්දෝය. හිනාව පුපුරලා ගියේ එතුළට කඩදාසි ගුළි ඔබා බලමින් ඒවා සමාන කරද්දීය. “අයියයියෝ.... එක්කාක් ලොක්කුයි අප්පා!” එකියකට කියවුණාම නම් කොල්ලන් කට වහගෙන හිටියේ නැත.
“කාගෙද... කාගෙද එකක් ලොකු. දෙන්ඩකො අපිට. අපි ගාණට මිරිකලා පුංචි කරලා දෙන්නං...”

හැබැයි, ඔය සේරම කිව්වේ- කෙරුණේ තරමක් හෙමින්ය. අප- අප අතරේ විතරය. ගුරුවරුන්ට නෑසෙන්නටය.
කුවේණිගේ ළය මඬලින් පස්සේ හිසය.... මගේ ඔළුවට කළු රෙද්දක් ගැට ගසා දුහුල් සලුවකින් වේලයකුත් පලඳවන ලදී.
මට නම් මාල වළලුත් අඩු නැතිවම ලැබුණේය.

“මට මෙච්චර දාලා බෑ.... ඉස්සෙල්ලාම මේවායින් ලොකු මාලයක් විජය කුමාරයට දාමු. එයා prince කෙනෙක්නෙ. මේ පිරිවරේ කට්ටියටත් මාලෙ ගානෙවත් දාන්න පුළුවන් නං...” එය කරන්නට බැරි වුණේ සිසුවියන් ළඟ අරුමෝසම් මාල-වළලු තිබුණේ පොඩ්ඩක් බැවිනි.
එහෙත් ලිප්ස්ටික්, අයිබ්‍රෝ පැන්සල්, පවුඩර් ආදිය නම් මදි නොකියන්නම තිබුණේය.

“නිමලෝ, අපේ නාට්ටිය නිසා කාට හරි නොගියත් ආනන්ද සර්ට නං හරි යයි වගේ.” ඒ අස්සෙම කෙඳිරුමකි.

මං බැලුවේ හොරැහින්ය. ආනන්දයියා සිසුවියන් බාරව පැමිණි තරුණ ගුරුතුමියන් දෙන්නෙකු එක්ක ඇඟෑලුම් පාමින් කතාවකය. එයාලට අප කරන-කියන දේවල්වලින් වැඩක් නැති තරමය. අද වචනවලින් කියනවා නං ‘මල් කඩමිනි’ අපේ ආනන්ද සර්ලා හිටියේ..

ඇයි බං, මූ නියම බඩුවක් වගෙනෙ දැන්!

“ඒ xත්තවල් නෙවෙයි මචං, විජයට කණට දෙකක් දීලා මේ කුවේණිව කරුවල තැනකට ඇදගෙන යන්නයි මට හිතිල තියෙන්නේ.” රණවක ළඟින්ම හිටි අපේ ඉස්කෝලේ යහළුවෙකුට කිව්වේ මටත් ඇහෙන්නටය. “...ඇයි බං, මූ නියම බඩුවක් වගෙනෙ දැන්! මං fire වෙලා ඉන්නේ. නඟින්නෙ නැතිව තියෙයිද මචං....”
“අඩෝ හෙමිං! හෙමිං!! ලෙඩ දාගන්න එපා.....”

තවත් එතැන රැඳී සිටින්නට හිතක් නොවුණු නිසා, මම වේදිකාවේ අයිනකට ගියෙමි. ජාලරයකට හෝ මුවාවී ප්‍රේක්ෂකාගාරය දිහාවට බැල්මක් දාන්නට මට ඉඩක් ලැබුණේ ඒ වේලාවේය.
දෙයියනේ!
 
බණ්ඩාරවෙල පුරහල සෙනඟින් අතුරු-සිදුරු නැතිව පිරී ගිහින්ය. එතකොටත් පැවැත්වෙමින් තිබුණේ රැස්වීමය. එය අවසානයේය, විවිධ ප්‍රසංගය පැවැත්වෙනුයේ.

“අද නම් ඔයා හරිම ලස්සනයි!” කෙඳිරියකි. මම හැරී බැලුවෙමි. කාටවත්ම නෑසෙන්නට වගේ දීඝායු රහසින් මට කොඳුරයි! ඒ කෙඳිරිල්ල මා තව්තිසාවටම අරගෙන ගියේ කොහොමද? මට කිසිවක්ම හිතා ගන්නට; කියා ගන්නට බැරිව ගොළු වුණා මතකය.

“දැන් නං දුකත් හිතෙනවා නිමල්, රාජට නැතිව මටයි විජය කුමාරයා වෙන්න තිබ්බෙ කියලා.” එවෙලේ මගේ දෙනෙත් තෙත්ව තිබුණු බව දීඝායුට නොපෙන්වන්නට මම පරෙස්සම් වීමි.

විවිධ ප්‍රසංගයේ හොඳම අංගය වුණේ අපේ නාට්‍යයයි. ශාලාව ගිගුම් දෙවමින් නැඟුණු අත්පොළසන් නාදය ඒ බව කාටත් පැහැදිලි කොට කීවා වැනිය.

සාර්ථකත්වයේ ගෞරවයෙන් සෑහෙන කොටසක්...
“තමුසෙලා තිතට වැඩේ දුන්නා. මහරගමට හෙණ තැන...” ආනන්දයියා අපට කිව්වේ සතුට උතුරණ බව හංගන්නේ නැතිවමය. හැබැයි විද්‍යාකරේ අප විතරක් ඉන්නා තැනදීය.
අපේ සාර්ථකත්වයේ ගෞරවයෙන් සෑහෙන කොටසක් බුවෙනකබාවටත්, වසන්තලාගේ පාසලටත් දිය යුතු බව එයාට මතක් වුණ නිසා වෙන්නැති; එහෙම කළේ!

ඒ අතීත සැමරුම කොතරම් දුරට මගේ හිතට කිඳා බැස තිබුණේද යත්, යළිත් බණ්ඩාරවෙල පුරහලට ගොස් බැලීමේ ආශාවකින්, ඉතා දිගු කාලයක් තිස්සේ මම දැවෙමින් සිටියෙමි. ඊට අවුරුදු විස්සකටත් වැඩි කාලයකට පස්සේ සුමිතුරු WAL ප්‍රියන්ත, නෙවිල් අනුරසිරි ඇතුළු නඩයත් එක්කලා සංචාරයක ගිය අතරේ, යළිත් ඒ ශාලාවට ගිහින් බලන්නට මට ඉඩ ලැබිණි.
අනේ, එදා නම් තිබුණේ හරිහැටි නඩත්තු නොකෙරුණු, නොසලකා හැරුණු නගර ශාලාවකි!
 

“බට්ටො, ඉක්මනට නිඳා ගන්න වරෙන් බං.... මට නිඳිමතයි.”

උත්සවය හමාරවී සීවලී විද්‍යාලයීය ශාලාවට ගියාට පස්සේ, කලින්ම පැදුරේ හාන්සි වුණු රණවක මට අඬ ගැසුවේය. එතකොටත් වෙනදාට වඩා රෑ බෝවෙලාය. වසන්තලාගේ මිතුරනුත්, දීඝායුලාත්, මාත් සිටියේ විස්තර කතා කරමිනි. රණවකගේ කීම නොතකා, එයාට නින්ද යනතුරුම කතාබහේ නියැළී සිටි අපි මිතුරන්ට සමු දුන්නෙමු. අපිය කිව්වේ දීඝායුටත්, මටත්ය.

“දීඝ, අද මං ඔයාලා ළඟින් නිදා ගන්න එන්නද?” මගේ කෙඳිරුම...
“පිස්සුද නිමල්. නිකම් මොකටද ලෙඩ දාගන්නේ... ඔයාට බැනුම් අහන්න වෙයි උදේට.” දීඝායු ගහෙන් ගෙඩි එන්නා වගේ එක එල්ලේම කිව්වේය.

වරදවා වටහා නොගනු මැනවි! 

දීඝායුගේ ඒ දයා විරහිත උත්තරයෙන් මගේ හිත හොඳටම කඩා වැටුණේය. එවෙලේ මගේ හිත මොකක්දෝ ආගන්තුක හැඟීමකින් පිරී තිබුණේය. වරදවා වටහා නොගනු මැනවි. මා දීඝායු කෙරෙහිවූ ලිංගික ඇල්මකින් වෙළී හිටියා නොවේ. එහෙත් ඔහු අසලින්ම ඉන්නට; ඔහු හා දැවටෙන්නට; ඔහු හා ගැන්නෙන්නට මට අවශ්‍ය වී තිබිණි.

දීඝායුගේ පිළිතුරෙන් මසිතෙහි අමනාපයක් උපන්නේ එබැවිනි.

හිත පුදුමාකාරය! කෙනෙකුට; දෙයකට අපේ හිත බැඳෙන්නේ ඇයිදැයි කිසිදු න්‍යායයකට පැහැදිලි කළ හැකි වෙතියි මට නොසිතේ.
එහෙම කියන්නටත් මට අයිතියක් නැත. මා පරචිත්ත විඤ්ඤාණන ඥානය ඇත්තෙකු නොවේ. ඔව්! මට කිව හැක්කේ මගේ සිත ගැන සත්‍යය පමණි. ඒ ඒ අවස්ථාවල මගේ චිත්තය ක්‍රියා කළ ආකාරය ගැන පමණි.
බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයෙදී ඒ දිනවල දීඝායු කෙරෙහි මගේ සිතේ ඇතිවී තිබුණු ඒ ඇල්ම තවත් වසර ගණනාවක් යන තුරුම නොසිඳී තිබුණේය...
උතුරා යන තරමට බුබුළු දමමින් දිගටම පැවතුණේය....

ඇති වුණු ලෙසින්ම, ඒ උමතු ඇල්ම නැතිව ගියෙත් පුදුමාකාර විලසකිනි. හැබැයි, දිගු සිදුවීම් මාලාවකටම පසුවය; වසර ගණනාවකටම පසුවය. ඒවා....

‘නිමලෝ! හැඟීම්බර වෙන්න එපා. ලිහන්නට තියෙන මල්ල ඔබ-ඔබා ඉන්නත් එපා.’
“Yes Sir!” මම මගේම යටි හිතට උත්තර දී, අතීතයට; විවිධ ප්‍රසංගය තිබුණු දවසේ රාත්‍රියට යළිත් යන්නෙමි.

මම නිහඬවම පැදුරු පේළියේ පළමුවෙනි පැදුරට ගියෙමි. රණවක වැතිරී හුන්නේ දෙවෙනි පැදුරේය. මා නින්දට වැටෙන්නට පෙරාතුව රණවක මා වැළඳ ගනු ඇතැයි මම සිතුවෙමි; මා තදින් ග්‍රහණය කරගනු ඇතැයි මම සිතුවෙමි. ඊට අනුගත වෙන්නටය; විරුද්ධ නොවෙන්නටය මං හිතාගෙන හිටියේ.

කොට්ටයට හිස තියනවා එක්කම මටත් නින්ද යන්නට ඇත!

දීඝායුට රිදවන්නට හොඳම විදිහ හැටියට එදා මට පෙනුණේ එහෙම කිරීමය.

ඒත් රණවක එතකොටත් ගොරවමින් සිටින නින්දකය.

කොට්ටයට හිස තියනවා එක්කම මටත් නින්ද යන්නට ඇත!
මටත් තදින්ම නින්ද ගිහින්ය.
පිබිදුණු පසුව වෙනදා වගේම මගේ සුදු සරම පිරික්සා බැලුවත්, එහි පැල්ලමක් තිබ්බේ නැත. ඒ පරීක්ෂාව කරන්නට වෙනදා වගේම දීඝායුත් හවුල් වුණේය.

මේ තරමට මා ගැන සැලකිලිමත් වෙන දීඝායු එහෙම කරන්නේ ඇයි? මොන ගායක් තියෙනවාටද... එතකොටත් මා හිටියේ කිසිවක් තේරුම්-බේරුම් කර ගන්නට බැරිවය......

74 comments:

  1. https://images.app.goo.gl/DEiRdEhRtpFNQs539

    ReplyDelete
    Replies
    1. ගොනාට අඳිනව ඇරෙන්න මම හිතන්නෙ නෑ කවදාවත් අපේ ඩී.ජී.එම්.බී. තුමානං මේ වගේ වෙලා ඇතියි කියල. හැක්..

      Delete
    2. ගොනාට? හුහ්, ඔය කිව්වෙ අං දෙක වගේ පෙනුනට, ඒ කං දෙක.

      හා ඔය ඉස්ට කරල තියෙන්නෙ යුතුකං. තැන්කිව් ජයසේන මැතිතුමනි.

      Delete
    3. නෑ ප්‍රසෝ, බස්ස ඉඳ හිට කාන්තා අැඳුම් අඳිනව. හැබැයි යට අැඳුම්

      Delete
    4. 'රකුසු' බකුසානේ
      කරවැල් මහ කොකානේ
      දිය ගැරඬියානේ
      රකිව් මේ ගොර සප් විමානේ!

      Delete
    5. දිය ගැරඬියා කිවුවෙ ප්‍රාජේ ට වෙන්ටැ?

      Delete
    6. අනේ වස්තුවේ, මාව අමාරුවේ වැටෙනවට කැමැතිය ඔහේ?

      Delete
  2. //මා දීඝායු කෙරෙහිවූ ලිංගික ඇල්මකින් වෙළී හිටියා නොවේ. එහෙත් ඔහු අසලින්ම ඉන්නට; ඔහු හා දැවටෙන්නට; ඔහු හා ගැන්නෙන්නට මට අවශ්‍ය වී තිබිණි// සමහර අය වැරදියට වටහාගන්න පුලුවන් උනත් ඇත්තටම මේ තත්වය පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්....සෑහෙන සංකීර්ණ මානසික තත්ත්වයක්, ඉඩිපස් සංකීර්ණය වගේ එකක් කියලයි මට හිතෙන්නෙ.

      සදාචාරාත්මක සීමා පසු නොකර, හැඟීම් පාලනය කරගත්තත්, සමහරු මේක ලිංගික ආකර්ශණයක් කියල වර්ග කරනවා. ශාරීරික නෑ, මානසිකව විතරයි. අවංකවම හිතා බැලුවොත්, බොහෝ අය මේක ඇත්දැකලා ඇති කියා සිතෙනවා.

      Delete
    2. ඔව් අඹතලේ නාන ලිඳ ගාවින් යනකොට

      Delete
    3. ඔව් ඒක තමයි ලිං-ගික ආකර්සනය

      Delete
    4. ආ ඝර්ශනය රබර්වලට සීමාවුනානෙ ඉතිං

      Delete
    5. https://www.yourtango.com/2016284754/adorable-rubber-ducky-doubles-as-naughty-sex-toy

      Delete
    6. බස්සට නම් නෙමෙයි ම නෙමෙයි අර "මට මොකටෑ අයිය කාසි පණං? අයිය නෙව හතිලෑවෙ. අයිය ම තියාගන්ට" කියල තියෙන්නෙ.

      Delete
    7. හතිලෑවෙ චරිතලගෙ අයියා රබරයිස්ඩ් බස්සාව දැක්කාම

      Delete
    8. රබරයිස්ඩ් කිව්වෙ, බස්ස සියොළඟ ම රබර් දාගෙන ද?

      Delete
    9. හ්ම්ම්. මං හිතන්නෙ ග්‍රීස් ගාගෙන

      Delete
    10. https://www.yamu.lk/blog/sri-lankan-and-scary/

      Delete
    11. අඩේ ඇඩමො උඹටත් මතකයි ඒක එහෙනං? පට්ට සම්භාව්‍ය සුරුංගාරාත්මක කතාව. වන් ඔෆ් දි ෆයිනස්ට් ඔෆ් අටමා.

      අවුලක් නෑ ජයසේන, duck-fetish is not a abnormal thing.

      Delete
    12. නමේම "ඉස්කුරු" කෑල්ල තියෙන නිසා, "සබර" ලාගෙන "ටීක්-ලෑවට" අවුලක් නෑ.

      Delete
    13. අද ග්‍රීස් ගිහින්ද කොහෙද. ලිස්සීමේ ප්‍රවණතාවය අඩුකරගෙන ඊග්ල් අවුල් වගේ ගාම්බීර මෝඩ් එකේ

      Delete
    14. ඊගල් උනත් බස්ස සම්බන්ධ උනහම අවුල් වෙනව

      Delete
    15. බස්සො, නමට ඉස්කුරු කෑල්ල තිබ්බට පස්සෙ ලොක් වෙයිද?

      Delete
    16. ලොක් වෙනව නං, ලොක්කට නැට්ටකුත් තියෙන්ටෝනැ.

      Delete
    17. බොගෙ යාළුව, ටොමිය වගේ ද දන්නෑ?

      Delete
    18. කාට මොනා කියන්ටද අප්පේ? thanks කියලවත් කියමු ගොඩින් බේරෙන්න.

      Delete
    19. Praසන්ன සහ බස්සා ලස්සනට පටන් ගත්ත කමෙන්ට් එක...

      ඔය විදිහෙ දෙයක් දෙන්නෙක් අතර ඇති වුනාම ඒකෙ සුන්දරත්වය ඒ දෙන්නටවත් අනිත් අයටවත් විඳින්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නෙ නැහැ නේද. සමහර වෙලාවට ඒ දෙන්නව සෙට් කරලා විවාහයෙන් ඉවර කරවනවා නැත්නම් මොනවා හරි කරලා ඒ දෙන්නව තරහ කරවනවා. පුද්ගල සම්බන්දතා ගැන ඉස්කෝලෙදිවත් යම් තරමකට ඉගැන්නුවානම් හොඳයි කට පාඩම් විතරක් කරවන්නෙ නැතුව. නිමල් ලියලා තියෙන ගැහැනු ලමයි ටික ඇවිල්ලා මේක් අප් දාන එකත් හොඳ උදාහරණයක්. වැඩිහිටියන් නැති තැන පොඩ්ඩන්ගෙ ලෝකය වැඩියෙන් සුන්දරයි.

      Delete
    20. මට හිතෙනවා lotus මගේ ලියන විදිහේ අඩුපාඩුවක් තියෙනවා වෙන්නැති. ඉතාම වැදගත් විදියට මට පෙනුණු සමහර කරුණු කියවන අයට මම හිතපු තරම් දැනිලා නැහැ වගේ.

      කමක් නෑ. මේ සබඳතාව තව සංකීර්ණ වුණා. ඒ නිසානේ ඊට වසර ගණනාවකට පස්සේ අපේ බාලම දෙන්නාට දීපාල්- දීපානි කියලා නම් දැම්මෙත්. ඒ වගෙමයි..... ඉස්සරහට ලියන්න තියෙනවා දීඝායු වෙනුවෙන් මං දීගත් පොරොන්දුවක් අද වෙනතුරුත් රකින හැටි ගැනත් !

      Delete
    21. මේ කාලෙ හැමෝම සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ කාලයක්නෙ. light-hearted comments දාලා කට්ටිය සතුටින් ඉන්න එක වැදගත්. නිමල් ලියන විදිහෙ වරදක් නෙවෙයි. ඉස්සහරට ලියන්නකො තව විස්තර.

      Delete
    22. ලියන විදියෙ අවුලක් නෑ නිදි. මම ඒ කොමෙන්ට් එක දැම්මෙ මටත් ඔය වගේ අත්දැකීමක් තියෙන නිසා. නමුත් මේ වගේ රටක ගොඩ දෙනෙක් ඔය වගේ දෙයක් ගැන බලන්නෙ වපර ඇහින්.

      බ්ලොග් වල ආතල් කොමෙන්ට් දාන එක වරදක් නෙමෙයි. නැත්තං පහුගිය කාලෙ වගේ මේවගෙ කොමෙන්ට් තීරුව වේලිලා යන්න පුලුවං.

      Delete
    23. Lotus, ප්‍රසන්න ගොඩක් ස්තුතියි...
      මේ දවස්වල සැහැල්ලු කරුනුම ලියන්න බලන්නම්....

      දැනට ලියා ඇති දේවල්වලට නම් මට ලැබී තියෙන ප්‍රතිචාර ගැන සතුටුයි... වපර ඇසින් බලන අය හිටියේ නැහැනෙ, ඒකම කොච්චර වාසනාවක්ද?

      මේ දිනවල ඔයාලා එකතු වෙලා comments කේත අස්වැද්දීම ගැන හරිම සතුටුයි. අඩවි ගොඩකම දැන් කමෙන්ට්ස් තීරුවල දිග බලන්නකො!

      Delete
  3. මම පෝස්ට් ඒක කියෙව්වෙත් නෑ. කමෙන්ට් කියෙව්වෙත් නෑ. වෙන මොනව හරි කතා කරමු

    ReplyDelete
    Replies
    1. මේ මේ මේ... (සරා විදිහට අත දික් කරමින්) ඒහෙම මාරු වෙන්ඩ බෑ හරිය? ඒක පුළුවන් බස්සට විතරයි.

      Delete
    2. A genuine, leading, original member of our club. Proud to know u, Count Dracky.

      Delete
    3. අනේ අර අසරණයා නිදි-මරාගෙන ජීවන කතා මාගල වියනවා. මුන්දලා මේ වල් බස්සෙක් ගැන කියනවා. ඇයි යක්කුන්ට ලිං..ලිං ආකර්සනය නැහ්ද?

      Delete
    4. ආං ඒකට අපේ ජයසේන මැතිඳා. මාත්තුරුකාවට අනුකූල කතාව. ඒත් තාරාවෙක් දැක්ක ගමන්, වංගු අමතක වෙලා වෙලේ.

      Delete
    5. there... please be my guest m'dear Duke of the great cemetery. (that's the translation of "මහෙසාෙහාන් අාදිපාද" isn't that?)

      Delete
    6. ළිං අාකර්ෂණය? අපට කියන්නෙ, බෝ ළිං දර්ශනෙන් විකර්ෂණය වෙලා හිට!

      Delete
    7. වට් නොන්සන්ස් ඩ්‍රැකී ටෝක් අබවුට් මාතෘකාව.

      Delete
    8. අඩේ... ජයසෙන බොස්, ඔව්වට අහුවෙන්න නම් ඒපෝ! dracula's guest වෙලා යන්තම් බේරුණේ ජොනතන් හාකර් විතරයි.

      Delete
    9. ඔය කීබෝඩ් එකේ බෝල දාන කී එක ඔබන්නැතුව හිටහංකො බං.

      Delete
    10. මාතෘකාව "ටෝච් ඒක". තහනම් වචනය "පුෂ්"

      Delete
    11. දාපිය දුස්රාවක් නයියගෙ මිඩ්ල්ස්ටම්ප් දෙක තුන ම ගැළවෙන්න

      Delete
    12. පුෂෑ....ංංංං! (දුස්රාවෙ හඬ)

      සුටුස්... ජබුක්... (නයියෙග මිඩ්ල්ස්ටම්ප් ගැළවුණු හඩ)

      Delete
    13. https://www.livescience.com/42226-animal-sex-bats.html

      https://www.researchgate.net/figure/Example-of-sex-identification-in-tawny-owls-using-characteristic-female-specific_fig1_25453317

      Delete
    14. මං කිව්වෙ කලිනුත්... ජයෙස්න https://en.wikipedia.org/wiki/Zoophilia

      Delete
    15. https://www.amazon.com/Demon-Lovers-Witchcraft-Crisis-Belief/dp/0226772624

      https://dornsife.usc.edu/news/stories/3286/belief-that-humans-have-sex-with-demons-runs-deep-in-religions/

      https://decider.com/2020/10/30/hottest-vampire-sex-scenes/#/

      https://blogs.unimelb.edu.au/sciencecommunication/2014/10/13/the-twisted-sex-lives-of-ducks/

      Delete
    16. බොහොම ස්තූතියි ප්‍රා ජේ ලිංක්වලට. (තාරාවො කැකුණ තලන කොට අපිට රජ මගුල්)

      Delete
    17. https://listverse.com/2011/01/13/top-10-sex-demons/

      Delete
    18. බස්ස "ළිං ළිං අකර්ෂණය" කියන්නෙ ලෙස්බියන් සීන් ද?

      Delete
    19. අපි ඩ්‍රැකා ට පොපොබාවා කියමු

      Delete
    20. https://www.etsy.com/market/lesbian_owls
      https://www.etsy.com/market/gay_owl

      Delete
    21. මේ හාදයෝ ටික එකතු වෙලා මට වෙන වැඩක් කරන්න ඉඩ නොදෙන්න හදනවද මන්දා...
      මෙව්වා හීනෙනුත් පෙනෙන්න ගනියිද කියලයි බය.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකද ඩ්‍රේක්? කුමාරිහාමි අාපහු දකින්න අාසද?

      Delete
    2. මහන්සි වෙන්න ඒපා. මං ම ලියාගන්නං කතාව

      Delete
    3. ඒ කියන්නෙ ආතර් කාරය ඩ්‍රැකීටත් බය නැති බුවෙක්.

      Delete
    4. බය නං නැතුව ඇති, ඒත් ඩ්‍රැකියා ඌව මැකුවොත් හිරේ(කව්ද..අ...අ, අපෙ සට්ටලං ලියන්නා)

      Delete
    5. දන්නැති හිංද අහන්නෙ. මොකද්ද හැබෑට ඔය "බය" කියන්නෙ?

      Delete
    6. කවුද බස්සො සට්ටංවල ලියන්නෙ?

      Delete
    7. වෙන කවුද, කුට්ටම එපා කියපු ගොබිල මිසක්කා?

      Delete
    8. අර අමුතු ඇටේ දිහාවේ නං පට්ටං ගත්තු අය දැන් කුට්ටං නැතිවුන් වගේ නට්ටං වෙවී ඉන්නේ...

      Delete
  5. මේ පෝස්ට් එකෙයි, කොමෙන්ට්ස් වලයි ලිංගික ඇල්ම, ලිංගික ආකර්ෂණය, ඉඩිපස් කොම්ප්ලෙක්ස් වගේ බරසාර වචන වලින් කිව්වාට, ඕක නිකම්ම නිකං හීතලට හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් වෙන් ටෑ !

    ලිංගික කැමැත්ත ගැන කියවුන විහිළු කතාවක් මතක් උනා. මේ කතාවට නම් අදාළ නැද්ද මංදා?

    හොඳ නාවිකයෙක් වෙච්ච ඩෙන්මාකයේ ඔටුන්න හිමි කුමරා කසාද බැඳලා හනිමූන් එකට රජ මාලිගාවට ගියා. මංගල ජෝඩුව හිටියේ රජතුමයි, රැජිනයි ඉන්න කාමරේට අල්ලපු කාමරේ නිසා, රජතුමයි රැජිනයි දෙන්නාම මංගල යුවලගේ කාමරෙන් එන සද්ද බද්ද ගැන විමසිලිමත්ව හිටියා.

    කවුරුවත් නොදන්නා ප්‍රශ්නයක් එදා මනමාලිට ඇතිවෙලා තිබුනා. එයාගේ මගුල් ඇඳුමේ සපත්තු සයිස් එක වැරදිලා. සපත්තු හොඳටෝම හිරයි. කොහොම හරි දෙතුන්දෙනෙක් එක්ක ඔට්ටු වෙලා සපත්තු දෙක දාගෙන, උත්සවය ඉවර කරලා කාමරයට ගියාම, දෙන්නා එක්කම මේක ගලවාගන්න උත්සාහ කරනවා.
    ඉතිං පිටතට ඇහෙන සද්ද මේ වගේ. " අනේ හිමිං", "රිදෙනවා", "හොඳටම හිරයි", "තව පොඩ්ඩක් පළල් කරලා බලන්න","මොනවා හරි ලුබ්රිකන්ට් ටිකක් දාන්න" වගේ ඒවා. ඉතිං ඊට පස්සේ කෙඳිරිලි, ගෙරවිලි, සද්ද ඇවිල්ලා, අවසානයේ එක සපත්තුවක් ගලවා ගත්තාම, හයියෙන් සුසුමක් ඇරලා, "හම්මේ තියන සනීපේ" කියලත් කියවුනා.

    මේක අහගෙන හිටපු රැජින, රජතුමාට කියනවා, "මං කිව්වේ නැද්ද, මං කිව්වේ නැද්ද, එයා කන්‍යාවියක් කියලා. මං කියාපු එක හරියටම හරි"!

    එතකොටම, ආයෙමත් ඒ කාමරයෙන් රජ කුමරාගේ කටහඬ ඇහුනා.

    "අපි අනිත් එකත් ට්‍රයි කරමු"

    මේක ඇහුන ගමන් රැජින පුදුමෙන් වගේ රජතුමා දිහා බලනකොට, "Once a Sailor, always a Sailor" කියලා රජතුමා ලිස්සලා ගියා(ලු)

    ReplyDelete
    Replies
    1. අසංග ද සේලර්?

      පට්ට කතාව සහ කතාව කියපු ශෙෙලිය. සෑම් මහත්තයත් බ්ලොග් ඒකක් ලියනවනං...

      Delete
    2. හ්ම්, හ්ම්...මෙහාටත් නාවිකයො එන නිසා මුකුත් කියන්නත් බෑ.හීතලට පිහාටු පුම්බලා බලාන්ට. හරියටම හරි.

      Delete
    3. හරීම ලස්සනයි අය්යේ. ඉස්කෝලේ කාලේ මතක් වුනා.ඇත්තමයි පොත පතේ වැඩවලින් ඈත් කරලා දරුවන්ට ඔය සෞන්දර්යාත්මක වැඩක් පැවරුවාම ඒ අය අතර ඇතිවෙන උණුසුම් සහෝදරාත්මක බැඳීම හරී ලස්සනයි. වෙනදා පුංචි දේටත් එයාලගේ නඩු විසදලා පණ යන අපිට හරි පුදුමයි ඒ වගේ වැඩකදී එයාලා පෙන්වන මානව ගුණාංග දැක්කම. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙලා මේ මෘදු ගුණාංග දරුවන් අතරට යවන්න පුළුවන් දවසක් එනතුරු අපිත් කවද වෙනතුරු බලන් ඉන්නද. අය්යා ලස්සනට ලියලා. පරෙස්සම් වෙලා ඉඳගෙන ඊලඟ කොටසත් ඉක්මනින් ලියන්න

      Delete
    4. https://www.urbandictionary.com/define.php?term=rear%20admiral

      Delete
    5. මෙතන තියෙනව විදානෙට රියර් අද්මිරාල් තනතුර ලැබුණු හැටි

      Delete
    6. මම හිතුවා හරි! පරණම - අලුත්ම ගොයියෝ සේරම කුම්න්ත්රනෙට හවුල්... මාව වටේම යවන්න...

      අප්පුහාමිල්ලා, බෝම ස්තුතියි එවාපු links වලටයි, comments වලටයි. වෙලාව ගියත් කොච්චර දේවල් දැනකියා ගන්න ඇහැක් වුනාද?

      රෑත් වුණා එයින් මෙයින්! දන්නවනෙ නිදිට නින්ද කොයිතරම් වට්නවාද කියලා....
      සුබ රැයක්!

      Delete
    7. ඒක එහෙම දෙයක් නෙමෙයි කියල මම අත්දැකීමෙන් දන්නව සෑම් මහත්තයො.

      Delete
    8. ආා ඩ්‍රැකීට මාවත් මතක්වෙලා තියෙන්නේ. අපි දැන් පැන්සොන් ගිය සේලර්ලා උනත් "Once a Sailor, always a Sailor" තමා.

      Delete
    9. පැන්සොන් ගිහින්.... ඉහ නිකටවත් පැහිලා නැතිව?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්