1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස

Monday, April 23, 2018

නොදෙන්න හිටි රන් පදක්කම

මේ කතාවේ main actor අපේ තාත්තා. මං සහාය.
මේ කතන්දරේ ප්‍රධාන නළුවා අපේ තාත්තා.... මම සහාය..........
එයා දිසානායක හේවගේ ගුණපාල. පවුලේ එකම පුතා. එකා යකා වෙච්ච තවත් එක නොට්ටිගේ පුතෙක්. එහෙම කියන්නේ මදි පුංචිකමක් කරන්න හෙම නෙවෙයි. එහෙම කළොත් ඒක මහා අපරාධයක් වෙනවානේ.  මමනේ එයාගේ අතිජාත ලොකු පුතා.

ඒ දවස්වල නම් මට ඕවා කියන්න තහනම් කරලා තිබුණේ. මොකද තාත්තයි මායි දෙන්නාම කුළුඳුල් අය නිසා. එහෙම අයව නිධන් හාරන අය හොරකම් කරගෙන යනවලු බිල්ලට දෙන්න! දැන් ඉතින් මොකා මේ මැන්ටල් මාව කාට බිල්ලට දෙන්නද? අමනයෙක් තකතිරුකමට එහෙම කළත්, මාව දැක්කාම යක්කුත් පණ එපා කියලා දුවනවා සත්තයි! සහතිකයි!! ඒකාන්තයි!!! යාළුවෝ කියන්නේ මාත් එක ජාතියක යකෙක්ලු!

අපේ ඉස්කෝලේ සර් කෙනෙක් මාව ගෙන්නලා මට කිව්වා කථික තරගයක් ගැන. "තමුසෙව තමයි මේකට යවන්න හොඳම. යනවා, ගිහින් දිනාගෙන එනවා! ඔන්න මම තමුසෙගෙ නම යවනවා." මට දැන් හිතෙන්නේ ඒ කාලේ මම කරපු රස්සාවත් මගේ නම ඉදිරිපත් කරන්න හේතු වෙන්නැති. (අවුරුදු දොළහේදීම මට රස්සාවක් කරන්න වුණා, ඉස්කෝලේ යන ගමන්. ළමා කම්කරුවෙක් අද නම්? )

නිදිට අවුරුදු පහළොවේදී ..........
අපේ ඉස්කෝලේ මහා ලොකු එකක් නෙවෙයි. විද්‍යාකර විද්‍යාලය. ඊට පස්සේ ඒක මහා විද්‍යාලයක් වුණා. ඊටත් කාලයකට පස්සේ මහරගමට ජනාධිපති විද්‍යාලයක් ආවා. ඒක පිරිමි පාසලක් කරන්නත්, විද්‍යාකරේ බාලිකා පාසලක් කරන්නත් බලධාරීන් තීරණය කරන්න ඇති. දැන් අපේ ඉස්කෝලේ බාලිකා මහා විද්‍යාලයක්. උන්ට හොඳ නම් අපට මොකෝ? ඇත්තටම මොකක්ද මේ මිශ්‍ර පාසල්වල තියෙන වැරැද්ද?  මොකාද මේක වඩා සුදුසු ක්‍රමයයි කියලා නිර්දේශ කරන කලවැද්දා?

මොකක්ද මිශ්‍ර පාසල්වල තියෙන වැරැද්ද? එහෙම තිබුණයි කියලා කුමර-කුමරි බඹසර රැකෙනවාමද?
කවලමේ හිටියයි කියලා අපි කාගෙවත් කුමර බඹසරටවත්, කුමරි බඹසරටවත් හානි වුණයි කියලා අහගන්න ලැබුණේ නැහැ. අද මිශ්‍ර පාසල් නැතිම තරම්. ඒත් ලිංගික අපරාධ? අනේ මන්දා- මාත් සමාජ විද්‍යාඥයෙක් නම් හොයන්නවත් තිබුණා; පිටරටකට හරි පල ප්‍රයෝජනයක් වෙන්න.

"සර්, මම තාත්තාගෙන් අහලා කියන්නද හෙට?"

"ඕකේ මොනවා අහන්නද අයිසේ. අද අන්තිම දවස. අදම උත්තරයක් යවන්න ඕනේ, නමක් එක්ක." එහෙනම් ඒකයි මේ තදියම; අන්තිම ආවත්තෙටම එනකල් ඉඳලා action ගන්න. ඔන්න රාජකාරිය දේවකාරිය වගේ කරන රඟ. මං හිතුවා. එතකොටත් මං මහ පණ්ඩිතයා. ඕනේ නැති ඒවා හිතනවා. නෙවෙයි හිතෙනවා!
හොඳ වෙලාවට තාත්තා කතාව අහලා ගෝරනාඩු කළේ නැහැ.

ටික දවසකට පස්සේ අර සර් තරගේ ගැන එවපු ලියුමක් මට දුන්නා; ගෙදර ගෙනිහින් පෙන්නලා ආපහු ගේන්න ඕනේ කියන දැඩි කොන්දේසිය උඩ.
කථික තරගය සංවිධානය කරන්නේ තරුණ බෞද්ධ සංගමයක ශාඛාවකින්..........
තරගය සංවිධානය කරන්නේ තරුණ බෞද්ධ සංගමයෙන්. (සහේතුකවම කොහේ එකද කියලා නොකියන එකට සමාවෙන්න ඕනේ.) මට හරියටම මාතෘකාව මතක නැතත් ඒක මත්පැන් බීමේ ආදීනව වගේ එකක්ය කියලා හොඳටම මතකයි.

අපේ පීතෘ රත්නයත් ඒ කාලේ හොඳ කථිකයෙක්ලු.

ඔන්න මනුස්සයා හිටු කියලා මට උපදෙස් දෙනවා. මෙහෙම කියාපන්, අරහෙම කියාපන්. මේක හොඳයි කියන්න; මේක නරකයි කිය-කියා.... (දැන් නම් මං දන්නවා දිසානායක ජාන එහෙම පිටින්ම මටත් ඇවිල්ලා බව. එතකොට ඔය ජාන කතා කවුද දන්නේ ජාතක කතා මිස?) මට තවම මතකයි පීතෘපදේශ මත මං කියපු එක කාරණයක්. "ගෙදරක තාත්තා හම්බ කරන සල්ලි බොන්න වියදම් කළාම අසරණ අම්මටයි දුවල පුතාලටයි ඉන්න වෙන්නේ බඩගින්දරේ, බඩට පොල් ලෙලි හිර කරගෙන."

ඇත්තම කිව්වොත් අද වෙනකල්වත් ඔය පොල් ලෙලි තියාගැනිල්ල බඩගින්දරට සහනයක් වෙනවද කියලා මට ස්ථිර නෑ.

දැන් නම් මං දවස් දෙක-තුන උපවාසය කරලා; බඩගින්නේ ඉන්නවා. ඉන්නවා නෙවෙයි එහෙම ඉන්න වෙලා තියෙනවා. ඒ නොකා ඉඳපං- ඉඳපං- ඉඳපාං කියලා අපේ අයස්මන්ත පීරිස් අක්ෂි වෛද්‍ය විශේෂඥතුමා මට බල කරලා; මාව නොමරා- මරණ හින්දා. පැය විසි හතරේ- හතළිස්‌ අටේ- හැත්තෑ දෙකේ වගේ දිගම-දිග උපවාසත් දැන් අපට හුරුයි. එහෙම වෙලාවක පොල් ලෙල්ලක් හිර කරගෙන බලන්න ඕනේ!

ඉස්කෝලෙන් නම් මට කිසිම සපෝර්ට් එකක් හම්බ වුණේ නැහැ.

තනි ගහක් වගේ තනියෙන්ම තමයි එදා මට යන්න වුණෙත්; කථික තරගෙට.........
කොටින්ම කිසිම කෙනෙක් මගෙත් එක්ක ආවෙවත් නැහැ තරගය දවසේ. ඒ කාලේ හැටි වෙන්නැති ඒ. තාත්තා නම් මාත් එක්ක ආවා.
සමහර පාසල්වලින් නම් ගුරුවරුත් ඇවිත් හිටියා ළමයි එක්ක. ඒ හුඟක් අය නියමෙට ඇඳලා- ටයි-බයි සපත්තු දාලා. සත්තයි, මං විතරයි හිටියේ රබර් සෙරෙප්පු දාපු කොල්ලෙකුට. කමිසයත් උඩින් දාගෙන. ඒ කාලේ අපට හුඟාක් අග-හිඟකම්. එදා පෙනුමටත් ලකුණු දුන්නා නම් මම තමා අන්තිමයා. ඒත් එහෙම නොවුණු නිසා මම දිනුවා.

"අපි ළඟදීම ලොකු උත්සවයක් තියලා නිමල්ට රන් පදක්කම පිරිනමනවා." සංවිධායකයන් තාත්තාත් එක්ක කිව්වා. මම දිනුවය කියලා අපේ ඉස්කෝලෙට ලියුමකුත් එවනවායි කිව්වා. අපි ආපහු ආවා. ඉස්කෝලෙට ලියුමක් නම් ආවා. මගේම අහේතුවට වගේ ඉස්කෝලේ අයට ඒ ලියුමෙවත් එච්චර බරක් දැනුණේ නැහැ. එච්චරයි! හා හූ ම්හු!

මාස ගණනක් ගියා! මොකුත්ම වුණේ නැහැ. දැන් වගේ හැමොන්ටම ටෙලිෆෝන් තිබුණේත් නැහැනේ, අහන්නවත්. ඒත් රන් පදක්කමක් නිසා අත ඇරලා දාන්නත් බැරිව අපි හිරවෙලා. පෙනුණේ නෝංජල් අපට රත්තරන් දෙන්න බැහැයි-බැහැයි කියනවා වගෙයි.
රංජි, උන්ට ලියුමක්  ලියමු, පොඩි උප්පරවැට්ටියක් දාලා...........
ඔන්න අපේ පිය මහ රජාණන්ගෙ නැණ බලේ පෙන්නන්න අවස්ථාවක් උදා වෙලා. "රංජි, අපි ලියුමක් ලියමු."

(අපේ පවුලේ අයට, ගමේ අයට, නෑදෑයන්ට මම රංජි.) මම ඉපදෙන්න ඉන්න කාලේ තාත්තාට ඕනේ වුණාලු නිමල් කියන නම. අම්මාගේ choice එක රංජිත්. අපේ තාත්තාත් කාන්තාවන්ට සම තැන දුන්න හින්දාද මන්දා, තීරණයක් අරගෙන ඉඳලා 'නිමල් රංජිත් දිසානායක' කියන නමට. හේවගේ කෑල්ල ලස්සණ නැති නිසා හළලා දාන්නත් දෙන්නාම කතා වෙලා.

අම්මාව බදුල්ලේ ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියන පණිවුඩය තාත්තාට යනකොට මිනිහා සරු බූරු පිටියක. මං හිතන්නේ එදා එයාගේ පක්ෂියා රජ වෙලා ඉන්නැති; එයා එක පාරම බූරුවා ගැහිල්ලට සමු දීලා නෑ. එයා රෝහලට යනකොට අලුත උපන් කුමරුවාගේ උප්පැන්නය ලියලත් ඉවරයි. ඒක ලියාපු මිසීගේ අතින් රංජිත් කෑල්ල හැළිලා, හේවගේ කෑල්ල එකතු වෙලා. වෙච්චි දේට එන්න සෙයියදු කියලා අම්මලා ගෙදරට මගේ නම රංජි කියලා රෙජිස්ටර් කළාලු. ඒකට මොකෝ?

දැන් නවීන පන්නේටත් දහස් ගණන් වියදම් කරගෙන, නැකතට සීසර් කරවලා මෙලොව එළිය දක්වන බිළිඳුන්ටත් නැකත් බලවලා, තවත් දහස් ගණන් දීලා හදවන නම් උප්පැන්නෙට විතරනේ. ගණ බලවලා- ළමයින්ට යාදෙන සුදුසු අකුරු අරගෙන  ඉරෝෂන්, අයෝනි, තිමිර වගේ බොහෝම අර්ථාන්විත නම් දාලා, අන්තිමට වෙන නමකින් කතා කරන්න ගන්නවා. කාටවත් මතක නැහැ ගණ පිහිටුවලා යොදන නමකින් හොඳක් වෙන්න නම් ඒක නිතර කියවෙන්න ඕනෑ බව. (මම මේ කියන්නේ ඒවා අදහන අයටයි, හොඳේ.)

පස්සේ ඒ ටික ලස්සනට- පිළිවෙලට ගලපලා .........
"ගනින් කොළයක්. මුලින්ම මං කියන දේවල් ලියාගෙන පස්සේ ඒක ලස්සණට ගළපලා පිළිවෙලට ලියපන්!" 

(අපේ ගෙදර හුඟක් වෙලාවට කියවුනේ හලන්ත විධාන. හලන්ත වදන් කියන්නේ හල්නයන්න, බිංදුව වගේ අකුරුවලින් ඉවර වෙන ඒවාටයි. කාපන්-බීපන්- ඉඳපන්- හෙණ ගහපං- මකබෑවියන්- තොලොංචි වෙලා පලයන් ....වගේ ගොඩාරියක් ආදරණීය ඒවා හලන්ත විධාන.)
මූලිකවම ලියුමෙන් කියැවුණේ මෙහෙම දෙයක්.

"ඔබතුමන්ලා සංවිධානය කළ කථික තරගයෙන් ජයග්‍රහණය කළ මම අද ඒ නිසාම ඉමහත් අපහසුතාවකට පත්ව සිටිමි.
මා එය ජයග්‍රහණය කළ බැව් පැවසූ විට මුලින් එය ඇදහූ අය පවා තවමත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් තිබුණේ නැතිදැයි මගෙන් විමසති; රන් පදක්කම කෝ කියා අසති; ඔබ සංගමයෙන් අප පාසලට එවූ ලිපිය පවා ඔවුහු ප්‍රෝඩාවක් ලෙස සලකති.
එබැවින් ත්‍යාග ප්‍රදානයක් කෙරෙනතුරු- තරගය පැවැත්වූ බවත්, මා  එය ජයග්‍රහණය කළ බවත් තහවුරු කෙරෙන ලිපියක් අප පාසලට යොමු කරනු මැනවි. මෙසේ අයදින්නේ ඔබ සංගමය කෙරෙහි ඇති අවිශ්වාසයකින් නොව, මා පත්ව ඇති අවමානයෙන් මිදීමට සාක්ෂ්‍යයක් අවශ්‍ය බැවිනි."

තාත්තා කියපු විදියටම ලියුමේ අන්තිමට, ඒකෙ පිටපතක් අපේ  
විදුහල්පතිතුමාට යොමු කරන බවත් ලිව්වා. තරගය තිබ්බෙ 1969 අග. සහතිකය බලන්නකෝ, තෑගි දෙන්න කොච්චර කල් ගත්තාද කියලා.

69 තිබ්බ තරගෙට දුන්නු රන් පදක්කම ලැබුණේ 72... ඒකත් නොදී ඉන්න බැරි තැනට ..
ටික දවසයි ගියේ. පුංචි උත්සවයක් පවත්වලා මට පවුම් බාගයක රන් පදක්කමක් තෑගි කළා, සහතිකයකුත් එක්ක. පදක්කමේ කොටලා තියෙනවා '...... තරුණ බෞද්ධ සංගමය- 1969  වාග් චාතුර්ය තරගය- පළමු ස්ථානය' කියලා.

ඇත්තටම ඒක නොදෙන්න හිටපු රන් පදක්කමක් උපායෙන් ගැනිල්ලක්! උපාය දන්නෝ අපායේ නොවැටෙති- කීමත් සහතික ඇත්ත.

පදක්කමෙන් සිද්ධ වෙච්ච ලොකුම වාසි දෙකක් තියෙනවා.

එක- සල්ලි අඩුපාඩු වෙලාවක ඒක උගසට තියලා කීයක් හරි ගත්තැහැකි. අපේ තාත්තා නම් වතාවක් ඒක කළා.

දෙක- උපක්‍රමශීලිව, කාගෙවත් හිත නොරිද්දා යමක් නොකියා කියන හැටි මම ඉගෙන ගත්තා. මම තවමත් ඒ සම්‍යක්ප්‍රයෝගයෙන් වැඩ ගන්නවා නැණ බලය ටිකක් පාවිච්චි කරලා.. ( තාත්තේ, ඔයාට ගොඩක්-ගොඩාක් පිං මං පුංචි සන්දියේදීම ඒ පාඩම ඉගැන්නුවාට!)෴

ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස

ගස්සලා යවනවා කියලා කියූ ගමන් මොනවද හිතෙන්නේ? නැති නම් හිතන්නේ?

අපි හිතන දේ නෙවෙයි, තමුසේ කියන්න ආපු දේ කියනවකො. ළඟ ඉන්නවා නම් ඔයාලා මට කියයි. හරි මේං කිව්වා. කාලෙකට ඉස්සෙල්ලා තමයි මට මුල්ම වතාවට ඔය යෙදුම අහන්න ලැබුණේ.


ගස්සලා යවන වැඩේ මාර risky වැඩක්......
"නිමල් අයියෙ, තව ඩිංගෙන් මං හරි අමාරුවක වැටෙනවා. හොඳ වෙලාවට ගස්සලා යවාගන්න පුළුවන් වුණා." මිතුරාගේ කතාවෙනි මා එය දැනගත්තේ. ඔහු විවාහයක පැටලී හිටි කෙනෙක් නොවේ. එහෙත් තරුණියක හා ඉතාම සමීප ඇසුරක් තබාගෙන උන්නේය. ඉතිරි හරිය දැනටමත් ඔබ තේරුම් ගෙන අහවරය. එහෙම නේද?

ඒ කාලයේ නම් තරුණ-තරුණියන් තබා බොහෝ විවාහකයන් පවා දරු පිළිසිඳ ගැනීමේ කාලය ගැන දැනගෙන හිටියේ නැත. හෝමාගම හබරකඩදීත්, මොරටුවේදීත්, දෙනියායේදීත්, කුරුණෑගලදීත්, ඇල්පිටියේදීත් අප කළ මානව ලිංගිකත්ව වැඩ සටහන් රැසකදීම ලැබුණු ප්‍රතිඵලය එකක්ම විය. living together සංකල්පයත් ගමටම රිංගා තියෙන දැන් කාලයේ නම් ඒ දැනීම ලබාගන්නේ ඇටෙන්-පොත්තෙන් පැහෙන්නත් කලින්ය. ඒ කොච්චර දැනුම්වත් වුණත් වැඩක් නැත. පොඩි අතපසු වීමකින් ලොකු ප්‍රශ්නයක් පටන් ගන්නට පුළුවන.

ගස්සලා යවන්න වෙන්නේ එතකොටය. ගබ්සාව....! ස්ත්‍රී ගර්භාෂයක තැන්පත්වූ සංසේචිත ඩිම්බයක් පුදුමාකාර වේගයකින් කළලයක් විදියට වැඩෙන්න ගන්නවා. ඒ කළලය වර්ධනය වෙන්න නොදී ගර්භාෂයෙන් ඉවත් කිරීමටයි අපි ගබ්සා කරනවා  කියන්නේ.

ඔය පිළිසිඳගැනීම මහා අරුම-පුදුම දෙයක්නේ. මට මුලින්ම එහෙම හිතුණේ කුස ජාතකේ කියවද්දී. මුල්ම වතාවේ නෙවෙයි හොඳේ. ඕනි නැති දේවල් දැනගත්තට පස්සේ කියවද්දී.... 

ඔක්කාක රජ්ජුරුවන්ගේ සීලවතී බිසොවුන්නාන්සේට දරු ඵල නැති වුණාම පිහිටට එන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා. උන්නාන්සේ මහලු වේශයක් මවාගෙන ඇවිත් මහපට ඇඟිල්ලෙන් සීලවතී බිසවගේ නාභිය පිරිමැද්දාලු. එතකොට තමයි බිසවට පිළිසිඳගැනීමක් වෙලා තියෙන්නේ. පරහ තියෙන්නේ එතනනේ. ඩිම්බයක් සරු වෙන්න නම් ශුක්‍රාණුවක් ඕනේ. මහපටැඟිල්ලට ශුක්‍රාණු උනනවයැ සක්කරයාගේ වුණත්? අනේක බුරියේ සිදුරක් නැහැනේ පැලෝපීය නාලවලට.

ඔය සක්කරයාත් සතපහකටවත් විශ්වාස කරන්න හොඳ පුතෙක් නෙවෙයි. එ්ක කියන්නේ මං. කුමාරතුංග මුනිදාස පඬිතුමාගේ පොතක තිබුණු කතාවක් විශ්වාසෙට ගත්තු නිසා. පොත- මුවදෙව්දා විවරණයයි. මේං ඒ කතාව අහන්නකෝ.


රූබර අහල්‍යාව දැක්ක ගමන් සක්කරයාට ඉහිලුම් නැතිව යනවා... වැට පනින්නමයි හිතෙන්නේ..
බ්‍රහ්මයා ඉස්සෙල්ලාම මවාපු ගැහැනිය 'අහල්‍යා' ව ගෞතම ඍෂිවරයාටයි අඹුව ලෙස දෙන්නේ. එයාව දැක්ක ශක්‍රයාගෙත් හැඟීම් ප්‍රකෝප වෙනවා. සක්කරයාගේ පාදඩ ආශාව ඉටු කරගන්නට චන්ද්‍රයාත් උදවු කරනවා. චන්දරේ මහා රෑ මැද්දෙ කුකුල් වේශයක් මවාගෙන ඇවිත් හඬලනවා. ඉරිසිවරයා රැවටෙනවා එළිවෙලා තමයි කියලා. එයා එවෙලේම පිටත්වෙලා යනවා නාගන්න. ඒ අස්සේ ශක්‍රයා ඍෂිවරයා විදියට ඇවිත් හොරෙන්ම අහල්යාට 'පහර දෙනවා'. සක්කරයාට කෙළවෙන්නේ නාන්න ගිය ගෞතම ඉරිසිවරයා ඉක්මනින්ම ආපහු එන නිසායි. අතේ කෝට්! හොඳටම කේන්තිගන්න ඍෂිවරයා ශක්‍රයාට සාප කරනවා, 
"තාගේ මුළු සිරුර පුරාම ස්ත්‍රී නිමිති දහසක් පහළ වේවා!" කියලා.

මළ කෙළියයි නෙවෙයි කෙළි දාහයි. 

සක්කරයාගේ අත්-පාවල, පිටේ, බඩේ, ඔළුවේ, බෙල්ලේ, පුරුෂ නිමිත්තේ විතරක් නෙවෙයි මුහුණෙත් ස්ත්‍රී යෝනි! කොහොමට හිටින්න තිබ්බද රෑ ජාමේ තියෙන සංගීතයක් මැද්දට ඒ වෙලාවේ ශක්‍රයා ආවා නම්. ශක්‍රයා ඉරිසිවරයාට දහ වැඳුම් වැඳලා ඉල්ලනවා සාපෙ අයින් කරන්න. අන්තිමට ඍෂිවරයා ටිකාක් මෝදුවෙලා සාපය වෙනස් කරනවා. 

ඒ යෝනි දාහම 'නෙත්' බවට හැරෙන්නේ එතකොට. එ්කෙනුයි සක්කරයාට ඇස් දාහක් ලැබෙන්නේ.

එහෙව් ශක්‍රයා සීලවතී බිසවගේ බුරිය ඇඟිල්ලෙන් පිරිමැද්දා කියලා විශ්වාස කරන්නේ ඉටිපන්දම් තියෙන මිනිස්සු වෙන්නැති.

අපි මොකටද ඔව්වයේ දිග-පළල ඕනවට වඩා හොයන්න යන්නේ. ජාතක පොතයි, බණ දෙසන උත්තම සංඝයා වහන්සේලා වදාරන දේවලුයි පිළිගන්නවා මිසක්. මාත් දාගන්න යන ලෙඩ අම්මපා! 

ඉතින්, දැනටම මගේ ජීවිතේ හරහා කීප විටක්ම ගබ්සාව එහා-මෙහා ගිහිල්ලා තියෙනවා කියලයි ඉස්සෙල්ලාම කියන්න වෙන්නේ. කවුද දන්නේ ඉදිරියේදී මේ ආත්මෙදිමත් ඕක ආයෙම මුලිච්චි වෙයිද කියලා.

හරියට ලෝකය දකින්නත් කලින්ම මාව ගබ්සා කරන්න අහලා තියෙන්නේ.............
පළමු වතාව! මං ඉපදෙන්නත් ඉස්සෙල්ලා.

ගබ්සාවක් කරන්නෙත් ඉපදෙන්න කලින් නොවෙන්නම්. හැබැයි මට මේ කතාව එළි-පහදු වුණේ, කොන් අහු වුණේ ඉපදුනාට පස්සේ; අවුරුදු දොළහක් විතරත් ගියාම.

ලියුමක් ආවා බදුල්ලෙන්. එ්ක කියවලා අපේ අම්මා හොටු පෙර-පෙරා අඬන්න ගත්තා. අපරාදේ කියන්න බෑ, අපේ අම්මා අඬන්න හරි දස්සයි; ඊටත් වැඩිය දස්සයි නාහෙන් අඬන්නත්. එයා සුදු හිංදා, අඬන්න පටන් අරන් ටික වේලාවකින්ම නහය ජම්බු ගෙඩියක් වගේ වෙනවා. ඇයි හොටු හූරලා දාන්න නහය මිරිකනවනේ.

ඊළඟ කාරණාව තමා ඔය සන්දිය වෙනකොට අපේ ගෙදර බදුල්ලෙ හුළඟ එක්කවත් පයුරු පාසනයක් තිබ්බෙ නෑ. 1964 දී අපි බදුල්ලෙන් මහරගමට එද්දී තාත්තා කිව්වලු 'මළගමකටවත් ආයේ බදුල්ලේ පස් පාන්නේ නෑ' කියලා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සෙම no connection, අම්මලාගේ පරම්පරාව එක්කම! එතකොට තාත්තගෙ සංහතියම දෙන්නයි! ආච්චියි සීයයි.

අම්මගෙ ඇඬිල්ල ගැන ඇහුවේ ආච්චි. "මොකද ලීලා?"
අම්මා උත්තර දෙන්නේ තව ටිකක් හයියෙන් අඬලා, හොටු හූරලා දාලා, පහත් වෙලා දිග ගවුමේ කොනකින්ම නහයත් පිහදලා ඉවර වෙලයි. එතකොට ආච්චිගෙ රතු කට්ට පැනලා. "මොකද බං. ඇඬුවාම සේරම හරි යනවද. මොන මළදානයක් හරි කරන්න කලින් දැනගෙන ඉන්න එපැයි".

සීයට දෙසීයක්ම අපේ තාත්තාට කරුණාව පහළ වෙනවා ඔය වගේ වෙලාවට. තමුන්ගේම අම්මා වුණත් බිරින්දෑට මොකවත් කියනවට එයා මනාප නෑ. එ්ක තමා හැටි.
'ලොව රූපවතියන් හමුවේ - අධිරාජයෝ
අභිමාන රජකම් හැරදා - පැරදී ගියෝ' කියලා ජී.එස්.බී. රාණි පෙරේරා කියන්නේ සින්දුවකිනුත්. මම කලිනුත් කියලා ඇතිනේ, අඹුසොඬ බමුණා ගැන. මොකද මන්දා මට තාත්තා ගැන එහෙම හිතෙන්නේ.... 
මට පවූවූවූවූ!

"එයාගෙ අම්මා හොඳටම අසනීපෙන්ලු, අම්මේ". තාත්තා අම්මාගේ තෝල්කයා වුණා.

"මතක් කරන්න එපා, ඔය අම්මණ්ඩිලා මට අරහං" කියාගෙන ආච්චි මාරු වුණා, ප්‍රශ්නය තාත්තටම තියලා.

තාත්තාට ප්‍රශ්න විසඳන හොඳම ක්‍රමය ගැන පූර්වාදර්ශ තිබුණේ නැහැ. ඒ කාලේ හිටියේ ඩඩ්ලි සේනානායක මහත්තයා වගේ අයනේ. 1953 හර්තාල් එකේදි සිද්ද වුණු දේවල් නිසා කලකිරිලා උන්නැහේ අගමැතිකමෙනුත් ඉල්ලා අස්වෙලා ගෙදර ගිහිල්ලනේ. ඒකට දැන්. විසි හතර වතාවක් පැරදිලත්; දැන්වත් දාලා පලයං කියලා කොච්චර කිව්වත් නායකකමවත් දාලා නොයා, ප්‍රතිසංවිධාන කොමිටි දදා ඉන්න අය ඒ දවස්වලත් හිටියා නම්.
බුදු sure, අපේ තාත්තත් දැන් හිටියා නම් කොමිටියක් පත් කරනවා!

ඩඩ්ලි සේනානායක මහත්තයා නම් ඕනෙම වෙලාවක නම්බු පිටින් පට්ටම් දමා ගහලා යන්න හැදුවා!
හැබැයි අපේ තාත්තටත් කුස්සි කැබිනට්ටුවක් තිබ්බා. ඒකච්ඡන්දෙන් ඒකට සාමාජිකයෝ දෙන්නෙක් පත්වෙලා හිටියා. අම්මයි, තාත්තයි. .....මොකක්ද කිව්වේ?

නෑ, නෑ.... මට හොඳට ඇහෙනවා, අලි-අත්තුන්ට වාගේම, සියඹලා කොළයක් බිමට වැටෙන සද්දෙත් නියමෙට ඇහෙනවා. මට ඕනෑ නම් නෑහුණා වගෙත් ඉන්නවා. ඒක මගේ මානව හිමිකමක්නේ.

ඔයාලා අහන්නේ කොමිටිවලට වැඩියෙන් දාන්නේ ලිංගික සම්බන්ධකම් උඩද කියලනේ. පිස්සුද? රට්ටු ඔව්වා කියන්නෙ මොකද, එයාලා ඇඳන් යට ඉඳලයැ. අපේ තාත්තත්  එයාගේ ඕනෑකමට අම්මාව කොමිටියට දාගත්තා නෙවෙයි. වෙන කවුද විශ්වාසවන්ත? ඔය කවුරුත් රටට- ගෙදරට බලපාන තීරණ වැඩි හරියක් කුස්සියේදී හරි නිදි යහනාවෙදී හරි ගන්නත් ඇති.  ඒකට මොකෝ? ලොක්කොන්ට තියෙන දාහක් රාජකාරි එක්ක වෙලාව ඉතිරි කරගන්න තමා එහෙම කරනවා ඇත්තේ.

එහෙම ගත්තු තීන්දුවක් උඩ අම්මා බදුලු ගියා. දවස් ගාණකට පස්සෙයි ආවේ. එතකොට බදුල්ලේ ආච්චිට සනීපයිලු. අම්මා අලුත්ම කෑල්ල එළියට වැඩැම්මුවේ සුබ මුහුර්තියක් එනකල්ම කල් මරලා. "අපි අම්මව ටික දවසකට මෙහෙ එක්කගෙන එමුද ඒයි?"

"කවුද ඒ මනුස්සයට සාත්තු-සප්පායම් කරන්නේ? දවල්ට තමුසෙත් ගෙදර නැති එකේ..." ඒ දවස්වල අම්මා වැඩට යනවා.
"ඇයි රන්ජිලාත් ඉන්නේ." එතකොටයි, එච්චර කාලයක් හැංගිලා තිබ්බ කතාවක් එළියට ආවේ.

"රෙද්දක් ඇඳගෙනද ගෑනියේ උඹ කතා කරන්නේ.... රංජි...රංජි... ඔය ගෑනිම නේද ඌ ඉපදෙන්නත් ඉස්සෙල්ලා මරලා දාන්න හැදුවේ? දැන් ඌට කියලද...."

කතාව සම්පූර්ණයෙන්ම ගළපාගන්න නම් කාලයක් ගියා.

දිසානායක හේවගේ ගුණපාල 'ගිනි භටයා' විදිහට පත්වීමක් ලබලා බදුල්ලට ගියා. රහුබැද්දේ විදානේලගේ කිරිවන්තේ උන්දැගේ ගෙයක් කුලියට අරගෙනයි එහේ හිටියේ. අන්තිමට ඒ ගේ දෑවැද්දටම අරගෙනයි නැවතුණේ. (ඔය අස්සේ හැංගුණු කතා එමටයි. පස්සේ කියමු.) එතකොට ආර්.වී. ලීලාවතී ජම්බු ගහෙන් වැටිලාත් මහා කාලයක් ගිහින් තිබ්බෙ නෑලු; කොටින්ම අවුරුදු දාහතවත් පිරිලා නෑ. කසාදෙ ලියාපදිංචි කරලා තියෙන්නෙත් බොරු වයසක් දාලා. හරියටම කියනවා නම් අපේ තාත්තා කරලා තියෙන්නේ බාල අපරාධයක්!

කවුරු හරි අම්මාගේ වයස මගෙන් ඇහුවොත් මට හරි ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. (මං නම් ඒ වගේ ප්‍රශ්න කාගෙන්වත් අහන්නේ නෑ. මෑතක් වෙනකල්ම මගේ වයස කිව්වෙත් නෑ. දැන් නම් කියනවා.) මගේ වයසට දාහතක් එකතු කළාම ඒක තමයි අම්මාගෙ වයස.

රහුබැද්දේ විදානේලාගේ ලීලාවතීයි, නිමල් දිසානායකයි.........
බදුල්ලේ ආච්චි ඒ පැත්තේ ප්‍රසිද්ධ වෙලා හිටි කෙනෙක්; ගෙඩි වෙදකමට. ඒ වගේම වින්නඹුකමටත්. ඉතින් තමුන්ගෙ දෝනියන්දෑ බොහෝම අඩු වයසෙන් බඩ-ගැබ්බර වුණාම උන්දැට දුක හිතෙන්නැති. ඇත්තටම වෙන්න ඇත්තෙත් මේකම තමා. අපේ අම්මා මේ කතාව එයාගේ පැත්තෙන් මට කිව්වාම, බදුල්ලේ ආච්චිගේ යහපත් චේතනාව මං පිළිගත්තා.

අපේ අම්මා මට ඔය කතාව කිව්වෙත් හරි බයෙන්. ඇයි තාත්තා යකා වගෙනෙ කේන්ති ගියාම. "ලීලෝ මෙච්චර අඩු වයසෙන්ම දරුවෙක් හදාගෙන පුළුවනියැ මයෙ අම්මා?...."

ඔන්න මෙච්චර වෙලා දිගටම කියාගෙන ආවට තවත් නම් බෑ, බෑමයි.

"රංජි පුතා! දිස්නා... රංජි අයියා ඇවිල්ලා මයෙ අම්මා.." සෝමා පුංචි ඇදලා කියනවා, බදුල්ලේ ඇක්ෂන් එකෙන්. බදුල්ල පැත්තේ ඒ කතාවට මම හරි ආසයි.

ප්‍රශ්නයක් අහද්දී 'ද' කියලා එකතු කරන පුරුද්දක් එහෙ නෑ. "රංජි පුතා කෑවද?" කියා අහන්න ඕනෑ වුණැයි කියමුකො. ඒගොල්ලො ඒක අහන්නෙ මෙහෙමයි. "රංජි පුතා කෑවා?". උච්චාරණය කරන විදියෙන් තමා ප්‍රශ්නයක් බව පේන්නේ. "වා" අකුර ගොඩක් දිගට අදිනවා, ටිකක් ලෙලවමින්. තව තියෙනවා. 'මගෙ' වෙනුවට 'මයෙ' වැනි වචන.....

තාක්ෂණයේ දියුණුවක් නම් තමයි, සංවර්ධනයේ ප්‍රතිලාභ විදියට අපට ලැබුණු රූපවාහිනියත්, රේඩියෝවත් නිසා මේ වගේ ප්‍රාදේශීය ව්‍යවහාර දැන් වාෂ්ප වෙලා ගිහින්.


තාක්ෂනික දියුණුවත් එක්කම ප්‍රාදේශීයකම් අතුරුදහන් වෙන්න ගියේ පොඩි කාලයක්..........
සෝමා පුංචි, කඩේ පුංචි, කඩේ ආච්චි, වීරෙ අයියා, ගුණේ අක්කා, හේනේ පුතා වගේ අයගෙනුත් දැන් මේ වහර ඈත් වෙවී යනවා වගේ. මට නම් දුකේ බෑ. ඒත් එයාලත් ආසා නැතැයි දියුණු ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න. අපි විතරක් ගියාම මදිනේ.

"...දරුවෙක් හදාගෙන පුළුවනියැ මයෙ අම්මා? දැන්මම....ගුණපාල ළමයගෙනුත් ඇහැව්වා නං..... මං දන්නවා ඕක ගැස්සිලා යන්න බේත්. තව කල් තියෙනවා මයෙ ලොකු දූට ළමයි හදන්න...." බදුල්ලේ ආච්චිගෙ කතාව පුළුවාන් තරං හීං කරලා කිව්වත් අපේ තාත්තා ඊට එකඟ වී නැත, ආච්චි සමඟ වෛර බැඳගත්තා මිස. 
මට අනුව නම් බදුල්ලේ ආච්චිත් කාලයට වඩා ඉදිරියෙන් හිටි ගැහැනියකි!


සිල්වියා ප්‍රනාන්දු, ලීලා බස්නායක, දොස්තර මේරි රත්නම් මහත්මීන් ප්‍රමුඛ පිරිසක් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පිහිටුවාගෙන තියෙන්නෙත් ඔය සන්දියෙමයි. 1953 අවුරුද්දේ. ඒ කොළඹදී. ෆැමිලි ප්ලෑනින් කියන සංකල්පයක් ගැන මෙලෝ දෙයක්, හාන්කාවිසියක් ඒ කාලේ බදුල්ලෙ, මයිලගස්තැන්නේ කන්දක් උඩ තිබ්බ හේනක හිටි ආච්චිලට කාන්දු වෙන්න කිසිම-කිසි ඉඩක් තිබුණේ නැතිවට මෙන්න කැට. ඒත් ආච්චී ගංගොඩේ ගෙඩි වෙදකං කරද්දී, වින්නඹුකං කරද්දී ලැබුණු අවබෝධෙන් තමා අපේ අම්මට හොඳක් කරන්න හිතන්නට ඇත්තේ.

ඒ අතින් නම් අපේ තාත්තා හරිම පසුගාමියි. ප්‍රතිගාමියි. චෝදනාව සනාථ කරන්නම්කො පස්සේ. එක්කෝ දැන්මම කියලා දාලා ඉන්නවා. අපේ පවුලේ ළමයි දහයක්. තිබ්බ තත්වේ හැටියට නම් තුන්-හතර දෙනෙකුත් හොඳටම වැඩියි. කොහෙද? කරුමෙට වගේ තාත්තා ඇදහුවේ, නිතරෝම කිව්වේ 'වැලේ ගෙඩි වැලට බර වැඩි නෑ' කියලයි. තව කිව්වා උපදින කවුරුවත් බඩගින්නේ මැරෙන්නේ නෑ කියලත්. ඇත්ත. අපි නම් මැරුණේ බාගෙට; බඩගින්නේ. 'අජාසත්ත 3-4' කොටස්වල ඒවා තියෙන නිසා ආයෙම ලියන්නෑ, හොඳේ.

ඊට හපන් අපේ අම්මා! පුදුම වාසනාවන්ත පරම්පරාවක ඉපදිලා තියෙන්නේ. මං හිතන්නේ 'පිරිමියෙකුට පැදුර පෑගුණත් ඇති, ඒ අම්මණ්ඩි ගැබ්බර වෙනවා' කියමන හැදෙන්න ඇත්තේ අම්මලාගේ පරම්පරාව දැකලා. ඒකෙ ගෑනු හැමෝම හත-අටක්වත් score කරපු අය. ඒ ආර අපේ චූටි නංගි දීපානිටත් ඇවිල්ලා.

කොච්චර දුරට ඇවිල්ලාද කියලා 'ගස්සලා යවමුද' දෙවෙනි කොටසෙන් කියන්නම්කෝ.

අජාසත්ත - තෙවෙනි කොටස

ඉතින් අර ලියනගේ විල්මන් අයියාත් එක්ක තියෙන මිත්‍රකම නිසා එයා එකඟ වෙලා තිබ්බා වින්කලේ ඉස්සරහා අපේ වේදිකාව ගහන්න තාත්තාට ඉඩ දෙන්න.

"හැමෝම ඇඳුම්වලට සාරිය ගණනේ ගේන්න ඕනේ. ජෝජට් සාරියක් නම් වඩා හොඳයි." නාට්‍යය ප්‍රැක්ටිස් කරන දවසක තාත්තා ප්‍රසිද්ධ නිවේදනයක් කළා.

අපේ අම්මා ළඟ තිබුණා ජෝජට් සාරි දෙකක්. එකක් සුදු පාටයි. අනෙක රතු. මම ආසාවෙන් හිටියේ රතු එකට. "ඒක බන්දුට දෙන්න වෙනවා.... ඉතින් නහයෙන් අඬන්නැතුව හිටපන්. අජාසත්ත කියන්නේ නපුරු කුමාරයෙක්.... එයාට රතු පාට ගැළපෙනවා. බිම්බිසාර දේවියට සුදුපාට වැඩියෙන් හොඳයි." තාත්තා මාව සනසවලා බන්දුලට දෝතිය අන්දවන්න රතු සාරිය ගත්තා.

"සාරිය අපෙනේ. අපේ එකාට ඒක නොදී පිට එකාට දෙනවා." අම්මාත් මගෙ පැත්තට හිටියා.

"අනේ මේ, නොදන්න රෙද්දවල්වලට කට නොදා ඉන්නවා. වැඩක් කරන්න ගියාම ඒකට හොඳක් වෙන විදියටයි වැඩ කරන්න ඕනේ.....රංජි, උඹ...උඹටයි මං මේක කියන්නේ. ඉස්සෙල්ලා වැඩේට ඕනෑ දේ ගැන හිතපන්! තමන්ගෙද අනුන්ගෙද කියල නෙවෙයි." පසු කාලෙකදී තාත්තාගේ ඒ අවවාදය සිය-දහස් වතාවක් මට පිළිපදින්න වුණා.

නාට්‍යය පෙන්වන්න දවස් දහයයි, අපට හොඳටම හාඩප්........
නාට්‍යයට දවස් දහයක් විතර තියෙද්දී අපට හොඳටම හාඩප්! කිසිම ආදායම් මාර්ගයක් නැතිව කොහොමද හත්-අට දෙනෙක් කන්නෙ-බොන්නේ? අපි හයින්-හාගතේ ඉන්නවා බලන් ඉන්න බැරිකමට ආච්චි පාන් ගෙඩියක් දෙකක් ඉඳහිට ගෙනැත් දුන්නා. එ්ක තුන් වේලකට තියා එකකටත් මදි. එතකොට අපේ අම්මාත් රස්සාවට යන්න පටන් අරන් තිබ්බෙ නෑ. තාත්තාගෙ පැන්ෂන් එක ඇතියැ අපේ පවුලටම.

දුප්පත්කම අපරාධයක්ද?

මං 'රාවය' පත්තරයේ නිත්‍ය පාඨකයෙක්. පත්තරයක් කියවද්දී තදින්ම මගේ හද සසල කරවන යමක් තිබ්බොත්, මං ඒ කොටස කපලා අරන් තියාගන්නවා. 2012 නොවැම්බර් 11 රාවයේ 12 පිටුවේ යට කොටසෙ පළවී තිබුණු 'හයවැනි මහලේ සිට' විශේෂාංගය ඒ විදියට මං අරන් තියාගත් එකක්. නුවන් උදය වික්‍රමසිංහ මෙහෙමයි එහි මුල්ම කොටස ලියා තිබුණේ.

'ලොව ප්‍රකට එක් ජනපතිවරයකු විසින් ලියන ලද අපූරු පොත් පිංචක් වෙයි. එහි නමේ සිංහල අරුත "දැල්වෙන මනස" යනුවෙන් කිව හැකිය.මේ කෘතිය මෙන්ම එහි පිදුමද කිසියම් විශේෂිත බවක් දක්වයි. කතුවරයා (ඔහු කෙසේවත් තමන් ජනපති උතුමා, මහ රජතුමා ලෙස හඳුන්වනු දැකීම ප්‍රිය නොකළ නිරහංකාර එමෙන්ම දක්ෂ මිනිසෙකි.) සිය පොත පුද කරනුයේ එක්තරා පාසලක ඉගෙනුම ලබන දැරියකටය. ඔහු එම දැරියට කෘතිය පිළිගන්වනුයේ ඇය ඔහු විසින් අසන ලද ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුර දුන් හෙයිනි. ජනපතිවරයාගේ ප්‍රශ්නය මෙයයි.

"අප රටේ ප්‍රධාන සතුරා කවුද?"

ඊට ලැබුණු පිළිතුරු විවිධය. එහෙත් නිවැරැදි පිළිතුර දෙන ලද්දේ අර දැරිය විසිනි. ඒ පිළිතුර මෙයයි. "දුප්පත්කම!"

මේ ජනපතිවරයා අන් කවරකුවත් නොව අසල්වැසි ඉන්දියාවේ හිටපු ජනපති ඒ.පී.ජේ. අබ්දුල් කලාම් ය.

අපේ රටේ ප්‍රධාන සතුරා කවුරුන්ද?
ලංකාවේ මේ ඊනියා ස්වර්ණමය යුගයේ කවුරුන් හෝ අපේ පාලකයාට එම පිළිතුර දුන්නේ නම්....'

හැමෝම දුප්පත්කමේ හැබෑ රහයි, හැබෑ රඟයි දන්නවා නම්....ඒ දවස්වල බට කිරිල්ල, ගඳපාන, ඇඹිල්ල, චීන වගේ හින්නිකිතර ගෙඩි ජාති හැදෙන ගස් පවා අපි ගැන දුක හිතිලද මන්දා අපට උදව් නොවී අහක බැලුවේ නෑ. කාලා තියෙනවාද ගොරකා දලු? ගොරක ගස්වල දලුත් දිවිය ලෝක රහයි කියලා අපි දැනගත්තේ ඒ දවස්වලමයි. ඇයි බිම්පොල්? කොට්ටම්බා ගස් යට, පොල්ගස්වල මුල් අස්සේ, බඩවැටිවල හැම තැනම වැවෙන බිම්පොලුත් අපට සැලකුවේ සහෝදරයෝ වගේ. දැන් නම් තේරෙනවා, අර ගස්වලටයි පඳුරුවලටයි ලොකුම ප්‍රශ්නේ වෙන්න ඇත්තේ මොකක්ද කියලා. 'උදේම දලුයි, ගෙඩියි ඉවරෙටම දන් දීලා හවසටත් දෙන්නේ කොහොමද?' 

ප්‍රශ්නයක් එක්කම උත්තරයකුත් තියෙනවලු. මාත් උත්තර හෙව්වා!

ඊට කලින් අවුරුද්දේ; 1965 ඉඳලාම මම පොඩි ධනෝපායන රස්සාවක් හොයාගෙන තිබුණා. 'කොටුවේ ආච්චිට උදලු ගාලා දීම.'

අපේ වත්තට; වත්ත කිව්වාට පර්චස් 40 ඉඩම් කෑල්ලක්. ඒ වෙනකොට ආච්චිලා ඒකට සල්ලි ගෙවලා ඉවර වෙලා තිබ්බෙත් නෑ. ඒ ඉඩමට පහළින් තිබ්බෙ ඕවිටක්. සොපිහාමිගේ. අපට නම් කොටුවෙ  ආච්චි.

ඒ මනුස්සයා රෑට විතරයි ගෙදර යන්නේ. දවසම ඕවිටේ. "ඕවිටේ තණකොළ ගසුත් සොපිහාමිව අඳුරනවා" කියලයි අපේ ආච්චි කීවේ.

කොටුවෙ ආච්චිට දූල-පුතාලා කැලතක් හිටියා. එක පුතෙක්; චන්ද්‍රසේන මාමා තමයි සමහර වෙලාවට ඇවිත් ඕවිට උදලු ගාලා කොටලා දෙන්නේ. මාත් ඒ වගේ වෙලාවට ගිහින් උදවු වෙනවා. කොටුවෙ ආච්චිත් හුඟ වෙලාවට බණ්ඩක්කා ටිකක්, මෑ කරල් පොඩ්ඩක්, නිවිති මිටියක් මට දෙනවා "ඕක අම්මට ගොහින් දෙනවා ළමයෝ" කියලා.

එදා මට චන්දරේ මාමා පෙනුණේ මහ දැවැන්තයෙක් විදියට. වීරයෙක් විදියට! එක සීරුවට, එක දිගට, නොනවත්තා උදැල්ල ගහමින් ඕවිටේ පස් පෙරළනකොට එයා දිහා බලන් ඉන්න ආසයි. කොච්චර දාඩිය වැක්කෙරුණත් එයාට ගණනක් නෑ. දාඩියෙන් තෙමිච්ච චන්දරේ මාමාගෙ අත්වල, පපුවේ, පිම්බුණු මස් පිඬු අව්වට දිලිසුණේ රිදී පාටට....

අද මට හිතෙනවා මං චන්දරේ මාමාගෙ ෆිට් බොඩි එකට එච්චර තණ්හාවෙන් හිටියේ අපේ තාත්තගේ කොලු කාලේ ෆොටෝ එක නිසාවත්ද කියලා. මේං ඒ ෆොටෝ එක. "...ඕක ගන්න කාලේ ගුණේට අවුරුදු දාසයක්වත් නෑ!" දසනායක රත්නවතී; අපේ ආච්චි ෆොටෝ එක දෙන ගමන් මට කීවා.

අපේ තාත්තා අවුරුදු දාසයෙදීත්..... හොඳ හොඳ කෙළි කෙළපු ගොබිලෙකි!
චන්ද්‍රසේන මාමාත් ගොඩක් පොත් කියවනවා ඒ කාලේ. උදලු ගාන ගමන් එයා කියවපු පොත්වල කතන්දර මටත් කියලා දුන්නා. ඒවා ඩීමන් ආනන්ද ලියපු පොත්ලු. ඔන්න චන්ද්‍රසේන මාමා තමයි මට ඩීමන් ආනන්දව මුණ ගැස්සුවේ ඕවිටකදී.   
   
එයාට එක රැයකදී එක නවකතාවක් ලියන්න පුළුවන්ලු! මගෙ අම්මෝ.... පුදුම හපනෙක්නේ. මං චන්දරේ මාමට කිව්වා මටත් ඒ පොතක් ගෙනල්ලා දෙන්නකෝ කියලා. "අපොයි රංජි, ඔයාලගේ තාත්තා මාව හම ගහයි එහෙම කළොත්. ඒවා පොඩි ළමයින්ට කියවන්න දෙන්නේ නෑනේ."

'ඔයාටනෙ බැරි. මං හොයාගන්නම්කො.' මටම කියාගෙන මං දැඩිව අධිෂ්ඨාන කරගත්තා; තරහෙන්ම. ඔහොම ඉඳිද්දී එක දවසක් හරි වැඩක් වුණානේ.

රංජි, ඊයේ රෑ මම මාර නවකතා පොතක් කියෙව්වා.........
"රංජි, ඊයේ මං ෂෝක් මාරක කතාවක් කියෙව්වනේ. ඩීමන් ආනන්දගේ පොතක්." චන්දරේ මාමා කීවා.
"අනේ, හොඳ චන්දරේ මාමා වගේ මටත් ඒකේ කතාව කියන්නකෝ." මං ආයාචනා කළේ මාරක කතා කියන්නේ මොනවාද කියලා පස්සේ අහගන්න හිතාගෙන. ඔන්න දැන් මාමා කතාව පණ පිහිටුවලා කියාගෙන යනවා. "....ඉතිං ඒ මිනිහා අර කෙල්ලව දූෂණය කරලා මරණවා!"

"මොකක්ද චන්ද්‍රසේන මාමේ දූෂණය කරනවා කියන්නේ?" හැම රෙද්දම හොයන පුරුද්දට පුංචි සංදියේ ඉඳලාම පුරුදු වෙලා හිටිය මොට්ට රංජි ඕවිටේදී එහෙම ඇහුවා විතරයි චන්දරේ මාමා ගොළු ගැහුණා, විනාඩි ගණනක් යනතුරාම.

එක රැයෙන් එක නවකතාවක් ලියන්නට හපන් මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහතාව මට මුණ ගැස්සුවේ ඔවිටකදී.....
"......හොඳටම වද දීලා මරණ එකටයි එහෙම කියන්නේ." එවෙලෙ එයා මට කිව්වත්, දිග වෙලාවක් නිකට කස-කසා චන්දරේ මාමා කල්පනා කරපු විදියෙන්ම මං දැනගත්තා, මොකාක් හරි මට හංගපු බව.

ඔහොම දිගටම යන්න ගියොත් නිමල්......මගෙ හිත මටම අනතුරු අඟවනවා. හරි, හරි. මේං ආපහු හැරුණා. ඕං ආයෙම ධනෝපායන කතාවට. එහෙම කිව්වාට කවදාවත් කොටුවේ ආච්චි මට සල්ලි දීලා නෑ, එළවළුවක් දෙකක් දෙනවා මිස. අර මී කුණක් විකුණලා පොහොසත් වුණු මිනිහට වගේ මට කාගෙවත් කතාවක් ඇහුණේ නැහැ අදහස් පහළ වෙන්න. විදුලියක් කෙටුවා වගේ එකෑවරම අදහස හිතට රිංගුවා.

"චන්දරේ මාමේ. මේ උදලු ගාලා දාන තණකොළත් එක්ක තියෙන මුකුණුවැන්න ටික මං තෝරාගන්නද?"
"ඒකට මොකෝ රංජි."

ඊට පස්සේ කොටුව උදලු ගාන හැම දවසකම මං කරන්නේ මුකුණුවැන්න ටික තෝරලා, හොඳට හෝදලා, මිටි බඳින එක. මිටි බැඳලා ඒවා පියදාස මුදලාලිලගෙ කඩේට හරි හට් එකේ කඩේට හරි ගෙනියන එක, විකුණලා සල්ලි ගන්න. ඒ විදියටත් වතාවකට සත තිහ-හතළිහක් මං හම්බ කළා. මට මතක හැටියට නම් ඒ දවස්වල සීනි රාත්තලක් සත තිස් හයයි නැත්තම් හැත්තෑදෙකයි. එ්ක හොඳටම මතක මොකෝ දන්නවද? සත නවයක සීනි තමයි මුකුණුවැන්න විකුණගන්න ඇහැක් වුණු දවසට ගෙනාවේ. සීනි කාලක් හරි අරික්කාලක් හරි. ඒවා ඔතලා දෙන්නේ පත්තර කෑල්ලක. කීයටවත් ඒ කොළ කෑල්ල අහක දමන්න මං ඉඩ දෙන්නේ නෑ; දිග ඇරලා-පිහදලා-කියවලාම මිස.

......පාන් රාත්තලක් සත විසි පහයි වගෙත් යාන්තමට මතකයි.

මෙන්න ඔත්තුවක්. මහරගම හන්දියෙන් රේල් පාර ක්‍රොස් කරලා එද්දී පළමු වරට පුංචිම-පුංචි පල්ලමක් බහින්න ගන්නකොටම වම් පැත්ත බලන්න.....බිල්ඩිමක්. CIB ග්‍රේ ක්ලෝත් සෙන්ටර් එක... කොට්ටම්බා ගහක්. (රේල් පාර පැනලා එනවිට වම් පැත්තේ කොට්ටම්බා ගස්  දෙකක් පහු කරන්න. තුන්වෙනි කොට්ටම්බා ගහ) අන්න එතනයි හට් එකේ කඩය තිබුණේ.  ඒ එක්කම තට්ටු හතරක ගොඩනැගිල්ල. පද්මා මැෂින් සෙන්ටර්. එ්ක හැදුණේ පියදාස මුදලාලිගෙ කඩේ වැහිලත් පරම්පරාවකට පස්සෙ.

ඒ දැන් ව්‍යාපාර.... එදා මගෙ වියාපාරේ සාර්ථක වෙද්දී මං තව පොටක් පාදා ගත්තා.

වනාතෙ වත්තේ තිබුණා ලොකු පොල් වෙරළු ගහක්. ගහ පාමුල අන්නාසි ගස් ගොන්නක්ම. අන්නාසි පඳුරු අස්සේ පොළොංගු ඉන්නවාලු කියලා කවුරුවත් හොඳට එළිය වැටෙන්න කලින් එහාට එන්නේ නැහැ; වෙරළු අහුලාගන්න. හිමිදිරි පාන්දරම කුප්පි ලාම්පුවකුත් අරං ගිහින් මම වෙරළු අහුලනවා. රත්තා හරි මහතැන හරි ඒවිද කියා බල-බලා. කුප්පිය පොල් කටුවකින් මුවා කරගෙනයි යන්නේ, දුර කාටවත් නොපෙනෙන්න. එහෙම අහුලන වෙරළු පන්තියේ ළමයින්ට....ඔව්, ඔව්. විද්‍යාකර විද්‍යාලයේ මාත් එක්ක හයේ පන්තියේ හිටි ළමයින්ට විකුණනවා. වික්ක ගණනත් කියන්නම්. ගෙඩි දෙකක් සත තුනට හරි, ගෙඩි තුනක් සත දෙකට හරි.... මතකය චූට්ටක් පැටලෙනවා. දෙකට තුන හෝ තුනට දෙක කියලා නම් ෂුවර්!

මේවා ඇත්තද? වෙන කෙනෙක් මට කියනවා නම් මං වුණත් අදහාවිද. මෙච්චර විස්තර.... සමාවෙන්න, ඇත්තම කියන්නයි මට ඕනේ.

මෙයිට කලින් මගේ ජීවිත කතාව ලියන්න ඕනේ කියලා සිය-දහස් වතාවක් හිතිලා තියෙනවා. ලියන්න පටන් අරගෙන අත ඇරලා දාලාත් තියෙනවා. බයේ නෙවෙයි. එකක් කම්මැළිකම. අනෙක කාට-කාට හරි රිදෙන්න තියෙන ඉඩ.

බ්ලොග් එකක් ලියන්න මම හිතුවෙත්.... අපි තුන්දෙනෙක්; ඩොක්ටර් අයස්මන්ත පීරිසුයි, නෙවිල් අනුරසිරියි, මමයි කරන අත්හදා බැලීමක් ගැන. තව කාට හරි ප්‍රයෝජනයක් ගත හැකි නිසයි ලියන්න හිතුවේ. 2017 ඔක්තෝබර් 24 ඉඳලා වචන දහස් ගණනක් කෙටුවා. පාඨකයෙක් විදියට මම දන්නවා, එහෙම දේවල් හැමෝටම interesting වෙන්නෙ නෑ. අන්තිමට මං තීරණේ කළා සේරෝම දේවල් කලවමේ ලියන්න. එතකොට ඒ තරම්ම ඒකාකාරී  වෙන්නේ නැහැ. හැබැයි ඇත්තම ඇත්ත ලියනවා! මං තීරණය කළා.

සමහර ඇත්ත දේවල් ලියන්නත් අමාරු තරම් කටුකයි..........
සමහර වෙලාවට ඇත්ත තිත්තයි; කටුකයි; අවමානය උපදවනසුලුයි; ලජ්ජා සහගතයි; හෙළා දැකිය යුතුයි.... ඒවගේම විටෙකදී ඇත්ත හාස්‍යජනකයි; රසබරයි; ආදර්ශවත් වගේම අභිමානවත්..... ජීවිතය කියන්නේ ඒ ඔක්කොමගෙම සංකලනයක්. 
ඒක ඇත්ත නම් ඇයි කොටසක් විතරක් හංගන්නේ? කවුරු කාව රැවට්ටුවත් මම නම් මගෙ හෘදය සාක්ෂ්‍යය රවට්ටාගන්නේ නැහැ. එහෙම ලියනවා. ලියන්න ඕනේ සේරම ලියනවා. ආත්මයම මරාගෙන පිටකබොල්ල විතරක් ජීවත් කරවන්නේ මොන එහෙකටද?

ඒකයි මං මට මතක හැටියට, සීයට සීයක්ම ඇත්තම කියන්න වෑයම් කරන්නේ. පෙළක් වෙලාවට මට හිතෙනවා මං අතීත මතක මන්දිරවල හිරකාරයෙක් වෙලයි කියලත්! දැන් නම්..."බල පා තෙද පා දැඩි එඩි පා - මේ යදම් කඩා පුපුරා යන සේ - කකියා එයි රුධිරේ......"

මං මුකුණුවැන්න - වෙරළු වික්කේ පොඩි ලැජ්ජාවක් හිතේ නලියද්දි. ඒත් මුලදී විතරයි එහෙම දැනුණේ. ටික දවසකින් ඒ වගෙ දේවල් අපට පත්තියම් වෙනවා! ඒ විකුණලා මං හම්බ කළ හැම සතයක්ම වියදම් කළෙත් ගෙදර හැමෝටමයි. මං එහෙම කළේ වෙන කරන්න දෙයක් නැති නිසා. වෙන කෙනෙක් නොහිටි නිසා. පවුලේ වැඩිමලා මම නිසා.

නාට්‍යයට දවස් දහයක් විතර තියෙද්දී අපට හොඳටම හාඩප්‍ වුණා. ඇයි, එහෙන් නාට්‍ය ප්‍රැක්ටිස්, මෙහෙන් ආධාර එකතු කරන්න යනවා. ඒ අස්සේ මාල, වළලු, අත්පටි,ඔටුනු හදාගන්න.... ඒවාටම පැය විසිහතර මදි. උදලු ගාන්න, වෙරළු අහුලන්න තියා ඉස්කෝලේ යන්නවත් මට බැරි වුණා. ඒ අස්සේ අම්මාගේ මදුරු අඬෝවැඩියාව.

විදිහක් නම් තියෙනවා. උඹට නම් ඒක හොඳටම කරන්නත් පුළුවන්.....
දවසක් තාත්තා මගෙත් එක්ක නංගිල-මල්ලිලා බඩගින්නේ ඉන්න හැටි ගැන කතාවකට වැටුණා. ඒක කෙලවර වුණේ ප්‍රශ්නේකින්. "....විදියක් නම් තියෙනවා රංජි. උඹට නම් ඒක හොඳට කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි." තාත්තා කිව්වා.

"මොකක්ද තාත්තේ?" මම ඇහුවා.

........එහෙමයි.....
එහෙමයි කියලා ලේසියෙන්ම කතාව ඉවර කරන්නයැ? පංච තන්තරෙත් එහෙමයිනේ. ඕං තව දවසකට කල් තිබ්බා. දෝෂාභියෝගයකට සූජානං වෙන හින්දා හෙම නෙවෙයි, හොඳේ.