li Item

Sunday, December 11, 2022

අබ්ලික් snack - දෙවෙනි කොටස

“සර්ලට ඒ මහත්තයාව hospital ගෙනියන්න නං ඕනි, මම drive කරන්නං. හැබැයි හොස්පිටල් එකක් තියෙන්නේ කිලෝ මීටර් හැටකටත් වැඩිය දුරින්. කඳුකර පාරවල්නේ සර්. එහාට යන්න පැය දෙකහමාරකට වැඩිය යනවා.... යනකොට තියෙන අමාරුව... සර්ලටම පෙනෙන්න ඇතිනෙ එද්දි මෙහෙ පාරවල්වල තත්ත්වේ.” 

ඔහු කිව්වේ ඇත්ත තත්ත්වයයි. ඉතිං මොකද කරන්නේ?

“ඒයි මචං, ලොක්කගෙ පපුවේ කැක්කුම දැන් අඩුයිලු!” අලුත්ම තත්ත්වය කියැවිණි. ඒත් එක්කම ආපහු මත ප්‍රකාශන...

අඩේ මේ, කොයිකටත් ලොක්කලගෙ කූඩාරමේ ඉන්න එවුන් ටිකක් කල්පනාවෙන් හිටපල්ලා. හරිද?

වැඩිය හොඳයි එයාට නිඳා ගන්න අරින එක / ඇයි මචං, මේ පාරේ තියෙන වළවල්වල වැටි-වැටී hospital එකට යනකොට නැති අමාරුත් හැදිල තියෙයි / ඩොකාලා බේත් වගේකුත් දුන්න නේද? ඒවට හරි ගියා වෙන්නැති / අඩේ මේ, කොයිකටත් ලොක්කලගෙ කූඩාරමේ ඉන්න එවුන් ටිකක් කල්පනාවෙන් හිටපල්ලා. හරිද?

සොක්‍රටීස්ව නිඳා ගන්නට එක්ක යැවිණි.

ඊට ටිකකට පස්සේය, කාගෙන්දෝ අලුත්ම අදහසක් මතුවී ආවේ.
“Food පොයිසනින් එකක් වගෙයි... දැන් හරි යාගෙන එනව වෙන්නැති.”

කෑමක් විෂ වීමේ කාරණාව ඇට්ලස්ටත් මටත් තදින් වැදුණු බව නොකියාම බැරිය. පොදු කෑම ශාලාවේම හිටිමින්, බක පණ්ඩිත අපි දෙන්නා විශ්ලේෂණය පටන් ගත්තෙමු.
“එතකොට වෙවිලිල්ල?”
“ඒක නේන්නං. අනික නිමල් අයියේ, කෑමක් ඇලර්ජික් වෙන්න නං... මොනවද අපි කෑවේ?”

“ඇයි හලෝ, බූබම්බා හදාගෙන ආපු ඉස්සෝ බයිට් එක?” ආතබූත මතක් කළේය. “ඒත් මම කෑවෙ ඉස්සෝ දෙන්නෙක් විතරයිනෙ.” කෝන්තර කිව්වේ මං වහන්සේය. “ඉතිං කොහොමද...”
“නරක වෙලාවට එකක් කෑවත් ඇති බං.”

“ඉස්සෝ වෙන්ඩ බෑ මචං. මටත් වයිබ්‍රේට් ගතිය දැනෙනවනෙ. මං ඉස්සෝ කෑවේ නෑ!” රයිගමයා හෝ ගම්පොළයා හෝ කිව්වේ එතකොටය. “වෙන මොනවා හරි තමයි...”

“ඔක්කොමලම කාපු ජාති ගැන මතක් කළාට වැඩක් වෙන්නෑ. වෙන...?”
“ඇයි මචං. බූබම්බා ගෙනාපු වෙඩින් කේක් වගයකුත් අපි කෑවා නේද?” තවත් ඔත්තුවක්.
“එහෙනං ඉතිං මහෝදරයා ගෙනාව කේකුත් අපි කෑවේ!”
“ඒ කොයි වෙලාවෙද බං? ගොඩක් වේලසනනේ... හතරහමාරට විතර කාපු එකක් විස වෙන්න ඔච්චර වෙලා යනවද.”

එතකොටය කාට-කාටත් මහෝදරව මතක් වුණේ. “හැබෑටම කෝ ඒකා?”
“ඌ නිඳි. යසලාලකතිස්සයත් අන්න දැන්මම ගොරෝ ගොරෝ නිඳි. ඌට හොඳටම වැඩියි. දවලුත් දා ගත්තනේ...”

අප එළිමහනේ පුටු කිහිපයක වාඩිවී... (එතැනදීම ගත් foto එකකි.)

“හරි හරි. ලොක්කට අවුලක් නෑ... නින්ද ගිහිං.” අලුත්ම තත්ත්ව වාර්තාව ප්‍රසිද්ධ කෙරුණාම අපිත් නිඳා ගන්නට ගියෙමු. ඇඳට ගියායින් පස්සෙත්, මට නින්ද යන තුරුමත්- මගෙ දෙකකුල් කම්පනය වෙමින් තිබිණි.

සිද්ධිය ගැන පශ්චාද් පරීක්ෂණය පටන් ගෙන තිබුණේ හිරු උදා වෙන්නටත් කලින්ය. සිද්දවී තිබ්බේ අපෙන් කිසිවකු හීනෙකින්වත් නොසිතූ දෙයකි.
පරීක්ෂණයෙන් හෙළිදරව් වුණු කරුණු මෙසේය:

ඒ ක්‍රියාවලිය ඇරඹිලා තිබ්බේ හවස හතර හමාරට විතරය. අප එළිමහනේ පුටු කිහිපයක වාඩිවී හවස තේ බොන්නට සූදානම් වෙමින් ඉඳිද්දීය.

“හෝව්, හෝව්! පොඩ්ඩක් හිටහල්ලා. තේ බොන්න කලින් කන්න බඩ්ඩක් දෙන්නං.” තේ ගෙනෙන්නැයි කියූ ගමන්ම, මහෝදර කූඩාරම පැත්තට ගියේ සුපුරුදු හෙමින් ගමනෙන්මය.
“අඩෝ, යනව නං අඩිය උස්සල ගිහිං වරෙන්කො.”
“ඇයි, මොකක්ද xකයො
 උඹට තියෙන තදියම.”

“මට ඇති තදියමක් නෑ xත්තො. තේ ගේන්න කලින් උඹේ මහ ලොකු බඩ්ඩ අරං වරෙන්. මේ සීතලට තේ එක නිවෙනවා.”

ඒත් මහෝදර ඉක්මන් වුණේ නැත. ආපහු ආවෙත් හෙමින්මය. එයාගේ අතේ තිබුණේ එච්චර ලොකු පාර්සලයක් නොවේ. පුංචි එකකි.
“අපි දහ-දොළොස් දෙනෙකුට ඔච්චර පොඩි මඟුලක් බෙදන්නෙ කොහොමද ගස්ලබ්බෝ?”
“උඹට ඒකෙන් වැඩක් නෑ xකයෝ! බෙදන්නෙ මමනෙ...” මහෝදර, ඉඳිකටු පැංචාට කඩා පැනලා පාර්සලය ලෙහුවේය.  තත්ත්පරයක් යන්නට කලින් එයාගේ පැත්තටම හැරුණේය. “කොල්ලො, තරහ නැතිව ගැනල බලහං අපේ නඩේ කීයක් ඉන්නවද කියල.” ඉතාම කරුණාබර ස්වරයකින් කිව්වේය.
ඉඳිකටු පැංචාත් කීකරු වුණේය.

ඊයම් ෆොයිල් එකත් පිටින්මය, මහෝදර එය ගෙනත් තිබුණේ.
“මේ ගමනටම හදව ගත්තේ. හර්බල් කේක්!” මහෝදර ඉඟි මරමින්; ඔජ වඩවමින් ඇස් නටවා කියයි.

මමත් ටිකකට ජිරාෆ් කෙනෙකු වී විස්තර බැලුවෙමි. කේක් එක ලස්සන කොළ පාටකින්...

ඒ හාදයා කේක් එක පෙතිවලට කපන්නේත් සීරුවෙනි. මමත් ටිකකට ජිරාෆ් කෙනෙකු වී විස්තර බැලුවෙමි. කේක් එක ලස්සන කොළ පාටකින් යුක්තය; Colouringවලින් ලබා ගත්තා වගේ නොවේ. තද ගොම කොළ පැහැති කුඩා කැටිතිවලිනි, ඒ පාට එන්නේ. “මොනවද හලෝ herble කිව්වේ?” මට කියැවුණේ නිකම්මය.

“අන්න වැඩක්! තමුසෙ කෝකියනෙ, නිමල් අයියේ. කාල බලලා කියනවකො මොනවගෙන්ද මේක හදල තියෙන්නේ කියල” මහෝදර අභියෝගයකුත් කළේ එතකොටය.

“දිසානායකට නියම challenge එක මචං. දීපංකො උත්තර පුළුවනි නං!” මහෝදරට උඩගෙඩි දුන්නෝත් ගොඩකි.

කේක් කෑල්ලේ තිබුණු කොළ පැහැති කුඩා කැබිලිති මොනවාදැයි අනුමාන කරන්නටවත් මට පුළුවන් වුණේ නැත. “බෑ මහත්තයෝ. කොහොමටවත් හිතා ගන්න බෑ. හැබැයි රසයි!”

මහෝදර හරි ආඩම්බරෙන්ය හිනා වුණේ. “ආ තව කෑල්ලක්. කනවකො. මේකත් කාලා හරි කියනවකො බලන්න.” මහෝදරගෙන් මගේ අතට තවත් කේක් කෑල්ලක් හම්බ වුණේය. ඒත් මට හිතා ගන්නට බැරිය. “බෑ බෑ බෑ! හැබැයි, දාලා තියෙන කොළ ජාතිය හින්දද මංදා, කේක් එක පට ගාලා කැඩෙනවා.”

“අන්න අන්න දිසානායක ප්‍රශ්නෙන් පැනල යනවා. ඌ ඇහුවේ ඕක නෙවෙයිනෙ.”
“මං කිව්වනෙ ඉතිං උත්තරේ දන්නෙ නෑ කියලා. මම සියල්ල දත් නෙවෙයිනෙ. ඒකත් මදිද තමුසෙට.”

“ඒයි මචෝ, මටත් තව කෑල්ලක් දියං බලන්න...” ඕල්කොටුත් ඉල්ලුවේය.
“බ.ල.න්..න බඩු මයෙ ළඟ නෑ, මහත්තයෝ.”
“හරි, හරි. බලන්න නෙවෙයි, කන්න... තව කෑල්ලක් කන්න ඕනි. මට හම්බ වෙච්ච කෑල්ල ගිනි පෙට්ටියකටත් වැඩිය පුංචියිනෙ බං.”
“දැන් බඩු ගණන් මචං. අනික මේවා මහෝදර special. ආ... අන්තිම කෑල්ල.” මහෝදර එහෙම කියනකොටය මට ‘චඃ’ කියැවුණේ.

“මොකද නිමල් අයියේ චඃ චඃ ගාන්නේ?”
“මං හිතුවේ ඔයා මෙතන බොසාටයි, වැඩ කරන ළමයින්ටයිත් කෑලි හතරක් තියා ගත්ත කියලයි. කේක් ඉවරයිද? එතැනත් ඔක්කොම හතර දෙනෙක් ඉන්නවා.”
“ඔයා මේ බණ කෙළිනවා. ඔය තියෙන වෙන මොනවා හරි උන්ට දෙනව හලෝ... මේකෙන්ම තව එක කේක් එකක් තියෙනවා- හෙට ගන්නයි, ඒක තියා ගත්තේ.” මහෝදර කිව්වේ දෑත් පිස දමමිනි.
“හෙටට ගන්න තව කේක්, බිස්කට්, sweets තියෙනවනෙ මචං. ඒ කේක් එකත් දැන් කපමු... පලයං, පලයංකො ඉතිං, අන්න තේත් ගේනවා. ඒකත් අරං වරෙං මචං.”

මචෝ, සීතල වැඩි වේගෙනයි එන්නෙ. අපේ වැඩේට set වෙමු දැන්ම!

ඉතිං, තේ බොන්නට කලින් මහෝදරගේ දෙවෙනි කේක් එකත් කැපුණේය. මටත් තව කෑල්ලක් ලැබුණේය. තව අයටත් තව කෑල්ල- දෙක බැගින් බෙදුණේය.

නමුත් නවාතැන් පොළේ කාර්ය මණ්ඩලයේ කාටවත්ම ඒ කේක් ලැබුණේ නැත.

නීරෝ මධු සාදයට බඩු සූදානං කරන්නට ගත්තේ හවස හයට විතරය. ‘මචෝ, සීතල වැඩි වේගෙනයි එන්නෙ. අපේ වැඩේට set වෙමු දැන්ම!’ එකෙකුගේ යෝජනාවට තවත් දෙතුන් දෙනෙකුම ඔළුව වැනුවාමය, නීරෝ වැඩ පටන් ගත්තේ.

“දිසානායක, අද නං ඔයාටත් බොන්නයි වෙන්නේ. හම්බ සීතලක් මෙහෙ තියෙන්නේ.”
“ඔව්වොව් නිමල් අයියේ. පේනවද මීදුමත් ගලාගෙන එන හැටි... අපි කාටවත් කියන්නෑ... සීතලට චුට්ටක් බොමු.” ඒ හදන්නේ මාව අවුස්සන්නටය. මමත් ඇවිස්සුණු විදිහට රැඟුවෙමි.
“කාටවත් කිව්වත් මොකෝ. මට කන්න දෙන්නේ එයාලා නෙවෙයිනෙ. මම නොබී ඉන්නෙ මට එපා නිසා.... නැතිව කාටවත් බයේ නෙවෙයි!”

“හරි යන්නෑ මචං. දිසානායකට රසේ තේරෙන්නෙ නෑ. ‘දන්නෙ නෑ නොව බූරුව හකුරු රසේ”. පවට පින දෙන්න බැහැනෙ බං.” නීරෝත් රඟයි!
එතකොටම සේවක මහතෙක් අයිස් කියුබ්ස් බඳුනක් අරගෙන එතනට ආවේය. නීරෝට ඇමතුවේය. “තව මොකුත් ඕනිද සර්?”

“සේරම හරි මල්ලී. ඕනි වුණොත් කියන්නං.”
“නීරෝ, තරහ නැතිව මට ප්ලේන් ටී එකක් දෙන්න කියන්නකො...”
“මටත් ඕනි මචං.” කිරිහාමිටත් මටත් හැදුණු ප්ලේන් ටී දොළදුක තව අයටත් බෝ වුණේය. “එහෙනං මල්ලී අපි හැමෝටම ප්ලේන් ටී දීල ඉමු!”

“අඩේ මචං. අපේ wife උඹලට දෙන්න කියලා...” බූබම්බාට ඉතිරි හරිය කියන්නට ලැබුණේ නැත. කිරිහාමි නොඉවසිලිමත්ව මැදට පැන්නේය.
“එයා පොල් කේක් එව්වද? මම එව්වට හරි කැමතියි මචං.”
“පොල් කේක් නෙවෙයි, ලොකුවයින් xත්තක් එව්වා තොටම දෙන්න කියලා... පොල් කේක්...!
සොරි dot com මචං. උඹට නොකා ඉන්නයි වෙන්නේ. එයා දුන්නෙ වෙඩින් කේක් වගයක්. ඊයේ order එකකට හැදුව එව්වගෙන් ටිකක්.”

කවදාවත් දැනිච්ච නැති feeling එකක් මචං ඒ වෙලාවේ දැනුණේ.

“හරි හරි. පොල් කේක්වලට වැඩිය වෙඩින් කේක් කොච්චර හොඳයිද මචං. අරං වරෙං. ඕන්නං මමම ගෙනත් දෙන්නං.... කියපං, තියෙන්නෙ කොතනද කියලා.”

කිරිහාමිගේ උනන්දුව හින්දාම වෙඩින් කේකුත් වළඳලාය, අපි තේ බිව්වේ. ඊටත් පස්සේ මධු සාදය පටන් ගත්තේය. ඊළඟටය මගේ දෙපාවලට කම්පනයක් දැනෙන්නට පටන් ගත්තේ... කෑවේ... සොක්‍රටීස් ලෙඩ වුණේ... තව...?

පහුවදා දවස තිස්සෙම කෙරුණු කතාබහ ඒ වැඩේ ගැනය.
මං වහන්සේ හිටින තැනකදී කියවුණු දෙයින්, මට ඇහුණු දෙයින්ය මේ කතන්දරේ මෙතැන් හිට පෙළ ගස්සා ගත්තේ. එහෙම කරලා, මේ ලියන්නේ මට මතක විදිහටය.

නීරෝ: කවදාවත් දැනිච්ච නැති feeling එකක් මචං ඒ වෙලාවේ දැනුණේ. මට නිකංම සිංදු කියවුණා. එකක් ඉවර වෙනකොට එකක් කටට ආවා. වෙනදට එහෙම වෙන්නේ නැහැනේ. Congo එක ගහන්නවත් කිසිම මහන්සියක් දැනුන්නෑ කියහංකො.

ඉඳිකටු පැංචා: පට්ට ආතල් එකක් තමයි මටත් එවෙලේ දැනුණේ!

රයිගමයා: මං ඉතිං කවදත් ආතල් එකේ ඉන්න මනුස්සයනෙ මල්ලී. අපි එහෙමයි... නැද්ද නිමල් අයියා?

ගම්පොළයා: මක්කෙයි දොඩන්නේ. අම්මප. මාත් ඉතිං ඔහෙගෙ සැම්පලේම නෙව! හැබැයි, මටත් වෙනද නැති ආතල් එකක් නං දැනුණ තමයි.

ඇට්ලස්: ආතල් එකක් නං මංදා. මටත් දැනුණේ නිමල් අයියට වගේම කකුල් දෙක වයිබ්රේට් වෙන ගතිය තමයි!

ආතබූත: පච කෙළින්න එපා මචං. උඹට මතක නැද්ද. කකුල් වෙවිලිල්ල කොහොම වෙතත් උඹ මෙහෙම මෙහෙම මෝටර් සයිකලේ පැද්දා. ඒ වෙලාවේ කාටවත් මීටර් වුණේ නැතිවට.
ඉතිං... මට මතක තියෙන්නෙ, කෙහෙල්මල් ආතල් එකක් නෙවෙයි මචං. ලොක්කගෙ පපුවේ අමාරුව... මහ රෑ ලොකු අමාරුවක් උණා... අර ඇටපල් කළුවරේ ඉස්පිරිතාලෙකටවත් යන්න කියලද? ඇයි මචං heart කතන්දර සෙල්ලමට ගන්ඩ හොඳ නැහැනේ... මම දෙයියන්ට කිය-කියා හිටියෙම අපට කරදරයක් වෙන්ඩ එපා කියල.      

යසලාලකතිස්ස: පාන්දරින් නැඟිටලා ඉඳලා- දවලුත් කරටිය කැඩෙන්න දාගෙන හිටි නිසා හොඳට ගියා. අම්මප! නිඳාගෙන හිටියේ නැත්තං මාත් මහෝදරයාගේ කේක් කනවනෙ! හඃ හඃ හඃ!!

චීන සුරංගනාවියක් ඈතක ඉඳලා හිනා වෙවී මම ඉන්න තැනට එන්න පටන් ගත්තා විතරයි, කවුද xකයෙක් ඇවිත්...

ඕල්කොට්: කවුද ඩෝ ඔහොම කතන්දරයක් දන්නේ. හර්බල් කේක් කිව්වා. රසටත් තිබුණා.
හර්බල්නේ මචං...
හැමදාම හම්බ වෙනවද? මහෝදරයා කාපං කාපං කියලා දුන්නා. මාත් කෑලි තුනක්ම කෑවා. රෑ වෙන්න වෙන්න මමත් හිටියේ වෙනම ලෝකෙක වෙනම ආාාාාාාාාතල් එහෙක. මරු ම..චං. උඹලට තේරෙන්නෙ නෑ මචං කිව්වට.

ලොක්ක ලෙඩ වෙලා කිව්වම නාඩි බලන්නවත් මට කල්පනා වුණේ නැහැයි කියහල්ලකො, කවුද මතක් කරනකල්!

ඇට්ලස්: ඔහෙ ඊට ඉස්සෙල්ලා කරපු දේ මතකෙයි? අයියට ලෙඩ වෙලා කියල පණිවිඩේ දුන්නම කුස්සි කාමරේට ආව නේද? ආපු ගමන්ම ‘මො..ක..ද මච්ච්චාං’ කියලා අයියව බදා ගෙන ඇහුවා.

ඕල්කොට්: ඇත්තට මං එහෙම කළාද මචං?

රයිගමයා: එහෙමයි මහත්මයා. ඔබතුමා එසේ කළාය! මාත් සාක්කි!!

බැලසන්ත: ඒක නෙවෙයි, කොයි xත්තද කියපල්ලා, ඊ..යේ රෑ මගෙ ආතල් එක කඩන්න ආවේ?
ක්ලැසික් music එකක් අහගෙන මම හිටියේ නි..ල්...ම නිල් පාට වලාකුළක වැතිරිලා පාාාාා වෙවී. චීන සුරංගනාවියක් ඈතක ඉඳලා හිනාාාාා වෙවී මම ඉන්න තැනට එන්න පටන් ගත්ත විතරයි, කවුද xකයෙක් ඇවිත් මාව අර වලාකුළෙන් බිමටම ඇදල දැම්මා!
කවුද යකෝ, ඒ සහගහන අපරාදේ මට කළේ.

සද් භාවයෙන් යුතුව ප්‍රකාශක අඥාතව තබන්නෙමි: අපරාදේ! අපරාදෙ බලන්න තිබ්බා තව ඩිංගෙන්! මොනවද මචං තියෙන බෙහෙත් කියලා තමුසෙලා දෙන්නා කතා වුණා. හරිද. බූබම්බා එතකොට කිව්ව ඌ ගෙනත් තිබුණු උගේ බෙහෙත් වගයක් ගැන... ආ ඒවායින් දෙකක් දෙන්න කියල තමුන්නාන්සෙලා දෙන්න කිව්වා. හරිද... මතකද?
ඒවායෙන් නරකක් නොවුණු හින්දම හොඳයි!  

මහෝදර: කවුද මචං දන්නේ ඒ කේක්වලින් ඔහොම මඟුලක් වෙයි කියලා. හෙඃ හෙඃ හෙඃ!
අම්මපල්, දන්නවා නං මම එහෙම කරනවද කීයටවත්? කොහෙද, නිමල් අයියේ... තමුසෙත් හා කිව්වනෙ දෙවෙනි දවසට තියා ගත්තු කේක් එකත් ඊයෙම ගනිමු කිව්වම. ඒකෙන් තමයි kick එක වැඩි වෙන්න ඇත්තේ.
මෙහෙමයිනේ. ඔය කේක් කෑල්ලක් කාලා මාර ආතල් එකක් දැනිච්ච ගමන්ම මට මතක් උණේ trip එක. මාර කට්ටක් කාලා ඕයි, අමු ගංජා කොළයි, ඇටයි දම්මලා ඔය කේක් දෙක හැදෙව්වේ. හෙඃ හෙඃ.
ඔච්චර වැඩියි කියල දන්නවා නං, අම්මපල් මම දෙවෙනි කේක් එකත් කපන්නෙ නෑ. මටත් තේරෙනකොට බඩු හොඳටම වැඩ තමයි කියල...

ලොක්කට ලෙඩ වුණාම මට ඉන්න තරං දෙයියොයි බුදුනුයි මතක් වුණා. ඇයි බං මොනවා හරි උණා නං...

ඉඳිකටු පැංචා: අඩෝ... එහෙනං ඒක තමයි තෝ ඉක්මනටම ගිහිං නිඳා ගත්තේ.

මහෝදර: ඇයි බං... මෙතන ඉඳලා අම්බානකට බැනුම් අහන්නද?
සත්තයි මචං. ටිකක් වෙලා ඉඳලා මම උඹලට කතන්දරේ කියන්නයි හිටියේ. කොහෙද... ලොක්කට ලෙඩ වුණාම මට ඉන්න තරං දෙයියොයි බුදුනුයි මතක් වුණා. ඇයි බං මොනවා හරි උණා නං මගෙ පිටනේ වැරැද්ද වැටෙන්නේ.”

සොක්‍රටීස්: යකෝ, සුමාන දෙකකට ඉස්සෙල්ලත් මට පපුවේ අමාරුවක් ඇවිත් බෙහෙතුත් ගත්තා. ඊයේ රෑත් පපුව රිදෙන්න ගත්තම, ගණන් නොගෙන ඉන්නද උඹල කියන්නේ? ඉවසගෙන ඉඳල බැරිම තැන තමයි කිව්වේ.

නීරෝ: ඒකෙන් මේකෙන් වෙච්ච හොඳේ, නිමල් දිසානායකට මීට පස්සේ අපිට ආඩම්බරකම් පෙන්නන්න බැරිව ගිය එක. මිනිහත් රස කර කර ගංජා කේක් කෑවනේ. මීට පස්සේ පම්පෝරි කියපංකො බලන්න අමද්‍යපයි අමද්‍යපයි කියලා.

කිරිහාමි: හර්ර්ර්රියට හරි මචං. දැන් නිමල් අයියත් අපේ ගොඩේ...
ඒක නෙවෙයි නිමල් අයියේ, අද දවල්ට හීනි ෂොට් එහෙකුත් දාලා බලන්නකෝ තියෙන ආතල් එක කොහොමද කියලා.

බූබම්බා: මහෝදරයා ගෙනාව හර්බල් කේක් නියමෙටම වැඩ කරන්න ඇත්තේ අපේ වෙඩින් කේකුත් හින්දයි. නිමල් අයියේ, තමුසෙගෙත් වැරැද්ද. Plain ටීත් ඉල්ලුව ඒ අස්සට!
ගංජා ගැහුවම කික් එක වැඩි වෙනව යකෝ පැණි රහ කන්න කන්න.

ඇට්ලස්: මට තියෙනවා ප්‍රශ්නයක්. එකම හර්බල් කේක්, එකම වෙඩින් කේක් කාලා- එකම තේ බීල කොහොමද එක එක්කෙනාට වෙනස් විදිහවල්වලට දැනෙන්න ගත්තේ? මට ඕනි සාධාරණ උත්තරයක්!

වෛද්‍ය බැලසන්ත මහතාමය ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ:
“මෙහෙමයි. ගංජා..... වගේ දේවල් වැටෙන්නේ recreation drugs ගොඩටයි. ඒවයින් කෙරෙන්නේ යටපත් වෙලා තියෙන හැඟීම් නැවතත් ඇති කරවීමක්- හැබැයි තාවකාලිකව. ඒ ඖෂධ ශරීරගත වුණාම වෙන්නෙ එහෙම දෙයක්.
අපේ නීරෝ උන්නැහෙවම ගනිමුකො උදාහරණයකට. ඒ මනුස්සයා තිස්සෙම සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න ගොබිලනෙ. ඌට වෙනදා මතක් වෙන්නේ නැති සින්දුත් නිකම්ම මතක් වුණා.
සොක්‍රටීස් අයියට මතක් වුණේ එයාට හැදිලා තිබිච්ච පපුවේ අමාරුව.
අනෙක මට මෙහෙමත් හිතෙනවා. ගංජා ඇටවලට අත්තන ඇටත් කලවම් වෙලා තිබුණාවත්ද කියලත්...”

කංසා; කැනබිස් සැටයිවා වගේ බේතකින් ඉස්මතු කරන්නේ තමන්ට සමීපතම හා තමන්ට වඩාත් බලපෑ...

එතකොට නම් මටත් කට පියාගෙන ඉන්නට බැරි වුණේය.

“එතකොට මට කොහොමද වයිබ්රේට් ගතියක් දැනෙන්න ගත්තේ?”
“ඇයි පකෝරිස්තුමෝ, තමුසෙ නේද කිව්වේ අපි ඉන්නේ භූමිකම්පා කලාපෙකයි කියල newsවල දැක්ක විත්තියක්... මෙහෙමයි, කංසා; කැනබිස් සැටයිවා වගේ බේතකින් ඉස්මතු කරන්නේ තමන්ට සමීපතම හා තමන්ට වඩාත් බලපෑ- අදාළ පරිසරයට කිට්ටු හැඟීම්නෙ...
තමුසෙ ඉන්නෙත් වටේ පිටේ ඔක්කොම මළ දාන ඔළුවේ පුරෝගෙනනේ. සේරටම වැඩිය හිත තමයි ලොකු කියාගත්ත ගමන්නෙ. දැන්වත් තේරෙනවද ඒකේ නරක පැත්තකුත් තියෙන බව!”

සද් භාවයෙන් යුතුව ප්‍රශ්න විචාරන්නා අඥාතව තබන්නෙමි: එතකොට මහත්මයාගෙන් දැන ගන්න කැමතියි... (මොකුත් හිතන්න එපා, මෙහෙම ඇහුවට.) අර චීන සුරංගනාවියක් මොන හත්තිලව්වකටද තමුන්නාන්සේව හොයාගෙන ආවේ?    

බැලසන්ත: ආවෙද? ආවේ %^&# @$$**&^!

ඌන පූරණයකි: සොක්‍රටීස්: මේකයි මචං, මට එදා වුණේ. පපුවේ රිදිල්ලත් එක්කම මට දැනෙන්න ගත්තා, හුස්ම වැටෙන්නේ මම හිතලම හුස්ම ගත්තොත් විතරයි කියලා. මමම හුස්ම ගත්තේ නැත්තං හුස්ම නවතිනවය කියලා මට මර බයක් ආවා. ඉතිං, මම try කළේ නින්දට වැටෙන්නෙත් නැතිව දිගටම හුස්ම අරගනිමින් ඉන්න.

(පසු කතාව: හිත වඩා බලවත්දැයි බලන්නට හිතාගෙනම, මහෝදරට කියලා යළිත් වතාවක් අර හර්බල් කේක් කෑල්ලක් ගෙන්වා ගෙන කෑවෙමි. කේක්වල කොලිටිය වෙනස් නිසා හෝ දැනගෙන හිටි නිසා හෝ මගේ හිත බලවත් නිසා හෝ දෙවෙනි වතාවේ මට කම්පනයක් තියා කිසිම වෙනසක් දැනුණේ නැත) ෴0෴

36 comments:

  1. ඕකෙන් ලොකුවට එකක් හදලා දියවන්නාව පැත්තට යවන්න බැරිද? ඩයනා නෝනත් කැමති වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කළොත් නං එයාලා එපා කිය-කියා කයි, Litseeker!

      Delete
  2. කොලපාට හර්බල් කේක් කියනකොටම වෙලා තියෙන වැඩේ තේරුනා. හැක්..

    බලාගෙන ගියාම ඇට පිටිං ගංජ ගහන එක හිතුවට වැඩිය භයානකයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් ප්‍රසෝ, පරෙස්සමින්.

      Delete
  3. ඕව එකක් හදවගන්න බැරිවෙයිද දන්නෑ අපේ අලකොමාට යවන්න.

    ReplyDelete
    Replies
    1. මං ගහල නැත්තෙ කුඩු විතරයි (කෝ)‌බ්‍රෝ...

      Delete
    2. සමහර දේවල් තියෙනවා ඩ්‍රැකී අත්හදා බැලීමවත් නොකළ යුතු.

      Delete
    3. ඒක තමා කුඩු ගැහුවෙ නැත්තෙ

      Delete
    4. මංනම් ඉතීම් සුරාහෙන් සූදුහෙන් තොරයි නේ 😄😂

      Delete
    5. අකුරුත් පැටලෙන වෙලාවක වගේ නමී ඉන්නේ?

      Delete
  4. බඩු හොයා ගත්තේ ලොකු මහන්සියක් වෙලාය කියලා කිව්ව මහෝදර උන්නැහේ- එදාම.

    ReplyDelete
  5. ලිපිය පළවූ පසු සොක්‍රටීස් උන්නැහේ මතක් කොට දුන් කාරණයක් ඌන පූරණයක් ලෙස පෝස්ටුවට ඇතුළු කළෙමි.

    ReplyDelete
  6. මොන්තක්‍රිස්තෝ සිටුවරයා, මොන්තක්‍රිස්තෝ දූපතේදි ෆ්‍රාන්ස් දෙ'පිනේට දෙනව ඒය වගේ ම කොළ පාට කල්කයක්... මට දෙවෙනියට මතක් උනේ ඒක.

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඩ්‍රැකී, මාර link එකක් නෙව ඔයා මතක් කළේ. ඔයාට කවදාවත්ම ඩිමෙන්ෂියා හැදෙන්නේ නෑ, ඒක ෂුවර්!

      Delete
    2. කාලයක් තිබුණා, ඔය පොත් හය අවුරුද්දකට වතාවක් කියවන...

      Delete
    3. ඉරිසියා හිතෙන කතා කියන්න එපා මහත්තයෝ. එච්චර වෙලාවක් තිබ්බැයි?

      Delete
    4. හෙහ් හෙහ්... ඒ කියන්නෙ කම්පියුටර් සහ ඉන්ටනෙට් අපේ අත්වලට එන්න කලින් කාලෙ...

      Delete
    5. හොඳ වගේම නරකත් තියෙනවා නේද?

      Delete
  7. විදුසර පත්තරේ ගිය විදයා ප්‍රබන්ධයක් මතක් වුණා. ඒකෙ එක මනුස්සයෙක් පාළු මන්දිරයක් සල්ලිවලට අරං පදිංචියට එනව. ඒතන තිබිලා දුම්කොළ බඳුනක් හම්බු වෙනවා. එයා ඒ දුංකොළ දාලා පයිප්පෙ බොනවා. පස්සෙ ලස්සන තරුණියක් මුණ ගැහෙනව.

    මට කතාව මතක නෑ හරියට, නමුත් අන්තිමේ අර තරුණයා මැරෙනව. එතනට එන ප්‍රදේශවාසියො කතා වෙනව, මේ ගෙදරට එන හැම එකා ම ඔය විදිහට මැරිලා ඉඳල හම්බුවෙනව කියල.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, විදුසරේ තිබ්බ කතාවක් වුණත් මට මඟ හැරුණු එකක් නෙව!

      Delete
  8. වෙනියා ආපහු ඇවිත්...

    http://liyanna-liyanna.blogspot.com/2022/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට තුති ඩ්‍රැකී, 'වෙනි' ආයෙ ලියයි වගේ!

      Delete
  9. https://www.facebook.com/100046772243050/videos/724483451999759/

    ReplyDelete
    Replies
    1. හර්බට් රංජිත් පීරිස් මහතා හදපු ෆිලුමක්නෙ , ඇර සොයිසා. උන්නැහේ හිටියේ මහරගම. එක post එකකින් ලියන්න දෙයක් තියෙනවා මටත්. ඉස්සරහ දවසක. මේ link එක මං දොස්තර මහත්තයලටත් යැව්වා!

      Delete
  10. https://sinduano.blogspot.com/2019/07/blog-post.html

    සිංදු ඇනෝත් ආපහු ලියලා

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියයි කිව්වේ එන්නට මාවත
      ආවම පෙනුණේ මෙහි මිණිමුතු වෙත
      මතු කර ගන්නට කල්වේලා නැත
      එන්නං, එන්නම ඕනි කියයි හිත!

      ඩ්‍රැකී, ඒ ඉල්ලම කනින්න වෙලාවක් වෙනම හොයා ගන්න වෙනවා හලෝ! Thanks a lot!!

      Delete
  11. Replies
    1. වැඩේ නෙවෙයි මරු එනවා තව ඩිංගෙන් නවීන්!

      Delete
  12. Max Payne (2008) චිත්තරපටිය මතක් උනා.

    ගංජා ඇට පිටින් ගහන්න හම්බුවෙච්ච එකත්... මරු අත්දැකීමක් කියලා හිතන්න තියෙන්නේ 😂😂

    ReplyDelete
    Replies
    1. Max Payne (2008) බලන්න හිතුනා.
      ඇට කොළ දම්මාලා හැදෙව්වා කියලයි කියැවුණේ. එහෙම මිස මම ඔව්වා දන්නා එකක්යැ..... නමී.

      Delete
    2. මැක්ස් පේන් ගෙම් එක ෆිල්ම් එකට වඩා ගති.

      Delete
    3. ඔහේ ඕක කියල... නිදිලොක්කව ගේම් ගහන්නත් ඇදල ගන්නවා දැන්😂

      Delete
    4. කොම්පියුටර් game නොගහන තීරනෙක මං ඉන්නේ නමී, එක සැරයකින් පස්සේ. ඒකට මම ඇබ්බැහි වෙන බව තේරුණු නිසා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්