1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Thursday, November 29, 2018

ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස


 ඇය කළුය. එහෙත් දැකුම්කලුය. එමෙන්ම රළුය; යුහුසුලුය; ලිස්සා යනසුලුය!

ඇය මෙච්චර සිරියාවන්ත නැතත්.....
එහෙම නැතිව ඇයගේ රාජකාරිය කරන්නට බැරිය. ඒ කිව්වේ වෙළෙඳාම් වැඩේය. දවස තිස්සේ කෙරෙන වෙළෙඳාමක් ඇයට තිබුණේ නැත. ඇයට තිබුණේ හරිම චුට්ට වේලාවකි. උදේට නම් මහා පාන්දර පහමාරට විතර රාජකාරිය පටන් ගන්නට ඕනෑය. හතහමාර-අට වෙන්නට කලින් ව්‍යාපාරය කරගෙන අහවර කළ යුතුමය! දවල්ට නම් ඇත්තේ පැයක ඉඩක් විතරය. හවසටත් එහෙමමය.

“හොඳට බලාගනිං. වැඩේ හරියට අල්ලා ගන්න නම් ඔය අම්මණ්ඩි කරගෙන යන විදිය බලාගනිං. ඔය මනුස්සයා තමයි නොම්මර එකට බිස්නස් එක කරගෙන යන්නේ!” අපේ තාත්තා මට කීවේය. ඒ 1970 මැද හරියේ දවසකය. 
“තව අය ඉන්නවා. මේකිට කිට්ටු කරන්නවත් බෑ. මේකි තමා කප් ගහලා ඉන්නේ! පිරිමියෙකුට හපන්, මහ පඩික්කම් කටක් තියෙන්නේ.”

නොදන්නා දෙයින් දන්නා දේකට යන එක අමාරුය. දන්නා දේකින් නොදන්නා දේකට පිවිසෙන එක ටිකාක් විතර ලෙහෙසිය. මට තෝරාගන්නට තිබුණේ දෙවැන්නයි. 

එතකොට තාත්තා හිටියේ කොළඹ මහ රෝහලේ, වාට්ටුවක ලෙඩෙක් වෙලාය. තාත්තා පෙන්නූ ගැහැනිය යන-යන තැනට මගේ ඇසුත් දිව්වේය. ඒ ඇයව අධ්‍යයනය කරන්නටය.

වයස අවුරුදු තිහක්-හතළිහක් විතර ඇති. කෙට්ටු ඇඟ. ඇඳලා හිටියේ රෙද්දයි හැට්ටෙයි. කිසිම විශේෂයක් බලපු බැල්මට නම් පේන්නෙ නැහැ. ඒත් ඒ ගෑනු කෙනා උස්සගෙන හිටිය වේවැල් බෑග් දෙක නම් හොඳටම බරයි! 

බුලතාගේ පවුලත් මේ වගේ වෙන්නැති! යක්ෂ අම්මණ්ඩියෙක්නේ එයාත්! මට හිතෙන්නේ එහෙමය.

සොරබොර වැව් කඳාණෝ......
බුලතා දුටුගැමුණු රජ්ජුරුවන්ට, රජ්ජුරුවන්ගේ සේනාවට බුලත් වැවූ යෝධයාය. හිටියේ මහියංගණයේය. ඒ දවස්වල රජතුමාගේ හමුදා සේනාව මහියංගණ චෛත්‍යය හදමින් හිටියාලු.

ඉතින් යෝධකමට බුලත් වැව්වත් අතපය කැසිල්ල ඉවරයක් නොවුණු තැන බුලතා සිල්ලර වැඩක් පටන් ගත්තේය. හොරෙන්ම, නිවිහැනහිල්ලේ ටිකෙන්-ටික; බිඳෙන්-බිඳ වැඩේ කරගෙන ගියේය. ප්‍රසිද්ධියක්, පට්ටමක්, සම්මානයක් බලාගෙන නොවේ බුලතා ‘සොරබොර වැව’ හැදුවේ. රටට, ගමට, ගං පලාතට වැඩක් වෙයි කියා හිතාගෙනය. වැව හදන කාලයේ ‘බුලතී’ත් ‘අනේ, මේ මනුස්සයා නැහීගෙන කරන වැඩේට support එකක් දෙන්න ඕනෑනේ’ කියලා හිතුවා. හිතලා බත්, මාළුපිනි හදාගෙන, බටපොතු පෙට්ටියක අඩුක් කරගෙන සොරබොරට අරන් ගියා හැමදාම.

මිනිහටම කැපෙන ගෑනි. ඔහොම යන-එන ගමන් මේ අම්මණ්ඩි තඩි කළුගල් කුට්ටි උස්සාගෙන ගිහිං යන පාරේ පඩි පේළියක් හදලා. ඔන්න ඔයාලා මහියංගණේ පැත්තේ යනවා නම් ‘ගල්පඩි හෙළ’ ගැන විපරමක් දාන්නකෝ!

චෛත්‍යය හදලා ඉවර වෙද්දී වැවත් හැදිලා ඉවරයි. ඇඟ විතරක් තිබ්බට මදිනෙ. මොළෙත් තියෙන්න ඕනේ. විශේෂයෙන් රජ, මැති, ඇමැතිවරුත් එක්ක වැඩ කරද්දී.

අනේ, බුලතාට වැරැදුණේත් එතැනදී තමා. බුලතා හරිම සර්ධාවකින් දුටුගැමුණු රජ්ජුරුවෝ වඩම්මලා ‘සොරබොර වැව’ මහා රජ්ජුරුවන්ට ඔප්පු කළා. රජ වුණාම හැම රෙද්දටම තණ්හාව වැඩි වෙනවාද මන්දා, දුටුගැමුණු නරෝත්තමයාට පෙනුණාලු, චෛත්‍යය හැදුවාට වැඩිය පිනක්; කීර්තියක් මේ වැඩේට ලැබෙන බව.

ඔන්න බුලතාට වැරැදුණු තැන......

“වැව දිය මට. වෙහෙර ගං තොට!” කියලා රජ්ජුරුවන්ට නිකම්ම කියවිලා. හුවමාරුවට බුලතා කැමති වෙලා නැහැ. ඒකෙනුත් වැඩක් කරගෙන තියෙන්නේ වටේ හිටිය ඇම්බැට්ටයෝ. 

උන් කොච්චර ලස්සනට ගුළිය ඇඹරුවාද කියතොත් වැඩි දොහක් යන්න කලින් බුලතා හිස් ගැසුම් කෑවාලු. දන්නවද? අදටත් සමහරු මහියංගණයට කියන්නේ ‘වෙහෙරගංතොට’ කියලයි.

ඔව්වා දැනගෙන හරි- නැතිව හරි, මේ ගෑනු කෙනා ‘බුලතී’ වගේ දහිරියෙන්, වීරියෙන් වාට්ටුවක් ගානේ ‘රුවන් සක්මනේ’ යෙදෙමින් ජීවිතේ ගැටගහගන්න දත කෑවා. බර වේවැල් බෑග් දෙකක් පිරෙන්නම ඉඳියාප්ප මුල්, බුලත් විට, බීඩි, සිගරැට්, ටොෆී, තල කැරලි වගේ දේවලුත් අරගෙනයි එයා ගියේ. ලෙඩ්ඩුන්ට විකුණන්න.

හිතුවේ ඒක කියන තරම් ලේසියි කියලද? අනේ නැහැ. 

මිසීලට වැඩිය පරෙස්සම් වෙන්න වුණේ ‘සිස්ටර්ලාගෙන්’. “උඹටත් දැන් තියාම එහෙම සිස්ටර්ලා දැනගෙන ඉන්න එක වාසියි. සමහරුන්ට කිසිම හිතක්-පපුවක් නැහැ. උන්ගෙන් තමා පරිස්සම්වෙන්න ඕනේ.  අහුවුණොත් නම් පුතෝ බඩු ටික සේරම අරගන්නවා. එයාලට උඹව පොලිසියට වුණත් බාරදෙන්න පුළුවන්!”

ඔය විදියට ටියුෂන් ගන්නට වුණේ මගේ දඩබ්බරකම හින්දාය. ‘මඩ ගොහොරුවක පචවී’ පෝස්ටුවලින් කිව් විදියට unp පක්ෂයට කඩේ ගියාට පස්සේ ‘පේව්මන්ට් එකේ රජවෙන්නට’ මගේ හිත ඉඩ දුන්නෙම නැත. එහෙම මහන්තත්තකම් පෙන්නුවාට අපේ බඩේ රැලි මැකෙන්නේ නැති බවත් මට අමතක නොවීය. ඉතින්, ‘ඉස්පිරිතාලේ බිස්නස් කරන රස්සාවට’ පත්වීමක් මමම මටම දීගත්තෙමි.

ඒකත් උදේට විතරය. ඉස්කෝලේ යන්නත් තිබ්බානේ!

ඉඳියාප්පේ...........
ඉස්සෙල්ලාම ටියුෂන් ගන්නට වුණේ අපේ ආච්චීගෙනි. ඒ ඉඳියාප්පවලට පිටි අනාගන්න හැටි ගැනය. 

දැන් නම් ඉඳියාප්ප පිටි වෙනම ඇත. ඒ දවස්වල කඩෙන් ගන්නට තිබුණේ නිකම්ම නිකම් ‘ඇමරිකන් පිටි’ විතරය. එතකොට අමෙරිකාවෙන් තිරිඟු ඇට ලංකාවට ගෙනත් කුඩු කරවලා, රොඩ්ඩ විතරක් අපටත්- නිවුඩ්ඩ එක්ක හොඳම හරිය ආපහු ඇමරිකාවටත් පටවන කොම්පැනි ලංකාවට ඇවිත් තිබුණේත් නැත.

“පුදුමේ කියන්නේ නිමල් අයියේ, ඉස්සර වගේ නෙවෙයි, දැන් තියෙන පාන්පිටිවල පට්ටේ ඇදෙනවා අඩුයිනේ. ඒ කාලේ පිටි කෑම හදන්න ලේසියි. පෝරණුවෙන් පාන් බාන වෙලාවට පලාතම සුවඳයි. ඒකටත් එක්ක දැන්....”. 

තලපත්පිටියේ කැලෑ බේකරියේ දයානන්ද මුදලාලි මේ ළඟදී මගෙත් එක්ක කිව්වේය. (අපේ කට්ටිය එක්ක සෙට් වෙන්නට එද්දී දයාගේ රෝස්පාන් ගෙනෙනවාමය.) ඉස්සරෝම ප්‍රින්ටින් රස්සාව කළත් දයාට හරි ගියේ බේකරි කෙරුවාවය. දයා කියන්නේ ඇත්තකි. දැන් පාන් මෝලිය හදද්දී පට්ටේ ඇදෙන්නේ නැත්තේ ‘ග්ලූටන්’ අඩුකම නිසාලු. ඒක පෝෂණය අඩුවෙන්නටත් හේතුවක්ද?

පාන්වලට පිටි මෝලිය අනන්නේ සේරම දේවල් ගණනට මිම්මට කිරා දමලාය. ඉඳියාප්පවලට එහෙම කරන බවක් මං අහලා නැත. “ඒ වුණාට පුතේ හරි පදමට පිටි ටික අනාගත්තේ නැත්තං ඉඳියාප්ප ටික මිරිකලා ඉවරවෙද්දී අතේ කරගැටත් ඇවිත් තියෙයි.” ආච්චී කිව්වාය.

“ඒ කිව්වේ?”

පිටි මෝලිය අනද්දී..............
“මෙහෙමයි. වතුර වැඩිය උණුවෙන් තිබුණොත් පිටි ටික තැම්බිලා වැඩිවෙනවා. එතකොට ඉඳියාප්ප ටික හරියට මිරිකාගන්න බැරිවෙනවා. හොඳටම තද නිසා. කොයි මක් කරලා හරි මිරිකාගත්තයි කියමුකෝ. ඒත් පුතේ, ඉඳියාප්ප ටික බෙරිවෙලා වගෙයි හිටින්නේ.” ඒ බෙරි වුණු ඉඳියාප්ප අතේ ඇලෙයි, ලඩ ගැහෙයි.

ආච්චී කියලා දුන් විදියට නම්, පිටි අනන්නට ගන්න වතුර නිවිලා තිබුණත් විපතකි. එතකොටත් ඉඳියාප්ප මිරිකීම අසීරුය. මිරිකාගත්තත් ඒවායේ හිටින්නේ දරදඬු පාටකි. “මල් ටික වගේ තියෙන්න ඕනෙ ඉඳියාප්ප ගල් වගෙ වුණාම කන්න හිතෙනවය?  රංජි, නිවිච්ච වතුරෙන් පිටි ටික අනලා, වරුවක් තැම්බුවත් ඉඳියාප්ප ටික ගල් වගේම තමයි!”

සමහර හෝටල්වලදී හරියට නොතැම්බුණු ඉඳියාප්ප ඔබටත් හමුවී තිබෙන්නට හැකිය. අතට ගන්න විටම කැඩෙන්නේ, යන්තම් පොඩි කළත් ගුලියක් වාගේ චප්ප වෙන්නේ එහෙම බාගෙට තැම්බුණු ඒවාය.

ඉතින් පිටි අනන්නට කලින් පිටි තම්බා ගන්නා හැටි කියලා ඉන්නට ඕනෙ නේද. මුල ඉඳන්ම කිව්වා වෙන්නේ එතකොටය. එතනදීත් ඉතින් ඕල්රවුන්ඩර් වැඩකාරයා වුණේ මං වහන්සේම හිංදා මගේ දවසේ වැඩ සටහනත් එක්කම කිව්වාම කතාවේ ලකයක් තියේවි.

පටන් ගනිමු මෙතැනින්. මෙන්න, කාල සටහන; routine එක.

ඇදගන්න අමාරු බරක්......
උදේ හත-හතාමාර වෙනකොට බස් හෝල්ට් එකට අනිල් මල්ලී ඇවිත් ඉඳියි. ඒ එන්නෙත් එයාගේ තරමට වඩා බරක් අදින්නටය. 

ඒ මගේ ඉස්කෝලේ පොත් ටිකත් අරගෙනය. ඉඳියාප්ප ටික විකුණලා ඉවරවී ඇස් වාට්ටුවේ සිට මං එනතෙක් ඔහු බලා සිටී. බස් එකෙන් බහින පමාවෙන් අපි දෙන්නම දුවන්නේ සෙන්ට්‍රල් බේකරිය හා හෝටලයටයි... ගෙදර අයට උදේට කන්නට දේවල් ගන්නේ එතැනිනි. ඊළඟට ගමගේ ස්ටෝර්ස් එකටය. පාන් පිටි ගත්තේ එහෙන්ය. එව්වා සේරම මගේ අතේ තියෙන වේවැල් බෑග්වලට දැමුවාම, බෑග් දෙක අනිල්ගේ අතට යයි. ඉස්කෝල පොත් ටික මගේ අතට එයි. ඔන්න ඉතින් මං ඉස්කෝලෙය!

මං ගියේ විද්‍යාකර විද්‍යාලයටය. 

දැනටමත් පෝස්ටු ගොඩකදී ඒ ගැන කියලා තියෙනවානේ. සුනිලුත් ගියේ ඒකටමය. අනෙක් නංගිලා මල්ලිලා සේරම බුවෙනකබා විද්‍යාලයට ගිය අයයි. 
අපේ ගෙදර සිට වෙළෙන් පැන්නාම, බුවෙනකබා ප්‍රාථමිකයට විනාඩි පහෙන් යා හැකිය. ඒ නිසා බඩු බෑග දෙකත් උස්සාගෙන ගෙදර දුවන අනිල්, කඩිමුඩියේ පාන් බාගයක් විතර ගිලලා ඉස්කෝලෙට දුවයි. එතකොට එයාත් ඉස්කෝලේය.

ගෙදර මොන ප්‍රශ්න තිබුණත් අපේ හැමෝම පාසල් ගියෝය. නොගියොත් ලෙඩකි! හැබැයි ලෙඩක් වුණාම නම් ගෙදර ඉන්නට වරම් ලැබෙයි!

ඒ කාලයේ අපේ ගෙදර ඉදුණේ ලොකු බත් හැළියකි. ඒත් රෑට විතරය. තාත්තා ගෙදර ඉන්නා කාලයට උයන්නේ තාත්තාය. ලොකු නංගිත්, අනෙක් හැච්චෝ-බැච්චෝත් උදවු කළෝය. රාත්‍රී හත-හතාමාර වෙද්දී සේරම වළං-පිඟන් ගෙයි මැදට වඩී. පොඩ්ඩෝ පිඟන් ටික පෙළ ගස්සමින් තාත්තට සහාය දෙති.

....පෝලිමේ තියන්නට.........
ඉස්සෙල්ලාම මගේ පිඟානය. “මං නැති වෙලාවක වුණත් උඹලා ඉස්සෙල්ලාම ලොකයියාගේ බත් එක බෙදන්න ඕනේ. ඌනෙ දැන් මේ ගෙදර හම්බ කරන එකා.” හුඟ දවසට තාත්තා කියන්නට පුරුදුවී හිටියේය. මේ කියන්නේ සහතික ඇත්තය! ඔය කතාව මතකයේ තිබ්බත්, එහි සැඟවී තිබුණු අගය කිරීම; ඇප්රිෂියෙට් කිරීම මගේ හිතට වැදුණේ මේ කොටන මොහොතේය. ඒ විදියට බලද්දී මාත් නොම්මර එකේ ටියුබ් ලයිට් එකකි! (ඔන්න තාත්තේ, ඔයාට තව ක්‍රෙඩිට් එකක්!)

ඊළඟට තාත්තාගේ, අම්මාගේ, සුනිල්ගේ..... ඔහොම අනුපිළිවෙලට බත් බෙදාගෙන-බෙදාගෙන යයි. ආයේ බත් ඇටයක්වත් මුට්ටියේ ඉතිරි කරන්නේ නැත.

“මොකද්ද ගුණේ, උඹ මේ කරන මූසල වැඩේ?” තාත්තාගේ බෙදිල්ල දකින ආච්චී කොච්චර නෝක්කාඩු කිව්වත් තාත්තා නම් පුරුද්ද වෙනස් කළේ නැත. “බලපන්, හදිසියේ කවුරු හරි ආවා. දෙන්න බත් ඇටයක්වත් තියෙනවද? අනෙක, මේ පොඩි එවුන්ටත් කොත ගහලා බෙදන්නේ උන්ගේ බඩවල් තවත් හාරවන්නද? වෙන ගෙදරක ලොකු මිනිහෙක් කන තරමෙ බත් එකක්නෙ යකෝ මේ පොඩි එකෙක් ගිලින්නේ.”

ශ්‍රියා කාන්තාව වඩින්නේ...........
තාත්තාගේ ප්‍රතිතර්කය වුණේ, අප දවාලට කුස පිරෙන දෙයක් නොකන නිසා රෑ වේල හෝ හොඳින් සප්පායම් විය යුතු බවයි. හැබැයි ඒ පුරුද්ද ඕනෑකමින්ම, හිතාමතාම පස්සේ වෙනස් කෙරිණි. ආච්චී මන්තරයක්සේ එකම කතාව ජප කළ නිසා, කන්දොස්කිරියාවෙන් බේරෙන්නට තාත්තා එහෙම කළා වෙන්නට ඇති.

කොච්චර අග-හිඟකම් තිබුණත් ආච්චී නම් බත් මුට්ටිය හින්දෙව්වේ නැත. හැම වෙලේම එහි බත් මිටක් හෝ ඉතිරි කරන පුරුද්ද! 

“ළමයෝ, හරි නම් උඹලගේ අම්මයි මේවා උඹලට උගන්නන්න ඕනේ. එයා දන්නේ වදන්න විතරනේ, හදන්න දන්නේ නැහැනේ. බින්තැන්නේ පුරුද්ද වෙන්නැති.” ආච්චීට වැඩියත්ම හොඳින් හූමිටි තිබ්බේ- කන් දුන්නේ මා නිසාදෝ එයා සේරම කිව්වේ මටය. ගුරුහරුකම් දුන්නේ මටය.

ඒත් බින්තැන්නේ කතාවට; බින්තැන්න හෙළා දකිනවාට නම් මාත් කැමැති වුණේ නැත. මාත් උපන්නේ බින්තැන්නේය; බදුල්ලේය. ඒ කාරණය බොහොම ආඩම්බරෙන් කියන්නේ ‘ඌව වෙල්ලස්සේ වරුණ’ දන්නා බැවින්ය. ඒත් එදා මං අපේ ආච්චිට  හරස් කපන්නට ගියේ නැත. මොකටද ඒ මනුස්සයාගේ හිත රිද්දන්නේ? 

“ශ්‍රියා කාන්තාව හැමදාම රෑට රෑට හැම ගෙදරකටම වඩිනවා. කුස්සියට යනවාමයි. ගිහින් හෝදපු නැති ඉඳුල් වළං-පිඟන් තියෙනවද බලනවා. නෑඹිලිය උස්සලා බත් හැළියේ බත් ටිකක් හරි ඉතිරියිද කියලත් බලනවා. කුස්සිය අතුගාලා සුද්දෙට තියෙනවද කියලත් බලනවා. එහෙම තියෙනවා නම් ශ්‍රියාව මිටක් ඒ ගෙදරට දමලයි සිරිදේවි යන්නේ.”

“එහෙම නැතිනම්?”

මං එහෙම අහන්නේ බොහොම පරෙස්සමෙනි. කඩප්පුලිකමට අහනවාය කියලා ආච්චිට හිතුණොත් නම් ඉඳලා ඉවරය. අපේ ආච්චී ‘දොරේ හඬයි පඩේ හඬයි දෙකම යස අපූරුවට අඳුනන කෙනෙක්’ නිසා බොරු කරලා බේරෙන්නත් බැරිය. මං අරහෙම අහන්නේ තවත් යමක් ඉගෙන ගන්නටය. අපේ ආච්චීත් ඒක තේරුම් අරන් මගේ කිරියාව ගැන මනාපයෙනි හිටියේ.

එහෙනම්, ඊළඟ  පෝස්ටුවෙදී හම්බ වෙන්න මනාපයි නොවැ, ඉතිරි හරිය දැනගන්න?

Tuesday, November 27, 2018

හයටත් කලින්........ - පළමුවෙනි කොටස

මගේ දිවි මතක මං පෙතේ ඈතම ඈත කොනක යස රඟට මා බදුල්ලේ සුජාතා බාලිකා විදුහලට යන හැටි තිබෙයි!

කොල්ලෙක්.... බාලිකා විදුහලට? ඔව්! වැරැදීමක් නොවේ. අපේ අම්මාත් ගියේ සුජාතා බාලිකාවටය. ඒකෙන්ම ඉගෙනගෙන ඒකෙම ගුරු පත්වීමක් ලැබුණු ටීචර් කෙනෙකුත් එතකොට සුජාතාවේ ඉගැන්නුවාලු. ඒ මදිවාට කනුපැලැල්ල, මයිලගස්තැන්නේ ඉඳන් සුජාතාවටම යන නඩයකුත් හිටියේය. අනේ, එතකොට මං හරීඊඊඊඊඊඊ cute ලු.

මට හිතෙන්නේත් එහෙමය. මෙතැනදී මං සාක්කියට කැන්දන්නේ පුංචිම සන්දියේ මගේ ෆොටෝ දෙකකි.

පුංචි රංජියා කියුට්ද?
ඔය ෆොටෝවල ඉන්නා කාලයට අවුරුද්දකට දෙකකට විතර පස්සේ වෙන්නැති. අර ඉස්කෝල නඩයේ කට්ටියයි, ටීචරුයි මාවත් එයාලා එක්ක ඉස්කෝලේ එක්ක යන්නට ඉල්ලුවාලු. වතුර බීලා යන්න එන ගමන්.  

ඉස්සර ඉතින් වතුර බෝතල, පොත් බෑග් තිබ්බේ එහෙමත් කෙනෙක්ටනේ. කන්දක් විතර පොත් ගොඩක් උස්සාගෙන යන්න තිබුණේත් නැහැ. ඉස්කෝලේ ගියෙත් කට්ටි, කට්ටි ගැහිලා. එහෙම යන-එන ගමනේදී කට්ටියටම දන්නා-අඳුනන ගෙවල් ගාවදි කාටත් ‘දිය තත්තේ’ හැදෙනවාමයි. ඔන්න ඉතින් අර ගෙදරකට ගොඩ වැදිලා, කතා කරලා, වතුරත් ඉල්ලාගෙන බොද්දී දැන-හැඳුනුම්කමුත් වගා-දිගා වෙනවා. 

     ඒකක ප්‍රතිඵලය තමයි මාවත් ඉස්කෝලෙට එක්ක යන්න ඉල්ලීම. ආආආ..... ඒ දවස්වල ‘මොන්ටිසෝරි මුරුගසන් වරුසාව’ වැටිලා තිබ්බෙත් නැහැනේ!
      
එතකොට සුනිල් මල්ලී ඔක්කේ ගහගෙන, ලොකු නංගිව කුසේ දරාගෙන උන්නු අපේ අම්මාත් එක වරුවකට හරි මගෙන් නිදහස් වෙන්න හිතන්න ඇති. තාත්තත් ඒ අයිඩියාවට විරුද්ධව මොකුත් කියූ බවක් තවම නම් මට හෙළිවී නැත. (ගෘහස්ත සාමය ආරක්ෂා කරගන්නයි, බිරිඳගේ හිත දිනාගන්නයි තමාලු අපේ තාත්තා එහෙම කරන්න පුරුදු වෙලා  හිටියේ).

ඒකේ ප්‍රතිඵලය විදියට, මං සුජාතාවට යන්නට පටන් ගත්තාලු; ඉස්කෝලෙට ඇතුළු  කරන්නෙත් නැතිවම. එතකොට ළමයින්ව ඉස්කෝලේ නොයවන අයට විරුද්ධව නඩු දාන කතාවකුත් මං අහල තියෙනවා! දැන් කොහොමද?

පපුවෙයි පිට පැත්තෙයි කතිර දෙකක්....
කොට කලිසමක් හා කමිසයක් ඇඳ, එක උරයකින් පුංචි පොත් බෑගයකුත් අනෙක් උරයෙන් පුංචි වතුර බෝතලයකුත් දමාගෙන මං උජාරුවට සුජාතාවට ගිය හැටිය, ඈතම මතකයේ රැඳී ඇත්තේ. එහෙම යද්දී මට කවුරුනුත් කතා කළේ ‘රංජි’ කියා නොවේ. 

‘කතිර බබා’ කියලාය. දෙපැත්තෙන් එල්ලාගෙන යන බෑගයත්, බෝතලයත් පපුව මැදදී කතිරයක් ලකුණු කරමින් තිබුණු නිසාය ඒ!

බදුල්ලේ පාලමේ එහා කෙළවරෙන් පල්ලමට ඇති අඩි පාරේ සීරුවට බැහැලා සුජාතාවට යන එක ලේසිය. ආපහු එද්දී නම් එතැනින්ම නඟින එක පොඩි අයට තියා ලොකු අයටත් අමාරුය. ඔන්න, එහෙ ගිය වෙලාවක බලන්නකෝ.

ඉතින්, අද හිතෙන්නේ එදා මං එල්ලන් ගිය බෑගයයි, බෝතලයයි නිසා ඉබේ මැවුණු ඒ කතිරය තව දෙයකුත් සංකේතවත් කළාවත්ද?

එතකොට අපට හරි සරුය. තාත්තාට කිරි හරක් කිහිප දෙනකුම හිටියේය. බඩු උකස් ගෙන පොළියට සල්ලිත් දුන්නේය. බදුල්ලේ සීයා කුඹුරු අස්වද්දා වී කොටසකුත් අපට ගෙනවුත් දුන්නේය. ඒ අස්සෙම බූරුවා කෙළියෙනුත් තාත්තාට වාසි වුණාවත්ද? ඒ මේ වැඩ හිංදා අපේ තාත්තාට ඉස්පාසුවක් තිබුණේම නැතිවා වාගෙය.

එතකොට අපට සරුය.....
ඔහොම කප්පරක් වැඩ තිබුණු හිංදාම වෙන්නැතිය; අපේ තාත්තා අපව හුරතල් කළ බවක ඡායාවක්වත් මගේ මතකයේ නැත. කල්ප කාලාන්තරයකට වතාවක්වත් අපේ තාත්තා මට ‘පුතේ’ කියා කිව්වෙත් අසෝක වීදුරුවෙන් කාලක් බීගත්තාට පස්සේය. එතකොටත් කළේ ‘මෙහෙට වරෙන් රංජි.’ කියා විධානයක් කොට ඔහුගේ ළඟට ගෙන්නා, හිස අතගා ‘උඹ හොඳට ඉගෙන ගන්න ඕනෑ.’ යැයි දරදඬු හඬින් මැතිරීමය.

එහෙම අවස්ථාවක් ආවෙත් කවුරු හරි තාත්තාගේ යහළුවෙක් ගෙදරට ආ වෙලාවකය, රෑ කෑමටත් නැවතුණෝතින්ය. ඇත්තම කිව්වොත් අර ඔළුව අතගා දෙන රළු අවවාදයට වුණත් ලෝබකමෙන් යුතුව මං බලා උන්නේ කවුරුන්ම හරි ගෙදරට කඩා වැදෙනකල්ය.

අම්මා ඊට හපන්ය. කලිනුත් කියා ඇත. ඇය දරුවන් වදන්නට හපනියක වුණාට හදන්නට හපනියක නොවේ. 

අපේ ගෙදර දරුවන් සේරෝම ගහට-කොළට හැදුණා විනා අම්මාගේත්, තාත්තාගේත් හුරතලයක් නම් වින්දෙම නැතිවා වාගෙය. දෙන්නාටම දරු සෙනෙහස තිබුණා වෙන්නට ඇත. පෙන්නුවේ නැතිවා වාගෙය. ‘දරුවන්ට ආදරේ පෙන්වන්න ඕනේ රෑට එයාලා නිඳාගත්තාට පස්සෙයි’ කියන නරුම පඬි වදනකුත් අපේ තාත්තා තදින් ඇදහුවේය.

දැන් නම් එහෙම ‘පණ්ඩිලා’ අඩුයි වාගෙය. හැබැයි නැත්තටම නැතිවී ගිහින් නැත. ඔය දරු සෙනෙහසේ දිග-පළල සතියකට වතාවක්වත්  දැකීමේ වාසනාව දැන් අපට ඇත. අපය කිව්වේ නෙවිල්ටයි, මටයිටය. එයිනුත් හොඳම දවස ගැන අපි තවමත් කතා වෙන්නෙමු!

දැන් නම් එහෙම පණ්ඩිලා අඩුය!
අවුරුදු හත-අටකට උඩදී දවසක් මාත්, නෙවිලුත් හැන්දෑවක අයස්මන්ත දොස්තර මහත්තයාගේ ගෙදරට ගිහින් හිටි වේලාවකි මේ. ඒ ගියේ නෙවිල්ට ගෙන්වාගත් කැමරාවක් අරගන්නටය.

ප්‍රීතිකා නංගී; පීරිස්ගේ ප්‍රියම්බිකාව එවෙලේ හරිම ‘බිසිය’. ඇඳුම් මදිමින් හිටි හින්දාය. එයා කලබලෙන්ම අපට තේ හදාදී, දඩිබිඩියේ ආපහු ඇඳුම් මැදිල්ල පටන් ගත්තාය. 

“අනේ අයියලා තරහ වෙන්න එපා, සත්තරනේ. දැන්ම මේකත් ඉවර කරගත්තේ නැතිනම් මං සකල අමාරුවක වැටෙනවා. උදේට රෙදි මදින්න බැහැ අප්පා”. ප්‍රීතිකා නංගිගේ හැටි එහෙමය. හරිම කඩිසරය, විවෘතය, සුහදය.

ඇය අරහෙම කියලා කට ගන්නටත් කලින් චූටී අම්මා ළඟට දුවගෙන ආවේ half sheet එකක් උස්සාගෙනය.

“අම්මි මේ, මං ඇන්දා.” ප්‍රීතිකා යාන්තමට ඔළුව ඉස්සුවාය; බැල්මක් දැම්මාය. “හරී ෂෝක්. තව අඳින්න පුතේ.” කිව්වාය. ඊළඟ විනාඩියේ තව කොළයක්. තව බැල්මක්. “ලාස්සනයි කෙල්ලේ!” ආයේ, ආයේ එකම චක්කරය කැරකිනි.

එතැන ඉඳලා චූටි දුව විනාඩියෙන් විනාඩියට අඳින පින්තූර උස්සාගෙන එයි. අම්මාට පෙන්නයි. ප්‍රශංසා ලබයි. එහෙම ඉවසීමක්! ඒ මව්වත්කමය. දැනටත් ඒ ගෙදරට යන වාරවලින් වැඩිම ගණනකදී පීරිස්ගේ සරුවාංගය පුරාම කාබන් පෑන් දෙක තුනක තීන්තය. “චූටිට ඕනේ තරමක් ඇඟේ බලිකුරුටු අඳින්න දෙන්න එපැයි, මං ගෙදර ඉන්නවා නම්.” ඒ පීතෘ සෙනෙහසය.

චූටිට ඕනෑම කෝළමක් කරන්නට තාත්තා ඉඩ දෙයි!
එව්වා දකිද්දී නම් ‘දිසානායක දූ දරුවන්ට’ පුංචි කාලෙදී miss වී ඇති තරම කොච්චරද කියා හොඳට පෙනෙයි!

දැන් තවත් දර්ශනයකට මාරු වෙන්නට වෙයි. මේවා එකකට එකක් වෙනස් වගේ පෙනුණත් link වෙවී තියෙන නිසා නොකියා කොහොමද?

අපේ තාත්තාට කිරි හරක් කිහිප දෙනෙකු හිටි බව මුලදී කිව්වෙමි. කිරි දොවා, බෝතල් කොට ඒවා බෙදා හරිද්දී පුංචි මටත් කොටසකට කර ගහන්නට සිද්ධ වුණේය. බදුල්ලේ ස්ටේෂන් මාස්ටර්ගේ ගෙදරටත් කිරි බෝතලයක් හෝ දෙකක් හැමදාම මං ගෙනිච්චේ ඒ අනුවය. 

ඒ යුවළම ඒ දවස්වල තුරුණු වියේ අග්ගිස්සේ හිටි බවය මට මතක! ‘නෝටි ෆෝටිවලට’ කිට්ටුවෙන්වත්ද?

මාසයේ අන්තිමට අපේ තාත්තා පුංචි තුණ්ඩුවක අපට ලැබෙන්නට තියෙන මුදල ලියා මගේ අතට දෙයි. මං ඒක දුන්නාම, එදාම එයාලා ඒ සල්ලිත් මගේ අතේම තාත්තාට එවන්නටත් පුරුදු වෙලාය හිටියේ. එදාත් එහෙම දවසකි. ඒ වාගේම උදේ ඉඳන් ‘චිරි-චිරි-චිරි-චිචිරි-චිරි’ පොද වැස්සකුත් ඇද හැලෙන්නට පටන් අරන්ය.

වෙනදා පුරුද්දට මං බංගලාවේ දොරට තට්ටු කළෙමි. සද්දයක් නැත. ආයෙමත් සැරෙන් තට්ටුවක්..... ඒත් ම්හු! ටිකාක් සද්දෙන්, ‘සර්! මහත්තයා....’ සර් වචනය කට ඇරලා කියන්න බැරි එකකි, මහත්තයා එකේ ‘තයා’කෑල්ල අඬහැරේකටත් ඔට්ටුය! ඒක නම් ඇහුණා වගේය.

වෙනදා පුරුද්දට මං...........
“ආආආආං රංජී, ඔහොමම ඇතුළට එන්න. අපි මෙහෙ.....” ස්ටේෂන් මාස්ටර් මහත්තයාගේ කටහඬ ඇහුණේ ඇතුළු කාමරයකිනි. කිරි බෝතලුත් උස්සාගෙනම මං ඒ පැත්තට ඇදුණේ පැකිළෙමිනි. වෙනදාට නම් එහෙම කතා කරන්නේ නැත, කවුරුන් හරි ඉස්සරහට ඇවිත් කිරි බෝතල් ටික අරගන්නවා මිස!
“කෝ එනවද??????”
“ඔව් සර්!”

කාමරයේ දොරත් හායි ගාලා ඇරපු ගමන්ය. කාමරයට ගියා විතරය. මා ගැස්සී ගියේය. මොකක්දෝ ලජ්ජාවක් මගේ ඇඟ පුරාම දිව්වා තවමත් මතකය. 

නමුදු මා දුටුවේ අතිශය සොඳුරු ප්‍රේමාලිංගනයක වෙළී හුන් අඹු-සැමි දෙන්නාය. නිදන කාමරයේ සයනය මත අඩ නිරුවතින් වගේ, එකිනෙකාට තුරුලුවී හිටි දෙන්නාය. දෙන්නාගේ යටිකය නම් ඇතිරිල්ලකින් වැහිලාය.

මොන හේතුවකටද කියන්නට දන්නේ නැතත්, මා ඒ දසුනින් ඉමහත් සතුටකට පත්වුණු බව නම් තවමත් මට මතකය. 

අදටත් ඒ පියකරු දසුන මා උණුසුම් කරවයි. ඒ දසුන චිත්‍රයට නඟන්නට හැකියාවක් නැති බැවින් ඊට ඉතාමත් ආසන්න මේ දසුන ‘If Only’ චිත්‍රපටයෙන් ගෙනහැර පාන්නෙමි!

ඒ සොඳුරු ආලිංගනය ...............
වෙනත් පුංචි දරුවෙකුටත් ඔව්වා ඔය තරම් අපූරුවට හිතට කාවදිනවාද කියලා නම් මා දන්නේ නැත. එය හොයාගන්නට ක්‍රමයකුත් නැත. කොහොමත් මට ඇත්තේ උකුසු ඇස් දෙකකි; අලි කන් දෙකක් හා මතකයකි; සර්ප දිවකි! යමක් දකින පමාවෙන් 99% ක්ම උකහාගෙන සේරෝම දත්ත ගබඩා කරගැනීමය මගේ පුරුද්ද.

ඉතින් ඔය විදියේ පසුබිමකය ‘ෂර්ලි’ මගේ කතාවට ඇතුළු වන්නේ.

එතකොට ෂර්ලි ගැටවරයෙකි. දැන් තේරෙන්නේ ගැටවරයෙකි කිව්වාට විස්සක් විතරවත් ඇතිය කියලාය. නැතිව කොහොමද මනුස්සයාට CGR එකේ රස්සාවක් ලැබෙන්නේ? 

ෂර්ලි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රස්සාව කළත්, අපේ තාත්තා එයාගේ වැඩවලටත් ෂර්ලිව යොදා ගත්තේය. විශේෂයෙන් මගේ පහිනපත්වලට. ps සර්විස්වලට! හරියටම කියනවා නම් මාව සුජාතාවෙන් එක්කං එන්නට.

එතකොට ෂර්ලි ගැටවරයෙකි.
ඉස්කෝලෙට ඇතුළු කරගෙන නැතිවත් මං හිටියේ හෝඩියේ පංතියේය. එව්වා වේලාසන ඇරෙයි. මාව එක්කං යන අක්කලාගේ පංති ඇරෙන්නේ ඊට පැයකට විතර පස්සෙනේ. 

ඉතින් වැඩියත්ම මං කරන්නේ පාළු පන්තියේ, තනිවම වාඩිවී කිරා වැටෙන එකය. කොහොමින් හරි තාත්තාට ඒක ආරංචිවී තිබිණි. “රංජියා පව්. අපි ෂර්ලිව යවලා කොල්ලව ගෙන්නා ගමු කලින්.” තාත්තා ෂර්ලිව වැඩේට පංගාඩම් කරගත්තේ එහෙමය.

අපේ තාත්තාට දැක්වූ සැලකිල්ල නිසාදෝ ෂර්ලි කවදාවත් පරක්කු වුණේ නැත. නොසැලකිල්ලක් පෙන්නුවෙත් නැත. තාත්තා පවරා තිබුණු රාජකාරිය නූලටම ඉටු කළේය. කොටින්ම ඉස්කෝලය ඇරී එද්දී මගේ පොත් බෑගයත්, වතුර බෝතලයත් උස්සාගෙන ආවෙත් ඔහුමය!

2004 දී විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ජයතිලක කම්මැල්ලවීර මහතාගේ කෙටිකතා පොතක දෙවන මුද්‍රණය පළ කළේය. එය පරිවර්තනයකි. පොතේ මුල්ම කෙටිකතාව ‘ඉසබෙල් අයියන්දේ’ගෙය. ‘පව්කාර දරුවා’! ඒ ජයතිලක මහත්තයා කතාවට දී තිබුණු නමයි.

අවුරුදු 11ක දියණියක් වන එලීනාත් සමඟ, බෝඩිමක් පවත්වාගෙන යමින් ජීවිකාව රැකගන්නා තනිකඩ මවක් ක්‍රමයෙන් ජුවාන් ජොසේ සමඟ ගොඩනංවාගන්නා සම්බන්ධකමකි. එලීනා මෙය දකියි. අම්මාගේත්, බෝඩිංකාරයාගේත් ලිංගික හැසිරීම් දකින එලීනා ටිකෙන් ටික ජෝසේට ආශක්ත වන්නට පටන් ගනියි. කුතුහලයෙන් ආතුර වෙන්නට වෙයි. 

ඔහු පිළිබඳව වියරු වැටෙන ඇය, දිනක් මව මෙන් සැරසී, කාමිනියකසේ ජෝසේගේ යහනට කඩා පනී. ජෝසේ කැහැටු, නොමේරූ දැරියක වන එලීනාව පන්නා ගනී. හොඳම හරිය එන්නේ ඊට වසර කිහිපයකට පසුවය. දැන් එලීනා තරුණියකි. දුරක සිටින ඇය යළි නිවසට එද්දී ජෝසේ බලන් ඉන්නේ ඇගේ කාම වියරුව තවමත් ඇතැයි සිතමිනි........ ඇය ගැන සිහින මවමිනි........ යළිදු ඇය තම යහනට කඩා වදිතියි සිතමිනි....

ජයතිලක කම්මැල්ලවීර හා ඉසබෙල් අයියන්දේ...........
ඉතිරි ටික කියන්නට මට හිත දෙන්නෙම නැත. ඔයාලා ඒ කතාව හොයාගෙන කියවතැයි හිතෙන නිසාය. සහතිකය. ඒ කෙරෙන මහන්සියට ප්‍රතිඵලය වටිනවාය. මට නම් ඒ කතාව ඒ තරමට රසවත්ය.

ජෝසේ හිටියේ ඉසබෙල් අයියන්දේගේ මනෝ ලෝකයේය. පසු කාලයේ ජෝසේගේ මනෝ ලෝකය පුරාම රැජණකවී උන්නේ එලීනාය. 

ෂර්ලි හිටියේ එහෙම මනෝමය ලෝකයක නොවේ; ප්‍රබන්ධ කතාවක නොවේ. මිහිපිටය. හැබෑ ලෝකයේ  ලෙයින් මසින් පිරිපුන්වය. එතකොට මගේ මනෝ ලෝකයේ? එතැන ඔහුට කොතරම් ඉඩක් තිබුණේද? අදටත් මා දන්නේ, මට ඒ ගැන කිසිම ගනිච්චියක් නොවුණු බව විතරය. හැබැයි, ලොකු ඉඩක් තිබුණාම වෙන්නැතිය.

ඉතින්, සමහර දවස්වලට අප ගෙදර එද්දී අම්මා ගෙදර නැත. මහ ගෙදරට ගිහින්ය. එහෙදී අම්මාට සුනිල්ව බලා ගන්නට වෙන්නේ නැත. උයන්නට වෙන්නේ නැත. 

ගමකදී ගැබ්බර ඇත්තියක් දැක්කාම කාටත් උණු වෙයි. ගෙදර ඉදෙන කෑමකින් කොටහක් අර ඇත්තියටත් ගෙනවිත් දෙයි. අපේ අම්මාගේ වග හොඳට තේරෙන මං හිතන්නේ, අම්මා ඒ වාසිය උපරිමයෙන්ම භුක්ති විඳි බවයි. අපේ අම්මා අදටත් එහෙමය. ‘ඇඩ්වාන්ටේජස්’ ගන්නට දෙයියෙකි.

එහෙම දවසට ෂර්ලිගේ වැඩ තවත් වැඩිවෙයි. මාව කනුපැලැල්ලේ ගෙදරට ඇරලවන එකත් ඔහුටම බාරය. ඒත් ෂර්ලි ඒකත් කළේය. කැමැත්තෙන්ම එහෙම කළා වෙන්නට ඇත. ඊට වැඩි දේකුත් එක්කම.....! 

එව්වාට ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පඩිත් ගෙවන්නට ඇතුවා නිසැකය!

ගැබ්බර ඇත්තියක් දුටුවාම...
ඉතින්, අදට විරාමයක් ගෙන, ඒ හරිය කියන්නට ඊළඟ කොටසට යන්නෙමි.

Sunday, November 25, 2018

සීයයි!


“ඔන්න රංජි, එක දවසක් එක බමුණෙක් කැලේට ගිහින් වළක් කප-කපා ඉන්නවා. ඔතනින් යන්න ආවා තව බමුණෙක්. එයා ඇහුවා අර ඉස්සෙල්ලා බමුණාගෙන් මොනවද කරන්නේ කියලා. 

‘මං මගේ මිනීවළ කපනවා. තව පැය දෙකකින් මං මැරෙන බව මගේ ශාස්ත්‍රඥානය මට කිව්වා! ඒකයි.’ බමුණා උත්තර දුන්නා. 

එතකොට දෙවෙනි බමුණා එතැනම නැවතුණා. ඇඟිලි ගැන්නා.

‘වැරැදියි. උඹගේ දැනීම වැරැදියි. උඹ මැරෙන්නේ තව පැය දෙකකින් නෙවෙයි, හතරකින්.’ එහෙම කියලා මිනිහ යන්න පිටත් වුණා.

මිනීවළ කැපීල්ල නවත්තලා.....
පළමුවෙනි බමුණා මිනීවළ කැපිල්ල නවත්තලා දෙවෙනි බමුණාගේ පස්සෙන් දිව්වා! 
‘අනේ පින්වතාණෙනි, ඔබතුමා ඔය ගණන් බැලූ ශාස්ත්‍රය මට උගන්වන්නකෝ’ කිය-කියා.”

ඒ කතාව මට කියා දීලා අපේ තාත්තා මෙහෙමත් කිව්වා! 

“ඕකේ වැදගත්ම දේ තමයි රංජියො, අපිට යමක් ඉගෙනගන්න පුළුවන් නම් මැරෙන මොහොතේදී වුණත් ඉගෙනගන්න ඕනේ කියන එක.” මං ඒකේ ඇත්ත-නැත්ත නම් හොයන්නට ගියේ නැත. 
ඒත් ඒකෙන් කියැවුණු විදියට හැකි හැම දේම ඉගෙනගන්නට නම් උත්සාහ කළෙමි.

ඇත්තෙන්ම මං තවමත් ඉගෙනගන්න කෙනෙක්! 
හැමදාම, හැමවිටම 
ඉගෙනගන්න සහ ඉගෙනගනිමින් ඉන්න කෙනෙක්!

ඉගෙනගනිමින් ඉන්න.......
හැබැයි මා ගොඩාක්ම ඉගෙන ගත්තේ කතන්දරවලිනි; අත්දැකීම්වලිනි; වටපිටාවෙනි. 
එතනදී මගේ අගනාම; අමිලම; උත්කෘෂ්ඨම කෝෂ්ඨාගාරය වුණේ අපේ ආච්චීය. 
උන්දෑ මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකීවා! ආච්චී මුලින්ම මගේ නුවණ වැඩිවෙන්නටය කියා, මා ළපටි වියේ සිටම මට නානාප්‍රකාර කොළපලා කැව්වාය. ජාතක පොතින්, සද්ධර්මාලංකාරයෙන්, විමාන වත්ථුවෙන්, ප්‍රේත වස්තුවෙන්, කවි පොත්වලින් විතරක් නොවේ.... ඇය නැරඹූ චිත්‍රපටවලින් පවා අනේක කතන්දර මට කියා දුන්නාය. 

ඊළඟට පොත්, පත්තර, කලා නිර්මාණ වගේම ජනමාධ්‍යයන්ය; මට ගුරු වන්නේ!

අදටත් මගේ හිත ඇදගන්නේ න්‍යායයන් නොවේ. අත්දැකීම්ය. 
ඒවා කපමින්, කොටමින් එහෙම වෙන්නේ මන්දැයි හෙවීම වෙනම කර්තව්‍යයකි. 
එය මගේ උනන්දුව, බුද්ධිය වඩවන අභ්‍යාසයකුත් වෙයි.

“පුටුව! එහෙම කියනකොටම සිංහල දන්නා ඕනෙම කෙනෙකුට මැවිලා පෙනෙන්නේ මොකක්ද? හැබැයි සිංහල නොදන්නා; ඉංග්‍රීසි විතරක් දන්නා කෙනෙකුට chair කියද්දීත් මැවෙන්නේ අර මුලින් කියූ විදියෙම රූපයක් නේද? අපේ මනසේ රූප, සංකල්ප ඇතිවෙන්නේ භාෂාවත් එක්කමද? මනුස්සයා කියන්නේ සංකල්ප, අදහස් ආදියේ සංකලනයක්ද?” 
ඔන්න ඔයාකාර අදහස් ගොන්නක් තමයි මට X කණ්ඩායමේ ලියවිලි කියවද්දී හිතට වැටුණේ. සමහර විට මං එව්වා තේරුම් ගන්න ඇත්තේ මට ඕනේ විදියට වෙන්නත් ඇති. 
මගේ නොතේරුම්කම; නොමේරූකම වෙන්නත් ඇති.

මිනිහෙක් කියන්නේ සංකල්ප ගොන්නක්.......
කොහොම වුණත් නිමල් දිසානායක නමැති සංකල්ප ගොන්න 
එහෙම හැඩ ගැහිලා වාගෙය. 
“අම්මව දෙනවයි කිව්වා නම් පුතේ, තාත්තව ගස් බැඳලා හරි ඒක කරපන්!” තාත්තා මට කීවේ එහෙමය. එයින් මා ගත්තේ වාච්‍යාර්ථය විතරක් නොවේ. ‘කරන්නට බැරි දෙයක් කියන්නට එපා’- යන ඔවදනය. එමෙන්ම යමක් කීවොත් කරලා මිස පසු නොබලන්නටත් ඒකෙන් ඉගෙන ගත්තෙමි.

පොත-පතත්, මට හමුවුණු වෛවාරන්න මිනිස්සුත් සහමුලින්ම මා වෙනස් කළහ.

“වානරයා අතේ ඇඟිලි පහෙන් එකක්; මහපටැඟිල්ල වෙනම අතකට නවන්න ගත්ත දවසෙයි ලෝකය වෙනස් වෙන්න පටන් ගත්තේ. 
ඒකෙන් තමයි අපට ආයුධ පාවිච්චි කරන්න හැකි වුණේ. එතැනින් තමයි අපේ මොළය වර්ධනය වෙන්න ගත්තේ. දන්නවද, සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී ලොකුම මොළය තියෙන්නේ මිනිහාට. සිරුරේ ප්‍රමාණයත් එක්ක සසඳද්දී ප්‍රාණවත් ලොකුම ලිඟුව තියෙන්නෙත් මිනිහාට. 
එච්ච්ච්රද? ලිංගික ක්‍රියාවල යෙදෙන්න වෙනම කාල වකවානුවක්, සමයක් නැති එකම දියුණු සතාත් මිනිහානේ.” 
ඩෙස්මන්ඩ් මොරිස්ගේ ‘මනුසත් උයනෙන්’ ‘නිරුවත් වානරයාගෙන්’ එබඳු දේ මා උගත්තේ විස්මයෙන් ඇළලෙන ගැටවරයෙකු වශයෙනි.

මගේ දිවි කුසලානය......
ආතර් සී. ක්ලාර්ක්ගේ පොත්වලින් මුළුමහත් විශ්වයම වාගේ දෝතට ගත්තෙමි. 
තව කොතෙකුත් උදාහරණ දිය හැකිය.

මා මෙතෙක් ලබා ඇති ලොකුම භාග්‍යය 
මගේ ජීවිත කුසලානය මදිය නොකියන්නම ඒ දැනගැනීම්වලින් පිරී තිබීමයි. 

නහින-දෙහින කාලයේ වුණත් ‘ඩිමෙන්ෂියාව’ වැනි රෝගයකට ගොදුරු වෙනවාට 
මා නම් අකැමැතිය. එහෙම වෙන්නේ මොළෙන් වැඩ ගැනීම අඩු වුණාමලු. 
එයින් ගැලවෙන්නට මා හොයාගත් විසඳුම මොළය වෙහෙසවීමයි. 
ඒකට කදිම ව්‍යායාමයකි, මේ! බ්ලොගය ලිවීමත්.

අනෙක මරණින් මතුත් ජීවත් වෙන්නට, අමරණීය වෙන්නට ඇති කැමැත්තයි. 
අප මේ දන්නා දහංගැට සේරම දමන්නේ ඒකට නේද?

අමරණීය නොවුණත් මොකද, මගේ අත්දැකීම්වලින් තව කාට හරි සෙතක්; 
යහපතක් වෙනවා නම්! ඒ සේරෝමත් ඇත්තය. ලොකුම ඇත්ත මගේ හිතේ ඇති බරයි. 
මට අනුව, මගේ හෘදය සාක්ෂ්‍යයට අනුව නම් 
මම දෙබිඩ්ඩෙක්මි. මා යනු හොඳ-නරක දෙකේම උපරිම සංකලනයකි. 
Yang Yin එකට අදාළව බලද්දීය ඒ.

Yang Yin සංකල්පයට අනුව ...... 
මට පමණට වඩා පැසසුම් ලැබෙයි. මාව වර්ණණා කෙරෙයි. 

නියම මා; සැබෑ නිමල් දිසානායක තවමත් ඉන්නේ වසන්වී වාගෙය. 
එහෙම ඔට්ටු නැත! එව්වා වානාය!! දැන්වත් උඹ ගැන ඇත්තම; ඇත්ත කියපන් නිමල්. කොටින්ම මගෙන් පෙනෙන්නේ ඇත්ත නිමල් දිසානායක නොවේ. 
හැබෑ නිමල්ගේ, හැබෑම ඇතුළාන්තය එළිදරව් කළ විට හිත-මිතුරන් කොහොම සලකාවිද?
  
එහි ප්‍රතිඵලය දැනගන්නට මට ඕනෑ විණි. හිත එහෙම කියූ විට මම මේ බ්ලොගය ලියන්නට හිතුවෙමි. ඒකට තවත් හේතු එකතු වුණේය. පිළිකාව වගේ එව්වා. 
ඇයි බ්ලොගය ලියද්දී දයාබර පාඨක ඔබලාගෙන් ලද ප්‍රතිචාර!

මාස අට සපිරෙන්නටත් පෙර පෝස්ට්ස් 100 ක්. බ්ලොගයේ රීඩර්ස්ලා 23,136 ක්. 
ඒ උත්තේජනය නව පණකි. පෝඩ්ඩක් ආඩම්බරත් එක්ක, චුට්ටයි.  
තවත් එඩිතරව, නිර්භයව, සැබෑම සැබෑව ලිවිය යුතුය. ලියන්නෙමි! 
එයට මොනම විදියකින් හෝ දායක වුණු හැමෝටම පිං. 
මල් කළඹක් පිරිනමා, ස්තුතියි කියනවාට වඩා එහෙම කීම ළෙංගතුය.
ඒත් ලස්සන මල් ටිකකුත් පිරිනැමීම ලස්සනය. හැබැයි 
මෙච්චරට ‘නිදිගෙ පංච තන්තරේ’ උස්සා තිබ්බ කට්ටියගේ නම් ලැයිස්තුව 
මෙතන කොටන්නේ නැත්තේ, ඒක බෙල්ල ගහලා යන වැඩක් වගේ දැනෙන නිසාය. 
හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව හොඳනේ, නේද?


එහෙනම් තව රහසකුත් කියන්නද? මේ පෝස්ට් එක තමයි මෙච්චර දවසකට ලියාපු අමාරුම එක!

මෙහෙම ලියද්දී, නොසංගා ඇත්තම ඇත්ත ලියද්දී 
ඔයාලගේ අවංක ප්‍රතිචාර ගොඩක්-ගොඩාක් වටිනවා- වටිනවාමයි. හොඳේ!!
ඒත්.......


පැසසුම් වගේම හිතාදර ඔයාලට පෙනෙන, දැනෙන අඩුපාඩුත් 
විශේෂයෙන් මට කියන්න. 

කීයටවත් තරහ වෙන්නේ නැහැ, හොඳේ!

ඉතින් මටත් ලියන්න ෴
***දැන්මම ඌන පූරණයකුත් කරන්න වෙලා. අද බලද්දීයි මේක දැක්කේ! දැන් ලිපියට යටින් තියෙන කමෙන්ට්ස් ක්ලික් කළාම කමෙන්ට් කරන්න පුළුවන්. 
මුලින්ම එහෙමයි තිබුණේ. පස්සේ මොකක්ද හේතුවකින් එහෙම විවෘත වුණේ නැහැ. ඒකයි මගේ විසඳුමක් උඩින් දැම්මේ!

Friday, November 23, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දොළොස්වෙනි කොටස

උගුර බැරැන්ඩිය!

එක සයිඩ් ඉෆෙක්ට් එකක්....
මගේ ලෙඩ ගොඩක් එක සැරේම කියලා, ඔයාලටත් සසර කලකිරවන්නේ මොකටද? ඊළඟ දවසට ඒ විස්තර කල් දමන්නම්! එහෙම කියලනෙ එදා මං නතර කළේ. 

ඉතින් අද පටන් ගන්න වෙන්නේ ලෙඩකින් නෙවෙයි, අතුරු ආබාධයකින්. මගේ සරීර කූඩුවේ වඩාත්ම සංවේදී කෑල්ල මගේ උගුර වෙන්නැති. කතාවට හපන් වෙන්න නම් උගුර හොඳට තියෙන්නත් එපැයි! දන්නවනේ, දිසා කතාවට දෙයියාය කියලා. එක දිගට පැයක්-දෙකක් කතාවක් පැවැත්තුවත් උගුරේ අවුලක් වෙන්නේ නෑ. ඉස්සර එහෙම වුණාට දැන්..... කීමෝතෙරපි ප්‍රතිකාර ගන්න පටන් ගන්නකොටම මගේ උගුර යකාට යනවා. බැරැන්ඩි වෙනවා.

ඒ දවස්වලට නම් නෙවිල්, පීරිස්, මර්වින් වගේ හැමෝටම හරිම ජොලි. එහෙම වෙලාවට තමයි එයාලා මට කියන තරමක් කතන්දර කියන්නේ. බල්ලෝ කාපු උගුරක් එක්ක කතා කරන්නයැ? ගොරවන්නයැ? මං මුවින් නොබැණ මෞනවෘතය රකිනවා, දත් මිටි කකා. “කෝ... කෝ දැන් තමුසෙගෙ මහ ලොකු කට? දැන් තමයි වෙලාව මූට ඕනේ දෙයක් කියලා දාන්න.”

හැබැයි, යන්තමට කට පණ ගහලා එද්දී.... මං ඇරියස් කවර් කරගන්නවා. මොකද මේ හැම සයිඩ් ඉෆෙක්ට් එකක්ම දවස් තුන හතරකින් පස්සේ තුනී වෙලා යනවා. එන්නේ වෙනින් එකක්.

හෙළ ඔසුවක් විදිහට........
“අයියේ, උඹට හොඳයි ‘ෂර්ෂපාදී තෙල්’ ඩිංගක් ගාගන්න එක.” අපේ සුනිල් මගේ උගුරේ සෙම ගතියට ගොඩ වෙදකමක් අරගෙන ආවා! පිටින් ගාන්න තියෙන්නේ. කපුරු සුවඳ ගහන තෙලක්. “මල්ලිකාට නම් මේ තෙල ගොඩක් හරි ගියා. හුස්ම ගන්නත් ලේසි වෙනවා. උගුරේ සෙම ගතියත් අඩු වුණා.” සුනිල් රෙක්මන්ඩ් කළා. ඇත්ත. ඒක ගෑවාම මටත් පහසුවක් දැනුණා. 

හුස්ම ගැනිල්ල හොඳටම අමාරු වෙනවා නම් ගන්න ‘ඉන්හේලර්’ එකකුත් මට දීලයි තිබුණේ. ඔන්න ඕක විතරමයි මං සිංහල, ඉංග්‍රීසි ක්‍රම දෙකෙන්ම ගත්තු ප්‍රතිකාරය.

හරියට ‘රාජා හෝ මා හෝ ගංගා හෝ’ කියලා අරිට්ඨකීවෙණ්ඩු කිව්වා වගේ! උගුර බැරැන්ඩිය ගැන කොටන වෙලාවේ ඉඳලා ‘සීතාවක බැරැන්ඩි කෝවිලත්’ හරි පොරයක. මතකයේ ඉස්සරහටම ඇවිත්.

පුදුමය කියන්නේ කොළඹට මෙච්චර ළඟින් තිබිලත්; අවිස්සාවේල්ලේ තිබිලත් හුඟ දෙනා මෙතනට ගිහිල්ලා නැති එක. ඇයි ඒ?

සීතාවක කියන්නෙත් ලංකාවේ එක රාජධානියක්. සිංහල, ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි කියන හතර වරිගෙම අතින් පාලනය වුණු එකම රාජධානිය. බිහිවුණේ අවුරුදු 467කට විතර ඉස්සර. ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයාගේ ‘විජයබා කොල්ලය’ කියවලා තියෙනවා නම් ඔයාලට ආයේ අමුතුවෙන් විස්තර කියන්න ඕනෙත් නැහැ.

ගිහින් බලන්නට වටිනා............
දන්ත ධාතුන් වහන්සේත් සීතාවක වැඩ හිටියා. 

කෝට්ටේ රජ වුණු ධර්මපාල කුමාරයා ‘දොන් ජුවන් ධර්මපාල’ නමින් කතෝලිකයෙක් විදියට බෞතීස්ම වෙනකොට හිරිපිටිය නිලමේට විචිකිච්ඡාවක් ඇතිවෙනවා. ඊට පස්සේ දළදා වහන්සේ නොතකා හරීවි කියලා. මනුස්සයා තමයි දළදාව බාරව හිටියේ. ඉතින් උන්නැහේ ‘කරඬුව’ ඇතුළෙන් බොරු දතක් තියලා, හැබෑ දළදාව මායාදුන්නේ රජ්ජුරුවොන්ට ගෙනිහින් දෙනවා. ඊට පස්සේ දළදා වහන්සේ හංගලා තිබ්බේ කුරහන් ගලක.

බල අරගල සිදුවෙද්දී ඔහොම දේවල්; රජවරුන් ගොනාට ඇන්දීම් අමුතු දේවල් නෙවෙයිනේ. ඒවා කවදත් වෙනවා. 

ගෑනියෙක්ව මිනිහෙක් කිරීම විතරක් කරන්නට බැරි, මහා බල පරාක්‍රමයෙන් යුතු ‘ජයවෝඩන ජනාධිපතිතුමාවත්’ අපේ උන්නාන්සේ කෙනෙක් යස රඟට අන්දලා තියෙන්නේ, ඇමතිතුමෙකුත් හවුල් කරගෙනම.

මහාවැලි ව්‍යාපාරය නිසා පන්සල් ගොඩක් වතුරට බිලිවුණානේ. ඒ ගැන ගාමිණී දිසානායක ඇමැතිතුමාත් එක්ක කතා කළ හුණුපිටිය ගංගාරාමයේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ යෝජනාවක් කළාලු. “ඒ පව් හේදෙන්නත් එක්ක අපි චෛත්‍යයක් හදමු!” කියලා. 

ඔහොම මහවැලි මහා සෑය හදන්න යෝජනා වුණාට තව ප්‍රශ්නයක්; සෑහෙන බරපතළ ප්‍රශ්නයක් මතු වෙච්චි.

මහවැලි මහා සෑය හදන්න යද්දී........
“දුටුගැමුණු මිනීමරුවෙක් කියලා කියපු අයෙකු අතින් මුල්ගල තියන්න බෑ කියලා මම තරයේම කීවා. ජේ.ආර්. උත්සවයට ආවට නම් කමක් නෑ, හැබැයි මුල්ගල තියන්න නම් දෙන්න බෑ කියලා මම දිගින් දිගටම විරුද්ධ වුණා. ඒත් ජේ.ආර්. ඉන්නකොට ගාමිණීට මුල්ගල තියන්න බැහැනේ. ඒ නිසා අපි උපක්‍රමයක් භාවිත කළා....... අපි දෙන්නා නැකත් දවසේ ජේ.ආර්.ට හොරෙන් ගිහින් මහවැලි මහා සෑයට මුල්ගල තබලා පස්වලින් වහලා දැමුවා. ඊට පස්සේ ජේ.ආර්.ගේ ප්‍රධානත්වයෙන් විශාල උත්සවයක් පවත්වලා යළිත් වරක් මුල්ගල තැබුණා....”. කොහොමද ඒ ඇන්දිල්ල?

ඔය වගේම, පහුගිය ටිකේ කවුරු කාව කොහොම රැවැට්ටුවද කියන කතාවල් තව පස්සේ එළිවෙයි, නේද?

කවුරු කාව කොහොම කොහේදී රැවට්ටුවත් අපේම සරීර කූඩුව රවට්ටන්නයැ? ඒ වැඩේ නම් බැහැ රජෝ! 

ඒ හිංදා මං මට කියන වෙලාවට, කියාපු විදියට ප්‍රතිකාර ටික ගත්තා. ඇත්තටම ඊට පස්සේ කිහිප වතාවක්ම MRI එකෙන් මගේ තත්ත්වය ගැන පරීක්ෂණත් කෙරුණා. ලැබුණු වාර්තාවලට අනුව නම් පිළිකා රෝගී මට්ටම ‘zero’ ලෙවල් එකට ඉතා ළඟයිලු.

එහෙම කිව්වට ඇතැයි? තවම අනෙක් සයිඩ් ඉෆෙක්ට්ස් ගැන එහෙමත් කියන්න වුණේ නැහැනේ. 

උගුර බැරැන්ඩියට අමතරව ඔන්න හිටි ගමන් මස්පිඬු පෙරළෙන්න ගන්නවා. කෙණ්ඩ පෙරළෙනවාට වැඩියෙන් ඒක වේදනාකාරියි. මාංශ පේශි පැතලි වෙලා, ලෑල්ලක් වගේ වෙද්දී එලොව පොල් පේනවා! ගොඩක් දවසට පැය දෙක-තුනකට වැඩිය නින්ද යන්නෙත් නැහැ. එතකොට නම් මාව මත් වෙලා වගෙයි. ඔහේ පාවෙනවා. එලෝ විකාරෙන් මෙලෝ අත ගගා ඉන්නේ.

අන්තඃකල්පය නස්නට පළමු සත්දවසක් තිබියදී...............
මං මේ සේරම කියන්නේ එකම එක ප්‍රධාන අරමුණකුත් ඇතිව. සකල මහා පතළ කරුණාවෙන්! අහලා තියේද කාමාවචර දේවතාවෝ ගැන එහෙම?

“අන්තඃකල්පය නස්නට පළමු සත්දවසක් තිබියදී කාමාවචර දේවතා කෙනෙක් අවමඟුල් වෙස් ගෙන මිනිස් ලොවැ ඇවිද, සත්ත්වයෙනි මෙයින් සත්දවසක් ගිය කලැ මෘගසංවරුසාව යයි යන විනාශකරවූ මහා වර්ෂාවෙක් සත්දවසක් මුළුල්ලෙහි ධාරානිපාතයෙන් වස්නේය. එහි තෙමුණු කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන්සේ පෙනෙති. උනුන්ගේ ජීවිත විනාශ කෙරෙති.......” ඔහොමයි ‘සද්ධර්මාලංකාරයේ’ අනාගතවංශ දේශනාවේ තියෙන්නේ.

කාමාවචර දේවතාවා කෙළලක්ෂයක් සක්වළටම ඇහෙන්න අනතුරු ඇඟෙව්වත් වැඩි දෙනෙක් ඒකට කන් දෙන්නේ නැහැලු. 

මුරුගසන් වරුසාවට තෙමුණාම අනෙකාව හතුරෙක් විදියට පෙනෙන නිසා එක-එකා කා-කොටාගෙන මිනිස්සු විනාශ වෙන්න ගන්නවාලු. වැස්සට තෙමුණු තණකොළයක් වුණත් ආයුධයක් බවට පත් වෙනවාලු. ඒකද මේ වේගෙන යන්නේ?

අපි ගන්න හුස්ම ඩිංගිත්ත විෂ වෙලා. බොන වතුර බිඳ විෂ වෙලා. කන කෑම-බීම........ හැමදේම විෂ වෙලා. අනාගතවංශ දේශනාව දැන්මම හරියටම හරි ගිහින්ද?

දැන් අපේ සමන්ති නංගී රැකියාවෙන් අස්වීලා ගෙදරය. ඒ රස්සාව එපාවෙලා එහෙම නොවේ. මහත්තයාට සාත්තු කරන්නටය. බිමල්, ඇගේ සැමියා පහුගිය දස මාසය මුළුල්ලේ කිසිම කෑමක් හෝ බීමක් ‘මුඛයෙන්’ සරීරයට ඇතුළු කරගෙන නැත. බඩට බටයක් දමා එතුළින් යවන දේවල්වලිනි බිමල්ගේ පණ අල්ලාගෙන ඉන්නේ. ඔහුටත් පිළිකාවකි. මුඛ පිළිකාවකි.

සුනිල්ගේ දෙවෙනි පුතා ජයශංඛ, සමන්ති, සුනිල්, මං, බිමල්, දීපාල්, අනිල් හා දියණිය සිඟිති 
සසර කලකිරවන්නට නොවේ, මං මේවා කියන්නේ. ඇතිවී තිබෙන තත්වය පහදා දෙන්නටය. එහෙම නැතිව මටත් කාමාවචර දේවතාවෙකු වෙන්නට හිතිලා හෙම නොවේ!

අනිල් මල්ලීටත් පෙනහළු පිළිකාවක් බව දැනගෙන තවම පස්මාසයක්වත් නැත. 

ඔහු වතුර පොදක් බොන්නේත් බැරිම තැනදී විතරය. ගිලගන්නට අමාරු නිසාය. එයාගේ බඩටත් දැන් බටයක් දාලා ඉවරය. පුදුමය කියන්නේ මටත් පස්සේ ඒ රෝගයට ගොදුරු වුණු ඒ දෙන්නාම දැන් මටත් වඩා අසාධ්‍ය තත්වයේ ඉන්නා එකය. 

මුලදී පවුලේ අය මට මේවා දැනෙන්නට ඉඩ තිබ්බෙත් නැත. “ලොකාට අප්සෙට් වෙයි කියලයි නොකියා හිටියේ.” ඔවුහු කීහ.

ඇත්තම කියනවා නම් මට ඇත්තේ අවුල් හැඟීමක් නොවේ. තරහකි. මගේ දෛවය මට කියන්නේ නෑ-හිතවතුන් සේරටම පස්සේ යන්න කියලාද? මෙය ගොඩක්-ගොඩාක්ම සැර වැඩි දඬුවමක් නෙවෙයිද? කොපමණ බරපතළ වුණත් දෛවය එය නම් මා ඊට මුහුණ පෑ යුතුය. 

දැන් පිළිකාව කියන්නේ කාගේත් ප්‍රශ්නයක් බවට පත් වුණු  දෙයකි. පොදු ප්‍රශ්නයකි. ඒක වසංගතයක් වගේ මිනිස් සංහතිය වෙළාගන්නට පටන්  අරන්ද? අපි කවුරුනුත් මේ ගැන අවදියෙන් හිටියොත්....

පිළිකාව වසංගතයක්ම වගේ.........
ඇමෙරිකාවේ ටෙලිනාටක නිළි හොලී කිචන් 2015 ජුනි 4 වෙනිදා  යූ ටියුබ් එකට වීඩියෝවක් upload කළේ ලෝකෙටම ඍනාත්මක පණිවිඩයක් දෙමින්. “මගේ පියයුරු පිළිකාව කවදාවත් සනීප කරන්න පුළුවන් එකක් නෙවෙයි.” හොලී කිව්වා. 2016 ජනවාරි 12 වෙනිදා හොලී මියගියා. ඒත් දැන්..... පියයුරු පිළිකාව බොහෝ දුරට මැඩලන්නට වෛද්‍ය විද්‍යාවට හැකියි. ඒක තමයි ලෝකේ හැටි.

සොබාදහමත් ලේසියෙන් යමක් අත අරින්නේ නැහැ වගෙයි. 

මෙහෙන් බෙහෙත් හොයාගනිද්දී, එහෙන් රෝගය බෝවෙන අයගේ සංඛ්‍යාව හිතන්නවත් බැරි තරමින් ඉහළ යනවා. දන්නවාද, 2018 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් තෑග්ග ලැබුණේත් අවුරුදු 28ක් තිස්සේ පිළිකා මර්දන ක්‍රම; බෙහෙත් ගැන පර්යේෂණ කළ වෛද්‍යවරුන් දෙන්නෙකුට. මං ඒ ටික කිව්වේ ‘යකා කියන තරම්ම කළු නැහැ’ කියන පණිවිඩය දෙන්නත් එක්කයි.

නමුත් අමතක නොකළ යුතු වේගයකින් පිළිකාව පැතිරෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට නම් තවමත් ඍජු පිළිතුරක් නෑ!

“නිමල් අයියේ, ඒ නිසා තමයි හොඳ සැලකිල්ලෙන් අපි හැමෝටම කෑම ගන්න වෙලා තියෙන්නේ. පේනවනේ, xxxx අයියලාගේ අම්මට වෙලා තියෙන දේ. එයාටත් පිළිකාවක්.” පීරිස් කිව්වා. ඒ සති දෙකකට කලින්. “අම්මා දුර්වල වුණත් ඔපරේෂන් එකක් කරන්නම වෙන තැනට ඇවිත්. ඒකත් ලේසි නැහැ, තියෙන තැන නිසා. හ්ම්හ්, මේක දැන් වසංගතයක්ම වෙලා.”

හැමෝම එකතු වෙලා......
මං දොස්තරවරයෙකු නොවේ. කොන්දොස්තරවරයෙක්වත් නොවේ. එහෙම තියෙද්දීත් මේවා හිතාදර රසික පාඨක ඔබට කියන්නේ අනතුරු අඟවන්නටය!

අප හැම දෙනාගේම සිරුරේ යටපත් වුණු; නිලීන වුණු නොයෙක් ජාන රැසක්ම තිබේ. ඒවා සමහරක් ක්‍රියාකාරී වෙන්නේ හිටි ගමන්ය. පිළිකාව ඇති කරන ඒවාත් එහෙමලු. 

“නිමල් අයියේ, හොඳම දේ තමයි මේකේ මිකැනිසම් එක තේරුම් ගන්න එක. වැඩේ කෙරෙන විදිය; යාන්ත්‍රණේ තේරුම් ගත්තාම කන්ට්‍රෝල් කරගන්න එක ලේසියි.” අයස්මන්ත මහත්තයා කොතෙකුත් කියයි. ඒ මාව දිරිගන්වන්නටය.

“පිළිකා සෛලවලට ජීවත් වෙන්න ග්ලූකෝස් ඕනේ. ලේවල සීනි නැතිවෙනකොට 90%ක් විතරම පිළිකා සෛල අඩපණ වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් තිස්සෙම ඇඟට ග්ලූකෝස් නොදී ඉන්න....” මට දැනෙන විදියටත් ඒක ලෙහෙසි උපක්‍රමයකි. කාටත් හොඳය. 

දැනට ලංකාවේ වසරකට සිදුවෙන මරණවලින් 7%කට හේතුව දියවැඩියාවය. ඒ වසංගතය පාලනය කර ගන්නටත් මේ ක්‍රමයම යොදාගත හැකිය.

“අවුරුදු 2500කට ඉස්සෙල්ලාත් බුදුහාමුදුරුවෝ ඔය විත්තිය දැනගෙන හිටියා. ඒකයි හාමුදුරුවරුන්ට විකාල භෝජන ශික්ෂාපදය පැනෙව්වේ! මුස්ලිම් ආගමේත් එහෙමයි. ඇයි එයාලටත් මාසයක්ම උපවාසය කරන්න කියලා තියෙන්නේ? බිස්නස්කාරයෝ සමාගම්කාරයෝ අපිට සේරම අමතක කරවලා. උඩින් නොපෙනුණාට මොකද අපි සේරම උගුලක හිරවෙලා.”

දුෂ්කර මාර්ගයක් වැටී තිබෙන්නේ සුන්දර ගමනාන්තයකටය.....
දැන් අපට ඉතිරිවී තිබෙන්නේ දුෂ්කර ගමන් මාර්ගයක යෑම විතරක් වාගෙය. මා හිතන්නේ එසේ යාම විටිනවා කියලාය. එහෙම හිතන්නේ සුන්දර ගමනාන්තය දෙස මා සුබවාදීව බලන නිසාය!

කලිනුත් මා කියා ඇත. මට කළ හැක්කේ වාර්තා කිරීම පමණි. ‘තම තම නැණ පමණින් විසඳිය යුතු!’ තීරණය කිරීමේ ඔබේ අයිතිය! ඔන්න ඉතින් ඒකට විවේකයක් දීලා, මාත් විවේකයක් ගන්නවා. කමක් නැහැනේ?