‘අපිට ඕන තරම් මේ ජීවිතයෙදි හම්බෙනවානෙ තමන්ගේම කියලා දෙයක් නොකර අනුන්ගෙන්ම දේවල් වලින් යැපි යැපී, අනුන්ටම ගරහන අය. (කාටද කියන්නේ කියලා තේරෙනවානෙ). එහෙම අනුන්ගෙ දේවල් අරගෙන ලංකාවේ අංක එක වුණත් කවදාවත් යාදෙන්නෙ නෑ. ඊට වඩා තම මහන්සියෙන් ලැබෙන පොඩි දෙයක් උනත් අපිට යාදෙනවා, සතුටක් තියෙනවා. ඒ වගේම නිකම් ලැබෙන කිසිම දේක අගයකුත් නෑ. ඉතිං තව කෙනෙක්ගෙ දෙයක් හොරෙන් අරගෙන පුහු ජයග්‍රහණ පෙන්වන මුග්ධ පුද්ගලයින් හට ලැජ්ජාව, භිය කියන දේ ඇති වී, මේ සිනමාපටයේ කතාව වගේ තම මහන්සියෙන් දෙයක් කිරීමට හේතු වාසනා වේවා කියලා පතනවා.’
තම මහන්සියෙන් ලැබෙන පොඩි
දෙයක් වුණත් අපිට යාදෙනවා... |
මේ සැරේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්
රොත්ත දිහා බලන්නකෝ. 80,000කට කිට්ටුලු!
බුදු අම්මෝ, මහජනතා අපි වෙනුවෙන් සේවය කරන්න කොච්චර ඉන්නවද?
පිරිසිදු චේතනා පාදයි වාසනා!! කියලයි සින්දුවකත් තියෙන්නේ. වාසනාව පාදා ගන්න
හදන්නේ කාට වාසි වෙන්නද...
කාගේවත් හිතක තියෙන දේවල් කාටවත් පෙනෙන එකක්යැ?
ඔය ඉදිරිපත් වුණු උදවියගේ පොඩි පරහක් තියෙනවා වගේ
හින්දයි මං එහෙම කිව්වේ. මේ අපේක්ෂකයන්ගෙන් 20,000කටත් වැඩිය පිරිසක් විවිධ චෝදනා
තියෙන අයලු.
‘ගෙවුණු කාලය තුළදී ඥාතීන්ට ටෙන්ඩර් ලබා දීම, කඩ කාමර
බදු දීම සහ ආයතන සතු දේපළ අවභාවිත කිරීම යන චෝදනා ඉන් ප්‍රධාන වෙන බවයි වාර්තා
වන්නේ.’ කියලයි ඒ වාර්තාවේ තිබුණේ.
එතනදී නොකියා කියා තියෙන දෙයකුත් තියෙනවා. එහෙම වැරදි කරන්නෙත් ඉතිං බලයක් තියෙන-
බලයක් තිබුණු උදවියනේ. බලමුකෝ එහෙම දූෂිතයන් කොච්චර දෙනෙකුට මේ වතාවේ ආයෙමත්
දිනන්න හැකි වෙයිද කියලා... රටේ ජනතාව හිතන විදිහ සහ ඔවුන්ගේ දේශපාලන සබුද්ධික බව
මේ ඡන්ද ප්‍රතිඵලය පෙන්නාවි කියලයි මට හිතෙන්නේ.
බලය! ධනය!! තත්ත්වය!!! තව තවත් වැඩි කර ගන්න නේද අපෙන් වැඩි දෙනෙකු පොර කන්නේ... සේරම බලුකම් කරන්නේ... අනුන්ට උගුල් අදින්නේ?
මේ අයියා නංගී විදිහට කෙරෙන ඒ
දෙන්නගෙ රඟපෑම බලන්න විතරක්ම වුණත් ‘නයිස්
විව්’ බලන්න
වටිනවා. ඒ තරං සුපිරියි එයාලගේ රංගනය. |
කොහොමත් තරුණ වයසෙදී වැඩි දෙනෙක් දූෂිත නෑනෙ. Jing Haoත් එහෙමයි. කොල්ලට තවම
අවුරුදු 20යි.
(විස්ස පරවෙලත් බල තණ්හාව නිසා තරුණ පෙළට ඉඩ දීලා පැත්තකට නොවෙන මිනිස්සු යහමින්
ඉන්න කාලයක් නෙව මේ!)
ජංගම දුරකථන අලුත්වැඩියා කරමින් ජීවිතය ජය ගන්න හදන ජිංග්
හාඕට තියෙන්නේ එකම හීනයයි. ඒ එයාගේ එකම නංගිව මරණයෙන් ගලවා ගන්න එක. ඒ රෝගී හුරතල්
දැරියට තවම වයස අවුරුදු හයයි. මේ සිඟිත්තිය; ටොංග් ටොංග්ට අවුරුදු අට වෙන්න කලින්
සැත්කමක් නොකළොත්... ඒ දෙන්නට ඉන්නේ ඒ දෙන්න විතරයි. දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙන්
ඉන්නේ.
මේ අයියා නංගී විදිහට කෙරෙන ඒ දෙන්නගෙ රඟපෑම බලන්න විතරක්ම වුණත් ‘නයිස් විව්’
බලන්න වටිනවා. ඒ තරං සුපිරියි එයාලගේ රංගනය. මොනවද ඔට්ටු- මේ ෆිල්ම් එක නරඹද්දී,
ඕනෑම දරදඬු කෙනෙකු එකම එක කඳුළක් හරි හෙළනවාමයි!
ඉතිං, අර හය හැවිරිදි දැරියගේ එච්චර බරපතල සැත්කමක්
නිකම් කෙරෙනවයැ? සල්ලි කන්දරාවක් ගෙවන්න වෙනව කියල දොස්තර මහත්තුරු ජිංග් හාඕට කල්
තියාම කියලයි තියෙන්නේ. ඒක නිසාමයි මිනිහා දන්න සෙල්ලම් ඔක්කොම දමමින් එක පාරම
ලොකු සල්ලියක් හොයන්න plan ගහන්නේ.
මොන දේ කරන්නත් කොල්ලා හොඳටම දන්නේ ජංගමයන් ගැනනෙ. ඒවා
තොගයක් එක්ක ජාවාරමක්...
මම මොකටද කතාවේ රසය අඩු කරන්නේ? මේ චුට්ට විතරයි ඔන්න හිතාදර පාඨක ඔයාලට දැන්
කියන්නේ.
ඉතිං එයා අපතයන් අතරේ ඉන්න
හොඳම දක්ෂයන්වත්, එයාගේ
වැඩේට අරගන්නවා. |
ඒත්... එයාට ඕනි දක්ෂයන්. ඉතිං එයා අපතයන් අතරේ ඉන්න හොඳම දක්ෂයන්වත්, එයාගේ වැඩේට
අරගන්නවා.
ආත්මාර්ථකාමී නොවී, නිවැරදි නායකත්වයක් දෙමින්; අවශ්‍ය
තැනදී පරහිතකාමී වෙමින්- තමන්ගෙ mission එක අනතුරේ දාගන්න තරමටත් ඒ තරුණ හාදයා
උතුම් ගති ඇත්තෙක්.
ඒකටත් එක්ක අපේ නායකයෝ!
රටේ අහිංසක දූලා- පුතාලා, මිනිස්සු වැඩි හරියක් හරි-හමන්
කෑමක් බීමක් නැතිව දුක් විඳින අතරේ...
ලෝකෙට පරකාසේ වෙමින් නිදහස සමරනවා. නිකං නෙවෙයි. තම තමන්ගේ සාක්කුවෙන්; ගෙදරින්
වියදම් කරලත් නෙවෙයි. අපේ සල්ලිවලින්... අපි ගෙවන බදු මුදල්වලින්.
‘වැසිකිළි ලක්ෂ 142 ශබ්ද විකාශන ලක්ෂ 32 විද්‍යුත් තිර ලක්ෂ 27. නිදහස් උත්සවයේ වියදම්
ලැයිස්තුව’ ඔන්න අද එළියට ඇවිදින් තියෙන පුවතක සිරස්තලය. එයින් කියන විදිහට...
‘රට ආර්ථික වශයෙන් මෙන්ම සියලු අංශයන්ගෙන් බංකොලොත්
භාවයට පත්ව ඇති මොහොතක පෙරේදා (04) දින පවත්වනු ලැබූ නිදහස්
දින උත්සවයේ වැසිකිලි පහසුකම් වෙනුවෙන් පමණක් රුලියල් ලක්ෂ 142ක (රු. 14,258,850) මුදල් වියදම් කරන බව
අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි
බලය සංවිධානය පවසයි.
කොහොමෙන් හරි හැත්ත පස් වෙන
නිදහස් සමරුව රුපියල් කෝටි 40ක් ගිල දාලා! |
කොහොමෙන් හරි හැත්ත පස් වෙන නිදහස් සමරුව රුපියල් කෝටි 40ක් ගිල දාලා!
අපේ ලොක්කන් වගේම සල්ලි- සල්ලි කියල බලන්නේ නැතිව; චිත්‍රපටයේ
නිෂ්පාදක Ning Hao ලෝස්බෝස් නැතිව වියදම්
කරලයි Aka Qi Ji- Ben Xiao Hai ෆිලුම නිපදවල තියෙන්නේ.
ඒ චීන නමෙන් හඳුන්වන්නෙත් ඉංගිරිසියෙන් Nice View නමෙන් හඳුන්වන ෆිල්ම් එකමයි. ‘නයිස්
විව්’ 2022 වසරේ ‘Box Office’ ලෝක වාර්තා තියපු චීන
ෆිලුමක්.
මිලියන 38ක් වියදම් කරලා නිෂ්පාදනය කෙරුණු Nice View ආදායම මිලියන 211ක් බවයි
වාර්තා කියන්නේ. Wen Muye තමයි මේ චීන ෆිලුම අධ්‍යක්ෂණය
කරලා තියෙන්නේ.
මොට්ට මං වහන්සේ චීන දන්නා එකක්යැ? ඒ ෆිලුමටත් සිංහල
උපසිරැසි දීලා තිබ්බේ ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියේ. රවිඳු හේෂාන් විසින්.
ඔයාලට ගොඩක් පිං! අපි වගේ දුහුනන්ගේ ප්‍රයෝජනය තකා මෙහෙම හොඳ films සිංහල උපසිරැසි
එක්ක අපට හඳුන්වා දෙන එක ගැන. මේ post එකේ ආරම්භයේදීම යෙදුව ඡේදයේ තියෙන (කාටද
කියන්නේ කියලා තේරෙනවානෙ) යන වැකිය ගැනත් මෙතනදී කියන්න හිතෙනවා.
මොකද දන්නවද?
බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් දෙන ‘සිංහල subs’ හොරකම්
කරලා, තවත් අඩවිවලින් තමන්ගේ වගේ ඉදිරිපත් කරනවාලු. අනුන්ගේ දේවල් හොරකම් කරන;
ඒවාට තමන්ගේ උප්පැන්න ලියාගන්න හදන; අනුන්ට හිමි ගෞරවය තමන් සතු කර ගන්න හදන අය
කොහෙත් ඉන්නවනේ.
දැන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්ලා නං ඒවා වළක්වන්න උපක්‍රම යොදලා.
ඒ නිසා මං වගේ උදවියටත් අමුතුවෙන්ම කරදර වෙන්න වෙලා. රවිඳු ලියපු ලියවිල්ල copy කර
ගන්න බෑ. ඉස්සර වගේ නෙවෙයි, දැන් දෙන subsවල අකුරු ලොකු-පුංචි කර ගන්නත් බෑ. Subs
ඩවුන්ලෝඩ් කර ගන්න ගියාමත් බය හිතෙන නිවේදනයක් එනවා. ‘Zip may be dangerous, so
Chrome has blocked it.’ බයිස්කෝප් සයිට් එකෙන්ම අහලා තමයි මං නං දැන් බය නැතිව
සබ්ස් බාගන්නේ.
හැමෝම කතාවෙන බුද්ධිගලනය නම් නිතර දකිනවානේ. |
බය නැතිව subs බාගන්නවා වුණත් ‘හදවත්ගලනය’ ගැන නං තව-තවත් බය නොවී බෑ වගෙයි. පහුගිය ජනවාරි 24 වෙනිදා ‘ලොකු අම්මත් එක්ක- සිව්වෙනි කොටස’ ලියද්දී ඔය ‘හදවත්ගලනය’ වචනේ මේ ලියන්නා නං දැනගෙන හිටියේ නෑ. මං හිතන්නේ සිංහල භාෂාව පාවිච්චි කරන කවුරුන්වත් ඒක පාවිච්චි කරලා තිබ්බෙත් නෑ.
ඉස්-ඉස්සෙල්ලම ඒ වචනේ නිපදවාගෙන; යොදා ගැනීමේ ගෞරවය අයිති
කමීට. කල්‍යාණ මිත්‍ර blog අඩවිය ලියන කමීට. කමී ඒ වචනය පාවිච්චි කරන්නේ අවුරුදු
එකහමාරකට පස්සේ එයාගේ ‘ඉස්ටැයිල් එකෙන්’ ලියන අලුත්ම post එකේදියි.
‘කරන්ට් නැතුව මොන රව්ටර්ද මහත්තයා? බ්ලොග් පුනර්ජීවන සම්මන්ත්‍රණ මාලාව අංක දෙක සහ හදවත්ගලනය- Welcome me back to blogging..!’ තමයි ඒ පොස්ටුව. ඒකෙ මුල කොටසේදීම කමී මෙහෙම කියනවා.
‘... අවුරුදු එක හමාරකින් මේ ආසාවෙන් බ්ලොග්
සටහනක් ලියන්න අරන් තියෙන්නේ... ඒකට හේතු ගොඩයි.
පළවෙනිම හේතුව තමයි මාතෘකාවේ අන්තිමට තියෙන 'හදවත්ගලනය'...
මම දන්නේ නෑ මේ වචනේ කලින් කොහෙවත් ලියවෙලා
තියෙනවද කියලා. හැමෝම කතාවෙන බුද්ධිගලනය නම් නිතර දකිනවානේ. පුද්ගලිකව ඔය
බුද්ධිගලනය කියන එකට මගේ මරාසාද් විරෝධයක් නැති නිසා මම ඒක ගැන ඒ හැටි වද වෙලා නෑ.
බුද්ධිය හා හැකියාව කියන්නේ මිළ කලයුතු සම්පතක්. ඒකට නිසි වටිනාකමක් ලැබෙනකම් ඒක
මාකට් කරන්න ඕනි. 'නිසි වටිනාකම'
කියනෙකට පරිවාර එක්ස්ප්ලනේශන් ගොඩයි. නිසි
වටිනාකම පුද්ගලයාට, අවස්ථාවට
කාලයට අනුව වෙනස් වෙනවා. බුද්ධිය තියෙන එකා ඒක තමන්ට ගැලපෙන විදියට යොදාගන්න එහෙට
මෙහෙට ගලනව... ඒක වැළැක්විය හැකි හෝ වැළැක්විය යුතු දෙයක් නෙවෙයි. වළක්වන්න ඕනිනම්
කරන්න ඕනි තමන්ට ඕනි බුද්ධියට නිසි වටිනාකම දෙන එක. ආ... ඒ ඇති. හැබැයි 'හදවත්ගලනය'
ඊට වඩා හැඟීම්බරයි...’
එහාටත් ගොඩ වැදෙන්න. හදවත්ගලනය ගැනත්
දැනගන්න අතරේ ඔයාලට ඉතා රසවත්- හරවත් ලිපියක් කියෙව්වැකි!
ඉතිං හදවත්ගලනය වචනේ ඔන්න මාත් ඉල්ලා
ගන්නවා, කමීට ස්තුතිවන්ත වෙමින්.
පෙබරවාරි 2 වෙනිදා හවස අපේ අකලංක පුත්තරයා මෙහාට ගොඩ
වැදුණා, සිය පවුලත් එක්කම.
“බෑ මහප්පේ. දැන් එන විදිහට ලංකාවේ ඉඳලා බෑ. මාත් තීරණේ
කළා මෙයාලත් එක්කම රටෙන් යන්න.”
“හෑ?” පුදුමයෙන් ‘හෑ’යි ගාලා මගේ කට ඇරුණු පාර තව ඩිංගෙන් කටට මැස්සොත් රිංගනවා.
ටැන්සානියාවේ කෙරුණු විදිහ
මෙහෙත් කළා නං කොහොමට හිටියිද... |
ඒ විතරයැ? Blog අඩවියක් ලියන්න යනවා- මට එකක් හදලා දෙන්න කිව්වම, තාක්ෂණික උපදෙස් දීලා... සේරම වැඩ මට කියලා දුන්නෙත් මිනිහා.
මිනිහගෙ එකම වැරැද්ද, ‘මට ඒ තාක්ෂණික වැඩ එච්චර නොදිරවන විත්තියත්; මං වහන්සේ
හෙමින් ඉගෙන ගන්න මැන්ටලයක් විත්තියත්’ තේරුම් නොගැනීම. එයා හැදුවේ දවසෙන් දෙකෙන්
මාව කොම්පියුටර පකීර් කෙනෙකු කරවන්න. එව්වා කොහෙද මොට්ට මාත් එක්ක?
ඉතිං, අකලංකත් පිටරට රස්සාවකට යනවා කිව්වමයි මට පුදුම
හිතුණේ.
මිනිහගෙ කුළුඳුල් පුතණ්ඩියාට නම තියන්න ගියාම ඒකාට ඕනි
වුණේ ආර්ය කියලා නම තියන්න. ඒ මදිවට ඒකාට ඕනි වුණා ආර්ය කියන නම ‘ය අකුරට උඩින්
රේපය; පහළට හැරවූ කොම්බුව’ දාලා උප්පැන්නෙටත් ලියවන්න. එච්චර දේශභක්තිය තිබ්බ
මිනිහා.....? දැන්...
“බැහැනෙ මහප්පේ. දැන් tax එක කීයක්ද? Tax ගැහුවත් කමක්
නෑ. ඒවා හරි විදිහට වියදම් කෙරෙනවා නං. අපෙන් හූරලා හූරලා අරගෙන උන්ට ඕනි විදිහට
නාස්ති කරනව. නිකමට කියන්නකො මහප්පේ, ටැන්සානියාවේ කෙරුණු විදිහ මෙහෙත් කළා නං
කොහොමට හිටියිද... බොරු පම්පෝරි ගහන්න වෙලාවක්ද මේ. මේ යන විදිහට ගියොත් නං...”
තරුණ පරම්පරාවට අද නොනවතින
අරගලයක් කරන්න වෙලානෙ තියෙන්නේ- එහෙව් රටක් ඇති කර ගන්න. |
කමීගේ පෝස්ටුවෙනුත් කියන විදිහට බොහොම අපූරු blog රචකයෙකුත් තව දින කීපෙකින් අර විදිහටම නොරටක පැලපදියම් වෙන්න යන්නයි ලෑස්තිය! එයාලා ඒ වගේ තීරණ ගැනීම වැරදිය කියලා මට නං
හිතන්නෙම නෑ.
හැබැයි, රටක පාලකයන් සතු ලොකුම වගකීමක් තමයි ඇයි දිගින් දිගටම මෙහෙම වෙන්නේ කියලා
හොයා බලන එක.
නැතිනං...
‘අපි ජීවිතයේ කොච්චර නම් දේවල් අමාරුයි කම්මැලියි, මේක
හිංදා මට ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා හිතලා අපේ ඉලක්ක කීයක් නම් අතාරින්න ඇත් ද?
එහෙමත් නැත්නම් ඒ කාලය වටපිටාව අනුව අතාරින්න ඇත් ද? එහෙත් අපිට අවශ්‍ය ඕන ම ඉලක්කයක්
කඩඉමක් ජය ගන්න පුළුවන් නොපසුබස්නා උත්සාහය, අසීමිත කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා නම්
එම ඉලක්ක සපුරා ගන්නවා කියන එක ඒ හැටි දෙයක් නෙවේ.....’ රවිඳු හේෂාන් Nice View
ෆිලුම හඳුන්වා දෙමින් ලියූ එයාගේ ලිපියේදී කියලා තියෙනවා.
ඒක ඇත්ත තමයි රවිඳු, නීතියක් රීතියක් තියෙන රටකදී නං...
සාධාරණත්වය යම්තාක් හරි අගයන රටකදී නං...
ශ්‍රී ලංකාවේ අපට; විශේෂයෙන්ම තරුණ පරම්පරාවට අද නොනවතින අරගලයක් කරන්න වෙලානෙ
තියෙන්නේ- එහෙව් රටක් ඇති කර ගන්න.
මට දැනෙන- පෙනෙන තරමින් නං අද ඉන්නේ එයාලගේ ඉලක්ක ලේසියෙන් අතාරින්නෙ නැති තරුණ පරම්පරාවක්. එයාලගේ වෑයම මල්ඵල ගැන්වෙන ලොකුම පියවරක් සාර්ථක වෙන හැටි දකින්නයි මම නං මේ දවස්වල පෙරුම් පුරමින් ඉන්නේ෴0෴
අපිත් පෙරුම් පුරමින් ඉන්නෙ ඒ දේ දකින්න පුලුවන් වෙයි කියල තමයි.
ReplyDeleteනිදහස් උත්සවේ අකුණු සන්නායක වලටත් සෑහෙන ගානක් වියදං කළාලු.
ප්‍රසන්න මහත්තයෝ, නිදහසක් තියේ නං මේ post එකේ 'ගොසිප් ලංකා නිව්ස්' රතුපාට අකුරු උඩින් ක්ලික් කරලා එහාටම ගිහිං බලන්න.
Deleteහෙණ ගහන එක නතර කරන්න කරපු වියදමත් ඇතුළුව මුළු වැය විස්තරේම එතැන තියෙනවා. ඔයා කිව්වා හරි. අකුණු සන්නායක වලට රු.3,45,000/-යි.
රවියගේ ගජබින්න වලට කට්ටිය කට ඇරගෙන ඇහුුම්කන් දෙනවා.😀
ReplyDeleteඒ ගජබින්න නෙවෙයි, ගජබින්නාලංකාරයනෙ කුමාර. හිනා ගඟුලක් එතැන....
DeleteWhat a nice (pre)view on Nice View :) <3
ReplyDeleteමටත් පොඩි පෙඅමොශන් පාරක් දුන්නට තැන්කියු ඈ..! අපොයි අර සෝක් කොල්ලා නේද අකලංක කියන්නේ? එක පාරලුත් ඔසී ගිහින් දමල ගහල ආපු කොල්ලා.. අරගල බිමේ කළබලෙන් එහෙ මෙහෙ දුව දුව පුටුව ගැන පවා හොයලා බැලුවා මතකයි. කමක් නෑ. උන්ට හරියන්නෝනි..
අද ෆුල් බිසි..! තට්ටය මහත්තැන් වට්සැප් ගෘප් එකක් හදලා නෙව බ්ලොග් ගෙට්ටුවක් තියන්න. මම නිවාඩුවක් දැම්ම ඒක කියවන්න. :))))
ස්තුතියි කමී.
Deleteසෑහෙන කාලෙක ඉඳලම අදාළ සහෝදර blog රචකයන්ගේ අපූරු ලියවිලිවලින් කොටස් යෙදුම් උපුටා දක්වන්න මම පුරුදු වෙලා ඉන්නේ. එයින් තව කෙනෙකුට කෙරෙන දිරි ගැන්වීම එකක්. දෙවැන්න මගෙ ලිපියටත් එයින් තව එළියක් ලැබෙනවනේ!
මටත් මේ ටිකේ බිසී තමයි. හොඳම හිතවතියක් ඊයේ වියෝ වෙලා, අවුරුදු 49යි. එහෙ ගිහිං අද පාන්දර 1.30ට ආවේ. අදත් එහෙ යන්නයි සූදානම.
අපොයි.. තරුණ වැඩියි එහෙම ගමනක් යන්න තරම්..! ළඟම ඥාති හිතවතුන්ට කොහොම දුකක් ඇත්ද හිතාගන්න පුලුවන්.
Deleteසුබ ගමන් ඇයට..!
ඒක නේන්නං කමී. වඩාත්ම දුක ඇය ඉතාම මානවවාදී ගුරුවරියක් ලෙස සේවය කළ කෙනෙක්; ඉතා උසස් රසයක් සහිත පොත් කියවන සාහිත්‍යයට ඉතා ලැදි ආදරණීය මවක්. දෙවෙනි පුතා මෙවර උසස් පෙළ විභාගයට ලියනවා- එච්චර ඉලංදාරියෙක් වෙලත් ඒ අම්මා තවමත් පුතාලට කෑම කවනවා වෙලාවකට.... හරිම ආදරණීය කැදැල්ලකින් ඇය අකාලයේ ගියේ!
Delete'මැති ඇමතිවරුන් තිහකට බාර්, පෙට්‍රල් ෂෙඩ්'
ReplyDelete'මන්ත්‍රී නිල නිවාස 110න් 60කම ඤාතීන් හිතවතුන්'
'එක වේලක් කන සරසවි ළමයි'
'මන්දපෝෂණය මට්ටු කරන්න ළමාරක්ෂණ අධිකාරිය තොරතුරු සොයයි'
- 2023.01.15, ඉරිදා ලංකාදීප පත්තරේ මුල් පිටුවේ පුවත් ටික.
කමියගෙ වචනෙ, නිදි ලොක්ක කිව්වාම තමා මටත් ක්ලික් උනේ. 'හදවත්ගලනය' මරු වචනය.
Deleteඒත් ඒක වෙන එකනම් දුකක්.
Deleteලංකාවේ වැඩි දෙනා පත්තර බලනවා. හැබැයි කියවන්නේ නෑ. කියෙව්වත් ඒවා හිතේ රඳවගන්නේ- විග්‍රහ කරගන්නේ නෑනෙ නමී. බහුතරය එහෙම කරන්න පුරුදු වෙනව නං...
Deleteමහජන මුදලින් බාල් නැටීම අනුමත කරනවා නෙවෙයි. ලෝකෙ කොහේ කවුරු පාලනේ කරත් ප්‍රොපගැන්ඩා වලට (propaganda) වියදම් කිරීම වෙනවා. ඔබලා මහත් බලාපොරොත්තු තබාගෙන සිටිනබව පෙනෙන මාලිමාවේ ජන්ද ව්‍යායාපාරයට කොයිතරම් වියදම් කරනවා ඇතිද? ඒ මුදල් නායක කාරකාදීන් ගෙදරින් ගෙනල්ලද?
ReplyDeleteලන්ඩන් වල තිබ්බ එකේදී මිනිස්සු සෑහෙන්න සල්ලි දුන්න. පවුම් වලින්නේ . මාරු කරන කොට ගොඩක් එනවා ඇති
Deleteචමී, ප්‍රොපගැන්ඩාවලට වියදම් කරන්න වෙනව වුණත් ඒවාටත් සීමාවක් තිබිය යුතුයි නේද. රටකට දරාගත හැකි මට්ටමට.
Deleteජාතියක් වශයෙන්ම අපි බොරු පම්පෝරිවලට කැමතියිනේ.
කලින් මහින්දවාදියෙක් වෙලා හිටි ඥාතියෙක් 4 වෙනිදා දවල් අපේ ගෙදර ආවා බිරිය හා දියණිය සමඟ. රැකියාව ත්‍රී වීලරයක් එළවීම. (නමීට උත්තර දෙද්දී ලිව්වා වගේ එයා දිනපතාම පත්තරයක් මිලදී ගෙන කියවන කෙනෙක්.) ඉස්සර කොච්චර මහින්දවාදියෙක්ද කියනවා නං පහුගිය මුළු කාලය පුරාම එයා ඡන්දය දාන්න ගියේ තනියම- ත්‍රී වීලරයේ ඒ ගමනට බිරිය දුව, පුතා තුන් දෙනාගෙන් එක්කෙනෙකුවත් කැටුව ගියේ නෑ. එහෙම කළේ ඒ තුන් දෙනාගේම ඡන්ද එයා කැමති පැත්තට නොදෙන හින්දයි. මාස කීපෙක හිට එයා පොහොට්ටුවේ- ශ්‍රීලනිපයෙ- රනිල්ගේ වැරදි දකින්න පුරුදු වෙලා හිටියේ.
4 වෙනිදා දවල් ආවාම එයා කියනවා 'රටට සල්ලි නැති වුණත් ලොකා, අද උදේ tv එකෙන් නිදහස් උත්සවේ දකිනකොට නං ගැම්මක් ආවා' කියලා.
ලංකාවේ බදුගැන කලකිරෙන අය බදු අයනොකරන රටකට ගියොත් හොඳයි. හැබැයි යුරෝපෙට හරි උතුරු ඇමරිකාවට හරි ගියොත් මීට වඩා කීප ගුනයක් බදු ගෙවන්න වෙනවා.
ReplyDeleteචමී, ඊයේ රාත්‍රී අවමඟුල් ගෙදරකදීත් බදු ප්‍රතිපත්තිය ගැන දිග කතාවක් ඇති වුණා. වෙන රටවල ලොකු බදුගැසීමක් සිදු කෙරෙන බවත් ඒ මුදල් රටේ යහපතට යෙදවෙන බවත් කියවුණා. ගොඩක් උදාහරණ සහිතව. අපේ රටේ සිදු වෙන 'ජනතා බදු මුදල් අවභාවිතය' නිසා නේද වැඩි දෙනෙක් ඊට විරුද්ධ?
Deleteඔයා දන්නවද, ඔය සබ් හදන හැටි?
ReplyDeleteඔන්න ඉංග්‍රීසි සබ් ෆයිල් එක හොයල ඩවුන්ලෝඩ් කරනව. ඒක ඔ්පන් කරන්ඩැහැකි නෝට්පෑඩ් හරි වර්ඩ් හරි ඒ වගේ වදන් සැකසුම් ඇප් එකකින්. ඊට පස්සෙ, ඒකෙ ඉංග්‍රීසි සබ්එක මකලා, එතන සිංහලෙන් ටයිප් කරනව. අමාරු වැඩක් නෙමෙයි සමහරුන්ට නං. මොකද, මුල්කාලෙ ගොඩක් අය කළේ ඉංග්‍රීසි කොටස කොපි කරලා, ගූගල් ට්‍රාන්ස්ලේටර් ට දාලා, සිංහල එක ගන්න එකයි. (ඒ කාලෙ bloody hell එහෙම ට්‍රාන්ස්ලේට් කරල තිබුණා "අවලං අපාය" කියලා.) නමුත් හරියට කරන කෙනෙකුට දවසක් දෙකක් නිදි මරාගෙන කරන්න සිද්ධ වෙන වැඩක් මේක.
අර විදිහට ගූගල් ට්‍රාන්ස්ලේට් කරන අයත්, මහලොකු පේටන්ට් එකක් වගේ, "කර්තෘ අයිතිය සුරකින්න" කියල දාල තියෙනකොට හතර හිනා ඉතිං. අනික, ඒ අයත් ට්‍රාන්ස්ලේට් කරන්නෙ ඉංග්‍රීසි සබ් ෆයිල් එක හදපු කෙනාගෙ කර්තෘ අයිතිය උල්ලංඝනය කරලනෙ.
නෑ, එච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ. අවශ්‍ය වෙන්නෙ Subtitle Edit විතරයි. නොමිලෙ දෙන ඕපන්-සෝස් ඇප් එකක්:
Deletehttps://www.nikse.dk/subtitleedit
මම නං වැඩියම ට්‍රාන්ස්ලේට් කරල තියෙන්නෙ, වෙන භාෂාවලින් ඉංග්‍රීසි වලට විතරයි. හේතුව, වඩා නිවැරදි නිසයි. පරිවර්තනය වෙන්නෙ, ගූගල් හරහා, ඒත් තත්පර ගානකින් හරි ටයිම්-කෝඩ් එක්ක ඔක්කොම පරිවර්තනය වෙනවා.
පරිවර්තනය ගූගල් නිසා, අතරින් පතර, "අවලං අපාය" ඉස්ටැයිල් එකේ එව්වත් ඒවි. ඒ ටික හදාගන්න වේවි.
//....මහලොකු පේටන්ට් එකක් වගේ, "කර්තෘ අයිතිය සුරකින්න" කියල දාල තියෙනකොට හතර හිනා ඉතිං. අනික, ඒ අයත් ට්‍රාන්ස්ලේට් කරන්නෙ ඉංග්‍රීසි සබ් ෆයිල් එක හදපු කෙනාගෙ කර්තෘ අයිතිය උල්ලංඝනය කරලනෙ//
Delete‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියෙන් යම් සේවයක් වෙන එක ඇත්ත. ඒත් ඒකත් තව බිස්නස් එකක් විතරයි. "කර්තෘ අයිතිය සුරකින්න" වගේ එව්වා නං ඉතිං දාර වැල් බයිලා තමයි. ගූගල් වුනත් කරන්නෙ, මහජන සේවයකට වඩා බිස්නස් එකක්. ChatGPT වගෙ රියල් චැලේන්ජ් එකකින් ගූගල් මොනපොලි එක කැඩෙනවට මම කැමති ඒකයි. සොඳුරු වුනත් ආඥාදායකයින්ට මම කැමති නෑ.
Subtitle Edit එකෙන්ම ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් වුනත් ජෙනරේට් කරවන්නත් පුලුවනි.
අනේ රත්තරන්ලා, මම ඔය තාක්ෂණ හරඹ මොකුත්ම දන්නේ නෑ. blog එක ලියන්න ඕනි නිසයි කී බෝඩ් එක පුරුදු වුණෙත්.
Deleteහැබැයි බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් තවමත් ෆිල්ම්ස් බාගන්නවා, බලනවා- සතියකට 4-5 විතර.
මං තෝරාගත්ත ෆිල්ම්ස්වල නං හොඳටම නුසුදුසු යෙදුමකට දැකලා තියෙන්නේ ඉඳියා කියන වචනේ විතරයි. හිටියා වගේ ඉතා සරල යෙදුමක් දාන්නේ නැතිව ඉඳියා වගේ අප්‍රභංශ වචනයක් එයාලට
දුන්නේ ගූගල්ද මන්දා.
මට පුදුමයි නමී සද්ද වහල ඉන්න එක ගැන.
Deleteමිනිහගෙන් අහම්බෙන් කියැවුණේ- එයාත් මේ අඩවියටම ඉතා ප්‍රශස්ත ෆිල්ම්ස් දෙකකටම subs දුන්නු කෙනෙක්. මං හිතන්නේ එතැනින්ම මේ හාදයා වැඩේ නවත්තලා.
This comment has been removed by the author.
Deleteනෑවිත් ඉන්න එකක් නෑ, ඒවි. නමියා නං අබංක ගොබිලා නිසා පුපු ඉරාගෙන, දත විකාගෙන, නිදි මරාගෙන පරිවර්තනය කරන්න ඇති නේද?
Delete‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියෙ කොපි ප්‍රොටෙක්ෂන් ගැන නං කියන්න තියෙන්නෙ "මගේම කලසම අගේට ඇඳගෙන- උගේ වගේ යනවා" කියල තමා.
ඩ්‍රැකී, බස්
Delete//ගූගල් ට්‍රාන්ස්ලේට් කරන අයත්, මහලොකු පේටන්ට් එකක් වගේ, "කර්තෘ අයිතිය සුරකින්න" කියල දාල තියෙනකොට හතර හිනා ඉතිං.// - //"කර්තෘ අයිතිය සුරකින්න" වගේ එව්වා නං ඉතිං දාර වැල් බයිලා තමයි//
තාමත් එහෙම ගූගල් ට්‍රාන්ස්ලේට් ඒවා වෙනව.
ඉංග්‍රීසි සබ්එක නොමිලේ ගන්න තමා අන්තර්ජාලයට මුදා හරින්නෙ. දන්න තරමින්... film ප්‍රඩක්ෂන් එක පැත්තෙනුත් සබ් එනව. හැබැයි එහෙම ආපු නිදහස් සබ් එකට සිංහල උපසිරස දෙන්න (හරි විදිහට) කට්ටක් කන්න ඕන. අඩුම පැය 2ක්වත් යයි. (හොඳට කඩ්ඩ දන්න එකාට). ඉතිං කාලේ කාගෙන දෙයක් කරහම ඒකට තමන්ගෙ නම ගහන එකේ වරදක් නෑනෙ. ඒවා අරන් සීඩී කඩවල උන් නම මකල ගහල දාල විකුණනව. වෙන සයිට් වල උන් උස්සනව. සත පහක ලාබයකුත් නැතුව, කමෙන්ට් එහෙකින් හරි ප්‍රසන්සාවක් නැතුව ඉන්න අතරේ... ඔහොම දේ වෙනකොට පොඩි සඳහනක් දැම්මම මොකද. (Tv එකේ යන ඒවාට සබ් දෙන එවුන්ට ගෙවනව. සමහර වෙලාවට tv හිට අර සබ් උස්සලා දානවත් ඇති).
පරිසර දර්ශනයක් ඒ විදිහටම ඇඳල... සයින් එක ගහල, චිත්‍රයක් විදිහට සල්ලි කරන එක පර්ශ්නයක් නැත්තන්... මේ නොමිලේ දෙන එකට, පොඩි 'කර්තෘ අයිතිය සුරකින්න' කියල ගහන එකේ අවුල මොකක්ද කියල මට හිතා ගන්න බෑ.
මට සබ හදන්න දවසෙන් භාගයක් විතර ගියා. දැන් සබ් හදන එවුන් අඩුවෙලා... ඒ කාලේ වෙනදෙයක් කරලා සල්ලි හොයන්න උන් වැය කරනව, මේ ආර්ථික වැටිල්ල එක්ක. සමහරු ඇත්තටම ඇඟේ අමාරුවට සබ් කරේ... කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව. ඒව දාන සයිට් එකේ ඇඩ්මින්ල කීයක් හරි හම්බකරගන්න එක වෙනම දෙයක්.
හ්ම්.........( කර්තෘ -ප්‍රාජේගෙ අයිතිය සුරකින්න)
Deleteබස්සා මහත්තයෝ, ඔයා කිව්වා වගේම නමී ඇවිත් නේන්නං. ස්තුතියි නමී.
Deleteෆිල්ම් එක නිදි කියන නිසාම බලනවා. නැත්නම් අපේ ගෙදර කොරියන් චිත්තරපටි නැරඹීමේ අයිතිය තියෙන්නේ දුවල දෙන්නට. අරගලේ ගැන කීවොත් නිදි නම් අවංකවම ඒක කළා. සමහර උන් ගැනනම් කටත් අක්රන් එකත් අරහං. අර ආර්ය යාලුවට මගේ ග්‍රීසිය ලිපිය (හය) පෙන්නන්න නම් එපා.
ReplyDeleteඅජිත් මහත්තයෝ, ෆිලුම බලලා මතක ඇතිව කියන්න එක ඔයාට අල්ලනවද කියලා. මගෙ taste එක ගැන අදහසක් මටම ගන්නයි එහෙම කරන්න කිව්වේ.
Deleteඅරගලයට සහභාගී වීමේදී මගෙ අවංකකම ගැන සහතිකයක් දුන්නාට බෙහෙවින්ම ස්තුතියි. එතනදීත් මම කළේ මගෙ හෘදය සාක්ෂියට එකඟව වැඩ කිරීමක්.
ආර්යගේ තාත්තා අකලංක IT කාරයෙක් වුණත්, මට blog අඩවිය හදලා දුන්නත් බ්ලොග්ස් කියවන්නෙක් නෙවෙයි නෙව.
අජිත් අයියේ අජිත් අයියලාගේ පක්ෂ නායක අතිගරු ජනාධිපතිතුමා වන අනුර සහෝදරතුමා ලංකාවේ ඔක්කොම තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් බයියෝ රැලම එකට එකමිටට තියලා බටලන්දට දාලා උතුරු පලාතේ පුනරුත්ථාපන කඳවුරු වලට ගාල් කරලා අවුරුදු ගානක් තිස්සෙ පුනරුත්ථාපනය කරන්න යවලානේ, උන් මේ දවස්වල ගොනිබිල්ලා ධර්ම චක්‍රය වගේ වටිනා පාඩම් ඉගෙන ගනිමින් ඉන්නා නිසා දැන් බයියෝ ටොයියෝ කියලා ජාතියක් නෑ
Deleteඉන්නේ එකම පක්ෂයක සහොදර සහොදරියෝ විතරයි! 😛😛😍
මගේ පක්ෂ නායක වුනේ කොහොමද? කවුරුහරි කීවද මම ජේවීපී කියල?
Deleteදැන් ඔය සිංහල උපසිරැසි එක්ක බලන චිත්‍රපට බලන්නේ සල්ලි ගෙවලා Netflix, Prime වැනි සේවාවලින් ද? නැහැ නේද?
ReplyDeleteඒ උපසිරැසි අනවසරෙන් භාවිතා කරන අය කරන්නෙත් උපසිරසි භාවිතා කරමින් චිත්‍රපට බලන අයකරන වැඩේමයි
උඩින් තියෙන ප්‍රතිචාර කියෙව්වෙ මගේ ප්‍රතිචාරය පළ කළාට පස්සෙ
Deleteආයුබෝවන් රසික මහත්තයෝ,
Deleteරටේ හැටිද- මනුස්සකමේ හැටිද මන්දා. අපි විරුද්ධ වෙන්නේ; කා ගහන්නේ අපිට පාඩුවක් වෙන දේවල්වලදී. අනෙක් අයට පාඩු වෙන තැන් ගැන අපට කල්පනා වන්නේ නෑ- ඒකෙන් අපිට වාසියක් වෙනව නං. Copright ගැන විතරක් ඒක වෙනස් වේවිද?
ඇත්තම කිව්වොත්, මං ෆිල්ම්ස් බා ගන්නෙත් හොර අඩවිවලින්ම තමා....
මටනම් හුඟක් ඉස්සර ඉඳල මේ රටට වඩා ජීවත්වෙන්න කැමති රටවල් තිබුන..ඒත් රස්සාවල් හොයාගැනීමේ ප්‍රශ්න, වගකීම්, කම්මැලිකම වගේ හේතු නිසා ගියෙ නැත්තෙ.
ReplyDeleteඅපි කොයි කාටත් එක එක්කෙනාට සීමා වුණු චින්තන රටා- රුචි අරුචිකම් තියෙනවා නේන්නං, Pra Jay මහත්තයෝ. //මේ රටට වඩා ජීවත් වෙන්න කැමති රටවල් තිබුන...// කියන්නේ බොහොම එඩිතර- අවංක හැඟීම් කියාපෑමක්. ඒ වෙනුවෙන් මේ ස්තුතිය!
Delete