ඒකා පොඩි කාලේ නං ‘ටින්
කැඩීම’ත්
ආසාවෙන් කළේය. ඒ සෙල්ලම් දෙකේදීමත්.... |
වැඩි වැඩක් කරන්නට ගිහින් සිදු වුණු පමාව අල්ලා ගන්නටත්
එක්කලාය, මං ‘හනුමා’ වගේ ගලින් ගලට පනින්නට වුණේ.
හනුමා වන්නමේ කියන විදිහට ඌ ගිරෙන් ගිරට පැන්නේ අරුණෝදයේයි; ‘ගිරෙන් ගිරට පැන
ලැගුම් සොයා පුබුදමින් අරුණ කල මා’. මං පැන්නේ මද්දහනෙයි. එතකොට රාහු කාලයද? මරු
සිටින දිසාව කොහේ විණිද?
මේ ලියන ශරීර හොරා, සිරුර වෙහෙසවන ක්‍රීඩාවන් කියලා කර
තියෙන්නේ තාච්චි පැනීම විතරක්ය. ඒකා පොඩි කාලේ නං ‘ටින් කැඩීම’ත් ආසාවෙන් කළේය. ඒ
සෙල්ලම් දෙකේදීමත් ශාරීරික ජවයට; ශක්තියට වැඩියෙන් උවමනා කරන්නේ උපාය කෞශල්‍යයයි.
මා ඒවාට ප්‍රිය කරන්නට ඇත්තේ එසේ මොළයෙන්ම ගහන games නිසාවත්ද?
එහෙනං පිහිනන්නට කැමති? පීනනකොට මොළෙත් වැඩියෙන් වැඩ
කරනවද? නිමලෝ, තමුසෙ බොහොම නිවිහැනේ float වෙවී ඉන්න නේද කැමති... අනේ මන්දා! මට
හිතෙන්නේ මං වතුරට කැමති එතැනදී දැනෙන සිසිලස නිසා වෙන්නට ඇති කියලාය.
වතුරේ උඩ ඔහේ පා වෙවී ඉන්නට නම් හිත සැහැල්ලුවෙන් තිබිය යුතුය; ගතත් සැහැල්ලුවෙන්
තිබිය යුතුය. එහෙම ඉන්නා විට අනන්ත අප්‍රමාණ ආකාශය හිතේ හැටියට පෙනෙයි. අවට
සද්ද-බද්ද කිසිවක් ඇහෙන්නෙත් නැත!
ජවන හා පිටිය ක්‍රීඩා ගැන තිබුණු නොදන්නාකම; පළපුරුද්දක්
නොමැති වීම ‘පරෙයියන් ඇල්ලේ’දී මගේ ඔලමෝල්- ගොං පිම්ම වරදින්නට මූලිකම හේතුව විණි.
‘පැන-පැන එන සඳේ - පියගැට පෙළ දිගේ’ ගීතයට සුරූපී ජානකී කුරුකුලසූරිය හරිම අපූරුවට.... |
(‘පැන-පැන එන සඳේ - පියගැට
පෙළ දිගේ’ ගීතයට සුරූපී ජානකී
කුරුකුලසූරිය නම් හරිම අපූරුවට ‘ගීතා’ film එකේ රැඟුවාය. ඒ දර්ශනය කොතරම්
චමත්කාරජනකද කියනවා නම් තවමත් මගේ දෙනෙතේ නිදන් වෙලා තියෙයි.
එදා ජොකෙක් විතරක් ඇඳගෙන ගලින්-ගලට පැන-පැන ආ මගේ අජූව දර්ශනය ජෝ දේව් ආනන්ද්
දැක්කා නං....)
‘පොර කොහොමද පැන-පැන ආවේ?’ අදටත් ඒ ගමන ගැන කියවෙන හැම
වෙලාවකම, අපේ නෙවිල් අනුරසිරි හිතවතා අහන්නට අමතක නොකරන ප්‍රශ්නයකි ඒ.
එහෙම එද්දී, මගේ ඇඳුම් දැමූ සිලි කවරය (shopping bag) එක
අතකය; නවන කුඩය තව අතකය.
“මහත්තයෝඕඕඕ, මේ ඇල්ල ඉස්සර රජ කාලේඒඒඒ ඉඳලාම මිනිස්සු
දැනගෙන හිටිය එකක්! ඔය මානාභරණ ර..ජ..තුමා මෙහාට ඇවිත් දිය කෙළියා කියන කතාව, අපේ
නත්තා-මුත්තා-කිරිකිත්තා කාලෙ ඉඳලාාාාම කියවෙච්චි එකක්... ඒ වගෙමයි, තව කතාවක්
තියෙනවාාාා මේ ඇල්ලේ කොහේ හරි තැනකින් ගොඩඩඩඩඩ ඈතට යන්න පුළුවන් උමඟයකුත් තියෙනවයි
කියලාාාාා..... නිධානයක් හංගලා තියෙනවයි කියලත් ඉස්සර කිව්වාාාාාාා....”
ගමේ දැනුම්-තේරුම් ඇති පැරැණි; වැඩිහිටි කෙනෙකුගෙන් කියැවිණි.
“නිධානයක්?”
අනුන් සන්තක වස්තුව හොරා කාලා සන්තෝස
වෙන්න මිනිහෙකුට ඇහැකිද? |
“එහෙනං.... ගඟේ උඩ හරියට වෙන්න ගල්වල කොටාපු පඩි පෙළකුත්
තියෙනවා නෙව.” ඒ තවත් වැඩිහිටියෙකුගේ අලගු තැබීමකි.
අපේ රටේ ලොකු-ලොකු නිදන් හොරුන් ගැන අවබෝධයක් මේ ගමේ
වැසියන්ට නැතුවා වගෙය.
පරෙයියන් ඇල්ල බලන්නට යන්න.... ගමේ උදවියගෙන් තොරතුරු අහන්න.... ඔවුන් ඔබට විස්තර
කියනු නිසැකය.
ඒ අහිංසක වැඩිහිටියන් ඒවා කියන්නේ කිසිවෙකුටත් ඒ නිධන් හොරා ගන්නට බැරි විත්තිය
අදහන නිසා විය යුතුය.
“.... එහෙම ලේසියෙන් ඔය නිදන් ගන්න බැහැ මහත්තයෝඕඕඕ....
රජ උත්තමයෝ කියන්නේ මෝඩයෝද? ඒ උත්තමයෝ වස්තුව හැංගුවේඒඒඒ තමන්ට ගන්න නෙවෙයිනේ. අනාගතේ
උපදින අයට අහේනි කාලෙකදි ගන්නයි.
ඒවා කළෙත් හොඳ හිතිංංංං, හරියට පුද-පිළිවෙත්
කරලනේ... නිසියාකාරව ඒවා කරලාම තමයි ඔව්වාාාා ගන්නවා නං ගන්න වෙන්නෙත්....
මහත්තයෝ, නිධානයක් හාරනවා කියන්නේ මහ විශාාාාල පාප කර්මයක්... හොරකමක්....
අනුන් සන්තක වස්තුව හොරා කාලා සන්තෝස වෙන්න මිනිහෙකුට ඇහැකිද මහත්තයෝ?”
(සිතින් පොහොසතුන් හිතන්නේ එහෙමය! රටක රජෙකු වුණත් හිතින් දිළින්දෙකු නං...)
මැණික් ගඟේ තියෙන අලි නාවන තරමේ වළවල්,
ගල් කුහර, ගල් වැටි ගැන කිසිම අවබෝධයක්.... |
එහෙමත් නැතිනම් ඒවා කරන්නට කාර්යාංශයක් පිහිටුවා ගැනීමය!!
සල්ලි- සල්ලි කියලා බිය විය යුතු නැතිය. වියදම් කරනවා
වගේ දහස් ගුණයකින් හම්බ කරගන්නට ‘ක්‍රම සහ විධි’ ඇති තරම් ඇත.
ඉතිං..... ආයෙත් පුන්සිසිගමට යංකො, නේද?
අපි 1999 පරෙයියන් ඇල්ලට යද්දී මැණික් ගඟේ වතුර ඒ තරම් අඩු වෙලා තිබුණේ නැතිය.
කලින් කිව්වා වගේ, තරුණයා පත්තරයේ විශේෂාංග ලිපිය විතරය අපට මඟ පෙන්නුවේ. ගඟේ
තියෙන අලි නාවන තරමේ වළවල්, ගල් කුහර, ගල් වැටි ගැන කිසිම අවබෝධයක් එදා අපට තිබුණේ
නැත.
පරෙයියන් ඇල්ල කඩා වැටෙන ඉසව්වේදී, මැණික් ගඟ ගලාගෙන
යන්නේ තනිකරම වාගේ කළු ගල් මතිනි.
තද වැස්ස වෙලාවකදී; කඳුකර පෙදෙසකට අනෝරා වැස්ස වැටෙන
වෙලාවකදී; ඇද හැලෙන වතුර කන්දරාව සුළුපටු නැත. (ඒවා එකට එකතුවී පහළට ගලා එන්නේ
හිතා ගන්නටවත් බැරි තරම් ක්ෂණිකවය. එහෙම වෙලාවකය, ඊයේ-පෙරේදා පිය-පුතු
දෙපළක් වේලි ඔයේදී මරුට බිලි වුණේ.
(ඒ අවාසනාවන්තයන් පදිංචිව හිටියේ පමුණුවේ දෙල්ගහවත්තේය. අපේ ගෙවල්වල සිට විනාඩි
පහක පා ගමනින් යා හැකි දුරකය.)
ඒ ඛේදවාචකය අප දැනගත්තේ නම් අප්‍රේල් 19 වෙනිදාය.
... සුවිසල් ගල් කුහර හා වළවල් අපට
හොඳින්ම දැකගන්නට හැකි වුණේ කල්තොට දූවිලි ඇල්ලේදී හා... |
ඒවා කිව්වේ පම්පෝරියකට හෙම නොවේ.
පෝස්ටුවක් ලියන්නට තරම දේවල් ඒ ගමනෙදී එකතු-පහදු වුණු නිසාවෙනි.)
ඉතිං, තද වැසි වෙලාවක ගස්-ගල් පෙරළාගෙන එන වතුර කන්දරාව
සමහර තැනකදී දිය සුළි හදයි. ඒවායේ කැරකෙන- ඇඹරෙන ගල් නිසා නිර්මාණය වෙන්නේ සද්දන්ත
වළවල්ය. ඒ ගැන කිසිම අවබෝධයක් පළමු ගමන වෙලාවේ අපට තිබුණේ නැතිය.
මෙහෙම කළු ගල් ඛාධනයවී සෑදුණු සුවිසල් ගල් කුහර හා වළවල්
අපට හොඳින්ම දැකගන්නට හැකි වුණේ කල්තොට දූවිලි ඇල්ලේදී හා දැරණියගල දිය ඇල්ලකදීය.
(මතක හැටියට ඒ දිය ඇල්ල තියෙන්නේ දැරණියගල, උඩ මාලිබොඩය.)
එවැනි තැන් හැම එකකදීම පාහේ නාන්නට තරම් අප මෝඩ වුණත්, මදාවියන් (මද + ආයුෂ
ඇතියවුන් = මදාවියන්) නොවීම කොතරම් වාසනාවක්ද?
අපේ නඩයෙන්, එහෙම මදාවියෙකු වෙන කිට්ටුවකටවත් ගිහින් බේරුණේ මේ මොට්ට ලියන්නා
විතරය.
ඔයාලා දන්නවද, මේ පෝස්ටුවේදී ලියවෙන ඇබැද්දියට ගොදුරු
වුණේ නිමල් දිසානායක වුණත්, වෙන දවසක නම් මේ අකරතැබ්බය වෙන්නට වැඩිම සම්භාවිතාව
තිබුණේ නෙවිල් අනුරසිරි පෙරේරාට කියලා?
නිමල් අයියට අඩි දෙකක් විතර දුරකුයි
පනින්න තිබ්බේ... |
“තමුසෙ අඩි දෙකක් ගිහිල්ලා, එක පාරටම ‘වරෙන් මචං’
කියන්නේ එකෙක්ව මරා ගන්නද?” කියලා මං අනන්තවත් අසා ඇතත්- පළමුවෙන් වතුරට බසින මේ
‘බිලි boyයා’ට, එව්වා මතක් නොවෙයි.
එදා; පළමුවෙන් පරෙයියන් ඇල්ලට ගිය දවසේ නම් වුණේ එයාලා foto ගහන්නට ලැහැස්ති
වෙද්දී මේ ලියන මොට්ටයා ඉස්සර වීමය.
“පොර කොහොමද පැන-පැන ආවේ?” කියලා නෙවිල් පස්සෙ ඇහුවාම
නම් ‘ඇසින් දුටු සාක්ෂිකාරයෝ හතර දෙනෙක් විතර’ම තොරතුරු සපයන්නට පටන් ගත්හ.
“නිමල් අයියට අඩි දෙකක් විතර දුරක් පනින්න තිබ්බේ...”
“මෙයා පැන්න විදිහයි වැරදි!”
“ඒ මොකෝ.... බයගුල්ලා ඇස් දෙක වහගෙනද පැන්නේ....?”
නෙවිල් අහයි.
“නෑ නෙවිල් අයියේ... නිමල් අයියගෙ අත් දෙකේ බඩු
ගොඩක්නෙ...”
ඇත්තටම වුණේ ඒකය. කලබලයෙන් ඇකිලුව නිසා පොඩි කුඩය එහෙන්-මෙහෙන් දිග හැරෙමින්ය තිබුණේ.
මගේ කොට කලිසමත්, කමිසයත් දාන්නට තරම් ලොකු; ප්‍රමාණවත් සිලි කවරයක් නොවේ, මං
ගෙනිහින් තිබුණෙත්.
ඇයි මෝඩ වහන්සේ, අත් දෙක නවා ගත්තාම
ගැම්මක් ගත්තැකිද? |
කුඩය වම් කිසිල්ලටත්, ඇඳුම් බෑගය දකුණු කිසිල්ලටත් ගන්නාගෙනය, මං වතුරට උඩින්
පැන්නේ. කිහිල්ලේ ඇති දේවල් නොගිළිහෙන විදිහට අත් දෙකත් නවාගෙන!!!
‘ජබෝහ්!’ සද්දය මට ඇහුණේත්, මං වතුරට වැටුණේත් එක
විඩේමය.
‘ඇයි මෝඩ වහන්සේ, අත් දෙක නවා ගත්තාම ගැම්මක් ගත්තැකිද?
දුර තියා දුවගෙන ආවත් ඒ ඉරියව්වෙන් ඈතට පනිතෑකිද?’ දැන් ඔබ අසනු නියතය.
ඒ වෙලාවේ මට ඒවා කල්පනා වුණේ නැත. මගේ ඔළුවේ තිබ්බේ නාන්නට සුදුසුම තැනට යාමත්,
අත් දෙකේ තිබුණු අඩුම-කුඩුම පරෙස්සමෙන් අරගෙන යාමත් විතරය.
ඇල්ල පහතට කඩා වැටෙමින්
තිබුණේ එතැනට මීටර් කිහිපයක් පහතින් නිසා ජල දහරාවේ වේගය වැඩිය. මාව ගසාගෙන යන බව;
පහළට ඇදෙන බව මට හොඳටම දැනුණේය.
එක වතාවක් මාව ගිලුණේය. වතුර යටට... ආයෙමත් උඩට....
උඩට මතු වෙන ඩිංගට මගේ මොළය
පෑදුණේය....
විශ්වාස කරනවා නම් විශ්වාස කරනු මැනවි. මට ටිකක්වත් බයක් හිතුණේ
නැතිය; මර බය දැනුණේ නැතිය. හොඳ කල්පනාව; හොඳ සිහිය; සම්මා සතිය ඕනෑ කරන්නේ එහෙම
වෙලාවටය. කළ යුතු දේ; නොකළ යුතු දේ තෝරා ගන්නට පුළුවන් වෙන්නේ එතකොටය.
... මට පෙනුණේ වෙන්නට යන ඊළඟ විපත්තියයි.
ධම්මික වාඩිවී හිටියේ උක්කුටිකයෙනි... |
“නිමල් අයියේ.... මගේ අත අල්ලා ගන්න!” වතුරෙන් මතුවෙන
අතරේ, ටිකාක් පහතින් ධම්මිකගේ කෑ ගැසීම ඇහුණේය.
දියේ ගිලෙන්නට යන මිනිහා පිදුරු ගසක වුණත් එල්ලෙනවාලු. ධම්මික
දිගු කළ අතෙන් මට අහු වුණේ ඇඟිලි හරිය විතරය. දෙයියනේ.... ඒ ඇඟිලි අල්ලා ගන්නවාත්
එක්කම මට පෙනුණේ වෙන්නට යන ඊළඟ විපත්තියයි.
ධම්මික වාඩිවී හිටියේ උක්කුටිකයෙනි. (හරියට වළ
වැසිකිළියක මළ පහ කරන්නට වාඩි වෙන ඉරියව්වෙනි.) ගොඩබිමට පිටුපා, වතුරට මුහුණ පා-
එයා එහෙම වාඩිවී හිටියෙත් මැණික් ගඟට ඇලයක් (slop එකක්) තිබුණු ගලක් උඩය.
ධම්මිකගේ ඇඟිලි අල්ලාගන්නවාත් එක්කම මට පෙනුණේ එයාවත්
ටිකෙන්-ටික පහළට ලිස්සන විදිහය. මට උදව්වට ඇවිත් ඒ හාදයාවත් වතුරට වට්ටා ගන්නට
බැරිය. මම ඒ ඇඟිලි අත හැරියෙමි. ආයෙත් වතුර යටට... පතුල් රඳවා ගන්නට ආයෙමත් කකුල්
හරඹයක.....
ඒ වතාවේ වාසනාව මගේ පැත්තට ඇවිදින්ය. ගඟේ පතුලේ කළු ගලක
ගැට්ටක්..... මම පරක්කු නොවී දෙපතුල් එහි රඳවාගෙන ඉවුර පැත්තට රූටන්නට වීමි.
මගේ උරහිසක් හරි හතරැස් වෙලාය... ඒ අත
උස්සනවා තියා හිතන්නටවත් බැරිය. |
“නිමල් අයියෙ, ආයෙමත් ගහගෙන යයි.... අල්ල ගන්න... අල්ල
ගන්න... ටක් ගාලා..” එයාලා කෑ ගහන්නටත් පටන් ගෙනය. ආයෙමත් මාව පහළට ගහගෙන නොයන
විත්තිය මට ෂුවර්ය. ඒ තරමටම ගැම්මෙන්ය, මගේ දෙපා ගල් වැටියේ රඳවාගෙන හිටියේ.
එහෙත්.... අත් දෙක තියා එකක්වත් දික් කරන්නට බැරි තරමට වෙනසක් නං මට දැනෙයි.
ඒවා ගැන කිසිම ගනිච්චියක් නැතිව මැණික් ගඟ නම් දිගටම පහළට ගැලුවේය.
“මට කලන්තේ වගෙයි.... පොඩ්ඩක් ඉඳලා....” මට කියැවුණේ
වතුරේ තන මත්තක් ගිලී හිටිද්දීමය. ඔළුව උස්සාගෙන ඉන්නටත් බැරි තරම්ය.... ‘මොකක්ද
මට වෙලා තියෙන්නේ?’
වතුරෙන් ගොඩට ඒම පැත්තකට දමලා, මං කළේ ඒ ළඟින්ම තිබුණු
කළු ගලකට හේත්තු වෙන්නට හැදීමය. එතකොටය දැක්කේ.... එතකොටය තේරුණේ...
මගේ වම් උරහිස හරි හතරැස් වෙලාය... වමත උස්සනවා තියා
හිතන්නටවත් බැරිය. ක්ලාන්ත ගතිය දැනෙන්නේ හතරැස් උරහිසෙන් පටන් ගන්නා වේදනාව
නිසාය.
“මට කලන්තෙයි.... උරිස්සට මොකක්ද වෙලා...” එතකොට නම් මට
කියැවුණේ හැඬුම් අතරිනි. “අපි ඔයාව උස්සලා ගොඩට ගන්නද?” එක්කෙනෙක් ඇසුවේය.
තවකෙක් මහ හයියෙන් ‘චූටයියේ’ කියමින් කෑ ගසන්නට වුණේය. ඒ කතා කළේ නලින් ප්‍රියදර්ශනටය;
WAL ප්‍රියන්තගේ මල්ලීටය. ප්‍රියන්ත, නදී, ධම්මික, සසිත, සඳුන්, මංජු සේරමලා එකම
පවුලක සොහොයුරියන්ගේ දරුවන්ය.
තව ඩිංගෙන් මහත්තයාව ඇල්ලට
වැටෙනවා නේද? |
“තව ඩිංගෙන් මහත්තයාව ඇල්ලට වැටෙනවා නේද?”
කියාගෙන කවුරුන්දෝ එතැනට ආවේය. ඒ ගම් වැසියෙකි.
අමාරුවෙන් වුණත් මං බැලුවේ ඒ මනුස්සයාගේ සරුවාංගයෙන්ම වතුර බේරෙන හැටිය.
“.... මෙන්න...” කියමින් ඔහු දිගු කළේ
මගේ ඇඳුම් සහිත සිලි බෑගයයි. “... මේක විතරයි අල්ලා ගන්න ඇහැක් වුණේ.... මහත්තයාව
අල්ලා ගන්නයි මාත් දැක්ක ගමන්ම වතුරට පැන්නේ...”
තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා, අමුත්තෙකු බේරාගන්නට දියට
පිනූ ඒ මනුස්සයාට ස්තුති කරන්නටවත් ඒ වෙලාවේ මට කල්පනා නොවිණි. වේදනාව එන්න-එන්නම
තීව්‍ර වෙමින් තිබුණු නිසාය, ඒ.
‘මොකද වුණේ?’, ‘කොහොමද නිමල්ව වතුරට වැටුණේ?’
ප්‍රශ්න වැලක් එක්කමය අපේ නඩයේ සෙස්සන් දුවගෙන ආවේ....
වෛද්‍යවරයෙකු වීමට සැරසෙමින් හිටි නලින් මගේ උරහිස දුටු
ගමන්ම ‘රෝගය විනිශ්චය’ කළේය!
“නිමල් අයියේ, ඔයාගේ අත පැනලා!”
පහළට ගසාගෙන යාමෙන් වළකිනු සඳහා දඟලන වෙලාවේ මට
නොදැනුණත්, මං මැදිවී තියෙන්නේ දිය සුළියකටය. “ඔයාව සුළියට අහුවෙලා එහාට-මෙහාට
ඇඹරෙන අතරේ අත පනින්න ඇති.....” නලින් කිව්වේය.
අතක් පනිනවා කියන්නේ උරස් හන්දිය විසන්ධි
වීමටයි. ඒක ක්‍රම තුනකට වෙන්න පුළුවනි.... |
“හරි, දැන් අපි නිමල්ට මොකද කරන්නේ?” ප්‍රියන්ත
නලින්ගෙන් ඇහුවේය. නලින් අයියාට උත්තර දෙනවා වෙනුවට මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
“නිමල් අයියට රිදෙනවද?”
ඔළු භාෂාවෙන් ‘ඔව්!’.
“කැක්කුම තව වැඩිවෙයි, තව වෙලාව යන්න-යන්න..... Dislocate වෙලා තියෙන අත ආයෙම හරි තැනට
දාන්න වෙනවා.... හැබැයි ටිකක් රිදෙන වැඩක්.... මොකද කරන්නේ? Hospital එකකටම
යනවද.... නැත්තං මම try කරලා බලන්නද?”
අපායට යතත් පමා වෙන්නට හොඳ නැත.
ඉස්පිරිතාලෙකට ගියත් කෙරෙන්නේ එකම දෙයක්නේ. මට කල්පනා වුණේ එහෙමය. නොදන්නා යකාට
වැඩියෙන් දන්නා යකා හොඳය!
“ඔයා බලන්න නලින්..”
නලින් මගේ උරහිස් සන්ධිය පිරික්සුවේය.
මොහොතක් කල්පනා කළේය.
“මම කල්පනා කළේ කොයි විදිහටද අත පැනලා
තියෙන්නේ කියලයි. මම කීවනේ ක්‍රම තුනකට සන්ධිය විසන්ධි වෙන්න පුළුවන්ය කියලා....
ඒක හරි ගස්වන්න ඕනි විදිත් කීපයක් තියෙනවා..... එතකොට මටත් experience එකක් තිබ්බේ
නැහැනෙ, තියරි ඉගෙන ගත්තට.... අනුමාන කරන්න විතරයි පුළුවන්කම තිබ්බේ.”
උන්ටත් වඩා බියපත්වී, හොඳටම
බිරාන්ත වුණේ |
ඒ අඳෝනාව පුන්සිසිගම ඉසව්වෙනුත් එහාට ඇසුණා වෙන්නට ඇත.
මැණික් ගං දෑලේ තුඟු රුක්-වදුලුවල ලැග හුන් රිලා-වඳුරු මොටෙයියනුත්, සකුණ කැලත්
මගේ ඒ විලාපයෙන් තැති ගත්තාට කිසිම සැකයක් නැත. උන්ටත් වඩා බියපත්වී, හොඳටම බිරාන්ත
වුණේ
නලින් ප්‍රියදර්ශනයි.
“ළඟම තියෙන ඉස්පිරිතාලෙකට යං!”
කට්ටියම යන්නට සැරසුණහ. මට ඇවිදගන්නටවත්
බැරි තරමට වේදනාව දැඩිය. අමාරුවෙන් ටිකක් දුරට යද්දී ගෙයක් හමු විණි.
“අර ගෙදරට
කතා කරලා පුටුවක් ඉල්ලගෙන මෙයාව ඒකෙ වාඩි කරවලා උස්සගෙන යමුද?” අපේම කෙනෙකුගෙන් යෝජනාවක්....
පුටුව නම් ලැබුණේය. වාඩි වෙන ඉරියව්වෙන් හිටිද්දී වේදනාව දැඩිය. “අනේ මට
බෑෑෑෑෑෑෑ!” මං කළේ, කෙඳිරි ගාමින් අඬා වැටෙන එකය.
“මේ වැඩේ හරි යන්නේ නෑ මචං.... බල-බලා ඉඳලා
බෑ... ඉක්මනට හොස්පිටල් එකකට යන්නත් ඕනිනේ. අපි ගිහින් වෑන් එක අරගෙන එමුද....” ප්‍රියන්ත
ඇසුවේය.
දෙදෙනාම ඉගිල්ලුණහ. ටික දුරක්
දුවගෙන ගියාට පස්සේ... |
“යමු මචං.... අපි දෙන්නා දුවල යමු....”
මර්විනුත් අඩියක් පෙරට තියලා අහවරය. දෙදෙනාම ඉගිල්ලුණහ. ටික දුරක් දුවගෙන ගියාට
පස්සේ එක්කෙනෙක් හැරී බලලා කෑ ගැසුවේය.
“පුළුවන් විදිහකට නිමලයව ඉස්සරහට උස්සන් වරෙල්ලා... ටිකක් හරි ඉස්සරහට....”
පමුණුවේ දෙල්ගහවත්තේ පිය-පුතු ඛේදවාචකය දැක්කා. ඔය වගේ නොදන්නා තැන් වල විතරක නෙමෙයි, දන්නවා කියල හිතන තැන් වලත් නාන්න ගිහිල්ලා වෙච්ච දේවල් ගැන කතා අපමණයි.
ReplyDeleteඒ කොච්චර කතා ඇහුවත්, නිල්පාට වතුර ටිකක් දැක්ක ගමන් මී හරක් ගිණියම හැදෙන එක, මට හිතෙන්නේ මනුෂ්‍ය ස්වභාවය. ලස්සනට සාන්ත දාන්තව ගලාගෙන යන දියපාරකට යකා වැහෙන්න යන්නෙ විනාඩි ගාණක් විතරයි.
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteබස්සා මහත්තයෝ. ඔයාට මතකයිද මේ දෙල්ගහවත්තේ දෙන්නා වගෙ තවත් පවුලක් සැඩවතුරකට බිලි වුණා වාහනයත් එක්කම. නුගේගොඩ ක්වින්ලන් එක ළඟම තිබුණු රෙස්ටෝරන්ට් එකක හිමිකරුවෝ.... මට නම මතක් වෙන්නේ නැ මේ මොහොතේ... එන්රිච් වගෙයි මතක.
Deleteමතක නැත. පුහුණු ජීවිත ආරක්ෂකයෙක් වෙන තට්ටයා මහතාගේ මේ අනගි ලිපිය ආදර්ශෙට ගන්න වටින එකක්:
Deleteජීවිතයට වටිනාකමක් දෙන්න!
තට්ටයා මහතාගෙ පෝස්ට් එක ඉතාම වටිනවා. මේවා වැඩි දෙනෙක් කියවා පිලිපදිනවා නම් කොයිතරම් හොඳද.
Deleteසහතික ඇත්ත Lotus!
DeleteOin giya mada, ella asseth wela. Wijebahu
ReplyDeleteඔව් විජේබාහු මහත්තයෝ... 1999 මාරයා දෙපාරක්ම මගේ ළඟට ආවනේ.... දුක හිතිලා ගියා වෙන්නැති, හිස් අතින්ම.
Deleteඅනේ අපොයි!!!
ReplyDeleteඔයා මේ අඩවියට අලුතින් ආවා වගේ. ස්තුතියි. සාදරයෙන් පිලිගන්නවා, නෙත්මා!
Deleteමේ සිද්ධිය කොයිතරම් වෙනස් ආකාරයකට අවසාන වෙන්න ඉඩ තිබුනාද කියන එක "වේලි ඔයේදී" දිවි අහිමි උන පියපුතු දෙපොළගේ කතාවෙන් ඔප්පු වෙනවා.
ReplyDeleteසොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් අඩවියේ මේ ගැන ලිපියක් තියනවා. මේ දෙන්නා නොදන්නා පලාතක නොදන්නා තැනක නාන්න ගිහිල්ලා නොවෙයි, මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ.
http://helmalu.blogspot.com/2021/04/blog-post_20.html
මම සියළු ආරක්‍ෂිත ක්‍රමෝපායයන් පිලිපැදපු යහපත් දරුවෙක් වෙලා හිටියා වගේ මේවා ලිව්වට, මාත් කිහිප වරක්ම වාසනාව සහ හොඳ මිතුරන් නිසා දිවි ගලවාගත් කෙනෙක්. වරක්, පුෂ් බයිසිකල් වලින් නුවර යනකොට, අඟුරුවැල්ලේදී, ගුරුගොඩ ඔයේ වක්කලමකට පැනලා වෙච්ච දේ තාමත් අපි එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දානකොට බයිට් එකට ගන්නවා.
මම තෙත යට ඇඳුම පිටින් ඉන්න(හෝ බයිසිකල් පදින්න) අකමැතියි. ඒ නිසා යාළුවන් දෙන්නා යට ඇඳුම පිටිනුත්, මම බයිසිකලය පිහදාන්න තිබුන පුංචි රෙදි කෑල්ලත් ඇඳගෙන තමයි ඔයට පැන්නේ. හැඩ පාර සැර කමට අපිට ආපහු මෙහා ඉවුරට එන්න බැහැ. එහා ඉවුරේ වේවැල් නිසා ඒ පැත්තට ගොඩ වෙන්නත් බැහැ. ඒ අතරේ මගේ විලි වහපු රෙදි කෑල්ල අහිමි වෙච්ච එක මලාට වඩා හපන්.
සෑම්,
Deleteඔයාගේ අත්දැකීම කියවද්දී මතක් වුණා මටත් වෙච්චි ඒ වගේම අබග්ගයක්.
කුරුවිට බෝපත් ඇල්ලේදී.
අපි youth එකෙන් වැඩ සටහනකට ගිහින් එන අතරේ ගියා බෝපත් ඇල්ල බලන්න. එතකොට එතනට යන්නට හරිහමන් පාරක්වත් තිබ්බේ නෑ.
මර්වින්, ඉන්දිරා, සුනීතා, ගීතා, අනුර ජිනදාස, අසෝක කපුරුගේ වගේ කිහිප දෙනෙක් තමයි හිටියේ. ඇල්ලට ගිය ගමන් මටත් හදුනා මී හරක් ගිනියම.
තුවායක්, අමතර ඇඳුමක් මොකුත්ම තිබ්බේ නැහැ. කලිසමයි, කමිසයයි ගලවලා යට ඇඳුම පිටින් පැන්නා වතුරට. වතුර පාර හිතුවට වඩා සරයි, පීනන්න වුණේ ඒකට එරෙහිව-උඩ අතට. මොන පීනිල්ලක්ද? මාව බිල්ලට ගන්න බැරි තැන වතුර පාර මගේ ජොකා බිලිගන්නා හැදුවා....
පුදුම වදයක් විඳලා විළිබිය සිඳ ගන්නේ නැතිව, ජොකාත් බේරාගෙන ගොඩට අවේ.
මම නම් කොහොමත් වතුරට ටිකක් බයයි... පූල් එකක ඇර ෂුවර් නැති තැන් වලට බහින්නේ අඩුවෙන්... මේ වෛරසේ ආවත් හරි පූල් එකට බැස්සෙත් නෑ හරියටම අවුරුද්දකින් විතර ... හෙහ් හෙහ්
ReplyDeleteපැතුම්, මම නම් ආසම ව්‍යායාමය පිහිනීමයි. දාඩිය නොදැන එකක්නෙ.... ඒ වගෙමයි උඩුබැල්ලෙන් ඔහේ පා වෙවී හිඳීම. වස්ගමුවේ මැදපිටියේ ඉතා හෙමිං වතුර ගලා යන දිය වලක් තියෙනවා. නිල් කැටේට වතුර. සීතලත් එක්ක. එතැන ෆ්ලොට් වෙනකොට රූස්ස ගස්වල අතු අස්සෙනුයි නිල් අහස පෙනෙන්නේ... ඇතිවෙන එකම බාධාව එතැන නින්දගම අයිතිකාර මාලුවන්ගෙන් විතරයි. 'මේක අපේ! දැන් ඔයා හිටියා ඇති!!' කියනවා වගේ වට කරගෙන- තුඩින් කොට-කොටා කිති කවන්න පටන් ගන්නවා... එතැනත් දිවිය ලෝකයක්!
Deleteමම පීනන්න ඉගෙන ගත්තේ පූල් එකෙන්. මැලේසියාවේදී.. ලස්සන චීන ගෑනු ළමයෙක් ඉගැන්නුවේ ... ෆ්ලෝට් වෙන එකයි යන්තම් පූල් එකේ දෙකොනට පීන ගන්නයි විතරයි පුළුවන්... කොහොමත් නහයෙන් ඉහලට වතුර තියෙන තැන් වලට බහින්න තරම් තාම විශ්වාසයක් නැහැ...
Deleteපැතුම්, මම දන්නා තරමට නම්, බයක් හිතෙනකොට මාංශ පේශි ගල් වෙනවා... එතකොට ෆ්ලොට් වෙන්නේ නැතිව යට යනවා. එතකොට පිහිනන්න අමාරුයිනේ....
Deleteඉතිං, ආත්ම විශ්වාසයෙන් වතුරට බහින්න කියලයි මට ඉගැන්නුවේ.
https://www.medicinenet.com/dislocated_shoulder/article.htm
ReplyDeletehttps://www.hindawi.com/journals/crior/2019/9320569/
Pra Jay මහත්තයෝ,
Deleteගොඩාක් ගොඩාක් ස්තුතියි, මට මතක විදිහට දීලා තිබුණු වෛද්‍ය උපදෙස් තහවුරු කරගන්න මේ linksවලට ගියාම ඇහැක් වුණා. මේ දවස්වල ඒක ලොකුම උදව්වක්.... ගිගිරුම් සහිත වැසි හින්දා නලින්, අයස්මන්ත දෙන්නාවම අල්ලාගන්න තියෙන වෙලාවත් අඩුයිනේ.
මමත් කල්පනා කරන්නෙ මහරගම ඉන්න මනුස්සයට හිතේ හැටියට පීනලා, පාවෙලා එන්න ඔය ළඟ swimming pool එකක් හෝ public baths නැත්ද කියලා, දිය ඇලිවල ගිහිල්ල අත පය කඩාගන්නෙ නැතුව. පීනන එක හොඳම stress reliever එකක් තමයි. නමුත් ස්වාභවික පරිසරයේ පීනන්න අසාවට ලන්කාවෙ මිනිස්සු ගන්න ජීවිත අවදානම කොයි තරම් විසාලද.
ReplyDeleteඅපේ කට්ටියගෙම වතුරට තියෙන ආසාව හින්දා wal ප්‍රියන්ත එයාලගේ ගෙදර ස්විමින් පූල් එකක් හැදුවා අවුරුදු විස්සකට විතර කලින්. තලපත්පිටියේ නව රෝහල කිට්ටුව. කට්ටිය එතනට ගියාත් එක්ක පීනන්න. ඒකෙන් වුණේ විපත්තියක්. ව්නාඩි දහයක් විතර පීනලා බාබෙද්දෝ ටික බෝතලයක් කඩා ගන්න පටන් ගත්තා....
Deleteඑපාය කිව්වට ඇහුවේම නැහැ... මම කළේ එහාට පීනන්න යාම නතර කිරීමයි!
පූල් එකෙන් වෙච්චි යහපත තමයි ප්රියන්තලගේ පවුලේ ඊළඟ පරම්පරාවම, නංගිල මල්ලිලාගේ- නෑයන්ගේ දරුවන් සේරම හොඳ පිහිනුම් හපන්නු වීම. තවමත් පූල් එක අපටත් විවෘතයි!
හැබැයි පූල් එකක පිහිනීමයි, ඇලක දොලක පිහිනීමයි දෙන්නේ වෙන රසයන්...
පමුණුව පාරේ අරාබි ඉස්කෝල වත්තේ, අපේ ගෙවල් ඉස්සරහම ලොකු ක්‍රීඩා සංකීර්යණක් පිහිනුම් තටාකයක් හෙම දැන් ඉදිවෙමින් පවතිනවා. අවරුදු දෙකක් යද්දී විවෘත කරනවාත්ලු!
Delete//බස්සා මහත්තයෝ. ඔයාට මතකයිද මේ දෙල්ගහවත්තේ දෙන්නා වගෙ තවත් පවුලක් සැඩවතුරකට බිලි වුණා වාහනයත් එක්කම. නුගේගොඩ ක්වින්ලන් එක ළඟම තිබුණු රෙස්ටෝරන්ට් එකක හිමිකරුවෝ.... මට නම මතක් වෙන්නේ නැ මේ මොහොතේ... එන්රිච් වගෙයි මතක.//
ReplyDeleteනුගේගොඩ Tally Ho Restaurant
ඩබල් කැබ් එක උඩවලවේ චන්ද්‍රිකා වැවේ පිටවානේදී ගහගෙන ගියා වගේ තමයි මතක.
ඔය මතකෙ තියෙන්නේ, සෑම් මහත්තයාට තිතට.
Deleteමදෑ ඔයින් ගියා.
ReplyDeleteමමනං කොහොමත් පීනන්න දන්නැති හින්ද වතුරට බහින්නෙ බොහමෙ පරිස්සමෙන්. මෙතෙක් කාලයක් ඈත ගිය ගමන් වලදි නිදි මහත්තයගෙ වගේම ඉන්න මගේ යාලුවො දෙන්නෙක් මම වතුරට බැහැල ගොඩ එනකල් මා ගැන සෑහෙන අවධානෙන් ඉන්නෙ.
එහෙම තමයි ප්‍රසන්න මහත්තයෝ, හැබෑ මිත්‍රයෝ!
Deleteතවමත් පීනන්න ඉගෙන ගන්න පරක්කු නෑ. මම ඉගෙන ගත්තේ 30ත් පැන්නට පස්සෙයි.
Praසන්ன තාම පොඩි එකා තව කල් තියෙනවා ඉගෙන ගන්න..
Delete@ පැතුම්,
Deleteලොකු උනාම පුරුදු වෙන්න හිතාගෙන ඉන්නෙ. හැක්..
ඉගෙන ගන්න වයසක් නැහැනෙ ප්‍රසන්න!
Delete