li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, October 15, 2024

රහස් නොවන රහස් ටිකක් - පළමුවෙනි කොටස

කෑම! කෑම!! කෑම!!!
වවාගෙන කෑම- අමුවෙන් කෑම- උයා-පිහාගෙන කෑම- හදාගෙන කෑම- බෙදාගෙන කෑම- බදාගෙන කෑම- තනියෙන් කෑම- හවුලේ කෑම- ඉල්ලං කෑම- හූරාගෙන කෑම- ගසා කෑම- හොරා කෑම... ඇයි, එළිපිට කෑම- රහසෙන් කෑම...  මගෙ සන්තෝ! ඔහොම තව කොච්චර නං කෑම වර්ග තියෙනවද...

අපි හැමෝම ඔය කිව්ව එකේක විදිහට කනවනෙ. එහෙම කද්දී, හුඟක් වෙලාවට බඩට ඇති වුණාට හිතට ඇති කියල නොදැනෙන එකයි වස වැරැද්ද.
බලයත් අතේ තියේ නං එහෙම ඇතිවිල්ලක් නැති උදවිය හිමාල කන්ද වුණත් එක කටට ගිලීවී. එහෙම අය පහුගිය කාලෙ පුරාවට ‘පුළුවන් හැම තැනින්ම හොරා කාපු රඟ’ රටටම රහසක් වුණේ නෑ.

එයාල ඩයිනසෝරයන්ටත් වඩා නරකයි. උන් කාලා තියෙන්නෙ බඩගින්නට. මෙයාලා?
බලය ඇති උදවිය මෙතුවක් කල් එව්වා වැඩිය එළියට එන්න නොදී යට ගහගෙනයි උන්නේ. ඒවාත් ඔන්න බුරුතු පිටිං උඩට එන්න පටන් අරං...

ඒ නෝනලා, මහත්තුරු- ලංකාවේ හිටපු පාලකයෝ- මැති ඇමති ප්‍රභූවරු මෙච්චර කල් කාපු කෑම ගැන නෙවෙයි අද ලියන්න හිතුවේ. එයාල බියකරු ඩයිනසෝරයන්ටත් වඩා නරකයි. උන් කාලා තියෙන්නෙ බඩගින්නට. මෙයාලා? පෙරේතකමට; මජරකමටයි කාල තියෙන්නෙ. කෑම විතරක් නෙවෙයි කාල තියෙන්නෙ; රටත්...

ඒත් ඒ ගැන මේ පෝස්ටුවෙන් ලියන්නේ නෑ. මේකෙ ලියන්නේ හරි ගස්සලා ගන්න- උයලා-පිහලා හදා ගන්න කෑම ගැනයි; හරියටම කියනවා නං එහෙම කෑම හදා ගැනිල්ලෙදී වැදගත් වෙන පුංචි- පුංචි රහස් වගේ කාරණා ටිකක් ගැනයි. ඒ කිව්වේ කුකරි රහස්- tips ගැනයි...

මං වහන්සේ දැනගත්තු දේවල් ටිකක්. අත්හදා බලපු දේවල් ටිකක්... (කිසිම පැකිළීමක් නැතිව ‘අත් දුටුවයි සත්තයි!’ කියන ලේබලෙත් එව්වට ඇලෙව්වැකි, තමුන්නාන්සේලා කැමති නං.) ගැනයි අද post එක ලියන්නේ.

අපේ මහරගම ආච්චී අතිදක්ෂ සූපවේදිනියක්.
ඒ දවස්වල මහරගම පමුණුවෙ හිටිය පරසිදු
කොණ්ඩ කැවුම් හදන්නියන් කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි උන්දැත්.

“රංජි පුතේ. ඕනෑම කෙනෙක් කටින් කන්න ඉස්සෙල්ලා ඇහෙනුයි කෑමක් කන්නේ.
ඊළඟට නහයෙන්... ඊටත් පස්සේ තමයි කටෙන් කන්නේ!” මං වහන්සේ හිච්චි එකා කාලෙදිමයි අර උන්දෑ; අපේ ආච්චී; දසනායක රත්නවතී උපාසිකා මාතාව මට කියල දුන්නේ. උන්දෑ එහෙම කිව්වේ, දාහක් වැඩ අස්සේ. උයන-පිහන රාජකාරි වැඩ කරන අතරේ.
පාළුව මකා ගන්නත් එක්ක වෙන්නැති.
කාරණේ ඒ කාලෙත් මං හොඳ අසා සිටින්නෙක්- හූමිටි  තියන්නෙක් හා කියන්නා කතාවට පොළොඹවන විදිහෙ ප්‍රශ්න නඟන්නෙක්. ඉතිං, එහෙම වෙලාවට අපේ ආච්චිත් ලෝස් නැතිවම උත්තර දෙන්නයි, පුරුදු වෙලා උන්නේ.

ඒ විදිහට මං වහන්සේ අපේ ආච්චිගෙ නොනිල අග්‍ර ශ්‍රාවකයා වෙච්ච හින්දා තමයි- මං වයසට වඩා පැහෙන්නත් ඇත්තේ!

ඉතිං, අපේ ආච්චිගෙන් ඉගෙන ගත්තු අර කුකරි පාඩම නිසා- මම උයන්න plan කරද්දී කෑමවල colour කොම්බිනේෂන් එක ගැනත් හිතනවා. හිතනවා නෙවෙයි- දැන් නං නිකම්ම හිතෙනවා. (දැන් වැඩිය තැකීමක් නොකළත්, ඒ දවස්වල මං අඳින කලිසමට ගැළපෙන විදිහටයි කමිසය හා ලේන්සුව පවා තේරුවේ.)
කෑමවල පාට ගැන මං හරිම උනන්දුයි. ඒ වගේමයි  ඒවා දීසිවලට දමල මේසෙන් තියද්දීත්, මට ඕනි ඒවා ගැළපෙන විදිහට තියන්න.

සමහරු කහපාට පරිප්පුව තියන තැනින්මයි, ඉව්වම කහපාටට තියෙන අල / වට්ටක්කා වගේ කරි ජාතියක් වුණත් තියන්නේ. මටත් වැඩිය රහට උයන අපේ නඟණ්ඩි මානෙල්ට කොච්චර කිව්වත්, ඒ දෘශ්‍ය ගැළපීම; වර්ණ ගැළපීම එයාගෙනුත් කෙරෙන්නේ නැති තරං. ඒ නිසාමයි මේ කාරණය ලියන්න හිතුවේ- පළමුවෙන්ම.
සමහර වෙලාවට ඔය වර්ණ ගැළපීමේ පුරුද්ද මට ආවේ මං
බතික් ශිල්පියෙක්’ විදිහටත් දිග කාලයක් වැඩ කළ හින්දා වෙන්නැති.

වැටකොළු ලෙල්ල අරිනකොට මම එහෙම පිටින්ම ලෙල්ල අයින් කරන්නේ නෑ. ඉහළට මතුවී තියෙන දාර විතරක්...

අපි හිතමුකෝ (කහ පාටට) අල කිරි හොද්දක් හරි කිරි මාළු හොද්දක් හරි හදල තියෙනවයි කියලා. එහෙම වෙලාවට  පරිප්පු මාළුවකුත් හදන්න වෙනවා නං... මම අනිවාර්යයෙන්ම ඒක හදන්නේ උකුවට- golden yellow පාටටයි. ඒ පාට ගන්නට නං කරන්න තියෙන්නෙ පරිප්පුවට මිරිස් කුඩු ජුන්ඩකුත් එකතු කරන එක විතරයි... එතකොට පරිප්පුව තැඹිලි පාටක් ගෑවිච්ච තද කහපාට දාස්පෙති මලක පාටට ගන්න ඇහැකියි.

වැටකොළු- පතෝල- පිපිඤ්ඤා- කිරිහොදි වගේ ජාති හදද්දී නං හරිම ඉච්චිකමෙනුයි මං කහ කුඩු පාවිච්චි කරන්නේ. මොකද ඒ වගේ ජාති ළා කොළ පාටක් ගෑවිලා තියෙන- ළා කහ පාටෙන් තියෙනවටයි මම නං කැමති! ළා කහපාට දාස්පෙති මල් වගේ.

එතකොටයි මතක් වුණේ. වැටකොළු ලෙල්ල අරිනකොට මම එහෙම පිටින්ම ලෙල්ල අයින් කරන්නේ නෑ. ඉහළට මතුවී තියෙන දාර විතරක් ඉවත් කරනවා, කොළපාට ලෙල්ල තීරු තීරු ඉතිරි වෙන විදිහට. එහෙම කළාට පස්සේ වැටකොළු පෙති / කෑලි කපා ගන්නෙත් තරමක් මහතට. හොඳටම හීනියට නෙවෙයි. පතෝල වුණත් කපන්නේ ටිකක් ගණ කෑලි.

ඒ දෙවර්ගේම උයද්දී මම ඒවා කපලා පැත්තකින් තියනවා මිස කෙළින්ම ළිපේ තියන්නේ නෑ.  ළූණු- සුදුළූණු-උළුහාල්- අමුමිරිස්- චූටි ගොරක පෙත්තක් වගේ දේවල් දියකිරි ටිකකින් ළිපේ තියනවා. ඒකටම තුනපහ- කහ කුඩු- ලුණුත් පදමට දානවා. තැම්බිලා- හිඳෙන්න කිට්ටු වෙනකොට උකු පොල්කිරිත් එකතු කරනවා. (මම නං උකු පොල්කිරිවලට කුරක්කන් පිටි හරි කොන්ෆ්ලාර් පිටි හරිත් චුට්ටක් එකතු කරනවා). එහෙම කරලා හැඳි ගානවා...
දැන් ළිපේ තියෙන කරිය චුට්ටක් විතර උකුයිනෙ. ආන්න ඒකට රම්පෙ- කුරුඳු පොතු එකතු කරලා, ඊට පස්සේ වැටකොළු හරි පතෝල හරි කෑලි එකතු කරනවා- හොඳට කවලම් කරලා යාන්තං තැම්බීගෙන එනකොට ළිපෙන් බානවා.
එහෙම කරන්නේ ළිපෙන් බෑවාට පස්සෙත් එළවලුව තැම්බෙන විත්තිය ඔළුවේ තියාගෙනයි.

කරපිංචා!
අමතක වුණා නෙවෙයි. කරිය ළිපෙන් බාලා- ටික වෙලාවක් ගියාම; මඳ රස්නේ තියෙද්දී කරපිංචා කොළ එකතු කරන්නේ. හැබැයි කිසිම වෙලාවක මේ වගේ කොළපාට එළවලු උයද්දී බඳුනේ පියන වහන්නේ නෑ. බිමට ගත්තට පස්සෙත්- නිවෙනකල්...
(බොහොමයක් ගෙවල්වල හදන වැටකොළු- පතෝල එළවළුවල හොද්ද වැඩයි. මොකද ඒ දෙවගේම තැම්බෙනකොට දිය උනන එළවලු. මං කියපු විදිහට උයා ගත්තොතින් ඒ වගේ ජාතිවල වුණත් හොදි හිටින්නෙ නැතිව තියෙනවා පෙනෙයි. හොදි ටිකාක් තිබුණත් බොරේටයි! ආටෝප ගතියටයි!!

අපි පුංචි පැටව් දවස්වල...

(දෙකට කපපු සුදුළූණු- පතෝලත් එක්ක සමෝසමේ කවලමට දාගෙන උයපු වෑංජනයක් හෙම ඔයාල රස බලල තියෙනවද? මට නං ඒකත් එක්ක බත් මරන්න පුළුවන්!)

බොරේට කිව්වම... ‘නරි මොටාගේ ක්‍රමයට හදාගත්තු උකු පරිප්පුව’ත් පංකාදු පහයි කියල ලියන්නම ඕනි. (නරිමොටා උන්නැහේ ඒ ‘කැලේ පරිප්පුව’ හදන ක්‍රමය ලියල එව්වේ ‘හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - දෙවෙනි කොටසෙ’ comment තීරුවටයි). මට පොඩි පටලැවිල්ලකුත් වුණා පළමුවෙන්ම ඒක හදන්න ගියාම. මං හිතුවෙ රෙසිපිය ලියන්න ගියාම නරිමොටාට පොඩි මිස්ටේක් එකක් වෙලාය කියලයි. ඉතිං මම ඒ ගැන වෙනමම අහලත් යැව්වා. “මේකට පොල් කිරි දාන්නේ නැද්ද?”.
‘නැහැ’ කියලා උත්තරේ හම්බ වුණාට පස්සෙයි මං ඒ ක්‍රමේට පරිප්පුව හැදුවේ.

මොකෝ දන්නවද මම ටිකක් පස්ස ගැහුවේ. කාරණා දෙකක් හින්දා. අපි පුංචි පැටව් දවස්වල; අපේ දුප්පත් ගෙදර පොල් නැත්තං- පොල් ගෙඩියක් ගෙනෙන්න සල්ලිත් නැත්තං විතරයි ‘පරිප්පු මිරිසට- තෙලෙන්’ ඉව්වේ’. (වෙන ජාති වුණත් එහෙමමයි).

දෙවෙනි කාරණේ කළු අක්කයි, මමයි දෙන්නා කැන්ටින් කෙරුවාව පටන් ගත්තු මුල්ම දවසට සම්බන්ධයි.

මේ posts ලියන වහු පැටියා ඒ දවස්වල නං උගේ තරම හරියටම දැනගෙන හිටියේ නෑ. ‘දීපානි බතික්’ ආයතනේ අයසට යන කාලෙ, ‘කැන්ටිමක් කරමු බං’ කියලා සෝමවීර මල්ලිකාරච්චි හිතවතා යෝජනා කළ ගමන්ම ඒකට කැමති වුණේ ඒ නිසයි. (එයා එක්ක අල්ලපු ඔට්ටුවක් පැරදිලා තමයි නිමල් දිසානායකයා අමු කොහොඹ කොළ කිනිති පනහක් ජිරි- ජිරි ගගා විකලා කෑවේ.) ඉතිං අර මගේ කැමැත්ත කෙළවර වුණේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ- දෙමටගොඩ කාර්ය අංගණයේ කැන්ටිම පවත්වාගෙන යන්න ඉදිරිපත් වීමෙන්. ඒ කැන්ටින් කෙරුවාව ගැන ගොඩක් විස්තර මං දැනටමත් ඔයාලට කියලයි තියෙන්නේ.

කැන්ටිම පටන් ගන්න දවසට කලින් දවසේ රෑ කළු අක්කා මෙහෙම යෝජනාවක් ගෙනාවා. ඒ පහුවදා උදේට හදවන කෑම ජාති ගැන තීරණය කරද්දී.

“නිමල් මල්ලී, හෙට උදේට අල හොදියි, බිත්තර හොදියි, කිරි මාළුයි තුනම කිරට හදවන නිසා පරිප්පුව මිරිසට උයවමුද?” මාත් කැමති වුණා!

අපිව කලබල කරවලා; අවුලක් හදලා- එක දවසෙන්ම අපිට එතන කැන්ටින් කෙරුවාව එපා කරවන්න හිතාගෙන වගෙයි රේල්වේ වැඩපොළේ කට්ටිය එදා උදෙන්ම මාර සෙනඟක් වගේ කලබලෙන් කැන්ටිමට කඩා වැදුණේ.

අන්තිමේදී ලදුදෙ වැඩපොළේම ටියුඩර් ලේල්වල, ඇන්ටන්, වෝල්ටර් තුන්දෙනා මැදිහත් වෙලාය කලබලය සංසිඳෙව්වේ. ‘“මොකක්ද මල්ලිලා මේ කරන්නේ.... වැඩේ කැතයිනෙ. මේ මිනිස්සු හිතයි දෙමටගොඩ ඉන්නේ සත්තු කියලා.....”

කෑම මේසෙකදී ජාති කීපෙකින් කැමති එකක් තෝරනවා වගේ නෙවෙයිනෙ, අක්කේ. මේක...

“.... අදම කැන්ටිම දමා ගහලා යයි. ලජ්ජ නැත්ද වස්තුවේ?”

“ඒකනෙ.... කොණක ඉඳලා පෝලිමේ එමුකො..... යං යං අපිත් එක්කම යං!” කියාගෙන එයින් එක්කෙනෙක් යකඩ බම්බු දෙක මැදින්වූ පෝලිමට එකතු වුණේය!’ මතකද, ඒ විත්තිය මම එදා එහෙම ලියල තිබුණු බව.

එතකොටමයි එක්කෙනෙක් එයාලට නඩුවකුත් ඉදිරිපත් කළේ. “මේ බලනවකො ඇන්ටන් අයියා. මේ යක්කු පරිප්පුව උයල තියෙන විදිහ. මේකට පොල් කිරි බිංදුවක්වත් පෙන්නල නැහැනෙ. මොන xකයටද පුළුවන් මේ xත්තෙ හොද්දත් එක්ක පාන් කන්න. හොඳ හිතින් ඉල්ලල දෙනව ආපහු මගේ සල්ලි...”
කැන්ටින් කොමිටියේ නිලධාරියෙකුත් වුණු ඇන්ටන් අයියා අපෙනුත් කරුණු විමසා නඩුව විසඳුවේ ලොකු ඉවසීමකිනි.

“අක්කේ, මෙහෙ වැඩ කරන ගොඩක් අය පෝසත්තු නෙවෙයි. පාන් බාගෙකුයි පරිප්පු එකකුයි ගන්නෙත් අමාරුවෙන්. මෙයා කියන කතාවත් ඇත්තනේ. කෑම මේසෙකදී ජාති කීපෙකින් කැමති එකක් තෝරනවා වගේ නෙවෙයිනෙ, අක්කේ. මේක...
මල්ලී... මේ අයියගෙ පරිප්පු එකට කිරිමාළු හොද්දෙනුත් ටිකක් දාල දෙන්නකො... එතකොට හරි. වෙනසකට වුණත් ආයේ මිරිසට පරිප්පු උයන්න එපා, අක්කෙ.”

එදා ඇති වුණු කලබැගෑනිය කොයි තරම් තදින් හිතට වැදුණාද කියතොත්- එයින් පසුව මං වහන්සේ පරිප්පු මිරිසට ඉව්වේ ඉතාමත් කලාතුරකිනි; ඒකත් මං විතරක් තනියම වළඳන දවසකය. පිටස්තර කවුරුන් හෝ ඉන්නා දවසක නං පරිප්පු උයන්නේ කිරටමය!
ඒ නීතිය කැඩුවේ සති කිහිපයකට කලින්ය!!

ඇමෙරිකාවේ ඉඳලා කෙටි නිවාඩුවකට ඇවිත් හිටිය DKR හිතවතායි- නමියි දෙන්නත් එදා දවල් කෑමට සිටියෝය. එයාලාත් ‘නරිමොටා ක්‍රමයේ’ ඒ පරිප්පුව රසයි කීවෝහ. ඒ මදිවාට දවල් බත සප්පායම් වෙන අතරේ DKR කියපි ‘පරිප්පු උයන ක්‍රම 11ක් තියෙනව’ය කියලා- කොහෙදිදෝ එයාගේ කනට වැටිලා තියෙන විත්තියත්.
හොයපියව්කො ඉතිං ඒ රෙසිපි ටිකත්... ඔන්න ඔයාලටත් වැඩක්. ඇහැකි උදවිය ඒ ගැන සොයා බලත්වා. බලා අපටත් කියන්නට කාරුණික වෙත්වා!

වැටකොළු, පතෝල වගේ ජාති පියන වහන්නේ නැතිවයි උයා ගන්නේ කියලා මේ පෝස්ටුවේ මුල හරියෙදි මං කිව්වනේ.
ඔයාල සොබාවික කොළ පාට රැකුණු මැල්ලුමක් හදාගන්න කැමැතියි නං එතකොටත් පියන නොවසා පිස ගන්නයි තියෙන්නෙ.
(පියන නොවසා තිබ්බත්- තෙබු කොළ නම් යන්තම් රත් වෙනකොටම කොළ පාට නැති වෙනවා. ලා දුඹුරකට හැරෙනවා. ඒ කහට පාටට ආසා නැති නිසා මම තෙබු කොළ සම්බෝල මිස මැල්ලුම් හදන්නේ නෑ. මැල්ලුමකට කවලමටවත් දාන්නෙත් නෑ.)

ඒ උපදේසේ විදිහටම යුද්ධ කරලලු...

තව කාරණයක්. මැල්ලුමක් හදන්නට ගන්නා පලා වර්ග කල් තියාම තෝරලා- සුද්ද කරලා තියා ගත්තත්, හුඟක් අය ඒවා හෝදා ගන්නේ අන්තිම විනාඩියේ. ඉතිං, හරියට දිය සීරෙන්නත් කලිනුයි මැල්ලුමට කොළ ටික කපා ගන්න වෙන්නේ. එහෙම තෙත ගතිය වැඩි වුණාම මැල්ලුම රත් වෙනකොටම ‘තැප්පෙන්න’ ගන්නවා කූරු ගෑවත්. අන්තිමට ලැබෙන්නේ ‘ලඩ’ වෙච්ච මැල්ලුමක්.

එතකොට මතක් වෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර දවසක වෙච්චි දෙයක්.
හිතවතෙක් අලුතින් හදපු ගෙදරකට ගෙවැදුණා. ඒ වෙනුවෙන් තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයට ගොඩක් කෑම ජාති හැදුවා. චයිනීස් විදිහට වගේම ශ්‍රී ලංකාවෙ ගමේ විදිහටත්. ගෙහිමියාගේ ඉතාලියේ ඉන්න සොහොයුරියත් ඒ වෙලාවේ එතැනට ඇවිල්ලයි හිටියෙ. (පස්සෙයි දන්නෙ- ඇයත් දක්ෂ සූපවේදිනියක්!)
මම කතුරුමුරුංගා කොළ මැල්ලුම හදලා ළිපෙන් බෑවා; ටිකක් නිවෙන්න ඇරලයි ඒකට දෙහි මිරිකුවේ.

එතකොට එයා මෙහෙම කිව්වා.

“නිමල්, ඔයා හොඳ කෝකියෙක් තමයි. අපේ මල්ලි මට ඔයා ගැන කිව්වට පස්සේ මට හිතුණා ඒක ඇත්තද බලන්න. ඒකමයි මං බලාගෙන හිටියෙ... එයා හරි. ඔයා පාස්...” එහෙම කියලයි, එයා එහෙම නිගමනයකට ආව හේතුවත් කිව්වේ.
“හරියට උයන්න දන්න කෙනෙක් මැල්ලුමකට කහ කුඩු දාන්නේ නෑ. ඒක over කුක් වෙන්න දෙන්නෙත් නෑ. ඔයා මැල්ලුම ළිපෙන් ගත්තේ නිවෙනකල්මත් ඒක තව ටිකක් තැම්බෙන බව ගණන් බලල නේද? අනෙක දෙහි ඇඹුල් දාපු වෙලාව!”

‘වෙලාව’ නං ඉතාම වැදගත්! ඒ වගේමයි ‘කලාව’ත්!! උයද්දී වගේම උයාපු කෑම කන වැඩෙත් වෙලාවට- කලාවට කෙරෙනකොටයි ලස්සන.
අහල ඇති නෙව ‘බඩගින්න උහුලගන්න බැරිව හිටිය ගැමුණු කුමාරය උණු-උණුවේ හුන්සාල් කිරිබත් කන්න ගියා’ම වෙච්චි දේ. කුමාරයාට අත පුච්චා ගන්නේ නැතිව කොනක හිට උණු කිරිබත් කන හැටි ඉගැන්නුවේ ගමේ අම්මා කෙනෙක්. අපරැක්ක අම්මා... ඒ උපදේසේ විදිහටම යුද්ධ කරලලු කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ ලොකු පුත්තර ගැමුණු කුමාරයා යුද්දෙන් දිනුවයි කියන්නෙත්.

දැන් ඉන්න පුත්‍ර කුමාරවරුන් නං කිසි කෙනෙකුගෙන් එහෙම පාඩම් ඉගෙන ගන්න තරං නිහතමානී පාටක් පෙනෙන්නේ නෑ. බොරුවට රැඟුවට... රජ පැටවු හින්දා නිකම්ම රජකම ලැබෙයි කියල හිතාගෙනනෙ දෙන්නම හිටියෙ. අන්තිමේ අහක හිටිය ගමේ කුමාර දිනුව එකයි වුණේ.

ඒ සටනෙ දෙවෙනි එකෙනුත් එයාල පරදින විදිහයි. එහෙම වෙන්නේ ඒ කුමරයොන්ගෙත්- පියවරුන්ගෙත්- පවුල්වල උදවියගෙත්- නෑදෑ හිත මිත්තර හෙංචයියන්ගෙත් කෑදරකම්වලට සීමාවක් නොතිබ්බ නිසා. උන්දැල කන එක කාලා තියෙනවනෙ කිසිම තිරිත්තමක් නැතිවම.

මං තරයේම විශ්වාස කරනවා දැනටමත් අපි අනාගත පරම්පරාවට අයිති සොබාවික සම්පත් පවා පාවිච්චි කරමින් සිටින බව!

‘කුඩු කතත් කාපිය තිරිත්තමක් ඇතිව’ කියන ගමේ  ඇත්තන්ගේ උපදේසේ උන් එකෙකුටවත් ඇහිලා නැතුව ඇති!

තිරිත්තමක් ඇතිව කියද්දී මතක් වුණේ. අපි තේ හදන්න යන ක්‍රමේ. මං දන්නා ගෙවල්වලින් සෑහෙන ගණනක තේ හදන්න වතුර රත් කරන්නේ ගාණක්- මිම්මක් ඇතිව නෙවයි. ඒ ගොඩක් දෙනා මට හිනා වෙනවත් එක්ක අපේ ගෙදර ආව වෙලාවලදී, මම මැනල වතුර ළිපේ තියන බව දැකල. “ඔයා ඔච්චර ලෝබද? හරියටම ඉන්න ගණනට වතුර කෝප්ප ගණන බලන්නේ.” එයාලගෙන් සමහරුන් අහලත් තියෙනවා.

“අරපිරිමැස්ම කියන්නේ බොහොම වටිනා පුරුද්දක්. මොනම දෙයක් වුණත් නිකරුණේ අපතේ යවන්නේ ඇයි? ලෝකෙ තියෙන්නෙ අසීමිත සම්පත් ගොඩක් නෙවෙයි...” කියලා ඒ වෙලාවට කියන්නත් මම නං පැකිළෙන්නෑ.

දර- ඉන්ධන- ගෑස්- විදුලිය පිරිමහන එකේ වටිනාකම දන්න නිසයි මම නං එහෙම කරන්නේ. එහෙම කිරීමෙන් පරිසරය සුරැකීමේ පිංකමටත් මම ඉතා දැනුවත්ව දායක වෙනවා. (මං තරයේම විශ්වාස කරනවා දැනටමත් අපි අනාගත පරම්පරාවට අයිති සොබාවික සම්පත් පවා පාවිච්චි කරමින් සිටින බව). අපි සබුද්ධික විය යුතුයි නේද? වෙනස් විය යුතුයි නේද?

මෑත දවසක අහම්බෙන් වාගේ මං ඉතාම හොඳ අදහසක් බුකියෙන් දැක්කා. ‘JVP කාරයෙක් වෙන්න ඕනි නෑ. ඇත්ත යුක්තිය සාධාරණය දකින; තේරුම් ගන්න හැකි කෙනෙක් වෙයං’ කියලා වැකි දෙකක post එකක්... (හැබැයි, ඒ post එකට like දෙක-තුනයි වැටිලා තිබ්බේ.)

සාධාරණය දකින?
‘කෑම’ වුණත් දැන් දැන් ‘ගණිකා වෘත්තියේ යෙදවෙනවලු. අන්තිම අසාධාරණ- අයුතු-නින්දිත වැඩකටත් කෑම ගාවාගෙන...

‘01). ඔන්න හිතන්න මට තියෙනවා,

• සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.

• ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.

• අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.

• පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200කුත් තියෙනවා.

ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ්වලින්.
මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.

02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එක පාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ. ලැබුණු විදිය හොයා ගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.
ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා
YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.

එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කෑම කඩවල් ටිකක්.

එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල්වල partner කෙනෙක්.

ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.
හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000
, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.

මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි...’

කතන්දරේ එච්චර විතරක් නෙවෙයි. තව තියෙනවා. ලිව්ව කෙනාට වැඩිය විස්තර කතාව කියවලා comment කරපු අයත් ලියල තියෙනවා.

ඒ විස්තරේ කියෙව්වම නම් මටම දුකයි.
‘නිමලෝ- තමුසෙ ඔය කෙහෙල්මල් කතුරුමුරුංගා මැල්ලුම් ගැන ලියන්න ගත්තේ... දැන් කාලෙ සිද්ද වෙන රට කෑම- ගම කෑම- ජරාව කෑම වගෙ දේවල් ගැන ලියනවකෝ.’ මගේ political චිත්තයාත් බෙරිහන් දිදී කියනවා.
‘කමක් නෑ, ලියන්න ගත්තු එක ලියලම ඉන්නවා! මතකයිනෙ රෝද පුටුවට වැටිලා හිටි
foot ball පිස්සා රාජමනි අංකල් තමුසෙට කියා දුන්නු දේ. Variety is the Spice of Life! ඒ කාරණය බ්ලොගයටත් අදාළයි නෙව.’ විවිධත්වය රැකගෙනයි මේ posts ලියන කෙරුවාව වුණත් කළ යුතු...

කොහොමෙන් කොහොමෙන් හරි කෑම ගැන ලියන්න හිතාගෙන හිටි කාරණාවලින් කොටහයි ලියැවුණේ ගයිස්. Take it easy ගයිස්! ඉක්මනටම ඊළඟ කොටසත් ලියන්නං ගයිස්...

Wednesday, October 9, 2024

අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්! තෙවෙනි කොටස

‘අනේ මං මාලිමාවට කැමති බව ඇත්ත. ටික වෙන්න කඩේ ගිය විත්තියත් ඇත්ත. ඒත් අරහෙම විශේෂ යාළුකම්- සම්බන්ධකම් මොකුත් මේ පුංචි සිංඤෝට නෑ!

හැබැයි එයාලා රට හදයි කියල විශ්වාසයක් මට තියෙනවා.
ඒත් මම මාලිමාව අදහන්නෙක් නං නෙවෙයි.

සුරංග ඉස්කෝල කාලෙම තනාගත්තු පෙම් ලෝකයේ කිරුළු පළඳින්න... (දැන් ඒ ලෝකයේ පුරවැසියෝ හතර දෙනෙක්....)

ඒ හින්දම සිද්ද වෙනදේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නත්, තේරුම් ගන්නට උත්සාහ කිරීමත් කරතෑකි. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන්නේ නැතිව. කලබල වුණොත් කොරොස් කටේ වුණත් අත දමා ගන්න බැරි වෙනවනේ. අපි හැමෝටම තියෙන්නෙ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නයි.’

‘අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්!’ පළමුවෙනි කොටස ලියනකොටම මං එහෙම කිව්වා. ඒත් හුඟක් දෙනා ඒ කාරණය එතරම් ගනිච්චියකට අරගෙන තිබ්බේ නෑ වගෙයි... මාලිමාවෙන්; අලුතින් පත්වුණු ජනාධිපතිතුමාගෙන් නැත්තං දැන් පවතින ආණ්ඩුවෙන් අහන්න ඕනෑ ප්‍රශ්න මගෙනුත් අහනවා. ඒත් දෙය්යනේ මේ පුංචි සිංඤෝ තමන්ගේ තරම දන්නවනෙ... ඒ හින්දා එව්වාට නොදන්නා පණ්ඩිත උත්තර දෙන්න යන්නෙ නෑ. ඒ ගැන කවුරුන්වත් අහිතක් හිතන්න එපා, හොඳේ?

තමන්ගේ තරම...
ඒ වගේමයි මම අනිත් අයගේ තරාතිරම හා ඔවුනගේ අදහස් දරන්නට ඔවුන්ට ඇති අයිතිය ගැනත් වෙසෙසින් සැලකිලිමත් වෙනවා. ඒ වගට මට තියෙන හොඳම සාක්කියක් මේ ‘අවුරුදු දොළහක් විතර පරණ කතන්දරේ’.

අපේ මානෙල් නංගිගේ එකම පුතණ්ඩියා ලලීන්ද්‍ර ශ්‍යාමන් (සුරංග) ඉස්කෝල කාලෙම තනාගත්තු පෙම් ලෝකයේ කිරුළු පළඳින්න සූදානං වුණා- කල වයසට ආවට පස්සේ...
එතකොට පුතාටත් ඉස්සෙල්ලා මංගල උත්සවේ ගැන plan කරන්න ගත්තේ කොල්ලගෙ අම්මයි! ඒ කිව්වේ අපේ නංගියි!! උන්දා මගෙත් එක්කත් ඒවා ගැන කියෙව්වා.
(සුරංග උත්පත්තියේ හිටන්ම මගේ එක්කත් ඉතාම සමීපයි. පළමුවෙනි වතාවේ;
1985 එංගලන්තය ගිහිං හිටි මං, වීසා තියෙද්දිත් 1986 මුල ලංකාවට ආවේ සුරංග ඉපදෙන වෙලාවේ මානෙල් නංගිගේ ළඟ ඉන්න ඕනි නිසයි.)

ඉතිං සුරංග මාව හම්බ වෙන්න ඇවිත් ඇහුවා ‘ලොකු මාමේ, කොහොමද මගේ wedding එක ගන්න හොඳ?’ කියලා. ඒ හාදයාගේ හිතේ තියෙන දේවල් ටිකකුත් කිව්වා.

“මිනිහෝ, කසාද බඳින්න යන්නේ තමුසෙ. කෙනෙක් කසාදයක් බඳින්නේ එක වතාවයිනේ. ඉතිං ඔයාගේ කසාදෙ ඔයාට ඕනි විදිහට; ඔයා කැමති විදිහකට කරනවා. මං දන්නවා ඔයාලගේ අම්මත් දැන් තියාම ඕන්නැති තරමටම ඇඟිලි ගහන්න පටන් අරගෙන බව. ඔයාගේ අම්මා වෙන්න කලින්නෙ එයා මගේ නංගි වුණේ... මම දන්නවනෙ එයාගේ හැටි!
ඔයාට ඕනි නං අම්මට කෙලින්ම කිව්වත් කමක් නෑ, මම මේ කියන දේවල්.
බය නැතිව ඔයාටයි ඉසංකාටයි ආස විදිහට මඟුල plan කරනවා හලෝ. හැබැයි, ඒකට අපෙන් කෙරෙන්න ඕනි දේවල් අපිට කියනවා.”

අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත් වුණේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අපේ ඡන්දයෙන් බව ඇත්තය. එහෙම වුණු පළියට අපි හැමෝම කියන-කියන දේවල්...

(දැන් වයස අවුරුදු පනස් හයක් වන) අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් එහෙම නිදහසක් දිය යුතු විත්තියයි, මට හිතෙන්නේ. ඔහු ජනාධිපති තනතුරට පත් වුණේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අපේ ඡන්දයෙන් බව ඇත්තය. ඒත් අපි හැමෝම කියන-කියන දේවල් කරන්නට ගියොත්... අපි හැමෝම ගහන-ගහන පදයට නටන්නට ගියොත්... නව ජනපතිතුමන්ට මොනවාවත්ම කර ගන්නට බැරි වෙනු ඇත.

ඒ නිසාමයි මගෙන් මෙහෙම කවි දෙකක් ලියැවුණේත්:   

අනුරට හිමි වුණේ ජය නොව මාවතය
ඒ මඟ දිගේ ගොස් ඔහු ජයගත යුතුය
ගමන අසීරුයබාධක          අපමණය
ඒ අභියෝග අනුරල ජයගනු     ඇතිය

ඇලඩින්ගේ පහන නැත          පිරිමදින්නට
හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
පොදු ජන පැතුම් තියෙනව ඉටු   කරන්නට
ඒ කාරියට ඉඩ දෙමු                   මාලිමාවට

හැබැයි ඔය නිමල් දිසානායකගේ අදහස. ඒක දිව්‍ය භාෂිතයක් නෙවෙයි. මම වැරදි වෙන්නත් ඉඩක් නැතිවම නෙවෙයිනෙ.
ඒ වගේමයි, අනුර ගැන- මාලිමාව ගැන එච්චර පැහැදීමකින් නොහිටි සමහරුන්ගේ අදහස් වුණත් හෙමිහිට වෙනස් වෙන්න පටන් ගෙන...

‘//පොරගේ ඩවුන් ටු අර්ත් කෑල්ලක් තියනව සජිත්ට නැති//

මට ජෙප්පො එක්ක සෑහෙන ඇරියස් තිබ්බා. ඒත් දැන් ඒක වෙනස් වේගන යනවා.

වර්තමානයේ භාවිතයේ නැති, බරපතළ ඉංග්‍රීසි කෑලි දාලා කතා කරන්න ගිහිල්ලා, "චොයිස් ඔෆ් වර්ඩ්ස්" අනාථ කරගෙන සජිත් නාගන්නවා මම වරක් දැක්කා. පොෂ් ඉංග්‍රීසි = බුද්ධිමත්කම කියල හිතන්නෙ මෝඩයො. අනුර පළමු කතාව සිංහලෙන් කළා. විදේශිකයො ට්‍රාන්ස්ලේෂන් එක ඇහැව්වා. මම ඒකට කැමතියි (ලෝකෙ අනිත් නායකයො කරන්නෙත් ඒක). විවෘත භාවය, අවංකකම සහ නිහතමානීකම තියෙනව නං වරදින්න විදිහක් නෑ. ඔහු කිව්වා, මට මැජික් කරන්න බෑ, මට ඔබෙන් උදව් අවශ්‍යයි කියලා. මම නොදන්න දේ, දන්න අයගෙන් අහගන්න ඕනෙ කිව්වා. මම අනුර ගැන පැහැදුනේ ඒකයි. ඔහු හොඳ ආදර්ශවත් නායකයෙක් වේ යැයි හිතෙනවා. මෙච්චරකල් කම්බා හොරු හිටපු රටක, සමාජමය ආකල්ප වෙනස් කර ගන්න, මේක හොඳ ආරම්භයක්.’

Comment එකකින් එහෙම කියල තිබ්බේ බස්සා. කොළඹ ගමයා අඩවියේ ‘නොලියා බැරි නිසා ලියමි’ post එකේ කමෙන්ටු තීරුවට.

ඒ තීරුවේ දැනට comments 86ක් තියෙනවා. අලුත් වෙනස blogsවල comments තීරුවලටත් බලපාලා වගෙයි... වැඩි පාඨක පිරිසක් එයාලාගේ අදහස් දක්වනවා! ඒක කොයිතරම් හොඳ ප්‍රවණතාවක්ද? හැබැයි එහෙම අදහස් දක්වන හුඟ දෙනෙකුට තියෙන්නෙ පුදුමාකාර නොඉවසිල්ලක් විත්තියයි මට පේන්නේ.

හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට!

අනෙක එයාලා මස් රාත්තලම ඉල්ලා හිටින ෂයිලොක් වංශයේ අය වගෙයි. තව කාරණයක්. ‘උපමා කැඩපත’ පොතේ කියවෙන මේ අපූරු කවියත් එයාලට ඇහැ ගැහිලා නැති පාටයි.

තද     සැර  තමයි  සැරයෙන් වැඩි හෙණ  සැරය
වෙඩි  සැර  තමයි  ඊළඟ සැරයෙන්           සැරය
රාම   සැර  තමයි  උත්තම මහ                 සැරය
හීන්   සැර  තමයි  හැම සැරටම                සැරය

කලබල වුණාම කොරස් කටටවත් අත දා ගන්න බැරි වෙන විත්තිය මතකෙ තියාගෙන; රාම සැරයටත් වැඩියෙන් හීන් සැරය බලගතු බව තදින්ම හිතේ ධාරණය කරගෙන අලුතින් පත් වුණු ජනාධිපතිතුමා නං වැඩ කරන විදිහයි මට පෙනෙන්නේ.    

fb එකේ ඉන්න ගොඩක් දෙනා වුණත් තලත්තෑනි; ඉහ නිකට පැහුණු උදවිය නෙවෙයිනෙ.
පුරාතන ගද්‍ය-පද්‍ය පොත්පත්වලිනුත් ඈත් වුණු පරම්පරාවකටයි එයාලා අයිති. ඒ මදිවට ඒ පරම්පරාවේ වැඩි දෙනෙකුට හිතන්න- විමසා බලන්න හුරු කරවලත් නෑ... රටේ පාලක පැලැන්තියට උවමනා කරලා තිබුණෙත් එහෙම ‘අංශභාග’ පරම්පරාවක් හදා ගන්නයිනෙ.
අනුකාරක උගතුන්- කොඳු කඩාගත් වියතුන්- හෘදය සාක්ෂියක් නැති මිනිසුන් වැඩි-වැඩියෙන් බිහි කෙරෙන අතරේ වුණත් ‘නියම බුද්ධිමත්; සවිමත් කොන්දක් සහිත; හැබෑ මිනිසුනුත්’ සෑහෙන්නට බිහි වෙලා තියෙන විත්තිය පෙනෙන්නේ දැන්... වෙනසක් වෙන්නට පටන් ගන්නවත් එක්කම ඔවුනුත් කලඑළියට එන්න පටන් අරං... ඔවුනගේ මති-මතාන්තරත් සමාජගත කරන්නට පටන් අරං.

තුමුල හෙට්ටිආරච්චිත් එයින් එක්කෙනෙක්. මේ එයාගේ විශ්ලේෂණයකින් කොටහක්:
‘... 06. හොරු ඇල්ලුවද දැන් මෙයා හිරේද වගේ කතාවලට මේ ටික ලියාගෙන යන්නම්.
ආවට ගියාට නඩු දාලා ලිස්සන්න පාරවල් ඉතුරු කරලා මුන්ට ලේසියෙන් බේරෙන්න බේරිලා ආයේ වීරයෝ වෙන්න තරම් මේ ආණ්ඩුව ඉඩක් තියයි කියලා මම හිතන්නේ නෑ. දාන නඩු හරියට වෙලාවට තිතට මෙච්චර කල් එකතු කරගන්න බැරුව මුන් හංගපු සාක්ෂිත් හොයාගෙනම වෙලාවට වැටෙයි කලබල නොවී ඉන්න.

07. අන්තිමට මේ ටික ලියන්න හිතුවා. අලුත උපන් දරුවෙක් වේගෙන් ලොකු උනාට අවුරුදු 76ක් එක එක විදියට මරලා දාපු මළකඳකට පණ දෙන්න; ආයේ මිනිහෙක් කරන්න දවසෙන් දෙකෙන් පුළුවන් වෙයි වගේ විකාර හිතේ තියන් ඉන්න එපා.

මුත්තා කිව්ව වැල් පාලම් කතා අපිට කියලා සැපේ සනීපේ සෙට් එක එක්ක ආතල් ගත්තට, ගෙදර ගිහිල්ලත් මිනිහට උයන්න කෝකියෝ 16ක් ඉල්ලුවට... සැබෑම වැල් පාලමේ යන්න වෙලා තියෙන්නේ වත්මන් ආණ්ඩුවට හා මහජනතාවට. ඒ නිසා කල්පනාවෙන් හැම අඩියක්ම තියාගෙන පරිස්සමට මේ ගමන ගියොත් දැනට දැනෙන වෙනස වගේ සිය ගුණයක වෙනසක් දැනෙන රටක් අවුරුද්දක් යන්න කලින් හදාගන්න බැරිවෙන එකක් නෑ.

මේක ලේසි මැච් එකක් නොවේ!

ඒ නිසාම එකතුවෙමු... ශක්තිමත් බලයක් දෙමු... පුරවැසියෝ විදියට හැමදේම විමසිල්ලෙන් හොයමු... අපි අපේ රට හදමු...

මේක ලේසි මැච් එකක් නොවේ!’

ඔව් තුමුල, මේක කොහෙත්ම ලේසි මැච් එකක් නෙවෙයි. මේ සෙල්ලම ඊට වඩා හාත්පසින්ම වෙනස්. සංකීර්ණ එකක්. භයානකම එකක්... ඒක කරන්න වෙලා තියෙන්නෙ කකුල්වලින් අදින- වෙට්ටු දාන- ලෙඩ දමන ‘බලලෝභී’ පිරිවරක් එක්කයි.

අද; ඔක්තෝබර් 8 වෙනිදා හවස පහයි පනස් පහට විතර Ano කෙනෙකුගෙ කමෙන්ටුවක් වැටිලා තිබ්බා, මේ ලිපි පෙළේ දෙවැන්නට- පහුගිය කොටසට.

‘නිමල් අංකල්, මංචි බිස්කට් ඇතුලු නිෂ්පාදන කරන CBL ආයතනයේ ලොක්කා ඔන්න සතොස සභාපති ලෙස පත් කරලා අනුර දිසානායක ජනපතිවරයා? ඇයි ඒ?

CBL එක SPAR සුපර් මාකට්වල දේශීය හවුල්කරු වන නිසා මෙතන දැඩි conflict of interest එකක් තියෙනවානේ? එහෙම වෙද්දි ඇයි මෙහෙම කරන්නේ?

විස්කෝතු හදන එකාට රිටෙල් ෂොප් දෙනවා. බිස්නස් එක හාබර් එකේ තියන එකාට හාබර් එක අයිති පළාතේ ආණ්ඩුකාරකම දෙනවා.

අප්පට සිරිවෙන සිස්ටම් චේන්ජ්..

විකුණන්නේ නැහැ රාජ්‍ය ආයතන. කොම්පටිටර්ලට දෙනවා එයාලගේ බිස්නස් එක්ක මර්ජ් කරගෙන යන්න..

හරි පුදුමයිනේ මේ වගේ පාදඩකරණය කරන්නේ ඇයි රජයේ ආයතන? මේවටද ඔයාලා මාලිමාවට ඡන්දය දුන්නේ? කෝ මේවට විරුද්ධව කතා නොකරන්නේ ඇයි? කෝ මේවට උත්තර? ඔයාලා මාලිමාව ඇතුලේ කතා කළාම මොනවද මේකට හේතු විදියට දුන්නේ?

මෙතැනදී මේ පෝස්ටුවේ මුලින්ම කිව්ව කරුණු කිහිපයක් ආයෙමත් අවධාරණය කරන්නයි මට සිද්ද වෙන්නේ!

මම මාලිමාවට සහය දුන්නේ සහ ඉදිරියටත් සහාය දෙන්නට හිතාගෙන ඉන්නේ;
ජනපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ඡන්දය දුන්නේ;
එළඹෙන නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයේදීත් මාලිමාවට ඡන්දය දෙන්නේ මේකයි.

අනෙක් උදවියට හා අනෙක් පක්ෂවලට සාපේක්ෂව මාලිමාව හොඳ බව පෙනෙන නිසයි; දැනෙන නිසයි. නමුත් එයින් (මම නම්) අදහස් කරන්නේ නෑ එයාලා සර්වතෝභද්‍ර උදවියය කියලා. Perfectම මිනිසුන්ය කියලා.

එයාලා අනෙක් අයට සාපේක්ෂව වඩාත් හොඳ විත්තියයි මගේ අදහස!
එයාලා අනිත් හැමෝටම වඩා අවංක බවයි මම හිතන්නේ. මාලිමාවේ පිරිස දූෂණවලින් තොරවීම හා කැපවීම අතින් උපරිම වීම වුණත් කොයිතරම් සාධනීය කාරණාවල්ද?

ඒත් දැන් තත්ත්වය එච්චරටම නරක නැතුවා වගෙය. වෙනස් වෙන්නට; වෙනසක් කරන්නට තිබුණු බිය අතුරුදහන් වී ගොසිනි.

“නිමල්, මං උදව් කරන පැත්තේ අය දිනුවොත් විතරක් නෙවෙයි- විරුද්ධ පැත්තේ ඉන්න අය දිනලා ආණ්ඩුවක් ආවත් මට රේඩියෝ එකේ බණ කියන්න හම්බ වෙන්නේ නෑ. ඒක මම දන්නවා. ඕන්නං වැඩිම වුණොත් එකම එක බණක් කියන්න පුළුවන් වෙයි...” කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් වහන්සේ වතාවක් මගෙත් එක්ක කිව්වා.

(ඒ මං අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ මැනේජර්කම කරන සංදියේ. චින්තන පර්ෂදයේ මහාචාර්ය නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග, ගුණදාස අමරසේකර වගේ මහත්වරුන් මට නිතර හමුවෙන කාලයේ. අපි ගණිත ගැටේට අහු වුණෙත් ඒ වකවනුවෙමයි.)

“ඇයි හාමුදුරුවනේ, එහෙම කිව්වේ?”
“මොකා වුණත් බලයට එන්න කලින් කියන දේවල් නෙවෙයිනෙ බලේට ආවට පස්සේ කරන්නේ... එහෙම දේවල් දැක දැක කට පියාගෙන ඉන්නද? එව්වා විවේචනේ කරන්න ගත්ත ගමන්ම මට වැදෙනවනෙ ‘ආණ්ඩු විරෝධී හංවඩුව’. එතකොටම මට රේඩියෝ බණ නොදී අරිනවා...” උන්වහන්සේ කිව්වේ එදා තිබුණු තත්ත්වයයි. 2024 අවුරුද්දේ මාස 9ක් ගෙවෙන තුරුත් තිබුණේ එහෙම වාතාවරණයකි.

ඒත් දැන් තත්ත්වය එච්චරටම නරක නැතුවා වගෙය. වෙනස් වෙන්නට; වෙනසක් කරන්නට තිබුණු බිය අතුරුදහන් වී ගොසිනි.

දැන් රහසිගත games ගැහිල්ල ලේසි නැත; හොරාකෑම ලේසි නැත. පාලකයනුත් දූෂණ විරෝධීන්ය.
සමාජ මාධ්‍ය බලවත්ය; බහුලය. විචාරාක්ෂි; විමංසනාක්ෂි එමටය. උකුසු ඇස් හැම තැනමය.
බලය තිබියදී කරන නොපනත්කම් ප්‍රසිද්ධ නොවුණත් බලය නැතිව ගිය විගසින්ම ඒවා ප්‍රශ්න කෙරෙයි; වාර්තා කෙරෙයි.

‘යෝෂිත, ජොනී, සේනාධිපතිට මෙතරම් ගිනි අවි කුමටද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු මේජර්වරයකු වන නිශ්ශංක සේනාධිපති යන අය පසුගිය රජය සමයේ ආයුධ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඒවා හැකි ඉක්මනින් ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

යෝෂිත රාජපක්ෂ  මිලිමීටර් 9 පිස්තෝල 6ක් ඇතුළු ගිනි අවි 7ක් රැගෙන ගොස් ඇති අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මිලිමීටර් 9 පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ලෙස ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන තිබේ.  නිශ්ශංක සේනාධිපති මහතා පිස්තෝල 7ක් (මි.මී. 9) සහ බෝර රිපීටර් 2ක් ඇතුළුව ගිනි අවි 09ක් ලබාගෙන ඇත.

නිශ්ශංක සේනාධිපති මහතා ආයුධ ලබාගෙන ඇත්තේ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇවන්ගාඩ් නමැති සමුද්‍ර ආරක්ෂක ආයතනය සඳහා බව පැවසේ.

හොරකමින්- වංචා හා දූෂණවලින් තොර රටකට යන මාවත...

තනතුර අතහැර පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500කට ආයුධ 1,690ක් නිකුත් කර ඇති බව වැඩි දුරටත් වාර්තාවේ...’

එඩිතරව මෙවන් දේ වාර්තා කරන්නටත්- ප්‍රශ්න නඟන්නටත් මෑත අතීතයේ ඉඩක් තිබිණිදැයි අමුතුවෙන් මතක් කරගත යුතු නැත.
මේ නිදහසම වුවද මට නම් අමිලය! හොරකමින්- වංචා හා දූෂණවලින් තොර රටකට යන මාවත දැන් විවෘත වී තිබෙන බවට හොඳම සාක්ෂියකි ඒ.

ඔය කිව්වේ මට හිතුණු දේවලුයි. මේ posts කියවපු සමහරුන් හිතන්නේ මං දාර ජෙප්පෙක් කියලයි. අනේ නෑ. මම අඩුම තරමින් මාලිමාවේ සාමාජිකයෙක්වත් නෙවෙයි. මම පිටිං ඉඳගෙන ඔවුන්ට සහාය දෙමින් මගේ අදහස් පළ කරනවා විතරයි. උපදේශන දෙන්නෙත් නෑ...

ඔවුනගේ සමහර ක්‍රියා- පිළිවෙත් ගැන මගේ එතරම් ප්‍රසාදයක් නැතත් මට ඒවාත් ඉවසාගන්නට හැකියි- ආණ්ඩුවකට හිතුමතේ වැඩ කරන්න පුළුවන්යැ? නීති-රීති තියෙනවනේ...

ඒ වගේමයි, පුහුදුන් මට වගේම ඔවුන්ටත් හැමදේම එක සැරේ කරගන්න බැරි බව මට නං තේරුම් ගත්තැකි.
ඒ වගේමයි, මම නොදන්නා දේවල් එමටයි. ඒ බව හොඳින්ම දන්නා කෙනෙකු හැටියට, මට හිතාදර පාඨක ඔයාලා අහන සමහර දේවලට උත්තර දෙන්නට හැකියාවක් නැති බව කනගාටුවෙන් වුණත් කියන්නම වෙනවා.

හැබැයි ඔහොම හුරස්-පරස් කොච්චර තිබ්බත්, මම තවමත් මාලිමාවට කැමැතියි. ඔවුනගේ ප්‍රතිපත්තිවලට කැමතියි. ඉදිරියේදී පැවත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට වැඩි බලයක් ලැබෙනවාටත් කැමැතියි.
ඒ එයින් රටටම යහපතක් වේවි කියල හිතන නිසයි!
ඒ නිසයි ‘අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්’ කියලා අවංකවම ප්‍රාර්ථනා කරමින් මෙහෙම blog posts තුනක්ම ලිව්වේ෴0෴

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්