පරම ආයුෂ මිනිස්සුන්ගේ වර්තමානේ අසූ වසරයි
එහෙම බැලුවම හැත්තැහතරත් පුංචි නෑ කියලා මතක් වෙයි
රටට නිදහස ලැබීලා දැන්, වසර හැත්තෑහතර ඉවරයි
කෙරුණෙ මොනවද; වුණේ මක්කද? හිතන්නට මේ කාලෙ සුදුසුයි
රටට නිදහස ලැබීලා දැන්, වසර
හැත්තෑහතර ඉවරයි! (නිදහස සමරන තිරය පිටුපස foto- තිලිණ කළුතොටගේ) |
ලේ බිඳක්වත් නොහොල්ලාලයි, අපට නිදහස ලැබී ඇත්තේ
ඊට පස්සේ මදිය නොකියා රීරි වැගිරිණි, පොළොව
මත්තේ
ඒ විපත්වල වරද කාගෙද, කොහෙද, කොතැනද සැඟව ඇත්තේ
හිතා බලමුද; සොයා බලමුද, මතු කරන්නට ඇත්ත තත්තේ
සුද්දො ගියමුත් බලය අතහැර, බලය දීලා
පැලැන්තියකට
අහෝ කරුමෙකි! ඒ පැලැන්තිය ‘කම්බ හොරු’ නෙව
බලන් යනකොට
දෙපිල බෙදිලා හටන් කර-කර බලය අරගෙන
අප මුලාකොට
උලා කාලා උන් දෙගොල්ලොම; වනසලා ඔබෙ-
මගේ මව්රට
එහේ කොළපාට ඇත්තෝ පල් හොරුය
මෙහේ නිල්පාට ඇත්තොත් ඒ වගෙය
දෙපිලම එකය - වළඳන්නේ එක පතය
අනේ රැවටුණේ ජහමන අපි ටිකය!
අරුං රට කකා කෙළිනා අතර කිපී - මුංට
බලය දී කෙළවාගතිමු අපී |
අරුං හොඳයි මුං නරකයි හිතුව අපී
ගැහුවා කතිරෙ දිනවාලා අරුං අපී
අරුං රට කකා කෙළිනා අතර කිපී
මුංට බලය දී කෙළවාගතිමු අපී
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ
නිදහස කොහොම සමරන්නද බැරි ගාතේ
සිරිලක් මෑණියන් පෙළනා අවපාතේ
අවසන් කළ යුතුයි මහතුනි, මේ වැත්තේ
රට්ටු දනිති, මේ දෙගොල්ල යොදන උපා
ඉතිං තවත් උන් පස්සේ යන්න එපා
ඇති ඇති තවත් පැති මාරුව එපා එපා
නව මාවතක යමු අපගේ එඩිය පපා
හොරා කන්නන් රකින එව්වොත්, හොරා කන්නම උපන් එව්වොත්... |
ගොඩ වෙදෙක්; වෙදකමක් දන්නැති ගිහිං ලෙඩෙකුව
බේර ගන්නට
ඉල්ලුවලු තෛලයෙන් කෝඳුරු, පට්ට හතකුත් හොයං එන්නට
ඒක දුන්නම තවත් චුට්ටක් ඕනි කියැවුණු කතා සිහි කොට
තවත් කල් ඉල්ලනව මුන්දැල, රටේ සංවර්ධනය කෙරුමට
එකෙක පැත්තට අදින විටදී නූල්, නටනව නේද රූකඩ
අපේ මහ තැන නටයි ඒ වගෙ, දෙමුද ඒකට තවත්
ඉඩකඩ
නටන නටවන දෙගොල්ලම පන්නමුකො පළමුව, දූෂිතයො මැඬ
නොබෝ දිනකින් ඉඩ උදාවෙයි, එවිට පෙන්නමු අපේ වැඩ-කිඩ
හොරා කන්නන් රකින එව්වොත්, හොරා කන්නම උපන් එව්වොත්
නැතිව හිරිකිත රටම කන්නොත්, උන්ගෙ හෙවණේ වැටී ඉන්නොත්
එළවලා, නව පිරිසකට රට කරන- කරවන බලය දුන්නොත්
නව පණක් ලබනවා නියතයි, ඉන්න ජනයා වෙලා හෙම්බත්
සැවොම එකතුව, මුන්ව යවමුද හිරු නොපායන
ජනපදේකට |
තියා ගන්නට එකම පොදියේ හොරුන් සේරම එකට
එක්කොට
බෙදයි තනතුරු බැහැයි නොකියා- රටේ සේසත පුදා යකුනට
හතර විළි ලැජ්ජාව කියලා එකක් නැති හැටි අනේ ඇත්තට
සැවොම එකතුව, මුන්ව යවමුද හිරු නොපායන ජනපදේකට
දෙන්න දෙන්නට දෙවෙනි නෑ, සංගයක් නැති හැටි පෙනෙයි දැන්
නං! |
බලය දෙයි නම් දෙපා සිඹ සිඹ දෙපා මුල වුව
වැටී ඉන්නං
කලින් හිටියේ වෙන කෙනෙකු ළඟ එව්ව අමතක
වෙලා දැන් නං
බලයෙ ඉන්නට ඉඩ තියේ නම් යකුන් එක්කල
වුව දපන්නං
දෙන්න දෙන්නට දෙවෙනි නෑ, සංගයක් නැති හැටි
පෙනෙයි දැන් නං
ඔන්න ඔහොමයි සිරිලකේදී කවුරු කවුරුත් ගහන කරණං
ඇති නෙවද බැලුවා මෙතෙක් කල් රැවටි රැවටී මුන්ගෙ සමයං
පෙන්වමුද අප සතුව ඇති සවි- පිටු දකින්නට දෙගොල්ලොම මුං
අන්න එතැනදී සෙත් පතනු ඇති, සාදු නද දී වරම්
දෙවියන්!
උගන්නමු පාඩමක් සුදනෙනි... |
පළ දී මෙවර කළ පව්කම් බුරුතු පිටින්
උන් මුන් හැමෝටම නැතිකොට යන-එන මං
යවා දේශපාලනයෙන් උන් පැන්ෂන්
රට රැක ගනිමු - අප සතු ඡන්දයෙ බලයෙන්!!
මෙතෙක් හෙළුවා අපේ දහදිය, අපේ දිවිපෙත සරි කරන්නට
කොතෙක් වැව්වත් සුගතියක් නෑ- වුණේ මක්කද අනේ ඇත්තට
අපේ අස්වනු හොරෙන් කෑ ඒ දේශපාලක අමන රොත්තට
උගන්නමු පාඩමක් සුදනෙනි- මාලිමාවට රිස්ස පළකොට!!!
සොරා කෑවුන්, වංචනිකයන් සිපිරි ගෙවලට දැමිය යුතුමය
හොරාගත් දේ නැවත රටටම දෙන්න ක්‍රමයක් හැදිය යුතුමය
මහලු මඩමට යැවිය යුත්තන් මෙවර එතැනට යැවිය යුතුමය
‘මාලිමාවේ’ අයට ඒ වැඩ කරන ශක්තිය දීම සුදුසුය
උගන්නමු පාඩමක් සුදනෙනි- මාලිමාවට රිස්ස පළකොට!!! |
දුරාතීතයේදී 'ඉන්දියන් සාගරයේ මුතු ඇටය' නම්වූ විරුදාවලියෙන් පිදුම් ලද්දාවූ රටක;
වර්තමානයේදී විදේශයන්හි හිඟන යාචකයන්ගෙන් පවා ආධාර ලබන්නාවූ තත්ත්වයකට පාත්‍ර වී අවමානයට පවා ලක්වී ඇත්තාවූ රටක- තවමත් වෙසෙන්නා වූ පුරවැසියෙක් වන නිමල් දිසානායක විසින් ඉතා කනගාටුවෙන් යුතුව පබඳින ලද්දාවූ මේ කවි කොළය හුදී ජනතාවගේ බුද්ධි ප්‍රබෝධය උදෙසා මෙසේ ප්‍රසිද්ධ කරන ලදැයි දත යුත්තේය෴0෴
මෙදා පාර දේශපාලනයේ වෙනසක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා, තුන් වෙනි පිල ගැන මිනිස්සු බලාපොරොත්තු වෙනවා. එන චන්දෙන් බලාගන්න පුළුවන් වැල යන පැත්ත. පාර්ලිමේතුව දින ගැනීම් අමරු වේව්, සබාග එකක් ගහ ගන්න පුළුවන් වෙයි, මිනිස්සු සහෝදරයාගෙන් හැම දේම නිකම් ඉල්ලයි
ReplyDeleteසින්ගපුරුවේ ලී සිඇන් ලුන් බන්ඩගාරය හිස් වනකම් නිකම් දෙන එක ගැන video එකක් සංසරණය වෙනවා දැක්කද?
හැබැයි ගම සහ කොළබ හිතන්නේ දෙවිදියකට, 71 රෝමන්තිකයි, 88/89 බයංකාරයි, මේවා දැකපු විදපු ගමේ මිනිස්සු UNP/JVP තවම ප්‍රතික්ෂේප කරනවා, සරසවි වල නවක වදය, අරගලය අතර ගිනිතැබීම්, පාඩු ලබන රජයේ ආයතන වල සේවක සංගම් මාෆියාව මේ අතර තියෙනවා (ඇත්ත කුමක් උවත්).
අනික ලංකාවේ ඉන්න මිනිස්සුම නේද තුන් වෙනි පිල ආවත් රට පාලනය කරන්නේ? එකම සරණ පුද්ගලික අංශය කරන දෙයක් තමයි
මම විජේබාහු
මගේ අදහසත් මේකම තමයි. ඒත් විකල්පයක් නැති කමේ වාසිය JVP එකට තියනවා. ඒත් ඒගොල්ලොත් බලන් ඉන්නෙ, ආයෝජකයො, අපිව ගොඩදායි කියලයි. කන්න ඕනෙ වුනහම කබරගොයාත්(ධනවාදී අධිරාජ්‍යවාදීන්), තලගොයා(ආයෝජක) වෙනවා. ඔය බොරුව තමයි මට පේන්න බැරි.
Deleteඒක හින්දම තමයි මේ ප්‍රශ්න ටික ඇහුවේ. බස්සල පැත්ත .පළාතේ නැහැනේ, https://kolambagamaya.blogspot.com/2023/01/blog-post_30.html
Deleteකෙලින්ම ප්ප්‍රශ්න ටිකට -https://www.youtube.com/watch?v=9TSrgOf1pk0
Deleteමලිමවේ ආධාරකරුවන්ගේ ප්‍රශ්නයක් තියනවා. ඒක මම එතනදිත් දැක්කා. නායකයෝ ටික පරන මාර්ගයේ යන්නෙ නැති බව අපැහැදිලියි.
Delete@බස්සා, අද කාලෙ ප්‍රජාත්න්ත්‍රය සහ දනවාදය දෙකක් නොවේ. වැරදිලාවත් ජවිපෙට ආණ්ඩුවක් අවොත් දනවාදය හැර වෙන දෙයක් නෑ, එකේ ප්‍රස්නයකුත් නෑ. හැබයි මිනිස්සු පරණ වීඩියෝ ක්ලිප් අදියි (පැට්‍රොල් 70ට දෙන්න පුළුවන් වගේ ඒවා)
Delete@අජිත් "නායකයෝ ටික පරන මාර්ගයේ යන්නෙ නැති බව අපැහැදිලියි" මේ කියන දෙය බයංකාරයි, මොකද ජවිපෙ පරණ රැකෝඩ් අපි දන්න නිසා.
මම විජේබාහු
@විජේබාහු:
Delete//අනික ලංකාවේ ඉන්න මිනිස්සුම නේද තුන් වෙනි පිල ආවත් රට පාලනය කරන්නේ?//
ඉතා මනරම් ප්‍රශ්නයක් විජේබාහු මහත්තයෝ . මම හිතන්නේ රටේ පුරවැසි ජනතාවත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසකට බඳුන් විය යුතුය කියලයි. පාලකයන් විතරක් මාරු කරලා; වෙනස් කරලා මදි. මගෙ පැතුම නව පාලකයන් පිරිසක් විසින් රටේ ජනතාවත් සබුද්ධික කෙරෙනු ඇති යන්නයි!
@D.G.M. බස්සා මහත්තයෝ,
Deleteකවුරු කළත් බොරුව වැරදියි. මමත් ඔබ සමඟ එකඟයි. මට හිතෙන්නේ තියෙන ලොකුම වැරැද්ද අපේ රටේ ජනතාව තිත්ත ඇත්තට වඩා මිහිරි බොරුවලට කැමති වීමයි. ඒවා වෙනස් කරන්න වෙන්නේ ටිකෙන් ටික නේද?
@අජිත් මහත්තයෝ. තමුන්නාන්සෙ නිවැරදියි කියලා හිතන දේවල් වෙනුවෙන් අභීතව පෙනී සිටීම ඉතාමත් අගය කරනවා. එවැනි තැන්වලදී මම නම් තවත් අයගේ මුක්කු ගැසීම් අපේක්ෂා කරන්නේ නෑ.
Deleteඒ මම. මෙතනට කෙලින්ම අදාළ නොවුණත් මේ ටිකත් මගෙ ගැන කියන්න හිතුණා.
මාත් පුහුදුන් කෙනෙකු නිසා මගෙ මතය පිළිගැනෙන බව දැක්කාම සතුටු නොවී ඉන්නෙත් නෑ. හැබැයි, මගෙ මතයට විරුද්ධ වීම ගැන කෝප වෙන්නෙත් නෑ.
@Anonymous
Delete//මොකද ජවිපෙ පරණ රැකෝඩ් අපි දන්න නිසා.//
මෙහෙමයිනේ මහත්තයෝ. මට බණ පොතේ තියෙන දෙයක් ඔබතුමාගේ ප්‍රකාශය දැක්කාම මතක් වුණා. කමක් නැහැ නේද කිව්වට.
මිනිස්සු 999ක් මරපු අංගුලිමාලටත් වැරැද්ද අවබෝධ කරගෙන මහණ වෙලා, රහත් බව ලබලා නිවන් දකින්න පුළුවනි නං, නිරර්ථක යුද්ධ කරපු බව වැටහුණු අශෝක අධිරාජයාට ධර්මාශෝක වෙන්න හැකි වුණා නං...
අද මාලිමාව හැර වෙනත් සුදුසු විකල්පයක් ඇතැයි මට හැඟෙන්නේ නැති නිසා මම නං මාලිමවට මනාප වෙන්නේ.
@ අජිත්
Deleteදන්න තරමින් සහෝදරවරු බොරු කියන්න සහ වංගු ගහන්න දෙයියො. ඒ නිසා ඇත්ත දැණගන්න තියෙන ඉඩ බොහොම සීමිතයි. ඔවුන්ගේ "අවංකකම" දැණගන්න වෙන්නෙ, බලය ලැබුණ පසුවයි. සහ දේශපාලන විවාදවලට ඇති අකමැත්ත නිසයි නොආවෙ, සොරි.
@ විජේබාහු/නිදි
එකඟයි. කාලයට ඉඩදීලම බලමු, මොකද වෙන්නෙ කියලා.
//අද මාලිමාව හැර වෙනත් සුදුසු විකල්පයක් ඇතැයි මට හැඟෙන්නේ නැති නිසා මම නං මාලිමවට මනාප වෙන්නේ.//
Deleteඒක හොඳයි දැනගෙන දෙන එක
මෙහමයි විජේබාහු සහ නිදි - මම ටිල්වින් සහෝදරයා එක්ක සාකච්චාවක් කරා දැක්කනේ. ටිල්වින් කීව ලේබල්ඕනේ නැහැ . අපි වැඩ කරමු කියල. නමුත් අනුර සහ ටිල්වින් එක මතයක ඉන්න බව පේනව. හරිණි ඔවුන්ටත් වඩා ඉස්සරහින් - සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලෙවල් එකට ඉන්නව. මම ලන්ඩන් වල ඇහුව හොඳම කතාව එයාගේ. ලාල් කාන්ත, නලින්ද, සමන්ත හේරත්, හඳුන් තවම ඉන්නේ පැරණ සමාජවාදී ලයින් එකේ. අපැහැදිලි ඒකයි. වැඩ පිලිවල් ටික ඔක්කොම (9 විතර) මම බැලුවා . ඒවා හොඳයි. මම ටිල්වින් සහෝදරයට යෝජනා කලේ ඒකයි තව පොඩ්ඩක් වැඩියෙන් වැඩ පිළිවෙළ සාමාජිකයන්ට ඉදිරිපත් කරන්න කියල.
Delete@නිදි - මම මාලිමාවට විරුද්ධ වෙලා නැහැ. විරුද්ධ උනා නම් ටිල්වින් සහෝදරයා එක්ක කතා කරන්නේ වත් ඉන්ටවීව් ඉල්ලන්නේ වත් නැහැනේ.හැබැයි අපට ප්‍රශං තියනවානම් ඒවා නිරාකරණය කරගන්න ඕනේ
Deleteඅපට ප්‍රශ්න තියනවානම් ඒවා නිරාකරණය කරගන්න ඕනේ නේ
Deleteඅජිත් මහත්තයෝ.
Delete//ලාල් කාන්ත, නලින්ද, සමන්ත හේරත්, හඳුන් තවම ඉන්නේ පැරණ සමාජවාදී ලයින් එකේ. අපැහැදිලි ඒකයි.//
දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් හෝ වේවා ඒවා එකම ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි කියලා මාත් හිතනවා. එක එක්කෙනා විවිධ මත දරන්න ගියෝතින් අවුල් තමයි.
හැබැයි ඒ හැම තැනම ඉන්නෙත් පුහුදුන් මිනිසුන් බව මට හැම තිස්සෙම හිතෙනවා. එයාලා උත්තරීතර මිනිසුන් නෙවෙන බවත් මගෙ කල්පනාවට එනවා.
නිකමට හිතන්නකෝ සමාජයේ කුඩාම ඒකකය වෙන පවුලක් ගැන. හතර දෙනෙක් ඉන්න. අම්ම තාත්තා හා දරු දෙන්නෙක් ඉන්න. ඒ පවුලේ තාත්තාට පුළුවන්ද අනිත් තුන් දෙනාවත් එයා දරණ මතයටම නම්මා ගන්න? ඒ තුන්දෙනා කරන කියන හැම දේකටම වග කියන්න?
ඒ අනුසාරයෙන්ම තමයි මම දේශපාලන පක්ෂ දිහා බලන්නේ. අපේ රටේ වැඩි දෙනෙක් තමන්ගේ මතයම පිළිගෙන හිටිනවා විනා අනුන්ගේ මතයකට කන් දීමටවත් ඉවසිලිවන්ත නැහැනෙ.
මෙතෙක් කලක් මට තෝරා ගන්න වෙලා තියෙන්නෙත් හොඳම පක්ෂය නෙවෙයි. ඒ අවස්ථාවේදී හොඳම පක්ෂයයි!
අජිත්. //මම මාලිමාවට විරුද්ධ වෙලා නැහැ.//
Deleteඔබතුමා එහෙම වුණත් මගෙ නම් අවුලක් නෑ!
මම කලින්ම ලියලා තියෙනවානේ අපේ ගෙදරදී set වෙන; trip යන පිරිසේ දේශපාලන මතවාද ගැන. තවමත් එයාල එහෙමමයි. මහින්දවාදීන්, රනිල්වාදීන්, අකුදිවාදීන්, සජිත්වාදීන් විතර ක්නෙවෙයි- චම්පිකවදීන් හා ෆොන්සේකාවදීනුත් ඉන්නවා. හිටිය එකම බාහුවාදියා විතරක් අකුදිවාදියෙක් වෙලා!
අපි මතයන් එක්ක ගැටෙනවා මිසක් මත දරණ අයත් එක්ක ගැටෙන්නේ නෑ.
//අපට ප්‍රශ්න තියනවානම් ඒවා නිරාකරණය කරගන්න ඕනේ නේ//
Delete100%ක්ම එකඟයි, අජිත් මහත්තයෝ.
බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවලුනේ 'එව බලව විමසව' කියලා.
2019 ආපු නන්දසේන රැල්ල.. දෙවෙනි කොටස....
ReplyDeleteජවිපෙ කරන්නෙ ජනප්‍රිය වාදි දේශපාලනයක් මෙතන ඇත්ත ප්රශ්න කතා කරන්නෙ නෑ
නවීන්, ඇත්ත ප්රශ්න කතා කරන තැනක් දන්නවා නං කියන්නකො, අපටත්
Deleteශ්‍රී ලංකා සමබිම පක්ෂය for example - ටිකක් කඩේ යනවා තමයි මම මෙතන,. හැබැයි ඇත්ත ඇති සැටියේ හංගන්නේ නැතිව කියනව. උදාහරණයක් වශයෙන් 13 ක්‍රියාත්මක කරනවට මමත් පක්ෂයි. ජවිපෙ ආවත් ඒක කරන්න වෙනවා. https://www.facebook.com/samabimaparty.lk/videos/1630710210676373
Deleteකවි කොළය අපූරුයි.. අන්තිම කවි දෙක නැතුව ඉතුරු ටික බෙදා හරින්න අවසර..!
ReplyDeleteඅන්තිම කවි දෙක ගැන.. දේශපාලනය ගැන මගේ උනන්දුව ශූන්‍යයයට ඉතා ආසන්නයි. ඒක නිසා රැළි පෙරැලි ගැන ලොකු අදහසක් නෑ. එහෙම නැතුව කාවවත් ප්‍රමෝට් කරන්නත් බෑ. මෙතෙක් රට ෆේල් කරපු එකම පර බල්ලෙකුටවත් මගේ ඡන්දයක් කවදාවත් දෙන්නේ නෑ කියන මතය විතරයි දැනට ස්තීර. ජයවේවා නිදි බොස්ලට..!
උපුටා ගන්න කමී, උපුටා ගන්න. ඒ ගැන ඇහුවටත් ගොඩක් ස්තුතියි!
Delete//කෙරුණෙ මොනවද; වුණේ මක්කද? හිතන්නට මේ කාලෙ සුදුසුයි// - අපේ උන්දලට ගණදෙවි නුවණවත් පහළ වේවා 🙏.....
ReplyDeleteසාදු සාදු එහෙම වේවා- රටේ අයගේ නැණ වැඩේවා!
Deleteහ්ම්ම්
ReplyDeleteස්තුතියි Pra Jay මහත්තයෝ!
Deleteඅනුර කුමාර රනිල්ගේ ටයි පටියෙන් ඇදගෙන වැලිකඩ දිහාවට යනකොට නි.දි. රබානකුත් ගගහා අන්තිම කවිය කිය කිය ඒත් එක්ක යනවා හීනෙනුත් දැක්කා. මට පිස්සුද මන්දා.
ReplyDeleteමටත් ඔහොම විචිත්‍ර හීන ඕනි තරම් පෙනෙන නිසා මං නං ඔයා ගැන පුදුම වෙන්නේ නැහැ චමී!
Deleteඔයාගේ මේ comment එක කියවද්දී මගෙ ඉදිරිපිට මැවෙනවා මං රබාන ගගහ යන හැටිත්!!
This comment has been removed by the author.
ReplyDeleteමං කිවුවා කියලා ලියාගන්නකෝ. මාලිමාවට වෙන්නේ තමන්ගේ ජයග්‍රහනයේම ගොදුරක් වෙන්න (fall victim to own success). ගෝඨට උනෙත් ඒකම තමයි. හේතුවත් එකමයි . මහපොලවේ යථාර්තයක් කලනොහැකි (non-realistic) අදහස් සමාජගත කිරීම.
ReplyDeleteඕනෑම කෙනෙකුට තවකෙකු කරන දේ විවේචනය කිරීම වඩා පහසුයි. අමාරුම දේ තමන්ට බලය ලැබුණාම නිවැරදිව ක්‍රියාත්මක වීම තමයි චමී.
Deleteඑවිටයි නියම සටන පටන් ගන්නේ.
//මහපොලවේ යථාර්තයක් කල නොහැකි (non-realistic) අදහස් සමාජගත කිරීම.// මෙතනදීත් මට මතක් වෙන්නේ බණක්. (හරිද මන්දා.)
යථාවාදී තථාකාරී- තථාකාරී යථාවාදී!
විවේචනය නෙවෙයි ප්‍රශ්නේ. රාජපක්ශලා හොරකම්කල මුදල් නැවත අයකරගැනීම, විදෙස් ශ්රමිකයන්ගෙන් ඩොලර් 500 ගානෙ වැඩිපුර ගෙන්වාගැනීම වගේ ජනප්‍රිය නමුත් කලනොහැකි දේ පුන පුනා කීම. අලුත්ම එක මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ලබාගැනීම.
Delete@චමින්ද, රැල්ලට ආතල් ගන්න ඒගොල්ලන්ටයි, මේ ගොල්ලන්ටයි ඒ ආතල් එක ගන්න දෙන්න.
Deleteමිනිස්සුන්ගෙ ආතල් කඩන්න එපා පීස්
එක අතකට ඔයා හරි.
Delete+++++++++++++++++++++
ReplyDeleteස්තුතියි රවී.
Deletehttps://drackey.blogspot.com/2023/02/blog-post.html
ReplyDeleteඉස්සෙල්ලාම බාගත්තෙමි මමත් පොත
Deleteඔබෙ වෙහෙසේ නිසි පලයද ලැබී ඇත
මේවා තමා පින්කම් - කියනවා හිත
ටික දවසකින් 'ඉසිඹුව'ටත් යයිද පොත
ඩ්‍රැකී, fb එකේ ඉසිඹුව group එක දැක්කාද? Pra Jay මහතා මට ඒ link එක එව්වේ. පොත් ගැන ගොඩාරියක් විස්තර - පොත් හෙම තියෙනවා.
ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
ReplyDeleteඉතා සතුටුදායක ආරංචියකි.
Deleteපැරණි blog රචකයන් නැවත ලිවීම ඇරඹීම පිළිබඳවද ඉතා සතුටු වෙමි. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ හමුව පැවැත්වීම සංවිධානය කිරීම වඩාත් උචිත යැයි සිතමි.
එසේම ඒ හමුවේදී 'ඔවුන් blog රචනය නවතා දැමුවේ ඇයි'දැයි සාකච්ඡාවක් පැවත්වීමට හැකි නම් එය ආධුනික අපට ප්‍රයෝජනවත් වෙනු නිසැකය.