ඉස්සෙල්ලාම
බණ්ඩාරවෙලින් පිටත් වෙලා ඉන්නං... |
මට තදින්ම නින්ද ගිහින්ය.
පිබිදුණු පසුව වෙනදා වගේම මගේ සුදු සරම පිරික්සා බැලුවත්, එහි පැල්ලමක් තිබ්බේ
නැත. ඒ පරීක්ෂාව කරන්නට වෙනදා වගේම දීඝායුත් හවුල් වුණේය.
මේ තරමට මා ගැන සැලකිලිමත් වෙන දීඝායු එහෙම කරන්නේ ඇයි? මොන ගායක්
තියෙනවාටද... එතකොටත් මට කල්පනා වුණේ ඒකය!
මේ යක්ෂ
පැටියාට වෙන කරන්නට දෙයක් නැතුවාටද?
මට අදත් කල්පනා කරන්නට තරම් ගැටලුවකි දීඝායු. ඔහු කළ-කී දේත්, ඒ සම්බන්ධයෙන් වූ මගේ
ප්‍රතිචාරත් ඒ වාගෙම ගැටලු සහගතය!!
දාහතරවෙනි
වියේ සිටි (නමුදු, ඒ වෙන විටත් දෙවසරක් තිස්සේ පාසල් යන අතරේම පේව්මන්ට් එකේ
රැකියාවටත් යමින්- නොයෙක් ජීවන අරගලවලට මුහුණ දෙමින්- තරුණ
ගැටවරයන් කිහිප දෙනෙකු සමඟින් ලිංගික අත්දැකීමුත් ලබා හිටි) කොල්ලෙකු වුණු බැවින් මගේ සිතුවිලි නම් එතරම් ලාබාල නොවීය.
එබැවින්ම, ඒ වෙද්දීත් මම තරමක් දුරට හේතු-ඵල විග්‍රහ කරන්නට පුරුදුවී සිටියෙමි.
හැම දෙයක් දෙසම කුහුලින් බලන්නට; එහෙම වුණේ ඇයි කියා විමසා බලන්නට; අනුන් සිතන්නට
ඇත්තේ මෙසේය කියා උපකල්පනය කරන්නට පුරුදුවී සිටියෙමි.
හිටින්න!
පොඩ්ඩක් හිටින්න. ගැටලු ගැන කියන්නට කලින්, ඉස්සෙල්ලාම බණ්ඩාරවෙලින් පිටත් වෙලා
ඉන්නං, එතකොට ලේසිය...
‘කම්මැළියාට
දවස දිගය; බතට මාළුව බඩගින්නය’ වගේ කියමන් කියවිලා තියෙන්නේ නිකම්ම-නිකං නොවේ. පැරණියන්
ඒ ඒ අත්දැකීම් වින්දාට පසුව වෙන්නැතිය.
අපේ සංචාරයේ සති දෙකක කාලය ගෙවුණු හැටි ගැනත් එහෙම කියමනකින් කියනවා නම් ‘කාලය ගත වුණා
නොවේ, ඉගිල්ලුණේය’.
ඌවේ
සොඳුරුම තැන්වලට ගොස් ඒවා නරඹද්දී.... |
ඒ කිසිම ගමනක-බිමනක කිසිදු වගකීමක් දරා ගන්නට නොතිබියදී (මීගහකිවුල
පාසලේදී කළා වගේ ස්තුති
කතා පැවැත්වීම මට නම් විනෝදයක් මිස වගකීම ඉටු කිරීමක් නොවිණි.)....
‘මගේ දවස නං ඉගිල්ලුණේය’ කීම සර්ව සාධාරණය.
අප කාටත්
සංචාරයේ අවසන් දවස ඉමහත් ශෝකී එකක් වුණේය. කාගේත් මුහුණු අඳුරු වලාකුළුවලින්
වැහිලාය. එදා අපට පිටතට යන්නට තිබුණේ නැත.
“දීඝ, ඔයයි
නිමලුයි දෙන්නම පොරොන්දු වෙනවා නේද මට ලියන්න...” එදා වසන්ත ඇහුවේ හැඬුම්බර
ස්වරයකිනි. “ඔයාලට නම් නිතර හම්බ වෙන්නත් පුළුවන්... දෙන්නම පමුණුවේ එක ළඟ ඉන්න
හින්දා.... මට තමයි බැරි. මරදානේ ඉඳලා මහරගමට එන්නය?”
එතකොටවත්
මගේ පේව්මන්ට් එකේ රජ වෙන රස්සාව ගැන ඒ දෙන්නාම දැනගෙන හිටියේ නැත. ඒ නිසාම මා
කලාතුරකින් හෝ මරදානට යනෙන බවත් ඔවුනට රහසක් විණි.
එහෙම ‘රජ
වෙන්නට’ මරදානේ ඉඩ තිබුණේ දොපොළක විතරය. ටවර් රඟහලට කිට්ටුව- මරදානේ පොදු ජන
වැසිකිළියට සමීප පදික වේදිකාව එකකි. එතැන කවදාටවත් එච්චර සරුබිමක් නොවිණි.
දෙවැන්න එහෙම නොවේ. මරදානේ එල්ෆින්ස්ටන් හෝල් එක අසල පදික වේදිකාව!
නමුත් උදේට
මල්වත්ත පාර, හවසට කොටුව- පිටකොටුව වගේ තැන්වලින් ලැබිය හැකි ආදායමක් මරදානේදී ලබන්නට
බැරිය. එතැන රැඳෙන්නේ බසයක් එනතුරු බලා ඉන්නවුන් විතරය. එයාලාට පැය බාගයක්වත් එතැන
රැඳී, පේව්මන්ට් කථිකයන්ට සවන් දෙන්නට වෙලාවක් නැත. ඉතිං, අපට වැඩි ආදායමක්
ලබන්නටත් ඉඩකඩක් නැත.
මට එහාට
යන්නට වුණේ, සරු තිප්පොළ කිහිපයේම ‘පේව්මන්ට් වෙළෙන්දන්’ගේ බෑග් පෝලිම් තියෙනවා
දැක්කාමය.
එහෙම යැවෙන වෙලාවක විතරය, වසන්තට මාව මුණ ගැහෙන්නට ඉඩක් තිබ්බේ.
“ෂුවර්
වසන්ත. මම ඔයාට ලියනවා!” දීඝායු කිව්වේය. මමත් ඔළුව සෙලෙව්වෙමි.‘අර භාෂාවෙන් නේද ලියන්නේ?’ (එබසින් ලියූ ගීතයක්...)
“අර භාෂාවෙන් නේද ලියන්නේ...” එතකොට වසන්ත සතුටෙන් උදම් වෙමින් ඇසුවේය. “... අනේ
නිමල්...ඔයාට තමයි ඔන්න දීඝට තව ටිකක් ඉලක්කම් බාසාව පුරුදු කරන්න වෙන්නේ.”
අපේ තාත්තාගේ දණ්ඩ නීති ගැනත්, හොර අල්ලන්නට කෙරෙන ප්‍රශ්න ඇසීම් ගැනත් ඒ වෙලාවේ කල්පනා වුණත්, මං එයාලට ඒවා කියන්නට ගියේ නැත.
ලියනවා නං හොරෙන්ම විය යුතුය.... අපේ ගෙදරදී එළිපිටම වුණත් යාළුවන්ට ලියුම් ලියන
පුරුදු තිබ්බේ නැත. වසන්ත එවන ලියුමක් වුණත් ගෙන්නා ගන්නට වෙන්නේ හොරෙන්ය; වෙන
කොහාටවත්ය. නැත්තං තාත්තාගේ හරස් ප්‍රශ්න දාහකට උත්තර බඳින්නට වෙනවා සිකුරුය.
ගිනි
පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බිය විය යුතුමය!
මගේ අනුදැනුමකින් තොරව සිදු වුණත්, පියසිරිගේ
‘හොර ලියුම’ මගේ පෙර වැරදි ගොඩට එකතුවී තියෙන බවත් මට අමතකව
ගිහින් නැත.
ඒ නිසා ඉලක්කම් භාෂාවෙන් ලියන දෙයක් වුණත් ලියන්නට ඕනේ ඉස්කෝලේදීමය. ලියුමක්
ලිව්වත් ගෙදරට ගෙනියන එක අවදානම්ය. එය ගෙදර ගෙනියන්නේ නැතිව එදාම තැපැල් කරලා
එන්නටත් වෙයි!
ඉස්කෝල කැන්ටිමෙන් සීනි සම්බෝල පාන් කාලක් ගන්නට සත දොළහක් නැති මට...
ලියුම් කවරවලට, මුද්දරවලට සල්ලි?
පසුවදා
උදෙන්ය අප බණ්ඩාරවෙල දුම්රියපොළට පිය මැන්නේ.
දාහතර වෙද්දී පළමුවෙනි post එක පටන් ගනිද්දී කියූ දේවල් සියල්ලය සිදු වුණේ! එතැන් සිට තවත්
කොටස් අටක් ලියවී තිබේ.
අඳුරට
හුරුවී තිබුණු දෙනෙත්වලට පිටත එළිය පෙනෙන්නේ වඩාත් ආලෝකවත්වය. |
අප එදා හවස
බදුලු කෝච්චියෙන් බැස ගත්තේ කොටුව දුම්රිය ස්ථානයෙනි.
“දැන්වත්
වීසි කරලා දාපං බට්ටො පරවෙච්ච මල් ගොඩ!” අපේ කට්ටියේම කෙනෙක් අතරමඟදී කිව්වේය. බණ්ඩාරවෙල
දුම්රිය පොළේදී, උදේ පාන්දර ලස්සනට ලස්සනේ සුපිපී තිබ්බත්- හවස් වෙද්දී මල් තොගයම
ඇකිළී- හැකිළී- විරූපවී ගිහින්ය. ඒවා තියාගෙන ඉන්නත් බැරි- වීසි කර දමන්නටත් බැරි
මනෝ භාවයකය මා හිටියේ.
“ඕවා විසි කරමු!” අන්තිමේදී දීඝායුත් කීවේ, පර මල් ගොන්නට අතක් තියන ගමන්ය.
මගේ නිහඬතාව
අනුමැතියක්සේ සැලකූ දීඝායු අත් දෙකෙන් මල් ගොඩම අල්ලා, දුම්රියේ කවුළුවකින් පිටතට
වීසි කර දැම්මේය; ඊළඟට මගේ ළඟින් වාඩිවී සිටි සිසුවා තරමක් ඈත් කර, සක්කයක් ගහලා
මගේ ළඟින්ම වාඩිවී අතක් මිරිකුවේය.
“අපේ කට්ටියෙන් කීප දෙනෙක් හවස කෝච්චියකින්ම මහරගමට යන්න කතා වුණා... නිමල්, ඔයත් යං අපිත් එක්ක.... බස් එහෙක යනවට වැඩිය
ලේසියිනෙ, හිර වෙන්නත් ඕන්නෑ...” කියලාත් යෝජනා කළේය.
ඒ යෝජනාව මට නම් ගෙනාවේ සතුටකි.
දීඝායුගේ සමීපයෙන් හැකිතාක් වැඩි වෙලාවක් ගැන්නෙමින් ඉන්නට ලැබීම කොච්චර එකක්ද?
මට
නිමල්ව kiss කරන්න තියෙනවා.... |
“අපිට නං
බස් එකේ ගියාම ලේසියි ආනන්ද සර්!” රණවක කිව්වේ ඇත්තකි. වත්තේගෙදර පාරේ ඉන්න එයාලට
නාවින්න දුම්රිය පොළේ සිට වැඩි දුරක් පයින්ම ඇවිදින්නට වෙයි.
ඒත් ඇත්තම හේතුව වුණේ ඒක නොවේ.
“හරිම අමාරුවෙන් මචං ඉවසගෙන ඉන්නේ දුමක් නෑද... කොටුවෙන් බැහැපු ගමන් තෝසෙ කඩේකට
ගිහින්...” කියමින් රණවකත් තව දෙතුන් දෙනෙකුත් සැලසුම් කරමින් ආවේ, ආනන්දයියාටත්
නෑහෙන්නටය.
බුවෙනකබා
විදුහලේ ළමුන් කණ්ඩායමෙනුත්, පුංචි කෝච්චියේ ගමනට නැවතුණේ දෙතුන්-දෙනෙකු විතරකි.
(වසන්තලා මරදාන ස්ටේෂන් එකේදීම අපෙන් සමුගෙන තිබිණි.)
ඒ පුංචි
කෝච්චි ගමන කිසිම හදිසියක් නොතිබුණු ගමනකි...... එදාත් කැලණිවැලි කෝච්චිය ගියේ ඉබි
ගමනිනි. කෝච්චි
පෙට්ටියේ හිටියේ අප තුන්-හතර දෙනා විතරය.
ඔන්න
නුගේගොඩ පහු විණි. උඩහමුල්ල ආවේය; එතැනින් පිටත් වුණු වහාම වගෙය...
“මට නිමල්ව kiss කරන්න තියෙනවා.... මචංලා බලන්නෙපා!”
දීඝායු
මිතුරන්ට කිව්වේ කිසිම ඇකිළීමක්- පැකිළීමක් නැතිවය.
මට කිසිවක් හිතා ගන්නට ඉඩ ලැබුණේ නැත; දීඝායු මගෙන් කිසිවක් ඇහුවෙත් නැත. මගේ
ඉදිරියෙන් හිටගෙන, මා වෙතට නැඹුරුවී, දෝතින්ම මගේ මුහුණ අල්ලාගෙන, මුහුණට පහත්
වුණේය....
සක්මන් කරන
මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවාද
දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද?
ප්‍රමිලා
බිසවත් දස්කොන් අදිකාරමත් අතර සිදු වුණු ‘මුව
මකරන්ද ගනුදෙනුව’.... |
මේ දවසේ එහෙම නොවේ. අනෙත් සිසුන් තුන්-හතර දෙනා අප දෙස පුදුමයෙන් බලා හිටියාද?
මොනවා සිතුවාද?
දීඝායුට ඒවා
එකක්වත් සිහි වුණු පාටක් නැත. මටත් එහෙමය. අපේ ඉස්කෝලෙන් නම් ඒ කෝච්චි පෙට්ටියේ
හිටියේ මං විතරය. ඒත් දීඝායු.... එයාගේ පාසල් මිතුරන් පස්සේ හරි, මොනවා කියන්නට
ඇතිද?
පසු කාලීනවය
මා ඒ සිප ගැනීම ‘French Kiss’ යන වෙසෙස් නමකින් හඳුන්වන බව දැන ගත්තෙත්.
එපමණක් නොව,
ඊට වසර පහළොවකට විතර පස්සේ ‘මනහර’ සඟරාවේ පළව තිබුණු විශේෂාංග ලිපියක් කියවා භ්‍රාන්තියටත්
පත් වීමි. එයින් කියැවුණේ මනහර චිත්‍රපටයක් වුණු ‘Gone with the Wind’ රූගත කරද්දී
ප්‍රධාන නිළි ‘විවියන් ලී’ මුහුණ පෑ අපහසුවක් ගැනයි.
Film එකේ උණුසුම්- සරාගී සිප ගැනීමේ දර්ශන කිහිපයක් වුණේල. ඒවායේදී විවියන්ට සිප
ගන්නට වී තිබ්බේ ප්‍රකට හොලිවුඩ් නළු ක්ලාර්ක් ගේබල්වය.
අවාසනාවට ‘ගේබල්’ bad breath- මුඛ දුර්ගන්ධය සහිත නළුවෙක්ව සිටියේලු.
‘මනහර
සඟරාවේ’ ඒ සිංහල විශේෂාංග ලිපිය හොයා ගත නොහැකි වුවත් ‘ගෝන් විත් ද වින්ඩ්’ මතක
තිබුණු නිසා ඒ ගැන පුවතක් ජාලයෙන් සොයාගත හැකි විණි.
ඇත්තය, ඒ
විශේෂාංග ලිපිය කියවූ දවසේ- මම අතීතයට බලපාන පරිදි ලජ්ජාවෙන් මුසපත් වීමි. එදා
මටත් ‘මෞඛ දුර්ගන්ධය’ තිබිණිද?
අප බණ්ඩාරවෙලින් පිටත් වුණේ හිමිදිරියේය. එතරම් ප්‍රසන්න සුවඳක් මගේ මුඛයෙන් හමමින්
තිබුණා වෙන්නට විදිහක් නැත!
එහෙත්, ඒ බවක් එදා දීඝායුට නොදැනුණා විය යුතුය. ඒ ගැන මට සහතිකය. එහෙම කියන්නේ උඩහමුල්ලෙදී
ඇරඹුණු සිප ගැනීම නාවින්නට එනතුරුම අඛණ්ඩව පැවතුණු බැව් හෙළි කරමිනි.
කවද්ද අපි ආයෙත් හම්බ වෙන්නේ? |
මට හිතෙන්නේ දුකෙන් වෙන්නට ඇති!
එක්සත් සුබ
සාධක මාවත (ඒ නම ඒ පාරට තිබ්බෙත් පසු කාලයකය.) ළඟදී, මට හැරෙන්නට වෙයි.
“ඉතිං...”
මා නිරුත්තරය....
“ඔයා මෙතනිං හැරෙනවනේ.... කවද්ද අපි ආයෙත් හම්බ වෙන්නේ...” දීඝායු අහද්දී මගේ
දුක්බර ගතිය ඈතින්- ඈතටම පලා ගිහින් ඉවරය.
“මම හෙට හවසට ගමනක් යැවෙනවා. දෙකහමාරට විතර.... එතකොට...”
පහුවදා හිටම
පේව්මන්ට් රස්සාවට යන්නට වෙන බව මම ගණන් බලා තිබ්බෙමි. ඒ ගමන යන්නට කලින් දීඝායුව
හමු විය හැකිය.
“කොහෙදිද?”
“මං මේ පාර
දිගේම එන්නං. හැබැයි, වැඩි වෙලාවක් ඉන්න හම්බ වෙන එකක් නෑ. ඉක්මනට යන්න වෙයි.” මම
කීමි.
“එහෙනං මම කලින්ම ඇවිත් ඉන්නං. සෙන්ට්‍රල් එක ළඟ.....” දීඝායු නොපමාවම කීවේය.
සෙන්ට්‍රල්
බේකරිය හා හෝටලය ඒ තරමටම ඒ කාලයේ මහරගම ප්‍රසිද්ධය. දෙහිවල පාර දිගේ එද්දී අදටත්
ඔබට පෙනෙන්නේ මහරගම පරණ පාරේ පිහිටි ඒ හෝටලයයි. (මට හිතෙන්නේ මහරගමට
හික්ගස් හන්දිය කියලා කියන කාලේ තරමටම මේ හෝටලය පරණයි කියලාය.) දැනුත් ඒ කඩය
එතැන ඇතත්, හිමිකරුවන් හා නම් විතරක් වෙනස්වී ඇතිවා වගෙය.
හම්පඩ...?
ඔයා දකින්න තිබ්බේ අපි ගමේදී ගෙදරට අඳින ඒවා… |
බණ්ඩාරවෙලදී
හිටි අර කඩවසම් තරුණ ගැටවරයා වෙනුවට මගේ ඉදිරිපිටට ආවේ දුප්පත්ම- දුප්පත් පෙනුමක්
ඇති හාදයෙකි!
සාමාන්‍ය
කතාබහකදී දැන් තරමටවත් උපායශීලී වීමේ පුරුද්දක් එතකොට මට නොතිබුණේය.
“මොකද දීඝ මේ... හම්පඩ වැරහැලි ඇඳගෙන.....”
“හම්පඩ...
ඔයා දකින්න තිබ්බේ අපි ගමේදී ගෙදරට අඳින ඒවා.” දීඝායු කිසිම පැකිළීමක් නැතිව
කීවේය.
“ගමේදී? ඇයි ඔයා මෙහෙ නෙවෙයිද?” මගෙන් ප්‍රශ්නයක්....
එතකොට
ලැබුණු උත්තරය ගොඩාරියක් දේවල් පැහැදිලි කෙරෙන්නකි.
දීඝායු නුවර xxකුඹුර ගමේය. “අපේ අයියා වෙන කෙනෙක් තමයි මෙහෙ ඉන්නේ... එයාගේ නෝනා
දොස්තර නෝනා කෙනෙක්. දවස තිස්සෙම එයාල දෙන්නම ගෙදර නෑ. ඉතිං අපේ තාත්තලට කියල මේ
අයියා මාව මෙහාට ගෙන්න ගත්තා, ගෙදර පරෙස්සමටත් එක්ක. උදේ වරුවේ ඉස්කෝලේ යන ටිකට
විතරයිනේ මං ගෙදර නැත්තේ....”
දීඝායු
කිව්වේ එච්චරය.
ඉතිරි කොටස මම හිතා ගත්තෙමි. ‘මෙයා වෙන්නැති ගෙදර වැඩ සේරම කරන්නේ.’ මට සිතිණි.
‘දීඝායු පව්! මටත් වැඩිය පව්!!’
අප දෙන්නා
වැඩියෙන්ම මුණ ගැහුණේ ඉස්කෝලේ ඇරී ගෙදර යන අතරේය. |
ඊට පස්සේ අප දෙන්නා වැඩියෙන්ම මුණ ගැහුණේ ඉස්කෝලේ ඇරී ගෙදර යන අතරේය. ඒ නිසා අපේ
තාත්තාට දීඝායු ගැන කිව යුතු වුණේ නැතිය.
“දීඝායු, මම
හෙට වසන්තට ලියුමක් ලියනවා. ඒකෙම දාලා යවන්න ඔයත් එකක් ලියල දෙන්නකො.” ඔහුට කියූ
මම පිළිතුරු ලිපිය එයාලගෙ ගෙදරට ගෙන්වා ගන්නටත් යෝජනා කළෙමි.
ඒ ගැන කතාබහේදී මට අපේ දුප්පත්කම ගැනත්, තාත්තා ගැනත්, මගේ පේව්මන්ට් රස්සාව ගැනත්
දීඝායුට කියන්නට සිදු වුණේය.
“එහෙනං අපි දෙන්නම එක බෝට්ටුවේ.” දීඝ කිව්වේ එතකොටය.
වසන්ත අපට
ඉගැන්වූ ඉලක්කම් භාෂාව තවමත් මට මතකය.
අපට රහසෙන් හුවමාරු කර ගන්නට තරම් දේවල් තිබුණේ නැත. ඒත් එහෙම කරද්දී දැනුණු ප්‍රමෝදය
නම් බොහෝමය....
රහසක් ඇතැයි සිතාගෙන කටයුතු කිරීම අපට වැඩි ප්‍රමෝදයක් ගෙනෙනවාවත්ද? අපේම
ෆැන්ටසියක සිරගතවී රහසින් කටයතු කිරීමෙන් අපට වැඩි වින්දනයක් ලැබෙනවාවත්ද?
වසන්ත අපට
පිළිතුරු ලියා එව්වේය. ඒත් රහස් භාෂාවෙනි. ඒ බසින් ඉක්මනට ලියන්නට මෙන්ම ලියා
ඇතිදේ කියවන්නටත් මනා පරිචයක් අවැසිය. ඒ හැකියාව මා සතු වුණු බැවින් දීඝායුට
ලැබුණු පිළිතුරුත් කියවා දෙන්නට වුණේ මටය. ඒ හැම මොහොතක්ම මට ගෙන දුන්නේ සතුටකි!
එහෙත්
කැලණිවැලි දුම්රියේ ගමනින් පස්සේ දීඝායු, සිප ගැනීමක් තියා මා ස්පර්ශ කිරීමක්වත්
කළේ නැත. එයා අසැබි කතාබහ නොකරන; කුණුහරුපයක්වත් නොකියන පන්නයේය. හොඳටම තරහ
ගියාමත් කළේ දත්මිටි කන එකය.
අඩුම ගණනේ දවසක් හැර දවසක්වත් අපි හමු වුණෙමු. ඒ හැම හමුවීමක්මත් විනාඩි
දහය-පහළොවකට සීමාවූ කෙටි ඒවා විණි.
ඉතිං,
ඒ
ඇරයුම පරිදිය දෙසැම්බරයේ දවසක.... |
“වැඩිය
යන්නෑ! කලාතුරකින් තමා... වැඩියත්ම දං කඩන්න තමයි ගිහින් තියෙන්නේ...”
“කාත් එක්කද?”
“පන්තියේ ළමයිනුත් එක්ක....”
එදාය, අපේ
ඉස්කෝලේ මගේ හොඳම මිතුරු-මිතුරියන් ගැන දීඝායුට කියැවුණේත්. “මම කියන්නං වැඩක්!
අපේ අක්කා උදේට වැඩට යන දවසක් අල්ලලා, විභාගේ දවසක ඔයා එන්න අපේ ගෙදර....” දීඝායු
කල්පනා භරිතව කිව්වේය.
“ඇයි අක්කා
නැති දවසක්...” මම ඇසීමි.
“එයා කැමති නෑ මගේ යාළුවො එහාට එනවට... ඒ තියා අපේ අයියගෙ යාළුවොන්වත් එහාට එන්නෑ,
අක්කා ටිකාක් එක විදිහක්ය කියලා.... අපට ඒකෙන් වැඩක් නෑ- මොකද කියන්නේ, එනවද. එනවා
නං දඩෝරියාටයි,
කොරල සුන්දරීටයිත් එන්න කියන්න. එයාල නේද ඔයාගේ හොඳම යාළුවො දෙන්නයි කිව්වේ......”
මං හිතාගෙන
හිටියේ දීඝායු කවම-කවරදාකවත් එයාලගේ ගෙදරට එන්නැයි මට ආරාධනා නොකරතැයි කියලාය.
කිසිම මිතුරෙකුට එහෙම ආරාධනාවක් කරන්නට දිරියක්වත්, කැමැත්තක්වත්, පසුබිමක්වත් මට
නම් නොතිබිණි.
ඉතිං, ඒ ඇරයුම
පරිදිය දෙසැම්බරයේ දවසක, අප තිදෙනෙක්ම දීඝායුලාගේ ගෙදරට ගියේ!
හිතාදර පාඨක ඔබ පුදුමයකට හෝ බලාපොරොත්තු
සුන් වීමකට පත් විණි නම් මට සමාව දිය යුතුය. |
හෑ? අවසන් කොටසේ අවසන් භාගය?
හිතාදර පාඨක ඔබ පුදුමයකට හෝ බලාපොරොත්තු සුන් වීමකට පත් විණි නම් මට සමාව දිය
යුතුය. දාහතර වෙද්දී posts ලිවීම අදින් අවසන් කළත්, දීඝායුගේත් මගෙත් කතාව තවම අවසන් නැතිය.
එතැන් සිටත් අවුරුදු පහක් විතර කාලයක් තිස්සේ ඒ කතාව දිගෑදුණේය.
මේ මාතෘකාව ඒ දීර්ඝ කතාවට නොගැළපෙයි; එහෙයිනි ‘පහළොවේ සිට...’ posts පෙළ ඊළඟට ලියන්නට
පටන් ගන්නේ.
‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළමින් ඒවාත් කියවන්නට එන්නැයි ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරමින්ය, මේ ‘දාහතර වෙද්දී’ පෝස්ටු මාලාවට ‘කුණ්ඩලිය’ යොදන්නේ෴
කියෙව්වා. කමෙන්ට් බලන්න ආයෙ එන්නම්.
ReplyDeletehttps://www.istockphoto.com/photos/owls-kissing
Deleteඉන්සොම්නියා හැදිච්ච බස්සෙක්ද කොහෙද. කොයි වෙලේ බැලුවත් කමෙන්ට්ස් දාලා.
Deletehttps://www.etsy.com/market/insomniac_owl
Deleteමේක මේ සමාජ සත්කාරයක්. නෝනෝ. අපේ ලියන අප්පුලාට කරන උපහාරයක්.
Deleteකොහෙද, ඒකටත් ඉන්නව නෙව මහසෝනෙක්?😂
Deleteබකුසු මොටා
අත්තේ කොටා
හොටට හුටා
ඉන්සොම්නියා කියන්නෙ බ්‍රැන්ඩියක්ද, ජින් එකක්ද?
Deleteඅඩ්ඩ්ඩෙහ්! "බො"යන්නක් ඇහිල දුවගෙන ආවෙ. පහළ ගෑල්ලමයෙක් අඬනව දැකල එහෙ ගියා.
Deleteඉතිං ඉතිං, මොකද කරන්නෙ? ගසමුද අදත්?
මාත් ආව, යමිං ගමං. ගසමු ගසමු! ගේන්ඩද කටුකම්බි ඇම්බ්‍රෝෂා?
Deleteඅරේ වාහ් වාහ්! අලුත් එකෙක්! ගසමු ගසමු.
Deleteමං සිංදු පොතත් ගෙනාව. පටං ගම්මු "ගෝවේ... "
ගැනි නලවන්න බෑ බං ගහමු ෆෝවිල් වැටෙනකම්. බොකුදිරාස් හතියට හොදයිලු.
Deleteසුලු දිය වඩන නං එපෝ!
Deleteනිදි, තාම බුදි ද? නැද්ද බයිට් මොනවත්?
Deleteඋණු වතුර ජෝගුවක් එහෙම නෑ?
නිදි අදයි බෙහෙත් ගන්න ගිහින් ගෙදර ආවේ දවස් දෙකකට පස්සේ.
Deleteවතුර ළිපේ තියනකල් කියමු 'දැක්කොත් පත්මාවතී'...
සුළු දිය වඩන්නේ කවුද... fb එකේ විදිහට නං මේ දවස්වල උද්දිගේ පුතාලා, බේසිගේ පුතාලා එහෙම තමයි වැඩියම ඉන්නේ.... අහපු වෙලාවේ ඉඳලා හිනාව නවත්තගන්න බැරිව ඉන්නේ, අපේ ළමයි සකරබර්ග්ලගේ කනෙන් රිංගන විදිහ ගැන.
Deleteඋද්දික පුතා නෙ... අර බඩඉරිඟු මන්ත්‍රී?
Deleteසුළුදිය වඩන කියන්නෙ බියර්.
එහෙම කියන්ඩ එපැයි.... එතුමා තමා..... ආරංචියක් නෑ නේද ඩ්රැකී.
Deleteආපහු නාට්‍යයක ඉන්නව නේ? පාර දිගේ
DeleteI read this thread randomly, looking forward to next one. Wijebahu
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තුතියි විජේබාහු මහත්තයෝ!
Delete//දෙහිවල පාර දිගේ එද්දී අදටත් ඔබට පෙනෙන්නේ මහරගම පරණ පාරේ පිහිටි ඒ හෝටලයයි. //
ReplyDeleteසමාවෙන්න, පොඩ්ඩක් කන්ෆියුස්වෙලා අහන්නෙ. දෙහිවල පාරට පේන මහරගම පරණපාර කියන්නෙ මොකක්ද?
Pra Jay මහත්තයෝ. දෙහිවල පාර දිගේම ඇවිත් මහරගම හන්දියෙදී; ඔරලෝසු කණුව ළඟදී කෙළින් බලන්න. හයිලෙවල් පාරයි- මහරගම පරණ පාරයි එකට යා කරන පාරක් තියෙනවා දකින්න පුළුවන්. ඒ පාරවල් One way කරන්න පටන් ගත්තාට පස්සේ ඒ පාරේ දැන් වාහන යන්න දෙන්නේ නෑ.ඔරලෝසු කණුව ළඟ ඉඳගෙන බලද්දී පෙනෙන්නේ පරණ පාරේ සෙන්ට්‍රල් හෝටලය තිබුණු ගොඩනැගිල්ලයි.
Deleteහතර වරං... කියවං එන්න ඕන ඔක්කම...
ReplyDeleteමරු ලිවිල්ල..
එන්න එන්න කියවාගෙන එන්න මහේෂ් මහත්තයෝ!
Deleteඒකත් එසේ මෙසේ ලව් ස්ටෝරි එකක් නෙවෙයි බලාගෙන යනකොට. 'ආදරයේ' විවිධ ප්‍රබේද.
ReplyDeleteදීඝායු මුලින්ම හම්බවෙච්ච දවසෙ ඒවගේ හම්පඩ ඇඳුම් ඇඳලා හිටියානම් නිමල්ට ඒ හැඟීම්ම ඇතිවෙයිද.
Lotus වැඩිය වචන පාවිච්චි නොකර ඔයාගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඇහැකි. 'එහෙම වුණා නං මට එහෙම හැඟීමක් ඇති වෙන එකක් නෑ නෑ නෑමයි' මම තරමක් රූප මදය තියෙන කෙනෙක්, ඛේමා වගේ.
Deleteමං නං එන්නෑ පහළොව කියවන්ඩ. දාහතරෙ ම කොටස් දහයයි. එහෙම ගියොත් අවුරුදු පණහක් විතර වෙනකල් කොච්චර නං කියවන්ඩ වෙයිද?
ReplyDeleteහෑ...! මේ කවුද බොලේ?
Deleteයකො! මුං පැටව් ගහනවද? දැං පහයි!
Deleteතාරාවගෙ පැටියෙක් වත්දෑ?
Deleteඩ්‍රැකියෝ පැටව් ගහන්නේ නෑ බොලව් තව එකෙක්ට බෝකරනවා මිසක්
Deleteමුන්ට මේ බ්ලොග් පඩංගු අස්සේ රිංගනවා මිසක් පැටියෙක් දෙන්නෙක් හදා දෙන්න කිසිම උනන්දුවක් නෑ. තූ නෙදකිං මෙහෙමත් ඩ්‍රැකී පරාණ...
Deleteකොමිටල් කදේ කිචි ඇති
Deleteවම්හගේ අවි නෑ බර ගති
ඔරජිනල් අම්බානකට හති
ඩ්‍රැකියාට ලග ලගම යති
https://images.app.goo.gl/SkBdjFiKMCN84v22A
Deletehttps://www.livescience.com/63824-child-vampire-burial-italy.html
මේ ජයසේන, මේක දැක්කෙම නැද්ද?
Deleteඩ්‍රැකියානි කියනවා"ඩ්‍රැකියාට ලග ලගම යති" කියල. මම හෙව්වා තේරුම, ගුගල් නං කිව්වෙ , මෙයින් එකක් කියලා.
1. ක්ෂණික මෝචරිය
2. ගාල්ලට ටිකට් ගෙන දෙහිවලින් බැසීම.
ඒ අවුවස්සෙ, කොමිටෙලා කියපි "ඩ්‍රැකියෝ පැටව් ගහන්නේ නෑ" කියල. අවුලක් කියල හිතෙන්නෙ, මට විතරමද?🤔
කවුද මේ? මටයි වෛවාහික අයිතිය තියෙන්නෙ "ඩ්‍රැකියානි" කියන නමට.
Deleteබකුස් රාළ ඒ ගැන වද වෙන්න එපා. මගේ ඩ්‍රැකීට එහෙම මොකුත් ගැටළුවක් නෑ.
Deleteනිදි අයියේ නැගිටපියෝ මෙන්න ගෑනූ කෙහෙවලු පටලෝගන්න යනෝ..
Deleteකවුද මේ පදුරි මගේ මිනිහා අල්ලගන්න ආපු. ආපු තැනක ගියානම් හොදයි දහදුරාවී.. බලන්නකෝ තාරා නංගියේ මේකී.
Deleteඅපෙ යෝදි අරෙහෙ පෙට්ටගං පෙරළ පෙරළ කසාද සහතිකේ හොයනව. මං ඒත් බැලුව මේ මොකද, දික්කසාදෙවත් ඉල්ලන්ඩ යනවද කියල...
Deleteඔය අහුවුනේ වනචරයා.බලන් හිටපන් දෙන්නම් තොට හොද දික්කසාදයක්
Deleteමට ඔය කාටවත් කිසිම දෙයක් ඔප්පු කරන්න උවමනා නෑ. ඩ්‍රැකී...! කෝ මේ මනුස්සය? මෙහෙ එනව...! (නෑ වැරදුනා - මෙහෙ එන්න බබා,) කවුද මේ ගෑණි? උත්තර දෙනව!
Deleteවනචරයා නෙමෙයි මම නිශාචරයා...
Deleteඇයි මගෙ සෝස මල? මට මතක නෑ මේ කවුද කියල. ඇත්තමයි. මී ඇස් දෙක පල්ල. අපි යං... අපි යං...
Deleteතවුසෙ ආයි එනවකො රෑ තිස්සෙ තනියම ගමං යන්න අහගෙන. මාත් එනව...!
Deleteහපොයි! මාගම් සෝලියක්. දැක්කෙ නෑ වගේ යන්ඩ ඔනෙ.
Deleteසෝස මල??? ඉහි ඉහි ඉස්සර මට කිව්වේ කනත්තේ පිපුන මිනිමලක් වාගේ ලස්සනයි කියලා ඉහි ඉහි.. කවුද දන්නේ මේ මිනිහා මල්වඩම්වල සෝස මල් වලට හිතයයි කීලා.. ඉහි ඉහි..වනචර ගෑනී මගේ මිනිහා අල්ල ගන්න හදන්නේ බබා පාට් දමලා ඉහි ඉහි.. ඕකිට සීනිගම ගිහින් සුදුලූනූ අඹරවනවා. උලක් ඇනිලාම පරලොව පලයන් දහදුරාවි ඉහි ඉහි..
Deletehttps://www.youtube.com/watch?v=Hbc1EjkMMLs
Deleteඔය ඇවිත් ඉන්නෙ, හිත උණු වෙච්ච එක්කෙනෙක්. සමහර විට තමුන්ට කළුවරේ, ඩ්‍රැකි වම්හයි මගෙ ඩ්‍රැකියි පැටළිලා වෙන්ඩැති.
Deleteහා හා පැටියෝ නාඩා ඉන්න මමනේ ඔරිජිනල් ඔකා ඩුප්ලිකේට්. හතියට සතියක් නොනා බේත් ගත්තාම දෙන්නම් පැටියාට සුර සැප.ආ වැරදුනා දෙන්නම් නංගිට අසුරසැප.
Deleteයකෝ! දුක්ගන්නාරාළල වැහි වැහැලා. මට වන් දුක දන්නවනං, තොපි පැත්ත පළාතෙ බලන්නෑ. අර උඩහ සෙට් වීමක්... වරෙව් ඔව්ව අතෑරලා.
Deleteහතියට හොඳයි "බොකු දිරාස්"! වරෙං උඩහට...
Deleteමේ මේ... මාව ගාවගන්න එපා ඔය හස්බන්ඩ් වලිවලට. මට එපා වෙලා තියෙන්නෙ ඔය වචනෙ වත්.
Deleteමළා!
Deleteබස්තුමාට සිදුවෙන අකරතැබ්බමනෙ වැම්පයර්ස්ලටත් වෙන්නෙ. හ්ම්ම්
Deleteඔව්වා ඇවිල්ලා 'ප්‍රණය කලහ'... ආදරේට කෙරෙන දබර! මං නං කියන්නේ නොදැක්කා වගේ හිටියම හරි කියලයි...
DeleteThis comment has been removed by the author.
Deleteනොදැක්කා වගේ ලිස්සුවාම තමා හරියටම හරි. මේ ජයසේන, නැට්ටෙන් අදිනව එහෙම නෙමයි, ඔන්න?
Deleteගෝස්ට් ස්ටෝරි එකක් නෑ ගෝස්ට් වලියක් වගේ. අපි අයින් වෙලා යමු පුතී
Deleteඔව්වොව්! මේ කාලේ තියෙන වලි ඇති හොදටම ඇති අජිත් මහත්තයෝ... වීර රත්නේකුත් ගුටි කෑවයි කියන්නේ.
Delete//උඩහමුල්ලෙදී ඇරඹුණු සිප ගැනීම නාවින්නට එනතුරුම අඛණ්ඩව පැවතුණු බැව්//
ReplyDeleteමේ කියන්නේ පැය කාලක්, විනාඩි විස්සක් විතර කාලයක් වෙන්න ඇති නේද?
චන්ද්‍ර අනගිරත්න මහත්තයා කියාපු හැටියට,
පුංචි කෝච්චිය යයි හරි වේගෙන්,
පැය හතරට එක සැතපුමෙ වේගෙන්,
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්,
දරුවෙක් බිහිවෙයි ඕපනායකින් .
කොහොම උනත්, කට්ටිය පොඩි කෝච්චියට ටිකට් ගත්තේ නැහැ නේද??
හැහ් හැහ්... ඔය කෝච්චියෙ ෆුට් බෝඩ් එකේ ඉඳගෙන, අර ගොල්ෆ් පිට්ටනිය මැදින් යද්දි සිගැට් එකක් බීලා ඉවර කරන්න පුළුවන්. කොහොමද ඒකෙ තියෙන ෆැන්ටසිය?
Deleteකම්මැලිනං යන කෝච්චියෙන් බිමට බැහැලා, ටිකක් දුර පයින් ඇවිදගෙන ගිහිං, ඉස්සරහ පෙට්ටියකට නගින්ඩත් පුළුවන්.
Delete//සැප පහසුවෙන් ගමනක් යන්ට ඕනෑ නම්, කලට වේලාවට යම් තැනකට සේන්දු වෙන්ට ඕනෑ නම්, ගමන් කළ යුත්තේ ලංකාණ්ඩුවේ දුම්රියෙනි. මඟිීන් දහ දෙනෙකුට නියම අපේ පෙට්ටියේ ගමන් කෙළේ විසි එක් දෙනෙකු පමණයි. "මටත් පොඩ්ඩක් ඉඩ දෙන්න. සල්ලි ගෙවලා මොකටද හිටගෙන ඉන්නේ?" මඟීන්ගේ බඩු මුට්ටුත් වැඩිය තිබුණේ නෑ; "පෝටර්, ඔන්න ඔය ට්‍රන්ක් එක සීට් දෙකට මැදින් වත් තියාපන්;" "මහත්මයා පොඩ්ඩක් කකුල උස්සන්ඩ!"
Deleteමැණිකේගේ කාර්එක නුවර ඉට්ටේසමේ පැය තුනක් රස්තියාදු වුණාලු. ඩ්‍රයිවර්ලාගේ ගාඩ්ලාගේ වරදක්යැ ඒක. ඒ අයත් මිනිස්සු නොවැ! තේ වතුර කෝප්යක් සිගරැට්ටුවක් බොන්නේ නැතුව පුළුවන්ද බර වැඩ කරන්ට! එකම දෙපාර්තමේන්තුවේ වැඩ කරන ඉට්ටේසම් මහත්තයාත් ගාඩ් මහත්තයාත් මුණ ගැසුණාම මිනිත්තු දහයක් පහළොවක් සතුටු සාමීචි කතා නොකර ඉඳින හැකිද?//
- රොමාගේ වාසනාව (සහ බස්සාගේ අවාසනාව)
ඔහෙට කිව්වට මොකෑ, ගින්නෙන් පලහාපු තාරා නෝනෙ? ඔය පෝස්ට් එක දැකලා, ලී හදවතකුත් උණුවුනා. පස්සෙ රොමාගේ වාසනාව පොතක් ආව නෙව, තැපෑලෙන්. 😊
Deleteඔරජිනල් ඩ්‍රැකියෝ සිකරට් බොන්නේ නෑ ඒ ජරාව අපිට විසයි
Deleteබොට කසිප්පු ගහන්න හොදයි ඒව්වා විස නෑ
Deleteඔරිජිනල්,
Deleteනොමළ ආත්මයක් වීමේ බෙනිෆිට් තියෙනව. ඉන්න ටිකේ විඳින්න තියෙන දේවල් විඳිනව ඇර, වස විස ගැන වද වෙන්නෙ මොටද?
කවුද බොලේ මම නොදන්න ඩ්‍රැකියානි? විසිල් එකක් ගැහුව කියල හිතාගන්ඩ. (අරෙහෙ උඩ ඉන්න අපෙ මායිය දැක්කොත් මං ඉවරයි.) ඔ්ං මං ගියා...
වරකො දවල්ට බඩගිනියි කියාගෙන ගෙදර කුට්ටමෙන් එල්ලලා තියෙනවා බාල්කේ
Deleteඌයි...! වචනෙ ඇහුණත් රිදෙනව.
Deleteයකො! ඒක අර දෙතිස් වදෙන් එකක් නං නෙමෙයි. චීන වධ තුනෙන් එකක්.
Deleteබකුස්,
Deleteඇත්තද? ගොඩක් සතුටුයි. මට හිතාගන්න පුළුවන් ගොඩාාාක් ආසාවෙන් ඉඳලා ඉඳලා ඒ පොත හම්බුණාම ඇති වුණ සතුට. ඇත්තටම රොමාගෙ වාසනාව කියන්නෙ නිකම්ම නිකම් පරිවර්තනයක් නෙවෙයි. කොටිම්ම නවකතාවක් නෙවෙයි, වන්දනාවක් වගේ... ඒ වගේ මම ආස තව එක පොතක් තමයි "තිත්ත කෝපි"
ස්පිටල් සුදුහූරාගේ එකම දෝනියැන්දා ගේ පොතක් නේ තිත්ත කෝපි.තාරා නංගියේ එයාගේ memories පොත කියවලා බලන්න හිංගල පරිවර්තනයක් තිබුනා මතක සටහන්
Delete"කඳුපාර" තියෙනව මා ළඟ...
Delete“කඳුකර මාවත“ නේ?
Deleteඔව් නේ?
Deleteවනචරියක්ට රැවටුනාට බොට දෙන්න ඕනේ "පොලුපාර"
Deleteක්‍රිස්ටිනා ස්පිටල් ගේ පලමු කසාදේ තේවත්තක සුපරින්ඩන් කෙනෙක්ව. ඒ කසාදේ බැදලා ඉන්න අතරේ සිදුවූ දේවල් අනුව තමා තිත්ත කෝපි ලියවුනේ.හැමතැනම කාන්තා හිංසනේ
බුදු අම්මෝ!
Deleteතිත්ත කෝපි හරියට, “ලිට්ල් හවුස් ඔන් ද ප්‍රෙයරි“ වගේ. කාන්තා හිංසනයක් නං ඒකෙ ලියවිලා නෑ. වැවිලිකාර පයනියර්ස් ලා මුහුණ දීපු අභීයෝග කාන්තා ඇහැකින් ලියවුණු පොතක්.
මං ආසම හියු නෙවිල් ට
Deletehttps://www.amazon.com/Christine-Memoir-Spittel-Wilson/dp/9558897124
Deleteහියු නෙවිල්ගෙ වැඩියෙන්ම ඉන්ටරෙස්ටින් කෘතිය ඔහු එඩිටර් විදිහටත් හිටපු The Tabrobanian.ලංකාවෙ ලයිබ්‍රරි කීපයක තාම 1880 ගණන්වල කොපි තියනව. තාම අලුත් ප්‍රින්ට් එකක් නෑ. ලංකාවෙ හිටපු හොදම polymath තමයි ඔහු. විකිපීඩියා එකේ බලන්න ඔහු ලියපු විෂයයන් ගණන.
Deleteකමෙන්ට්ස් ටික කියවන ගමන් අතුරු පාරවල්වලත් ගියා. එහෙම යද්දී 'රොමාගේ වාසනාව' හම්බ වුණාම කම්පීටරේ ළඟින් නැගිටලා පොත හෙව්වා. මා ළඟ තියෙන්නේ 1960 ගහපු තුන්වෙනි මුද්‍රනේ. පිටු 360. පොත රුපියල් පහයි!
Deleteමේක ඡායානුවාදයක්!
හ්ම්ම්... ඔයා කියන හියු මල්ලි ගැන ටිකාාක් දන්නව. මම කිව්වෙ හැබැයි තිත්ත කෝපි එකේ ඉන්න හියු නෙවිල් ගැන. මෙතන තියෙනව පීඩීඑෆ් එකක්. ටැප්‍රොබේනියන් සම්පූර්ණ පොත ද දන්නෑ?
Deleteමගෙත් තියෙන්නෙ නවසිය හැටේ මුද්‍රණය තමයි. ඒකෙ අපේ තාත්තගෙ අත්සන තියෙන්නෙ හැබැයි 1975.
Deleteවැඩේ කියන්නෙ, ඒ පොත තිබුණෙ “පංචතන්ත්‍රය“ පොත ගාවම යි.
මගෙත් තියෙන්නෙ 1960 මුද්‍රණය. ඒත් ඔය පොතේ මුල් පරිච්ඡේද දෙක තුන තිබුණ නේද පරණ පාඩම් පොතක?
Deleteහරියටම හරි!
Deleteසිංහල උගන්වන්න සකස් කළ පෙළ පොතක. නෙල්ලි කැලේ, සැබෑ දේව පූජාව, රොමාගේ වාසනාව, සයියාගේ පියා වයියා වගේ පාඩම් නිසා මම නම් පිස්සුවෙන් වගේ ඒවායේ මුල් පොත් හොයන්න ගත්තේ.
සැබෑ දේව පූජාව තිබුණු ඔරිජිනල් පොත මොකද්ද?
Deleteඒ කතාව මුනිදාස කුමාරතුංග මහත්තයාගේ කතාවක්. කියවන නුවණ පොතක වෙන්න ඕනි තිබුණේ.(නිච්චි විදිහට.)
Deleteමිස්ටර් ඇන්ඩර්සන් ඕක කොටසක්. ඔයිට වඩා වැඩි එකක් දෙන්න පුලුවන්. ඒත් ඔබඔබතුමාලගෙ අද්බූත ලෝකෙට ඊමේල් කරන්න මං දන්නෙ නෑනෙ
Deleteමට එවන්න. drackey@gmail.com
Deleteමටත් එවපියෝ. ස්තූතියි.
Deleteටැප්රෝ පීඩිඑෆ් එකට ස්තූතියි ඇඩම් බාගත්ත.
Delete
ReplyDeletehttps://images.app.goo.gl/jULLcYjFRWM95ku67
https://www.reddit.com/r/AskScienceFiction/comments/eksq7s/vtm_do_vampires_smoke_just_to_look_cool/
අන්න ඒකනෙ,
DeleteSmoking serves multiple purposes for the vampire.
Their likely prey is more likely to smoke (the dregs of society), so smoking allows a form of blending in.
Having cigarettes to offer to mortals is a way of disarming and ingratiating them to the vampire. You’re more likely to trust the man/woman who just freely gave you a cigarette.
Certain powers work with eye contact, and what better way to naturally make that eye contact then when you offer to light someone’s cigarette. It allows the intimacy needed to lock gazes and whisper a command.
Smoking is useful in the social engineering of mortals.
අනුන් බොනවා විතරයි දකින්නේ... අත්දැකීම් නැති නිසා මොකුත් නොකියන එක හොඳයි.
Deleteහැබැයි ඉස්සර වත්තේ කොළ රොඩු අතුගාලා පුච්චනකොට ඒ කොළ ගොඩෙන් දුම නඟිද්දී පොඩි කුරුල්ලෙක් දුම මැද්දෙන් එහා මෙහා පියඹනවා මතකයි. අපේ ආච්චී කිව්වේ ඌ දුම් බොනවා කියලයි!
ඒ කුරුල්ලා කරන්නෙ ගිණී ගොඩෙන් එන දුමට මත් වෙලා ඉහළ යන පොඩි කෘමි සත්තු අල්ලගන්න එක.
Deleteඅනේ, යාන්තම් මතකයක් තිබ්බේ තාරා!
Deletehttps://biodiversityofsrilanka.blogspot.com/2012/12/dumbonnaindian-roller-coracias.html?m=1
Deleteදුම් බොන්නා ගැන ගොඩාරියක් විස්තර තියෙන link එකට ගොඩාරියක් ස්තුතියි Pra Jay මහතාණෙනි!
Deleteනිදි මේ පැත්තෙත් ඇවිත් කියවන්න. ලස්සන කතාවක්...
ReplyDeleteගියා. ටිකක් කියෙව්වා... ආයෙම ගිහිල්ලයි සේරම බලන්නේ.... ඔත්තුවට ස්තුතියි ඩ්රැකී.
Deleteකියවලා යමක් ලියලත් එන්න. දිරිගැන්වීම වටී...
Deleteචුට්ටක් ලියලා ආවේ!
Deleteඔයාල මට උදව් කළා වගේ මාත් පුළුවන් තරම් දෙනෙකුට උදව් කරන්නයි හිතන්නේ.... අත්තානං උපමං කත්වා.
100 වැනි කොමෙන්ට් එක මගෙන්
ReplyDeleteස්තුතියි අසංග!
Deleteගොළු හදවත සහ ඩී.බී කුරුප්පු මහතා ගැන නිදිගෙ ලිපි "ආවොත් නොයා බැරිය" ලිපි තුනම කියෙව්වා.
ReplyDeleteකුරුප්පු මහත්තයා ගැන කනගාටු හිතුනා. නිදිගෙ අසනීප තත්ත්වය ගැන කලින් කියවා තිබුනට, හරිහැටි තේරුමක් තිබුනෙ නෑ. ඒ පැරණි ලිපි වැඩි දෙනෙක් කියවලා නැතුව ඇති. දිගටම ලියනවාට ස්තූතියි, නිදි.
කුරුප්පු මහත්තයා ගැන ලිපි තුන කියවීම පිළිබඳව ගොඩාක් ස්තුතියි බස්සා මහත්තයෝ. බලෙන්ම මට කම්පියුටරයක් අරගෙන දීලා, මාව ඒකට යොමු කෙරෙව්වේ එතුමායි. එහෙම නොවුණා නම් හෙම .නිදිගෙ පංච තන්තරයක් නෑ. ඒකයි කුරුප්පු මහතාව මං නිතරම සිහිපත් කරන්නේ.
Deleteමොකක් හරි වාසනාවකට මල්ටිපල් මයෙලොමාවත් මට කාරුණික වෙලා. මම දැන් ඉන්නේ රෙමිෂන් පීරියඩ් එකේ, මේ යන්නේ 20 වෙනි මාසේ. මේ විදිහටම පිළිකා සෛල නැතිව තව මාස 40ක් හිටියොත් තමයිලු අසනීපය සුව වෙලාය කියන්නේ.
දිගටම ලියන්නට දිරිය ලැබෙන්නෙ, උත්තේජනය ලැබෙන්නෙ බස්සා මහත්තයා ඇතුළු ආදරණීය රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින්. ඒ ගැන හැඟීම හරියටම වචනවලින් කියන්න බැරි වීම ගැන කනගාටු වෙමිනුයි, මේ ස්තුතියි කියන්නේ!
මචං නිදිය උඹේ අදර කතාව ලියහන් පොතකට . ඉංග්‍රීසියෙන් නම් වඩා හොඳයි. අර ටැමිල් පොරගේ (මට මතක නැහැ නම සෙල්වදුරෙයි වගේ නමක් ) පොත වගේ පාඨක ජනතවට අල්ලලා යයි
ReplyDeleteFunny boy නේ? ෆිල්ම් එකකුත් තියෙනව.
Deleteසිංහල පරිවර්තනය 'අමුතු ඉලන්දාරියා'. මුල් කතුවරයා ශ්‍යාම් සෙල්වදොරේ.
Deleteකියෙව්ව. මොනව උනත් මේක අමුතුම ආකාරයේ කතාවක්.
ReplyDeleteඑහෙම වෙන්න ඕනිනේ ප්‍රසන්න මහත්තයෝ, දැන් මුතු ඇටේත් අමුතු වෙලානේ!
Delete