li Item

Thursday, December 15, 2022

සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස

නලින් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවා. චමනියි දූලා තුන් දෙනයි එක්කම. මාසෙකට.

නලින් කියන්නේ චිත්තම්මාගේ දෙවෙනි පුත්‍ර රත්නය. wal ප්‍රියන්තගේ මල්ලී.
නලින් නිසා තමයි අයස්මන්ත පීරිස්,
චමින්ද පෙරේරා (පෝල්), ශිරන්ත පෙරේරා හා ඩොනල්ඩ් වගේ දොස්තර මහත්තුරු ගණනාවක්ම මගෙ හිතවතුන් වුණේ. (එයාලා වෛද්‍ය විද්‍යාලයේදී නලින් එක්ක එකට ඉගෙන ගත්තු batch matesලා.) දිගටම නිදිගෙ පංච තන්තරේ කියවපු අය නං දන්නවා ඒ දොස්තර මහත්වරුන් විටින්-විට මගෙ ජීවිත ගමනේ විවිධ ඉසව්වලදී තීරණාත්මකව මැදිහත් වුණු හැටි.

ඉස්සසෙල්ල trip එක දෙසැම්බර් 10,11,12 නකල්ස්වල සර් ජෝන්ස් බංගලාවට යන්නෙ... 

අවුරුදු පහළොවකට විතර ඉස්සෙල්ලයි නලින්ලා ඕස්ට්‍රේලියාවට ගියේ. හැබැයි ඉඩක් නිවාඩුවක් හම්බ වුණු ගමන් ලංකාවට ඇවිත් යනවා.

මුල් කාලේ අපි කට්ටිය ප්‍රියන්තගේ වෑන් එකේ දුප්පත් විදිහට ගිය එක trip එකක්වත් නලින්ට miss වුණේ නෑ. ඒවා ගොඩාරියක් හිතට කාවැදුණු චාරිකා.

අවුරුද්දකට විතර කලින් අපි සර් ජෝන්ස් බංගලාවට යැවුණු ගමනත් ප්‍රියන්තට ගොඩක් impress වෙලා; හිතට කාවැදිලා තිබ්බා වගෙයි.

“නිමල්, නොවැම්බර් මාසේ අග මල්ලිලා ලංකාවට එනවා. දන්නවනෙ, මාසයයි එයාලා ලංකාවේ ඉන්නේ. මමත් එයාලව trip දෙකක් එක්ක යන්න ලෑස්තිය. දවස් තුනේ තුනේ දෙකක්. ඉස්සසෙල්ල එක දෙසැම්බර් 10,11,12. නකල්ස්වල සර් ජෝන්ස් බංගලාවට යන්නෙ...” ප්‍රියන්ත මට කිව්වේ නොවැම්බර් මාසය ලබන්නටත් කලින්මය.
“අපි කලිනුත් ගියා මතකයිද... ඔන්න දැන්මම කිව්වා. ඒ දවස් තුනෙයි, ඊළඟ දවස් තුනේ trip එකටයි දෙකටම ඔයාලත් එන්න ඕනි. දවස් හයම නිදහස්ව තියා ගන්න... මොකුත් වැඩ දා ගන්න හෙම එපා.”

“කොහෙටද ප්‍රියන්ත දෙවෙනි trip එක?” මං ඇහුවේ ‘රහසක්’ හිතේ තියාගෙනය.
මට අසනීප වුණායින් පස්සේ; අවුරුදු දහයක් තිස්සේ ප්‍රියන්ත සූදානම් කරන එක ගමනකදීවත් මට සත පහක්වත් වියදම් කරන්නට ඉඩ දෙන්නේ නැත. (සර් ජෝන්ස් බංගලාව ඉහළ අය කිරීම් සහිත සුපිරි තැනකි!)
ඒකට එක සැරයක් ගිය නිසා, දෙවෙනි trip එකට විතරක්වත්... කියලාය මම හිතුවේ.

ප්‍රියන්ත මගේ යටි හිත කියෙව්වා වගෙය.

“දෙවෙනි එක යන්නෙ අපි කලින් නොගිය තැනකට. සර්ප්‍රයිස් එකක්... එතැනට යනකල් තැන කොහෙද කියල කාටවත්ම කියන්නෙ නෑ. ඒත් දැන්මම දෙතැනම book කරලත් ඉවරයි. චරු චුරු ගාන්න එපා, ඔන්න. අපි ඔයාවයි නෙවිල්වයි දෙන්නවම list එකට දාගෙනයි ඉන්නේ, දැන්මම. ගමන් දෙකටම එන්න ඕනෑ!”

ඉතිං බැහැයි කියන්නේ කොහොමද?
දැන් නලිනුත් චමනිත් දෙන්නාම ඉස්සරට වැඩියෙන් සංගීත ක්ෂේත්‍රයට- ඔවුන්ගේ ලොකුම විනෝදාස්වාද කටයුත්තට බැහැලාය; එයින් පන්නරය ලබලාය. ඒ ඕස්ට්‍රේලියාවට ගිය හින්දාය.

නලින්, චමනි දූවරුන් තිදෙනාත් එක්ක සේර ඇල්ලෙදී...

ඒ රටවල ඉන්නා උදවියට රස්සාව කරනවාට අමතරව ජීවිතයක් ඇත. අපේ අයට එහෙව් ජීවිතයක් නැත. කරත්තයේ බැඳපු ගොනුන් වගේය; නිවනක් නැත. ජීවත් වෙන්නට නං නැහීගෙන කඹුරන්නට වෙයි.

මේ මෑතකදී ඉකොනොමැට්ටා post එකකින් කියා තිබුණු විදිහට ඇමෙරිකාවේ කෙනෙකු එයාගේ ආදායමෙන් 14.3%ක් ආහාරවලටත්, විනෝදාස්වාදය සඳහා 4.4%කුත් වියදම් කරනවා.
සිංගප්පූරු වැසියෙකුගේ ඒ වියදම පිළිවෙලින් 21.1%ක් හා 7.9%ක් වෙනවා.
එතකොට අපේ රටේ? ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේ ආදායමෙන් 44%ක්ම වියදම් කරන්න වෙනවා ආහාරවලට. අපේ අය විනෝදාස්වාද කටයූතුවලට වියදම් කරන්නේ 1.6%ක් වගේ සොච්චමක්.

ඉකොනොගේ ඒ ලිපිය කියෙව්වොත්; කියවා චුට්ට වෙලාවක් හිතා බලන්නටත් වැය කළොත්- හරි-හමං චිත්‍තරයක් ඔබටම මවා ගන්නට පුළුවනිය!

ඉතිං, දැන් නලින්ට ඉස්සරටත් වඩා හොඳට; රහට congo drum එක වයන්නටත් ඇහැකිය. අපේ පැදුරු සාජ්ජවලදී, මට හමුවී ඇති හොඳම congo වයන්නෝ තිදෙනෙක් වෙති. නලින්, නෙවිල් හා දියවින්නේ රත්නසිරි.
ඒ තිදෙනාත්
කිරම ප්‍රියංකර මල්ලීවත් එකම තැනකට එකතු කරගෙන පැදුරු සාජ්ජයක් දැම්මොත්... වර්ණවත් සිහින දකින මං වහන්සේගේ එක් විචිත්‍රවත් හීනයකි ඒ!

ගිය තැනකටම යන ගමනක් වුණත් නලින් - නෙවිල් වැනි වාදක ගායකයන් දෙන්නෙකු සමඟම යන්නට ලැබීම ඉමහත් සතුටකි!

ඒ හින්දාම මමත් දෙසැම්බර් 10-12 දවස් තුනේ ගමනට සූදානම් වුණෙමි. ඒ කියන්නේ ඇඳුම් ටික බෑගයට ඔබා ගන්න එකටය. ඊට අමතරව මගෙන් කෙරුණොත් කෙරෙන්නේ පරිප්පුවක් හෝ පොල් සම්බෝලයක් හෝ හදන එකය.
“බබිතා නංගී, මොකක්ද 10 උදේ කෑම ගැන plan එක?” මම ඇසුවෙමි.

දැන් ප්‍රියන්ත organize කරන මෙවැනි ගමන්වලදී ගොඩාරියක් වගකීම් විමධ්‍යගත කෙරිලාය. අන්තර්ජාලයෙන් තැන් හොයන රාජකාරි ප්‍රියන්තගේ දෙපුතුන් වෙන කවිජත්, වෙනුජත් කරති. කෑම-බීම වැනි දේ ප්‍රියන්තගේ ඇඹණිය රසිකා නංගිත්, සොයුරියන් වෙන බබිතා, මැණිකේ දෙන්නාත් එකතුව ඉටු කරති.
නැන්දම්මා- ලේලිලා ගැන හා නෑනලා ගැන අපේ ජන කතාවලත්, ජන කවිවලත් තියෙන්නේ එකිනෙකාට සතුරු උදවිය ලෙසටය. එහෙම නැති නෑනලා හතරපස් දෙනෙකුම දැක ගන්නට කැමතියි නම්, මේ නෑනලා හමු විය යුතුය! (රසිකා නංගිගේ නැන්දම්මා;
චිත්තම්මා දෙවසරකට පෙර අභාවප්‍රාප්ත වූවාය. එනිසාය සුමිතුරු නැන්දම්මා- ලේලි දෙපළක් දැන් එහිදී දැක ගන්නට ඉඩක් නැත්තේ.)

“මොකුත් ඕනි නෑ නිමල් අයියේ.” බබිතා කිව්වාය.
“මුලින් නං අයියා කියාගෙන හිටියේ ඉලුක්කුඹුරේ ගඟ ළඟට ගිහින්ම උදේට කමු කියලයි. ඊට පස්සේ කියනවා, මාතලේ හොඳ තැනක් තියෙනවලු. එතැන තෝසේ, වඩේ, ඉඳියාප්ප, රොටී, පරාටා ඔක්කොම ජාති තියෙනවලු. එහෙන් කමුයි කියන්නේ...”

Trip එකක් යන්න තියෙනව නං... (අතීත සමරුවකි...)

“ප්‍රියන්ත කොහොමද මාතලේ කෑම හොඳ තැන් දන්නේ?” මම බබිතාගෙන් ඇසුවෙමි.

“ඇයි නිමල් අයියේ, ඔයාට මතකයිද අපි ගිය සැරේ සර් ජෝන්ස් බංගලාවට යන ගමනෙදී හදාගෙන ගිය කෑම කන්න මාතලේ ගෙදරකට ගියා- අයියගේ යාළුවෙක්ගෙ. එයා තමයි අපේ අයියට ඔතැන රෙකමන් කරලා තියෙන්නේ.”

“එහෙමද? බැරි වෙලාවත් උදේ කෑම ගෙදරින් හදාගෙන යනවා නං එහෙම මටත් කියන්න. පරිප්පු වගේ එක ජාතියක් මං හදන්නං!” මං කිව්වේ වෙනදා පුරුද්දටය.
“අතරමඟ නැවතිලා කන්න ගියත් ලේසි වෙන එකක් නෑ නිමල් අයියේ. ගොඩ වෙලාවක් යයි. තිහක් විතර යනවනේ.”
“අම්මට සිරි! එච්චර?”

බබිතා කිව්වා වගේම ඒ ගමනට තිහට තුනක් අඩුව- විසිහත් දෙනෙක් සහභාගී වූහ.
“අයියා කියනවා උදේ පහට පිටත් වෙනවයි කියලා. බලමුකෝ නේද මේ සැරේවත්... පොඩි අයියලත් ඉන්න හින්දා වෙලාවට යයි වගේ. අපිත් එහාට එනවා 4.45 වෙනකොටම.”

“හරි, නංගි. මම නෙවිල්ටත් කියන්නං අපේ ගෙදරට එන්න කියලා මාව ගන්න හතර හමාරට...” මම කීවෙමි. “එතකොට අපිටත් පහට කාලක් වෙද්දී එහෙ ඉඳිතෑකිනෙ.”

ඒ විදිහට කටයුතු යොදා ගත් විත්තිය ටෙලිෆෝනයෙන් කියූ ගමන්ම නෙවිල් මගේ ඇඟට ගොඩ වුණේය!

“යයි හරියටම පහට! මට බෑ. තමුසෙට ඕනි නං තමුසේ යනවා කලින්. Trip එකක් යන්න තියෙනව නං තමුසෙට නින්ද යන්නෙත් නැහැනෙ කොහොමත්...”
“ඇයි මිනිහෝ, වෙලාවක් කිව්වම ඒ වෙලාවට අපිත් යන්න එපැයි.” ඔහොම ටික වෙලාවක් කතා කරගෙන යද්දී නෙවිල් ටිකෙන්-ටික මෝදු වෙයි.

“එහෙනං ඔයා නැඟිට්ටම මටත් කූද්දන්න හතරට”
“හතරට ඇහැරිලා නං ඔයාට හතරහමාරට මෙහාට එන්න වෙන්නෙ නෑ ළමයො කීයටවත්. ඇයි හලෝ කොට්ටාවේ ඉඳලා මහරගමට එන්නත් එපැයි. මං තුනහමාරට ඇහැරවනවා ඔන්න.” එහෙම කියූ ගමන්ම මං රිසීවරය තිබ්බේ, ඒ මනුස්සයාට උත්තර දෙන්නට ඉඩ නොදෙන්නටය.

(වමේ සිට:) සරත්, නලින්, හරිශ්, සාන්ත, ප්‍රියන්ත, හක්ස්ලි, සුමිත් හා නෙවිල් 
උදේට නැඟිට්ටාම තේ එකක් හදාගෙන බීලා, නාගෙන රැවුල කපාගෙන සූදානං වෙන්නට මට පැයක් යයි. තුනහමාරට ඇහැරෙන්නට ඕනෑ යැයි තදින් හිතේ ධාරණය කරගෙන නිඳා ගත්තත් තුන වෙද්දී මට ඇහැරිණි. තුනහමාරට නෙවිල්වත් කූද්දා, ‘හරි ඕයි!’ කියලා පරුෂ tone එකකින් කෙරුණු සංග්‍රහයකුත් දිරවාගෙනය, මං එදා දවස පටන් ගත්තේ.

“හරි වැඩේනෙ හලෝ!”
නෙවිල් මාවත් කාරයට නංවාගත් ගමන්ම කෙඳිරි ගෑවේය. “ඊයේ හවස ඉඳලා හක්ස්ලි ගොයියා ෆෝන් එකට ආන්සර් කරන්නෑනෙ. සාමාන්‍යයෙන් මිනිහා එහෙම කරන කෙනෙක් නං නෙවෙයි... එයා ගමන නොයා ඉන්න වගෙයි හදන්නේ...”

“ඒ මනුස්සයට එන්න විදිහක් නැත්තං මොනව කරන්නද නෙවිල්? එන්නෑ කියල තමුසෙලට කිව්වමත් මළ කරදරේ නිසා ෆෝන් එකට උත්තර දෙන්නැතුව ඇති.”
“එහෙම කොහොමද? එයාට එන්න බැරි නං, එයා අරං එනවය කිව්ව බෝතලේවත් එවන්න දැන ගන්න එපැයි. එහෙමනෙ මිනිස්සු යුතුකම් ඉෂ්ට කරන්නේ.”

එතකොටමයි, නෙවිල්ගේ ජංගමයා බෙරිහන් දෙන්නට පටන් ගත්තේ.
“ඒ අනිත් xකයා... ඌ තාම කලිසම අඳින්න හිත-හිතා ඉන්නවද දන්නෑ...” නෙවිල් මොබයිල් ෆෝන් එකට උත්තර දෙයි. “මොකද xත්තො ආයෙමත් කතා කරන්නේ. අපි දැන් නව රෝහල ළඟ. උඹ ආවද? ... මොකක්? තාම ලැහැස්ති වෙනවද? ඇයි යකෝ, පහට නේද පිටත් වෙනවයි කිව්වේ... උඹවත් ගන්න එන්න... ඇයි, හක්ස්ලි එක්ක නෙවෙයිද එන්නෙ? හරි, හරි අපි එන්නං. ටක් ගාල ලෑස්ති වෙලා ගේට්ටුව ළඟට වරෙන්. පරක්කු වුණොත් අපි හරවගෙන එනවා. හරිද?”

හරිශ්චන්ද්‍ර නාවික හමුදාවේ ඉඳිද්දීත් මෙහෙම පරක්කු වෙන්නට ඇත්ද?
එතකොටම... “අම්මෝ ඇති! හක්ස්ලි!!...Very වෙරි Good මෝනිං හක්ස්ලි මහතා.... සන්තෝ..ෂ.ද කියලත් අහනව අයියා... අම්ම තාත්තා ක..තා ක..ළා වගෙයි. අපි මේ හරිශ්ව ගන්න එන ගමන්. ඔහෙටත් එන්නද ඔයාව ගන්න?
-

-එන්න වෙන්නෑ... අයියෝ...! ... හෑ... බෝතලේ එවනවා... ඒක අහපුවම නං ටිකාක් විතර දුක තුනී වුණා. මොකද ඊයේ රෑ ඉඳලා ෆෝන් එකට කතා නොකළේ?”

මෙහෙම හිටියට මාත් හොඳ බෞද්ධයා. පණ නං තණ අග...

දැන් අපි හරිශ්ලගෙ වත්තේ ගේට්ටුව ළඟය. එතකොටම හක්ස්ලිලාගේ කාර් එකත් එතනට ආවේය. හක්ස්ලිගේ බිරිය- ඇඟපතෙන් චූටි නැතිමුත්; නමෙන් චූටිය. එයා වාහනය හරවාගෙන ඇවිත් අපේ වාහනයට පැත්තෙන් නැවැත්තුවාය.

“මොනවද හලෝ, ඔයාලගේ husband පච මෝලක්නෙ. ගමන එන්නෙ නෑ කියලා දැන් ඔය එන්නෙ අගේට.”

“අපේ එක්කෙනා එහෙම තමයි. ටිකයි බොරු කියන්නේ...” චූටි ඉන්න තැනත් හිනාව අඩු නැත. “හැබැයි මට බොරු කියන්නෑ. එහෙම කළා නං මම මෙලහටත් එයාව ඩිවෝස් කරලා වෙන කසාදයක් කරගෙන.”

හක්ස්ලි වාහනයට නැඟගන්නා අතරේ නෙවිල් දිගටම සංවාදයේය.
“දැන් හොඳයි නේද චූටි?... අපි මේ කතා වෙවී හිටියේ හෝර්ලික්ස්, දොඩං එහෙම අරං ඔයාගෙ ලෙඩ බලන්න එන්න.”
“ලෙඩ බලන්න දොස්තරල ඉන්නේ... අනේ... මට සනීප වුණාට කමක් නෑ. එන්න එන්න. මතක ඇතිව අර ගේනවයි කියපු ජාතිත් අරගෙන එන්න. එන්න බැරි නං ඒවා මල්ලක දාලා එව්වත් කමක් නෑ. නිමල් අයියේ, ඔන්න මෙයාට මතක් කරන්න හොඳේ. හඃ හඃ හා!

“වෙරි ගුඩ් මෝනින් නිමල් අයියා... කෝ අපේ හරිශ්චන්ද්‍ර නාවිකයා තාම ආවේ නැද්ද?” චූටි නික්ම ගියාට පස්සෙය, නෙවිල්ම හක්ස්ලිට උත්තර දුන්නේ.

“මේ xකයා හැමදාම ඔහොමයි! මොකද හලෝ ඊයේ රෑ වුණේ?”
“මොනා වෙන්ඩද නෙවිල්? පන්සිල්වල කියල තියෙනවනෙ මජ්ජ පමා දට්ටානා කියල. දන්නවද නිමල් අයියා, මෙහෙම හිටියට මාත් හොඳ බෞද්ධයා. පණ නං තණ අග මොකක්ද කිව්වනෙ. ස්ථිර නෑ... තාවකාලිකයි කියනවනෙ. ඉතිං ඒ ගැන හිතලා, ඊයේ හවස පස්වෙනි සිල් පදේ මද පමණට සමාදන් වෙන්න හිතාගෙන පටන් ගත්තට- වැඩේ ජෝන් බාස්ට ගියා. දන්නෙම නැතුව වැඩි වුණා කියපංකො.
ෆෝන් එක  චාජරේට ගහලා මම නිඳි. උදේ බලනකොට නෙවිල්ගෙනුයි හරිශයගෙනුයි මිස් කෝල්ස් වැලයි...” හක්ස්ලි කිව්වේ, ගේට්ටුවට එබී බලන අතරේය.

“ආ අන්න එනවා... අන්න එනවා...”
“ඈ පරයො. තෝව ගන්න එන්නෙයි කියලා @$%#^^@#% xත්තො මෙච්චර වෙලා?”

“හඃ හඃ හඃ... චුට්ටක් පරක්කු වුණාට මොකද මචං, නැද්ද හක්ස්ලි. මෙයා උදේ පාන්දරම කුණුහරුප කියන කැත... බලන්නකෝ නිමල් අයියේ... තවම පහට නෑනෙ. යමු, යමු. ඉක්මනට යමු!”
“තොට දැන් තමයි තදියම!”

අතුලගේ බිරිය ගයාත්, දියණිය සනෝලිත් හිටියේ...

උදේ පහේ කණිසමට විනාඩි දෙක තුනක් තියලා අපි ප්‍රියන්තලාගේ ගෙදරට සේන්දු වුණත්, ගමනට පිටත් වුණේ 5.45ත් පහු වුණාමය. “හරි නේද මම තමුසෙට කිව්වා. ඊළඟ ගමනෙදී තමුසෙ එනවා එයාල කියන වෙලාවකට. මං එන්නෙ පැය බාගයක්වත් පරක්කු වෙලා.” නෙවිල් මුණු මුණු ගගා මට බැන වැදුණේ කාටවත් නෑහෙන්නටය.

අපට වාහනවලට නැඟ ගන්නට වුණේ උදෙන් ඇද හැලෙන්නට පටන් ගත් වැස්ස මැද්දේය. බබිතා නංගිගේ සැමියා සාන්තටත්, මටත් නඟින්නට වුණේ ‘සනෝලි Sweets’ අතුලගේ වාහනයටයි. අතුලගේ බිරිය ගයාත්, දියණිය සනෝලිත් හිටියේ එහිමය.
Trip එකකට අතුල එනවා නම් තියෙන තරම් සිල්ලර රසකැවිලි ජාති අපට රස විඳිය හැකිය. මස්කට්- ගල් මස්කට්- බුල්ටෝ- තල කැරලි; තල බෝල- රුලං බෝල හා නානාප්‍රකාර මුරුක්කු වර්ගත්... කාලා ඉවර කර ගන්නට බැරි තරම්ය!

ඒවා වැඩි වෙන තරමට මං වහන්සේ අහන බැනුම්ද වැඩි වෙයි; සිහි කැඳවුම්ද වැඩි වෙයි.
“මේ දියවැඩියාවත් තියෙන ලෙඩෙක් නේද යකෝ, මෙව්වා සේරම කාලා බලන්නේ?”

එතකොට නම් මාත් නිහඬව ඉන්නේ නැත!

“ආ, දැන් බ්ලඩ් test එකක් කරල බලනවා... මගෙ sugar වැඩියිද කියලා.” මං කියන්නේ රුධිර පරීක්ෂාවකට වුණත් ඔට්ටු බව පෙන්වමින්- අතකුත් දික් කරමිනි.
“වැඩි වෙයිද හලෝ. මේකා කිරාත කොළ මල්ලක්ම කඩාගෙන ආවනේ...”
“මාත් දැක්කා නිමල් අයියා ඒ කොළ හතර පහක්ම උණ්ඩි කරලා ගිලිනවා.”
“ඉතිං මොකෝ?” මගෙන් දිනුම් පදය කියවෙන්නේ එහෙමය.

“මොනාද ඒ කොළ, නිමල් අයියේ?”
“කිරාත කියනවා. කිරාත තිත්ත කියනවා.
හීන් බිං කොහොඹ කියන්නේ එව්වටමයි. ඔය කොරෝනාවට හොඳයි කිව්ව නේද සුදර්ශනී පැණිය කියල එකක්. ඒක හදන්න ගන්න බෙහෙත් ජාතිවලින් 50%ක්ම ඔය හීන් බිං කොහොඹලු! මම නං ඩයබිටික් control කර ගෙන ඉන්නේ ඒ කොළවලිනුයි, කෝවක්කා කොළවලිනුයි....” ඉඩක් ලැබුණාම එහෙම ප්‍රචාරක වැඩත් මගෙන් කෙරෙන්නේ, තවත් කෙනෙකුගේ යහපත පතමිනි.

“ඒ වුණත් නිමල් අයියේ, ඔය කිරාත කොළ පට්ට තිත්තයිනෙ. මමත් සැරයක් try කරන්න ගියා... වරුවක්ම කෙළ ගගහ හිටලවත් කටේ තිත්ත ගියේ නැහැනෙ.”

සුමිත්ලාත් පවුල පිටින්ම ලංකාවට ඇවිත්ය.

“එහෙම තිත්ත දැනෙන්නෙ හැපුවොතින්. ඒකයි කිරාත කොළ තව් මැරෙන්න පවනේ තියලා අරං, කොළ ටික පොඩි නොවෙන්න සුරුන්ඩි කරලා ගිරියට තියලා වතුර උගුරක් බොන්නේ.”

“අම්මට සිරි, ඒකත් නියම ක්‍රමේ!”

අතුලගේ ස්වීට්ස්වලින් කියාගෙන ආ කතාව පීලි පැන්නා වගේම, අපේ ගමනත් තව ඩිංගෙන් පීලි පනිනවාය.

තලපත්පිටියෙන් ගමන පිටත්වී කිඹුලාවලට ආවා විතරකි, ප්‍රියන්තලාගේ ඩිෆෙන්ඩරයත්- නලින් පදවාගෙන ආ මොන්ටෙරෝවත් පාරේ අයිනකට කර නවත්වනවා පෙනිණි. අතුලත් වාහනය පාරේ අයිනට ගත්තේය. “අන්න... දෙන්න තුන් දෙනෙක්ම බිමට බහිනවා!” සනෝලි පිටුපස්සට හැරී වාර්තා කරයි.
“ඒ මොකද මචං? පොඩ්ඩක් නවත්තපං අතුල බලන්න. මොකක් හරි අවුලක් වගෙයි. මං ටක් ගාලා බලාගෙන, විනාඩියෙන් එන්නං.”  සාන්ත එහාට ගියේය. විනාඩිය දෙක- තුන- හතරක් වුණේය. එදා සැරේ අතුලත් එතනට ගියේය.

දැන් ඒ දෙන්නාම එතැනය.

“අන්න සුමිත් මාමත් එහාට යනවා.” සනෝලි දිගටම සජීවී විස්තර කථනයක් සපයයි.

සුමිත්ලාත් පවුල පිටින්ම ලංකාවට ඇවිත්ය. සුමිත් විවාහවී සිටින්නේ (නලින්ගේ බිරිය) චමනිගේ සොහොයුරිය අයන්ති සමඟිනි. “අන්න සරත් මාමාත් van එක නවත්තලා එතන්ට යනවා.”
“ඒ මොකද ඒ? පොලිසියෙන් නවත්තලද සනෝලි...” ගයා අහයි.

“පොලිසියේ කව්රුවත් පේන්න නෑ!”
“එහෙනං...?” වාහනය ඇතුළෙම ඉන්නා සනෝලි ඒවාට උත්තර දෙන්නේ මුනිවත රැකීමෙනි.

“ආ අන්න තාත්තලා ආපහු එනවා... සරත් මාමත් මොන්ටෙරෝ එකට නැංගා. අන්න එයාලා හරෝගෙන යනව...”
“කවුද එතකොට van එක එළවන්නේ, සරත් ගියා නං.”
“චිරන්ත අයියා වෙන්නැති!”

චිරන්ත හෙට අනිද්දාම දොස්තර මහත්තයෙක් වෙන්නටය සූදානම. ගිය වසරේ අලුත් අවුරුදු දවස්වල අප හිටියේ සේනානායක සමුද්‍රය අසල කොස්සපොළ කඳවුරු බිමේය. එතැනදී ගත් foto එකක හිටි චිරන්තව දුටු කෙනකු විමසා තිබ්බේ ‘සන්තුෂ් වීරමනුත්’ ඔයාලා එක්ක trip එක ගියාද කියලාය!
චිරන්ත සාන්ත- බබිතා යුවලගේ දෙපුතුන්ගෙන් වැඩිමලාය. ඒක ලියද්දී මට මතක් වුණේ එයාලා දෙන්නාට මංගල දිනයේදී සිදු වුණු ‘ලොකු මදි පුංචිකමක්’ ගැනයි.

ක්‍රිකට්වලින් අප ලෝක ශූරයන් වුණේ එදාය!

මංගල උත්සවය තිබ්බේ නාරාහේන්පිට ශාලිකා ශාලාවේය. සිරිත් ප්‍රකාරව මංගල උත්සවයට ඇවිත් හිටියත්, වැඩි දෙනෙකුගේ අවධානය තිබ්බේ වෙනතකය. අන්තිමට කඩිමුඩියේම රූපවාහිනී යන්තරයකුත් ශාලිකා ශාලාවට ගෙනවිත් තියන්නට වුණේය.

ඒ එතැන සිටි ක්‍රිකට්ලෝලීන්ට match එකක් බලන්නටය. ක්‍රිකට්වලින් අප ලෝක ශූරයන් වුණේ එදාය!

අතුලත් සාන්තත් ආපසු ආවෝහ; වාහනයටත් නැඟ ගත්හ. සුමිතුත් අපේ වාහනයට හිස පෙව්වේය.
“උදේට කන්න මාතලේටම යනකල් ඉන්න බැරි වෙයි වගේ මචං. දැන්මම බඩගිනියි වගේ.”
“ඒක නේන්නං මචං. කොහෙවත් නැති කෝඩයක් කඩා වැටුණනෙ. බලමුකො එන හැටියක්!”

ගයාත් මාත් හිටියේ සිද්දවී ඇත්තේ මොකක්දැයි අහගන්නා තෙක් නොඉවසිල්ලෙනි. මගෙ වෙනුවටත් එක්කම ප්‍රශ්න අහන්නට පටන් ගත්තේ ගයාය.
“අපටත් කියන්නකො ඒයි. මොකද වෙලා තියෙන්නේ?”
“නලින්ගේ credit card එක නැතිවෙලා.”
“ඉත්තිං... ඉතිං.”
“ලක්ෂ ගාණක් හොරෙන් අරං...”
“එච්චර...”

“උදේ මනාමලගෙ ගෙදරදී චමනි නැන්දා නලින් මාමගෙන් ඇහුවත් එක්ක කාඩ් එක තියෙනවද කියලා.” සනෝලි කියයි.

“ඉතිං නලින්ලා trip එකට එන්නෙ නැද්ද?”
“එයි, එයි. Card එක hold කරලා, පොලිසියේ එන්ට්‍රියක් දාලා ඉවර වෙලා තමයි ගයා, ඒ ගොල්ලන්ට එන්න වෙන්නෙ.” සාන්ත කියයි. අතුලත් උත්තර දෙයි.
“අද සෙනසුරාදනෙ මචං. නවයවත් වෙනකල් එන්ට්‍රිය ලියා ගන්නේ නෑ. මං කියන්නේ බොරුද බලපං මචං. මම දන්නවනෙ ඕවගෙ වැඩ සිද්ද වෙන හැටි.”

“හක්ස්ලි අයිය එවෙලේම කාටද කතා කළා. බලමුකෝ ඉතිං, වැඩක් වෙයිද කියලා.”

එදා පස්වරුවේ බමර කිරි ඇල්ලෙදී නඩයට එකතුවූ...

සේරම විස්තර එකට එකතු වී කතාව සම්පූර්ණ වුණේ එදා පස්වරුවේ බමර කිරි ඇල්ලෙදී නඩයට එකතුවූ නලින්ගේ කතාවෙනි.

“ගමන එන්න කලින් සල්ලි ගන්න ඕනි වෙයි කියලයි අද උදේ ක්‍රෙඩිට් card එක හෙව්වේ. මම හිතුවේ වාහනේ ඇතුළේ තියෙනවා කියලයි. දවස් කීපෙකට කලින් මං තලපත්පිටියේදී, හවස හතරට විතර සල්ලි අරගෙන කාඩ් එක එහෙම්ම තියෙද්දී ඇවිත්. හොරාත් හෙණ සිරා පොරක්. එදා කඩ වහන්න කලින් පැය දෙක තුනේදී මූ හාරලක්ෂ අසූ එක්දාහක බඩු අරං... සල්ලි ගන්න හදලා නෑ. ලක්ෂ දෙකක විතරම අරං තියෙන්නේ රත්තරන් බඩු!”

“රත්තරං හොරෙක්!”

“ඔව් ඔව්. දැන් මෙහෙම වැඩකුත් තියෙනවා. මට ඉන්නෙත් රත්තරං නෑනා කෙනෙක්නේ...” නලින් ඉඟි මරා එහෙම කියනකොට අයන්ති ඔළුව උස්සා කන්දීගෙන හිඳියි.
“ලංකාවට එන්න ඉස්සෙල්ලා අපේ නෑනාත් මගෙ එකවුන්ට් එකටම දැම්මා ලක්ෂ හතරක්. ඒ සල්ලිනෙ නෝට්ටු ගොඩේ උඩින්ම තියෙන්න ඇත්තේ. හොරා අරගෙන තියෙන්නේ ඒවා. ඉතිං දැන් නෑනා කියයි -නලින් අයියා පව්. අලාභෙන් බාගයක් මාත් විඳ ගන්නං කියලා!- අන්න නෑනලා!”

“කියයි, කියයි... අක්කගේම නංගිනෙ...” තවෙකෙකු එහෙම කියන්නේ එයාලාව තවත් අවුස්සන්නටය.

ඉතිං..... à ඊළඟ කොටසට.

29 comments:

  1. තවත් රසවත් ට්‍රිප් එකක් වාගේ.
    මේවා ජරමර අස්සෙ මං... කියලා ලේබල් කරලා හරියනවෑ. හැක්ඃ

    ReplyDelete
    Replies
    1. නමී, ලේබල් කර ගත්තේ ටිකක් ලේසි වෙන්න විතරයිනේ. එකම ජීවිතයක අත්දැකීම්නෙ කියන්නේ.

      Delete
  2. අර වෙඩිම දාගෙන තිව්නෙ අන්තිම සුබ දවසක නේ... කපුවා හරියටම නැකත හදලා 😄😂

    ReplyDelete
    Replies
    1. වෙඩින් එක තිබිච්ච දවසට මැච් එක වැටුණු එකයි වුණේ. එයාලගේ ලොකු පුතා ක්‍රිකට් පිස්සෙක්.

      Delete
  3. නිමල්ගෙ ට්‍රිප්වලින් මට නොගැලපෙන එකම කොටස තමයි ඒවා යන පුද්ගලයින් ගණන. හුඟක් ඉස්සරනම් යාලුවො හුඟදෙනා හෝ පවුල් කීපයක් එක්ක ට්‍රිප් ගියා.

    දැන් නම් එහෙම ආසා නෑ. එකම ඉන්ටරෙස්ට් තියන, සීමිත ඉඩක කිසිම අප්සෙට් එකක් නැතුව දවසක් දෙකක් ඉන්න පුලුවන් අය කීපදෙනෙක් එක්ක විතරයි.

    නිමල්ට නම් ඉතිං තරහ ගියාම බැනලා ඉන්නත් පුලුවන්නෙ. :-D මට ට්‍රිප්වලදි එහෙම බෑ

    ReplyDelete
    Replies
    1. අපිත් ඉස්සර ළමයි පොඩි කාලේ හෙම ට්‍රිප් ගියා. 15-20 යන්නේ. දැන් ඒවා ඉවරයි. ඕගනයිස් කරන්න් අමාරුයි

      Delete
    2. Pra Jay මහත්තයෝ, මට නං යැවෙන්නේ හත්-අට දෙනෙක්වත් යන trip. ගිහිං තියෙන පිරිස වැඩිම trip එක 200ක් විතර ලොකු බස් පහක ගිය එකක්. හත්-අට දෙනයි අඳුනන අය ගියේ. පළමුවෙනි දවස ඉවර වෙනකොටම හැම බස් එකකින්ම ආරාධනා ලැබුනා එයාලගේ බස් එකට එන්න කියලා. ඒ ඉක්මනින් මිනිස්සු එක්ක යාළු වෙන නිසයි.

      හැබැයි, වැරද්දක් දැක්කොත් නං බනිනවම තමා.
      ඒ වුණත් එහෙම ගමනුත් යන්න ඕනි කියලයි මම හිතන්නේ. ඒ අපිටත් අනුන්ගේ මත ඉවසන්න, එයාලගේ විදිහ ඉවසන්න හෙම හොඳ අභ්‍යාසයක් නිසා.

      Delete
    3. ඔව් අජිත් මහත්තයෝ, වියපත් වීමත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවා නේන්නං!

      Delete
    4. ඇත්ත. අපිට සෙට් වෙන අය එක්කම යනවට වැඩිය විවිධ විදිහේ අය එක්ක ගැටෙන්න, මුහුවෙන්න හම්බුවෙන එක හොඳ අත්දැකීම් ලබා දෙන වැඩක්. මාත් ඒකට බොහොම ආසයි
      ඒත්... සතපහකට ෂුවර් නැති/ අධික මත් ලෝලී උන්දලත් එක්ක ගමන්යන එක, එකට ඉන්න එක ටිකක් භයානකයි. ඊළඟට මොනා වෙයිද කියල දෙයියො තමා දන්නෙ 😂

      Delete
    5. නමී, මනුස්ස ජීවිතවල ඊළඟට වෙන දේ මොකද්ද කියලා දෙයියන්වත් දන්නවද මන්දා.

      Delete
  4. ඊයෙ කියෙව්වට කොමෙන්ට් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.
    ඔන්නොහෙ ඊගාව කෑල්ලත් කියෝලම මොකුත් කියනව.

    ReplyDelete
    Replies
    1. නයිත් අයිස් ගහලද දන්නෙ නෑ 😂😂

      Delete
    2. සංධි කළොත් "නයිස්"

      ඒකට කියන්නෙ පූර්වස්වර, පරස්වර ගාත්‍රාක්ෂර ලෝප සංධිය...

      Delete
    3. ගාත්‍රා විසන්ධි නොවෙනවා නං කමක් නෑ!
      නැත්තං හොරිවිල යන්ඩ වෙයි.

      Delete
  5. ජිවිතේ සුන්දර මතක, ඉස්කෝලේ කරපු මදාවි වැඩ, ට්‍රිප් ගියපුව තමයි....

    ReplyDelete
  6. හොඳටම පරක්කු වෙලා මම ආවෙ. නිමල්ට ට්‍රිප්ස් යන්න නොඅඩුව අවස්තා ලැබෙනවා නේද. TripAdvisor එකෙත් දාලා තියෙනවා නිමල්ලා ගිය තැන. ලස්සනයි වගේ.

    "හවස හතරට විතර සල්ලි අරගෙන කාඩ් එක එහෙම්ම තියෙද්දී ඇවිත්" ඒ කියන්නෙ කාඩ් එක ATM එකේ අමතක වෙලා ඇවිල්ලද. සල්ලි එලියට එන්න කලින් කාඩ් එක මැෂින් එකෙන් එලියට එන්නෙ නැද්ද.

    "එදා කඩ වහන්න කලින් පැය දෙක තුනේදී මූ හාරලක්ෂ අසූ එක්දාහක බඩු අරං". අත්සන හා PIN දෙකම නැතුව එච්චර ගානක් වටිනා බඩු මිලට ගන්න පුලුවන්ද. අඩු ගානෙ ඔය shopsවල අත්සනවත් මැච් කරන්නෙ නෑ ඒ කියන්නෙ නේද. තමන්ට අයිති නැති ක්‍රෙඩිට් කාඩ් එකකින් ඔච්චර ගානක බඩු ගන්න කෙනෙකුගෙ ශරීර භාශාවවත් තේරුම් ගන්න හැකියාවක් නැති, පොඩ්ඩක්වත් සැක හිතෙන්නෙ නැති සේවකයින්ද ඔය shops වල ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැනට කෙටි උත්තරයක් දෙන්නං Lotus, අපේ රාස් පෝලිෂ් කට්ටියගේ හැටිඅම තමා ඒ shopsවල වැඩ කරන අයත්.

      Delete
  7. මේක ලයිව් ලියන්ඩත් තිබුණ නිමල් අයියා ලැප්ටොප් එකයි රවුටරෙයි මල්ලෙ දාගෙන ගියා නං...

    ReplyDelete
    Replies
    1. එච්චර විවේකයක් හම්බ වෙන්නේ නැහැනේ මහත්තයෝ, ඒ tripවලදී.

      Delete
  8. මාත් යන්ඩ ආසාවෙන් ඉන්න තැනක් තමා මන්දාරම් නුවර. නැවතුණු තැන පොඩ්ඩක් කියනවද?

    මට සැටමෝල් වෙන්ඩ නොලැබීම ගැන දුකයි. තෙල් හිගතාවය නිසා නුවරඑලිය, කඳපොල සහ නානුඔය අතරෙ විතරයි මේ දවස්වල ගනම බිමන...

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් තනේ ගියේ මන්දාරම නුවර අඩවියේ මාරබැද්ද ගාඩ්න් රෙසොර්ට් එකට.එතනට යනකල් ප්‍රියන්ත අපි කාටවත් තැන කිව්වේ නැතිවයි හිටියේ.
      http://www.marabeddaresort.lk/
      ඒ විස්තරත් එක්කම මේ post එකේ ඊළඟ කොටස් දෙකක් විතර ලියන්නයි හිත.
      ආපහු ආවේ ඊයේ රෑ.

      Delete
    2. මාරබැද්ද මාර තැනකි. දන්නවද, කණිෂ්කගෙ වෙඩිම ගත්තෙත් එතන. මං 15 වෙනිදා ඒ පැත්තෙන් ගියා.

      Delete

    3. මාරබැද්ද මාර තැනකි! දෙකක් නෑ, එහෙමම තමයි, ඩ්‍රැකී.

      Delete
    4. කණිෂ්කවත් මතක් කළා කියන්නකො එහෙනං!

      Delete
  9. පෙර කරන ලද පාප කර්මයක් පඩිසන් දුන් බැවින් මට මේ trip එකට සහභාගි වෙන්න බැරි උනාද මන්ද? පවට පිං දෙන්න බැහැනේ මල්ලි. 31 එක වත් බලමු නේද.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්