"තියා ගන්නවා, තමුසෙගෙ ආඩම්බරේ... මං ඔයාව drop කරන්නං කිව්වේ මට එහෙම කරන්න පුළුවන් නිසානේ. මචං, අපි යනවා එහෙනං...”
කාරයට නැඟී ටික දුරක් යනතුරුත් අශාන් හිටියේ
බර කල්පනාවකය. එයා හිටිවනම ඒ නිහඬ mood එකෙන් මිදුණේය. හීනි සිනාවක් පා මගෙ දිහාව
බැලුවේය; ඉන්පසු කතා කළේය.
![]() |
අපි දෙන්නම අපි
දෙන්නගෙන් සැටිස් sex life එකක් ගෙවන්නේ... |
මමයි කයිසරුයි නං හෝමෝසෙක්ෂුවල් කපල් එකක් කියල ඔයා දන්නවනේ...”
ඒ දක්වාම මට අශාන්ව හමු වී තිබුණේ දෙවතාවක් පමණකි. මේ
ඔහු හමු වුණු තුන්වෙනි වතාවයි. ඒ එකම හමු වීමකදීවත් අප අතර එතරම්ම කුලුපගකමක් ගොඩ
නැඟෙන්නට ඉඩක් ලැබුණේ නැත. එසේ වී තිබියදී මා අශාන් ඉදිරියේ මගේ සැබෑ පෞද්ගලිකත්වය
විදහා පෑ යුතුද?
(සාමාන්‍යයෙන් නම් මා එසේ කරන්නේ නැත.
අදටත් මා ඇසුරු කරන බොහෝ හිතවතුන් මගේ දෙවෙනි විශ්වය
ගැන
නොදන්නවුන්ය!)
මේ යක්ෂ පැටියාට මගේ හිත පෙනුණාවත්ද? “මට තේරෙනවා නිමල්.
එච්චර නාඳුනන කෙනෙක්, එක පාරටම ඔහොම ප්‍රශ්නයක් ඇහුවම කාට වුණත් උත්තර දෙන්න
අමාරුයි තමා.
You can trust me. මේ කතාව අපි දෙන්න අතරේ විතරයි.
අනෙක මටවත් කයිසර්ටවත් කිසි උවමනාවක් නෑ, තව කවුරු හරි අපේ අතරට ගෙන්න ගන්න. ඔයාවවත්!
අපි දෙන්නම අපි දෙන්නගෙන් සැටිස් sex life එකක් ගෙවන්නේ. අපේ අතර හංගන්න රහසුත්
නෑ. ඒ අතින් ඔය කසාද බැඳලා පවුල් කන ගෑනු- මිනිස්සුන්ට වැඩියෙන් අපි අවංකයි. මම
ඔයාගෙන් අරහෙම ඇහුවේ, කාරණයක් කියන්න හිතුණු නිසා....”
එහෙමත් කියද්දී ඒ හාදයාව විශ්වාස නොකර කොහොමද?
මා සමලිංගික නැඹුරුවක් සහිත කෙනෙකු යැයි මට හැඟෙන බව මම
අශාන්ට කිව්වෙමි. “ඒ කියන්නේ ඔයාවත් තවම ඔයාගේ sexual identity එක හරියටම දන්නෑ කියලද...”
එතකොට අශාන් පෙරළා මගෙන් ඇහුවේය.
එවැනි ඍජු ප්‍රශ්න අහන අය මට හමු වී ඇත්තේම නැති තරම්ය. එතෙක්
මට නොදැනී තිබුණු එඩිතර විවෘත ගතියක් මගේ හිත තුළටත් කාන්දු වෙනවා වගෙය, එවෙලේ මට
දැනුණේ.
ඒ එක්කම ‘අශාන්ව විශ්වාස කරපං!’ යැයි මගේ යටිහිත මට කියන්නටත් පටන් ගෙනය. ‘උඹ
වපුරණ දේවල්ම තමා උඹට ආපහු ලැබෙන්නේ.’ යටිහිත දිගටම මුරගායි.
“ඇත්තම කිව්වොත් අශාන්, මම ඉන්නේ පැටලිල්ලක. මටම මාව
තේරුම් ගන්න අමාරුවෙන් මම ඉන්නේ.”
![]() |
ඔන්න, මට මළ පැනලා; තදවෙලා දකින- දකින හැමෝටම බුරා
පනින mood එකකින් ඉඳගෙන තියටර් එකට හරි ward එකට හරි යනවා! |
“මට පේනවා. ඔන්න ඔයා මාව විශ්වාස කරන්න පටන් ගත්තේ දැනුයි. Thanks Nimal. ඒ ගැන
ඔයා කවදාවත් පසුතැවෙන එකක් නෑ. අපි ටිකක් නැවතිල්ලේ කතා කරලා යමු... කමක් නැහැනෙ.”
එහෙම ඇසූ ඒ හාදයා මහ හයියෙන් සිවුරුහම් බාලා, අත්පොලසමක්
දී හිනා වුණේය. ඒ මොහොතට කිසිසේත්ම නොගැලපුණු ඒ සේරම කෙරෙන අතරේ; එයා තැන්පත්
වැඩිහිටියෙකුගේ සිට- කෙළිලොල් යෞවනයෙකු බවට පරිවර්තනය වුණේය.
“දැන් ඉඳලා මම මගේ හිතේ නිමල් ගැන ඇති වුණු ප්‍රශ්න
ඔයාගෙන් අහනවා. ඔයා අවංකවම අශාන් කියන යාළුවාට උත්තර දෙනවා. හරිද?
ඒ rule එකට ඔට්ටුයි නං විතරක්, අපි දෙන්න මේ game එක සෙල්ලම් කරමු!” (The Man with the Answers මට හොඳටම වැදුණේ මේ අත්දැකීම නිසා බව, මා
ඔබට කියන්නේ දැන්ය.)
ඒ හාදයාගේ කෙළිලොල් සැහැල්ලුව මටත් බෝ වෙලාද මංදා... “බෑ
බෑ. ඒක සාධාරණ නෑ.” මට කියැවුණේ නිකම්ම නොවේ; ‘ආදර පූජාසනේ’ පෝස්ටුවලින් කියූ ආදර සංවාදවල යෙදුණු පුරුද්ද ඉස්මතු වෙමිනි: දඟකාර tone
එකකිනි.
එතකොට නං හාංකවිසියක් නොදැන හිටියත්, දැන් නං එවෙලේ එහෙම වෙන්නට ඇති හේතුව මට
වැටහෙයි.
පීරිස් මහත්තයා ‘ඒ හේතුව’ හඳුන්වන්නේ ‘Mirror Cells
ඇතිවීම’ විදිහටය.
“නිමල් අයියේ, අපේ imotions අපිට විතරක් නෙවෙයි
බලපාන්නේ. අපේ වටපිටාවේ ඉන්න අයටත් ඒවා තදබල විදිහට affect වෙනවා. විශේෂයෙන්ම අපි
නායකයෙක් නං! Team Leader කෙනෙකුගේ හිතිවිලි පවා ඒ නායකයා යටතේ වැඩ කරන අයට
බලපානවා!!
උදාහරණෙකට ගනිමුකෝ මාවම. ඔන්න, මට මළ පැනලා; තදවෙලා දකින- දකින හැමෝටම බුරා පනින
mood එකකින් ඉඳගෙන තියටර් එකට හරි ward එකට හරි යනවා. එතකොට මගෙ සර්වාංගයේම
තියන්නේ තරහින් පිරුණු සෛල. ඒ තරහෙන් පිරුණු සෛලවල බලපෑමක් නිසා.... මගෙත් එක්ක
වැඩ කරන staff එකේ කට්ටියගේ ශරීරවලත් අර වගෙ තරහ සෛල ඇති වෙන්න පටන් ගන්නවා. එයාලට
හම්බ වෙන ලෙඩ්ඩුන්ගේ සිරුරුවලත් ඒ වැඩේම වෙනව...
එහෙමයි, එක්කෙනෙක් නිසා සිය ගණනකගේ වුණත්
මූඩ් එක වෙනස් වෙන්නේ.” දොස්තර අයස්මන්ත මහතා කීවේය.
ඔය මිරර් සෛල ඇතිවීම හොඳ පැත්තටත් බලපානවාලු.
“නිතරම සතුටින් ඉන්න කෙනෙක්- තමන්ගේ වටේ ඉන්න හැමෝටම සතුට ඇති කරවලා සතුට
පතුරවනවා!” අයස්මන්ත මහතා, අවුරුදු කීපයකට කලින්ය, ඒ විස්තර මට කියා දුන්නේ.
![]() |
එදා අශාන් ඉන්නට ඇත්තේ ලොකු... |
“මොකක්ද unfair?”
“ඔයාට විතරක් නෙවෙයිනෙ අශාන්, මටත් ප්‍රශ්න අහන්න ඉඩක් තියෙන්න ඕනනේ...”
“හරි, දෙනවා! මෙන්න මගෙ පළමුවෙනි ප්‍රශ්නෙ. ඔයා අද උදේ ඇඬුවේ ඇයි?”
එදා උදේ දෙදණ අස්සේ හිස හොවාගෙන මං වැලපෙද්දී, අශාන්
එතැනට ඇවිදින්ය.
“ඈත තියාම මම දැක්කේ. ඒත් disturb කරන්න හොඳ නැහැයි කියලා හිතුණු නිසා, ටික
වෙලාවක් නොපෙනෙන්න බලා හිටියා. Painter ආපහු එයාගේ mood එකට ඇවිත් වැඩ පටන් ගත්තට
පස්සේ, සද්ද නොකර මම ආපහු ගියා.
ඉතිං... ඇයි ඔයා ඇඬුවේ...”
“මට පුදුම විදිහට දුක හිතුණා...”
“මම හිතුවා!” අශාන් කරුණාභරිත හඬින් කීවේය. “එතකොට කාවද මතක් වුණේ?”
“තුන් හතර දෙනෙක්වම...” මම 100%ක්ම අවංක වීමි.
“තුන් හතර දෙනෙක්? ඒ කියන්නේ ඔයාට සීරියස් පාට්නර්
කෙනෙක් නෑ?” අශාන් මගේ උරහිසට උඩින් අතක් දමමිනි; ඇසුවේ.
මම හිස දෙපසට වැනුවෙමි.
“Very sad! ඇයි ඒ... එදා රෝයි අයියල ගෙදරදී මට දැනුණා
ඔයා හෝමෝ වගෙයි කියලා... ඉන්න, ඉන්න. ඔයා අහන්න හදන්නෙ කොහොමද දැනුණේ කියලනෙ. ඔයා
දැකල තියෙනවද බොන මිනිස්සු. එහෙම කෙනෙක්ව ඕනෑම නොදන්නා තැනකට ගිහිං දාන්න. එයා
ඉවෙන් වගේ හොයා ගන්නවා ලිකර් විකුණන්න තියෙන තැනක්.
Sex hunger කෙනෙක් ගණිකාවක් හොයා ගන්නෙත් ඒ වගෙයි.
Homosexualලටත් ඒ වගේ ඉවක් තියෙනවා ඇති. මොකක් හරි chemist එකක්...”
අශාන් නැවතීමක් ගත්තේය. “කමක් නැද්ද මං ඩීප්ලි මෙහෙම කතා
කළාට?”
අලුත් දෙයක් දැන ගන්නට තිබෙන මගේ නොතිත් ආශාව ගැන මා ඔහුට කිව්වේ, එතකොටය.
“මාත් ඒ වගේ. කයිසරුත් ඒ වගේ. ඒ හින්දම දැන් මට හිතෙනවා
නිමල්, අපි දෙන්නම ඔයාව ඈතින් තියා ගන්න එක අපි තුන් දෙනාටම හොඳයි වගේ කියලා.”
එච්චර වෙලාවක් මගේ උරහිස උඩින් තිබුණු එයාගේ අත පැත්තකට ගනිමින් අශාන් කීවේය.
“...You are a seductive guy. මටත් පරිස්සම් වෙන්න වෙනවා.” අශාන් එහෙම කිව්වත්-
කිව්වේ විහිළුවක් කරන්නා සේ හරිම සැහැල්ලුවකිනි.
එතකොට නං මාත් සිටියේ සැහැල්ලුවෙහි උපරිම තලයේය. “මටත්
පරිස්සම් වෙන්න ඕනි කියලා හිතෙනවා... ඔයා මගෙ type නොවුණත්...”
![]() |
ළඟ ඉන්න අයගේ හිත ගැනත්
තේරුම් ගන්න කෙනෙක්නෙ! |
“කොහොමද හෙට උදේට ඔයා යන්නේ?”
“මං හිතන්නේ ඩැඩා මාව එක්කං යයි, අශාන්. ඕනි නෑ වගේ
පෙන්නුවට එයාත් කැමැති ඇතිනෙ, වැඩේ කෙරෙන හැටි එක සැරයක් හරි බලන්නත්.”
“නිමල්.. නිමල්.. නිමල්. උඹ මම හිතුවට වඩා ළඟ ඉන්න අයගේ හිත ගැනත් තේරුම් ගන්න
කෙනෙක්නෙ. හරි! හෙට හවසටත් මම එනව ඔයාව ගන්න. එන්න එපා කියන්නෙ හෙම නෑ ඔන්න...
තේරුණාද?” Brookwood පාරේ council flats ළඟින් මා බැස්සවූ අශාන්, මෙහෙමත් කිව්වේ
අභිමානයෙනි.
“එච්චර කැමැත්තකින් මාව පිළිනොගන්න ඔයාලගේ ඩැඩීව මොකටද
තව තව තරහ ගස්සන්නේ. මම ගෙදරට නෑවිත් මෙහෙමම යනවා. හැබැයි එයාට කියන්නම ඕනි, මං
ඔයාව මෙතනටම ගෙනත් ඇරලවපු බව...”
ඔව්! අශාන්ගේ ඒ ඍජු බව; කොන්දක් සහිත බව ගොඩ දෙනෙකුට නැත.
මේ blog ලිපි මාලාවේ අටවැන්නට comment එකක් එවමින් චමින්ද
දිසානායක සහෘදයාත් ඒ බැව් කියා තිබ්බේ මෙලෙසිනි: “Straight කියන තද පොරවලට නැති කොන්දක් homo කියන අශාන්ට තියෙන පාටයි.”
ඇත්තය! සත්තක ඇත්තය!!
Homo කෙනෙකු බව එළිපිටම කියූ අශාන්ට හොඳ පිට කොන්දක් මෙන්ම කරුණු තේරුම් ගැනීමට
මනා හැකියාවකුත් තිබ්බේය.
ඩැඩා සාමාන්‍යයෙන් හවසට ගෙදරින් බැහැරට යයි. Hounslow
බස් නැවතුම අසලවූ Coffee Shop එකකටය, ඩැඩා ඒ යන්නේ. ටයි- කෝට් සහිත full කිට්-බිට්වලින්
සැරසීගත් පිරිසකි, ඒ වෙලාවේ එතනට ඇවිත් ඉන්නේ. ඒ හැමෝම ඔහුගේ මිතුරන්ය. ඔවුන් මුණ
ගැසෙන ඩැඩා එයාලාත්
එක්ක ටික වෙලාවක් භජනය දාගෙන සිටියි; කෝපි එකක් බොයි.
ඒ පුරුද්ද හරියටම අපේ මහරගම සීයාට කඩේකින් තේ බොන්නට තිබුණු පුරුද්ද වගෙය. ඒත්
සීයා කළ ලෙසින් ‘එයා කන ඕනෑම ජාතියකින් බාගයක් සරමේ මඩිස්සලේ දාගෙන ආච්චීට ගෙනෙන වැඩේ’ නං ඩැඩා
කළේ නැත.
![]() |
Tesco එක නං තවම
තියෙනවා මචං. වුල්වර්ත් is gone! |
ඩැඩා ඒවා ගන්නට පුරුදුවී හිටියේ Tesco එකෙන් හෝ Woolworth එකෙන්ය.
“ටෙස්කෝ එක නං තවම තියෙනවා මචං. වුල්වර්ත් is gone! ඒකෙ සාප්පු තියෙන්නේ එයාපෝට්ස්වලයි, big stationsවලයි විතරයි.” අජිත් නොපමාවම කියා එව්වේය. (ස්තුතියි අජිත් මහතාණෙනි!)
එංගලන්තයේ නම් ආහාර-පානවල කල් ඉකුත් වීමේ; සිංහලෙන්ම
කියනවා නම් ‘එක්ස්පයර් වීමේ’ දිනය හැම ආහාර ඇසුරුමකම දක්වා තිබෙයි. ඒ expire date
එකට දිනයක් හෝ දෙකක් තියා ඒවායේ මිල අඩු කෙරෙයි. එහෙම මිල අඩු කෙරුණු පාන්, කේක්,
ඇපල්, කෙසෙල්ගෙඩි වගේ ජාති ගොඩකි, අපේ ඩැඩා අරගෙන එන්නේ.
(ඒ රටේ එහෙම වුණත්, අපේ රටේ නම් එතනදීත් කෙරෙන ලොකුම වංචාවක වෘත්තීයමය කොටස්කරුවෙකු වෙන්නට මේ නසරානියාට
සිද්ද වුණේය.)
ඉතිං, අශාන් ඔහුගේ කාරයෙන් මාව ගෙදරට ඇරලවූ හැන්දෑවේ,
අපේ ඩැඩා අර සුපුරුදු රූටින් එකට ගිහිං තිබ්බේ නැත. ගෙදරට වී; සැටියට බර දීගෙන බකන්නිලා
හිටියේය.
ඒ වෙද්දී, මං ඩැඩාව තේරුම් ගෙන තිබුණු විදිහට නම්, එයා බලාගෙන හිටියේ නිකම් නොවේ;
අශානුත් මාත් ගෙදර එනතුරුය. Painting වැඩේ ගැන අං-අඃ දක්වාම විස්තර දැන ගන්නටය.
“ඇයි උඹ තනියම? පයින්මද ආවේ... කෝ අර බොරුකාරයා?” ඒ ප්‍රශ්න
තුනෙන්ම අපේ ඩැඩා අශාන් ගැන හිතාගෙන හිටි හැටි එළියට පැන්නේය. එහෙම අගතිගාමීව
ඉන්නා කෙනෙක්ව ඇවිස්සීමෙන්- ප්‍රතිඋත්තර දීමෙන් ඇතිවෙන සුගතියක් නැත. “අශාන් මාව
ගෙනත් බස්සලා ගියා. හදිසි වැඩක්ලු.”
“එහෙමද?” ඩැඩා කීවේ එච්චරය.
“ඔන්න නිමල්, අද මම උඹ කැමතිම ඩෙසර්ට් එක හැදුවා...” ඩැඩා එහෙම කරන්නේ නම් මා
සතුටු කරන්නටය. අප එංගලන්තයට ගිය දවසේ සිටම ඩැඩා ස්වේච්ඡාවෙන්ම පවරා ගත්
රාජකාරියකි, අතුරුපස වර්ගයක් තැනීම.
![]() |
ඒවාට රුබාබ් ජෑම් යැයි
කීම තරමක් දුරට අනුචිතය. ඒ ඇයිදැයි කියතොත්, ඒවා ජෑම් තරම්... |
අන්තර්ජාලයෙන් රුබාබ් ෆොටෝ එකක් හොයද්දී, ඒ ගැන තවත්
රසවත් තොරතුරකුත් මට කියවන්නට ලැබිණි.
තරමක් ඇඹුල් රසැති රුබාබ් එළවලුවක් ලෙසින් ගැණුනත්
පළතුරක් ලෙසද සැලකේල!
තක්කාලි ඒකේ අනිත් පැත්තය. තක්කාලි පළතුරක් වුවද ගැණෙන්නේ එළවලුවක් ලෙසිනි.
මෙතෙක් කරගෙන ආ සිරිතේ හැටියට නං, මෙතනදී රුබාබ් ජෑම්
හදන හැටිත් යන්තමින් හරි කියන්නම ඕනෑය. හැබැයි එහෙම කියන්නේ, ගොඩකවෙල Praසන්ன රසික හිතවතා මේවා කියවා
හිනාවෙන හැටි මැවී පෙනෙද්දීය.‘තිස් එකේදී... -හත්වෙනි කොටස’ට comment
කරමින් Praසන්ன කියා තිබුණේ ‘නිදි කොතනද කෑම එතන...’
කියලාය.
ප්‍රසෝ, තමුන්නාන්සේගේ කතාව සහතික ඇත්තය.
මා නම් එහෙම කරන්නේ නිකම්ම නොවේ!
අපි කවුරුනුත් වැඩියෙන්ම කරන්නේ වඩා හොඳින් අපට කළ හැකි
දේවල්ය. එහෙම කරන්නේ අන්‍යයන්ගේ; ලෝකයාගේ අවධානය දිනාගෙන කැපී පෙනෙන්නටය; ‘මං පොර
වෙන්නට’ය. එහෙම කිරීමේදී, එය සාධාරණව කරන්නේ නම්; අනුනට හිරිහැරයක් නොවෙන ලෙස
කරන්නේ නම්; අන්‍යයන්ට පිළිකුලක් නූපදවයි නම් අවුලක් නැති බව මම විශ්වාස කරන්නෙමි.
එතනදී කෙනෙකුට සිදු විය හැකි ලොකුම වැරැද්ද ‘තමන් ගැන නිවැරදි තක්සේරුවක් කර
ගැනීමට නොහැකි වීමයි’.
මාත් (නොදැන හෝ) ඒ වැරැද්ද කරන තකතිරුවෙක්ද?
ඉතිං, මං වහන්සේ විශ්වාස කරන විදිහට- මට ඉවුම්-පිහුම්
ටිකක් හොඳට කළ හැකිය. අනෙක් අතට මගෙ රස නහරත් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ තරමටම වාගේ හොඳට වැඩ කරයි.
ඒ නිසාම ඉඩක් තිබෙයි නං, මගේ අතින් පිසූ කෑම-බීමෙන් හිතවතුන්ට සංග්‍රහ කරන්නට මා
කැමතිය. ‘හිත පිරෙන විදිහට බඩට කන්නට දීම කෙනෙකුගේ හිතට පිවිසෙන්නටත් හොඳ
මාර්ගයක්’ය කියලා කතාවකුත් මට ඇසී තිබේ!
(මං ඉතිං ඔව්වායේ සත්ත හොයන ජාතියේ පුඟුලෙක් නෙව.)
![]() |
ඒ දඬුවල පිට පොත්ත සූරා දමා ඒවා පොඩි කෑලිවලට... |
“අපෝ ලොකූ, කාටද ඔව්වා කන්න පුළුවන්? Too sweet!”
මාත්තෙක්කලා රහසින් කිව්වාට නංගිලා- මල්ලිලා කවුරුන්වත් ඒ විත්තිය ඩැඩාට කියන්නට
යන්නේ නැත.
ලංකාවේ හිටිද්දී- පොඩි ඉඩක් හරි ලැබුණු ගමන් සීනි
බෝතලෙන් හැන්දක් හොරෙන් කටේ ඔබාගත්, එයාලා එංගලන්තයේදී සීනි ඇබ්බැහියෙන් මිදී
හිටියේ එහෙමය!
රුබාබ් dessert එකට මගේ රුචිය වැඩි බව දැනගත් ඩැඩා
සතියකට සැරයක්වත් ඒවා හැදුවේය. ඒ අවුළුපතින් තුන්කාලක් විතරම වළඳන්නට සිද්ද වුණේ
මටමය. එදාත් “ඔන්න නිමල්, අද මම උඹ කැමතිම ඩෙසර්ට් එක හැදුවා...”යි ඇමක් දාලා
පූර්විකාව හමාර කළ ඩැඩා ප්‍රස්තුතයට පිවිසුණේය.
“අරයා තනියෙන්මද ආවේ... යාළුවත් ආවද... කොහොමද වාහනේ අයිති යාළුවා...”
à ඊළඟ කොටසට...