You know what I mean... You know what I mean...
සෑහෙන වෙලාවක් තිස්සේ අශාන්ගේ කටහඬ මගේ කන් දෙක අස්සේ දෝංකාර දිදී තිබුණු විත්තිය
නොකියාම බැරිය. පලක් ඇතත් නැතත් පොඩිත්තක් හරි නසරානි වැඩක් කරන්නට මං වහන්සේ
කැමතිය. අශාන් කිව්වේ ‘වැඩේ හෙමින්’ කරන්නටය.
ඒ හාදයා වෙනුවෙන්; එයාගේ ප්‍රිය සමාගමය
වෙනුවෙන් එහෙම කරන එක
මහ ලොකු දෙයක්
නොවේ. එකම දේ මට එළිමහනේ සීතල කාගෙන ඉන්නට සිදු වෙන කාලය ටිකක් වැඩි වීමය. හිත ඇත්නම්
පත කුඩා නැත!
![]() |
ඒ සොඳුරු ස්වප්නය
දකිද්දී මිහිරියාවක් දැනුණු බව සැබෑය. එහෙත් එහි කූඨප්‍රාප්තිය මොහොතේ... |
දිගටම ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන කෙනෙකුට නං අමතක වෙන්නට ඉඩක් නැත. අශාන් හා
කයිසර් යුවල අතරට යන තුන් වෙනියෙකු වීමට මා සූදානම් නැතැයි මම පැහැදිලිව කීවෙමි.
මගෙන් ඈත් වී සිටීම වඩා ප්‍රඥාගෝචර යැයි අශානුත් ඍජුවම කිව්වේය. එසේ වී තිබියදීත්
අප අතර කෙමෙන් වර්ධනය වෙමින් පවතින මේ ‘ළබැඳි හැඟීම’ කුමක්ද? ඒ ගැන සිතමිනි, මා
නින්දට පිවිසුණේ.
ඉතිං ඊට පස්සේඒ..ඒ..ඒඒඒ....
මගේ නිඳි යහනට එදා රාත්‍රියේ
අශාන් සිහිනයෙන් වැඩියේය; නෙක විකුමන් පාමින් මා හා සසඟෙහිත් යෙදුණේය.
මා නින්දෙන් ඇහැරුණේ කම්පනයෙනි!
‘එන පොට නං හොඳටම හොඳ නෑ නිමලෝ. දැන්වත් බොට තේරෙන්නෙ
නැද්ද මෝලෝ, මොනවද වෙන්න යන්නෙ කියලා. තොට මොනවද ඕනි වෙලා තියෙන්නේ කියලා.’ හිත
මොර දුන්නේ හෙමින් හෙම නොවේ.
එසැණින් මගේ ජාගර චිත්තය ඒ මතයට ප්‍රතිවිරුද්ධව
කඩිනමින් කරුණු පෙළ ගස්වන්නට විණි.
‘දැන් බලහං, උඹ ලංකාවෙන් මෙහාට ඇවිල්ල මාසෙකටත් කිට්ටුයි. එංගලන්තෙට ආවය කියලා
තමුසෙ කෙළෙස් ප්‍රහීන කළේ නැහැනේ. මෙහෙට එන දවසට කලින් දවසේ රෑ පද්මෙත් එක්ක
හිටියට පස්සේ, උඹට වාරකන් ලබලනෙ ඉන්නේ... (නිෂ්පාදනේ වැඩියෙන් වෙලා! නිකුත් කිරීම
නැවතිලා- අතිරික්තයක් හැදිලා... අලුතෙන් කෙරෙන නිෂ්පාදනය ගබඩා කරන්නට ඉඩ ගන්නේ-
පරණ බඩුවලින් ටිකක් අයින් කරලයි... නේද?)
අර පොතෙත් තිබුණ මතකයි නේද ඕක
ලෙඩක් නෙවෙයි, සොබාවික දෙයක්ය
කියලා.”
හැබෑ ලොවේදී මස්තකප්‍රාප්ත කරගත නොහැකි ඕනෑම අභිප්‍රායක්
සිහින ලෝකයෙදී සපුරා ගන්නට යමෙකුට පුළුවන. ඒ ලෝකයේ සීමා-මායිම් නැත; නීති-රීති
කඩුලු-තහංචි නැත!
මට සිද්ද වෙන්නට ඇත්තෙත් ඒ ටිකමය. දවල් තිස්සේ අශාන් එක්ක වැඩි වෙලාවක් ගැවසුණු
හින්ද වෙන්නැති, එයාවත් අර හීනෙට ඈඳෙන්න ඇත්තේ…
ඒ සොඳුරු ස්වප්නය දකිද්දී මට නොමඳ මිහිරියාවක් දැනුණු බව
සැබෑය. එහෙත් එහි කූඨප්‍රාප්තිය මොහොතේ තෙත් වුණු පිජාමා කලිසම එළි වෙනතුරු ඇඳගෙන
සිටින්නට බැරිය. එය මාරු කර ගත්තත් නින්ද අසලකටවත් නොඑයි. එවෙලේ, දිනපොතෙහි මේ
සියල්ල විස්තර සහිතව ලියැවුණේ හුදු කල් මැරීම වෙනුවෙනි.
ඒත් අහල ගම් හතකවත් නිඳිමතක් නැත.
මොකක්ද කරන්නේ?
![]() |
අර සටහන් යළි කියවා
ගැනිල්ල ‘පුරාණ ඊජිප්තුවේ, පිරමිඩ ඇතුළේ
රූපාක්ෂරවලින් (Egyptian hieroglyphs) තැබූ සටහනක් කියවීම’කට
වඩා අසීරු වී... |
සංගණනයක්... ඔව්... ඒ අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා සිට අප්‍රේල් 28 තෙක් මගේ
රහසිගත විශ්වයේ සටහන් අනුසාරයෙන්- මගේ ලිංගික සබඳකම් පිළිබඳව ගණනයක් කිරීමටය; මට හිතුණේ.
‘අන්න එතකොට තමුසෙටම තේරෙයි නිදි, තමුසෙ හිටි විදිහයි; දැන් ඉන්න විදිහයි.’
ජීවිත අත්දැකීම් අවංකව සටහන් කර තැබිය හැකි
නම්, යම්කිසි විටෙක ඒවා හොඳට හෝ නරකට හෝ කෙතරම් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්ද? මට
කල්පනා වෙයි.
එහෙත්, මා වුවද එදා මෙතරම් අභීතව ඒ අව්‍යාජ සටහන් තබා ඇත්තේ රහසිගත ඉලක්කම්
භාෂාවෙන් ඒවා ලියූ බැවිනි. එතැනදී වසන්ත කියා දුන් ඒ රහස්‍ය භාෂාව යොදාගෙන සටහන්
තැබීමත්, මට රහසිගත මදි විණි. ඒ නිසා මං වහන්සේ යොදාගත් ‘ප්‍රයෝගයක්’ අද මටම සතුරු
වෙයි.
‘තමුසෙ වික පුකාගෙන; දත කාලා- කොහොම හංගලා ලිව්වත්
ඉලක්කම් භාෂාව දන්න කෙනෙකුට මේක අහු වුණොත්!’
පැන් තාලියේත් කිඹුලන් දකින නිදිට එදා කල්පනා වුණේය.
ඉතිං ඒකා වැඩි පරෙස්සම තකා- ඒ සටහන් ලියන අතරවාරයේ සමහර වචන මැද්දට හා සමහර වාක්‍ය
මැද්දට අනවශ්‍ය අකුරු හා අනවශ්‍ය වචනත් එබුවේය.
ඒ ප්‍රයෝගය නිසා, අර සටහන් යළි කියවා ගැනිල්ල ‘පුරාණ ඊජිප්තුවේ, පිරමිඩ ඇතුළේ
රූපාක්ෂරවලින් (Egyptian hieroglyphsවලින්) තැබූ සටහනක්
කියවීම’කට වඩා අසීරු වී තිබේ!
එහෙම සකල අමාරුවක වැටුණත්, වැඩේ අල්ලලා දාන්නට මේ පුතයා
සූදානම් නැත.
ඒ දිනපොතට අනුව, මහ පාන්දර මං වහන්සේ යටකී ‘ගණන් බැලිල්ල’ කර තිබෙන්නේ 1985 මැයි
මස 19 වෙනි ඉරිදාට පහන් වෙද්දීය.
ගණනයට ලක් වුණේ
අවුරුද්දේ මුල් දවස් 118 ගැනය.
ඒ දින 118 අතරෙන් දවස් 42ක්ම, මේ blog පෝස්ටු ලියන නසරානියා ‘තෙවෙනි සිල් පදය බිඳ
දමලා’ය. නිකංම නිකමුත් නොවේ; විටින්-විට වෙන-වෙනස් හාදයන් 16 දෙනෙකුවත් හවුල්
කරගෙන!
එහෙම වෙන්නට ඇත්තේ මගේ හඳහනෙන් කියවී තිබුණු ‘අතිධාවන කාම යෝගය’ නිසා වෙන්නටත් ඉඩ
තිබේ. එහෙමත් නැතිනං- මගේ සිරුරේ ලිංගික හෝර්මෝන වැඩියෙන් නිෂ්පාදනය වීම නිසා
වෙන්නටත් ඇහැකිය.
![]() |
හීනෙන් හරි දැන් ඒ
සීලයත් කැඩිලා ඉවරය!!! |
පළමුවෙනි වතාවට පිටරටකට ගිය කෙනෙකුට; දවස් 21ක්
කියන්නෙත් පොඩි කාලයක්ද? ඔබ අසන්නට ඉඩ තිබේ. ඒ සති තුනේදී අප පවුල පිටින්ම එකට
ගෙදරින් බැහැරව ගියේ දෙපාරක් විතරකි. එකක් රෝයි අංකල්ලාගේ ගෙදරට. තව එකක් පිහිනුම් තටාකයකට; කාටත් තේරෙන සිංහලෙන් නං
Swimming-pool එකකට.
තවත් පහු නොවී ඒ ගැනත් කියන්නටය, මේ සූදානම.
මට නං මැරෙන තුරුමත් මතක් කරමින් හිනා වෙන්නට තරම්
තුෂ්ටිජනක දෙයක් ඒ ගමනේදී සිද්ද වුණේය.
අපි හත් දෙනා එහාට යන්නට හැදුවේ ඩැඩාගේ කාර් එකෙනි. “බෑ,
බෑ. හත් දෙනෙකුට යන්න බෑ. එක්කෙනෙකුට ඉන්න වෙයි.” ඩැඩා කාර් එක ළඟදී බර-බරයක්
දැම්මේය.
“ඩී. ඔයාට සයිකලෙන් එන්න පුළුවන් නේද?” Sam මල්ලියාට යෝජනා කළායින් ප්‍රශ්නය
විසඳුණේය. ඩැඩා car එක කොයි තරං හයියෙන් එලෙව්වාද කියතොත්, අපි කට්ටිය ස්විමින්
පූල් එකට යනකොටත් මල්ලා එතනට ගිහිල්ලය; ගිහිං ගොඩක් වෙලාවකුත් බලාගෙන ඉඳලාය.
වඩා හිනා නොවෙන ජාතියක් වශයෙන් මට පෙනුණු බ්‍රිතාන්‍ය
ජාතිකයන් නිතරම ඉන්නේ ඉන්නං වාලේ වගෙය. (ඒ මට පෙනුණු විදිහයි. මට වැරදිලා වෙන්නත්
හැකිය.) නමුත් ඔවුන් ඉතා ඉක්මනින් අන්‍යයන් සමඟ සුහද වන්නටත් කැමතිය. ඒ කවුරුන්
විසින් හෝ පළමු පියවර තැබුවායින් පස්සෙය.
පිහිනුම් තටාක පරිශ්‍රයට පිවිසෙන තැන tickets නිකුත් කරන්නට හිටියේ තරබාරු; මැදි
වියේ කාන්තාවකි. එයා හිටියෙත් අර official මූණත් තහඩුව පිටින්මය.
(අපේ ඩැඩා ටිකාක් විතර Joker කෙනෙකි; විහිළුවට- කෙළිලොල්
කතාවට ශූරයෙකි.)
“හායි Love! ගුඩ් මෝනින්. උඹ දැකල තියෙනවද වස්තුවේ,
රෙඩිමේඩ් family එකක් හොයාගෙන සතුටින් ඉන්න British කොල්ලෙක්ව. මෙන්න ඉන්නවා ඒ
lucky guy උඹේ ඉස්සරහින්ම.” ඩැඩා රවුමක් කැරකී කියන්නේ සතර අභිනයම
උදව්වට අරගෙනයි. ඒ රංගනයට හිනා වුණු සුදු බවලතිය, ලැහැස්ති වන්නේ දිග සල්ලාපයකටය.
“මගෙ බෝතලේ coffeeත් තියෙනවා... ලකී හාදයෝ.”
“මාර්වලස් ඩාලින්, ඔයා මෙයාලට ටිකට්ස් දීලා ඉවර වෙලා ඉන්නකෝ.
මට ඇතුළට යන්න ඕනි නෑ. ඊට වැඩිය හොඳයි නිදහසේ ඔයත් එක්ක chat එකක් කරගෙන ඉන්න එක.
හැබැයි ඔයාට කරදරයක් නෙවෙයි නං...”
![]() |
ඒ compliment
එකේ
මහිමය මට අමතක වෙන්නේ, මා මියගිය දවසක විතරය! |
“Two adults, four halves...”
අම්මාටත්, අනිල්ටත් full ටිකට්ස්ය; සමන්තිට, දීපාල්ට,
දීපානිට සහ මට බාගෙ ටිකට්ස්ය! බාගෙ ටිකට් එකක් ලැබිලත්, මං කළේ වතුරට බැහැගෙන බලා
හිටිල්ලය. එතකොට මට පීනන්නට බැරිය. (මල්වතු ඔයේ ගිලිලා මැරෙන්නට ගිය මං වහන්සේව ‘කිරිල්ලී’
බේරා ගත්තෙත් ඊට මාස කීපයකට කලින්ය.)
මට අවුරුදු 31දී ලැබුණු ඒ බාග ටිකට්ස් compliment එකේ
මහිමය මට අමතක වෙන්නේ, මා මියගිය දවසකය!
“ලොකාට කම්ප්ලිමන්ට් එකක් දුන්නා නෙවෙයි. ඒ ලේඩි අපේ ඩැඩාට
ආදරේටයි ඒ සැලකිල්ල කළේ.” ආපහු එද්දී අන්නා කිව්වේය.
“අපොයි ඩැඩාගේ ආදරේ!” අම්මාට ඒ කතන්දර අල්ලන්නේ නැත.
“ඒ වුණාට ලීලා මගේ ආදරේට කැමති වුණානෙ...” ඩැඩා අම්මාව තරහ ගස්සන්නේ ගෙඩිය පිටින්ම
ඇත්තක් කියමිනි. “මගේ කමිසෙක බොත්තම් දෙක තුනක් ගැලවිලා තිබ්බා. මම ඒවා අල්ලලා
දෙන්නයි කියල උඹලගෙ අම්මට දුන්නා, කුලිය විදිහට පවුමකුත් එක්ක. එතකොට ලීලා හිතුවා
මං හරි වියදම්කාර පෝසතෙක් කියලා... හඃ හඃ හඃ හා.”
ඒ විස්තරය කියන වෙලාවක් ඇත්තං අපේ අම්මාට මළ පනියි.
එදාත් එහෙමය. “එහෙම මෝඩ වුණායින් තමයි මට මේ වැඩේ වෙලා තියෙන්නේ... එරීන් තමයි මට මේ ලණුව දුන්නේ...”
“ඩැඩී, උඹල දෙන්නා ඕක නවත්තන්නේ නැත්තං, මෙතැනින්ම අපිව
drop කරන්න please! අපි පයින්ම එන්නං... මගේ කන් දෙක රිදෙනවා.” Sam අම්මලගේ වාදය
නවත්තන්නේ එහෙම උපායකිනි.
ඔන්න ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය තමුන්නැහේලා (ඒ
වචනේ ද්විලිංගික වගෙය කියලයි මට දැනෙන්නේ.) හැමෝම ඉවසන්න ඕනි- මගෙ වැල්වටාරම් කීම.
මම පිහිනුම් තටාකයට ගිය ගමන ගැන කිව්වේ කාරණා දෙකක් නිසා.
1. අවුරුදු තිස් එකේදීත් මට තිබ්බේ ළපටි; අහිංසක පාටක් බවට පම්පෝරියක් ගහන්න.
(එහෙම නොකර කොහොමද?)
2. අපේ අරුම පවුලේ සාමාජික-සාමාජිකාවන්ගේ හා ඒ රටේ මිනිසුන්ගේ ගතිසොබා ටිකකුත් පණ
ගැහෙන උදාහරණේකින්ම පෙන්නලා දෙන්න.
එහෙම නැතිව ලියනවා නං ඉතිං, මෙලෝ රහක් නැතිව සාරාංශයක්
නෙව ලියන්න වෙන්නේ. නේද?
නිදිගේ ජීවිත කතාව ලියනවා වුණත්, ඒක සාහිත්‍යමය විදිහට
තමයි ලියවෙන්න ඕනි; රසයක් දනවන- කියවගෙන යන්න හිතෙන විදිහේ. ඒ නිසාමයි, සමහර දේවල්
පෙළ ගැස්වීම විතරක් චූට්ටක් එහා-මෙහා කරන්නේ. අද කළා වගේ. ඒ කිව්වේ swimming කරන්න
ගිය ගමන තමයි, ඉස්සෙල්ල සිද්ද වුණේ- දෙවෙනියට කිව්වත්.
රෝයි අංකල්ලාගේ, අශාන්ගේ කතන්දර දෙවනු තමයි සිද්ද වුණේ-
පළමුවෙනියට කිව්වත්.
![]() |
... ඔය කිව්වේ නීලියා ආවාම, මගේ
Scanner මැෂිමට අහු වුණු හරියයි. |
“අද වෙදර් එක නම් මේ වැඩේ කරන්න දෙන්නෙම නෑ වගේ නේද, නිමොල්. අපි හෙටම කරමු.
යමු... උඹලගෙ ඩැඩී එනවයි කිව්වේ දවල් වුණාමනෙ. මම උඹව drop කරන්නං.” යෝජනාව ගෙනාවේ
වාහන හිමියාමය. මං බුරුසු- පින්සල් ආදිය සෝදන අතරවාරයේ මනුස්සයා ඒ විත්තිය
කයිසර්ලාටත් කියලය.
“අශාන් මට කිව්වා උඹට advance එකක් හෙම ඕනිද කියල
අහන්නත්...”
“නෑ, එපා. ස්තුතියි!”
ඉක්මනින්ම මං ගෙදර ආවාම, අම්මාගේ ඉහේ මලක් පිපුණු ගණනය!
“ඔයා ඉක්මනටම ආවද? හරි ෂෝක්! නීලියාත් මඟ එනවලු. ඔයා නාගෙන එන්න. රැවුලත් කපලා...”
“පිස්සුද අම්මෙ. මං ඊයේනෙ රැවුල කැපුවේ...”
“ඒ වුණාට රංජි...’” අම්මා වැඩිය මොකුත් නොකිව්වේ සමන්ති නංගීත් කුස්සියේ හිටි නිසා
බවයි, මට පෙනුණේ.
“දීපාල්, මතකයි නේද මං කිව්වා. නීලියා ආව ගමන්ම ආන්ටී
පාන්ටී ගගා මැරෙන්න හදන්න එපා, ඕං!” බඩා මල්ලා කුස්සියට එබෙනවාත් එක්කම අම්මා පරණ
තැටියම දැම්මාය.
“එහෙනං නිකංම නීලියා කියන්නද අම්මා කියන්නේ. අම්මම නේද අපට කියන්නේ, වැඩිහිටියන්ට
ගරු කරන්නයි කියලත්...” D. කෝන්තර අහයි.
“දීපාල්. මම යමක් කිව්වම කරනවා. නංගිටත් මතක් කරනවා. මම
කියන විදිහට කරන්න බැරි නං උඹල දෙන්න තුන් දෙනාම උඩට වෙලා හිටපල්ලා.”
ඒ වෙලාවේ මට මතක් වුණේ ‘චක්කරය පාඩම් දෙන්නට බැරි වුණු’
මාව කට්ට කරුවල ඉස්තෝප්පුවට තල්ලු කෙරූ දවසයි.
“පාඩම් දෙනකල් උඹව ගෙට ගන්නෙ නෑ.” යනුවෙන් කියූ දවසයි!
එදා වගේමය; තවමත් අම්මා තර්කානුකූල නැත.
නීලියා පියකරුය, පැහැපත්ය, උස නැත, කොණ්ඩය උරහිස තෙක්
කොටට කපා- පාට කරලාය. සුමුදු දෙඩුම් ඇත්තීය. යාන්තම් ඉදිරියට වක් වුණු උරහිස් නිසා
කුදු ගතියකුත් තිබ්බද මන්දා. ඒත් එයා ප්‍රසන්නය.
ඔය කිව්වේ නීලියා ආවාම, මගේ Scanner මැෂිමට අහු වුණු
හරියයි.
![]() |
උපාසක බළල්ලු තමයිලු එක
සැරේ මීයෝ දෙන්න දෙන්නා අල්ලන්නේ! |
මට අහගෙන හිටින්නට; දරාගෙන හිටින්නට බැරි තරං අජූවට...
‘මෙයා මෙහෙම හිටියට හරි හපනා / උයන්නත් දන්නවා / මැහුම්
ගෙතුම් හිට දන්නවා / බොන්නෙත් නෑ- සිගරැට් බීමකුත් නෑ / තවම කෙල්ලෙක් එක යාළු
වෙලාවත් නෑ- අපිටම කැඹුරුවා විතරයි’ ඒ ආලවට්ටං කතන්දර; කැරැක්ටර් සැටිපිකෙට් දීම්
සේරම වගේ සිංහලෙන්ය කියැවුණේ.
“එහෙනං ලීලා, දැන් කරන්න තියෙන්නේ නිමල්ට හොඳ කසාදයක්
කරලා දීලා සෙට්ල් down කරවන්නයි!” නීලියා කිව්වේ මගේ පැත්තටත් හැරිලා, ඇස් නටවමින්
ඉඟි මරමිනි.
“අනේ ඩාාාාාාලි....න්!” අපේ අම්මාගේ කට කණේය.
“හැබැයි ලීලා, ඔයා කොච්චර character certificates දුන්නත් මට නං මෙයාව විශ්වාස නෑ.
මෙච්චර ලස්සන කොල්ලෙක් මෙච්චර කල් සිල් රැකලා...? මොකක්ද නිමල් අර ලංකාවේ කතාවක්
තියෙන්නේ... උප්පාසක්ක බළල්ලු මීයෝ...”
ඩැඩා වත්කොට දුන් බීම වීදුරුවක් තොල ගාමින් හිටි අනිල්
මහ හයියෙන් හිනා වෙලා සභාව මැදට පැන්නේ එතකොටය.
“උප්පාසක්ක නෙවෙයි නීලියා. උපාසක. උපාසක. උපාසක බළල්ලු
තමයිලු එක සැරේ මීයෝ දෙන්න දෙන්නා අල්ලන්නේ!”
“Thanks Anil, අම්මා නොදන්නවට, ඔයාලා හොඳට දන්නවා ඇති නේද ලොකු අයියගේ හපන්කම්?”
“හපන්කම්...” අන්නා වචන හොයන පාටය...
à ඊළඟ කොටසට...