li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, July 9, 2025

ඌරු මස් එක්ක පොල් රොටි කෑවම පව්ද?

ඒ බැනර් එක; ‘ඌරු මස් සමඟ පොල් රොටි දන්සල’ කියලා තිබ්බ බැනර් එකේ foto එක නියමෙට ඇහැට වැදුණා. සුමාන ගණනකට කලින් දවසක.

අම්මට සිරි! දැන් කාලෙ මාර දන්සල්නේ දෙන්න හදන්නේ... ජුනි 10, පොසොන් පොහෝ දින උදේ 9.00 සිට දෙනවලු...

දැන්වීමක තියෙන්න ඕනි හැම දෙයක්ම නියමෙටම තියෙනවා. කෙරෙන්නෙ මොකක්ද / කවදා, කීයට, කොහෙදිද / කරන්නේ කවුද... සේරම තියෙනවා.

කොහෙද බොලේ මෙයාලා මේ දන්සල දෙන්න හදන්නේ?
ළඟ පාතක නං යන්නත් බැරියැයි...

(හැබෑ බොරු කොහොම වෙතත්) ඒ බැනර් එක නං පංකාදුයි. හොඳට දන්නා අය එකට එකතු වෙලා ලියලා- හදලා වෙන්නෝනි.

දැන්වීමක තියෙන්න ඕනි හැම දෙයක්ම නියමෙටම තියෙනවා.
කෙරෙන්නෙ මොකක්ද / කවදා, කීයට, කොහෙදිද / කරන්නේ කවුද... සේරම තියෙනවා. දකින අයගේ අවධානය ගත යුතු හැටිත්, හොඳට දැනගෙන plan කරලා තියෙන්නෙ.

පොල් රොටි දන්සල කියල කෙළින්ම නොලියා හරිම නිර්මාණශීලී විදිහටයි text එක ලියල; පේළි තුනකට කඩලා font sizes යොදල තියෙන්නෙත්. ඇහැට වදින්න...

ඌරු මස් සමඟ කෑවොත් පව් සිද්ද වෙන නිසා ලුණු මිරිස් එක්ක පොල් රොටී දන්සල’. කළු අකුරෙන් තියෙන පේළි දෙක තමයි බැනර් එකේ ලොකුම අකුරුවලින් තියෙන්නෙ...
‘කෑවොත් පව් සිද්ද වෙන නිසා ලුණු මිරිස් එක්ක‘ කියන වසං කළ යුතු ටික තමයි බැනරයේ පුංචිම අකුරුවලින් තියෙන්නේ.

මගේ බාසාවෙන් නං ‘සම්‍යක් ප්‍රයෝග’ කියන්නේ ඒ වගේ දේවල්වලට. උචිත පරිදි එහෙම ප්‍රයෝග යොදන්න දන්නවා නං අපිට අපේ ජීවන ගමනෙදිත් ගොඩක් ප්‍රශ්න මතු වෙන්නෙ නැති විදිහට වැඩ ටික ෂේප් කර ගත්තැකි.

ඉතිං ඉතිං ඒ බැනරයේ ‘ප්‍රශස්ත බව’ හින්දාම මං ඒ ගැන ගිය සතියේ ‘බහු උචිතවාදියා + බහුචිතවාදියා’ post එකේ ලිව්වා.
ඒ පෝස්ටුවට comment එකක් එවමින් අපේ හිතාදර රසිකාවියක් වන Lotus මෙහෙම කතාවක් කියල තිබ්බා.

‘බහු උචිතවාදියා දැන් කරලියේ; දේශපාලන කරලියේ. බහුචිතවාදියා රට පුරා සිනමාහල්වල". හොඳ ගැලපීමක්, නිමල් 👍

"ඌරු මස් සමඟ පොල් රොටි.." බැනර් එක හරියට කියවන්නෙ නැතුව අතිශය බෞද්ධ කී දෙනෙක් තරහ ගන්න ඇතිද. ඒ වගේම ආගම දර්මය ඉස්සරහට දාගෙන තමන් හරි හොඳ මිනිස්සු කියලා පෙන්නගෙන ඉන්න (virtue signaling) අයට හොඳ පාරක් ගහලා තියෙන්නෙ. මගෙ යාලුවෙක් ඉන්නවා වෙජිටේරියන්; ඒ අතරෙ මස් මාලු කන අනිත් අයට පලු යනකම් බනින එක තමයි කොයි වෙලෙත් කරන්නෙ. වෙජිටේරියන් වීම නිසා යම් පිනක් වෙනවා නම් (allegedly), ඊට වඩා කීප ගුණයක පවක් කරගන්නව ඇති මස් මාලු කන අයට බැනලා.’

ඒ විස්තරේ කියෙව්වම මං හීනෙකින්වත් ලියන්න නොහිතපු කරුණු කීපයක් ලියන්න ඕනියි කියල හැඟීමක් ආවා. මං ඒ විත්තිය Lotusට ලිව්වත් එක්ක.

ජීවිතේට අපේ පැත්තේ එන්නෙත් නැහැ.

ඉස්සෙල්ලම කිව්වේ 'හොඳ ගැලපීමක්' කියල ප්‍රශංසාවක් කිරීම ගැන. ඒ ගැන ස්තුතියි කියලා මං මෙහෙමත් ටිකක් ඒකට එකතු කළා. ‘Post එකක මුල වැකිය- දෙක හා පළමු foto එක ගැන මම ඉතාම සැලකිලිමත්. මොකද අනෙක් හිතවතුන්ගේ blog රෝල්ස්වල පෙන්වන්නේ ඒ ටික නිසා.

ඒවායින් post එක කියවන පිරිස වැඩි කරවනවනේ...’ මම නං හිතන්නේ එහෙමයි.

මට පෙනෙන විදිහට සහෝදර blog රචක- රචිකාවන් වැඩි දෙනෙකු ඒ වගේ පැති ගැන හිතන්නේ අඩුවෙන්. ඒ විත්තිය මේ මෑත දවසක අජිත් ධර්ම මහත්තයා ලියූ ‘මගේ පස්සෙන් එන්න’ පෝස්ටුවේ comment එකකිනුත් කියැවුණා. ඒ කමෙන්ට්ස් තීරුවේම තව වැදගත් කරුණු කීපයක්මත් කියැවිලා තිබුණා.

Ajith Dharma.30 June 2025 at 19:44
මම මේ කල්පනා කොරේ
, බෝධිනී ගේ බ්ලොග් එක ගැන කල්පනා කරපු වෙලේ.  සමහර ආඩම්බරකාර බ්ලොග් තියනව. අපේ බ්ලොගයක් එල්ල ගන්නෙත් නැහැ. ජීවිතේට අපේ පැත්තේ එන්නෙත් නැහැ. ඒ ගොල්ලන්ව තියන් ඉන්න එක වැඩක් නෑ වගේ නේද? (බෝධීගේ බ්ලොග් එක ගැන නෙමේ මේ කියන්නේ.) සාමාන්‍ය බ්ලොග් එතික්වල හැටියට අනිත් අයගේ බ්ලොග් එකට ගොඩ වැදිලා විටක් කාල කහට එකක් බීලා යන එක නෙමේද කරන්න ඕනේ.

D.G.M බස්සා 2 July 2025 at 02:14
මට හිතෙන්නෙ සිංහල බ්ලොග් අභාවයට යන්න එක හේතුවක් ඒක කියලයි. බ්ලොග් ලියන අය
, ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය, මහන්සිය වැය කරල අපට නොමිලේ බලන්න දෙනවා. අඩුම ගණනේ වැටක් ගහල හරි ඒ අය දිරි ගන්නවන එක අපේ යුතුකම.

Ajith Dharma. 2 July 2025 at 20:25
ආන්න ජන්සන්! යුතුකම් දන්නා මහත්මයෙක්.
.......

Ajith Dharma.1 July 2025 at 23:08
බ්ලොග්වල තියෙන්නේ වෙනම වයිබ් එකක්
, ඔයාගේ පෙරදිග සටහන් වෙබ් අඩවිය බැලුව. හොඳයි. ඒකට පාඨකයෝ එනවද? හුඟක් වෙලාවට කමෙන්ට් නැත්නම් මම බ්ලොග් ලියන එහෙකුත් නැහැ දැන්නම්. ඉස්සර නම් හිතුන කමෙන්ට්ස් වැඩක් නැහැ කියල. දැන් ඔය සමහරුන්ට වගේ ලියල බලන් ඉන්න අමාරුයි.’

ඒ commentsවලින් මගේ හිතට වැදුණු කරුණු කීපයක් ගැන නිස්සද්දව හිටියැකිද මගේ සත පහෙනුත් දායක නොවී.
1. තමන්ගේ Blog රෝල් එකේ සහෝදර blogs කිහිපයකවත් නම් එල්ල ගත්තට පැත්තක් යනවැයි? ඒ වෙනුවෙන් අමතර ගෙවීමක් එහෙම කරන්න වෙන්නෙත් නැහැ නෙව...

ආන්න ජන්සන්! යුතුකම් දන්නා මහත්මයෙක්... (බකුසාණෝ)
2. Comments දැමීම.

මේකට නං ටිකක් වෙලාව යනවා තමයි. ඒත් එහෙම වෙලාව ගියත් කමෙන්ටුවක් ලිවීමෙන් පළ කෙරෙන කෘතවේදීත්වය මහමෙරක්... ඒ විතරක්යැ, ඒකෙන් ඇතිවන සුහදත්වයත් සුළුකොට තකන්න බෑ... ඒ නිසා ඇතිවන මිතුරුකම්! (මගේ වර්තමාන මිතුරන් අතරින් දුසිමකටත් වැඩිය ඉන්නවා blogs හරහා මිතුරු වුණු උදවිය. තවම පියවි ඇසින් දැක නැති; එහෙත් අතිශයින් සමීප blog හිතවතුනුත් ගොඩක් ඉන්නවා.)

-අනෙක් වැදගත්ම කාරණය තමයි අපේ blog අඩවිවලට; ඔබගේ නාමයට ලැබෙන පිළිගැනීම හා ප්‍රචාරය. මට වැය කළ හැකි සීමිත වෙලාවේදී මං තෝරාගත් blog අඩවි කිහිපයකට ගොඩ වදිනවා- ඒ posts කියවනවා- commentsතුත් යවනවා. (Posts නොකියවා කමෙන්ට්ස් යැවීම නං මගෙන් කෙරෙන්නේ නැහැ.) ඒ සමහර අඩවිවලින් මගේ බ්ලොගය කියවන්නට පැමිණෙන රසික රසිකාවියන් ගණනින් පෙනෙනවා- මගේ කමෙන්ට්ස්වලින් කෙරෙන ප්‍රචාරයකුත් තියෙන බව.

-ඒත් අජිත් ධර්ම මහතා තරමටම නං මං වහන්සේ කමෙන්ට්ස් බලාපොරොත්තු වෙන්නේ නෑ.

-මොකද දන්නවද? මම ලියන්නේ මගේ ජීවිත කතාව කියන්නත් එක්කනේ. අනෙක මං වෙච්ච දේවල් ඒ හැටියෙන්ම ලියනවා. ඉතිං- ගොඩක් නඩලං, නාඩගම් නටල තියෙන- අඩව්-කස්තිරම් අල්ලල තියෙන ‘නිමල් දිසානායක’ ලියන සමහර posts ‘අසභ්‍ය’ පැත්තටත් බර වෙනවා.
ඒ නිසාද කොහෙද නිදිගෙ පංච තන්තරේ කියල blog අඩවියක් තියෙන බවවත් මගේ හිතවතුන් නොදන්නවා වගෙයි අඟවන්නේ.

-දුර පලාතක ඉන්න බොහොම forward හිතවතියක් 2020 දී මට රහසක් කිව්වා. “මිස්ටර් දිසානායක ලියන blog සේරම මමත් කියවනවා. හැබැයි ඒවා කියවන බව ගෙදර අයටවත් අඟවන්නේ නෑ. ඔයාට තේරෙනවනෙ...” ඒ තත්ත්වය ගොඩ දෙනෙකුට පොදු ඇතියි කියලා මට හිතෙනවා. ඒ හින්දමයි මම වැඩිපුර comments බලාපොරොත්තු වෙන්නෙත් නැත්තේ.

-හැබැයි, මාත් කමෙන්ට්ස්වලට ආසයි. සෘජුව ලියවෙන අවංක අදහස්වලට හරිම කැමැතියි... අජිත් ධර්ම මහතා කියනවා වගේ ලැබෙන පාඨක commentsවලින් ලියන අයට සතුටක් වගේම, තවත් ලියන්නට හොඳ උත්තේජනයකුත් ලැබෙනවා නෙව!

පෝස්ටුවක් කියවන හැමෝම උඩුපෙළ වගේම යටිපෙළත් වටහාගන්න වෙහෙසෙන්නේ නෑ. එහෙම දේකට උවමනාව තිබ්බත් නිදහසත් තියෙන්න ඕනිනෙ. එහෙම උවමනාවයි, නිදහසයි තියෙන ආදරණීය පාඨකයන්- පාඨිකාවන් ටික දෙනෙකුත් අපට ඉන්නවා. ඒ අතරින් Lotus විශේෂ වෙන්නේ ‘රැඩිකල් මත දරන බුද්ධිමත් රසිකාවියක්’ ලෙස හැඟෙන නිසා.

එතුමා ඉන්න තැනක ඕනිම කෙනෙක් කතා කරන  ඕනිම දෙයක් ගැන එයාත් දන්නවා... එයාත් ඒ සිදුවීමේ කොටස්කාරයෙක් වෙලා හිටි බව අඟවන්නයි...

‘Virtue signaling’ කරන උදවිය ගැන Lotus එයාගේ කමෙන්ටුවෙන් කියල තියෙනවා දැක්ක ගමන්ම මට මේ post එක ලියන්න අයිඩියාව ආවා.

ඒකටම එකතු කරන්න හිතුණා වැදගත්ය කියලා මං වහන්සේට හිතුණු තව කාලීන කරුණු ටිකකුත්...

මට නානාප්පරකාර යාළු මිත්‍රයන් ඉන්නවනෙ. එයින් කෙනෙකුව තමයි මට මතක් වුණේ  ‘Virtue signaling’; මවා පෙන්වාගෙන ඉන්නා විස්තරේ දකිද්දී.

ඒ මිත්තරයා මිස්ටර් එක්ස් කියා හිතමුකෝ!
මනුස්සයා උගතා; බුද්ධිමතා; සැදැහැවත් බෞද්ධ මහෝපාසකයා- පුරා පෝය දවසට සිල් ගන්නවත් එක්ක. ඒ වගේම සත්ත්ව අවිහිංසාවාදියා; මදුරුවෙක් ඇවිත් ඇඟේ වැහුවත් ඌව එළවල දමනවා මිසක මරන්නෙ නෑ.
නන්නාඳුනන මනුස්සයෙක් පීනමින් ඉන්නවා දැක්කත් මිස්ටර් X හදන්නේ එයාව වතුරෙන් ගොඩට ගන්න! අපේ මිත්‍රයා ඒ තරමට ‘පරෝපකාරය’ටත් ලැදියි.

එතුමා ඉන්න තැනක ඕනිම කෙනෙක් කතා කරන ඕනිම දෙයක් ගැන එයාත් දන්නවා... එයාත් ඒ සිදුවීමේ කොටස්කාරයෙක් වෙලා හිටි බව අඟවන්නයි එයාට ඕනේ. ඒ වෙනුවෙන් ගල් පැලෙන තරමේ බොරු කීමේදී මුන්නැහේ චේතිය රජ්ජුරුවන්ටත් හපන්. එහෙම බොරු කියද්දී උන්නැහේ කිසිම පැකිළීමක් නැතිව යාළු මිත්‍ර හිතවත් අපිවත් ඒ කතන්දරවලට ඈඳා ගන්න එකයි ප්‍රශ්නෙ.
එහෙම ඈඳගෙන ගොතන ප්‍රබන්ධ රස කරමින්; පලිප්පු දමමින් කියනකොට එව්වයින් අනිත් උදවියට සිද්ද වෙන අවමානයන්; අපහාසයන්; මදි පුංචිකම් ගැන උන්නැහේට කිසිම ගාණක් නෑ!

ඊටත් වැඩිය එයා ගැන කියන්න ඕනි වුණේ මේ කාරණයයි. උන්නැහේ ගව මාංශ- සූකර මාංශ දෙක වළඳන්නේ නෑ. බිත්තර- කුකුළු මස්- මාළු වර්ග වළඳනවා.

මගේ දැක්ම මේකයි.
හරක් මස් කන එක පාපයක් නම් හාල්මැස්සන් ආහාරයට ගැනීම ඊට වඩා විශාල; බරපතල පාපයක්. (මේ වගේ තැන්වලදී මගේ මතය වැරදි වෙන්නත් පුළුවනි. මරන්න හොඳ නං කන්න බැරි ඇයි කියලා
‘මීන සංහාරය’ post එකේදි කිව්වා මතක ඇතිනේ. ‘පව් විකුණන්න බැහැ’ කියන මතයේ පිහිටලා මමම අපේ මානෙල් නංගිගේ මංගල්ලයට ‘සැවුළු සංහාරයක්’ කළ හැටි කිව්වා මතක ඇතිනේ.)

ඒ හින්දා, මේ වගේ සච්චරිතවාදීන්ට එක ප්‍රතිපත්තියක් නැත්තේ ඇයි කියන එක මට තවමත් ප්‍රශ්නයක්! සහමුලින්ම එකිනෙකට පරස්පර දේවල් මෙයාලා හිස්මුඳුනෙන් පිළිගන්නේ කොහොමද කියන එක මට තවමත් ප්‍රශ්නයක්.

ඒකටත් හොඳම උදාහරණය අපේ මිස්ටර් X.

මෙහෙම දෙබිඩිකම් හැම තැනම සිද්ද වීමයි අරුමේ! එහෙම වැඩ වැඩියත්ම බලාගන්න ඇහැකියි ‘මිතුරු සාද’වලදී...

එයා තද බෞද්ධයාය කියලා මං කලින් කිව්වනේ. හැබැයි මෙයා කිසිම මළ ගෙදරකින් වතුර උගුරක්වත් බොන්නෙ නෑ, හත් දවස පනිනකල්!
මනුස්සයා දේව පූජාවකට හකුරු- පලතුරු ගෙන්න ගත්ත දවසක ඒවා ෆ්‍රිජ් එකේ තියනවට විරුද්ධ වුණාලු ‘මස්-මාළු දාන ෆ්‍රිජ් එකනෙ’ කියලා.

මගේ මතය අනුව නං මේවා අන්තවාදී පට්ට දෙබිඩිකම්!
දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මෙහෙම දෙබිඩිකම් හැම තැනම සිද්ද වීමයි අරුමේ!
එහෙම වැඩ වැඩියත්ම බලාගන්න ඇහැකියි ‘මිතුරු සාද’වලදී.     

පහුගිය දවස්වල එවැනි මිතුරු කව කීපයකම සංවාදවලට සහභාගී වෙන්නත් මට වාසනාව පෑදුණා. ඒ වගේ අහඹු; අවිධිමත් සංවාද හැම එකක්ම පටන් ගන්නේ ලාවට; හීනියට. ඉතාම ඉක්මනින් ඒවා දේශපාලනික සංවාද බවට පත් වෙනවා. ඒත් එක්කම එව්වා සංවාදවලට වැඩිය ‘කුඩා දේශපාලන රැස්වීම්’ බවට පත් වෙනවා.
එහෙම වෙන්නේ හැම දෙනාටම වගේ කියාගන්න දේවල් යහමින් තියෙන හින්ද වෙන්නැති; ඒවා සේරම එක සැරේම කියල දාන්න හිතන නිසා වෙන්නත් ඇති.
‘මම කියන දේ විතරයිනේ හරි! අනිත් අය මොනවද දන්නේ?’ වගේ හැඟීමකින් හැමෝම ආතුර වෙලා ඉන්න නිසා වෙන්නත් ඇති.
එහෙමත් නැත්තං කියවන්න මිසක් අහගෙන ඉන්න පුරුද්දක් නැතිකම නිසා වෙන්නත් ඇති.

ඉතිං, එහෙම සංවාදවලදී මේ දවස්වල කෙරුණු තදබල දෝෂාරෝපණවලට- විවේචනවලට ඉලක්ක වුණේ මාලිමා රජය හා අනුර කුමාර ජනපතිතුමා. ඒත් එක්කම ජාජබෙ පිළිවෙත් හා ක්‍රියා පිළිවෙල.
පුරවැසි යුතුකම් ගැන අනුපාන කතන්දරත් ඒ අස්සට එකතු නොවුණා නෙවෙයි...

ඒ අවස්ථාවන්වලදී...
-තමන්ගේ කුටුම්බයේ කටයුතු හරියාකාරව හසුරුවාගන්න අසමත් වෙච්චි මිනිස්සු රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් විය යුතු ආකාරය හරි අපූරුවට පෙන්වා දෙනවා.
-තමන් කරන රාජකාරිය නිසියාකාරව ඉටු නොකරන උදවිය ‘රටේ අනිත් මිනිසුන්ගේ රාජකාරි පැහැර හැරීම්’ ගැන පුදුමාකාර කේන්තියකින් යුතුව විවේචනය කරනවා.
-හරියට බදු නොගෙවන; අවම සේවක අයිතිවාසිකම් පවා ලබානොදෙන; ව්‍යාපාරික මහත්වරුන් රටේ ආර්ථික කළමනාකරණ වැඩ නිවැරදිව කෙරෙන්න ඕනි මෙහෙමයි කියලා බොහොම විදග්ධ විදිහට කියා පානවා.
-හොරු ඇල්ලීම සිල්ලර වැඩක් හින්දත්, එයින් රට ගොඩ නොයන නිසාත් ඒවට ප්‍රමුඛතාව නොදිය යුතුයිලු. එහෙම කියන්නේ පඩිය වගේ කීප ගුණයක් ‘අත යට ඉපැයීම්’වලින් ලබන බව පැහැදිලිවම ලෝකෙට පෙනෙන උදවිය.

අනුන්ගේ අඩුපාඩු හොය-හොයා විවේචනය කර-කර ඉන්න එයාල ජීවිත කාලෙදි එකම-එක වතාවක්වත්...

තරාතිරම- උගත්කම- පොහොසත් බව වෙනස් වුණත් ඒ වැඩි දෙනෙක්ම ඔළුවේ අශූචි තියාගෙන ඉන්න ඉස්සෝ වගෙ නේද කියලයි මට හිතෙන්නේ...

‘ලෝකෝපකාරය’ පොතේ තියෙන-
‘ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ මෙන’
කවියවත් එයාලා අහල නැද්ද...
අනුන්ගේ අඩුපාඩු හොය-හොයා විවේචනය කර-කර ඉන්න එයාල ජීවිත කාලෙදි එකම-එක වතාවක්වත් තමන් ගැන ස්වයං විවේචනයක් කරගෙන තියෙනවද දන්නෑ. අපෙන් වැඩි දෙනෙකුත් එහෙම උදවියද... මවා පෙන්වන අයද... ‘ඔබ අවංකව ස්වයං විවේචනයක යෙදෙන කෙනෙක්ද’ කියන ප්‍රශ්නෙ අපටත් යොමු වුණොත්...

ඒ ප්‍රශ්නයට දෙන්න තියෙන උත්තරේ??????????????

ඒ ගැන හිතනකොට මට කල්පනා වෙන්නේ මේ පෝස්ටුවේ පටන් ගැන්මෙදි කියපු බැනරයේ text එක. ඇත්තටම ‘ඌරු මස් එක්ක පොල් රොටි කන එක වැරැද්දක්ද?
එහෙම කළොත් පව් සිද්ද වෙනවද?

එතකොට ආත්ම වංචනිකයෙක් වීම පවක් නෙවෙයිද???????෴0෴

3 comments:

  1. ප්‍රාන ඝාතය ගැන බණෙහි ඇති කරුණු පහ ඇත්ත නම් මස් කෑවට පාපයක් සිද්දවෙන්න බැහැනේ. ඒ කරුණු දිහා බලන කොට හිතෙන්නෙ මස් කෑමට ආසාවෙන්ම පසුකාලීනව හදපු දේවල් වගේ. ඒ කෙසේ වෙතත් ඔය ඔක්කොම හිතලා ජීවත්වෙන්න අමාරුයි.

    ReplyDelete
  2. මස් කෑමේ පව් පින් ගැන නම් වාද කරන්න පුළුවන් until cows come home. බුදු හාමුදුරුවොත් මස් කෑව කියනවනේ, ඔන්න ඔහේ සතා මරපු එකාට විතරක් පව් කියලා ඉන්න එකයි ඇත්තේ. චේතනාහන් බික්කවේ කිව්වනේ.

    කොමෙන්ට් ගැන, මම දාපු කොමෙන්ට් එක මිසින් නම්, මෝඩරේට් වෙලා එන ඒවට, දාපු එකට කිසි රිප්ලයි එකක් නැත්නම් කොමෙන්ට් දන්නේ නෑ. අපිත් මිනිස්සුනේ.

    මම විජේබාහු

    ReplyDelete
  3. මෙහෙමයි, සමස්තයක් ලෙස, ඌරු මස් සමඟ පොල් රොටී දන්සැල් දීම බුදු දහමේ මූලික අහිංසාවාදී ඉගැන්වීම් සමඟ එකඟ වන්නේ නැහැ. එයින් පිනට වඩා අකුසලයක් සිදුවිය හැකි අතර, බෞද්ධ සංස්කෘතියේ ප්‍රතිරූපයටද හානි විය හැකියි. පින් රැස් කිරීමට නම්, මස් රහිත ආහාර පිරිනැමීම වඩාත් සුදුසු බවයි පොදුවේ මගේ අවබෝධය වෙන්නේ

    නිදී අප හිතවත් අජිත් පැරකුම් ජයසිංහ අංකල් ලස්සනට ලංකාවේ ආර්ථික දේශපාලන බල අරගලයක් ගැන මේකේ කියලා තියෙනවා මේක බලන්න

    https://shorturl.at/De1JT

    අජිත් පැරකුම් ජයසිංහ ඉතාම සුක්ෂ්ම ලෙස සහ මැදහත්ව ලංකාවේ දේශපාලනය ගැන සියුම්ව Praja අඩවිය හරහා කතා කරනවා, ඔහු මෙහි නාමල් ගැන කියන ඒවාට නම් මම එච්චර කැමති නෑ නමුත් පොදුවේ ගත්තාම ඔහු ලංකාවේ භූමියේ සැබෑ තත්ත්වය ගැන ඉතාම බුද්ධිමත්ව අවබෝධයක් සහිතව ලියන්න කෙනෙක් බවයි පේන්නේ, මේ කියන විදියට රාජපක්ෂ කල්ලිය නැවත ශක්තිමත් වෙනවානම් ඔවුන්ගේ බලය දැන්ම විනාශ කිරීමට ඔවුන්ව හොඳින් හෝ නරකින් සිරගත කිරීම අනිවාර්ය බවයි මට හිතෙන්නේ මොනවා හරි බොරු නඩුවක්වත් දාලා සුක්ෂ්ම ලෙස සාක්ෂි හදලා අවුරුදු පහළොවකට වත් ඇතුලට දාගන්ඩ බැරි වුණොත් තත්ත්වය ඒ හැටි හොඳ මදිවේවි ද කියලත් මට හිතෙනවා, බලමු.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්