li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, March 8, 2023

තිස් එකේදී... -දෙවෙනි කොටස

ඒ අමරණීය මතකයන් දායාද කළ සහෘද සංග්‍රහය පැවැත්වුණේ, අපේ එංගලන්ත ගමනට වීසා ලැබෙන්නටත් කලින්ය; හරියටම දවසත් එක්කම කියනවා නම්- 1985 ජනවාරි 13 වෙනිදාය. අපේ යැයි බහු වචනයෙන් ලිව්වේ වැරදීමකින් හෙම නොවේ. වීසා අයැදුම් කළේ දෙදෙනෙකු වෙනුවෙන් නිසාය. අනෙකා වුණේ... අපේ අන්නාය. අන්නා කිව්වේ අනිල් ධර්මකීර්ති දිසානායක මල්ලීටය; අපේ පවුලේ හතර වෙනියාටය.

එදා ඔවුන් දෙන්නා තවත් ගණනක් කඩා ගන්නට... (මේ දෙන්නා එහෙම නොවේලු!)

ඒ කාලය වෙද්දී මං වහන්සේ අපේ අනිලාත් එක්ක පයුරු පාසන- කතාබහ එහෙම පිටින්ම නවත්තලාය හිටියේ.

ඔව්! මගේ ජීවිතයේත්, අපේ පවුලෙත් නාටකීය සිදුවීම්, හැල-හැප්පිලි, හුටප්පර නං වැහි වැහැලා තරමට තිබේ. (හැබෑටම, ඔයාලගේ පවුල්වලත් එහෙමද?) ලොකු නංගී අතිසාර්ථකව පවත්වාගෙන ගිය බොරලැස්ගමුවේ සිල්ලර කඩය ගැනත්- 1982 මාර්තු 10 වෙනිදා සිද්ද වුණු නංගිගේ සිය දිවි නසා ගැනීමෙන් පස්සේ,  එය බංකොලොත් කළ අනිල් මල්ලී ගැනත් සියලුම විස්තර කාලයකට ඉස්සෙල්ලාම මම ඔබට හෙළි කළෙමි.

ඒ ප්‍රශ්න අවසානයේ, මා අන්නාත් එක්ක කතාබහ නැවැත්වූ හැටි ශ්‍රී ලංකා not Vs England - දහතුන්වෙනි කොටස’ ලියද්දී සඳහන් කළේ මෙහෙමය:

තොපි දෙන්නා නේද ඔය ණය වුණේ? කවුරු කිව්වටද? යසට තිබිච්ච කඩේ බංකොලොත් කරලා, ණය වුණයි කිව්වම... ඒකත් විශ්වාස කළා. ගොනා වගේ කට පියාගෙන, කඩේ විකුණලා සේරම සල්ලි උඹලට නේද යකෝ දුන්නේ, ණය ගෙවන්න. කඩේ සල්ලිවලින් බොන්නයි, මුළු බොරලැස්ගමුවටම ඉන්න සල්ලිකාරයෝ කියලා පෙන්නන්නයි, බූරුවා කෙළින්නයි ගිහින් ඒ පව්වලට තවත් කර ගහන්නද මට කියන්නේ

-ණය වුණා නම් උඹලාම ගෙවාගනිල්ලා. නැති නම් වහ බීපල්ලා දෙන්නත් එක්කම....

මා වැරදි වෙන්නට හැකිය. එහෙත් තවමත් මා විශ්වාස කරන්නේ එදා ඔවුන් දෙන්නා තවත් ගණනක් කඩා ගන්නට තැත් කළ බවයි. 

එවෙලේ නම් මට චී!කියා හිතුණි. එහෙම සහෝදරයෙකු, එහෙම ඥාතියෙකු මොකටද කියලා හිතිණි.

අදටත් මා නොදන්නේ ඒ අවලස්සන සිදු වීමේදීඅපේ ගෙදර කිසිම කෙනෙකු මා වෙනුවෙන් කිසිවක් නොදෙඩූ හේතුවයි. එදා සිට මම පොඩි මාමාත්, අපේ අනිලුත් එක්ක කතාව නැවත්තුවෙමි.’

ඒත් එංගලන්ත ගමනට අම්මලා අනිල් මල්ලීවත් ඈඳාගෙන තිබුණේ සටකපට විදිහටය.

“අනේ රංජි, මොනවා වුණත්, ඒත් ඔයාගේ මල්ලි කෙනෙක්නෙ... එක බඩවැල කඩාගෙන ආව සහෝදරයෙක්නෙ. පව් කාලකන්නියා. එයා ඔයාට වැරදි කළ බව ඇත්ත. ඔයා ඒවා අමතක කරන්නෝනි හොඳ පුතා වගේ.
එයාටත් එක්කමයි ඩැඩා එම්බසි එකට ලියන්නේ. ඔයා හොඳ රංජි වගේ,
ලාල් පුතාටත් කියලා ඔය දෙන්නා වෙනුවෙන්ම මේ වැඩ ටික කරවගන්න ඕනි. නැත්තං අනිලට මේ කපේදී මෙහාට ඇවිත් යන්න හම්බ වෙන්නේ නෑනෙ, රංජි. ඔයා මමයි, ඩැඩායි වෙනුවෙන් මේ උදව්වත් කරන්න ඕනි.” අම්මා කීප විටක්ම ටෙලිෆෝනයෙනුත් කතා කරමින් ඉල්ලුවාය.
ඒ හැම විටෙකම ඩැඩාත් මගෙ හිත හැදෙන්නට එකේක දේවල් කිව්වේය.

බොහොම හොඳට වැඩේ කළා! (Foto- තරිඳු අමුණුගම)
අම්මලා කියන කතාවත් ඇත්තය. වතුරට වඩා ලේ උකු බවත් මට මතක් වුණේය. අනෙක, අපේ අම්මාගේ favourite පුතණ්ඩියා වුණෙත් අනිල්ය. ඉතිං, එංගලන්ත ගමනට අනිල් වෙනුවෙනුත් සියලු කටයුතු කරන්නට මම තීරණය කළෙමි! හැබැයි, ඉතා අඩු කතා ඇතිව.

ලාල් අයියා සමන්ති නංගිලාගේ casesවලදී කළ විදිහටම අපටත් නොමසුරුව උදව් වුණේය; අවශ්‍ය කරන සියලුම ඉංග්‍රීසි ලිපි-ලේඛන සකසා දුන්නේය; උපදෙසුත් දුන්නේය.

“නිමල් මල්ලියි, අනිල්තුයි දෙන්නම හොඳ කල්පනාවෙන් එම්බසි එකේ interview එකට face කරන්න ඕනි! දැන් ඒවයේ රාජකාරි කරන සුද්දො ඉස්සර අය වගේ නෙවෙයි. උන් අපේ අයියලගෙ දහංගැටවලටම අහු වෙලා, බැට කාලා තෙම්පරාදු වෙලා ඉන්නේ... දන්නවනෙ.
මං හිතන්නෙ ඇඟෙව්වේ නැති වුණාට සමහර උන්ට සිංහලත් ටිකක් හරි තේරෙනවා. ඒ නිසා ඉන්ටර්විව් එකේදී අනවශ්‍ය එක වචනයක්වත් පාවිච්චි කරන්න එපා- සිංහලෙන්වත්. හැබැයි, අහන ප්‍රශ්නවලට ගිඩි ගාලා direct ආන්සර්ස් දෙන්න ඕනි.
නිමල්ට නං
Youth එකෙන් අපිම ඒවා උගන්නලනෙ තියෙන්නෙ. අනිල් මල්ලිත් ලොකු අයියගෙන් ඒ පාඩම් අහගන්න එකයි තියෙන්නේ...” ලාල් අයියා අප දෙන්නාට කීවේය.

එපමණකුත් නොවේ.
ලාල් අයියා අප දෙන්නාට පෙරහුරුවල් දෙක තුනකුත් පැවැත්තුවේය; කොල්ලුපිටියේ එංගලන්ත තානාපති කාර්යාලයයේදී පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයෙදීත් අපේ භාෂා පරිවර්තකයා ලෙස ඉදිරිපත් වුණේය.

“Welldone! දෙන්නම බොහොම හොඳට වැඩේ කළා! නිමල් මල්ලී, අද මෙහෙදී ඔයාලගෙන් අහපු ප්‍රශ්නයි, ඒවට ඔහෙල දෙන්න දුන්නු උත්තරයි සේරම පැහැදිලිව ලියල තියා ගන්න වෙයි!! දෙවෙනි ඉන්ටර්විව් එකක් තිබ්බොත් එහෙම... පරස්පරකම් තියෙන්න බෑ!!!”

ලාල් අයියා නීතීඥ මහත්තයෙකුටත් වැඩියෙන් තර්කානුකූලවය හිතන්නේ. වැඩ කරන්නේ.

තජකයේ වැඩි දෙනෙකු ‘ලාල් හේවාපතිරණ මහතාගේ හොඳම ගෝලයන් දෙන්නා’ විදිහට විරුදාවලි දුන්නේ අනුර ජිනදාසටත්, මේ ලියන්නාටත්ය.
(ගොඩාක්... ගොඩාරියක් ස්තුතියි ලාල් අයියේ. ඔබෙන් ලද ගුරුහරුකම් අදටත් මට මහෝපකාරී වෙයි!)

ලාල් අයියා අපට උපදෙස් දුන්නේ එයාගේ අත්දැකීම් එක්කය. අනිලුත් මාත් දෙන්නාම හා-හාපුරා කියලාය නොරටකට යන්නට හදමින් හිටියේ. ඒකත් අපේ වියදමෙන් නොවේ; අම්මලාගේ වියදමෙනි.

එංගලන්ත පැත්තෙන් ඒ සේරම කෙරුණේ... (ඩැඩායි, අම්මයි)

අප දෙන්නාගේ ගමන් වියදම් / ඉඳුම්-හිටුම් ආදී සියලුම දේවල් සපයන්නේ අම්මලා බවත්, එසේ sponser කිරීමට තරම් හැකියාවක් තමන් සතු බවත් ඔවුහු ලිය-කියවිලි මඟින්ම තහවුරු කර තිබුණෝය.

එංගලන්ත පැත්තෙන් ඒ සේරම කෙරුණේ ඩැඩාගෙනි. ඩැඩාත් ඒ කටයුතුවලදී පෙන්නා තිබ්බේ අතිසූර ගොඩ පෙරකදෝරුවෙකුගේ බුහුටිකම්ය.
“උඹලගෙ dady සැසිල් රිටයර්ඩ් වුණාට මොකද නිමල්, Stock Broker විදිහට වැඩ කරන කාලේ ගහපු දහංගැට තවම ගහනවා. ඒවාම තමයි උඹල දෙන්නව මෙහාට ගෙන්න ගනිද්දීත් සැසිල් ගැහුවේ. උඹලගෙ අම්මට විතරක් නං එච්චර හපන්කං කරන්න මොළයක් නෑ.”
ආන්ටි එරීන් පස්සේ දවසක, අපේ ඩැඩාගේ බුහුටිකම වර්ණනා කරමින් කීවාය. (එංගන්තයේ නවතින්නට ඕනෑ නං සුද්දෙක් බැඳ ගන්නැයි අපේ අම්මාට කියා තිබ්බෙත් මේ එරීන් ආන්ටිය!)

එසේ තිබියදීත්, තානාපති කාර්යාලයෙන් දන්වා එව්වේ ‘වීසා නිකුත් කිරීමට නම් රිටර්න් tickets දෙකත් ඉදිරිපත් කළ යුතු විත්තිය’යි.

පණිවිඩ එහා- මෙහා යැවිණි.
“රංජි. ඔන්න අපි ඔයාල දෙන්නට රිටර්න් ටිකට්ස්වලට සල්ලි බැන්දා. KLM එයාර් ලයින් එකට... මං හිතුවට වඩා මේකට වියදං යනව වගෙයි. පොඩි ගාණක්ද? පවුම් 980ක්ම ගෙවන්න වුණා! අද හෙටම තැප්‍රෝබේන් ට්‍රැවල්ස් කියලා කොම්පැනියකින් ඔයාලට පණිවිඩයක් එවයි. එතකොට ඔන්න පරක්කු නොකර ගිහිං එයාලව හම්බ වෙන්න.” අම්මා පිරිමි ළමා නිවාසයට call එකක් දෙමින් කිව්වාය.

අපේ ගමන ටිකෙන්-ටික කල් ගියේ එහෙමය... ඒ කටයුතු ඉෂ්ට-සිද්ධ වී අපට වීසා ලැබුණේ 1985 අප්‍රේල් 23 වෙනිදාය.

“බලපං ඉන්දිරා, මේ අනුරයා කිව්ව අනාවැකිය ටක්කෙටම හරි ගියානේ. හැබැයි මචං- ඉඳහිටවත් බුලත් විටක් කාපං. මට සැකයි, නිදිලගේ ගමන පරක්කු වුණේ කේන්දරේ තියෙන විදිහටද, නැත්තං උඹේ කටෙන් කියවුණු විදිහටද කියලා.” මර්වින් කිව්වේ එතකොටය.

“අනේ තියාගනිං උඹේ කට!” ඉන්දිරා එයාගේ අත්ල අනුරට දික් කරන ගමන් මර්වින්ට රැව්වාය. “...අනුර, අනේ මචං- මටත් කියපං සාස්තරයක්.”
“ඉන්දිරා මිසී. හවසට අත බලලා සාස්තර කියන එක හොඳ නෑ! හොඳ නෑ කියන්නේ, අත්ලේ රේඛා බලලා සාස්තර කියද්දී නිකම්ම රේඛා දිහාව විතරක් අපි නොබලන හින්දයි. කොටින්ම ඉන්දිරා- අත්ලේ රේඛාවක ගැඹුර පවා හොඳට බලන්න ඕනි. ඒකයි හොදව ආලෝකය  තියෙන වෙලාවකම අත බලන්න ඕනි!” (එහෙම කියලය අනුර මර්වින් දිහාට හැරුණේ.)
“අඩෝ මර්වියා... මේ, උඹට ඕනිම නං මාව පාච්චල් කරපං මචං. හැබැයි උතුම් සාස්තරයක් පාච්චල් කරන්න එපා. උඹට පව් සිද්ද වෙනවා.” අනුර එදා උත්තර දුන්නේය. ඒ අනුර ජිනදාස හිතවතා අද ‘ශ්‍රී ලංකා ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයේ ගරු ලේකම් ධුරය’ උසුලයි.

විභාග පාස් කරනවට වැඩිය අමාරුයි...

‘තිස් එකේදී - 1 කොටස’ට comment එකක් එවන ‘නමියගෙ වීදියේ’ නමී කියලා තිබ්බේ ‘ලියුම් ලියන වැඩේ නම් මටත් හරි යන එකක් නෙවේ. කෙල්ලෙක්ට ලියුම් ලියන එක විභාග පාස් කරනවට වැඩිය අමාරුයි’ යනුවෙනි’.

එහෙම මතයක මමත් උන්නෙමි;
ඒ දිනපොත් ලිවීම ගැනයි.

මගේ ජීවිතයේ ‘මට වැදගත්’ හා යම්-යම් මතක තියාගත යුතු දේවල් අතැන-මෙතැන කොතැනක හරි සටහන්කොට තියන පුරුද්දක් නම් මට තිබිණි; තවමත් තිබෙයි. ඒ පුරුද්ද තවමත් මට තිබේ.
වැරැද්ද ඒවා පිළිවෙලකට එකලස් කර නොතැබීමයි. මෙතැනදී විශේෂ ස්තුතියක්, මරදානේ වසන්ත මිතුරාට හිමි විය යුතුය. බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයේ අප නවාතැන් ගෙන සිටි සති දෙකක කාලය තුළදී, දීඝායුටත් මටත්
රහසිගත ඉලක්කම් භාෂාවක්  ඉගැන්නුවේ වසන්තය.

ඒ භාෂාවෙන් ලියන හින්දාය, මගේ අතිශය පෞද්ගලික; රහසිගත; ලෝකයටම හංගාගෙන සිටි සමහර දේවල් පවා ලේඛනගතවී සුරැකිව තිබෙන්නේ. මේ බ්ලොගය ලියද්දී විටින්-විට ඒවා මට උපකාරී වෙයි!

ටිකකට කලිනුත් කිව්වා වගේ, මෙතැනදී දිනපොත් ලිවීමේ ‘හොඳ පුරුද්ද’ ගැනත් කියන්නට වෙයි. ‘හොඳ පුරුද්දක්’ය කිව්වාට මට ඒ හොඳ පුරුද්ද තිබ්බේ නැත. නමුත්- 1984 අවුරුද්ද අන්තිමේදී, අපේ මානෙල් නංගී විවාහ කරගෙන සිටි ගාමිණී මට දිනපොතක් තෑගි කළාම...
ඒක මහපොළ දිනපොතකි!

ඊට කලින් හිටම, මට ලැබෙන දිනපොත් ඒවා පරිහරණය කරන කෙනෙකුට පිරිනැමීමය මගේ පුරුද්ද වුණේ. (මේ වසර පටන් ගන්නා කොටමත්, ඉතා මනබඳින දිනපොතක් මට තෑගි ලැබිණි. ඒ සහෝදර blog රචකයෙකු වෙන ‘කොළොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි සහෘදයාගෙනි. ස්තුතියි අසංග!) එය බිබිලේ අසංග හිතවතාට පිරිනැමුවෙමි.

නමුත්, අර මහපොළ දිනපොත කාටවත් දෙන්නට මං වහන්සේට නොහිතුණේය. නොලියනවා නං ඒක තියාගන්නේ මොන ඉලව්වකටද? ඉතිං මම එය ලිව්වෙමි; නොකඩවා ලිව්වෙමි. 1985 මුලම සිට 1986 පෙබරවාරි තෙක්... මාස දාහතරක්! (අන්තිම මාස දෙකේ දින සටහන් ලියා තියෙන්නේ ඒ දිනපොතේම Notes පිටු හතරේය.)

ඒ සමහර දිනපොත් ඇසුරෙන් ලියැවුණු, ඉතා වටිනා පොත් විශාල සංඛ්‍යාවක්...

එයින් පසු කිහිප වතාවක්ම දිනපොත් ලියන්නට පටන් ගත්තත්, ඒවා දිගට කෙරුණේ නැත. අන්තිමට මං කළේ, ඒ දුෂ්කර ක්‍රියාව එහෙම පිටින්ම අල්ලලා දැමිල්ලය.

මොට්ට තකතිරු මං වහන්සේ එහෙම අල්ලලා දැම්මා වුණත්, ලෝකය පුරාම විද්වත්තු; මොළේ ඇති අය දිනපොත් ලියති. ඒ සමහර දිනපොත් ඇසුරෙන් ලියැවුණු, ඉතා වටිනා පොත් විශාල සංඛ්‍යාවක් දැනටමත් ප්‍රකාශයට පත් වෙලාත් ඇත. අප නොකළත් අන්‍යයන් කරන හොඳ දේ අගය කළ යුතුයි නේද?

දැන් නං එනපොට හොඳ නැතැයි, හිතාදර ඔබට හිතිලා තියෙන්නටත් පුළුවන. ‘නහමක් නොසිතනු මැනවි.’ දිනපොත් ලිවීම පසසන මුත්, මා මගේ දිනපොතේ සටහන් සියල්ලම blog ලිපිවල රුවන්නට නොයන්නෙමි. එසේ කරන්නේ තැනින්-තැන පමණි; අවශ්‍ය පරිදි පමණකි.
තජකයේ කට්ටිය මාව දෙහිවල Zoo එකට එක්කගෙන ගියේ ජනවාරි 13 විත්තිය, මා නිශ්චිතවම; කැට තියලා ටක්කෙටම ලිව්වේ අර 1985 දිනපොතෙන් උපුටාගෙනය.

මේකත් ඒ දිනපොතේම ලියා තිබුණු දෙයකින් සිහිපත් වුණු එකකි..

“අනේ දරුවෝ. මම ඔයා එනකල්මයි මඟ බලාගෙන හිටියේ, ඔයාට හරි මේක කියන්න...” පද්මෙලගේ අම්මා මගෙ දිහාවට ආවේම අඬාගෙන.
ඇත්තමයි, මට දෙලෝ සිහි වුණා!  මොකක්ද දෙයියනේ, 
ඒ අම්මා මට කියන්න හදන්නේ.

‘පද්මෙගෙයි මගෙයි වගේ සම්බන්ධයක් අම්මෙක් කොහොමටවත් අනුමත කරන එකක් නැහැනෙ. ඒත්... අපි දෙන්නා අතරේ එහෙම දෙයක් තියෙන බව පද්මෙල අම්මා දැනගන්න විදිහකුත් නෑනෙ.’

පද්මෙගෙ අම්මා පහතට නැමිලා, එයා ඇඳගෙන හිටිය කිමෝනාවෙන්ම හොටු පිහිදා ගත්තා. “ඔයාවත් අපේ එකාට කිව්වොත් නං අහයි පුතේ. අපිට නං එයත් එක්ක මේ ගැන කතා කරන්නවත් ඉඩක් එයා දෙන්නෑ. පිටට පූසා වගේ වුණාට පුතේ, පද්මෙ ගෙදරදී යකෙක් වගෙයි දරුවෝ.” එහෙම කියන ගමන්ම පද්මෙල අම්මා පුටුවකට බර වුණා. (පද්මෙල අම්මට තිබ්බේ ජොල් ඇඟක්නෙ!)

ඔහොම සල්ලි හම්බ කරල මොකටද පුතේ... ඕකුන් මැරෙන්නෙ ලේ බඩ ගිහිල්ලා...

“අනේ දරුවෝ, හිතේ තියෙන දුකටම මට අමතක වුණා, පුතාට වාඩි වෙන්න කියන්නත්. වාඩි වෙන්න නිමල්.”

දැන් නං එකක් ස්ථිරය.

පද්මෙල අම්මා කියන්නට යන්නේ වෙනින් මොකක් හරි කතන්දරයකි.
ඒ විත්තිය හොඳටම තහවුරු වුණේ, ඒ අම්මා ඊළඟට කතා කළ රහස් ස්වරයෙනි. “අනේ පුතේ, අපේ එකා දැන් කුඩු ගහන්නත් පටන් අරගෙනද කොහෙද? ”

“පද්මෙ? වෙන්න බෑ අම්මෙ!”

“ඔයා වෙන්න බැහැයි කියන්නෙ පුතේ, ඔයා දන්න තරමටනෙ. අපේ ලොකු බෑණන්ඩි දවසක් ඇහෙන්ම දැකලත් තියෙනවා. අනේ... අරුන්ට හෙණ හත ගහනවා- මේ කොල්ලොන්ව විනාශ කරන්න ඔය වසංගත ගෙනත් බෝ කරනවට. ඔහොම සල්ලි හම්බ කරල මොකටද පුතේ... ඕකුන් මැරෙන්නෙ ලේ බඩ ගිහිල්ලා. බලන්නකො එහෙනං.” පද්මෙලා අම්මා එතකොට කිව්වේ මහරගමට ප්‍රසිද්ධ රහසක්ව තිබුණු කුඩු බිස්නස්කාරයන් ගැන කතාවයි.

“සේරටම හපන් පුතේ, අපේ මනුස්සයා දැනගත්තොත් එහෙම පද්මෙව ගෙදරිනුත් පන්නල දාලයි නවතින්නේ. පුතත් දන්නවනෙ එයාගේ හැටි! අපේ කොල්ල නාස්ති වෙන්නෙම නරක යාළුවො නිසයි, දරුවෝ!”

මටත් ඒ චෝදනාවෙන් මිදෙන්නට බැරිය.
‘පද්මෙල අම්ම දන්නව නං ගල් මූසලයෝ, තෝ හින්දා ඒ කොල්ලට වෙන්න යන විනාසේ!’ යටි හිත මොර දෙයි.
‘මමද පද්මෙව අල්ල ගත්තේ?’ උඩු හිත අහයි.
‘උඹ බබා! හෙමින්ම ඒක කෙරෙන තැනට වැඩ කළා වෙන්නැති!’ යටි හිත කියන ඒ කතාවෙත් ගත යුතු දෙයක් තිබුණාවත්ද? මට මාවම විශ්වාස නැත!

අපේ අම්මාගේ රූප සම්පත්තිය ඇති කරවූ ජාන පදාසයන් පිටින්ම උරුම කරගෙනය... (අම්මයි මමයි හා මමයි චූටි නංගී දීපානියි)

අපේ අම්මාගේ රූප සම්පත්තිය ඇති කරවූ ජාන ‘පදාසයන් පිටින්ම උරුම කරගෙන’ය, මා උත්පත්තිය ලබා තියෙන්නේත්. ඒ මදිවාට නාසික්‍ය ස්වරයකුත් මට තිළිණ වෙලා තිබිණි!

බිම්බිසාර දේවිය වෙද්දීත්, එරන්දතී කුමරිය වෙද්දීත්, පාරිකා බිසව වෙද්දීත්, සුප්පා දේවිය වෙද්දීත් ඒ නාසික්‍ය ස්වරය තවත් ලෙළවන්නට; නළවන්නට මම පුරුදු වීමි. කොමළියක ලෙසින් හාවභාව ලීලා පාන්නට උගත්තෙමි.

බණ්ඩාරවෙල පුරහලේදී කුවේණි වෙද්දීත් ‘ස්ත්‍රී භූමිකාව’ මට අමුතු දෙයක් නොවිණි.

පේව්මන්ට් එකේ රජ වුණු වසර කිහිපයෙදී මම නිතැතින්ම කථන කලාවේ හසලයෙක් වීමි. ඇයි, මඩ ගොහොරුවේ පච වෙද්දී... තජකයෙදී ඒවා මැනවින් ඔප මට්ටම් කර ගැනීමේ වාසනාව මට ලැබිණි.
ඒ හැකියාවන් සියල්ල එයින් පසුවත් මට අතිශයින්ම උපකාරී වුණේය.

මහී, සුනන්ද වැනි ගොඩ දෙනෙකුම ටෙලිෆෝනය හරහා මට වහ වැටුණේ- මගේ කොමල; මුඛරි; බොළඳ කතා ලතාවලටය.

‘වෙලාවකට ඔයාගෙ ඇස් දෙකෙන් ඊතල විදිනවා!’ සංජේ ඉඳහිටලා  මට කියන්නත් පුරුදුව සිටියේය. මගෙ වලත්තකම කොච්චරද කියනවා නං, ඊට පස්සේ මම සතතාභ්‍යාසයෙන් ‘නෙත් හී සැර විදීමේ’ ඒ කලාවත් මනාව උගත්තෙමි.

ඉතිං, නොසිතාම හරි මං වහන්සේ පද්මෙ දිහාත් එහෙම බලන්නට ඇතිවාවත්ද? පද්මේ එක්කල කතාබහ කරද්දීත් එයාව කුප්පන ස්වරයකින් කතා කළාවත්ද? එහෙමත් නැත්නම් ගැටවරයන්; තරුණයන් ආකර්ශණය කර ගැනීමේ යම්බඳු ශක්තියක් මා තුළ සැඟවී තිබුණාවත්ද?
වෙන්නත් ඇති.
පියසිරි මා කෙරෙහි වසඟ වෙද්දී මං මේ මොන කෙහෙල්මලක්වත් දැනගෙන උන්නේ නැත!
අභී අයියා මා වසඟයට ගනිද්දීත්, මම මේ අංශයෙන් නොදරුවෙක් වීමි.

එහෙත්, එදා වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේ ‘ඩිෂ්ටි ඩිඩින්’ වර්ගයේ ඉංග්‍රීසි film එක බලන්නට යන දවස වෙන විටදී නම්, මම අශ්වයන් දුසිම් දහයකටත් වැඩි පිරිසක් එක්ක ‘කඩුලු පැනලා පළපුරුදු වනචර වලත්තයෙක්’ වී සිටියෙමි!
--> තෙවෙනි කොටසට.

21 comments:

  1. අදත් මං එකද කොහෙද?
    මටත් ඔය දිනපොත් ලියන වැඩේනං අල්ලල ගියපු නැති එකක්මයි.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දිනපොත් ලියන වැඩේනං අල්ලල ගියපු නැති එකක්මයි X 2

      Delete
    2. හැමෝටම හැම වැඩේම අල්ලලා යන්නෙ නෑ නේන්නං මහත්තුරුනේ! අර කතාවට කියන්නේ 'අතේ ඇඟිලි පහවත් එක විදිහට නෑ' කියලා.

      Delete
  2. ++++++++++++++++
    වැට ගහලා යන්න ආවෙ. ආයෙ එන්නං පස්සෙ , අනික් කමෙන්ට් බලලම හිතුන දේවල් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ආවෙ නැත්තං වැට ඇවිදල තියෙයි එනකොට.

      Delete
    2. ++++++++++++++++++++++++++++

      Delete
    3. බස්සා මහත්තයෝ, ප්‍රසා කියපු එක චූට්ටක් වෙනස් වෙලා
      වැට ඇවිදලා නෙවෙයි, දික් වෙලා!

      බස්සා, ප්‍රසන්න, Pra Jay- ඔබ තිදෙනාටම ස්තුතියි මහත්වරුනි!

      Delete
  3. ඩිෂ්ටි ඩිෂුම්’// නෙවෙයි,ඩිෂ්ටි ඩිඩින් ...

    ReplyDelete
    Replies
    1. හරි නේන්නං!
      අනේ ලලිත් මහත්තයෝ- වරද පෙන්නලා දුන්නට ගොඩක් ස්තුතියි. මේ දැන් වැරැද්ද හදන්නයි යන්නෙ...

      Delete
  4. මම හිතන්නේ ඔයාගේ අම්මව හා ඩඩා දැකල තියනව වෙඩින් එහෙකදී කියල. 92 හෝ 93 විතර.තැප්‍රෝබේන් එකෙන් මමත් ටිකට් අරන් තියනව.

    ReplyDelete
    Replies
    1. ඔයාට අපේ අම්මලාව දකින්න හොඳටම ඉඩ තියෙනවා අජිත් මහත්තයෝ. එංගලන්තයේ වුණත් අපේ උදවිය නිතරම හමු වෙන උත්සව අඩු නැහැනේ.

      Delete
  5. මට මතක විදිහට මුලින්ම විජය පරිගණක සගරාවේ ලිපියක් තිබුනා බ්ලොග් ලිවිම ගැන එය හදුන්වලා තිබුනේ ඩිජිඩල් දිනපොතක් විදිහටයි. ඒකාලේ එහි සදහන්වුන අන්දමට කොළොම්පුරයාත් වර්ඩ්පෙස් වලින් බ්ලොග් එකක් අටවාගත්තාත් සිංහලෙන් ලිවිමට යුනිකෝඩ් ගැන නොදැනිමයි හින්දා අතහැරලා දැම්මා.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ඔය පරිඝනක සඟරා කිහිපයක් මාත් කියෙව්වා ලංකාදීප පත්තරෙත් එක්ක දෙන කාලේ. හැබැයි ඒ දවස්වල පරිඝනක තියා tv එකක්වත් මට තිබ්බේ නෑනෙ, අසංග.

      මේ දවස්වල ඔයාලත් අරගලවලද?

      Delete
  6. අනුර ජිනදාසMarch 10, 2023 at 8:52 AM

    අත බැලීම ගැනයි නැවත කියන්නෙ.
    කේන්දරේ වැරදුනත් අල්ලේ රේඛා වරදින්නේ නැහැ. මෙහෙම කියන්න අත්දැකීමකුත් එක්කයි. අපි මැදිරිගිරියේදී කළ ජ්‍යේතිශ සායනයේදී නොමිලයේ පරීක්ෂා කළ ජන්මපත්‍ර 1200 කට අධික සංඛ්‍යාවෙන් නිවැරදි ඒවා තිබුණේ දෙකක් පමණයි. ඒ අපේ අය තුළ පවතින වැරදි සංකල්පනා සමූහයක් නිසායි. අපි සංවිධානයක් ලෙස කරමින් සිටින්නේ නිවැරදි ශාස්ත්‍රය ජනගත කර එමගින් සමාජ මෙහෙවරක් ඉටුකර ජාතික මෙහෙවරක යෙදීමයි!

    ReplyDelete
    Replies
    1. ඔයා බ්ලොගය නොලිව්වත් අනුර මහත්තයෝ, මෙහෙම මෙහෙම හරි නිවැරදි මත- විස්තර ජනගත කරනවාට බොහොම ස්තුතියි.
      ඇයි, අර තරම් කේන්දර තොගයක් වැරදිලා තිබ්බේ?

      Delete
    2. එතකොට අත් නැති අයගෙ කොහොමද කියන්නෙ😄

      Delete
    3. අනුර මහත්තයම ඔයාට උත්තර දීපුදෙන් කියලයි දවස් දෙකක් බැලුවේ, නවීන්. ඒත් එතුමාගේ ලකුණක් නැති නිසයි- මම සාත්තර කියනවා නම් ඔහොම වෙලාවට කරන දේ කියන්නේ.
      අත් නැති අයගේ ඔළුව බලලා කියනවා, ඔලුවත් නැත්තං තමයි ප්‍රශ්නයක් වෙන්නේ!

      Delete
    4. අනුර ජිනදාසMarch 16, 2023 at 11:22 PM

      අත් නැතිනම් කරන්න වෙන්නෙ අංග ලක්ෂණ අනුව කියන එකයි. අත් නැතිව කියපු කථාවක උදාහරණයකුත් කියන්නං.
      ඒ කාලෙ තාත්තා වැඩ තහනමට ලක්වෙලා හිටපු කාලෙ දරුවො පස් දෙනෙක් එක්ක පවුලක් නඩත්තු කරන්න කළේ ගුවන් විදුලි යන්ත්‍ර්‍ර අළුත් වැඩියාව කරන එකයි. ඒ සඳහා අවශ්‍ය උපාංග මිලදී ගන්න සතියට දෙවරක් විතර කොළඹ යනවා. ඒ ගමන්වලට මාවත් එක්කරගත්තේ යතුරෙන් පණගන්නවාගන්න බැරිව තිබුණු වාහනය තල්ලු කරන්නයි. දවසක් පිටකොටුවෙ ඔරලෝසුකණුව ලඟ වාහනය නවතනකොට එතන හිටපු අතබලන සාත්තර කාරයෙක් අත බලන්න කථා කළාම තාත්තා අත දික්කරමින් කීවෙ මං විශ්වාස නොකලට ඔයා මුලින්ම මටනෙ කථා කළේ. කමක් නෑ එහෙනං බලල මොනවා හරි කියන්නකො කියලයි. එයා කීවෙ මහත්තයා විශ්වාස නොකරන නිසා සාත්තරේ කියන්නෙ අත බලල නෙවෙයි කකුල බලල කියලයි.
      තාත්තා සපත්තුව ගලවලා එයාට කකුල දික්කළා. එයා කකුල බලලා සාත්තරයක් කීවා. මහත්තයා අම්මාගෙන් අහන්න ඔයා ඉපදෙන්න ඉන්න කාලෙ ඔයාගෙ අම්මා බරක් ඔසවාගෙන වැටුණාද කියල
      තාත්තා ආච්චිගෙන් ඇහුවාම එයා කීවෙ අත් මැෂිම ඔසවාගෙන යද්දි වැටුණු බවයි.!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්