li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, April 28, 2019

හරි හුරතල්- විනාකිරි- සංග්‍රාමය - තෙවෙනි කොටස

කියූ විදිහටම වාගේ වැඩ කටයුතු සිද්ද වුණේය. බස් එක නම් පැය බාගයක් විතර පමාවී තිබිණි. ඒත්, සහන් එළිය වැටෙන්නටත් කලින් රත්නපුරයට යාගන්නට අපට පුළුවන් විණි.

කළු ගං ඉවුරේ වැජඹෙන රුවන්පුරයට යන්නට............
ඊට දවස් දෙකකට කලින්, 22 වෙනිදා හම්බන්තොට රෝහලට ගිහින්, එදාම අප නාවලපිටියට ගියේ රෑ දොළහත් පහුවෙලාය. ඒ යද්දීත් මඟ දිගටම මට බැනිල්ල අඩු නැතිව කෙරිණි. “නිකං ඉන්න බැරිව මේ සමයමා කොල්ලොත් එක්ක ට්‍රිප් යන්න දාගෙනනේ. දැන් හෙටත් ටිකක් නිදාගන්නවත් නැහැ. පාන්දරම පලයල්ලකෝ ඉතින්!”

“කතා කරන්න එපා! මං තනියම හරි බස් එකේ ආපහු යන්න හැදුවේ ඒකනෙ. තමුසෙලා දෙන්නා ඒකට ඉඩ දුන්නෙත් නැහැ. හැබැයි පුතෝ, ඔන්න වචනයක් දුන්න නම් ඒක හරියට ඉෂ්ට කරනවා. හෙට හවසට නම් පුළුවන් තරම් කලින් මට ගෙදර යන්න ඕනේ. ටිකක් නිඳාගත්තේ නැති නං මට යන්න වෙන්නේ කෙඳිරිගගා.”

“නෙවිල්, මෙයා කෙඳිරිගගා ගියාම අපිට කිචිද මචං?”

“අනේද කියන්නේ. දැන් වැඩ කෑල්ල තියෙන්නේ අපි දෙන්නා අතේ. තමුසේ ඕනෙවට වැඩිය පාට් දැම්මොත්..... නේද පීරා!” එහෙම රණ්ඩු උදව් වුණේ අපේ නිඳිමත තුරන් කරගන්නටය. ඇත්තම කිව්වොත් කිසිම නිවනක් නැති වුණේ නෙවිල්ටය. මහරගමින් මාතර යන බසය තියෙන්නේ උදේ හතරටය. ඉතින් අප අඩුම ගණනේ තුනටවත් පිබිදෙන්නට ඕනෑය. 

එහෙමත් ගිහින්, එදාම රෑ යක්කු ගස් නඟින වෙලාවෙත් drive කරන්නට වුණාම. අනුන්ට බණ දෙසන අප කවුරුනුත් මේ කරන්නේ වැරැද්දකි! බරපතළ වැරැද්දකි!!

නිඳි මරගාතේ ඉගිලෙන්නටත් ගියාම කෙලවර වෙන්නේ මහා විපත්තියකිනි!
හරිහමන් නින්දක් නැතිව රිය පැදවීම අනතුරුවලට අත වැනීමකි. ඉතින්, එහෙම නොකර බැරිවුණු වෙලාවක ඒ වාහනයේ අනෙක් අයගේ යුතුකම රියැදුරා සමඟ කතාබහ කරමින් යන එකය. ඒ අතින් නම් අපේ ‘දෙවෙනි නසාර් වාසනාවන්තය. පීරිසුත්, මාත් දෙන්නාම නිඳා වැටුණේවත් නැතිම තරම්ය.

නෙවිල් බස්සෙකි! මහ රාත්තිරියේ හරි අවදියෙන් හිටීම මිනිහාට අමාරු නැත. අමාරු උදෙන් ඇහැරෙන එකය. 24 වෙනිදා නම් මාත් නැඟිට්ටේ එහෙම නොකර බැරිකමටය. කලින් දවස් දෙකේත් දිග ගමනක යෙදිලා, අදත්.....

හැබැයි, අපරාදේ කියන්නට බැරිය. මගේ වගකීම පවරාගත් චාන්දනී නංගී ප්‍රමුඛ අංගනාවනුත් හරිම ෂෝයිය! මහරගම ඉඳලා රත්නපුරේට යනකල්මත් සද්දේ වහලා නං හිටියේ නැත. මගේ අම්මෝ එහෙම විද්වත් මණ්ඩපයක්. කුකරි- බියුටි කල්චර්- විලාසිතා- මහත්වරුන් එකී;මෙකී;නොකී හැමදේම එයාලගෙන් මඟහැරුණේ නැත. හූමිටි තියන්නවත් මහන්සි නොවී, දැනුම් සම්භාරයක්ම එකතු කරගන්නට මට හැකියාව ලැබිණි. ඔන්න දැනුයි කියන්නේ. චාන්දනී, ඔයා ඇතුළු අම්මලා කට්ටියටම පින්!

අනේ, මිල්ඩ්රඩ් හේයස් නෝනාට නම් එහෙම යෙහෙළියන් රොත්තක් හිටියේ නැත. යෙහෙළියන් තියා එයාගේ පුතාවත් අම්මාට සමීප නැතිය. මියගිය දුවත් එහෙමය. ඇය හැරදමා ගිය සැමියාත් නුහුරටමය. එහෙම වුණාය කියලාවත් හේයස් නෝනා පසු බහින්නේ නැත. වලිය දිගටම ගෙනියන්නේ ‘වලි කිකිළියක’ වගේය.

එබින් පොලිසිය ගිනි තියන්නටත් හෙයස් නෝනා එඩිතර වෙයි!
එබින් පොලිසිය ගිනි තියන්නටත් හේයස් නෝනා game එකට බහියි! එබින් පොලිසියේ ෂෙරීෆ් ‘බිල් විල්ව්බි’ උන්නැහේටත් මේ කරදර මහා හිසරදයක් වෙයි. පැත්තකින් එයාට වැළඳී ඇති පිළිකාවය; පැත්තකින් නීතිය රකින්නට ඇති වගකීමය; තව පැත්තකින් හෘදය සාක්ෂ්‍යය! කෙළින්ම නැතත් හේයස් නෝනාට උදව් කරන්නට බිල් පෙළඹෙන්නේ ඒ නිසාමය.......

නිකාඩෝ සමාගමේ උදවියත් මට උදව් කරන්නට හිතුවා විය යුතුය. පෙබරවාරි 26 වෙනිදා දහවල් 2.43 ට නැවත මට ඇමතුවෝය. හැබැයි වෙනින් දුරකතනයකිනි. කොච්චර එකක්ද? පරහිතකාමීත්වය පෙරදැරි කරගෙන එහෙම කළා විය යුතුය.

වැඩියෙන්ම වෙලාව ගියේ වචන වැඩියෙන්ම පාවිච්චි කරන්නටය; වටේට යන්නටය; ඍජු පිළිතුරු වෙනුවට සවිස්තරාත්මක උත්තර දෙන්නටය. එඩින්බරෝ කතා- සාම්පල් තිබෙන කතා- ඒවා check කළ කතා සේරමත් කියලා අහවරවී, මේ විනාකිරි වැඩි සුදු පාටකින් තිබුණත් ප්‍රශ්නයක් නැතැයි කියැවිණි.

මිනිසා ඉගෙනගන්නේ අත්දැකීම්වලිනි. යම් තරමකට හෝ ඉව; සයවෙනි ඉන්ද්රියයත් එයට උදව්වෙනවා වෙන්නට ඇත. 

අර ටෙලිෆෝන් සංවාදයේදී කෙරුණු පැටලවිලි, වටේ යෑම් හා tone එකත් මට කිව්වේ එකකි. ‘නිමලෝ, ඔය විනාකිරි පාවිච්චියට ගන්න එපා මෝලෝ. මොකෝ ඕක පතා සීයක එකක්ද? ඔන්න ඔය බෝතලේ අහක දාපං!’ මම ඒකට කීකරු වුණෙමි, හැබැයි බාගෙටය. මං ඒක පාවිච්චියට ගත්තේ නැත. පරෙස්සමට අරන් තිබ්බෙමි.

විනාකිරි බෝතලය තවමත් තියෙන්නේ අපේ ගෙදරමය. මේ සාක්කිත්.....
ඒක විසි කරලා, සාක්කි විනාශ කරගත්තාම කොහොමද? දුරකථන සංවාදය අතරේම මගේ මොට්ට ඔළුව ඇතුළේ චනුල්ලාගේ ට්‍රිප් එකේදී වුණු දෙයක් කැරකෙමින් තිබිණි.

ඒත් ශ්‍රී ලංකාවේ දේශීය සමාගමක කීර්ති නාමය විනාශ කරන්නට මට ඕනෑකමක් නැත. කාගේවත් රැකියාවක් නැති කරන්නට මට ඕනෑ නැත. එහෙත් මගේ කතාව සනාථ කරන්නට වුණොත්..... ඒ නිසාය දුරකථන ඇමතුම්වල ෆොටෝ ගත්තේ; විනාකිරි බෝතලය ඉවත නොදැම්මේ! මොනවා නැතත් නිකාඩෝ සමාගමේ පාරිභෝගික සේවාව නියෝජනය කරමින් කතා කළ තිදෙනා ගැනම මට ඇත්තේ පැහැදීමකි!

ඉතින්, මේ එකිනෙකට සහමුලින්ම වෙනස් ‘තුන් ඈඳුතු’ කතාවේ පූර්වාපර සන්ධි ගලපන්නට තවම කල් වැඩිය. ඊට කලින් ගමන ගැන කියන්නට දේවල් තියෙනවානේ.

පාන්දරම එක් යුවතියකට බහීස්රාවී අවශ්‍යතාවක් මතුවිණි. හෝටලයක් ළඟ බසය නැවත්විණි. ‘එක බල්ලෙක් මුත්තරා කරනවා දැක්කම අනෙක් එවුන්ටත් ඒක කරන්න ඕනේ වෙනවා. පිරිමින්ටත් එහෙමයි!’ මං අහලා තිබ්බේ ඒ කියමනයි. 

මොකා ඒක කිව්වත් ඒ කතාව ගෙඩිය පිටින්ම වැරැදිය කියලා මං දැනගත්තේ එදා බසයේ හිටි කාන්තා පාර්ශ්වයට පින්සිදු වෙන්නටය. ඒ මානුෂීය අවශ්‍යතාව නිසා විනාඩි 45 කට වැඩියෙන් වැයවෙද්දී වවුල්පනේ ගමනට වෙලාව නොලැබෙන බව මට පසක් වෙමින් තිබිණි!

කල්තොට දූවිලි ඇල්ල බලන්නට යන ගමනටත් අංචිය ඇදුණේ......
වවුල්පනේ විතරක් නොවේ වැළකුණේ. දූවිලි ඇල්ල බැලීමත්! අපේ බසයේ රියදුරු මහතා කිව්වේ දූවිලි ඇල්ලට යන පාරට ඒ බසය හැරවිය නොහැකි බවය. 

“පාරේ වම් පැත්ත උසයි. හරවන්න ගියොත් යට වදිනවා. අපි පල්ලෙහාට ගිහින් හරවාගෙන ඇවිත් මේ පාරට දමමු!” තවත් කිලෝ මීටර් හයක්ම යනතුරුත් බස් රිය හරවාගත හැකි යැයි ඔහුට හිතුණු තැනක් හමු වුණේ නැත.

“දැන් අපි කල්තොටටම ඇවිත් ඉවරයි. ආයෙමත් කිලෝ මීටර් හය-හතක් ඉහළට යන එක තේරුමක් නැති වැඩක්. දියවින්නට ගිහින් ආපහු එද්දි දූවිලි ඇල්ල බලමු!”

ඒ අතරේ අර සීදේවි අම්මලා මට ලෝකයේ ලොකුම බර්ගර් එකත්, රෝල්ස් එකකුත් තව මොන-මොනවාදත් පිරිනැමූහ. 

“වැඩි නැහැ නිමල් අයියේ, ඔන්නොහෙ යමින් ගමන් කන්න. එතකොට වෙලාව ඉතිරියිනේ. අපි හැමෝමත් බස් එකේදිම කනවා. මට උදේනි කියලම එව්වේ ඔයාට හොඳට කන්න දෙන්න කියලා!” චාන්දනී මගේ පංගුව අඩු කරන්නට ඉඩ දුන්නෙම නැත. ඉතින්, නයිගල සෝමේ මල්ලිලාගේ ගෙදරට සේන්දු වෙන තුරුමත් මං කළේ පාතරාසය වළඳන රාජකාරියයි.

එතනින් සෝමේ මල්ලීත් බස් එකටම නග්ගාගෙන දියවින්නට...

මුළු නඩයම එක හඬින්- හරි සරුවට පටන් ගන්නා ගීතය.............
ම්ම්ම්ම්ම..... මහරගම හිට දියවින්නට යන තුරුමත් එකම රටාවකට සිදුවුණු දෙයක් නොකියා කොහොමද? යොවුන් දරු-දැරියන් පිරිවරාගෙන ගමනක් ගිය කාටත් මේ අත්දැකීම නම් අලුත් එකක් වෙන්නට බැරිය.

“හරි කියමු.” මුළු නඩයම එක හඬින්ම full වොලියුම් එකෙන් ගීයක් පටන් ගනී. පළමුවෙනි පද ටික හරිම සාරය. අත්පොලසන් දීමත්, සමූහ ගායනයත් ‘කොරියාවට ගහන්න යන්නා’ වාගෙය. පළමුවෙනි අන්තරා කොටසේ පද වැඩි දෙනෙකු නොදන්නවා වගේය. ඒක ඉවර වෙද්දී ගායනයත් නැවතිලාය. මුළු ගමනෙදීම එකම එක ගීතයක්වත් සම්පූර්ණයෙන් කියවුණේ නැත!

නව යොවුන් පරම්පරාවේ ධාරණ ශක්තියේ දුර්වලකමක්ද මේ? නැති නං.....

එයාලගෙ විතරක් නොවේ, මගෙත් මතකය දුර්වෙලා වේගෙන යනවාවත්ද? film එක ගැන කියද්දී වැදගත්ම කාරණයක් මඟ හැරිලාය. දරුවන් දෙන්නෙකුත් එක්කම මිල්ඩ්රඩ් හේයස් නෝනාව අතහැර දාලා ගිහින් යොවුන් පෙනිලොපි එක්ක දීග කන චාලි; මිල්ඩ්රඩ්ගෙ කලින් සැමියාත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි!

පිපිරවීම් මාලාවක්ම කෙරෙන්නට ඉඩ තියෙන බව ආරංචි වෙලාත් අපේ පොලිස්පතිතුමා නින්දේ හිටි බව මේ දවස්වල කියවෙයි. ඒ ආරංචි ලැබී තියෙද්දී තම-තමන්ගේ ආරක්ෂාව වැඩි කරගන්නවා විනා, සැක කටයුතු දිනයේ දේව මෙහෙයයන්ටත් නොගොහින් පරෙස්සම් වෙච්චි එකය අපේ ලොක්කන් හා හතර වරිගේ ඇත්තන් කළේ. එයින් එකෙකුවත් පොදු ජනතාවගේ ආරස්සාව ගැන හිතූ බවක් කොහෙවත් කියවෙනවාද?

ප්‍රභූන් කල්පනා කරන්නට ඇත්තේ තම-තමුන් විතරක් බේරුණාම ඇතිය කියලාය.
 ඒ එයාලගෙ හෘදය සාක්ෂ්‍යයේ දිග-පළලේ තරමය. මානව දයාවේ තරමය. පරාර්ථකාමීත්වයේ තරමය. හැබැයි, පන්සල්- පල්ලි- කෝවිල්- ඉස්කෝල වගේ ඕනෑම තැනක වේදිකා දෙදරවමින්, අණ්ඩ කෝෂ ලොකු කරගනිමින් බෙරිහන් දෙන්නේ නම් රටවැසියන්ට ඇති කරුණාව ගැනය! කටින් බතල!! (ඒ ටික කෙටුවේ සතියකට විතර කලින්ය.)

එබින් පොලිසියේ ෂෙරීෆ් විල්ව්බි එහෙම මිනිහෙක් නොවේ. එයා මිල්ඩ්රඩ් නෝනාට අන්තිම උදව්ව කරන්නට සැරසෙන්නේ ..... ශාන් විමුක්ති, අවසරයි නේද ඔයාගේ මේ උපසිරැසි ටිකත් උපුටාගෙන මෙතනට ඔබන්න?  

“දයාබර මිල්ඩ්රඩ්, මේ කතා කරන්නේ මැරිච්ච විල්ව්බි. මුලින්ම මං සමාව අයදිනවා දුවගේ මිනීමරුවෝ අල්ලන්නේ නැතිව  මැරෙන එක ගැන. ඒක මට ලොකු වේදනාවක්. මට ගානක් නැහැ කියල ඔයා හිතුව එක මට දුකයි. මම සැලකිල්ලක් දැක්වුවා. සමහර සිද්දි තියෙනව කවදාවත් විසඳගන්න ලැබෙන්නේ නැහැ. 

ඊට පස්සේ අවුරුදු දෙක-තුනක් ගියහම බොන තැනකදී හරි, හිරේදී හරි කෙනෙක් තව කට්ටියකට පුරසාරම් දොඩනවා. වැළලුන හැම දෙයක්ම මෝඩ කියවිල්ලෙන් ගොඩ එනවා. ඇන්ජෙලා වෙනුවෙනුත් එහෙම වේවි පතනවා ඇත්තටම. දෙවනුව, මම පිළිගන්න ඕන මිල්ඩ්රඩ්, බිල්බෝඩ් දාපු එක නියම අදහස. හරියට චෙස් ගේම් එකක් වගේ. මගේ මරණයට ඒ සම්බන්ධ කිසිම දෙයක් නැති වුණත් නගරේ හැමෝම හිතාවි මම මැරුනේ ඒ නිසා කියලා. අන්න ඒ නිසයි විල්ව්බි තමන්ගේ ඉත්තව ඇද්දේ.....”

ෂෙරීෆ් විල්ව්බිගේ අවසන් ලිපිය හේයස් නෝනාට ගෙනැවිත් දෙන්නෙත් විල්ව්බි මහත්මියමයි!
විල්ව්බිගෙ අවසන් ලිපිය මිල්ඩ්රඩ්ට ගෙනත් දෙන්නෙත් විල්ව්බිගේ බිරිඳමයි. ඒ මරණයෙන් වෙන්නේ හේයස් නෝනා තවත් ශක්තිමත් වීම; Officer ඩික්සන්ගෙ හෘදය සාක්ෂ්‍යය අවදිවීම!

අපේ රටේ ගොඩක් මිනිසුන් නම් ඇස් තිබුණට බලන්නේ නැහැ; කන් තිබුණට ඇහුම්කන් දෙන්නේ නැහැ; හදවතක් තිබුණට හිතන්නෙත් නැහැ වගෙයි නේද?

“බස් එක මෙතැන නවත්තමු. පාර වැඩිය පළල නැති නිසා යන්න අමාරු වෙයි. විනාඩි දහයක් විතර ඇවිදින්න වෙයි කියලා මං කලින්ම කිව්වේ.” දියවින්න පන්සලට හැරෙන තැන, මකර තොරණ ඉදිරිපිටදි අපේ driver උන්නැහේ මගේ උපදෙස් පිළිපදිද්දීත් දියවිනි කොමළිය විදු පියසේ කට්ටියට කොමළ පාමින් උන්නාය. 

බස් එකෙන් බහින- බහින අය හිටි කියලා සෙල්ෆි ගනිති, වෙලාව ගතවෙන හැටි ගැන; කට්ට අව්ව ගැන කිසිම තැකීමක් නැත. වවුල්පනේ වවුලන්ට මේ බාලක-බාලිකා කිසිවෙකු අද නම් දකින්නට නොලැබෙන බව දැන් පැහැදිලිය!

විජිත හාමුදුරුවෝ මඟ බලාගෙන උන්හ. දායකයෝ අපට දිවාහාර පිසිමින් උන්හ. “චානක සර්, සෝමේ මල්ලී ඔයාලත් එක්ක කන්ද නැඟලා ඇල්ලට පාර පෙන්නයි. එතැන කාටවත් නාන්න දෙන්න එපා. ගල් ලිස්සන නිසා.” මං ඒ උපදේශයම සිසුන්ගේ අම්මලා ටිකටත් දුන්නේ වැඩි හොඳටය.

අප බසයෙන් බහිද්දීත් දියවිනි කොමළිය කොමළ පාමින්............

මා කන්ද නඟින්නට නොගියේ කොල්ලන් කෙල්ලන් එක්ක හරි-හරියට වේගය පවත්වා ගන්නට බැරිවෙයි කියලා හිතාගෙනය. කට්ටිය ආපහු ආවේ කඩින්-කඩය. පළමුවෙනි කිහිප දෙනා ඇවිත් විනාඩි හතළිස්පහක් පහුවෙන තුරුවත් අන්තිමයන් පහළට ගෑටුවේ නැත! එහෙම එද්දී විජිත හාමුදුරුවන් වහන්සේ ඒ හැමෝටම කුරුම්බා සංග්‍රහයක් ලැහැස්ති කරලාය.

“සර්ලා කුරුම්බා බීලා, ටිකක් හති ඇරගෙන කෑම කමු!” විජිත හාමුදුරුවන් වහන්සේ චානක සර් හා අම්මලා එක්ක පිළිසඳරකය.

“මාව ලිස්සලා වැටුණත් එක්ක.” “අම්මෝ, හොඳ පණ ගියා.” “ඒ වුණාට දිය ඇල්ල ෂෝක්!” එක-එක්කෙනා comments දෙති. “නිමල් අයියේ, මෙහෙට එන්නම වටිනවා.... අපි ටෙලිෆෝන් නොම්මරෙත් ඉල්ලගත්තා. ආයෙම මෙහෙ එන්නයි හිතුවේ.” ඒ එක අම්මෙකි. 

“සුදු අයියේ, යන ගමන් අපේ ගෙදරත් ටිකක් ඉන්නම වෙනවා. කමක් නැහැනේ. මේ සර්ලා කට්ටියටම රටකජු ටිකක්, දෙහි ටිකක් හෙම හරිගස්සලා දෙන්න කතා කරගත්තා.” ඒ සෝමේ මල්ලීය. “ඇයි මඤ්ඤොක්කා....?”

“ඔයාලට කැමති විදියක්. මං ආවේ ටිකක් පාර පෙන්නන්න විතරයිනේ.” මං එහෙමය. හැම තැනදිම මුදුනා වෙන්නට ගියොත් ‘කිච’ වෙන්නට වෙයි. ඕනෑම නායකයෙක් අවශ්‍ය තැනකදී අනුගාමිකයෙක් වෙන්නටත් උගත යුතුය. මං ඒ පාඩම හොඳටම ඉගෙනගත්තේ 

හැම තැනදීම මුදුනා වෙන්නට යාම මොට්ටකමකි; තකතීරුකමකි...........
චානක සර් වුණත් ෂෝක්ය. කලබල කරන්නේ නැතිය; ඉක්මන් කරන්නේ නැතිය. “මිස්ටර් නිමල්, අපි පන්සලට ආධාරයක් කරනවා කලින් ඔයාට කිව්වා වගේ. දැක්කනෙ.... පුදුම මහන්සියක්නේ වෙලා තියන්නේ.... ලොකු වියදමකුත් යන්න ඇති. ඒ විතරද.... යෝගට්, අයිස්ක්‍රීම් එහෙමත් ගෙන්නලා..... ඔයාම මේක දෙනවද?” ලොකු ලියුම් කවරයක් දිගු කරමින් සර් කීවේය. අම්මලා අලගු තිබ්බෝය.

“ඊට වැඩිය හොඳයි සර්ගේ අතින්ම ඕක දෙන එක, මේ චාන්දනීල කට්ටියත් එක්කම ගිහින්!”

දැන් දිගකතාවක් සාරාංශ කරන්නට වෙයි. විජිත හිමියන්ට සමුදී, සෝමේ මල්ලිලාගේ ගෙදරත් බැහැලා, ආයෙම කල්තොටට එද්දී හතර විතරත් වෙලාය. 

එතැනදී වැඩියෙන්ම වෙලාව ගතවුණේ නාන්නට නොවේ. නානවාද නැද්ද, ඔයාත් නානවාද වගේ කාරණා තීන්දු කරගන්නටය. නාන කාමරවලම නාගෙන පුරුදු නිසාදෝ, විලිබිය ආරස්සාවෙන පරිදි ඇඳුම් මාරු කරගන්නටය. 

පහමාරට විතර දූවිලි ඇල්ල බලන්නට හැරෙන පාර ළඟට ආවත් එහාට යැවුණේ නැත. “යන්න පුළුවන්. ඒත් කොළඹ පැත්තට හරවන්න ගියාම බස් එකේ යට වදින නිසා ආයෙම කල්තොටටම ගිහින් තමයි හරවාගෙන එන්න වෙන්නේ.” ප්‍රශ්නය මතු වුණා විතරය. තීන්දුව ගැනිණි. “රෑත් වෙයිනෙ... ඔන්නොහෙ කෙළින්ම යමු!”

ආපහු එද්දීය අම්මලාගේ හුරතල් පිළිසඳරවල් පටන් ගත්තේ............
එහෙම එද්දීය හොඳම හුරතල් පටන් ගත්තේ. “මේ කොහෙද නිමල් අයියේ?” මට පිටුපසින් වාඩිවී හිටි අම්මා අහයි. ‘මේ කල්තොට’ මගෙන් ඉසව්ව කියවෙයි. ජංගමයන් වැඩ පටන් ගනී. දහ දෙනෙකුට විතර කතා කෙරෙයි. “අනේ ...... දැන් අපි කල්තොට. හරීඊඊඊඊඊ ෂෝක් මෙයා......” හරිම හුරතල්, පැණි වෑහෙන කතා-ලතාවෙන් කියවෙයි. කෝල්ස් දහයට පස්සේ ආයෙමත් ප්‍රශ්නයකි. මේ කොහෙද අයියේ? මේ නවනැලිය. ආයෙත් දහයක්....

අන්තිම හරියේ අයට කියන්නේ පට්ට බොරුය. නවනැලියේ ඉන්නවා කියද්දී, අප බලංගොඩටත් ඇවිදින්ය! දැන් ඉතින් බලංගොඩ බවත් කියන්න ඕනෑය. ඇත්තටම එයාලගෙ මාසික ටෙලිෆෝන් බිල කීයක් විතර වෙනවා ඇතිද?

එහෙව් මුඛරි අම්මලාවත්, සිසු-සිසුවියන්ගෙන් එක්කෙනෙක්වත් එදා රෑ කොත්තු රොටි හෝටලයට පුංචි බර-බරයක්වත් දැම්මේ නැත! 

“හැමෝම වගේ නොකා විසි කළා නිමල් අයියේ. මුඩු තෙල් දාලද කොහෙද. අපරාදේ සල්ලි, ඔයා විතරයි බේරුණේ කන්න ආවේ නැති නිසා!” මට විස්තර කිව්වේ හෝටලයෙන් ඉක්මනටම ආ අම්මලාය. සල්ලිත් ගෙවලා, ගන්නා දෙයක් හොඳ තත්ත්වයේ නැති වුණත් ඒ බව කියන්නට අපි පැකිළෙන්නෙමු.

විදු පියසේ කට්ටිය දියවින්නට ගියේ පෙබරවාරි 24 වෙනිදාය...........
ගමන ගියේ 24 වෙනිදාය. මං Three Billboards Outside Ebbing Missouri ෆිල්ම් එක බැලුවේ 25 වෙනිදාය. එහි උන් හේයස් නෝනා තනියම මාර සංග්‍රාමයක් කරද්දී මගෙන් ප්‍රශ්නයක් නොඅසා අසනවා මට ඇසිණි.

“අර හුරතල් අම්මලත් කට වහගෙන ආවය කියල, මහා ලොකුවට හිතපු තමුසෙත්- විනාකිරි බෝතලේ සුදුපාට වෙලත් සද්ද නැතිව ඉන්නේ?”. ඒකත් ඇත්තය. දහිරිය වඩවාගෙන මං නිකාඩෝ සමාගමට කතා කළේ 26 වෙනිදාය. ඒ ගැන ඔයාලට කියන්නට තීරණය කළෙත් එදා හවසමය.

ඉතින්, හඬ නැගිය යුතු තැනදී; විරුද්ධත්වය පළ කළ යුතු තැනදී නොපැකිළවම ඒක කරමු නේද෴


12 comments:

  1. Three Billboards Outside Ebbing Missouri බැලුවා. ෆිල්ම් එකට වඩා අයියගෙ විස්තරේ මරු.

    ReplyDelete
    Replies
    1. එහෙනං නොබලපු අයත් ෆිල්ම් එක බලයි නේද මධු? ස්තුතියි!

      Delete
  2. Replies
    1. ස්තුතියි Pra Jay, ලංකාවේ හිටියේ නැහැ නේද ටික දොහක්?

      Delete
  3. කට්ටියට වවුල් බෙටි නාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙලා එහෙනං

    ReplyDelete
  4. ඔව්නේ ප්‍රසන්න, ඒ නඩේ එහෙට යනවා නං වෙන කොහෙවත් නොගිහින් තමා යන්න වෙන්නේ.

    ReplyDelete
  5. වෛරස් උණ හැදිල තියෙද්දි කියෙව්වෙ. දැන් ආපහු බේත් බීල නිදාගන්නව...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, ඉක්මනින් සුව වේවා! ඊළඟ පෝස්ටුව පබ්ලිෂ් කිරීමට කලින්!!

      Delete
    2. එච්චර ඉක්මනට සුව වෙන්න නං අපේ ඩොක්ටර් මාමගෙ බේත් සැර මදි...

      Delete
  6. Three Billboards Outside Ebbing Missouri බලන්නම ඕන චිත්‍රපටියක් වගේ ... නඩයක් එක්ක ට්‍රිප් යන එක මම සාමාන්‍යයෙන් අකමැතියි .. හේතුව බලන්න කියන්න බලාපොරොත්තු වෙන තැන් වලින් 1/10 ක් වත් කරගන්න සිද්ද වෙන්නෙ නැහැ ... අනික හැම තැනකම මොකක් හරි ප්‍රමාදයක් ... මම කැමති අපේ හාමිනේ එක්ක ඩබල් දාල තනියෙම පාන්දර 5-6 ට නැගිටලා යන තැනක යන්න ... අපායට ගියත් මුලින් යන්න එපැයි :)

    ReplyDelete
  7. කණ්ඩා, ෆිලුම බලන්න. වටිනවා!

    මමත් වඩා කැමති මං සංවිධානය කරන ගමන්වලට. හුඟ ඒවා අපි පිටත් වෙන්නේ රෑ 12ට ව්තර. නෙවිල් තමා ගෝරි දාන්නේ. හැබැයි ට්‍රැෆික් නැතිව යත හැකි, එදා දියවින්නේ ට්‍රිප් එකේදිත් අපි පාන්දර එහාට ගිහින් ඉවරයි.

    සාධාරණ ඒකාධිපතියා විදිහට යන නිසා වෙන්නැති. අපේ ටාගට්ස් නම් හුඟ වෙලාවට වැඩ !

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්