li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, June 12, 2026

මතක මතක - පළමුවෙනි කොටස

සමහර මිනිස්සු ජීවත් වෙලා හිටියත් මළා වගෙයි. තවත් සමහරු මිය ගියාට පස්සෙත් ජීවත් වෙනව. මගේ දැනීම අනුව නම් එයින් දෙවෙනි ගොඩටයි සිරිසුමන ගොඩගේ මහත්තයා අයිති වෙන්නේ.

ඒකෙ ඉහළින්ම තියෙන ‘වචන හය’ කියා සිටින්නේ ගොඩාක් දිග කතන්දරයක්!

ගොඩගේ මහත්තයා අභාවප්‍රාප්ත වුණාම, විදර්ශන ප්‍රකාශන ආයතනයෙ ජනක ඉනිමංකඩ මහත්තයා fb එකේ පළ කරපු ශෝක ප්‍රකාශය තමයි ඔය උඩින්ම තියෙන්නේ. ඒකෙ ඉහළින්ම තියෙන ‘වචන හය’ කියා සිටින්නේ ගොඩාක් දිග- ගොඩාක් පළල- ලොකුම ලොකු කතන්දරයක්!

‘රජයක මෙහෙවර තනිවම ඉටුකළ එකසර මිනිසා’

ජනක මහත්තය වගේම තවත් බොහෝ දෙනෙක් සිරිසුමන ගොඩගේ සිරිමතාණන්ගේ වියෝවෙන් තැවෙමින් එකේක ආකාරයෙන් තම-තමන්ගේ ශෝකය පළ කරලා තිබුණා. fb එකේ.

අවුරුදු තිහකට කලින් තමයි, මාව නොදැක- හමු නොවී- කතාබහක් පවා නොකොට ගොඩගේ මහත්තයා මට ලොකු උදව්වක් කළේ. ඒ මගේ පළමුවෙනි පොත ‘යුවති කිරිල්ලී’ පළ කරන වෙලාවේ.
ඒ පොත බෙදා හරින රාජකාරිය ගිහාන් ශ්‍රීනාත් අල්විස් හිතවතා තමයි බාරගෙන හිටියෙ. මගේ වෙනුවට ගොඩගේ මහත්තය එක්කල සේරම විස්තර කතා කරගෙන තිබ්බේ ගිහාන්. ඒ විස්තර ‘යුවති කිරිල්ලී -
විසිවෙනි කොටස’ට මෙහෙම ලියැවුණා ඔයාලට මතක ඇති.

‘යුවති කිරිල්ලී පොත අච්චු ගහන්නට හදන කාලේ මට ‘ගිහාන් ශ්‍රීනාත් අල්විස්’ සහෘදයා හමුවී තිබිණි. ඒ ගිහාන් TYTP- අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට පැමිණි වෙලාවලදීය. ගිහාන් ආවේ, උපුල් සාන්ත සන්නස්ගලගේ ‘සරසවි දියණියෝ’ පොත බෙදා හැරීමේ වැඩවලටය. 

“නිමල් අයියා පොත ගහනවා නං මම බෙදා හරින්නම්!” ගිහාන් පොරොන්දුවක් දුන්නේය.

“හැබැයි නිමල් අයියේ, පොත්වලින් කොටසක් හරි ගොඩගේ- දයාවංශ ජයකොඩි වගේ තැනකටත් දෙන එක හොඳයි බෙදා හරින්න.... අපි වුණත් දුර පැතිවල යන්නෑනේ පොත් උස්සගෙන.....” ගිහාන් තේරුම් කළේය.

“මගේ අකමැත්තක් නෑ ගිහාන්. ඔයා ක්‍රමේ දන්න මිනිහනෙ.”

“එහෙම වුණාට මම ඉස්සෙල්ලම ඒ තැනක් එක්ක කතා කරලා බලන්න ඕනි. ඉස්සෙල්ලම ගොඩගේ මහත්තයට කියල බලන්නංකො. කැමති වුණොත්, පොතේ බෙදාහැරීම ගොඩගේ එකෙන් කියලත් පොත් දාහකට විතර දාන්න වෙයි... අනෙක් දෙදාහට විතරක් මගේ නම දාමු- බෙදා හැරීමට.” වැඩේ සිද්ධ වුණෙත් ඒ විදිහටය. ඒ 1996 දීය.’

ඒ විස්තර ලියද්දී මගේ අතින් මේ කොටස ලියැවී නොතිබිණි:
“තව එකක් නිමල් අයියේ. ඔයා කැමතියි නං ඔයාගේ පොතෙන් පිටපත් දෙතුන්-සීයක් අත්පිට මුදලටත් ගොඩගේ එකට දෙන්න පුළුවනි.” ගිහාන් කිව්වේය.
“මං මොකටද ගිහාන් අකැමති වෙන්නේ?”
“මේකයිනෙ නිමල් අයියේ... එහෙම අත්පිට මුදලට ගන්නේ පොතේ මිලෙන් 50%කටනේ!”
“එහෙම අරං...?”

සතියකට ගොඩගේ පොත් පහ-හයක් ප්‍රින්ට් කරලා දෙන අවස්ථාවලුත් තිබුණා කිව්වම හිතාගන්නකෝ තරම.

“එහෙම ගන්න පොත් සාප්පුවේ විකුණන්න ඉස්සෙල්ලා ලංකාව පුරා පුස්තකාලවලට හෙම යවනවා. එයාලට contacts තියෙනවනේ... එක අතකට බලද්දී පොත් ටික ඔක්කොම හරි සීයට පනහට දීගන්න පුළුවනි නං අපිට ඒත් වාසියි. අපි ගිහින් පොත් සාප්පුවලට විකුණන්න දාන පොත්වලට හම්බ වෙන්නෙත් 60%ක් හරි 70%ක් හරිනෙ. ඒක හම්බ වෙන්නෙත් පොත් විකිණුනාට පස්සෙනෙ.

අනෙක් කාරණේ තමයි නිමල් අයියේ, මේ ඔයාගේ first novel එක නිසා මේ පොත රට පුරා ලයිබ්‍රරරීස්වලට යනවා කියන්නේ ඔයාගේ නමට නොමිලේම හොඳ පබ්ලිසිටියක් ලැබෙන විදිහක්.”

පස්සේ දැන ගන්නට ලැබුණු විදිහට ගොඩගේ වෙතින් ‘ඒ මෙහෙවරත් මේ දිසානායකයා’ට සැලැසී තිබිණි!

‘යුවති කිරිල්ලී’ අච්චු ගැහුවේ ගංගොඩවිල, පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්හිදීය. ඒ පියසිරියට මුද්‍රණ කළමණාකරුවෙකු අවශ්‍යව තිබුණු කාලයකි; විශේෂයෙන්ම පොත් මුද්‍රණය පිළිබඳ කටයුතු සඳහා. ඒ පුරප්පාඩුව පුරවන්නැයි මට ආරාධනා කෙරිණි. මම එය පිළිගතිමි.

පියසිරියේ පොත් මුද්‍රණය හොඳ බව ක්ෂේත්‍රය පුරාම ඉක්මනින් ආරංචි පැතිරුණ හෙයින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, විදර්ශන ප්‍රකාශන, සරසවි, විජිත යාපා, ප්‍රදීප ප්‍රකාශන, සාර ප්‍රකාශන, ගොඩගේ වැනි ආයතනත්, X කණ්ඩායම වැනි සංවිධානත්- දයා රෝහණ අතුකෝරල, චන්දන මෙන්ඩිස් වැනි කර්තෘ ප්‍රකාශක මහත්වරුන් රැසකුත් පියසිරියට පැමිණියහ. (මේ නාමාවලිය අසම්පූර්ණ එකකි!)

අද ලියාගෙන යන සිද්දිවලට අදාළ කරුණු විතරක් කියනවා නං- ඒ දවස්වල මහින්ද කුමාර දළුපොත මහත්තයා... (මෙහෙමයි ඒ විස්තර 2018දී ‘ආවොත් නොයා බැරිය’ post එකට කෙටියෙන් ලිව්වේ.)

‘... ඔය කාලේ වෙද්දී මහින්ද කුමාර දළුපොත මහත්තයා 'ගොඩගේ' ආයතනය වෙනුවෙන් පොත් ගොඩක් මුද්‍රණයට අරගෙන ආවා, වරින් වර. අප අතරේ සෑහෙන හිතවත්කමකුත් ගොඩනැඟිලා තිබුණා. සතියකට ගොඩගේ පොත් පහ-හයක් ප්‍රින්ට් කරලා දෙන අවස්ථාවලුත් තිබුණා කිව්වම හිතාගන්නකෝ තරම. කොච්චරද කියනවා නම් 'ගොඩගේ' එකේ ගංගා මෙනෙවියත්, වැල්ලම්පිටිය ගබඩාවේ 'සන්ධ්‍යාත්' දෙන්නා ඇතුළු තව ගොඩ දෙනා මාව නොදැකම වුණත් හොඳටම හිතවත් වුණා.

මෙතැනදී නම් පොඩි පම්පෝරියක් නොගහ බෑ. සමහර වෙලාවට ගොඩගේ ආයතනයේ ... මගෙන් අහනවා "නිමල් අයියේ, ... පොත අපි අච්චු ගහපු එකක්ද'' කියලත්. ඒ වගේමයි, වෙන ප්‍රකාශන ආයතනවලින් මුද්‍රිත පොත් ගැන වුණත් මගෙන් තොරතුරු දැනගත්තා. තොරතුරු හොඳේ, රහස් නෙවෙයි!

ප්රශ්නය අසන වේලාවේ පවත්නා ග්රහචාරය ගැන බලා අනාවැකි පළ කිරීම තත්කාල ශාස්ත්රය නමින් හඳුන්වනු ලැබේ.

ඉතින් මං කුරුප්පු මහත්තයා ගැන දළුපොත මහත්තයට කිව්වා. "ඇත්තටම පව්. දැනටත් ගහපු පොත් ගාණක්ම එක-එක්කෙනාට දීලා තියෙනවා වුණත් එක සතයක්වත් ලැබිලා නෑ. බැරිද ගොඩගේ මහත්තයට කියලා මේ මනුස්සයාගේ පොත් කිහිපයක් ගස්සලා දෙන්න, ගොඩගේ ප්‍රකාශන විදිහට."

විස්තර අහපු දළුපොත මහත්තයාටත් උණු වුණා. යෝජනාවක් දාලා බලන්න කැමැති වුණා. ඔය විස්තරේ කුරුප්පු මහත්තයට කිව්වා විතරයි එයා අත් දෙක ඔළුවේ ගහගත්තා. "එයා කොහේ ගහනවද නිමල්? මං එයාට පොතක් දීලා දැන් අවුරුදු හයක්. අන්න පුළුවන් නම් හොයලා බලන්නකෝ, ඉස්සෙල්ලාම." මං අභියෝගය බාරගත්තා. වෙනම මෙහෙයුමක් කරන්න වුණා 'එක්තරා ප්‍රේම කතාවක්' හොයාගන්න.

ගොඩගේ ආයතනය පෞද්ගලික එකක් වෙච්චි හින්දා හොඳයි...
ගොඩගේ මහත්තයා නම් නෑ
, බෑ නොකියා මැදිහත් වෙලා කබඩ් ලාච්චුවක හිරවෙලා තිබ්බ 'ප්‍රේම කතාවක්' එළියට ගත්තා.

'එක්තරා ප්‍රේම කතාවක්' 'ගොළු හදවත'ට ඌන පූරණයක්* - එහෙමත් නැත්තං ඒකෙම දිගුවකුත් වගේ දැනෙනවා කියවද්දී. ඒකයි 'හැන්දෑවට පායන හිරු'යි එක ළඟමයි පළ කෙරුණේ, 2006 අවුරුද්දේ...’
(*කුරුප්පු මහත්තයයි- කරුණාසේන ජයලත් මහත්තයයි තමා හැබෑ ජීවිතේදී ‘දම්මි’ට පෙම් කළාය කියන්නේ.)

ගොඩගේ මහත්තයා, ගොඩගේ ආයතනය, පොත් හා පොත්කාරයන් ගැන තවත් මතක ගොඩක් ලියන්නයි මං වහන්සේ හිතාගෙන ඉන්නේ. ඒත් ඊට කලින් ‘කරුණාරත්න අමරසිංහ’ මහත්තයාගේ ලියැවිල්ලක් ‘එක වචනයක්වත් අඩු නොකර’ මෙතැනට යොදන්න හිතුණා.
එහෙම හිතුණෙ
මේ ලියවිල්ල තිබුණේ එතුමාගේ fb එකේ නිසයි! මගේ හැඟීමට අනුව fb එකේ පළවෙන දේවල් ඉතා ඉක්මනින් යට යනවා!! මේ ලිපියට එහෙම වීම අපරාධයක්!!!

‘හිතක මතක

කෙළිලොල් රසවතා

මම ඒ කුඩා මේසයේ මෙහා පැත්තේ වාඩිවීගෙනය. ඔහු මේසයේ අනිත් පැත්තේ ඉඳගෙන කඩදාසියක් සහ පෑනක් අතැතිව මා ඇසූ ප්රශ්නයට පිළිතුරු සොයයි. කරබාගෙන ගණන් සෑදීමක නිරත වූ ඔහු මඳ වේලාවකින් හිස ඔසවා මදෙස බලා මඳ සිනාවක් පායි.

"අමරසිංහ මහත්තයො, මට පේන විදියට නං මේ දෙවෙනි එක්කෙනා ජීවතුන් අතර ඉන්න බෑ."

ඔහු නිවැරදිය. මම ඔහුට මා දන්නා පුද්ගලයන් දෙන්නෙකුගේ නම් දුනිමි. උන්ගෙන් එකෙක් මිය ගොසිනි. අනිකා දිවමන්ය. මට අවශ්ය වූයේ මළ එකා කවුරුන්දැයි දැනගැන්මටය. මා ඇසූ ප්රශ්නයට මෙසේ නියත අනාවැකියක් පළ කිරීමට ඔහු සමත් වූයේ කෙසේද? ජ්යෝතිර් විද්යාවට අයත් තත්කාල බැලීම ගැන මා පළමුවරට අසා දැනගත්තේ එදා ඔහුගෙනි. ප්රශ්නය අසන වේලාවේ පවත්නා ග්රහචාරය ගැන බලා අනාවැකි පළ කිරීම තත්කාල ශාස්ත්රය නමින් හඳුන්වනු ලැබේ.

ආනන්ද විද්යාලයෙදි මට සිංහල ඉගැන්නුවෙ ආනන්ද මෛත්රෙය හාමුදුරුවොයි.

බොහෝ කලකට පෙර මේ සිද්ධිය වූයේ මරදානේ ආනන්ද විදුහල් මාවත අසල වූ කුඩා කඩ කාමරයක් තුළය. එදා එහි වූයේ නමක් නැති කුඩා පොත්හලකි. තත්කාලය බලා සාස්තර කී සාස්තරකාරයා ඒ කුඩා පොත්හල හිමි සිරිසුමන ගොඩගේ මහතාය.

"ගොඩගේ මහත්තය කොහොමද ජ්යෝතිෂ ශාස්ත්රය ඉගෙන ගත්තෙ?"

"මම කොලුගැටයෙක් විදියට කොළඹට ආව මුල් කාලෙ ඉඳලම මාලිගාකන්දෙ විද්යෝදය පිරිවෙනත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාලේ පිරිවෙනේ හිටිය පණ්ඩිත හාමුදුරුවරු සේරම ළඟින් ආශ්රය කරන්න මට වාසනාව ලැබුණා. ඒ හාමුදුරුවරුන්ගෙන් මම වැඩියෙන්ම ළෙන්ගතුව ආශ්රය කළේ බලන්ගොඩ ආනන්ද මෛත්රෙය හාමුදුරුවොයි.

එතකොට උන්වහන්සේ වැඩ හිටියෙ විද්යෝදය පිරිවෙනේ. ආනන්ද විද්යාලයෙ ගුරුවරයෙක්. ආනන්ද මෛත්රෙය හාමුදුරුවො භාෂා ශාස්ත්ර වගේම ජ්යෝතිෂයත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. උන්වහන්සෙගෙන් තමයි මට තරමක් දුරට ජ්යෝතිෂය ඉගෙන ගන්න පුළුවන් වුණේ. අපේ පැරණි සාහිත්ය පොත පතට මගේ හිතේ ඇල්මක් ඇතිවුණෙත් විද්යෝදය පිරිවෙනේ සම්බන්ධෙ හින්දයි. මට පොත් බඳින රස්සාව දියුණු කර ගන්නත් හුඟක් උදව් කළේ ආනන්ද මෛත්රෙය හාමුදුරුවොයි."

"ගොඩගෙ මහත්තය ඇයි ජ්යොතිෂය දිගට ඉගෙන ගත්තෙ නැත්තෙ?

"ආසාවට ටිකක් ඉගෙන ගත්තට මං ජ්යෝතිෂයට වහල් වුණේ නෑ. මං විශ්වාස කළේ අධිෂ්ඨාන පාරමිතාවයි. වීරිය පාරමිතාවයි. කිසි දේකින් කම්පා නොවී ඉන්නයි මිනිස්සු තේරුම් අරගෙන උපේක්ෂාවෙන් කටයුතු කරන්නයි මං ඉගෙන ගත්තෙත් ආනන්ද මෛත්රෙය හාමුදුරුවන්ගෙ චරිතයෙන්. මට භාෂා ශාස්ත්ර ඉගෙනගෙන පොත් ලියන්න ආසාවක් ඇති වුණත් ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවිතය රැක ගන්න රස්සාවක් කරන්න වුණානෙ."

ගොඩගේ මහතාගේ මෙබස් ඇසූ කල විශ්ව කීර්ති ධර දාර්ශනිකයෙකුගේ හා ශ්රී ලංකාවේ බිහිවුණු දුර්ලභ ගණයේ බුද්ධිමතෙකුගේ ප්රශස්ත ප්රකාශ දෙකක් මගේ සිහියට නැගුණේ ඉබේය.

"Not to weep, not to laugh, But to understand."

(නොවැලපෙනු. සිනා නොවෙනු. තේරුම් ගනු.) යන ස්පාඤ්ඤ දාර්ශනික Spinoza ගේ අගනා ආප්ත වාක්යය ඉන් එකකි. අනික නම් සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා වරක් අප ඉදිරියේ කළ මේ ප්රශස්ත ප්රකාශයයි.

"සහෝදරයා, ආනන්ද විද්යාලයෙදි මට සිංහල ඉගැන්නුවෙ ආනන්ද මෛත්රෙය හාමුදුරුවොයි. උන්වහන්සෙ උගන්නපු කවියක් මම තාමත් පාඩමට ගන්නවා."

   "තමන් හට නොසමයන් වන කලට     සම
   මුවෙන් නොබැන ඉවසනු සුදන  ගරුකම"

ගොඩගේ මහතාගේම යෝජනාවක් අනුව මහාචාර්ය සුචරිත ගම්ලතුන්, සිරි තිලකසිරි සූරින් සහ මා එක්ව නව සිංහල ව්යාකරණ ග්රන්ථයක් සම්පාදනය කිරීමේ කාර්යේ නිරතව සිටි කාලයයි ඒ. එහි පළමු පිටපත ලිවීමෙන් අනතුරුව එය යළි කියවා බලා සම්පූර්ණ සංස්කරණයක් කිරීමට අපි තීරණය කළෙමු. ඒ කාර්ය බාධාවකින් තොරව කිරීම සඳහා කොළඹින් පිටව සිටීම මැනවැයි යන්න ගම්ලතුන්ගේ අභිමතය විය. ගම්ලත්හු ඒ සඳහා තම මිතුරෙකුගේ සහායෙන් පොල්ගොල්ලේ ජලාශය අසල පිහිටි මහවැලි නිවාඩු නිකේතනයද වෙන් කරගත්හ.

රාමඤ්ඤ දේශයට නං ආවා. මොකද කරන්නෙ?

ගම්ලතුන්, සිරි තිලකසිරීන් සහ මා සමග ගොඩගේ මහතාද ගමනට එක් විය. අපි පුරා සතියක්ම එහි නැවතී පොතේ අත් පිටපත සංස්කරණය කිරීමේ කාර්යෙහි නියැලුණෙමු. ඉතා වෙහෙසකර ශාස්ත්රීය කාර්ය භාරයක් වූ එය ඉතා ප්රසන්න ආස්වාද ජනක විනෝදාත්මක කාර්යක් බවට පත්කළේ ගොඩගේ මහතාය.

ගොඩගේ මහතා තුළ සැඟව සිටි කෙළිලොල් රසවතා අප තිදෙනා පළමු වරට හැඳින ගත්තේ එහිදීය. ගොඩගේ මහතා වැනි ධනවත් ව්යාපාරිකයෙක් ධන මදයෙන් හා මාන මදයෙන් දර්පිත ගර්විත නොවී එතරම් සැහැල්ලුව හා කෙළිලොල්ව හැසිරීමට සමත් වූයේ ඔහුගේ සහජ රසිකත්වයේ මහිමයෙනැයි සිතමි. පොල්ගොල්ලේ නිවාඩු නිකේතනයේ අප තිදෙනා රාත්රී මධු සාද විඳින වේලාවට සියලු අඩුම කුඩුම සපයා දීම සඳහා එහි සිටි සේවකයා නොකැඳවූ ගොඩගේ මහතා මද මත් නොවීම වේටර් භූමිකාව රඟ පාමින් කුඩා දරුවෙකු සේ විනෝද වූ අයුරු දැනුදු මට මැවී පෙනේ.

08 වන දශකයේ එක්තරා සති අන්තයක මට ගාල්ලේ පුරහලේ පැවති සාහිත්ය සම්මන්ත්රණයකට සහභාගි වීමට සිදු විය. ඒ සිරිසුමන ගොඩගේ මහතාණන්ගේ ආරාධනයෙනි. එම සාහිත්ය සම්මන්ත්රණයට සහභාගි වීමට ප්රකට ලේඛකයෝ දෙදෙනෙක් සහ තරුණ චිත්ර නිර්මාණකරුවෙක්ද ඔහුගෙන් ආරාධනා ලැබූහ. ඒ වූකලී මගේ ඉතා කුලුපග මිතුරන් වූ සුනන්ද මහේන්ද්, එච්.එම්. මොරටුවගම සහ ප්රියන්ජන් සුරේෂ් ද සිල්වාය.

අප සිවු දෙනා ගාලු ගමන ගියේ ගොඩගේ මහතාගේ වාහනයෙනි. මේ සාහිත්ය සම්මන්ත්රණය වූකලී ගාලු පුරහලේ පැවති ගොඩගේ පොත් ප්රදර්ශනයක් හා පොත් දොරට වැඩුමක් නිමිති කරගෙන සංවිධානය කරන ලද්දකි. එබැවින් ගොඩගේ මහතාද එදා අප සමග ඒ වාහනයේම ගමන් ගති. ගොඩගේ මහතාගේ කතාව සන්සුන්ය. ඔහු හඬ නගා සිනාසෙන්නේද කට ඇතුළෙනි. ඔහු කිසි විටක අප මෙන් උස් හඬින් අට්ටහාස නගන්නෙක් නොවේ. ඔහුට ඇත්තේ නිත්ය සිනාවක් රැඳි මුහුණකි. ඔහු නිතර අඳින ධවල වර්ණ ජාතික ඇඳුම නිසා එය වඩාත් ප්රසන්නව දිස්වේ. හාස්යය උපහාසය මුසු මුකරි කියමන් ඔහුගේ මුවින් පිටවන්නේ ඇඟට පතට නොදැනීය.

"මං මහත්තයො පොත් කත්තුරුලත් දන්නව පොත්කාරයොත් දන්නව.'

මේ දිනක් ඔහු අප කීප දෙනෙකු ඉදිරියේ පැවසූ බසකි. පොත් කාරයො යන යෙදුමෙහි ගැබ්ව ඇත්තේ 'කපුටා සහ කේජු කෑල්ල' නමින් පතළ ඊසොප්ගේ උපමා කතාවේ එන නරියා සිහියට නගන අරුතකි.

ගොඩගේ මහතාගේ අති නිහතමානී කමත් විනීතාචාරයත් කෙනෙකුට ඔහුගේ නෝංජල් කමක් සේ පෙනිය හැකිය. ඒ නිසාම ඔහු පහසුවෙන් රවටා ලිය හැකි පුද්ගලයෙකු සේ දැකිය හැකිය. එහෙත් එය මුළාවකි. ගොඩගේ මහතා සෑම පුද්ගලයෙකුම ඇසුරු කරන්නේ ඔහුගේ අභ්යන්තරය මනාව තේරුම් ගනිමිනි. ඔහු අත්දැකීමෙන් ලත් පාරිණත්යය එතරම්ම තීක්ෂ්ණය.

ගොඩගේ මහතා ඇතුළු අප පිරිස ගාල්ලට රැගෙන යන වාහනය පයියාගල පසුකොට වයියා කරද්දී සුනන්ද මහේන්ද්රයන්ගේ මුවින් මෙබස් ගිලිහුණේ ඉබේය.

"කරූ රාමඤ්ඤ දේශයට නං ආවා. මොකද කරන්නෙ?"

මූදු සුළඟේ හිඳ...
"හැබෑ නේන්නං. ගොඩබැහැල ගියොත් නරකද?

මොරටුවේගමයන්ගේ කටට පණ ආ බව පමණක් නොව ඔහුට රස තෘෂ්ණාවද පහළව ගිය බව ඔහු ක්ෂණික උද්යෝගිමත් ස්වරයෙන් නැගූ පැනයෙන් මොනවට පසක් වුණි.

"රාමඤ්ඤ දේසෙ?"
ගොඩගේ මහතා අන්දුන් කුන්දුන්ව
නිහඬ බව බින්දේය.

ගාලු යන ගමනේදී රාමඤ්ඤ දේශයට ගොඩ බට අපි එහි වූ එකල අපට නිතර හුරු පුරුදු තැනකට සැපත් වීමු. සුනන්ද මහේන්ද්රයන්ගේ අණින් නියම තැන නැවතුණු වාහනයෙන් අපි බිමට බැස්සෙමු. ගොඩගේ මහතාට රාමඤ්ඤ සඤ්ඤා නාමය ගැන විඤ්ඤාණය පහළ වූයේ අප ගොඩ බට තැන පරිසරය දුටු කලය. මූදු වෙරළ අසල පොල් රුප්පා හෙවණේ පිහිටි අප චිර කාල සගයාගේ පැලට රිංගූ අපි ගහෙන් බෑ ගමන් පෙණ දමමින් තිබුණු මධුර නාලිකේර මදිරාවෙන් සහ දුම් දමමින් තිබුණු මඤ්ඤොක්කා හා කොච්චි සම්බෝල කට ගැස්මෙන් රස නහර පිනවූයේ මූදු සුළඟින් ගත සතපවමිනි. ගොඩගේ මහතා අප සමගම ලෑලි බංකුවේ වාඩිවී ඇති පදම් මඤ්ඤොක්කාවලට වග කියන්නට පටන් ගති.

පැලෙන් එළියට බට මධු ලෝල රැළ මූදු සුළඟේ හිඳ මධු රස විඳිද්දි නොදැනුවත්වම උඩ බැලුණු මගේ කටින් එවේලේ එක්තරා අප්රකට තේරවිලි ජන කවියක් ගිලිහුණේ ඉබේය.

   ලෙඩක් නැතුව බේතක් බඳිනවා     දුටිම්
   වරදක් නැතුව දණ්ඩෙන් තළනවා  දුටිම්
   දුකක් නැතුව කඳුලැලි හලනවා    
 දුටිම්
   කළයක් නැතුව ජලයක් මනිනවා
  දුටිම්

ගොඩගේ මහතා එවේලේ වචනයකුදු නොතෙපලමින් තේරවිල්ල විසඳුවේ රා මැදීම සඳහා අවට පොල් ගස් හරහා බැඳ ඇති අතුරු දෙසට අත දික් කරමිනි.

ගොඩගේ මහතා මුළු ජීවිත කාලයටම මධු විතක් මුවගට ගෙන ඇත්තේ එකම එක වරක් පමණි. ඒ තම ප්රාණය රැක ගනු පිණිසය. වරක් ඔහු කීර්තිමත් ලේඛකයන් දෙදෙනෙකු වන කේ. ජයතිලකයන් සහ ගුණසේන විතානයන් සමග ඉන්දියාවට ගියේ පොත් ප්රදර්ශනයකට සහභාගී වන අටියෙනි. අධික සීත කාලයක් වූ එකල තද සීතලෙන් මිරිකුණු ගොඩගේ මහතා තුළ තමා සීතලෙන් මැරේය යන ප්රාණ බිය හටගත්තේ තම සකල ශරීරයම දරුණු ලෙස වෙවුලන්නට වූ බැවිනි. එදා ඔහු බ්රැන්ඩි පානය කළේ මිතුරන්ගේ පෙරැත්තය නිසාම නොවේ. හටගත් හුදු ප්රාණ බිය නිසාමය. ඉන් පසු යළිත් ඔහු පරණ අමද්යප වීරයා බවටම පත්වුණි.

ගොඩගේ මහතා අලුත මිලදී ගත් වෑන් රියෙන් දිනක් අපි දෙදෙනා ගමනක් යමින් සිටියෙමු.

"මොකද ගොඩගේ මහත්තය කාර් එකක් ගන්නෙ නැත්තෙ? හොඳ සුඛෝපභෝගී කාර් එකක් ගත්ත නං මීට වඩා සැප පහසුවට ගමන් බිමන් ගියෑකිනෙ."

මවිසින් ලියන ලද පොත්වලින් වැඩිම සංඛ්යාව ගොඩගේ ප්රකාශන විය.

"අමරසිංහ මහත්තයෝ එතකොට මට තනියමනෙ යන්න වෙන්නෙ. වෑන් එකේ හුඟ දෙනෙක් එක්ක කතා කර කර යන්න පුළුවන්නෙ."

ගොඩගේ මහතා නිතරම සිනාමුසු ප්රසන්න මුහුණකින් සැදී සිටියේ ඔහුගේ මේ අපිස් සතොස් දිවිය නිසා ලත් සන්සුන් බව නිසා යැයි සිතමි.

ගොඩගේ මහතා මරදානේ තම පොත්හල සුළුවෙන් අරඹා සිටි කාලයේ ඊර්ෂ්යා පරවශ පොත්හල් හිමියෙක් මැරයන් ලවා ඔහු දරුණු පහරදීමකට ලක් කරවීය. එහිදී ඔහුගේ ජීවිතය ගැලවුණේ අනූ නවයෙනි. ඔහුට වින කළ සතුරා හදිසියේ අකාලයේම මිය ගියේය. ගොඩගේ මහතා ඔහුගේ විපතේදී පිහිට වූයේ සියල්ල අමතක කරමිනි.

පොත්හල් සහ පොත් ප්රකාශන ව්යාපාර ඇරඹීම සඳහා ගොඩගේ මහතා තම හිතවතුන් සේ විශ්වාස කළ ලේඛකයන්ට නොමසුරුව ආධාර උපකාර කළේය. එහෙත් එසේ උදව් ලැබූ ඇතැමෙක් ඔහුට කළ ගුණ සැලකුවේ නොමසුරුව නින්දා පරිභව කිරීමෙනි. තම ප්රකාශන ආයතනය මගින් පොත් පළ කළ ඇතැම් ලේඛකයන් රැකියා අහිමිව අන්ත අසරණව සිටි කලක ගොඩගේ මහතා ඔවුන්ට මාස් පතා වැටුප් පවා ගෙවීය. එවැන්නවුන්ද ගොඩගේ මහතාට කළ ගුණ පිණිස පුද පඬුරු කොට පිරිනැමුවේ ගැරහුම් අවමන්මය.

මවිසින් ලියන ලද පොත්වලින් වැඩිම සංඛ්යාව ගොඩගේ ප්රකාශන විය. මට හිමි කර්තෘ භාග ඔහු ගෙව්වේ පොත පළවීමත් සමගමය. මගේ සියලු දුක් විපත්වලදී ගොඩගේ මහතා අතිශය ළෙන්ගතුව මට පිහිට වූ අයුරු මා සිහි කරන්නේ අප්රමාණ කෘතගුණ පූර්වකවය.

අසීමිත ධනස්කන්ධයකින් ආඪ්ය වූ එක් ව්යාපාරිකයෙකු බිහි කරනු පිණිස බොහෝ ජනයාට දුප්පත් වීමට සිදුවන්නේ යම් සේද අසීමිත ධනස්කන්ධයකින් ආඪ්ය වූ එක් පොත් ප්රකාශකයෙකු බිහි කිරීමේදී බොහෝ ලේඛකයන්ටද දුප්පත් වීමට සිදුවන්නේ එසේමයැයි පවසනු කවර වරදද? ධනාඪ්ය වීම අසීමිත ලාභ ලෝභයේ උත්කෘෂ්ට පල සම්පතයි. ව්යාපාරිකයන් සේම පොත් ප්රකාශකයෝද අසීමිත ලාභ ලෝභියෝය. ගොඩගේ මහතාද අසීමිත ලාභ ලෝභියෙකි. ඔහු ධනාඪ්ය වූයේ එබැවිනි.

එහෙත් සමකාලීන පොත් ප්රකාශකයන් අබිබවන උදාර ගුණාංගයක් ගොඩගේ මහතා සතු විය. එනම්, ආධුනික ලේඛක ලේඛිකාවන්ට අත දීමේදී මෙන්ම දුර්ලභ ගණයේ ශාස්ත්රීය පොතපත අනාගත පරපුර උදෙසා පුනර් ප්‍රකාශනය කිරීමේදීද ඔහු ඒ අසීමිත ලාභ ලෝභය දුරුකර දැමීමය.’

ඔය post එක ලියපු කරුණාරත්න මහත්තයා මගේ ගැටවර කාලයේ පටන්ම මගේ වීරයෙක් වෙලයි හිටියෙ. ඒ එතුමාව නොදැකම; හමු නොවීම...

ඉතිරි හරිය ලියන්නං ‘මතක මතක 2’න්...

1 comment:

  1. දුක්බර සටහනකි.
    රවීව අන්තිම වතාවට මට මුණ ගැහුණේ 2025 නොවැම්බරයේ දිත්වා කුණාටුව ඇරඹුණු දවසේ. අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට පත් වුණු තැනයි, නාරම්පනාවේ විමලරත්න කුමාරගම මහතාගේ සොහොනයි බලන්න ගිය දවසේ. ඒ ගැන post එකක් ලියන්න හරි-බරි ගැහිලා හිටියෙ. ඒකට අවශ්‍ය තොරතුරු ටිකක් සති තුනකට කලින් රවීගෙන් ඉල්ලා ගත්තත් එක්ක.
    ඒත් ඒ post එක ලියන්න කලින් රවී නික්ම ගිහින්!
    රවී, ඔයාගේ හිනා කතන්දර කියලා සුරලොව ඇත්තන්වත් හොඳටම හිනස්සන්න!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්