li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, July 26, 2019

ගණිත ගැටේ - දෙවෙනි කොටස


චින්තන පර්ෂදයෙන් කාලය සඟරාව අච්චු ගහන්නට සැලසුම් කරගෙන හිටියේ ඩිමයි 1/4 සයිස් එකටය.
ඔය විදිහට, චින්තන පර්ෂදය ‘කාලය’ සඟරාව ගහන්නට සැරසුණේ ඩිමයි 1/4 size එකටය. කළු-සුදු. තනි පාටින් ඇතුළු පිටු 28ක් ඩිමයි කඩදාසියේ. අවශ්‍ය බ්ලොක්ස් සපයනවා.... කවරය ඕෆ්සෙට් ප්‍රින්ට් කරලා ගෙනෙනවා.....  සෙන්ටර් වයර් (එහෙම කියන්නේ මැදින් කටු ගහනවාටයි.) 

විස්තර ඉල්ලාගත් ගමන්, මං ඉස්සෙල්ලාම කළේ ප්‍රෙස් එකේ කිහිප දෙනෙකු කැන්දා ගැනීමයි; ඒ තලත්තෑනි-පළපුරුදු උදවියව නොවේ.

එතකොට අච්චු කන්තෝරුවේ හිටියේ එක මැෂින් මයින්ඩර්වරයෙකි. ඒ චයිනීස් ප්ලේටින් මැෂින් එකටය; ඇල්බට් බාස් උන්නැහේය. කොම්පෝසින් කරන්නට; අකුරු අමුණන්නට හිටි ප්‍රවීණයා විල්සන් බාස් උන්නැහේය.

(දැන් ඒ දෙන්නාම ජන්මාන්තරගත වෙලාය. පණ පිටින් ඉඳිද්දී ඒ දෙන්නා ජන්මාන්තර හතුරන්ය. දෙන්නාට දෙන්නා කතා කළේවත් නැත.) ඇල්බට් බාස් උන්නැහේ ගංගොඩවිල ‘දීපානි මුද්‍රණාලයේ පවා සේවය කළ ප්‍රවීණයෙකි; විනෝදකාමියෙකි; කටේ තොලේ නොගෑවී දෙපිට කැපෙන කතා කියන්නට හපනෙකි.

විල්සන් උන්නැහේ ‘ගවර්මන්ට් ප්‍රෙස්’ එකෙන් රිටයර් වෙලා හිටි සුසිල්වත් කෙනෙකි; කොච්චර සීලවන්තද කියනවා නම් ‘ඉරිදා දිවයින’ පත්තරයට පවා හිංසා කළ කෙනෙකි.

ඉරිදා පත්තරවත් එක සැරේම මං අපේ ළමයින්ට බලන්න දෙන්නේ නැහැ. කියවලා නරක පිටු.............
“ඔව් මිස්ටර් නිමල්, මම අපේ ළමයින්ට පත්තරේ බලන්න දෙන්නේ, මං කියෙව්වට පස්සේ. එයාලට කියවන්න හොඳ නැති පිටු ඉරලා අයින් කරලයි මං ‘ඉරිදා දිවයින’ වුණත් මේසෙ උඩින් තියන්නේ!” 

ඒ ජාතියෙන් මෙතෙක් මට හමුවී තියෙන්නේ එයා විතරය!

විල්සන් බාස් උන්නැහේගේ දරුවන් එතකොටත් කර-දඬු උස මහත්වූවන්ය. 
අර තැටිය දෙතුන්-වතාවක්ම වාදනය කළ පසු මට තවත් කට පියාගෙන ඉන්නට බැරි වුණේ මගේ නොහැදුණුකම නිසාය. 

“ඈ බාස් උන්නැහේ.... බාස් උන්නැහේ ඔච්චර සීලවන්ත නං නෝනා මහත්තයට දුවල-පුතාලා හම්බ වුණේ සක්කරයාවත් දීලද?”

ඔය කිව්වේ ඇල්බට්, විල්සන් බාස් උන්නැහේලා ගැන ටිකක් විතරය. ගොඩක් කියන්නත් බැරිය. විල්සන් බාස් උන්නැහේගේ බෑණා වෙන කෙනෙක් දැන් මගේ ළඟම මිත්‍රයෙකි; මේ බ්ලොගයේත් පාඨකයෙකි!

ඒ දෙන්නාම මට හමුවූ ඉතාමත් විචිත්‍ර චරිත ඇත්තන්ය.......
ඒ දෙන්නාම මට හමුවූ ඉතාම විචිත්‍රවත් චරිත දෙකකි. ඇල්බට් බාසුන්නැහේ පිටතින් පෙනුණේ දුසිල්වතෙකු විදිහටය. විල්සන් බාසුන්නැහේ ලෝකයාට සිල්වතෙකි. එයා නාග විහාරයට එන්නේ උදේ හතට විතරය. “මොකටද බාස් උන්නැහේ හතට එන්නේ? අපි වැඩ පටන් ගන්නේ අටටනේ.”

චුට්ටකට ඉන්න! 
ප්‍රෙස් එකේ වැඩ බාර අරගෙන ටික දවසක් යද්දී මට පෙනුණේ සතියකට පැය හතළිස් පහ වැඩ කෙරෙන විදිය වෙනස් කළ යුතු බවයි. සතියේ දින පහේ උදේ අටේ සිට හවස පහ දක්වා අප වැඩ කළ යුතු විණි. කෑමට පැයක විවේකයකි. සෙනසුරාදාට අටේ ඉඳලා දවල් එක වෙනතුරුය. 

හැමදාම වාගේ වැඩි දෙනෙක් වැඩට ආවේ පරක්කු වෙමිනි. එයාලාත් එක්ක කතාකොට බලද්දී මට පෙනුණේ ප්‍රයෝගික විසඳුමකි.

“ලාල් අයියේ, practicaly අපේ කට්ටියට ලෙහෙසියි, උදේ අටහමාරට වැඩ පටන් ගන්නවානම්. අටට එන්න ඕනේ වුණත් වැඩි දෙනෙක් ගොඩ දවසට එන්නේ පරක්කු වෙලානෙ.” මම ලාල් අයියාට කීවෙමි.

වැඩ පටන් ගත්තේ අටට වුණත් හැමෝම වගේ වැඩට ආවේ සිරි ලංකාවේ වෙලාවටය...........
“එතකොට හවස පහමාර වෙනකල් ඉන්න වෙනවනේ....”

“නැහැ ලාල් අයියේ, lunch එකට පැයක් නොගෙන පැය බාගෙකින් කාලා එන්න කට්ටිය කැමතියි.... ඇල්බට් බාස් උන්නැහෙ විතරයිනේ ගෙදර ගිහින් කාලා එන්නේ. එයාත් කිව්වා දවල්ට නෝනාට හරි පුතාට හරි කියලා කෑම එක ප්‍රෙස් එකට ගෙන්නා ගන්නම් කියලා.”

“හා හා එහෙනං දැන් මට තියෙන්නේ කැමැත්ත දෙන්න විතරයි?”

“අනේ නැහැ ලාල් අයියේ. අලුතින් වෙනසක් කරන්න කලින් හරි, යෝජනාවක් කරන්න කලින් හරි සේරම study කරලා ඉන්න ඕනැනේ. ලාල් අයියලගෙන්ම youth එකේදි ඉගෙනගත්තු ඒවායින් වැඩක් ගන්නත් එපැයි......” 

එහෙම කිව්වාම නම් ලාල් අයියා සද්දෙට හිනාවක් දැම්මේය. 

ඒ ‘මායම’ හරිගිය නිසා ටික දවසකට පස්සේ මම දෙවෙනි පියවරත් තැබුවෙමි.

මගේ යෝජනාව වුණේ සතියේ දින පහේ විතරක්..........
මගේ යෝජනාව වුණේ සතියේ දින පහේ විතරක් පැය 9 බැගින් වැඩ කරමු කියලාය.

“සෙනසුරාද එකට වැඩ ඇරුණාට මං වුණත් කාමරයට යද්දී දෙකහමාරට-තුනට කිට්ටු වෙනවා. ඊට පස්සේ දවසෙන් වෙන වැඩක් නැහැ ලාල් අයියේ.....!”

එවෙලෙම ලාල් අයියාට පෙනුණේ මට නොපෙනුණු පැත්තකි. “නිමල් මල්ලී.... ඔයා දන්නවද සමහර ආයතනවල එහෙම කෙරෙනවා තමයි.... හැබැයි කස්ටමර්ලගේ පැත්තෙන් බැලුවොත්... මට මතකයි බිල්පොත් බලද්දී සෙනසුරාදාට අපේ කස්ටමර්ලා ගොඩක් ප්‍රෙස් එකට එනවා වගේ...”
මට ඒ පැත්ත නොහිතුණු බව පිළිගත්තෙමි.

ඉතින්, වැඩ පටන් ගන්නා වෙලාව උදේ අටහමාර වුණත් විල්සන් බාස් උන්නැහේ ‘රූටින්’ එක වෙනස් නොකළේය. කළේ වන්දනාමාන කරන වෙලාව වැඩි කරන එකය.

එහෙම අයට වඩා මගේ විශ්වාසය රැඳී තිබුණේ තරුණ පරම්පරාව මතය. මේරූ ගස් නැවීම ලෙහෙසි නැත. නවාගත හැක්කේ ළපටි ගස්ය!

මේරූ ගස් නවන්නට බැරිය; නවාගත හැකි වන්නේ ළපටි ඒවාය..........
ඒ නිසා මා කතා කළේ ඒ බාසුන්නැහෙලා දෙන්නාට නොවේ. 

හටන් ආරච්චිලාගේ කුමුදුලාල්, ඒකනායක මුදියන්සේලාගේ සේනාධීර ඒකනායක, නෙවිල් අනුරසිරි පෙරේරා, සුදම්පිටි පන්නලාගේ විජිත් කුමාර කියන හතරදෙනාටය. ඔය නම් වැල ලියා තියෙන්නේ වයසේ අනුපිළිවෙලට නොවේ. ප්‍රෙස් එකේ ජ්‍යෙෂ්ඨකමේ විදිහටය. ප්‍රෙස් එක දියුණු කිරීමේදී මට එයාලාගෙන් ලැබුණේ ලොකු සහයෝගයකි.

මං වැඩ බලන්නට යන විට ප්‍රෙස් එක නොකෙරෙන තැනටය වැටිලා තිබුණේ. වයසක බාස් උන්නැහේලා දෙන්නාම ‘රස්සාව නැති වෙති’යි බියෙන් නවකයන්ට ශිල්ප දෙමින් හිටියේ ගුරු මුෂ්ටි හංගා ගනිමිනි. 

ඒකත් නොකර බැරිකමටය.

“නිමල්, අපිට ප්‍රෙස් එක දියුණු කරනවා නම් ඒකෙන්ම සල්ලි උපද්දාගන්න වෙනවා. ඒ වගේම තමයි training කරන වැඩෙත්. ඒකනෙ අපේ මුල්ම ටාගට් එක. දැනට වෙනම ගුරුවරු ගන්න විදිහක් නැති නිසා බාසුන්නැහෙලා දෙන්නව ගත්තේ පුරුදු වෙන අයට කියල දෙන්නත් එක්කයි.” 
ලාල් අයියා මුලදීම කියා තිබිණි.

මෙයාලා අපට කියල දෙනකං හිටියොත් නං අපි නාකි වෙලා ඉඳියි....
“මං නිමල් අයියට කියන්නම හිටියේ.... මෙයාලා අපිට කියල දෙනකල් හිටියොත් නං අපි නාකිවෙලා තියෙයි! මට නං දැන් එපාවෙලා.” ඊ.එම්.එස්. ඒකනායක මට කිව්වේ හඳුනාගෙන දෙසතියක්වත් යන්නට කලින්ය! (සංගීතඥ නලින් ඒකනායක ඔහුගේ සොහොයුරාය.)

ඉතින් මුලින්ම මට බෙහෙත් දෙන්නට වුණේ ඒවාටය. ඒ ප්‍රතිකාර අල්ලලා ගියේය. 

නෙවිල්, විජිත් දෙන්නාත්- ඊට පස්සේ තව ගොඩ දෙනෙකුත් එහාට ආවේ ඊළඟටය. චින්තන පර්ෂදයෙන් සඟරාව ප්‍රින්ට් කරන්නට හැදුවේ ඒ දවස්වලය.
    
“අපිට ලොකු වැඩක් එන්නයි යන්නේ... මාසෙකට සැරයක් ගහන සඟරාවක්.... වැඩේ ආවොත් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මොකද කියන්නේ... කරමුද? 
හැබැයි, වැඩේ ආවොත් පුතෝ.... නිවාඩු ගන්න නං බැරිවෙයි දැන් වගේ. 
සමහරවිට රෑ වෙනකල් වැඩ කරන්නත් වෙයි.... 
දැන් මට කොටේෂන් හදන්න තියෙනවා. ඔයාලට බැරි නම් නොවටිනා ගානක් දෙනවා වැඩේ නොඑන්න....”

මොකද කියන්නේ? අපි වැඩේ කරමුද.............
‘එපා, එපා. - වැඩේ කරමු. - අපටත් හොඳයිනේ. – o.t. එකක් හරි වැටෙනවනෙ නිමල් අයියේ!’ වගේ දේවල්ය, එක හඬින්ම කියැවුණේ.

ඊළඟට මා කළේ මිල ගණන් සාදා; විස්තර ලියා; ගෙදර යන ගමන් ලාල් අයියලාගේ ගෙදරින් තියලා යන එකය. 

මුද්‍රණ වැඩ සඳහා මිල ගණන් හදන්නට මට කියා දුන්නේ ලාල් අයියාය. ප්‍රෙස් එකේ බරට කරගසා හිටියෙත් එයාය. එවිට ලාල් අයියා ‘සලඅතස’ ප්‍රධාන ලේකම්වරයාය. මාදුළුවාවේ සෝභිත හිමියෝ සභාපති වූහ. 

පසුවදා උදේ ලාල් අයියා මා එනතුරු ගෙදර හිටියේය. “අයිසෙ නිමල්.... අපේ ප්‍රෙස් එකේ මෙච්චර දෙයක් කරන්න පුළුවනිද? අමාරුවේ වැටෙන්නේ නැතිව...?”

මට බයක් තිබුණේ නැත. අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයෙන්ම පුහුණු වෙමින් හිටි අලුත් කොල්ලෝ ඊයේ මට පොරොන්දුවක් දුන්නෝය. මට ඒ හයි-හත්තිය හොඳටම ඇතිය. 
අනෙක් අතට ඒ වෙද්දී මට වෙනත් අභියෝග තිබුණෙත් නැතිය. මට නම් එහෙම වුණාමත් ජීවිතයේ ත්‍රිල් එකක් නැහැ වගෙය....

ගෙවිඳු කුමාරතුංග මහතාට අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය ගෙදර වගේ වුණේය!
වැඩේ අපට ආවේය. ඒ job එකත් එක්කම ගෙවිඳුට; ගෙවිඳු කුමාරතුංග මහතාට අමද්‍යප ප්‍රෙස් එක ගෙදරම වගේ වුණේය! එතකොට ගෙවිඳු විශ්ව විද්‍යාල සිසුවෙකි.

වැඩියෙන්ම ‘කාලයේ’ වැඩවලට ආවේ ගෙවිඳුය. 

ඔන්න ගෙවිඳු මහත්තයෝ, නොකියා බැරි කාරණ තුනක් දැන් කියනවාය. මේවා මහ ලොකු දේවල්වත්, කවුරුන්වත් නොදන්නා දේවල්වත් නොවේ. එක; ගෙවිඳු කුමාරතුංගත් ගුරුන්නාන්සේටම හරියන කෙනෙකි; ඒ වල්ලේමය. පොඩ්ඩ බැරි වෙනකොට මළ පනියි. (තවමත් ඒ වගේමය. එහෙම කියන්නේ මේ දසකයේ මුල් අවුරුදු කිහිපයේත් මා ගෙවිඳු මහතා ළඟ සේවය කළ බැවිනි. මල්ටිපල් මයෙලොමාව වැලඳෙද්දී මා සේවය කරමින් හිටියේ ‘විසිදුනු ප්‍රකාශන’ ආයතනයේය.) ඒ කාරණය සාක්ෂි අනවශ්‍ය එකකි.

දෙක. බොහෝ දෙනා ගෙවිඳු මහතාව දන්නේ කේන්තිකාරයෙකු හැටියට විතරය. 

එහෙත් ඔහු උපරිමයෙන්ම ප්‍රකාශනවලට; පොත්වලට අවංක වෙයි. එහෙම කරන වෙනත් කිසිවෙකු මා නම් දැක නැත.

“නිමල්, වෙලාව ගත්තට කමක් නැහැ.... මට ඕනේ අපේ පොතක හැම පිටුවක්ම එකම උසට තියෙන්න. එකම පළලට තියෙන්න. ඔයා බලන්න - ඔය දෙබස්වලට ඉස්සරහින් දාන උඩ කොමා තියෙනවනේ.... හුඟක් ටයිප් සෙටින් කරන අය කී බෝඩ් එකේ තියෙන යුගල කොමාව වෙනුවට තනි කොමා දෙකක් ගහනවා..... අපේ පොත්වල එහෙමවත් තියෙන්න බැහැ. ඔයා ඒවා වැරැදි විදිහටම ලකුණු කරන්න. අනෙක නිමල්, අපේ සීයාගේ ශෛලියටයි පොත්වල සිංහල තියෙන්න ඕනේ....”

මට ඕනේ විසිදුනු පොත් හොඳම කොලිටියෙන් තියෙන්න!
මුලදීම ගෙවිඳු මට තේරුම් කර දුන්නේය. පාඨකයා ගැන එහෙම අවංකව කැපවෙන පොත් මුදලාලිලා කොච්චර අඩුද? 

පොත් කතුවරයෙකු පොතක් පරිවර්තනයෙදී නොසැලකිල්ලෙන් ගල් පෝච්චිය සිමෙන්ති පෝච්චියක් කළ කතාව මා ඔබට කියා ඇත.

දැන් ඕෆ්සෙට් ක්‍රමයටය පොත් මුද්‍රණය කෙරෙන්නේ. ඒ සඳහා ‘ප්ලේට්ස්’ පාවිච්චි කෙරෙයි. සමහර වෙලාවට ඒ මුද්‍රණ තහඩු ‘වීක්’ වෙයි. එහෙම ඒවා යොදාගත්තාම වෙන්නේ පොතේ මුද්‍රණයේ තත්ත්වය බාල වීමය. මේ ප්‍රශ්නය එන්නේ පොතක් යළි-යළිත් අච්චු ගහද්දීය. 

ඉතින් මා කරන්නේ එහෙම වී ඇති බව ප්‍රකාශක මහත්තයාට දන්වන එකය. එහෙම නොදන්වා අලුතින් ප්ලේට්ස් දැම්මොත් යන වියදම අය කරගන්නට බැරිය.

“ඔන්නොහෙ ගහන්න නිමල්... ඔයා බලන්න... කියවන්නම බැරි නං විතරක් ප්ලේට්ස් කීපයක් දාගනිමු!” සමහර දෙනා හොයා බලන්නටවත් මහන්සි නොවී සැපැයූ උත්තර එහෙමය. 

ඒ ගොල්ලන් එක්ක සසඳද්දී ප්‍රකාශක ගෙවිඳු කුමාරතුංග තැබිය යුත්තේ කොතැනද?

තුන. ගෙවීම්ය.... විසිදුනු එකට එන්නැයි මට ආරාධනා කළාට පස්සේ අපි කටයුතු කෙරෙන්නට ඕනෑ විදිහ ගැන කතා කරගත්තෙමු. ඔහු දෙන්නට හැදූ වැටුප මා හිතාගෙන හිටි එක නොවේ. මං කියන්නේ ඊට වඩා අඩුය කියලා නොවේ; වැඩිය කියලාය. 

“නැහැ මහත්තයෝ. මට ඊට වඩා පන්දාහක් අඩුවෙන් දෙන්න.” මම කීවෙමි.

'උඹේ ඔළුව අතගාලා බලහං' යහළුවෝ මට කීහ!
ඔය විත්තිය කිව්වාම, මගේ යහළුවන් මට කිව්වේ ‘ඔළුව අත ගාලා බලන්නට’ය. වැදගත්කම ඒක නොවේ. මගේ වැටුප ලබාගන්නට පරක්කු වුණොත්, ගෙවිඳුම ඒක මතක් කරන එකය; දෙන එකය. එහෙම හාම්පුතාලාත් හරි අඩුය! හරිම අඩුය!!

ඉතින් ‘කාලයේ’ කාලයට ආපහු යනවා නම් අමද්‍යප ප්‍රෙස් එකේ තිබුණේ ලෙටර් ප්‍රෙස් ක්‍රමයට කෙරෙන වැඩය. 

ඊයම් අකුරු අමුණලා, පිටු බැඳලා, ප්‍රින්ටින් මැෂිමට අතින් කොළය බැගින් දෙමින් අච්චු ගහන තාක්ෂණයයි! එක සැරයකට මුද්‍රණය කළ හැකි වුණේ ඩිමයි 1/8 සයිස් පිටු 4ක් විතරය. (සාමාන්‍ය නවකතා පොතක ප්‍රමාණය ඩිමයි අටෙන් එකය.)

දැන් මගේ බ්ලොගයේ එක පෝස්ටුවකට අවම වශයෙන් චිත්‍ර; ෆොටෝ දොළහක්වත් යෙදෙයි. එහෙම කරන්නේ දයාබර රසික-රසිකාවනුත් විචිත්‍රත්වයට කැමැතිය කියා හිතමිනි. මා නම් එහෙමය. 

ඒත් ඒ කාලයේ එහෙම විසිතුරු කිරීම් බෙහෙවින් වියදම් යන ඒවාය. ලෙටර් ප්‍රෙස් ක්‍රමයේදී foto - චිත්‍ර යොදනවා නම් ඒවාට වෙනම බ්ලොක්ස් කප්පවා ගත යුතුය.

ඉතින් පිටු ලස්සන කෙරුණේ ස්ථිර චිත්‍ර කිහිපයක් ‘විශේෂාංග මාතෘකා’ ලෙසට යොදා ගැනීමෙනි; එකම බ්ලොක්ස් නැවත-නැවතත් යෙදීමෙනි.

වියදම් පිරිමසා ගත යුතු නිසා තේමා බ්ලොක්ස් ටිකක් නැවත යොදාගෙන පිටු හැඩ කරගන්නට...... 
‘කාලය’ කාලයකට අමතක නොවෙන අත්දැකීම් සමුදායක් මගේ දිවියටත් එකතු කළේය; කාලයකටවත් අමතක කරන්නට නොවෙන චරිත කිහිපයක් වරින්-වර මට මුණ ගැස්සුවේය.

ආචාර්ය නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, ජී.අයි.ඩී. ධර්මසේකර, කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද, කේ.ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරු ඒ අතර වූහ. ඉතා කලාතුරකින් ප්‍රෙස් එකට පැමිණි උස, සිහින්, කළු හාදයෙකුත් මට මතකය. දැන් ඒ තරුණයා ‘ජනාධිපති අපේක්ෂකයෙකු’ විදිහටත් සමහරු හඳුන්වති. වන්නාටය; දැන් ඔහු ‘ඉන්න හිතෙන රටක්’ හදන්නට සූදානම්ය!

ඇත්තම කියනවා නං ප්‍රින්ටින් රස්සාව එපා වෙන තරමට දේවලුත් ‘කාලය’ ගහද්දී වුණේය.

අපේ කොම්පොසිටර්ලා හැමෝම වාගේ එතරම් පොත්-පත්තර කියවන්නට පුරුදු වුණු අය නොවූහ. ඒ නිසාම රටතොට-ඉතිහාස-නව ප්‍රවණතා- දේශපාලන තොරතුරු එයාලා දැන හිටියෙත් අඩුවෙනි. ඒ හැමෝම ඒ කාලයේ භද්‍ර යෞවනයේ පසුවන්නෝ වූහ. 

බාසුන්නැහෙලා දෙන්නාම ඇසූ-පිරූ තැන් ඇති අය වුණත්, අපේ පුහුණු වෙන්නන් ප්‍රශ්නයකදී කලින්ම ආවේ මගේ ළඟටය.

ලෙටර් ප්‍රෙස් අකුරු තිබුණේ 'කේස්' දෙකකය. එකක් ඔබේ කම්පියුටරය තබන හැඩයට මඳක් ඇලේට හිටවලා වගෙය.......
කාලයට ලියැවුණු ලිපි සේරම වාගේ හරබර ඒවාය. එච්චර ‘රීඩබල්’ නැත. 

යව්වන කොල්ලන් ඒවා බලාගෙන අකුරු අමුණනවා මිස ඒවා කියවා බලන්නේ නැත. නොදන්නා අයගේ දැනගැනීමට විතරක් මේ ටිකත් කියනවාට සමාවෙන්න. ඊයම් අකුරු තියෙන්නේ අකුරු කේස් දෙකක ඒ ඒ වළවලය. ‘අම්මාගෙ’ කියන වචනය අමුණන කෙනෙකුට ඒ සඳහා අකුරු වළවල් හයකට අත යවන්නට වෙයි!

අ - ම් - ම -ා - ෙ - ග විදිහටය. ඒ මදිවාට ඒ අකුරු තියෙන්නේත් නොපිටටය.

 හ, හි, හී, හු, හූ, හ් අකුරු දිහා බලන්නකෝ. මේ අකුරු හය තියෙන්නේ යාබද වළවල් හයකය. හා, හෙ, හේ, හෝ අකුරු හදාගන්නට වෙන්නේ ඇලපිලි, ඉස්පිලි, පාපිලි, කොම්බු, හල් ඇලපිලි අරවා-මෙව්වා එකතු කරගෙනය.

පහළ අකුරු කේස් එක තැන්පත් කරන්නේ මේසයක් උඩ තියෙන විදිහටය........
අපට ලැබුණු බොහොමයක් අත් පිටපත්වල අකුරු තිබ්බේ හකුරු වගෙය. 

වයිවාරන්න අත් අකුරුවලින් ලියූ, දිරවාගන්නට අසීරු ලිපි, 10 point අකුරුවලින් අමුණන්නේ කොලම් සයිස් අනුවය. 
ඊළඟට ඒවා තීරු විදිහටම ගල් අච්චුවෙන් පිටපත් කෙරෙයි. ඒ සෝදුපත් බලන්නටය. මුලින්ම proof බලන්නේ මාය. ඒවා නිවැරැදි කරලා ඉවර වුණාම, දෙවෙනි සෝදුපත ගැනෙයි. ඒකය ගෙවිඳු බැලුවේ.

ප්‍රින්ටින් පාඩමක් නොවෙන නිසාය එතැනින් නවත්තන්නේ. අපට කන්නට වුණු පරිප්පුව යන්තමින් හරි මවා ගැනීම බුද්ධිමත් ඔබට අසීරු නැත!

හැමදාම වාගේ ලිපි ගෙනෙන්නට පරක්කු වුණේය. අකුරු ඇමුණුවාටත් පස්සේ සමහර ඒවාට කෑලි එකතු වුණේය; අයින් කෙරුණේය. 
වැඩක් කරද්දී එහෙම තමයිය. ගොඩාරියක් වෙලාවට මං ඒවා ඉවසුවේ..... ජීවිතයට වැදගත්ම පාඩමක් වන ‘ඉවසීම’ ප්‍රයෝගිකවම පුහුණු වෙමිනි! ඉතින්.......

23 comments:

  1. 1975 න් විතර පසුව අකුරු කේස් එකක් දැක්කේ අදයි . පරණ මුද්‍රණ ශිල්පයත් එහි තාක්ෂණයත් දැන් ඉතිහාසයේ මතකයක් පමණයි නේද ??

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සෑම්.
      ඒ කාලයත් එක්ක බලද්දී දැන් කොච්චර ලේසිද?
      අකුරු ටයිප් කරද්දී උණුවුණු ඊයම්වලින් අකුරු වැක්කෙරෙන (කාස්ටින්) ක්‍රමය එහෙමත් දැන් නැහැනේ.

      Delete
  2. අපගේ "වනයේ නෙළුම, (නලීන් ද සිල්වා) තුමාට අපහාස කරන උන්ට ශැාප වේවා! ශාප වේවා!!
    උන්ට මහා ධන සම්පත් ලැබේවා. රජකම ලැබේවා. අන්තඃපුර ලැබෛ්වා
    ලැබී වැනසේවා

    ReplyDelete
    Replies
    1. වරේවා ජගත් මහත්තයා! ආයු බොහෝ වේවා, ආවඩා - ආයු බෝ වේවා!!

      Delete
  3. පිට කවරේ වර්ණයෙන් පි‍්‍රන්ට් කලේ කොහේද? ගල් අච්චුවේ එහෙම වැඩ දාන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. අසංග, ගෙවිඳු මහත්තයලාමයි පිට කවරය ඕෆ්සෙට් කරලා ගෙනැවිත් දුන්නේ.

      ගල් අච්චුවේ ප්රූෆ් ගත්තා කිව්වේ ඔය කාලේ ඉස්කෝලවල ප්‍රශ්න පත්තර එහෙම අච්චු ගහපු (ස්ටේන්සිල්ස් යොදාගත් - රෝනියෝ) ක්‍රමය නෙවෙයි. ඇමිණු අකුරු උඩ තීන්ත තවරලා, ඊට උඩින් කොළයක් තියලා තද කිරීමෙන් පිටපතක් හෝ දෙකක් හෝ ගන්නා එකටයි. ඒක ගන්නේ සෝදුපත් බලන්නමයි.

      ලෙටර් ප්‍රෙස් ක්‍රමයේදීත් වර්ණවත් මුද්‍රණ කටයුතු කරන්න පුළුවන්, 4 colour වැඩකට නම් බ්ලොක්ස් හතරක් කප්පවාගන්න ඕනෙ. ඕෆ්සෙට් වලදීත් එක වර්ණයක් සඳහා එක plate එකක් ඕනේ වගේමයි!

      Delete
  4. ඔය ජාතියෙ ප්‍රෙස් එකක් මෙහේ තිබුණ පළාත් සභාවෙන් කරපු. ඒකෙ ලැගගෙන ඉඳල මටත් ඔය අකුරු අමුණන ජංජාලෙ ටිකක් පුරුදුයි. ස්පේස් තියන්න වෙනම පටි කෑලිත් තියෙනව නේද ඕකෙ.
    සම්පූර්ණ බිල්පොත් පිටු ඊයම් බ්ලොක් විදියට හදපුවත් ඒකෙ තිබුණ.


    //අකුරු ඇමුණුවාටත් පස්සේ සමහර ඒවාට කෑලි එකතු වුණේය; අයින් කෙරුණේය// ඒකනං පණ යන වැඩක් වෙන්න ඇති. දැන් කොම්පියුටරෙන් ටයිප් කරපු එකක් එඩිට් කරනව වගේ ලේසි නෑනෙ ඒක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, පහළ අකුරු කේස් එකේ තික්, තින්, මිඩ්ල් ස්පේස් වළවල්වල තිබුණේ ඔයා කියන පටි කෑලි. ක්වාට්ස් තරමක් ඝන ඊයම් කුට්ටි!පේළිවල හිස් තැන පිරෙව්වේ ඒවායින්.

      එක කොළමකට අකුරු අමුනලා බලද්දී අකුරක් අඩුවෙලා තිබුණොත් ඒ අකුර දාන්න ඉඩ නැති වුණාය කියලා නිකං ඉන්නද? සමහර වෙලාවට පේළි හත අටක් යනකල්ම හදන්න වෙනවා ඒ ඉඩ අරගන්න ගියාම. මට මතක විදිහට එහෙම කරනවාට කිව්වේ 'රනවුන්' කරනවා කියලා.

      Delete
  5. “ඈ බාස් උන්නැහේ.... බාස් උන්නැහේ ඔච්චර සීලවන්ත නං නෝනා මහත්තයට දුවල-පුතාලා හම්බ වුණේ සක්කරයාවත් දීලද?”
    mekata labuna uththare mokadda?

    ReplyDelete
    Replies
    1. විල්සන් බාස් උන්නැහේ මං වගේ නෙවෙයි. හොඳ ශීලාචාර මනුස්සයා. 'මිස්ටර් නිමලුත් අහන ප්‍රශ්න' කියලා විතරයි කිව්වේ!

      Delete
  6. ඉතින්.......ඊලග පෝස්ට් එක එනකන් ඉවසන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. චමින්ද, ඔයා ඉවසීම පුහුණු කරගෙනනේ ඉන්නේ!

      Delete
  7. නිදි, ලෙටර් ප්‍රේස් කරපු සිංහල ඊයම් අකුරු හැදුවේ කොහොමද?
    ඒ font type වලට තිබු නම් එහෙම මතකද? අර සමන් සයිස් එහෙම කියන්නේ පොතේ ප්‍රමානයටද

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ, මම දන්නා තරමට නම් ඒ කාලේ ඊයම් අකුරු නිෂ්පාදකයන් තුන් දෙනෙක් හිටියා. (අපි බඩු ගන්න ගිය තැන්.) චිත්‍රා අකුරු නිෂ්පාදකයෝ. පුංචි බොරැල්ලේ. අක්වයිනස් එකට එහා. අංක 963. ඒ දවස්වල එයාලාට තමයි බිස්නස් වැඩියම තිබුණේ.

      ඊළඟට කොටුවෙ, මැලිබන් ස්ට්‍රීට් එකේ අංක 88 එම්.එන්. ශාන්ති කොම්පැනිය.

      කාලයක් ඉහළින්ම වැජඹිලා, අවරට යමින් හිටි ඇන්.ජේ. කුරේ සහ පුත්‍රයෝ අනෙකයි. තිබුණේ දෙමටගොඩ -මරදාන පාරේ, රේල් ගේට්ටුව කිට්ටුව.කුරේ සමාගමේ ආදී කර්තෘ ඇන්.ජේ. කුරේ අප්පුහාමි මහත්තයා ගැන කලුකොඳයාවේ පඤ්ඤාශේඛර හාමුදුරුවන්වහන්සේ කියා තිබෙන විදිහට නම් 1884-85 ව්තර කාලේ තමයි 'කුරේලා' මෙහෙම අකුරු නිපදවන්න පටන් අරන් තියෙන්නේ.

      අකුරු පොයින්ට්ස් 8-10-12-14-18-24 වගේ සයිස්වලින් භාෂා තුනෙන්ම හදලා තිබෙනවා.

      මොනෝ - ස්මෝල් පයිකා - ටූ ලයින් බ්රීවියර් - සරසවි - වගේ සිංහල අකුරු වර්ග ගණනාවක් සුදු හා කළු (බෝල්ඩ්) වශයන් තිබිලා.

      ටෛම්ස් - නිව් රෝමන් - ගිල් සැන්ස් වගේ වර්ග ගොඩක්ම නිපදවූ බව, මගේ ළඟ තියෙන 'කුරේ'කැටලොග් එකේ තියෙනවා.

      ඩිමයි - සැමන් සයිස් ගැන මම ලිව්වා 'කෙලින් සනා - 2' පෝස්ටුවේ.
      http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_4.html

      Delete
    2. ඊයම් අකුරු නිෂ්පාදකයන් වෙනම හිටියා. අච්චු කන්තෝරුවල අය අකුරු ගත්තේ එයාලාගෙන්.
      සිරිබිරිස් උන්නැහේ, මම දන්නේ නම් අපි අකුරු ගත්ත තැන් ගැන විතරයි.

      1 චිත්‍රා අකුරු නිෂ්පාදකයෝ- 963, මරදාන පාර, පුංචි බොරැල්ල. ඒ දවස්වල පීක් එකේ හිටියේ මෙයාලා තමයි.

      2. M.N.ශාන්ති & කම්පැනි, 88, මැලිබන් ස්ට්‍රීට්, කොළඹ 11.

      3.N.J.කුරේ සහ පුත්‍රයෝ,37/6,දෙමටගොඩ පෙදෙස, කොළඹ 9.
      කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර හාමුදුරුවන් වහන්සේ 1959 ජුලි 30 'කුරේ' එකේ කැටලොග් එකට ලියන සටහනකට අනුව, N.J.කුරේ අප්පුහාමි 1884-85 වගේ ඈත කාලෙක තමයි ඊයම් අකුරු හැදිල්ල පටන් අරන් තියෙන්නේ.

      ඩිමයි - සමන් සයිස් ගැන මම 'කෙලින් සනා 2'පෝස්ටුවේ ලිව්වා, ගිහින් බලනවා නේද?http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_4.html

      Delete
    3. තුති නිදි තොරතුරුවලට.සමරසිංහ මහත්තයා කියනවිදියට සයිස් එකට අමතරව සමන් අකුරුත් අලුත් වැඩක්.

      Delete
    4. ඔව් ඔව් සිරිබිරිස් උන්නැහේ, සමන් පොත් ලංකාවට අලුත්ම වෙනසක්, නිමාවක්, අනන්‍යතාවක් එකතු කළා.

      Delete
  8. ගෙවිඳු මාර සීරියස් පුද්ගලයෙක් නේද? සෙන්ස් ඔෆ් හියුමර් එහෙම අවමයි

    ReplyDelete
    Replies
    1. ඔව්නේ Pra Jay.
      හැබැයි මට නම් එයා විහිලු කරනවා, හිනාවනවා දකින්න ලැබිලා තියෙනවා, කලාතුරකින්.
      ගුවන් විදුලියේ කෙනෙකු කියූ හැටියට එයාලගෙ පරම්පරාවම හෙණ සීරියස්ලු. ගෙවිඳුලගෙ බාප්පා කෙනෙකු ගැනද කොහෙද කියන ගමන් ඒක කිව්වේ!

      Delete
    2. ගෙවිඳුගෙ ඥාති සහෝදරයෙක් වෙන කසුන් කුමාරතුංග (නැසී ගිය ) මා සමග ඉගන ගත්තා. ගෙවිඳු නම් හමුවෙලා කතා කරල තියෙන්නෙ 2පාරයි

      Delete
    3. Pra Jay, මට නම් එයාලා කවුරුන්මවත් හමුවී නැහැ, ගෙවිඳුගේ බිරියත් පුතත් විතරයි.

      Delete
  9. පිරින්ට් කරන්න කන කට්ටක්.

    ReplyDelete
    Replies
    1. එක නං එහෙම තමයි මධු. හැබැයි වැඩේ නියමෙට තියෙනකොට දැනෙන සතුට! ආඩම්බරේ!!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්