li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, October 3, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දහනවවෙනි කොටස

මතකයි නේද ගිය වතාවේ අපි නැවතුණු තැන. ‘එහෙම තිබියදීය ඇන්ටිත් ටෙරන්ස්තුත් අපත් එක්කම සිරීපාදේ යන්නට එන බව කිව්වේ!’

අවුරුද්දට මුදලාලි මහත්තයා කොහොම කරයිද කියලා.............
“ඇන්ටි, අපි නං අවුරුද්දට නිවාඩු දෙනවා 10 වෙනිදා විතර. මුදලාලි මහත්තයා කොහොම කරයිද දන්නෙ නැහැ නේද?” මං ඇන්ටිගෙන් ඇහුවේ කෙලින්ම මුදලාලිගෙන් අහන්නට බැරි නිසාය.

“සුද්දොන්ට මොන අවුරුදුද නිමල්.... වෙනදට නං අපිත් නොනගතේට විතරයි සාප්පු වහන්නේ. මේ සැරේ සිරීපාදෙත් යන නිසා තමයි, ඉතින් ..... දැන් කවදද අපි යන්නේ?”

“අප්‍රේල් 16 උදේ පිටත් වෙන්නේ. මහරගමින් 5ට බදුල්ලට තියෙන බස් එකේ. 
17 පාන්දර මළුවේ.... ඉර සේවය බලලා එදා රෑ වෙද්දී 
පලාබත්ගලට කරුණා කරගන්නවා. එදා රෑ නවතින්නේ එහෙ.... 
18 හවස් වෙද්දී අපි මහරගම.....” 

මම ගමනේ සැලසුම විස්තර කළෙමි. ටෙරන්ස් වුණත් ඒවා අහගෙන හිටියේ ආසාවෙන්ය.

“...... වෙනදාටත් එහෙමයි. දවස් තුනයි යන්නේ. හැබැයි ඇන්ටි,  එනකොට නං හොඳ ගණන්.... කකුලක් උස්සලා පඩි නැඟිලි-බැහිලි බොරු.”

සිරීපාදේ කරුණා කරලා එද්දී නං කකුල් දෙකම මැන්ඩලින් ගහනවා!
“අපේ අම්මට ඇවිදලා හුරුයි නිමල් අයියේ.”

“මේ, මේ, ටෙරන්ස්. මං ගැන මම බලාගන්නං. ඔයා ඔයාගේ ගැන බලා ගන්නවකො! .... එතකොට නිමල්, අපිට අප්‍රේල් 15 හවස ඔයාලගේ ගෙදරට ඇවිත් ඉන්න වෙනවා. එහෙමනේ?”

“සිරීපාදේ නොගිය මිනිහත් මෝඩයා. එක සැරේකට වැඩියෙන් ගිය මිනිහත් මෝඩයා!” කියන්නේ හරිම ප්‍රසිද්ධ කියමනකි. 

එය ඇත්තක් නම් මේ බ්ලොගය කොටන මමත් අන්ත මෝඩයෙක්මි. 

1976 අපේ සිරිපා ගමනම වුණත්, මගේ හතරවෙනි හෝ පස්වෙනි වතාව වෙන්නට ඕනෙය.

ඒ කාලයේ වන්දනා ගමන් මිස විනෝද චාරිකා වැඩිපුර තිබුණේ නැතිය. වන්දනාවේ ගියෙත් අනුරාධපුර-පොළොන්නරු, කතරගම, සේරුවාවිල-නාගදීප වගේ තැන්වලටය. විනෝදයට ගියේ පේරාදෙනි මල්වත්තට හෝ නුවරඑළිය-හග්ගල දෙකටය. 

යූ. ඩී. පෙරේරා මාස්ටර් සහ ග්‍රේටා ජෙනට් ද සිල්වා ගායිකාව 
ඒවාට වඩා වෙනස්, සිරීපාදේ ගමන සුවිශේෂ එකක් විණි. කොච්චර වෙනස් ගමනක් වුණාද කියන්නට හොඳම සාධකයක් වන්නේ ගීතයකි.

ගීතය ලියා තියෙන්නේත් අති දක්ෂයෙකි. 

කරුණා මූදේ නාමු ගිලීලා, කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමි, සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ, මහා බෝධි මුලේ විදුරසුනේ, රාජ සඟබෝ හිස දී දුගියාටා වැනි ගීත ලියා ඇත්තෙත් මේ රචකයාමය; යූ.ඩී. පෙරේරා මාස්ටර්ය!

ඔහු ලියූ ඒ අමරණීය ගීතය ගැයුවේ ග්‍රේටා ජෙනට් ද සිල්වා ගායිකාවය; කොලොම්බියා තැටියකටය. 

සිරීපාදේ නොගිය කෙනෙකුට වුණත් ඒ ගීතය අහද්දී, මනැසින් සිරිපා කරුණා කරන්නට කිසිම අපහසුවක් නැත! 

1910 වසරේ රත්නපුර නගරය හරහා වන්දනාවේ යන නඩයක්.............

සිරි ලංකාවේ උසින් වැඩි කඳු අතරෙන් තෙවෙනි තැන ගන්නා සමනල කන්දේ උස අඩි 7360කි.

හැබැයි, එච්චර ලස්සන ඒ ගීතය ලියූ උඳුගොඩගේ ධර්මසිරි පෙරේරා මහත්තයාත් පල් මෝඩයෙකි; එහෙම වෙන්නේ අර ප්‍රසිද්ධ කියමනට අනුවය; යූ.ඩී. පෙරේරා මහත්තයාත් ජීවිතේටම සිරීපාදේ නොගිය කෙනෙකි! 

මේ ගැන, ඒ.ඩී. රන්ජිත් කුමාර ලියා තිබෙන  තවත් විස්තර 
ඔබට ඇරයුම් කරන්නේ, එය කියැවිය යුතු පෝස්ටුවක් යැයි මට හැඟෙන බැවිනි. 

ගිවිසාගත් ඒ විදිහටම, බෙන්තොට ඇන්ටිලා අපේ ගෙදරට ආවෝය. 

වැඩපොළට නිවාඩු දීලා තිබුණු නිසා තාත්තාට පැය විසිහතර සඳහාම බතික් මඩුවේ ලොකු මේසය සින්නවී තිබිණි. ඇන්ටි එතැනට ගිහින් අපේ තාත්තාත් එක්ක දිගම-දිග කතාවකට පැටලීලාය. ඒ අතරේය ‘සේ’ ටීචර් අපේ ගෙදරට ආවේ.

දෙන්නාත් එක්කම මහ දිග කතාවකට පැටලී ඉන්නා අතරේය......
‘සේ’ ටීචර් ඉගැන්නුවේ බුවෙනකබා මහ විදුහලේය.

එයාත් ‘දෙපා අවසඟ පාපන්දු පිස්සා 1’ පෝස්ටුවෙදී 
රසික ඔබට කියූ ‘රාජමනි මිසී’ වගේ ගැහැනියකි; 
හොඳ උස-මහතය, සුදුය; කටත් සද්දය; හොඳටම forwardය; යකාටවත් බයකුත් නැතිය. 

අපේ නංගිලා-මල්ලිලා සේරටම උගන්වා තිබුණු ‘සේ’ ටීචර් හිටියෙත් පමුණුවේමය.  

“මේක ගෙදරින් තියපන් කෙල්ලේ! අවුරුද්දේ ඉස්සෙල්ලාම හිස් අතින් එන්න හොඳ නැති හින්දයි ගෙනාවේ.... උඹලා සේරම අර මනුස්සයාව තට්ට-තනියම බතික් මඩුවට දාලා ජොලියේ සිරීපාදේ යන්නයි එහෙනම් ලෑස්තිය.... 
හොඳා, හොඳා. අපට කොහෙන්ද කෙල්ලේ එහෙම පිනක්?” 

සේ ටීචර් වඩාත්ම කිට්ටු අපේ ලොකු නංගිට; පුෂ්පා රංජනීටය.

“මං ඉක්මනට ටීචර්ට තේ එකක් හදාගෙන එන්නං.....”  

නැතිනං මූණ දෙක කරගනියි මමත් මිනිහා ගැන තැකුවේ නැහැයි කියලා ...........
“එහෙනං ඒක මඩුවටම ගෙනෙන් පුෂ්පෝ... මං ගිහින් අර මනුස්සයා එක්ක කයියක් දාන්නං. නැතිනං මූණ දික් කරගනියි මමත් එයා ගැන තැකුවේ නැහැයි කියලා..... ආ නිමල්, තරහ නැතිව මේ පඬුරත් මළුවේදී දාහං කොල්ලෝ!”  

සේ ටීචර් සුදු රෙදි කෑල්ලක දවටා ගැටගැසූ කාසියකුත් මගේ අතට දුන්නාය; දීලය පහළට බැස්සේ.
සේ ටීචර් පහළට ගියාම ඇන්ටි ඉහළට ආවාය. (ඉහළ-පහළ කිව්වේ අපේ ඉඩම සමතලා එකක් නොවෙන නිසාය.) බතික් මඩුව තිබුණේ ගෙදරට වඩා පහළින්ය. වත්තේ හරි මැදට වෙන්නටය. 

සේ ටීචර් කවදාත් අපේ තාත්තා එක්ක ගොඩ වෙලාවක් කතා කරන්නීය; දෙපිට කැපෙන කතන්දරත් කියන්නීය; හෙමිනුත් නොවේ. ඇය, එදා වුණත් වෙනදාට වඩා වැඩි වෙලාවක්, තාත්තා එක්ක ‘කාජාව දාගෙන’ හිඳීම අපට විශේෂයක් නොවුණේ ඒ නිසාය. 

ටීචර් පිටත්ව ගියා විතරය. තාත්තා මට කතා කළේය.

ඒ විධානය එච්චර තද එහෙකුත් නොවේ!
“රංජි, ටිකකට ඇවිත් පලයං!”

ඒ විධානය එච්චර ‘තද’ එහෙකුත් නොවේ. 

ඩී.බී.කුරුප්පු මහත්තයාගේ වචනයක් ණයට ඉල්ලාගෙන කියනවා නම් ‘මෝදු’ වුණු තාලයේ එකකි! තරමක ලිහිලක් තිබුණු එකකි!! 
ඒකත් එච්චර හොඳ ලකුණක් නොවේ. 

“ඇයි තාත්තේ?”

“ඔහොම ටිකක් වාඩි වෙයන්කෝ....! මොකක්ද කලබලේ? මට උඹෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න.”

‘ඉවරයි, සේරම ඉවරයි.’ මට හිතිණි. ‘තාත්තට සේරම ආරංචි වෙලා තමයි. ඒත් කොහොමද? කාගෙන්ද?’ එහෙම හිතුණත්; හිත ඇතුළ දෙමෝලෙන් පිටි කොටන්නා වගේ ගැහුණත්, මං හිටියේ අහිංසක මූණක් මවාගෙනය. වෙස් මුහුණක් දමාගෙනය.

“හැබැයි, උඹ මට ඇත්තම කියන්න ඕනේ...” 
මා කළේ අහගෙන සිටීමය. ‘කට ඉස්සර කරගන්න එපා රංජියෝ!’ 
මගේ බුද්ධිය මට කිව්වේය.

කකුල් දෙකම නැති මේ ගුණපාලට පුළුවන්ද උඹලා ඔය යන්න හදන ගමන නවත්තන්න?
“දැන් එතකොට උඹලා හෙට උදේ සිරීපාදේ යනවා, එහෙමනේ...... එන්නේ 18 වෙනිදා.... දැන් උඹ මට කියපං, මේ කකුල් දෙකම නැති ගුණපාලට කියපං.... 
මට පුළුවන්ද උඹලගේ ගමන නවත්තන්න?.... මට පුළුවන්ද.... 
දැන් දෙකේ කොළේට වැටිලා ඉන්න උඹේ තාත්තට බැරිද උඹලගේ මහලොකු සිරීපාදේ ගමන නවත්තන්න?”

තාත්තා අහන්නේ මොන විකාර ප්‍රශ්නයක්ද? 
ඒත් ඒ බවක් කියන්නට මට හිතුණේ නැත. 

දෙකකුල් නැතත්; දණහිස්වලටම උඩින් ඒවා කපා දමා තිබුණත් තාත්තාගේ අභිමානය අඩුවෙලා නැති බව මට රහසක් වුණේ නැත.

හරකෙකුගේ ඉදිරිපිටින් ගොස් ඌට ළං නොවන්න! 
අශ්වයෙකුගේ පිටුපසින් ඌට ළං වීමෙනුත් වළකින්න. 
මොනම පැත්තකින්වත් මෝඩයකුට නම් කිට්ටු නොවන්න! 

foto එකකුත් එක්කම ඒ පණිවිඩය දුටු දවසෙම මට මතක් වුණේ 1976 අප්‍රේල් 15 රාත්‍රියේ මා කළ හපන්කමයි! එවෙලේ මට හිතුණේ අපේ තාත්තා අසාධාරණ සටනකට; සාධාරණ නැති අභියෝගයකට මා බඳුන් කරන බවය. එහෙම වෙලාවට වැඩ කරන්නේ හීන් සැරයයි!

එහෙම වෙලාවට 'ලෙසටම' වැඩ කරන්නේ 'හීන් සැරයයි!'
සාමාන්‍යයෙන් කරන විදිහට නොවේ, එදා නිමල් දිසානායක කළේ; පොල්ලෙන් ගහනවා වගේ උත්තරයක් නොදී, තාත්තාගේ සාඩම්බරය වැඩි කරවන උත්තරයකි, එවෙලේ මා දුන්නේ!

“තාත්තට මොකද බැරි..... ඔයානේ තාත්තා!”

මගේ උත්තරයෙන් අපේ තාත්තා එක සැරේම හේබා ගියේය!

අපේ තාත්තා පෑවේ පරාජිත හිනාවකි. 
“මං පරාදයි බං. මං පරාදයි.... එක අතකින් මං දිනුම්... මොකද, දිනුව උඹ මගේ ලොකු පුතා හින්දා... මං පරාදයි බං....” 
අදත් තාත්තා බීලාවත්ද? මං හිතාගෙන හිටියේ, බෙන්තොට කට්ටියත් එන නිසා තාත්තා නොබී ඉන්නවා කියලාය. 

නැත්තං මොනවද මේ කියවන විකාර?

උඹලට තුනුරුවන් සරණයි..... පරෙස්සමෙන්...........
“උඹලට තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා...”

තවත් එතැන පොරොත්තු වෙන්නට මට හිතුණේ නැත. මට දැනුණේ ලොකුම කඩුල්ලක් පැනගත් බවය; මං කට වරද්දාගත්තා නම් තාත්තා මොන ගිනි විජ්ජුම්බරයක් කරන්නට හිටියා වෙන්න ඇතිද? 

ඒවා කල්පනා කරන වෙලාවක නොවේ, එදා මා හිටියේ. විසිදෙනෙකු විතර කට්ටියක් එක්ක වන්දනාවක යන්නට තියෙද්දී හිතන්නට දේවල්ද නැත්තේ?

ඉතින්, සිරිපා කරුණා කරද්දී අපට ලොකු අවුලක් වුණේ නැත.

සිරිපා ගමන් ගැන පෝස්ටුවක්- දෙකක් ලියන්නට ඕනේ කියලා හිත කියයි. වන්දනාවේ විස්තරත් මෙතැන නොලියා ඉතිරි කරගන්නට වෙන්නේ ඒකටය. 

Plan කළ විදිහටම 17 වෙනිදා රාත්‍රිය පලාබත්ගල නැවතී සිට 18 වෙනිදා රත්නපුරයට ආවාමය වෙනසක් කරන්නට වුණේ!

ඉර සේවයත් බලලා, එදා රාත්‍රිය වෙන්නට කලින් පලාබත්ගලට............
ඒ දිනවල ඉරිදාට රත්නපුරයෙන් කොළඹට එන බස් අඩුය. 
එදා නම් තිබ්බෙම නැති තරම්ය. ආපසු ගමනේදී අප රත්නපුරයට එන්නෙත් එහෙන් පටන් ගන්නා බස් එකක වාඩිවෙලාම එන්නට හිතාගෙනය. 

“කරන්න දෙයක් නැහැ.... පරණ පාරෙන් යන බස් එකක හරි කමක් නැහැ ... අපි අවිස්සාවේල්ලට යමු. එතකොට එතැන ඉඳලා හරි වාඩිවෙලා යතහැකිනේ!”

“අනේ ඔව් ළමයෝ. දැන් නම් පෝලිමේ හිටගෙන ඉඳලත් මට ඇතිවෙලයි තියෙන්නේ.” අපේ සීයාත් කිව්වේය.

“අම්මේ, අන්න පානදුර බස් එකක් එනවා. අපි ඒකෙ ගිහින් අලුත්ගම එකකට නඟිමුද?” ඒ අස්සේ ටෙරන්ස්ගෙනුත් යෝජනාවකි. 

විරුද්ධ වෙන්නට හේතුවක් තිබුණේ නැතිය. ඇන්ටිලා පානදුර බස් එකෙන් පිටත්ව ගියහ. පොල් පැටවුණු බසයක හිරවී, අප අවිස්සාවේල්ලට එනවිට එතැනත් වෙනදා තරම් බස් තිබුණේ නැත.

පොල් පැටවුණු බසයක නැඟී කරත්තයක එනවාට වඩා අසීරුවෙන් අවිස්සාවේල්ලට එද්දී..........
කොළඹ යන බසයක් තිබුණත්, ඒ වෙද්දීත් එය පිරිලාය. පිරිසක් හිටගෙනත්..... අපේ නඩය බස්  පෝලිමට එකතු වුණේය! මාත්.....

“ස්...ස්... නිමල්”

මම හැරී බැලුවෙමි. සරත්! බළල් සරත්!! එයාත් පමුණුවේම කෙනෙකි; අපේ නාට්‍යවලට ආ රංජිත් ගුණසේකර අයියාගේ යහළුවෙකි. 
සරත්ලා සෑහෙන්නට හිටි නිසාය මෙයා බළල් සරත් වුණේ. එයාට තිබ්බේ බළල් ඇස්ය.    

(මා රංජිත් පී. හඳුනාගත්තෙත් රංජිත් අයියාගේ මාර්ගයෙනි.)   

සරත් අප හිටි තැනට ආවේ නැත. 
හිටි තැනම හිටගෙන, අත වනලා මට කතා කළේය. 
“ඒකගේ තියෙන මහන්තත්තකම බලපල්ලකො ඉතින්. පොඩ්ඩක් මෙහාට ආවා නං කකුල් ගෙවෙනවද?” මං බළල් සරත් ළඟට ගියේ හිත යටින් බනිමින්, වත උඩින් හිනාවක් දවාටාගෙනය.    

හිත යටින් බනිමින්, වත උඩින් හිනා පාමින්..............
“මොකද නිමල්, අර බස් එකේ යන්නෙ නැද්ද?” සරත් ඇහුවේය. 
‘තමුසෙ ඕක අහගන්නද මාව මෙතන්ට වැඩම්මුවේ?’ මගේ හිත කිව්වේය.

“සිරීපාදෙ ගිහින් එන ගමනනෙ සරත්.... හිටගෙන යන්න බැහැ. ඊළඟට එන එකක යනවා! හදිසියක් නැහැනේ.” මුව කිව්වේය. මගේ උත්තරයෙන්ය සරත්ගේ කට ඇරුණේ.

“ඈ?...... හදිසියක් නැහැ? ඔයාට ආරංචිය හම්බ වුණේ නැද්ද?”

“මොකක්ද?”

“ඇයි නිමල්, සෝමවීරව හම්බ වුණේ නැතිද?”

“සෝමයා අපිත් එක්ක ආවේ නැහැනේ.”

නැතිවෙලා නෙවෙයි, නිමල් එල්ලිලා!
සරත් මගේ අතකින් අල්ලා ගත්තේය. 

“සෝමවීර ඔයාලත් එක්ක ගියෙ නැති බව අපි දන්නවා. අපිනේ ඌව එව්වේ ඔයාලට පණිවිඩේ කියන්න...... එහෙනං සෝමයාට ඔයාලව මීට් වෙලා නෑ. ඔයාලා මේ බස් එකේම ගෙදර යන්න දැන්ම, හිටගෙන හරි...”

“සරත්, මොකක්ද ඔයාලා අපිට එව්ව පණිවිඩේ... මොකක්ද හදිස්සිය?”

“ඔයාලගේ තාත්තා නැතිවෙලා....” සරත් කිව්වේ රහසෙනි; ඇහෙන-නෑහෙන ගණනටය.

“ඈ.... නැතිවෙලා....?”

“නැතිවෙලා නෙවෙයි, නිමල් මල්ලී...... එල්ලිලා මැරිලා!”

සරත් වෙනින් විස්තර කිව්වේ නැත; මං අහන්නට හිටියෙත් නැත. 
ආපිට හැරුණු විගසම බස් පෝලිමට ගියෙමි. 

“අපි මේ බස් එකේම යමු.... නඟිනවලා ඉක්මනට.”

නවක වධය දෙන සීනියර් සිසුන්ගේ වගේ අධිකාරි tone එකකි එවෙලේ...........
“ඊළඟ එකේ නේද යමු කිව්වේ!”

“පැය ගානක් යනවලු ඒක එන්න. කැමති කෙනෙක් ඉඳල එනවලා. මගෙන් වැරද්දක් නැහැ. හැබැයි, මං මේකේ යනවාමයි.”

මගේ අධිකාරී තීරණත්, කටහඬේ tone එකත් නොදන්නා කිසිවෙක් එතැන හිටියේ නැත.

සෙනඟ පිරී හිටි බසයට කවුරුනුත් නැංගේ තවත් කිසිවක් අහන්නේ නැතිවමය. තවමත් මටම පුදුමය. මං ඒ සේරම තීරණය කළේ, විධාන දුන්නේ ඇහේ එකම-එක කඳුළක්වත් නැතිවය; හඬේ කිසිම ශෝකී ස්වරයක්- වෙව්ලිල්ලක් නැතිවමය. 

ඒත් දෙයියනේ, මගේ හිතිවිලි සසල වෙවී තිබුණු හැටි.... හැඟීම් තෙරපෙමින් තිබුණු හැටි කියන්නට අදටත් මා අසමත්ය!

පනාගොඩ හමුදා කඳවුර හරියේදී මම සුනිල්ට කිට්ටුවී...........
මගේ දෙසවනේ රැව්-පිළිරැව් දෙමින් තිබුණේ එයා මට කී අවසන් වචනය. ඒවා අදත් දෝංකාර දෙයි. 

“උඹලට තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා... උඹලට තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා... උඹලට තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා...”

මට හොඳටම මතකය. පනාගොඩ හමුදා කඳවුර හරියේදී මම සුනිල් ළඟට කිට්ටු කළෙමි.

“සුනිල්, මහරගමින් බැස්සාම කාටවත්ම ගෙවල්වලට යන්න දෙන්න එපා. එයාලව අපේ ගෙදරට එක්ක ගිහින් ඉවරවෙලයි ගෙදර යවන්නේ. මං එයාලව නවත්තගෙන ඉන්නං. තමුසේ ගිහින් ටැක්සි තුන හතරක් අරන් එනවා.”

“ඇයි ලොකා?”

“කියපු විදිහට කරනවා!!! ගෙදරට යනකල් කාටවත් ඇඟෙව්වොත් බලාගෙනයි.....” මගේ ස්වරයම සුනිල්ව නිහඬ කරවන්නක් විණි. “වෙනසක් පෙන්වන්නෙ නැතිව ඉන්නවා, මං වගේ..... තාත්තා අන්තරා වෙලා!”

එතකොට three වීලර් ගැන අහලාවත් තිබ්බේ නැතිය. මයිනර් කාර්ය Taxi දිව්වේ!
මහරගම අනුෂා සිනමාහල අසලදී බසයෙන් බැසගත් ගමන්ම සුනිල් පිටත්ව ගියේ ටැක්සි කිහිපයක් අරන් එන්නටය. 

එතකොට දැන් වගේ ඕසෙට three වීලර් තිබ්බේ නැත. තිබුණේ මොරිස් මයිනර් වර්ගයේ ටැක්සිය. (අදට වුණත් මට හඳුනාගන්නට පුළුවන් කාර් වර්ගයකි ඒ.) 

“දැන් සුනිල් ටැක්සි දෙක-තුනක් අරන් එයි. ඒ ආවාම ඔයාලා කවුරුත් එක්ක අපේ ගෙදරට ගිහින්, ඊට පස්සේ ගෙවල්වලට යන්න. පරක්කු වෙන්නෙ නැහැ.” 
එතැනත් කාටවත්, මොකවත් අහන්නට බැරිවෙන මගේ ටෝන් එක ‘ලෙසටම’ වැඩ කළේය!

ටැක්සි කිහිපය පිටත් වෙන්නට කලින් මම අවසන් විධානයත් නිකුත් කළෙමි. “පිරිමි ළමා නිවාසයට.”

කුලතුංග සර්ය, ඒ කාලයේ මහරගම පිරිමි ළමා නිවාසයේ පාලකයා. 

ටැක්සි කිහිපයෙන් අපේ කට්ටිය බහිද්දීත් හැම දෙනාම හිටියේ මේ කඩා පාත් වෙන්නේ මොන මරාලයක්දැයි හාන්කවිසියක් නොදැනය! කුලතුංග සර් ඉස්සරහටම ඇවිත් මගේ අතින් අල්ලා ගත්තේය. 

එතෙක් මගේ අතේ තිබුණු ‘මෙහෙයුම් යෂ්ටිය’ ඔහු අතට ගියා වගේ මට දැනිණි. 

මහරගම පිරිමි ළමා නිවාසයේ පාලකයා විදිහට ඒ දිනවල සේවය කළේ කුලතුංග ..........
මං හරිය. කතා කළේ කුලතුංග සර්ය. “කට්ටියගෙම බෑග් ටික මෙහෙන් තියලා පහළට ගිහින් එමු!”

අපේ ලොකු නංගිත්, සීයාත් දෙන්නා බෑග් උස්සා ගත්තාමත් කුලතුංග මහත්තයා ඒවා බිමින් තියෙව්වේය. 

“සීයලට අමාරුයිනේ. යං, මං පස්සේ ළමයි දෙන්නෙකුට කියන්නංකො ඔව්වා අරන් එන්න.”

ළමා නිවාස වත්ත මැදින් අඩි පාරේ ඇදුණු අපේ සීයාය, සිල්ලප්පු වත්තට ඇතුළුවෙන තැන- පාර හරහට දමා තිබුණු සුදු කොඩිය ඉස්සෙල්ලාම දැක්කේ. 

දිසානායක හේවගේ චාර්ල්ස්; චාලි නානා; අමු කැළේ ඒ දැකුමෙන්ම සියල්ල තේරුම් ගත්තා වගෙය. 

ඊජිප්තුවන්ගේ මරණයේ දේවතාවා; අනුබිස් අපේ ගෙදරටත් පැමිණ ඇති බව දැනගෙන වගේ මා දෙසට හැරුණේය...

අනුබිස්; ඊජිප්තු මරණයේ දේවතාවා අපේ ගෙදරටත් සම්ප්‍රාප්තවී තියෙන බව .............. 
ලෙහෙසියෙන් හිනා නොවෙන - නොහඬන - කම්පා නොවෙන සීයාගේ වියපත් මුහුණේ ඇස් විතරක් යාන්තමට දිලිසෙමින් තිබෙද්දී සීයා මගේ පැත්තට හැරුණේය. මට උත්තරයක් දෙන්නට ඉඩක් ලැබුණේ නැත.

ලොකු නංගි ලොකු විලාපයක් දීගෙන පහළට දුවන්නට ගත්තාය. 
බතික් වැඩපොළේ ගැහැනු ළමයිනුත් ඒ පාරේම.....

ඊළඟට.........

15 comments:

  1. මරණය හරි පුදුම දෙයක් ලොකා...සමහර සමීපතමයන්ගේ මරණ ඒ අයගේ ජීවිතවලට වඩා අපිට පාඩම් කියල දෙනවා...හරි පුදුමයි නේද?

    ReplyDelete
    Replies
    1. සත්තයි ලොකු. දුක, හිස් බව, පාඩුව, අසරණකම හැම දේමත් ඉතිරි වෙන්නේ ජීවත් වෙන අයටනේ.

      Delete
  2. ඒ වෙනකොට කප්පරක් අත්දැකීම් තිබ්බ නිමල් අයිය පණිවිඩේ දැනගත්ත වෙලාවෙදි කලබල නොවී ඔය විදියට හැසිරිච්ච එක මටනම් අරුමයක් නෙමෙයි. අපේ තාත්ත ඉස්පිරිතාලෙ නවත්තල තිබුණෙත් මම කතරගම ගිහින් ඉද්දි. ඊට පහුවෙනිද උදේ මම හොස්පිටල් ගියාට පස්සෙ තමයි තාත්ත නැති උනේ. නිමල් අයිය වගේ තැලි පොඩිවෙලා නැති මම උනත් ඒ වෙලාවෙදි කලබල නොවී කරන්න ඕන වැඩ කටයුතු ටික සංවිධානය කරගත්ත.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, අවස්ථාවක් අආවම තමයි මිනිසුන්ගේ සැඟවුණු හපන්කම්, හැකියාවන් මතුව එන්නේ!

      Delete
  3. //ඒ ගීතය අහද්දී, මනැසින් සිරිපා කරුණා කරන්නට// ලිංක් එක වැඩ නෑ.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=wAZd1YMbVx8

      ලිපියටත් මේ ලින්ක් එක යෙදුවා. නැවත හොයා බලන්නම්. කිව්වාට ගොඩක් ස්තුතියි ප්‍රසන්න.

      Delete
    2. ප්‍රසන්න, දැන් හරි, හොඳේ!

      Delete
  4. හ්ම්,පරිසරට වෙනස් නොවන දැඩි තීරණ වල කෙලවර.ලාස්ට් සමුරායිවල කසිමොටෝ වගේ.
    (බෝවනං වෙනම අල්ලගන්න ඕනෑ මේ දෙවන සැරේ අපිව අල්ලලා පොලේ ගහපු)

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් සහිත පාඨක ඔබ වැනි රසිකයෙකුත් කම්පනයකට පත් වුණ එක ගැන සතුටුයි; එකෙන් පෙන්නේ මං හරියටම වදින්න ජීවන අත්දැකීම කියලා තියෙන බවනේ.

      ස්තුතියි, සිරිබිරිස් උන්නැහේ!!

      Delete
  5. හරකෙකුගේ ඉදිරිපිටින් ගොස් ඌට ළං නොවන්න!
    අශ්වයෙකුගේ පිටුපසින් ඌට ළං වීමෙනුත් වළකින්න.
    මොනම පැත්තකින්වත් මෝඩයකුට නම් කිට්ටු නොවන්න +++++++++++++

    ReplyDelete
    Replies
    1. ඉයන් මහත්තයෝ, මගේ පරිවර්තනය හරි නැතිද?

      Delete
  6. මටත් තාත්ත නැති උන වෙලාවෙ පපුව කඩාගන යන වේදනාවක් ආව හොදම යාලුවාටත් කෝල් එකක් ගත්තා තප් 4ක් විතර කතා කරගන්න බැරි උනා.
    හැබැයි විනාඩියක් යන්නත් කලින් මහ බරක් ඔලුවට ආව වගකීම් ගැන ඒක අදටත් එහෙමමයි කවදාවත් නැතිවෙන එකක් නෑ වගේ ඊට පස්සෙ මට දුකක් තිබිබෙ නෑ මහ අමුතු උපේෂා හැගීමක් තාමත් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ හැඟීම් වචනයට නඟන්න බැහැ මධු!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්