li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, February 7, 2020

මෝස්‌තර එක්ක හත් වසරක් - තිස්වෙනි කොටස

“... බිත්තර තම්බලා තියාගන්නවා වගේම තමයි, බත් ඉතිරියි නං බත් ටික වැහෙන්නම වතුර දානවා. ගන්න වෙලාවට ටිකකට කලින් හොඳට වතුර බේරෙන්න තියලා ස්ටීම් කරගත්තාම හරි. ඒත් එහෙම කරලා පරක්කු නොවී ඒ බත් ඉවර කරගන්න ඕනේ. නැතිනං පිළුණු වෙන්න බලනවා.....”

ඒ පාඩම අපේ ආච්චීත් වෙනම විදියකට මට කියාදී තිබිණි.... 
දෙමටගොඩ කැන්ටිමේදී කෝකි බාස් කෙනෙකු කියා දුන් පාඩම, ඊට කලින් අපේ ආච්චීත් වෙනම විදියකට කියා දුන් එකකි.

“පුතේ.... බත් හැලියේ ඉතිරිවෙන ඩිංගට වැහෙන්න වතුර දාලා තිබ්බම උදේට දිය බත් හදාගන්න පුළුවනි. රතුලූනු ටිකක්, අමුමිරිස්, කරපිංචා ඉත්තක් හීනියට ලියලා බත් ටිකට දාලා හොඳට පොඩි කරනවා. 
ඒකටම මිටිකිරි පොඩ්ඩකුයි, ලුණුයි, දෙහියි දාලා ගත්තම ෂෝක්. ඌෂ්ණෙට කට කොන් පැලෙනවා නං ඔය විදිහට හදාගත්තු දියබත්, දවස් දෙක-තුනක් කෑවාම හරියනවා. 
ඒ තරමට ගුණයි.... සීතයි... ඇඟ නිවනවා.”

බත් වැහෙන්නට වතුර දමා වසා තිබියදී, පැසීමක් සිදුවෙමින් විටමින් බී නිපදවෙන බව දැන් පෝෂණ විශේෂඥයෝ කියති.

කැන්ටිමක් වැනි තැනකදී පෝෂණ ගුණයට වැඩියෙන් සලකා බැලෙන්නේ ලාභය ගැනය. ‘බල්ලන් මරලා හරි සල්ලි හම්බ කෙරිල්ලය’ අපේ පුරුද්ද. අනේ, එතැනදී අපේය කියලා වෙනසක් තිබුණේ නැතිය.
එය ඍජුවම බලපෑවේ අපේ බතික් අලෙවියටයි!
රිකී මහත්තයාගේ ආගමනය සිදුවෙන තුරුම දීපානි බතික් එකේදී මුල් තැන දුන්නේ ලාභයට නොවේ; ප්‍රමිතියටය. ඉවක්-බවක් නැතිව ‘ගෝඩි’ විදියට Lamp Shades නිපදවන්නට ගිහින් අපේ ළමයින්ට පුරුදු වුණු ක්‍රමය ආපිට හරවන්නට බැරි තරමේ නරක එකකි. එය ඍජුවම බලපෑවේ අපේ බතික් අලෙවියටයි. 
එච්චරක් නොවේ. රටේම බතික්වලට තිබුණු ඉල්ලුම අඩුවෙද්දී, අලෙවිය පහත බහිද්දී ඊට සමාන්තරව, විවෘත ආර්ථිකයේ අනුහසෙන් කෘත්‍රිම රෙදිපිළි රටට ගලන්නට විණි.
එහෙම වකවානුවකය, අවුරුද්දක්ම නොහිට මාස 11කින් දෙමටගොඩ කැන්ටින් කෙරුවාවට මා සමුදුන්නේ!
මා කැන්ටිමට සමු දී ආපසු එනවිට බොරලැස්ගමුවේ කඩය ඇරලාය. නෝනාත් පොඩි මාමාත් එහි කටයුතු බලාගනිමින් උන්හ. සුනිල් මල්ලිකාත් එක්ක අපේ කඩයට යාබද කඩයේ පලතුරු කඩයක් පවත්වාගෙන යමිනි. (ඒ විස්තර ශ්‍රී ලංකා not vs England පෝස්ටුවල ලියැවෙයි.) 
පහන් දැල්වීමකදී.... වමේ සිට (දෙවැන්නා-) බ්‍රැඩ්මන් වීරකෝන්, ලාල් හේවාපතිරණ, එස්.ඒ. දිසානායක මහත්ම-මහත්මීහු හා දකුණු කෙළවරේ දයා අබේවික්‍රම මහතා ..........
මගේ හිත තිබුණේ තජකයටම වෙන්වීලාය. (‘නැණ ලැබ ගත්තෙමි මගෙන් මංගල යෝජනාවක්’, මාතර තානායමේ අමු හෙළුවෙන් 'පණ බේරපු කිරිල්ලී  වැනි පෝස්ටු මාලා ගණනාවක ඒ සමය ගැනත් යහමින් කියැවී අහවරය.) තවත් විස්තර ඉදිරියේදී ලියවෙන්නටත් තිබෙනවාය.
දැනට කිව යුත්තේ තජක වැඩවලට යාමට මට වැඩි නිදහසක් අවශ්‍යම වී තිබුණු බවයි. 
බතික් නිර්මාණ ශිල්පියකු ලෙස; ව්‍යාපාර හිමියකු ලෙස ලබනවාට වඩා වැඩි තෘප්තියක් තජක වැඩ සටහන්වලට සම්පත්දායකයකු ලෙස සහභාගිවීමෙන් මට ලැබිණි.
“ඔව් බං.... ඒ දවස්වල අපි කොච්චර නම් සතුටක් වින්දද? ලංකාව පුරාම ගියා. FPA (ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය) එකෙන් වාහනේ හම්බවුණා. සේරම වියහියදම් එහෙන්... මොනවත්ම එපා.... අපිට කොච්චර මිනිස්සු අලුතින් අඳුනාගන්න ලැබුණද?” අදටත් මර්වින්, ඉන්දිරා, සුනීතා වැනි අය කියති.
හොඳට හිතා බලද්දී ‘නිදි’ටම සුවිශේෂ වුණු තව කාරණයකුත් තිබුණු බව පෙනෙයි.
රට ජාතිය ආගම වෙනුවෙන් ජින්තු ගෙවාගෙන රමණය කරන වීරයන්ට ආසිරි වේවා..........
මගේ නිර්වචනයේ හැටියට නම් අපේ අම්මාත්; තාත්තාත් දෙදෙනාම ‘අධිෂ්ඨානයකින් යුතුව’ දරුවන් උත්පාද කළ අය නොවෙති. දැන් නම් රට- ජාතිය- ආගම බේරාගන්නට; මහා ජාතිය සුළු ජාතිය බවට පත්වීමෙන් වලක්වාගන්නට හිතාගෙන- පෙරුම් පුරාගෙන- දණහිස්වල ජින්තු ගෙවාගෙන ‘රමණය’ කරන අය ඉන්නවා වෙන්නැති. ඔවුන්ට ආසිරි වේවා!
අපේ අම්මා පිරිමියෙකුට පැදුර පෑගුණත් බඩ-ගැබ්බර වෙන්නියකි. තාත්තා යාන්තම් දැලි-රැවුල එද්දීම ඉහටත් උඩින් මදන විසේ ඇතිවුණු හාදයෙකි. ඒ දෙන්නාගේ සුසංයෝගයේ ප්‍රතිඵලය අප දහදෙනෙකි.
මුල් පෝස්ටු රැසකම මේවා කියා තිබේ. යළිදු කීවේ මගේ යටිහිතේ තිබුණු ආශාවක් ගැන කියන්නටය.
දුප්පත් පවුලක- නංගිලා මල්ලිලා නව දෙනෙකුගේ ලොකු අයියා විදිහට ලොකු බරක් අදින්නට මට සිදුවුණේය. 
අපේ අම්මාටවත්, තාත්තාටවත් අප සිපගන්නට, හුරතල් කරන්නට වෙලාවක් තිබුණේ නැත. එහෙම කරන්නට ඕනේ යයි එයාලා හිතූ පාටක්වත් පෙනුනෙත් නැත. ඒ අඩුව ගැන මැසිවිලි නොකිව්වත්, තවත් ළමයෙකුට එවන් දුකක් සිදුවෙනවාට මම අකමැති වීමි.
සැලසුම් කළ පවුලක දරුවන්ට දුකක් වීමට තිබෙන්නේ ඉතා අඩු ඉඩකි!
අදටත් මා විශ්වාස කරන්නේ ‘වගකිවයුතු මව්පියභාවය ගැන දන්නා දෙමව්පියන්’ ඉන්නා ‘සැලසුම් කළ පවුලක්’, ප්‍රීතිමත් දූ-පුතුන් බිහි කරන බවයි. ඒ පණිවිඩය තරුණ පරම්පරාවට ලබාදීම මගෙත් යුතුකමකියි මම සිතුවෙමි. මගේ ආශාව වුණේ ඒකය. ඊට තජකය හොඳම මාර්ගයක් විණි.
ඒවාට යන්නට මට නිදහස අවැසි විය!
“අයියේ, අපේ ....ට Li ගැන හිතිලා....” දවසක් සුනිල් කිව්වේය.
Li අපේ වැඩපොළේ හිටි අතිදක්ෂ සේවිකාවක වූවාය. ඇයට හිටියේ එක අවිවාහක සොහොයුරෙකි. අපේ සුනිල්ගේ මිතුරුකම මත ඉඳහිට බතික් වැඩපොළට පැමිණෙන්නට පුරුදුව සිටි මිතුරෙකි; Li ගැන සිතක් ඇති කරගෙන තිබුණේ. කොල්ලා පෙම් හසුනක් ලියලාය. එය කෙල්ලට දෙන්නයි කියලා තවත් මිතුරෙකුට දීලාය. ඒ මිතුරා නැවතී උන්නේ Liලාගේ නිවසට යාබද කාමරයකය.
ඒ මිතුරාත්, මේ මිතුරාත්, අපත් එකතු වුණේ අපේ ගෙදරදීය. හරියටම කියනවා නම් ‘සංගීත පන්තියේදී’ය.
ඒ දවස්වලම Liගේ වියපත් අම්මා මිය ගියෙන් අපි හැමෝම ඒ වැඩකටයුතුවලට උපරිමයෙන් උදව් වුණෙමු. “මචං.... අරූ මගේ ලියුම Liට දුන්නද දන්නෙ නැහැ.” පෙම්වතා වික්ෂොප වෙමින් බලා හුන්නේය.
තුට්ටු දෙකේ බාසාවෙන් කියනවා නම් කොල්ලා හිටියේ 'සුරේ වතුරේ දමා ගන්නට ඉවසිලි නැතිව'ය......
“කවුද බං අම්මා අන්තරා වෙලා ඉන්න වෙලාවක කෙල්ලෙකුට ලියුමක් දෙන්නේ... අරූ එච්චර මොට්ටයෙක්ද? හත් දවසේ දානේ එහෙම ඉවර වෙනකල් උගෙන්වත් අහන්න යන්න එපා... කැතයිනේ...”
එහෙම හිතුවේ අපය. 
ලියුම අතැති මිත්තරයාට, එතෙක් නොදුටු ලස්සනක්; අගයක් Li ළඟ තිබෙන බව පෙනිලාය. 
ඒ දුෂ්ටයා “මචං, උඹ කැමතියි නං මම කැමතියි උඹල නංගිව කසාද බඳින්න.” කියලා කෙල්ලගේ අයියාට කියලාය. එතකොට අයියා හිටියෙත් කසාදයක් කරගන්නට සූදානමිනි; (තුට්ටු දෙකේ බාසාවෙන් කියනවා නම් ‘සුරේ වතුරේ දමාගන්නට නොඉවසිල්ලෙනි’). අම්මා වියෝවුණු නිසා පළමුව නංගිගේ බරෙන් නිදහස්වී ඉන්නැයි නොමිලේ ලැබෙන උපදෙස්වලින් ඒ අසරණයාට හිඟයක් නොතිබිණි.
අල්ලපු ගෙදර හාදයා යෝජනාව කළේ ඒ අතරේය. මිනිහා කඩා වැටුණු මරාලයට පයින් ගැහුවේ නැත; කැමැත්ත දුන්නේ නැඟණියගෙන් අහන්නෙවත් නැතිවය.
“අර පරයා Liව බඳින්නං කියලා කෙල්ලගේ අයියට කියලනේ....”
“කුපාඩියා.... මෙච්චරකල් ඉඳලා ඌට දැනුයි....”
සුනිල්ගේ යහළුවා; පෙම් හසුන් රචකයා දැන් කෝටිපති ව්‍යාපාරිකයෙකි; දෙදරු පියෙකි; සීයෙකුත් වෙලාද කොහෙදය.
ඒ ආදර කතාවට  දුෂ්ටයා වුණු මිතුරා අදටත් තනිකඩ දිවියක් ගෙවයි!
ඒ ආදරයට දුෂ්ටයා වුණු මිතුරා තවමත් තනිකඩය. වුණේ මේකය!

මිතුරාට කටුව ගහලා කෙල්ලව දිනාගන්නට ගියත් Li එයට කැමැත්ත දුන්නේ නැත. 
“අනේ නිමල් අයියේ, මම කොහොමද ඒකට කැමති වෙන්නේ... ඔයාම දන්නවනේ... අපේ කෙල්ලෝ එකෙක්වත් මිනිහට කැමති නැති හැටි. සවුත්තුව දාන හැටි.... අපේ අයියට ඕනේ මාව මොකාටම හරි බන්දලා දීලා ගෙදරින් එළියට දාන්න. මං බැහැයි කිව්වට අහන්නෙ නැහැ....”
එහෙම අසරණ වුණු Liට කරුණු කිව්වේ වැඩපොළේ මිතුරියන්ය. කළු අක්කාය; ඒ පවුලේ උදවියය; සුනිල් හා මාය!
“මොනවා වුණත් ඌ 100%ක් නරක නැහැනේ. වෙන කෙල්ලෝ පස්සේ ගිය එකෙකුත් නෙවෙයි. හොඳ රස්සාවකුත් තියෙනවා. ඔයාලගේ අයියා හිතන්න ඇත්තේ ඒවා ගැනයි. දැනටත් ඔයාලා ඉන්නේ කුලී ගෙදරකනේ... ඒ සේරම බලද්දී ඔයාට පුළුවනිද අයියගේ කීමට පිටුපාන්න...”
එදා රාත්තිරියේ Li කැලණිවැලි කෝච්චියට බෙල්ල තියන්නට යද්දී............ 
සද්ද නැතිව සේරම අහගෙන හිටි Li එදා රාත්තිරියේ කැලණිවැලි කෝච්චියට පැන දිවිහානි කරගන්නට යද්දී අහුවෙලාය!
අන්තිමට මා තීරණයක් ගත්තේ අපේ සුනිලුත්, ආච්චීත් එක්ක කතා කරලාය.
“පණ නහගන්න එක ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි නේද? දැක්කනේ අපේ නංගි... Li, මේ වෙලාවේ සුනිලුයි මායි දෙන්නත් ඔයාගේ සහෝදරයෝ වගේ හිතන්න පුළුවනි නම් මං විසඳුමක් දෙන්නම්.... මම ඔයාලගේ අයියටත් කියන්නම්. එයා කැමති වුණත්-නැතත් අපට කමක් නැහැ. ඔයාට මේ ප්‍රශ්න ඉවර වෙනකල් අපේ ගෙදර නවතින්න පුළුවන්!”
එදා මා කියූ දේවල් මට තවමත් හොඳට මතකය.
“... හැබැයි මිනිස්සු කතන්දර කියන්න ඉඩ තියෙනවා. ඒත් සුනිල්වත් මංවත් ඔයාව කසාද බැඳගන්න බලාගෙන නෙවෙයි ඔයාට අපේ ගෙදරට එන්න කියන්නේ.... මේ වෙලාවේ ඔයාට යන්න තැනක් නැති නිසා. හොඳට හිතලා එඩිතර තීරණයක් අරගෙන ප්‍රශ්නෙට මුහුණ දෙමු!”
ඒ නසරානියා ඊට පස්සේ උම්මග්ගේ සිරි කාලකන්නියා වගේ.............
Li අකමැත්තෙන් නමුත් අර හාදයාට කැමැත්ත දුන්නේ ඉන් පස්සෙය. ඊටත් අවුරුදු දෙකකට විතර පස්සේ ඒ නසරානියා ‘උම්මග්ග ජාතකයේ සිරි කාලකන්නියා’ම වුණේය.
අසද්ද කතාවක් කියා විවාහයට පස්ස ගැහුවේය. Li එවර සැලුණේ නැතිය. දෙවැනි වරටත් සොහොයුරා සොයා දුන් කෙනෙකු විවාහ කරගත්තාය. (දැන් ඇයත් ආච්චි කෙනෙකි).
ඔය කතාන්දරය කිව්වේ අපේ වැඩපොළේ ගැහැනු ළමුන් හා අප අතර තිබුණු හිතවත්කමේ දිග-පළල විදහන්නටය. 
එච්චර හිතවත්කමින් හිටි නිසාය ‘යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා’ එකේ කියවුණු හොරකමෙන් පස්සේ මගේ හිත හොඳටම කුරුවල් වුණේ. 

එහෙම එක පවුලේම අය වැනිව හිඳ කවුරුන් විශ්වාස කරන්නද- නොකරන්නද කියන ප්‍රශ්නය මතු වුණාම... නිදහස සොයා යමින් හිටි මට..... ඒ කාරණය ‘අඬන්නට උන් මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක්’ වෙන්නට ඇතිවා නිසැකය.
නිදහසේ රසය සොයා යමින් හිටි මට.............
“බොරලැස්ගමුවේ කඩෙන් එන ආදායමෙන් ගෙදර වියදම් පිරිමහගන්න පුළුවන්.... සුනිල්ලත් තව ටික දවසකින් වෙන්වෙලා යයි... මං එපාය බතික් එකට හිරවෙන්න.... ඒක වහලා දාන්නයි හිතුවේ.....” මම තීරණය ප්‍රකාශ කළෙමි.
නායකත්ව ගති ලක්ෂණ ප්‍රකට කළ පසුව කෙනෙකුට සිදුවන ලොකුම හානිය මටත් සිද්දවෙමින් තිබුණේය.
එහෙම කෙනෙකුට විරුද්ධව බොහෝ දෙනා කතා නොකරති; වැල යන අතටම මැස්ස ගහති. ගොඩක් නායකයන්ට වරදින්නේ අන්න එතැනදීය; එහෙයියන් හින්දාය. 
“අපිට දැන් මොනවා තේරෙනවද පුතේ..... වළ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න අපිට වැඩිය රට-තොටේ දේවල් ගැන දන්නේ උඹනේ. මෙච්චර කාලෙකට උඹ කරපු හරිය මදැයි. ඉස්සරහටත් උඹ වැරදි දෙයක් නොකරනවය කියලා අපට විශ්වාසයි!”
ආච්චී විතරක් එක එල්ලේම වගකීම මගේ පිටේ ගැහුවාය.
දීපානි බතික් වසා දැමිණි.
ඡන්ටින්වලින්, පින්සල්වලින් ඉටි තවරන යුගය ගිහින්ය. අච්චුවලින් wax කරන යුගය බතික්වලට ඇවිත්ය!
එදා මා දැනුවත්ව නොහිටියත් දැන් එසේ නොවේ. බතික්වල ස්වර්ණමය යුගය ගෙවී ගිහින්ය. අතින් කරන ඉසියුම් කලාවන් අගයන සමාජයක් නොවේ අද තියෙන්නේ. 
මේ පෝස්ටු මාලාවට ඔබින fotos හොයද්දී හමුවුණු දේවලින් මම වික්ෂිප්ත වීමි. (දැන් ඉටි තැවරීමෙදී  අච්චු භාවිත වෙයි. අඩු වෙලාවකින් වැඩි නිරවද්‍යතාවකින් යුතුව wax කිරීම ලංකාවට ඇවිත්ද කියලා නම් මට අදහසක් නැත.)
එහෙම වුණත් බතික් වැඩපොළෙන් උගත් සමහර දේවල් අදටත් මට උදව් වෙයි. මේ පෝස්ටු ලියද්දීත්!
“ඔන්න මේ සැරේ අලුත් අවුරුද්දට ඔයාලා හැමෝටම කැමති පාටක්, කැමති මෝස්තරයක් දාලා රෙදි යාර දෙකහමාරක් බතික් කරගන්න ඉඩ දෙනවා.... නොමිලේ. (ලුන්ගියකට, අත් දිග කමිසයකට, ගවුමකට යාර දෙකහමාරක් හොඳටම සෑහෙයි.)” මම වැඩපොළේ ළමුන්ට නිවේදනය කළෙමි.
වැඩේ කෙරුණි. එකිනෙකාගේ මනාපයට අනුවය. එහෙත් එකියකවත් තෘප්තියට පත්වුණේ නැත.
ලස්සන අංග ගොඩක් එකතු කළාම හැදෙන්නේ අච්චාරුවකි....
එතෙක් එකිනෙක අවස්ථාවලදී දැක තිබුණු හොඳම මෝස්තර අංග, හොඳම වර්ණ සංකලන රටා සේරම එයාලා තම-තමන්ගේ එකම බතික් රෙද්දට ඔබන්නට ගිහින්ය. සමහර අංග වඩාත් කැපී පෙනෙන්නේ; දිදුලන්නේ එතරම් අනුචිත යැයි හිතෙන දේවලුත් එක්ක තිබෙද්දිය. හොඳම- ලස්සනම අංග සියල්ල එකට එකතු කළාට නිමවුමක් සර්ව සම්පූර්ණ නොවේ. අච්චාරුවක් වෙනවා විතරය.
ලේඛනයත් එහෙමය!
මා හිතා හිටියේ, වඩාත්ම ප්‍රශස්ත; හරවත්; පලවත්; විශිෂ්ට; පරිසමාප්තම ලියවිල්ල රචනා කරන ‘ලේබකයා’ වෙන්නටය. මගේ මොට්ටකම මටම තහවුරු වුණේ 1996දීය.
එහෙම වෙලාත් 2018 වෙනතුරු දිගටම ලියන්නට හිතක් පහළ නොවුණු හැටි. සාර්ථකත්වය ඔහේ තිබිච්චාවේ.... අප්‍රතිහත දිරියෙන් යුතුව දැන් මගේ කාර්යය නොකඩවා කරගෙන යන්නෙමි. අතැඟිලි වැඩ කරවිය හැකිතෙක්.......
දසනායක රත්නවතී හා දිසානායක හේවගේ චාර්ල්ස් නිසා පමුණුවේ ‘මඤ්ඤොක්කා ගෙදර’ ප්‍රසිද්ධ වුණේය. එයාලගේ ලොකු මුනුබුරා නිසා පසු කාලයක ඒ නම අභිභවා ‘බතික් ගෙදර’ ඉදිරියට ආවේය. ඒ දෙකම දැන් වැඩි දෙනාට මතකය. ඒවායේ නෂ්ටාවශේෂ පවා නැතිව ගිහින්ය.
පොළොන්නරුවේ ගල්පොත වගේ මේ පෝස්ටුත් ගොඩ කාලයක්.........
එහෙත් මේ ලියවිලි ඊට වඩා වැඩි කාලයක් පවතිනු ඇත. ඒ චේතනාවෙන් යුතුවය ‘මෝස්‌තර එක්ක හත් වසරක්’ නිමා කරමින්, මගේ ජීවනාන්දරයේ තවත් පරිච්ඡේදයක් ඔබට හෙළි කරන්නට සැරසෙන්නේ෴

19 comments:

  1. //සද්ද නැතිව සේරම අහගෙන හිටි Li එදා රාත්තිරියේ කැලණිවැලි කෝච්චියට පැන දිවිහානි කරගන්නට යද්දී අහුවෙලාය!//

    කුචු කුචු ගගා, හෙමිහිට එන පුංචි කෝච්චියට පැනලා දිවි නසා ගන්න බැහැ. 60/70 දශක වල කොට්ටාව ආනන්ද විදුහල් බිමේ පැරණි නිවසක් තිබුනා. එහි සිටි මෙහෙකාරිය යම් මානසික අබාධයක් සහිත බිහිරි තැනැත්තියක්. ඇයගේ මානසික ආබාධය උත්සන්න වූ දෙවතාවකදීම ඇය පුංචි කෝච්චියට පැනලා තිබුනා. දෙවතාවේදීම තැළුම් හීරුම් හැර ( තෙල් ටිකක් ගාගෙන ප්‍රතිකාර කළහැකි සීරුම්/තැලුම්) වෙන මුකුත්ම වෙලා තිබුනේ නැහැ. ඒ නිසා මරණයට ආසාවක් තියන කෙනෙක් නම් පුංචි කෝච්චියට පනින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. Li කෝච්චියට පනින්න යන්න ගෙදරින් පනිද්දියි අහුවෙලා තිබුණේ.
      සෑම්, පසු කාලීනව පුංචි කෝච්චියට පැනලා මැරෙන්න බැරි තරම් වේගයක් තිබුණා වෙන්නැති.
      ඒත් අපේ තාත්තා fireman විදියට වැඩ කරද්දී මහරගමත්, පන්නිපිටියත් අතරේදී තරුණ කාන්තාවක්- රෙද්ද කැටි කරගෙන රේල් පාර මැදට ඇවිත් -පීල්ලෙන් එලියට බෙල්ල හිටින්නට තියලා මැරුණු හැටි මං කිව්වා මතකද?
      අනෙක මහරගම හයිඩ්රාමනී ආයතනයේ වැඩකළ යුවතියක් (මහරගම pmගේ - මඩ ගොහොරුවක පචවී එකේදී කිව්වේ- ඥාති දියණියක්) කැලණිවැලි කෝච්චියට පැනලා දිවි හානි කරගත්තා. එක තමයි මා දන්නා විදියට ගැහැනු ළමුන්ගේ කර පිටින් ගොඩිගමුව සුසාන භූමියට ගෙනගිය පළමු දේහය.

      ඉතිහාසයක් නිසා කිව්වේ. දැන් නම් මැරෙන එක පණ යන වැඩක්නේ!
      මේ මහත්තයෝ, ඔයා කොට්ටාවේ ආනන්දේ ළඟ නිසා අහන්නේ. ඒ ලංගම ගෙදරක ඉඳලා අජන්ති කියලා ගැහැනු ළමයෙක් විද්යාකරේට ආවා. අපේ පන්තියෙත් හිටියා. 66-70 විතර කාලේ.ඔයා එහෙම කෙනෙක්ව දන්නවද? එයාට නම් මාව මතක ඇත්තේ බට්ටා කිව්වොත්.

      Delete
    2. අපෝ කැළණි වලියේ පුංචි කෝච්චියට පැනල මැරිච්ච ඕනේ තරම් අය ඉන්නවා. ඔකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 32ක්. ටොන් 150ක විතර ලෝඩ් එකක් එක්ක නේ එන්නේ. ඒ ඇති.

      Delete
    3. අප හැම දෙනාටම වැඩිය ඔයාට කොච්චි ගැන දැනීමක් තියෙනවානේ.... ස්තුතියි අදහස කරුණු එක්කම කීවාට.

      Delete
  2. අර චායාරූපයේ ඉන්නේ බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තයා මිස වීරක්කොඩි කෙනෙක් නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. බරපතල වරදක් නොවැ ආයුබෝවන් වෙලා තියෙන්නේ. පණ්ඩිතයන්ට වුණත් වරදින එකේ මේ පුඟුලාට නොවරදීද? ගොඩාරියක් ස්තුතියි පෙන්වා දුන්නට.
      වැරැද්ද හරි ගැස්සුවා!

      Delete
  3. //ජින්තු ගෙවාගෙන
    ජින්තු බැහැලා කියලා කියනවත් අහ තියේ. අඩේ මේක කොහෙන් ආව වචනයක්ද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ වචනයේ ප්‍රභවය හොයන්න වටිනවා. හම්බ වුණොත් මටත් කියනවා නේද සිරිබිරිස් උන්නැහේ.

      Delete
    2. ජින්තුපිටිය නම් මෙහෙමයි:-

      සැන් තෝමෙ පිටිය = සන්තුම්පිටිය= ජින්තුපිටිය
      https://www.jstor.org/stable/23731263?seq=1

      The word "Santhome" or "San Thome" is derived from Saint Thomas
      https://en.wikipedia.org/wiki/Santhome

      Delete
    3. Or,
      "Genthos"
      https://en.wikipedia.org/wiki/St._Thomas%27_Church,_Colombo

      Delete
    4. ස්තුතියි Pra Jay,
      සැන් තෝමේ පිටිය =ජින්තුපිටිය නම් ඔයාගේ ලින්ක්ස්වලින් දැනගත්තා.
      ජින්තු වචනයේ තේරුමත් දන්නා කෙනෙක් වටහා දේවිද කියලයි බලන් ඉන්නේ.

      Delete
    5. බලාගෙන ගියාම ජින්තු වචනේ බෝ පාවිච්චි කරපු තේරුමටම පිටරටියොත් පාවිච්චි කරනවා
      https://www.urbandictionary.com/define.php?term=jinthu

      Delete
    6. සත්තයි සිරිබිරිස් උන්නැහේ, මම සකල අමාරුවක වැටිලයි ඉන්නේ.
      ජින්තු කියන එකට සිංහල වචනයක් තියේද කියන එකමයි දැන් හිතේ තියෙන්නේ....

      Delete
  4. වැඩිය ලියන්න වෙලා නෑ නිමල්. අපිව පිනෙව්වාට තුති. අති විශිෂ්ට ලිපි පෙලක්.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් නොදැම්මත් කියවන්න වෙලාව වෙන් කරගන්න එකත් ලොකු දෙයක් චමි.
      ගොඩාරියක් ස්තුතියි!!!

      Delete
  5. හ්ම්...

    අර පින්තූරෙ ඉන්න උදවිය පිළිවෙලකට නම් කළොත් අඳුනගන්න ‌ලේසියි ‌නේද?

    ReplyDelete
    Replies
    1. ඒ අදහසට ස්තුතියි, ඩ්රැකී. හැබැයි මම දන්නේ හතර දෙනෙක් විතරයි. එයාලාගේ නම් පිළිවෙලකට යෙදුවා.

      Delete
    2. ගොඩක් ස්තූතියි. මම බ්‍රැඩ්මන් වීරකෝන් සහ එස් ඒ දිසානායක දැකගත්තෙ අදයි...

      Delete
    3. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ලංකාවේ අගමැතිවරුන් හත් දෙනෙකුටම ලේකම් වුනු වියත්, දක්ෂ- තාන්ත්‍රිකයෙක්. ගුණදාස ලියනගේ මහතා වෙන්න ඕනේ, එතුමාගේ අත්දැකීම් අලලා "අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙකු සමඟ" කියන පොත ලිව්වේ. බ්‍රැඩ්මන් මහතා 'වගකිවයුතු මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේත්' ඉහළ තනතුරක් ඉසිලුවා. ඒ පත්වීම ලැබී රටෙන් පිටව යද්දී FPA එකෙන් උත්කර්ෂවත් සාදයක් පැවැත්තුවා 1984. එතකොට මමයි තජක සභාපති. ලේකම් ඉන්දිරා. ඒ රාත්‍රී භෝජන සංග්‍රහයේදී තමයි අප දෙන්නාම Backed Alaskaa අතුරුපස පළමුවරට භුක්ති වින්දේ කියලා අපි තවම කතා වෙනවා.
      එස්.ඒ. දිසානායක මහත්මිය තමයි ශ්‍රීලංපසංස වෛද්‍ය අධ්‍යක්ෂිකාව වී හිටි වෛද්‍ය ශ්‍රියානි බස්නායක මහත්මියගේ අම්මා.

      දයා අබේවික්‍රම මහතා පාර්ලිමේන්තු බෝම්බයෙන් මියගිය කීර්ති අබේවික්‍රම මහතාගේ ඥාතියෙක්.

      ලාල් හේවාපතිරණ මහතා ගැන, 'නැණ ලැබ ගත්තෙමි ඔහු සෙවණේ හිඳ' පෝස්ටුවලින් කිව්වා.
      එච්චර විස්තර ලිව්වේ නම් ඔයාට නෙවෙයි ඩ්රැකී මහත්තයෝ. අලුතෙන් පංච තන්තරේ කියවන කෙනෙකුට වැඩක් වෙන්නයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්