li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, October 25, 2020

ඩිංගෙන් Hong Kong හිරේ! -සිව්වෙනි කොටස

ආපහු යන්න කලින් මගේ යාළුවන්ට තෑගි දෙන්න පොඩි-පොඩි ස්වනියර් ටිකුත් ගන්න ඕනි....

පොඩි පොඩි තෑගි ගන්න හොඳ තැනකට යමු පස්සේ.......

ඒකට අපි පස්සේ උඹව එක්ක යන්නම් හොඳ පැත්තකට. මේකේ වැඩියම තියෙන්නෙ කෑම කඩ..... ගිහිල්ලම බලමුකෝ... හැබැයි උඹේ පාස්පෝර්ට්, සල්ලි එහෙම පරෙස්සමෙන්.... ඔන්න හොඳ කල්පනාවෙන් ඉන්න වෙයි!

එහෙම කිව්වේ ‘ජෝ’ ය.

මෙතෙක් මේ පෝස්ටු මාලාවේ කොටස් තුනක්ම ලියවෙනකල්ම මතක් කළත් ‘අකෘතඥ නිමල් දිසානායක’ට  ඒ ‘රත්තරං හොංකොං තරුණයා’ගේ නම මතක් කරගන්නට බැරි විණි. Out of sight – out of mind කියන්නේ සහතික ඇත්තකි. මට විතරක්ය කියල ඒක වෙනස් වේවිද?

එහෙම වුණත්, ඉදිරියටත් ඒ කණ්ඩායම ගැන ලියන්නටම වෙයි. ඒ නිසාම මෙතැන් සිට ඒ තරුණයාව ‘ජෝ’ නමෙන් කුලවද්දන්නට අවසර දෙනු මැනවි.

“කවදටද ජෝ අපි එහාට යන්නේ?”

ෆස්ලූල් ගොඩක්ම උනන්දු වුණේ ‘තරුණ හුවමාරු වැඩ සටහන්’ ගැනය!

ආයෙමත් චං-චිංග්-චුඋන්-චියෑං කතාබහක් ඒ කට්ටිය අතරේ.....

එක්කෙනෙක් අතේ තිබුණු ෆයිල් කවරයෙන් අපේ වැඩ සටහනේ විස්තර පත්‍රිකාවකුත් එළියට අරගෙන දිග ඇරගත්තේය. හොඳ ඉංගිරිසිය වහරන ජෝ දිගටම අපේ අතරමැදියා වුණේය.

“නිමල්, ප්‍රෝග්‍රෑම් එකේ විදිහට උඹලාව එක්ක යනවනේ අපේ Craft Centre එකක් බලන්න. එදාට අපි කවුරුවත් ඒ ගමන යන්න එන්නෑ.... අපි ඕනි තරම් එහාට ගිහින් තියෙන නිසා. එහෙ ගිහින් එන දවසේ හවසට අපි යමු නයිට් බසාර් එකට.” ජෝ කිව්වේ කණ්ඩායමේ යෝජනාවයි. “ඒක නෙවයි.... මෙහෙම කියනවට sorry නිමල්. මෙයාලා කියනවා..... අර පකිස්තාන්කාරයාට අපේ ගමන ගැන කියන්න එපාය කියලත්. එයා කියවන්න ගත්තාම එපා වෙනවලු..... නැවතිල්ලක් නැහැනෙ!”

අප සාකච්ඡා කරමින් හිටියෙත් ෆස්ලූල් නැති තැනකදීය.

එය අසීරු නොවිණි; ඒ සම්මන්ත්‍රණ ශාලාවේදී ෆස්ලූල් මහත්තයා අප සමඟ එකතු වෙනවාට වඩා- සහභාගීවන්නන් සමඟ තනි-තනිව කතා කරන්නට උත්සුකව හිටි බැවිනි.

එක මකුණයි ළමයෝ කන්නේ- වනමෝහිනී film එකට ජෝතිපාලයන් ගැයුවේ....

“හලෝ!’ කියාගෙන කෙනෙකු සමඟ එහෙම කතාවට වැටෙන මනුස්සයා, ඊළඟට එයාලගේ සංවිධානය ගැන විස්තර පත්‍රිකාවක් අමුත්තා අතට දෙයි.

“.... උඹලගේ රටේ youth exchange ප්‍රෝග්‍රෑම්ස් එහෙම තියෙනවා නං අපේ දුප්පත් රටටත් චාන්ස් එකක් දෙන්න අමතක කරන්න එපා. මෙන්න මගේ විසිටින් කාඩ් එකත්.... දන්නවනේ, මම තමයි IOGT රීජනල් කවුන්සිල් එකේත් සභාපති!”

මට පෙනුණු විදිහට නම් ඒ හාදයා, ඒ තරුණ වැඩ සටහනට ඇවිදින් හිටි හැම විදේශීය නියෝජිතයෙකුටම ‘තෙල’ බෙදීමට අමතක නොකළේය.

ඒ පකිස්තානු ජාතිකයා ගැන මට තියෙන ආකල්පය නම් එච්චර හොඳ එකක් නොවෙන බව දැනටමත් කියැවී අහවරය. “එක මකුණයි ළමයෝ කන්නේ - ඇයි ඔක්කොම මකුණො මරන්නේ’ කියලා එච්.ආර්. ජෝතිපාලයන්, කේ. රානිත් සමඟ ‘වන මෝහිනී’ චිත්‍රපටයට ගයා තිබුණේ කොච්චර කාලෙකට කලින්ද?

ඒ කියන කතාව සහතික ඇත්තය.

එකෙකු දෙන්නෙකුගේ අමනකම් දැකලා ජාතියක් ගැනම තීන්දු ගැනීම...

කොන්ද පණ නැති, හැඟුම් දඩමීමා කරගැනීම නියමෙට දන්නා උදවිය ඉදිරියේදී ‘වාලධිය දෙපරැන්ද අස්සේ ගහගන්නා එකෙකු- දෙන්නෙකු- තුන්දෙනෙකු හින්දා ජාතියක් ගැනම තීන්දු ගත හැකිද? ඊයේ පෙරේදා ඒ විහිළු දැක ‘හිකෙන් පුනා වෙවී’ ඉඳිද්දීත්.... අපේ ආදරණීය පාඨකයන් ගොඩ දෙනෙකුම කලින් පෝස්ටුවට එවා තිබුණු comments කියවද්දීත්..... මට හිතුණේ එකකි.

‘එකෙකුගේ මට්ටම දැකලා පොදුවේ තීන්දු ගැනීම වැරදිය!’; මොළයේ එකම තට්ටුවක්වත් අකර්මණ්‍යවීමට ඉඩ දීම ගොන්කමකි!! 

හොඳ පකිස්තානුවොත් ඉන්නවා විය යුතුමය, මට හමුවී නැතිවාට. ඒ බවටත් සාක්ෂ්‍ය කමෙන්ට්ස්වලින්ම ලැබිලා තිබෙයි.

කොහම වෙතත්, මා නම් හොංකොං අත්කම් මධ්‍යස්ථානයට (එහි නිවැරදි නම මට මතක නැත.) යන්නට සැදී-පැහැදී හිටි බව කියන්නටම ඕනෑය. ඒ නම ඇහුණාම මගේ හිතේ මැවී තිබුණේ අපේ රටේ තියෙනවා වගේ තැනකි.

71 කැරලිකාර සිරකරුවන් හදා තිබුණු පොල් කෙඳි මාලයක් හා පෙන්ඩන්ට් එකක්....

අතිසූක්ෂ්ම අත්කම් නිර්මාණයන්ය; මගේ හිතේ සිත්තම්වී තිබුණේ!

‘හොංකොං වුණාට මෙහෙවත් අර පොල් කෙඳි මාලයක් තියෙන්න බැරි නැහැනෙ!’ සත්තෙන්ම, මේ ‘simple ගොයියා’ එදා එහි ගියේ එහෙමත් හිතාගෙනය.(71 කැරැල්ල වැරදී අවුරුදු ගණනාවක් හිරබත් කමින් සිට පැමිණි RPR ළඟ තිබුණු, සිර ගෙදරදී හැදූ පොල් කෙඳි මාලයක් දුටු දවසේ හිට එවැන්නක් හිමි කර ගැනීමට පුදුම තණ්හාවකි; මට තිබුණේ. 

එහි තිබුණු අතිසියුම්කමටය මගේ හිත ගියේ. ඉන් පසුව මම එවැනි පොල් කෙන්දෙන් ගෙතූ මාලයක්වත්, පෙන්ඩන්ට් එකක්වත් නොදුටුවෙමි. දැන් සිරි ලංකාවේ පොල්කටුවලින් නම් මනරම් නිර්මාණ නිපදවෙයි!)

තරුණ සමුළුවේ අපේ නඩය ඒ කලා කෘති නිපදවෙන තැනට ගෙන ගියේ ලොකු, සුඛෝපභෝගී බස් කිහිපයකිනි.

ඊට අවුරුදු 25කට විතර පස්සේ, පළමුවෙනි වතාවට බත්තරමුල්ලේ ‘අපේ ගම’ මධ්‍යස්ථානයට ගියාම නම් එදා මගේ හිතේ ඇඳී තිබුණු ‘අත්කම් මධ්‍යස්ථානය’ හැබැහින් දැක ගන්නට වාසනාව ලද්දෙමි. ඊට පසුවත් කිහිප වතාවක්ම එහාට ගියා නොවෙයි, යන්නට වුණේය. අරයා-මෙයා එක්ක...

‘අපේ ගම’ත් ටිකෙන් ටික ජරාවාස වෙමින් යනවාවත්ද?

එහෙත් පළමු වතාවේ අපේ ගමට ගියාම දැනුණු සතුට එන්න-එන්නම ‘තීව්‍ර’ වෙච්චි විත්තියත් නොකිව්වොත් හරි මදිය. එහෙම වුණේ, අපේ ඇත්තම ගම්වලටත් වඩා ඉක්මනින් අපේ ගම දිරාපත් වෙමින්; පාලු වෙමින් යනවා දැක්කාමය. සමහර ගමේ ගෙවල් නාටු බල්ලොන්ටම සින්නවී තියෙන හැටි දැක්කාමය.

‘හොංකොං අත්කම් මධ්‍යස්ථානය විසල් ගොඩනැඟිලි සංකීර්ණයකි’ කියලා විතරය මා කියන්නේ.

දූවිල්ලෙන් වැසුණු තැන්, ගරා වැටුණු තැන්, නිසි ලෙස නඩත්තු කරන්නට අමතක කළ තැන්, කුක්කුරයන්ට ඇරුණු තැන් මහජන මුදල් වියදම් කරමින් පවත්වාගෙන යන්නේ අප පමණය! (දෙවසරකට පෙර තත්ත්වයයි මා කියන්නේ. දැන් අපේ ගමත් හමුදාවෙන් පවත්වාගෙන යනවාද කියා නොදනිමි! අපේ වගේම, දැන් හොංකොංවල වැඩත් බල්ලට ගිහිංද කියලාත් මම නොදන්නෙමි!)

ඉත්තින්... ඉත්තින්... එදා මගේ හිත බිඳුණේය; බලාපොරොත්තුව නෂ්ටප්‍රාප්ත වුණේය.

‘හොඳ මහත්තය වගේ උදව්වක් කරන්න දන්නවා නම්.....’ මම හිතවත් රසික Pra Jay මහත්තයාගෙන් ඉල්ලීමක් කළෙමි. එහෙම කළේ බැරිම තැනය; අන්තර්ජාලයේ කරක් ගහලා-ගහලා සෑහෙන වෙලාවක් හොංකොං අත්කම් මධ්‍යස්ථාන ගැන හොයා බලලාත් හම්බ වුණේ නැති තැනය.

එකම විදිහේ මාර්බල් හෝ ජේඩ් ගල් නිර්මාණ හදා ගන්නට....

'මගේ හොංකොං ගමනේදී ගියා එහෙ craft centre එකක් බලන්න. නමවත් විස්තරවත් හරියටම මතක නැහැ. පහතින් තියෙන්නේ ඒ ගැන මතකයේ තියෙන මං ලියන්න හදන ටිකයි. තරහ නැතිව ඒකට ගැළපෙන foto එකක් හොයාගන්න විදිහක් කියනවද?’

අප කැටුව ගිය හැම තැනම තිබුණේ යන්ත්‍රවලින් කෙරෙන වැඩය. එහෙත් එව්වා සේරම විස්කම් නිර්මාණයන්ය.

මට හොඳටම හිතේ ඇඳී තියෙන්නේ ලොකු මුහුණක් කැටයම් කෙරුණු විදිහය. කලින්ම නිමවා තිබුණු ඉතා කලාත්මක ශෛලමය මුහුණක් ආධාරකයක රඳවා තිබිණි. එයට ස්පර්ශ වෙන අඬු-පඬු ගොඩකි. ඒ අසලම තවත් මේසයක් උඩ තිරුවානා කුට්ටියකි. එහි හතර වටේමත් අඬු-පඬුය.

යන්තරේ කිරියා කෙරෙව්වා විතරය. මෙන්න බොලේ, අර කිරිගරුඬ කුට්ටියෙන් මුල් මුහුණ වගේම මූණක් කැපෙනවා!

ඒ පණිවිඩය යවලා විනාඩි දෙක-තුනකදී Pra Jay උන්නැහේ links දෙකක්ම එව්වේය.

නයිට් බසාර් එක වැඩියෙන්ම ආලෝකවත් වුණේ රතු පාටින්ය....
ඒවාට ගිහින් බැලුවාමය පෙනුණේ! අර ගල් කුට්ටි ජේඩ් කුට්ටි වෙන්නට ඇති..... මාර්බල් වෙන්නටත් ඇති... මොනවා වුණත් කමක් නෑ.
ඒ linksවලට ගිහින්ම බලන්නට වටියි!

‘කෙනෙකුට ඇති ලොකුම වාසනාව තමන්ට අවශ්‍ය හැම දේම තමන් සතුව තිබීමය. ඒවා තමන් සතුව නොමැති නම්, -තියෙන්නේ කොහේදැයි කියලා දැනගෙන- සිටීමය.’ ඒ පණ්ඩිත වාක්කිය මං හොඳින්ම අත්දුටු සත්තක එකකි. මේ වතාවෙත් හරි ගියේ ඒකමය. ස්තුතියි, ගොඩක්ම ස්තුතියි Pra Jay!

සිරා-බිරා යමක් තදින්ම හිතට වැදුණාම වෙනින් සිල්ලර දේවල් අමතක වෙන ගතියක් මට තියෙනවාය. ඔයාලටත් එහෙමද?

මං කලිනුත් කිව්වේ... කොළඹ මහ ඉස්පිරිතාලේ මහ පාන්දර ඉඳියාප්ප විකුණන්නට යනකොට මරුමුසු සිස්ටර්ට බයේ ‘මෝචරිය' ළඟ හැංගුණු හැටි... ඒ වෙලාවේ සිස්ටර් ගැන වගේම, මේ මධ්‍යස්ථානයට ගිය ගමන ගැනත් මගේ හිතට කාවැදී; නොමැකී තිබ්බේ ඒ යන්තරේ ගැන විතරය! 

හිතක හැටි! එතැන තිබුණු අච්චර සංකීර්ණ; අපූරු යන්තර-සූත්තර සිරා-බිරා වැඩ ගැන මතක නැතත් නයිට් බසාර් එකේ සංචාරය ගැන නම් මගේ ‘fotoජෙනික් memorryය’ තවම අලුත්ය.

ජීවන රඟ මඬලින් බස ගිය රතු හැට්ටකාරිය මර්වින්ගේ කිට්ටු ඥාතිවරියකි!

ගිය සතියේ ‘රතු හැට්ටකාරිය’ දිවි රඟමඬලින් නික්ම ගියාය! (ඇයට නිවන් සුව!) අනුලා බුලත්සිංහලගේ අදරැති සැමියා ‘රතු හැට්ටකාරී’ විතරක් නොවේ හැදුවේ, ‘තාරාවෝ ඉගිලෙති’ත් හැදුවේය. ඒක මතක් වුණේ මෙතැනටම ඔබින අපූරු නාට්‍ය ගීතයක් නිසාවෙනි.

‘කෑමට රුසියෝ - මේ සිංගප්පූරුවේ වැසියෝ - උස්මුරුතාවට කන්නට දුන්නොත් - හිස් ගෙඩියත් දන් දෙනවෝ!’

සිංගප්පූරුවට ගිහින් නැතත් මගේ හිතේ තියෙන්නේ එහෙත් හොංකොං වගේමය කියලයි. විශේෂයෙන් ‘නයිට් බසාර්’!

රොඩ්නි වර්ණකුලගේ අර ගීය ඇහෙන වාරයක් පාසා මම ඒ රාත්‍රියට යන්නෙමි. මර්වින්ලාගේ තාත්තට; කනේ මයිල් උන්නැහෙවත් එතකොට මතක් වෙනවාමය.

‘ලොකු අයියා ඒ නාට්ටියට මාවත් ගත්තා....’ කාලයකට ඉස්සර දවසක ‘කඩේට පලයං’ ගීතය ගයා පෙන්වමින් ඔහු කීවේය.

‘.... අපේ තාත්තා හිටි ගමන් කඩාගෙන ආවා රිහසල් කරන තැනට. දන්නවනේ නිමලො එයාගේ හැටි. “මේ, උඹ ඕනි නාඩගමක් නටා ගනිං... මගේ කොල්ලව ඔව්වාට ගාවා ගන්නවත් එපා!” කියලා මාව ගෙදර ඇදගෙන ආවා.’

අපි ජෝගි නටන්නේ.... (මර්වින්, ශමල්, රවිඳු සමඟ නිදි- 2013 ඉලුක්කුඹුරෙදී...)

පාමංකඩ ‘කනේ මයිල්’ උන්නැහේ එහෙම කළායින්, ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට අපේ මර්වින් බොතේජු එකතුවීම වැළකුණේය. (ඊට පස්සේ අපි හිතේ හැටියට ජෝගි නටන්නේ ට්‍රිප් එකක් ගියාම විතරය. සීමිත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ විතරය.)

‘කෑමට රුසියෝ’ පිරිලා හිටි, නයිට් බසාර් එක තිබුණු ඉසව්වේ මට මීටර් වුණු මුල්ම කාරණය හතර අතින්ම පෙනුණු රතු පැහැය වැඩි චීන පන්නයේ සැරසිලියි.

රාත්‍රියේ වුණත් අඳුර යන්තමින්වත් හැංගිලා හිටියේ වීදියේ තිබුණු මේස යට විතරකි. ඒ තරමටම ලයිට්ය!

“මේ පාරවල් සේරම රෑට වහනවා. වාහන යන්නේ නෑ. රෑට විතරයි මේ කඩ අටවාගන්නේ.” එහෙම පාර පුරා අටවාගෙන තිබුණු වැඩිම හරියක් කෑම කඩ වාගෙය. වීදිය පුරාම මේස-පුටුය. අපට වාඩි වෙන්නට තැනක් හොයා ගත්තෙත් හරිම අමාරුවෙනි.

මගේ ‘සර්ව භක්ෂක’ බව තහවුරු කරගෙන ඉවර වෙලාය, ජෝ කෑම ඇණවුම් කළේ.

මට නම් චෝප්ස්ටික්වලින් හරඹ පුරුදු නෑ!

ඒ එකක්වත් සුවිසල් දීසි නොවිණි. විවිධ පන්නයේ; විවිධ වර්ණයේ; කෑම වර්ග රැසක්ම මේසය මතට ආවේය. ජෝත්, මිතුරු-මිතුරියනුත් ඒවායේ රස-ගුණ වැනුම් ඉදිරිපත් කළේ තරගයට මෙනි. “මේකත් රහයි; මේක ඊටත් වැඩිය රසයි; ඇයි මේක....?” එයාලා නම් ඒ හැම එකක්ම භුක්ති වින්දේ චොප්ස්ටික්වලිනි.

“මට නම් ඔව්වා පුරුදු නැහැ. අපේ රටේදී අපි කෑම කන්නේ අතෙන්.....”

චීන ක්‍රමයට බත් පිසීමේදී ඒ බත් ඇටවල එකට ඇලෙන ගතියක් තිබේ. එතකොට chopstickවලින් වුණත් ඒවා කෑම ලෙහෙසිය.

එදා තිබුණු කෑම අතරින් අදත් මට මැවී පෙනෙන්නේ විශේෂ බන්දේසියකි.

ඒ බන්දේසිය පුරා තිබුණේ අමු එළවලුය. පොතු ඇරලා, පිරිසිදු කරලා, හොඳින් සෝදා තිබුණු කැරට්, අර්තාපල්, ගෝවා, නිවිති, ළූණු ගස් වැනි වර්ග ගොඩක්ම ඒකෙය.... තවත් දීසියක කැබලි කළ මාළුය; පොතු හැර පිරිසිදු කළ ඉස්සෝ දීසියකුත්.....

“අමුවෙන්ද උඹලා මේවා කන්නේ?”

“මෙන්න මෙහෙමයි!”

සාමාන්‍යයෙන් ‘සවාන්’ එකක් වටා 6 දෙනෙක් වාඩි වෙති...

සිනාසුණු මිතුරු යුවතියක් එතැනම තිබුණු කුඩා ළිප දැල්වූවාය. ළිප උඩ කුඩා රවුම් බඳුනක වතුරය.

“මේ වතුර උතුරනකොට අපි එක-එක්කෙනාට පුළුවන්, මේ tray එකේ තියෙන කෑමවලින් තම-තමන් කැමති ජාතියක් මේකට දාලා තමුන්ට ඕනි තරමට තම්බගන්න.... ඔයාත් එහෙම කරලා බලන්නකො....” ජෝ කිව්වේය. එයාලා ඒ බඳුනට එළවලු, මාළු දැම්මෙත් චොප්ස්ටික්වලින් අල්ලලාය; හොඳ ලස්සනට-බුහුටිකමට ඒවා ඉවතට ගත්තෙත් ඒ ලී කූරු දෙකෙන්ම අල්ලලාය.

ඇත්තටම එහෙම කෑම ගැනීම අපටත් හුරු වෙනවා නම්..... එහි ඉතා හොඳ පැත්තකි මට පෙනෙන්නේ. සාමූහිකත්වය!

මුසල්මානුවන් අතරත් එහෙම පුරුද්දක් තිබේ.

මංගල්‍ය උත්සවයකදී පවා ඔවුන් ආහාර ගන්නේ හය දෙනෙකු බැගින් එකට වටවීගෙන එකම බඳුනකට බෙදා තිබෙන ආහාරයි: ‘සවාන්’ එකේ තිබෙන ආහාරයි.

මෙයාට හම්බ වෙන්නෙම පරණ.... (රාජ රාජ චෝල අවධියේ කහාපණ කාසි)

එදා අපට කිසිම හදිස්සියක් තිබුණේ නැත. නිවිහැනේ කතාබහ කරමින්; උසුළු-විසුළු කරමින්ය අප වැඩි වෙලාවක් ගත කළේ. හොඳම හරිය ආවේ අන්තිමටය. අර බන්දේසියේත්, දීසිවලත් තිබුණු එළවලු, මාළු තම්බාගෙන අවසානයේ එක යුවතියක් ළිප උඩ තිබුණු ජල බඳුනට ලුණු-ගම්මිරිස් එකතු කළාය. එයින් වීදුරුවක් මටත් වත්කොට දුන්නාය.

ඇත්තනේ! රසම රස සුප් එකක් නිකම්ම හැදිලාය!

එදාත් ජෝලා පිරිස එකතුවී මුදල් ගෙව්වා මිස මට වියදම් කරන්නට ඉඩ දුන්නේ නැත. මොකක්දෝ වාසනාවකුත් එක්ක වගේය මා ඉපදී තියෙන්නේ.

‘මෙයාට පීරා, හම්බ වෙන්නෙම ආදි ණයකාරයෝ. ෂුවර්! ඉස්සර ආත්මෙක මේකා ණයට දෙන එකෙක් වෙන්නැති....’ නෙවිල් කියයි; “එක මෝටර් සයිකලයක්වත් නැතිව හෙල්මට් හතක්ම ගත්තු එකානේ...” කියල මගේ පරණ හපන්කමුත් මතකයට නංවයි. 

දැන් ඒ කතාවලට තවත් එකක් එකතුවෙලා තිබේ.

අප සිව් දෙනෙකුගේ chat group එකට වෙනදාට වඩා ටිකාක් වැඩියෙන් මාත් දායක වෙද්දී, නෙවිල් ලියා තිබුණේ මෙහෙමය.

එහෙම වෙන්නේ එකම ෆ්‍රීකුවන්සියක් තියෙන කට්ටිය අතරෙ විතරයි!

‘මේ xකෝරිස්ගෙන්නේ මචං දැන් බේරෙන්න බැරි! මුගෙ කම්පියුටරේ කැඩිලම තියෙන්න දුන්න නං ඉවරයි. මහ ලොකුවට ලැප්ටොප් එකක් තෑග්ගට දුන්නා!’ (එයාලාට ගහන්නට මට ආයුධ දුන්නු ඒ කතන්දරය ‘ඇස් පෑදේවා -2’ පෝස්ටුවේ ලියවෙයි!)

දිග ලැයිස්තුවක් නොවුණත්, බ්ලොගය නිසාත් මට සමීප හිතවතුන්-හිතවතියන් කීප දෙනෙකු ලැබී තිබෙයි! මෙරටින් වගේම පිටරටිනුත්.... (ඕස්ට්‍රේලියාවේ ඉන්නා සිරිබිරිස් උන්නැහේ කියන විදිහට නම් ඒ හැමෝම එකම ‘ෆ්‍රීකුවන්සිය’ ඇත්තන්ය.) එයාලා දුරකතනයෙන් හරි සුවදුක් අසති; අඩුපාඩු තිබේදැයි විමසති.

කොරෝනා නිසා හදිසියේ ගෙදරට කොටු වුණු වෙලාවේ ‘සල්ලි තියේද?’ කියලාත් ඇසුවෝහ. මෙරට ඉන්න අයත් එහෙමය.

‘ඔයා ගෙදරම ඉන්නවා මිසක් එළියට යන්න එපා!’, ‘හාල් තුනපහ එළවලු අඩුවක් තියේ නම් කියන්න. අපි ගෙනත් දෙන්නම්.’, ‘නිමල් අයියට මොනවා හරි ඕනි නං කියන්න. කඩයක් කඩලා හරි ගෙනත් දෙනවා!’

මට ඒවා තවම මතකය! හොඳට මතකය!! එහෙම උදවිය ඇසුරට ලැබීම පොඩිපහේ වාසනාවක්ද?

මගේ හිතවත්තු වැඩි දෙනෙක් කල්‍යාණ මිත්‍රයෝ වෙති; වචීපරම මිතුරෝ නොවෙති.

කොරෝනා කරන විනම්බෑසිවල තත්ත්වය තවත් නරක වුණෝතින්.. 

බ්ලොග් හිතවතෙකු ඊයේ රත්නපුර ගිහින් එන ගමන් මට ගෙනත් දුන්නේ’ මියන දලු’ හා ‘කැරැන් කොකු’ දෙවගයයි. “නිමල් මේ වගේ ජාති කන්න ආසයිනෙ!” හිතවතාණෙනි, ස්තුතියි.

ඊයේ දවස මට හොඳ වුණත් සකල ශ්‍රී ලංකාවාසීන්ටම නරකය. මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව; 866ක් වාර්තාවී තිබුණේ ඊයේය. (ඔක්තෝබර් 23 වෙනිදා. අපේ තාත්තා; දිසානායක හේවගේ ගුණපාල තරුණයා රහුබැද්දේ විදානේලාගේ යසවතී නම්වූ බාල වයස්කාර තරුණියව විවාහ කරගෙන තියෙන්නෙත් ඔක්තෝබර් 23 වෙනිදාවකය!)

ඉතිං කොරෝනා කොරන විනම්බෑසිවල තත්ත්වය තවත් නරක් වුණොත්....?

එහෙම නොවේවා කියලය මා පතන්නේ; වුණත් ‘හැම කෙනෙකුටම තවත් කෙනෙකුගේ පිහිට ලැබේවා! කිසිවෙක් අසරණ නොවේවා!!’ කියලාය මා පතන්නේ. මට තියෙනවා වගේ වාසනාවක් අනෙක් හැමටමත් හිමි වේවා කියලාය මා පතන්නේ.

මුළු හදින්ම ඒ සුබ පැතුම පතමින්ය ‘හොංකොං’ ගමනේ විස්තර ඊළඟ කොටසටත් ගෙන යන්නේ....

14 comments:

  1. මං ඕනෑම කෑම ජාතියක් අඩු ගණනේ එක වතාවක්වත් ට්‍රයිකරලා බලන්න කැමතියි ඒත් චොප්ස්ටික්ස් වලින් කන්න කොයිතරම් ට්‍රයි කලත් බෑ. අතින් හෝ හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවත් කෑම හලන මට මොන චොප්ටික්ස්ද !

    නිමල් බොන්නෙත් නැතුව ඔය වගේ ජෝගිනටන්න පුලුවන් එක උපන් හැකියාව නිසා වෙන්න ඇති

    මං හිතන්නෙ "කැරම්" කොකු. උඩ රවුම කැරම් ඉත්තෙක් වගේ නිසා. වෙන නමකුත් තියනව නේද?

    ReplyDelete
    Replies
    1. කැරැං කොකුවලට කියනව බැර කොකු කියලත්. ඒ වචනෙ මුලිම්ම ඇහුණු වෙලාවෙ මං ඇහුවා "හර කොකුත් තියෙනවද" කියල.

      Delete
    2. ගොඩක් ස්තුතියි Pra jay, ඩ්රැකී දෙන්නටම.

      ජෝගි නටන්න බොන්නම ඕනිද කියන එක නම් මට ප්‍රශ්නයක්. මට හිතෙන විදියට විනෝද වෙන්නත්, අනිත් අයට විනෝදය සපයන්නත් කැමැත්තක් විතරයි තියෙන්න ඕනි. හැබැයි සමහර දෙනෙකුට සබකෝලය තියෙන නිසා ටිකක් පසුබානවා. අපේ ට්‍රිප්ස්වලදී, විශේෂයෙන් උදේනි දසනායක එක්ක ගිය ගමන්වලදී හෙම ජීවිතේට act නොකරපු සමහරුන්වත් නළුවෝ කරලා තියෙනවා. ඒ රස කතාත් ලියවෙයි මෙහෙම යද්දී.

      නෙවිල්ලා මර්වින්ලා පීරිස්ලා කියන විදිහට 'මගේ ලජ්ජා නහරය කපලා'ලු!

      ඉතිං මගේ නිරීක්ෂණය නම්, මත්පැන් නිසා මොළයේ කොටසක් අඩපණ වුණාම සමහර ලජ්ජාශීලී අයගේ ලජ්ජාව නැතිව යනවා කියලයි.

      ඩ්රැකී, අදයි මම බැර කොකු නම ඇහුවෙත්! එහෙනං ඒකත් ඉගෙන ගත්තා. ඔයාලා දෙන්නටම පිං!

      Delete
  2. ‘RPR ලඟ තිබුණු‘ ලිංක් එක වැඩ කරන්නෙ නෑ වගේ.

    අර වගේ අච්චුවෙන් කැටයං කපන මැෂින් මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක දැකල තියෙනව. සමහර ඒවගෙ එකපාර දෙක තුන කැපෙන ඒවත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි ප්‍රසන්න.
      RPR ළඟ තිබුණු link එක හැදුවා.

      Pra Jay එවූ linksවලින් තමයි මම ඒ ගැන විස්තර තහවුරු කර ගත්තේ! Hong Kong වලදී දැක්කට පස්සේ බ්ලොගයට ලියන්න යන තුරුම ඒ ගැන හොයන්නවත් උවමනාවක් ආවේ නෑ.

      Delete
  3. අපි දවසක් බතලේගල කන්ද උඩදි චොප්ස්ටික්ස් විදිහට පාවිච්චි කළා, එතන සරුවට වැවිලා තිබුණු මානා වගේ උස තණකොල ජාතියක දඬු. අපට ඒවා පාවිච්චිය කියා දුන්නෙ රංග වික්‍රමසිංහ. ඒක නම් පට්ට රාත්‍රියක්... වෙලාවක ලියන්න ඔ්නෙ.

    ReplyDelete
    Replies
    1. තණකොල ගලෝගෙන යන්න වැදිච්ච වෙලාවක නේද ඔය. හැක්..

      Delete
    2. ඩ්රැකී, රංග වික්‍රමසිංහ කිව්වේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ඥාති කෙනාද?

      ප්‍රසන්න, තණකොළ ගලෝගෙන යන්නේ කරටිය කැඩිලා කන පාත් වුනාමද?

      Delete
    3. ප්‍රසෝ... අපි එතෙන්දි බිව්වෙ නෑ. එතන පන්සලක් තියෙනව. බියුටේන් ලිපක් ගෙනිහිං නූඩ්ල්ස් හැදුවා. කන්ද මුදුනෙ ගල් ගුහාව ඇතුලෙ ඉටි රෙද්දක් එළාගෙන මේස් සපත්තුත් දාලයි නිදාගත්තෙ. පාන්දර නැගිටලා ඉර උදාව එක්ක පහත භූමිදර්ශනය නැරඹුවා. මාර සුන්දරයි...

      නිදි, මේං මෙතන තියෙනව යම් විස්තරයක්. රංගත් ඉන්නව එක පොටෝ එහෙක. පොර උඩරට සම්භවයක් තියෙන වික්‍රමසිංහ කෙනෙක්. මාර්ටින් මහත්තය‌ගෙ නම් කවුරුවත් නෙවෙයි මයෙ හිතේ.

      Delete
    4. ඔයා හරි! ස්තුතියි ඩ්රැකී.
      මට තවම යන්න බැරි වුණු තැනක් බතලේගල.

      Delete
  4. රැළි වැඩි මොළය රැකුමට හෙල්මට් සතකී...
    මකර රාජධානියෙ බත් කෑ පුතෙකී...
    හොංකොං ගමනෙ තතු නම් හරි අරුමයකී...
    නිදිගේ පංචතන්ත්‍රය මට පුදුමයකී...👏✍️✍️✍️🧠🧠🧠

    ReplyDelete
    Replies
    1. පුදුමෙකි නොවේ, මෙය ඇත්තම කතාවකී
      මොට්ටකමුත් තියෙනා රස ගුලාවකී
      මටම මේව වුණු එක නම් අරුමයකී
      ඇත්තම හෙළි කිරීමත් එක කලාවකී

      Delete
  5. මොකක්දෝ අකරතැබ්බයක් නිසා ඉස්සෙල්ලා පෝස්ට් එකටත් පිළිතුරක් දාලා නැති බව දැක්කේ පහු වෙලයි. මේකටත් ඒ සන්තෑසියම වෙලා. Better late than never හින්දා පහු උනත් කමක් නැහැ.
    ඔයාගේ අම්මා, බාල වයස්කාර දැරියක් හැටියට තාත්තා එක්ක විවාහඋනා කියලා කිව්වාට, මීට වසර හැට හැත්තෑවකින් පෙර තිබුන සමාජ සම්මතය ඒක තමයි. ඒ හේතුව නිසා තමයි පවුල් වල දරුවන් දහයක් දොළහක් ඉඳීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුනේ. ඒ වගේම, පවුලක ස්වාමියා හා බිරිඳ අතර අඩුම ගානේ වසර දහයක්වත් ගැප් එකක් තිබීමත් ඒ කාලේ සමාජ සම්මතයක්.
    866 කියන ඉලක්කම කිව්වාම මට මතක් උනේ ඉස්සර පිළියන්දල මහරගම අතර දුවාපු 866 බස් එකයි. සාමාන්‍යයෙන් පිළියන්දල ඉඳලා මහරගමට විනාඩි 45 කින් විතර බොහොම පහසුවෙන් පයින් යන්න පුළුවන්. ඒ උනාට ඒ බස් එකේ මහරගමට යන්න පැය එකහමාරක් විතර යනවා.
    හොං කොං කතාව ඊළඟ කොටසේදීවත් කියවමු.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ!
      ඔයාට කොහෙන්ද අපේ අම්මගෙයි තාත්තගෙයි විවාහ සහතිකේ?

      ඒ කාලේ සම්මතයට එයාලත් ගරු කළාද නැද්ද මන්දා, එයාලගේ අතරේ වයස් පරතරය හරියටම අවුරුදු 10ක්. ඒ මදිවට අපේ පවුලේ දරුවන් ගණනත් දහයයි.
      පිළියන්දල බස් ගැන ඔයාට තියෙන මතකයත් මසුරං... අපි වැඩිය එහාට ගියේ නැහැ. ගියත් ගියේ බොරලැස්ගමුවට ගිහින්, 120 බස් එකක් අරගෙන.

      ඔයාට වෙලා තියෙන අකරතැබ්බේ මටත් වෙලා තියෙනවා. කමෙන්ට් එක කොටලා ඉවර වෙලා PUBLISH බට්න් එක වෙනුවට වෙන මොකක් හරි ඔබලා... දැන් නම් හොඳට බලනවා...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්