li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, November 24, 2020

යුවති කිරිල්ලී - තෙවෙනි කොටස

සිරි දළදා හාමුදුරුවන් වහන්සේම තමයි එදා පිහිට වුණේ!
“මොකද ඒකෙන් නරකක් වුණ එකක්ය?” 

“වෙච්ච තරම මදැයි... තව ඩිංගෙන්.... මතකයිනෙ...”

“මොකද මට අමතක? දළදා හාමුදුරුවොම තමා පිහිට වුණේ. එදා දරු පැටව් දෙන්නත් එක්කාන ගිහිං උන්නාන්සේට වැඳලා පිටත් වුණේ... ඔයාට ඔප්පු කළාට පිළිගත්තෙ නැත්තං, ආයෙ බෝගම්බර වැවටම පැන්නත් මීගහපැලැස්සට නොඑන්න හිතාගෙනයි මං ගියේ.... මදැයි, ඔයත් හිතාගෙන හිටි දේවල්....”

“ඔය පරණ කුණු අවුස්සන්නෙ මොකටද? ඒවා ඔහේ තිබුණාවෙ.”

“ආයෙ ඒවා කියනකොට ලජ්ජා වෙන්ඩ ඕනය? මයෙ දූත් මං වාගේම තමා. ඒකි නෝබිනාකමක් කරන්නෙ නැති වග මට ඉර-හඳ වගෙ විශ්වාසයි.”

“ගෑනියේ, උඹලට මොළේ නෑ කියන්නෙ ඕකනේ. දුවත් අම්මා වගේම වෙනවා කියල නේද උඹ ඔය කියන්නේ? එහෙනම් කෝ, උඹත් උඹල අම්මා වගේ වුණාද? එහෙම වුණා නම් කොහොමට හිටීවිද?”

සිසිලියානා නිරුත්තර වූයේ නිකම්ම නොවේ. සැමියාගේ කතාවෙහිත් ගත යුත්තක් ඇතැයි ඇයට වැටහේ.

මාලතී වැනි රූමත් එකියකට එවැනි දැනමුතුකම්.........

‘කෙල්ලට තව ටිකක් දැනමුතුකම් දෙන්ඩ ඕනෑ!’ රටතොට ගැන; සමාජය ගැන; යොවුන් යුවතියකට කියා දීම මවකගේ යුතුකමකි. මාලතී වැනි රූමත් එකියකට එවැනි පූර්ව දැනුම්දීමක් කර තිබීම වඩාත් හොඳය. සිසිලියානා ජෝගුවත් වීදුරුවත් රැගෙන ගෙට හැරුණාය.

නිඳි බව පෙන්වමින් වැතිරී සිටි මාලතීගේ සිතුවිලි දසත දිව යමින් තිබිණි.

‘අප්පච්චි කොහෙද අපෙ අම්මව දාලා ගිහිල්ල හිටියේ? මොනවා වෙලාද... කිරි අම්මට ඇයි අප්පච්චි දොස් කිව්වේ?’

මාලතී දිගටම සිතුවාය.අම්මාත් අප්පච්චිත් අතරේ ඒ තරමටම දුර-දිග ගිය නෝක්කාඩුවක් කිකලෙක හෝ  තිබිණැයි සිතීම අසීරුය. බත් හැළිය ඉදෙන තුරු පවතින ආරාවුල් ගැන මිස මෙවැනි දේවල් ගැන මාලතී අසා තිබුණේ නැත. ‘එක අතකට අපි නොදන්නා දේවල් කොච්චර නං තියෙනවාද? හීං සීරුවේ අපෙ අම්මාගෙන්ම අහගන්නවා... සමහර වෙලාවට චන්ද්‍රක්කත් දන්නවා ඇති.’

******

“අදත් නැහැ වගෙයි මචං....”

මිලින්ද දෙඅත් බැඳ ගත්තේය.

කඳු යායට බිම් කරුවල මෝදු වෙමින් තිබේ. කවදත් අඳුරට තනි රකින...

කඳු යායට බිම් කරුවල මෝදු වෙමින් තිබේ. කවදත් අඳුරට තනි රකින සීතල ගලා ආයේ මිහිදුමද කැටිවය. ගත කිළි පොළවන මඳ සුළඟක් හමා ගියේය. සීතල මැඩලීමේ පරාජිත උත්සාහයක යෙදෙමින් සිටි මිලින්ද කතා කළේද යාන්තමින් වෙවුලමිනි.

“තවම ඒකිගෙ කකුල හොඳ නැතිව ඇති මචං....”

ධනුෂ්ක සෙමින් යමක් මුමුණයි. ඔහුගේ මුහුණ අඳුරුය. මිතුරාගේ මුහුණේ වූ දුක්මුසු - පාළු වලාවන් දුටු මිලින්දට අනුකම්පා සිතිණි.

“ට්‍රයි කරමු මචං.... ඔච්චර කෙල්ලො ඉන්න එකේ අපේ බැචාලත් පෙළක් වෙලාවට පුදුම කට්ට කෑමක් කන්නේ... මේවත් රැග්ද මචං, ඒවා එක්ක බලද්දී.... ඔන්න මං වගේ හැන්ඩි කොල්ලෙකුට නං ඉතිං ඔව්වා ඊසි! උඹ වගේ හපාචියෙකුට ඉතිං....”

මිලින්ද තමාගේ විහිළුවට තමාම සිනාසෙමින් කියාගෙන ගියේය. ඔහු කොලරය උස්සමින් උජාරුවෙන් සිනාසෙන අයුරු බලාගෙන හිටියත් ධනුෂ්ක සිනා වූයේ නැත.

“එක අතකට මං මහ පිස්සු වැඩක් කරන්නේ....”

මේකා දැන්මම මූඩ් ගහලා.....ඔහේ කියවපුදෙන්.... ඔහොම කොහොමද යකෝ ලව් කරන්නේ?

එය මිලින්දට කියූවක්ම නොවේ. ධනුෂ්ක තමාටම කියා ගත්තේ කලකිරීමෙනි. මිතුරාගේ සන්තාපය මිලින්දට පුදුමයකි.

යුවතියක හමු වීමේ බලාපොරොත්තුවෙන් දින කිහිපයක් මෙතැනට ඒම එතරම් ගණන් ගත යුත්තක් නොවේ. ‘මේකා දැන්මම මූඩ් ගහලා.....ඔහේ කියවපුදෙන්.... ඔහොම කොහොමද යකෝ ලව් කරන්නේ?’ මිලින්ද සිතට නැඟුණු දේ හඬින් පිට නොකළේය.

“මොකෝ උඹ ගොළු වෙලා? මේ පාළුව උහුලන්න හරි අමාරුයි මචං. කතා කරලා මොනවා හරි කියාපං මිලින්ද....උඹට හිතෙන්නෙ නැද්ද මං මේ කරන්නෙ පිස්සු වැඩක් කියලා. මේක මහ තේරුමක් නැති වැඩක් බං...”

මිලින්ද අසා සිටියේ කේන්තියෙන් පිපිරෙමිනි.

වචන ගොනු කර ගැනීමට ඔහු මහත් සේ උත්සාහ දැරුවේය. අසංවර ලෙස ධනුෂ්කට බැණ වදින්නට ඔහු අකැමතිය. වෛද්‍ය විද්‍යාලයයේදී නම් ඔහු මේ වැනි මූඩ්කාරයෙකුට කිව යුතුදේ මෙලහටත් කියා දීලාය.

ඇයි යකෝ, ගොළු බීරි එකියෙක්ද කියලවත් තාම හරියකට නොදැන ඔහොම මූඩ් ගහන්නෙ....?

“යකෝ, උඹ ඔච්චර මූඩ්කාරයෙක්ය කියලා මං දැනගත්තෙ අදනෙ.... සිරා ප්‍රේමවන්තයා.... කොහෙ යන රෝමියෝ නාට්ටෙක්ද යකෝ මේ? තාම ඒකිගෙ ළඟටවත් ගිහිල්ලා නෑ.... වචනයක්; එක වචනයක්වත් එකිත් එක්ක කතා කරලා නෑ... නමක්-ගමක්, ඉන්න තැනක්, මොකුත්ම දන්නෙත් නැ.. ඇයි යකෝ, ගොළු බීරි එකියෙක්ද කියලවත් තාම හරියකට නොදැන ඔහොම මූඩ් ගහන්නෙ....?”

“නවත්තපං බං නවත්තපං!”

ධනුෂ්ක කෑ ගසා කීවේය. දෙඅතේම ඇඟිලි හිසකෙස් අතරින් දිවැවූ ඔහු ඒවා ඇදගත්තේ දැනෙන වේදනාව නොතකමිනි. ඔහුගේ සිතේ තෙරපෙන වේදනාව හෙළි කරන්නේ කෙසේදැයි ධනුෂ්ක නොදත්තේය. දෙදණ මත මුහුණ ඔබාගත් ඔහු නිහඬවම - නොසෙල්වී සිටින්නට විය.

අවට සරමින් සිටි කුරුල්ලන් කැදලි කරා පියාඹා ගොසිනි. අතරමං වූ හෝ පමා වූ හෝ එකෙකුගේ කූජනයක්වත් නොඇසුණෙන් රජයමින් තිබුණේ පාළු නිහැඬියාවකි.

දැන්-දැන් ගලන මීදුම දැඩි වෙන බවක්වත් මිලින්දට වැටහුණේ නැත. ධනුෂ්කට එසේම ඉන්නට ඉඩ හළ ඔහුගේ සිත යකාගේ කම්මල මෙනි. ඔහු විස්මයට පත්ව සිටියේය. කුමක් කිව යුතුද - කුමක් කළ යුතුදැයි ඔහුට නොවැටහේ.

ඒ වේදනාවත්, දිය ගෙන යාමට පැමිණි තරුණියත් අතර නම්...

ධනුෂ්ක යම්කිසි සඟවා ගත් වේදනාවකින් පීඩා විඳින බව නිසැකය. එහෙත් ඒ ගැන ඇසීම නුසුදුසු දෙයකි.

ඒ වේදනාවත්, දිය ගෙන යාමට පැමිණි තරුණියත් අතර නම් කිසියම්ම ආකාරයක හෝ සබඳතාවක් තිබිය නොහැක. ඒ ගැන මිලින්දට ස්ථිරය. අහස - පොළොව ගැටලන තරම් සිතුවත් ධනුෂ්කගේ සැඟවුණු වේදනාව කුමක්දැයි අනුමාන කිරීමටවත් මිලින්ද සමත් වූයේ නැත. කාලය ඉකුත්ව ගියේ වඩාත් සෙමිනි.

“යං!” සෑහෙන වෙලාවක් සිටි ඉරියව්වේම හුන් ධනුෂ්ක නැඟිට්ටේය. නිහඬවම ගල් තලය මතින් බැසගත්  මිතුරා අනුගමනය කළ මිලින්ද ධනුෂ්ක පසුපසින් පිය නැඟුවේය.

පාරේ සිහින් වැලි කැට සපත්තු අඩිවලින් තෙරපෙද්දී සිහින් හඬක් නැඟේ. මිලින්ද ඊට සවන් දෙමින් පිය එසවූයේ සෙමිනි. රහසේම හිස හැරවූ ඔහු ධනුෂ්ක දෙස බැලුවේය.

ඒවායේ එළියෙන් ධනුෂ්කගේ කඳුළින් තෙමී රත් පැහැ වී ඇති දෙනෙත් දකින්නට...

හාත්පස අඳුරෙන් වෙළී තිබිණි. ගගනෝදරයේ තරු දහසක් පායා දිලෙයි. ඒවායේ එළියෙන් ධනුෂ්කගේ කඳුළින් තෙමී රත් පැහැ වී ඇති දෙනෙත් දකින්නට මිලින්ද අපොහොසත් වූයේය.

******

“නෝනා, ලස්සන පොතක් තියෙනවා.... කියෝලා බලනවා!” මං කීවේ අපේ ලොකු නංගීටය.

පුෂ්පා රංජනී දිසානායක වගේ ලස්සන නමක් තිබ්බත්, අපේ ගෙදර අයටත් අහළ-පහළ හැම දෙනාටමත් එයා ‘පුෂ්පා’ වුණේ නැතිය; ‘නෝනා’මය වුණේ!

මම පොතපත විතරක් නොව, සිල්ලර කඩයෙන් බඩු ඔතලා දෙන පත්තර කෑල්ලත් කියවන්නට පුරුදු වී සිටියෙක්මි. අපේ මහරගම ආච්චීලාට පිං සිදු වෙන්නට ඕනෑය. ‘අංජිසාම් පැකට්’ වියාපාරයේ  දාහක් වැඩ අස්සේ ‘ලංකාදීප’ පත්තරය කියවන්නට තරම් ඉස්පාසුවක් එයාලාට තිබුණේ නැතිය. 

නිසා ඉස්කෝලේ යන්නටත් කලින්ම, එයාලාට ඇහෙන්නට ‘දවසේ පත්තර කියවීම’ කළේ මේ ලියන මැට්ටාය! 

ඒ කියවීමේ දොළදුක සංසිඳුවා ගන්නට තරම් දේවල්ය, ඒ දවස්වල මට නොතිබ්බේ.

අවුරුදු දොළහෙන් ‘පේව්මන්ට් රස්සාවට’ යන්නට පටන් ගත්තාට පස්සේ, කොටුව- පිටෝටුවේ-බොරැල්ල- මරදානේ කරක් ගහන්නට වුණාම ‘ගුණසේන’ පොත් සාප්පුව මට පෙනුණේ ‘කල්ප වෘක්ෂය’ වගෙය; භද්‍ර ඝටය වගෙය; ඇලඩින්ගේ පුදුම පහන වගෙය! 

අපේ ලොකු නංගී ‘Temple Grandin’ වගේ ඔටිසම් රෝගී තත්වයක් තිබුණු එකියක්....

හැබැයි මං එහාට ගොඩ වැදුණත් කළේ පොත් අතගාමින්, ඒවායේ සුවඳ උරා ගනිමින් තෘප්තියට පත්වීම විතරය. අවුරුද්ද පුරාම සතෙන්-සතේ එකතු කරමින් සාහිත්‍ය මාසය එළඹෙන තෙක්ය මං බලා හිටියේ. 50%, 33 1/3% තරම් අඩු මිලට ‘ගුණසේන’ සාප්පුවේ පොත් සේල් පටන් ගන්නා තුරුය.
එහෙම ගෙනෙන පොත් අපේ සුනිලුත් කියවන්නට පුරුදු වුණේය. ලොකු නංගිටත් ඒ පුරුද්ද ඇති කරවන්නටය මට ඕනෑ වුණේ. 

හොඳ රෙකමදාරුවක් එක්කලාම නෝනාගේ අතට පොතක් දුන්නු ගමන්ම, එයා බලන්නේ කංචුකය ලස්සනද කියලාය. ඊළඟට පොතේ පිටු පෙරළාගෙන- පෙරළාගෙන යයි.... වචනයක්වත් කියවන්නේ නැතිය.

විනාඩියෙන් ප්‍රතිඵල පිටවෙයි. “අපෝ ලොකා... මේක හොඳ පොතක් නෙවෙයි!”

අපේ ලොකු නංගී ‘Temple Grandin’ වගේ ඔටිසම් රෝගී තත්වයක් තිබුණු එකියක් නොවේ. ටෙම්පල්ට වගේ එක බැල්මකින්ම පොත්වල පිටු මනසේ තැන්පත් කරගෙන කියවන්නට පුළුවන්කම තිබුණු එකියකුත් නොවේ! “තමුසෙ කොහොමද එක පාරටම කියන්නේ, පොත නරකයි කියල....?” මට කියවෙන්නේ තරහෙන්ය. 

කෙටි වැකි ලියන්නටත්, කෙටි ඡේද යොදන්නටත් පරෙස්සම් වීමි. නිදිගෙ පංච තන්තරේදීත්.....

“ලොකාට හොඳ ඇති.... මට හොඳ නෑ.... ඔය පිටුව පුරාම එක වාක්කියක්- එක ඡේදයක් තියෙන දිග හෑලි කියවන්න ඔයාට කම්මැළි නැද්ද ලොකා?”

හොයලා බලද්දී ගොඩක් දෙනා අපේ ලොකු නංගි වගෙය. ඉතිං ‘යුවති කිරිල්ලී’ ලියද්දී මම පරෙස්සම් වුණෙමි. කෙටි වැකි ලියන්නටත්, කෙටි ඡේද යොදන්නටත් පරෙස්සම් වීමි. නිදිගෙ පංච තන්තරේදීත් මා පිළිපදින්නේ ඒ තියරිමය.

කෑමක් කන්නට පෙර අපට එහි රුව-පෙනුම පෙනෙයි.... සුවඳ දැනෙයි.... දිවට රස දැනෙන්නේ ඊට පස්සේ නේද?

ඒ හැරුණු විට තවත් කාරණයක් මගේ හිතේ හොල්මන් කරමින් තිබිණි. උපුල්ගේ ‘සරසවි දියණියෝ’ පොතත්, ‘වස්සාන සිහිනය’ පොතත් චිත්‍රපටවලට ගෙන තිබිණි. ‘සෑහෙන ගාණක් ගෙවලාලු ඒවා අරන් තියෙන්නේ....’ කවුරුන් හෝ මා සමඟ පවසා තිබිණි. නවකතා- කෙටිකතා චිත්‍රපටවලට නඟන්නට පෙර ඒවායේ අයිතිය මිලදී ගැනීම් ගැනත් මම එවිට දැනුවත්ව සිටියෙමි.

‘Film එකකට නැතත් කාට හරි ටෙලියකටවත් ගන්න හිතුණොත්....’ ඒ සිතිවිල්ල මට තදින්ම බලපාන්නට ඇති බව හිතෙන්නේ දැන්ය.

කෑමෙන් පසු දෙමිතුරෝ වලව්වට එන පාර දිගේ ඈතට ඇවිදගෙන....

‘යුවති කිරිල්ලී’ කියවාගෙන යද්දී ඔබට හිතෙන්නේ මොකක්ද?

බරාඳයේ වූ පුටුවක වාඩි වී සිටි කුමාරිහාමි අඩ නින්දකට වැටී සිටියි. සිළිඳු මැණිකා පුටුව පාමුලම බිම වාඩි වී කුමාරිහාමිගේ දෙපා මිරිකමින් සිටියේ මෘදු ලීලාවකිනි.

ධනුෂ්කත් මිලින්දත් රාත්‍රී ආහාර ගත්තේ සෑහෙන වෙලාවකට පෙරය. කෑමෙන් පසු දෙමිතුරෝ වලව්වට එන පාර දිගේ ඈතට ඇවිදගෙන ගියහ. ඔවුන් එන තුරු බලා සිටිද්දී නොදැනුවත්වම නින්දට වැටුණු කුමාරිහාමිව සිළිඳු මැණිකා කීද්දුවේ නැත.

ඇය පිබිදුණේ ධනුෂ්කලා වලව්වට ගොඩවැදෙන හඬිනි.

“නැන්දට නිඳිමතේ.....” මිලින්ද අසලම වූ පුටුවකට බර දුන්නේය.

“සිළිඳු මැණිකා කකුල් මිරිකද්දී හොඳ සනීපෙට නින්ද ගියා. වාතෙද මන්දා පුතා... දැන් පෙළක් වෙලාවට කකුලුත් හිරි වැටෙනවා.”

“අපෙ අම්මා, ඉතිං අමාරුවක් තියෙනවා නං බෙහෙතක් ගන්න ඕනිනේ. බලා ඉඳලා හරියනවැයි?” ධනුෂ්ක මව දෙස බැලුවේ දයාවෙනි. ඔහු වඩාත් ආදරේ මවටය.

එරන්දතී විවාහ වූයේ මිලින්දගේ වැඩිමහල් සොහොයුරු දමින්ද සමඟිනි. නෑදෑකමටත් වඩා....

“නැන්දත් අපිත් එක්කම කෑම කෑවා නම් ඉවරයිනෙ. මාමා කොහෙ හරි ගිහිල්ලා එනකල්ම ඔහේ බඩගින්නේ... නිඳිමතේ බලා ඉන්නේ. අපිට නම් දැන් ආයෙමත් තේ බොන වෙලාවත් ඇවිල්ලා වගේ...”

කුමාරිහාමි සිනාවක් පෑවාය. සිළිඳු මැණිකාටත් මිලින්දගේ ඉඟිය වැටහී තිබිණි. “තේද කෝපිද වලව්වෙ හාමුදුරුවනේ?”

“තේ නම් බොන්නත් බෑෑෑෑෑෑෑම වගේ.... නැත්තං ඉතිං කෝපි වුණත් කමක් නෑනෙ ධනුෂ්ක...” මිලින්ද ඇසක් වසා, රඟා කිව්වේය.

“පේනවද අපෙ අම්මා මේකගෙ කට්ටකම.” ධනුෂ්ක මිලින්දට පහරක් ගසා කිව්වේය. කුමාරිහාමි දෙමස්සිනාවරුන් දෙස බලා සිටියේ දයාව උතුරා යන දෙනෙතිනි.

ධනුෂ්කගේ අක්කා; එරන්දතී විවාහ වූයේ මිලින්දගේ වැඩිමහල් සොහොයුරු දමින්ද සමඟිනි. නෑදෑකමටත් වඩා ධනුෂ්කත් මිලින්දත් අතර වූයේ මිතුරු බැඳීමකි. ධනුෂ්ක මඳක් වැඩිමල් වුවද දෙදෙනා ඇසුරු කළේ සම වයසේ අය මෙනි.

මේකා දැන් කිරිල්ලියක් පස්සෙන් යනවනේ නැන්දා....

“නැන්දා දන්නවද වැඩක්?”

“මොකක්ද මිලින්ද පුතා...”

“ඒයි, මං නැන්දාට කියන්නද? අර... අර...” මිලින්ද මිතුරා දෙස බැලුවේ බැරෑරුම් පෙනුමක් මුහුණේ මවා ගනිමිනි.

“උඹට විකාරද මිලින්ද? බොරුවට අම්මව අවුස්සන්න යනවා.”

“මයෙ පුතා ඉතිං ඉන්ඩකෝ... මිලින්ද පුතාට ඔහෙ කියන්ඩ දීලා.”

“මේකා දැන් කිරිල්ලියක් පස්සෙන් යනවනේ නැන්දා....”

“කිරිල්ලියක් පස්සෙන්....” තත්පර ගණනාවක් ඇතුළතදී කුමාරිහාමිගේ මුහුණ වෙනස් වී ගියේය.

“ඇත්තද මයෙ පුතා?”

ධනුෂ්ක මවගේ මුහුණ බැලුවේ නැත. කුමාරිහාමි ඔසරි පටින් මුහුණ වසාගෙන ඇතුළු ගැබට වැදුණාය.

“යූ ඉඩියට්! අම්මව ඇඬෙව්වා.”

“ජෝක් එකක්නෙ මචං, නැන්දා සීරියස්ලි ගත්තට....”

ඒ කාලේ අපේ අප්පච්චිත් එක විදිහක්ලු... එයාගෙ අප්පච්චිලත්....

“අපෙ අම්මා හරිම බයෙන් ඉන්නෙ මචං.... ගහේ කටු ඉබේම උල් වේවි කියලා... ඒකයි ඔය.”

සිළිඳු මැණිකා තේ බන්දේසිය රැගෙන ආවාය. ධනුෂ්ක කතාව අතරමඟ නතර කර ගත්තේය. සිළිඳු මැණිකා හොරැහින් ධනුෂ්ක දෙස බැලුවේ අමනාපය සඟවා ගනිමිනි.

‘පුංචි අප්පොත් ඕනෑ ඒවයි - එපා ඒවයි ඔක්කොම කියනවා. හැබෑටම මොළේ නැද්ද මන්දා? උඩ බලාගෙන කෙළ ගහගත්තම මූණටමනේ වැටෙන්නේ....’ සිළිඳු මැණිකා දිගටම සිතුවාය. මිලින්ද ඉදිරිපිටදී ඒවා පුංචි අප්පෝට කිව නොහැකි වීම අවාසනාවකැයි ඇයට හැඟිණි.

කතාව අමතක කරවනු සඳහා සිළිඳු මැණිකා දෙමිතුරන් තේ පානය කර හමාර වන තුරුත් එතැනම දැවටුණාය. එහෙත් ඇය ඇතුළට යනවාත් සමඟම මිලින්ද නැවතත් කතාව මතු කළේය.

“මොකක්ද මචං ඔය ගහේ කටු කතාවෙ තේරුම?”

“ඒ කාලේ අපේ අප්පච්චිත් එක විදිහක්ලු... එයාගෙ අප්පච්චිලත් ඒ වගෙමලු. මේ පළාතේ ඇහැට-කණට පේන කෙල්ලො එකෙක්වත් බේරිලා ගියෙ නැහැල්ලු.... අපෙ අම්මා බයයි මාත් ඒ ආරෙටම යයි කියලා.”

ඔහු නම් දැරූ සල්ලාලයෙකු බව සැවොම දැන සිටියහ....

දන්තුරේ බණ්ඩාර අප්පෝ ඒ අතින් මීගහපැලැස්සට පමණක් නොව මහනුවරටත් ප්‍රසිද්ධ වී සිටි අයෙකි. අප්පොගේ මුහුණටම ඒ බව කීමට කිසිවකු එඩිතර නොවුවද ඔහු නම් දැරූ සල්ලාලයෙකු බව සැවොම දැන සිටියහ.

3

මාලතීගේ කකුල තවමත් සුව වී නොමැත. එනිසාම ගෙයින් පිටතට යාමටද ඇයට ඉඩ නොලැබිණි. නිවසටම වී සිටීමටත් වඩා ඇයට අසීරු වූයේ මවගේ උපදෙස් පිළිපැදීමයි.

“අනේ අපෙ අම්මා.... මයෙ හඳීත් සාංකාවෙ අඬනවා..... දැන් කී දවසක්ද? මං පරෙස්සමිං ගිහිල්ලා ඒකිව බලලා එන්නං....”

“හඳීට නෙවෙයි උඹටයි සාංකාව හැදිල තියෙන්නේ... ඒකි ඔහෙ හිටපුදෙං. ගියා නෙවෙයි කොහෙවත් ඔන්න. යාන්තං කකුල හරියාගෙන එනකොටම තළා ගනිංකො බලන්න..... හඳීගෙ සාංකාව.... ඒකිගෙ රාජකාරි ටික ඔක්කොම මං යස අගේට කළා....”

සිසිලියානාගේ සැර වීමෙන් පසු මාලතී තවත් කතා කළේ නැත. වෙනදා නම් තණකොළ පුන්නක්කු දීමත්, ගව මඩුව පිරිසිදු කර දැමීමත් කෙරුණේ මාලතී අතිනි. විල්මට් නිවාඩු ඇති විටෙක හඳීව නාවන්නට පුරුදු වී සිටියත්, මාලතී පසුව ඒ රාජකාරියද තමාටම පවරා ගත්තාය.

“අනේ... අනේ.... ඒ පාර කොර ඇන ඇන ගියා පඩි පෙළ ගාවට. ඇයි... කවුරුවත් එනවා කිව්වද, මඟ බලා ඉන්නෙ?” මවගේ කීම කණකට නොගත් මාලතී ඉහළම පිය ගැටය මත වාඩි වූවාය. පාරේ කෙනෙකු ගිය කලාතුරකිනි.

කඳු ගැටයක මුඳුනට කිට්ටුව විල්මට් ගෙය සාදා තිබුණේ නිස්කාංසුවේ ජීවත් වීම ප්‍රිය කළ බැවිනි.

කඳු ගැටයක මුඳුනට කිට්ටුව විල්මට් ගෙය සාදා තිබුණේ නිස්කාංසුවේ ජීවත් වීම ප්‍රිය කළ බැවිනි. තවත් ගෙවල් දෙක-තුනකට වඩා ඉහළින් තිබුණේ නැත. කන්ද නැඟ ආ යුතු බැවින් මේ ගෙවල් කිහිපයට කෙනෙකු ආව-ගියේ අවශ්‍යම කටයුත්තක් ඇති විටෙක පමණි.

වංගුවෙන් හැරී පැමිණෙන යුවතියක දුටු මාලතීගේ මුහුණ පුබුදු විණි. “චන්ද්‍රක්කා....!”

“මොකෝ බං මෙතැන? කවුරු එනකල්ද බලා ඉන්නේ?”

“වස පාළුයි අක්කා.... අපෙ අම්මා කොහාටවත් යන්න දෙන්නෙත් නෑ. හිරේ දාලා වගේ දවස් ගාණක ඉඳලා....” මාලතී නහයෙන් අඬමින් කීවාය.

“අඩව් අල්ලන්න ඉස්සෙල්ලයි උඹට ඔව්වා ඔක්කොම හිතලා බලන්න තිබුණේ. කෝ, නැන්දා ගෙදර නැතිද?”

“දුං ගෙයි වෙන්න ඇති අක්කා. ඉතිං මෙතැනිං වාඩි වෙන්ඩකො අක්කා..” මාලතී චන්ද්‍රාගේ අතකින් ගෙන තමා අසලින්ම වාඩි කරවා ගත්තාය. ඒ බලහත්කාරයෙන්ම වාගෙය. මිතුරිය කුමකට සැරසෙන්නේදැයි චන්ද්‍රා දනියි. පහළ පිය ගැටයට මාරු වුණු මාලතී තවත් හරි-බරි ගැසී චන්ද්‍රාගේ දෑත් ගෙන දිය හිස මත රඳවා ගත්තාය.

“නෑවේ නැති හින්දා හරීඊඊඊයට ඔළුව කසනවා අක්කා...”

දැන් දවසක මං මෙහාට වැඳිරියෙක් ගෙන්නලා දෙනවා....

“අනේ. අනේ. මදැයි මාත් ලෙඩ්ඩු බලන්න ආවා. මේකි මාව අල්ල ගත්තා නිය අනින්න...” නෝක්කාඩු කියුවද චන්ද්‍රාගේ හඬේ අමනාපයක් ගැබ්ව තිබුණේ නැත. කෙස් ගස් අතරින් ඇඟිලි තුඩු දුවවමින් චන්ද්‍රා නිය අනිද්දී මාලතී සනීපයට නෙත් පියාගෙන සිටියාය.

“මම මේ සද්දෙට බැලුවා කවුදෝ කියලා... හරි අපූරුයි නේද දුවේ? ගොඩ වැදෙනකොටම නඟන්ඩි රාජකාරිය පවරලා තියෙන්නේ....”

“ඒක නේන්නං නැන්දා... මේකිට මාව දැක්කොත් ඇති, ඉක්මනට ඇවිත් ළඟින් වාඩි වෙනවා. දැන් දවසක මං මෙහාට වැඳිරියෙක් ගෙන්නලා දෙනවා. එතකොට ඉතිං ඔළුව බලන්නේ නැතෑ නැඟිටින්න නොදී.”

දැන් හිතාදර පාඨක ඔබත්, මාලතී හා චන්ද්‍රාත් මට සමා විය යුතුය. 1996 දී ඉහතින් තිබුණු කොටස් රචනා කරද්දී ඒවාට එකතු වුණේ ‘මාරක හී පහර’ පෝස්ටුවේදී කියූ, මරු සිරාට ගොදුරු වුණු වඳුරාගේ විත්තියයි.

හොඳ මීටරයක් ඇති කෙනෙකු විය යුතුය; කියන්නාගේ frequencyයටම අසන ඔබේ ෆ්‍රීකුවන්සියත් ‘සුසර’ කරවාගත....

ඉතාම මෑතක ලියැවුණු ‘රටටම බැඩ උලෙනදා’ පෝස්ටු කියවද්දී ඔබට බදුල්ල, කණුපැලැල්ළේ මයිලගස්තැන්න හමු වුණා නේද? මාලතීලා ඉන්නා ‘මීගහපැලැස්ස’ කියන්නෙත් එහාටම වගේ දැනෙනවාද?

නිර්මාණයක් කරද්දී හෝ ජීවිත විස්තරය කරද්දී හෝ කෙනෙකුට තමන්ගේ අත්දැකීම්වලින් මිදෙන්නට හැකිද?

සාමාන්‍ය කතාබහේදී පවා අපෙන් එළියට එන්නේ අපේ ජීවිතයයි! හැබැයි එහෙම ඒවා වටහා ගන්නට නම් ඔබ ‘Tube Light’ එකක් නොවිය යුතුය; හොඳ මීටරයක් ඇති කෙනෙකු විය යුතුය; කියන්නාගේ frequencyයටම අසන ඔබේ ෆ්‍රීකුවන්සියත් ‘සුසර’ කරවාගත යුතුය!

ඉතිං....

14 comments:

  1. ඔය ප්‍රාදේශීය භාෂාව, මුළුු උඩරටටම අදාළද?

    දුංගේ කියන එක මට කියවන්න ලැබුනෙ මේ කතාවෙන් ඉස්සෙල්ලම.

    අර "අක්කා..." කියල ඇදල කතා කරන එක නං කොත්මලෙත් තියෙනව.

    ධනුෂ්ක ගෙ තියෙන සාංකාව නං අපටත් අත්දකින්න ලැබිලා තියෙනව, මිලින්ද තාර්කිකව මොන දේ කිව්වත්...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී මහත්තයෝ, ඔයාත් මාර ප්‍රශ්න අහන්නේ. තරහටද මාව හොම්බෙන් යවන්න හදන්නේ? බදුල්ල පැත්තේ කතා ශෛලියට මං හරි ආසයි, ඒක ලයාන්විත නිසා. අවාසනාවට tv එක ගෙවල්වලට ආවට පස්සේ දැන් ප්‍රාදේශීය වහරවල් නැති වේගෙන යනවා. ඒ බස මුළු උඩරටටම අදාලද කියන එක ගැන නම් මම මෙලෝ සංසාරයක් දන්නෙ නෑ.

      කොත්මලේට ගිහින් දවස් කීපයක් එහෙ ගත කරලා තිබුණත් එතකොටත් එයාලා සංකර වෙලා තිබුණු නිසා වෙන්නැති, අර ඇදිල්ල මං නොදැක්කේ. තවම මාතර පැත්තේ නම් 'අහ' වගේ වචන ටිකක් තමයි නිතර කියවෙන්නේ.

      සාංකාව හැඟීම පුරුදුය කීම මට credit එකක්. ස්තුතියි ඒ ප්‍රශංසාවට.

      Delete
  2. දැන් අපට කිරිල්ලියො දෙන්නෙක් ගැන කියවන්න පුලුවන්. යුවති කිරිල්ලි & පලිඟු කිරිල්ලි. ශෝක්. නම coincidenceද? කතාවෙලා දැම්මද?

    අපිට දිග සහ පැටලිලි සහිත වාක්ය ලියන පුරුද්දක් තියෙනව සමහර වෙලාවට. complex language එක insecurity වල ලක්ශනයක් කියල සමාන්යයෙන් කියන්නෙ. නිමල් ලියන විදිහ හොඳයි.

    මේ දවස්වල කමෙන්ට්ස් අඩු ලන්කාවෙ ඔෆිස් කට්ටිය WFH නිසාද?

    ReplyDelete
    Replies
    1. Lotus මහත්තයෝ, යුවති කිරිල්ලී පොත පළ වුණේ 1996. එතකොට අසංග මහත්තයා 'පළිඟු කිරිල්ලී'ලා ගැන හිතලාවත් නැතිව ඇති කියලයි මට හිතෙන්නේ. උන්දා මම තරම් මැන්ටලයක් නෙවෙයිනේ.දැනුයි.... එක්කෝ ඒවා එපා.

      දිග වැකි ලිවීම හා අනාරක්ෂිත බව හැඟීම අතර සහසම්බන්ධයක් තියේද කියල හොයන්න වටිනවා. ගොඩක් ස්තුතියි නිමිත්තක් දුන්නු එක වෙනුවෙන්.

      කමෙන්ට්ස් නම් අඩුයි තමා... ඒත් ආපහු දවසකට 150ක සාමාන්‍යය ඇතිව පංච තන්තරේ පෙරලන බවයි පෙනෙන්නේ. මේ මාසයේ දැනට 4265ක් ඇවිත්. කොරෝනා නිසා වෙන්නැති ටිකක් රීඩර්ස්ලා අඩු වෙලා තිබුණේ.

      Delete
    2. යුවති කිරිල්ලී පොත මට නිමල් අයියාගෙන් ලැබුනේ අපේ පලමු හමුවීමෙදී.එතකොටත් මගේ පළිගු කිරිල්ලී කතාව ලියලා තිබුනේ. නම දාලා තිබුනේ පරසතු කුසුමිය කියලා. එත් ඒ නම මට හරිගියේ නෑ. ටෙලියක් ගියා පළිගු පියාපත් කියලා ඒක ඇකපු මට හිතුනේ මගේ කතාවටත් පළිගු කිරිල්ලී කියලා දමන්න. නිමල් අයියා යුවති කිරිල්ලී බ්ලොග් එකට දැම්මාම තමයි මතක් උනේ මේ නම් දෙක එක වාගෙමයි කියලා.

      Delete
    3. ඔයාගේ නම නිවැරැදියි අසංග මහත්තයා. මගේ නමේ වැරැද්දක් ගැන නම් කියවිලා තියෙනවා... එක ලියමින් ඉන්නේ ඊළඟ කොටසක... දැන් නොකියන්නේ ටිකක් දිග වැඩි නිසා.

      Delete
    4. හරි හරි මොන කිරිල්ලි වුණාම මොකද , එක කිරිල්ලිය ලෝකේ ඉන්නේ හේ හේ

      Delete
  3. භද්‍ර ඝටය වගෙය - පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද. කලින් අහලා නෑ.

    ReplyDelete
    Replies
    1. මේකත් දිවිය ලෝකේලු තියෙන්නේ, කල්ප වෘක්ෂය, සුරබි දෙන වගේම. සිතූ-පැතූ සම්පත් දෙනවාලු. හැබැයි භද්‍ර ඝටය කිරි සයුර කළඹන වෙලාවේ මතු වුණා කියල කියවෙන්නේ නෑ. ඒ ගැන කියවනවා නම් මෙන්න චමී, link එකක්, මගේ පොස්ටුවල හතරවැන්න: http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_8.html

      Delete
  4. නෝනා ඩේවිඩ් කරුණාරත්න මහත්තයාගේ හෑල්ල තීරු ලිපිය කියෙව්වනං පොතක් අතින් අල්ලන එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ! සමා වෙන්න ඕනි. උත්තර දෙන්න බැරි වෙලා පරක්කු වුනු එකට.
      මට හිතෙනවා මොබයිල් ෆෝන් හින්දා 'නෝනා'ගේ පරම්පරාව දැන් හොඳටම වැඩි වෙලාය කියලා.

      Delete
  5. මටත් පොත ගන්න හිතුන.ඒත් ඉතින් මෙයාගේ විච්චුරන ටික කියවන්න වෙන්න නැහැනේ එතකොට

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ... පැඟිරි කාලේ මමත් පෙරවදන්, පිවිසුම්, කර්තෘගෙන් වගේ දේවල් කියෙව්වේ නෑ. කතාව-text එක විතරයි කියෙව්වේ. පස්සෙයි වැටහුණේ ඒ විස්තර කොතරම් වැදගත්ද, රසවත්ද කියලා.

      අනෙක නිදිගෙ පංච තන්තරේ මූලික අරමුණට පටහැනිව යන්නත් බැහැනෙ, පොත විතරක් ඉදිරිපත් කරලා...

      ගොඩක් ස්තුතියි ස්වයං නිරෝධායනයක් ඉබේම වෙලා තියෙනවා වගේ
      රටක- වෙලාවක මේවා කියවන එක ගැනත්!

      Delete
    2. ගොඩගේ එකේ පොත තියෙනනවද කියලවත් මම දන්නෙත් නැහැ ඔයාට ගෙන්නා ගන්න වුණත්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්