li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, March 24, 2021

යුවති කිරිල්ලී - විසිහතරවෙනි කොටස

අපි ස්කෑන් කෙරෙව්වා අම්මා!

ප්‍රොමිස් මචං!

මිලින්ද කීවේ බරක්-පතලක් ගැන සිතා-බලා නොවේ. එහෙත් ධනුෂ්ක ඒ පොරොන්දුව විශ්වාස කළේය. මිලින්ද එවැනි පොරොන්දුවක් නොදුන්නත් තමාගේ රහස තවෙකෙකුට පවසා සිත සැහැල්ලු කර ගැනීමේ ආශාවෙන් දැවුණු ධනුෂ්ක ඔහුට සියල්ල පවසනු නිසැකය. 

මිලින්ද විස්මයෙන් දෑස් පමණක් නොව මුවද අයාගෙන අසා සිටිද්දී ධනුෂ්ක කතා කිරීමට පටන් ගත්තේය.

********

එදින සන්ධ්‍යාවේ එරන්දතීත්, දමින්දත් දන්තුරේ වලව්වට පැමිණියහ. ඒ තවත් සුබාරංචියක් සමඟිනි. එරන්දතීට ලැබෙන්නට සිටින්නේ පුතෙකු බව ඔවුහු තිර ලෙසින්ම දැනගෙන තිබුණෝය.

කොහොමද මයෙ දුවේ සහසුද්දෙන්ම කියන්නෙ?”

අපි ස්කෑන් කෙරෙව්වා අම්මා!

දන්තුරේ බණ්ඩාරත් වැඩිදුර විස්තර දැනගැනීමේ ආසාවෙන් කන්දීගෙන සිටියේය. පළමුවෙන්ම මුණුබුරෙකුගේ මුහුණ දකින්නට ලැබීම වාසනාවකියි ඔහු සිතුවේය.

මෙහෙම ස්කෑන් කළාම කියතෑකි බබා පිරිමි ළමයෙක්ද ගෑනු ළමයෙක්ද කියලා.... අපෙ දමින්දට ඉවසිල්ලක් නැතිව හිටියේ ස්තීරෙටම දැන ගන්නකල්!

දෑවැද්ද අත-කණ-කර නැතිව දුවලව දීග දෙන්න බැහැයිලුනේ එහේ......

ඇයි ළමයෝ... දුවෙක්ය කියලා අහක දාන්ඩය... දුවෙක් වුණත්, පුතෙක් වුණත් මොකෝ... තමන්ගේම ලේවලින් හැදිච්චි දරු පැටියෙක්නෙ.....කුමාරිහාමි දැනමුතුකම් දුන්නාය.

ඒ වුණාට නැන්දා, දැන් ඉන්දියාවේ හුඟක් අම්මලා මේ විදිහට ලැබෙන්න ඉන්න දරුවා පුතෙක්ද කියලා බලවගෙන දුවෙක් නං එහෙම, ඉක්මනටම නැති කරවා ගන්නවලු!

අනේ දෙයි හාමුදුරුවනේ! ඒ මොන අපරාධයක්ද?”

ඉන්දියාවේ දුවෙක් ඉපදෙනවය කියන්නෙ අම්මල තාත්තලට බරක්ලු මැණිකේ! දෑවැද්ද අත-කණ-කර නැතිව දුවලව දීග දෙන්න බැහැයිලුනේ එහේ......අප්පෝත් තමාගේ දැනුවත්කම පෙන්වමින් කිව්වේය.

ඒ හින්දම තමයිලු අප්පච්චි ඔහොම ගෑනු ළමයින්ව කුසේදීම නැති කරලා දාන්නේ...

අනේ මයෙ දුවේ, ඔය කතාවල් ඔයාගෙ කණකට ගන්ඩවත් එපා මේ දවස්වල..... දරුවෙක් කුසේ ඉන්දැද්දී අහන්ඩ-දකින්ඩ ඕනි හිත සන්තෝස වෙන, හිත පිරිසිදු වෙන දේවල් මිසක් ඔය වගේ එව්වා නෙවේ!

මිලින්දත් ධනුෂ්කත් ඇඳිරි වැටෙන තුරුම, අරමුණකින් තොරව ඔහේ ඇවිදගෙන ගියෝය. තේ වත්තක් මැදින් වැටී තිබුණු පාරක්  දිගේ ගිය ඔවුන් ආපසු හැරී වලව්වට ආවෙත් ඉබේ පාවෙන්නාක් මෙනි.

මේ මොකද මේ? දෙන්නම නිකං මලානික වෙලා....

ධනුෂ්කගේ හිත අභ්‍යන්තරය දවමින් තිබුණු රහස මිලින්දට දරාගත නොහැකි තරමේ එකකි. එය දැනගත් පසුව කර-කියාගත හැකි කිසිම දෙයක් නොවැටහුණෙන් මිලින්ද වඩාත් අසරණව සිටියේය.

යන තරම්ම දුරක් ආපහු එන්නත් වෙන එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක්ද? නෙවෙයිනෙ....

අර පාරක් දිගේ අපි දෙන්නා ඔහෙ ඇවිදගෙන ගියා... හොඳ පණ ගියා, ආපහු එන්නත් වුණාම....මිලින්ද ගෙතුවේය.

යන තරම්ම දුරක් ආපහු එන්නත් වෙන එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෙවෙයිනෙ.....එරන්දතී ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඇනුම් පදයක් එල්ල කළාය.

පටන් ගත්තද ඒ පාර?” කුමාරිහාමි සැර වූයේ බොරු තරහක් මවා පාමිනි. දෙමිතුරන් කාමරයට ගියේ පිරිසේ අල්ලාප-සල්ලාපයට ඉඩ සලසාලමිනි.

මල්ලී නිල්ගල වලව්වට යන්ඩ කැමති වුණා මයෙ දුව!කුමාරිහාමි කසුකුසුවෙන් දියණියට කීවාය.

අම්මා මල්ලිට කිව්වද ඒ ගමනින් පස්සේ අම්මත් අපෙ ගෙදර යන බව, ටික දවසකට......

ඕනි නෑ මයෙ දුවේ! යන්ඩ ඕනි නෑ. දැන් මට සනීපයි නෙව!

මේං බලන්ඩකො අප්පච්චි.... එදා අපෙ අම්මා පොරොන්දු වුණා නිල්ගල වලව්වට ගිහින් ආවට පස්සෙ අපෙ ගෙදර එනවය කියලා. දැන් බෑ කියනවා....එරන්දතී කාමරයේ සිටම කෑ ගසා කීවාය.

කොළඹ පිළිගත් වෛද්‍ය විශේෂඥයෙකු ලවා කුමාරිහාමිව සෝදිසි කරවා බැලීමට අප්පෝ දියණියත්, බෑණාත් සමඟ කටයුතු යොදා තිබුණේ රහසෙනි. ඕක දැන ගත්තොත් දූලගෙ අම්මා බය වෙන්ඩත් බැරි නෑ අමාරු ලෙඩක්වත්ද කියලා..... එහෙ ගිහින් ඉන්දැද්දී නිකමට වගෙ එක්ක යන්ඩ පුළුවනිනෙ දොස්තර මහත්තය ළඟට....

හරි නං දැන් මයෙ දුවයි මෙහෙ ඇවිල්ලා ඉන්ඩ ඕනි. කුළුඳුල් දරුවනේ..... ඒකයි චාරිත්තරේ දුවේ....

අනේ අපෙ අම්මා, ඒ චාරිත්තරෙන් කමක් නෑ! මොනවා හරි හදිස්සියක් වුණත්, හොඳ දොස්තරලා ඉන්නෙත් එහෙ.... හොඳ ඉස්පිරිතාල තියෙන්නෙත් එහෙ... මේ හිමේ ඉඳලා හදිසියට දොස්තර කෙනෙක් ළඟට යනකොට ඉතිං වෙන්ඩ ඕනි හරිය ඔක්කොම වෙලා තියෙයි!

අව්වට වේලෙන, වැස්සට තෙමෙන, දුහුවිලි කන බහුතරයක් දෙනා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේදී ....

එරන්දතී කුමාරිහාමි සිතුවාට වඩා එදා ප්‍රාදේශීය වෛද්‍ය පහසුකම් දියුණු මට්ටමක තිබිණි. එහෙත් ‘කොළඹට කිරි - ගමට කැකිරි’ කතාවත් සෑහෙන තරම් දුරකට ඇත්තය.

නමුදු දුර-බැහැර පිරිසට වැඩි වාසියකුත් තිබිණි.

දුෂ්කර ජීවිත ගෙවන; අව්වට වේලෙන, වැස්සට තෙමෙන, දුහුවිලි කන බහුතරයක් දෙනා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේදී හපන්නු වෙති. පසුගිය අවුරුදු එකහමාරක කාලය තුළදී ‘කොරෝනා’ ඇවිත් මොනවට පැහැදිලි කළේ ඒ කාරණයයි.

වැඩි සැප-පහසු ජීවිත හිමියැයි කියූ දියුණු රටවල පුරවැසියන් යහමින් කොරෝනාවෙන් ආසාදනය වූහ.

අඩු වරප්‍රසාද සහිතව දිවි ගෙවමින්, නිරන්තරව ජීවිත අරගලයට මුහුණ දෙන වතුකරයේ ගැබිණි මව්වරුන් හා බිලිඳුන් ගැන මේ අත්දැකීම වෛද්‍ය නන්දනී විජයබණ්ඩාරගෙනි.

‘.... මට මතකයි මම බදුල්ල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදය අංශයෙ මගේ මුල්ම පත්වීම ලැබිලා, වැඩ කරන කාලෙ වතු දෙමළ අම්මලා ප්‍රසූතිය සඳහා එනව. ඔවුන් ඇතැමුන්ගෙ අසීරු ප්‍රසූතියකින් පස්සෙ දරුවො අඬන්නෙ නැතිව ඉන්නව. එතකොට මම දරුවට ස්වසන බට දාන්න උත්සාහ කරද්දි ඉතාම පලපුරුදු වින්නඹු අම්මල කියනවා "නෑ ඩොක්ටර් මේ දරුව කීයට හරි අඬනවා. විනාඩි 4ක් ඇතුළත නොහැඬුවත් මෙයාලගෙ මොළේ මැරෙන්නෙ නැහැ. මෙයාල ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැ.... දළු කඩන අම්මලාගෙ මේ දරුවො බඩේදිම හැම දුකක්ම දරාගන්න පුරුදු වෙලා එන්නෙ." කියල.

ඔවුන් ඒ හැම විටෙකම වගේ නිවැරදි වුණා.’

දන්තුරේ වලව්වෙ ලොකු කුමාරිහාමිත් ඒ සත්‍යය දැනගෙන හිටියා වගෙය.

කොස් කිරිල්ල කොහොම වෙතත් එකල ගම්වල කොස් කැපිල්ල නම් කෙරුණේ සාමූහිකවය.

අනේ, අනේ! උඹලව ඉපදුනෙත් මේ වහලේ යටදිමනෙ දුවේ!!කුමාරිහාමිගේ මුහුණේ නොසතුටේ ලකුණු පැහැදිලිවම සටහන්ව තිබේ. එරන්දතී එය දැක කතාව නතර කරන්නට මං සෙවුවාය.

ඒකෙන් කමක් නෑ! අපෙ අම්මා මයෙ ළඟ ඉන්ඩම ඕනෑ. දමින්දල අම්මට වුණත් අපෙ ගෙදර ඇවිල්ල ඉන්ඩ බැහැනේ. ඔන්න අපෙ අම්මත් බැහැයි කිව්වොත් නං...

අම්මා එයි ළමයෝ!එතැනට පැමිණි දන්තුරේ බණ්ඩාර එරන්දතීට ඉඟියක් කරමින්- තීන්දුව දුන්නේ, කුමාරිහාමිට විරෝධයක් පාන්නට ඉඩ නොදෙමිනි.

********

ඉරිදා පැමිණෙන බව දන්වමින් චන්දන එවා තිබුණු ලිපිය තැපෑලේදී ප්‍රමාද වී තිබිණි. සෙනසුරාදා දහවල් ලිපිය ලද පසුත්, මාලතී ඒ ගැන අමුතු සැලකිල්ලක් දැක්වූයේ නැත. හදවතේ කොණකින් කුමක්දෝ සියුම් වේදනාවක් මතු වී ඔඩු දුවනු ඇයට දැනෙයි.

කොස් ගෙඩිය දෙපලු කළ මාලතී, එය කැබලිවලට කැපුවාය. වහලු කපා තබන ලද කොස් කැබලිවල වූ කොහොල්ලෑ ගුළියකට එකතු කළ චන්ද්‍රා, ඒවා දුමේ කොණක ඇලවූවාය.

මෙහාට දියං දුවේ.... මං ඔය හෙරලි මදුලු ටික ගලවලා දෙන්නං.

ඕනෑ නෑ කිරි අම්මේ.... අපිට පුළුවනි!

උඹලට බැරුවට නෙවෙයි දුවේ! නිකම්ම ඉන්ඩත් වස කම්මැලියිනේ. ඒකයි....

කිරි අම්මා කොස් මදුලු ගලවන්නට වූවාය. වැඩෙහි යෙදෙන අතරේම චන්ද්‍රා චන්දනගේ ගමන ගැන සිහිපත් කළාය.

කන් ඇසීම දුර්වල ඈට ඇසෙන්නේ කෑ ගසා, මහ සද්දෙට කියන දේවල්....

විසේසයක් කරන්ඩ ඕනෑ නෑනේ අක්කේ! ඒ මනුස්සය ඔහෙ ඇවිල්ලා යයි. එයා මෙහෙ එන්නේ කන්ඩ-බොන්ඩ බලාගෙනම නෙවෙයිනෙ...

එහෙනං ඉතිං මෙයින්ම කොස් ටිකක් ඉතිරි කරලා තියමු හෙටටත්... ඔය කරෝල කටු හොද්දකුත් හදපුවාම මදැයි, නේද?”

කිසිත් නොකියූ මාලතී පොල් ගෙඩියක් ගෙන, එයින් කොස් ඇට තලන්නට පටන් ගත්තාය. බලාගෙනයි මාලතී. වෙනින් කල්පනාවක ඉඳගෙන තලලා පුළුවනි නං ඇඟිලිත් තලා ගනිං!

මාලතීත් චන්ද්‍රාත් අතරේ කෙරෙන කතාබහ කිරි අම්මා නොදනී. ඇගේ කන් ඇසීම දුර්වල හෙයින් ඇයට ඇසෙන්නේ හඬ නඟා කියන දෙයක් පමණි.

පොඩ්ඩ වෙලාවක් එක තැන හිටියත් කකුල් හිරි වැටෙනවා දුවේ!නැඟිටගත් කිරි අම්මා බිත්තියට අතක් තබා වාරු ගත්තාය. කොස් කටු කුල්ල ගත් මාලතී, එය රැගෙන ගොස් හඳීගේ ළඟින් හැළුවාය.
කන්පට ගසමින් හිස සෙලවූ හඳීට අත ලෙවකන්නට ඉඩ හළ මාලතී වැස්සියගේ මුහුණ සිප ගත්තාය.

හැමදාම චන්ද්‍රක්කටත් මෙහෙ ඉන්ඩ බෑනේ! මට තේරෙනවා.... මම ඔන්න ඔහෙ චන්දනට කැමති වෙනවා...

මේ මාලතී. මට කරදරයක්ද නැද්ද කියන එක නෙවෙයි, මෙතන තියෙන ප්‍රශ්නේ. උඹ ඇත්තටම චන්දනට කැමතිද නැද්ද කියන එකයි.... නංගියෙ, මට කියන්ඩ තියෙන්නේ උඹ චන්දනට අකැමතිම නං නිකා ඉඳින්.... හැබැයි ඉතිං, අකමැත්තක් නැති නං.... පස්සෙ කැමැත්තක් ඇති වෙන්ඩත් පුළුවනිනේ......

පූර්ණිමා ලස්සනයිද මල්ලී?” එරන්දතී ඉඟියක් පා....
චන්ද්‍රා එය කියූ විලාශයට මාලතීට ඉබේම සිනා නැඟුණි. ඈ චන්ද්‍රාගේ උකුලෙහි හිස හොවා ගත්තාය.

මට දැන්මම මොකුත් කියන්ඩ බෑ අක්කා.... පස්සේ කියන්නං කියලා කියමු!

යකෝ! ඔය අත්වල තියෙන කොහොල්ලෑ මගේ චීත්තෙ ගෑවෙනවා... එහාට වෙයං, කිව්වම අහලා එහාට වෙයං මාලතී....චන්ද්‍රාත් බොරු තරහවකින් කෑ ගැසුවාය.

********

පූර්ණිමා ලස්සනයිද මල්ලී?”

එරන්දතී ඉඟියක් පා ඇසුවාය. දමින්ද වාහනයේ කන්නාඩියෙන් ධනුෂ්ක දෙස බැලුවේය. දන්තුරේ බණ්ඩාර ඉදිරිපසම බලාගෙන කිසිවක් නොදන්නා සේ සිටියා මිස කෙළි-කවට කතාවලට සහභාගී වූයේ නැත.

මයෙ පුතා කැමතී!.... නේද පුතා?”

මවගේ කතාවට වුවද ධනුෂ්කගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.

සැමටම රහසින් ධනුෂ්කගේ අතක් අල්ලා මිරිකූ මිලින්ද ළබැඳි මිතුරාට සහාය පළ කළේය. ධනුෂ්කගේ සිතෙහි පවත්නා චිත්ත පීඩාව දැන සිටියේ මිලින්ද පමණකි.

මට නං පේන්නේ මල්ලිට පූර්ණිමාව වැඩිය හිතට අල්ලලා නැහැ වගේ. ඒකයි සද්ද නැත්තේ...එරන්දතී පහසුවෙන් පසුබා යන්නියක නොවේ!

මම ඔයාව බලන්න ආව දවසෙත් ඔය වගේ තමයි හිටියේ....දමින්ද සැවොම සිනා ගන්වමින් කීවේය.

දමින්දගේ වාහනය නොපෙනී යනතුරු ඉවසා බලා සිටි ධනුෂ්ක කාමරයට වැදී...

දමින්දලා නික්ම යන තුරුමත් ධනුෂ්ක වේදනාව දරාගෙන සිටියේය. තමා අසනීපයකින් පෙළෙන බව දැනගතහොත් අම්මා කොළඹ යාමේ අදහස අතහැර දමනු නිසැකය. පැය කිහිපයක සිට තිබුණු හිස කැක්කුම මඳින්-මඳ උග්‍ර වෙයි. ධනුෂ්ක ඉවසාගෙන හිටියේ දත්මිටි කමිනි.

කුමාරිහාමි වාහනයට නැඟුණු පසුවත් සිළිඳු මැණිකාට උපදෙස් දුන්නාය.

පුංචි අප්පොලා ගැන බය වෙන්ඩ දෙයක් නෑ වලව්වේ හාමුදුරුවනේ... අප්පොටයි, පුංචි අප්පොලටයි ඕනෑ විදිහ අපි දන්නවනෙ.... නේද රාමන් අයියේ?”

රාමන්ද හිස වනා ස්වාමි දුවට සෙනෙහස පළ කළේය.

දමින්දගේ වාහනය නොපෙනී යනතුරු ඉවසා බලා සිටි ධනුෂ්ක කාමරයට වැදී ඇඳුම් පිටින්ම ඇඳේ වැතිරුණේය.

ඒයි.... මොකෝ මචං....?”

මට අමාරුයි.... උණ වගේ....!

මිලින්ද ධනුෂ්කගේ නළලට අත තබා බැලුවේය. හොඳටම උණ!ධනුෂ්කගේ කමිසය ගැලවූ මිලින්ද, ඔහුට සරමක් ඇඳ ගැනීමට සහාය වුණේය.

පුටුවක් මතට ඇද වැටුණු මිලින්ද අත් හිසේ ගසා ගත්තේය... ඔහුගේ දෙනෙතේ වූ තුනී කඳුළු පටලය අතරින් ධනුෂ්කගේ රුව පෙනුණේ බොඳවී ගිය සිතුවමක් මෙනි.

ධනුෂ්කට උණ ගැනී ඇති බව අප්පෝට දන්වන ලද්දේ හොඳටම රෑ බෝවූ පසුවය. උණ අඩු වෙතියි අපේක්ෂාවෙන් බලා සිටියද, එසේ වීමට ඉඩක් නැතැයි මිලින්ද අනුමාන කළේය.

මේකාට සහලෝලා උණ දෙයියනේ!දන්තුරේ බණ්ඩාරට කෑ ගැසුණි. සිළිඳු මැණිකා විනාකිරෙන් පෙඟවූ පාන්කඩයක් ධනුෂ්කගේ නළල මත එලුවාය.

අපි දොස්තර මහත්තයෙකුට කතා කරමු!

මිලින්ද පුතේ, අපි දොස්තර මහත්තයෙකුට කතා කරමු!

එපා මාමා, එපා....!මිලින්ද භීතියට පත් වී සිටියේය.

මේකාට හොඳටෝම උණනෙ පුතේ... ආයෙ රෑට තව අමාරු වුණොත්? මම දැන් ටෙලිෆෝන් කරන්නං...

මිලින්ද හඬා වැටුණේය!

වඳින්නම් මාමා.... කාටවත් ටෙලිෆෝන් කරන්න එපා.... දෙයියන්නේ නාමෙට එපා....

අප්පො මිලින්දගේ හඬේ වූ භීතිය වටහා ගත්තේය. වහාම ඉදිරියට පැනගත් දන්තුරේ බණ්ඩාර මිලින්දගේ දෙවුරින් අල්ලාගෙන සොලවන්නට වූවේ උමතුවෙන් මෙනි.

“කියාපං.... මොකක්ද මේ පාත් වෙලා තියෙන හෙණ ගෙඩිය කියලා මට කියපං පුතේ! වඳින්නං, මට ඇත්තම කියපං පුතේ!!”

මිලින්දගේ දෙනෙතින් නොකඩවාම කඳුළු ගලා හැළෙමින් තිබිණි. විපිළිසර වූ අප්පෝ ඇඳෙහි වැතිරගත් ගමන්ම සිටින ධනුෂ්ක දෙසත්, මිලින්ද දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.

ම්.... ම්.... මා...ල...තී!

ධනුෂ්ක රුවන් දන්තුරේ බණ්ඩාරගේ ශෝකී දුර්වල කෙඳිරිය රැයේ නිහඬතාව බිඳිමින් කාමරය පුරා විසිරී වායු ගෝලයට එකතු වූයේය!  

21

කම්පනයට පත්ව සිටි මිලින්දගේ කටහඬ කෙඳිරියක් මෙනි.

“මට බයයි මාමා!”

කොතැනක හෝ බරපතළ වරදක් සිදු වී තිබේ. එය නැවත හරිගස්සා ගත හැක්කක්දයි නොදැනේ. සියල්ලටම පළමුවෙන් සිදු වී ඇති දෙය ඒ හැටියෙන්ම දැනගත යුතු යැයි දන්තුරේ බණ්ඩාර අප්පොට වැටහී තිබිණි.

පොරොන්දුවක් වුණා නම් ඒක රකින්න ඕනි නේන්නං! 

“මිලින්ද පුතේ,  කියාපං... මට ඔක්කොම කියාපං පුතේ. මාව පිස්සු නොවට්ටා ඔක්කොම කියපං මිලින්ද පුතේ! මේ වෙලාවෙ මට මෙව්වා අහගන්න වෙනින් කවුරුත් නැහැ පුතේ!”

තමාගේ හදවතෙහි තම එකම පුතු කෙරෙහි මෙතරම් සෙනෙහසක් ඇතැයි අප්පෝට කවරදාකවත් සිතී තිබුණේ නැත. ධනුෂ්ක ඇඳේ වැතිරී සිටින්නේ මළකඳක් ලෙසිනි. කෝපයෙන් මිලින්දට බැණ අඬගසා පලක් නැති බව අප්පෝ වටහාගෙන සිටියේය. කුමාරිහාමි ජීවිත කාලයක් තිස්සේ කියූ පරිදි ඉවසා සිටිය යුතු බව ඔහුට හැඟිණි.

මිලින්ද සිතින් සටනක නියැළී හිඳියි.

එදා ධනුෂ්ක ඔහුට සියල්ල කීවේ ‘රහස් හෙළි නොකරන බවට, විශේෂයෙන්ම ධනුෂ්කගේ පණ නල තිබෙන තුරු මේ රහස් හෙළි නොකරන බවට’ ඔහුව පොරොන්දු කරවාගත් පසුවය. දැන් ධනුෂ්කගේ පියාම ඒ රහස් හෙළි කරන ලෙස ඉල්ලා සිටී.

සියල්ල හෙළි කරනවා හැර වෙනත් විකල්පයක් නැත.

වෛද්‍ය සිසුවෙකු ලෙස මිලින්දට මෙවැනි රෝග පිළිබඳව අන් අයට වඩා අවබෝධයක් තිබේ. විසිඑක්වැනි සියවසෙහිදී මුළු මිහිතල වාසීන්ම ‘ඒඩ්ස්’ පිළිබඳව දැන සිටීම අනිවාර්යය වනු ඇත!

“ඒඩ්ස් හැදිච්චි අයගෙන් වැඩි දෙනෙක් ඒකෙන්ම මැරිලා යනවා, මාමේ....”

දන්තුරේ බණ්ඩාර විස්තර අසාගෙන සිටියේ සිහිනයකට; බියකරු සිහිනයකට මැදිවී සිටින්නාක් මෙනි.

“මයෙ කොල්ලව ගොඩ ගන්න මං මගෙ මුළු සේසතම හරි විකුණලා බෙහෙත් කරවන්නං පුතේ!” ඒඩ්ස් රෝගයට තවමත් කිසිදු ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති බව අප්පෝ දැන සිටියේ නැත.

ඊට අවුරුදු කිහිපයකට කලින් එංගලන්තයට ගිය අපේ සමන්ති, දීපානි, දීපාල් තුන්දෙනා....

1985 මා එංගලන්තයට යනතුරුමත් ‘ඒඩ්ස්’ ලෝකයටම බලපාන ලෙඩක් වෙලා තිබුණේ නැත. ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය වෘත්තිකයන්වත් මේ පිළිබඳව කතා නොකළහ.

මා එලෙස කියන්නේ, ඒ වකවනුවේ තජකය මඟින් රට පුරා පැවැත්වුණු ‘නායකත්වය, මානව ලිංගිකත්වය- ප්‍රජනනය හා පවුල් සැලසුම’ වැඩ සටහන් ගැනත් මතකයට නංවා ගනිමිනි.
ඒ වැඩ සටහනට ‘ලිංගාශ්‍රිත රෝග’ ගැනත් දේශනයක් ඇතුළත් විණි. කොළඹට තදාසන්න පෙදෙස්වලදී ඒ දේශනය පැවැත්වූවේ කොළඹ මහ රෝහලේ ‘33 කාමරයට’ සම්බන්ධ වෛද්‍යවරයෙකු විසිනි.

(ඒ කාලයේ ශ්‍රී ලංකාව ‘ජනගහනයට සාපේක්ෂව බලද්දී (සමාජ රෝග) ලිංගික ආශ්‍රයෙන් බෝවෙන රෝග ව්‍යාප්තිය’ අතින් ලෝකයෙන්ම පළමු තැනට ඇවිත් cup එක දිනලා හිටියේය.) 

එහෙම වෙලාත් අර දේශනවලට ‘ඒඩ්ස්’ ගැන වචනයක්වත් ඇතුළත් නොවිණි.

හැබැයි ‘සිරිලක සමාජ රෝගීන් සංඛ්‍යාව ගැන හෝ පැතිරීම ගැන හෝ නිල සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධ නොකරන්නැයි නොනිල තහනමක්’ නම් අදාළ අංශවලට පැනවී තිබිණි!
අපි එහෙමය; ලංකාවේ ඉන්නා සතෙකුගේ නොවුණත් ‘පැස්බරාගේ ආදර්ශය’ අපි නිතර ප්‍රයෝජනයට ගන්නෙමු!

ප්‍රශ්නයක් පැමිණි විට පැස්බරා ඔළුව වැල්ලේ සඟවා ගන්නේල. එවිට ‘තමන්ගේ මුළු සිරුරම නිරාවරණයවී ඇතැයි’ ඌ නොදන්නේල!

ඒ විස්තරය අවසානයේ ජෝන් ෆොර්සයිත්, ජෝන් කොලින්ස්, ලින්ඩා එවන්ස්, රොක් හඩ්සන්  එහෙම....

මා පළමු වරට එංගලන්තයට යද්දී, ඊට වසර කීපයකට කලින් එහි ගිය අපේ සමන්ති, දීපාල්, දීපානි තුන්දෙනාම එහාට හැඩ ගැහිලාය;

TV එකේ Soap Operaවලටත්.
“ලොකූ.... අද Dynasty....” දවසක් සෑම් කීවාය. එතැනින් නොනැවතී, පැයක්-දෙකක් තිස්සේ එතෙක් කතාවත් මට කියලා දුන්නාය. අපේ ළඟින්ම හිටි දීපානි නංගීත් කතාවෙන් අංශු මාත්තරයක්වත් මඟ හැරෙන්නට ඉඩ නොදී මතක් කළාය. මාර පර්සනල්ටියක් තියෙන ජෝන් ෆොර්සයිත්, sexy ජෝන් කොලින්ස්, අහිංසක ලින්ඩා එවන්ස්, handy රොක් හඩ්සන්.... සමන්තිගේ අර විස්තරය අවසානයේ මගෙත් මිතුරන් වෙලා ඉවරය.

මමත් ‘ඩිනස්ටි’ ලෝලියෙක් වීමි; ඒ මදිවාට, ඊට තරගයක් දෙමින් විකාශයවූ ‘ඩලස්’ සෝප් ඔපෙරාවත් බලන්නට පුරුදු වීමි!

ඉතිං.... ඔය විදිහට මාස කිහිපයක් යද්දී හෙණ ගෙඩියක් පාත් වුණේය...; බෝම්බයක් පිපිරුණේය....

10 comments:

  1. රොක් හඩ්සන්ගෙ ඇත්‍ත නම හුගක් දෙනා දැනගත්තෙ එයා ඒඩ්ස්වලින් මියගියාට පස්සෙ ලියවුනු ලිපිවලින්

    ReplyDelete
    Replies
    1. ඔව් Pra jay මහත්තයෝ. ඒ වගේම ඒඩ්ස් ගැනත් ලෝකයම දැනුවත් වීම පටන් ගත්තා....

      Delete
  2. මට මතක විදිහට රැ දහයෙන් හෝ එකලොහෙන් පස්සේ රුපවාහිනියේ ඩිනස්ටි විකාශයවුනේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි තේමාව යටතේ. එකටත් අපේ සුචරිතවාදියෝ ප්‍රමඛ ගණින්නාස්සේලා බොහෝමයක් විරුද්ධවෙලා පත්තරවලත් ගියා නේද? වැඩි හිටියන්ට කිව්වාම නැට්ටට කිරි උනාගෙන එන වයසේ උන්නු අපිටත් තිබුනේ මාර කුතුහලයක් තමයි කොහොම හරි මේක බලන්න. එක ඇදේ ඉන්න සීන් හා ලිප් කිස් එකක් ඇරෙන්නට මහලොකු බක්කක් නොතිබුනු එකට ඔච්චර බයවුනේ ඇයිද කියලත් හිතෙනවා දැන් යන පෙන්වන කතන්දරත් එක්ක. එහෙන්මෙහෙන් කෑල්ලක් කොටසක් බැලුවා මිසක් දිගට බලන්න අවසරයක් හෝ චෑන්ස් එකක් තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මට රූපවාහිනියක් තිබුණේ නෑ, අසංග. කුලී කාමරයක හිටියේ. අනෙක ඒ ගමනෙදී මම එංගලන්තයේ මාස එකොළහක් ඉඳලා, අපේ මානෙල් නංගිගේ පළමු දරුවා ලැබෙන්නට කිට්ටු වෙනකොටයි ලංකාවට ආවේ. ඒ නිසා ඩිනස්ටි එකට මෙහෙන් තිබුණු ප්‍රතිචාර ගැන දැනගත්තේ දැන්, ඔයාගෙන්...

      Delete
  3. නිමල් එකක් පසුපස එකක් tragedy දෙනවනෙ මේ කතාවෙ. අය්යෝ.. ධනුශ්කගේ රෝග ලක්ෂණ මේ අනුමාන කරන ලෙඩේ නැතුව වෙන දෙයක් වුනොත් හොඳයි.

    'වැඩි සැප-පහසු ජීවිත හිමියැයි කියූ දියුණු රටවල පුරවැසියන් යහමින් කොරෝනාවෙන් ආසාදනය වූහ'. මේක හරිද. මම දන්න විදිහට නම් බෝවීම වැඩි පහල සමාජ ස්ථර සහ ජනගහන ඝනත්වය වැඩි පලාත්වල. උදාහරණයකට අපි ජීවත්වන ප්‍රාන්තයේ කොවිඩ් මුලින්ම හැදුනෙ high class suburb එකක ජීවත්වෙන වෛද්‍යවරයෙකුට (USA ඇතුලු රටවල් කීපෙක සංචාරය කරලා ඇවිල්ලා). නමුත් ඒක පොකුරක් වුනේ නැහැ. අපේ ප්‍රාන්තය ලොක්ඩවුන් කරන්න ආසන්නම හේතුව වුනේ හොටේල් quarantine වලදි සිකුරිටි ගාඩ්ස් කීපදෙනෙකුට බෝවීම සහ ඒ හා සමඟ අඩු ආදායම් ලාභීන් ජීවත් වෙන public housing schemes දෙකක් ලොක්ඩවුන් කිරිමෙන්. අවාසනාවට වැඩියෙන් රෝගින් හමුවුනේ ටිකක් පහල ජීවන තත්ව තියෙන පලාත් වලින්. 'දුෂ්කර ජීවිත ගෙවන; අව්වට වේලෙන, වැස්සට තෙමෙන, දුහුවිලි කන බහුතරයක් දෙනා' ගැන නිමල් කියන දේ කොච්චර හරිද කියලා මටනම් sure නැහැ. අපිට වඩා දන්න කෙනෙක් නිවැරදිකරයි කියලා හිතමු, if so.

    ReplyDelete
    Replies
    1. සමහර විට මම වැරදි වෙන්න ඇති. එහෙමත් නැතිනං මට කියන්නට අවැසි දේ ඒ විදිහට ලියවී නැතිව ඇති, හිතේ තිබුනාට.
      Lotus, මට විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනෑ වුණේ මේකයි: පමණටත් වඩා දරුවන් පරෙස්සම් කිරීම අහිතකර බවයි.

      ඉතා ආරක්ෂාකාරීව, වතුරත් උණුකොට නිවලා පොවන ළමයින්ට වඩා පහසුකම් අඩු - ඕනෑම දෙයක් කන-බොන - අව්වට වැස්සට විවෘත ළමයින්ගේ ප්‍රතිශක්තිය; ඔරොත්තු දීමේ හැකියාව වැඩියිලු. කොරෝනාවලදිත් මේක එහෙමම නෙවෙයිද කියල සංඛ්‍යා දත්ත අනුව නම් මට දැනුමක් නැහැ. තොරතුරු මැනවින් දන්නා කෙනෙක් විස්තර එවනවා නම් මාත් ඉතා සතුටුයි.

      Delete
    2. Lotus, අමතක වුණා ඔයා මතුකොට තිබුණු පළමු කාරණය ගැන කියන්නට.
      මා වඩාත් කැමති සංවේදී අවසානයක් තියෙන නිර්මාණවලට. ඒවා වඩාත් මතකයේ රැඳෙන බවයි මගේ අදහස. මේ පොත මම ලිව්වේ 1996 වුණාට, බලන්නකො තවමත් නොසැලකිලිමත් රියදුරන්.... පස්සර බස් අනතුරින් මියගියවුන්...

      රෝග ලක්ෂණ ගැන ඔයා කරන සඳහන අනුව නම් පෙනෙන්නේ ඒඩ්ස් ගැන දැනුවත් බවයි. තව කොටස් දෙක-තුනක් ඉවසනවා නේද තරහ නැතිව?

      Delete
    3. අනවශ්‍යය පරිස්සම ගැන නිමල් කියනදේට එකඟ වෙන්න පුලුවන්. මට කියන්න ඕනෙ වුනේ කොවිඩ් ගැන ඒ වගේ දෙයක් කියද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනෙ කියලා වසංගත තත්වයක් නිසා.

      කතාව නම් සතුටු හිතෙන විදිහට ඉවරවෙයි කියලා හිතෙනවා නිමල් ඔය කිව්වට. නැත්නම් කියවපු අය ආදරය මෙච්චර සුන්දරද කියලා අහයිද. මම හිතෙන් හදාගෙන ඉන්න අවසානය නම් ධනුෂ්කගෙ diagnosis එක වැරදියි, එහෙමත් නැත්නම් ධනුශ්කගේ තත්වය දැනගෙන මාලතිත් ඇවිල්ල දෙන්නට දෙන්න කොච්චර ආදරයිද කියලා දැනගෙන ධනුශ්කගෙ හිත සුවපත් වෙනවා වගේ. ඔන්න ඔයවගේ සතුටු හිතෙන දේවල්.

      Delete
  4. සමාජ ලෙඩ ගැන කිසිම අදහසක් මේ වන තුරු නෑ කියලා
    ධනුෂ්ක අප්පොට කෙලවෙන ලකුණක් හදිසියේම ඇත ලියලා
    හිතාගන්න බෑ මේ වෙන දේ ගැන කුමක් කියන්ටද කියලා
    මාලතියා වෙන මොනව කරන්නද චන්දන බඳිනව ඇරලා

    ReplyDelete
  5. කතා රසය රැකගන්නට, කුතුහල දනවන්නට ඕනෑ හින්දා
    සමාජ ලෙඩ ගැන කිව්වෙ නැහැ තමයි, දැන් කිව්වම වැරදිද මන්දා
    ඒඩ්ස් රෝගෙ ගැන තව වැඩි විස්තර ඉදිරියෙදිත් ලියවෙන හින්දා
    බලං ඉන්නකෝ, විස්තර නොදෙන්නෙ කතාවෙ අවසන ළඟ හින්දා

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්