මගේ විද්‍යුත් පෙට්ටගමෙන් ඇබින්දක් මං ඔයාලත් එක්ක බෙදා ගත්තා මතකයිනේ- පෙට්ටගමින් අනං-මනං-1 post එකෙන්. අද ඔන්න තව ටිකක්.
Blogකාරයන් හෙවත් බොග දමන්නන් ගැන ඇඳපු ලස්සන කාටූන් එකක් මං දැක්කමයි!
අකුරක් මිස්වෙලා සිද්ද වුණු සංගදියක්...
ඊළඟට තියෙන්නේ නං මහ භයානක ඇත්තක්...
මෙන්න බොලේ සත්තුත් කාටූන්වලට ඇවිත්...
මාතර අභිමානය fb සමූහයේ තිබිච්ච ‘සචින්ත V වික්‍රමරත්න’ගේ අපූරු අදහසක්, මෙන්න ඒ විදිහටම:
‘ගාමිණී ෆොන්සේකා මහත්මයා අසනීප වෙලා
ඉන්න යුගයේ ඔහුට සම්මානයක් හම්බ වෙනවා. ඒත් ඔහු ඒ සම්මානය ගන්න යන්නේ නැහැ. සම්මානය
ඔහු වෙනුවෙන් ලබා ගත්තේ වෙනත් පුද්ගලයෙක්.
ඊට දින කීපයකට පසු පුවත්පත් කලාවේදියෙක්
ඔහු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් ඒ ගැන අහනවා - ඇයි ඔබ ඒ සම්මානය ගන්න
ගියේ නැත්තේ ?
එවිට ගාමිණී දෙන පිළිතුර තමයි...
මිනිස්සුන්ට මතක බොහොම අභිමානවත් පෞරුෂයකින්
යුතු ගාමිණී ෆොන්සේකා කෙනෙක්. ඔවුන්ගේ
ඒ මතකයට, දෙදෙනෙක් විසින්
උරිස් දෙකෙන් අල්ලලා වේදිකාවට නංවන ගාමිණී ෆොන්සේකා කෙනෙක්ව ඇතුලත් කරන්න අවශ්‍ය නැහැ.
ඒ නිසයි මම අසනීපෙන් සිටිද්දි වේදිකාවට ගොඩ වුණේ නැත්තේ.
මට මේ කතාව මතක් උනේ අද දළදා වඳින්න
ඇවිත් බොහොම අපහසුවෙන් ඇවිදින මහින්ද රාජපක්ෂ මහත්මයා දැකලා.😪
මහින්ද රාජපක්ෂ කියන්නේ 2005 ඡන්දෙදි
මීටර් සීය දුවන වේගයෙන් දුවවිත් වේදිකාවට නැගපු අභිමානවත් පෞරුෂයක් තිබුණු දේශපාලඥයෙක්.
කුමන හෝ හේතුවක් නිසාවෙන් වර්තමානයේ
ඔහු බොහොම අපහසුවෙන් ඇවිදිමින්, මාධ්‍යවලට
වොයිස් කට් දෙමින්, තමා ගැන
මිනිස්සුන්ගේ හිතේ තිබූ අභිමානවත් මතකය ම**රලා දාලා මේ විදියේ බොහොම දුබල මතකයක් මහජනතාවගේ
සිත් වලට එකතු කරන එක නං අපරාධයක්.
අපරාදේ, 2015 පැරදුන වෙලාවේ දේශපාලනයෙන්
සමුගත්ත නම් අදටත් ඔහුට වීරයෙක් වගේ බැබලෙන්න
තිබුණා 💪’
ඊළඟට දාන ඒ අපූරු වීර අයිය-මලෝ තුන් දෙනාගේ ෆොටෝ එකයි, විස්තරයයි ඇහැ ගැටුණු දවසේ මගේ පපුවත් ‘හෝස්’ ගාල කඩා වැටුණා!
‘... ඇසින් දුටු සාක්ෂිකරුවෙක්:
"මහත්තයෝ... අපි බලන් හිටියේ පණ
ගැහෙන හිතින්. ඒ තාත්තා වතුරේ ගිලෙද්දී ඒ කොල්ලෝ තුන්දෙනා තත්පරයක්වත් හිතුවේ නැහැ.
පිරිමි ළමයි තුන්දෙනාම එක පේළියට වතුරට පැනලා ගිහින් තාත්තව වට කරගත්තා.
ඇත්තටම වතුර ගොඩක් සැරයි. ඒත් ඒ තුන්දෙනා
ඒ සැර වතුර එක්ක සටන් කරලා තාත්තව කොහොම හරි මිනිස්සු ඉන්න පැත්තට තල්ලු කළා. මම දැක්කා
ලොකු පුතා අනිත් දෙන්නට කෑගහනවා 'පොඩ්ඩක්
ඉවසපන්... තාත්තව බේරගමු... බය වෙන්න එපා' කියලා.
තාත්තා ගොඩට ආවා විතරයි... ඒත් එක්කම ආපු ලොකු රළකින් ඒ කොල්ලෝ තුන්දෙනාවම යට කරගත්තා. පස්සේ අපි බලද්දී කවුරුවත් පේන්න හිටියේ නැහැ. අම්ම තාත්තා වෙනුවෙන් පණ දෙනවා කියලා දරුවෝ කිව්වට, ඇත්තටම තමන්ගේ පණ දීලා තාත්තව බේරගත්ත පුතාලා තුන්දෙනෙක් මම අදයි දැක්කේ. මහ පුදුම සහෝදරකමක් මහත්තයෝ ඒක... පපුව පිච්චිලා යනවා මේක මතක් වෙද්දී..."
තමන්ගේ ජීවිතේ පූජා කරලා තාත්තව බේරගත්ත
ඒ වීර පුතාලා තුන්දෙනාට නිවන් සුව අත්වේවා!’
අපිත් ඒ පුතාලා තුන් දෙනාට නිවන් සුව පතමු!
තව දවසක තව අනං මනං ටිකක් බලමුකො- හොඳේ...
















No comments:
Post a Comment