li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, April 15, 2021

ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස

ඇල්ලට focus කරගෙන හිටි නිසා කිසි කචල් එකක් නැතිවම තමුසෙගෙ මාරක පිම්ම අහු වෙනවනෙ.....

‘පරෙයියන් ඇල්ලට තවත් බිල්ලක්!’
‘තවත් තරුණ ජීවිතයක් පරෙයියන් ඇල්ලට බිලි වෙයි’
‘මුද්‍රණ කළමනාකරුවා පරෙයියන් ඇල්ලෙන් පල්ලට!’
'යුවති කිරිල්ලී නවකතා කතුවරයා පරෙයියන් ඇල්ලට බිලි වෙයි!'

එහෙම හෙඩිමකින් 1999 අලුත් අවුරුද්ද දවස්වල පත්තර සැරසීමේ chance එක missවී ගියේ නූලෙනි.

“අපරාදේ හලෝ! නියම ෂොට් එකක් ගන්න තිබ්බා.” නෙවිල් කිව්වේය.
“... අපි ට්‍රයිපොඩ් එහෙම මානලා, ඇල්ලට focus කරගෙන හිටි නිසා කිසි කචල් එකක් නැතිවම තමුසෙගෙ මාරක පිම්ම අහු වෙනවනෙ වැටුණ නං!”

“මචං, ඕකට තමයි කරපු පව් මේ ආත්මෙදිම පළ දෙනවා කියන්නේ! මූ චණ්ඩියා වගේ කයිවාරු ගගහා ආවනේ එක දිගටම ගම් කුකුල්ලු පණහක්-හැටකුයි කළුකුම්ලා වගේකුයි බෙලි කපලා මරපු හැටි කිය-කියා.... ආන්න... දිට්ඨ ධම්ම වේදනීය විදිහටම කර්මේ පළ දුන්නා!” මර්වින් බොතේජු හිතවතා කළේ ධර්ම දේශනයකට අවස්ථාව උදා කර ගැනීමයි.   

නිමල් දිසානායකට පෙළක් වෙලාවට මොළේ කළඳක්වත් නැතිව යන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. එදාත් වුණේ ඒකය. මොට්ට මගේ පිම්මක් වැරදී ගියේ....
මැණික් ගඟට වැටුණේ....
දිය සුළියකට හසු වුණේ...
‘දැනුත් මොට්ටයෙක් වෙන්නද හදන්නේ? ඔහොම තැනින්-තැන නෙවෙයි මිනිහෝ, කොනක ඉඳලා කතාව කියහං. එතකොටයි තේරෙන්නෙ.’ නිමල් දිසානායකගේ මොළයේ බුද්ධිමත් කොටසෙන් අණාඥාවක් නිකුත් වෙයි. මම කීකරු වන්නෙමි.

කොහෙද ප්‍රියන්ත, එක්ගල් ඔය කියන්නේ?” මම ඇසුවෙමි.

“මේ සැරේ අවුරුදු දවස්වලට එක්ගල් ඔය Wild Life බංගලාව book කළා.” WAL ප්‍රියන්ත මාර්තු මාසයේ මුල් සතියේදීම කීවේය.

“කොහෙද එක්ගල් ඔය කියන්නේ?” මම ඇසුවෙමි.
“අම්පාරට මෙහා.... මොනරාගලට එහා. සියඹලාණ්ඩුවෙන් වමට යන්න ඕනි....” ප්‍රියන්ත ඉසව්ව කිව්වේ මට විස්තර හොයාගැනිල්ල පහසු කරවමිනි.

එතකොට ගූගල් අක්කා කරළියට ඇවිත් නැතිවා වෙන්නැති!
ශ්‍රී ලංකාවේ ලොකු සිතියමකි, රට පුරාම යන්නට අපට පාර පෙන්නුවේ. සිතියමේ ආරක්ෂකයා; අයිතිකාරයා; නිසි බලධරයා වෙලා හිටියේ මං වහන්සේය.

“මතකයිද මචං, නිමල් සිතියමෙන් බලලා යන්න ඕනි direction එක කියලා ඉවර වෙලා, කෝකටත් පාර අයිනේ ඉන්න කෙනෙකුගෙනුත් අහල බලමුයි කියනවා...” මේ ළඟදීත් ප්‍රියන්ත ඇසුවේය. ඒ අපේ කට්ටියක්, ඔහුගේම වාහනයෙන්- හිතවත් වෛද්‍ය ශිරන්ත පෙරේරාගේ නැන්දනියගේ අවමඟුල් ගෙදර එක්කං යද්දීය. කලින් වතාවකත් අවමඟුලකට අප එහාට ගිහිල්ලා තිබ්බත්, ඒ මහ රාත්තිරියකය. 

“සාන්ත, ශිරන්තට කියනවද location එක එවන්නයි කියලා....” ප්‍රියන්ත කීවේ කිංස්ලි සාන්ත මස්සිනාටය; බබීතා නංගිගේ සැමියාටය.

“අයියේ, ශිරන්ත ඇඩ්‍රස් එක නං එව්වා... බො..ක..රමුල්ල...ගොඩ!” මොබයිලයට එබීගෙන ඉඳලා ටිකකින්ම සාන්ත කිව්වේය.

“ඒ මොන ගොඩක්ද යකඩෝ?”
“බොකරමුල්ලගොඩ- උළුවිටිකේ....”

කලින් පාර බණ ගෙදර එද්දී නං, මට මතකයි....

දෙතුන් පොළකදීම විමසා බැලුවත් ‘බොකරමුල්ලගොඩ’ ගැන දන්නා කෙනෙකු නම් හම්බ වුණේ නැත. අපෙත් ගොන්කම අහන තරමක් ඇහුවේ බොකරමුල්ලගොඩ කොහෙද කියලාය. ම්හු!

බබීතා නංගී මතකය අවදි කෙරෙව්වේ බැරිම තැනදීය. “අයියේ... කලින් පාර බණ ගෙදර එද්දී නං, මට මතකයි පෝද්දල වගේ නමක් කිව්වා වගේ!”
ප්‍රියන්තගේ බිරින්දෑ; රසිකා නංගිත් නෑනාට උදව් කළාය. “.... පාර අයිනේමනේ ඒයි ගෙවල් තිබුණේ....”

“පේනවා නේද නිමල් දිසානායකගේ map එකේ වටිනාකම? ඒක තිබ්බා නං කිසි ප්‍රශ්නයක් නැහැනෙ....” නෙවිල් අනුරසිරිත් හොට දැම්මේය. “.... ඇත්තටම කොහෙද හලෝ දැන් ඒ හම්පඩ map එක?”
“හම්පඩ? හරි නං ඒකට මල් තියල වැඳලා, හඳුන්කූරු පත්තු කරන්න වටිනවා යකෝ....” ඒ මහත්තයාගේ ඉස්මුඳුනටම දුන්නු මගේ ප්‍රහාරයේ සැර නිසාදෝ, එතකොට නෙවිල්ටත් කාරණයක් මතක් වුණේය.

“ඊයේ රෑ නදීලාත් මළ ගෙදර ආවලු... ගාල්ලටම  ඇවිල්ලයි ආවා කිව්වේ. කිලෝ මීටර් හයයිද කොහෙදලු කියලත් කිව්වා.....” 

“කොයිකටත් එහෙනං පෝද්දල පාරේ යමු!” ප්‍රියන්ත තීරණය ගත්තේය. සාන්තත්, බබීතා නංගීත් අප යන පාරේ වම් පැත්තේ කඩ-සාප්පුවල බෝඩ් කියවන්නට පටන් ගත්හ. දකුණු පැත්තේ board කියවීම මගෙනි.

.... ලකුණක්වත් අපට හම්බ වුණේ නැත. “පෝද්දල කියලා නං බෝඩ් තිබ්බා...”
“මේ පැත්තෙත් එහෙම බෝඩ් නම් තිබුණා නිමල් අයියේ.”
“ශිරන්තට කතා කරන්න බැරිව ඉන්නවා ඇත්තේ..... පාංශුකූලේ දෙන්නේ ගෙදරමනේ...”
“කමක් නෑ... තව ටිකක් ඉස්සරහට ගිහිල්ලම බලමු!”

වැඩි දුරක් යන්නට වුණේ නැත. පාර අයිනේම අප සෙවූ අවමඟුල් ගෙදර තිබුණේය. හැබැයි, බොකරමුල්ලගොඩක අංශු මාත්‍රයක්වත් අපට හමු වුණේ නැත.

දෑවැද්දට හම්බ වෙච්චි ඔප්පුවක වෙන්න ඇති ඔය බොකරගොඩ තිබ්බේ!

“ශිරන්තයට දෑවැද්දට හම්බ වෙච්චි ඔප්පුවක වෙන්න ඇති ඔය ගොඩ තිබ්බේ!” ඒ ප්‍රශ්නයට උත්තර අහගන්නට වෙන්නේ ඊළඟ වතාවේ අපේ කට්ටිය set වුණාමය.

පරෙයියන් ඇල්ලට යන කාලේ; 1999, සිතියම විතරක් නොවේ අපට මඟ පෙන්නුවේ. පුවත්පත්වල පළවූ සංචාරක සටහන් ලිපි! මගේ ළඟ ඒවාත් එකතු කෙරෙමින් තිබිණි. ඒ දවස්වල ‘තරුණයා’ පත්තරේ හැම කලාපයකම එවැනි විශේෂාංග ලිපියක් වැරදුණේ නැත.
‘තරුණයා’ පත්තරය දිගටම මිලදී ගත්තේ කුමුදුලාල්ය.
(කාලි අම්මා ටීචර්ගේ පුතා!) කුමුදු ඒ ලිපි සේරම මට ගෙනත් දුන්නේය. 

මම ඒ ලිපි ගොඩෙන් අම්පාර, මොනරාගල පැත්තේ තොරතුරු හොයන්නට පටන් ගත්තෙමි. එකක් හමු වුණේය. දෙවැන්න මතක් වුණේය. එක: පත්තර සටහනකි!
තව ඩිංගෙන් මට මරු කැඳවන්නට හේතුකාරකවූ ඒ තීරණාත්මක විශේෂාංග ලිපිය තරුණයා පත්තරේ පළ වුණු එකකි. මට හොඳට මතකය; ලේඛකයා රොඩ්නි විදානපතිරණ මහත්මාය.

මගේ පණ කෙන්ද බේරුණාට, ඒ ලිපිය පරෙයියන් ඇල්ලට බිලි වුණු හින්දාය එහි foto එකක්වත් මෙතනට යොදාගන්නට බැරි!

මතක් වුණු තොරතුර ‘නෙල්ලි කැලේ’ පාඩමය. මට මතක හැටියට නං ‘සිංහල හත හෝ අට හෝ පොතේ’ පළමු පාඩම ‘නෙල්ලි කැලේ’ වුණේය. අනේ, ඒ පාඩම කෙරෙද්දී මං නම් හිටියෙම නෙල්ලි කැලේ අස්සේ කරක් ගසමිනි.
ඒ සිංහල පාඩම කළේ, අතිදක්ෂ ගුරුවරියක වුණු එම්.පී. පෙරේරා ටීචර් වෙන්නට ඕනෑය.
මං හරි නම්, මගේ මතකයත් හරි නං,
මහරගම ‘විද්‍යාකර විද්‍යාලයේ’ ලොකු පන්තිවලට සිංහල ඉගැන්නුවේ ඇයයි. පහළ පන්තිවලට සිංහල ඉගැන්නුවේ එන්.එම්. පෙරේරා ටීචර්ය. (ඇය විමලසිරි පෙරේරා කිවිඳුන්ගේ ප්‍රිය බිරියයි.) 
තෙවෙනි සිංහල ගුරුතුමිය ‘වීරසිංහ ටීචර්’ය.

නෙල්ලි කැලේ පාඩම අවසානයේ තිබුණු දිගාමඬුල්ලේ ආශ්චර්යයඔස්සේ ගිහින්...

එම්.පී. පෙරේරා ටීචර් තරමක් කළුය. ඒ නිසාදෝ නිතරම ඇන්දේ කර පියවූ හැට්ටය.

එන්.එම්. පෙරේරා ගුරුතුමිය ඒ තිදෙනාගෙන්, වඩාත්ම රූමතියයි.
වීරසිංහ ටීචර්ව මට මතක තියෙන්නේ කට සැර- උස මහත කෙනෙකු හැටියටය. හතේ පන්තියේදී විය යුතුය. මොකක්දෝ පාඩමකදී අපේ පන්තියේ අනවධාන සිසු මිතුරෙකුට ඇගෙන් ප්‍රශ්නයකි. “ ... කියනවා බලන්න .... මොනවද තියෙන්නේ?” මිතුරා අන්ද-මන්දව කීවේ ‘කපු’ කියලාය. “කපු නෙවෙයි පුක!” වීරසිංහ ටීචර් කීවාය.

විද්‍යාකර විද්‍යාලයයෙන් ආයෙමත් නෙල්ලි කැලේට නොගිහිං බැරිය!

නෙල්ලි කැලේ පාඩම අවසානයේ තිබුණු ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ ඔස්සේ ගිහින් ඒ පොත් දෙකමත්, 1999  වෙද්දී මගේ සන්තකයට අරගෙනය තිබ්බේ.

ඒ දවස්වල හැම සෙනසුරාදාම වාගේ අපේ කට්ටියේ හමුවක් අපේ ගෙදරදී පැවැත්වුණේය. ඒ එකතුවට පැමිණි බොහෝ දෙනෙකු දැන් හැළී ගිහින්ය; ඒ එයාලා නොරට ගිහින් සිටින බැවිනි. ඒ නඩයෙන් දැන් set එකටත් ඉතිරිවී ඉන්නේ ප්‍රියන්ත, මර්වින්, නෙවිල්, අජන්ත විතරයි වගෙය.
එතකොට අයස්මන්ත පීරිස්, ශිරන්ත පෙරේරා, එම්.සී. පෙරේරා, අරුණලාල් පෙරේරා දොස්තර මහත්වරු අපේ නඩයේ ප්‍රොබේෂන් අවදිය ගෙවමින් සිටියහ.

ඒ කාලේ අපේ ගමන් සගයන්වූ නදී, මංජු, චූටි මල්ලී සසිත, ධම්මික, සඳුන්, රංග හය දෙනාමත් දැන් ඉන්නේ පවුල් පිටින් ගමන් යන කණ්ඩායමේය. මට මතක හැටියට නම් මේ හය දෙනාගෙනුත් පස් දෙනෙක්ම ඒ තීරණාත්මක ගමනට එක් වූහ.

පාන්දරම කොළඹින් පිටත්වී, උඩවලව හරහා ගිහින් තණමල්විලට.....
“කෝ.... පීරිස් ඇවිත් නැහැ නේද, තවමත්?”
“ඒක නේන්නං.... කිව්වේ නං තණමල්විලට ඇවිත් ඉන්නවා කියලයි.... බලමුද ගෙදරට කෝල් එකක් දීලා....” නලින් කිව්වේය. එයිනුත් පලක් වුණේ නැත.

අපි බැන්දට පස්සේ ආව ඉස්සෙල්ලම අලුත් අවුරුද්ද. බැඳල මාස හයක්වත් නෑ.

“දැන් පැයකටත් වැඩියි නේද....කොල්ල පොල්ලක් තිබ්බා වගෙයි. තවත් බලං ඉඳලා හරි යන්නෑ. අපි යමු! පීරා එනවා නං එක්ගල් ඔයට එයිනෙ....”

ඒ තීරණයට එළඹෙන මොහොත උදාවෙනතුරු ගතවුණු කාලය අතරතුරේ, රොඩ්නි විදානපතිරණ මහතාගේ ‘පත්තරේ විස්තරේ’ හැමෝටම කියවන්නට අතින්-අත ගිහින්ය.
“ගිහිල්ලා බලන්නත් වටින තැනක් වගෙයි....” සුක්කානමේ හිරවී හිටි ප්‍රියන්ත කොළ එළියකුත් පෙන්නලාය. අප තණමල්විලෙන් පිටත්ව යන අතරේ ප්‍රියන්ත මඟ සලකුණුත් අහගත්තේය.

“මේකෙ කියන විදිහට නං බුත්තලින් බඩල්කුඹුරට යන පාරේ යන්න වෙනවා.....”

එදා වගේ නොවේ. දැන් නම් පරෙයියන් ඇල්ලට යන පාර හොයාගැනීම ලෙහෙසිය. පාර අයිනේම පුවරු පවා සවිකොට තිබේ.

‘.... එතැන් සිට දුන්හිඳයාය ගම්මානය හරහා වැටුණ අඩක් කොන්ක්‍රීට් කරන ලද පාර දිගේ කි.මි. 2 ක් ගමන් කළ පසු හමුවන බෝ ගහ හන්දියෙන් ඔබ හැරිය යුත්තේ දකුණටය. එතැනින් ගල් පඩි පෙළ බැස, ගඟ දිගේ ඉහළට යන්න යැයි මඟ අසන ගැමියකුගෙන් උපදෙස් ලැබෙනු ඇත. ගඟ දිගේ ඉහළට යන්නැයි පැවසුව ද ඔබ යා යුත්තේ ගං ඉවුර දිගේ උඩහටය.’ මුහුණු පොතේ සටහනක පරෙයියන් ඇල්ලට මඟ සලකුණු දක්වා  තිබුණේ එහෙමය.
එය මෑත කාලීන සටහනකි.

අප එහි ගියේ 1999 අවුරුද්දෙය.

ඒ අවුරුද්ද මොකක්දැයි හරියටම නිච්චි නැතිවය, මං හිටියේ. “පීරිස් මහත්තයෝ! ඔයා අපි එක්ගල් ඔයට ගිය පළවෙනිම trip එකට එනවයි කියලා පොල්ල තිබ්බනේ. ඒ ගැන මතකයිද?” මේ පෝස්ටුව ලියන්නට සැරසෙන විත්තියක් නොකියා, මම ඇසුවෙමි.

මැණික් ගඟ ඉවුර දිගේ  වනාන්තරය මැදින් කිලෝමීටර් භාගයක් පමණ පහළට ගමන් කළ විට දිය ඇල්ල......

“එහෙම කොහොමද නිමල් අයියෙ trip එන්නෙ.... අපි බැන්දට පස්සේ ආව ඉස්සෙල්ලම අලුත් අවුරුද්ද. බැඳල මාස හයක්වත් නෑ. ප්‍රීතිකාට තනියම අවුරුදු කන්න කියල මට trip එන්න පුළුවන්ද?” අයස්මන්ත පීරිස් හිතවතාට කියැවුණේ නිකම්මය.

පොටක් පෑදුණේ එහෙමය. “ඔයාලා බැන්දේ....?”
“අනූඅටේ දෙසැම්බර් 21.” පීරිස් කිව්වේ දිනයත් එක්කලාමය.

ඒ ඔත්තුව එක්ක බලද්දී, අප පරෙයියන් ඇල්ල ගමන ගියේ 1999ය.

එතැනට යන මඟ, 2005 අවුරුද්දේදී මුද්‍රණයෙන් පහරවන ලද ‘ශ්‍රී ලංකාවේ දියඇලි’ පොතේ 324 පිටුවේ නම් විස්තර කරන්නේ මෙලෙසිනි:
‘බඩල්කුඹුර නගරයේ සිට බුත්තල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ගමන්කොට, පුන්සිසිගම හන්දියට ඔබ්බෙන් දකුණු පසට දිවෙන ගම්සභා පාරේ කිලෝමීටර් 2ක් පමණ ගමන්කොට මැණික් ගඟ ඉවුර දිගේ  වනාන්තරය මැදින් කිලෝමීටර් භාගයක් පමණ පහළට ගමන් කළ විට දිය ඇල්ල හමුවේ. මේ සඳහා සැකසුනු නිශ්චිත මඟක් නොමැති නිසා උක් සිටුවන කාලයේ සහ වැසි කාලයේදී මාර්ග දුෂ්කරතා ඇතිවේ.’
ඒ සටහන ලියා තිබෙන්නේ පොතේ කතුවර ධර්මන් වික්‍රමරත්න මහතාය.

පාර අයිනේදී හමු වුණු කිහිප දෙනෙක් එදා අපට මඟ සලකුණු කීහ.
“ඔය පාර අයිනෙ ඉඩ තියෙන තැනක මිදුලෙන් වෑන් එක දාලා මහත්තැන්ලට පයින් තමා යන්න වෙන්නේ... උක් කපලා ඉවර වුණාට පස්සෙ කැලෙත් වැවිලා තියෙන්නේ. වල් වැවිලා නිසා වළවල්, කානු පේන්නෙත් නැහැනෙ. ගස් කපපු උලක් ඇනෙන්නත් පුළුවනි ටයර්වල..... ඒකයි වෑන් එක දාලා පයින් යන එක හොඳය කිව්වේ...” අපට හරියාකාර උපදෙස් ගොඩක් ලැබිණි.

එනිසාමය ඉඩකඩ තිබුණු මිදුලක අපේ වෑන් එක නවත්තලා, අප රොත්තම පයින් ගමන පටන් ගත්තේ.

පයින් ගමනත් ලේසි-පාසු එකක් නොවිණි.
දහවල් එකොළහට විතර නිසා, කට්ට අව්ව! ගිනි රත් වුණු වියළි හුළඟ!! දණක් උසට වැවී තියෙන ඉලුක්-මානා-ගඳපාන පඳුරු....
යා යුතු ඉසව්ව පෙනුණා මිස, අඩුම තරමේ අඩි පාරක්වත් එවක එහි තිබුණේ නැත!

 පඩ show එපා!

මම ගැඩවිල් පණුවෙක්මි. එහෙම කියන්නේ අව්වටත්- දැඩි රස්නයටත් ඇති අකැමැත්ත නිසාය. පයින් යන්නට වෙන්නේ ගිනි ගහන අව්වේ හින්දා, දඩිබිඩියේම ඇඳුම් බෑගය ඇවිස්සූ මම- එහි පතුලේම තිබුණු කුඩා කුඩයත් අතට ගත්තෙමි!

“ඒයි මචං, මූ කොළඹ හතෙන් ආව එකෙක් වගේ... ගමට පේන්න කුඩේකුත් ඉහලාගෙන. පඩ show එපා මල්ලී. උඹට sunglass එකකුත් ඕනිද නිමල්?” මට එහෙම කතන්දර කියන කෙනෙකුට ඒ නඩේ හිටියේ මර්වින් විතරය. ඔහොම කතාබහ හින්දාය මැණික් ගඟ ළඟටම යන තුරුත් වෙලාව ගත වෙනවා අපට නොදැනුණේ.

මැණික් ගඟ? ඔබට අමුත්තක් හිතුණාද?
එදා නම් අපට ඒ බව මතක් වුණේ නැත. මැණික් ගඟේ නම ඇසුණු පමණින්ම ‘කතරගම’ මතකයට එන නිසාදෝ අපට එහි සුලමුල සිහි වන්නේ නැත.

දැවැන්ත කුඹුක් ගස් රැසකට වැඩෙන්නට පරිසරය සකසමින්; කතරගම වන්දනාවේ යන අනන්ත සංඛ්‍යාත බැතිමතුන්ගේ දාහය නිවන්නට- පැන් සනහා පිරිසිදු වෙන්නට උදව් දෙමින්; නිසොල්මනේ ඇදී යන මැණික් ගං කොමළිය....
ඇගේ දිගු ගමන අරඹන්නේ සුන්දර නමුණුකුල කඳු වැටියෙනි. එතැන් සිට ලතාවකට ගලා ඇවිදින්ය, බඩල්කුඹුරේදී මීටර් 22ක් උස පරෙයියන් ඇල්ල නිර්මාණය කරන්නේ.

නුදුරු අනාගතයේදීම අපට මේ දිය ඇලි නැතිව යනවා සිකුරුය.

“අනේ මහත්තයෝ, ඒ ඉස්සර. දැන් තදට වහින්න පටන් ගත්තොත් නං ඔය දිය ඇල්ල බලතහැකි, ඒත්... වැස්ස පායලා සුමානයක් හමාරක් යනකොටම වතුර නැතිව යනවා!”

2020 වසරේදී  මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඇති විවිධ වර්ගවලට අයත් ගස් හැටතුන්දහසක් පමණ කැපීමට අවසරදී....

දැරණියගලට නුදුරු ඉසව්වක තිබෙන දිය ඇල්ලකට අප යළිත් යද්දී ඒක වේළිලා; අතුරුදහන් වෙලාය. ගමේ වැඩිහිටියෙකු එදා විස්තර කිව්වේ එහෙමය. බදුල්ලේ මයිලගස්තැන්නේ අපේ ගෙවල් අද්දරම තිබුණු තුන්සිය හැටපස් දවසෙම වතුර වැක්කෙරෙන පීලි, දිය කඳුරු සේරමත් දැන් කොහේදෝ ගිහිල්ලාය.

ඊයේ පෙරේදා මට කියවන්නට ලැබුණේ එවැනිම හද කකියවන කතා කිහිපයකි.

‘පසුගිය 2020 වසරේදී  මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඇති විවිධ වර්ගවලට අයත් ගස් හැටතුන්දහසක් පමණ කැපීමට අවසරදී ඇති බව වාර්තා වේ.....
...
දැව හෙළීම සඳහා වැඩිම කැපුම් අවසර බලපත‍්‍ර දී ඇත්තේ සියඹලාණ්ඩුව, මොනරාගල, වැල්ලවාය, බිබිල, මැදගම සහ බඩල්කුඹුර යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් බවද වාර්තා වේ.’

ඒ විතරකුත් නොවේ. දැන් අලුත් සෙල්ලමකුත් පටන්ගෙන තියෙනවා වගෙය. දැවැන්ත කුඹුක් ගස්වල ‘පොතු වටයක්ම’ ගලවා දමමින් ඒවා මරෙන්නට සලස්වන ක්‍රමයක්.... අනේ, ඉස්සර හිටි වෘක්ෂ දේවතාවන්ට මොනවා වෙලාද? රට රකින්නට, පරිසරය රකින්නට වගකිව යුතු දෙයියෝ පල් වෙලා වෙන්නැතිය!

ඉතිං...

ධර්මන් වික්‍රමරත්න මහතාගේ ‘ශ්‍රී ලංකාවේ දිය ඇලි’ පොතේ සිරිලක දිය ඇලි 382ක් ගැන කියවෙයි. උසේ අනුපිළිවෙල අනුව බලනවා නං, පරෙයියන් ඇල්ල වැටෙන්නේ 141-147 අතර ඒවායින් එකකටය. එහෙම වෙන්නේ මීටර් 22ක් උස දිය ඇලි හතක් තියෙන නිසාය.
(ඩයගම ‘බේකර්ස්’, කුරුවිට ‘මලන්කන්ද’, වැලිමඩ ‘මානා’, කළුපහනේ ‘ලංකා’, බදුල්ලේ ‘වේවැස්ස’, අයගම ‘සිපිරිමල’ කියන්නේත් මීටර් විසිදෙකේ ‘දිය ඇලි සුන්දරියන්’ය.)

දැන් නම් පරෙයියන් ඇල්ලට යන පාර එදාට වඩා වෙනස්ය; දියුණුය.

.... ඒ ගමන ආපහු යැවුණේ නොසිතූ විදිහටය. අද එතැන වෙනස්වී; දියුණුවී...

ඊට පස්සේ බඩල්කුඹුර හරහා ගමන්-බිමන් ගියත්; එහෙම යන-එන විට එතැනටත් යමුයි කිව්වත් මගේ දොළදුක සපිරුණේ නැත. අවුරුදු 19ක්ම.... ඒ ගමන ආපහු යැවුණේ නොසිතූ විදිහටය. අද එතැන වෙනස්වී; දියුණුවී ඇති බව මා කියන්නේ, එහෙම ගිය නිසාය.

ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුති කරන්නට වෙන්නේ, මුල්ම ගමනේදී එනවාය කියා නෑවිත් හිටි අයස්මන්ත පීරිස් හිතවතාටය.

“පීරිස් මහත්තයෝ, හම්බන්තොට ගිහින් එන දවසක එමුකො මොනරාගල පැත්තෙන්!” කිහිප වතාවක්ම මම පින්සෙන්ඩු වීමි. “පිස්සුද යකෝ. මොන එහෙකටද එහෙන් එන්නෙ....” එක පාරම උදැල්ල දැම්මේ ‘local නසාර්’ නෙවිල්ය. එහෙම ගිහින්-ගිහින් වාසනාවෙ දාදු කැටය මගේ පැත්තට පෙරළුණේ 2018 දීය; එපාම කරපු වේදනාවකුත් එක්කමය.

මතකයි නේද? වැරදි බෝනස් එක - 14 පෝස්ටුවේ මෙහෙම කොටසකුත් ලියවුණා. 

මිස්ටර් නිමල්, දැන් මේ ට්‍රීට්මන්ට්ස් කරගෙන යද්දී ඔයාට සොල්ට්රෝනික් ඇසිඩ්ඉන්ජෙක්ෂන් එකත් දෙන්න වෙනවා. මාසෙකට එකක්. මොකද ඔයාගේ ඇටකටු දිරන එක නවත්තා ගන්න. හැබැයි, ඊට ඉස්සෙල්ලා යන්තමට හරි නරක් වෙලා තියෙන දත් සේරම ගලවන්න වෙනවා. නැතිනම් පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි!” 

දොස්තර රොහාන් පුල්ලෙපෙරුම මහත්තයා අනතුරු ඇඟෙව්වේය. තිබුණු දත්වලින් තුන හතරක්ම මට නැති වුණේ එතැනදීය.

ඒත් සේරම හරි ගියේ නැත. දත් ගැලෙව්වාට මගේ හකු ඇටය සම්පූර්ණයෙන්ම විදුරුමස්වලින් වැහුණේ නැත!

හොම්බ රිවට් වෙන්න දෙනවා” “හක්ක කැඩෙන්න ගහනවා!වගේ කුප්පන කතන්දර, කේන්ති ගියාම සමහරුන්ට කියවෙයි. ඒත් ඒක නොකෙරෙන; කරන්නට බැරි දෙයකි. 

ඇයි ඒ? මනුස්ස ශරීරයේ වැඩියෙන්ම සවි-සක්තිය තියෙන්නේ හකු ඇටයටය. යටි හනුවටය. කියවෙන විදියට නම් කකුලේ ජංඝාස්ථියවගේ 12 ගුණයක් යටි හනුව ශක්තිමත්ය !

මේ 2017දී මගේ ‘I Pad’ එකන් ගත් පළමු හා එකම සෙල්ෆියයි!

මගේ හකු ඇටය හයියද නැද්ද කියන කාරණය මං තවමත් දන්නේ නැත. කවුරුන්වත් හොම්බට දෙකක් ඇනලා නැති නිසාය, ඒ. ඒත් මොකක්දෝ වැරැදීගෙන එන බව නම් මට තේරෙන්නට පටන් ගත්තේය.

අයස්මන්ත මහත්තයා හම්බන්තොට රෝහලේ දන්ත වෛද්‍ය අංශයේලොකු මහත්තයාටම කතා කළේය. මාව පෙන්වන්නට වෙලාවක් යොදා ගත්තේය. දොස්තර කේ.අයි. සමරනායක මහත්තයාත් බොහොම හොඳට, උනන්දුවෙන් මා පරීක්ෂා කළේය.

මිස්ටර් නිමල්ගේ හක්ක ලියලනවා. විදුරුමස්වලින් කවර් වෙලා නැති තැන්වලින් හකු ඇටය ලියලලා. ඒ වැවුණු තැන කපලා, මට්ටම් කරලා, විදුරුමස් ඇදලා අරන් කවර් කරලා මැහුම් දාන්න වෙනවා!ඩොක්ටර් ක්‍රිශාන්ත කිව්වේය.

කියන විදියෙන්ම පෙනුණේ ඒක මහ යමර වැඩක් බවයි. ගෙවන්නට කරුමයක් තියේ නම් එය ගෙවන්නම වෙයි. නැතිව උරච්චි කරලාවත් ඒක ගෙවාගන්නට බැරිය.

හම්බන්තොට ඉස්පිරිතාලයේ දන්ත වෛද්‍යාගාරයේ ගිලන් ඇඳ උඩ දපාගෙන කල්පයක විතර කාලයක් ඉන්නට මට සිදු වුණේ එහෙමය. 

අමාරුම වුණේ මකර කට වාගේ හායි ගාලාකටත් ඇරගෙන ඉන්නට වීමයි. විස්තර ඕනෑ නැත. මගේ මුහුණ දෙකවී තිබුණු හැටි දැක්කාම සෙල්ෆියක්අරගෙන තියන්නට මට සිතිණි.

මේ මගේ ‘I Pad’ එකන් ගත් පළමු හා එකම සෙල්ෆියයි! 2017 මාර්තු මාසයේදී මේක ගත්තෙත් දෙවෙනි දවසේ ඉදිමුම බාගෙට බැස්සාටත් පස්සෙය!! මේකත් මෙහෙම නම් පළමුවෙනි දවසේ කොහොමදැයි හිතාගැනීම....”

18 comments:

  1. Usual beating around the bush, main story is yet to come? Wijebahu

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ.
      වටේ පඳුරු තලන්න වෙනවා සමහර දෙනා ගැන කිව යුතුම නිසා. අනෙක ඒ හැමෝමත් මගේ ජීවිත අත්දැකීම්වලට එක එක යුගවලදී හවුල් වුනු අයනෙ.
      ඊළඟ කාරණේ මගේ වත්මන් අත්දැකීම් ගැන වෙනමම ලියන්න හිතාගෙනත් නැති එකයි. ඒ නිසා වැදගත් දේවල් අතීත සිදුවීම් එක්කම ඉදිරිපත් කරනවා, ඔබතුමාලට වෙහෙසක් වගේ දැනුණා වුණත්!

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක්!

    කැලේ හයික් එකක් යනකොට කුඩ ඉහලන අයත් ඉන්නවා නේද??

    අසූවේ දශකයේ මුල, බදුල්ලේ දුම්රියපොලේ රනිං ෂෙඩ් එක පැත්තෙන් මයිලගස්තැන්නට (මතක හැටියට ලංකාතිලක වත්ත තමයි පඩිපෙළ අවසානයේ තිබුනේ) යන පඩි පෙළ මටත් හොඳට හුරු පුරුදු තැනක්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු සුබ පැතුම් පිරිනමන්නට නං අරක්කු වැඩි වුණා සෑම්!
      12 රාත්‍රියේ කැලේ යන්න ගියා. සේනානායක සමුද්‍රය අයිනේ කොස්සපොල කඳවුරු බිමට. එතැනින් නකල්ස් පැත්තට. තංගමලේ සිට කිලෝ මීටර් හතක් කොබට්ස් ගැප් එකට පා ගමනින්. ආපහුත් ඒ ටික බැස්සා. 18 මහා රෑ ඇවිත්, අද තමයි බ්ලොගය ගැනත් හෙව්වේ,

      රනින් ෂෙඩ් එක අයිනෙන් තිබුණු අඩි පාරේ තැන් කිහිපයක තිබුණු පඩි ගැන විතරයි මට මතක. එතැනින් ගොඩවී පන්සල අයිනෙන් තියෙන පාරත් දැන් කොන්ක්‍රීට් කරලයි තියෙන්නේ. අපේ ගෙවල් හරියෙන් උඩහට මම ගිහිල්ලම නැහැ. ආයෙ බදුලු ගිය වෙලාවක තමයි සෝමා පුන්චිගෙන් ලංකාතිලක වත්ත ගැන අහගන්න ඕනි.

      Delete
    2. අමතක වුණා. එදායින් පස්සේ නං මම කුඩ ඉහලුවේම නැහැ. ඊයේ පෙරේදාත් හයික් එක යද්දී නං අව්ව සැර හින්දා තුවායක් ඔලුවේ දාගෙන ගියා.

      Delete
  3. ප්‍රධාන කතාව කියවන්න ට මග බලා සිටිමි!
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මහත්තයෝ!
      හෙටානිද්දම ඊළඟ කොටසත් දාන්නම්!

      Delete
  4. https://en.m.wikipedia.org/wiki/Femur
    https://en.m.wikipedia.org/wiki/Mandible

    යටි හනුව මුහුණේ ශක්තිමත්ම අස්ථිය කියලයි කියන්නෙ මගෙ හිතේ

    ReplyDelete
    Replies
    1. https://expandusceramics.com/qa/why-is-the-mandible-the-strongest-bone.html

      Delete
    2. Pra Jay මහත්තයෝ, ස්තුතියි කියන්නේ නැතිව ප්‍රශ්නයක් අහන්නං.

      මං ඉතිං මැට්ටා නිසයි අහන්නේ. කොහොමද මෙච්චර සාර්ථක විදිහට , ඕනිම විෂයයකට අදාළව links දෙන්නේ?

      Delete
    3. https://developers.google.com/search/docs/beginner/how-search-works

      Delete
    4. ගොඩාරියක් ස්තුතියි Pra Jay මහත්තයෝ. හොයන අයට ප්‍රයෝජනවත් වෙනවා සිකුරුයි!

      Delete
  5. මැණික් ගඟ දිගේ නෙමෙයි මහරගම වටේ තියෙන පඳුරු ටිකත් තලලද කොහෙද අදනං. හැක්..

    නි.දි. මහත්තයට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, දන්නවනේ ඉතිං... නිදිට තියෙන links ගොඩ.... ඉතිං ඉබේම වටේම පඳුරු තැලෙනවා.
      සතියක්ම ගෙදර හිටියේ නැහැ. වල් වැදිලා. හැබැයි ඔයාලත් එක්ක බෙදා ගන්න වටිනා තරම් අත්දැකීම් ගොඩක් ලැබුණා!

      ඒත් ඔන්න පරක්කු වෙලා අවුරුදු සුබ පැතුම් පතනවා සේරම රසික- රසිකාවන්ට!

      Delete
  6. ඒ ෆොටෝ එකේ ඉන්න කෙනාගෙ පෙනුම වරදක් නැහැ. (ඔලුවත් චුට්ටක් විතර ඉදිමිලා නේද).

    'එම්.පී. පෙරේරා ටීචර් තරමක් කළුය. ඒ නිසාදෝ නිතරම ඇන්දේ කර පියවූ හැට්ටය'. මොකක්ද ඒ උපකල්පනයෙ අදහස. කලු අය ඇඟ පෙන්නන්න අකැමතියි වගේ එකක්ද. ලංකාවේ තාමත් ඒ වගේ stereotypes තියෙන එකනම් හොඳ මදි.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ Lotus, මගේ ඔළුව ඇත්තටම ලොකුයි. හැබැයි ඉදිමිලා නෙවෙයි. උපන් කැත!
      මායි අපේ ලොකු නංගියි ගත්තු foto එකක ඒ විත්තිය හොඳටම තිබුණා. පොස්ට් එකකටත් දැම්මා. link එක දෙන්න බැරි වැඩ ගොඩ ගැහිලා නිසා, හොයන්න වෙලාව මදි නිසයි .... එන සති අන්තෙත් දවස් තුන-හතරක ගෙදර ඉන්න නොවෙන නිසා ඔයාලට කියවන්න පොස්ට් එකක්වත් ලියන්නත් ඕනිනේ.

      එම්.පී. පෙරේරා ටීචර් වැඩිපුර කාන්තා ලාලිත්‍යය දායාද කරගෙන නොතිබුණු කෙනෙක්. ඒ නිසාද මන්දා අර විදිහේ හැට්ට ඇන්දේ. හැබැයි Lotus දැන් නම් ලංකාවේ හුඟ අයත් තමන්ට ගැළපෙන විදිහට ඇඳුම්- වර්ණ- විලාසිතා ගලපා ගන්නවා. ඒත් සුදු වෙන්න නම් ගොඩ අය කැමතියි!
      එයාලා සිත්කළු පාට ගැන තවම දන්නෙ අඩුවෙන්!

      Delete
  7. හක්ක ඉදිමුනු පොටොව දැක්කාම මතක්වුනේ බොලිවුඩ් ප්‍රහසන නළු කාදර් කාන්ව (Kader Khan)

    ReplyDelete
    Replies
    1. අනේ අසංග මහත්තයෝ. කාදර් කාන්ව හොයලා බලනවා පස්සේ.... මාවත් නළු බට්ටෙක් කරාට ගොඩක් ස්තුතියි, හොඳේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්