li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, September 6, 2022

හරෝහරා! හතරවෙනි සැරේටත්... -හතරවෙනි කොටස

 දේවාල මාමා?”
“ඇයි මාමේ... අර ම... ම...”
“මර්වින්ද?”

“අන්න හරි මාමේ. එයා තමා. ගිය සැරේ ඒ මාමා නියමෙට පූජාව තිබ්බා. මේ සැරෙත් අං දේවාලෙට කරන පූජාව ඒ මාමට කියල තියවා ගන්න ඕනි. කපුවෝ කැලේ ඒ මාමා එක්ක බලද්දී... මර්වින් මාමටත් තියෙන්නේ කපුවෙක් වෙන්න...”

අපි නං අර එගොඩ වෙලා ආව කලපුවට ආපහු ගිහිං නාගෙන එන්නයි හදන්නේ... (foto- අනුර පල්ලිමුල්ල)

රස්සාවට කපු මහත්තයෙකු නොවුණත් මර්වින් දැනටමත් ඒ විදිහය. නිකම්මත් නොවේ- උපාසක කපු මහත්තයෙකි!

“වෙන්න දෙයක් නෑ ඉන්දික. එයා දැනටමත් එහෙම තමයි... අපේ කාට හරි පිරිත් ටිකක් කියෝගන්න, බාරයක් වෙන්න එහෙම ඕනි වුණොත් හෙම, මනුස්සයා බොක්කෙන්ම ඒක කරන්නේ- හරි සර්ධාවෙන්.” මං කිව්වේ බොරුවටම නොවේ.

“නිමල් අයියේ, අපි ළිං තුනෙන් නාන්නයි යන්නෙ. යමුද?” දන්සලෙන් බත් කාලා ඇවිත් හාන්සි වෙනකොටමය, ඒ ප්‍රශ්නය නැඟුණේ.

“මෙතන ඉඳලා මේ පට්ට අව්වේ එතනට ගිහිං, පෝලිමේත් ඉඳලා වතුර බාල්දි පහක් නාගෙන එන්න...?” මගේ උත්තරයත් ප්‍රශ්නයකි.
“කම්මැලිකමට පේන බලන්නේ, යමං යකෝ! අපි තමුසෙට නාගන්න වතුර ඇදලා දෙන්නං!”
“ඕනි නං නාවන්නං...” පීරිස්, නෙවිල් හා මර්වින් වදේ ගැහුවත් මං එහෙම්ම ඇලවී හිටියා විතරය.

“මහප්පේ, අපි නං අර එගොඩ වෙලා ආව කලපුවට ආපහු ගිහිං නාගෙන එන්නයි හදන්නේ...” ජයශංඛ මට කිව්වේ ඒ අස්සේය.
“කවුද අපි? කිලෝ මීටර් දෙකක් විතර ආපහු ගිහිං එන්න.... පිස්සුද ඕයි?”
“නිදිට බැරි නං අපි යනවා!” අපි නියෝජනය කරමින් පෙරට ආ නමීත් කිව්වේය. ගවීනුත්, තමිරත්, පසිඳුත් එයාලට එකතු වුණාද කොහෙදය. අන්තිමට බලද්දී එදා නොනා හිටියේ මං වහන්සේ විතරය.

“නිමල් අයියා අපි ගෙනාව බොර වතුර ගැලුමෙන් ඇඟ තෙමා ගන්න. මං පස්සේ ළිඳකින් හරි වතුර ගේන්නං...” ප්‍රියන්තට නං මේ අසරණයා ගැන දුකත් හිතිලාය.
“මිනිහට ඉන්න අරින්න ප්‍රියන්ත හඩු පෙරාගෙන...”

එදා මට තිබුණු ‘ජල භීතිකා තුරුම්පුව’ මේ දවස්වල එයාලා තවමත් එළියට අදිති!

මිනිස්සු බලයි මෙතැන ස්ත්‍රී දූෂණයක් වෙනවයි කියලා... තමුසෙ ඔහොම කෑ ගහනකොට!

“යකෝ... අර මිනිස්සු බලයි මෙතැන ස්ත්‍රී දූෂණයක් වෙනවයි කියලා... තමුසෙ ඔහොම කෑ ගහනකොට.” පීරිස් කියයි. අපේ නඩේ කට්ටියත් වටවී ඉඳගෙන හිනා වළඳති.

“කෑ ගහනවා නෙවෙයි යකෝ... නිකම්ම කෑ ගැහෙන්න්න්න්න්.... අම්මොහ්හ්හ්හ්... ඌයි...” මට ආයෙමත් කෑ ගැස්සෙයි.

වුණේ මේකය!

අයස්මන්ත නාගෙන ආ ගමන්ම කළේ බෙහෙත් bags එළියට ඇද ගැනිල්ලය. “එනවා, යුෂ්මතාට ඊයේ වගේම මසාජ් පාරක් දීලා, ස්ට්‍රෙචින් ටිකක් කරවන්න ඕනි. කිව්වම අහලා වරෙන් xxතෝ! මූණ xක කරගෙන ඉන්නේ...

“අන්න හරි Doctor, මාත් ඔයාට suggest කරන්නමයි හිටියෙ. අදත් මහප්ප වැඩි හරියක්ම ඇවිද්දේ ඇලේට. පොරට මතක් වෙච්ච වෙලාවට විතරයි, කෙළින් ඇවිදින්නෙ...” එතකොට අපේ චූටි පුතාත් යහමින් පොහොර දැම්මේය.

අපේ උත්තරීතර පාලකයන් වහන්සේලා ඩොලර් මිලියන හයක වන්දියකුත් ගෙවලා චීනයෙන් ගෙන්න ගත්තු අශූචි පොහොර ගොඩෙන් ටිකක් ඌටත් දීලද කොහෙදය. මටත් මඤ්ඤංය; වන්දිය ගෙව්වාට තවමත් බඩු ඇවිදින් නැති එකේ... මොනවායින් ටිකක් දෙන්නද? මොකෝ, කාට කාට හරි කොමිස් කුට්ටි හම්බ වුණා කියලයැ....

“විහිළු නෙවෙයි අයියේ. මසාජ් එක වගේම වැදගත් ස්ට්‍රෙචින් එක්සර්සයිස් කරන එකත්... ඔයාටම තේරෙන්න ඇතිනේ, ඊයේ ගමන පටන් ගත්ත වගේම fresh ගතියකින් නේද අදත් ඔයා ආවේ. ඊයේ රෑ දුන්නු treatmentsවල රිසල්ට් තමයි ඒ.”

අයස්මන්ත කියන්නේ නම් සත්‍යය බව මමත් දන්නෙමි. ඒත්...

මොනවාදෝ ක්‍රීම් වර්ගයක් තවරලා, දෙකකුල්වල මස් පිඬු මසාජ් කරද්දී උහුලාගෙන හිටිල්ල අසීරු නැත. ඊට පස්සේ කෙරෙන හරිය... මුනින්තලාව වැතිරුණු මගේ අතපය එහාට-මෙහාට අඹරවමින්, නවමින්, අදිමින් කෙරෙන සුමේ ඉවසන්නේ කොහොමද- කෙඳිරි නොගා...
දත්මිටි කාගෙන හීනියට කෙඳිරි ගාමින් හිටි මගේ දෙකකුල් නවා- ඒ යක්ෂ පැටියා ඒවා උඩ වාඩි වුණත් එක්කය. එතකොටය මට තදටම කෑ ගැස්සුණේ... ‘අනේ... ඇති ඇතීඊඊඊඊහ්හ්...’

දැනටමත් ඊළඟ වතාවේ පාද යාත්‍රා ගමනට එකතු වෙනවාමයි කියන හිතවතුන්... (foto- පසිඳු බණ්ඩාර)

වටේ ඉන්නා තමිරලා පීරිස් මහත්තයාට උඩගෙඩි දෙන්නේ තව-තවත් මට ‘දස වද’ දෙවන්නටය! කෝන්තර පිරිමහ ගන්නටය.
(ඒ කෝන්තර පිරිමැසීම කලින් දවසේ රාත්තිරියේත් සිද්ද වුණේය. තුන්වෙනි දවසේ රාත්‍රියේත්...)

මෙව්වා ලියන්නේ ආලවට්ටං දාලා- අතින් එකතු කරලා නෙවේ. හැබැයි- වෙච්ච දේවල්, මතක් වෙන- මතක් වෙන හැටියටය. ඉස්සර නං මෙහෙම ගමන්වලදී, සමහර වෙලාවකට විතරක්වත්, සමහර දේවල් ලියා ගන්නා පුරුද්දක් මට තිබිණි. දැන් ඒකත් අත ඇරිලාය... හරියටම කියනවා නං අත අරින්නට වෙලාය. තදේටම අත වෙවුලන හින්දා, මං ලියන දේවල් කියවා ගන්නට මටම බැරි තරම් අජූවය.
ඒ නිසා මට යැපෙන්නට වෙන්නේ, මගේ මතකය මතමය.

කුඩා කැබිලිත්ත දේවාලය අබියස නැවතී හිටි රාත්‍රියේ කෙරුණු ‘වෛද්‍ය සත්කාරය’ ගැන කලින් නොලියවුණේ ‘ඒ මතක අමතක වීම’කිනි.

එහෙම මතක බැරි වෙමින් හරි මගෙන් කෙරෙන මේ ලියවිලි, කියවන රසිකයන් කීප දෙනෙකුව හරි අවුස්සයි!
එලෙස ඇවිස්සී, දැනටමත් ඊළඟ වතාවේ පාද යාත්‍රා ගමනට එකතු වෙනවාමයි කියන හිතවතුන් ගොඩාරියකි. ඒ අනුව ගණන් බලද්දී, මට හිතෙන්නේ මේ postsවල පළමුවැන්නේදී කිව්වා වගේ ‘
කුඩා කුඩා නඩ කීපයකින් සුසැදි’ ලොකු නඩයක් එක්ක ඊළඟ පාද යාත්‍රා ගමන එන්නට වෙයි කියලාය.

එහෙමත් නැත්තං මහරගම ඉඳලා කතරගමට යන පාද යාත්‍රාවක් organize කළොත්...
මටත් ලෝක ලොකු සාමි කෙනෙක් වෙන්නට ඇහැකිය.
දකුණේ හිට කොළඹට සාර්ථක පාද යාත්‍රාවක් සංවිධානය කළ එක්කෙනෙකු නැවතුණේ, සිරි ල
ඞකාද්වීපයේ විතරක් නොව ආසියාවෙමත් කුසුප්‍රකට ප්‍රකෝටිපතියෙකු වෙමිනි.

පුදුම කටු තොගයක්නේ සෙරෙප්පුවල ඇනෙන්නෙ. මම නං දිගටම සෙරෙප්පු දෙකේ අඩියේ ඇමිණිල තියෙන කටු අයින් කර-කර ආවේ. (මුල් foto- අනුර පල්ලිමුල්ල)

යාපනෙන් පටන් ගන්නා පාද යාත්‍රාව වගේම ගමනක් දැන් මස්කෙළියේ සාමිමලේ ඉඳලාත් පටන් ගැනෙයි. ඒ ගමන සංවිධානය කරන ‘ලොකු සාමි’ දහතුන්වෙනි වරටය, 2022 කතරගමට ගියේ. එයාලගේ ගමනට දවස් 10ක් / 11ක් ගත වෙන විත්තියයි කියන්නේ. ඒ ගමනටත් අතරමඟ තැනින් තැනදී පිරිස එකතු වෙති. විශේෂයෙන්ම ගාට්මෝර්, මරේ වැනි තේ වතුවලින්... හැබැයි ඒ ගමන යැවෙන්නේ කැලේ මැදින් නොවේ. මනුස්ස වාස- ගම් නියම්ගම්- නගර හරහාය...

ඉතිං හිච්චිලාගේ නඩේ හිරූත්, අපේ නඩේ දොස්තර මහත්තයාගේ වෛද්‍ය කඳවුරෙන් සේවය ලබා ගත්තේය; දෙනෙත්ගේ මල්ලී දෙව්ෂානුත්... කකුල්වල යටටම ඇනී තිබුණු කටු අයින් කළ අයස්මන්තට, කොර ගහමින් හිටි හිරූගේ කකුලක් ක්‍රේප් බැන්ඩේජ් එකකින් වෙළන්නටත් සිද්ද වුණේය.

“පුදුම කටු තොගයක්නේ සෙරෙප්පුවල ඇනෙන්නෙ. මම නං නැවතෙන හැම තැනදීම සෙරෙප්පු දෙකේ අඩියේ ඇමිණිල තියෙන කටු අයින් කර කර ආවේ.” ගවීන් වාර්තා කළේ ‘කටු attacks’ ගැනය.
“මල්ලි උඹ ආවෙම යක් කටු පඳුරු උඩින්. ඒකයි ඒ.” සෙරෙප්පු දාගෙන ඇවිත් හිටියත් නෙවිල් කටුවලින් බේරිලාය; දිය පට්ටවලිනුත් බේරිලාය.
“ඒකනේ ගවීන් මල්ලී මෙදා පොටේ මේ සාදර අනුග්‍රාහක ටිං ටිං ඩොක්ටර් අයස්මන්ත පීරිස් ට්වීසර් එකකුත් අරගෙන ආවේ!” දොස්තර මහත්තයා හිරූගේ කකුල වෙළමින්ම රඟයි. 

“නිමල් අයියේ... මම මේගොල්ලන්ගේ ට්‍රීට්මන්ට්ස් ඉවර කරනකල් බකන්නිලන් ඉන්නැතුව යුෂ්මතාගේ කහ-පොල්තෙල් සාත්තුවත් ලැහැස්ති කරනවා... ඒක වැඩ කරනව නේද? මගෙත් දිය පට්ට කීපයක් ඇවිල්ලා.”
කලින් වතාවලදීත්
ඒ අත් බෙහෙත නියමෙටම ප්‍රතිපල ගෙන දුන්නේය.
“අනේ ප්‍රියන්ත, එහෙනං අර සාස්පාන් තියෙන bag එක මෙහාට අරං දෙන්නකෝ..”
“නෑ නෑ නිමල් අයියේ, ඔයා ඔහොමම ඉඳලා මට කියන්නකො මොනවද කරල දෙන්න ඕනි කියල.”

ප්‍රියන්ත කිව්වේ වඩාත් ප්‍රායෝගික වෙමිනි; එතකොටත් වැතිරගත් වනම හිටි මගේ දිහාව අනුකම්පාවෙන් බලමිනි. “එහෙම නම් ප්‍රියන්ත, හොඳ මහත්තය වගේ කහ කුඩු ටිකක් සාස්පාන් පියනකට දාලා, ඒ ටික පොල්තෙල් හැඳි දෙක තුනකින් දිය කරලා අර ළිපට උඩින් අල්ලලා ටිකක් රත් කරල ගන්නවද?”

මෛත්‍රී භාවනාවේදී වුණත් කියල තියෙන්නේ ඉස්සෙල්ලම තමන්ට මෛත්‍රී කරගන්න කියලනෙ. (foto- නමී)

“මේ බලපල්ලකො. මෙයා හාන්සි වෙලා ඉඳගෙන ප්‍රියන්තට කියල වැඩේ කරවගෙන ඉස්සෙල්ලම එයා පොල්තෙල් ගා ගන්නවා.”

“ඉතිං මොකෝ. මෛත්‍රී භාවනාවේදී වුණත් කියල තියෙන්නේ ඉස්සෙල්ලම තමන්ට මෛත්‍රී කරගන්න කියලනෙ. මා ඇතුළු සියලු සත්ත්වයෝ... මා ඇතුළු සියලු සත්ත්වයො...” වැදෙන තැනකට වැදෙන්නට කියලා, ප්‍රතිප්‍රහාර දෙන ගමන්මය මේ ලියන්නා උගේ දෙකකුල්වල ‘දිය පට්ටාවලට ගුණ දෙන කහ-පොල්තෙල් මිශ්‍රණය’ තවරාගත්තේ; ඊළඟට පීරිස්, හිරූ, තමීර වගේ අයගෙත් එව්වා ගෑවේ.

“නමීටත් කෙළවෙලා නේද ඉන්නේ. ගාමුද මෙයින් ටිකක්?”
“එපා නිදි. මගෙ ළඟ ප්ලාස්ටර් තියෙනවා!”

කොයි තරම් ඇවිදලා පුරුදු වුණත් මේ ගමනේදී දිය පට්ටා එන එක වළක්වා ගන්නට අසීරු තරම්ය.
“ඔයාලා first time හින්දයි කියන්නේ. ගමන යද්දී දාන්න හිතාගෙන ඉන්න සෙරෙප්පු හරි සපත්තු හරි දාගෙනම ඇවිදින්න එන්න. එතකොට වඩාත් හොඳයි!” පෙර සූදානමේදී මං අපේ අප්පුහාමිල්ලාට කිව්වත් උන්දලා ඒක මායිම් නොකළාවත්ද?

අනිත් අතට ඒ සේරම විස්තර අතැඹුලක්සේ දන්නා පණ්ඩිතයන් දෙපළක් වන පීරිස්ගෙත්, මගෙත්; දෙන්නාගෙමත් දිය පට්ට ඇවිත්ය. ඒකත් යටි පතුල්වල නොවේ; ඇඟිලිවල උඩින්ය!

“මං ඇවිදින්න පුරුදු වෙද්දී දාගෙන හිටි ස්ලිපර්ස් ජෝඩුව කැඩුණා!” තමිර කිව්වේය. නමීටත් ඒ ජාතියේම විපතක් සිදු වෙලාය. නමුත්, ඒ දෙන්නාටම ලැබී තිබුණේ එකම result එකකි.
සෙරෙප්පුවල පටි දෙකකුල්වලට තද වෙන තැන්වල දිගට දිගේ දිය පට්ට මතු වෙලාය!
අපේ නමිනං ගොයියා නං ඒකට අලුත්ම පන්නේ ප්‍රතිකාරයක් හොයා ගෙන තිබිණි!! සෙරෙප්පුවේ පටි ප්ලාස්ටර්වලින් වෙළීම... ඒ බේත වැඩ කළාදැයි බලන්නට මේ ලියන මට අමතක වීම වස වැරැද්දකි.

“නිමල් අයියා හරිම වැරදියි මචං. එයා පාද යාත්‍රා ගමනේ blogs ලියන්නේ අතිනුත් දාලා.” 2022 අගෝස්තු 26 වෙනිදා රාත්‍රියේ පාලිත කරුණාරච්චි සහෘදයා xxxට කිව්වේ මගේ ඉස්සරහදීමය. “බොසා පාද යාත්‍රාව ගැන ලියන සේරම මම කියවනවා, මචං. කියෝනකොට නං හෙණ ආතල් තමයි. උඹල කට්ට කාගෙන ගිය එව්වා කොහොමද බං ඔච්චර ආතල් වෙන්නේ.”

නෙවිල්ලගේ අම්මා අන්තරාවී තුන් මාසයේ බණ පිංකමට... (මෙරිල් හා නෙවිල්)

ඒ අසාධාරණ කතාවෙන් කුලප්පු වුණු මං හැරුණේ එතැනම හිටි yyy දිහාවටය. එවෙලේ නමීත්, zzzත්, කොළොම්පුරේ අසංගත් හිටියේ චුට්ටක් ඈතට වෙන්නටය. “අහනව, අහනවා yyyගෙනුත්... එයත් ගියානේ... මං එක බොරුවක්වත්; අතින් දාපු දෙයක්වත් ලියල තියෙනවද කියලා.”

“මර්වින් අයියත් ඔය ගමන ගියානේ. මට මර්වින් අයියමයි කිව්වේ -නිමලයට නං ආතල් තමයි. ඌ බර උස්සගෙන ගිය එකක්යැ. උගේ බරත් උස්සගෙන ගියේ අපිනෙ- කියලා.” එතකොට පාලිත උත්තර බැන්දේ track එක මාරු කරමිනි.
“ඔව් මචං, මෙයා මේ ඔක්කොම ලියන එකෙන් මටත් මාර ලෙඩක් වැටෙනවා තව පොඩ්ඩෙන්. මම මචං ගමන යන්න නිවාඩු ගත්තේ බොරුවක් කියලනේ. අපේ බොසුත් මෙයා රස කර-කර ලියපු එව්වා කියවලා. ලියනව මදිවට මෙයා ගමනේ ෆොටෝසුත් blog එකට දාලනෙ. පොර මගෙන් නෝමල් එකේ ඇහුවා -xxx, පාද යාත්‍රාවේ යන කෙනෙකුට වලහෙක් attack කරලා නේද- කියලා. මම ෂේප් එකේ ‘ආ ඇත්තද?’ කියලා මාරු වුණා!” xxxත් කියයි.

“හැබැයි මචං මෙයාට වෙන දේවල් මෙයා ලියන්නෑ...”
හිතාදර රසික- රසිකාවනි. ඒ චෝදනාව ඇත්තමද?

ඊට පසුවදා හැන්දෑවේ; අද සෙනසුරාදා මේ හරිය ලියද්දීය, පූර්වාපර සන්ධි ගැලපී- කරුණු පැහැදිලි වෙන්නට පටන් ගත්තේ.

ඊයේ අපි කට්ටියම හිටියේ නෙවිල්ලගේ ගෙදරය. නෙවිල්ලගේ අම්මා අන්තරාවී තුන් මාසයේ බණ පිංකමට සහභාගී වෙන්නට ගිහිල්ලාය.
2013 නෙවිල් අලුත් ගෙදර හදාගෙන අම්මාත් එක්ක ගෙයි
පදිංචියට යන්නට නැකත් බැලුවාමය, අපේ පළමුවෙනි පාද යාත්‍රාව දියත් කිරීම පිණිස අපට සම්‍යක් ප්‍රයෝගයක් යොදන්නට වුණේ.
ගෙට ගෙවැදෙන නැකත යෙදී තිබ්බේ, හරියටම පාද යාත්‍රාව පටන් ගන්නා දවසේය...

අවුරුදු නවයක් ඇතුළත ඒ ආදරණීය අම්මා ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුවී; චූටි පුතාගෙන් සත්කාර ලබමින් ගෙවූ දිවියේ තතුත් ‘නිදිගෙ පංච තන්තරේ’ හරහා මම ඔබට කීවෙමි.

අර සේරම කතා සිද්ද වුණේ නෙවිල්ල අම්මාගේ මතක බණ දේශනාව ඉවර වුණාට පස්සෙය. නෙවිල්ලගේ ගෙදරට අල්ලපු ගෙදරදීය.
සද්ධර්ම දේශනා පින්කමට එන උපාසක මහත්තැන්ලාට ‘අති විශේෂ සංග්‍රහ’ කරන්නට සූදානං කරලා තිබ්බේ එහිදීය.

ඒ අල්ල-පනල්ලේ මං වහන්සේත් එතැනට හොම්බ දැම්මාම...  

xxxත්, yyyත් දෙන්නාය; එතැන අග්‍ර උපාසකයන් වෙලා bar tender තනතුරු දැරුවේ. 25 වෙනිදා හිටම නෙවිල්ලාගේ ගෙදර පදිංචිවී Event Manager පට්ටමට ස්වේච්ඡාවෙන්ම පත් වුණු වළං කඩේ සම්පත්’ xxxලාටත් තනතුරු දෙවා වදාරන්නට ඇත. තනතුරු ත්‍රිත්වයේ වගකීම නිසා උන්දැලාට සිද්ද වුණේ අනිත් අය බොන හැටි බලාගෙන ඉන්නටය. (සමහරවිට හොරට දෙකක් ළඟ නවා ගන්නටත් ඇති!)

පාද පරිචාරිකා ඩිලානි එක්කම ආවා වුණත්- පාලිත සළු වෙලා අරගොල්ලන්වත් යාන්තං පදම් කොට- උන්දැලගේ dutyය හරියට කරන්නට නොදුන්නාවත්ද? ඒ අල්ල-පනල්ලේ මං වහන්සේත් එතැනට හොම්බ දැම්මාම, බයිට් එකට ගැනුණේ ‘අහිංසක නිදිගෙ පංච තන්තරේ’ය.

අපේ ගමන පුරාමත් ඔහොම bite කිරීම් කෙළවරක් නැත!

“එනවකො දිසානායක ඕමියක් ගහන්න!” ඊයේ රෑ ගහන්නට බැරි වුණු ඕමිය, මහ දවාලේ ළිං තුනේදීවත් ගහන්නටය නෙවිල්ගේත්, ගවීන්ගේත් සූදානම. බිමින් තප්පලම් ගහගෙන වාඩිවී කාඩ් ගහනවාට වැඩියෙන් මෙහෙම වැතිරී සිටීම සනීපයකි. මට නං මෙහෙම අලස සුවය විඳින්නට ඉඩක් ලැබෙන්නේත් ඉතා කලාතුරකිනි.

“අපි දෙන්නත් එන්නං.” දෙනෙත්ගේ මල්ලී දෙව්ෂානුත්, හිරූගේ මල්ලී තරූෂත් ස්වේච්ඡාවෙන් පෙරටම...
“ඔන්න දෙව්ෂානුයි, තරූෂයි එනවලු...” මම ඇඟ බේරා ගත්තෙමි.
“අඩේ! මාමාට අපේ නම් දෙකත් මතක හිටලනේ!” කොලු ගැටවුන් දෙන්නාගේ උද්දාමය මට යළිදු සිහිපත් කෙරෙව්වේ පැරණි පාඩමකි. ‘ඕනෑම කෙනෙකු අනුන්ගේ මුවෙන් තමන්ගේ
නම කියවෙනවා අසන්නට ඉතා කැමතිය. ඔබට වැඩි පිරිසකගේ සුහදත්වය දිනාගත යුතු නම් ඔවුන්ගේ නම් හොඳින් මතක තබා ගන්න!’.

“ඔන්න මාමේ, ලබන සැරෙත් ඔයාලා එනකල්ම අපි දෙන්නගෙ නම් දෙක මතක තියා ගන්න ඕනි, හොඳේ!” මට කියලාය ඒ දෙන්නා ඕමියට වාඩි වුණේ.
කොල්ලන් දෙන්න ‘ඇම්ඩන්ලා’ය. අපේ අනභිභවනීය ඕමි ඔස්තාද්ලාට මදි නොකියන්නම වැදෙන්න ගත්තේය. ගැටවරයන් දෙන්නාම දෙනෙත්, හිරූ අයියලට වඩා කටකාරය- දොඩමලුය- නවීනය.

කතරගම දෙයි හාමුදුරුවොන්ගේ බැල්ම මල්ලිට තියෙනවා දැන්!

එයාලා ඕමිය ගහන අතරේ, දෙනෙත් කතරගම දෙවිඳුගේ මහිමය කියන්නට ගත්තේය. “අපේ ඔය දෙව්ෂාන් මල්ලී ජීවත් වෙලා ඉන්නේ කතරගම දෙයි හාමුදුරුවන් හින්දා....” දෙනෙත් ඒ කතන්දරේ කිව්වේ නමීටය. නිඳිබර මට එහෙන්-මෙහෙන් ඇහුණා විතරය.

අමනුෂ්‍ය බලපෑමකින් ඇති කෙරුණු රෝගයක් දෙව්ෂාන්ට වැළඳීලාය; වෛද්‍යවරුන්ට රෝගය හොයා ගන්නටවත් නොහැකි විණිල. බාරහාර වීමෙන් පසුව රෝගය විතැන් වෙලාය! “දෙයි හාමුදුරුවොන්ගේ බැල්ම මල්ලිට තියෙනවා දැන්!”

ඇත්තය! ඒ බැල්ම තිබුණු හින්දාදෝ, ඒ ඇඹිටිල්ලන් ඇට්ටරයන් දෙන්නා ගවීන්ටත් නෙවිල්ටත් නොසෑහෙන්නට බැට දුන්නෝය!

මං නින්දේ ඉන්නා අතරේ, මර්වින් කපු මහතාගේ ප්‍රධානත්වයෙන්- අං දේවාලයේදී කෙරුණු පුද සත්කාර සියල්ල අකුරටම ඉෂ්ට කෙරිලාය.
“මර්වින් මාමා නියමෙට වැඩේ කළා මාමේ. මාමට කියන්න, ගිය වතාවේ අපි බාර වෙද්දී හිතාගෙන හිටිය දේවල් සේරම කතරගම දෙයි හාමදුරුවෝ අපට ඉෂ්ට කරලා දුන්නා.” සහතිකය දුන්නේ ඉන්දිකය. නිතර කතා නැති බානිත් ඒ කතාවට රුකුල් දෙයි.
“ඒකනෙ මාමේ!”

“කෝ, මාමල එන්නෙ නැතෙයි අපේ අහ ළඟට? නේද, ඉන්දික මල්ලී. අපි මාමලට ප්ලේස් එකකුත් අල්ලගෙන ඉන්නෙ...” හිච්චිත් විමසයි.

ඒ ගොල්ලන් හිටියේ ගස් මණ්ඩියකය. හතර වටෙන්ම ගස්ය; තවත් පාද යාත්‍රා නඩ ගොඩක්ය. එතැන දැක්කාමත් මට දැනුණේ හිර කෙටුණු ගතියකි.
අප තෝරාගත් තැන ඊට වඩා විවෘතය; නිස්කලංකය; සොඳුරුය. තුන් පැත්තකින්ම ඈතින්- ඈතට අවට පෙනෙයි.
හතර වටෙන්ම තාප්ප බැඳගෙන, විහින් හදාගත් හිර ගෙවල්වල හිරවී හිටින අපි- මෙහෙම ගමනක් ආවාමවත් හිරවෙන්නේ නැතිව හිටින්නට ඕනෑ නේද?

මෙතැන ඊට වඩා විවෘතය; නිස්කලංකය; සොඳුරුය!!!

“අපි මෙතැනම ඉන්නං හිච්චි! කමක් නැහැ නේද. මෙයාලා මෙතැන සුද්ද කරන්න වෙච්චි මහන්සියත් අහක යනවනෙ, දැන් අපි එහෙට ගියොත්.”

“එහෙනම් දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් හෙට උදෙන්ම ගමන පටන් ගන්න බලාගෙන....” කියාගෙනය හිච්චිලා පිටත්ව ගියේ.

ගිය සැරේ පාද යාත්‍රා 3 post එක කියවපු කට්ටකාඩුවේ ලොකා මට ටෙලිෆෝන් කරලා සෑහෙන වෙලාවක් සතුටු සාමීචියේ යෙදුණේය. නිකම්ම නෙවෙයි, වටිනා තොරතුරු ගොඩක් (එයා නොදැනුවත්වම) මට කියා දෙමින්. එකක් කෙලින්ම අදාළයි, පාද යාත්‍රාව යන අතරේ ‘ඉලක්ක ගැන නොකියා හිඳීම’ට.
“නිදි දන්නවද මුස්ලිම් උදවිය අතරේ තියෙන දෙයක්? එයාලා දවසට කී සැරයක් යාඥා කළත්, ඒ හැම වතාවක්ම අන්තිම යාඥා වතාවය කියල හිතාගෙනයි- එයාලා එහෙම කරන්නේ...” ලොකා කිව්වේය.

“ඒ කියන්නේ?”
“ඒ කියන්නේ ඊළඟ යාඥා වෙලාවට කලින් තමුන් මැරෙන්න වුණත් පුළුවන්ය කියලා හිතනව වගේ දෙයක්, ලොකූ...”
“එහෙම බලනකොට ලොකා, මුස්ලිම් උදවිය බුද්ධාගමේ අපටත් වැඩියෙන් මරණානුස්සතිය වඩනවා වගේනෙ.” මට කියැවුණේ නිකම්ම.

“හරියට හරි ලොකා.”
අප දෙන්නාගේ සංවාදය වෙලාවකට හරි විහිළුවක් වගෙය. මං වහන්සේ එයාට ලොකා කියයි. එතුමා මට ලොකා කියයි. (අපේ නංගිලා මල්ලිලා සේරමලා මට කියන්නේ
ලොකා හෝ ලොකූ හෝ  නම් දෙකින් එකකි.) “තව තියෙනවා...” කට්ටකාඩුවේ ලොකා කියාගෙන ගියේය.
“ඒ ගොල්ලෝ දෙන්නෙක් හමු වෙලා- කතාබහ කරලා පිටත් වෙනකොටත් ‘ආයේ හම්බ වෙමු’, ‘See you soon’ වගේ දේවල් කියන්නෙ නෑලු!”

කට්ටකාඩුවේ ලොකා දුන් ඔත්තුව ඔස්සේ යමින් ‘මුයින් කුටිලාන්’ මහත්තයාගෙන් විස්තර අහලා බැලුවාම, කතාව ඇත්තය. (කුටිලාන් මහත්තයලාය, අපේ ගෙදර උඩ තට්ටුවේ පදිංචි වී ඉන්නේ.)
“ඔව් මිස්ටර් නිමල්. අපි දෙන්නෙක් කතා කරලා යනකොට කියන්නේ ‘ඉන්ෂා අල්ලාහ්’ කියලයි... ඒ කියන්නේ ‘අල්ලාහ්ගේ පිහිටෙන්!; අල්ලාහ්ගේ කැමැත්ත ඒක නම් අපි ආයේ හමු වෙයි...’ වගේ දෙයක්.”
(මේ තාක් කල් නොදැන හිටි එවන් දේවල් ගොඩක් මට ඉගැන්නූ කට්ටකාඩුවේ ලොකාටත්, කුටිලාන් මහත්තයාටත් මෙන්න ගොඩක් ලොකු ස්තුතියක්!)

ඒ නඩේ ඇතුළේ ගින්දර වැඩියත්ම පිටතට දුන්නේ තියුණු ගැහැනු හඬකිනි.

හැබැයි, එදා නම් මොනම දෙවි කෙනෙකුගේ පිහිටෙන්වත් ළිං තුනට වතුර බවුසර් ආවේ නැත. ‘දන්සලත් රෑට දෙන්නෙ නැතිලු. වතුර නැතුව උයන්න විදිහක් නැහැල්ලු!’ ආරංචිය ඇත්තක් බව හවස් වෙද්දී තහවුරු වුණේය.

“මදැයි! අපට වුණත් කොහොමටවත් බත් නං උයන්න විදිහක් නෑ, වතුර නැතුව. රොටියක් පුච්චමු. ලුණුමිරිසක් එක්ක තමයි රොටි කන්න වෙන්නේ...”
ඉතිං, අපේ එදා රෑ වේල පිරිමැහෙන්නට තීන්දු වුණේ එහෙමය....

‘ඔව්! කියනවා තමයි. / අපි උඹලව දාල ආවෙ නෑ යකෝ. / ඒ කිව්වට බලු වැඩක් උඹල කළේ. / එකට ආව නං එකටම එන්න ඕනි නේද? / ආයෙ නං උඹලත් එක්ක ගමන් නෑ. / තමුසෙලට වටිනවද එහෙම කරන්න?
උච්ච- මධ්‍ය- මන්ද්‍ර සප්තක තුනෙන්ම ආවේගී ප්‍රකාශ රැසක් කෙරෙනවා ඇහෙයි. සද්දය එන පැත්තට ඇස් යැව්වත්, කළුවර වැටිලා නිසා මොකවත් පැහැදිලිව පෙනෙන්නේ නැත.
හැබැයි, දියවන්නාවේ රැස්වීමක් තියෙද්දී වගෙය. එක විඩේ කීප දෙනෙක්ම කතා කරති. එකෙකු කතාව ඉවර කරන තුරුවත් අනෙකා බලාගෙන ඉන්නේ නැත.

සිද්ද වෙලා තියෙන්නේ මොකක්දැයි තේරුම් ගන්නට ප්‍රශ්න, උත්තර, වාක්‍ය, වාක්‍යාංශ හා වහසි බස් කන්දරාවකට කන් දෙමින් ඉන්නට සිදු විණි.
ඒ නඩේ ඇතුළේ ගින්දර වැඩියත්ම පිටතට දුන්නේ තියුණු ගැහැනු හඬකිනි.

ඒ චරෝ-බරෝව සෑහෙන වෙලාවක් තිස්සේ අපේ කන් පිරෙව්වේය. අපි රොටි පුච්චන අතරේය, ඒ. අපේ ළිපේ ගින්දරවලටත් වැඩියෙන් සැරේට ඇවිළුණු අර කෝපාග්නිය ටික වෙලාවකින් බාලවීගෙන ගියේය.
‘මර්වින් ගහපු බාලදක්ෂ ගිනි මැලේ එළිය අර කට්ටියටත් වැටෙන හින්දයි රණ්ඩුව නැවතුණේ!’

“මාමේ ඉන්දික අහගෙන එන්නයි කිව්වා, මාමා උදේට කැඳ හදනවද කියල...” හිරූ පණිවිඩයක් අරගෙන ආවේය. “... හදනවා නං එයා ගෙනාව රට ඉඳියි, මුද්දරප්පලමුයි දෙන්නංලු...”

“හිරූ, ඒවා ගේන්න කලින් අන්නරහෙන් වාඩි වෙනව යාළුවත් එක්කම, රොටියක් කාලා යන්න.”
“එපා මාමේ. අපි බත් කාල ආවේ...”
“බත් කෑවට රොටියකුත් කන්න බැරිද මිනිහෝ... අපිට මදි වෙයි කියල බය වෙන්න එපා. පිටි කිලෝ දෙකක රොටි හැදුවා... මෙන්න මේ ඉලන්දාරි දෙන්නටත් රොටි දෙමුකො... නෙවිල්.” මගෙ ජංගම පුටුවේ වාඩිගත් ගමන්ම හිටිමින්, මං එහෙම කිව්වා විතරය. තවත් කටක් ඇරුණේය.

ඔයාලා කාල ඉවර වෙලා තව... (මෙයාලට වැඩියෙන් කන අය අපේ රටේ ඉන්නවා! හැබැයි ඉන්නෙ සුදු ඇඳගෙන....)

“අනේ please කාපල්ලා බං... නැත්තං ඉතුරු වෙන රොටි උස්සගෙන යන්න වෙන්නෙත් අපිටමයි මචං!”

“හිරූ, ඔයාලා කාල ඉවර වෙලා තව ලොකූ උදව්වකුත් කරන්න ඕනි. අපි දෙගොල්ලටම ඇති වෙන්න කැඳ හදන්න තරං සාස්පානක් අපි ළඟ නෑ. ඔයාලා ගෙනත් තියෙන ලොකුම සාස්පානත් අපිට ගෙනත් දෙන්නෝනි, රට ඉඳි ගේනකොටම...”
“ෂුවර් මාමේ, ගේන්නං...”

ජාතික වනෝද්‍යාන ඇතුළේදී සිංදු කීමට හා සංගීත භාණ්ඩ වාදනය කිරීමට අවසර නැත. සංචාරක බංගලාවක හෝ camping site එකකදී හෝ විතරකි, වාහනයෙන් බැස හිඳින්නට ඉඩ දෙන්නෙත්. පාද යාත්‍රාවේ යෙදෙන්නන්ට ඒ තහනම් දෙකම නැත. බොහෝ දමිළ බැතිමතුන් පාද යාත්‍රාවේ යන්නේ රබානක් වයමිනි; බැති ගී- භජන් ගයමිනි.
‘මිනිස්සුන්ගේ සද්දෙ ඇහෙනකොට සත්තු ඈතට යනවා!’යිත් විශ්වාසයකි.

“ලාවට සිංදුවක් කියමුද?” යෝජනා කෙරෙයි. විරෝධතා නැත.

“දිසානායක, එනවකො! දවල් නාන්නෙත් නැතිව තමුසෙ ඇති පදං නිඳා ගත්තනේ!” නෙවිල් පමාවී නින්දට යන්නෙකි. දවාලේ පොඩි කොල්ලන්ගෙන් අම්බානකට කාපු හින්දාද කොහෙද, ඕමි එපා වෙලා වගෙය.
“මම ආවට, මොකකටද හලෝ තට්ටුවක්වත් දාන්නේ?” අපේ නිත්‍ය වාදක නෙවිල්ගේ congo drum එක ගෙදර බව සිහියට නංවමින්ය මම කිව්වේ.
“සාස්පානක් ගනිමු!”
“දර ළිප් උඩ තියපු නිසා ඒවයේ දැලි!”

“ඔන්න ඔය pකෝරිස්ව මෙහාට ඇදල ගනිං මචං... යකෝ! ඌ සාස්පානට ගහල ඉව‍ර වෙලා දැලි හෝද ගනියි! මේ xකයටනෙ අමාරුව.”
ඉතා සංයමයෙන්; කාරුණිකව කෙරුණු ඒ ඉල්ලීමට හා හේතු දැක්වීමට පිටුපාන්නේ මොන හිතකින්ද?

කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන් - සීත සමීරෙන් චන්දන කල්කෙන්...

‘පුන් සඳෙන් රැස් ගංතෙරෙන් - කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන් සතුට උදා වේවා
මිහිර බෙදා දේවා’
(මෙහෙම වෙලාවට ගීත තෝරන රාජකාරිය වැඩියෙන්ම කෙරෙන්නේ මං වහන්සේ අතින්ය. මගේ තේරීම් වන්නේ වැඩි දෙනෙකුට ගායනා කරන්නට පහසු ගීතයි.)

“ඔව් හිතාදර සංගීතකාමී ගීත ලෝලී අසන්නනි. මේ රාත්‍රියේ... යාල කැලයේ, ළිං තුන අඩවියේ සිට ඔබේ රසාස්වාදය සඳහා ඉදිරිපත් කෙරෙන ගී සැන්දෑවේ පළමු ගීතයයි ඒ. ගායනය නිමල් දිසානායක ඇතුළු පිරිසෙන්. වාදනය අසහාය සාස්පාන් වාදක නෙවිල් මහතා... මචංලා, රිලව් වගෙ නිකං බලාගෙන ඉන්නෙ ගහපියව්කො අපිට අප්පුඩියක්.” හීනියට අත් පොළසන්!
චූටි පුතා; ජයශංඛට නිවේදන හැකියාවක් තිබෙන විත්තිය අප දැනගත්තේ එදාය!
“ඔව්, මහප්පා... sorry, දිසානායක මහතාණෙනි. ඔබතුමාගේ ඊළඟ තේරීම....”

අපේ පැදුර වටපිටාවේ හිටි නඩවල අයගෙත් ප්‍රසාදය දිනා ගත්තා වෙන්නැති. වෙනින් සද්ද- බද්ද අඩු වුණේය. එයාලාත් සවන් යොමා සිටින හැටියක් ප්‍රදර්ශනය වුණේය; සෑහෙන වෙලාවක් තිස්සෙම...

“ඔව් අසන්නෙනි, අපි කෙටි tea break එකක් ගන්නටයි සූදානම් වෙන්නේ... වෛද්‍ය අයස්මන්ත පීරිස් මහතාට කෝපි පිපාසයක්...”
“ටී බ්රේක් එකේ කෝපි බොන්න. ජයෝ, මඤ්ඤංද?” ඒ ප්‍රශ්නයට උත්තර නොදී, ජයා හදන්නේ වතුර ළිපේ තියන්නටය.

“නෑ... නෑ... මම වතුර ළිපේ තියන්නං... ඔයාල නවත්තන්නෙ නැතුව වැඩේ කරගෙන යන්න...” කවුදෝ ජයාව නවත්තයි.

“කිරි කෝපි හදනවා නං කිරිත් උණු කරන්න වෙනවද නිමල් අයියේ...” අතුරු ප්‍රශ්නයකි!
“කිරි? මේ හද්ද කැලේට කොහෙන්ද යකෝ උණු කරන්න කිරි...?”
“බඩු have! බඩු හෑව්!! Fresh Milk තියෙනවා...”
“ගමකට තියෙනවා නිමල් අංකල්!” පසිඳුත් කියයි.......

29 comments:

  1. ගිය ගමන වගේම මේ ගමනත් මොනව නැතත් කෑම ගැනනං ඇති පදං විස්තර තියෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුනද? ආයෙම කියවලා බලන්නන්.... අදහසට ස්තුතියි ප්‍රසෝ!

      Delete
  2. දේවාල මාමා හෙවත් පන්සල් ආතා කොච්චර සැදෑවත්ද කියලා එදා නෙවිල් අයියාගේ බණ ගෙදරදී හොදහැටි බලාගත්තා.. ඒකට නමියත් සාක්කි දෙයි. අර කවුදෝ ආපු වාහනයක් දැකලා හාමුදුරුවෝ වැඩියා කියලා එහෙට මෙහෙට දුවලා නටපු සෙල්ලම මතකද?

    ReplyDelete
    Replies
    1. කොලොම්පූර්, මර්වින්තුමා වෙන අයට පොඩ්ඩෙන් මිස් වෙන දේ මතකෙ තියන් කරා. මං දැකල තියෙනව ඔක්කොම ලැහැත්ති කරලා අන්තිමට හාමුදුරුවන්ගෙ කකුල් හෝදන භාජනේ නෑ. හාමුදුරුවෝ වැඩිය වෙලේ... ඔක්කොම අය පුක දාච්ච කාඩියො වගේ දඟලනවා

      Delete
    2. මර්වින්ගේ සැදැහැවත් කඩි කුලප්පුවේ හොඳම හරියක් තව ඉස්සරහට ලියන්න තියෙනවා.

      Delete
  3. //සෙරෙප්පුවේ පටි ප්ලාස්ටර්වලින් වෙළීම//. පටි කකුලේ ගෑවෙන හරිය ප්ලාස්ටර් කරන් ගියා. දොස්තර මහත්තය ප්ලාස්ටර් ගමකට ගෙනත් තිවන නිසා හොඳා

    ඕමි සෙල්ලමින් නෙවිල්තුමා පැරදුණේ නෑ නේ??

    //ගායනය නිමල් දිසානායක ඇතුළු පිරිසෙන්// වාදනය අසහාය විතරද... නෙවිල්තුමත් ගැයුවේ යස අගේට

    ReplyDelete
    Replies
    1. එදා නෙවිල්ලගේ දවස නෙවෙයි. ඊටත් දෙව්ශාන්ලා අන්කූරෝ...

      නෙවිල් වාදනේ සපයන ගමන් අපූරුවට ගායනෙත් කරනවා නේන්නං. /ඇතුළු පිරිස/ කිව්වම එයත් ඇතුලත්නේ නමී.

      හැබැයි තව අප්පුහාමි කෙනෙකුත් හීනියට සම්මාදම් වුණා ගායනෙට. මනුස්සයා පාද යාත්‍රාවේ යන ගමනත් සිංදු කොඳුර-කොඳුරා ගියේ.

      Delete
  4. අර කෑ ගහගත්ත සැට් එකේ හිටිය කස්ටිය... වැඩියත්ම ගෑණු උන්ද.
    ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගැන කතා කරන, රජයේ වැරදි විවේචනය කරන- හෙලා දකින, යුක්තිය හොයන- ඒව ගැන කතා කරන, සැට් එකක් වාගේ පෙනුණේ... දවල් වරුවේ හා එන අතරෙ කතා බහින්, හැසිරීමෙන්. රෑ උන් උන් මරා ගන්නවා. වැරදි එක එකාට කියාගෙන. වැරැද්ද බාර ගන්න එකෙක්වත් නෑ. ඔන්න ඔය සාම්පලේ තමයි රටේ හැමතැනම දකින්න වැඩිමනත් තියෙන්නෙ. කතාව යුක්තිය- සාධාරණය. ඒ උනත් වැඩක් කරන්න ගිහාම... මං කරනවානම් අරය නොකරන්නේ මොකෝ. වගකීම මගෙ විතරද, ඔය වාගේ කතා.

    හැබැයි අපි ගිය සැට් එකේ අර කීව විදිහෙ යුක්තිය- සාධාරණය පුහු හෙවීම කරන අය හිටියෙ නැති තරම්. කෙනෙක්ට දෙයක් ගෙනියන්න අමාරු නම්, අනෙක් කෙනා ඒක ගෙනියන්න ඉදිරිපත් උනා. පංගුපේරු තිබ්බෙ නැ. අනෙකා ගැන හොයා බැලුව. ඒක නිසා අපි ගිය සැට් එකේ ප්‍රශ්නයක් ඇති උනේම නැති තරම්.

    බහුතරේ කියවන්න ගිහාම එකයි කරන්න ගිහාම එකයි. අර සැට් එක මට ආපහු ඒක ඔප්පු කළා.

    ReplyDelete
    Replies
    1. ගහ ගත්තද කියල නං මට නෝටිස් වුණේ නෑ, නමී. රොටිවලට පිටි අනල- ලුණුමිරිස හදමින් හිටිද්දී ඇහුන ටික විතරයි දන්නේ.

      ඇහුවට මොකුත් හිතන්න එපා. මොකක් හරි කෝන්තරයක් හෙම හිතේ තියෙනවද - අරවගේ කට්ටි එක්ක?

      Delete
    2. ගහ ගත්තද නෙමේ. 'කෑ ගහගත්තා' කියලා කෙටුවේ බොල.
      කෝන්තරයක්// - අඳුරන්නෙවත් නැති අය එක්කලා කෝන්තර තියා ගන්නවා කියන්නෙ... ලෝකේ කරගහගත්ත වගේ වැඩක්. පොඩි කලකිරීමක් තියේ හැබැයි

      Delete
    3. බරපතල නොසැලකිලිමත් කියවීමක්නෙ මගෙන් වෙලා තියෙන්නේ.... සමාවෙන්න නමී.

      Delete
    4. ආහ්.. කම්නැත කම්නැත.... නිදි😂😂

      Delete
  5. මේ වගේ යම් 'අපහසුතා', 'දුෂ්කරතා' මැද ගිහින්, ඒ විඳපු අපහසුතා ඔක්කොම worth කියලා ලොකු සතුටක් හිතට දැනෙන යම් නිශ්චිත මොහොතක් තියෙනවද-උදාහරනයක් විදිහට අන්තිම දවසෙ දේවාලෙට ඇතුල් වෙන කොට වගේ- එහෙම නැත්නම් ගමන පුරාම යම් කිසි විශ්වාසයක් මතද යන්නෙ මේ වගේ අපහසුතා ඉවසාගන්න පුලුවන්කම ලබා දෙන.

    ReplyDelete
    Replies
    1. ටික දවසකට පස්සේ වගෙයි Lotus!
      සුවෙන්, සතුටෙන් නේද?

      මට නං එහෙම නිශ්චිත මොහොතක් හෝ ඉලක්කයක් ගැන කල්පනා වෙන්නේ නෑ කියන එකයි ඇත්ත. ඒ ඒ මොහොතට මුහුණ දෙනවා; එළඹෙන මොහොතට මහුණ දෙනවා වගේ දෙයක් වෙන්නැති මගෙන් කෙරෙන්නේ. හැබැයි Lotus මම නිතරම සූදානමින් ඉන්නවත් වගෙයි. විශේෂයෙන් තව අය එක්ක වැඩ කරද්දී. එයාලා ගැනත් හිතන්න ඕනිම නෙ.

      මට තියෙන ලොකුම විශ්වාසය තමයි 'මට යහපතක්ම තමයි වෙන්නේ' කියන එක. ඒක තව තවත් වැඩි කරනවා වටේට ඉන්න ප්‍රාණසම මිත්‍රයෝ.
      පාද යාත්‍රාව ගිහිං ආවම ප්‍රියන්තලා set එකම අපේ ගෙදර ආවා, විශේෂයෙන් ඒ ගැන අහන්න- කතා කරන්න.
      "දැන් නිමල්ට තේරෙනව නේද ඔයා හිතනවටත් වැඩිය ශක්තියක් ඔයාට තියෙන බව. ඒ නිසා තව ගොඩක් කල් ඉන්න ඕනි. අපි හැමෝම මැරෙනවා තමයි කවද හරි. ඒ වුනත් අපි යාළුවො ටික එක ළඟ-ළඟ යමු! ඒකනෙ හොඳ!!' කියල කිව්වා.
      ඊළඟට ලියන්න තියෙනවා අයස්මන්ත මහතාගේ ගමන් බෑගය ගැන... ඒවා ඊළඟ කොටසෙන්.

      Delete
    2. ම් ම් ම් සතුට කියන එක ගැනත් මගෙ හැඟීම කිව යුතුමයි කියලා හිතුනා.
      වැඩියත්ම සතුට තියෙන්නේ යම් දෙයක් ලබන- විඳින- කරන මොහොතේ නෙවෙයි. ඊට පස්සේ ඒ ගැන මෙනෙහි කරන විටයි. මතක් කරන විටයි!
      මගෙ මතකයේ ගොඩක්ම රැඳෙන්නේ යමක් අසීරුවෙන්- දුෂ්කරතා මැද - අපි කියන්නේ කට්ට කාල කරනවා කියලා... කළ-කී-හිමි කරගත් දේවල් ගැනයි.
      ඔය සේරම මං ගැන හොඳේ!

      Delete
    3. කියමනක් තියෙනවා අහලා තියෙනවා නේද Difficult roads lead to beautiful destinations කියලා. නිමල්ගෙ ආකල්පය හොඳට ගැලපෙනවා ඒ කියමනත් එක්ක.

      (ඔව් මම හොඳින්. බොහොම ස්තුතියි නිමල්).

      Delete
  6. අත්දැකීම් සහ අපි මතක තියාගන්න දේවල් දෙකක්ලු. ඉතින් ගොඩක් වෙලාවට වේදනාත්මක් අත්දැකීමක් උනත් හොඳ අත්දැකීමක් විදියට මතක තියාගන්න පුලුවන්. (මේකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්)

    (අර වින්ද දුක ගැන මෙහෙම ආතල් එකෙ ලියන්න පුලුවන්ද කියපු එක ගැන😁)

    ReplyDelete
    Replies
    1. නවීන්, අත්දැකීම් හිතලාම මතක තියාගන්නේ නං නෑ මම. ඒවා මතක හිටිනවා නිකම්ම.
      ඔයාගේ comment එක කියවලා තිබ්බේ නෑ Lotus ට උත්තර ලියද්දී.

      Delete
    2. ඔව් ඒක හරි නිදි මාමෙ, අපි හිතල මතක තියාගන්නවා නෙමෙ. ඒත් මතක හිටිය විදිය ගැනයි කීවෙ😁

      Delete
  7. https://www.ted.com/talks/daniel_kahneman_the_riddle_of_experience_vs_memory?language=en

    ReplyDelete
    Replies
    1. Link එකටත් ස්තුතියි! නවීන්.

      Delete
    2. නවීන් දාලා තියෙන ලින්ක් එකට ගිහින් ඒ කතාවෙ කොටසක් ඇහුවා. ඒක හරිම වැදගත් කතාවක්. ඉතුරු ටිකත් ඉක්මනින් අහන්න ඕනෙ.

      Delete
  8. මේ වගේ ගමන් නම් කීයටවත් යන්නේ නැහැ. යකෝ අර ඒ කාලේ සිරී පාදේ ගියා වගේනේ. නිදි අන්තිම කැමැත්ත ලියලද ගියේ. එන්ෂල්ලාහ්

    ReplyDelete
  9. අජිත්, කිසිම වෙහෙසක් නැතිව ගිහිං, සැපට ඉඳලා කාළා- බීල ආව ගමන් ගැන මට නම් මතක් වෙන්නෙවත් නැති තරම්. මෙහෙම ගමන් තමයි හොඳට මතක හිටින්නේ. අනික ඉතිං ඔයාලා යන විදිහේ ගමන් අපට එෆෝර්ඩබල් ඒවත් නෙවෙයිනෙ.

    හැබෑටම, අන්තිම කැමැත්තකුත් ලියන්න ඔනි තමයි!
    එන්ෂල්ලාහ් ද වචනේ? මම ඒක මුස්ලිම් කෙනෙකුට පෙන්නලයි තහවුරු කර ගත්තේ.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්