li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, September 16, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - දාහතරවෙනි කොටස

අපොයි ඔව්! උඹට තියෙන්නේ එසේ-මෙසේ කැක්කුමක් නෙවෙයි කියලා නං මට විතරක් නෙවෙයි, උඹේ දරු පරම්පරාව දකින ඕනි කෙනෙකුට වුණත් පේනවා. අපරාදෙ කියන්න බෑ. ඒකිත් උඹටම හරි යන ගෑනි. බදුල්ලේ අම්මණ්ඩිල දන්නෙත් වදන්න විතරයිනේ- දරුවෝ හරියට හදන්න නෙවෙයිනෙ. මේ වදන්න යන්නෙත් නවවෙනියනේ! 

මට දුක උඹ ගැනයි පුතේ!

ඒ නැන්දා- ලේලි විරසකය එළියට පනින්නේ ඔහොම වෙලාවක ඔය විදිහේ ඇනුම් පදයක් විදිහට විතරය.

“... නවයෙනුත් නවත්තන්න එපා පුතේ. දුසිමක්ම හදපං! දුසිමක්ම හදපං!! යැයි දිනුම් පදය කියාගෙනමය, අපේ ආච්චී මිදුලට බැස්සේ.

“හදනවා තමයි එච්චරකල් ඉන්න පුළුවන් වුණොත්. අම්මලට ඉතිං පුළුවන් වුණේ එකෙක් විතරක් හදන්නනේ!” තාත්තාත් ජනේලයෙන් ඔළුව එළියට දමා කීවේය.
“තූ නොදකින් වලත්තයා! තමුන්නෙ දෙමාපියන්ට නේද බොල, තෝ ඔය වනචර කතන්දර කියන්නේ?” ආච්චී එහෙම කියාගෙනම පල්ලම් බැස්සා මිස, එතැන තැවරි-තැවරී හිඳින්නට ගියේ නැත. ආච්චී එනකොට මං හිටියේ, මගේ පුංචි කුටියේ ජනේලය ළඟ වාඩි වෙලාය.

“මට දුක උඹ ගැනයි පුතේ! උඹ නොහිටිය නං මේ කිරි සප්පයෝ මෙලහටත් සුදහ ගින්දරේ මැරිල ගිහිං. හැබැයි ඉතිං උඹ දිගටම සහෝදරයෝ මත්තෙම නැහි-නැහී හිටියොත්, මතු කාලෙක බොට මොනා වෙයිද කියලත් හිතෙනවා පුතේ....” 

සංජේ දිගින්-දිගටම මට කියන්නෙත් මේකමවත්ද?

සායි පූජෝපහාරවලට යන මුවාවෙන් අප වැල්ලවත්තට ගිය හැම විටෙකම සංජේ මා හමු වුණේය; ආපසු එන අතරේ එක වතාවක්වත් අඳුරු තැනකදී තරයේ මා සිප ගත්තේය. මා පොළඹවා ගන්නටත් තැත් කළේය. මගේ පහස නොමැතිව තමන් උමතුවී සිටිතැයි කීවේය.
‘අපිට ඕනි විදිහට නිදහසේ ඉඳිතෑකි. අපේ ගමේ යමු රංජි’ යැයි පුන-පුනා යෝජනා කළේය.
එහෙමය කියලා ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද...

මට තිබෙන්නේ නිදහස ලබා ගැනීමේ අපේක්ෂාවක්ද- එහෙමත් නැත්නම් උණුසුම් සෙනෙහසක් සමඟින් ලබන කාමුක සන්තර්පණය පෙරදැරි කර ගැනුණු අපේක්ෂාවක්ද?

ඒ දිනවල මම දෙලොවක් අතර අතරමංවී; බෙහෙවින්ම අවුල්වී...

මගේම උවමනාවට නොවුණත්, එක වතාවක් හරි ගෙදරින් පැන ගිය වෙලාවෙත් මට කී පාරක් ගෙදර මතක් වුණාද... නංගිලා- මල්ලිලා මතක් වුණාද... එතකොට නං සුනිල් මල්ලීවත් මා එක්කලා හිටියේය.

කොහොමින් බැලුවත් සංජේ පිටස්තරයෙක් නේද... 

ඒ දිනවල මම දෙලොවක් අතර අතරමංවී; බෙහෙවින්ම අවුල්වී සිටියෙමි.

අපේ ආච්චීගේ ‘දැඩි එපා කීම්’ පවා නොතකමින් 1973 මැයි මාසයේ අග හරියේ, අපේ තාත්තා ආයෙමත් කොළඹ මහ ඉස්පිරිතාලේ නැවතුණේය. අම්මා නවවෙනි දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වෙන්නට සූදානමින් සිටියාය.

මං වහන්සේ කුම්භකර්ණයා වගේ නිඳන්නෙක්මි.
“නිඳා ගත්තට කමක් නෑ රංජි. වෙනද වගේ බෑ. කොයි වෙලාවේ හරි මට අමාරු වුණොත් නැඟිටින්න බලාගෙන ඉන්න වෙයි!” අම්මා කල් ඇතිවම මට කියා තිබ්බෙත්, ඒ නිසා වෙන්නැති. “... එහෙම වෙලාවක ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕනි කරන ඔක්කොම දේවල් මේ වේවැල් කූඩේ අහුරලයි තියෙන්නේ. යනකොට වරද්දන්නෙ නැතිව මේකත් ගන්න මතක තියා ගන්න...”

‘ටක් ටක් ටක්!’
කල්පනාවෙන් හිටි නිසාද කොහෙද ඒ මහ රෑ එක ජනේලයට තට්ටු කිරීමකින්ම මට ඇහැරුණි. කොට්ටයෙන් ඔළුව උස්සන්නටත් කලින් ආයෙමත්... ‘ටක් ටක් ටක්!!’
ඒ එක්කම රහසෙන් කෙඳිරිල්ලක්....

“රංජි, සද්ද කරන්න එපා. හෙමින්... හෙමින්... මම... මම සංජේ!”
“ඔයා? මේ රෑ...”
“සද්ද නැතිව දොර ඇරල ඉන්නවකො, මට ඇතුළට එන්න.” සංජේ අණ කළේය.
දොර ඇරුණේය; සංජේ ඇතුළට එවුණේය; විනාඩි කිහිපයක් ගත වෙද්දී මගේ සරමකට බැසගෙන, මගෙ ළඟින්ම පැදුරෙහි වැතිරුණේය.

මොකටද ආවේ?” - ආවෙද... මේකට...!

“කොහෙද මනුස්සයො මේ මහ රෑ ගියේ?”
“කොහෙවත් ගියා නං මෙහෙ එනවද... මෙහාටමයි ආවේ...”
“හෙමින්... හෙමින්. තාත්තා...”
“මේ දවස්වල ගුණපාල අයියා ඉස්පිරිතාලෙනෙ... සිරා මට සේරම කියනවා. ඒකයි මෙහෙම එන්න හිතුණෙත්....”

“මොකටද ආවේ?”
“ආවෙද... මේකට...!”

මගේ ජීවිත කතාවෙන් වැඩි හරියක්ම දැන් දයාබර රසික- රසිකාවන් වන ඔබට හෙළිකොට අවසන්ය. එසේම ඉදිරියේදී මා’තින් ලියවෙන්නට තිබෙන postsවලට සබැඳෙන පෝස්ටු රැසක්ම ලියැවෙලාත් අවසන්ය. මේ දිනවල ලියැවෙන ලිපිවලට වැඩි-වැඩියෙන් අතීත පෝස්ටුවල links යෙදෙන්නේ පූර්වාපර සන්ධි ගලපා දක්වන්නටත් මට සිදු වෙන බැවිනි.

ලිවීමේ පහසුව තකා; තේරුම් ගැනීමේ පහසුව තකා කොටස් කරමින්- බෙදමින් ලිව්වාට ජීවන ගමනේ සිදු වීම් සිද්ද වෙන්නේ අනුපිළිවෙලකටම නොවේ. එකකට පස්සේ එකකුත් නොවේ; එකක් ඉවර වුණාට පස්සේ එකකුත් නොවේ. සමහර වෙලාවට ඒවා එක පිට එක දිගට; වැලට සිද්ද වෙයි...

ඔය කාරණා සේරෝම තියෙද්දෙන්! ඒවා ලියද්දී... යුද්දය තියෙන්නේ ඒවා ලියද්දීය.

නිදිගෙ පංච තන්තරේ කියවන්නට ඇති ඔබ සැමගේ පාඨක රුචිය නොනැසී පවත්වා ගන්නටත් මට අවැසිය. මා ලියන දේවල් ඔබ දිගටම කියවන බව දකිද්දී මගේ ලිවීමට ඇති උනන්දුව වැඩෙයි; මට අනුප්‍රාණයක් ලැබෙයි.
එනිසාම දයාබර පාඨක සැමගේ කුතුහලය අවුළුවා- නොනිවා තබා ගන්නටත් මේ ලියන්නාට සිදු වෙයි.

හැබැයි, ඒ නිසාවත් මට සිදු නොවුණු දේවල් අලුතින් පබඳින්නට නොහැකිය. (Blog අඩවිය පටන් ගන්නා විටම මා මටම කොන්දේසියක් දමා ගෙනය, පටන් ගත්තේ. නිදි ලිවිය යුත්තේ සත්‍යයම පමණකි! එහෙම වුණත් ඇත්ත පැටලෙන විදිහට ලියන්නට- විශ්වාස නොගැනෙන විදිහට ලියන්නට- හිතාදර පාඨකයන් ඇවිස්සෙන විදිහට ඇත්තෙන් බාගයක් හරි- කොටසක් හරි විතරක් ලියන්නට, පඩත්තල නිදිට කිසිම බාධාවක් නැත. ඒකා මදි නොකියන්නට එව්වායින් වැඩ ගනී. ඒ උගේ තියෙන නොසන්ඩාල නසරානිකමය!)

නුදුරු කාලයේදීම ඒ ආයුධ වැඩි-වැඩියෙන් මට අවශ්‍ය වෙන බවට කිසිම සැකයක් නැත!

ඒ විදිහට, මා දන්නා සියලුම ලේඛන විධි ක්‍රම- සන්නිවේදන ශිල්පෝපක්‍රම ආදී සකලවිධ ආයුධ බ්ලොගය රචනයේදී මට යොදා ගන්නට සිදු වෙයි.
නුදුරු කාලයේදීම ඒ ආයුධ වැඩි-වැඩියෙන් මට අවශ්‍ය වෙන බවට කිසිම සැකයක් නැත!

“කීයටද ඔයා යන්නෙ?” වෙහෙසකර ප්‍රයාමයකට පස්සෙවත් සනීපෙට නිඳා ගන්නට උවමනා නිසාය, එදා රෑ මං සංජේගෙන් එහෙම ඇහුවේ.

“මේ ජාමේ මට කොළඹ පැත්තට යන්න බස් නෑ, රංජි. හතරට විතර තමයි, දුර බස් එකක් හරි එන්නෙ. දැන්ම ගියොත් මට හීතලේ තනියම තමයි ඉන්න වෙන්නේ, හිටගෙනම... ඊට වැඩිය හොඳ නැද්ද මෙහෙම තුරුල්... ”
“ඉතිං අපි දෙන්නටම නින්ද ගියොත්...”
“ඒකට දෙන්නම නිඳා ගන්නේ නැතිව ඉමු.”

“නිඳි මරාගෙන- මුළු රෑම?”
“ඔයාට මෙච්චර කරන මගෙ වෙනුවෙන් පැය තුන-හතරක් නිඳි මරන්නවත් බැරිද? මේ රෑ තිස්සේ මට මෙහෙ බඩ ගාන්න පුළුවන්. ඔයාට...”
“ඔයා හිතන්නෙ මම කියන දේ නෙවෙයිනෙ, සංජේ. ඔයාම දන්නවනෙ මට නින්ද යන විදිහ... මම ඉතිං හිටගෙනත් නිඳා ගන්න එකානේ ළමයො!”

“එහෙනං යං ළමා නිවාසේ ළිඳ ළඟට. අපිට මෙතැනනෙ කතා කර-කර ඉන්න බැරි. ඔයාට තව වැදගත් කාරණාවක් කියන්නත් තියෙනවා.” සංජේගේ යෝජනාවට බැහැයි කියන්නටත් බැරිය.

අපේ කොලු නඩවල කවුරුනුත් ඒ දවස්වල නිදහසේ සාකච්ඡා- සම්මන්ත්‍රණ වැඩියෙන්ම පැවැත්තුවේ ඒ ළිඳේ තාප්පය උඩදීය. ඉතිං, ඒ මහ රෑ ජාම වෙලාවෙත් අපි දෙන්නා එතැනට ගියෙමු. මහ දුරකුත් නෙවෙයිනෙ, විනාඩියකටත් වැඩියෙන් අඩු දුර... අනෙක, අපේ ගෙවල් දෙකින් කොයිකේ කෙනෙකු හරි එළියට බහිනවා වුණත් ඒ ළිඳ ළඟට පෙනෙයි.

එදා සංජේත් මාත් පැය දෙක තුනක් තිස්සේ කතා කළේ මොනවාදැයි මට මතක නැත; එකම එක කාරණයක් හැර.

ටිකක් ඉවසගෙන ඉන්නවා...

“නිමා, මේ ළඟදී මට හම්බ වුණා පොතක්. ලස්සනයි. රෙදි මෝලේ යාළුවෙක් ළඟ තිබුණේ. ඒක ඔයාටත් ගෙනත් දෙන්නං හෙටානිද්දම දවසක.” සංජේ කිව්වේය.
“කාගෙ පොතක්ද? මොකක්ද නම...” මම ඇසීමි.

“කාගෙද කියල නං මට මතක නෑ රංජි. පොතේ නම විතරක් මතකයි... මට වෙච්ච දේ...”
“ඔයාට මොනවද වුණේ මේ හදිස්සියේ?”
“මට වෙච්ච දේ කිව්වේ ඒ පොතේ නම රංජි.”
“ඒක මිසක්! ඉතිං... ඉතිං...”

“ඉතිං ඉතිං ගෑවට වැඩක් නෑ. ටිකක් ඉවසගෙන ඉන්නවා... තමුසෙ පොත කියවනවකො මං ගෙනත් දුන්නම!” ඒ කතාබහෙන් පස්සේ සංජේ පිටත්ව ගියේ පාන්දරය.

දවස 1973 ජුනි 5 දා විය යුතුය. අපේ අම්මාට අමාරු වුණේය. ඒ වතාවේත් අම්මාව රෝහලට ඇතුළත් කරන්නට වුණේ මටය. චූටි නංගී උපන්නේ ජුනි 6 වෙනිදාය. උදේ පාන්දරින් අම්මට කෑම-බීමත් අරගෙන කළුබෝවිල ඉස්පිරිතාලයට ගිය මාව ගැබිණි වාට්ටුවේ ‘සිස්ටර්’ගේ අතටම හසු විණි.
‘ගෑනු වාට්ටුවක් අස්සේ රිංගන්නට ගියා’ය කියලා මාව පොලිසියට බාර දෙන්නටය ඒ සිස්ටර් හැදුවේ. කනිපින්දම් කියලා- දහ වැඳුම් වැඳලාය මං එදා ගැලවුණේ.

"ඔන්න ආයෙමත් එහෙම අම්මට බබෙක් හම්බ වෙන්න ඉස්පිරිතාලේට එක්ක යන්න වුණොත් අන්න එදාට මං ඔළුව හැරිච්ච පැත්තක යන එක යනවාමයි." පස්සේ වෙලාවක මං සිංහ නාදයක් දැම්මා’ කියලා, මං වහන්සේ ඒ විස්තර ලිව්වේ 2018 අවුරුද්දෙය; (ඒ තග දැමීමෙන් සිදු වුණු විනාශයත් එක්කම!) මීට අවුරුදු හතරකට කලින්ය.

ඒත් එදා සංජේ ගැන කිසිම දෙයක් මං කිව්වේ නැත. නමුදු අද ඔබට කියන්නෙමි. එහෙම තර්ජනය කරද්දී කේන්තියෙන් පිපිරෙමින් හිටි මං හිතුවේ, ‘ඔළුව හැරුණු පැත්තකට නොව සංජේලගෙ ගෙදරට යෑම’ ගැනය.

බිලිඳු චූටි නංගීව ගෙදරට එක්කං ආවාම; එයාගේ මිහිරි කිරිකැටි සිනාව දැක්කාම මගේ තරහව මට අමතක වුණේය.

(මේ ටික අදාළ වෙන්නේ අපේ පවුලේ කෙනෙකු මේවා කියවනවා නම් විතරය. තව දුරටත් හංගාගෙන ඉඳලා තේරුමක් නැත. අපේ සොහොයුරු සොහොයුරියන්ගෙන් මගෙ favourite එක්කෙනා දීපානිය. ඊළඟට බඩා මල්ලා; දීපාල්ය. මං වඩාත්ම අගය කරන්නේ සමන්ති නංගිවය. මගෙන් වැඩිපුරම සැලකිලි ලබන්නේ මානෙල් නංගිය.)

 ‘නංගිලා මල්ලිලා හැම කෙනෙකු වෙනුවෙන්ම රුපියල් ලක්ෂය බැගින් තැන්පත් කරන්නෙමි (1971 විතර සුනිල්, පුෂ්පා, අනිල්, අජිත්, මානෙල් හා සමන්ති)

දීපාල්- දීපානි දෙන්නා කෙරේ මසිතෙහි විශේෂ හැඟීමක් ඇති වෙන්නට දීඝායුත් හේතුවක් වෙන්නැති. බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයේදී දීඝායු ‘මා වෙනුවෙන් කළ කැප කිරීම’ තවමත් මට මහමෙරකි! මං වහන්සේ අපේ බඩාටත්, චූටිටත් දී අකුරෙන් නම් තිබ්බෙත් දීඝායුගේ නම සදානුස්මරණීය වෙන්නටය!!

දිගු කාලයක් තිස්සේ මගෙ හිතේ තැන්පත්ව තිබුණු ‘ඉටු කරගෙන මිස පස්ස නොබලන්නෙමි’යි දිවුරාගත් අධිෂ්ඨානය මසිතේ ජනිත වුණෙත් 1973ය; දීපානි නංගිගේ උත්පත්තියත් එක්කය.

‘නංගිලා මල්ලිලා හැම කෙනෙකු වෙනුවෙන්ම රුපියල් ලක්ෂය බැගින් තැන්පත් කරන්නෙමි’ කියලාය, මං එදා මටම දිවුරා ගත්තේ. (එතකොට රුපියල බාල්දු වීමක් ගැන අල්ප මාත්‍රවූ හැඟීමක්වත් මේ ගොන් හරකාට නොතිබිණි.)

“රංජි මල්ලී, අන්න සංජේ අද රෑට එනවයි කිව්වා!” ඒ ආසන්න දවසක ඒ පණිවිඩය ගෙනාවේ සිරි අයියාය.

“අද දවල්ට අම්මගේ ටිකට් කපනවයි කිව්වනෙ.”
“ඒකම තමයි සංජේ අද එනවයි කිව්වෙත්. අම්මව එක්ක ආව ගමන්ම ගුණපාලයියත් ගෙදර එයිනේ.” එහෙම කියද්දී සිරි අයියාගේ මුහුණ ඔප කරමින් තිබ්බේ ‘කින්ඩි හිනාව’කි.

පණිවිඩයෙන් කියා එව්වා වගෙම, සංජේ එදා මහ රෑ ආවේය.

ඒ දවස්වල මගේ ‘අති ධාවන කාම යෝගය’ උච්ච වෙලා, එයින් කොටසක් සංජේටත් බලපාන්නට වී තිබ්බා වගෙය! 

සංජේ කතා කරන්නට ඉසිඹුවක් ලබා ගත්තේ දිගු වෙලාවකට පස්සෙය.
“රංජි, මම අර පොතත් ඉල්ලගෙන ආවා!”

“ඔයා එනකොට මොනවත් අතේ තිබුණේ නැහැනෙ.”
“පොත සාක්කුවේ දාගෙන ආවේ...”
එවෙලේම සංජේගේ කලිසම් සාක්කුවෙන් ඒ පොත අතට ගත්තත්,
අඩ අඳුරේ යමක් කියවා ගන්නට බැරි විණි. පොත මහ විසාල එකකුත් නෙවේ. පොඩි පොතකි.

තමුසෙට අනෙක් මඟුල් ඔක්කොම අමතකයි...

“තමුසෙට පිස්සුද හලෝ... මොළයක් නැද්ද?” මං කුප්පි ලාම්පුව පත්තු කරන්නට හදද්දී, සංජේ මාව නැවැත්තුවේය. “පොතක් කිව්වොත් තමුසෙට අනෙක් මඟුල් ඔක්කොම අමතකයි. ඇයි මොට්ටයෝ කවුරු හරි ආවොත් මාව අතටම අහු වෙනව නේද... උදේට බලා ගන්නවකො ඕනි තරං.”

“එහෙනං කියනවකො, මොකද්ද ඔය පොතේ විශේෂෙ?”

සංජේ කිව්වේය. එය අසා මම භ්‍රාන්ත වීමි.

සංජේ පිටත්ව යන තුරු මං හිටියේ නොඉවසිල්ලෙනි. එයා ගියාට පස්සේ කුප්පි ලාම්පුව පත්තු කර ගන්නට පුළුවනිනෙ. ඒ එළියෙන් පොත කියවන්න ඇහැකිනෙ.

මං කළෙත් ඒකමය.
එළිය වැටෙන්නත් පෙරාතුව මං ‘මට වෙච්ච දේ’ කියවා හමාරය!

Twist!
ඔලිවර් ට්විස්ට් නොවේ. නිකම්ම ට්විස්ට්.
මට හිතෙන විදිහට නම්, මෙතැනට සුදුසුම වචනය ඒකය. ගුණපාල මලලසේකර ‘ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂය’ ඒ වචනයේ අරුත් දක්වන්නේ මෙහෙමය:

‘එකට අල්ලා ගොතනවා, වලිකනවා, (නූල් ලනු) අඹරනවා, රිදෙන සේ අල්ලා කරකවනවා, ඇත්ත පෙරළා බොරු දක්වනවා, (පාර) ඇද වෙමින් යනවා, උරුක්කර ගන්නවා...’
මට වෙච්ච දේ පොතත් එදා මේ ලියන්නාව ‘ඇඹරුවේය; රිදෙන සේ අල්ලා කැරකෙව්වේය!’

එදා; මට අවුරුදු 19ක්ව තිබියදී, සංජේ ගෙනත් දුන්නු පොත ‘අවුරුදු පහළොවක් විතර තිස්සේ’ මගෙ මතකයේ පැලපදියම්ව තිබ්බේය; වරන්-වර මතුව ආවේය; මට වද දුන්නේය. ඒ සැරෙන්-සැරේ මතුවී ඇවිළෙන ගින්නක් වෙමිනි. 

දෛවය අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද?

ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට විත්තිය අත්දැකීම් සහිත අය දනිති.

නිදිගෙ පංච තන්තරේ නිත්‍ය පාඨකයන් නම් දැනටමත් හරියටම ගෙස් කරලා ඇති. නිදි ඊළඟට ලියන්නෙ මට වෙච්ච දේ පොත ගැනයි!

හිතාදර රසික රසිකාවනි. ඔබ නිවැරදිය. හැබැයි ඊට කලින් ‘සුප්පා දේවිගේ බඩේ මයිල්’ පෝස්ටු පෙළ අවසන් කර සිටිය යුතුය.

ඒත් එහෙම කරන්නට කලින් තවත් කරුණු කීපයක් සිහිපත් කර සිටින්නැයි මගේ සිත කියයි.

ඊවා හාමු මට වැල්ලවත්ත රෙදි මෝලේ රැකියාවක් ලබා දෙන්නට උත්සාහ නොදැරුවා නම්, මගේ වෙනුවට බන්දුල ජයකොඩි එහාට යැවෙන්නේ නැත.

සේ ටීචර් රැඩිකල් නාට්‍යයක් ලියන්නැයි යෝජනා නොකළා නම් මගේ අතින් ‘සිංහබාහු’ ලියවෙන්නේ නැත.

ඒ කරුණු දෙකම සිදු නොවුණා නම් සරත් රංචාගොඩ- සංජේ දෙන්නා අපේ ගෙදරට එවෙන්නේ නැත.
එහෙම එවුණේ නැති නම් ‘මට වෙච්ච දේ’ මගෙ අතට එන්නෙත් නැත: මීළඟ posts කීපය ලියැවෙන්නෙත් නැත.

හේතු ඵල වාදය කියන්නේ මේකටද?

දෛවය අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද කියලාය, මම තවමත් කල්පනා කරන්නේ෴0෴

26 comments:

  1. ජීවිතේ, දෛවය සංකීර්ණ නැත්නම් වැඩක් නෑ කියලා තමයි අපේ අජිත් මාමා නම් කියන්නෙ.....

    https://naveensandeepakumara.blogspot.com/2022/09/blog-post.html?m=1 මේ පැත්තෙන් එන්න🤗🤗🤗🤗

    ReplyDelete
    Replies
    1. හැබැයි නිදිගේ තරම් සංකීර්ණ වෙන්න ඕනෙත් නැහැ. මේක සංකීර්ණයේ අමාරුම එක

      Delete
    2. නවීන්, දවස් තුනක් ගෙදර හිටියේ නෑ. අද ඔයාගේ blog අඩවිය පැත්තෙ එන්නං.
      අජිත්, නවීන් දෙන්නාටම ස්තුතියි.
      ජීවිතේදී අපට වෙන දේවල් අපට වුනත් දැනගන්න වෙන්නේ වුණාට පස්සෙනේ. ඒක සරලද සංකීර්ණද කියලා ඔහෙ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.....

      Delete
    3. නවීන්, ඔයාගේ අඩවියට ගිහිං මෙහෙම කවියකුත් ලියලයි ආවේ:
      තේරුම් ගන්න වලිකන තරමට දිවිය
      උත්තර යන හැඩයි ඈතට වැඩි වැඩිය
      එනමුත් මිඟිඳු සිරිතත් නරකම නැතිය
      පමණට කළ යුතුයි දිවි අවලෝකනය!

      Delete
    4. බොහොම ස්තුති නිදි මාමෙ🤗💕

      //ඒක සරලද සංකීර්ණද කියලා ඔහෙ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.....//

      අන්තිමට ඉතින් ඔහෙ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ කොහොම කරත් නේද?

      Delete
  2. දැං ඉතිං ඔක්කොම නවත්තල නිදියට වෙච්ච දේ අහන්න එපැයි. හත්තික්කේ අපිට වෙච්ච දේ.
    හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසෝ, ඒ කාලේ දියවින්නේදී මම දැක්ක දෙයක් තමයි හත්තිලව්වේ වචනේ.... ගොඩ අය නිතර කිව්වා. ඒකෙ ප්‍රභේදයක්ද හත්තික්කේ?

      Delete
  3. අපි අහුවෙයි ඕවට. ඉවසිල්ලයි උපේක්ෂාවයි අපට හොඳට හුරුයි. නිදි දාන වෙලාවක වෙච්ච දේ ලියල දාන්ඩ. හදිසියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, එහෙම කමක් නැද්ද එහෙනං?

      Delete
    2. ලිව්වොත් කියවනවා, නැත්තං නිකං ඉන්නවා. රාහුල හාමුදුරුවො කියල තියෙන්නෙ:

      කීමට උපන්නා
      එගැන අරිනුව පන්නා
      කවි රස විඳින්නා
      එසේ නැතහොත් ඔහේ ඉන්නා

      කියල...

      Delete
    3. නියම කවියක්, ස්තුතියි ඩ්රැකී!

      Delete
  4. නිදිට වෙච්ඡ දේ තමා කතාව

    ReplyDelete
    Replies
    1. ඒ ඒ කාලයේ වෙච්චි දේවලුත් එක්කම!

      Delete
  5. “දෛවය අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද කියලාය, මම තවමත් කල්පනා කරන්නේ” - නිදි අපිව අඹරන ඇඹරිල්ලත් ඊට දෙවෙනි නෑ .

    ReplyDelete
  6. “දෛවය අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද කියලාය, මම තවමත් කල්පනා කරන්නේ” - නිදි අපිව අඹරන ඇඹරිල්ලත් ඊට දෙවෙනි නෑ .

    ReplyDelete
  7. https://parikalpanaonline.blogspot.com/2022/09/blog-post_16.html

    ReplyDelete
  8. https://zutobi.com/us/driver-guides/hand-signals-driving
    https://www.tripsavvy.com/common-hand-signals-for-scuba-diving-2963222
    https://badgework.prepscouts.org/junior-scouts/national-scout-membership-badge/scout-whistle-and-hand-signals
    https://www.rookieroad.com/basketball/strategy/hand-signals/
    https://netballzug.com/2013/10/03/umpiring-hand-signals/
    https://www.google.com/search?rlz=1C1CHBD_enLK994LK994&sxsrf=ALiCzsakoIBTZQK078q-Pv4BhOtrj-IrNQ:1663572205607&source=univ&tbm=isch&q=naval+hand+signals&fir=y-U8JoHafLsLoM%252CSu-3Yw1KG8bqAM%252C_%253BCxI1QoPO5BFYjM%252CubY9Npd00lrArM%252C_%253BksPVPcscL4eiZM%252C5XL14VLRq3foNM%252C_%253B-OBjRrdUAF8trM%252CzTJN1FN7J2318M%252C_%253B4B4IDy6KJHnj4M%252C9CuFcKQTKif-bM%252C_%253B2qvI6z0F0mX8IM%252CFAJ7YZi2JLvSbM%252C_%253BOYCCtrkMmAebPM%252CiNw8xs1hP3BHCM%252C_%253B3JyyqoUKY_mJxM%252Cgg2bY9X9PYXwFM%252C_%253B0Ue0P-SjgMwAFM%252CixYYRkm6nFVHvM%252C_%253BzgeCFKtCWCC-cM%252CTAFKAkCJKpltEM%252C_%253BjlPA8EsQ8Ez0_M%252CHO8qoci3ZAab_M%252C_%253BFNR2r8p_WOnx7M%252C37I1HOps4xDi0M%252C_%253BTIaJPDPm5GsTNM%252Caud-G4zwrTs0NM%252C_%253B92MyhHMpFu2hIM%252CzjNeK4hhrzO2SM%252C_%253BefLWwO44EkZSTM%252Caud-G4zwrTs0NM%252C_%253BeRIbSLAHKTH6bM%252CixYYRkm6nFVHvM%252C_&usg=AI4_-kTAYSonxNDL42DVLauJp-DbajRWfw&sa=X&ved=2ahUKEwjzgf6yqaD6AhXVUnwKHVWvDloQjJkEegQIAxAC&biw=1280&bih=552&dpr=1.5

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ links තොගයට!

      Delete
  9. බඩේ මයිල් කවදාවත් බලන්ඩ වෙන්නේ නැති පාටයි ...... අටම්

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉස්සෙල්ලා කොටස මිස් වුණාවත්ද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්