තිලකරත්න ඩිල්ෂාන් දුර ගමනක් ගිහිං එද්දී වාහනේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. වාහනය හදන්න කෙනෙකුට බාර දීලා ඉඳිද්දී තමයි ඩිල්ෂාන් නුවන්ව දකින්නේ.
![]() |
පහළගම ගම් තුලානේ ක්‍රිකට් වීරයා වෙලා ඉන්නේ නුවන්. කොල්ලගෙ බැටින්
හපන්කම් ඉතාම අහම්බෙන් තිලකරත්න ඩිල්ෂාන්ගේ මීටරේට වැටෙනවා! |
එයා
නුවන්ට කියනවා ක්‍රිකට් පුහුණු කඳවුරු ගැන... එහෙම එකකට ගියොත් ලබා ගත හැකි
පුහුණුව ගැන. ඒ විතරක් නෙවෙයි; එහෙම පුහුණුවීමකට යන්න නුවන්ට අවස්ථාවක් සලසා
දෙන්නත් තිලකරත්න මහත්තයා පොරොන්දු වෙනවා.
වාහනය
හදවාගෙන පහළගම ගමෙන් පිටත් වෙන්න කලින්, එයා නුවන්ට බැට් පිත්තකුත් තෑගි කරනවා.
එදා
ඉඳලා විසිහතර පැයේම ඒ බැට් පිත්ත ඉන්නේ නුවන්ගේ තුරුල්ලෙමයි; කන-බොන-නිදියන ඕනෑම
වෙලාවක!
ඒ වගේමයි- කොල්ලා ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ ‘අර කැඳවුම් ලිපිය’ එනකල්...
‘ක්‍රිකට්
සාදු’ film එකේ ඔය කියපු කාරණා එකක්වත් අයන්නෙ ඉඳලා අං අඃ වෙනකල් පිළිවෙලකට
පෙන්නන්නෙ නං නෑ. තැනින් තැනකදි කියැවෙන්න අරිනවා මිසක්!
ෆිලුම පටන් ගන්නෙ ක්‍රිකට් තරගයක විස්තර ප්‍රචාරයකින්. ඒක කරන්නෙත් ගමේ ඇටිකිත්තෙක්. කෝට්ටකට අමුණාගත්තු කුරුම්බැට්ටියක් තමයි මයික් එක! 😂😂😂
ඒ
ක්‍රිකට් මැච් එක බලන්න කුමාරිත් (උදයන්ති කුලතුංග) එනවා, සෝමාත් (ගයනා සුදර්ශනී)
එක්ක. කුමාරි කියන්නෙ නුවන්ගෙ අම්මා. එයාලගෙ දුකට සැපට ළඟින්ම ඉන්න අසල්වැසි පවුලේ
හිතවතිය තමයි සෝමා.
දුම්මල
වරම් ගත්තු නුවන් (දමිතු ප්‍රනාන්දු) දිගට- හරහට බෝලෙට ගගහා ලකුණු රැස් කරද්දී
තමයි ‘ඒ ශෝකී පණිවුඩය පිටියට ළඟා වෙන්නේ’.
‘නුවන්ගේ
තාත්තට අලියෙක් ගහලා!’
මැච්
ගැහිල්ල පැත්තකට දාපු නුවනුයි, මැච් බැලිල්ල පැත්තකට දාපු කුමාරියි, සෝමායි යනවා
වෙච්ච විපත්තියේ තරම හොයන්න. ඒත් එතකොටත් වෙන්න ඕනෙ හරිය වෙලා අහවරයි.
ඊට
පස්සේ?
![]() |
බම්බලපිටියේ ධම්මවංශ (ප්‍රියන්ත සිරිකුමාර) උන්නාන්සේට ඇටැක්
කරන්නේ පිරිවෙනේම ඉන්න හාමුදුරුවන් (තරිඳු කාවින්ද ගමගේ) වහන්සේ නමක්. |
කුමාරි
කියන්නෙ ඇහැට-කනට පේන, සිරියාව වෑහෙන අංගනාවියක්. ගමේ කඩේ මුදලාලි (ලලිත් ප්‍රේමතිලක)
ගෙ ඇල්ම-බැල්මටත් ලක් වෙන්න තරං අංග පුලාවක් එයාට තියෙනවා. ඉතිං, දවසක්දා
රාත්තිරියේ මුදලාලි කුමාරිලගේ ගෙදරට එනවා- පැහැදුම් මල්ලකුත් අරගෙන. ඒත් කුමාරි හදන්නේ
‘ගුණේ රැකන් ඉන්නයි මළ හිමිගේම’.
කුමාරි බොහොම අසීරුවෙන් ‘මද කිපිල ඉන්න මුදලාලි’ව ගෙයින් එළියට තල්ලු කරලා දොර වහද්දියි මුදලාලි තුරුම්පු ආසියාවම ඇදල ගන්නෙ...
එතකොටයි
චිත්‍රපටය බලමින් ඉන්න ප්‍රේක්ෂකයන් දැනගන්නේ ‘කුමාරිලගේ ගෙදරත් මුදලාලිට උගස්
කරලා තියෙන විත්තිය’. උගස බේරගත්තේ නැත්තං හෙම නුවන්ලට ඉන්න හිටින්න හෙවණක් නැති
වෙනවා...
උගස
බේරා ගන්න නෙවෙයි, එදා එදාට කන්න බොන්න විදිහක්වත් නැතුව ඉන්න කුමාරි තීරණේ කරනවා
රස්සාවකට යන්න. එතකොට නුවන්?
කුමාරිට රස්සාවක් හොයා ගන්න වෙන්නේ දුර පළාතකින්. ඒ පැත්තෙන්ම බෝඩිමකුත් හොයාගන්නයි
කුමාරිට සිද්ද වෙන්නේ. ඒ වංගියේම නුවන්වත් එහාට එක්ක යන්න පුළුවනියැ?
බැහැනේ! ඒ හින්දයි කුමාරි ටික දොහකට හරි නුවන්ව ගමේම නවත්තලා යන්න ඇහැකි තැනක්
හොයන්නේ... පහළගම ගම් පියසෙ ඔහොම දේවල් ටිකක් වෙද්දී...
නගරබද
පිරිවෙනක ඉන්න ස්වාමීන් වහන්සේලා අතර වාදයක්!
බම්බලපිටියේ ධම්මවංශ (ප්‍රියන්ත සිරිකුමාර) උන්නාන්සේට ඇටැක් කරන්නේ පිරිවෙනේම
ඉන්න හාමුදුරුවන් (තරිඳු කාවින්ද ගමගේ) වහන්සේ නමක්. කතාවෙන්ම තේරෙනවා එතුමා ධර්මධර
උන්නාන්සේ කෙනෙකු නොවෙන බව; අද කාලේ ඉන්න බොහොමයක් ස්වාමීන් වහන්සේලා වගේම- වාග්
සංවරයෙන් පවා තොර බව...
ඒත්
ධම්මවංශ හිමියන් නම් ධර්මය දන්නා; ඒ ධර්මය පිළිපදින (සුපටිපන්න ගුණයෙන් යුතු) බුද්ධ
පුත්‍රයෙකු විත්තිය අපට හැඟෙනවා, එතුමන්ගේ පළමුවෙනි දර්ශනයේදීම. (මට නං කවියකුත්
සිහි වුණා ඒ දර්ශනය වෙලාවේ.)
‘මුනිඳු
දෙසු
විලසින
මහඟු පිළිවෙත් සුරකින
අරිය අට සඟ
ගණ
සුපටිපන්නය කියා පැවසිණ’
එතැනදී
ධම්මවංශ උන්නාන්සේ කියා සිටිනවා ‘ධර්ම සංවාදයක්’ කරන්න වුණත් තමන් වහන්සේ සූදානම්ය
කියලත්.
ආන්න එහෙම කීමෙන් තමයි ධම්මවංශ හාමුදුරුවන් පොට වරද්ද ගන්නේ!
ඉතිං
අර චීවරධාරී උන්නාන්සේ විජහනියෙන්ම ගිහිං පිරිවෙනේ ලොකු හාමුදුරුවන් (සනත්
ගුණතිලක) වහන්සේට කේලම කියලා ගිනි අවුළවනවා!
ලොකු හාමුදුරුවන් වහන්සේ කෙලෙස් තවන නෙවෙයි, කෙලෙස් වඩන කෙනෙක්... එවෙලේත්
උන්නාන්සෙගෙ අවධානය තියෙන්නේ ගන්නට යන අලුත්ම වාහනේ ගැනයි.
![]() |
නමුත් ‘ක්‍රිකට් සාදු’ ෆිලුම ගැන ප්රචාරක කටයුතු නං ගැම්මක් ඇතිව
නොකෙරුණු ගාණයි. (ඒ මට දැනුණු විදිහයි, හොඳේ.) |
එදා
රෑ ෆිලුම ගැන පෝස්ටු තුනක් ලියලා ඉවර වෙච්චි ගමන්ම මං තවත් film එකක් ගැන ලියන්න ගත්තෙත් ‘මේ
සංඝ සංසදි’ හින්දමයි. (මේ සංගදි අපේ සමාජයට කොච්චර ලොකු බලපෑමක් කරලද කියලා පෙනෙනවා
‘සංඝ පාතාලය’ කියන අලුත් යෙදුම ජනගත වීමෙන්ම.)
ක්‍රිකට්
සාදු කියන්නෙ අපේ රටේ ඕනෑම තැනකදි සිද්ද වෙන්න ඉඩ තියෙන දෙයක් ‘වස්තු බීජය’ කරගත්
ෆිලුමක්.
‘කන්ට සූත්තර නිකායේ -සූත්තර පාරන උන්නාන්සේලා’ ගැන වගේම ‘සුපේශල ශික්ෂාකාමී බුද්ධ
පුත්‍රයන් වහන්සේලා’ ගැනත් කියැවෙන ෆිලුමක්.
ඒ වගේමයි- අසරණ බෞද්ධයන් කබලෙන් ළිපට වැටුණාම ගැලවෙන්නට කරන ‘පිදුරු ගහෙත් එල්ලෙන පන්නේ’
දේවල්... සිල්වත් සංඝයා වහන්සේ කෙනෙකුට පවා බලපාන හැටිත් මේ film එකෙන් අපූරුවට
කියැවෙනවා.
උපදේශාත්මකව නෙවෙයි. සිනමාත්මකව- ඉතාම සංවේදී ලෙසින්...
නමුත්
‘ක්‍රිකට් සාදු’ ෆිලුම ගැන ප්රචාරක කටයුතු නං ගැම්මක් ඇතිව නොකෙරුණු ගාණයි. (ඒ මට
දැනුණු විදිහයි, හොඳේ.)
එදා
රෑ ෆිලුමේ promotion කැම්පේන් එක අති ප්‍රබලයිනෙ. ඒ නිසා වෙන්නැති දවස්
කීපෙකින්ම සිනමා ශාලාවල දවසකට දර්ශන වාර හතරක් ’එදා රෑ’ film එකට ලැබෙද්දී, ‘ක්‍රිකට්
සාදු’ට එකම එක දර්ශන වාරයක් විතරක් ලැබෙන්න ඇත්තෙත්. (ඒකත් එපා වාහෙට හොදි බෙදනවා
වගේ- දවල් 1.00ට හරි 3.45ට හරි)
රාජකාරියකට යන කෙනෙක් නං ඒ වෙලාවට ක්‍රිකට් සාදු බලන්න යන්න වෙන්නේ නිවාඩු දාලා!
එහෙම යන්නෙ ඉතිං මං වහන්සේ වගේ පික්චර් පිස්සෙක් මිස වෙන කවුද?
ඉතිං
ආයෙමත් අපි පීල්ලට වැටෙමුකො...
සෝමා තමයි කුමාරිට පෙන්නල දෙන්නේ ප්‍රශ්නවලින් ගොඩ එන විදිහක්. ‘පහළගම ගමේ තියෙන පන්සලේ
නුවන්ව මහණ කරවමු!’
මුලදි
මුලදී මේ යෝජනාවට අකැමති වෙන කුමාරි, අන්තිමේදී අන්ත අසරණකම නිසාම ඒ අදහස
පිළිගන්නවා. එතකොට නුවන්?
අනේ ඒ දරුවා බෑ කිව්වට කවුද ගණන් ගන්නේ...
![]() |
උන්නාන්සේලා දෙන්නම පොඩි සාදුගේ; සද්ධාමිත්ත හාමුදුරුවන්ගේ ක්‍රිකට්
පිස්සුව ගැන තරහ ගන්නෑ! |
අර
මුලින් කියාපු පිරිවෙනටම අයිති, මේ ගමේ පන්සලත් හරිම අසරණයි. ස්වාමීන් වහන්සේ නමකගෙ
පැවැත්ම සඳහා අවශ්‍ය ‘සිව්පසය’ පවා හරියට නොලැබෙන ගණනයි. පන්සලේ වැඩ සිටින්නෙත්
මෙලොවට වඩා එලොවට කිට්ටු වයෝවෘද්ධ හාමුදුරුනමක් (හේමසිරි ලියනගේ).
උන්නාන්සෙගෙ යටතේ නුවන් කුල පුත්‍රයාව ‘පහළගම සද්ධාමිත්ත’ නමින් සසුන්ගත කරන්න පිරිවෙනේ
ලොකු සාදුගෙ අනුමැතියත් ලැබෙනවා.
විශේෂයෙන්ම
ධම්මවංශ හාමුදුරුවන්ව පිටු දකින්නත් ඒ අවස්ථාව උන්වහන්සේ යොදා ගන්නවා. සද්ධාමිත්ත
සාමණේර නමගේ කටයුතු බලා-කියාගන්නයි කියලා ධම්මවංශ හිමියන්වත් පහළගම පන්සලට එවනවා.
ධම්මවංශ
උන්නාන්සේ, නායක හාමුදුරුවෝ තමන්ට පවරන දෙයකට කීකරු වෙන තරමට හැදියාවක් තියෙන
කෙනෙක්. ඉතිං උන්නාන්සේ කෙඳිරි නොගා පහළගම පන්සලට වඩිනවා. පන්සලේ ඉන්න ලොකු සාදු
පුළුල් ධර්මාවබෝධයක් වගේම, ජීවිතාවබෝධයකුත් තියෙන අපිස් යතිවරයෙක්... ධම්මවංශ
හිමියනුත් ඒ වගේම කෙනෙක්නෙ...
උන්නාන්සේලා දෙන්නම පොඩි සාදුගේ; සද්ධාමිත්ත හාමුදුරුවන්ගේ ක්‍රිකට් පිස්සුව ගැන
තරහ ගන්නෑ! ඒක අපාගත වෙන්න තරමේ මහ ලොකු පාප කර්මයක් විදිහට සලකන්නෙත් නෑ!!
හිසකෙස්
සේරම ගාලා දැම්මත්, සිවුර පෙරෙව්වත්, පහළගම සද්ධාමිත්ත කියලා අලුතින් නමක් දුන්නත්
නුවන්ගෙ ක්‍රිකට් ආදරේ බිංදුවක්වත් වෙනස් වුණේ නෑ... එයා බැට් පිත්ත තනි කරන්නෙත්
නෑ. පුළුවන් හැම වෙලාවකම ක්‍රිකට් පුරුදු වීම නවත්තන්නෙත් නෑ.
ධම්මවංශ හාමුදුරුවොත් සද්ධාමිත්ත පොඩි හාමුදුරුවන්ට බණ දහම් කියාදෙන අතරේ, ක්‍රිකට්
සෙල්ලමටත් උපදෙස් දෙන්නයි, උදව් වෙන්නයි පටන් ගන්නවා.
ඒ එක්කම
පහළගම සද්ධාමිත්ත සාමණේර උන්නාන්සේත් හෙමින්- හෙමින් පැවිදි ජීවිතේ ගැන තේරුම්
ගන්න පුරුදු වෙනවා.
ඔන්න
ඔය කාලෙදිමයි පොඩි සාදු මඟ බලමින් උන්නු ලියුම හම්බ වෙන්නේ. ක්‍රිකට් පුහුණු
කඳවුරකට සහභාගි වෙන්නැයි කියන ලිපියයි ඒ.
එතෙන්දි
තමයි ප්‍රශ්න වැලකටම මුහුණ පාන්නට වෙන විත්තිය ධම්මවංශ හාමුදුරුවන් වහන්සේට
පෙනෙන්නේ...
1. පොඩි හාමුදුරුවන්ව තනියම යවන්නත් බෑ. / සිවුර පිටින්ම යවන්නත් බෑ.
2. පොඩි උන්නාන්සේගේ අම්මට හරි, භාරකාරයා විදිහට වෙනින් කෙනෙකුට හරි යන්න වෙනවා.
කුමාරිට එන්න බැරිකම නිසා භාරකාරයා විදිහට යන්න වෙන්නෙත් තමන්ටමයි. ඒත් තමන්
වහන්සේට වුණත් සිවුර ඇඳගෙන ඒ ගමන යන්න බෑ.
3. ඒ
මේ ප්‍රශ්න තියෙනවය කියලා පොඩි සාදුගේ ක්‍රිකට් හීනය බොඳ වෙලා යන්න දෙන්නත් බෑ නෙව.
![]() |
ආදායම් අතින් මේ නිර්මාණයට මොකද උනේ කියන්න මට වැටහීමක් නෑ, හැබැයි මීට වඩා දුවන්න ඕන වැඩක් මේක. |
ඒත්
ඒ වෙනුවට ‘ක්‍රිකට් සාදු’ film එක බලලා ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු දක්වා තිබුණු
අදහස් ටිකක් කියන්නංකො. මේ ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ අදහස්:
‘දැනට තිරගත වන ‘ක්‍රිකට් සාදු’ චිත්‍රපටය, විරල කතාවක් සහිත නැවුම් සිනමා අත්දැකීමක්
ලෙස මට හැඟේ. සිනමා බස මෙහි හොඳින් හසුරුවා ඇත. කැමරාකරණය අලංකාරය;
සිනමානුරූපීය.
සංගීතය තරමක් ගොරහැඩි වුවත් එයත් අළුත් අත්දැකීමක් ලෙස විඳින්නට අපහසු නැත. මනා සංයමයකින්
යුතුව ප්‍රියන්ත සිරිකුමාර කරනු ලබන රඟපෑම විශිෂ්ටය. සනත් ගුණතිලක ඇතුළු අනෙකුත් සියළු
නළු නිළියන්ගේ රඟපෑම්ද ඉහළය.
හොඳ සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස දිල්ශාර ජයමාන්න සිනමාවේ රඳවා ගතයුතු අයෙකු
ලෙස සනාථ කර තිබේ. නිෂ්පාදකවරයෙකු ලෙස රසිත ජිනසේනද ක්‍රිකට් සාදු ඔස්සේ සිනමාවට විශාල
දායකත්වයක් ලබා දී ඇත.
දරුවෙකුගේ අහිංසක අරමුණක් හා සිහිනයක් වෙනුවෙන්, චීවරය හා බැඳුණු විනය අභිබවා හැඟීම් ඉස්මතු
වූ සංවේදී කතාවක් ඇතුළත් වුවත්, ‘ක්‍රිකට් සාදු’ අපගේ සිනමාවට කිසියම්
වෙනසක් එක් කළ ගුණාත්මක චිත්‍රපටයක් ලෙස හඳුන්වා දෙන්නට මම කැමැත්තෙමි.’
අනුරාධ
සංජය සේනානායක රසික මහතාගේ ප්රතිචාරයයි මේ:
‘පහුගිය දවසක ක්‍රිකට් සාදු බලන්න ගියා.
හෝල් එක පුරවලා හිටියේ පොඩි ළමයි.
ඇත්තටම ඒ ෆිල්ම් එක පෙන්නන්න ඕන දෙමව්පියන්ට මිසක් පොඩි ළමයින්ට නෙමේ.
හැබැයි ඉතින් බලපු වැඩිහිටියොන්ගෙනුත් කීයකින් කීයකට කතාවේ පණිවිඩය ඔළුවට ගියාද කියලත්
මට නම් සැකයි.
ආදායම් අතින් මේ නිර්මාණයට මොකද උනේ කියන්න මට වැටහීමක් නෑ, හැබැයි මීට වඩා දුවන්න ඕන වැඩක් මේක.
ප්‍රචාරණය හරි විදියට උනේ නැද්ද නැත්නම් වෙන කරුණක් බලපෑවද කියන්න බෑ,
දේවල් ගැන හරියටම නොදැන’
විද්‍යාව
ආචාර්ය / වෛද්‍ය කිත්සිරි දිසානායක මහත්තයා නම් දිගම දිග ලිපියක් ලියලා
තිබ්බේ. ඒකෙන් මං උපුටා ගත්තේ ටිකක් විතරයි:
‘... “ක්‍රිකට් සාදු” බලලා මට හිතුණේ මේක නිකම්ම Film
එකක්
නෙවෙයි කියලා.
මේ Film එක ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. විරුද්ධ
අදහස් තියෙන්න පුළුවන්. ඒ හැම අදහසකටම මම ගරු කරනවා.
නමුත් මගේ පෞද්ගලික අදහස නම්, ලංකාවේ හැමෝම මේ Film
එක බලන්න
ඕනේ.
මොකද මේ Film එකට අපි කැමති වුණත්, අකමැති වුණත්, අපේ සමාජයේ තියෙන යම් යථාර්ථයක් ගැන ප්‍රශ්නයක්
අහනවා.
![]() |
ඇයි මේ වගේ Film හදන්නේ? ඇයි මේවට ස්වාමීන් වහන්සේලාවත්
ගාවගන්නේ? |
“ඇයි මේ වගේ Film හදන්නේ?
ඇයි මේවට ස්වාමීන් වහන්සේලාවත් ගාවගන්නේ?” කියලා.
මට නම් හිතෙන්නේ සත්‍යය හැම වෙලාවෙම ලස්සන නැහැ. සමහර වෙලාවට සත්‍යය හරිම
කටුකයි. හැබැයි ඒක ගැන කතා කරන්න අපි බය වෙන්න හොඳ නැහැ.
ලංකාවේ නැතිබැරිකම නිසා, දෙමව්පියන් අහිමිවීම නිසා, දරුවෙකු බලාගැනීමට නොහැකි පවුල් තත්ත්වයන්
නිසා, කුඩා වයසේදී මහණ ජීවිතයට යන දරුවන් කොච්චර ඇතිද?
ඒත් ඒ දරුවන් ඇත්තටම ඒ ජීවිතයට කැමතිද? ඒක තමයි මට මේ Film
එකෙන්
හිතන්න බල කළ ලොකුම ප්රශ්නය.
දරුවාගේ හිතේ තියෙන්නේ වෙනම ලෝකයක් නම්?
ඔහුට සෙල්ලම් කරන්න ඕනේ නම්?
ක්‍රිකට් ගහන්න ඕනේ නම්?
ඔහුගේ ළමා කාලය තුළ ඔහුට ජීවත් වෙන්න ඕනේ නම්?
එහෙම දරුවෙක්ව ඔහුගේ කැමැත්තට විරුද්ධව යම් ජීවිතයකට කොටු කිරීම සාධාරණද?
මම කියන්නේ කිසිම ආගමකට හෝ ආගමික ජීවිතයකට අපහාසයක් කරන්න නෙවෙයි. අපි
දරුවාගේ හිත ගැනත් හිතන්න ඕනේ කියන එකයි.
Film එකේ මට හරිම සංවේදී වුණ තැනක් තමයි අම්මාගේ
කඳුළුත්, දරුවාගේ කඳුළුත්, ඒ දෙකම දකින ලොකු හාමුදුරුවන්ගේ අසරණකමත්.
අම්මා කැමති නැහැ.
ලොකු හාමුදුරුවෝත් මේ තත්ත්වයට කැමති නැහැ.
හැබැයි හැමෝම තම තමන්ගේ විදිහට අසරණයි.
ඒක මට හරිම ලස්සනට ලියපු, හිතට දැනෙන කතාවක් වගේ හිතුණා.
ඒ වගේම නුවන් කියන්නේ ක්‍රිකට්වලට පුදුම ආසාවක් තියෙන දරුවෙක්. ඔහුගේ අතේ තියෙන්නේ Bat
එක.
හැබැයි ඔහු යන්නේ වෙනම ලෝකයකට.
“Bat එකක් පන්සලට අරගෙන ආවොත් භාවනා කරන්නේ නැහැ, ගාථා පාඩම් කරන්නේ නැහැ” කියලා හිතලා ඒ
Bat එකෙන්වත් ඔහුව ඈත් කරන එක කලේ නෑ,
ඔහුට ඒ අධ්‍යාපනික දේවලුත් සමතුලිතවම කියල දුන්නා, හැබැයි චීවරයට නොගැලපුනත් පොඩි දරුවෙක්
විදිහට ආස දේටත් ලොකු අවදානමක් අරගෙන අවස්ථාව හදල දුන්නා…
Cricket එකෙන් ලියුම එද්දි, හාමුදුරුවෝ ඒ ලියුම ඉරල, වැවට විසි කරල, ඒ දරුවට ගාථා පොතක් අතට දුන්න නම්, සමහරවිට මුලු කාලයම චීවරයට වෛර කරාවි, ඒක දරුවාගේ හිතට මොන තරම් වේදනාවක් වේවිද?
ඒත්... චීවරය අත් හැරල Cricket තෝර ගනිද්දි, ඒ සිවුර ගෞරවාන්විතව හාමුදුරුවන් අතට පත්කලේ
බුද්ධ ශාසනයේ ගවුරවය තම අවශ්‍යතාව එක්ක විනාශ නොකර යා යුතු නිසානේ...
![]() |
| “එන්න, බලන්න, විමසන්න.” |
චීවරය අත් හැරල, දහම විකෘති කරන්න උත්සාහ කරනවා.
මේ ළඟදි මම tiktok එකේ දැක්ක දෙයක්.
විශ්ව බුද්ධ නම් නමකින් හිටි කෙනෙක්, පුදුම විකෘතියක් කරන්නෙ මේ බුදු දහම.
එහෙව්, අයට... මුලු රටකට හොඳම පාඩම් ගොඩක් මේ තිර රචනය
තුල තියෙනවා
මට නම් මෙතනදි බුදු දහමේ තියෙන ඉතාම වැදගත් අදහසක් මතක් වෙනවා.
“එන්න, බලන්න, විමසන්න.”
අන්ධව පිළිගන්න කියන දර්ශනයක් නෙවෙයි බුදු දහම. තමන්ට තේරුම් ගන්න, විමසන්න, අවබෝධ කරගන්න ඉඩ තියෙන දර්ශනයක්.
ඒ නිසාම මට හිතෙන්නේ, ආගමික ජීවිතයක් වුණත් බලහත්කාරයෙන් හිර
කර තබන දෙයක් නොවිය යුතුයි.
කැමැත්තෙන් එන කෙනාට එන්න පුළුවන්.
තමන්ට ඒ මාර්ගය නොගැළපෙන බව තේරුණොත්, ඒ ගැනත් සාධාරණව සිතන්න පුළුවන්.
අවසානයේ, දරුවෙක් කියන්නේ දරුවෙක්. ඔහුටත් සිහින
තියෙනවා. ඔහුටත් ආස දේවල් තියෙනවා.
ඔහුටත් තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න දවසක් එනවා.
අනික සද්ධාමිත්ත හාමුදුරුවො බලාගන්න ආපු ඒ ස්වාමින් වහන්සේ කලේ විනය නීති
කැඩෙන දෙයක් තමයි, හැබැයි ඒ දේ වැරදිද ? වැරදි අරමුනකට කලිසමයි ශර්ට් එකයි මාරු
කලාද ?
නෑ...
කරන්න දෙයක් නැතිකම නිසා, දරුවගෙ සතුට වෙනුවෙන් ඒක කලේ කියන එක සමාජ
ගත වුණේ...
මොකද අර පිට්ටනියෙදි දිනක්ශි පේර කෑල්ලක් දෙනකොටත් දානයට සුදුසු වෙලාවක්ද
කියල බලලයි ඒක වැළඳුවේ...
ඒ වගේම, පරිවෙනාධිපති හිමියන් මේකෙ බැරෑරුම්කම තේරුම් කරද්දි, නිහතමානීව තමන් අතින් වරදක් නොවුනත්, වරදක් වුන බව දැනුන නිසා සාසනයෙන් වැදගත්
විදිහට ඉවත් වුනා.
ඒත් ඇත්තටම චීවරය ආභරණයක් කරගෙන වැරදි වෙලත් ඒකෙම එල්ලීගෙන ඉන්න උත්සාහ
කරන අය කොච්චර නම් ඉන්නවද ?
ඒ එක්කම,
අර සමනලී (දිනක්ශි) ගෙ කලින් ස්වාමියා (සම්පත් ජයවීර) මේ සිද්දිය වීඩියෝ කරල වෛරල්
කරනවා...
ඒකත් සමාජයට හොඳ පාඩමක්නේ?
කරන්නෙ හොඳ අරමුනකින්, හොඳ දෙයක් වුනත් තමන්ගේ පහත් අරමුනු වෙනුවෙන්
ඒව ලොකූ ඛේදවාචක විදිහට සමාජයට Gossip බවට පත් කරන ජරා සමාජයකුත් අපි වටා ඉන්නව
කියන එක ඒකෙන් ඉස්මතු කරපු Film එකක්!
![]() |
“ක්‍රිකට් සාදු” Film එක මට නම් Film එකකට වඩා අපි හැමෝගෙන්ම ප්‍රශ්නයක්
අහන කැඩපතක් වගේ... |
කිත්සිරි
මහත්තයාට විතරක් නෙවෙයි- මටත් හැඟුණේ එහෙමයි. හැබැයි මේ film එක අපෙන් අහන්නේ එක ප්‍රශ්නයක්
නෙවෙයි, ප්‍රශ්න වැලක්.
හරි වැරැද්ද ගැන- නීති රීති ගැන- සමාජ සම්මතයන් ගැන ප්‍රශ්න වැලක්... ඒ නිසාමයි ‘නිදිගෙ
පංච තන්තරේ’ කියවන සහෘද ඔබ සැමගෙනුත් ඉල්ලා සිටින්නේ පුළුවන්කමක් තියෙනවා නං ‘ක්‍රිකට්
සාදු’ නරඹලා ‘අවංක හෘද සංවාදය’ක යෙදෙන්නය කියලා෴0෴







