li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, February 23, 2023

ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!

“අම්මව දෙනවයි කිව්වා නං තාත්තව ගස් බැඳලා හරි දියං පුතේ!” අපේ තාත්තා අපට ඉගැන්නුවේ එහෙමය.

ඒ කීමේ උඩින් කියවෙනවාට වැඩි දෙයක් යටින් කියවෙන බවයි, ඒ කාලේ හිටම මට දැනුණේ. ‘කරන්නට බැරි දෙයක් කරනවයි කියල නොකියා හිටපං! යමක් කියන්න කලින් දෙතුන් වතාවක්වත් හිතා බලපං!! යමක් කරනවයි කිව්වා නං බෙල්ල ගහලා ගියත් ඒක කරපං!!!’ අපේ තාත්තාගේ කීමෙන් මං වහන්සේ අරගත්තු පාඩම් දෙක-තුන එහෙමය.

අවුරුදු 823කට වාරයක් එළඹෙනවා යැයි කියන මේ පෙබරවාරියේ මුලම දවසකත්...

ඒ වුණත් හිටි ගමන් ඔය පාඩම මට අමතක වෙන වෙලාවලුත් එයි!

අවුරුදු 823කට වාරයක් එළඹෙනවා යැයි කියන මේ පෙබරවාරියේ මුලම දවසකත් මට එහෙම වුණේය.
(දැන් ඉතිං ඉස්සෙල්ලම මේ පෙබරවාරියේ විශේෂත්වය කියලා හිටින්නට වෙයි).

මේ පෙබරවාරි මාසයට සඳුදාවන් හතරකි; අඟහරුවාදාවනුත් හතරකි. බදාදා- බ්‍රහස්පතින්දා- සිකුරාදා- සෙනසුරාදා- ඉරිදා දවසුත් හතර බැගින් මේ පෙබරවාරි මාසයට තිබෙයි! ආයෙමත් මෙහෙම පෙබරවාරි මාසයක් එන්නේ 2846දීය.
එතකොට මේ ලියන මං වහන්සේ කොහේ- කොහොම ඉඳීවිදැයි අනුමාන කර ගන්නටවත් මට නං බැරිය. හැබැයි අනාගතයේ අවුරුදු ගණනාවක් ගැනත් කියන්නට හැකියාව ඇති; තව චිරාත් කාලයක් ජීවත් වෙන්නට බලා ඉන්නා ජනපෙතිතුමෙක් දැන් පහළවී සිටියි. උන්නැහෙව මුලිච්චි වෙන වාසනාව මේ ලියන මොට්ට ගොබිලාට ලැබුණොත්...
එතුමාගෙන් අහන්නේ ‘එතකොට සිරි ලංකාව කොහොම තියෙයිද’ කියලාය! (උන්නැහෙ හිතන්නේ එතුමාට අමර වරමක් ලැබිලා කියලාය!)

අවුරුදු පහක් තිස්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ට blog posts 565ක් ලියලා තියෙන නිසා, මං හිතුවේ මේ post එක ලියන එකත් අමාරු නොවෙනු ඇතියි කියලාය.
“දහනායක මහත්තයෝ. මෙහෙම අහන්න සුදුසු වෙලාවක් නං නෙවෙයි මේ. ඒත්... අහනවා. කමක් නැද්ද මම නදීකා ගැනත් blog එකට ලිව්වට.” මම උපුල දහනායක හිතවතාගෙන් ඇසුවෙමි. (
විදුරංග ගැන මට කීවේත් මේ දහනායක හිතවතාය.)

“අනේ නිමල් අයියේ, ඔයාට ඕනි දෙයක් ලියන්න....” එතකොට දහනායක කිව්වේය.
ඒ නදීකාගේ මෘත දේහයේ උණුසුම නිවෙන්නටත් කලින්මය.

මට මෙහෙම පෝස්ටුවක් ලියන්නට හිතුණේ දහනායකගේවත්, නදීකාගේවත්, පුතාලා දෙන්නාගේවත් හිත හොඳ කරන්නට නොවේ. ඒ පවුලේ තිබුණු- තවමත් තියෙන අතිශය සොඳුරු බව නිසාය. ආදරණීය බව නිසාය. මට හිතෙන විදිහට නම්, ඒ සොඳුරු බවට; ඒ වාසනාවන්තකමට ප්‍රධානම හේතුව නදීකා නංගිය.

ඒ කැදැල්ලේ සිරියාවන්තකම ගැන පාඩම ලොවටම කියන්නට.. (2023 ජනවාරි 22 බෙල්ලන්විලදී)

මා ඇය ගැන ලියන්නේ ඒ කැදැල්ලේ සිරියාවන්තකම ගැන පාඩම ලොවටම කියන්නටය. (මේ සොඳුරු බව අපේ පවුලේ නම් කොයි- කවරදාකවත් නොතිබුණු බව නිදිගෙ පංච තන්තරෙන්-  නසරානි මගේ ජීවිත කතාව කියවා ඇති දයාබර පාඨක ඔබට දැනටමත් රහසක් නොවේ.) අද්‍යතන පරම්පරාවට පෙන්වා දිය යුත්තේ මෙවන් ආදරණීය; ආදර්ශවත් ප්‍රේමයන්; පවුල් සංස්ථාවන් ගැනයි! බිතු සිතුවම් රූ විලස පිටු නොපා පවතින මිතුරුදම් ගැනයි, වෙසෙසින් උලුප්පා දැක්විය යුත්තේ!!    

ඉතිං, නදීකා නංගිගේ අකල් වියෝව කම්පනයක් වුණාට මේ තරමටම හද පාරවන කම්පනයකියි, මට හිතුණේ නැත; දැනුණේත් නැත. සති දෙකක්ම ගත වී ඇතත්, මා ඇය ගැන මේ පෝස්ටුව ලියන්නේ පුදුමාකාර අසීරුවකිනි.
සහතිකය! දවස් කීපයක් තිස්සේ එක අකුරක්වත් කොටා ගන්නට බැරිවය මං හිටියේ. දැනුත්... විටින්-විට නවත්තමින්ය, මේ පෝස්ටුව ලියන්නේ.

‘එක්වීමක රැඳෙයි වෙන්වීමක සේයා
හැටි එහෙමයි සුහද, මේ ලෝකයෙ මායා’ ඉස්සර ඉස්කෝල කාලේ සිසු-සිසුවියන් අතර හුවමාරු වුණු ‘සමරු පොත්’වල නොවරදවා දකින්නට හැකි වුණු කවි දෙපදයක් මට ආයෙමත් මතක් වෙන්නේ ඇයි? ඒ සනාතන දහම පරම සත්‍යයකියි දැනගෙන හිටියත් එය පිළිගන්නට මගේ සිත මැළි වෙන්නේ ඇයි?

අවුරුදු 49 කියන්නේ මැරෙන්නට වයසක්ද? නදීකා මියගියේ එවන් අඩු වයසකදීය.

“අනේ නිමල් අයියේ, නදීකා අක්කගේ මරණේ ගැන ආරංචි වෙච්ච ගමන්ම මට හිතුණේ හෙට අපිට මොනවා වෙන්න බැරිද කියලයි.” ප්‍රියන්තගේ බාලම නැඟණිය මැණිකේ මළ ගෙදරදී මට කිව්වාය.
“ඇත්තමයි, ජීවිතේ ගැන හරියටම තේරුම් යන්නෙ මේ වගේ වෙලාවටයි නිමල් අයියේ.” තවත් අරුත්බර ප්‍රකාශයක්. කෙරුණේ කාගෙන්දැයි නිශ්චිතවම මතක නැත. රසිකා, මාලිකා, දිනේෂා, බබිතා, උදේනි වගේ ගොඩ දෙනෙකු එහෙමත් හූල්ලමින් එතැන හිටි විත්තිය නං මට මතකය.

නදීකාගේ මෘත දේහය තැන්පත් කර තිබුණේ බොරලැස්ගමුව මල් ශාලාවේය. ආදාහනය කෙරුණේ උඩහමුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගරයේය.

මඟදි මොනවා වෙයිද කියලා කවුද බං දන්නේ?

“අපේ අම්ම මරණය ගැන හිතුවේ හරිම සැහැල්ලුවෙන්. අපි ගෙදරින් එළියට යනකොට කියනවනෙ ‘යන්නං’ කියලා. දවසක් ඒක ඇහුණාම කරුණා නැන්දා කිව්වා ‘එහෙම කියන්න හොඳ නෑ රෙහාන් පුතේ. ගිහිං එන්නම් කියල කියන්න’යි කියලා. අංකල්ලා දන්නවද එතකොට අපේ අම්මා හිනාවෙලා කිව්ව දේ.

‘ඔහෙ කියපුදෙන් කරූ, මඟදි මොනවා වෙයිද කියලා කවුද බං දන්නේ?’”

මරණය ඕනෑම මොහොතක අප සොයා පැමිණිය හැකි බව නදීකා දැනගෙන හිටියාද? “අපේ ආච්චියි සීයයි, අම්මයි තාත්තයි ඔක්කොමලා ඉන්නේ උඩහමුල්ලේ කනත්තෙනෙ. මම මළාමත් එහෙට ගෙනියන්න.” නදීකා නිකමට වාගේ පුතාලාට කියා තිබිණි.

“පෙබරවාරි හය වෙනිදත් අම්මගෙන් මරණෙ ගැන කතාවක් කියැවුණා, නෙවිල් අංකල්. අම්මා අයියගෙනුයි, මගෙනුයි ඇහුවා හදිසියේ මං මළොත් ඔයාල මොකද කරන්නෙ කියලා. අයියා කිව්වා කාගෙ කවුද දන්නෙ නැහැයි කියල body එක ඉස්පිරිතාලෙකට ගිහිං බාර දෙනව- එතකොට කරදර අඩුයිනෙ කියලා. තාත්ත ගෙදර ආව ගමන්ම අම්ම එයාටත් කිව්වා ‘බලන්න සුදූ, මුන් දෙන්නා මට සලකන්න යන විදිහ’ කියල. එතකොට තාත්තත් අපේ පැත්තටම කතා කරලා අම්මව ඇවිස්සුවා.”

මරණය ගැන නිතර කතා කළ නදීකා නංගිට, බොරලැස්ගමුව මල් ශාලාවේදී අවසන් ආචාරය පුදන්නට ගිය මට සිදු වුණේ කිසිසේත් බලාපොරොත්තු නොවුණු දෙයකි. මරණ මංචකයේ වැතිර සිටි නදීකා නංගීගෙන් පළ වුණේ පුදුමාකාර සජීවී බවකි. ඒ සජීවී මුහුණ දෙස එක නිමේෂයකට වඩා බලා හිඳින්නට ශක්තියක් මට තිබුණේ නැත. මම වහාම ආපසු හැරුණෙමි.

ඔයා අපට නම් ටික ලියල දීපු කොළෙත් නදීකා ළඟ තවම තියෙනවා.

“ඒ තරමටම එයා පණ පිටින් වගෙයි  හිටියේ.”

“ගොඩ දෙනෙක් ඔය කතාව මට කිව්වා. කොච්චර දුකෙන් අඬ-අඬා හිටිය වුණත් අම්මව ලස්සන කරන්න එයා කැමතිම සාරිය, ලිප්ස්ටික් එකේ ඉඳල හැම දේම තෝරලා දුන්නේ අපේ රෙහාන්.” එතකොට දහනායක කීවේය. රෙහාන් ඔවුන්ගේ බාල පුතාය. දහනායක ජෝඩුවට ඉන්නේ පුතාලා දෙන්නෙකි. ලොක්කා මයංකය. පොඩ්ඩා රෙහාන්ය.

“නිමල් අයියට මතකයිද? අපේ ලොකු පුතා මයංක ඉඳුවරට නම තියද්දී ඉඳුවර කෑල්ල දැම්මෙත් ඔයා! ඔයා අපට නම් ටික ලියල දීපු කොළෙත් නදීකා ළඟ තවම තියෙනවා.” (ඒ කොළයේ foto එකකුත් මට එවීම ගැන ගොඩක් ස්තුතියි දහනායක මහත්තයෝ!)
“අනේ මට නං මතකයක් නෑ, දහනායක. හැබැයි ඒකෙන් අපේ යාළුකම්වල පරණකම නං පේනවා...” එවෙලේ මම කීවෙමි.
“ඒ හින්දනෙ මේ දවස් ටිකේම ඔයාලා හැමෝම අපිව තනි නොකර ඉන්නෙත්...” දහනායක කියද්දීය, මට එහි විශේෂත්වය දැනුණේ.

අවුරුදු 25ක් ගතවෙලාත් ඒ ෆොටෝ ෆ්‍රෙන්ඩ්ස් මිතුරුදම් තවමත් එහෙමමය. (වමේ සිට- අජන්ත, නෙවිල්, සමන්, මංජුල, ජනක, රංග, චූටි මල්ලී, දහනායක, ඉන්දික හා දිල්රුක්ෂි)

දහනායකව මට හමු වුණේ 1998 වසරේ WAL ප්‍රියන්ත හිතවතා Photofriends ආයතනය පටන් ගත් දවසේය.

අවුරුදු 25ක් ගතවෙලාත් ඒ ෆොටෝ ෆ්‍රෙන්ඩ්ස් මිතුරුදම් තවමත් එහෙමමය. හත්දොහේ බණ දවස වෙන තුරු හැම රෑකම අපේ මිත්‍ර සංසදයේ අයත් ඒ ගෙදරය. අපි එයාලා තුන් දෙනාත් එක්ක මදිය නොකියන්නට අල්ලාප-සල්ලාපයේ යෙදුණෙමු; මතකයන් පීරුවෙමු. 

“රෙහාන් මොකද කියන්නෙ දහනායක... මේ සැරේ A/L විභාගෙ ලියලත් ඉවර නැහැ නේද?”
“රෙහාන්ගේ ටීචර්ලයි, යාළුවොයි හැමෝම ඇවිත් ඇවිත් මිනිහගෙ හිත හදනවා. හත් දවසේ දානෙත් අපි දවසක් ඉස්සරහට ගත්ත. ඊට පහුවදා තමයි එයාට ආයෙම subject එකක් තියෙන්නේ.”
“එයානෙ අම්මට වැඩියෙන්ම attached...”

“වැඩියත්ම ඒක වුණේ කොරෝනා නිසා. ඉස්කෝල වහල නිසා රෙහාන් ගෙදර ඉන්න කාලේ වැඩි වුණා. මමයි, මයංකයි උදේ වැඩට ගියාට පස්සේ ඒ අම්මයි පුතයි දෙන්නා තමයි දවසෙන් වැඩි හරියක් එකට හිටියේ. ඔයා දන්නවද නිමල් අයියේ- කොහෙ හරි යනකොට නදීකාට අඳින්න ඇඳුම් පවා තෝරලා දුන්නේ අපේ රෙහාන්. ඇඳුමට ගැලපෙන hand bag එක, lipstic එක, කියුටෙක්ස් එක... ඔක්කොටම අම්මට advice කළේ රෙහාන්. ඒ සේරම නදීකා ඇහුවෙත් රෙහාන්ගෙන්.”

“දහනායක, දවසක් ඔයාලා අපේ ගෙදර ආව වෙලාවේ නදීකා මට කිව්වා මතකද, අනුරාධපුරේ ටීචර් කෙනෙක් ගැන. මට හිතෙන හැටියට නං එයාලත් මෙහෙ ඇවිත් ඉන්න ඕනි... එදත් මම නදීකාට කිව්වා- මට එයාලව දකින්න ආසයි කියල....” ආදාහනය දවසේ රාත්‍රියේ ඉස්පාසුවක් ලද සැණෙන් මට කියැවිණි.

“එන්න... එන්න... එයාලා කට්ටියම ඇවිත් ඉන්නවා. නදීකා නැති වෙන්නත් කලින් කරුණා මිස් මෙහාට ඇවිත් හිටියේ... නදීකාට සනීප මදි විදිහක් තියෙද්දී. එන්නකො. මම ඔයාට එයාලව අඳුන්නලා දෙන්න.”

කරුණා පියසීලී මිස් විතරක් නොවේ, ඇයගේ ලොකු පුතණු හර්ෂ ප්‍රියංකත්- දෙවැන්නා අසේල සම්පතුත්- දියණිය නිසංසලා මධුමාලිත්, ඔවුනගේ පවුල්වල සාමාජිකයනුත් එදා රාත්‍රියේ මට හමු විණි. තොරතුරු රැසක්මත් කියැවුණේ මගේ මතකයන් අලුත් කරවමිනි.

අපේ යාළුකම පටන් ගනිද්දී මෙයාලා පුංචියි. (කරුණා මිස් පුතාලා දෙදෙනාත් දියණියත් සමඟ)

“අපේ යාළුකම පටන් ගනිද්දී මෙයාලා පුංචියි. නදීකා මෙයාලගේ දෙවෙනි අම්මා. එයා මේ තුන් දෙනාටම සැලකුවෙත් එයාගේ පුතාලා දෙන්නට සලකපු විදිහටයි.” කරුණා මිස් කිව්වේ කඳුළු පිසිමිනි.

“අපේ පොඩ්ඩා; අසේල පුතා හදිසියෙන් මෙහාට ඇවිත් තිබුණු වෙලාවේ තමයි දැනගෙන තිබුණේ නදීකා මිස්ට සනීප මදි බව. පුතාලා කොළඹ ආවොත් මෙහාට ගොඩ වැදිලමයි යන්නෙ... ඉතිං අපේ පොඩ්ඩා ඒ වෙලාවේම මට කෝල් කළා. මිස්ට අසනීපයි වගේ කියලා.

-එයා තමයි, ගෙදර ආව ගමන්ම මට බල කරලම කිව්වේ ‘නදී මිස්ගේ කකුලක් හොඳ මදි අම්මේ. මිස්ට බැරි වෙලාවේ අම්ම එහාට යන එක මිස්ටත් උදව්වක් වෙයිනෙ කියලා... රෙහාන් මල්ලිත් විභාගෙ කරන නිසා අම්මා ගියොත් උයන-පිහන වැඩක් වුණත් කරලා උදව් වෙන්න පුළුවනිනෙ. එහෙමනෙ යාළුවන්ට සලකන්න ඕනි කියලත් පොඩ්ඩා කිව්වා.
නිමල් අයියේ, අපේ තාත්තත් ඉන්නේ අපේ ගෙදර. තාත්තට දැන් 86ක්. ‘මං කොළඹ ගියොත් කිරි අත්තව බලන්නෙ කවුද පුතේ’ කිව්වමත් මේ දරුවෝ තමයි කිව්වේ, අපේ තාත්තව මගෙ සහෝදරයෙක්ගේ ගෙදරට ඇරලවලා මෙහෙ එන්න. ඉතිං මම පස්වෙනිදා පාන්දරම මෙහෙ ආවා...

-ඒ ආව ගමන්මයි තාම මේ...”

1996 විතර කරුණා පියසීලී ගුරුතුමිය අනුරාධපුරයේ, පරසංගස්වැව ඉස්කෝලයේ සේවය කරමින් හිටිද්දීය නදීකා මල්කාන්ති සමරසිංහ මෙනෙවියටත් එහාටම ගුරු පත්වීමක් ලැබුණේ. ඒ වෙද්දීත් නදීකා උපුල හා පෙමින් වෙළී හිටියාය. මා දන්නා තරමින් ‘සුදු අයියාගේත්- ලොකු නංගිගේත් පළමු හා එකම ප්‍රේමය’යි ඒ.

“ඔව්! අපි එතකොට හිටියේ නදීකලගේ ගෙදරක් කුලියට අරං. ලොකු නංගිත් එක්ක love එක පටන් ගනිද්දී මට අවුරුදු 14යි. එයාට 13යි. ඒ 1986. ගෙවල් දෙකෙන්ම මුලින් විරුද්ධකමක් තිබ්බෙ නෑ. පස්සේ නදීකලගේ තාත්ත අකමැති වුණා. එයා කෙලින්ම මට කිව්වා ලොකූ එක්ක කතා කරන්නවත් එපයි කියලා. ඒත් ලොකූල අම්මා නං තාත්තට කියල තිබුණ, කොල්ලගෙ වරදක් නැහැනේ කියලත්.
ඒත් අපි දෙන්න කතා වුණා ‘තාත්ත එපා කියනවා නං අපි කතා නොකර ඉඳිමු’ කියලා. ඊට පස්සේ අපි දෙන්නා වචනයක්වත් කතා නොකර අවුරුදු දෙකහමාරක් විතර හිටියා.”

ගෙවල් දෙකේම සේරමල කැමති වුණාමයි 1998 අපි කසාද බැන්දේ...

“අවුරුදු දෙකහමාරක්? කතා නොකර... එක ළඟ ගෙවල් දෙකක... හිතෙන් විතරක් love කර කර?”

“එහෙම තමයි අපි කළේ.” දහනායක නිවීහැනහිල්ලේ හිනාවකින් මුව සරසාගෙන නෙවිල්ටත් මටත් කීවේ මයංක- රෙහාන් දෙන්නාමත් ඉදිරියේය.

“හැබැයි හැමදාම උදේ හයට මම ඉස්කෝලේ යන්න එළියට බහිනකොට නදීකා මට පෙනෙන්න වත්තේ කොතැනක හරි ඉන්නවා. ඉස්කෝලේ ඇරිලා දෙකහමාරට ගෙදර එනකොටත් එයා මට පෙනෙන තැනක ඉන්නවාමයි! පස්සේ ගෙවල් දෙකේම සේරමල කැමති වුණාමයි 1998 අපි කසාද බැන්දේ.”

මේ දෙදෙනාගේ ආදරයේ වපසරිය හෙළිදරව් කෙරෙන තවත් කතන්දරයක් ඒ වෙලාවේම අපට කිව්වේ, පුතාලා දෙදෙනා එකතු වෙමිනි. ‘තාත්තා වැඩට යන්න එළියට බහින්න හදනකොට අම්මා දොරකඩට එනවා. / එතකොට තාත්ත අම්මට kiss එකක් දීලයි එළියට බහින්නේ. / තාත්තට පරක්කු වෙච්ච දවසකවත් ඒ රූටින් එක කඩන්න බෑ...’

“ඔව් අයියේ, හැබැයි ලොකූ මොකුත් කියන්නෙත් නෑ... කාර් එක ළඟට එන්නෙත් නෑ. ඒ වෙලාවට මමම එයා ළඟට ගිහිං kiss එක දෙන්න ඕනි!
ඒ විතරක් නෙවෙයි, හැමදාම නින්දට යන්න කලිනුත් මම එයාගේ කම්මුලට kiss එකක් දෙනකල් නදීකා නිඳා ගන්නෙ නෑ.”

කාලය ඉකුත් වෙද්දීත් නොනැසී; නොබිඳී එක ලෙස එක දිගටම පවතින මෙවන් අසිරිමත් ගේහසිත ප්‍රේමයක් පවුල් කීයක් අතර නම් දැකගත හැකිද?

ඉතිං, ආයෙමත් අපි පරසංගස්වැව පාසල් කාලයට; 1996ට යමු...
“නදීකා නැවතිලා හිටියේ අනුරාධපුරේමයි. ඒත් ටික දවසකින්ම එයා කරුණා මිස් එක්ක හොඳටම යාළු වුණා. එයාලගේ ගෙදරට නවතින්න ගියෙත් මං එක්කම.” දහනායකගෙන් කියැවුණේය.

“ඇත්තමයි සුදු මහත්තයෝ, මට අදටත් හිතා ගන්න බෑ නදීකා මගෙත් එක්ක එච්චර හිතවත් වෙච්චි හැටි.” කරුණා මිස් සුදු මහත්තයායි කියන්නේ දහනායකටය. “සංසාරේ පුරුද්දක් වෙන්නැති, අපේ යාළුකම.”

“සුදු මහත්තයත් දැක්කනෙ, එතකොට අපේ මැටි ගෙදර හැටි. අනේ, නදීකා අපේ ගෙදර හැටි ගැන- තිබ්බ අඩුපාඩුකම් ගැන කිසි තැකිල්ලක් කළේ නෑ. මේ දරුවෝ තුන් දෙනාත් එක්ක එක ඇඳක නිදා ගත්තා. මේ දරුවොත් එතකොට පොඩියිනේ... හිටි ගමන් ඇඳේම තෙමනවා. ඒවත් නදීකා ඉවසුවා... මට හොඳටම පුදුම හිතුණේ මෙහෙ ඇවිත් නදීකලගේ ගෙවල්- දොරවල් දැක්කම. එච්චර සැප-පහසුවට හිටි කෙනෙක් කොහොමද අපේ වගෙ දුප්පත් ගෙදරක අඩුපාඩු දරාගෙන හිටියේ...”

ඒ පොතෙන් කියවෙන පරිදි සසර පුරාම අප සැරිසරන්නේ සමීපතමයන්...

‘එක ජාතියේ කුරුල්ලෝ එක අත්තක වහනවා’යි කියන කතන්දරේ වලංගු වෙන්නේ මේ වගේ තැන්වලටය. Blog එක කියවා හිතවත් වුණු සිරිබිරිස් උන්නැහේ ‘එක ෆ්‍රීකුවන්සියේ අය එකට එකතු වෙනවා’යි විටෙක කිව්වෙත් ඒ අදහසින්මය.

ඩී.බී. කුරුප්පු මහත්තයා සිංහලයට නැඟූ ‘පෙම පමණයි සැබෑ වන්නේ’ කෘතියෙන් ඒ අදහස තවත් විස්තාරණය කෙරෙයි. (පිටපත් විසි ලක්ෂයකට වඩා අලෙවි වී ඇති Dr Brian Weissගේ ‘Only Love is Real’ පොතේ අනුවාදයයි ඒ.) ඒ පොතෙන් කියවෙන පරිදි සසර පුරාම අප සැරිසරන්නේ සමීපතමයන් සමඟිනි. ඔවුහු; ඒ ආත්ම සගයෝ විටින්-විට අපට සම්මුඛ වෙති; අප හා ගනුදෙනු කරති...

ඒ කතාව ඇත්තක් යැයි එදා රාත්‍රියේදීත් මට සිතුණි.
“මේ ඉන්නේ අපේ නිසංසලා දුවගේ මහත්තයා. එමිල්. එයත් අනුරාධපුරේමයි.” කරුණා මිස් කීවාය.
‘පණ බේරූ කිරිල්ලී’ ලිපියෙන් ඔබට කියැවුණු අරුණ දිසානායක සහෘදයා ගැන මට යළිත් මතක් වුණේ ඒ වේලාවේය.

“ඔයාලා කල්ලන්චියේ අරුණ දිසානායක සර් ගැන දන්නවද?” මම ඇසුවෙමි. බලාගෙන යද්දී අරුණ එමිල්ගේත් මිතුරෙකි. අපේ ආගිය කතාබහ තවත් සරුසාර වුණේ එතකොටය!

අප යළි යළිත් එක්වන ආත්ම සගයන්ද? අපේ ආත්මයන් එකම ෆ්රීකුවන්සියකට සුසර වී තිබෙන ඒවාද?     

එතනදී මඟ නොහැරම කියන්නට වෙන්නේ නදීකා නංගිත් මා වැනිම පොත් කාවෙකු බවයි. මා දන්නා හොඳම පොත් කියවන්නිය වුණේ ඇයයි. නදීකා කළේ පොත් බැලීම හෝ පොත් පෙරළීම හෝ නොවේ; කියවීමයි. එසේම ඇයගේ කියවීමේ වේගයත් පුදුම සහගතය.
ලේසියෙන් කෙනෙකුට පොතක් නොදෙන මං වහන්සේ ලෝබ නැතිවම, නදීකා නංගිට කියවන්නට පොත් දුන්නේ දුසිම් ගණනෙනි. ඒවා කියවීම මෙන්ම පරෙස්සම් කිරීමත්, ආපසු ලබා දීමත් නදීකාගේ සිරිත වුණු බැවින්ය ඒ.
අම්මාගේ පොත් කියවීමේ පුරුද්ද එහෙම පිටින්ම මයංකටත් දායාද වෙලාය!

නදීකා පොතපතට; දැනුමට දැක්වූ ලොල් බව භෞතික සැප-සම්පත් කෙරෙහි නොදැක්වීමය පුදුම!  

“අපි යාළු වෙලා හිටි කාලේ වගෙමයි, කසාද බැඳපු දවසේ ඉඳලමත් ලොකූ කිසිම දේකට මට වද දුන්නෙ නෑ, නිමල් අයියේ. අරවා ඕනි- මෙව්වා ඕනි කියල කන්කෙඳිරි ගෑවෙ නෑ. අපි තියෙන විදිහට සතුටින් ඉඳිමු කියලයි නදීකා හැම තිස්සෙම කිව්වේ. කිසිම දවසක එයා මට යෝජනා කරලා නෑ, මේ පරණ ගේ කඩා දාලා අලුත් එකක් හදා ගනිමු කියලවත්. ඒකයි මට දුක.

-දැන් මයංකත් රස්සාවක් කරන නිසා අපි ඔළුව උස්සන්න පටන් ගත්තා විතරයිනෙ.

ආදරයට ජීවිතයම ප්‍රීතිමත් කළ හැකි බව මේ කුටුම්බයේ හතර දෙනාම මැනවින් දැනගෙන උන්හ
-ඔයාට කියන්න, ලොකූ රත්තරන් බඩුවලටවත් ආසා කෙනෙක් නෙවෙයි. අපි බැඳපු අලුත මං එයාට රත්තරන් බඩු ටිකක් හදවල දුන්න. ඒවගෙනුත් එයා පරෙස්සං කළේ මඟුල් මුද්ද විතරයි. කරාබු ජෝඩුවවත් නොදා හිටියේ. දවසක් නදීකලගේ අම්මා එයාට හොඳටම දොස් කියනවා මටත් ඇහුණා. ‘මිනිහා මැරිච්ච ගෑනි වගේ උඹ කරාබු ජෝඩුවවත් නොදා ඉන්න හැටි!’ එහෙමයි එයාලගෙ අම්මා කිව්වේ.

එදා හිටම නදීකා කරාබු ජෝඩුව නං දැම්මා. හැබැයි එයාට හොඳටම දුක හිතිලයි හිටියේ ‘මිනිහ මැරුණු’ කතන්දරේ ගැන.” දහනායක කියාගෙන ගියේය.

“මගෙ යාළුවෙක් එයාගේ wifeගෙ රත්තරන් බඩු උගස් කළා ණයක් ගන්න. මිනිහට ඒක බේරලා දෙන්න බැරි වුණාම, වයිෆ් කොච්චර කියවන්න ගත්තද කියනවා නං ඒ හස්බන්ඩ් පිටරට රස්සාවකට ගියා වැඩියෙන් හම්බ කරන්න. මම හදිසියකට රත්තරන් බඩු උගස් කළත්, ලොකූ නං නෙවෙයි කවදාවත් ඒව ගැන මතක් කළේ.”

‘මුතු මැණික් රන් කුමන පලේ - හදවතට සහනය නැත්නම්//
මාළිගාවෙ රාජ සම්පත් ඕනි නෑ// - ජීවිතේම
ප්‍රීතිමත් කරන්නෙ ආදරේ//’ සුජාතා අත්තනායක ස්වකීය මධුර ස්වරයෙන් ගැයූ ‘සංධ්වනියක් බඳු ගීතය’ නදීකා නංගීගේත් හද දිනූ එකක් වෙන්නට ඇතැයි මට සිතේ. ආදරයට ජීවිතයම ප්‍රීතිමත් කළ හැකි බව මේ කුටුම්බයේ හතර දෙනාම මැනවින් දැනගෙන උන්හ. ඒ සඳහා අවශ්‍ය වන්නේ හැබෑ හැඟීමක්; පුංචි ක්‍රියාත්මක වීම් ටිකාක් පමණක් බව ඔවුහු හොඳින්ම තේරුම් ගෙන සිටියහ.

මේ එයට හොඳම නිදසුන්ය:

“තාත්ත එනකල් අපේ අම්මා හැමදාම බලාගෙන ඉඳලා කරන දෙයක් දන්නවද, නිමල් අංකල්. අම්මා දොර පිටුපස්සේ හැංගිලයි ඉන්නේ. තාත්ත ගෙට එනකොටම අම්මා ‘හඃ’ කියලා තාත්තගේ ඇඟට පනිනවා බය කරන්න.” ඒ සොඳුරු නිමේෂයන් ගැන රෙහාන් පුතා සිහි කරන්නේ ප්‍රහර්ෂයෙනි.

sweet මෙමරීස් උහුලගෙන ඉන්න...

“හැමදාම හරියට දවල් දොළහමාර විතර වෙද්දී, ඔන්න නොවැරදීම දහනායක අයියට call එකක් එනවා නදීකා අක්කගෙන්. දවල්ට කෑවද කියල අහලා.” දහනායක හා එකම වැඩ බිමේ සේවයේ නිරත වුණු පරාක්‍රම, රසික සම්පත්, අජන්ත, දිනේෂ්, නෙවිල් වැනි හැම කෙනෙකුම එකාවන්ව කියති.

“ඔව් නිමල් අයියේ, නදීකාට එහෙම කරන්න බැරි වෙන්නේ ඒ වෙලාවට අපේ ගෙදරට visitorsලා කවුරු හරි ඇවිත් හිටියොත් විතරයි... එහෙම වෙලාවට මමම එයාට කෝල් එකක් දෙනවා...” දහනායක අර කතාවලට එකඟ වෙයි.  

“නිමල් අංකල්, අම්මා හැම තිස්සෙම හිතුවේ අපි ගැන. හැමදාම මමත් වැඩ ඇරිලා එනකල් අපේ අම්මා මඟ බල-බලා ඉන්නේ. මමත් ඉතිං ගෙදරට ආව ගමන්ම කමිසෙ ගලවලා බැනියම පිටින්ම ඇවිත් අම්මව බදා ගන්නවා. එතකොට අම්ම බොරුවට මට බනිනවා- ‘යනව යනවා, කුණු දූවිලි පිටින්ම නේද මේ? Wash එකක් දාගෙන එනවා’ කියලා.
එදා හවසත් මම එහෙම කළාම වෙනද වගේ අම්මා මට සැර දැම්මෙ නෑ. මම ඒත් අම්මව බදාගෙන ඉන්න අතරෙම ඇහුවා ‘මොකද අද ඔයා මට බනින්නෙ නැද්ද?’ කියලත්. අම්මා හිනාවෙවී කිව්වා ‘අදට විතරයි!’ කියලත්...” ආදරණීය අම්මාගේ අවසන් සැඳෑව සිහිපත් කරමින් මයංක පුතා අදටත් සුසුම් හෙළයි.

“මං තාත්තට කියන්න ඉන්නේ අංකල්. ගෙදර මේ පැත්තෙ අපේ අම්මා තවමත් ඉන්නවා කියලමයි මට හිතෙන්නේ. ඒ sweet මෙමරීස් උහුලගෙන ඉන්න මට හරි අමාරුයි. මං හිතන්නේ ගෙදර අනිත් කොටසට අපි move වෙමුයි කියලා තාත්තට කියන්න.” WAL ප්‍රියන්තත්, මාත් සමඟ කතා කරමින් සිටියදී රෙහාන් කීවේය. (ඔවුන්ගේ ගෙදර යාබද කොටස් දෙකකින් යුක්තය.)

“අම්මයි මමයිනෙ වැඩියත්ම එකට හිටියේ- මේ කොටසේ...”
“ඉව්වේ- කෑම හැදුවේ..” මම ඌන පූරණය කළෙමි.

කාලයක් අපි තිදෙනා ටෙලිෆෝනයෙන් සංවාද කරමින්, නොයෙකුත් කෑම වට්ටෝරු අත්හදා බලන්නට හුරුව සිටියෙමු. ඒ දහනායකත් නෙවිලුත් මහරගම Lady J සාප්පු සංකීර්ණයේ ඉදිකිරීම් භාරව සිටි කාලයේයි. ඒ දෙන්නාම දවල්ට කෑම කන්නට අපේ ගෙදරට ආවෝහ. ඒ දිනවල දහනායකට පැවරී තිබුණු විශේෂ රාජකාරි දෙකකි. නදීකාත් රෙහානුත් එක්ව පිළියෙල කරන විසිතුරු විශේෂ කෑමවලින් කොටසක් අපට ගෙනෙන එක පළමුවැන්නයි; මං වහන්සේ හදන විශේෂ වෑංජනවලින් කොටසක් නදීකලාට ගෙනියන එක දෙවැන්නයි.   

මගේ ඒ මතකය නැවතත් අවදි වුණේ හත්දවසේ බණ දිනයේය. “රෙහාන්ට ඕනියි කිව්වා බණට එන අයට අම්මා කැමතිම බිස්කට් පුඩිමක් හදලා සංග්‍රහ කරන්න. එයාගේ කැමත්තනේ, නිමල් අයියේ. මං හා කිව්වා. එහෙම කරන ඒකෙන්වත් මිනිහගෙ දුක අඩු වෙනව නං...”

අනුරාධපුරේ ඉඳලා...

“පුදුමයි චූටි පුතාට කිරිබතුත් හදන්න ඕනෑ නොවුණා... නදීකා කිරිබත්වලටත් හරි ආසයිනේ.” දිගම දිග සුසුම් වැලක්...  

“පෙබරවාරි 5 වෙනිදා උදෙන්ම මම අනුරාධපුරේ ඉඳලා මෙහෙ ආවනෙ. මාව දැකලා නදීකා පුදුම විදිහට සන්තෝස වුණා. හැම සැරේම ඉස්කෝල නිවාඩුවට මම මෙහෙ එනවාමයි. ඒ ආවම රෙහාන් පුතා තමයි වැඩියත්ම මගෙ වටේ දැවටෙන්නේ. එයා මේ සැරේ විභාගෙ කරන නිසා exam ඉවර වෙනකල් මම නෑවිත් හිටියේ.
ඒ දවස් දෙකේ නදීකාට එච්චර කෑම රුචියක් තිබ්බේ නෑ. මමමයි උයලා එයාට කෑම කැව්වේ. ‘අනේ කරුණේ, අපිට කොච්චර ලේසියක්ද බං, උඹ ආව එක.’ එහෙම වෙලාවට නදීකා කීප සැරේ කිව්වා.

-හත් වෙනිදා හවස නදීකාට කියවුණා, කිරිබත් කන්න ආසයි කියලා. ඒත්... කිරිබත් ඉව්වට පස්සේ කිව්වා කන්න බැහැයි කියලා. කටක් හරි කමුයි කියලා මමමයි කිරිබත් කෑල්ලක් එයාට කැව්වේ.” කරුණා මිස් හූල්ලයි.

එදා රාත්‍රියේ ඊට ටිකකට පසුවය, නදීකාට හුස්ම ගැනීමේ අපහසුවක් දැනී තිබෙන්නේ. “ඉස්පිරිතාලෙකට ගියොත් මාව එහෙ නවත්ත ගනියි. ඔයාලත් මාව තනියෙන් එහෙ දාල ගෙදර එයි. මට බෑ!’ කියල ලොකූ කියද්දීමයි අපි තුන් දෙනයි, කරුණා මිසුයි එයාව hospital එකට ගෙනිච්චේ.” දහනායකත් තවම හූල්ලයි.

නොපමාව අවශ්‍ය වෛද්‍යාධාර ලැබුණත්, ඉරණමේ ලියැවී තිබුණු විදිහට විපත්තිය සිදු වුණා විය යුතුය. ලේ කැටියක් හිර වී පෙනහළුවලට රුධිරය ගෙනයාම අවහිර වීමෙන් නදීකාගේ මරණය සිදු විණියි මරණ පරීක්ෂණ වාර්තාව කියයි!

නදීකා දහනායක සොයුරිය ගැන මා ලියන වාර්තාව දැන්වත් නිමා කළ යුතුය. ඒත් මේ ලියමන ගැන මා තෘප්තිමත් නැත. නමුදු මෙය සකසා නැවත ලියන්නට හිත හදා ගැනීමත් කළ නොහැකි බැවින් මෙසේ කුණ්ඩලි ලකුණු තබන්නෙමි෴0෴

32 comments:

  1. වෙලාව ආවම කාටත් යන්න වෙනව. එතෙක් සැහැල්ලුවෙන් ජීවත් වීම තමයි තමංගෙ ජීවිතේට දෙන්න පුලුවන් වටිනාකම.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නතුමාගේ කතාවක තමා... මගෙ හිතට ආවේ

      Delete
    2. නදීකාගේ සරල සැහැල්ලු අල්පේච්ඡ - ලද දෙයින් සතුටු වීමේ ගුණාංග අපේ ජීවිතවලට වැඩි වැඩියෙන් එකතු කරගත හැකි නම්...

      Delete
  2. //මේ පෙබරවාරි මාසයට සඳුදාවන් හතරකි; අඟහරුවාදාවනුත් හතරකි. බදාදා- බ්‍රහස්පතින්දා- සිකුරාදා- සෙනසුරාදා- ඉරිදා දවසුත් හතර බැගින් මේ පෙබරවාරි මාසයට තිබෙයි! ආයෙමත් මෙහෙම පෙබරවාරි මාසයක් එන්නේ 2846දීය.// මොකක් කියුව? ඇයියෝයි අධික අවුරුද්දක් නොවෙන හැම පෙබරවාරියම එහෙමනේ.. දවස් 28යි. සති 4යි. දවස් 4 ඒවා 7යි. ඔහෙත් අහුවෙනවානේ මේ පේස්බුක් පේජ් කරන ගොබිලොන්ගේ ගැට වලට. හෙහෙ හෙහ්..

    ReplyDelete
  3. පෝස්ට් එක කියවන්න කලින් උඩ කොමෙන්ට් එක දැම්මේ.. ඒ ටෝන් එකට සොරි වෙන්නෝනි..
    කලින් කමෙන්ට් එකක මේ මරණය ගැන දැන ගත්තා.. 49ක් කියන්නේ ඔය ගමන යන්න හොඳටම ඉස්සර උනා වැඩියි. එතුමියට සුබ ගමන්! 🙏

    ReplyDelete
  4. එතුමියට මාත් සුබ ගමන් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  5. මේ මහත්මියට තිබ්බ රෝගය මොකක්ද

    ReplyDelete
    Replies
    1. නදීකාට කොලෙස්ටරෝල් වැඩිකමක් තිබ්බේ නෑ, තරමක් මහත සිරුරක් තිබ්බට. එහෙම මහත් වුණෙත් මෙනින්ජයිටිස් වැළඳී ප්‍රතිකාර ගත් නිසා බවයි කියැවුණේ.
      අවසන් සති කිහිපයේ නදීකා නංගිට දෙකකුලේ මස්පිඬු පෙරළීමේ- කෙණ්ඩා පෙරළීමේ ආබාධය තිබ්බා. දහනායකගේ වෘත්තීය සගයෙකු වන ඉංජිනේරු එම්.බී. පරාක්‍රම හිතවතාත් ඔහුගේ බිරිය වන වෛද්‍ය ශ්‍රීමතී මහත්මියත් නිතර නිතරම නදීකා ගැන අවධානයෙන් හිටියේ. ඒ විස්තරත් ලිව්වේ පෝස්ටුවෙදී නොලියවුණු නිසයි.

      හත්වෙනිදා 'හුස්ම ගැනීමේ අපහසුව' තමයි නදීකා සොයුරියට තිබුණු ආබාධය. එහෙම වෙලා තියෙන්නේ ලේ කැටි නිසා වෙන්න ඇති. රුධිර කැටියක් පෙනහළුවලට ලේ ගෙනයන නාලයේ හිර වෙලා කියලයි දැන ගන්නට ලැබුණේ.

      Delete
  6. නිදි ගේ යෙහෙළියට සුභ ගමන්. //එක ෆ්‍රීකුවන්සියේ අය එකට එකතු වෙනවා// ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා. ඔය වයිස් ගේ පොත් පවා අපි එකතු කරගෙන කියවනං ගත්ත ඒ දවස් වල පැරානෝමල් දේවල් ගැන හොයද්දි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්!
      බ්‍රයන් වයිස් මහතාගේ පොත් ගණනාවක්ම මටත් කියවීමේ වාසනාව ලැබුනා කුරුප්පු මහතා ඒවා සිංහලයට නැඟූ නිසා.

      Delete
  7. //එක ෆ්‍රීකුවන්සියේ අය එකට එකතු වෙනවා// ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා (2)

    ReplyDelete
  8. Sorry for your loss, නිමල්. ඇයගෙ පවුලේ අයට හා හිතවතුන්ට ඇය නැතුව ජීවිතය ඉදිරියට ගෙනියන්න ශක්තිය හා ධෛර්යය ලැබෙන්න ඕනෙ.

    Only love is real පොත ගැන නිමල් බ්ලොග් එකේ සඳහන් කල තුන්වෙනි සැරේ නේද මේ.

    ReplyDelete
    Replies
    1. lotus, මාරම මතකයක් තියෙනව සහ analyze කරනව නෙහ්🤓

      Delete
    2. නවින් වෙලාවක් තියනවනම් මේකත් බලන්න -https://kolambagamaya.blogspot.com/2016/09/materialist-paranormal_25.html

      Delete
    3. Lotus, දවස් හතරකට කලින් සවසක නෙවිලුත් මමත් ඔවුන් හමු වෙන්නට ගියා. නදීකා නංගිගේ වියෝව කෙතරම් පාඩුවක් වුණත් එය පිළිගත යුතු බවත්, ජීවිතයට මුහුණ දිය යුතු බවත් ඒ තිදෙනා දැනටම පිළිගෙන අවසන්.
      කොටින්ම ගෙවල් මාරුව පවා ප්‍රායෝගික විසඳුමක් නොවෙන බවත් එයාල නිගමනය කර හමාරයි.

      නවීන් කියන කාරණය ඔයාට මාර ප්‍රශංසාවක්. මමත් ඒ කතාවට 100%ක් එකඟයි.

      Only love is real පොත මගෙ හිතට තදින්ම කා වැදුණු එකක්. එයින් කියවෙන 'එකම පිරිසක් සමඟ යළි යළිත් සසරේ සැරි සරණ' සංකල්පයම නේද පන්සීය පනස් ජාතක පොතෙනුත් තහවුරු කරන්නෙ...
      ඉතිං ඒ පොත ගැන මගෙන් ලියවෙන එක අහම්බයක් නෙවෙයි. හැබැයි මටවත් මතක නැහැනේ- මම තෙවතාවක්ම ඒ පොත ගැන ලියූ බව!
      ස්තුතියි Lotus, ඔයා ඒ බව මතක් කළාට...

      Delete
    4. ඔව් නවීන්, මගෙ නිගමනයත් Lotus ඉතා හොඳ කියවන්නියක් බවයි. වෙන්න ඕනිත් ඒකම නේද.

      එළඹ සිටි සිහියෙන් යුතුව යමක් කියවන අතරේ ඒවා විශ්ලේෂණය කරමින්; විමසා බලමින් කියවනවා නම් කරුණු මැනවින් මතකයේ රැඳෙනවත් එක්ක.
      ප්‍රශ්නය වෙන්නේ බොහෝ දෙනෙක් කියවීමට නොව බැලීමට පුරුදුවී සිටින එකයි. එළඹ සිටි සිහියෙන් යතුව නොසිටීමයි.

      Delete
    5. අජිත් මහත්තයෝ, නවීන් තවම ඔබේ link එකට ගිහිං නැතිව වගෙයි. මම නං කියෙව්වා. මාර post එකක්... ඔයා ඒ post එක ලියන කාලේ මම බ්ලොගය ලියන්න හිතලවත් නෑ!

      Many lives Many masters පොතත් කුරුප්පු මහතා 2012 දී 'නැතක් රූ ගත් එකත් මූලය' නමින් පරිවර්තනය කළ නිසා මං ඒකත් කියවලා තිබුණා. එතුමාම 2008 දී මේ විෂයයන් හා අදාළ 'අන්තර් භවය' පොතත් පළ කළා.

      ඒ පොත් නැවත මුද්‍රණයක් කෙරෙන්නට තියෙන ඉඩ ඉතා අල්ප නිසා PDF වත් කෙරෙනවා නං හොඳ බවයි දැන් මට හිතෙන්නේ.......

      Delete
    6. නිවී සැනසිල්ලෙ කියවන්න ඕනි🤓

      Delete
    7. මට පෙනී යන්නෙ නිදී මාමාව එයා හොඳට අධ්‍යයනය කරනව වගේ....

      (interesting subject for her) වගේ සීන් එකක්

      Delete
    8. අන්න හරි නවීන්, මම නම් කරන්නේ තියෙන- ලැබෙන- හම වෙන හැමදේම කියවීම නෙවෙයි. ඒවායින් කොටසක් පමණක් තෝරාගෙන නිවී සැනසිල්ලේ කියවමින් ඒවායින් හැකි පමණ උකහා ගැනුමයි. Film එකක්, ටෙලියක් බලද්දී වුණත් එහෙමමයි.

      Delete
    9. නවීන් මට වැඩිය නව තාක්ෂණික දැනුමෙන් පිරිපුන් නිසා කියන්න හිතුණේ, internet එකට පිවිසෙනවත් එක්කම අපි කොයි තරම් දුරට පිටස්තරයන්ට expose වෙලා ඉවරයිද?

      //මට පෙනී යන්නෙ නිදී මාමාව එයා හොඳට අධ්‍යයනය කරනව වගේ....// අපි කව්රුනුත් නොදැන හරි ඒක කරනවා.

      ඔයාගේ ඒ comment ඒකත් ඔයා, එයා ගැන කළ අධ්‍යයනයක නිගමනයක් නෙවෙයිද?

      Delete
    10. ස්තුතියි නවින් හා නිමල්. අපි කැමති ටොපික්ස් ගැන අපිට නිකන්ම මතක හිටිනවනෙ.

      Delete
  9. ඉන්නකම් සැපේ ඉන්න ඕනේ ... මටත් පෙබරවාරි විශේෂ මාසයක් ... ඇයගේ වියෝව ගැන කනගාටුයි

    ReplyDelete
  10. නදී මිස් අදටත් ඔයාව මතක් වෙනකොට ඇස් වලට උනන කඳුලු නවත්තන්න තරම් මන් තාම ශක්තිමත් මදි..හිතෙන්නෙම නෑ ඔයා අපි අතර නෑ කියලා...ඔයා ඉන්න කාලේ පාවිච්චි කරපු මොබිටෙල් සිම් එක දැන් රෙහාන් පාවිච්චි කරනවා...ඒත් මන් තවත් ඒකේ නම වෙනස් කරලා නෑ..රෙහාන් මල්ලි.කෝල් එකක් ගන්න වාරයක් වාරයක් ගානේ පපුව පිච්චිලා යනවා...අපි ගොඩක් පව් කරලා ඇති මේ තරම් ඉක්මනින් ඔයාව අහිමි කරගන්න...කියාගන්න තේරෙන්නේ නෑ අවුරුද්දක් ගෙවිලා හීනයක් වගේ තාම...ඉන්න තැනක හොඳින් ඉන්න නදී.මිස්...අපේ දෙවනි අම්මා...උපදින කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් නොවී නිදුක් නිරෝගි සුවයම අත්වේවා..අපි මෙතෙක් කාලයක් කරපු හැම පිනක්ම ඔයාගේ නමට අනුමෝදන් කරනවා...ඒ බලයෙන් මතු බුදුන් දැක නිවන් දකින්නටම හේතු වේවා...🥺🥺🥺🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. Ano වැටුනට මට හිතෙන්නේ ඔයා කරුණා මිස්ගේ දරුවෙක් වෙන්න ඕනි කියලයි. මට හිතා ගත්තෑකි ඔයාලා අතර තිබ්බ බැඳීම.... දෙවෙනි අම්මා!
      නදීකා මව්වත්කම අතින් කාටත් අම්මෙක්..... එහෙම අය අපේ හිත්වල සදා අමරණීයයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්