li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, February 28, 2023

පුදමි තුති කුසුම්!

කොයි කාලන්තරේක හිටංද ය..ක..ඩො, මේ post එක ලියන්න හිතං උන්නේ.

මට මතක හැටියට නං කිරි අ.ප්.ප.ච්..චි..යේ, අවුරුදු දෙකාමාර පැනලා. මෙහෙම පෝස්ටුවක් ලියන බවට Lotus ඇතුළු කීප දෙනෙකුටම වරින්-වරේ පොරොන්දු වුණ විත්තියත් මං වහන්සේට අමතක නෑ, ඔන්න. පොරොන්දුවක් දුන්නා නං; එහෙම දෙයක් කරනවයි කිව්වා නං එහෙම කරන්න වෙනවනේ. මේ හදන්නේ, ඒ පොරොන්දුව ඉෂ්ට-සිද්ධ කරන්නයි.

ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!! අද ලියන්නේ නිමල් දිසානායකගේ ස්තුති කෙරිල්ල ගැනයි. එතකොට ඉතිං, තව තව ඇත්තන්ගේ ස්තුතිය ගැනත් කියන්න වෙනවා. ඒකට කාරි නැහැ නෙව...

දවසකදී අපට කොච්චර නම් වාරයක් ඇහෙනවද ස්තුතියි කියනවා. වැඩියත්ම ඇහෙන්නේ ඉංගිරිස්වලින්. Thanks! Thank you very much! Thanks a lot! එච්චරයැ, ඉංගිරීසි Thank you සිංග්‍රීසියෙන් කියන ‘තැන්කියු’...
ඇට නැති දිවනේ. පොඩ්ඩක් එහාට මෙහාට කරලා; හෙලෙව්වාම ලේසියෙන්ම කියලා දාන්න ඇහැකියි. මොකෝ, සල්ලි වියදං වෙනවය කියලයැ. ඔහෙ කියනවා. ගොඩ දෙනෙක්ම කරන්නේ එහෙම තමා. අපේ ජාතික පුරුද්දක් නෙව ඔහෙ කරන්නං වාලේ කරන එක...

නිදි ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තේ සමාජයෙනි!

එහෙම දෙඩුවට හැබැයි, මං වහන්සේත් ස්තුති කරනවා තමා. එහෙම කරනවා නං කරන්නේ සමාජයේ වැඩි දෙනෙකු කරන්නා වගේ ලොකූෳෳෳෳෳ සාටෝපයක් පෙන්නමින් නං නෙවෙයි; බොක්කෙන්මයි. උඩින් එකයි යටින් එකයි ඇතිවත් නෙවෙයි; බොරුවට මූණිච්ඡාවටත් නෙවෙයි; හැබෑවටම ස්තුතිවන්ත වෙමින්.

අරහෙම බොරුවට රඟන උදවිය දන්නෙ නැති ලොකුම ලොකු; පොදු ඇත්තක් හොඳින්ම දන්නා හින්දයි, මං වහන්සේ එහෙම කරන්නේ.

‘වංචනික රැවටිලිකරුවෙකුට ටික දෙනෙකු දිගු කලකටද, වැඩි දෙනෙකු කෙටි කලකටද බොරුවෙන් රැවටිය හැකිය. එහෙත් වැඩි දෙනෙකු දිගු කලක් තිස්සේ බොරුවෙන් රැවටිය නොහැකිය! ඉක්මනින්ම සත්‍යය හෙළිදරව් වෙන බැවිනි.’ යට කී පොදු සත්‍යය ඒකය.

ඉස්කෝලෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා විතරක් ඉගෙන ගත්- ඒ විභාගය විතරක් සමත් වුණු නිදි ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තේ සමාජයෙනි; ඇසුරු කරන්නන් වෙතිනි. එයාලා පාඩම් කියා දෙන්නවුන් නොවේ; ඒත් අවිඥානිකවම මට ගුරුවරුන් වී තිබෙන්නවුන්ය..
කිංස්ලි හේවාගමගේ (සාන්ත) හිතවතා එවැන්නෙකි. සාන්ත ගැන මීට කලිනුත් මා කියා තිබේ.  ශ්‍රී ලාංකේය පිල1996 ලෝක ක්‍රිකට් ශූරතාව දිනන දවසේය
සාන්තගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ.

අපිත් එක්ක ගොඩාරියක් සංචාරවලට යන සාන්ත සර්ව භක්ෂකයෙකි. ඒත් සමහර දවසක සාන්ත වෙජිටේරියන් වෙයි. ඒ මදිවාට හැමදාම කෑම පිඟාන අතට ගත් විට එය මේසය මතින් තබා, දොහොත් නඟා එයට ආචාර කරලා- ඊට පස්සෙය සාන්ත කෑම අරඹන්නේ.

“සාන්ත ක්‍රිස්තියානි ආගමේ නෙවෙයිනෙ?” ගොඩ කාලයකට කලින් දවසක මං ඇහුවේ, ඒ කෑම පිඟානට ගරු කරන පුරුද්ද දැක්කාමය.
අපේ බඩා මල්ලා; දීපාල්ගේ ගෙදරදීත් එහෙම පුරුද්දක් දැක්කා මට මතකය.
දීපාල් විවාහ වී සිටින පිලිපීන ජාතික පීයා පුරුදු කරවලා වෙන්නැති; ඒ. එයාලාත්, වැඩිමල් පුතු මාකෝත්, දෙවැන්නා නිමල් බෙනුත් කෑමට පෙර ඒ වෙනුවෙන් තුති පුදකොට යාඥා කියති.

“ඇයි නිමල් අයියා ඇහුවේ මම ආගමේද කියල.”
මම සාන්තට අපේ දීපාල්ලා ගැන කීවෙමි. “ඒ වගේම සාන්ත, මේ සමහර දවසට විතරක් ඔයා වෙජිටේරියන් වෙන්නේ ඇයි කියලත් අහන්නමයි මං බලාගෙන හිටියේ.”

සකල ලෝක තලයම දිවැසින් දකින්නට පුළුවන් සිද්ධාර්ථ බුදුන් වහන්සේට... 

“ඇයි අයියේ, අපි කන බත් පිඟානේ තියෙන දේවල්වලට කී දෙනෙකුට ස්තුති කරන්න ඕනිද? ලෝකේ කොහෙ කොහෙ ඉන්න- කොයි තරම් දෙනෙක් මහන්සි වෙන්න ඇද්ද ඒවා හදනකොට- වවන කොට... ඉතිං, මම කන්න කලින් හැමෝටම ස්තුති කරනවා. අනෙක් කාරණේ... මම පෝය දවසටයි මස්- මාළු- කරවල පිළිහුඩු ජාති කන්නෙ නැත්තෙ, නිමල් අයියේ.”

මීට කලින් දවසක මං ඔබට කීවා මතකය. සාන්ත වගේ උපරිමයෙන්ම නොකළත් මගෙනුත් ඊට කිට්ටු වැඩක් කෙරෙයි. පුන් පොහෝ දවසෙත්, අනෙක් දිනවල සවස හයෙන් පසුවත් මා කිසිම ගහක- වැලක ගෙඩියක් තියා කොළයක්වත් කඩන්නේ නැත.

සාන්ත හිතවතා වගේම තවත් සෑහෙන දෙනෙකු යම් යම් දේ කළ යුතු හැටි මෙන්ම, නොකළ යුතු හැටිත් මට උගන්වා තිබේ. ඒ ඔවුන් පවා නොදැනුවත්වමය.       

ඊට අමතරව මේ නසරානි නිදි හැබැහින් දැකල නැති අයගෙනුත් පාඩම් ඉගෙන ගනියි. ඒ පොත් පත්වල ඉන්නා අයගෙනි.

‘ඔය මදැයි අටුවාව කීවා. කියන්න ආවදේ... කියන්න හදන දේ කියනවා.’
‘තමුසෙ එහෙම කිව්වට යටි හිත උන්නැහේ, මේවත් මම කියන්න යන දේට සම්බන්ධයි නං...’ මගෙ උත්තරේ සම්පූර්ණ කරන්නත් කලින් යටිහිත කොහාටද වෙලා හැංගිලාය. පෙනෙන්නට නැතිවා වුණත් එයාටත් ගරු කරන්න ඕනිය. හුඟ වෙලාවට මාව ආම්බන් කරන්නේ; වැරදි කිරීමෙන් වළක්වා ගන්නේ ඔය යටිහිත නොවැ.

බඩා මල්ලාගේ ගෙදරදීත්, සාන්තගෙනුත් දැක්කා වුණත් ‘ස්තුති කිරීම’ ඒ තරමටම වැදගත් යැයි, මට වැදුණේ නැත. ඒකටත් නිසි කාලය එන්ට ඕනෑය. සකල ලෝක තලයම දිවැසින් දකින්නට පුළුවන් සිද්ධාර්ථ බුදුන් වහන්සේට අංගුලිමාලව ඇස ගැටුණේ කොච්චර කාලයකට පස්සෙද? මිනිසුන් නවසිය අනූ නවයක්ම මැරුවාට පස්සෙනේ.
අන්දොස් මට, මං වහන්සේ කොයි තරම් හින්නි ඇටිකිච්චෙක්දැයි තේරුම් ගන්න
සිංහරාජයේ සිංහගල කඳු මුඳුනට යන තුරාම ඉන්නට වුණේ.

ඒ වාගේ, මේ කාරණාව හිතට වැදුණේත් හම්බන්තොටදී උදා වුණු එක්තරා හිමිදිරියකය!

 ‘මේකා නං මාර යකෙක් මචං!(2023 පෙබරවාරි 26 මාලිමාවේ විරෝධතා රැලියට කඳුළු ගෑස් වදිද්දී...) 

එදා අප හිටියේ හම්බන්තොට; හරියටම කියනවා නම් අයස්මන්ත මහත්තයාගේ වෛද්‍ය නිල නිවාසයේය. මට ප්‍රතිකාර ගන්නට ගියාම සමහර දවසක එහි නවතින්නට වෙයි. මේත් එහෙම දවසක්ය.

“මචං නෙවිල්. මම පාන්දර පහට වාට්ටුවට යනවා. උඹ හත වෙද්දී නිමල් අයියත් එක්ක අපේ වාට්ටුවට එන්න ඕනි. එතකොට මම යුෂ්මතුන්ව අවශ්‍ය තැන්වලට යවන්නං...” අයස්මන්ත මහත්තයා කෙරෙන්නට වුවමනා විදිහ කියා දුන්නේය. ඒ රාත්‍රී එකොළහත් පහු වුණාමය.
“වෙන මොකුත් නැහැනේ එහෙනං...” මං හිටි තැනින් නැඟිටිමින් ඇහුවා විතරය.

“ඉතිං බලපං පීරා, මේකගේ තියෙන කුපාඩි ගතිය. මිනිහට බෙහෙත් ගන්න හින්ද නේද,  මර්විනුයි මමයි දෙන්නමත් මේ දවස් දෙකක් නිවාඩු දාගෙන එයාගෙ තනියට ඇවිත් ඉන්නේ. දැන් මිනිහා අපිටත් කලින් නිඳා ගන්න යන්නයි ඔය හදන්නේ... ඔහොම ඉන්නවා. අපිට බර කතාවක් තියෙනවා. මෙහෙන් වාඩි වෙලා තමුසෙත් ඒක අහගන්නවා. ඊට පස්සේ අපිට කෝපි ටිකක් හදලා දීලා, ඕනි නං ගිහිං නිඳා ගන්නවා.” නෙවිල් කියාගෙන යයි.

“ඒ මහත්තය කියන්නෙ ඇත්ත නේද නිමල් අයියේ...” පීරිසුත් හිනාව තද කරගෙන රඟයි. “ඔන්නොහෙ වාඩි වෙලා ඉඳල, කෝපි...”

“මේ, ඔය මහත්තුරුන්ට ඕනි නං කෝපි එකක් හදල දෙන්නං දැන්මම. මම නිඳිමතේ ඉන්නේ. තමුසෙලගෙ කයිවාරු අහගෙන ඉන්න ගියොත් එක-දෙකවත් වෙයි නිඳා ගන්න. මොකද කියන්නේ... දැන්ම කෝපි...”
“කාලා ඉවර වෙලා බොන්න ගත්තු මගෙ කෝපි එක තවම ඉවර වෙලත් නෑ. මේ...” දොස්තර මහත්තයා එයාගේ වීදුරුව පෙන්නුවේය.

“එහෙනං good night!” කියාගෙනම මම අනිත් කාමරයට ගියෙමි. ‘ඔහොම ඉන්නවා / නිමලෝ, ටිකක් හිටපං බං / මේකා නං මාර යකෙක් මචං’ වගේ ප්‍රකාශ වරුසාවක්ම ගණනකට නොගෙනය, මං එහෙම ගියේ.

දල්වා තිබුණු පොල්තෙල් පහන් වැටිවලින් පුදසුන මත වූ...

එහෙම අල්ලාප-සල්ලාපයෙන් ගොඩ වෙලාවක් නිඳි මරන්නට මට බැරිය. ඒ නිසාමය මං වෙනත් කාමරයක තනිව නින්දට යන්නේ.

ඒ තුන් දෙනාම නිඳි මරන්නට රුසියෝ වෙති. ඒක වඩා පහසු වෙන්නටය, දොස්තර මහතාගේ ඇඳ තිබෙන කාමරයේම එයාලටත් මෙට්ට දෙකක් දමා ගන්නේ.

ඉතිං, උදේ පාන්දර පුංචි සද්දයක් ඇසී මට ඇහැරුණේය. සාලයේ විදුලි පහනුත් පත්තු වෙයි. කවුද යකෝ... මේ ජාමේ නැඟිටගෙන හොල්මන් කරන්නේ... හොරෙක්වද්ද...
කොයිකටත් කියා මම හීන් සීරුවේ ඇඳෙන් බැස ඇඟිලි තුඩුවලින් ගිහිං සාලයට එබිකම් කළෙමි.

අවදිවී ඉන්නේ දොස්තර මහත්තයාය. එයා හඳුන්කූරු මිටියක් පත්තු කරමින්ය හිටියේ. එතකොටත් දල්වා තිබුණු පොල්තෙල් පහන් වැටිවලින් පුදසුන මත වූ බුදු පිළිමයත්, දේව රූපත් දිදුලමිනි. මම කිසිදු බාධාවක් නොකොට, නිසොල්මන්ව බලා සිටියෙමි.
පීරිස් මහතා කුඩා පුදසුන ඉදිරියේ පලඟක් බැඳගෙන වාඩි වුණේය. වන්දනාව පටන් ගත්තේය. විනාඩි පහක් විතර බලා සිටි මම ආපසු ගොස් ඇඳට වැටුණෙමි. ඒත් නින්දට නොවැටී, මගේ රබර් කන් දෙක සාලය දිහාවට යවලාය, මං හිටියේ.  

විනාඩි හතළිස් පහකට විතර පස්සේ, අයස්මන්ත පීරිස් මහත්තයා පැදුරෙන් නැඟිටින සද්දය ඇසුණු විටය මං එතනට එබුණේ.
“කෝපි එකක් හදන්නද?”
“ආ... අයියත් ඇහැරිලද? එහෙනං අර දෙන්නටත් එක්කම හදන්න. මං අරූව ඇහැරවන්නං.”

වතුර රත්වෙන අතරේ ‘බුදු අම්මෝ!’ සද්දය ඇසිණි. දොස්තර මහත්තයා එහෙමය. වෛද්‍ය විද්‍යාලයයේදී මිතුරන් අතර කෙරුණු කාගෙ හෝ ‘ඝන්ටාරය මිරිකීමේ වතාවත’ මේ යක්ෂ පැටියා තවමත් අතහැර නැත. දැන් හැමවිටම ඊට ගොදුරු වන්නේ නෙවිල්ය. හැබැයි, මහ සද්දෙන් කෑ ගහන්නේ ඝන්ටාර හිමියා නොවේ; මිරිකන්නාය.

එදා දහවල්ය, මං දොස්තර මහත්තයාගේ වන්දනාව ගැන වැඩි විස්ත‍ර විමසුවේ.

මිනිස් අස්ථි පඤ්ජරයේ; ඇටසැකිල්ලේ ශ්‍රෝණි මේඛලා වගේ කොටස් ගැන මට එවෙලේ මතක් වෙයි.

“මං හැමදාම උදේට පැයක් විතර ඒ වැඩේට වෙන් කරලයි තියෙන්නෙ, නිමල් අයියේ.”

“වඳින්න?”
“වඳින්න විතරක් නෙවෙයි. භාවනා කරන්නත් එක්ක... ස්තුති භාවනාවටත් එක්ක.”
“ස්තුති භාවනාව?”

එවෙලේය, දොස්තර මහත්තයා ඒ අමුතුම භාවනාව ගැන විස්තර මට කීවේ. ඒ කතාව මගේ බොක්කටම වැදුණේය.

කවුරුන් කොහොම කිව්වත්, මේ නිදි අරගන්නේ එයාට උවමනා ටික විතරය; කරන්නෙත් ඌට උවමනා ටික විතරය. ඒකත් ඌගෙ විදිහට හරි ගස්සාගෙනය. එතැනදී අයස්මන්ත මහතා විඩෙන්-විඩේ කියා තිබූ කරුණුත් මට උදව් වුණේය.     

“නිමල් අයියේ, මොකක් හරි දිගටම කරන්න ලෙහෙසියි එකම වෙලාවක, එක දිගට ඒක කරගෙන යනවා නං. සුමාන දෙකක් විතර ඒක කළාම ඉබේම වගේ ඒක පුරුද්දක් වෙනවා. එතකොට නිකම්ම වගේ ඒ වැඩේ කෙරෙනවත් එක්ක.” එයාගේ කතාව ඇත්තක් විත්තිය මගේ අත්දැකීමයි!      

ඉතිං කාලයක හිට මං වහන්සේ පුරුදු කරගත් ස්තුති භාවනාව පියවරෙන් පියවරට මෙහෙමය.
1. උදාවී තිබෙන දවසට ස්තුති වේවා! උදාවී තිබෙන මොහොතට ස්තුති වේවා!!
2. මිහිතලයට, සක්වලට, චක්‍රාවාටයට, විශ්වයට හා විශ්ව ජීවන ශක්තියටම ස්තුති වේවා!

මගේ සිතැඟිවලට අනුව නම් විශ්ව ජීවන ශක්තිය පුදුමාකාරය.
ඒකට මට දිය හැකි හොඳම උදාහරණයකි, කතුරුමුරුංගා මල. දවස් දෙක තුනකට වතාවක්වත් අපේ මිදුලේ ඇති කතුරුමුරුංගා ගහේ මල් කඩාගෙන, උයන්නට සූදානම් කරද්දී හැමදාමත් මට හිතෙන දෙයකි ඒ. (මට තරං පිස්සුවක් තියෙන තවත් උදවිය ඉන්නවාද මංදා.)

මීට කලින් ඔය වගේ දේවල් ගැන මීටර් වෙලා නැද්ද? එහෙනම්, පරවෙන්නට ආසන්න- හොඳින් පිපුණු හා නොපිපුණු කතුරුමුරුංගා මල් කිහිපයක් හොයාගෙන ඉන්නකො... හරිද?
එහෙනං පරෙස්සමින් ඒවායේ පෙති ගලවන්නට පටන් ගන්න. එහෙම කරද්දී, ඒවා එකිනෙකට සවිවී තියෙන හැටි ගැනත් සෝදිසියෙන් බලන්න. මිනිස් අස්ථි පඤ්ජරයේ; ඇටසැකිල්ලේ ශ්‍රෝණි මේඛලා වගේ කොටස් ගැන මට එවෙලේ මතක් වෙයි.
ඒ පිහිටීම් දෙකෙහි සමානකම් දකින විට මට නම් ‘විශ්වයේ සැකැස්ම’ ගැන; පැවැත්ම ගැන තවත් දාහක් දේවල් හිතෙයි.

මගේ ජීව යාන්ත්‍රණය රැඳී තියෙන්නේ ජලය- ඔක්සිජන්- රුධිරය- පිෂ්ටය- ප්‍රෝටීන වැනි දහසක් සංකීර්ණ සංඝටක...

ඒ සැකැස්ම; ඒ පැවැත්ම නිසාය මා උත්පාදවී ඇත්තේ. මගේ ජීව යාන්ත්‍රණය රැඳී තියෙන්නේ ජලය- ඔක්සිජන්- රුධිරය- පිෂ්ටය- ප්‍රෝටීන වැනි දහසක් සංකීර්ණ සංඝටක මතය. ඉතිං, ඒ විශ්ව මහිමයට කෘතවේදී නොවී කොහොමද?

3. එයින් පසු, ආපෝ- තේජෝ- වායෝ- පඨවි සේරටම  ස්තුතිවන්ත වන්නෙමි. එතකොට ඇල-දොළ, ගංගා, කඳු-හෙල්, මුහුදු, අහස, පොළොව, ගහ-කොළ-වැල් සියල්ලමත් මට සිහිපත් වෙයි.

4. ඊළඟට මා ස්තුතිවන්ත වන්නේ අම්මාට, තාත්තාට, ආච්චිලා සීයලාට පරම්පරාවේ මුතුන් මිත්තන්ටය. සමස්ත ඥාති සමුහයාටමය.  ප්‍රාණසම හිත මිතුරන්ටය. සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ටමය. එයාලාට මගේ ස්තුතියෙන් පලක් වෙයිද? ඒ වැඩි දෙනෙකු මිය පරලොව ගිහින්ය. එයාලා වෙනුවෙන් කළ යුත්තේ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමය.

මුල් දවස්වලදීම මට ලොකු ගැටළුවක් මතු වුණේ එතැනදීය.
උපතින්ම බෞද්ධයෙකු වුණත් මට දිවිය ලෝක- අපායවල්- නිවන වගේ දේවල් ගැන ප්‍රශ්න තිබෙයි. කර්මය ගැනත් එහෙමය. සමහර දේවල් පිළිගන්නට මගේ මීහරක් චිත්තය නැමෙන්නෙම නැත. මේ එයින් එකකි:
මියගිය ක්‍රිස්තියානි බැතිමතෙකුට නිවන් සුව පතන එකද හරි- ස්වර්ග සම්පත්තිය පතන එකද හරි? නිවන කියන්නෙත්, ස්වර්ගය කියන්නෙත් දෙවිදිහක දේවල් ලෙසිනි මා තේරුම් ගෙන සිටින්නේ.
ඒ මදිවාට අනෙක් ආගම් ගැනත් හිතන විට, අර ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි.

ඉතිං එතැනදී, මං වහන්සේ සොයා ගත්තේ, මටම අනන්‍ය වුණු උත්තරයකි. එයින් පස්සේ, සමහර තැනෙකදී ‘ස්තුතියි’ වෙනුවට මා පාවිච්චි කරන්නේ ‘ප්‍රමෝදයට පත් වේවා’ කියන පැතුමය.

ඔහොම ප්‍රාර්ථනා කරන විට මට දැනෙන්නට පටන් ගන්නේ පුදුමාකාර සැහැල්ලුවකි; ප්‍රමෝදයකි; අස්වැසුමකි.
මට වැටහෙන විදිහට නම් මේ ස්තුති භාවනාවෙන් ලැබෙන ලොකුම ප්‍රතිලාභය ඒ සැනසිලිදායක තෘප්තිමත් බවයි!

ස්තුති කරන්නට දේවල් අප වටා එමට තිබෙන විත්තියත්...

අයස්මන්ත පීරිස් මහත්තයාගෙන් ‘පරමාත්ම සංකල්පය’ ගැන තවත් ටිකක් ඉගෙන ගත යුතු යැයි මට දැනුණේ එතකොටය. හින්දු ආගමේ කියවෙන සමහර ප්‍රතිපත්ති ගැන මගෙ උනන්දුව දල්වා ලූවෙත් අයස්මන්ත හිතවතාමය. (ස්තුතියි අයස්මන්ත මහතාණෙනි. ඒ සංකල්ප ගැන, අපේ දයාබර පාඨකයන් දැනුවත් කිරීමට blog පෝස්ටුවක් ලියන එක හොඳ වැඩක් නේද?)

මෛත්‍රී භාවනාව වඩද්දී නම් ඉස්සෙල්ලාම මෛත්‍රී කරන්නේ තමන්ටමය. ඒ භාවනාවේදී ‘මා ඇතුළු සියලු සත්ත්වයෝ ...’යි කීමෙන් පෙනෙනුයේ ඒ බවයි.

මැටිමෝල් මං වහන්සේ හදාගෙන තියෙන භාවනාවේදී, ඊළඟ කරුණ විදිහටය ‘මං’ යොදා ගැනෙන්නේ. ඇයි? මං වහන්සේ ගැන- මං වහන්සේගේ ගොඩක් දේවල්වලට මමවත් ස්තුති කරගන්නට එපැයි!
මගේ වාසනාවට / තීක්ෂණ මතකයට / ඔරොත්තු දීමේ හැකියාවට / උයන-පිහන, ලියන-කියන, නටන-ගයන හැකියාවන්ට / ආකර්ශනීය භාවයට වගේ අටෝරාශියක් දේ ඒ තුති පුද ලබන්නා වූ දේවල් අතර තිබෙයි.
ඒ හැම දෙයක් වෙනුවෙන්ම පළමුවෙන් මටත්, දෙවනුව
විශ්ව ජීවන ශක්තියටත් ස්තුතිවන්ත වෙන්නෙමි.

භාවනාවට වෙලාව හා නිදහස වැඩියෙන් තිබෙයි නම්, ස්තුති කරන්නට දේවල් අප වටා එමට තිබෙන විත්තියත් මට මතක් වෙයි.

මගේ නිවහන, ගේදොර බඩුමුට්ටු, ඇඳුම්-කැඩුම්, වත්තේ ගහකොළ විතරක් නොවේ ‘මේ අකුරු කරන කොම්පියුටරේ’ පවා මවිසින් අගය කළ යුතුයි නේද?
මට අනුව නම් අජීවී බඩු-භාණ්ඩවලට පවා අපේ හැඟීම් දැනෙයි.

2021 අවුරුද්දේ මැයි 8 වෙනිදා, හිතවත් Sam පෙරේරා සහෘදයා blog post එකකට එවාපු විරල ගණයේ comment එකක් මං සුරැකිව අරං තියාන හිටියා. ස්තුතිය ගැන පෝස්ටුව ලියනකොට ඔබන්න. මේ ඒකය:

ලංකාවේ "සියලුම" පොලිස් නිලධාරීන් හෝ රථවාහන පොලිස් නිලධාරීන් දූෂිතයන් නොවෙයි. නමුත්, බහුතරයක් දූෂිතයන් නිසා ඉතාම හොඳ, නීතිගරුක ගුණයහපත් නිලධාරීන්ගේ යහගුණයන් යටපත් වෙනවා. මගේ මතකයෙන් කතාවක් ලියන්නම්.

80 දශකයේ දිනක අපේ අසල්වැසි ගෙදරක වයසක ගැහැණු කෙනෙකුට අංසබාගේ (සිංහලෙන් කියනවානම් ස්ට්‍රෝක් එකක්) හැදුනා. ඒ තැනැත්තියගේ දුව, ටෙලි නාට්‍යවල රඟපෑ ලස්සන තරුණියක්. (ඒ කාලේ අපේ වයසේ හැටියට එයා ළඟින් හිටියත් සැපයි.) එයා ඇවිත්, අනේ මල්ලී, අම්මාට අසනීපයි, ඉස්පිරිතාලේ අරං යමු කීවාම, එයාව මහ ඉස්පිරිතාලෙට අරං ගියා.

වේගයෙන් එලවන්න ආසාව තිබුනාට, ඒකට හේතුවක් නැතුව ඉන්න මට, මේ වාගේ අවස්ථාවන් ලැබෙන්නේ කලාතුරකින් නිසා එයින් උපරිම ප්‍රයෝජන ගන්න මම මැලි උනේ නැහැ. සති අන්ත දවසක් වෙච්ච එදා, නුගේගොඩ හංදියේ පාර පනින කහ ඉරේ මම නැවැත්තුවේ එතන පාර මැද හිටපු පොලිස් රාලහාමිගේ අවධානය යොමුවෙන විදියටයි. හෙඩ් ලයිට් දාගෙන ඉන්න මගේ වාහනය දිහා බලාපු ඒ රාලහාමිට, "අමාරු ලෙඩක්, මම ඉස්පිරිතාලේ යනවා " කියලා කෑ ගහලා කියපුවාම, ඒ "පොලිස් මහත්තයා" පාර පනින මිනිස්සුන්ටත්, ඉස්සරහින් තිබුන වාහනවලටත් 'මේ වාහනේට යන්න ඉඩ දෙන්න' කියලා කෑ ගහලා, මට ඉඩ අරං දුන්නා.

මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ!

ලෙඩාව දාලා ආපහු එනකොට, ඒ රාලහාමි පැට්‍රෝල් ෂෙඩ් එක ගාව, පෙට්ටි කඩේ ළඟ ඉඳගෙන ඉන්නවා. මම එයා ළඟට වාහනේ අයින් කරලා නවත්තලා කතා කළා. ලෙඩාගේ විස්තර අහලා, එයා තේ එකක් බොන්න කියපුවාම මම කිව්වේ, මගේ ළඟ මුදල් පසුම්බියවත්, සල්ලි සතයක්වත් නැති බවත් කොට්ටාවට යන්න තරමට ඩීසල් තියනවාද කියන එකවත් විස්වාස නැති බවයි. ඒ පොලිස් "මහත්තයා" මට කියාපු වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

"මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. ඔයා මගේ ගානේ තේ එකක් බොන්න. ඩීසල් මදි වෙයි කියලා හිතනවානම් මම ෂෙඩ් එකෙන් ලීටර් දෙකතුනක් ඉල්ලලා දෙන්නම්. පස්සේ ඇවිත් සල්ලි දෙන්න, අපි කවුරුත් මැරෙන මිනිස්සු. කෙනෙකුට උදව්වක් කරන්න බැරි නම් මනුස්ස ජීවිතයෙන් වැඩක් නැහැ."

මේ කියමන මගේ මුළු ජීවිතය පුරාම මම ආදර්ශ පාඨයක් ලෙසට සලකනවා.(නමුත්, ලංකාවේ පොලිසියේ බහුතරයක් මෙහෙම නොවන බවත් අවධාරණය කරනවා.)’ 

සෑම් පෙරේරා මහතා ‘නිදිගෙ පංච තන්තරේ’ට වගේම තවත් blog අඩවි ගොඩකටමත් comments එවූ රසිකයෙක්. නමුත්  කාලයක සිට කිසිම තැනක එතුමාගේ නම දකින්න ලැබුණේ නෑ. හේතුවක් නම් හිතා ගන්න බැරි වුණත්, එතුමන්ටත් ගොඩාරියක් ස්තුතිවන්ත වෙමිනුයි, මේ උපුටනය මෙතැනට යෙදුවේ. ස්තුතියි!!!

Post එකේ අන්තිමටම, මෙතෙක් සඟවාගෙන සිටි රහසක් කියන්නට හිතෙයි.
මේ ‘බ්ලොගය කියවන හිතාදර පාඨක ඔබ සැමටත් ප්‍රමෝදය අත් වේවා’යි කියන වැකියකුත් මා නිතිපතා කරන භාවනාවේ ප්‍රාර්ථනයට ඇතුළත් වෙන බවයි ඒ෴0෴

31 comments:

  1. මේක නම් හොඳම හොඳ පෝස්ට් එකක්. ඇයි තාම කවුරුත් කමෙන්ට්ස් දාලා නැත්තේ.

    නිමල් කියලා තියෙන හුඟක් දේවල් මමත් කරනවා, හැබැයි සුලු පරිමාණයෙන්. එකක් තමයි, අනිත් අයට සතුට ලැබෙන්න කියලා නිතරම හිතන එක. ඒ වගේම මගේ හැකියාවන් (කියලා මම හිතන දේට.. හී හී), ප්‍රශ්න වලට මුහුන දෙන විදිහට වලට, determination වලට ස්තුතිවන්ත වීම හා self love. මමත් මගේ වාහනේට නිතරම මෛත්‍රී කරන කෙනෙක්.

    නිමල්ගෙ යාලුවා ශාන්ත කරන දේට සමාන දෙයක් මම අහලා තියෙනවා මට මතක විදිහට Dr Brian Weissගෙ කතාවක. දලයි ලාමා තුමා වෙජිටේරියන් වෙන්න කොයි තරම් උත්සාහ කලත් යම් සෞඛ්‍ය හේතුවක් මත දිගටම කරගෙන යන්න බැරිවෙනවලු. ඒකට යම් විදිහක විසඳුමක් විදිහට යෝජනා කරන දෙයක් තමයි මස් කන වෙලාවට ඒ සතාට gratefulවීම (අතිශය බෞද්ධ අය ඇවිල්ලා බනින්න එපා, මම අහලා තියෙන දෙයක් ලිව්වා මිසක් ඒකෙ හරි හෝ වැරදි මම දන්නෙ නෑ).

    ReplyDelete
    Replies
    1. ඕක මමත් කරනවා. මම හොඳ rump steak එකක් කන්න කැමතියි. සාමාන්‍යයෙන් ඉරිදට. මේ ඉරිදාත් කෑව. කන්න කලින් මේ සතාට ඒ කෑම එක කන්න මට ඉඩ දුන්නට ස්තුති කරනවා. ඒ පුරුද්ද මට ආවේ මම හිතන්නේ නේටිව් ඇමරිකන් වරුන්ගේ සිරිතක් දැකල. ඒ අය මරන්න කලිනුත් පස්සෙත් ස්තුති කරනවා සතාට

      Delete
    2. ජපන් සංස්කෘතියෙ, කෑමට පෙර ස්තූති කිරීමත්, මේවගේම දෙයක් වෙන්න ඇති. තනියම කෑම කන ජපනුන් පවා එහෙම කරනවා.🤔

      Delete
    3. Lotus, ඊයේ post එක publish කළේ අවේලාවේ. ඒ නිසා වෙන්නැති ඔය කියවනතුරු comments වැටිලා නොතිබුණේ. මේ සති කිහිපයේ හරිම කාර්ය බහුල වුණා.
      posts පරක්කු වුණෙත් ඒකයි. තවත් දවස් කීපයක්ම ඒ වගේ තියේවි. ඒ ගැන මාගේ කනගාටුවත් ඔයා ඇතුළු රසික-රසිකාවනට පළ කළ යුතුයි.

      සුළු පරිමාණයෙන් හරි හොඳ දේවල් කිරීම කොච්චර වටිනවද?
      ඔය තමන්ටම ස්තුති කර ගැනීම,සමහරුන්ට අමුතුයි. මම නම් විටින්-විට මටම තෑගිත් දී ගන්නවා.

      හරබර , අවංක අදහස් දැක්වීම ගැන ගොඩාරියක් ස්තුතියි!

      Delete
    4. අජිත් මහත්තයෝ, Lotus කියා තිබුණු කරුණට තවත් බර දැමීම ගැන ඉතා ස්තුතියි. කෘතවේදී වෙන්න පුරුදු වුණාම ඒකට ක්‍රම සහ වෙලාව ඉබේම වගේ ලැබෙනවා!

      Delete
    5. බස්සා මහත්තයෝ, ඔබතුමාටත් ස්තුතියි තවත් කරුණක් මතු කිරීම වෙනුවෙන්. ජපන් ජාතිකයන්ගේ පුරුදු හා ආචාරශීලීත්වය මං දන්නේ පොත්වලින් කියවලා සහ ෆිල්ම්ස්වලින්- ටෙලිවලින් දැකලයි.
      තවමත් ඒ ගති ඒ විදිහටම තියෙනවද දන්නේ නැහැ.
      ඔවුන් තමන්ගෙන් වරදක් වුණු විගස තමන්ටම දඬුවම් කර ගැනීම - තමයි මට වැඩියත්ම හිතට ඇල්ලුවේ.

      Delete
    6. ඔයාට උත්තරය එවද්දී තමයි අදහසක් ඔලුවට ආවේ. post එකේ සඳහන් සාන්ත තරුණ කාලේ ජපානයේ රස්සාව කළ කෙනෙක්- අවුරුදු දහය දොළහක්, මං හිතන්නේ. (එහෙම හම්බ කරගෙන ආව ලක්ෂ තිහ-හතළිහක් විතර වත්තේගෙදර සණස බැංකුවේ තැන්පත් කරලා නැති කර ගත්තා. රටේ හොරකම වැඩියෙන්ම රජ කරපු කාලේ.)

      ඒ සාන්තගෙන් ජපානයේ සිරිත්-විරිත් ගැන අහගන්න හිතුණා. එයාගේ අන්වර්ථ නමත් ජපන් සාන්ත.
      ඒ අයිඩියා එකට මුල් වීම ගැන බස්සා මහත්තයට ගොඩක් ස්තුතියි!

      Delete
  2. සෑම් මහත්තයාගෙ කමෙන්ට් එකනම් හරිම වටිනවා. "මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ". මම හිතන්නෙත් ඒ වගේ අයට විශ්වයේ කොහෙන් හරි අවශ්‍ය වෙලාවට උදව්ව ලැබෙනවා. අපි කිසිම දාක දැකලවත් නැති අයගෙන් අපිට පුදුමාකාර විදිහට උදව් ලැබෙන්නෙ ඒකයි. ඒනිසා මම නම් මම උදව්වක් කරපු කෙනෙක්ගෙන් ප්‍රති උපකාරයක් ලැබුනෙ නෑ කියලා දුක් වෙන එක පුලුවන් තරම් අඩු කරලා තියෙන්නෙ.

    Thank you for the music....sorry.. post.

    ReplyDelete
    Replies
    1. අනිත් අයට කොහොමද මන්දා Lotus, මට නං ඔයා කියන //විශ්වයේ කොහෙන් හරි අවශ්‍ය වෙලාවට උදව්ව ලැබෙනවා. අපි කිසිම දාක දැකලවත් නැති අයගෙන් අපිට පුදුමාකාර විදිහට උදව් ලැබෙන්නෙ ඒකයි.// කියන්න කාරණය නියමෙට වැඩ කෙරෙනවා.

      'අපි කරන හොඳ වැඩකට ප්‍රතිඋපකාර කියන්නේ බෝනස් එකක්. Bonus නොලැබුණාට කමක් නැහැ. අපි හොඳ යමක් කරනකොට අපිට ලැබෙන තෘප්තිය;වැටුප අපට ලැබිලානේ තියෙන්නේ.' මට ඔය පාඩම ඉගැන්නුවේ රාජමනී අංකල්. ඒ විත්තිය මම දෙපා අවසඟ පාපන්දු පිස්සා posts වලදී කිව්වත් එක්ක.
      http://nidigepanchathanthare.blogspot.com/2019/09/blog-post_16.html දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2019/09/blog-post_23.html දෙපා... 2
      http://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_6.html දෙපා... 3
      https://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_14.html දෙපා... 4

      Delete
  3. අපි කොපමණ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගත්තත් ඒ විශ්ව විද්‍යාල වල හිටි එකට ඉගෙන ගත් ය නිසාත් අපි ජීවිතය ගැන ඉගෙන ගන්නවා. සමහර අත්දැකීම් වලින් ඉගෙන ගන්න දේ විභාග වලින් මනින්න බැහැ

    ReplyDelete
  4. මිනිස්සුන්ට විතරක් නෙමෙයි සතෙකුට උනත් උදව් කරන මනුස්සයෙකුට වරදින්නෙ නැති බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. සතෙක් කිව්වෙ?🤔

      Delete
    2. වවුලෙක් හරි බකමූණෙක් හරි වෙන්න බෑ මං හිතන්නෙ.

      Delete
    3. වෙන්න බෑ. බඩගාන සතෙක් වෙන්ටෑ? අලකොමා ආවම ටක්කෙටම දැණ ගත්තෑකි. 😂

      Delete
    4. ප්‍රසන්න, වවුලයි- බකමූණයි දෙන්නමත් දෙපා සත්තුනෙ. උන් එක්ක අරෝවක් තියෙනවය නයින්ට?

      Delete
    5. බස්සා මහත්තයෝ, මාත් බලා ඉන්නං......

      Delete
  5. ගුණයහපත් මිනිසුන් එක්කරන්
    කරනා ආස්සරේ මහමේරුව තරම්
    වෙමු අපිත් ඒ විදිහ හරි ඉස්තරම්
    නිදියෝ අද පෝස්ටුව මසුරන්!

    ඔන්න බොහොම අමාරුවෙන් කයියක් ගෙතුව.

    ReplyDelete
    Replies
    1. හද ගැබ පැලවෙලා වාගෙයි කවි බීජ
      නමියා ලියා ඇත කවියක් අව්‍යාජ
      'හද බස කවි බසය' කියමනකිය රාජ
      තව කවි ලියා කව් ලොව නංවමුද ධජ

      Delete
  6. ඔබටත් ස්තුතී මේ වගේ ලිපි ලියනවට...

    ReplyDelete
    Replies
    1. Lalith, ඔයා වගේ රසික රසිකාවන් හැම දෙනාටමත් ස්තුතියි, blog ලියන අපේ posts කියවනවට!

      Delete
  7. සෙන්නා ලියලා

    https://kurundha.blogspot.com/2023/03/blog-post.html?

    ReplyDelete
    Replies
    1. අවදියෙන් ඉඳලා කිව්වට ස්තුතියි!

      Delete
    2. ඩ්‍රැකී, ඔයා දාලා තියෙන link එක වැඩ කරන්නේ අන්තිමට තියෙන ? එක අයින් කලාමයි.

      Delete
  8. අනුර ජිනදාසMarch 8, 2023 at 7:21 AM

    ලිපිය නං හොඳයි. හැබැයි කර්මඵල විශ්වාසය නැතිකම කියන්නෙම අපායගාමී වියහැකි අකුසලයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුර මහත්තයෝ,
      මගෙ විශ්වාසය නං මම එක පාරම අපායටවත් දිව්‍ය ලෝකයටවත් නොයන බවයි. කොච්චර විපාක දෙන්න තියෙනවද, මං කරපු හොඳ වැඩ?

      ඔයාලා තරමක් හරි දන්නවනෙ මම හිතන විදිහ. මම තව කාලයක් මේ මඟුල් සක්වලේ කරක් ගගහ ඉඳියි කියලයි, මට හිතෙන්නේ. ඒ හින්ද මං නිවන් යනවා ඇත්තේ ඔයාල සේරම එහාට ගියාට පස්සේ~

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්