“නිමල් අයියේ, එතකොට තව කවුද යන්නේ?”
“මගේ හිතේ තියෙන්නේ නං අමිල, අපේ තවත් බ්ලොගර් කෙනෙක් ගැන. නමී... දන්නවනේ නමියා.”
ඒ දෙන්නාව එකිනෙකාට හඳුන්වලා දුන්නෙත් මං වහන්සේ.
“හැබැයි ලොක්කා, නමියව දැක්කම නං නොගහන එකෙකුට වුණත් අම්බානක නෙළන්න හිතෙයි. පව්,
අසරණයා... ඒකට නං ගුටි කාලා දරාගන්න තරං ඇඟක්වත් නැහැනෙ...”
“මම තවම නමීට කිව්වෙ නෑ, අමිල. දවස තීරණේ කරගත්තම නමීට කියන්නං. බෑ කීවොත්- ඊළඟ
ඔප්ෂන් එක මර්වින්...”
අපේ ‘Mission of Finding ප්‍රෝඩාරාම’ සැලසුම් කෙරුණේ එහෙමය!
...
ඒවා තියෙන්නේ නොදන්නාකමේ මීදුමෙන් වැසී ගිය වනාන්තරයකය. |
ජෝසප් මහත්තයා ඇත්තටම එතැන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන්නේද කියා දැනගැනීම
දෙවෙනි ඉලක්කයයි. ඒවා තියෙන්නේ ‘නොදන්නාකමේ මීදුමෙන් වැසී ගිය වනාන්තරයක’ය.
ඒ මීදුම නිකංම නැතිව යනතුරු බලං ඉඳලා බැරිය. ළඟටම ගිහිං හොයා බලන්නට වෙයි!
ඉතිං, අපි ඒ ගවේෂණශීලී ගමන යන්නට යොදාගත්තේ 2024
පෙබරවාරි 8 වෙනිදා දිනයටයි!
“දැන් කීයටද නිමල් අයියේ මං ඔයාලගේ ගෙදරට එන්න ඕනෑ?” අමිල කල් තියාම ඇහුවේය.
“මෙහෙමයි අමිල මහත්තයෝ, එදා උදේ නවය වෙද්දී නමියි, මමයි හොරණට එන්නං. ඔයා හොරණ
කිට්ටුව ඉඳලා මහරගමට ඇවිත්, අපිව ආපහු එහාට එක්ක යනවට වැඩිය වැඩේ ඉක්මන්- එතකොට.
අපි දෙන්නට බස් එකේ එන්න පුළුවන්නෙ. ඔයාට තියෙන රාජකාරි ගොඩත් පොඩි නැහැනෙ!”
“පිස්සුද පිස්සුද ලොක්කා! මම මහරගමට එන්නං අටහමාර
වෙනකොට. ඒ ඇතිද? නැත්තං ඊටත් කලින් වුණත් එන්නං නිමල් අයිය කියනව නං... මට අවුලක්
නෑ!” අමිල එහෙමය...
“ලොක්කා, මමත් එහෙනං අටහමාර වෙද්දී ඔයාලගෙ ගෙදරට ඇවිත්
ඉන්නං.” නමීත් කිව්වේය.
නියමිත දවසේ උදේ 8.15 වෙද්දීම අමිලගේ කාර් එක අපේ
මිදුලේය. “කෝ නිමල් අයියේ නමියා? ඒකා එන්නැද්ද...”
“ඔයා වෙලාවටත් කලින් ඇවිත්නේ, මහත්තයෝ. තවම අටයි කාලයිනෙ අමිල. බලමු කෝල් එකක් දීලා...”
‘මං බස් එකේ.’ නමිනංගේ උත්තරය මට ඇල්ලුවේ නැත. “බස් එකේ? බස් එක කොයි හරියෙද කියහං
යක්ෂයො. අමිල නං දැනටම මෙහාට ඇවිල්ලත් ඉන්නේ...”
නමී වෙලාවටම වැඩ කරනවා ටිකක් අඩුය. (අපේ රටේ පොදු ප්‍රවාහන සේවාව පාවිච්චියට ගෙන
ගමන් යන අයට ඒ වගේ දේවල් සිද්ද වෙයි!) හැබැයි ඒ හාදයා අපේ රටේ වැඩි දෙනෙකු වගේ වරු
ගණන්- පැය ගණන් පරක්කු වෙන්නෙ නැතිය. වැඩිම වුණෝතින් විනාඩි පහ දහයක සුනංගුවක්
විතරය.
“හරි හරි. මහරගමට ආව ගමන්ම ඩාං ගාලා ඩූං ගාලා ත්‍රී
වීලර් එකක ඔහාට එන්නං.”
“නිමල් අයියේ, අපි ඉස්සරහට යං... නමියව මඟදී හම්බ වෙයිනෙ...”
අපේ දැනුම් දීම නිසා, නමී ඩාං ඩූං නොගා- අතරමඟ නැවතී
හිටියේය. එතැන් හිට එහාට-මෙහාට hints, සුහද ඇනුම් කෙටුම්, අතීත ස්මරණයන්... එව්වා
හින්දා අපේ නියමිත ඉලක්කය හොරණ පහු වෙනකල්ම වෙලාව ගත වෙනවාවත් දැනුණේ නැති හැටි!
“නිමල් අයියේ, Body Line එක පහු කරලත් ආවනෙ... ඔයාට තැන
මතකයි නේද?”
ඒත්
නමීට ෂුවර් නැත. නමුත් ‘ නිසලගිරි උයන’ නාම පුවරුව ඇහැ ගැටුණේත් උන්නැහේටමය! (foto-
නමී) |
“මම දන්න විදිහට නං, ඔය හරියේ ඉස්සෙල්ලම හැදිච්ච garment factory එක තමයි ඒක...”
කඳු ගැටයක් උඩ තියෙන අම්මාගේ බංගලාව සුදු පාටින් බැබළි- බැබළී
ඈත තියාම පෙනුණු හැටි මට මතකය. ඒ කාලයකට ඉස්සරය. දැන් එහෙම පෙනෙන්නැත්තෙ ඇයි?
වෙනින් පාටක් ගාලාවත්ද? නැත්තං ඒ ගෙදර බිමටම සමතලා කරලවත්ද...
අවුරුදු ගණනාවක් යනකොට ඒ ඉඩම්වල ගහකොළ උසට වැවෙන විත්තිය,
ඒ අල්ල-පනල්ලේ මට කල්පනා නොවුණු හැටි...
ඊළඟට මගේ නිමිත්ත වුණේ පාරෙන් වම් පැත්තේ තිබණු මොකක්දෝ
දිග ගොඩනැඟිල්ලක් දැක ගැනීමය. “ඒකට ඉස්සෙල්ලයි, පස්සෙයි පාරවල් දෙකක් තියෙනවා. ඒ
දෙකෙන්ම උඩට යන්න පුළුවනි. පාරෙන් දකුණු පැත්තේ කඩ තුන හතරකුත් තිබ්බා මතකයි, අමිල...”
“එව්ව නං දැන් වෙනස් වෙලා ඇති රජෝ.”
“නිදි... අපි තැන පහු කරලා ඇවිත්ද? ඔයාට මතකයිද හොඳටම...”
“නමී, මගේ ඉව නං කියන්නේ තව ඉස්ස..ර..හි.න්... හෝව්, හෝව් අමිල. මේ පාරෙන් උඩට ත..ම..යි
යන්න තිබ්බේ.”
ඒත් නමීට ෂුවර් නැත. නමුත් ‘ නිසලගිරි උයන’ නාම පුවරුව
ඇහැ ගැටුණේත් උන්නැහේටමය. “වෙන්දේසි ඉඩමක් කිව්වා නේද නිදි? මේක වෙන්නැති එහෙනං.”
අමිල ඒ පාරට වාහනය හැරෙව්වේය; අයින් කරලා නැවත්තුවේය;
ජංගම දුරකතනය අතට ගත්තේය. “කොයිකටත් නිමල් අයියේ, අපි Google Map එ..කෙ.න්... ආ..ආ..ආ..අ.අ..
පන්සලක් ති..යෙ.න..වා. මේ, එක එක පැත්තට යන පාරවල් ගොඩකුත් පෙන්නනවා. කොයිකේද යන්න
ඕනි, නිමල් අයියේ?” අමිල ඇහුවේය. ඇත්තය... දැන් තීරණය ගත යුත්තේ මං වහන්සේය.
අමිලත්, නමීත් මේ ‘දහදුරා ගමන’ ඇවිත් පුරුදු අය හෙම නෙවෙයිනෙ!
දහදුරා ගමන!
සති කිහිපයකට කලින් දවසක් වෙන තුරාවටම මං හිතාගෙන උන්නේ දහදුරාවේ යනවා කියන්නේ ‘අවලමේ
යනවා’ කියන එකමය කියලාය. අපේ මහරගම ආච්චීගෙනි, මං ඔහොම යෙදුම් ඉගෙන ගත්තේ. ඒ
නිසාමද මංදා- එවැනි යෙදුම් ග්‍රාම්‍ය; නොසරුප් ඒවා ලෙස මට නොසිතෙයි. එසේම, ඒවා ගැන
තව-තවත් ඉගෙනගැනීමට- නිශ්චිතවම දැන ගැනීමට මට තවමත් ඇත්තේ නොතිත් ආශාවකි.
අපේ තාත්තාය, මිනී වළේ දපාගෙන හිටි
බමුණාගේ දැනුම් පිපාසාව ගැන කතන්දරය මට කියාදී- ඒ ආශාව තවත් දැඩි කළේ.
ඉස්කෝලේ යන්නට කලින්ම පත්තරවලින් සිංහල ඉගෙනගත් නිදි, ඒ දැනුම පුළුල් කර ගත්තේ පොත් කියවීමෙනි.
දැන් නං මේ යක්ෂයා එහෙම කරන්නේ අන්තර්ජාලයේ සැරි-සැරීමෙනි.
මේ
දසදුරාව ජන වහරෙදි 'දහදුරාව' බවට පත්වෙනවා. මහනුවර කාලයෙදි මේ දසදුරාව
හැඳින්වුණේ... |
“'ඔයාලත් දහදුරා ගමන් ගිහින් තියෙනවද?'
අවිනිශ්චිත, සැක
සහිත, නොහොබිනා ගමනක් ගිය කෙනෙකුගෙන් ඇහුවෙ ඔන්න ඔහොම තමයි
අපේ සමාජයේ.
'උඹ දහදුරා ගමනක් ගියා නේද?'
ඉතින් මොකක්ද මේ
දහදුරාව?.අපේ පැරණි සමාජයේ මිනිස් වර්ග කිරීම්වලදි යොදාගත් ප්‍රබලම
වර්ග කිරීම් ක්‍රමය තමයි 'කුල ක්‍රමය'. ඒ ගොවි, කරාව, සලාගම, දුරාව, බත්ගම්... ආදි වශයෙන්. මෙන්න මේ සිව්වැන්න උප
කොටස් දහයකින් සමන්විතයි. අන්න ඒක 'දසදුරාව' කියල හඳුන්වනවා. මේ දසදුරාව ජන වහරෙදි 'දහදුරාව' බවට
පත්වෙනවා. මහනුවර කාලයෙදි මේ දසදුරාව හැඳින්වුණේ...
1-පට්ටි දුරය
2-පොරෝ දුරය
3-හරි දුරය
4-මගුල් දුරය
5-නදී දුරය
6-කුන්තවි දුරය
7-බලිබත් දුරය
8-පන්න දුරය
9-නාථඹු දුරය
10-හිවන්න
දුරය.. විදිහටයි.’
නිදියෝ, ඔය මදැයි දහදුරාවේ ගියා. අපි ආයෙම යමු නේද ඔහෙලගෙ ‘නිසලගිරි උයනේ ගමන’ට.
“මේකයි වැඩේ අමිල... අපි කන්දේ උඩටම යන්න ඕනි විත්තිය නං හොඳටම මතකයි. හැබැයි ඒ දවස්වල මේ පාරවල් මෙච්චර කැඩිල තිබ්බේ නෑ. අනික තමයි මෙච්චර ගෙවල් හැදිලා තිබ්බෙත් නෑ....”
“එහෙම නෙවෙයි නිදි, කාගේ හරි නමක්වත්...”නමීත් හදන්නේ පොටක් පාදලා දෙන්නටය.
“එහෙම නං ඉතිං නමියෝ, අපේ අම්මගේ නම තමයි කියන්න වෙන්නෙ. නැත්තං සුනිල්ලගේ...”
“පෙන්නන විදිහට නං නිමල් අයියෙ ඔක්කොම ඉඩම් එක වගෙයි...”
Map එක දිහාටම නෙත් යොමාගෙන අමිල සහෘදයා කියද්දී...
‘ගණ දෙවියෝ’ ඒ මොහොතේ මගේ සිරස මස්තකයට වැඩි සෙයකි; වැඩලා මං වහන්සේට තන්වැසි නුවණකුත්
ප්‍රදානය කළ සෙයකි!
‘ගණ දෙවියෝ නුවණ දෙන්ට
සරස්වතී පහළ වෙන්ට
සියලු රෝග දුරු කරන්ට
නිතර වඳිමි තුනුරුවන්ට’ වශයෙන් ගණ දෙවි හෑල්ලේ කියා තිබෙන්නේත් ඒක නෙව.
1960 හැට ගණන්වල, කැලණිවැලි පුංචි කෝච්චියෙන් යද්දී හමුවුණු ‘හොර ගෙඩියා’ එක්ක ගැටෙද්දීත් මට ඔය
නුවණ ලැබිණි!
1977දී; මට අවුරුදු දාහතේදී අපේ සුනිලුත් එක්ක ගෙදරින් පැනලා ගිහිං, දුන්හිඳ ගැමියන්ට අහුවුණාමත් මට ඔය නුවණ ලැබිණි!!
1998 විතර බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ලෙන් පල්ලට දෙරි ගහන්නට ඔන්න-මෙන්න කියා තිබියදීත්, අතක් පන්නවාගෙන
බේරෙන්නට මට ඔය නුවණ ලැබිණි!!!
ඒත් 2023දී fb මාරකැට්ටුවේ රැකටියර් එක්කලා ගනුදෙනුවේදී නම් මට ඔය නුවණ නොලැබුණෙන්
(නමීගේ අනතුරු ඇඟවීම පවා නොතැකූ) මම පල් බූරුවෙක් වීමි.
ගණ
දෙවියන් වහන්සේ වුණත් හැම තිස්සෙම අපට නුවණ නොදෙන බව... |
“වැඩක් මතක් වුණා අමිල මහත්තයෝ. ඔය ඉඩම් ඔක්කොම එක වගෙ
නං, අපේ ඉඩම අඳුරගන්න පුළුවන් වෙයි ලොකු නිසා. අපේ අම්මා ඉඩම් කට්ටි දෙකක් නැත්තං
තුනක්ම එකට ඈඳලානේ ගේ හැදුවේ. කන්ද මුඳුනේ තියෙන අනිත්වාට වඩා ලොකු ඉඩමක්...”
“මෙන්න මෙන්න. තියෙනවා නේන්නං ලොක්කා! ගේකුත් තියෙනවා...”
“එහෙම නං අමිල, අපි කෙලින්ම එතෙන්ට ගිහිං බලමු!”
අලුත් තාක්ෂණයේ මහිමය ඒ වෙලාවේ හොඳටම පෙනුණේය. කාගෙන්වත් අහන්නේ බලන්නේ නැතිවම අමිල
‘ඒ ලොකු ඉඩම’ ඉදිරිපිටටම කාරය පැදෙව්වේය.
“නිදි... ලොකු ගේට්ටුවකුත්* තියෙන්නේ... මේකද තැන...” (*ගේට්ටුව- නමී උන්නැහේ ගත්තු ඒ ගේට්ටුවේ foto එකක් ‘ප්‍රෝඩාරාමය - එකොළොස්වෙනි කොටසේ’ තිබෙයි.)
“ඔව්වොව්! මේක තමයි! හැබැයි ගේ නම් වෙනස් කරලා...”
“ඔව්නෙ ලොක්කා, තාම construction වැඩ ඉවරත් නෑ වගෙයි. කෝකටත් ගිහිල්ලම බලමු නේද?”
“ගේ ඉස්සරහම තඩි ගඩොල් ගොඩකුත් තියෙන්නේ...” කියමිනි නමී කාරයෙන් බැස්සේ.
“යං යං, අපි ආවේ ඒකටනෙ!” දැන් අමිල, නිදි දෙන්නාත් වටපිට
නිරීක්ෂණය කරති.
“හදිසියේ දුවන්න වුණත් හරි පැත්ත දැනගෙන ඉන්න ඕනිනේ.” / “කාර් එක හරවලම තියමුද?” /
“ඕන්නෑ, ඕන්නෑ. අපි ආව පැත්තෙන් නෙවෙයි, ඉස්සරහට ගිහිල්ලත් හොරණ පාරට වැටෙනවා. ඒ
පාර* මේකට වැඩිය හොඳට තිබ්බා ඒ දවස්වල නං.” (*ඒ පාරය කිව්වෙ ශ්‍රී ධීරානන්ද මාවතටයි.)
“නිමල් අයියේ මේ ගේට්ටුව නං එංගලන්තෙන්ම ගෙන්නලා වගෙයි.”
/ “නිදිල අම්මද මේක ගෙනාවේ?”
“අම්මා එච්චර දෙයක් කළයි කියලා මම නං හිතන්නේ නෑ. මිස්ටර් ජෝසප්ල වෙන්නැති!” ඒ මන්දිරය ඉස්සරහ
ගෙදරින් ස්ත්‍රී පරාණයක් එහා-මෙහා ගියේ ඇස් දෙක අපේ පැත්තට යොමාගෙනය. එකත් එකටම
තවත් විමසිලිමත් දෙනෙත් වැඩ පටන්ගෙන ඇතිවා නිසැකය...
“මිනිස්සු මොකද කියල බලයි, අපි දිගටම මෙහෙම පාරේ නැවතිලා ඉන්නකොට. ගේට්ටුවත්
පැත්තක් ඇරලනෙ තියෙන්නේ. ඇතුළට යමුකො.”
දැවැන්ත ගේට්ටු රාජයාගෙන් ඇතුළු වෙනවිටම අප දැක්කේ මිදුල
අමදිමින් හිටි අංගනාවකි. දිග ගවුමක් ඇඳගෙන හිටි ඇය කළු පැහැතිය. මගේ ඇහැට නම් ඒ
කාන්තාව පෙනුණේ දමිළ කෙනෙකු වගෙය. එයා අපිව දැක්කේ නැතුවාද- එහෙමත් නැතිනං දැකලත්
ගණන් නොගෙන, දිගටම ඇගේ අතුගෑම කෙරුවාද?
“නිමල් අයියේ, අතන කෙළවරේ දොරක් ඇරලා. ඉන්නකො මම ගිහිං
කතා කරල බලන්න.”
දැවැන්ත
ගේට්ටු රාජයාගෙන් ඇතුළු වෙනවිටම අප දැක්කේ මිදුල අමදිමින් හිටි අංගනාවකි. දිග
ගවුමක් ඇඳගෙන හිටි ඇය... (foto- නමී) |
“නමී, අපි එහාට ගියාම ඔයා foto ටිකක් ගන්න ඕනි, හොරෙන්
හරි!” එහාට යන්නට කලින්මය, මං කියලා තිබ්බේ. මොන ෆොටෝස්ද? Foto දෙක තුනක් ගන්නකොටමය,
නමීට calls වැලක් එන්නට පටන් ගත්තේ...
ඒ අතරේ මං මගේ නිරීක්ෂණාත්මක දෑස් ගොඩනැඟිල්ලේ දකුණු පැත්තටයි ගෙනිච්චේ. ඔව්! දැන්
ඒ ගොඩනැඟිල්ලේ වෙනස්කම් රැසක්ම කෙරීගෙන යයි. ඉදිරිපස කොටස එහෙම පිටින්ම වෙනස්කොට
අවසානය. දකුණු පැත්තේත් වෙනස්කම් කෙරෙමින් පවතියි. අලුතින් දොර- ජනෙල් ගොඩක් දැනටමත්
ගෙදරට එකතු වෙලාය!
එව්වා සේරමත් මිලෙන් වැඩි පාටය!
“නිමල් අයියේ... මේ ඉන්නේ වැඩ කරන එක්කෙනෙක්...” අමිල
කතා කරන්නට කෙනෙකු කැන්දාගෙන ඇවිත්ය. පෙනුමෙන්ම ඒ බාස් උන්නැහේ කෙනෙකු විත්තිය
කාටත් වැටහෙයි.
“අපි ආවේ මෙතැන ලොකු මහත්තයාව හම්බ වෙන්න. මහත්තයා
ඉන්නවද?”
“ලොකු මහත්තයෙක් නං නෑ. අපේ බොස් ඉන්නවා... අපි කොන්ත්‍රාත්
එකටයි වැඩ කරන්නේ. සර්ලා පොඩ්ඩක් ඉන්නවද- මම බොස්ට කියන්නං.” ඒ මනුස්සයා උඩට නැංගේ
එතැනම තිබුණු පඩි පෙළකිනි. ‘ඒ පඩි පෙළත් අලුත්!’
කොන්ත්‍රාත්තුව බාරගෙන ඇති කෙනා පහළට එනතුරු අපි ආයෙමත්
වටපිටාව බලන්නට පටන් ගත්තෙමු. සුනිල්ලා සිටුවා තිබුණු පොල් පැලත්, අඹ පැලත් දැන් ලොකුය. ඒවායෙන්
දෙන්නේ ලොකු හෙවණකි. ඒ සෙවණ හින්දම පිහිනුම් තටාකය පැත්ත අඳුරුය.
“නමී, අන්න අතන තමයි නෙවිල්ගේ උපන් දිනේ දවසේ, එයාලගෙ ලොකු අයියා ආප්ප හැදුවේ...”
කාටත් ඇහෙන්නට ඒ ටික හයියෙන් කියාගෙන නමී ළඟට යද්දී මගේ tone එක බිංදුවටම වගෙ අඩු
වෙලාය. “Pool එකේ foto දෙක-තුනකුත් ගන්න.”
වතුර
කඳුළක්වත් නැතිව- පාලුවට අතහැර දමා තිබෙන Swimming Pool එකේ ඡායාරූපයක් මේ post එකට... (foto- නමී) |
නෙවිල්, නලින්, මංජු, චූටි
මල්ලී හා අයස්මන්ත වැනි කැමරා සහිත ගමන් සගයන්ගෙන් ‘Foto ගන්න තරම් එළිය මදි. /
ඩිස්ටන්ස් එක හරි නෑ.’ වගෙ කතන්දරත්- zoom, ඇපචර් වගෙ කුණුහරුපත් අහලා පුරුදු
නිසා... මං නමීගේ fotoවල වරදක් දකින්නේ නැත.
පාද යාත්‍රා ගමන් කිහිපයකදීම අත්දුටු විදිහට නමීගේ රුචිය තියෙන්නේ කලාත්මක ඡායාරූප
ගන්නටය. වාර්තාමය foto ගන්නට නොවේ.
වතුර කඳුළක්වත් නැතිව- පාලුවට අතහැර දමා තිබෙන Swimming
Pool එකේ ඡායාරූපයක් මේ post එකට ඔබන්නේ ‘නිකං ඉන්න මට අහල ගියත් මදැයි’ කියා
සිතමිනි...
අමිල හිටියේ දොරකඩින් මෑත් නොවෙමිනි. සැබෑම ආරක්ෂක
සෙබළෙකු විදිහටය. එතකොටම උඩ තට්ටුවේ සිට පහතට බැහැගෙන ආවෙත් සටකපට පෙනුමක් ඇති කෙනකු
නොවේ; මිත්‍රශීලී මුහුණක් ඇත්තෙකි.
“ම..හ.ත්ත..ය..ල..?”
“මම නිමල් දිසානායක. මහරගම ඉන්නේ. මේ
දෙන්නා මගේ යාළුවො... මේ ගෙදර ඉස්සර අයිති වෙලා තිබ්බේ අපේ අම්මට, ජෝසප් මහත්තයට
කලින්...”
“ජෝ..ස..ප් මහත්තයා...?” කතා විලාසයෙන් සුපැහැදිලිවම පෙනුණේ, ඒ මනුස්සයා ජෝසප්
කෙනෙකු ගැන මෙලෝ හසරක් නොදන්නා විත්තියයි.
“අපි කොන්ත්‍රාත් එකක් අරගෙනයි අවුරුදු දෙකක් විතර තිස්සේ මේ වැඩ කරන්නේ. අපිට
කොන්ත්‍රාත්තුව දුන්නේ xxxxx කියල සමාගමකින්. අපි කරන වැඩ බලන්නේ නම් xxxx මහත්තයා.
සර්ලා ඒ මහත්තයගෙන් ඇහුව නං ඕනි කරන විස්තර කියයි.”
“හරි! එහෙම කරන්නං. තරහ නැතිව අපිට ඒ මහත්තයගෙ ටෙලිෆෝන්
නොම්මරේ දෙනවද?”
“නො..ම්ම..රේ... චුට්ටක් ඉන්න සර්. මම ඒ සර්ට කියල ඉන්නං...” ඒ මනුස්සයා ජංගමයාගේ අංක
ඔබද්දී මට හිතුණේ ‘වැඩේ අනාථයි!’ කියලය.
“XXXX සර්... මහරගම ඉඳලා මහත්තුරු වගයක් ඇවිත් ඉන්නවා.
මේ ගෙදර ඉස්සර අයිති වෙලා තිබ්බ නෝනගේ පුතාලු. ජෝසප් කියල මහත්තයෙක් ගැනත් අහනවා...
ආ... දෙන්නං දෙන්නං සර්. ෆෝන් එක ඒ මහත්තයට දෙන්නං.” ඒ මනුස්සයා ටෙලිෆෝනය මගේ අතට
දුන්නේය...
‘ප්‍රෝඩාරාමය 15’ පෝස්ටුවෙනි, එතැන් සිට විස්තර
ලියැවෙන්නේ.
පර්ත් පැරඩයිස් එකේ හදපු සමහර ගෙවල් දැන් ගාර්මන්ට් ෆැක්ටරි සේවකයින්ට බෝඩිං විදිහට දෙනවලු
ReplyDeleteපැරඩයිස් වුණත් පැරලයිස් වෙනවද මංදා... Pra Jay මහත්තයෝ.
Deleteමොන මගුලක්ද නමින් පෝස්ට් කරන්න බැහැ . එක තමා පර්ත් එකේ තිබ්බ මගේ ඉඩමට වුනේ. ගත්තේ එකා ගාමන්ටාරාමයක් දාල - කොළඹගමයා
Deleteමොකද අජිත් මහත්තයෝ ඔයාටම මෙහෙම වෙන්නෙ?
Deleteවරේවා, කතාව ලස්සනට යනවා නේද? ඇත්තටම ප්‍රෝඩාරාමය නම දැක්ක ගමන්ම මට මතක් වෙනව අර මැදමුලන මහ හොරා ඒ කාලේ මුරුත්තෙට්ටු උන්නාන්සෙ එක්ක රඟපු අභයාරාමය, කලකට ඉහත අභයාරාමය වඩාත් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර වලට තෝතැන්නක් වූ අවධියේ අප සමග මංගල පින්සිරි සමරවීර සහෝදරයාත් ඔය අභයාරාමයේදී සාකච්ඡා කළේ වඩාත් සාධනීය දේශපාලන කාරණා පිළිබඳව, හැබැයි පහුගිය වසර කීපය තුල කොරෝනාවලින් වුන එක හොඳක් තමයි මංගල සමරවීර සහ කීලී මහාරාජා අභාවප්‍රාප්ත වී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ලංකාව තුල නැතිවුන එක.
ReplyDeleteඋදාහරණ විදිහට මංගල සමරවීර හිටියනම් මේ මොහොතේ ඊලඟ ජනාධිපතිවරණෙදී එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය ඇතුලු බටහිර කඳවුරේ රටවල්වල නියත තේරීම වෙන්නෙ මංගල.
ඔය X කණ්ඩායමට තනිකරම අරමුදල් සැපයුවෙ මංගල සමරවීර,රුවන් ෆර්ඩිනැන්ඩස්ලා එක්සත් ජනපද සහ යුරෝපීය සංගමයේ අනුග්‍රහය යටතේ ඔවුන්ගේ කැම්පේන් වෙනුවෙන්. ඔය කණ්ඩායමට පොත් සඟරා අච්චු ගහන්න සම්මණ්ත්‍රණ තියන්න වියදම් කෙරුවෙ මංගලලා තමයි. මංගලගෙ දිගුකාලීන ප්‍රොජෙක්ට් එකේ කසකාරයො තමයි රොහාන් පෙරේරා, දීප්ති කුමාර, චින්තන ධර්මදාස වගේ අය. නමුත් ඒ අය මෙහෙයවන්නට අවශ්‍ය වූ න්‍යාය පත්‍රය තීරණය කිරීම පසුපස ප්‍රධාන වශයෙන්ම හිටියේ එක්සත් ජනපද බලධාරීන්.
වැළලී ගිහිං වගෙ තිබ්බ තොරතුරු ටිකක් සටහන් කළාට ගොඩක් ස්තුතියි ලලිත් මහත්තයෝ.
Deleteපාරාදීසය, ලන්ඩන් වගෙ පත්තරත්- x කණ්ඩායමේ සමහර ප්‍රකාශනත් ප්‍රින්ට් කළේ මං වැඩ කළ පියසිරියේ.
https://www.google.com/maps/place/Nisalagiri+Uyana/@6.7427964,80.1270294,130m/data=!3m1!1e3!4m6!3m5!1s0x3ae3b381d6c48781:0x95f213c88c7a496a!8m2!3d6.7407645!4d80.1257496!16s%2Fg%2F11s95m_hvd?entry=ttu
ReplyDeleteතවත් හොඳ link එකක්. ස්තුතියි Ano!
Deleteහුම්. පරක්කු උනාට ෂොරි ලොක්ක 😁😁
ReplyDeleteඒ උනාට පෝං එකෙන්ම ඒ වෙලෙවෙ කෑ ගැහුව එක වැරදියි 🙈
Deleteමං හිටිය දිහාවත් අමතක උනා
දහදුරාව ගැන අදයි දැන ගත්තෙ. මං හිතුවෙ දහදුරාවෙ යනව කියන්නෙ දහඅතේ යනව කියන එකට සමාන පදයක් වෙන්න ඇතිය කියල
Deleteපරක්කු වෙලා හරි ආවනේ.... දැන් ඉතිං රාජකාරි වැඩියිනේ.
Deleteකවුද ඒ වෙලාවේ කෑ ගැහුවේ?
Deleteඅපි නුහුරට තේරුම් ගන්න යෙදුම් තව කොච්චර තියේද නමී?
Deleteඈ.... එහෙනම් නමි කොලුවත් මං වාගේම බැනුම් ඇහැව්වා පරක්කුවෙලා ඇවිත්...
Deleteමීට පස්සෙවත් ඉගෙන ගනිං කොහේට පරක්කුවෙලා ගියත් නිදිගේ ගෙදරට පරක්කු වානා...
මිට්ටර් නිදි
Deleteකෑගැහුවමත් නෙම්. ඒ උනාට උස් ස්වරයෙන් ඇමතුව 🤭
මිට්ටර් කොලොම්පුර්.
ඕ යැස්. එහෙ විතරක් නෙමේ... ඕනම තැනකට වෙලාවට යන්ටත්, ඕනවට වඩා වේලපහ නොයා ඉන්ටත් පුරැදු වෙමු
අන්න වැඩේ.
Deleteඔරලෝසුවක එක දැති රෝදයක් හරියට වැඩ නොකළාම ඇති නේද, අනිත් සේරමත් අවුල් වෙන්න?
අසංග මහත්තයෝ- වරණ ජාතක කතාව කියවන්නකෝ නිදහස් වෙලාවක.
Deleteඅද පෝස්ට් එකේ මම කැමතිම කොටස තමයි-වෙනත් කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් තවත් පාර්ශවයකට දෙන්න කලින් ෆෝන් නම්බර් එක අයිති කෙනාගෙන් අහලා, permission ඇතුව තමයි දෙන්න ඕනෙ කියන දැනුවත්කම නිමල්ලා එක්ක කතා කරන්න ආපු කෙනාට තිබීම. බහුතරයක් ලංකාවෙ අය තමන්ගෙ යාලුවන්ගෙ, පවුලෙ අයගෙ ෆෝන් නම්බර්ස් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වෙනත් පාර්ශ්ව වලට දෙන අය.මිනිස්සුන්ගෙ ලිපිනය, ෆෝන් නම්බර් වගේ දේවල් පෞද්ගලික හා confidential දේ බව ගොඩක් අයට තේරෙන්නෙ නෑ.
ReplyDeleteLotus, ඔයා මතු කරනකල්ම මට ඒ බාස් උන්නැහේගේ දැනුමැතිකම ගැන කල්පනා වුණේ නැහැනෙ.
Deleteමගේ ගොඩක් යාළුවො තව අයගේ ෆෝන් නොම්මර ඉල්ලගන්නේ මගෙන්...
"නමියව දැක්කම නං නොගහන එකෙකුට වුණත් අම්බානක නෙළන්න හිතෙයි" Poor නමියා! Gym එකට ගියාම වැඩිපුර weight training කරන්න කියලා නමියට කිව්වම ඉවරනෙ.
ReplyDeleteනමියෝ, මෙන්න ඔහෙට පන්දුවක් Lotusගෙන්!
Deleteජිම් යන්ට කම්මැලි. අනික අනික් අය කියන හන්ද හරි, අනික් අයට පේන්ට හරි මම ඇඟ හදන් වැඩක් තියේද
Deleteදොස්තර මහත්තයෙක්නම් කිව්ව හිටං වතුර බීමයි කෑමයි ගැනීම නං අඩුයි කියල. ඒකටනං මක්කහරි කරන්ට වෙනව 😁
Deleteඒකට ඉතිං නමියෝ, ඔහේගේ අරවා කන්නේ නෑ- මේවා කන්නේ නෑ වගෙ තේරවිලි අඩු කර ගන්නම වෙනවා.
Deleteහය්යෝ... අනිත් අයට පේන්න නෙවෙයි, weights කරලා තමන්ගෙ muscles ශක්තිමත් කරගත්තම තමන්ටමයි හොඳ.
DeleteLotus,
Deleteනෙවිල්, මර්වින්, අයස්මන්ත තුන්දෙනා යන ජිම් එකට යන්න නමියට අඬ ගැහුවත් එක්ක. මොන...
කියෙව්වා. නමිය ඇතුලු සැමටම ස්තූතියි.
ReplyDelete+++++++++++++++++🙏💐👌
මට විතරක් ඉස්කෝතු තිව්නම ඇති හිටං
Deleteබකුසුතුමෝ, නමීට එක විස්කෝත්තක් තිබ්බත් හොඳටම ඇති!
Deleteනමියො ඉඳා බොට ඉස්කෝතු පැකට් එකම. බෝ බෙදහං අනිත් අයට. 😋😁
Deleteකාට දුන්නත් මොකෝ, අපිටත් පංගුව හම්බ වෙනවනේ!
Delete