li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, April 27, 2024

F***ing and බකිනි

F***ing twice a week is good for your health.
ආන්න එහෙමයි උඩ්ඩ්ඩ්ඩම පේළියේ තිබ්බේ.

සතියකට දෙසැරයක්... සරීර සවුක්කියට හොඳයි?
ඒකත් නරකම නෑ!
බලමුකො ඊළඟ පේළියේ මොනවද කියල තියෙන්නේ කියල.

F***ing refreshes you.

F***ing gives proper relaxation for your mind and body.

ඈෑෑෑෑෑෑ... ‘... ඔබේ මනසට හා සිරුරට නියමාකාර සැහැල්ලුවක් ගෙන දෙයි.’
මේක කියපු එකාට නං අන්ධ කයිප්පු කැවිලා. සැහැල්ලුව කොහොම වෙතත් දැනෙන මහන්සිය නං... ඉක්මන් වෙන්නෙ නැතිව ඊළඟට තියෙන දේවලුත් කියවල බලහං යෝදයෝ. මට හිතුණා.

F***ing refreshes you.
After F***ing don’t eat too much, go for more liquid.
හැබෑවටම ඒකෙන් අපිව නැවුම් කරනවද?
ඒ මදිවට මොකක්ද මේ කියන්නේ? ඊට පස්සේ වැඩිය කෑම ගන්න එපාලු- වැඩියෙන් දියර ජාති බොන්නලු! ඊටත් පස්සේ තියෙන්නේ කලින් කියපු දේවල්වලටත් වැඩිය වඳුරු කුණුහරුපයක්.

When F***ing try to stay in bed because it can save you valuable energy.
හැමෝටම ඇඳන් තියෙනවයැ? පැදුරේ සැතපෙන මිනිස්සු කොච්චර ඉන්නවද... එතකොට එයාලගෙ ශක්තිය ඉතිරි කර ගන්න වෙන්නෙ...? කමක් නෑ, කමක් නෑ... මෙච්චර දුරක් කියවගත්ත එකේ ඉතිරි කාරණා දෙකත් කියවලම හිටපං නිදියො..

F***ing can even reduce your cholesterol level.
ඒකත් මරුනේ අම්මපා! කොලෙස්ටරෝල් මට්ටමත් බහිනවලු F***ing කළාම. මාර කෙළියක්නෙ යකඩෝ මේ.
ඊට පස්සේ තියෙන්නේ නං ටිකක් විතර තේරුම් ගන්න අමාරු වාක්කියක්.
F***ing make you more committed and you can be sensitive and receive from above. බලමු ඩික්ෂනරියවත් පෙරළලා. commit- බාර දෙනවා, පවරා දෙනවා, බැඳෙනවා. (more committed කියනකොට මං හිතුවේ ‘වැඩියෙන් කැපවී’ කියලනේ.)
එතකොට sensitive?

ඒ වචනෙට දීලා තියෙන තේරුම් ටික තේරුම් ගන්න නං, තව පොතක් හොයා ගන්නයි වෙන්නෙ. ඔයාලත් කියවල බලන්නකො මේ අප්‍රභංශේ තේරෙනවද කියලා.
‘වහා හැඟීම් ඇති වන; ක්ෂිප්‍රග්‍රාහී; සංඥාප්‍රකාශක; සියුම් ඉඳුරන් ඇති; ඉක්මනින් කිපෙන, කලබල වන හෝ ප්‍රකෘතිය වෙනස් වන...’ ආච්චිගෙ රෙද්ද!

මෙන්න එහෙනං ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨක පිරිසට කෙරෙන විනෝදාත්මක ආරාධනයක්.
තරහ නැතිව ‘F***ing make you more committed and you can be sensitive and receive from above.’ කියන වාක්‍යය සිංහලට පෙරළලා එවන්නකො comment එකක් විදිහට.

මොකද දන්නවද ඒ වගකීම දයාබර ඔයාලට පැවරුවේ. කණා බල්ලන් ගහනවා වගෙ වැඩ කරන්න හොඳ නැති නිසා. නොදන්නා දෙමළෙට ගිහිං වරිගේ නහ ගන්න මං වහන්සේ අකැමැති නිසා. (අද කියන්න යන සිද්දියත් එහෙම වැරැද්දක් ගැනයි.) ඊට කලින් මෙන්න කියාගෙන ආව කතන්දරේ ඉතිරි විස්තර කියනවා.

අන්තිමටමනේ- තද කළු අකුරෙන් මෙහෙම වාක්කියකුත් කොටු කරලම දාල තියෙනවා දැක්කේ!

ටික දවසකට කලිනුයි මට ඔය ඉංගිරිස්වලින් තිබ්බ ‘F***ing’ විස්තරේ හම්බ වුණේ. උඩින්ම තිබුණු චිත්තරෙත් ‘වැඩිහිටියන්ට පමණයි’ ගණයේ. ඒ මදිවට F***ing කියනකොටම නසරානි මගේ වලත්ත ඔළුවට ආවෙත් Adult’s only- Trible xxx සීන් එකක්. ඉතිං, එහෙම වෙලාවට හුදී ජනයා කරන විදිහටම පෘතග්ජන මාත් බොහොම උනන්දුවෙන් කියවං ගියා.

බොලේ, අන්තිමටමනේ- තද කළු අකුරෙන් මෙහෙම වාක්කියකුත් කොටු කරලම දාල තියෙනවා දැක්කේ!

So Remember: FASTING is good for your health.
ඇත්තනේ! උපවාස කිරීම කාගෙත් සෞඛ්‍යයට හිතකරයි නේන්නං.
මම නං ඒ කාරණේ අත්දැකීමෙන්ම දන්නවා.
වැරදි බෝනස් එකකුත් එක්ක මට හම්බ වුණු මල්ටිපල් මයෙලෝමාව පාලනය කෙරිලා තියෙන්නේ ඔය ‘උපවාස කෙරුවාව’ හින්දා කියලයි මං හිතන්නේ. ‘පිළිකා සෛලවල පැවැත්මට රුධිරයේ සීනි උපකාරී වෙයි’ කියන කාරණේ තමයි, දොස්තර අයස්මන්ත පීරිස් හිතවතා පුන-පුනා මට මතක් කරන්නෙ. “ඒක නිසා සිරුරේ සීනි නැති වුණාම පිළිකා සෛල අඩපණ වෙනවා, මී හරකෝ!”

මා ‘ගෝඨාගෝගමේ අරගලය දිනවල ගෝල්ෆේස් පිටියේදී...

“නෙවිල්, මර්වින්. බලපං මචං. මේ පිස්සු හුxxට කොච්චර කිව්වත් අහන්නේ නැති හැටි. පැණි රස ගිලිනවා... යකෝ... ඔහොම ගියොත් උඹට විඳවල මැරෙන්නයි වෙන්නෙ. බෙහෙත් ගත්තට විතරක් මදි. කටත් පරෙස්සං කර ගනිං xකෝරිස්.” ගිය සතියෙත් අයස්මන්ත මහත්තයා සඟිස්කුරුතවලින්ම මට දෙසුවේය. ඒ අවුරුදු දවස් කිහිපයේ මඩොල්සිමට ගිය සංචාරයේදීය.

“ඔව් නිමල්, දැන් ඔයා පරෙස්සං වෙනවා අඩු පාටයි! හිනා වෙලා හරි යන්නේ නෑ.” ඒ ගමන සංවිධානය කළ WAL Constructions අධිපති ප්‍රියන්තත් පීරිස්ට උඩගෙඩි දෙයි.

“ඔයාට ඕනි නං fasting කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ, නිමල්.” ප්‍රියන්ත කියන්නේ ඇත්තය. මට fasting කිරීම පුරුදු නිසාමය මා ‘ගෝඨාගෝගමේ අරගලය දිනවල ගෝල්ෆේස් පිටියේදී පැය 68ක අඛණ්ඩ උපවාසය’ක පවා යෙදුණේ.

“දන්නවද නිමල්, කාලෙක ඉඳලම මමත් පැය අටක් ඇතුළෙයි කන බොන සේරම කරන්නේ.” ප්‍රියන්ත කිව්වේය. “ඔයත් අඩුම ගණනේ එහෙමවත් කරනවා නං නිමල්... නේද පීරා?”

මේ හිතවතුන් සේරමලා හදන්නේ නිමල් දිසානායකයාව තව කාලයක් ජීවත් කරවන්නටය. ඒක හොඳය. වැරැද්ද තියෙන්නේ මං වහන්සේගේ මුරණ්ඩුකමේය.
දවස් කීපයක්ම බත්- පාන්- අල- බතල පිටි ආහාර නොගෙන ඉඳින විට මගේ පෙරේතකම ඉස්මතු වෙයි. මස්- මාළු- එළවලු ආදියෙන් බඩ පිරුණත් හිත පිරෙන්නේ නැති හැටි! ඉතිං, මේ ලියන්නා කරන්නේ ‘උගේ දොළදුක සංසිඳවා ගන්නා එක’ය.

ඒත් වාසනාව තවමත් මගේ පැත්තේය!

රූපවාහිනිය- අන්තර්ජාලය හා ජංගම දුරකථන නිසා අද කාලේ එහෙම ‘වැරදිවලින් බේරිලා ඉඳිල්ල’ ලේසි නැත. අරවා කන්න- මේවා බොන්න- අරහෙම කරන්න- මෙහෙම කරන්න... කඩවසම් හාදයෝ අපට කියති; රූබර අංගනාවෝත් දිගින් දිගටම කියති; වැලපෙති. මොන හිතකින් ඒවාට බැහැයි කියන්නද දෙයියනේ?
ඊටත් හපන් වැඩේය කියන්නේ- උපවාසය කරන දවස්වලට අලුත් කෑම ජාති අත්හදා බලන්නට මේ ගොබිලාට හිතෙන එකය.

අද ලියන්නට යන ‘ජංජාලය’ සිද්ද වුණෙත් එහෙම හිතුණු වෙලාවකය!

ඇලේ- දොළේ- වෙළේ ළිඳේ සීතල වතුරෙන් නාලා, වෙල් එළියේ- කමතේ ඉඳගෙන...

මේ අකරතැබ්බය ගැන ලියන විත්තිය මං වහන්සේ මුලින්ම කිව්වේ සිතුවිලි මං පෙත blog අඩවියේ ලියෝනි අමරතුංග සොහොයුරියටයි. ‘කොනක හිට නිදිගෙ පංච තන්තරේ කියවන්න’ට පටන් ගත්තු ලියෝනි 2024 ජනවාරි 29 වෙනිදා ‘අජාසත්ත - පළමු කොටස’ට මෙන්න මෙහෙම comment එකක් එවල තිබුණා.

‘ශා ඔන්න මම කියවන්න ගත්තා. පටන් ගැන්මම රසවත්. කොන්ඩ කැවුම් ගැන කියද්දී නම් හිනාත් ගියා. මමත් දැන් අවුරුදු 3කට විතර කලින් පොඩි ට්‍රයල් එකක් කළා. You Tube බල බලා. හම්මේ රස නම් ඉතාම ඉහලයි. ඒත් කොන්ඩෙ ගැන නම් කියලා වැඩක් නෑ. එක එක කැවුමට එක එක කොන්ඩ මෝස්‌තර. අපේ මහත්තයා නම් මගේ අක්කලාට හිටන් කිය කියා හිනාවුනා, පොලොසියෙන් ගුටි කාල වගේ මගේ කැවුම් ටික කියලා. කැවුම් ටිකට පින් සිද්ද වෙන්න ඇති තරම් හිනා වුනා ඒ දවස්වල. ඔයාගේ කතා කියවන්න ගිහිල්ල මගේ අතීතෙත් ඔන්න ටික ටික මතක් වෙන්න අරගෙන.’

ජනවාරි තිස් වෙනිදා මම ලියෝනිට ලියපු උත්තරයයි මේ:
‘ඔයා ඔය තරමින් බේරිලා.... ලියෝනි
, මට ගිය සතියේ ඔහොම දෙයක් කරන්න ගිහිං වෙච්චි අකරතැබ්බයක් ළඟදීම ලියන්න හිතුණා, ඔයාගේ හිනා කන කමෙන්ටුව කියවලා.
ස්තුතියි!’

දන්නවනෙ, අපි අතීතකාමී මිනිස්සු. අපි ඉස්සර දේවල්වලට ගොඩක් ආදරෙයි- ගොඩාරියක් කැමතියි.
සේරම පහසුකම් තියෙන කොන්ක්‍රීට් මාලිගාවල හිර වෙලා ඉන්න ගමන්, අපි වරිච්චි බිත්ති තියෙන පැල්පත්වල ඉන්න විදිහ හීනෙන් දකිනවා. ඇලේ- දොළේ- වෙළේ ළිඳේ සීතල වතුරෙන් නාලා, වෙල් එළියේ- කමතේ ඉඳගෙන ඇඹුල රස විඳින්න පෙරුම් පුරනවා.
මමයි කියලත් කිසිම වෙනසක් නෑ තමා. මාත් ඒ ගොඩේම තමා...

ඉතිං මේ අවුරුද්දෙ මුල දවසක You Tube එකෙන් මගේ ඇහැ ගැටුණා කුකරි වැඩ සටහනක්. ‘අද වෙද්දී අපෙන් ගිලිහී ගිය බකිනි කැවුම් -ක්‍රම දෙකකින්’ කියලයි ඒ program එක Roo Eats එකෙන් හඳුන්වලා දීලා තිබුණේ.

බකිනිත් බක්කක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට නං ඔහොම දේවල් තදින් හිතට වැදෙනවා.
ඉවුම්-පිහුම් ගැටළුවක් ආවහම- අලුතින් දෙයක් දැනගන ඕනි වුණහම මං වහන්සේ ඉස්සෙල්ලම අතට ගන්නෙ ‘ගුණසේන සූප ශාස්ත්‍රය’ පොත. ඒ පොත අරගෙන බැලුවා. ම්හු! බකිනි කැවුම් ගැන කිසිම සඳහනක් ඒ පොතෙත් නෑ!!

බකිනි මල් කොයි වගේද කියල...

ඔන්න එතකොටම මතක සාගරේ අස්සෙන් පුංචි හෝඩුවාවක් මතුවීගෙන එනවා...

නුවර පාරේද, කුරුණෑගල පාරේද කියලා නං හරියට නිච්චි නෑ. ඒත් ඒ පාරවල් දෙකින් එකක- දකුණු පැත්තේ තියෙන බත් කඩේකට අවුරුදු පහළොවකට විතර ඉස්සර දවසක අපි ගියා කෑම කන්න.
“අතන පාරෙන් එහා පැත්තේ තියෙන්නේ බකිනි ගහක්! අඳුරනවද?” එහා පැත්තේ මේසයේ වාඩිවෙලා කෑම ගනිමින් උන්නු වැඩිහිටියෙක් එයාගෙ පලෝලේ සගයෙකුට කියනවා මට ඇහුණා.

ඉක්මනට කෑම කාලා එතුමා ළඟට ගිහිං, මං උන්නැහේගෙන් ඒ ගහ ගැන විස්තර අහගත්තා. දැක ගත්තත් එක්ක. හැබැයි එදා ඒ ගහේ මල් තිබ්බේ නෑ.

‘බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට ගෙදර තියෙන්නේ’,
‘...
බක්මී මල වට බඹරු නටනවා- වරද මලේ සුවඳද අම්මේ’ වගෙ සිංදුවලින් කියවෙද්දීවත් බකිනි මල් කොයි වගේද කියල හොයන්න මට නොහිතුණු එකනෙ පුදුමේ!

අද නං ඔන්න මේ post එක ලියන එකත් නවත්තල ජාලේ පීරුවා. පුදුමෙ කියන්නේ දැනගෙන හිටි; ඒත් යටපත් වෙලා තිබණු සමහර කාරණාවල් දැන් මගේ මතකයට ඉබේම ගලාගෙන එන එක!
එහෙම එක කාරණාවක් බදුල්ලේ සෝම පුංචිගේ ලොකු දූ අනෝමා මානෙල් නංගිගෙනුත් අහල තහවුරු කර ගත්තා- ඔයාලට කියන්න කලින්. (ස්තුතියි අනෝමා නංගි.)

ඔයාලා මගේ උපන් ගමට; බදුල්ලට යන වෙලාවක ‘මුතියංගන රජමහ විහාරය’ට ගියොත් ‘බක් මී’ ශාඛයක් දැක ගන්න පුළුවනි. මොකද, මුතියංගන පුද බිමේ ‘අටවිසි බෝධීන් වහන්සේලා’ම රෝපණය කරලා තියෙන නිසා. බක් මී ශාඛයත් අටවිසි බෝධිවලින් එකක්. සුමේධ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ බක් මී ගහක් යටදී.

ඉතිං, කම්පියුටරේ ඉස්සරහින් වාඩි වෙලා, You Tube එකෙන් ‘බකිනි කැවුම්’ වීඩියෝව බලන අතරේම මම අවශ්‍ය ද්‍රව්‍යත් ලියා ගත්තා. ‘මහ ලොකු දේවල් ටිකක් නෙවෙයි ඕනේ කරන්නෙත්’.

 හාල් පිටි ග්‍රෑම් 250
 බැදගත් සූදුරු ඇට ටිකක්
 බැදගත් හාල් කප්පි ටිකක්
 කිතුල් පැණි/ උණු කරගත් හකුරු හෝ කැරමල් කරගත් සීනි
 සව් ඇට ග්‍රෑම් 200

ඕනි කරන දේවල් එකතු-පහදු කරගෙන, Roo Eats වීඩියෝවේ කියන හැටියට මං ‘බකිනි කැවුම්වලට පිටි අනාගත්තා’. ඊළඟට වැඩේ අනාගන්නේ නැතුව කැවුම් ටික ගුළි කරලා- සව් ඇට දවටලා වඩා ගත්තා. කියන විදිහටම බැද ගත්තේ ඊට පස්සෙයි. ඒ සේරම කරලා, වතුර ටිකක් රත් වෙන්න තිබ්බේ තේ හදන්න. ‘මෙලහට නෙවිලුත් මෙහාට එන ගමන්, මඟ ඇත්තේ. මානෙල්ලගේ ගෙදර යන්න කලින්- තේ එකක් බීලම යනවා.’ කේතලේ රත් වෙන අතරේ සූදානං වෙමින් මං හිතුවා.

බකිනි කැවුම්! ඉන්ටර්නෙට් එකෙන් බලලා හැදුවේ!

නෙවිල් ආවා. සූදානමින් මඟ බල-බලා උන්නු බකිනි කැවුම් පීරිසියකුයි- තේ කෝප්පයකුයි බොහොම උජාරුවෙන් උන්නැහේගේ ඉස්සරහට වැඩියා. “අම්මට සිරි! මේ මො..නා..ද හලෝ මේ.”

“ඔහෙලට ඔව්වා දකින්නවත් හම්බ වුණොත් ඉතිං දි..සා..නා...ය..ක..ලගේ දිහාවෙදි තමයි. දන්නවද මොනවද කියලා... බකිනි කැවුම්! ඉන්ටර්නෙට් එකෙන් බලලා හැදුවේ.”
“ඉතිං තමුසෙ මටද මේවා ඉස්සෙල්ලම කන්න දීලා බලන්නේ?”
“ඔච්චර බයද මිනිහෝ මැරෙන්න? බය වෙන්න එපා. පැය බාගෙකට කලින් මං එකක් කාලා ඉන්නේ. කාලා බලනවකො.”
“පෙනුම නං ලස්සනයි!” Test එකේ පළමුවෙනි කඩඉම හරි. “හ්ම්... රසත් හොඳයි. පැණි රහ අඩුවෙන් හැදුවොත් තවත් හොඳයි- විශේෂෙන් ඔයාට.”

අපි එදා මානෙල්ල ගෙදර යනකොට, එයාලටත් බකිනි කැවුම් ටිකක් අරගෙනයි ගියේ.
එයාලගේ ප්‍රතිචාරත් positive!
“හැබැයි ලොකා, දැන් කාලේ ගොඩක් දෙනා කෑම ජාති හදද්දී සීනි එකතු කරන්නේ අඩුවෙන්.” සීනි පාවිච්චියක් ඇත්තෙම නැති අපේ මානෙල් එකතු කිරීමකුත් කළා.

ඉතිං- එදාමයි මම හිතා ගත්තේ, ජනවාරි 26-28 දවස්වල යන්න තියෙන ට්‍රිප් එකට පැණි රහ අඩු බකිනි කැවුම් ටිකක් හදාගෙන යන්න.

පළවෙනි දවසේ Sky Deck එකේ කෑම්පින්. දෙවෙනි දවසේ සූරියකන්දේ Centauria Eco Bungalow එකට යනව.

“ගමනට තිහක් විතර යනව නිමල්. පළවෙනි දවසේ Sky Deck එකේ කෑම්පින්. දෙවෙනි දවසේ සූරියකන්දේ Centauria Eco Bungalow එකට යනව. ඔයත් එනවනේ... යං නිමල්! ස්කයි ඩෙක් එක ගොඩක් ලස්සන තැනක් වගේ.” ප්‍රියන්ත හිතවතා තවත් කරුණු කිව්වෙ මාව පොළොඹවන්නයි. එයාලා හැමෝම එහෙමයි. මගේ අතින් සතයක්වත් වියදම් කරන්න නොදී, බැරි මරගාතේ ඉන්න මං වහන්සේවත් හැම ගමනකටම එක්කගෙන යන්නයි එයාලට ඕනි. “ඔයාට change එකකටත් එක්ක හොඳයිනෙ නිමල්.”

‘එහෙව් එකේ බකිනි කැවුම් ටිකක්වත් හදාගෙන ගිහිං...’

ඉතිං ජනවාරි 24 වෙනිදා උදේ මං වැඩේ පටන් ගත්තා.
සීනි කැරමල් කරලා පැත්තකින් තිබ්බා. හාල් කප්පියි, සූදුරු ඇටයි කබලේ බැදලා ගත්තා. හාල් පිටි පැකට් එක නං ගෙනාවේ කඩෙන්.

අතිරසවලට පිටි අනන විදිහට අනාගන්න කියලනේ වීඩියෝවේ කියන්නේ.

ඔව් ලියෝනි- මාත් එහෙම කළා. පදම හරි. කැරමල් කරපු සීනි යහමින් තියෙද්දිත් අඩුවෙනුයි, මං එකතු කළේ. ඒ, මේ වතාවේ බකිනි කැවුම් පැණි රහ අඩුවෙන් හදන්න හිතාගෙන උන්නු හින්දා. පිටි මිශ්‍රණයෙන් පොඩ්ඩක් කාලත් බැලුවා. ‘යන්තමටයි පැණි රහ තියෙන්නේ. මේ ගණන මදැයි!’

වෙලාව ගතවෙන වැඩේ තමයි පිටි ටික ගුළි කරගන්න එක. ලකයක් ඇතිව; සේරෝම එක ගණනට; හීං නාරං ගෙඩි තරමට ගුළි කළා- සව් ඇටත් දැවටුවා. (පොලිසියෙන් ගුටි කාපු විදිහේ එක එක පන්නේ කොණ්ඩ කැවුම් වගෙ නෙවෙයි. ගුළි සේරෝම එක වගෙයි.) ඊළඟට ඉතිං බැද ගැනිල්ල.
වෙහෙරක් ගිල්ලට පස්සේ අග්ගලාවක් ගිලින එක මහ කජ්ජක්ද? බකිනි කැවුම් 125ක් විතර බැදලා ඉවර කරලයි නිමල් දිසානායකයා පස්ස බැලුවෙ.

වැඩි වෙලාවක් හිටගෙන හිටියම, මගේ කකුල් මැඩ්ලින් ගහන්න පටන් ගන්නවනෙ!
ඒ විත්තියත් නොතකා, තේ එකකුත් හදාගෙනමයි මං වාඩි වුණේ. ඒ වෙලාවේ කවුද Fasting ගැන යන්තමටවත් මතක් කරන්නේ? ඒත් වැඩිය නෙවෙයි, බකිනි කැවුම් දෙකක් විතරයි මං වහන්සේ පීරිසියකට දාගත්තේ.

හෑෑෑෑෑෑෑෑෑෑෑ!
මොන හත්තිලව්වක්ද යකඩෝ මේ?
මගේ දත් වහල්ලට මොකක්ද දෙයියනේ මේ හදිස්සියේ වෙලා තියෙන්නේ... කැවුම හපා ගන්න බෑ!
බලමු අනිත් හක්කට තියලා... ම්හු. ඒත් එහෙමයි. ගල් ගෙඩියක් හපනවා වගෙයි යකෝ!

වැඩියෙන් බැදිච්ච කැවුමක්ද? / නෑනේ! එකම විදිහට රන්වන් පාටටනෙ ඔය තියෙන්නේ. / බලමු තව එකක් අරං. / මොන? ඒකත් ඒ වගේමයි. බකිනි කැවුම් නෙවෙයි, මෙව්වා යකඩ මූනිස්සම්! හපනවා තියා එහෙම කරන්න හිතනවාවත් බොරු! නිකං මොකටද දත් කඩා ගන්නෙ... ඊටත්, මගේ දත් වහල්ල හොඳටෝම දිරාපත් වෙලා තියෙන්නේ, ඇටකටුත් එක්කම.

අනුන්ට හිනා වෙනවා වගෙ තමන්ටමත් හිනා වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අතරෙන් කීයෙන් කී දෙනාටද?

කොයිකටත් කියල ඒ යකඩ කැවුම් දෙකක් වතුරේ ගිල්ලලා තිබ්බා- පැය දෙකක් විතර. එව්වයෙ හුස්ම හිර කරන්න නෙවෙයි, හපන සයිස් එකක් එයිද කියල බලන්න.

ඔව් හිතමිත්‍රාදීනි. කියන්න ආඩම්බරයි... ප්‍රතිඵලය බිංදුවයි! යකඩ කැවුම් එහෙම්මමයි- චුට්ටක්වත් පෙඟිල තිබ්බේ නෑ හලෝ.

Trip එක නං ගියා. හැබැයි, මං 'යකඩ බකිනි කැවුම්' ටික නම් ගෙනිච්චෙ නෑ. එහෙම කළත්, වෙච්චි සංගදිය පස්සේ මගෙම කටින් එළියට පැන්නෙ සභාවේ සිනා ගොඩක් මැද්දේ.
මං එහෙමයි. මට වෙන වැරදි මමම කියල දානවා; මටම හිනා වෙනවා. අනුන්ට හිනා වෙනවා වගෙ තමන්ටමත් හිනා වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අතරෙන් කීයෙන් කී දෙනාටද?

අවුරුදු පනහකට කිට්ටු කාලයක් තිස්සේ මගේ ළඟ ‘අතැඹුලක් සේ’ තියෙන පොතක් ගැන මං කිව්වා මතකයිද? සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය!
ඒ පොත මට උගන්නපු කවියක් මේ:

   කා හටත්                     වරදී
   ඉන් දොස් කීම           වැරදී
   මා හට                 නොවරදී
   කියන අය හට නිතර වරදී

‘මට වැරදෙන්න ඉඩ තියෙන බව’ දැනගෙන උන්නු මං ‘බකිනි කැවුම් වැඩේ වැරදෙන්න හේතු’ හොයන්න පටන් ගත්තා. පළමුවෙනි සහ ලොකුම වැරැද්ද තමයි, එක කැවුමක් බැදලා- ඒක කාලා බලන්නේ නැතිව මුළු lot එකම හදපු එක! (පළමුවෙනි සැරේ වෑයම හරි ගියා වුණත්... දෙවෙනි සැරේ වරදින්න ඉඩ තියෙනවය කියල හිතන්නයි තිබ්බේ!)

බකිනි කැවුම් ගල් වීම ගැන මං අහපු ප්‍රශ්නවලට උත්තර ජාලයේ තිබුණේ නෑ. අතිරස හදද්දී විය හැකි වැරදි ගැන නං Roo Eats වීඩියෝවකම තොරතුරු තිබුණා. ඒකෙන් කියැවුණු විදිහට නං ‘අතිරස ගල් වෙන්නෙ සීනි මදි වුණාම!’. සීනි මදි නං කැවුම් පිපිරෙන්න බලනවා කියලත් ඒ වීඩියෝවෙන්ම කියැවුණාම, නිමල් දිසානායක උන්නැහේ එයාටම ටොක්කක් ඇනගත්තා, පුරුද්දේ විදිහට.
මං හදපු බකිනි කැවුම් ඔක්කොම යන්තමට පුපුරලත් එක්කයි තිබ්බේ, මං ඒ තරම් ගණන් නොගත්තට.

‘හොඳ වැඩේ නිදියො තමුසෙට වුණේ. උයනකොට තුනපහ, දුරු මිරිස් අඩුවැඩි වෙනවා වගෙ නෙවෙයි මී හරකෝ, කැවිලි- පෙවිලි හදද්දී. ඕනි කරන දේවල් තමුන්නෙ හිතුමතේට අඩුවැඩි කරන්න ගියොත් කෙළවෙනවා. ආන්න ඒ පාඩමත් අමතක නොකර හිතේ තියා ගනිං, අද ඉඳලා.’
‘එහෙමයි’ මං සිරස නමලා ඒ අවවාදේ හිතට ගත්තා ඕං෴0෴

36 comments:

  1. අහා! ඔය දීලා ඇදලා තියෙන්නෙ. මුල කොටස තනිකරම ක්ලික් බේට්. 😊😋. අපි ඕවා සර්ච් කරලම කප් ගහපු ජාතියක් නෙව?
    ඒත් අන්තිම හරිය හොඳයි. බකිනි/බක් මී ගැන අහල තියෙන්නෙ සිංදු වලින්ම තමා. ආයෙ එන්නම්, කමෙන්ට් වැටුනාම සාකච්චාවට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ.
      Click Bait! බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන හැම කෙනෙක්ම මේ ගැන අවධානය යොමු කරනවා නං... පොදුවේ බ්ලොග්ස්වලට පාඨකයන් වැඩි වෙනවා කියලයි මං හිතන්නේ.
      ලියන හැම පෝස්ටුවකින්ම, යොදන හැම foto එකකින්ම, පෝස්ටුවක නමෙන් පවා තව තවත් පාඨකයන් ආකර්ශනය කරවා ගැනීමත් මගේ අදහසයි. ඒ වගේමයි, නව පාඨක පිරිස සාදරයෙන් පිළිගෙන දිගටම රඳවා ගැනීම පිළිබඳවත් මම උනන්දුයි. මොකද මම මොනවා ලිව්වත් වැඩක් නෑ රසික-රසිකාවියන් ඒවා නොකියවනවා නං.

      Delete
    2. සාම්ප්‍රධායික ලිවීමේ කලාවේ, පාඨකයන්ගේ අවධානය ගන්න "කොක්කට"( The Hook) තියෙන රෙපියුටේෂන් එක Click Bait වලට නෑ කියලයි අහල තියෙන්නෙ. ඒත් ඕවා එහෙම්ම වෙන්න ඕනෙයි කියල නීතියක් නෑ, මැටි බළලා උනත් මොකෑ ඤාව් කියනව නං?

      Delete
  2. පැණි උණු වෙලා වැඩි උනහමත් අලුවා නම් ගල් වෙනවා.. බකිනි කැවුම් ගැන නම් ඇහුවෙත් අදමයි අයියේ...

    ReplyDelete
    Replies
    1. බකිනි කැවුම් හදලම බලන්න ලලිත්, අලුව හැදිල්ල තරං අමාරු නැහැ.

      Delete
  3. F*****g Bakini Boring buddy, sooner you get to writing Sri Lanka vs UK sequel, you are better off. We too are better off as readers lol Respect bruv

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි- ගොඩක්... ඔබේ විවේචනාත්මක අදහස වෙනුවෙන්.
      දෙවෙනි එංගලන්ත ගමන ගැනත් ලියනවා Ano මහත්තයෝ, තව ටික දවසකින්. ජීවිතයේ සිදුවීම් ගොඩක් තියෙනවනේ ලියන්න.

      Delete
  4. //ඇලේ- දොළේ- වෙළේ ළිඳේ සීතල වතුරෙන් නාලා, වෙල් එළියේ- කමතේ ඉඳගෙන...//
    මේ පින්තූරෙ නං බස්සට ම දාපු එකකි!

    ReplyDelete
    Replies
    1. මඩ නෙමෙයි යකො! මේ තියෙන්නෙ සාක්කි... https://www.facebook.com/groups/428017678883444/permalink/1009277120757494/

      Delete
  5. fucking shit nidi, I can't post in my own name. ha ha කැවුම් ගැන කියෙව්වේ නැහැ. උඩින් පල්ලෙන් බැලුව. කරන්නේ නැති සහ කරන්න හිතන් නැති දේවල් නේ. නිදි ඒ පැත්තේ එන්න වෙන්නේ නැහැ. සොරි. එන්න කියලයි හිතං හිටියේ. නමුත් circumstances ඉඩ දුන්නේ නැහැ. (කොළඹ ගමයා

    ReplyDelete
    Replies
    1. fb එකෙන් දැක්කා ඔයා පහුගිය ටිකේ ලංකාවේ බවත්- වැඩ ගොඩක බවත්.
      Comment එකට ස්තුතියි, කාට හරි කියලා බකිනි කැවුම් හදවගෙන බලන්නකො, අජිත් මහත්තයෝ!

      Delete
  6. බකිනි කැවුම් රෙසිපියට තුති. නිදී Fasting ගැන කාලෙකට පෙර ලියපු පෝස්ටුවක intermittent Fasting ගැන ලියවුන පොතක් ගැන සදහන් කරල තිබ්බ. මතක නම් ඒකෙ නම සහ කත්රූ සදහන් කරන්න කෝ කාරුණිකව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කපිල වස්තුව!
      මේ පොස්ට් එකේ 'පිළිකා සෛල අඩපණ' කියන රතු පාටෙන් තියෙන අකුරු උඩින් ක්ලික් කලාම ඒ විස්තර ඔක්කොම තියෙන post එක කියෙව්වැකි.

      Delete
    2. වඩා පහසුයි නම් මෙනන ඒකට ලින්ක් එක.
      https://nidigepanchathanthare.blogspot.com/2019/02/blog-post.html
      පොතේ නම the COMPLETE GUIDE to FASTING
      කතුවරුන් දෙන්නයි. Jason Fung, MD සහ Jimmy Moore.

      Delete
  7. වරද මල් මොනවද?
    හාල් කප්පි මොනවද?
    බකිනි කැවුම්වලට ඒ නම දාල තියෙන්නෙ බකිනි මල්වගේ නිසාද?

    ReplyDelete
    Replies
    1. වරද මලේ සුවඳද අම්මේ = වැරැද්ද මලේ සුවඳද

      හාල් කප්පි = කැඩුණු (කුඩා) හාල් කැබලි + හුන්සාල් / සුන්සාල් කියලත් කියනවා.

      ඔව් Pra Jay මහත්තයෝ, බකිනි මල වගේ නිසයි.

      Delete
    2. Pra Jay මහත්තයෝ, පළමුවෙනි ප්‍රශ්නයට දුන්නු උත්තරයට තවත් කොටහක් එකතු කරන්නන්. බකිනි මල් ගොඩක් සුවඳයි.

      Delete
  8. නිදි මාලු මාමාගේ මැයි දින රැලියට ගියේ නැතෙයි? ඔබගේ ලේඛනයට ආදරය කරත් දේශපාලන භාවිතාව සහ අනිකුත් පාලන විරෝධි අදහස් ගැන අප්‍රසාදයෙන් සිටින නිසා මේක නක්කලේට අහපු ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. Ano, අවුරුදු පනහකට විතර ඉස්සර එකම එක වතාවක් UNP මැයි පෙළපාලියේ ගියා. එච්චරමයි.

      දැන් නං හිතුණත් යන්න බෑ, දෙකකුල් පණ මදි නිසා.
      අපේ මානෙල් නංගිලා නං ගමක් පිටින්- මාලිමාවේ පෙළපාලියට ගියා. තවම වරුණේ කියනවා.

      මගේ දේශපාලන අදහස්වලට විරුද්ධ වෙන්න ඔයාට වගේම ඕනි කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒවාට සවන් දෙන්නටත් මට ඉවසීම තියෙනවා.
      මීට පෙරත් මම කියා ඇති විදිහට- අපේ ට්‍රිප්ස් යන, අපේ ගෙදරදී set වෙන දහ-දොළොස් දෙනා අතරේ නැත්තේ දමිල පක්ෂවල සාමාජිකයන් විතරයි! මරු නේද?

      ඒ වගේමයි අපේ ආදරණීය blog රසිකයනුත්. එක එක මතධාරීන් වෙන්නැති. මතවාද එක්ක මිසක් මතධාරීන් එක්ක ගැටෙන්නේ මොකටද... එහෙමයි, මං හිතන්නේ.

      ඕන්න මහත්තයෝ, ඔයා නක්කලේට අහපු ප්‍රශ්නයට සීරියස් උත්තරයක් දුන්නා. කමක් නැහැනේ...

      Delete
    2. රෙස්පෙක්ට් බ්‍රෝ , ජෙප්පන්ට අරගලයේ හිටපු අයට නැති අන්‍ය මතධාරීන් ට සහ අන්‍ය මතයන්ට ගෞරව කීරීමේ පුරුද්ද ඔබට තියන බව මම කලින් දැක තිබෙමි. මගේ නක්කලේට ඔබ දුන් ප්‍රශස්ත පිළිතුර නිසා ඔබට තියන මගේ ගෞරවය තවත් වැඩි වුනේය. එක ප්‍රශ්නයක් අහන්න අවසර - ආර්ථික පදනම හොඳ දරුවන් පිට රට ජීවත්වන ඔබගේ පවුලේ අය කුමන හේතුවක් සඳහා ද මාලිමාවට සහයෝගය දෙන්නේ ? මාලිමාව බලයට ආවොත් අවාසි වන්නේ ඔබ වැනි යට නොමේද ? නායකයන්ගේ සහ හේත්තුවී සිටින වෘත්තිකයන්ගේ සුරඟනා කතා කෙසේ වුනත් කාඩර් වරුන්ගේ බලාපොරොත්තු කැන්ගරු උසාවි , දේපල බෙදාගැනීම් , උගතම උගත් කමට සරිලන සේ සිතන ලොකු රැකියා වැනි දේ අවැසි වන්නේ ඔබ පවුල වැනි ස්වෝත්සාහයෙන් දිවුණුවී සිටින යට නොවේද?

      Delete
    3. අවාසි වන්නේ ලෙසට නිවැරදි විය යුතු යි . සමාවෙන්න

      Delete
    4. Ano,
      ඔයා දිග කාලයක් අරගෙන අරගෙන ප්‍රතිචාරය දක්වලා තියෙද්දී කෙටියෙන් ලුහුටලා යන්න හිත දෙන්නේ නැති නිසයි විස්තර ඇතිව ලියන්නේ.

      1. මම නං මට අවාසි වුනත් මගේ මව්බිමට වාසියක්, හොඳක් නං වෙන්නේ ඒකට කැමැතියි.
      2. අවුරුදු 75කටත් වඩා කාලයක් තිස්සේ මාරුවෙන්- මාරුවට හොඳටම කරලා පෙන්වපු උන්දලාගේ කෙරුවාව පෙනෙනවානේ. දැනුයි හරියට කරන්න හදන්නේ- ඒකටයි ආයෙම බලය ඉල්ලන්නේ.
      දේශපාලන දැනුමැති විශ්ලේෂකයන් ඕනෑ තරම් ඒ විස්තර ලියන්නේ. මං ඒ අතින් නොදරුවෙක් නිසා වැඩිය නොලියන්නේ.
      නමුත් මම පිළිගන්න- මට වඩාත්- වඩාත් නිවැරදියි කියලා හිතෙන පිරිස වෙනුවෙන් පෙනී සිටීම මගේ ප්‍රතිපත්තියයි.
      එහෙම කිව්වේ මාලිමාවේ හැම දේකටම මං එකඟ නැති නිසයි.

      3.1970 දී මම සාමාන්‍ය පෙළ කරන කාලේත් මහරගම විද්‍යාකර විද්‍යාලයේ ජේවීපී කියාගත්තු තදයන් හිටියා. ඉක්මනටම අපි බෙන්ස්වල එනවා! කියල කියපු.
      දැනුත් එහෙම අයයි වැඩි. දේශපාලන සබුද්ධිකත්වය තියෙන අයට විතරක් නෙවෙයිනේ ඡන්ද බලය තියෙන්නේ....

      Delete
    5. අපේ මස්සිනා; මානෙල් නංගිගේ සැමියා ගාමිණී ත්‍රී වීලරයක් එලවන සාමාන්‍ය කෙනෙක්. මෙච්චරකල් මහින්දලාටයි ඡන්දය දුන්නෙත්. එයා කොච්චර අන්තවාදීවද හිටියේ කියනවා නං ඡන්දය දාන්න යද්දී කවදාවත් මානෙල්ව හරි ලොකු පුතා සුරංගව හරි ත්‍රී වීලරයේ දාගෙන ගිහින් නැහැ. මොකද එයාල මහින්දලට ඡන්දේ නොදෙන නිසා. තරහට.
      දැන් එයත් මාලිමාවට හැරිලා ඉන්නේ. අලුතින් එන එවුන්ටත් දීලා බලමු! කියන මතයේ එය ඉන්න විත්තියයි පේන්නේ.

      Delete
    6. ඒ වගේමයි එක ඡන්දය දවසක අපේ ලොකු නෑනා; සුනිල්ගේ බිරිය මල්ලිකා මට අටෙලිෆෝන් කරාඅ ඇහුවා 'අයියේ මම කාටද ඡන්දේ දෙන්න ඕනි' කියලා. එයාලා කැස්බෑවේ. එතකොට මං පොඩි විග්‍රහයක් කරලා කිව්වා- එයාටම කැමති කෙනක්- පක්ෂයක් තෝරා ගන්න.
      ඒ අම්මණ්ඩි ඡන්දේ දාලා ඇවිත් කිව්වේ මොකද්ද දන්නවද Ano?
      "මං හිතාගෙන ගියේ නං xxx එකට ඡන්දේ නොදෙන්න. ඒත් අයියේ, xxxx හිනා වේගෙන ඉන්න සීදේවි පාට පෝස්ටරේ දැකල මං එයාටම ඡන්දේ දැම්මා."
      ඔන්න රටක් හදන්න ඕනි ප්‍රතිපත්ති තීරකයන් තේරෙන හැටි!

      Delete
    7. deffo she d have voted for Niroshan Padukka lol

      Delete
    8. නෑනේ මහත්තයෝ,
      එයා ඡන්දේ දීල තිබ්බේ වෙනත් කෙනෙකුට. ඒ වෙනත් කෙනා දේශපාලන සුදුසුකම් සපුරා ගත්තේ තවත් ජනප්‍රිය (පසුව ඝාතනය වුනු) දේශපාලඥයෙකුගේ හා බිරියගේ ආරක්ෂාවට ඔවුන්ගේ ගෙදර නිඳි මරාගෙන ඉඳලාලු.
      වෙන විස්තර නං කියන්නේ නෑ රජෝ.

      Delete
  9. හෙහ්..හෙ! F***ing ගැන මරැ උපදෙස් ටික 😂🤭

    ReplyDelete
    Replies
    1. හුම්! බකිනි කැවුම් පහුව හදල මාත් කෑව නේ ???

      Delete
    2. ඔයාල නෙවිල්ල කෑවේ ඉස්සෙල්ලාම හදපු බකිනි කැවුම්. ඒ වෙලාවේ හරියට ආවනේ.
      කෙළවුණේ දෙවෙනි සැරේ හදද්දිනේ.

      Delete
    3. ෆාස්ටින් කරනවා නං ගැස්ට්‍රයිටිස්වලටත් හොඳයි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්