li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, August 27, 2024

වැඳ වැඳ යදිමි...

යාදිනි යදිමි ලක් ජනයා සිහි කරලා...

දිය නා පිරිසිදුව, සැරසී සුදු                      වතකින්
හදවත පුරෝගෙන උත්තම               ශ්‍රද්ධාවෙන්
තිසරණ සරණ ගොස් පන්සිල් ගෙන  බැතියෙන්
සුවඳ මල් පහන් පිදුවෙමි බුදුන්                   නමින්

සජ්ජායනය කර පිරිතුත්, ටිකක්   වෙලා
පිංපෙත් පුදා හැම දෙවියන් සිහි   කරලා
ඒ ඒ දෙවිඳු වෙනුවෙන් පූජා            පුදලා
යාදිනි යදිමි ලක් ජනයා සිහි         කරලා

දැන් නං බංකොලොත් රටකිය          ලංකාව
ගොඩ ගෙන දෙන්න එය උවිඳුනි, නොපමාව!

මතු බුදුවන්නා වූ ශ්‍රී බුද්ධ බල ඇති- ගුරුලාසනයෙහි වැඩ සිටින- නීල වර්ණයෙන් බබළන්නා වූ මහා බලවත් ආයුධ සතරක්‌ ඇති- දස අවතාර ඇති- ලංකාරක්‍ෂක සර්ව බලධාරී ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස,

මේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහජනතාවට සිද්ධ වී ඇත්තා වූ අණ විණ, කොඩි විණ, හදි හූනියම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, ඇස්‌වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියා ආදී සියලු දෝෂයන් දුරු කර දෙන සේක්‌වා.. යම් හෙයකින් නවග්‍රහ මණ්‌ඩලයේ රවි- චන්ද්‍ර- කුජ- බුධ- ගුරු- ශුක්‍ර- ශනි- රාහු- කේතු යන නවග්‍රහයින් විසින් ඇති කරන්නා වූ යම් අපලයක්‌ වේ නම් ඒවාද දුරු කර දෙන සේක්‌වා...

පුද දෙමි සමිඳ නිල් කටරොලු ඔබෙ  නමට
පුද දෙමි සමිඳ නිල් මහනෙල් ඔබෙ   නමට
දල්වන්නෙමි ගිතෙල් පහනුත් ඔබෙ නමට
මදුරුතලා කොළ මාලාවත්               ඔබට

දහසක් නමින් ඇමතෙන දෙවි-  ගෝවින්ද
අනන්ත, හරි, නාරායන දෙව්             සමිඳ
පද්මනාභ, පුරුෂොත්තම ඔබ         නමැද
අයදිමි- රකින ලෙද සිරිලක අප        සැමද

ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයානන් වහන්ස- මේ සියලු පූජාවන් ඔබ වහන්සේ වෙනුවෙන් පූජාකොට, පිං අනුමෝදන් කර කියා සිටින්නේ ශ්‍රී ලංකාද්වීපය වෙත ඔබ වහන්සේගේ දිව්‍ය සවන් යොමා- ඔබ වහන්සේගේ දිව්‍ය නේත්‍ර යොමා, සකල ශ්‍රී ලංකාවාසී ජනතාව පෙළන්නා වූ සකල රෝග, සකල දෝෂ- සකලෝපද්‍රවයන් නිවාරණය කර, සකල කාර්යයන් සාර්ථක කර දී මාරක- බාධක ඒරාෂ්ටක, ග්‍රහදෝෂ, දුරු කරවා සර්ව ආරක්‍ෂාව ඇති කර සෞභාග්‍ය උදා කර දීමට පෙරාතුව...

ඔවුනට මනා වූ සිහිය; මනා වූ බුද්ධිය; මනා වූ තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලබා දෙන සේක්වා කියායි!

නැති නම් සිහිය හරි තීරණ      ගැනීමට
හැකි වෙද සුදුසු අය නයුවන්      කිරීමට
පත් කළ සියල්ලන් මෙතුවක් කාලෙකට
අඩියෙන් අඩිය රට යවලා       ප්‍රපාතෙට

දෙවිඳුනි විෂ්ණු සුරකින්නට                  ලංකාව
බාරලු ඔබට, ඇත්තද ඒ                     කතිකාව
දැන් නං බංකොලොත් රටකිය            ලංකාව
ගොඩ ගෙන දෙන්න එය උවිඳුනි,   නොපමාව!

ඒ පිරිපතින් රට ගොඩ ගන්නට   දිරිය;
සවිය ඇති අයට- දෙවිඳුනි දෙමු    බලය

සුසුදු සමන් මල් මලා ගොතා         ගෙන
සඳුන්, කපුරු, පළතුරු පහකුත් රැගෙන
තැඹිලිත් පිනි දියත් වට්ටියෙ  තියාගෙන
ආවෙමි- සමන් දෙවිඳුනි ඔබ   නමදින්න

සුරිඳුනි සමන්, ඔබ සිරිලක දෙවියෙක්ය
සිරිලක; ඔබගෙ මවුබිම අද     අවුලකය
ඒ පිරිපතින් රට ගොඩ ගන්නට    දිරිය;
සවිය ඇති අයට- දෙවිඳුනි දෙමු     බලය

පළමුවර සිරිලකට සපැමිණි 
          දිනේ උත්තම මුනි             රදුන්
යකුන් දමනය කරනු දැක, හද-
          වත පුරෝගෙන   සැදැහැයෙන්
පුදන්නට නිසි යමක් යැද- ලද
          කේශ ධාතුන් කර
          නිධන්
මහී අංගණ සෑය තැනවූ
          සමිඳ, දෙනු මැන මට      සවන්

සාධූ, සාධූ, තෙදවරම් පස්‌වාන් දහසකට මේ ශ්‍රී ලංකාද්වීපයේ සකල ලෝක සත්ත්වයාගේ කරුණා නිධාන වූ සෝවාන් ඵලයෙහි පිහිටා වැඩ වසන ශ්‍රීමත් උතුම් සුමන සමන් දෙවි මහාරාජෝත්තමයාණන් වහන්ස- සුදු ඇත් වාහනාරූඪව සමන්තකූට පර්වතයට, සබරගමුවට, ශ්‍රී පාද පද්මයට, එල්ලක්‌කලට, දිවා ගුහාවට, බෑන සමනලයට දිවැස්‌ කරුණාකර බලා වැඩ වදාරන්නා වූ ඔබ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සැල කර සිටින්නේ...

-අන්ත අසරණ වී සිටින්නා වූ සකල ශ්‍රී ලංකාවාසීන්ට- ඔවුන් පත්වී සිටින්නා වූ තීරණාත්මක කාල වකවනුව ගැන නිසි අවබෝධයක්ද; මේ තත්ත්වය ඇති කරවීමෙහි ලා පුරෝගාමී වූවන් ගැන මනා වූ දැනීමක්ද ලබා දී-
රටවැසි තම තමන් විසින් සතර අගතියෙන් එකකට හෝ කිහිපයකට හෝ වැටීම නිසා- නොඑසේ නම් පටු වාසි තකා අතීතයේදී ගනු ලැබුවා වූ තීරණවල අමනොඥභාවය අවබෝධ කර ගන්නට හැකියාව ලබා දී...

බුද්ධිමත්ව- නැණ නුවණ මෙහෙයවා සුදුසුම සත් පුරුෂයන් වෙත රට මෙහෙයවීමේ භාරධූර වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය- ධෛර්යය හා නැණ-නුවණ ලබා දෙන සේක්වා කියායි...

දෙවියන් හාල් කැවිලා වාගෙයි               දැනටත්
උන්ම බෙදී කුණු රෙදි එළියේ                 සෝදත්
තව තව කුළල් කා ගන්නට දී                 සවියත්
සමිඳුනි කරනු මැන උන් සේරම හෙම්බත්

සිරස නවලා බැතින් වැන්දෙමි -
         දෝත හිස මත නඟා
      වැන්දෙමි
සාධු සාධූ කියා වැන්දෙමි -
         කදිර සුරිඳුනි ඔබට
         වැන්දෙමි
උමා- මෙහෙසුරු පුතුට වැන්දෙමි -
         ගජාණන සොහොයුරුට වැන්දෙමි
කන්දසාමිනි ඔබට වැන්දෙමි -
         අපේ පිරිපත ඔබට
             පවසමි

බුලත් විසි එක තියා පුද දෙමි -
         පංච පලතුරු - කැවිලි පුද   දෙමි
දීප දල්වා ඔබට පුද දෙමි -
         සුවඳ දුම් දී ඔබට පුද           දෙමි
රතු පැහැති මල් ඔබට පුද දෙමි -
         පුදා අපගේ දුක       කියන්නෙමි
මුදවලා ඒ දුකෙන් අප සැම -
         රකිනු මැනවැයි ඔබෙන් අයැදිමි

සාධු! සාධු!! සාධූ!!! දොහොත් මුදුනේ තබා වැන්දෙම්, දෙපා වැන්දෙම්, ශ්‍රීමත් සිද්ධ තේජෝබල පරාක්‍රමාන්විත රණමයුර වාහනාරූඪව රක්‌තවර්ණ ශ්‍රී දේහයකින්ද- මුහුණු සයකින්ද යුතුව- විචිත්‍ර නානා විධ ආයුධ දොළසක්‌ අත් දොළොසේ දරා නිතර කන්දේ වැඩ වාසය කරන තෙද ඇති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස; කතරගමට, කිරි වෙහෙරට, මැණික්‌ ගංගාවට, රුහුණු මාගම්පුරට, වැඩහිටි කන්දට, මුන්නේශ්වරම් දේවාලයට, යහතින් දිවැස්‌ලා බලා වැඩ වාසය කරන සිද්ධ ස්‌කන්ධ නාමෝපලක්‌ක්‍ෂිත කතරගම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස, ඔබ දෙවි හාමුදුරුවන් වහන්සේට දෝත නඟා අයැද සිටින්නේ මේ අසරණ ශ්‍රී ලංකාවාසීන්හට සිතින්, කයින්, භාරවීමකින්, අමතක වීමකින් හෝ අප අත යම් වරදක්‌ ඇතත්, ඔබ වහන්සේ සමා වී අප විසින් නමස්‌කාරයෙන් කියා සිටින අභිමතාර්ථයන් ඉෂ්ට කරදීමෙන්ද- ඇස්‌වහ, කටවහ, නවග්‍රහ හූනියමකින් වැද පැමිණි සියලු දෝෂ නසා දුරු කොට පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා... ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවාාා! ආයු බොහෝ වේවාාාා!! ආයු බොහෝ වේවාාාා!!!

මතු බුදු බව පතමින්, පිනට පිහිට වෙමින් පාරමී පූරණය කරමින්, සියලු සත වෙතට පතළ මහා කරුණා දයාවෙන් යුතුව පිහිට වෙන කාචරග්‍රාමවාසී ස්කන්ධ කුමාර දේව රාජෝත්තමයාණන් වහන්ස- ගෞරව බහුමානයෙන් යුතුව; සකල ශ්‍රී ලංකාවාසී නර පණුවන් වෙනුවෙන් ඔබ වහන්සේට තව දුරටත් සැල කර සිටින්නේ...

හොරෙන් ගසා කෑවුන් මදි      නොකියන්ට,
ජාතික ධනය යටි මඩි ගැසු           පවිටුන්ට
ලෙහෙසිය සමිඳ- ඔබ බැහැදැක්මට   එන්ට;
නිර්ලෝභීව පුද පඬුරුත් පුද              දෙන්ට

උන් පුද දෙන්නෙ - අපගෙන් අරගත්      දේවල්
උන්ට වඩා යහපත් නෙව සත්තුත්              වල්
දිව නෙත් යොමා විමසාලා මේ               දේවල්
පුද පිළිනොගෙන - තව කළ මැන උන්ව  අවුල්
 

දෙවියන් හාල් කැවිලා වාගෙයි              දැනටත්
උන්ම බෙදී කුණු රෙදි එළියේ                සෝදත්
තව තව කුළල් කා ගන්නට දී                සවියත්
සමිඳුනි කරනු මැන උන් සේරම හෙම්බත්

එවැනි දේවල් ඇස් පනාපිට සිද්ද වෙද්දිත් -
               නොවැටහෙයි තතු      සමහරුන්හට
නෙතේ කොරපොතු; හිතේ කැරපොතු -
               ගති ඉතිරි වී වගෙයි             ඇත්තට
එවන් අයගෙත් දෙනෙත් පාදා-
              සිහි නුවණ දීලා                   ඔවුන්හට
පොළොඹවනු මැන ඔවුන් සැවොමත් -
              නිසි කෙනාටම ඡන්දෙ   දෙන්නට

එසේමය, දේව රාජයාණන් වහන්ස- සකල ශ්‍රී ලංකාවාසීන්ගෙන් එක් කෝටි හැත්තෑ ලක්ෂ හැටතුන් දහස් තුන්සිය හතලිස්  තුන් දෙනෙක් (1,70,63,343 ) දෙනා එළැඹෙන 2024 සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ඊළඟ විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට ස්වකීය ඡන්දය පාවිච්චි කරන්නට සූදානම් වන මෙකල්හි....
එකී ඡන්දදායකයන්ව ඡන්ද- දෝෂ- භය- මෝහ කියන්නාවූ සතර අගතියෙන් එකකට හෝ පත් කරවා; රවටා ගැනීමේ පවිටු චේතනාවෙන් යුතුව...  එකී අසත්පුරුෂයන් විසින් අනිසි ලෙස උපයාගන තිබෙන මහා ධනස්කන්ධයන්ගෙන් කොටසක් නිර්ලෝභීව වියදම් කෙරෙමින් දියත් කෙරෙන්නාවූ මඩ ප්‍රහාර- බොරු ප්‍රචාර- අසත්‍ය කතන්දර- වාගාඩම්බර දෙඩීම් අනන්ත අප්‍රමාණ ප්‍රමාණවලින් වැඩි වර්ධනය වෙමින් පවතින මෙකල්හි...

පොළොඹවනු මැන ඔවුන් සැවොමත් - නිසි කෙනාටම ඡන්දෙ දෙන්නට

-ඒවාට නොරැවටෙන්නටත්- මුලාවේ නොවැටී සිටින්නටත්, එසේ මුලා නොවී සිටිමින්...

-සැබෑ, සත්‍යවාදී, ජනතාවට හිතැති, ශ්‍රී ලංකාවේ අභ්‍යුදයම පතන අවංක- ජනතාවාදී- නායකයෙකු ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති ලෙස තෝරා පත්කර ගන්නට සිරිලක ඡන්දදායකයන්ට අවශ්‍ය බුද්ධි මහිමය, ශක්තිය, කැමත්ත හා ධෛර්යය ලබා දෙනු මැනවියි ආයාචනා කර සිටිමින් මෙසේද යදින්නෙමි:

රට ගැන කියා බලයට විත් - කොහොම     හරී
රට කන මජර කෑදරකම් තිබෙන                පිරී
ප්‍රතිපත්තියක්- ලජ්ජාවක් නොමැති         ‘නරී
ඔක්කොම’ මෙවර පරදන්නට දෙන්න දිරී෴0෴

Thursday, August 22, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - අටවෙනි කොටස

“ආ ඒකද... ඔය වල්ලි මාතාව වැදි රැහේ කිව්වට එහෙම නෙවෙයි...” ශ්‍රියා කියන්නේ ඒ කාලයේ ඒවා සිද්ද වෙන සංදියේ එයාත් එතැන උන්නා වගෙය. “... දැන් ඔය ඔකඳ දේවාලේ ගාව තියෙනවා නේද ළිඳක්... වටේට සිමෙන්ති බැම්මකින් වට කරලා. ඒක බොහොම පරණයි. ඒකට කියන්නේ xxxxx* කියලා. ඒ කියන්නේ රෙදි හෝදන වත්තේ ළිඳ කියන එක. වල්ලි මාතාව හිටියෙත් එහෙ... එතුමිය බොහොම ලස්සනයි- රෙදි හෝදන කුලේ වුණත්...”

*xxxxx දන්නා තරං දත කෑවත් ශ්‍රියා ඔකඳ ළිඳට කියූ දෙමළ වචනය තහවුරු කර ගැනීමට බැරි විණි. පස්සේ වෙලාවකත් අපේ නමී උන්නැහේ ඇය ලවා ඒ නම කියවාගෙන, ඒක රෙකෝර්ඩ් කරලාත් දුන්නේය. ස්තුතියි නමී.
ඒත් ඒකෙනුත් වැඩක් ගන්නට බැරි තරමට වටපිටාවේ සද්දය!
ඊළඟ කොටස ලියන්නට කලින්
එය සොයා ගන්නට තවත් try කරමි.’ කියලයි මං හත්වෙනි කොටස නැවැත්තුවේ.

වැඩිවිය පත් වෙච්චි වල්ලි අම්මා වන්නාඩි වත්තේ ළිඳෙන් නාවලා ගෙනෙද්දී කන්දස්සාමි දෙයියන්ට මුලිච්චි වුණා!

එහෙම උත්සාහයන් කිහිපයක් දරන අතරේ නමී ළඟ තිබුණු ශ්‍රියාගේ ටෙලිෆෝන් නොම්මරයත් ඉල්ලා ගත්තෙමි. එයාට කතා කළෙමි. මගේ උවමනාව ගැනත් කිව්වෙමි.

“නිමල් සාමි මගේ ගැනත් මොනවද ලිව්වේ කියල දැනගන්න නං ආසයි. ඒත්, අනේ මගේ ළඟ තියෙන්නෙ පොඩි ෆෝන් එකක්නේ. ඒකෙන් ඔව්වා බලන්න බැහැනේ...”
“අපරාදේ... ඉතිං, මොකක්ද ශ්‍රියා අර ඔකඳ තියෙන ළිඳට කියන දෙමළ වචනේ?”
“වන්නාටි වත්ත.
வன்னாடி வத்த... ඒ කියන්නේ රදා පිට්ටනිය කියන එකයි...” ඔය ලිව්වේ ශ්‍රියාගේම වචනයි! (ඊට කලින්, එක තැනකදී එයා කියන්නේ ‘වන්නාරු වට්ටෙයි’ යනුවෙනි. පිට්ටනියට දෙමළෙන් කියන්නේ තෝට්ටම් කියලාලු... එහෙම බලද්දී හුටපට කප්පරකි!)

(දෙමළ අකුරුවලින් ‘වන්නාටි වත්ත’ ලියවාගත්තේ අපේ චම්පික ප්‍රසන්න (Praසන්) හිතවතාට කියලාය. එහෙත් ඒ වචන නිවැරදි එව්වා වෙත්දැයි සැක සහිතලු. අයස්මන්ත හිතවතා කියන්නේ එය ‘වන්නාඩි’ විය හැකි බවයි!)

ඔය සේරටම අමතරව ‘රදා’ කියන වචනය පාවිච්චි කළාම මට සෝලි වැටෙන්නටත් ඉඩක් තියෙයි. (වතාවක් මා ලේඛනයේදී ‘නාකි’ වචනය යොදා ගත්තාම එහෙම වුණේය.) ඒ වගේ අදහස් අතින් නං අද සමාජය ඉතා දියුණුය. හැබැයි- කෙරුවාවෙන් නං...
කෙරුවාවෙන් වැඩි සංවරකමක් තිබුණු අතීතයේදී අදහස් ප්‍රකාශ කෙරුණේ නම් ටිකාක් රළු පරළු විදිහට වගෙය.

කුල ක්‍රමය ගැන මා දුටු කවියකින් උදාහරණයකි මේ: (තවත් විස්තර දැනගන්න කැමැතියි නම් මෙතනටත් ගිහිං බලන්න.)
‘... ජනශ්‍රුැතියේ ප්
රබලතම අංගය වන ජන කවිය තුළ සිංහල කුල සංස්‌ථාව පිළිබඳ ශාස්‌ත්රීය මෙන්ම රසවත් තොරතුරු අන්තර්ගතව ඇත. මහනුවර සමය වන විට මෙරට පැවැති කුල ප්රභේද පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ පහත ජන කවිය තුළින් ලබාගත හැකිය.

පල්ලරු පඩක්‌කරු මුක්‌කරුද     පරවරු
ඊවඩු දුරා පදු කෙවුලන් හා         හකුරු
බෙරවා රදා ඔලි කින්නරුද        පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ කවුරු’

‘තොපේ ගෑනු ගන්නේ කවුරුන්ද’ කියලා අපේ ජන කවියෙකු අතින් ඒ විදිහට කුලහීන කාන්තාවක පාච්චල් කෙරුණේය. ඒත් ඉන්දියාවේ ඉඳලා රත්තරං ඔරුවකින් සිරි ලංකාවට පැමිණි ස්කන්ධ කුමාරයා නම් එහෙම නොකළේලු.
“වැඩිවිය පත් වෙච්චි වල්ලි අම්මා වන්නාඩි වත්තේ ළිඳෙන් නාවලා ගෙනෙද්දී කන්දස්සාමි දෙයියන්ට මුලිච්චි වුණා. එතකොටත් එයා විවාහ වෙලා හිටියෙ- තේවානි අම්මාට. ඒත් වල්ලි අම්මාගේ රූප ලස්සනට එයා වශී වුණා. අනිත් එක තමයි- කතරගම දෙයියන්ට බොහොම උවමනා වුණා ‘මිනිස්සු ඔක්කොම එකයි’ කියල පෙන්නන්න. ඉහළ කුල- පහළ කුල කියල දෙයක් තිබ්බත් උන්නාන්සේ එව්වා ගණන් නොගන්න බව පෙන්වන්න. ඒකලු උන්නාන්සේ වල්ලි මාතාවන්වත් පාවා ගත්තේ.” ශ්‍රියා කියයි. එයා ඒ විස්තර දැනගෙන තියෙන්නේ වැඩිහිටියන් කියූ කතන්දරවලිනි.

කෙසේ වෙතත් හැම ආගමකම උදවිය කතරගමට ආකර්ෂණය වෙති...

“කතරගම දෙයියෝ ඊට පස්සේ වල්ලි මාතාව එක්ක කතරගමට යනකල් බොහොම ආදරෙන්- කෙළි සෙල්ලමෙන් ගිය පාර දිගේ තමයි අපි මේ යන්නේ. සාමි දන්නවද, එහෙම ගියාට පස්සේ මුස්ලිම් උදවිය තමයි අපේ දෙයි හාමුදුරුවන්ට උදව් කළේ වල්ලි මාතාව ආරස්සා ඇතිව- හංගල තියා ගන්න... ඒ හින්දා කාකා කෙනෙක්...

කාකා කිව්වේද? මුස්ලිම් ආගමේ ලොක්කෙකුට; හරියට බුද්ධාගමේ හාමුදුරු කෙනෙකු වගේ එක්කෙනෙක්.
ඉතිං සාමි, අර මුස්ලිම් කාකා කතරගම දෙයියන්ගෙන් ඉල්ලුවලු කතරගම පෙරහර කරන්ඩ එයාලට දෙන්නෙයි කියලා. උන්නාන්සේ කිව්වලු -බෑ, බෑ. එහෙම දෙන්ඩ බෑ. කොඩිය විතරක් ඕගොල්ලන්ට දෙන්නං- කියලා. ඒක තමයි, කතරගම මුස්ලිම් පල්ලියේ කතරගම දෙයියන්ගේ කොඩිය උස්සල තියෙන්නෙ.”

කතරගමට ගියාට පස්සේ ඒ කතාවේ ඇත්ත නැත්ත හොයා බලන්නට හිතා ගත්තු විත්තිය මතක් වෙන්නෙත් දැන්ය! මේවා හිතළු විතරක්ද- හුදු කතන්දර පමණක්මද... කෙසේ වෙතත් හැම ආගමකම උදවිය කතරගමට ආකර්ෂණය වෙති! ඔවුහු එකාවන්ව එකට එක්ව තාරකජිත්’ සුරිඳුගෙන් පිහිටාරස්සාව යදිති!!

“සාමි දන්නවද? මේ මම පාද යාත්තරාවේ එන තුන්වෙනි සැරේ.
අවුරුදු කීපෙකට කලින් මට හොඳටම සනීප නැති වුණානෙ. මම කතරගම දෙවි හාමුදුරුවන්ගෙන් ඉල්ලුව -මගේ දරුවාට අම්මෙක් නැති කරන්න එපා; මට ‘ප්‍රාණය’ කියන දානය දෙන්න- කියලා. උන්නාන්සේ මගේ ඉල්ලීමට කන් දුන්නා! එදා ඉඳලා හැම අවුරුද්දෙම තනියෙන් හරි මේ ගමන එන්නයි මට ඕනි.
මේ තේවරාසාත් තිරිකුණාමලේ ඉඳල තනියම ඇවිත් තියෙන්නෙ... එයා එක්ක කතා කරද්දී, මට දුක හිතුණා. තාත්තෙක් වගේ... මම එයාට කිව්වා මගෙත් 
එක්කම කතරගමට යනකල් යමු කියලා...”

බැතිබරකම නිසාදෝ ශ්‍රියාට වෙහෙසක් නැති පාටය. අපට වඩා ඉක්මනින් ගමනේ යෙදෙන අතරේම එයා, පසුවෙන ගමන්කරුවන්ට ‘හරෝහරා’ කියයි. මටත් එහෙම කරන්නට උපදෙස් දෙයි.

“සාමී, ඔහොම නෙවෙයි. හොඳ සද්දෙට හරෝහරා කියලා කියන්න. එතකොට හුස්ම ගන්න එක ලේසියි. කට ඇරලා හරෝහරා කිව්වට පස්සේ නිකම්ම පපුවට හුස්ම පිරෙනවා...”
ඇත්තය! මං වහන්සේ ඒ පාඩම ඉගෙන ගත්තේ ප්‍රායෝගිකවම අත්හදා බැලුවයින් පස්සෙය.
සිරීපාදේ නඟිනකොට කියන ‘අග්ගල කං ඩෝං පුතා -හෙළේ නඟිං ඩෝං පුතා’ කීමේදීත් සිද්ද වෙන්නේ මෙහෙම දෙයකි. හැබැයි, එහෙම වෙන්නේ ‘ඩෝං පුතා’ වචන දෙක ගැම්මක් ඇතිව සද්දෙන් උච්චාරණය කළෝතින්ය. තවත් දිගට දිගට හිතෙනකොට නිදිට සිහි වෙන්නේ ‘සාදු සාදු සාදු’, ‘ආමෙන්’, ‘අල්ලාහු අක්බර්’ හා ‘ඕම්’ කීම්ය. ඒ හැමෙකක්ම කියවෙන්නේ මේ රටාවටමද?

Forward කට්ටිය ඔහොම තමයි, නිමල් අයියේ. ගෑනු වුණත් පිරිමි හෝමෝන වැඩියෙන් තියෙනවා ඇති. (තවත් නඩයක් සමඟ හිතවත් වුණු ශ්‍රියා ඔවුන් වෙනුවෙන් තේ කහට හදද්දී අප තිදෙනාවත් එතැන නවත්තා ගත්තාය. ඈතින්ම ළිප අසලින් හිටගෙන ඉන්නේ ශ්‍රියායි.)

“එච්චර විතරක් නෙවෙයි පීරිස් මහත්තයෝ. ශ්‍රියා මාර අම්මණ්ඩියෙක්... මේ උන්දා පාර අයිනෙ නිඳාගෙන උන්නු දෙමළ හාදයොන්ව ඇහැරෙව්වත් එක්කනේ නැඟිටපල්ලා, නැඟිටපල්ලා කිය-කියා කිසි ගාණක් නැතිව...” අපේ ගෙදරදී මම අයස්මන්තට කීවෙමි. ශ්‍රියාව හමු වෙන්නට අවස්ථාවක් අපේ නඩේ පීරිස්, තමිර, නෙවිල් හා ප්‍රියන්ත හතර දෙනාටම ලැබුණේ නැත.

“Forward කට්ටිය ඔහොම තමයි, නිමල් අයියේ. ගෑනු වුණත් පිරිමි හෝමෝන වැඩියෙන් තියෙනවා ඇති.
එළුමුංග කියලද එයා කට්ටියව නැඟිට්ටෙව්වේ?”

“අනේ මන්දා පීරිස්... ඒත් ඒ වෙලාවේ මට ශ්‍රියාගේ tone එකෙන්ම තේරුණා කියපු දේ! අර දෙමළ අම්මලා තුන් දෙනා දෙමළෙන් මට කියපු දේවල් තේරුණා වගේ...”
“නිමල් අයියට නං ඒ ගෑනු එක්කෙනාව හොඳටම හිතට අල්ලලා වගේ... අපි පොතුවිල් යමුකෝ දවසක එයාටත් කියලා... හඃ හඃ හඃ හා! නමියාව හම්බ වුණාම මම අහගන්නංකො විස්තරේ...”

ඇත්තෙන්ම ශ්‍රියා කෙනෙකුට ලෙහෙසියෙන් අමතක වෙන චරිතයක් නොවේ. විශේෂයෙන්ම ඇයගේ එඩිතරකම, සමාජශීලී ගතිය හා මුඛරිකම නිසා.
“සාමි දන්නවද... මං ඕනි කෙනෙක් එක්ක කතා කරනවා... බොහොම ඉක්මනට යාළු වෙනවා. කැත හිතෙන් නෙවෙයි, මට පේන්නේ සාමිත් මම වගෙයි.  අපි සේරම මිනිස්සුනේ සාමි. හැමදාම ඉන්නෑනේ... හැබැයි, එහෙමයි කියල මම නෝංජල් විදිහට ඉන්නෙත් නෑ. කවුරු හරි මට ඕන්නැති පාට් දාන්න ආවොත් නං මගෙන් හොඳ කුණුහරුපයක් අහගෙන යන්නේ. නැත්තං කන පලාගෙන...”

ශ්‍රියා නොදැනුවත්වම අප ඉදිරියේ කුණුහරුපයකුත් කිව්වාය. ඒ දෙමළ කාන්තාවකටය. “නොදකිං! මේ xත්ති නානවා තියා ඇඟවත් හෝදලා නෑ වගෙයි සුමාන ගාණකින්...” ඇයට කියැවිණි.

ඇයට එහෙම කියැවෙනකොට එතැන හිටියෙ නමීත්, මාත්, තව නාඳුනන කෙනෙකුත් විතරය. ඒ නොහඳුනන්නා උන්නේත් අපට අඩි හතර-පහකට එහායින් ගහක් යට ඇලවීගෙන විඩා හරිමිනි.
‘නමී... අපේ නඩේ පස්දෙනා කතරගමටම ගිහිං වගෙයි... එයාලව අල්ල ගන්න නං මටත් full ඩම් දාන්න වෙයි වගේ... මේ සැරේ පිටත් වුණාට පස්සේ rest නොකරම හරි අදිමු.” කියාගෙන පෙරුම් පුරද්දීය, ශ්‍රියා තවත් වැඩිහිටි දෙමළ කාන්තාවකුත් එක්ක අප ළඟට ආවේ.

“අනේ සාමි, සිද්ධාලේප වගේ මොනව හරි තියෙනවද? මේ මනුස්සය අතැනදී පඳුරක පැටලිලා වැටුණා. තැළිච්චි තැන්වලට මොනවා හරි ගාන්නයි  හිතුවේ... පව්නේ!”
නමී සිද්ධාලේප කුප්පිය හොයා දුන්නේය.
ශ්‍රියා දමිළ කාන්තාවට අණ දුන්නාය... ගවුම ටිකක් උස්සන්නට.

යටටවත් මොකුත් අඳින්නෙ නැතුවද මෙහෙම ගමනක් එද්දිත් එන්නේ?

“ලජ්ජ නැද්ද... යටටවත් මොකුත් අඳින්නෙ නැතුවද මෙහෙම ගමනක් එද්දිත් එන්නේ?” කාන්තාව මොනවාදෝ මුමුණමින් කියද්දී ඇයට ගෙරවූ ශ්‍රියා, ඒ කාන්තාව රූස්ස ගහක මුවාවට එක්කගෙන ගියාය.

විනාඩියක්වත් ගියේ නැත. ශ්‍රියා විතරක් ගිය පයින්ම ආපහු ආවේ තරහෙන් පිපිරෙමිනි. “නොදකිං! මේ xත්ති නානවා තියා ඇඟවත් හෝදලා නෑ වගෙයි සුමාන ගාණකින්... ඇඟ පුරාම කුණු තලි තලි. සිද්ධාලේප ටික ගාන්නවත් ඇඟට අත තියන්න හිරිකිතයි. ඒකිටම ඕනි xත්තක ගා ගනිං කියලා මම ආවා!” ඝන්ටාරයක් හැඬවෙන හඬිනි, ඒ හැවිල්ල කෙරුණේ...
එක විඩේම මට බැලුනේ අර නාඳුනන්නා දිහාවයි. ඒ මනුස්සයාත් උන්නේ හිනාව නවත්තා ගන්නට බැරුවය!

“අනේ සාමිලා සමාවෙන්ඩ ඕනි. එහෙනං... මට යකා නැග්ගා ඒ ගෑනිගේ වැඩේට... දන්නෙම නැතිව...”

එහෙම drama සිද්ද වෙද්දී; එව්වා ලියන්නට තියෙද්දී මගේ අතින් නං blog posts ලියැවෙන්නේ නිරුත්සාහයෙන්මය.
පහුගිය පස් වතාවේදීම නොදුටු තව නාටකීය සිද්දියකුත් මේ වතාවේ දැක ගත්තෙමි. එතකොට අප උන්නේ කටගමුවට ටිකක් නුදුරෙන්වූ වැව් කණ්ඩියක් උඩයි.
“ආන්න වැඩහිටි කන්ද නියමෙට පෙනෙනවා!”

අපට පසුව එතැනට ආ දෙමළ පාද යාත්රිකයන් පිරිසක් වැඩහිටි කන්ද දැක්කා විතරකි.
හිටි පිම්මේ එතැනම නැවතී, උස්සාගෙන ආ bags බිමින් තිබ්බෝය. බෑගයක් අවුස්සා කපුරු පෙති කිහිපයක් එළියට ගෙන එතැනම බිමින් තියා පත්තු කළෝය. ඊළඟට දොහොත් මුඳුනේ තියා- දෑත් පටලවා කන් පෙති ස්පර්ශකොට- දෝත් පපුවේ තියා වැඩහිටි කන්ද දිහාවට වැන්දෝය.

මිනිස් අශූචි ගන්ධයට බියෙන්, හැකි උපරිම වේගයක් පවත්වා ගනිමින් දුව-දුවා පාද යාත්‍රාවේ යෙදෙන අප වැන්නවුනට මෙවන් චාරිත්‍ර කොච්චර මඟ හැරෙනවා ඇතිද?
‘ඇත්තමයි... මීට පස්සෙවත් රේස් නොයා මේ ගමන යමු නේද?’ අපි කතා වුණෙමු. ඒත් ලබන සැරේ වෙනකොට අපට මෙව්වා ඩිංගිත්තක්වත් මතක නැත.

ඒ බවට ඕනෑ තරං උදාහරණ හතර පැත්තෙන් කොයිකට හැරුණත් පෙනෙයි.

එදා ‘මේකා හොරාාාාාා’ යැයි ලබු බහින තරමට සද්දෙන් ගිරිය කඩාගෙන කියූ කටින්ම ‘මෙයා හොඳාාාාාායි- මෙයා තමයි එකම ගැලවුම්කාරයා’ යි කියැවෙයි. එදා මුඛයෙන් කතා කළෝ අද අධෝමුඛයෙන් කතා කරති; එදා චතුර ලෙසින් අධෝමුඛවලින් දෙඩුවෝ අද ඊටත් වඩා හැකර ලෙසින් මුඛවලින් දොඩති. ඒවා ගැන කතා කෙරිල්ල වෙනත් දවසකට තියාගෙන...
අද මේ posts මාලාව අවසන් කළ යුතුව තිබේ.

එහෙත් ඊට පෙරාතුව මගේ හිතේ කුයි කුයි ගාමින් ඉස්සරහට පනින තවත් දේවල් ටිකකුත් ලියලා හිටින්නට වෙයි.

එක පාද යාත්‍රා ගමනකදී අරහෙම ලොකු උදවිය කැලේට විසි කරන කුණු කසළ ප්‍රමාණය කොතෙක්ද?

එක තැනකදී අපි පාර අයිනේ තැනක නැවතී විඩා නිවා ගනිමින් උන්නෙමු. ඒ ඉසව්වේ රූස්ස ගස් කීපයක්ම තිබුණු නිසා සෙවණ තිබෙන තැන්වල නැවතී සිටි තවත් පිරිස්ද වූහ. ඒ අතරේ වතුර බවුසරයක් පටවාගත් ට්‍රැක්ටරයක් ආවේය. ඒ කිට්ටුව හරියේ වතුර ටැංකියක් නොතිබුණු නිසා යටකී පිරිස් අතරේ හිටි බොහෝ දෙනෙක් ප්ලාස්ටික් බෝතල් රැගෙන ට්‍රැක්ටරයට දුවගෙන ආවෝහ.

ඔවුන් එතැන පෙළ ගැසී වතුර පුරවා ගනිමින් සිටියදී, xxx හමුදාවේ රථයකුත් පැමිණ එතන නැවැත්තුවේය. එහි සිටි භටයෙක් බිමට බැස, හිස්ව තිබුණු වතුර බෝතලයකුත් රැගෙන අර පෝලිමට එකතු වුණේය.
තවත් මොහොතකින් xxx හමුදාවේ ජීප් රියක් දුහුවිලි නංවාගෙන එතැනට කඩා පහත් වුණේය.

එතුළ සිටි තරුපටි සහිත නිලධරයෙකු පිටතට කර පොවා බැලුවේ නොයිවසිල්ලෙනි. “අර xසිගෙ පුතා අර වතුර ගන්න යන්නේ xම්මට .....?” ඔහු තවත් භටයෙකුගෙන් ඇසුවේය. ආඥාවකුත් කළේය. “ඔය ජරා වතුර අපේ වතුරවලට කලවම් වුණොත් අපිවත් ලෙඩ වෙයි... අයිසෙ, අරූට කියනවා ඒ බෝතලේ කැලේට විසි කරලා දාන්න කියලා...”

මම තවමත් කල්පනා කරමි. පාද යාත්‍රාවේ යෙදෙන හුදී ජනතාවට සපයන්නේ ‘ජරා වතුර’ද?
එක පාද යාත්‍රා ගමනකදී අරහෙම ලොකු උදවිය කැලේට විසි කරන කුණු කසළ ප්‍රමාණය කොතෙක්ද?

‘මේ, ඔව්වා ගණන් හද-හද නොඉඳ ලියනවා හලෝ ‘මහේෂ් රත්නායක’ මේ සීරීස් එකේ දෙවෙනි එකට දැම්ම comment එක ගැන. තමුසෙ මහේෂ්ට පොරොන්දුවකුත් දුන්නා නේද එතැනදී... මතකයිද?
හොඳ වෙලාවට මතක් කළේ. තව ඩිංගෙන් මළා තමා!

‘ඔය වගෙ ගමනකට පුළුවන් තරං පරිප්පු අල සෝයා නෙවීද හරියන්නෙ.
නිකමට අහන්නෙ.

බඩුත් අඩු වෙනව
බරත් අඩු වෙනව
කාලෙත් ඉතිරි වෙනව
නැත්ද?’
 මහේෂ් විමසා තිබිණි.

ඒ කාරණාවේදීත් වැඩිහිටි දමිළ උදවිය වර්තමානිකයන්ට වඩා ඉදිරියෙන් සිටිති. එයාලා බතල, වම්බටු, කැකිරි වැනි එළවලු පාවිච්චියට ගනිති. එවැනි වර්ග කිහිපයක් හා පරිප්පු මිටක් එකට එකතු කරගෙන උකු සාම්බාරුවක් හදා ගනිති. බතුයි ඒ සාම්බාරුවයි හොඳට පෑහෙයි! නැත්තං කඩල, මුංඇට, හකුරු එකතුකොට හදාගත් පොංගල් බතක්...
අපේ අයට නං එහෙම සරල ආහාර දිරවනවා අඩුයි නේද?

ඉතා සරුවට දෙන ‘කටගමුවේ දන්සල’ මේ වතාවෙත් අපේ දහවල් වේලක් පිරිමැසුවේය. ඒ ආහාර වේලට බතුත් එක්ක ව්‍යංජන වර්ග කීපයක්; වට්ටක්කා, අඹ, සෝයා, පරිප්පු හා පපඩම් අඩංගුව තිබිණි!

වරහන camping site එක තිබෙන්නේ මැණික් ගඟේ අද්දරයි. ඊටත් වැඩියෙන් අප කැමති ගඟේ වැලි තලාවන් මත රාත්‍රිය ගත කරන්නටය.

එතැනින් සප්පායම් වුණු පසුව අපේ ඉලක්කය වුණේ වරහනයි. වරහන camping site එක තිබෙන්නේ මැණික් ගඟේ අද්දරයි. ඊටත් වැඩියෙන් අප කැමති ගඟේ වැලි තලාවන් මත රාත්‍රිය ගත කරන්නටය.

“මාමේ, අපි ගෙනාව බඩු ගොඩක් ඉතිරියි. ඔන්න අපි බත් උයනවා මාමලටත් එක්කම.” ඉන්දික කල් ඇතිවම කිව්වේය.

“ඒ නිමල් අයියේ, එහෙම හොඳද?” මට විතරක් ඇහෙන්නට නැඟූ ප්‍රශ්නයක්...
“මගේ හිතටත් හරි නෑ ප්‍රියන්ත. ඒත් අපි තව ලොකු කට්ටියකට කෑම හදන්න තරම් දේවල් උස්සගෙන ඇවිල්ලත් නැහැනෙ. මම කියන්නං වැඩක්. අපි ගෙනාව නූඩ්ල්ස් හදමු. කරියකුත් එක්ක. එව්වා ඉව්වට පස්සේ එයාලගේ කෑම ළඟින්ම තියමු කැමති අයට බෙදා ගන්න.
මේ අල ළූණු පරිප්පු සේරමත් එයාලට දෙමු, උයන්න පටන් ගන්න ඉස්සෙල්ලම.”
“අන්න හරි! නමී- අපි දෙන්නා මේවා එයාලට ගිහිං දීලා ඉඳිමුද.”

“දිසානායක, අපි තුන් දෙනා අදත් කීටෝ... පියනන්ද මහත්තයා එවපු වම්බටු කිලෝවක් විතර තියෙනවා. ඒක රසට හදල දෙනවද, කන්න පුළුවන් විදිහට?”
“ඒක විතරක් ඇද්ද ඔහෙලට, නෙවිල් අය්යේ.”
“තව සුදුළූණු කරි පැකට් එකක් තියෙනවා නේද තමිර... පීරිස් මහත්තය කියනවා අද රෑ ඒ දෙකෙන් පිරිමහ ගනිමුයි කියලා. හෙට උදේ තමයි ප්‍රියන්ත අපි කන්නේ බඩ පැලෙන්න... පියනන්ද මහත්තයා මේ සැරෙත් ලෑස්ති කරනවලු නියම බ්‍රෙක්ෆස්ට් එකක්!”
“ඔහෙලට එහෙම හොඳ නං අපට මොකෝ? නැද්ද නිමල් අයියේ...”

එළවලු කැපුවේ නෙවිල්ය. තප්පලම් ගහගෙන වාඩිවී ඒ වැඩේ කරන නෙවිල්ට අත්උදව් දුන්නේ නමීය. ගොම තැම්බක් වාගේ එකම තැන ලැගගෙන- කෑම ඒදා දුන්නේ නිමල් දිසානායකයායි. ඒකාගේ උපදෙස් අකුරටම පිළිපැද ළිප අවුළුවමින්- සාස්පාන් ළිප තබමින්, හැඳි ගාමින් කෑම ඉව්වේ ප්‍රියන්ත ගුණසේකරයි!
ඒ වෙලාවේ වැඩියෙන්ම එහා-මෙහා ගියේ කලින් post එකකදී
ඔබට හඳුන්වා දුන් සුනිමලුයි!

ආයෙමත් සුනිමල්ව මෙතනට කැන්දා ගත්තේ නිකම්ම නොවේ. එයාගේ තවත් ‘අද්විතීය වික්‍රමය’ක් ගැන කියන්නටය.

උයා- පිහා ඉවරකොට, එව්වා සාස්පාන් පිටින්ම ඉන්දිකලගේ කෑම තිබුණු තැනට යවා අපි මැණික් ගඟට බැස්සෙමු. ඒ හිතේ හැටියට පැන් සනහා ගන්නටය. මොන පැන් සනහා ගැනීමක්ද?
“මාමේ, ඔය නෑවා ඇති. බත් කාල ඉඳිමු- කරුවල වැටෙන්න කලින්.” ඉන්දික කියයි. තුන්-හතර වතාවක්ම...

මම ගොඩට එන්නට සැරසුණෙමි. “අනේ නිමල් අයියේ, ඔය කාට හරි කියලා මටත් බත් එකක් බෙදවලා තියනවද- මට ටිකක් වෙලා නාන්න ඇහැකි එතකොට.”
“හරි! මම සුනිමල්ට කියන්නං. ප්‍රියන්ත ඇති පදං නාල එන්නකෝ!”

තවමත් මේ ‘අත දරුවා’ට බත් කවන්නේ...

අනේ, මං ඒ රාජකාරිය කරන්නැයි සුනිමල්ට කිව්වා විතරකි. කිසිම සුනංගු වීමකින් තොරව ඒ හාදයා බත් පිඟානක් බෙදා- එය තවත් පිඟානකින් වසා ගෙනත් තැබුවේය. ඒ හාදයා එහෙමය... ඒත්-

හිතේ හැටියට නාගෙන පැමිණි ප්‍රියන්ත බත් කන්නට සැරසුණේය; බත්පත වසා තිබුණු පිඟාන අයින් කෙරුවේය. “මේ බලන්නකෝ නිමල් අයියේ!” මම ප්‍රියන්ත පෙන්වූ පිඟාන දිහාවට ඇස්දෙක යැව්වෙමි. පිඟානේ තියෙන්නෙ බත් විතරය. හොදි- මාළුපිණි මොකුත් නැත.
“සුනිමල්, පොඩ්ඩක් මෙහාට එනවද... කෝ මනුස්සයෝ බත් එකේ වෑංජන? නිකංම කොහොමද බත් කන්නේ....”
කිසිම පරක්කුවකින් තොරව සුනිමල්ගේ උත්තරය ලැබිණි. “පිඟානට හොදි බෙදල, එව්වට උඩිනුයි බත් බෙදුවේ!

මගේ හිතේ උපන්නේ තරහක් නොවේ. දුකකි. මේ හාදයා ගෙදරදී කොහොම ඉන්නවා ඇද්ද? සමහර විට තවමත් මේ ‘තරුණ අත දරුවා’ට බත් කවන්නේ අම්මා වෙන්නැති!

2024 ජුලි 3 වෙනිදා හැන්දෑවේය, ඔය හරිය සිද්ද වුණේ. ඒ විස්තර ලියැවෙන අද; අගෝස්තු 21 වෙනිදාය. අලුත් ජනාධිපති කෙනෙකු පත් කර ගන්නට 'ශ්‍රී ලංකේය ඡන්දදායකයන් ඡන්දය දෙන්නට' හරියටම තව මාසයකි තියෙන්නේ.
තරුණ පරම්පරාවට අයත් උදවියගේ ඡන්දය මෙවර ප්‍රතිඵල කෙරෙහි ඉතා තීරණාත්මක බලපෑමක් ඇති කෙරෙතියි දැනටමත් කියැවේ... ඒක එහෙම නම්...

සුනිමල් වැන්නවුන් ඔවුනගේ ඡන්දය කෙලෙස පාවිච්චි කරනු ඇද්ද?
මෙවර ඡන්දය පාවිච්චි කිරීමේදී, ගණපති දෙවිඳුන්ගේ නැණැසත්- කතරගම දෙවිඳුන්ගේ බැල්මත් සුනිමල් වැනි තරුණයන්ට පමණක් නොව වැඩිහිටි අප හැමටත් යොමු වේවායි පතමිනි, මෙතැනට කුණ්ඩලි සලකුණු යොදන්නේ෴0෴

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්