අපේ හොඳම හිතවතෙක් (සැප්තැම්බර් 21 ජනාධිපතිවරණ) ඡන්දයෙන් තේරී පත් වුණු අනුර කුමාර දිසානායක මහත්තය තනතුරේ දිවුරුම් දෙන්නත් කලින් මරු වැඩක් කරල තිබුණා.
තත්පර 31ක ඉතාම කෙටි වීඩියෝවක් දාලා, එයාලගේ ‘whatsapp මිතුරු සමූහයකට. වීඩියෝවේ තියෙන්නෙ ජාතික ජන බලවේගයේ
සමන්ත විද්‍යාරත්න මහත්මා කරන දැනුම් දීමක්. (මාත් ඒ වීඩියෝව දැක්ක.)
මට
ඕනි වුණේ දැන්වත් අපේ පාර්ලිමේන්තුවට educated, ඩීසන්ට්
කට්ටිය යවන්න වෙනවා කියන එක කියන්නයි... |
සමන්ත විද්‍යාරත්න සහෝදරයා වෙනදා විදිහට ප්‍රේක්ෂකයන්
සිනහ ගන්වන ස්වරූපයකින් නෙවෙයි, ඒ දැනුම්දීම කරන්නේ.
‘... සවස අනුර සහෝදරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉතා චාම් උත්සවයකදී...
දිවුරුම් දීම සිද්ධ කරනවා... එතකොට මේ දිවුරුම් දීමත් එක්ක අපි උඩ සැලසුම් කරලා තියෙනවා
ඔක්කොම... අලුත් ජනාධිපති ලේකම් කෙනෙක් පත් වෙනවා. අමාත්‍යංශ 15ක් තාවකාලිකව අපි පත්
කරනවා. ලේකම්වරු 15ක් පත් කරනවා. අනුර සහෝදරයගෙ...’
ඔය වීඩියෝ clip එක දාලා විනාඩියකට පස්සේ පටන්
ගත්ත ගිනි ඇවිළුණු පණිවුඩ හුවමාරුවේ මුල්ම ටිකයි; අටුවා ටීකා ටිප්පණි විස්තරයි තමා
මේ:
A: මගේ එකම ප්‍රාර්ථනය
මේ වගේ මැන්ටල් පාර්ලිමේන්තු නොඒවා කියන එක.
විනාඩි 3 පසු ප්‍රතිචාරයක් ලැබෙනවා Bගෙන්. (A, B සහ D
තුන්දෙනාම එකටම උසස් අධ්‍යාපනය හැදෑරූ, එකම වෘත්තියේ නියුතු අය විත්තියත් ඔයාලගේ
දැනගැනීම උදෙසා දැන්මම කියල තියන්නංකො.)
B: (Aට) උඹ වගෙ මැන්ටලයක් යකෝ මෝඩ මූසලයෙක්.
B කියන්නේ වාමාංශික අරටුවක්. මේ වතාවේ එයා මාලිමාවට සහය දෙන්න
ඇත්තේ. ඒ නිසාම වෙන්න ඇති- එයා ඔය විදිහෙ දැඩි ප්‍රහාරයක් ක්ෂණිකවම, Aට එල්ල කළේ.
ඊට විනාඩි 3 පසුව A යවනව Bට පිළිතුරක්, මෙහෙම කියලා.
A: මම ඡන්දෙ දුන්නෙ අනුර කුමාරට B.
ඔබේ දේශපාලන භාවිතයටත්, හැකියාවන්ටත්, බුද්ධියටත් මම හැමදාමත් ගරු කලා. ගරු කරනවා
මචන්.
විනාඩියකින්...
B: හරි මචන් විහිලුවට කිව්වෙ
ඒ පණිවිඩය දැම්මා විතරයි- විනාඩියකින් return එකත්
ලැබෙනවා.
A: අපි එක බෝඩිමේ එක බත් එක බෙදාගෙන කාපු එවුන්. මොනවා කිව්වත් කවදාවත් තරහ
නැහැ මචෝ. අපි හැමෝම ආස මේ රට ගොඩ යනවටනේ.
ඒකට උත්තර එන්නේ විනාඩි දෙකකින්.
B: උඹ වගෙ එවුන් ඉස්සරහට එන්න ඕන මචන්. මම දුඉශෙන්
(තමන් දුයිෂෙන් යැයි කියාගන්නා මේ B උන්නැහේ විශේෂයෙන් දේශපාලන කටයුතුවලදී හැසිරෙන්නේ
න්‍යායාචාර්යවරයෙකු වගෙයි. හැබැයි- මගේ නිරීක්ෂණය අනුව නං එතුමාගේ ‘පුද්ගලික
හැසිරීම’ එච්චර මිතුරු; අවංක එකක් නෙවෙයි. තරමක් ආත්මාර්ථකාමී- ‘වචීපරම’ ජාතියේ
එකක්.)
බිතු
සිතුවම් රූ මෙන්... |
C: මචන්ලා දේශපාලන මතවාද නිසා යාලුකන් සහෝදරකන් පලුදු කරගන්න එපා.
විනාඩි 14 කින් පස්සේ හතරවෙනි මිතුරා මෙහෙම ලියනවා.
D: (Cට පිළිතුරු ලෙස) මම චන්දය දුන් බොහෝ මැතිවරන ජය ගතිමි. ඒ මම චන්දය දුන්නේ
ඉන්න එකාව එලවන්නයි. නැතිව ගෙන්න ගත්ත එකා කරයි යන අදහසින්ම නොවේ. නමුත් මම පරාද
උනා. මම චන්දය දීපු එකා දිනුවාට මොකද ඒ දීපු පොරොන්දු කඩ වූ නිසා. රටම පරාදයි.
මෙවරද මම දීපු චන්දය දිනු සෙයක් මට පෙන්නේ. ඒත් මම තාම දිනල නෑ. මොකද මම දිනන්නේ
රට දිනුවොත් පමනි. ඉතින් මචෝ මම සමරන්නේ රට දිනූ දවසටයි. මම අදටත් පාවෙන
චන්දදායකයෙක්මි. ක්ෂනික මෝචනය මට නං දැං නැත....
මිතුරු තුමෝ දුක සැප
දෙකෙහිම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපෑවිති...
ඒ මත හුවමාරුව ගැන දැනගත්තාම මං වහන්සේ Aගෙන් ඒ ගැන
ඇහුවා. එහෙම ඇහුවේ එයා එතරම් දැඩි දේශපාලන මතධාරියෙකුත් නෙවෙන හින්දයි.
“අනේ අයියේ මගෙත් මෝඩකම. මමත් අරහෙම නොලියන්නයි තිබ්බේ. මට ඕනි වුණේ දැන්වත් අපේ
පාර්ලිමේන්තුවට educated, ඩීසන්ට් කට්ටිය යවන්න වෙනවා කියන එක කියන්නයි... හැබැයි-
මට B එවපු උත්තරෙන් පස්සෙ මම හිතා ගත්තා ඊළඟට එන චන්දෙදි නං මාලිමාවට නොදී ඉන්න.”
A කිව්වා.
නවවෙනි විධායක ජනපතිවරයා තෝරන ඡන්දයෙන්- පළමු වටයේදීම
මාලිමාවට ලැබුණු ඡන්ද 56,34,915න් එකක්, අලුත් ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නත්
කලින්ම අඩු වුණේ එහෙමයි.
දේශපාලනය නිසා සමහර මිතුරුකම් දෙදරා යන්නෙත් එහෙමයි... එහෙම සිදුවීම ඛේදවාචකයක්
නේද?
ඒ සිදුවීම හොඳට විග්‍රහ කරලා බැලුවොතින් තව ගොඩාරියක්
දේවල් ඔයාලටම හමු වේවි කියලා මට හොඳටම විශ්වාසයි.
ඔයාලා දන්නවද වැඩක්? මේ post එකේ ගොඩ හරියක් ලියලා තිබ්බේ ගිය සතියේ අඟහරුවාදා වෙද්දී. ඒත් වෙනත් වැදගත්
කරුණු ගොඩක් එකතු වෙච්ච නිසා ඒවාට මුල් තැන දුන්නා, පළමුවෙනි කොටස
ලියද්දී... චුට්ටක් පහු වුණයි කියලා හැම දේම එක්ස්පයර්
වෙන්නෑනෙ...
සැප්තැම්බර් 23 දවල්- නව ජනාධිපති දිවුරුම් දුන්නට පස්සේ;
මං හිටියෙ කොට්ටාවේ- අපේ මානෙල් නංගිලාගේ
ගෙදර. එයත් මේ ඡන්දෙට බැහැල වැඩ කළානෙ. සැරෙන් සැරේ
එයාගෙන් දැනගත්තු විදිහට මාලිමාව නියමෙට නිලේ අල්ලගෙන තියෙන විත්තිය මුල් දවස්වල හිටම
මට තේරුණා.
මේ වතාවේ මාලිමාවේ වැඩවලට වැඩි-වැඩියෙන් කාන්තාවන්ව සහභාගී කරවාගෙන...!
‘ඉස්සරම කාලෙ ජවිපෙන් පංති පහ පැවැත්තුවා වගේ’ සැරෙන් සැරේ අපේ නංගිලාට මහජන සබඳතා
පැවැත්විය යුතු හැටි- තෙල බෙදිය යුතු හැටි උගන්නලා...
මේ
වතාවේ මාලිමාවේ වැඩවලට වැඩි-වැඩියෙන් කාන්තාවන්ව සහභාගී කරවාගෙන! |
ලබාගත්තු ජයෙන් උද්දාම වෙලා සැරෙන් සැරේ ඇවිත් විස්තර කිව්වේ, උයන වැඩෙත් නවත්ත-නවත්තා.
“ලොකා, ඔයාට මතකයිනෙ අපේ බතික් වැඩපොළේ හිටි ශිරන්ති අක්කා. කලින් දවසක එයාට කතා කළාම එයා කිව්වා
-අනේ නංගි, අපි හම්බ කරගත්තොත් අපිට කාල ඉන්න පුළුවන්. මොකා ආවත් එච්චරයි. අපිට
දේශපාලනෙන් ඇති වැඩක් නෑ- කියලා. එතකොට නං මම කිව්වා,
අනේ ශිරන්ති අක්කේ, කන්න ඇති වෙන්න හම්බ කර ගන්න පුළුවන් විදිහට නෙවෙයිනෙ වැඩ
සිද්ද වෙන්නේ... අපි විතරක් කාලා හරි යන්නේ නැහැනෙ... දැන් රටේ හුඟක් අයට කන්න
නෙවෙයි ලෙව කන්නනේ සිද්ද වෙලා තියෙන්නෙ කියලත්. ඒ හිංදා අපේ පැත්තේ නං ඔක්කොම ගෑනු
කට්ටිය මේ සැරේ ගෙවල්වලිනුත් එළියට බැහැලා අනුර කුමාරට වැඩ කියලා...
ඊයේ අනුර කුමාර දිනලා කියල news එක ගියා විතරයි, ශිරන්ති
අක්කා මට කෝල් එකක් දුන්නනෙ ලොකා, ලජ්ජ නැතුව.
-මානෙල් නංගිලා බැහැල වැඩ කරපු නිසා මාලිමාවෙන් මටත් පොඩි උදව්වක් ඉල්ලලා දෙන්න
පුළුවන් නේද- කියල අහන්න. මට යකා නැග්ගා ලොකා. ඒත් ඒක නොපෙන්නා මම එයාට කිව්වා- අක්කේ,
අපි එක්කෙනෙක්වත් මාලිමාවට වැඩ කළේ අපිට උදව් ගන්න බලාගෙන නෙවෙයි, රටට යහපතක් වේවි
කියල හිතාගෙනයි කියලා.
බලන්නකො ලොකා, රට මෙච්චර හරියකට වැටිල තියෙද්දිත් මේ මිනිස්සුන්ට ගාණක් නැති හැටි!”
මට ඒ වෙලාවේ මතක් වුණේ 1970, 1977 කාලෙ අපි දේශපාලන වැඩ කරපු හැටි. එතකොට වැඩිම දෙනෙක් ඒවාට එකතු වුණේ ආණ්ඩුවෙන් රස්සාවක්
ගන්න. නැත්තං වෙන මොකක් හරි උදව්වක් ගන්න...
උදව් කොහොම වෙතත් දැන් හුඟක් උදවියට මාලිමාවෙන් ගොඩක්
දේවල් කරවා ගන්න තියෙන්නෙ පුදුම තදියමක්! අනුර කුමාර මහතා ජනාධිපති වෙලා තවම
සතියයි. “මා ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි; මැජික්කාරයෙකු නොවෙයි” කියලයි අලුත්
ජනාධිපතිතුමා වැඩ පටන් ගත්තේ. 76 අවුරුද්දක් තිස්සේ නොකෙරුණු දේවල් සේරම දවසෙන් දෙකෙන්
කරතහැකියැ?
අනුර
අපිව පැදුරෙන් ඇඳට ගනීද? |
ඒ ඇවිත් කොම්පියුටරේට වාඩි වෙලා- අලුත් news බැලුවා. fb
ගියා...
මගේ මිතුරෙකුවත් නොවෙන සුජීව ප්‍රේමරත්නගේ ලියැවිල්ලක් කියවන්නට හම්බ වුණේ
එවෙලෙයි.
‘අනුර අපිව පැදුරෙන්
ඇඳට ගනීද
මගෙ යාලුවො බහුතරය
රනිල් වාදියෝ, අනුරට කැමති අයට වඩා
සජිත් වෙනුවෙනුත් හිටියා. මමත් රනිල් රට බාරගත්තු එක ගැන සන්තෝස වුණා, දැනෙන යමක් කරයි කියලා හිතුවා!
බිම හිටපු අපිව රනිල්
පැදුරට ගත්තා, නමුත් ඇඳට දාන්න එයා
වැඩ කළේ නෑ. පැදුරේ ඉඳලා ඇඳට දාන්න ගිහින් ආයි බිමට වැටෙයි කියන පරිස්සමේ හිටිය
වෙන්නත් පුළුවන්.
ගාඩ් එක පරිස්සම් කරං
යන ක්රමයට රට ගොඩ ගන්න බෑ. රනිල් වැනි ඡන්දයකින් පත්වෙන්න බැරි, ගෙනියන්න දෙයක් නැති කෙනෙක් කළ යුතුව තිබුණේ Do or Die ගේමක් ගහන එක.
පාර්ලිමේන්තුවට තර්ජන
දාලා නව ව්යවස්ථාව සම්මත කරගෙන මැතිවරණ ක්රමය වෙනස් කරලා මහ මැතිවරණයකට යා යුතුව
තිබුණා. පාර්ලිමේන්තුවට බලය පවරලා ceremonial president කෙනෙක් වෙන්න තිබුණා.
ආර්ථිකය ගැනත්
එකවුන්ට් එක බැලන්ස් කරනවට එහා ගිහිං රටේ ආදායම වැඩි කරන්න අත්තිවාරම දාන්න තිබුණා, ආනයන පාලනයට අමතරව රාජ්ය වියදම අඩු කරන ක්රම ක්රියාත්මක
කරන්න තිබුණා. ඒවා කරේ නෑ, අවුරුදු දෙකම වැල්
පාලමේ පරිස්සමට ගියා විතරයි.
දක්ෂිණාංශික ලිබරල්
වාදියෙක් විදියට රනිල්ට සහයෝගය දිය යුතු මම අනුර වෙනුවෙන් පෙනී ඉන්න හේතු කලින්
කියල ඇති. ඒවා පෞද්ගලික හේතු නෙමෙයි රට ගැන හිතලා ගත්තු තීරණ.
දැන් අනුරට පුළුවන්ද
කියල යාලුවෝ අහනවා. තරහ වෙලා කතා නොකරන යාලුවොත් ඉන්නවා. බොක්කේ යාළුවෙකුත් ඉන්නවා
පෝන් එක තියපු. ඒ ගැන හරිම කණගාටුයි!
අනුරලා ස්වභාවයෙන්ම
වැඩේ ශේප් කරගෙන යන මිනිස්සු නෙමෙයි. මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ඒම, 52 day ආණ්ඩුව වෙලාවේ රනිල්ට සහයෝගය දීම ආදියේ සිටම තියන තත්ත්වය පිළිගන්න ලෑස්ති
නැති බව පෙන්නුවා.
ඒ වගේම පසුගිය මාස
කිහිපය තුළ සමහර වාමාංශික ප්රතිපත්ති U turn ගන්න බවත් පෙන්නුවා. කරන්න බැරිවුනත් අනුරලා අල්ලං ඉන්න ජාතියේ නෙමෙයි
කියලා මං හිතනවා.
විපක්ෂ
නායක තනතුර ඉසිලූ සජිත් ප්‍රේමදාස මහත්තයාට... |
ගෙනියන්න පරම්පරාවක්
නැති රනිල්ට risk ගැනීම වඩාත් පහසුවෙන්
කළ හැකිව තිබුණා.
මේක හදන්න බැරි
රටක්වත් කරන්න බැරි දෙයක්වත් නෙමෙයි. ලේසි නෑ. හරි සංවර්ධන ප්රතිපත්ති, හරි ක්රමවේද, හරි උපදේශකයෝ එක්ක අනුරට පැදුරෙන් ඇඳට නගින ගේම ගහන්න පුළුවන් යැයි මම
විශ්වාස කරනවා!’
සුජීව ලියලා තියෙන්නෙ මගේ හිතෙත් වරින්-වර මතුවෙන දේවල්.
මොකටද මාත් එව්වා අමුතුවෙන් අකුරු කරන්නට මහන්සි වෙන්නේ? ඒකයි ඒ ලියැවිල්ල එහෙම
පිටින්ම ඉහළින් එබුවේ. (ස්තුතියි සුජීව!)
ඒ ලියවිල්ල කියවලා, ඊළඟටයි blog අඩවිවලට- You Tube එකට
එහෙම ගියේ.
ඇත්තම කියනවා නං මේ ටිකේම කෙරුණු; කෙරෙන දිග ප්රවුර්ත්ති රස්තියාදුව හින්දා තමයි
නිදිගෙ පංච තන්තරේට පෝස්ටුවක්වත් හරියට වෙලාවට ලියා ගන්න බැරි වුණේ. වස වැරැද්දක්
තමයි. ඒත් ඔහේ ලියන්නං වාලේ ලියාගෙන යන්නයැ? කල්පනා කරමින්- මතක් කරමින්- සැලකිල්ලෙන්
ලියන්න එපැයි ලියන දෙයක්!
ඔව් ඔව් නිමලෝ, මේ ටිකේ තමුසෙ news බලන්නයි, කියවන්නයි
වෙලාව ගත කරනවා වැඩියි. දේශපාලන තොරතුරු ගැන කතා කරනවාත් වැඩියි. එහෙම නොකර පුළුවනැයි?
ඒ සමහර තොරතුරු අහනකොට මං වහන්සේ නං තිගැස්සෙනවත් එක්ක.
විපක්ෂ නායක තනතුර ඉසිලූ සජිත් ප්‍රේමදාස මහත්තයාට
නිල වාහන 30ක්, STF නිලධාරීන් 50ක්, කාර්ය මණ්ඩලයට 100ක් රජයෙන් දීල තිබුණයි
කියන්නේ! මාසෙකට එතුමා වෙනුවෙන් රජයෙන් වියදම් වෙලා
තියෙන ගණන රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ හතලිස් දාහක්ලු...
ප්‍රසිද්ධ මාධ්‍යවල පළවෙන මේ තොරතුරු ඇත්තමද? නැතිනං බොරු රැඟිලිද?
මේ postsවල පළමුවැන්නට comment එකක් එවමින් හිතවත්
‘සෙන්නා’ මෙහෙම කියල තිබුණා.
‘සුබ පැතුම් නිදි, ඔයා
පැතූ වෙනස මහපොළවේ යථාර්තයක් කරගන්න ලැබුනට. අපි හොඳක් වේයැයි ප්‍රාර්ථනයෙන්
ඉවසිල්ලේ බලන් ඉඳිමු.
මෝටර් රථ ප්‍රදර්ශන
වගේ බොරු රැඟිලි (අමාත්‍යංශයට බාර දුන්නම කිව්වලු ජලේකාට බාර දෙන්න කියල. ජලේකාට
දුන්නම කිව්වලු ගෝල් ෆේස් එකේ පාර්ක් කරලා යන්න කියලා. මේක සාමාන්‍ය පටිපාටියද, සංවිධානාත්මකව කරපු දෙයක්ද අපි දන්නෙ නෑ) නෙමේ මිනිස්සු
බලාපොරොත්තු වෙන්නෙ කියලත් මේ සමඟ මතක් කරන්න කැමතියි. හිටපු ඇමතිලාගෙන්, නිලධාරීන්ගෙන් රජයෙන් දීලා තියන වාහන ගෙවල් නැවත ලබා
ගන්න එක බොහොම හොඳයි. ඒවා මෙහෙම ප්‍රදර්ශනය කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා
තමා මට තේරෙන්නැත්තෙ. ලාල්කාන්ත සහෝදරයා මන්ත්‍රීවරයෙකුත් නොවී අවුරුදු ගාණක්
පාවිච්චි කරන මාදිවෙල මන්ත්‍රී නිවස ආයෙ ඉල්ලුවයි කියලත් මතක් කරන්න.’
එයිනුත්
සමහරු බලන්නේ දිවිය ලෝකයෙන් ලොකුම ඉඩක් තමන්ට තනියම අල්ලා ගන්නයි! |
බොරු රැඟිලිවලට, හරසුන් බාල ප්‍රදර්ශනාත්මක වැඩවලට මේ
ලියන මාත් අකමැතියි, සෙන්නෝ. නමුත් ඒවට කැමති පිරිසකුත් රටේ ඉන්නවානේ. එයාලගේ ගොඩ
අපේ ගොඩට වඩා අතිවිශාලයි නේද සෙන්නා. ඒ කියන්නේ ඡන්ද!
නිකමට හිතන්නකෝ, ඒ වාහන තොගය බලන්නට පැමිණි පිරිස කොතෙක්ද කියලා... ඒ වාහන ගැන You
Tube එකේ තිබුණු විවිධාකාර වීඩියෝ තොගය ගැන... ඒවා කී දාහක් දෙනා බලලා තිබ්බද?
ඒ කාරණය ගැන මගෙන්ම උදාහරණයක් දෙන්නංකො.
මං උපතින්ම බෞද්ධයෙක්. මට ඉගෙන ගන්නට, දැන ගන්නට, තේරුම්
ගන්නට හැකි වුණු විදිහට නං බුදු දහම ආගමකට වඩා උතුම් දර්ශනයක්. ඒ අවබෝධය නිසාද, නැත්තං
මගේ නසරානි ගතිය නිසාද මන්දා මම නිති පන්සිල් ගන්නෑ; පෝයකටවත් පන්සල් යන්නෙත් නෑ.
හැබැයි, පිරිසක් එක්ක ට්‍රිප් එකක් යද්දී පන්සලකට යැවුණයි කියමුකො. මාත් මල් පහන්
පූජා කරලා වඳිනවා.
නමුත්, මම දන්නවා දාන-මානාදී පින්කම් කෙරෙන්නෙත්- දාගැබ් පිළිම ආරාම පන්සල් ආදිය
නඩත්තු කෙරෙන්නෙත් මං වගේ බෞද්ධයන් අතින් නෙවෙයි කියලා. ඒ වැඩවලටම කැප වුණු උපාසක උපාසිකාවන් වෙනම ඉන්නවා. එයිනුත්
සමහරු බලන්නේ දිවිය ලෝකයෙන් ලොකුම ඉඩක් තමන්ට තනියම අල්ලා ගන්නයි! (එහෙම කෙනෙක්
ගැන මම ලිව්වත් එක්ක.) එයාලා වගේ අය හිටියෙ නැත්තං...
මාලිමාවත් ඔය ධර්මය තේරුම් අරගෙන වගෙයි. ගැලරියට ඔබින
කථිකයන්, මධ්‍යම පාන්තිකයන්ට ඇමතිය හැක්කන්, නොයෙක් අංශවල ප්‍රවීනයන් හා
බුද්ධිමතුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ විචක්ෂණ ප්‍රාමාණික ඇත්තන් ඒ ඒ අදාළ
තැන්වලදී පරෙස්සමෙන් ඉස්සරහට එන්නේ (දාන්නේ) ඒ නිසා වෙන්නෝනි.
මාලිමාවේ වැඩ කෙරෙන්නෙත් ඒ පිළිවෙලටම නේද?
මගේ ඔළුවට එන අනෙක් කාරණයට කොන්ත නෝනාත් සම්බන්ධයි.
කොන්ත නෝනාගේ මොකක්දෝ එක හෝදාගන්නේ මිරිස් වතුරෙන්ද- ඇල් වතුරෙන්ද- උණු වතුරෙන්ද
එහෙමත් නැත්තං කිතුල් ඇට තලලා දැමූ වතුරෙන්ද කියන එක තීරණය කිරීමේ අයිතිය ඈ
සතුයිනේ...
ඉතිරි ටික ඊළඟ කොටසෙන්...