උපදින හැමෝම මරණෙත් අරගෙන
ලෝකෙට එන බව නොම දන්නා
ඇති වෙන, නැති වෙන ලෝකෙක දිගටම;
සදාකල්ම ඉන්නට හිතනා
‘මං විතරක් රජ වුණාම ඒ ඇති’
කියල හිතාගෙන වැඩ කරනා
ලොක්කන් ලෝකෙම කණපිට ගහන්න
දත-කට මැදගෙන සැරසෙන්නා
![]() |
ගණන් වැරදිලා වගෙයි උන්දැලට; තවමත් එයාල නැතිය සමත් |
කරන්න හැදුවේ රටක් යටත්
ගණන් වැරදිලා වගෙයි උන්දැලට;
තවමත් එයාල නැතිය සමත්
චේතනාව පරිශුද්ධ නොවේ නං
බොහෝ විටෙක සටනෙන් පරදිත්
‘ඒකයි මෙතැනත් වෙලා තියෙන්නේ’
ගොඩක් විද්වතුන් දැන් පවසත්
වැරැදුණු බව පිළිගන්න කැමති නෑ-
එතකොට කිච වෙයි
කියල බයයි
එහෙම කරන්නත් ගට්ස් ඕනිමයි-
එව්වත් නැති විත්තියක් හැඟෙයි
පෙරට තියපු පය පස්සට ගැනුමත්
නැණවත් එඩිතරකමක් තමයි
‘අපි නං බය නෑ’ නිතර ජප කරන
අය ළඟ ඇත්තෙත් බය විතරයි!
සියවස් ගණනක ඉතිහාසය අද
කියයි අපට පෙර කල වුණු දේ
එව්වා හොඳටම සෑහෙයි කාටත්-
යුද්ධය හදවයි හිසේරදේ
පුදුමෙ කියන්නේ, රජ වෙන සැණෙකින්
ලොක්කන් නැණවත් බවෙන් මිදේ
එයිනුත් විපතට වැටෙන්නෙ හැමදා
පොදු ජනතාවයි විඳින වදේ
![]() |
කඩු දුනු හෙලි ගෙන ළයට ළයක් පා අභීත විලසින් කළ යුද්ද |
හෙටත් එහෙම වේවිද කියලා
හිතන්නටත් බය හිතෙන කාලයක්
ලොකු ලොකු රටවල් බෙදි-බෙදි දෙපිලක
මිහිකත් අම්මේ කවුරුද දන්නේ
‘මොකෙන් මොකක් වෙයිදෝ කියලා’
කඩු දුනු හෙලි ගෙන ළයට ළයක් පා
අභීත විලසින් කළ යුද්ද
අතීතෙ සිදු විණි, අද නැහැ ඒ වගෙ
එඩිතරකම් වල් වැදිලාද
බලුකම්, ජඩකම්, බාල වැඩවලින්
පිරීතිරෙන වත්මන් යුද්ධ
ලෝකෙම වනසන තරමට දරුණුය!
ඉන් බේරෙන සමතුන් ඇද්ද?
තැලෙන්නෙ පොඩි අය- මැරෙන්නෙ පොඩි අය
- විඳවන්නෙත්
පොඩි අයම තමයි
සටන් කරන්නට යන්නට වෙන්නෙත්
වෙනද වගේ පොඩි එවුනටමයි
කරවන අය ගොඩ- කරන්නො යති යට,
දින්නත් පැරදෙන එක නියතයි
යුද්දේ බරපැන දරන්න වෙන්නෙත්
පෑගෙන පුරවැස්සන්ට තමයි
![]() |
මිනිස් අම්බරුවො බලයට කෑදර යුද්දෙම තෝරා ගනිති සකි |
කාමාවචර දෙවියන් දෙන්නෙක්
හඬ ගා කියතිලු මිනිස් සතුන්හට
විපතෙන් ගැලවෙන මාර්ගයක්
‘නොතෙමී උන්නොත් මෘගසං වැස්සට
මිනිසුන්හට ඇත බේරිල්ලක්’
කිව්වම ඒ ටික කණකට අරගෙන
ගැලවෙනවලු මිනිසුන් චුට්ටක්!
ඔන්න පටන් ගෙන වැටෙන්න ඒ වගෙ
වැසි දිය අහසෙන් ‘විසම විස’
කළු පැහැ වැහි දිය අනතුරු
සහිතලු;
අම්ල වැහි වගෙලු ගෙනෙන දොස
සයුර මතුපිටත් තෙල් පටලයකින්
වැහෙන්න අරගෙන- ඒකෙ රස
ලෝකෙට දැනෙන්නෙ තව කල් ගතවී;
පස්සෙයි තුන හතරක් මාස
බණේ වාගෙමයි ඒ වගෙ තොරතුරු-
තව තැන්වල ඇත අනාවැකි
එඩ්ගා කේසිල, බබා වැන්ග්ලත්
පැවසුව දේවල් හොයමු සකි
කවුරුන් කිව්වත්, කොච්චර කිව්වත්
ගණන් නොගෙන ඒ කියූ වැකි
මිනිස් අම්බරුවො බලයට කෑදර
යුද්දෙම තෝරා ගනිති සකි
![]() |
හතලිහ වෙද්දී රාජාලියෙකුට සිදුවෙන දේ දන්නව නේද |
‘තෙවෙනි
ලෝක යුද්දයකට පස්සේ
මිනිසා ආයෙත් සටන්
කළොත්
එහෙම කරන්නේ දඬු පොලු මුගුරුත්
උස්සං ඇවිදින් තමයි
යළිත්'
පැහැදිලි කරලම කියා තියෙනවා
අයින්ස්ටයින් විද්වත්
මහතත්
ඇත්ත වෙයි වගේ ඒ කතන්දරේ-
එනපොට හොඳ නැත කොයි කාටත්
හතලිහ වෙද්දී රාජාලියෙකුට
සිදු වෙන දේ දන්නව නේද
තව කල් ඉන්නට ඕනෑ නං හෙම
විඳින්න වෙනවලු දරුණු වධ
ඊට කමක් නෑ, උගේ කැමැත්තට
නෙව ඌ විඳින්නෙ එහෙව් වධ
ලොක්කො එහෙම නෑ සැපෙන් සිටිති,
ලෝ වැසියන් සේරම යුද්ද මැද!
යුද්දේ නැත්තං හොඳටම
පාඩුයි
යුද අවි තනනා
රටවලට
හදල ගොඩ ගහල තියෙන අවි තොගත්
විකුණාගත යුතු ඉක්මනට
ඒ අස්සෙම ඇත තවත් අරමුණක්
තෙල් සම්පත් ටික ඩැහැගන්ට
බොර වතුරයි හොඳ මාළු බාන්නට
කිසිම සැකක් නෑ නෙව එයට
![]() |
මරාන මැරෙන්න හිතුවොත් මැට්ටෙක් මහ විපතම සිදු වෙයි ලොවට |
හැමෝම වාගේ දන්නව දැන් නං
ඔහොම
සූත්තර උගුල් ගැන
ඒත් ඉඳල ඇත නොදන්න ගාණට
ඇහැකි
තරං කල් ඉවසගෙන;
කටින් නරි වදන් නොදොඩා හෙමිහිට-
අලුත්
උපක්‍රම තනාගෙන
බලන්න මහතුනි- හීන් සැරයෙ රඟ
රාම
සැරය වුව පරද්දන
ඒත් මහතුනේ ඒවා ඔක්කොම
යටයි න්‍යෂ්ටික බෝම්බෙට
මරාන මැරෙන්න හිතුවොත් මැට්ටෙක්
මහ විපතම සිදු වෙයි ලොවට
මිනිත්තු හැත්තෑ දෙකයිලු යන්නේ
මිහිපිට ජීවින් නසන්නට
එකම බොත්තමයි ඔබන්න ඇත්තේ
තත්ත්පරයලු යන්නේ ඊට!
මොළය නියම තැන නැති
නායකයන්
අතට ගිය විටෙක පාලනය
රටකට; ලොවටම; සතටම සිදු විය
හැකියි
නෙවෙද ඒ විනාශය
මොකද කරන්නේ එවන් විටෙක අපි-
සත්තෙන්
අන්තිම අසරණය
උන්ගෙ වැරැද්දට වන්දි ගෙවන්නට
වෙන්නෙ
අහිංසක අපහටය
![]() |
| නොනිසි උදවියට නොදී පාලනය ඉන්නට පුරවැසි හැමට නැණ- නුවණ ලැබේවා කියා පතමි මම- සැමදා, සැම කල්, සියලු තැන |
ගත කිලිපොළවන ඉරණම මේකද
මිනිසුන්හට උරුමව තිබෙන
තාක්ෂණික දියණුවක කෙළවරදි
ලෝකෙම වේවිද අවසාන
වැඩිය හොඳත් නරකයි නෙව කියන්නෙ
ඇත්තකි
නැත කිසි අඩමාන
බලයට පත් කළ යුත්තෙ මොළේ ඇති
ඇත්තන්මය
ඇති නැණ නුවණ!
අනාගතයෙදී නායක පුටුවල
වැජඹෙන්නට පෙරුමන් පුරන
‘මමම තමා නිස්සා’ යැයි කියමින්
තම පම්පෝරිය ඇද
බාන
නොනිසි උදවියට නොදී පාලනය
ඉන්නට පුරවැසි හැමට
නැණ-
නුවණ ලැබේවා කියා පතමි මම-
සැමදා, සැම කල්, සියලු තැන෴0෴






No comments:
Post a Comment