ඒත් මේ රැල්ල කොච්චර කල් අල්ලා හිටීවිද?
මට එහෙම හිතෙන්නේ ශ්‍රී ලාංකික අපේ වැඩි
දෙනෙකුට තියෙන ‘දහදුරා පජාති ජඩ ගති’ හින්දමයි.
ඒකට මං දන්න හොඳම උදාහරණෙ සුමුදු මල්ලී. සුමුදු ඉන්නේ
පමුණුවේ. (නම නං ආදේශකයක්.) එයා තේරුණේ ජපුරෙට. (මීට අවුරුදු විසිපහකට- තිහකට විතර
කලින්.)
![]() |
අපේ සීනියර්ස්ලා වුණයි කියල
උන්ට පුළුවන්ද එහෙම අපිට වද දෙන්න. මුල් මාස ටිකේම කසිකබල් ඇඳුම් අඳින්නයි, රබර් සෙරෙප්පු දාන්නයි, උන් කියන ජරා වැඩ සේරම කරන්නයි... |
“අනේ ළමයෝ, ඔයාවත් මේ දරුවට කියන්නකෝ... අපේ
පවුල්වලින් එකකවත් ඉන්නවද විස්ස විජ්ජාලෙකට ගිය එකෙක්. අපට කොච්චර ආඩම්බරයක්ද-
මෙයා උපාධිකාරයෙක් වුණොත්...? පවුලේ එකම කොල්ලාත් වෙච්චි එකේ... කෙල්ලෝ දෙන්නට නං ඉහළට
උගන්නන්න ඕන්නෑ නෙව ළමයෝ, පිටට දෙන්න ඉන්න එවුන්නෙ.” සුමුදුලගෙ තාත්තා දිගටම කියාගෙන
ගියා.
අපේ
ආච්චී සමහර වෙලාවට ගායනා කරපු ‘පිරිමි ජාතිය උතුම් ජාතිය - කන්න
දීලා මල් පුදාපිය’ කවිය ඒ වෙලාවේ මට මතක් වුණත් මං එතැනදී ඒ ගැන කියන්න ගියේ නෑ.
මොකද සුමුදු මල්ලී ඒ වෙනකොටත් ‘විත්ති පාර්ශ්වය පැත්තෙන්’ නිදහසට කරුණු කියන්න
පටන් අරගෙන තිබ්බ නිසා.
“තාත්ත කොළේ වහනවා නිමල් අයියේ. මං කැම්පස් ගියා... ගියාම සීනියර්ස්ලා මට රැග් එක
දෙන්න ආවම මම බැන්නා... ගහගන්නත් ගියා. අපේ සීනියර්ස්ලා වුණයි කියල උන්ට පුළුවන්ද එහෙම
අපිට වද දෙන්න. උන්ට කොහෙන්ද එහෙම අයිතියක්..
මුල් මාස ටිකේම කසිකබල් ඇඳුම් අඳින්නයි, රබර් සෙරෙප්පු දාන්නයි, උන් කියන ජරා වැඩ
සේරම කරන්නයි වෙනවා කියපුවම තාත්තම තමයි මගෙන් රැග් එකේ තරම ගැන හාර-හාරා අහගත්තෙ.
මම ලෑස්ති වෙලා හිටියෙ එකෙක් දෙන්නෙක්ට නෙලන්න... එතකොට තමයි තාත්තම කිව්වේ
කැම්පස් නොගිහින් හිටහං කියලා. හොඳයි නැද්ද?”
“මොකද
නැත්තේ? මම එහෙම කිව්වා තමයි.
ඇයි නිමල් ළමයෝ- මෙයා එහෙම චණ්ඩි පාට් දාන්න ගියොත් ඒ මැරයෝ නිකං ඉඳියිද? මෙච්චර
කල් මෙයාලගේ අතපය නොකඩ හදල දැන් එහෙම වෙනවට කොයි තාත්තද කැමති. ඒකයි මම කිව්වේ ඔය
වදේ ඉවර වෙනකල්; මාස දෙක තුනක් යනකල් විස්ස විජ්ජාලෙට නොගිහිං ඉඳල ඊට පස්සේ යන්නය
කියල.
මෙයා කියනවා ‘එහෙම බැරිය- එහෙනං දිගටම ගෙදර ඉන්නංය’ කියලා.”
එදා
ඒ දෙන්නාගේ කරුණු දැක්වීම දිගින්-දිගටම කෙරුණේය. ඒ දෙන්නාටම උවමනා වුණේ තම-තමන්ගේ
ආස්ථානයන් සාධාරණ විත්තිය ඔප්පු කරන්නටය. ‘හොඳට කාරණා හොයලා බලලා- නිදහසේ හිතල බලලා
තීරණයක් ගනිමු. මමත් ඔය ගැන ටිකක් හොයල බලන්නංකො...’ කියල පොරොන්දුවකුත් වෙලාය, මං
වහන්සේ එදා එතැනින් නික්මුණේ.
ඒ ප්රශ්නය
විසඳී තිබුණේ නොසිතු විදිහකටය.
”ඔව් නිමල් ළමයෝ... ජයවර්ධනපුරේටම තේරිච්ච අපේ සුමුදුගෙ යාළුවො හත්-අට දෙනෙක් එකතු
වෙලා, ප්‍රශ්නෙ ඉවර කරගත්තයි කියන්නේ.”
![]() |
උන් බයේ ගැහි-ගැහී අපට respect
කරද්දී හෙණ ආතල්... උන් නිකං
වහල්ලු වගේ! |
ඒත් අවුරුද්දකට විතර පස්සේ සුමුදුලගේ තාත්තාම හිනැහෙමින් (පුතණ්ඩියා ඉදිරිපිටදීම)
ඒ සිද්දිය ගැන ආපහු මතක් කළේය. “ඔය ළමය දන්නවද වැඩක්? අර නවක වදේට බයේ විස්ස
විජ්ජාලෙට යන්නේ නැතුව ඉන්න හදපු අපේ සුමුදුලාම දැන් අලුත් ළමයින්ට වදේ දෙනවලුනෙ!
හඃ හඃ හඃ.”
සුමුදු
මල්ලි ඉදිරිපිටදීම එහෙම කියැවුණාම නං මටත් කට පියාගෙන ඉන්නට බැරි වුණේය.
“රැග් වෙන්න අකැමැත්තෙන් හිටි කෙනෙක් විදිහට ඔයා එහෙම කරන එක අසාධාරණයි නේද සුමුදු
මල්ලී?”
“මෙහෙම
නොකර කොහොමද බැජ් fit එක හදන්නේ.... අපි කාපු පරිප්පුව ප්රෙෂාලටත් කවන්න එපැයි
නිමල් අය්යේ... අපිට දීපු රැග් එකෙන් කාලක්වත් අපි මුන්ට දෙන්නෑ. අනික රැග් එක දෙන
එකෙත් හෙණ ගැම්මක් තියෙනවා... රැග් එක දුන්නම සින්නන්ට ප්‍රෙෂාලව බය කරගන්ඩ පුළුවන්
නිකංම... උන් බයේ ගැහි-ගැහී අපට respect කරද්දී හෙණ ආතල්... උන් නිකං වහල්ලු වගේ...”
මගේ
සිතැඟි අනුව නම් සුමුදු මල්ලී වැන්නවුන්ය, අන්තිම නරක!
කුසල් කළුආරච්චි.
පෙනෙන විදිහට නං කුසලුත් සබරගමුවේ කැම්පස් එකට ගිය හාදයෙකි; ඒ විශ්වවිද්‍යාලය
පිළිබඳව හැංගී තිබෙන කරුණු රැසක්ම කුසල් එළියට දමයි. ඔහු මුල සිටම නවක වදයට
විරුද්ධව නැඟී සිටියෙකියි කියැවෙන commentsද කුසල්ගේ fb පෝස්ටුවේ තිබෙයි. ඒ
post එකය මේ.
‘අර කොල්ලා ජීවිතේ නැති කරගත්ත හිංදා එලියට ආව මිසක් සබරෙ ඉන්න බහුතරයක් උන්ට නම් මේව මැජික් නෙවෙයි...
මේ එකක් විතරයි... තව කොච්චර නම් මේ වගේ දේවල් මේක අස්සෙ වෙනවද... හැමෝම දන්නව... හැබැයි කවුරුත් කියන්නෑ... ඇහුවොත් කියන්නෙ සබරෙ කොහෙද මල්ලි රැග්, අපි නෙවෙයි උඹලව රැග් කරන්නෙ මාශලුයි පරිපාලනෙයි තමා උඹලව රැග් කරන්නෙ කියලා...
අපි තමා ඒවයින් උඹලව බේරගන්නෙ කියලත් කියනව තව ලැජ්ජ නැතුව.
අන්තිමට මේ වගේ දෙයක් උනාම ඔය කයිය ගහන අයියල හොයන්නත් නෑ... දැන්වත් ඔය උප සංස්කෘතියෙ මෝඩ පාට් ටික අතෑරපල්ලා..
- ජුන්නෙක් කොක්කක් එක්ක ගියොත් ඒක පේන්න බෑ
- ජුන්නෙක් ශෝර්ට් කට් එකක ගියොත් ඒක පේන්න බෑ
- උන්ට බෑන්ගල් දාන්න බෑ, කැම්පස් ටී ශර්ට් අඳින්න බෑ
- ෆස්ට් ඉයර් උන් මොන්ටිසෝරි බබාලා සත්තු වත්ත පෙන්නන්න එක්ක යනව වගේ පෝලිමේ යන්නෝනි
- උන්ට කැමති කඩේකින් කන්න බෑ... හෙලබොජුන් තහනම්... මැට්ටෙන්ම තමා කන්න ඕන.
- සෙකන්ඩ් ඉයර් ආවම බැජ් මීටින්, ඇක්ශන් මීටින්, පැරා මීටින්, හොස්ටල් මීටින්, කොමන් මීටින් මීටින් මීටින් මීටින් මීටින්
![]() |
කැම්පස් එකේ පොරක් වෙන්න
ඕනි නම් මේව කරන්න ඕනි වගේ ගොබ්බ පසුගාමී අදහස්වලින් ඔලුව පුරෝගත්ත උන් ටිකක් හැම බැච්
එකකින්ම වගේ හැදෙනව... |
- ඊට පස්සෙ ජුන්නොන්ට වැඩ හදන්න ඕනි... ඒවා සින්නොන්ගෙ කාමර කාමර ගානෙ ගිහින් මහ පාන්දර 3, 4 වෙනකන් උන්ව දැනුවත් කරන්න ඕනි... කටපාඩම් තියෙන්න ඕනි... වැරදුනොත් පහුවෙනිදත් යන්න ඕනි... දවස් ගනන් ඕව කරන්න ඕනි.
- ස්ට්‍රෙස් නැතිවෙන්න කියල Function
කරනව... අන්තිමට Function
හින්දම ස්ට්‍රෙස් හැදෙනව...
- බලෙන් ළමයින්ව පිකට්වලට ඇදන් යනව
- සින්නො ඉන්න හොස්ටල් එකක නම් ශෝට ඇඳන් කාමරෙන් එලියට එන්න බෑ...
- 3rd year 4th year යනකන් බයික් එකකින් කැම්පස් එකේ යන්න බෑ.
- කාඩ් ඕනි නම් උන් කියන ඕනිම ජරා වැඩක් කරන්න ඕනි.
- මොකෙක් හරි එකෙක් මේව මට බෑ මම මේව කරන් නෑ කිව්වොත් ඌව පුලුවන් තරම් කොන් කරනවා, පුලුවන් තරම් මානසිකව වට්ටනව, ගහනවා...
ඔය මගුල් ඔක්කොම කරද්දි ඉතින් assignment,
mid exam, presentation ඔක්කොම ගොඩ ගැහෙනව... ඉතින් ඉගෙනගන්න වෙලාවක් නෑ... රිසල්ට් මදි...
උන්ට ඉගෙනගන්න නැති උනාම ඉතින් ඊට පස්සෙ එන උන්ට ඉගෙනගන්න දෙන්න හිතෙන්නෙත් නෑ...
ඔය අතරෙ සෙට් එකක් හැදෙනව (හැමෝම නෙවෙයි) ඔය උප සංස්කෘතියෙ ගොබ්බම පාර්ට් ටික ඉස්සරහට ඇදන් යන උන් ටිකක්... අම්මෝ ඒ දවස්වල අපිට අපේ සින්නො අපිට මොනාද නොකලේ, අපි මුන්ට ඒවයින් 10%ක්වත් තවම කලේ නෑ... ඕව කරන්නෙ බැජ් ෆිට් එක හැදෙන්න... කැම්පස් එකේ පොරක් වෙන්න ඕනි නම් මේව කරන්න ඕනි වගේ ගොබ්බ පසුගාමී අදහස්වලින් ඔලුව පුරෝගත්ත උන් ටිකක් හැම බැච් එකකින්ම වගේ හැදෙනව... ඔය දේවල් කරන්න ඇත්තෙත් එහෙම උන්ම තමා...
දැන්වත් ඔය ආපස්සට පරිණාමය වෙන ගෝත්‍රික උප සංස්කෘතියෙ වැඩකට නැති කෑලි ටික අයින් කරපල්ලා... ඕක යන්නෙ වැරදි පාරෙ මචන්..
ඉගෙනගන්න ආපු උන්ට නිදහසේ ඉගෙනගන්න දීපන්... උන් අරන් එන්නෙ උන්ගෙ හීන විතරක් නෙවෙයි... සමහරවිට උන්ගෙ පව්ලම ගොඩ අරන් යන්න ඉන්නෙ ඌ විතරක් වෙන්න පුලුවන්...
හැමෝටම එක සමාන අයිතිවාසිකම් තියන, නිදහසේ ඉගෙනගන්න පුලුවන්, Function එකක් උනත් ආසාවෙන් කරන්න හිතෙන කැම්පස් එකක් ඊලඟට එන උන්ටවත් හදමු... තව එකෙක්ට මෙහෙම වෙන්න කලින්...!!’
![]() |
සියළු සිසුන් සරසවියට ඇතුළු
වීමේදී නවකවදය යන "සාපරාධී වරද" නොකිරීමටත් එසේ කර අසුවුවහොත්... |
මොනවා කෙරුවත් මියගිය චරිත් වැන්නවුන්ට යළි පණ දෙන්නට කිසිවෙකුටවත් නොහැකිය. එහෙත්
ඒ අසරණයා වැන්නවුන්ට කළ හැකි උපරිම ගෞරවය ‘සියලුම විශ්වවිද්‍යාල සියලුම
සිසු-සිසුවියන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්නට හැකි මිත්‍රශීලී; සුහද; ගුණගරුක තැන් බවට
පත් කිරීම’යි.
ඒ සඳහා දැනටමත් විවිධ යෝජනා ඉදිරිපත් කෙරෙමින්
තිබෙයි.
තවත් සහෘද blog රචකයකු වන චන්දිම ගෝමස් මහතා මේ
හා අදාළව පළකොට තිබුණු පෝස්ටුවකි මේ. (මේ ලින්කුවත් මට
එවූයේ බකුසුතුමාමය. ස්තුතියි බස්සෝ!) ‘නවකවදය පිටුදැකීමට’ නම්වූ මේ පෝස්ටුවෙන්
කියවෙන යෝජනා ප්‍රායෝගික ඒවා බව නිදිගේත් විශ්වාසයයි.
‘නවකවදය නිසා අහිමිවූ වටිනා ජීවිතය
පිළිබඳව මතකය කෙමෙන් මැකී යද්දී නවකවදයට එරෙහිව නැගුණු හඬ ද වෙනදා මෙන්ම අතීතයට එක්වෙමින්
පවතී. අපි ඊළඟ ජීවිතය නවකවදයට ගොදුරු වනතුරු සිටිය යුතු නැත. ඒ නිසා මම පහත දැක්වෙන
සත් වැදෑරුම් ප්‍රායෝගික පියවර ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. සමාජ මාධ්‍ය සංවාදයකින්
පසු එය අදාළ අමාත්‍යංශයට යොමු කිරීමට අපි උත්සහ ගනිමු.
මේ පියවර වසර 10 ක කාලයක් සඳහා ක්‍රියාත්මක
කිරීම ප්‍රමාණවත් වනු ඇත.
1. මාස තුනක් වැනි කාලයක් තුල ජේෂ්ඨ
සිසුන් නොමැති පරිසරයක නවක සිසුන් සරසවි පරිශ්‍රයට හුරු කිරීම සහ ඔවුන් අතර දැඩි මිතුරු
බැඳීමක් ඇති කිරීම.
2. සියළු සිසුන් සරසවියට ඇතුළු වීමේදී
නවකවදය යන "සාපරාධී වරද" නොකිරීමටත් එසේ කර අසුවුවහොත් දෙන ඕනෑම දඩුවමක්
විඳීමට සුදානම් බවටත් ලිඛිත ප්‍රතිඥාවක් ලබා ගැනීම.
3. සියළු සිසුන්ට වාර්ෂිකව දින කිහිපයක
මානසික සෞඛ්‍ය සායනයකට සහභාගිවීම අනිවාර්ය කිරීම.
4. සරසවියේ සදාචාරාත්මකව පිළිගත හැකි
සියළුම ස්ථානවල CCTV කැමරා
සවි කිරීම.
5. සරසවි ආචාර්යවරුන් නවකවදයට කිසිසේත්ම
සහයෝගය නොදෙන පරිදි මානසිකව පුනරුත්ථාපනය කිරීම.
6. Cloud
එකක real-time රෙකෝඩ්
වන පරිදි වූ body camera වලින්
සන්නද්ධ මාෂල්වරුන් කණ්ඩායමක් පත් කිරීම.
7. නවකවදයට වරදකරුවන් වන සිසුන් සරසවියෙන්
නෙරපීමට අමතරව ඔවුන්ට සිවිල් නීතිය යටතේ දඬුවම් කිරීම සහ මානසික පුනරුත්ථාපන කඳවුරක
නේවාසික ප්‍රතිකාර ගැනීම අනිවාර්යය කිරීම.
මෙහිදී සිසුන් යන වදන මා සිසුසිසුවියන්
යන දෙපාර්ශවයම සඳහා යොදාගන්නා ලදී.
ඉහත ඕනෑම පියවරක් ප්‍රායෝගිකව සිදුකළ
හැකි ක්‍රමවේද මට ඉදිරිපත් කළ හැක. එහෙත් ඔබ වැඩි දෙනෙකුගේ අදහස් ලැබෙන්නේ නම් එය වඩාත්
ප්‍රයෝජනවත් වනු ඇත.’
![]() |
රැග් වෙන්න කැමති මානසික
ආබාධිතයන්ට වෙනම තැනක් හදල දෙන්න විශ්වවිද්‍යාලයෙන්; උන්ගෙන් ලිඛිත කැමැත්ත සහ
වගකීමෙන් මිදීමේ සහතිකයකට අත්සන් අරගෙන. |
මං වහන්සේ එහෙම කියන්නේ ‘නරකත් හොඳ වෙන වෙලාවල් තියෙන බව’ මා අදහන නිසාය. ‘බුදු ගුණවලට
දමනය නොවෙන සමහර යකුන් කුණුහරුපවලට සරෙන්ඩර් වෙන විත්තිය’ මා විශ්වාස කරන නිසාය.
මේ postsවල දෙවැන්නට Pra Jay සහෘදයා එවා තිබුණු
comment එකෙන් කියවෙන්නේ එවැනි යෝජනාවකි. යෝජනාව මේකය:
‘රැග් වෙන්න කැමති මානසික ආබාධිතයන්ට වෙනම තැනක් හදල දෙන්න විශ්වවිද්‍යාලයෙන්; උන්ගෙන්
ලිඛිත කැමැත්ත සහ වගකීමෙන් මිදීමේ සහතිකයකට අත්සන් අරගෙන. අනිත් අයට රැග් කරන කාලකන්නි
පිස්සන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ ක්‍රියා කරන්න.’
ඒ අපූරු අදහස ‘නවක වධය’ට කැමැති එඩිතර විරුවන්ගේ නෙත්වලට යොමු වේවා; මේ ගැන ඔවුනගේ අදහස් ප්‍රසිද්ධියේ පළ වේවා!!!!!!!!!!!
‘Ian's Den - ඉයන්ගේ අඩවිය’ බ්ලොගයේ
රචක ඉයන් මහතාත් නවක වදේ ගැන අගනා අදහස් ලියා එවල තිබුණා:
‘රැග් එක නවත්වන්න නම් ප්‍රායෝගික විසඳුම් අවශ්‍යයයි. නීතියම නෙවෙයි. අවුරුදු කීපයක්වත්
හැම බැච් එකකටම හමුදාවෙ දෙතුන් දෙනෙක් ඇතුලට යවලා රැග් දෙන අයට හොඳට සලකන ක්‍රමයක්
හඳුන්වා දෙන්න පුළුවන්.
-අනික රැග් දෙන අයගේ (සහ දුන්න අයගේ) විස්තර ලබාගෙන වෙබ් සයිට් එකක් හරහා ප්‍රසිද්ධ
කිරීම.
-අර Me Too
movement එකේ අවුරුදු ගාණකට එහා වෙච්ච සිද්ධිවලට
දඬුවම් දුන්නෙ. ඒ වගේ මෙච්චර කල් වෙච්ච දේවල විස්තර හොයලා සාක්කිකාරයො හොයාගෙන නඩු
දැමීම. මේක රජය නොව වෙන සංවිධානයක් පිහිටවලා කරන්න පුලුවන්. එකම දේ Time
barred ප්‍රශ්ණය රජය විසින් විසඳා දිය යුතුයි....’
මේ ඉයන්ගේ ඒ comment එකට Ano කෙනෙකු සැපයූ
පිළිතුරෙන් කොටසක්:
‘... ලංකාව වගේ ප්රජාතන්ත්රවාදී රටක
ඔය වගේ ම්ලේච්ඡ වැඩ කරන්න බෑ. අනෙක එහෙම යන හමුදාවේ අයට විරුද්ධව ජිනීවා මානව හිමිකම්
උල්ලංඝනය කිරීම යටතේ වගේම ජාත්‍යන්තර යුධ අපරාධ සම්බන්ධ Geneva convention වගේ ඒවා
යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ වින්දිත සිසුන්ට පුළුවන්. ඒ නිසාම හමුදාව ඔය වගේ
වැඩ කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ දැන්.
-ඒ වගේ ජඩ වැඩවලට හමුදාව යොදාගත්තේ 2014 සහ ඊට පෙර අවසාන වතාවට රාජපක්ෂ වනචර දශකය තුල
මිනීමරු රාජපක්ෂ රෙජීමය, උන්ගේ
ආරක්ෂක ලේකම් මිනීමරු නන්දසේන සහ ෆොන්සේකා ඇතුලු යුධ අපරාධකරුවන් විසින්. නමුත්
2015න් පසුව නීත්‍යානුකූල ලෙස කටයුතු කිරීම හැර ඔවැනි ත්‍රාඩ වැඩ කරන්න ඉඩක් නෑ. පොලීසිය
වුණත් ආයුධ පෙන්වන්නට එක්ක ගිහිල්ල මිනිස්සුන්ව මරණ එක දැඩි ලෙස අප්‍රසාදයට...’
![]() |
ලේසියෙන්ම එක එක කල්ලිවලට
බිලි වෙනවාවත්ද? ඒ ඒ කල්ලිවල රූකඩ බවට පත් වෙලා... |
මෙතෙක් මට දැකගන්නට ලැබුණු එහෙම අදහස් අතරේ ‘කණ්ඩායම්
මානසිකත්වය’ ගැන අවධානය යොමු වෙලා තිබ්බේ අඩුවෙන්.
මිනිහය කියන සතා කල්ලි ගැහීමේ වාසියත්, ශක්තියත් හොඳටම තේරුම් ගත්තේ දඩයම් යුගයේ ඉඳලමනෙ.
ඒ දැනීම හා පුරුදු අපේ ජානවලටම කා වැදිලා වගෙයි. ඒ හින්දම වෙන්නැති අපි හැකි හැම
විටම කල්ලි ගැහෙන්නේ.
හිතල බලමුද අපි අපිම වුණත් බොහෝම ආඩම්බරයෙන් හා
කැමැත්තෙන් කණ්ඩායම් කීයකට බෙදිලා- සින්න වෙලා ඉන්නවද කියල...
රටවැසියන්, පළාත්වාසීන්, ගම්වැසියන්, ජාතිකයන්, ආගම් අදහන්නන්, එකේක භාෂා කතා
කරන්නන්, කුලගෝත්රවලට අයත් වූවන්, පක්ෂවල සාමාජිකයන්... තව කොච්චරක් නං තියෙනවද...
එහෙම බෙදුණම අපිට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා...
ශක්තිමත් බවක් දැනෙන්න ගන්නවා. ඒත් ඒ එක්කම අපට නිදහසේ හිතන්න තියෙන ඉඩ අඩු වෙනවයි කියල
අපිට තේරෙන්නෙ නෑ. අපේ ස්වාධීන බව අඩු වෙනවය කියල අපිට වැටහෙන්නේ නෑ... අපි
නොදැනුවත්වම (කාගේ හරි උවමනාවකට නැටවෙන) රූකඩ බවට පත් වෙනවයි කියල අපට වැටහෙන්නේ
නෑ...
අපේ රටේ නම් පුරවැසියන් වැඩි දෙනෙකු ඉන්නෙත්
බයෙන් නෙව.
අනාගතය ගැන බයේ; මැරෙන එක ගැන බයේ; මැරිලා යන තැන ගැන බයේ; ඊළඟ ආත්මයේ උපදින තැන
ගැන බයේ... ඒ මදිවට ‘නාඳුනන හතුරෙකු’ට බයේ. එහෙව් පවුලක සාමාජිකයෙකු විදිහට හැදෙන-
වැඩෙන දරුවෙකුගේ පෞරුෂය කොහොම එකක් වෙයිද?
මානසික සෞඛ්‍යය කොහොම වේවිද...
නිදි, තමුසෙටත් හිතෙන දේවල්!!!!!!!!
එහෙම අත්දැකීම් අඩු, පරිණත නැති, ජවයෙන් හා
ශක්තියෙන් සපිරි එකම වයසේ තරුණ තරුණියන් ගොඩක් විශ්ව විද්‍යාලවලදී එකට එකතු වුණාම...
ලේසියෙන්ම එක එක කල්ලිවලට බිලි වෙනවාවත්ද? ඒ ඒ කල්ලිවල රූකඩ බවට පත් වෙලා එයාලට
ආවඩන්න ගන්නවාවත්ද?
එහෙම අය අතින් නවක වදය 'මාරක වධයක්' බවට පත් වෙනවාද?
මට දැනෙන විදිහට නම් දැනටමත් චරිත් දිල්ෂාන්
අමතකව යමිනි තිබෙන්නේ. නවක වදය ගැන කතාබහ නැවත අරඹන්නේ තවත් අවාසනාවන්ත සිද්දියක්
වුණු පසුවද?
නැත- එසේ විය යුතු නැත.
ඊට කලින් විශ්ව විද්‍යාලවලින් නවක වදය තුරන්
කිරීමට සුදුසු පියවර ගැනේවා!
ඒ මගේ පැතුමයි.
නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර පාඨක ඔබත් එසේ ප්‍රාර්ථනා කරන බව මගේ විශ්වාසයයි෴0෴
(පසුව ලියමි. රැග් එක ඇත්තේ විශ්ව විද්‍යාල වැනි තැන්වල විතරක් නොවේ. අපේ අපේ ගෙවල්වලත්... 'මඟුල් වදේ' පෝස්ටුවෙන් ඒ ගැන ලියන්නෙමි.)
හොඳට විස්තර කරලා තියනවා.👌
ReplyDeleteකමෙන්ට් වැටුනාම ආයෙ එන්නම්.
ආයෙමත් ඇවිත් නේන්නං. ස්තුතියි බස්සා මහත්තයෝ!
Deleteනවක වදයට විසඳුම මානසික ප්‍රතිකාරම මිස ශාරීරික ප්‍රතිකාර නොවන බව මගේ හැඟීමයි.
ReplyDeleteඔව්, හැබැයි හිරේ දැම්මට පස්සෙ මානසික වයිද්යවරයෙකුට පෙන්නුවොත් වැඩිය ලේසියි. කැමැත්තෙන් රැග්වෙන එවුන්ට නම් මානසික ප්‍රතිකාර දුන්නෑකි.
Deleteනවකයින්ට රැග්නොවී සිටීම ගැන විශ්වවිද්‍යාලයෙන් මුලින්ම පාඨමාලාවක් කරනවනම් හොඳයි.
විශ්වවිද්‍යාලවල උපසංස්කෘති රටේ නීතියට යටත් විදිහට පාලනාධිකාරයත් කටයුතු කරන්න ඕනෙ.ඒකෙ සමහර උන් රැග් එකට පක්ෂයි. උංට නඩු දැම්මෑකි අපරාධයකට අනුබල දීම ගැන
මමත් ඉන්නෙ ප්‍රාජේගෙ මතේ තමයි. විශ්වවිද්‍යාලවල උපසංස්කෘතිය විතරක් නෙමෙයි කොයි තූත්තුකුඩිය උනත්, රටේ අපරාධ, සදාචාර නීතීයට-රීතියට අනුකූල වෙන්නෙ ඕනෙ. සමහර ආචාර්යවරු පවා රැග් එකට වක්‍රව පක්ෂයි. මේක මඩේ දම-දමා හෝදන්නෙ, එකෙක් මලාම ආයෙ උඩට ගන්නෙත් ඒ නිසයි, කියන එකයි මගේ අදහස.
Deleteදැන් බලන්න, යම් සිදුවීමක් වුනාම "නාමිකව" ඇක්ෂන් ගන්නවා. වින්දිතයට කියනවා රැග් නායකයොංඑ නම් දෙන්න කියලා. හොඳටම දන්නවා එකෙක්වත් දෙන්නෙ නෑ කියලා. මේක විසඳුමක් නොවී පැලැස්තරයක් වෙන්නෙ ඒකයි.
//Litseeker May 19, 2025 at 6:49 PM//
Deleteමගේ අදහස ශාරීරික වගේම මානසික ප්‍රතිකාරත් අවශ්‍ය බවයි.
නවක වද දෙන්නවුන්ට වගේම වැඩිහිටි ගුරු-දෙගුරුන්ටත්. ( පෝස්ටුවේ කියා තිබෙන සුමුදු මල්ලිගේ තාත්තාගේ ආකල්ප ගැන හිතන්නකෝ.)
අමනාප වෙන්න එපා Pra Jay මහත්තයෝ මෙහෙම කිව්වට.
Deleteඅපේ රටේ නීති ක්‍රියාත්මක වෙන විදීහනෙ ලොකුම ප්‍රශ්නෙ.
දේශබන්ධු, (මිරිස් කුඩු) ප්‍රසන්න, හයේශිකා වගේ අය හංගිලා හිටි කාල ගැන මතකනේ... රටම දන්න අයටත් ඔහොම හැංගෙන්න ඇහැකි වෙලා තියෙනකොට...
කොච්චර නීති දැම්මත් මොකටද කියල හිතෙනවා ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තං...
බකුසුතුමෝ,
Deleteනොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබ්බත් මදිය කියලා තව චුට්ටක් ඉල්ලනවලු නෙව.
ඒ වගේමයි, ආඳා මාළු අතින් නොකා ඉරට්ටෙන් කන්නත් අපේ උදවිය හපන්නු නෙව.
ඒ වගේම ඔයා කියන්නැහේ 'නාමික ඇක්ෂන්' වගේ පැලැස්තර ඇලවිලිත් එමටයි...
... ජනමාධ්‍යවල ඉන්න වැඩි දෙනෙකුත් විශ්වවිද්‍යාලවල උගත් අය කියලයි මං හිතන්නේ. ඒ වගේම ගොඩක් දේශපාලඥයනුත්.
Deleteකෝ ඒ අය නවක වදය ගැන- චරිත්ලා ගැන කතා කරනවා... ඇයි මාධ්‍යවේදියෝ මේ ගැන එයාලගේ අදහස් විමසන්නේ නැත්තේ...
බඩේ බිජුද?
රැග් කාපු එවුන් ඒක කියන්නේ නැහැනේ . අපි කෑව නම් උනුත් කාපු දදෙන් වගේ මතයක ඉන්නේ .
Deleteඇයි අජිත් මහත්තයෝ මිනිස්සු එච්චර කුහක?
Deleteමොන මාර්ගෙකින් හරි ඕක නවතිනවනං හොඳයි.
ReplyDeleteහැබැයි ගිය පෝස්ට් එකේ නිමල්ලට උනා වගේ සබරගමුවට වෙන දේවල්වලට යන අයට කැම්පස් එකේ අය රැග් කරනවයි කියලනං දැනගන්න නෑ. මෙකද අපේ කොල්ලත් මාස ගානක් ඕකට ගියා ඉංග්‍රීස් කෝස් එකකට.
මම හිතන්නේ Praසන්ன මහත්තයෝ, ඉස්සර වුණත් අපට වෙච්චදේ වැඩිපුර සිද්ද වෙන්න නැතිව ඇති කියලයි. වුණත්- ගොඩක් උදවිය ඒවා ගැන කියන්න ලජ්ජයි නෙව.
Deleteමෙහෙම තිරශ්චීන වද නැතිම වෙනවා දකින්නයි මමත් කැමති.
හුම්!
ReplyDeleteබකුසාණන් වුණත් හුම් කියන්නේ ඉතාම කලාතුරකින් නේද නමියෝ?
Deleteනිමල්, මේ පෝස්ට් එකකවත් වධයට කැමති අය කමෙන්ට් කරලා නෑ නේද. May be in their narcissistic minds, they don't see this as a problem.
ReplyDeleteයෝජනා ඔක්කොම හොඳයි. පොඩි පොඩි වෙනස්කම් වලින් පටන් ගෙන, slow and steady විසඳුම් හොයන එක හොඳයි. මට නම් වඩා ප්‍රායෝගික හා ප්රජාතන්ත්රවාදී (😍) විසඳුම ප්‍රා ජේගෙ යෝජනාව. ඕනෙ තරම් රැග් වෙන්න but at your own peril. එතකොට ඔය තියෙන ඇම්මවල් ටික හොඳ වෙලා, බලෙන් රෙස්පෙක්ට් එක ලබාගන්න පුලුවන් කියලා හිතන අයට (නිමල්ගෙ සුමුදු වගේ අයට) ඒකත් ලැබෙනවනෙ.
තමන්ගෙ කියලා විනෝදාංශ, projects නැති අය සතුට හොයන එක විදිහක් තමයි අනිත් අයට ශාරිරික මානසික හිංසා කරලා තමන් ලොක්කෙක් කියලා සතුටු වෙන එක. ඒ නිසා ඔය හැම දෙයක් එක්කම ලොකු ආකල්ප වෙනසක් වෙන්න ඕනෙ. හැබැයි ඒකට ගොඩක් කල් යයි.
//තමන්ගෙ කියලා විනෝදාංශ, projects නැති අය සතුට හොයන එක විදිහක් තමයි අනිත් අයට ශාරිරික මානසික හිංසා කරලා තමන් ලොක්කෙක් කියලා සතුටු වෙන එක. ඒ නිසා ඔය හැම දෙයක් එක්කම ලොකු ආකල්ප වෙනසක් වෙන්න ඕනෙ.//
ReplyDeleteදැඩි සැලකිල්ලට බඳුන් විය යුතු කාරණයක් Lotus!
ගොඩක් ස්තුතියි අදහස මතු කළාට.
ඒ දවස්වල හොඳ සපත්තු දෙකක දාගෙන ආවත් රැග් කරනවා . මොකද ගොඩක් අයට සපත්තු පාසැල් යන කාලෙත් තිබිල නැහැ . මගේ යාළුවෙක් ට සුම්නයක් පුරා අලුත් සපත්තු දෙක කරේ එල්ල ගෙන යන්න කියල ලෙක්චර්ස් ඉඳන් හැම තැනම . දෙතුන් දෙනෙක් තමා වැඩියෙන්ම කරන්නේ කියල එතැන් තනිකර ඉරිසියාව තියෙන්න .
ReplyDeleteඑකඟයි. 100%ක්ම එකඟයි.
Deleteවැඩියත්ම නවක වදය දෙන්නේ ඉරිසියාවයි- හීනමානයයි හින්දා වගෙයි.